14.11.10

හිස් අහසේ මතක තරු .....


                                     වෙනදා නම්... ඉරිදා වෙනකම් බලාගෙන ඉන්නේ පුදුම  කැමත්තකින් වෙනදා උදේට නැගිටින්නේ අද මම ඒ පුංචි මූන දකිනවා නේද කියන සතුටත් හිතේ තියාගෙන .

වෙනදා නම්..............
 ඒ ලස්සන හිනාව උදෙන්ම මගේ දවස එලිය කරා ! .
ඒ ලස්සන කටහඬ මගේ හිතේ දුක අතුරුදහන් කරා ! .
ඒ අමුතු බැල්ම මාව හිරිවැට්ටුවා !

ඒත් ඒ හැමදේකටම වඩා !

ඒ ආදරේ මාව ජීවත් කරා !

ඒ මීට දින කිහිපයකට කලින් .
ඒත් දැන්  ඒ ලස්සන දේවලින් වැඩි හරියක් මට අහිමි වෙලා .

ඒ ලස්සන ඉරිදාව !
උදේට ඉස්කෝලේ යන ගමන් එයා මට දීපු ලස්සන හිනාව. !
 අපි අතරේ සිද්ධ උන ඒ ලස්සන කතාබහ !
මාව බලන්න එද්දී හැමදාම වගේ ගේන ඒ බලාපොරොත්තු !

දැන් ඒ කිසිම දෙයක් මට තවදුරත් හිමි නෑ..!   ඒ.. ත්  එක දෙයක් මම ලඟ තවම තියනවා !

එයා මට දුන්නු ආදරේ !

ඒ නිසා මම මේ හැම දුකක්ම වේදනාවක්ම යටපත් කරලන්න උත්සාහ කරමින් ඉන්නවා

මම දැන් ඉන්නේ එයාගෙන් ගොඩාක් දුර . මගේ ගෙදරින් ගොඩාක් දුර මගේ යාලුවන්ගෙන් ගොඩාක් දුර . මේක කියවන ඔය ගොල්ලෝ විතරයි මගේ ලඟ ඉන්නේ .

දන්නවනේ මගේ කතාව ?
ඇයි අර පවුකාර කතාව !  9 වසරේ කෙල්ලෙකුට ආදරේ කරලා වැඩ වරද්දගත්ත කෙනාගේ කතාව . ඒ තමයි මගේ කතාව.

ජීව්තේ අපිට හිතන්න ඉඩක් දෙන්නේ නෑ ඉක්මනින් වෙනස් වෙනවා  ඒ වෙනස් වෙන ජීවිතේට හැඩ ගැහෙන්න බැරි උනොත් හැමදාම හිතින් විඳවන්න වෙනවා !. දැන් මමත් ඒ වගේ

අපේ ආයතනයට ඉගනගන්න ආපු පුංවි කෙල්ලෙකුට මම ආදරේ කරා.ඒක වැරැද්දක් කියලා හිතපු මගේ බොස් මාව දුර පලාතක Branch එකකට මාරු කලා

 ඒ නිසා ටිකක් විඳවනවා ! ගොඩක් නෙවෙයි. මීට වඩා ලොකු දුකක් මම අවුරුදු ගානක් හිතේ තියං ඉඳලා තියනවා.

මාව දුර පලාතකට මාරු කලාට පස්සේ එලඹෙන පලවෙනි ඉරිදාව හෙට.
ඒත් හෙට මට එයාව දකින්න වෙන්නේ නෑ නේද .! ඕක මතක් වෙනකොට ………………..ඇත්තමයි මට මගේ ලඟපාත තියන හැම දෙයක්ම කුඩුකරලා දාන්න තරහක් එනවා !

ආයේ මගේ කෙල්ලව මම කවදද දකින්නේ ?

මම අන්තිම පෝස්ට් එක ලියපු දවසේ . මාව මාරු කරා කියලා කියපු දවසේ මම මගේ සුරංගනාවිට මේ කතාව කිවුවා

“මට ආයේ කවදා මෙහේ එන්න වේවිද දන්නේ නෑ”

. ඒ පුංචි ලාමක හදවතට මේ දුරස් බව දරාගන්න පුලුවන් වෙයිද බැරි වේවිද කියලා කියන්න කලින් මම හිතුවේ නෑ . ඒ පුංචි කෙල්ල අතේ තිබුන ෆයිල් කවරෙන් මූන වහගෙන ඉකි ගගහා අඬාපු එක විතයි කලේ. මම කලේ අහක බලාගෙන හිටපු එක විතරයි . එයාව සනසන්න මොනවා කියන්නද කියලා මට මට හිතාගන්න බැරිවයි හිටියේ .

අපි ආදරේ කරලා තවම ගත උනේ ටික කාලයක උනත් අපි දෙන්නා ගොඩක් ලංඋනා .එයා මගේ ජීවිතයම උනා !.

මගේ පුංචි කෙල්ල මට අද හවස කෝල් එකක් නම් ගත්තා යාළුවෙකුගේ ෆෝන් එකකින් .ඒත් විනාඩි 5 විතර , ඒ විනාඩි පහටම අපි කතා කරපු දෙයක් නෑ. එයා අඩපු එකත් මම ගල් වෙලා හිටපු එකත් ඇරෙන්න අපි වැඩි දෙයක් කතා කරේ නෑ .

හෙට දවසේම මැරීගෙන උගන්වන්න තියනවා ලමයි ගොඩකට ඒත් මට වෙනදා වගේ කිසිම වැඩක් ලස්සනට නිවැරදිව කරගන්න බැරිවෙයි. සමහර විට මම හැම වැඩක්ම අනාගනියි. නිදාගන්නේ කොහොමද ? නින්ද යන්නෙත් නෑ . හිත හදාගෙන වැඩක් කරන්නත් බෑ .මේ නරක කාලේ ඉක්මනට ගෙවිලා යනවනම් .

හෙට කොහොම හරි එයාට කෝල් එකක් දෙන්න හිතෙනවා ! ඒ විදිහට හිතන කොට හිතේ කැකෑරෙන මේ දුක පොඩ්ඩක් විතර අඩු වෙනවා . හෙට මම එයා එක්ක කතා කරනවානේ ඒවිදිහට  හිතලා . මම මගේ හිත හදාගත්තා අද දවසෙම .

මාව මාරු කරපු අලුත් Branch එක ගැන කිවුවොතින් . වැරදිම විතරයි මෙහේ මට පේන්නේ . පරිගණක නම් ගොඩාක් තියනවා .හොඳ ඉන්ටර්නෙට ලයින් එකතුත් තියනවා . එච්චර තමයි හොඳේ.  ඇත්තටම අපේ බොස් මාව මෙහෙට මාරු කලේ මාත් එක්ක තරහකින් නෙමේ කියලා මට ඊයේ තේරුනා .

“කොහොමහරි මේහාට අළුත් කෙනෙක් හොයාගන්නකං අල්ලගෙන යන්න "සඳරු" ඊට පස්සේ ඔයාව ආයේ පුරුදු තැනටම ගන්නම් ”  බොස් කීවේ නම් එහෙමයි , ඒත් මම තමයි දන්නේ මට තව සෑහෙන කාලයක් මෙහේ දුක් විඳින්න වෙනවා කියන එක .

මෙහේ ඉන්න මැනේජර කාරයත් අමු පන්ඩිතයෙක් . මට පේන්න බැරි චරිතයක් . මොනවා කරන්නද . ඉවසපං හිත තව ටික කාලයක්. මම මේ දවස්වල තවත් ජොබ් දෙක තුනකටම ඉල්ලයි තියෙන්නේ . ගමට එකක් සෙට් උනොත් නම් අනිවා මම මාරු උනා . එතකං ඉවසං ඉන්න බලනවා  .

ඉතිං ඕං අද දවස හෙමීට ගෙවුනා පුදුම දුකක් තමයි මගේ පුංචි කෙල්ල නැතිව මම විඳින්නේ ! ඒ දුක බෙදාගන්න මම පරන යාලුවෙක්ව මගේ ලඟට ගෙන්න ගත්තා .

බෝතලේ !
මගේ හිතේ තියන හැම දුකකටම මෙයා ලඟ පොඩි විසඳුමක් තියනවා

මම බොන්නේ ආසාවට නෙවෙයි මගේ දුක නැති කරන්න හිතාගෙන . ඇත්තටම බිවුවට පස්සේ  පැය කීපයක් යනකම් මට ලැබෙන නිදහසට මම පුදුම විදිහට ආදරේ කරනවා ! .

ඇත්තමයි බිවුවට පසේ මට නිකම් වතුර යට ඉන්නවා වගේ හැඟීමක් තමයි එන්නේ . පුදුම නිදහසක් දැනෙනවා. සමහර අයට වගේ අමුතු හයියක් ඇවිදිං කුනුහරප කියවෙන්නේ එහෙම නෑ . පැයකට දෙකකට පස්සේ මට හොඳටම නින්ද යනවා . මම ඒ ලබාගන්න සැනසීම මට වෙන ලබාගන්න ක්‍රමයක් නෑ කොහෙත්ම නෑ !

 ඉතිං මම මේ වැරැද්දක් තමයි කරන්නේ . ලොකූ ගානක් වියදම් වෙන එක තමා අවුලකටත් තියෙන්නේ . ඒත් ඉතිං මම වෙන මොනවා කියලා කරන්නද ? බොන එක ඇරෙන්න .

කියන්න දේකුත් නෑ වෙනදා වගේ!
 මම විතරක් තනියම.
 ඉතින් තනියම මොන ආදර කතාද ?
ලියන්න දේකුත් නෑ ඉස්සරහට …….

මගේ සැබෑ ආදර කතාව . කියවපු අයට ඉස්තූතියි.

 හිතෙන් ගොතාපු කතාවක් උනා නම් හොඳ ලස්සන අවසානයක් දෙන්න තිබ්බා . මගේ මේ ආදරේ අවසානය කොහෙන් කෙලවර වෙයිද මන්දා ? මමවත් කවුරුවත් ඒක දන්නේ නෑ !

ඒත් අපේ “සොඳුරු සිත” ! ලියන වත් අක්කා  හිස් අහසට මෙහෙම කියලා තිබුනා


අහසක් කිසිදින ..
හිස් නොකෙරෙනු ඇත...
මතක තරු අතුල ...
අහස නුඹය ..ඇයට ..

වත් අක්කේ !
ඇය ගැන දුන් බලාපොරොත්තුවට ඉස්තූතියි.!




~වෙලාව පාන්දර 1ත්පැනලා !~

එහෙනම් රෑ උනාට කමක් නෑ අවසරයි මට මගේ මිතුරා “ Mendis ” සමග එක්වෙන්න !
දුකේදී සැමදා මා හා ඉන්න ඔබ ......
ඔන්න පින්තූරෙකුත් දැම්මා !

 


ලියන්න විශේෂ දෙයක් තිබ්බොත් මම ලියන්නම් . එතකං හැමෝටම …………..

ජය වේවා !!

 
1:01:14 AM




 .




35 comments:

Unknown said...

අල්ලගෙන යමු... ජීවිතේ ඔහොම තමයි මචන්.. උඹට ජය...ම්ම්.. බොන එක නේද? මම එපා කියන්නේ නෑ. ඒක උඹේ කැමැත්ත. හැබැයි ඒක මහ හිස් දෙයක්..ඒක මගේ අදහස

මාරයාගේ හෝරාව said...
This comment has been removed by the author.
මාරයාගේ හෝරාව said...

මල්ලියේ මට උඹට කියන්න තියෙන්නේ එක දෙයයි..

මෙන්ඩිස්නං පල් බං...

පැන්ඩා said...

මගේ අදහස නං මෙන්ඩිස් නෙවෙ ඔක්කොම පල් කියන එක..ඒ කෙල්ල කොච්චර දුක් වෙයිද මචං උඹ ඒ ආදරෙ දුක අමතක කරන්න බොතලයක් අතට ගත්ත කියල දැන ගත්තොත්.ඒ කෙල්ලගෙ හිතෙ තියෙන වේදනාව තව වැඩි වෙයි.කොයි කෙල්ලද බං ඒ දෙන්න කරපු ආදරෙ දුකට තමන් තාමත් ආදරෙ කරන කොල්ල බොතලයක් අතට ගන්නවට කැමති..ඒක හින්ද ඔයත් තාම එයාට ආදරෙ නං, එයාට තවත් දුක හිතෙන්න දෙන්න එපා..බොතලෙ අත අරින්න.

ayesha said...

පැන්ඩා කියන කතාවට මමත් එකඟයි. කිසිම කෙල්ලක් කැමති නෑ ආදරේ දුකට තමන්ගේ කොල්ලා බොනවට. මොන දේ කරන්නත් කළින් ඔයා හොඳට ඉන්න ඕනේ. පිස්සෙක් වගේ ඔහොම හැසිරෙන්න එපා. පොඩ්ඩක් ඉවසන්න. ඔයා පොඩ්ඩක් හිත හදන් ඉන්න. ඒ පොඩි කෙල්ලකෙත් හිත හදන්න. එයාට හොඳට ඉගෙන ගන්න පරිසරයක් හදලා එයාට උදව් කරන්න.ඊට පස්සේ ඔයාලා දෙන්නටම කියලා ලෝකයක් හදාගන්න පුලුවන් වෙයි. අනේ යාළු බොන්නනම් එපා. ඔහොම ගියොත් ඔයාලා දෙන්නම විනාශ වෙනවා.
ඔයාට හුඟාක් දුකයි කියලා තේරෙනවා. ඒත් බීලා ඔයගේ දුක අඩු වෙනවද? එතකොට අර පොඩි කෙල්ල මොකද කරන්නෙ? ඔයා බීවම තවත් එයාගේ දුක වැඩි වෙනවා නේද? අනේ යාළු බොන්න එපා

dinesh said...

පිස්සු කෙළින්න එපා බං.බිව්ව කියල කිසිම ප්‍රශ්නයක් විසදෙන්නෙවත් යටපත් වෙන්නෙවත් නෑ.තාවකාලිකව මෙන්ටල් අප්සෙට් ගහන එක විතරයි වෙන්නෙ.බලපන් අර උඹේ ඒන්ජල්, උඹට එච්චර ආදරේ කරන ඒ කෙල්ල උඹ මෙහෙම බේබද්දෙක් කියල දන්නවනම්!!!.දැන් මේවාගෙ ප්‍රශ්නයකදි උඹ උත්තර හොයන්න හදන්නෙ මෙහෙමනම්,ඉස්සරහදි මීටවඩා ලොකු දෙයක් උනොත් ..,උඹ දවසම ඕක කටේ ගාගෙන ඉදියි.
අඩෝ උඹට මාත් එක්ක මලද??‍ෆිට් එකට කිව්වෙ...උඹ හොඳ අනාගතයක් තියන එකෙක්.සිහියෙන් වැඩ කරපන්.ජය....
(දිය ඇල්ලට බෑ-මහවැලි ගංගාවට බෑ,මගෙ පපුවෙ ඇවිලෙනා ගින්දර නිවා දමනු බෑ.......හි,හි නීල්ට පිස්සු බං)

Unknown said...

අනේ ඔව් සඳරු අයියෙ බොන්නනං එපා ඇත්තටම ඔයාගෙ පුංචි  කුමාරිට ඒක දරාගන්න බැරිවෙයි මේ වෙලාවෙ ඔයා කෙලින් ඉන්නඕන ඔයා ඔයාගෙ පුංචි කුමාරිට හුඟක් ආදරෙයිනෙ නේද ඒක නිසාබොන්න එපා ඔයාලට වරදින්නෙ නෑ අයියෙ ඔයාල කාටවත් වරදක්කරල නෑනෙ පරිස්සමෙන් කල්පනාවෙන් වැඩ කරන්න

මකුළුවා..... said...

මචං ප්‍රශ්නෙකට විසඳුම උඹ බිව්ව කියලා ලැබෙන්නේ නෑ....ඕක වහාම නවත්තලා දාපන්....නිකම් හිතපන්කෝ ඕක අර දැරිවිට ආරංචි වුණා කියලා...ඒකි මොනව කර ගනීද?අනික උඹට තව නංගි කෙනෙකුත් ඉන්නවා.එයාත් උඹේ වගකීමත් නේද?.....
ඔය ඔක්කෝම තියෙද්දී තෝ බීලා නැහෙන එක හරි වැඩක් කියලද උඹ හිතන්නේ....හොඳ සිහියෙන් ඉන්න බලපන් හැම වෙලේම...නිකම් ගොන් වැඩ කරන්නේ නැතුව....කෙල්ලගේ හිත හදපන් කෝල් එක්ක දුන්නම ගොළු වෙන්නේ නැතුව...නැත්තම් එයා ඉගන ගන්න වැඩ අවුල් කර ගනී.උඹ ඒකට කැමතිත් නෑනේද?.....
ඒ මොක වුනත් ඔය ඔක්කෝම කරන්න උඹ කෙලින් කටින් ඉන්න එපැයි....
උඹ කියලා තියෙන විදිහට මට නම් හිතෙන්නේ දැනටමත් උඹේ සෞඛ්‍යයට උඹේ ඔය යාළුවා බලපාල ඇති වගේ....හොඳ එකා වගේ ඒ හින්දා බොන එක නවත්තලා දාපන්....

Paraya said...

මචා ප්‍රශ්ණ වලට විසදුම බෝතලේ නම් නෙමෙයි...උඹ බොනවා කියලා ඒ අහිංසකි දැන ගත්තොත් මොන තරම් දුකක් ඒ පුංචි හිතට එයිද? ඒ පුංචි හිතට දරා ගන්න බැර් වෙයි...හිතලා බලපන් මචං...
මෙන්ඩිස්ව ලං කර ගන්න එපා. කෙල්ලට ඒක දරා ගන්න බැරි දුකක් වෙයි

නෙලුමා said...

මොනවා උනත් කොල්ලෝ ලස්සන ජිවිතේ බොතලේට දිය කරන්න නම් එපා,අර අහිංසකිට ගොඩාක් දුක හිතෙයි.

උඹට එ අහිංසකි ගැන ආදරයක් තියෙනවනම් ඔය බොතලෙන් ඈත් වෙයන්.....

Anonymous said...

මෙන්ඩිස්ට තව එක යාලුවෙක් එකතු වෙලා නේද?

අනංගයා ඉස්සර දුර ඈත කාලෙදිම ගිවිසුමක් අත්සන් කරා... දන්නවද කාත් එක්ක ද කියල... වෙන කා එක්කද ඉතින් සුරාමේරය කියන කම්පැනි කාරයා එක්ක තමයි...

දන්නව ද ගිවිසුමේ නම " මම විදින්නම් - අතාරින්නම් - ඉතිරි සියල්ල නුඹට බාරයි"

දෙන්න ලාබෙ බෙදා ගන්නේ 50:50 ....

ඉතින් එදා ඉදල මේ ජාවාරම යනවා...

මල්සරා විදිනව... විදල අතහරිනවා... වැදුන කෙනා කෙලින්ම ගිහින් නතර වෙන්නේ සුරාමේරය ලඟ. වැඩේ ක්ලෝස් ...

ඉතින් ඒ ගිවිසුමේ තව එක ගොදුරක් තමයි "හිස් අහස".

මාරයාගේ හෝරාව පරණම බිල්ලක් ....

අනේ මන්ද දරුවෝ ... මම ආයෙත් කියන්නෙ අහසක් කවදාවත් හිස් වෙන්නෙ නැහැ...

හිස් අහස නුඹ
හිස් නොවන බව
අහස නොදනී ....නුඹද නොදනී
හිස් අහස යලි සඳ දකින තුරු
තරු ඇතේ නුඹ ළඟ ඉදන්
අමාවක නැත සදාකල්හිම
පුර පෝය එන දින ලඟයි
වැස්ස වාගේ හඩනු බැරි නම්
අයාලේ පාවෙනු එපා
පාව ගිය පසු
නැවත එන මඟ
බොහො දුරයි
නුඹ මඟ ඇරෙයි
සඳ ඇවිත් අහසට ඉතින්
නුඹ නැති නිසා සෝකෙන් දැවෙයි
අමාවක සැමදාම ආවොත්
ලෝකයට ඒ දුක දැනෙයි
යන්නෙ පා පාවෙලා දුරකට
ඉනු සිත හදන් මේ අත දුරින්....

" මේ මෙන්ඩිස් .. ඉදන් උඹ හමුවුනොත් ... උඹට ආදරේ දැනුන දවසක තේරෙයි ..උඹ කරන දේ විනාශය... හම්බෙයි නේ මටත් මෙන්ඩිස්... අන්න එදාට මාතර කෙල්ලන්ගේ හැටි දැන ගනියි"

Hansi said...

hamadeema hari yai,,nobee inna uthsaha karanna aiyaa!

෴ හසියා ෴ said...

හ්ම්ම්ම්ම්ම්ම්ම් ප්‍රශ්න කියන්නේ මහ වදයක් හිසරදයක් දුකක්...ඒත් එහෙම කියලා අපි ඊටත් වඩා අනතුරකට අතවනන්න ඕනිද?
කෙනෙක්ට බොන්න එපා කියන්න බෑ...ඒත්...හිතන්න බීමෙන් තමන්ට ලැබෙන ඵලය? සිහිය විකල් කරගැනීමද?

මගේ හොදම යෙහෙළියකගේ (මොන්ටිසෝරියේ ඉදන් එකට හිටපු) තාත්තා නැතිවුණා ගිය සුමානේ...ඒ තාත්තට තිබුණා පිළිකාවකුත්.ඒත් මැරණේ අක්මාව සවුත්තුවෙලා...හේතුව හැමදාම බිව්වා....ඉස්සරත් එහෙමයි...හැබැයි බීලා කාටවත් කරදර නෑ...තමන්ගේ පාඩුවේ ඉන්නවා...ගෙදර අය කොච්චර කිව්වත් ඇහුවේ නෑ‍‍‍...ඒකටම හරියන්න යාළුවෝ ටිකක් හිටියා...ඉතිං හැමදාම බිව්වා...
අන්තිමේදී එයා නැතිවුනා‍‍...එයා හිතන්න ඇති බීලා මැරුණහම හැම ප්‍රශ්නෙම හරි කියලා...
ඒත් අර මගේ යාළුවගේ වයස අවුරුදු 22යි.ඒ කියන්නේ දැන් විවාහය එහෙම ළග ළග එන කෙල්ලෙක්...ඉතිං තාත්තා නෑ ළග...තව මල්ලි කෙනෙක් ඉන්නවා...එයා 2012 ඒලෙවල් කරන්නේ...ඉතිං තමන්ගේ සතුට වෙනුවෙන් බීලා නාස්ති වෙලා තුන්දෙනකේවම අතරමං කලා නේද?
අයියාත් ඔහොම ඉන්නනේ නෑ...මොනදේ සිදුවුණත් හොද කෙනෙක් ළගදීම හම්බවෙයි...(හැමදේම වෙන්නේ හොදටළුනේ...) ඊට පස්සේ පවුලක් පන්සලක් වුනහම අයියත් කැමතිද දවසක අර මගේ යාළුවට වෙච්ච දේ තමන්ගේම දරුවන්ට බිරිදට උරුම කරන්න....
මම බොන්න එපා කියන්නෑ...අයියාලාට මොලේ තියෙනවා...මේ ‍බ්ලොග් එක කියවපු ඕනිම කෙනෙක්ට ඒක තේරෙනවා...ඉතිං අයියා කැමති තීරණයක් ගන්න...
අපිනම් කැමති කෙනෙක් මත්රකුසගෙන් දවසකට හරි මිදෙනවනම්....කල්පනා කරලා බලන්න....
තමන්ට හිතෙනදේට වඩා තමන් පොඩ්ඩක් ඥානාන්විතව හිතලා බලලා වැඩ කලොත් අයියටත් සමාජයට වැඩක් කරලා මැරෙන්න පුළුහන් වෙයි...
අර මගේ යාළුවගේ තාත්තා වගේ සමාජයටත් පවුලටත් වැඩක් නැති රටටත් බර මිනිහෙක් විදිහට කැමතිනම් මැරෙන්න....
තීරණය අයියා අතේම තමයි ඔන්න...පාර පෙන්නුවා..එක්කනුත් ගියා...දැන් තියෙන්නේ වතුර බොන එකයි ඕන්....

හිස් අහස said...

@වැම්පයර් = ඉස්තූතියි මචං කැමැත්තෙන් නෙවේ බොන්නේ ,ඔවු මචං මම කොහොමටත් හිස් නේ

@මාරයාගේ හෝරාව = මොනා කරන්නද අයියා , අනික් ඒව ගනං ,ලාබම ඒවා "ගල්' ඒව උගුරෙන් පහලට දාගන්න මාර ගේමක් දෙන්න ඕන . අතේ ඇති ගානට මට මෙන්ඩිස් මසුරං

@පැන්da = උත්සහ කරන්නම් පැන්ඩයියේ .හිතා ගන්න බෑ මොනාවා කොරන්නද කියලා .බෝතලේ අතහරින්න නේද ? අනේ බං ………….කොහොමද අතාරින්නේ ?

@ayesha = යාළු මගේ හිත හැදෙන්නේ එක ක්‍රමයකින් විතරයි . ඒ තමයි මේ පුංචි පානය ගැනීම
හැදාම මම බොන්නේ නෑ යාළු !.මම එයාට කොහොමද එයාගේ ලඟ නොයිඳ උදවු කරන්නේ ? මගෙ හිත හැදුවට ගොඩක් ඉස්තූතියි යාළු

@dinesh = මගේ බොක්ක !! උඹත් එක්ක මොකටද මම ඔරොප්පු වෙන්නේ ? උඹ මගේ බුදු ෆිට් එකනේ ! ඇත්ත තමයි ඒත් බං අයියේ මම ඒ බීල ඉන්න පුංචි මොහොතේ සතුටෙන් ඉන්නවා . මම නිතරම බොන්නේ නෑ මචෝ ! මම බෙබේ කෙනෙක් වගේද ? සමාවෙයන් යාළුවෝ !

@Thilini = ඔවු සහෝදරී මම මගේ පුංචි කුමාරිට ගොඩාක් ආදරෙයි ! ඒත් මම මොනවා කරන්නද ? ඔයාම දන්නවනේ ආදරේ මට කොහොමද සලකන්නේ කියලා ! මේ පාරත් මම ඇනගනියිද ? ඉස්තූතියි සහෝදරී

@මකුළුවා.= මචෝ සමාවෙයන් මම ගොඩක් වැරදි තමයි. ඒත් මේ කරදර ඔක්කොම ඉවර උනාට පස්සේ . අපිට ආයේ ලංවෙන්න ලැබුනට පස්සේ . මම මේ හැමදෙයක්ම නතරකරනවා මචෝ . කෙල්ලගේ හිත හදන්න ට්‍රයි කරා …. බැරි උනා බං . ඒකිගේ වැඩේ අඬන එක ..

@ පොජ්ජේ = වෙන මොනවා කරන්නද අයියේ . මමත් ගිලෙන මිනිහෙක්. ඉතින් එල්ලෙන්න පුලුවන් විදිහට එල්ලුනා බෝතලේක . මොහොතකට හරි නිදහස් වෙන්න හිතාගෙන .

@ නෙලුමා = එයා නැතිව තනිවෙච්ච මට ජීවිතේ මොන ලස්සනක්ද මචෝ ! . මම කීව වගේ දවසක් එයි අපිව ලංකරන එදාට මම මේව අතහරිනවා , නන්නාදුනන උඹේ උපදෙසට ගොඩක් පිං මචෝ !

@෴වත් ෴=අක්කේ ඔයාට මොනවා කියන්නද ? මම වගේ කාලකන්නියෙක් .මේක මම විහින් කරගත්ත දෙයක් අක්කේ . මම සොඳුරු සිතට කීවා වගේ , දවසක් එයි මගේ බලාපොරොත්තු ඉතුවෙන . එදාට මම තනි නෑනේ අක්කේ . අන්න එදාට මෙන්ඩිස්ට පිටිපස්සේ දොරින් යන්න කියනවා මම . අර හිස් අහසටම ලියපු කවි පද වලට ගොඩක් ඉස්තූතියි. ඇත්තමයි යන්තමට ඇහැට කඳුලු ආවා ඒව කියවලා . ඉස්තූතියි සහෝදරී
@ Hansi = මමත් බලාපොරොත්තු වෙනවා හැමදෙයක්ම හරියාවි කියලා දීපු බලාපොරොත්තුවට ඉස්තූතියි !

@෴ හසියා ෴ = මොනවා කරන්නද හසියෝ . කරුමේ මගේ . මට අඬලා දුක නැතිකරගන්න බෑ මට ඇඬෙන්නෙත් නෑ . මම ආදරේ කරපු දේවල් මතක් වෙනකොට මට තියන දුක .මම හොඳටම දන්නවා .
ඔයා… හිතට වදින්න ගොඩාක් දේවල් ලියලා ගිහින් . මම… කියන්න දෙයක් හිතනවා ….!

සහෝදරයා ඔයා මට.පාර පෙන්නුවා..එක්කනුත් ගියා...දැන් තියෙන්නේ වතුර බොන එකයි තමයි ඒත් මේ හිස් අහස පවුකාරයි හසියෝ !

ටික දවසකින් මට ආයේ මගේ ලෝකෙට එන්න පුලුවන් උනොත් එදාට මම හැම ජරාවකටම සමුදෙනවා ,,,,සසියාගේ මේ වචන ගොඩක් වටිනවා ! පිං අයිති වෙයි කොල්ලෝ !

උඹට ජය …!!

තරු අහස said...

නෙක කදුළු වලින්
නෙත පෙගෙන වෙලේ...
දුක හොරෙන් ඇවිත්
හද දවන වෙලේ...
නොසැලෙන්න සහෝ
නැගිටින්න ඉතින්...
හිස් අහස පුරා
තරැ පබළු අරන්...
සරසන්න ඇගේ ගෙළ
රන් මාල ගොතා...

ආදරය ලස්සන බාධක මැදදි.හිස් අහස නොතේරෙන කවියක් වගේ.උඔ හොදට එබ්ලා බැලුවොත් ඒ ලස්සන පෙනේවි.ඔයාගෙ ආදරේ තියෙන්නෙ බෝතලේ නෙවෙයි.හොද ආදරයක් ජීවිතේට පාර කියනවා.උඹ කරන වැඩේ ‍වැරදියි.බොන එක අතහරින්න.ඔය ආදරේ දිනා ගන්න උඹට පුළුවන්.ඒත් සහෝ..ඕක කරන්නෙපා.දැනගත්තොත් ඒ කෙල්ලට දැනෙන දුක උඹට හිතා ගන්න පුළුවන් නේද?මං හදවතින්ම පතනවා කොහොම හරි ඔය දෙන්නා එකතු වෙන්න කියලා.

Anonymous said...

මම දැනුයි බං දැක්කේ. උමට හිතේ හයිය තියෙනවා බං. වෙන එකෙක් නං මෙලහට මොනා කරගෙනද දන්නේ නෑ. මම උඹට කිසි දෙයක් කියන්නේ නෑ. හැමෝටම කමෙන්ට කරද්දී උඹ අන්තිමට ජයවේවා කියනවා. ඒ නිසා හැමෝම වෙනුවෙන් මම උඹට ජයවේවා කියනවා. උඹට වරදින්නේ නෑ මලේ.

Anonymous said...

මට අමතක වු​නානේ දෙයක් කියන්න. මේ උඹේ ඔය මෙන්ඩිස් කියන යාලුවා ඒ තරම් හොඳ එකෙක් නෙවේ. කලිනුත් කිව්වානේ අපි. ඔය ජරා යාලුවෝ ටික දුරස් කරන්න. මේ ඉන්නේ යස යාළුවෝ ටිකක්.

෴ හසියා ෴ said...

ඕකට කියන්නේ පවුකාරකමවත් කාලකන්ණිකමවත් නෙවේ අයියා...මෝඩකම...බියගුළුකම‍‍....
අයියේ හොද යාළුවෙක් ඉන්නේ තමන්ට ප්‍රශ්නයක් කරදරයක් ආපුවහම ඒදේ එයාට කියලා සහනයක් ලබාගන්න විසදුමක් ලබාගන්න පුළුහන්...බලන්න අයියට කී දෙනෙක් කමෙන්ට් කරලද...හිතන්න පොඩ්ඩක්....මෙතන ඉන්න හැමොම වගේ අයියට ආදරේ කරන හොදම යාළුවෝ...ඉතිං එයාලට කියන්න හිතේ තියෙන දුක...අයියා දන්නේ නැතිව ඇති සමහරවිට...මේ බ්ලොග් අවකාශයේ ඉන්න බහුතරය ඉන්නේ ආදරයෙන් පැරදිච්ච අය...(මමත් ඇතුළුව)ඒ අය තමන්ගේ බ්ලොග් එක පටන් ගත්තේ තමන්ගේ දුක කියන්න...හිතට සහනයක් ලබාගන්න...බොරුනම් ඔය උඩ ඉන්න අයගෙන් අහල බලන්න...ඒ විතරක් නෙවේ ඔවුන් ඒ බලාපොරොත්තු වුනදේ ලැබුනේ නැද්ද කියලත් අහල බලන්න...එතකොට අයියට තේරෙයි ඔය බොතලේකින් ලැබෙන තාවකාලික සැනසීමද වැදගත් හොදම යාළුවන්ගෙන් ලැබෙන දීර්ඝකාලීන සැනසීමද කියලා...ප්‍රශ්නයක් වෙනුවෙන් බොනවා කියන එක මමනම් දකින්නේ බියගුළුකම්ක කියලයි.මොකද තමන්ට නොබියව ප්‍රශ්නයට මුහුණ දෙන්න බැරි නිසයි එක එක විකාර වලින් ප්‍රශ්නය මගාරින්න හදන්නේ...ඒත් අයියා ඒක සාර්ථක වැඩක් නෙවේ...ප්‍රශ්නයට මුහුණදෙන්නේ නැතිව ප්‍රශ්නයක් විසදන්න බෑ...එහෙමනම් ඉතිං මේ ලෝකේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න වලට එයාලා බීලා විසදුම් හෙව්වනම් ආයේ මේ ලෝකේ මත්පැන් මත්ද්‍රව්‍ය දුර්ලබ වෙන්න ඕනි....

ඔය උඩ ඉන්න අයට ඔයාගේ ප්‍රශ්නය කියන්න...හිතට නිකන් ඉන්න දෙන්න එපා...වැඩක් කරන්න...මොනාහරි කමක් නෑ...හැබැයි තමන්ටටත් සමාජයටක් වැඩදායී හිතකර...බ්ලොග් ලිපි ලියන්න...යාළුවොත් එක්ක බොන්න නෙවේ සෙල්ලම් කරන්න...සමාජශීලී වැඩ කරන්න..
මම කියනවට අයියා දවසක් නිකන් උඩ බලං ප්‍රශ්න ගැන හිතන්නේ නැතිව...මොකක් හරි වැඩක් කරල බලන්න...වැඩක් ඇත්තෙම නැතිනම් තමන්ගේ ගේ අවට සුද්ද පවිත්‍ර කරන්නකෝ.ඩෙංගු හරි නැතිවෙන්නේ නැතෑ.ඊට පස්සේ දවස අවසානයේ නින්දට ඇදට ගිය ගමන් පොඩ්ඩක් අද කරපු දේවල් සිහිකරලා බලන්න...ඒ වගේමයි අයියගේ හිතට වද දෙන ප්‍රශ්නය ඒ අයිය වැඩ කරන අතර තුර කීපාරක් හිතට ආවද කියල බලන්න....සමහරවිට අයියා එදා දවස තුල ඒ ප්‍රශ්නය හිතට එක පාරක්වත් නෑවිත් තියෙවී.ඒක තමයි ඇත්ත.හිතට වැඩක් නැතිනම් තමයි ඔය විකාර මන්ස්ගාත හිතන්නේ...මම කියනවට එක පාරක් කරලා බලන්න...එදාට තේරෙයි මත්පැන් වලින් ප්‍රශ්නය අමතක කරන්න හදනවාට වඩා මේ වැඩේ කොච්චර ලේසිද කියන එක....
මොඩවෙන්න එපා. බුද්ධිමත් අය මොඩ වෙන්න බෑනේ කවදාවත්...
හිතලා බලලා ඔය මත්රකුසගෙන් ඈත් වෙන්න බලන්න....
බුදු සරණයි අයියට......

හිස් අහස said...

@ S.Madurange= සහෝදරයා ඒ පැතුමට හදවතින්ම මම ඉස්තූතිවන්ත වෙනවා බොන එක ඒ. ගැන නම් මොනවා කියන්නද ? ලස්සන පද වැල් ටික . ඒවටත් ඉස්තූතියි ..

@ රන් මාළුවෝ = ජයම වේවා !! ,හිතේ හයිය නම් දැන් ටික ටික අඩු වෙනවා වගේ .. මේ යාළුවෝ ටික ඇරෙන්න මට වෙන මොනවත් එපා ! ..තල්ලුවක් දුන්නට ඉස්තූතියි මචෝ !

හිස් අහස said...

@෴ හසියා ෴ = ඇත්තටම මලේ මම බ්ලොග් එක පටන්ගත්තේ . ආදරේ ගැන ලියන්න හිතං නෙවේ . ඒත් මට ලියන්න උනේ මගේ කාලකන්නි ලවි ඉස්ටෝරිය . මටම එපාවෙලා බං . කෙල්ල අරෙහෙං දුක් විඳිනවා . මම මෙහේ ගෙදරින් හැතැප්ම ගානක් ඈත .බොන එක ඇරෙන්න මොනවා කරන්නද ?

මම මගේ ප්‍රශ්නේ ඔයාල හැමෝටම කියනවා . ඒක මට හංගගෙන ඉන්න බෑ ..ඇත්තටම මල්ලී මම මේ මත් රකුසගෙන් ඈත්වෙන දවස වැඩි ඈතක නෙවේ ..හසී මලයා අනික් අය හැමෝම කියපු දේවල් කවදාවත් මට අමතක වෙන්නේ නෑ !

ජයවේවා !!! හසී මලයෝ ..

තරු අහස said...

කොල්ලො මං ඔයා ගැන දන්නෙ බොහොම පොඩ්ඩයි.ඒත් මේ බ්ලොග් එක නිසා.මගෙ යාළුවො දෙන්නෙක්ම ඉන්නවා 9 වසරෙ නංගිලා දෙන්නෙකුට ආදරේ කරන.අපිට වයස 20යි.එක යාළුවෙකුගෙ එක ගෙවල් දෙකටම අහුවුණා.‍ඒත් උන් දෙන්නා තවම ආදරෙන් ඉන්නවා.ආදරේට වයස ප්‍රශ්නයක් නෙමේ.උඹ ඔය විහින් මැරෙන්න හදන්නෙ.නංගි උඹට පණ වගේ ආදරෙයි නේද?එයාගෙ කිසිම වෙනසක් නෑ නේද?උඹ දන්නවද?මං 5වසරෙ ඉදලා 12වසර වෙනකම් කෙල්ලෙකුට ආදරේ කරා.අන්තිමට එයා වෙන කෙනෙක් එක්ක යාළු වුණා.කවු‍රැවත් විශ්වාස කරන එකක් නෑ.මගේ හොදම යාළුවත් ආදරේ කලේ එයාට.අපි දෙන්නා එක බත් එක කකා එකම කාමරේ පාඩම් කර කර එයාට ආදරේ කළා.‍ඒත් අන්තිමට අපි දෙන්නටම කදුළක් විතරයි ඉතුරැ වුණේ.එයා මට බලාපොරොත්තුත් දුන්නා.හැමදාම වගේ sms කරා.වචනයක් වත් කථා නොකර එක බත් එක කෑවා.මට පොත් ගෙනත් දුන්නා.ඔයාට හිතාගන්න පුළුවන්නෙ දැනෙන දුක.එහෙමතම් මං කොච්චර බොන්න ඕනච බං?ඒත් මං අද සතුටින් ජීවිතයට මුහුණ දෙනවා.උඹට කෙල්ල පණ වගේ ආදරෙයි.මට තේරෙන්නෙ නෑ උඹ ඇයි බොන්නෙ කියලා.මං මගේ කථාව කිව්වෙ ඒකෙන් ඔයාට ප්‍රයෝජනයක් වෙයි කියලා සහෝ.අම්මා,නංගි,කෙල්ලා ගැන හිතලා ඕක නවත්තපං.උඹට පව් යකෝ ‍අර කෙල්ලට හොර කරනවට.පොඩ්ඩක් මේ ගැන හිතන්න.

තරු අහස said...

ඇයි සහෝ උඹේ ආද‍රේ කාලකණ්ණියි කියන්නේ?මගේ ආදරේ නිසා මට ජීවිතේම නැති වුණා.ඒත් මං ආයෙම නැගිටිනවා.මං වගේ තව ගොඩක් අය ඉන්න බව මං දන්නවා.එන්න ‍ඒ ගොඩට ඔයත්.සතුටුයි ඇත්තටම ඕක අතහරින බව දැන ගත්ත නිසා.good luck my friend.

හිස් අහස said...

@ S.Madurange = එහෙමද මචෝ ? . මට දැන් නම් පොඩි හැපී එකක් ආවා , ඇයි මං මේ කරන්නේ වැරැද්දක් නෙවේ වගේ නේද , අප්පේ මම හිතාගෙන උන්නේ මම මේ ලෝකේ ඉන්න පොඩිම කෙල්ලට ආදරේ කරනවා කියලා .

කොල්ලගේ කතාව ඇහුනම ගොඩක් දුකයි ඒත් මොනා කරන්නද බං . අපිටමනේ ඕව වෙන්නේ ! දවසක ඔය කතාව උඹේ බ්ලොග් එකේ ලියපං මචෝ! මමත් මේ ටික ටික නැගිටින්න ට්‍රයිකරනවා ! මම අරක්කු වලින් ඉක්මනටම අයිං වෙනවා .. ඒ අයිං උන දවසට මම තව පෝස්ට් එකක් දාන්නම්කෝ ...හිත හැදුවට පිං...උඹට

ඔයාටත් good luck
ජයවේවා !!

Dul said...

අයියෝ අය්යේ ඔයා නෙමේ.අපේ තාත්තාද කොහෙද ලෝකෙ හිටපු පොඩිම කෙල්ලට ආදරේ කරලා තියෙන්නෙ.ඒ කාලෙ අපෙ අම්මාට 13යි ලු.තව කියනවා නම් තාත්තයි අම්මයි අතරෙ වයස පරතරය 12ක්.මුලු කථාවම හිතා ගන්න ඒ ටික ඇතිනෙ??ඒත් ඉතින් තාත්ත ඉවසා වදාරා ගෙන ඉඳල කොහොමහරි අම්මාව එයාගෙ කරගත්තනෙ.අදටත් ඒ දෙන්නා හරීම සතුටින් ඉන්නවා.මමයි නoගියි හිනා වෙන්නෙ "ලඟදි බැඳපු දෙන්නෙක් වගේ" නෙ කියලා.ඉතින් අය්යේ ආදරේට වයස ප්‍රශ්නයක් නෙමේ.ඔයාම හිතලා ඔයාව පාලනය කරගන්න.බොන එකෙන් ඔයාට වෙන සෙතක් නෑ.මගේ තාත්තා ඔය ප්‍රශ්න නිසා බීලා නාස්ති උනා නම් අද ඔයාට මේ ටික කියන්න මම කියලා කෙනෙක් නැති වෙන්නත් තිබුනා.කවදා හරි අය්යාට හරි යනවා...
ජය වේවා!!!

Aditha Jayasuriya said...

ඔයා මෙන්ඩිස් කියන ජරා යාලුවව අතහරින්න.ඔයාගේ කෙල්ල එහෙම දැනගත්තිත් මොනව වෙයිද?

(මත්වතුර කියන්නේ ඇඟට හොඳ දේකුත් නෙවේ.ඔවා බිව්වම අප්ප මුත්ත කාලෙවත් නැති ලෙඩ හැදෙනවා)

මගේ සුබ පැතුම්!

බිගුසර said...

ජිවිතය හිස් අහසක් නොවේ............

Nuwan Kumaranayake (නුවන් කුමාරනායක) said...

උඹට පිස්සුද බං දුකයි කියල ඹහොම මෙලෝ සිහියක් නැතුව බොන්න?
ඕකෙන් වෙන්නෙ උඹ විනාස වෙලා යන එක කියල තේරෙන්නෙ නැද්ද...
යාළුවො එක්ක සෙට් වෙලා නිදහස් වෙලාවක.. ජීවිතේ විඳින්න බීපන්..(හොඳ බ්‍රෑන්ඩ් එකක්.. මාස දෙක තුනකට පාරක් විතර..)

උඹේ බ්ලොග් එක බැලුවට කමෙන්ට් කරන පළවෙනි වතාව.

හිස් අහස said...

@Dul = වයස දැන්නම් මට ඒතරම් ගැටලුවක් නෑ Dul ඔයාල මගේ බය වයස් භීතිකාව දුරු කරානේ !
අප්පේ ඔයාලගේ දෙමවුපියෝ නම් මාරම ලකී ඒ දෙන්නට ඔන්න මම සුබ පැතුවා ! ඒ දෙන්නට ජයවේවා. ඔයාට ඉස්තූතියි ..

@Aditha Jayasuriya = මෙන්ඩිස්ව මම තව මාස දෙකකින් පන්නනවා . ඇයි දන්නවද. තව ටික කාලෙකින් මගේ හැම ගැටලුවක්ම ඉවර වෙනවා ..ඒකයි ..මලයට ජයවේවා !!

@බිගුසර = ඉස්තූතියි මචා ! කික් එකට

@Nuwan Kumaranayake = සමාවෙයං අයියේ මොනවා කරන්නද ? හිතේ දුක ඉවර කරගන්නත් එපැයි . තව ටික දවසයිනේ. අයියා මේ පැත්තේ එන බව මම දැනං හිටියේ නෑ සාදරෙන් පිලිගන්නවා !. අයියා BIT නේද ? මාත් BIT හැබැයි පිට ඉඳන්

ජයවේවා !!

නිපු said...

අමාවක හැමදාම නැහැ..

නුවන් ලසන්ත said...

යකො බොන්න එපා.උඹ කෙල්ලට ඇත්තටම ආදරෙ නම් බොන්න එපා.

Chinthaka Rajapakshe said...

කොල්ලෝ ප්‍රශ්න දිහා මොලෙන් බලන්න පුරුදු වෙන්න, හැගීම් වලට වහල් වෙන්න එපා, හැම දේම කාලයට බාර දෙන්න. නිකම්ම විසදේවී......

Anonymous said...

bonna epa aiya

upul ekanayaka said...

beepan machan beepan.. me patta dawaale math bonawa.

Anonymous said...

උබට ලස්සන හිතක් තිබ්බට කොන්දක් නැති එකෙක්...බොන එක වහාම නවත්තපO,,,,,,,,,,,,,,,,උබ උබට අදරේ කරපO.....

dosthara nona said...

nomilema mendiswa market karanawa neda malli. uba wage ekek rasata liyanne jarawa beela kiyala hithai. heethuwak hoyana unn wahama nawaththapan malli beema gana liyawilla. ube katha maru. eth ubath arakkuwage agent kenekda kiyala hithenawa.aadare gana liyapan malli konda kelin karagena.uba dassai. i lookaya kochchara sundarada

Post a Comment

තැන්කූ බං