20.10.10

කෙල්ලො 48 දෙනෙක් ඉස්සරහා බිම ඇදගෙන වැටුනා . චි:හ්


                 මාර ම අසික්කිත වැඩක් නේ අද උනේ . හිතා ගන්න බෑ හෙට කොහොම වැඩට යනවද කියලා .
මම කෙල්ලෝම 48 දෙනෙක් ඉස්සරහා ඇදගෙන වැටුනා බිම. චි:හ් . මට කාලේ ආපස්සට යවන්න තියනවා නම් හොඳයි . අහගන්නකෝ වෙච්ච දේ 

                     මම කලිනුත් කියලා තියනවා වගේ මම උගන්වන්නේ ලංකාවේ ප්‍රධාන IT Institute එකක. හැබැයි ඈත පලාතක පලාත කියන්නේ නෑ මම මාට්ටු වෙනවා නේ . මේ පලාතේ IT Institute එකකට තියෙන්නේ අපේ එක විතරයි හරි මෙන්න මේකයි මට උනේ. අපේ Institute එකට අද්‍යාපන දෙපාර්ථමේන්තුවෙන් ඉල්ලීමක් ආවා 6,7,8,9 වසර වල ලමයින්ට සහන මිලකට පරිගණක පාඨමාලාවක් කරන්න කියලා. අපේ බොස් ඉතින් හොඳ නිසා  දුන්නා දෙපිටින් යන්න. ටිකක් නෙවේ ලමයි 500 ට අවස්ථාව. විභාගයක් තියලා එහෙම ලමයි තෝර ගත්තා. හරි ලමයි ටික දැන් පන්ති එනවා ලමයි 500 නිසා 60 කන්ඩායම් වලට කඩලා තමයි පන්ති පැවැත්වුනේ . මටත් ඔතනින් පන්ති 4ක් බාර දුන්නා . අද! ඒකියන්නේ අගහරුවාදා අද පන්තිය ඒකත් මට. එකේ කෙල්ලෝ 60 ඉනවා කොල්ලෝ 20 ඉන්නවා . 9, වසරේ කට්ටිය

                                   ඉතිං අද පන්තිය සඳහා ලමයි හවස 2.00 වෙනකොට පාසල් ඇරිලා ආවා ! ලමයි 60 නේ තදබදේ වැඩියි . ඉස්සරහා මේසේ ගාව ඉන්න පිලිගැනීමේ අක්කා සහ මැනේජර් අයියා මරෝ ! කියලා වැඩ. කාඩ් මාක් කරනවා, ලමයි ලියාපදිංචි කරනවා, දෙමවුපියන්ගේ ප්‍රෂ්න වලට මොනවාදෝ කියනවා , වැඩ කෝටියයි. වැඩ නිසා ඒ දෙන්නට ලමයින්ට දෙන්න ඕන ටියුට් එක බෙදාගන්න විදිහක් නෑ . ඉතින් මම ස්වෙච්චාවෙන් ඉදිරිපත් උනා ඒවා බෙදන්න . (මටත් ගැට්ටනේ ) ඔන්න මම මේසේ ගාවම ඉඳන් ඇතුලට යන ලමයින්ට ටියුට් එක බෙදනවා . ඔහෙම බෙද බෙද යනකොට ඒවා ඉවර උනා . ඉතිං මම තව ටිකක් ගන්න ආපහු යන්න ඕන නිසා එකපාරටම හැරුනා .එකපාරටම ටෙලිෆෝර්න් එකේ වයර් එක මගේ අරකේ පැටළුනා ! කකුලේ කකුලේ !

ජීවිතේටම කොල්ලෙකුට අත් විඳින්න බැරි උන නව නිංගිරාවක් ඒ මොහොතේ මම අත්වින්දා. 

 
                      මම හරියටම කෙල්ලෝ ගොඩ මැද බාං ! ගාල බිම . උංගේ දෙපා මුල. චිකේ ! . වෙලාවට බොස් හිටියේ නෑ . මගේ තරහ කාරයෙක් ඉන්නවා ඌ හිටියෙත් නෑ . ඒත් කෙල්ලෝ 48 ම . උං.  හූ කියලා හිනා උනා . අනේ අපේ සර්! කියලා නැගිට්ටවන්න එකෙක් ආවේනෑ . එලට හිනා උනා කට්ටිය. මම හෙමීට පිටිපස්සට කැපුනා ,

          මට හිතාගන්න බෑ මම දැන් කොහොමද ඒ පන්තියට උගන්වන්න යන්නේ කියලා දාඩිය දානවා නන්ස්ටොප් . තව විනාඩි 20 පටන්ගන්නත් තියෙන්නේ . මට මාර අයිඩියාවක් ආවා . දුවලා ගියා ලඟම තිබුන කඩේට ගත්තා දුමක් . පත්තු කරා ඉක්මනින් ඇදගෙන ඇදගෙන ගියා . දැන් ටිකක් නෝන්ඩිය අඩු උනා. හැක්ස් එකකුත් කන ගමං හෙමීට Institute එකට ගියා . වෙලාව හරි මම පටන් ගන්නයි යනේ .

                          ගුඩ්  ගුඩ්මෝර්නිං !  අයියෝ .ආයි ඇනගත්තා. මේ ගුඩ් ආෆ්ටර් නූන් මී ගවයෝ ! මම කලබලෙන් හිටියේ එකයි වැදුනේ. කෙල්ලෝ කිචිබිචිය ආයි පටං ගත්තා . මම ගත්තා දුම් වැටියේ පවර් එක හිතට . ඕන දෙයක් වෙද්දෙං කියලා පාඩම කරගෙන ගියා …………… පැයක් විතර ගියාට පස්සේ ඔන්න කට්ටියට අරක අමතකයි …. හප්පේ මට දැනුත් දාඩිය දානවා … කොහොම හරි පැය 2 ඉවර උනා ! පුදුමයි මේ පන්තියේ ඉන්න කොල්ලෝ 20 දෙනා නියමයි පොඩ්ඩක් වත් හිනා උනේ නෑ. නියමෙට මට සප් එක දුන්නා . ඒකටත් එක්ක කෙල්ලෝ ටික …

 පන්තිය ඉවරවෙලා ලමයි ගියාම මම නම් ලකුනු කරන පොත අරං බැලුවා එතකොටයි දන්නේ කෙල්ලෝ 48 ම හිටියා කියලා .. තව දෙන්නෙක් එදා ඇවිත් නෑ. හිටියනං මම අර්ධෂතකේ ගහනවා. අපරාදේ අද වැඩට ආවේ කියලා හිතුන වාර අනංතයි …

           ගෙදර ඇවිත් නෝන්ඩිය යන්නත් එක්ක ටිකක් විතර අරගත්තා. දැන්නම් අවුලක් නෑ ! මේකෙන් මම එක දෙයක් ඉගන ගත්තා ඒ තමා කෙල්ලෝ ගොඩක් ඉන්නවාද එතනින් මාරු වෙයං !හෙමීට

                  

18 comments:

Chinthaka Rajapakshe said...

මොනවා වුනත් කොල්ලා... කාට හරි මොනවා හරි ඉගැන්නුවානේ.. ඒකට සතූ‍ටු වෙන්න... ජය වේවා....

Anonymous said...

අයි​ෝ මචං පොදු ධර්මතානය උඹ ඉගෙන ගෙන තියෙන්නේ ඊයෙනෙ බං. චී චී.. වස ලැජ්ජයි. කෙල්ලෝ ගොඩක් නෙමේ 1ක් ඇරෙන්න 2ක් හිටියත් ඇති යකෝ.

හිස් අහස said...

අප්පේ ආද වැඩට ගියෙත් නෑ සහෝදර වරුනි , අඩේ 2 හිටියත් ඇති නේද ?
මලකෙලියයි 48 හිටියනේ වලදාගන්න තමයි තියෙන්නේ !

Anonymous said...

අවුලකට තියෙන්නේ නියම කොල්ලෙක් විදිහට අවස්ථාවට මුහුණ නොදීපු එකයි. සිගරට් එකකිං පවර් එක එන්නෙ කොහෙටද?? ලැජ්ජයි. ඔහේලා තාමත් ඉන්නේ අර ගල් යුගේ.. දැං ජෝන් වත් සිගරට් බොන්නෑ. දුකයි.. ඕවා නවත්තපං.

Anonymous said...

jaya wewa

Anonymous said...

කතාව ලස්සනයි හැබැයි සිගරට් ගැන කියලා තියෙන ඒවා ගැන සෑහීමකට පත්වෙන් බෑ. ඔයවගේ පොඩි දෙයකටත් දුම උරනවනම් ජීවිතේ තව දේවල් වලට සිගරට් නැත=වම බැරිවෙනවා නේද? අදම නවත්වන්න ඔය කරන වැරදි වැඩේ. ඔ්ක බිව්වා කියලා ඔයාට මානසිකව උන දෙයක් නෑ.ශාරීරිකව තව තවත් අගාධයට යනවා මිස...........

Hasitha Gunasinghe said...

බට කතාවට නම් මාත් විරුද්ධයි. ගට ගන්න බට ගහන එක හරිද ? එහෙම නම් ඉස්සරහට හුඟාක් වැඩවලට බට නැතුවම බැරිවෙයි වගේ. කොහොම වුණත් පට්ට කතාව.

සංකල්ප said...

අයියටත් වෙන්නේ මාරම සීන් තමයි නේ. හදිස්සියට ඔහොම දෙවල් වෙනවා තමයි ඕව ගනන් ගන්න එපා අයියා

දුකා said...

පිස්සුද බන් ඔහොම ඇඹරෙන්න එපා කෙල්ලෝ ඉස්සරහා . . ඔය කිව්වට හික්ස්

මාධව විදුරංග said...

watuna wele nam maru ekata thiyenna athi! mata mavila peenawa! hiki hiki!

Weni said...

මේක හොඳටම මතකයි. එදා මූනු පොතේ අහපු වෙලාවෙත් මට ටුක් ගාලා මතක් උනා !

sajini said...

Mmmmmm...mona unath kauru hari watunama hinawena eka kathama katha wadak...watuna kenata nagitinna sup eka denne nathuwa hina wena eka kathai...any way cigaret kathawata nam mama kamathi na...eka nawathanna puluwannam lokuma deyak...tikak hithala balanna e ganath...all da best..

sajini N said...

kauru hari watunama hina wena ekanam harima katha wadak...watuna kenata nagitinna support eka denne nathuwa eyata hina wewi inna ekanam kathama katha wadak...thiyena duka thamai ethana eka kellekwath hitiya nathi eka help karanna....anyway cigaret gana kiyapu kathawata nam mama kamathi na...eka nawatha ganna try karanawanam oyatamai honda...e ganath tikak hithala balanna...all da best bro..

චකබ්ලාස් said...

අපේ එකෙක්ගෙ ඔලුවකට කෙල්ලො රොත්තක් ඉස්සරහා කපුටෙක් බෙට්ටක් දැම්මා අයෙ මුකුත් නෑ, හාෆ් බොයිල් බිත්තරයක් ඔලුවෙ හැලුව වගෙ..!! තාම හිනා එ සීන් එකට..!! හික්.. හික්..!~!

වර්ණ said...

අයියෝ බන් එක සැරයක් බිම වැටිල බටේකුත් ඇදල බෝතලේකුත් ගහල නෝන්ඩිය අරින්න බලනවනම් අපි නෝන්ඩි වෙලා තියන හැටියට ඩිස්ටලරීස් එකත් මදී ඒවා වහගන්න.උඹට වඩා වැඩිමල් හින්දා කියන්නෙ,ඒ වැඩේ නම් හරි නෑ

Anonymous said...

මාර වෙඩෙ

sanka said...

vadi වැඩියෙන් එවන් අවස්ථා උදා වේවා ...!!

Anonymous said...

මේ වැඩේ කෙල්ලෙක්ට වෙලා ඔතන කොල්ලො ගොඩක් හිටිය නම්....ඒත් ඕකම තමයි වෙන්නෙ. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි. මං කෙල්ලෙක්...

Post a Comment

තැන්කූ බං