22.10.10

මගේ පවුකාර ආදරයට නැවතීමේ තිත

මේ බ්ලොග් එක හදනකොට හිතේ තිබුන සතුට දැන් නෑ. මුලින් මම හිතුවේ හැමෝටම හිනා වෙන්න යමක් හදනවා කියලා ඒත් ..මොනවද මට මේ ලියන්න වෙන්නේ ….
මම උගන්වන පන්තියේ ලමයි 60 දෙනෙකුගේ ඇස් 120 අතර මට අමුතු ඇස් දෙක අමතක කරන්න බෑ කවදාවත්. මම මේ කරන්නේ සමාව දෙන්න බැරි වැරැද්දක් කියලා මගේ හිත දන්නවා. ඒත් මම දන්නේනෑ .

මම එයාලගේ පන්තියට උගන්වන අතරේ එයා යාළුවොත් එක්ක හිනා වෙනවා හිටි ගමන් මගේ දිහා බලාගෙන ඉන්නවා. අමුතුම අමුතු හැගීමක් මටත් දැනුනා පලවෙනි වතාවට නම් නෙවේ තුන් වෙනි වතාවට . මම පහුගිය දෙසැරේම ඒ හැගීමට වෛර කරා. ඒත් ඒ ලස්සන ඇස්දෙක දිහා බලාගෙන ජීවිත කාලෙම උනත් විඳවන්න පුළුවන් තරමේ හයියක් මගේ හිතට එනවා එයා දකිනකොට .

ඉවසලා බැරිම තැන තැන මම එයාගෙන් ආදරේ ඉල්ලුවේ එයා ඒ ආදරේ මට දෙන්න බලාගෙන ඉන්නේ කියලා මගේ හිතට දැනුන නිසා . එයා ගේ සටහන් පොතේ පිටිපස්සේ මගේ නම “සඳරු “ ලියවිලා තියනවා මම කිහිප වතාවක්ම දැක්කා . එයා මගේ දිහා බලන වෙලාවට එයාගේ ඇස් වලින් මට ආදරෙයි කියන හැටිත් මම දැක්කා . මට ඒ ආදරේ ඉල්ලන්න බයක් දැනුනේ නෑ .
මට හොඳටම මතකයි සතියකට කලින් ඒ දවස. එයා පැට්‍රිකල් ආපු වෙලාවේ පැයක් එලියෙ හිටගෙන හිටියා. කවුරු එන්න කීවත් ඇතුලට ආවේ නැති එයා මම කියපු ගමන් ඇතුලට ආවේ ඇයි ? මට ඒක ඒ වෙලාවෙම තේරුනා , හැබැයි මම නොතේරුන ගානට හිටියා ඒ එයාට ආදරේ නැතිව නෙවේ එහෙම දෙයක් කරන්න මට තහනම් නිසා.
මේ ආයතනයට ඉගනගන්න එන ලමයෙකුට ආදරය කිරීම මෙහේ උගන්වන අයට තහනම් අනික අපි ඉස්කෝලේ උගන්වන ගුරුවරු වගේ නෙවේ . මේ ආයතනයට මොනවා හරි උනොත් එදාට අපිත් එලියට විසිවෙනවා . ඉගනගන්න ආපු ලමයෙකු ගෙන් ආදරය ඉල්ලුවා කියලා දැනගත්තොත් ඒ ඇති අපි දෙන්නම වීසිවෙන්න . ඔය මොනදේ හිතාගෙන හිටියත් එයාට මම ආදරේ නෑ මටම කෑගහල කීවත් මම පරාදයි . මම එයාගෙන් ආදරේ ඉල්ලුවා ! ඒ පව ඇති මට අපා ගතවෙන්න.

ඔව් එදා හවස 2.35 විතර ඇති වැඩිය ලමයි එදා ආවෙත් නෑ මම එදා ක්ලාස් එකේ දොර ගාව ඉඳිද්දී එයා ඒ පුංචි මූන අමුතුකරගෙන “ මම ක්ලාස් ආයේ එනේ නෑ මට තරඟ වලට යන්න තියනවා ” කියාපු වේලේ මට මාර බයක් දැනුනා . සමාවෙන්න දෙවියනේ ! මම ඒ වරද කලා . ඒ පුංචි කෙල්ලව මම නොමග යැවුවා ! මම එයාට මගේ ආදරය කිවුවා

“ නගී ඔයා මට කැමති ද ? ”

ඒ මොහොත බලා පොරොත්තුවෙන් තමා එයා හිටියේ .

“ අනේ අයියේ මම එහෙම දෙයක් තාම හිතලා නෑ”

එයා එහෙම කීවා මොහොතකට මට ලොකූ දුකක් දැනුනා . ඒත් දැන් හිතෙනවා එයා මට අකමැති උනානම්
කොච්චර හොඳඳ කියලා ,

“මම මගේ යාළුවන්ගෙන් අහලා කියන්නම් ”

එයා එහෙම කීවා . ඒත් ඒ කතාව කියලා එයා ගියේ නෑ මගේ දිහා බලාගෙන හිටියා . මමත් එහෙමයි එයාගේ දිහාම බලාන හිටියා අපි හැන්දෑ වරුවම කතාකරා

“ ඔයා සිගරට් බොනවා නේද ?”

එයා එහෙම ඇහුවා

“ඔවු හැබැයි ගිය සතියේ නතර කරා”

එයාව ලබාගන්න මට තිබුනු ඕනකම නිසයි ඒ බොරුව මම කීවේ එයා ඒක ව්ශ්වාස කරා.

හවස 5.15 එයා යන්න ලෑස්තියි. “මට ආදරෙයි කියලා යන්න”

මම එයාගෙන් ඉල්ලුවා ඒවෙලාවේත් මගේ හිත දන්නේ නෑ මේ කරනනේ වරදක් කියලා .

“අනේ ඔයා බලාගෙන ඉන්නකොට මට ඒක කියන්න බෑ ” මම දැන් දන්නවා එයා මට කැමති බව .

“මූනට කියන්න බැරිනම් මගේ අතින් අල්ලලා යන්න මම හිතාගන්නම් ඔයා මට ආදරේ බව”

එයා මගේ අතින් අල්ලපු වෙලාවේ ඒ අත්වල සීතල මට හොඳටම දැනුනා ඒ අත අල්ලගෙන මම පොරොන්දු උනා කවදාවත් එයාට දුකක් කරදරයක් වෙන්න දෙන්නේ නෑ කියලා . ඒ පොරොන්දුව අද වෙනකම් මම කඩලා නම් නෑ තවම මාසයක් වත් නැතිබව ඇත්ත ඒත් මම මලත් ඒ පොරොන්දුව රකිනවා මගේ අතින් අල්ලලා එයා මොහොතක් වත් හිටියේ නෑ පුංචි මූනේ හිනාව පුරෝගෙන පාරදිගේ දිවුවා !

“ මමත් එන්නද ? මම ඇහුවා

"එපා මට අයියලා 3 ඉන්නවා "

අප්පේ තුන් දෙනෙකුගෙන් කන්න බෑ මම යනවා !මම ආපහු හැරුනා

“ඔයාට මොනවත් කරන්න මම කාටවත් ඉඩ දෙන්නේ නෑ ” . ඒ එයාගේ හඩ

එයා ගියේ මගේ ජීවිතේම බවට පත්වෙලා . මට එයා නැතිව ඉන්න බෑ ඒත් මට මේ ලවු එකට තිත තියන්න වෙනවා . ඒත් ඒ කෙල්ලට කොහොමද මම මේක කියන්නේ එයා හම්බවෙනදාට මේක කියනවා කියලා හිතාගෙන ඉන්නවා ඒත් මගේ ආදරේ දවසින් දවස වැඩි වෙන එක විතරයි වෙන්නේ එයාගෙත් එහෙමයි !
මට මගේ රස්සාව වටිනවා මේ මගේ පලමුවෙනි රස්සාව ලමයින්ට උගන්වලා මම ලොකු සතුටක් ලැබනවා හැමදාම . මම මේ වරද කලේ කොහොමද හිතන්න වත් බෑ .

එයා අතහරින්න !අපෝ ඒක කරන්නත් බෑ

දවස තිස්සේ මේක ගැන කල්පනා කරලා රෑට බොන එක විතරයි මට කරන්න පුළුවන්
ඇයි එයාව අතහරින්නේ රස්සාව ලොකුද ?

මට එයා මගේ පවුලේ අය තරමටම වටිනවා.

එහෙනම් මොකටද අතහරින්නේ ?
දැන් මට බනින්න එපා !

……. එයා …නවය වසරේ ඉගන ගන්න පුංචි කෙල්ලෙක්

මගේ වයස 21 එයගේ වයස 14

ඒකයි දෙවියනේ මම මේ තරම් විඳවන්නේ . මම මොකද කරන්නේ මට හිතාගන්න බෑ පාන්දර 3:35 ට ඇහැර ගෙන මේක ලියන්නේ නිදාගන්න බැරි නිසා. එයාගේ ගෙදරින් දැනගත්තොත් ඒ දෙමවුපියෝ අපේ ආයතනයට ඇවිල්ලා ඒක දෙවනත් කරනවා . අපේ ගෙදරින් දැනගත්තොත් අම්ම නම් මොනවත් කියන්නේ නෑ ඒත් මගේ නෑ පරපුර තමා මාව පාලනය කරනනේ උං මාව ගෙදරින් එලවනවා . ඔය මොන දේ උනත් මට ලෝකයාට මුහුන දෙන්න බැරි වෙනවා මටනම් මොනාහරි කරගත හැකි ඒත් එයා මේ වයසේදී කතාවක් හැදුනොත් එයා ඉවරයි !
මම තීරනයක් ගත්තා මේක මම නවත්වනවා එච්චරයි . ඒත් කොහොමද ? මම ක්‍රමයක් හොයා ගන්නම්

මගේ යාළුවෝ කියන්නේ නවත්වන්න එපා කියලා ඒත් හිතට එකඟව මේක කරන්න බෑ !

එහෙනම් මගේ තුන්වන ලව්ස්ටෝරිය ඔය විදිහට හිස් වෙනවා .

ආයේ ලවු නම් එපා …………….සෑහෙන කාලෙකට

මම දුකින් නම් නෙවේ ඉන්නේ

තරහින්

මම ගැනම ………තරහින්

පුළුවන්නම් මට සමාව දෙන්න

22 comments:

Unknown said...

haththilauwai machan.. I will tell this to you and keep it in your mind untill death...

හදවත අවශ්‍ය කරන තැන්වල මොළයත් මොළය අවශ්‍ය කරන තැන්වල හදවතත් භාවිතා කිරීම නිසැක විනාශයක් ඇති කරවයි....


වැම්පයර්...

-HacKrisH- | හැක්ක්‍රිෂ් said...

ඔහොම බය වෙලා ලව් කරන්න බෑ මචෝ... කරදර බාදක වලට මූන දිපන්. අව්ලකට තියෙන්නෙ කෙල්ලගෙ වයස තමා. පොඩි වැඩියි බන්. මට නම් දරු කමට හදා ගන්න සයිස්. කොහොම උනත් උබට හරියි කියල හිතෙන දේ කරපන්... ජය වේවා...

L200 said...

වයස තමයි මචන් අව්ල. කොහොම උනත් උබට හරියි කියල හිතෙන දේ කරපන්.

මාරයාගේ හෝරාව said...

මොනවා කරන්නද මලයා ඔවා ඔහොම තමා...

හිස් අහස said...

මම හැමදේම කරන්නේ එයාගේ යහපත ගැන හිතලා . මම එයාව අතහරින්නෙත් එයාගෙම හොඳට , ඒත් කොහොමද මම එයාට ඒක කියන්නේ ?

sahan ළියනගෙරත්ගමයා said...

අනේ මන්දා......උඹ හරි කියල හිතෙන දේ කරපන්....

රත්නේ said...

වයස් පරතරයෙ කිසිම අවුලක් නෑ මිත්‍රයා.මම නම් කියන්නෙ උඔට ආදරේනම් උඔත් ආදරේ නම් කියටවත් නවත් වන්න එපාමේක.. පස්සෙ දුක් වෙන්න වෙනවා..

හිස් අහස said...

තව ටික දවසක් බලනවා එහෙනම්.
අතාරිනවා කියලා කෑ ගැහුවට මට ඒක කරන්න බෑ !

ඒ කෙල්ල දැන් මගේ ජීවිතේ වෙලා ඉවරයි වගේ . මගේ අතින් එයාට කිසිම අසාධාරනයක් වෙන්නේ නෑ මම හැමෝටම පොරොන්දු වෙනවා !

මටයි එයාටයි ජයවේවා !! අදහස් වලට ඉස්තූතියි

Chinthaka Rajapakshe said...

එල එල කොල්ලා. ගනන් ගන්න එපා, ආදරේ අවංකනම්, කවදා හරි අයිති වෙන්න තියෙන දෙයක් නම් අයිති වෙනවා මිත්‍රයා.

dinesh said...

මචං තව ටික කාලයක් ඇදගෙන පලයන්.සුන්දර ලව් ස්ටෝරියක් වගේ.නවත්තන්න කියන්න හිතෙන්නෙ නෑ.වයසනම් කිසි ප්‍රශ්නයක් නෑ.අවුරුදු 7යිනෙ බන්.

Hansi said...

මම අද තමයි මේ blog එක දැක්කෙ,,,මටත් හිතෙන්නේ වයස ප්‍ර‍රශ්නයක් නෑ කියලයි

Anonymous said...

යකෝ මුන්ට පිස්සු.. වයසේ කිසිම ප්‍රශ්නයක් නෑ.. ටිකක් යන්න ඇරපං..

මම දන්න කෙල්ලෙක් ලගදී බැන්දා
කෙල්ලට 20.. කොල්ලට 28 යි..

Anonymous said...

awulak na mama samawa dennam

dinu said...

adarayata wayasa prashnayak na yaalu...anika aurudu7ka paratharayak kiyanne echcharama lokuwata hithanna ona deyak nemei...eka waradak nemei

Anonymous said...

උබත් මම වගෙමයි මචන් ඇත්තටම මෙ මගේ ජිව්ත කතාවද කියලත් හිතෙනව

දුකා said...

හප්පා බාලාපරාද . . .නෑ නෑ බන් විහිලුවක්

රස්තියාදු කාරය.. said...

So lovable...
හප්පා මේකට මොකෝ උනේ..

Anonymous said...

ahamben me blog eka dakke. me kathawa mage kathawaath tikak sameepayi.., mokada man kemathi pirimi lamayatath 25k withara ethi. man thama iskole yanawa :) api andunagannakota mata 15yi :D mage aadareth oya wagema awinischithayi.. :(

ක්සැන්ඩරයා said...

ඒ කෙල්ල ඉන්නේ ලවූ කරන වයසක නෙවෙයි. ටිකක් තේරුම් පැහැදුම් තියන කෙල්ලක් උනානම් නේද හොඳ? අනික ඔයාම කියල තියනවා නේ ඒ කෙල්ලගේ ගෙදරින් හරි ඔයාලගේ ගෙදරින් හරි දැනගත්තොත් වෙන තත්වේ? ඉතින් එහෙව් එකේ එකෙන්ම තේරෙනවා නේද මෙතන තියෙන්නේ වැරැද්දක් කියල? දැන් සඳරු 21 කියන්නේ වගකීමක් තියන වයසක්. බලන්න ඒ කෙල්ලම ඔයාට දීල තියන උත්තරේ.. මං යාලුවන්ගෙන් අහල කියන්නම් කියල තියෙන්නේ මොන තේරුම් කමකටද? ආදරේ කියන්නේ මොනතරම් බරපතල දෙයක්ද? මගේ හිතට එන්නේ නම් ඕක නවත්තන තරමටම හොඳක් වෙයි කියන එක. කල්පනා කරලා බලන්න..

Anonymous said...

වයස අවූලක්‌ නැ ටිකක් ඉවසහන්

Anonymous said...

මේ හැම කතාවක්ම මම කියෙව්වා හිත නැවතිලා අඩන තැන් බොහොමයි ජීවිත පාඩම් මෙහෙම ලඝු කල එක ගැන බොහොම ස්තූතියි ගාමනී කතාවේ වස්තු බීජය තමයි මාව මේ කථා සාගරයට එක්කන් ආවේ.කොහොම වෙතත් මේ පෝස්ට් එක මට හිතට දුකක් ගෙනාවා.මාත් ඔබතුමා මුහුණ දුන් මේ වගේම ප්‍රශ්නෙකට මුහුණ දුන්නා අන්තිමේදි ඒ අහිංසකීට ඉඩ දුන්නා පුළුවන්නම් ඉන්න කියලා මම ඔයාව ආදරෙන් බලා ගන්නම් කියලා ඔයාට එපා වෙනකන්.ඒ කෙල්ලගේ දිළිසෙන බෝල ඇස් මගේ sms ආවේ නැති උනාම කදුළු වලින් දිළිසෙන හැටි දකිද්දි හිත වාවන්නේ නැ දුකක් දෙන්න.පොඩ්ඩක් හිතන්න ඒ කෙල්ලගේ ජීවිතේම ඔයා වෙලා ඒ හීන බිදින්න එපා මම පරක්කු වැඩි නැතිව ඇති කියලා හිතෙනවා.මම කාලයට ඉඩ දුන්නා දැන් එයා A/L pass මම ඔයාගේ තරම් වයස් පරතරයක ඉන්නේ දැන් අපි එක්වෙයි අවුරුදු 8ක ඉවසීම හරියාගෙන එන්නේ.ටිකක් ඉවසන්න සහෝදරයා.නැත්තම් ධනන්ජනීගෙන් වගේ සමුගන්න වෙයි

sanka said...

අලුත් වෙන්න දාපු කමෙන්ටුවක් ..අනේ බෝගේ අවංක ආදරේ ...

Post a Comment

තැන්කූ බං