7.11.10

මගේම ආදර කතාව



ඔන්න මගේ කථාවෙන් පවුකාර කියන වචනය මම හැමදාටම ඉවත් කරා මගේ කථාව බලන ගොඩක් අය මට කියලා තිබුනා මගේ ආදරේ පවුකාර නෑ කියලා .

මාව දන්නවනේ මම සඳරු .මම ආදරේ කරන්නේ මට වඩා අවු හතක් බාල නවය වසරේ අවු 14ක පුංචි ගෑනු ලමයෙකුට . හෙටට මේ ආදරේට මාස 1 සති 1. මේ තමයි මගේ සැබෑ ආදර කථාව . මම මගේ ආදර කථාව ලියනකොට කවදාවත් බොරුවක් ලියලා නෑ . මගේ අනන්‍යතාව හංගන්න ඕන නිසා මගේ ගම් පලාත . වගේ දේවල් මම කියන්නේ නැහැ. අහන්නත් එපා !

ඉතිං කාලේ බොහෝම හෙමීට ගෙවිලා යනවා . මම උගන්වන IT Institute එකට මගේ පුංචි කෙල්ල . සතියකට දෙපාරක් පන්තිවලට එනවා .බොස් නැති දවස් වලට නම් එයා ඉස්කෝලේ ඇරුන වෙලාවට විනාඩි කීපයකට ඇවිල්ලා යනවා මාව බලන්න . ඔහොම තමයි මගේ ආදර කථාව මාසයයි දවසක් වෙනකල්ම ගෙවල් වලට හොරෙන් කරගෙන යනවා .

මම හංගගෙන ආපු මගේ ආදරේ අපේ අම්මා දැනගත්තා ! ඒත් මට බැන්නේ වත් මගේ ආදරීට බැන්නේ වත් නෑ . මම මුල ඉඳලම මේ සතියෙ මට වෙච්ච දේවල් කියන්නම් .

මුලින්ම 2010 නොවැම්බර් 2 අඟහරුවාදා .වෙලාව 1.45 ඉස්කෝලේ ඇරිලා ඒ ගමන්ම එයා පුරුදු විදිහටම පන්තියට ආවා . එදා අපේ ආයතනයේ. Reception ඉන්න අක්කා වැඩක හිටියේ ඒක නිසා මම ලමයින්ගේ නම් ලකුනු කරා . නම් පොත දිහා බලාගෙන පෝලිමට එන ළමයින් ගේ නම් ලකුනු කරමින් ඉන්න අතරේ  හොඳට පුරුදු කටඬක් මගේ කන ලගින්  නමක් කියනවා ඇහුනා . ***** නි . ඒ තමයි. එයාගේ නම මට පොඩි හිනාවක් ගියා . ළමයි ගොඩක් ඉන්නවා ඒත් මම කාටත් හොරෙං මගේ පුංචි කෙල්ලට ඇහැක් ගැහුවා . එයාගේ මූන දැක්ක මම ඒ වෙලාවේ හොඳටම රතුවෙලා ! එයා එකපාරටම බිම බලාගත්තා.නම් පොතේ එයාගේ නමට ඉස්සරහින් හරි ලකුනක් දාලා මම එයාට පන්තිය ඇතුලට යන්න ඇරියා.

පන්තිය පටන්ගන්න වෙලාව හරි මගේ නෝට් එකත් අරං මම පන්තිය ඇතුලට ගියා . වෙනදා වගේම ලමයි නැගිටලා මාව පිලිගත්තා . මමත් එයාලට සුබ මද්‍යහනක් වේවා! කියලා . පාඩම පටන් ගත්තා.

 කෝ මෙයා  ?

මම පන්තිය වටේට ඇහැ යවන ගමං හොයන්න ගත්තා .මෙන්න ඉන්නවා . හරි හරියටම මැද පේලියේ වාඩි වෙලා ! ඉතිං මම පාඩම කරගෙන ගියා….වෙලාව ඉක්මනට ගෙවිලා ගියා …පන්තිය ඉවරයි මම මගේ මේසේ ගාවට ආවා. මගේ ආදරීත් එක්ක කතාබහ කරන්න එදා හොඳ දවසක් නෙවේ . ලමයි, ලමයි එක්ක යන්න එන දෙමවුපියෝ, එදා පිරිලා අද කතා කරන්න බෑ  මම එහෙම හිතලා හිත හදාගත්තා . …. එයා මට හිනා වෙලා යන්න ගියා. එදා දවස ඉවරයි මම ගෙදර ආවා …..

මම ගෙදර එනකොට හවස 6.00 විතර ඇති ..අම්මයි නංගියි ගේ ඇතුලේ මගේ කාමරේට වෙලා මාව පිලිගන්න බලං ඉන්නවා . මේ මොකෝ ? හරි වැඩේ මාට්ටු අම්ම මගේ දිහා බලන එක බැල්මෙන්ම මම තේරුම් ගත්තා .

පුතා ඔයා නවය වසරේ කෙල්ලෙක් එක්ක යාලු උනාද ? අම්ම මගෙන් කෙලින්ම ඇහුවා !

කවුද කීවේ ? කියපු කෙනාගේ නම ගේ නම අම්ම මට කිවුවේ නෑ !  

ඇත්තද පුතේ ඒක ?

ඔවු .!

අම්ම මට කවදාවත් බැනලා නෑ . මම දන්නවා මේ ප්‍රශ්නෙදීත් අම්ම මට බනින්නේ නෑ

අම්ම ගොඩක් දේවල් මට පැහැදිලි කරා .ඊට පස්සේ මට අන්තිමේට මෙහෙම කීවා !

 ඔයාට 21 ඒ ළමයට තාම 14 එයා ඔයාගේ නංගිටත් වඩා අවුරුද්දක් බාලයි ! ඒක නිසා තාත්තගේ නම කැත වෙන දෙයක් නොකරන්න වගබලාගන්න  . තාත්තා කොහේ හරි ඉඳං අපි දිහා බලං ඇති …. හිතල බලල වැඩ කරන්න . ඒ ලමයා තාම පොඩියි . …එයාව වැඩිය මුන ගැහෙන්න එපා ! ..එයාට ඉගන ගන්න දෙන්න …මමත් ඔක්කොටම හා කිවුවා .

අනිත් පහුවදා ..හැදෑවේ මම ගෙදර ආවම මගේ නංගි මට කතාකරා

අයියේ එන්නකෝ !.. මොකෝ ? මම ඇහුවා ඔන්න ඔයාගේ අරයා මට ලියුමක් දුන්නා .
දෙන්න බලන්න මෙහේට

ඒක තමුසෙට නෙවෙයි එයා ඒක දුන්නේ මට .. එයා දැන් මගේ හොඳම යාලුවෙක් හරිද !

කොහොමෙයි ඒක ඔයාට  දුන්නේ ?

 ඉස්කෝලේ අරිලා එනකොට තමයි එයා මට ඒක දුන්නේ ..

හරි ඉතින් මටත් පෙන්නනවකෝ .. මමත් කෙල්ල මගේ නගාට දීපු ලියුම බැලුවා

ඒ කොලේ ගොඩාක් දේවල් ලියලා තිබුනා .. මගේ ගැන විස්තර තමයි වැඩියෙන්ම අහල තිබුනේ මොනව කියන්නද මන්දා ? දුකකුත් සතුටකුත් තියනවා . මගේ ආදරේ මගේ නංගි දැනගත්තා . ඒ ගැන දුකයි .. මගේ කෙල්ලයි මගේ නංගියි ..හොඳම යාලුවෝ උනා . ඒකට නම් සතුටුයි.

2010 නොවැම්බර් 4 = අදනම් අපි දෙන්නට විනාඩි 30 හම්බවෙලා කතාකරන්න පුලුවං උනා

අපේ කෝස් එක තව කොච්චර කල් තියනවද ? එයගේ පලමු ප්‍රශ්නේ  

එතකොටයි මට මතක් උනේ අපට හම්බ වෙන්න පුලුවන් වෙන්නේ මේවිදිහට මේ කෝස් එක තියනකම් විතරයි .. ඊට පස්සේ හම්බ වෙන්න අපට සෑහෙන අවදානමක් ගන්න වෙනවා .

බලමු තව මාස දෙකක් විතර තියනවනේ මම කිවුවා !

 ඇත්තටම තව මාස දෙකක් විතර තමයි අපට නිදහසේ හම්බවෙන්න ඉඩකඩ තියෙන්නේ .
එයා එයාගේ පුංචි අතකින් මගේ අත අල්ලගත්තා . ඒ අත ගොඩක් සීතල වෙලා .

මේ කෝස් එක ඉවර උනාට පස්සේ ඔයාට මාව අමතක වෙයිද ?

මම හිතාගෙන හිටියේ කෙල්ලෙකුට කවදාවත්ම බොක්ක්කෙංම ආදරේ කරන්නේ නෑ ! ඒත් මටත් නොදැනීම මෙයා මගේ ජීවිතේ වෙලා දැන් ඉතින් මෙයා අමතක කරන්න නම් මට මැරෙන්නම වෙයි .

කවදාවත් මම ඔයාව අමතක කරන්නේ නෑ ! . ඒ තමයි මගේ උත්තරේ .

එයාගේ පුංචි ඇස් දෙකෙන් ලොකූ සතුටක් මම දැක්කා

වෙන්දා වගේම එදත් එයා යන්න සූදානම් ….වෙන්දා වගේම ඔන්න එදත් මේ පුංචි කෙල්ල මට වැන්දා .

ඊට පස්සේ පාරදිගේ හෙමිං යන්න ගියා ………………………….

අපි දෙන්නට දෙන්නා දවසින් දවස ලංවෙනවා . ඒත් මම හැමදාමත් ඉන්නේ බයකින් . මේ ආදරේ මට ටිකක් බර වැඩියි . කෙල්ලට අයියලා 3 ඉන්නවා . එතන පොඩි ගැලුවක් , අනික තමා මගේ ආදර කතාවටත් සතුරෙක් වගේ එකෙක් ඉන්නවා . මමත් එක්කම අපේ ආයතනයේ උගන්වන එකෙක් . ගොඩ කාලෙක ඉඳලා මගේ හතුරා. මම මුලින්ම බොස් ගෙන් බැනුමක් ඇහුවේ ඕක නිසා .

ඔන්න ඌ මේ සතියේ මගේ ආදරේට පලමු සතුරුකම කරා.

මගේ හතුරා මටත් මගේ ලවු එකටත් පලමු රතු එලිය පත්තු කරේ  මේ විදිහට.

මේකයි උනේ . මගේ හොඳම යාලුවාත් මේ කතාවට සම්බන්ධ වෙනවා . උගේ කෝඩ් නේම් එක “දුකා” දුකාගේ කෙල්ල අපේ ආයතනයේ FIT පාඨමාලාව හදාරන්න එනවා . මගේ තරහ කාරයා මගේ යාලුවා දුකාට කියලා තිබුනා මම දුකා ගේ කෙල්ලට ට්‍රයිකරනවා කියලා . ඔන්න උගේ  පාහර වැඩ .

මගේ යාලුවා දුකා මාව පොඩිකාලේ ඉඳාලා දන්න එකෙක් ඌ මාව කවදාවත් අවිශ්වාස කරන්නේ නෑ .දුකා ඔය කතාව මට කියලා මගෙත් එක්ක අරූට බැනලා ගියා . අපිදෙනගේ යාලුකම කේලමෙකුට කඩන්න බැරි උනා .

මම මේ කථාව මගේ පුංචි කෙල්ලටත් කීවා එයාටත් මාව විශ්වාසයි ඕව ගනං ගන්න එපා රංඩු ඇතිකරගන්නත් එපා ! එයා මට දීපු උපදෙස ඒක

ඒත් මම මේක මේ කේලං කාරයාව ලේසියෙන් අතාරින්නේ නෑ . ලොකුම පරශ්නේ තමයි මගේ ආදරේ ගැන ඕක දන්නවා . ඕක ඒ ගැන අපේ බොස් ට කීවොත් ඒක මට ලොකු ගැටළුවක් වෙනවා . අපේ ආයතනයේ නීති තදයි . කෙලින්ම මට අස්වෙන්න වෙනවා. ඒත් ඉවසන්නේ එකපාරයි ඊලඟපාර මම ඌට හොඳ වැඩක් කරනවා

අද ඒ කියන්නේ 2010/11/07 මාව හම්බවෙන්න මගේ පුංචි කෙල්ල එන දවස අදත් මට ගැටලුවක් වෙන එකක් නෑ

දැනට මගේ ආදරේ ගොඩාක් හොඳට තියනවා දවසින් දවස පන ලබනවා . බලමු තව අවු 4,5 විතරනේ බයවෙන්න තියෙන්නේ . මේ යන විදිහට නම් මට මගේ ආදරේ මාස 5 වත් කෙල්ලගේ ගෙදර අයගෙන් පරිස්සම් කරගන්න බැරිවෙයි වගේ .

ඒත් ගැටළුවක් නෑ මම ඒකටත් ලෑස්තියි ………………..


  
සඳරු..
11/7/2010 12:52 AM

22 comments:

dinesh said...

අයියල තුන්දෙනෙක් ඉන්න පවුලක එකම ගැහැනු ළමය හින්ද පොඩ්ඩක් උන් කේස් දාන්න ඉඩ තියනවා.පරිස්සමෙන් කොල්ලා...උඹට ඕනෙ හදිසි අවස්ථාවක අපි ඉන්නවා.පුලුවන් help එකක් දෙන්නම්.මොකාද බන් ඔය institute එකේ ඉන්න හතුරා., ආදරේදි ඔය වාගෙ බාල්දි දාන එවුන් කොහෙත් ඉන්නවා.කොහොමත් නගා class එන දවස් ටිකේ ඌව මග ඇරල ඉන්න ඉන්න බලහන්.
අම්මට කවුද මේක කියන්න ඇත්තේ.???

Anonymous said...

සඳරු මල්ලී, උඹට කොක්ක දාන එකා එක්ක පුළුවන්නම් කොහොම හරි කරලා fit වෙයන්. අතකොට උගෙන් උඹට සෑහෙන උදව් ගන්න පුළුවන් ඉස්සරහට. අත්දැකීමෙන් මලයෝ කියන්නේ. අත කපන්න බැරි නම් ඉඹින එකයි තියෙන්නේ. ඌව යාළු කරගනින් කොල්ලෝ. එතකොට උඹට කේස් නෑ. බය වෙන්න එපා උඹ​ට ප්‍රශ්නයක් උනොත් මේ ගෝල්ඩ් fish ට කරන්න පුළුවන් උදව්වක් කරනවා අනිවාර්යයෙන්ම. උඹව ඇස් දෙකෙන් දැකලා නෑ, ඒත් හිත ඇතුලෙන් දැකලා තියෙනවා. ජයවේවා මලයෝ....

sahan ළියනගෙරත්ගමයා said...

අඩේ....කලු,චුට්ටේ,පොඩ්ඩේ...කඩු ටික රෙඩි කර ගනින්..සදරු අයියට කොක්ක දාන එකෙක් ඉන්නවා...ඌට පොඩ්ඩක් සලකල එමු...
අවුලක් වෙන එකක් නෑ සදරු අයියා.....ඔය උලමා මොකක් හරි කරොත් අම්මප එනවා...කපනව ඕකව..........

මාරයාගේ හෝරාව said...

අඩෙ රත්ගමයා බොලා මෙහේද..?මං අරෙහෙ බලං ඉන්නවා මගේ වැඩෙට යන්න.. මෙකා මෙහෙ වෙන වෙන කොකු දාගන්න යන්න හදනවා..අඩෙ වන් බයි වන් කරහං බාං...

Anonymous said...

ඔන්න බ්ලොග් අවකාශයේ හැමෝම ලෑස්තිවෙනවා සපොර්ටි එකට.අර ප්‍රශ්න දාන අය දැක්කොත් එහෙම බය වෙයි.හැබැයි පුතේ උබ ඔය ළමයාට ඉගෙන ගන්න දෙන්න. නැත්තං මේ කට්ටියම බලාගනියි පුතෝ උබ ගැන.

අකීකරු හිත said...

බය වෙන්න එපා හැම දෙයක්ම
හරියයි.... රත්ගමයා මල්ලි මෙච්චර චන්ඩි කියලා මම දැනගෙන හිටියෙ නෑනේ

Anonymous said...

kellata egena ganna denna. anithwa passata ( passata = Future) all the best
ITS mEEEEEEEEEEEEEEe PC

පබලු said...

උඩ කමෙන්ට් කරල තියන ඇනාගේ කතාවට එකඟයි.. :P
(ඔය ළමයාට ඉගෙන ගන්න දෙන්න. නැත්තං මේ කට්ටියම බලාගනියි පුතෝ )

දෙන්නම පරෙස්සමෙන් ඉන්න.

හිස් අහස said...

@dinesh මොනව නැතත් මම මේ බ්ලොග් ලිවිල්ලෙන් උඹව අඳුරගත්තා මම ඒකට ගොඩක් සතුටුයි

@prasanna86k කොහොමද අයියේ ඒවගේ අති පන්ඩිතයෙක් එක්ක ඉන්නේ අයිය කියන නිසා බොරුවට හරි ට්‍රයිකරන්නම්. උදවු මොනවත් එපා මට අයියගේ ඔය වචනේ ඇති. බොක්කෙන්ම කියන්නේ

@ර ත් ග ම යා= මචෝ ගැසිය තියල උඹ විතරක් වරෙං මෙහේට අම්බානෙට වහිනවා . අනික කොහේද ඔය කලු චූටිලාට නවතින්න දෙන්නේ .

@මාරයාගේ හෝරාව= ඔන්න මම රත්ගම ගැන්සිය එපා කීවා ඔයා එයාලව ගෙන්න ගන්න

@Anonymous= ඇත්ත ..මම මෙතනදී ටිකක් වැරදියි තමා

@අකීකරු හිත= බොහෝම ඉස්තූතයි

@පබලු = අක්කෙ මට එයාව අතාරින්න වෙයිද ?
අපි පරිස්සම් වෙන්නම් .ඉස්තූතියි

Anonymous said...

උබනම් මහ වලත්ත සර් කෙනෙක්.
මගෙ ආදරේට අවු. තුන හමාරයි. මමනම් ප්‍රර්ථනා කරන්නේ ඊලග ආත්මේ ගෑනු නැති ලෝකයක ඉපදෙන්න කියලා. පුදුම කරදරක් බං. කෑවත් කියන්න ඕනෙ, නෑවත් කියන්න ඕනේ, ගෙදරින් එලියට යනවනම් ඒත් කියන්න ඕනෙ, ඇදන් යන ඇදුමේ පාට කියන්න ඕනෙ. මේකනම් ස්ව කැමැත්තෙන්, ජීවිතාන්තය දක්වා හිරගෙට යෑමක්.
(මචං උබේ හිත හොද කමට මේවා අනිත් අයට කීවට, තමන්ගේ වගේම කෙල්ලගේ පුද්ගලික දේවල් ප්‍රසිද්ධියේ කියන්න එපා. ඒක කවදා හරි උබටම තේරෙයි.)

Anonymous said...

ඔහොම යමුකො ඉස්සරහට..... හ්ම්... සදරු අයියේ මේ කිව්වත් වගේ හොදාම දේ හතුරාව යාලුවෙක් කරගන්න එකම තමා. පොඩි කාලයක් නෙම්නේ තව තියේන්නේ.. ඉතින් හතුරො ඇති කරගන්න එපා.... අහ් මේ..ඔය කාලය ප්‍රස්නයක් කරගන්න එපා මෙච්චර හම්බුන එකේ ඔකටත් උත්තරක් හොයන්න කලින් හම්බවේයි... .
සුබ පැතුම්..... .

පුතා said...

\\ඔයාට 21 ඒ ළමයට තාම 14 එයා ඔයාගේ නංගිටත් වඩා අවුරුද්දක් බාලයි ! ඒක නිසා තාත්තගේ නම කැත වෙන දෙයක් නොකරන්න වගබලාගන්න . තාත්තා කොහේ හරි ඉඳං අපි දිහා බලං ඇති …. හිතල බලල වැඩ කරන්න . ඒ ලමයා තාම පොඩියි . …එයාව වැඩිය මුන ගැහෙන්න එපා ! ..එයාට ඉගන ගන්න දෙන්න …මමත් ඔක්කොටම හා කිවුවා .\\ හා කියලා විතරක් මදි මචං... අම්මා කිව්ව දේවල් ගැන ආපහු කල්පනා කරලා බලහං...

හිස් අහස said...

@Anonymous= මම වලත්ත නෑ මේ කතාව ලියන එක කොහොමත් මට තව ටික දවසකින් නවත්වන්න වෙනවා. අදහස් වලට ගොඩක් ඉස්තූතියි.

නිම්ශා = මට බෑ නංගී ඒවැඩේ කරන්න ඌ නිසා අද මට නැතිවෙච්ච දේ මට ආයේ ගන්න බෑ ! ඔයාට ගොඩාක් ඉස්තූතියි.

@පුතේ . මම ඒ ගැන හැමදාම කල්පනා කරනවා .

Paraya said...

මචං කෙල්ලට හොදට උගන්න ගනිං.ඒ අහිංසකිව ආදරෙන් රැක බලා ගනින්.මොකද කෙල්ල උඹට ආදරේ කලේ උඹ ගැන විශ්වාසය තියලා.එහෙම නේද? ඒ නිසා ඒකිව හොදට රැක ගනින්. ඒ කෙල්ල උඹ ගැන තිබ්බ විශ්වාසට රකින්න. ගොඩක් ප්‍රශ්ණ වලට මූණ දෙන්න වේවි...ඒවත් බලාපොරොත්තුවෙන් ඉන්න.
මම හිතන්නේ ඔයා වැඩ කරන ඉන්ස්ටිටියුට් එකේ මමත් 2008 වැඩ කලා.ෆැකල්ටි සිලෙක්ටි වෙන්න කලියෙන්..
මොනවා උනත් පරිස්සමෙන්.

පබලු said...

ඔයාට එයාව අතාරින්න වෙන්නේ නැ.එහෙම වෙන්නත් එපා කියලා ප්‍රාර්ථනා කරනවා.
සබ්ජෙක්ට් සමමානයක් ලැබුනා නේද..සුභ පැතුම් මල්ලි..
.නවත්වන්න එපා ලියන එක,,දිගටම ලියන්න

හිස් අහස said...

@= පොජ්ජේ . මම ඒ ඔක්කොම මම කරන්නම් , ඕන ප්‍රශනයකට මම දැන් සූදානම් . උඹේ උපදෙස් මට ගොඩක් වැදගත් . වෙන්න ඇති මචෝ මමත් වැඩට ගියේ 2009 කලින් හිටපු අය ගැන මම වැඩිය දන්නේ නෑ

@පබලු = එහෙමනම් කොච්චර හොඳද ! මම හිතුවා අක්කා අනිවා මගේ පැත්තේ කියලා . තෑන්කියූ, සුබපැතුමටත් ඉස්තූතියි අක්කේ .

ජයවේවා !!

සංකල්ප said...

මේ ලිපිය කියෙව්වට පස්සේ සදරූ ට අයියා කියලා කියන්නත් බෑ. මොකද මම සදරූට වඩා වැඩිමල් නිසා

ඒ වුනාට මට හිතෙන විදිහට සදරූ කියන්නේ මට වඩා ගොඩක් අත්දැකීම් තියෙන කෙනෙක් !!! ඔයාලගේ ආදරේට මම සුබ පතනවා. කවදාහරි මේ බ්ලොග් අවකාශයේ සදරූ කියන පුංචි කොල්ලා, අර පුංචි සුරන්ගනාවිව කසාද බැන්දා කියන ආරංචිය අහන්න ලැබෙනකම් බලාගෙන ඉන්නේ.

සදරූ ජයවේවා !!!

ප.ලි.- පරණ ලිපි කියවන එකට ඔබේ අකමැත්තක් නැතැයි සිතමි.

Anonymous said...

ලස්සනයි සදරු අයියේ ඔයාගේ ආදර කතාව...කියවන්න ආස හිතෙනවා...පොඩි හරි පරහක් තිබ්බෙ නැත්නම් ආදර කතාවේ ගතියකුත් නෑනේ.. ;) අනික ආදරේ කරන්න වයස බලපාන්නේ නෑ මං හිතන විදියට..අවුරුදු 7 යි නේ වෙනස.. අපේ අක්කියි එයාගේ හබී අතර අවුරුදු 9 වෙනසක් තියෙන්නේ.. ඔය ඉන්නේ යහතින්.. ආදරෙත් වැඩි...
අනිත් ගොඩක් අය වගේම මාත් ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ආදරේ දිගටම ගෙනියන්න පුලුවන් වෙන්න කියලා... ජය වේවා..!!!

Anonymous said...

ඔය හතුරෝ හැමදාම හතුරුකම් කර කර ඉන්නේ නැතිවෙයි.....ඔයාලට හොඳ කලක් යාවි....
ජය වේවා.... ඉවසීමෙන් කටයුතු කරන්න..

Anonymous said...

ජය වේවා....

සුදර්ශන said...

අනේ මන්දා එච්චර පුංචි කෙල්ලක් ජීවිතේ ගැන මොනවද දන්නේ.. කොල්ලෝ සෙල්ලමක් එහෙම නෙවෙයි..

Anonymous said...

Hisahasa kiyawana akka kenek
sandaru malli mamath oyage gril ge wayasedi oya widiyatama 7 years old ayya kenekuta love kala , eth eka school ekatai, gedaratai mattu wela eka mama stop kala, mama dan 26 years old , mama wena kenekwa marry karala inne eth, ae ayya thawama marry karalath nahe thamath eya mata adare bawa mata eyawa magadi hamba unama hitenawa, eth mama eka hithata ganne nahe, one podi kelleku adare karana onema kollek eka karanne seriously neda?

Post a Comment

තැන්කූ බං