5.12.10

ඉතින් මම පරාදයි !





හිතාගන්න බෑ ඒ මොකක්ද උනේ කියලා. පුදුම පසුතැවීමකින් අද දවස අවසන් උනා ! ඉතිං ජය කවදත් දුර මගේ ජීවිතේට තවත් එක් පරාජයක් මේ විදිහට එකතු උනා .!

ඉතිං අද දවසේ මම මගේ පොඩිකාලේ ඉඳන්ම හිටපු මගේ හොඳම යාළුවෙක්ව තරහ කාරයෙක් කරගත්තා ,මහ පාර මැද ගහගත්තා ,ඇහැකුත් යන්තමට තලාගත්තා ,පොලීසියෙන් බැනුං ඇහුවා , අන්තිමට අවුරුදු ගානකට පස්සේ මම ලොකුම ලොකු පරාජයක් අත්වින්දා !

කැමතිද අහං ඉන්න ?

අද උදෙත් මම ඇඳේ වෙනදා පුරුදු පැත්තෙන්ම නැගිට්ටා . වෙනදා විදිහටම අදත් වැඩට යන්න සූදානම් උනා .....වැඩටත් ගියා ..ටික වෙලාවකින් මට කෝල් එකක් ආවා මගේ පොඩිකාලේ ඉඳන් යාලුවෙක්ගේ මල්ලිට හරකෙක් ඇනලා කියලා .! ඉතිං මමත් මගේ යාලුවා වෙනුවෙන් ඉක්මනට රෝහලට ගියා .මගේ සේරම වැඩ අතරමග දාලා .

ඇත්තටම මගේ ඒ යාළුවගේ (හිටපු යාළුව) ඇත්ත නම කියන්නේ නෑ මම . මගේ යාළුවගේ ගෙදර ලොකු හරක් පට්ටියක් හිටියා එයාලගේ තාත්තා රැකියාවට අමතරව හරක් ඇතිකරලා කිරි විකුනන එක කරා .මෙයාලගෙ මල්ලි 10 වසරේ ඉගනගන්න තරමක් එපා කරපු කොල්ලෙක් (මට විතරක් නෙවේ වටේ පිටේ හැමෝටම) ඒත් මගෙත් එක්ක කිසිම තරහක් මේ අයිය මලෝ තිබුනේ නෑ . මට ගොඩක් උදවු කරලත් තියනවා මේ දෙන්නම .

මම රෝහලට ගියේ තව යාළුවෙක් එක්ක එයාගේ නමමුදිත” . ඇත්තටම මගේ යළුවාගේ මල්ලිව මම දකින කොට එයාට ඒතරම් අමාරුවක් තිබ්බේ නෑ .තුවාල එකක් තිබුනා ඇත්තටම පොඩි එකක් .එයාට ඇනලා තිබ්බේ පැටියෙක් දාපු වැස්සියෙක්. ඇනලා තිබ්බේ කොහාටද දන්නවද ? එයාගේ පස්ස පැත්තට .ඉතිං ඒක නිසා යාළුවගේ මල්ලී පුදුම කේන්තියකින් බනින ගමන් තමයි හිටියේ .

මම ඔය වැස්සිව මරනවා ! ඕකිව තියන්නේ නෑ ! අදම මස් කඩේට විකුනලා මම ඕකිගේ මස් ගෙනල්ලා කනවා !ඒ විතරක් නෙවේ තවත් මහ අමු තිත්ත කුනු හරප වැලකිනුත් මේ අමානුෂික බැනුම් වැල සැරසුවා..

මල්ලී උඹ ඉඳපන් කරනදේ මම බලාගන්නම් !

එයාගේ අයියා ඒකියන්නේ මගේ යාළුවා ඌත් දැන් මල්ලිට දෙවනි නෑ .එයාලගේ තාත්තත් පුතාලව උසිගන්වනවා ..

මගේ කොල්ලව මරන්න හදපු ඔය වැස්සිට මොහොතක් මම ඉන්න දෙන්නේ නෑ !තාත්තා ලමයින්ට අන්තයි ..

දැං ඔහොම කියෙවුවට මොනවත් කරන එකක් නෑ ඕක තරහ නිවුනම අඩුවෙලා යාවි..මම මගේ ලඟ හිටපු මුදිතට කිවුවා පොරත් ඔලුව වැනුවා ..........

ඒත් අපි දෙන්නා හිතුවට වඩා වේගයෙන් වෛරය කියන ගින්න අර යාළුවගේ පවුලේ අයගේ හිත්වල ඇවිලිලා තිබුනා !

මට දවල් 12:45 විතර මුදිත ගෙන් කෝල් එකක් ආවා !

මුදිත මගේ යාළුවෙක් වෙලා අවුරුදු දෙකක් විතර ඇති..දහම් පාසලේ උගන්වන කොල්ලෙක් .හරිම හිතහොඳ කොල්ලා

මචං සඳරු අරුං දෙන්නා පුදුම වැඩක් නේ කරන්න යන්නේමුදිත කියවගෙන යනවා

ඇයි මොකද ?” මමත් ඉක්මනටම ඇහුවා

අර පෙරේතයෝ දෙන්නා අර වැස්සීව කකුල් ගැට ගහලා බිම දාලා වද දෙනවා ! පවු බං

අපි මොනවා කරන්නද බං උංගේ වැස්සිනේ

එහෙම කියන්න එපා බං ! මම ගිහිං උංට එපා කිවුවා ..උං ගනං ගන්නේ නෑ උඹ ඇවිල්ලා කියපංකෝ පොඩ්ඩක්.

මට වැඩ ගොඩයි බං !ඇත්තටම මම වැඩ ගොඩක හිටපු වෙලාව ..

උඹ පොඩ්ඩක් ඇවිල්ලා බලපං මචං උඹ ආවනම් ඔහොම කියන්නේ නෑ

මුදිතගේ කටහඬ අමුතුයි ! ඔවු මිනිහා අඬනවා ..

හරි මම එන්නම් උඹ එනවද මාව ගන්න ?

හරි මම එන්නම්

ඉතිං මුදිත බයික් එකත් අරං මාව ගන්න ආවා ..බොස් එදා වේලාසනින් ගිහිං හිටපු නිසා මට යන්න පුලුවන් උනා නැත්නම් මම කීයටවත් යන්න්නේ නෑ !

යන අතරේ මුදිත මට මේ මෙහෙම කියනවා !

මචං උඹ දන්නවද අරූට වැස්සී ඇනලා තියෙන්නේ ඇයි කියලා ?”

නෑ..! කියපංකෝ බලන්න .

අරූගේ මල්ලී අර ඉපදිලා දවස් 5ක් වෙන වහු පැටියගේ ඉස්සරහා කකුල් දෙකෙන් අල්ලලා උස්සලා දෙපයින් පල කියලා.ඉතිං ඒ පැටියගේ අම්මා කඹේ කඩාගෙන ඇවිලා පිටිපස්සෙන් මුගේ පු*ට ඇනලා !

ඉතිං යකෝ වැස්සි සාදාරනයිනේ හිනාවෙන ගමං මම කීවා ! ..ඒත්

ඉතිරි ටික අහලා මගේ හිනාව අතුරුදහන් උනා !

උං දෙන්නා (අයියයි මල්ලියි) වැස්සි බිම දාලා කකුල් ගැට ගහලා . මිරිස් කුඩු වැස්සිගේ ඇස්දකේ ගාලා. වැස්සිගේ වල්ගේ මිටියකින් තලනවා මම යනකොට.

මුන් දෙන්න පුදුම තිරිසන්නු ! මට එකපාරම හිතුනා. මම මේක කොහොම හරි නවත්වනවා මම හිතාගත්තා. මොහොතකින් අපි අර අසරන වැස්සි ඉන්න තැනට ආවා !

දෙවියනේ ! මට මගේ මුලු ජීවිතේම එපා උනා! මම මේ වගේ දෙයක් දකින්න පවු කරා නේද ? මටම හිතුනා ඒ අහිංසක සතා වේදනාවෙන් මර හඬ දෙනවා මුං දෙන්නා (තුවාල වෙච්ච මල්ලි ලඟ ඉන්නවා) අයියා වැස්සිගේ බෙල්ලට දාපු ලනුවකින් ඇදගෙන පාරට ගන්න හදනවා .මස් කඩේට ගෙනියන්න .වැස්සිගේ දවස් 5 ක පැටියා කොහේද දන්නේ නෑ ? මුං කොහේ හරි ගැට ගහන්න ඇති.ඕක නවත්තපං මචං ! මම කීප වතාවක්ම මගේ යාලුවට කීවා .

උඹට තේරෙන්නේ නෑ බං ! මූ මහ මිනීමරු සතෙක් ..මගේ කීමට කිසිම තැනක් නෑ

උගේ මල්ලී පස්සෙන් කොර ගගහා එනවා අයියා වැස්සිව ඇදගෙන යනවා.. මුදිතයි මායි මේ පස්සෙන් ටිකක් දුර පාරට ආවා ..අනේ අර වැස්සි ඇස්දෙක දැවිල්ල නිසා වැල්ලේ මූන අතුල්ලන්න උත්සහ කරනවා ඒ ඇස්වලින් කදුලු බේරෙනවා .හිතන්න අපිට සබන් ටිකක් ඇහැට ගියාම කොයිතරම් අමාරුද ? මිරිස් ඇස් දෙකටම දැම්මොත් කොහොමට තියේවිද ? වැස්සි ඇදං යන කෙනා වැස්සිව තාර පාරට ඇද්දා

මෙතන අතුල්ලපිය මූනකියන ගමං

මුදිත අහක බලාගත්තා !

මගේ ඉවසීමත් එතනින් ඉවර උනා ! මගේ ෆෝන් එක මුදිත ගේ අතට දීපු මම අහිංසක තිරිසන් සතෙක් වෙනුවෙන් මගේ හොඳම යාළුවෙකුට එරෙහි වෙන්න තීරනය කරා.!

ඉතිං කෙලින්ම ගිහිං වැස්සට පිරිලා තිබුනු වතුර වලකින් වතුර දෝතක් අරං අර සතාගේ මූන එකපාරක් හේදුවා .! අනේ ඒ සතා තව වතුර ඉල්ලලා මූන දික්කරනවා ඒ ඇස්දෙක තවම පියවිලා.

.මුදිත තව වතුර දෝතක් අරං වැස්සිගේ මූනට අත් දෙක ලං කරද්දිම .කඹේ අල්ලං හිටපු පවුකාරයා මුදිතගේ අත්දෙකට පයිං ගැහුවා !! ..කුනු හරප වැලක් දෙසන ගමං .මුදිතගේ අතේ තිබ්බ වතුර උඩ විසි උනා . මම බලං හිටියා ඇති කියලා මට හිතුනා . ඉතිං මගේ අත මගේ යාලුවෙක් වෙලාහිටි මේ පවුකාරයාගේ කනට ගාවන්න මට සිද්ද උනා

ඉතිං අපේ ගුටි බැට හුවමාරුව මම හිතන්නේ විනාඩි 1තත්පර 30ක් විතර තියෙන්න ඇති..කඹේ ඔතාගෙන හිටපු අර අතෙන් මගේ ඇහැකට පාරක් වැදුනම තමයි මගේ ඇඟේ හයිය ඉවර උනේ . මට මොනවත් පෙන්නේ නැතිව ගියා මොහොතකට ..ඒත් මම දිගටම අරූටත් ගැහුවා !

ටිකක් ඈත කහ ඉර ලඟ හිටපු ට්‍රැෆික් කෙනෙක් දුවගෙන මෙතෙන්ට ආවා .

මොකද මේ තමුසෙලා පිස්සෝ වගේ හැසිරෙන්නේ

මගේ හතුරා (තව දුරටත් යාලුවෙක් නෙවේ ) එයාගේ පැත්තෙන් කතාව කීවා ඒක අහපු නිලධාරියා මගෙන් මෙහෙම ඇහුවා !

තමුසෙට මේ හරකව ඕනද ? එහෙනම් සල්ලි වලට මේ සතාට ගන්නවා !

“50000 දුන්නොත් මම සතාව දෙනවා !අරූ ඉඳන් කියනවා ..

මම ලඟ පනස් දාහක් මට කීයටවත් ඒ ගාන දෙන්න බෑ ! ඒත් තිබුන නම් මම කීයටවත් අතාරින්නේ නෑ !

ඉතිං මමත් මුදිතත් නිරායාසයෙන්ම නිහඬ උනා !

සල්ලි දීලා ගන්න බැරිනම් තමුසෙලා පන්ඩිත කමට අනුංගේ දේවල් ගන්න හැදුවේ මොකටද ?

මට කියන්න දෙයක් නෑ ! මගේ කමිස කොලර් එකෙන් අල්ලපු ඒ නිලධාරීතුමා
පවු නොදී යනවා අයිසේ ! තමුසේ තව පාරක් මෙහෙම හැසිරිලා තිබ්බොත් බලාගන්න පුලුවන් !කිවුවා .

ඉතිං අර පවු කාර ජෝඩුව අහිංසක කිරි අම්මා කෙනෙක් ඇදගෙන මස් කඩේට ගියා ! ඒ සතාගේම මසුත් අදම අරං එනවා ඇවිල්ලා කනවා කියලා හෙමීට මට කියන ගමං ..
...................................................................................................................................................................
....................................................................................................................................................................
ඉතිං මගේ ඇහෙන් කඳුලු වැටුනේ නම් නෑ ඒත් හිත හොඳටම රිදුනා මම හිතෙන් ගොඩක් ඇඬුවා!

මට බේරගන්න බැරි උන ඒ අහිංසක සතා වෙනුවෙන් තමයි මම මේ පෝස්ට් එක ලියන්නේ. මම දන්නවා ඒ සතා දැං මැරිලා ඇති අර පවුකාර ජෝඩුව ඒ මස් කාලත් ඇති සමහර විට .

ඉතිං ඔය විදිහට මම අන්ත පරාජයක් ලැබුවා මට කරන්න දෙයක් තිබ්බේ නෑ ! මට පිනක් කරගන්න ඕන උනේ නෑ. මට ඕන උනේ අසරන ජීවිතයක් බේර ගන්න විතරයි . ඒත් මට ඒක කරන්න බැරි උනා. ඒ සතා තිරිසන් ආත්මයක ඉපදිලා තමන් කරපු අකුසලයක් මේ විදිහට ගෙවාගත්තා.ඒත් තව දෙන්නෙක් ලොකුම ලොකු අකුසලයක් ජීවිත වලට එකතුකරගත්තා .

අද හවස SMS එකක් ආවා මගේ පවුකාර මිතුරාගෙන් ඒකේ තිබ්බේ

අපේ ගේම තාම ඉවර නෑ මම උඹව අල්ලගන්නම් ..පරිස්සමෙන් පාරට බැහැපං කියලයි !

මූ අවුරුදු ගානක් යාලුවෙක් කරගෙන උන්නට මට ගොඩක් හොඳ දඬුවම ..මමත් අතාරින්නේ නෑ ..මමත් ලෑස්තියි ! උඹව මටත් හම්බවේවිනේ ඒ වෙලාවට බලමු...එහෙම කියලා මමත් Reply කරා

මේ මහ හෑල්ල ලීවේ හිතේ තිබ්බ තරහටත් දුකටත් පරාජයටත් හැම දේකටම. තිරිසන් සතෙක් හින්දා මගේ හිතට මේතරම් දුකක් දැනෙන පලවෙනි වතාව. ..ලොකු අමුත්තක් හිතට දැනෙනවා .ඇයිද මන්දා ?

ප:ලි

අපේ පැන්ඩා මරනයට කැපවෙච්ච ගවයෙක් නිදහස් කරගන්න සූදානම් වෙනවා.ඒ මනුස්සයගේ රත්තරන් වැඩේට පුලුවන් විදිහට මමත් දායක වෙන්න තීරනය කලා ! ඔයගොල්ලොත් පැන්ඩයියට තමන්ගේ සහයෝගය පුලුවන් හැටියට දෙන්න බලන්න ! පින ගැන හිතලා නෙවේ අහිංසක ජීවිතයක් ගැන හිතලා !


49 comments:

ඇමෙරිකන් හෙළයා said...

කරන කලට පව් මීරිය මීසේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ
ඇඳින එපව් දුරලන උපදේ සේ
නුදුන මැනවි තුන්දොර අවකා සේ


පෙර අඟ නක් එක් එළු ඉසසිඳා
සිය ලඟ වැළඳි ගිනිදැල් නිරයේ දුක් විඳා
ඇය ඇඟ ලෝම ගාණේ ඉස් කැපුම් ලඳා
මෙම රඟ වේය කාටත් අකුසලේ ලෙඳා

-ලෝකෝපකාරය

මාරයාගේ හෝරාව said...

ඔවා ඔහොම තමයි...
උඹට මං තව එකක් කියන්නං...මල්ලි මටත් ඔහොම කාලයක් තිබුනා..ඇත්තටම වැරද්ද දැක්කාම ඒ වෙනුවෙන් තව සියක් හමාරක් එක්ක උනත් පැටලෙන එක මගේ ඇග ඇතුලෙන් ආව දෙයක්..ඒත් අන්තිමට මං තනි උනා.
අපේ ගෙවල්වල උදවියටත් අහල පහළ හැමෝටමත් මං වැරදි කාරයා උනා..
අද උඹට විරුද්ධ උනේ පොලිස්කාරයා විතරයි..
වැරැද්ද උඹෙ නෙවෙයි..ඒත් සමාජය හැම වෙලේම කල්පනා කරන්නේ තමන්ට හානායක් නැත්තං අනිත් එකාට කෙළ උනාම අපට මොකද කියලයි.

මල්ලී...
අවසන් ප්‍රතිඵලය උනේ මම හැම දේම අත ඇරිය එකයි..

මම මං විශ්වාස කරන සත්‍යය වෙනුවෙන් මගේ අම්මාව හිටං අතහැරියා.
අදටත් මං ඒ ගැන පසුතැවෙන්නේ නැහැ.
ඒ හින්දා මං උඹට කියන්නේ..එක්කෝ උඹ වෙනස් වෙයං වැරැද්ද දැක දැක අමනයෙක් වගේ ඉන්න පුරුදු වෙයං..
නැත්තං දවසක උඹට හැමදේම නැති වෙලා..අද මෙ මාරයා අයියා ගෙවන ජීවිතේට සමාන ජීවිතයක් උරුම වෙයි..ඒකට සූදානං වෙයං.

මට ඊට වඩා උඹට කියන්න දෙයක් නැහැ.

Unknown said...

උඹට ජය... ඔහොම යං.. උඹ හරි..

Hasitha Gunasinghe said...

ඔයාගේ හිත හොඳයි කියලා අපි දන්නවා මිත්‍රයා. මිනිස් වේසෙන් ඉන්න මිනිස්සු අතරේ ඔයා නම් ඇත්තම මනුස්සයෙක්.

ඔයා ඔයාට කරන්න පුලුවන් උපරිමෙන් ඒ අහිංසක සතාගේ ජීවිතේ බේරගන්න කටයුතු කරලා තියෙනවා. ඒ වෙනුවෙන් මේ සොබාදහමෙන් අනිවාර්යයෙන්ම ඔයාටත් යහපතක් කරාවි.

එක එකා කෑ ගහන්න පුලුවන්. ඒත් සැලෙන්නේ නැතිව යහපත් මාර්ගයේම ගමන් කරන්න.

ඔබට ජය

dinesh said...

අනේ පව් අර අහිංසක සතා....ඌත් සමහරවිට ගිය ආත්මෙක කරපු ඔය වාගෙ පාපකර්මයක් වෙන්න ඇති ඒ ගෙවන්න ඇත්තෙ.මුන්ගෙ අම්මල තාත්තල පටන් පවුලම තිරිසන්නුනෙ බං බලපුවාම.අර නිලධාරිය ගැන මුකුත් කියන්න යන්නෙ නෑ.මොකද එතුමල ගැන හැමෝම කතා කරන්නෙ ලොකු පැහැදීමකින්නෙ.උඹ හිත හොඳ එකා.ඒත් මචං පරෙස්සමෙන්.

Anonymous said...

උඹ කරපු දේ හරි මල්ලි. ඔය වගේ යාළුවෝ ඕනේ නෑ තවත්. මොනාවුනත් කරන දෙයක් පරිස්සමින්. මටත් හරකා ගැනනම් දුකයි. ඒ දෙන්නටත් ඒ කරපු දේට බඩු හම්බවෙයි ඉක්මනට.

Friend.... said...

ඔයා යලුවෙක් කියල හිතගෙන හිටපු පව් කරයෙක් ගේ ඇත්ත මුන අදුන ගන්න පුලුවන් වුන එක ගැන සතුටු වෙන්නෙ. කවදා හරි ඒ පාපතරය මොකක් හරි දේකදි ඔයාත් ඔයවගෙ ම සලකන්න තිබුනා. ඔය පව්කර කමට සම්මාදම් වුන / වුදව් කරපු හැමදෙනාටම ලගදිම ඒ පව් ඔය සතා වෙනුවෙන් ගෙවන්න වෙයි. ඔය ඒ සතා වෙනුවෙන් පුලුවන් උපරිම දෙයක් කලා.... ඔයා පරාද නහැ යාලුවා.....

පැන්ඩා said...

උඹට කරදරයක් වෙන එකක් නැ කොල්ලො..හොඳ වැඩක් නේ කරන්න හැදුවෙ,,

සංකල්ප said...

කොහොම උනත් පව් අර අහිංසක සතා. මිනිස්සුත් තිරිසනුන් ගානට වැටෙන්නේ ඔයවගේ වැඩ වලින් තමා. අන්තිමේ උනේ අද වැස්සිව මස් කඩේට දක්කෙගෙන ගියපු එක. එතකොට අර අලුත උපන් වසු පැටියට මොකද වෙන්නේ කියලා කවුරුත් හිතුවෙ නැහැනේ.

ඔහොම දේවල් වලට කතා කරන්න යන අය තමයි අන්තිමේදී වැරදි කාරයෝ වෙන්නේ. මොනවා කරන්නද ලෝක ස්වභාවේ නේ. එයාලට මෙච්චර කාලයක් හරි හම්බ කරලා දීපු සතා නේ කියලවත් ගානක් තිබ්බා නම් ඔහොම දේවල් කරන්න කලින් හිතනවා.

කොහොම උනත් අයියා මේ කතාව අපිත් එක්ක බෙදා ගත්ත එකත් අපිත් එක්ක බෙදා ගත්ත එකත් හොදයි. මනුශ්‍ය වේශයෙන් ඉන්න තිරිසනුන් ඉන්නවා කියලා කියන්න මේක හොද උදාහරනයක්.

Anonymous said...

මට නම් මේක හිතා ගන්න බැහැ දරුවො. කිරි ගන්න මීඑළටදන්නු හදන මිනිස්සු ඒ සතුන්ට කොච්චර ආදරේ ද කියල මම දන්නව..අපේ පැතිවල නම් ඒ සතුන්ගෙන් වැඩ ගන්නෙ වත් නැහැ ( කුඹුරු වැඩ ).

වෙලාවට කන්න දක්කන් ගිහින් වෙලාවට ගෙදර එක්කන් එනව. මට මතකයි අපේ ලඟ ගෙදරක මාමා කෙනෙක් ගේ එළදෙනෙක් නැති වෙලා ඒ මනුස්සයගෙ දරුවෙක් නැති වුන ගානට දවස් ගානක් තිස්සෙම හෙවුව...මොකද අපි ඉන්න හරියෙ තියනව ප්‍රසිද්ධ මුස්ලිම් ගමක් ඒ වගේම ඒ ගමේ හලාල් මස් හදනවා...

මම නම් හරක් මස් දැනට අවුරුදු ගාණකින් කාල නැහැ... ඒත් මස් නොකන කෙනෙකුත් නෙමෙයි...

අපේ සඳරු නිර්මාංසයි කියල මම දන්නව.. දැන් සිගරට් බොන්නෙත් නැහැ නේද? එහෙමනම් ඔයාගේ පෝස්ට් එකෙන් අද පිං අතේ වැඩක් වුනා කියල හිතා ගන්න ..මොකද දන්නවද අද ඉදල මම නිර්මාංස වෙනවා...

pandukabaya said...

ඕවා ඔහොම තමයි සහෝදරයා. කාලකන්නි මිනිස්සු ඉන්නවා. උන් ඔය වැස්සිට කරපු වැඩේට උනට කවදාහරි පව් ගෙවන්න සිද්ධ වෙයි. සමාජය කියන්නේ හරි කුරිරු තැනක්. මිනිහෙකුගේ ජීවිතයට වටිනාකම්ක් නැති සමාජයේ සතෙකුට තියෙන විටිනාකම මොකද්ද? හැම දේකටම අපිට විරුද්ධ වෙන්න බෑ. කරන්න තියෙන්නේ ඇස් කන් වහගෙන ඉන්න එක විතරයි. නැත්නම් ඉස්සරහට ඔබතුමාට ගොඩක් ගැටලු ඇතිවෙයි

Anonymous said...

@පැන්da

ඇත්තද මේ කතාව... අපි කොහොම ද උදවු කරන්න ඕනි...

Gaminda said...

ඌ පාරට බැහැල ගහන්න බලාගෙන හිටියට උඹ ඌට මෛත්‍රී කරපන්. එතකොට ඌට වුනත් ගහන්න හිතෙන්නෙ නෑ. එයාල කරපු පව ගෙවන්නෙ එයාල.

Naleen Dhanushka said...

උඹ කරපු දේ හරි මචන්...... ඔහොම මානසික විකෘතීන් එන්නේ ලේ වලින්....

පබලු said...

හ්ම්... සඳරු කිරි අම්මව මස් කඩේට අරගෙන යනකන් බලන් ඉන්නේ නැතුව 119 කතාකරලා මේ ගැන කිව්ව නම් මීට වඩා හොද විසදුමක් ලැබෙන්න තිබුනා.
වුන දේ වුනා..ඒත් අර පැටියගේ අනාගතේ ගැන මට හිතාගන්නත් බැ.

:'( :'( :'(

පබලු said...

@මාරයාගේ හෝරාව

මාරයියේ...සාධාරනේට පෙනී ඉන්න ගිහින් අසාධාරනේට අපිම ලක් වෙන අවශ්තා වැඩි තමයි.එහෙමයි කියල අපිත් වැරදි කරන්න ගත්තම මේ රටට මේ සමාජේට මොකද වෙන්නේ.

තරු අහස said...

මට ආඩම්බරයි සහෝ උඹ ගැන.උඹ පොඩිකාලෙ ඉඳලා කිරි පොවලා තියෙන්නෙ නයෙකුටනෙ.ඒත් නයා හොදයි.මොකද දලේ කැඩුවම නයත් හොදයි.ඒත් අරූ නම් එහෙම නෙවෙයි.ඇත්තටම වත් අක්කා කිව්වා වගේ අපේ පැත්තෙත් ඔහොම නෑ.ලොකු මී හරක් පට්ටි ඉන්නවා.සමහර දාට ගොයම් පාළුත් කරනවා.එතකොට එහෙනම් ඒ සත්තු ගෙදරම මරන්න ඕනි නෙ බං.අනේ එහෙම නෑනෙ බං..මට නම් තාමත් පුදුමයි බං අරුන් දෙන්නා ගැන..

මකුළුවා..... said...

මචං උත්සහය හොඳයි....මම උඹ නම් අරවගේ පො**** මරනවා....කතා දෙකක් නෑ....උන්ට ඕවා මේ ආත්මෙදිම ‍පළ දේවි....

හැබැයි මම මෙහෙම දේකුත් ලියන්න කැමති...අපි මරණින් ගවයන් මුදා හැරීම කියලා වැඩක් කරනවානේ,එතකොට එක හරකෙක් වෙනුවෙන් අපි රු20000/=ක් විතර දුන්නා කියලා හිතපනකෝ...මරණ්න ගන්න හරකෙකුගේ වටිනාකම රු10000ක් විතර.ඒකෙන් මුදලාලියා තවත් හරක් දෙන්නෙක් ගන්නවා....එතකොට අපේ වෑයමේ සාර්ථකත්වය මොකක්ද?හැබැයි හරකෙක් මුදා ගන්නවා වෙනුවට මස්කඩයක්,ඝාතකාගාරයක් වහන්න වැඩකරන්න පුළුවන් නම්.....

*මේක මට හිතිච්ච දෙයක් විතරයි.කොහොම වුනත් දුර්ජන සමාජයක සුදනෝ බලෙන් හදන්න බෑ.

BLOG ගඩොල් said...

අපොයි! මේක ඉතිං ධර්මද්විපයනෙ බං! මොනවා උනත් උඹ කරපු දේ මම ගොඩක් අගය කරනවා.අරුන් දෙන්නට යන්නනං වෙනම අපායක් හදන්න වෙයි

දුමී said...

මල්ලි, උඹේ පෝස්ට් එක කියෙව්වහම පුදුම දුකක් සහ කේන්තියක් තමා ඇති උනේ. අනිවාර්යයෙන්ම ඔය පාහර වැඩේ කරපු එවුන්ට දිට්ඨ ධම්ම වේදණීය කර්මය අනුව පල දෙනවා පල දෙනවාමයි.

මල්ලි, සුනේත්‍රා රාජකරුණානයකගේ "පූර්ව ජන්ම අපූර්වය" කියන පොත හොයලා කියවපන්. උඹේ ඔය හිතේ තියෙන ගොඩක් සිත් තැවුල් වලට උත්තරය එතන තියෙනවා.

මෙන්න ඒ පොතේ දෙවනි කොටස. මේක දිවයින පත්තරේ ගිය සුනේත්‍රාගේ "කර්ම අත්පොත" කියන ලිපි එකතු කරලා හදපු පොතක්.

මාරයාගේ හෝරාව said...

@පබලු...

නගේ මම කිව්වෙ ඇස්කන් පියාගෙන ඉන්ට කියලා නෙවෙයි.
අවසානයට වෙන දේ ගැන. ඒ හින්දා තමන් තීරණය කරන්ට ඔ්න අවසානය මොකක්ද කියලා..මොකද මම දකිනවා සඳරු බොහෝම ආවෙගශීලියි.
මෙ වැඩෙ විතරක් නෙවෙයි අනිත් වැඩ වලදීත්..මම සඳරුගෙන් මගේ අතීතය දකිනවා..ඒ හින්දයි කිව්වෙ පාර යන අත..තීරණය එයාගේ අතේ...

මම කියන්නේ නැහැ කෙනෙකුට මං තරමට අන්තගාමී වෙන්න කියලා මොකද මොන කෙළි උනත් අදටත් මං මාව වෙනස් කරගෙන නැහැ.
ඒහෙම තියෙද්දී මම සඳරුට කියන්නේ නැහැ කුහකයෙක් වෙන්න, ඇස් කං පියං ඉන්න කියලා..නමුත් ආවෙගය විසින් ඔහුව ගෙන යන තැන ඔහු දැන සිටිය යුතුයි.
එහෙම නැතිව ඇස් කන් පියන් ඉන්න කිව්වා නෙවෙයි..

ඔයා දැක්කනේ මාතෘකාව...

ඒ කියන්නේ අවසානයේදී ඉතිරි වෙන්නේ පරාජිත හැගීමක්නම්..තමුන් කළ දේ ගැන එක්කෝ ඔහුට පසුතැවීමක් ඇති වෙනවා..එහෙමනං ඔහු පසු තැවීමට හේතුවන දේ නොකර ඉන්න උත්සහ කළ යුතුයි.
නැත්තං තමුන්ගේ ව්‍යායාමයේ අවසන් ප්‍රතිඵලය කුමක් වූවත්..තමාගේ දායකත්වය සෑහීමකට පත්වීමට හැකි විය යුතුයි...

Iresha Dias said...

දෙයි හාමුදුරුවනේ මෙහෙමත් පව්කාර මිනිස්සු
කරකිය ගන්න දෙයක් නැති අන්ත අසරණ සතෙක්ට
මේ වගේ නින්දිත වේද කරන්න තරම් අමන මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවනේ
අනේ ඒ අසරණ කිරි අම්ම එයාගේ දරු සෙනෙහසට
තමන්ගේ නොදරුවැව ආරක්ෂා කරපු එකද වරද
අර අමනයගේ අම්ම උනත් උට කරදරයක් වෙනකොට
නිකන් බලන් ඉන්නේ නැනේ
සත්තුන්ට මිනිස්සුන්ට කියල මු සෙනහසේ වෙනසක් න
විශේෂයෙන් තමන්ට ජිවිතේ ගෙට ගහ ගන්න
තමන්ගේ ලේ කිරි කරලා දුන්න කිරි අම්මටනේ මේ වගේ අපරාදයක් කලේ
උ නම් මෙලෝ උපන් යකෙක්, මේ අත්මේම පල දෙවි ඕව.
යාලුවේ,ඔය කලේ ඔයාගේ මනුස්සකමින් උපරිම උත්සාහය දරපු එක
එක ලොකු පිනක්. ඒ වගේ රස්සයන්ව නතර කරන්න තනියෙන් බැනේ.
ඒ අසරණ සත්ව බෙර ගන්න බේරී උනත් අර වගේ පපතරයෙක් තමන්ගේ
යාලුකමෙන් ඓන් කර ගන්න ලැබිච්ච එක ලොකු දෙයක්.එක පරාජයක් නෙවේ.
ඔය හොද ගුණය හැමදාම රේක ගන්න.බුදුසරණයි.

හිස් අහස said...

@ඇමෙරිකන් හෙළයා= ඇමරිකන් උනත් මචං උඹනම් නියම හෙලයෙක් ! වෙන එකෙකුට නම් කොලඹට පය ගැහුවත් අම්මට වඳින ගාතාව අමතකයි ඒත් උඹ ! නියමයි මචං !
..........................................................
@මාරයාගේ හෝරාව = මමත් ටිකෙන් ටික මාරෙයෙක් වීගෙන එනවද කොහෙද ? පහුගිය ඇක්සිඩන්ට් එක නිසා මගේ අතපය වල තුවාල සනීපනෑ තාම නැත්නම් මට පොලිස් කාරයත් ලොකු නෑ ! ඇත්තට මාරේ අයියේ උඹට මොකෝ උනේ ? ..උඹට මම ආරාධනා කලානේද මම ඉන්න පලාතට එමු කියලා ? උඹත් මං එක්ක හිටියනම් මම කීයටවත් අතාරින්නේ නෑ මචෝ ! එහෙනම් මම මැරෙන්න වත් බයනෑ මටම කියාපු එකෙක් ඉන්නවා කියලා සිංහයෙක් වගේ ඕන ගේමකට යන්න තිබ්බා .."මාරයා අයියා ගෙවන ජීවිතේට සමාන ජීවිතයක්" එහෙම ජීවිතයක් නම් මට බර වැඩියි ..මට උඹට වගේ ඕනම දෙයක් එක්ක ඔට්ටු වෙන්න හයිය නෑ ..

..........................................................

@වැම්පයර් = පුලුවන් තරම් දුර යනවා ...උඹටත් ජයවේවා මචං !

..........................................................

@Hasitha = නෑ හසිත මට වඩා මනුස්සකම මගේ යාළුවා මුදිත ලඟ තියනවා .මිනිහා නිසා තමයි මම මේකට මැදිහත් උනේ .මම මොනවත් කලේ නෑ මේ මගේ උපරිමය නෙවේ මම පරාදයිනේ මචෝ..

..........................................................

@dinesh = කියලා වැඩක් නෑ බං මහ වනචාරී ගති තියන පවුලක් මුං ඉස්සර නම් මේ වගේ නෑ ..ලඟදී තමයි මේ පාහර ගති එලියට එන්න ගත්තේ ..මූංව යාලුවා කරගත්තට මට ගහන්න ඕන බූ වල්ලෙන් !

..........................................................

@prasanna86k = නෑ ආයේ ජීවිතේට මායි ඌයි කතා නෑ ඌ මට ගේමට එන්ඩ කියනවා බදාදට මම ඕකව එදාට මකනවා බලාගන්න පුලුවන් ඌට මම කවිද කියලා !

..........................................................

@Friend = ඇත්ත මට යාළුවෝ අඳුර ගන්න ටිකක් අමාරුයි ..මට මේවගේ කුහක වැඩ මගේ යළුවන්ගෙන් දෙන්නයි තාම කරලා තියෙන්නේ..එකෙක් මේ වැඩේ අනිකා මං ගැන කේලම් කියන වැඩෙ ! ඇත්තටම මම පරාද උනා සහෝදරයා !!

..........................................................

@පැන්da = ඔයාගේ සත් කාර්‍යට මගේ ෆුල් සපෝර්ට් එක ඔයා නම පැන්ඩෙක් නෙවේ දෙයියෙක් !

..........................................................

@මධුරංග = මචං මුන් දෙන්න ආයේ තිරිසන්නු ගානට වැටෙන්න දෙයක් නෑ උපංගෙයි තිරිසන්න්නු මට ඒ තිරිසං කම දකින්න අවුරුදු ගානක් ගිය එක තමයි වැරැද්ද . මොනා කරන්නද බං ඒ පුංචි වහු පැටියා ගැන මොකෙක් උන්ට ගානක් නෑ ..උංට ඕන මස් විතරයි ..

හිස් අහස said...

@wath = අක්කේ ඔයා වෙජිටේරියන් වෙනවානම් ඒක මට ලොකු සතුටක් වෙයි ඒත් .මම මොනවත් ඒගැන කියන්න යන්නේ නෑ ..ඔයාට හොඳ තීරනයක් ඔයා ගන්න..දැං දුම් බොන්නේ නම් නෑ ..ඒත් දුම් නවත්තපුහම මට ලැබුනු තෑග්ග නම් අන්තිමයි නේද ..අපේ පැත්තේත් ගවයන්ට මිනිස්සු ගොඩක් සලකනවා ..ඒත් අක්කේ මුං මිනිස්සු නෙවේ ...ඒකයි වරද ..ඒත් මගේ දුක පරාජය මේ හැමදයක්ම ටිකක් අඩුකරගන්න පුලුවන් බදාදට අරූව හම්බ උනාම ..එදා වෙනකම් ඉමුකෝ......

..........................................................

@pandukabaya = අනිවා මචං මේ වගේ තිරිසන්නු මම දැක්කේ එදා තමයි ..ඔයා කියන එක ඇත්ත අපිට මුලු සමාජයම හදන්න බෑ ...ඒත් මම තව එක පාරක් ට්‍රයි කරනවා ..ගැටළුවක් දැනටම මම හදාගෙන ඉවරයි මචෝ !..

..........................................................

@Gaminda = මචං ඕකුන්ට ඔය මෛත්‍රී කියන වචන වත් තේරුම් ගන්න මානසිකත් වයක් නෑ කියලා මම දැන් දන්නවා ..ඕක මට ගහන්න දැනටමත් වෙලාවක් වෙන්කරගෙන ඉවයි ..ඉතිං මමත් අත අරින්නේ නෑ ..ඉස්තූතියි උඹට මචං

..........................................................

@Naleen Dhanushka = සහතික ඇත්ත මචං මුං උපංගෙයි පිස්සෝ !

..........................................................


@පබලු = මම ඒකට තාම පසුතැවෙනවා අක්කේ ...එත් එහෙම කලානම් මම තව ප්‍රෂන ගොඩකට මැදිවෙනවා නේද ...ඒත් කමක් නෑ මගේ ගොං කමට මට ඒක අමතක උනා ෂි:හ්

..........................................................

@තරු අහස = මටනම් මං ගැන දුකයි ..ආඩම්බරයක් නෑ ..මම අරූට දෙන්නම් වැඩක් බදාදට ..උඹේ කතාව හරි මුංට උගන්වන්න ඕන මුන්ට තේරෙන වෙනම බාසාවකින් .මම දැක්කා සහෝදරයා පැන්ඩාගේ ගෙදර ගිහිං ඉන්නවා ..ඉස්තූතියි ගියාට..

..........................................................

@මකුළුවා.....= උත්සාහ කලාට මම පැරදුනා මචං ..මට ඒක කල්පනා උනේ දැනුයි ..උඹ කියන වැඩෙ කරන්න පුලුවන් නම් හොඳයි ඒත් ඒක ලේසි වෙන්නේ නෑ ..යාළුවෝ සෙට් එකත් එක්ක ට්‍රයි කරලා බලන්න ඕන ...තෑන්කුයි මචං අයිඩියා එකට ...බොක්කෙන්ම ඉස්තූතියි ,,

@blog gadol = සහෝදරයා උඹේ කතාව සහතික ඇත්ත මේක ධර්මද්වීපයක්..ඒත් මේව කියන්න කෙනෙක් නෑ ..!

..........................................................

@දුමී = මම දෙවනිපොත නම් බාගත්තා පලවෙනි එක හොයාගන්න ඕන අයියට ගොඩක් ඉස්තූතියි මම මේ පොත් දෙක බලන්නම් ..කේන්තියන්නේ නැද්ද බං අයියේ මේ වගේ උං හින්දා තමයි සුද්දෝ අපිට මිලේජයෝ කියන බැජ් එක ගහන්නේ !

..........................................................


@Iresha Dias = කියලා වැඩක් නෑ මචං .උඹ එතන හිටියනම් බලාගන්න තිබ්බා රඟේ ..කමක් නෑ ඔය වගේ වැඩකරන එවුං හැමදාම දිනන්නේ නෑ ..දවසක් එනවා උංට ..ඔය වගේ වැඩ කරන අයට තමන් ගේ අම්ම තාත්තවත් විකුනන එක ඒතරම් ගේමක් නෙවේ ...ඔය සහෝදරයගෙත් ගොඩක් හිත රිදුන බව මට තේරෙනවා !!

ayesha said...

අනේ මන්දා යාළු මහ පුදුම තිරිසන් මිනිස්සු එක්ක තමයි අපිටත් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ

පැණි දොඩම් said...

මේක කියවනකොට මට නම් හිතාගන්නවත් බැහැ මෙච්චර කාලකන්නි යක්කු ලංකාවෙ ඉන්නවද කියල. මුං නම් පුදුම තිරිසන්නු ජාතියක්. මොනව වුනත් උඹ පරිස්සම් වෙයන් ඔය කාලකන්නි එක්ක නම් හැප්පෙන්න යන්න එපා.

Anonymous said...

අයියෝ සදරු අයියේ අර බහුබුතයාට අම්බානට තලන්න නේ තිබ්බේ දතක් ගලවන්න තිබ්බේ... පොලිසි ගියත් කමක් නැ.... අර පොඩි යක්සයාට අනින්න තිබ්බේ එතනට නෙමේ.... අපෝ කෙන්තියට මට වචන එන්නැ අයියෝ.. අයෙ අහූනොත් එක්කො රන්ඩුවට යන්න එපා වැඩක් වෙන් නැ... එයාලගේ පව් එයාලා ගෙනියනවා එක අනිවාර්යයි...

Pavithra said...

හ්ම්ම්... ම‍ට එන තරහව, දුක... හ්ම්ම්...

හිස් අහස said...

@ayesha = යාළු මේ ලෝකේ ගෝලාකාරයි , මිනිස්සු විවිධාකාරයි

..........................................................

@නුවන් කුමාරනායක = ඉන්නව අයියේ ! ඔය වගේ උං තමයි සල්ලි වලට තමංගේ අම්ම උනත් විකුනන්න්නේ ..පරිස්සම් වෙලා ඉන්න බලන්නම් ඒත් මම මේ වැඩේ ලේසියෙන් අතාරින්නත් නෑ ...

..........................................................

@නිම්ශා = මමත් ඌට දෙකක් ඇන්නා හැබැයි මට තමයි වැඩියෙන් ගුටි වැදුනේ ..ඒ මම ඇක්සිඩන්ට් වෙලා තුවාල ලබා හිටි නිසා ..කමක් නෑ බදාදට මම ඌට ගහනවා ,,..ඉස්තූතියි දිරිමත් කලාට

..........................................................

@Pavithra = මටත් ඒ දුක ඒ විදිහටම දැනෙනවා යාළු !

Princess Thushy said...

මේ වගේ නරක මිනිස්සු ගැන කතා කරල වැඩක් නෑ..

කේෂාන් De சில்வா said...

මේ සමාඡය හරිම දරුණුවෙලා. ඔයා කරපු දේට මම 100%ක්ම එකගයි. එතන මම හිටියනම් මම උඔත් එක්කම අරූට ගහනව. අනේ ඈත්තටම මට එන කේන්තිය.
එයා ඔයාගෙ ඈත්තටම යාළුවෙක්ද කියල ටිකක් හිතල බලන්න. මොකද යාළුව කියන වචනෙ ලොකු තේරුමක් තියනව. මට හිතෙන්නෙ ඒ තත්වෙට එයා සුදුසු නෑ. එත් දැන් ආපහු නිකන් රණ්ඩු වෙන්න යන්න එපා. සමහර දේවල් වැරදි වුණාට අපිට හදන්න අමාරුයි.
පැන්ඩගෙ වැඩේට අපි හැමෝම උදවු කරමු.

කේෂාන් De சில்வா said...

ආ තව එකක් උඔ පරාද නෑ. හොදට හිතට ගන්න ඒක. පරාද වුනේ කවුද කියල හිතල බැලුවාම තේරෙයි.

හිස් අහස said...

@Princess Thushy = කියල වැඩක් නෑ සහෝදරී කට්ටියටම දවසක තේරෙයි කරපු වරෙදෙ බරපතලකම..

@කේෂාන් De சில்வா= ඔවු මචා සමාජය කාලා තියෙන්නේ මේවගේ නපුරු අමන මිනිස්සු තමයි ..එයා තවදුරටත් මගේ යාළුවෙක් නෙවේ දැන් අපි ගේම ..රංඩුවට මම යන්නේ නෑ මචං ඌ මට අඬගහනවනේ ..ඉතිං මං කොහොමෙයි සෙකන්ඩ් වෙන්නේ ..ඇත්ත ඔයා කියන විදිහට මම දිනුම් ..

නිරහංකාර අහිංසකාවි said...

hmmmmmmm... uppannayak thibunata, manussa bashawa katha karata hama kenekma manussayo newi...

@panda aiya- mata oyawa cntct karaganna widiyak kiyawnada?? email add or fb id hari ona deyak..

Anonymous said...

හෙට ගහනකම් ජය වේවා... අම්බානෙට තලන්න .. ගිය සැරේ වගේ ගුටි කාල එන්න නම් එපා...

Unknown said...

මෙහෙම තිරිසන් මිනිස්සු නෙ ඉන්නෙ වඩි හරියක්,offic එකෙ හිර වෙල ඉන්න කොට මෙක හදිස්සියෙන් බැලුවත් කදුලු ආව ඇස් 2කට ..පව් අහිoසක සතා.... මේ මිනිස්සු... සමාවෙන්න... තිරිසන්නු 2න්නට මතු ආත්මයකවත් සැනසීමක් ලැබෙන්නෙ නැහැ ....

Kanishka Dilshan said...

ඕවා ගනන් ගන්න එපා සහෝ.
ඔයා සතුටුවෙන්න ඇත්තටම කරුණු 2ක් නිසා.
ඒ සතාගේ ජීවිතය බේරාගන්න අවංකව කටයුතු කරපු එක ගැන.
අනික යාලුවෙක්ගෙ වෙසින් සිටපු පසමිතුරෙක් හඳුනාගන්න ලැබීම ගැන.

ඉලංදාරියා said...

ඔයා කරපු වෑඩේ සදාරනයි .. මම ත් මස්කන්නේ නෑ ..මොනමසක්වත්

ඔයාට ජය පතන්වා

පිස්සා පලාමල්ල said...

අනේ හපොයි.... මිනිස්සු කොහොමද බොල මේ තරම් තිරිසන් වෙන්නේ ???? මට නම් හිතා ගන්නවත් බැහ... පව් අසරන සතා... මේවගේ එව්වො වසන ලෝකෙක අපි වසනව කිව්වමත් ඇඟ හිරි වැටෙනවා... ඔය වගේ එව්වොන්ගෙන් ඈත් වෙන එකමයි හොඳ... කෝකටත් පරිස්සමින්. ඕකුන්ට අනක් ගුණක් නැහ බන්... පාහරයො

kasun said...

ඒ පාහරයො තුන් දෙනා තාමත් හොදින් ඉන්නවද...නොදකින්...!!!!
මොනා උනත් හොද වැඩක් කරන්න ගිහින්නේ කෙල උනේ....ගනන් ගන්න එපා..
ඔය වගේ යාලුවෝ පොල් පිත්තකින් කපා ගන්න පුලුවන්...හික්

Ravindra said...

Malli unicode nam naha,....eth mekata comment ekak noda baha. umbe blog eka kiyawanna gaththe ada umba karapu de hari. umbala wage minissu hari aduyi. oluwa kelin thiyagena jeewath weyan malli. Yaluwo kiyana jathiya therum ganna godak kal yanawa....eth narumayek umbe yaluwek hatiyata thiya gannawata wada umba karapu de hari. Jaya wewa...

Achinthya said...

මම අප්පචිගෙ නමින් වැරදිලා කමෙන්ට්ස් 2ක් එව්වා. දැන් මම මගේ නමින් කමෙන්ට්ස් ලියන්න දන්නවා. ඉතින් කලින් ආපු දෙක අනිත් අයට පෙන්නන්න එපා හොඳේ. ඇත්තටම ඒ සතා පව්!

Anonymous said...

පුළුවන් හැම වෙලාවකම හිස් අහස කියවනවා.ඒත් comment එකක් දාන පළවෙනි දවස. ඇත්තටම ඒ සතා පව්. ගොඩක් දුක හිතෙනවා.එයාලා ඔයාගෙ යාළුවෙක් කියලා නිකමටවත් කියන්න එපා.ඔයාටත් පව් සිද්ධ වෙයි.දිගටම ලියන්න.ඔයාට ජය

රජිත said...

සත්ත්ව හිංසනය තහනම් නේද? උඹලට තිබුනෙ පොලීසියට ගිහින් පැමිණිලි කරන්න. ඕන ඔල මොට්ටල පොලිස්කාරයෙකුට, නඩුකාරයෙකුට ඕක තේරුම් ගන්න බැරි වෙන්නෙ නෑ...

මාධව විදුරංග said...

uba muuna hoodapu thanata witharai man kathawa kiyewwe! maawa hiri watuna bn! oya wage dewal karana paharayinta mona karath madi! uba eda paradunata uba aaye dawasaka dinai! aniwama! :(

Anonymous said...

minissunta mechchara darunu wenna puluwanda? mata nam hithaganna baa.ada thamai mama His Ahasa kiyawanna gaththe,thiyena dewal hariyata hithata danenawa.eka digata post godak kiyewwa.awurudu 22 di jeewithe parada wela kiyala hithanna epa.thawa godak dura jeewithe yanna thiyenawa,mama ehema kiyanne matath awurudu 22 nisa.thama api me loke idala thiyenne bohoma podi kaalayai.ee unata me post kiyawanakota mata hithenne Sandaru oya amadyapa unoth hodai kiyala,ethakota me his ahasa blog eke aayushath thawa wadi wei kiyala mata hithenawa.

Sandaruwan said...

මුං නම් කාලකණ්නින්ටත් වඩා අන්තයි. අම්මප පොලිස් කාරයගෙ හොම්බට දෙකක් අනින්න වටිනව උගෙ ටෝක් එකටත යකෝ මොකා උනත් ඌ සතෙක් නෙ. මිනිහෙක්ව ඔහෙම ඇදගෙන ගියා නම් බලන්න තිබුන උගෙ පාට මාරැ වෙන හැටි. අනිව මූත් හරක් මස් කන ගොබිලෙක් වෙන්න ඇති. නැත්නම් අර සතාගෙ අසරණ කම වත් දකින්න එපැයි. පාපකර්මයකට සහය දුන්නට මූත් අනිව අපායෙ ගිහින් තමා නතර වෙන්නෙ. මචෝ සඳරු උඔට ඕන උදව්වකට අපි ඉන්නව මචන්. උඔ හෙඳ එකා. උඔ වගේ හොඳ එකෙක් මගෙ යාළුවෙක් හරි සහෝදරයෙක් හරි උනනානම් කියල හිතෙනව. උඔට සැමදා ජය!

ටීම් ට්‍රැවලර්ස් said...

සඳරු.. මම මේ උඹේ බ්ලොග සම්පූර්ණයෙන් කියෝන දෙවෙනි පාර. උදේ ඉඳන් කතා එකින් එක කියෝනවා. පළවෙනි දෙපාරම මම හිතෙ තිබ්බ දේවල් පෝස්ට් කීපයක ඇරෙන්න කියලා නෑ. වෙන මොකවත් නිසා නෙමෙයි. මාව උඹ දන්නේ නැති නිසා. දැං ඊට වඩා වෙනස්. දැං උඹ මගේ හොඳම යාලුවෙක්. දැං උඹ එක්ක ඕන මගුලක් මට කරන්න පුළුවන්.

මට දැං කියහං මෙ කාලකන්නි දෙන්නා යහතින් ඉන්නවද කියලා. මේ කතාවේ අප්ඩේට් එකක් දීපං. මුං ඊට පස්සෙ මොකද කලේ? මුං දෙන්නට ඇස් පනාපිට විඳවන්න වෙන්න ඇති කියලා නම් ලොවෙත් විස්වාසයි. කියහං මට.

~නවෝද~

නුවර කුමාරි said...

අනේ දෙවියනේ ..... මේක ෆිල්ම් එකක් වත්දෝ කියල හිතුණා... මම හිටියා නම් මමත් ඔයත් එක්ක එකතු වෙලා ගහනවා. දුකයි අනේ හොදටම :-(

Post a Comment

තැන්කූ බං