10.12.10

අහිමිවූ හාදුව .





ඩිග් ඩිග්!  .... ඩිග් ඩිග්! ....., ඩිග් ඩිග් .......................... ඒ ඇහෙන්නේ හදවත් දෙකක් ගැහෙන සද්දේ !

අයිස් කඳක් වගේ මගේ දෑතම සීතල වෙලා ! මට ඒක හොඳටම දැනෙනවා . ඒ මදිවට ඒ දෑතට දාඩියත් දාලා.

ඇසිපිය වේගයෙන් සැලෙන්නේ මම වරදක් කල විට නේද ? 
දෑත් සීතල වෙන්නේ මම කලබල උනාම නේද ?
දාඩිය දාන්නේ මම බයවෙලා නිසා නේද ?
හදවත් ගැහෙන්නේ අපේ ආදරේ නිසා නේද ?

වේගයෙන් ඉහල පහල ගමන් කරන උනුසුම් හුස්ම පොදක්..කෙලින්ම මගේ පපුවට වදින බව හොඳින්ම දැනෙනවා !

මම දන්නවා !  මට මුහුන ලා සිටින ඒ ගැහෙන හදවත හිමි සුරඟන ..මටත් වඩා කලබලයි .ඒත් ඒ නිල්ම නිල්පාට ලස්සන නෙත් දෙක හරිම නිශ්චලයි !

වෙනදාට හිනාවෙන ඒ ඇස් අද ආදරයෙන් පිරිලා.!
ලස්සන කතා කියන ඒ පුංචි මුව අද ගොළු වෙලා !
රෝස පාට ඒ පුංචි කම්මුල් දෙක රතු වෙලා ...!
මගේ අදරිය නම් අද පුදුම විදිහට බය වෙලා !

බය ?

ඔවු! හොඳටම බය වෙලා !

ඒත් ඒ පුංචි මුවගින් යන්තම් හිනා රැල්ලක් විටින් විට මතුවෙනවා.! අවු කාස්ටකේ වේලිච්ච මිනිහෙකුට AC දාලා දුන්නා වගේම තමයි මටත් ඒ පුංචි හසරැල්ල .!

ඒ පුංචි හසරැල්ල මගේ හීතලෙන් ගල්වුනු අත්වලට අමුතු පණක් දෙන්න සමත් උනා ! ඒ ලබාපු පණ නිසා මගේ දකුණු අතට සෙන්ටි මීටර් කීපයක් තරම් විශාල දුරකින් තිබ්බ ඒ සුරංගනාවියගේ සියුමැලි දකුණු අත මතට යන්න හයිය ලැබුනා ඒ අතත් සීතලයි ..

නැවත අතහැරීමක් නෑ ඒ සියුමැලි දකුණු අත දැන් මගේ !

ඒ සුරඟන හෙමිහිට මා වෙත හැරුනා  
ඒ ඇසිපිය දෙවරක් එක ලඟ සැලුනා
ඒ මුවගින් යලි හසරැල්ලක් ලැබුනා
ඒ ලෙස හිස් අහසට පුන් සඳ නැගුනා

ඇගේ වම් අත මගේ වම් අත සොයාගෙන හෙමිහිට පැමින ඇති වග මම නොදැනයි උන්නේ ..

වේගයෙන් ගැහෙන හද ගැස්ම සාමාන්‍ය වන බවක් පේනතෙක්මානෙකවත් නෑ ...

අඟලෙන් අඟල ..අපි ලංඋනා ! ..

අද මගේ ආදරිය කොතරම් හැඩද ! මුදාහැර ඇති ඇගේ වරලස කොතරම් සොඳුරුද  !

ජයවේවා !!  මගේම හිත මට ජය පතනවා ...

අපි තවත් ලංඋනා අපේ හුස්ම අපිටම දැනෙන තරමට ...අපි අපේම විතරයි කියලා දැනෙන තරමට..

මම සූදානම් අපේ ආදර කතාවේ පලමු හාදුව ඇයට පුදකරන්න !

ඇයත් සූදානම් ! ඒ සුන්දර අද්දැකීම ලබාගන්න.
 
ඒ නිල් නෙතු යුග ඇගේ හෙමිහිට වැසිනි
දඟ කල ඇගෙ වරලස පසකට යැවිනි
නාදලුවන් දෙතොලට මුව ලං කෙරිනි
ඇගෙ ගෙල බැඳි යමක් මාගේ නෙත ගැටුනි

පෙම්වතෙක් කැමතිම දෙයක් ..හාදුවක් ..තමන්ගේ ආදරයේ ලස්සන මතක සටහනක් ..ඒත් මොහොතකට මං නැවතුනා !  ඒයාගේ ගෙල වටේ  බැඳලා තිබ්බ යමක් මගේ නෙතගැටුනා ..

පංචායුදයක් !

මොහොතකට මම අන්ධ උනා නේද ?  
මේ පුංචි සුරඟන තාම නවයවසරේ නේද ?

තවමත් අම්මාගේ / තාත්තගේ පුංචිම පුංචි දුව , අයියයලා තුන්දෙනෙකුගේ පුංචි මැණිකක්!

මේ පුංචි මල් පොහොට්ටුවට මට මොන අයිතියක්ද ? තවම නෑ තවම එයා මල් පොහොට්ටුවක් විතරයි ...

ඇගේ දෙතොලට අඟලක් දුරින් නැවතුනු මම ..ඉහත සේරම දේවල් තත්පර දෙකක් පමන කාලයක් තුල හිතලා ඉවර කලා ...

*****************************************************************************************

ඒ හීනෙන් අපි අවදි උනා ! අපි දෙන්නා හිටියේ  Staff Room එකේ .මම එයාගෙන් මිදිලා ජනේලේ ලඟටම ආවා ....ඇවිත් අහස දිහා බැලුවා වැහි වලාකුලළු කීපයක් මම දැක්කා  අහසත් අපිව රවට්ටනවා ....

පුරුදු උනුහුමකින් කෙනෙක් මාව වැලඳගන්නවා දැනුනා ...

තරහද මං එක්ක ?  ඒ ඇස්වල කඳුලු

ඔන්න එයා හිතන්නේ මම හාදුව නොදුන්නේ තරහට කියලා ! 

මට කියන්න දෙයක් නෑ මම .වචන ගලපන්න උත්සහා කරා ! ඒත් වචන නෑ මම ගාව..

එතකොටම දෙවියෝ මං දිහා බැලුවා !

සඳරු 3:30 Class එකට ළමයි ඇවිල්ලා දැං වෙලාව හරි
....අපේ මැනේජර් අයියා බිත්තියට එහා පැත්තේ ඉඳන් මට කතාකරලා කිවුවා !

මේ එනවා

මට ඕන උනෙත් මෙතනින් යන්න ..

මගේ ආදරී තවමත් අහස දිහා බලං ඉන්නවා ...

ඒ පුංචි කෙල්ලගේ හිත තලන්න බැරි නිසාම ඒ පුංචි සුරඟනගේ නලලට පුංචි ගාදුවක් දීලා මම හැරිලා ආවා ....................‍

කවුරු මොනවා හිතුවත් මම දුර්වලයෙක් නොවන බව නම් මට කියන්න පුලුවන් !

මම ඒ කෙල්ලට ඇත්තටම ආදරෙයි. බොක්කෙංම ආදරෙයි !

අන්න ඒකයි මගේ දුර්වලකම...!




සඳරු //

































42 comments:

MaRLaN said...

උබ නම් නියමයි අය්යෙ..... කොහොම හිත පාලනය කරනවද මන්දා.....
අය්යටයි අය්යගෙ සුරන්ගනාවිටයි ඔන්න ජය පතනව........!
ආ.......හ් මතක් කරල වෙඩින්ග් කේක් එවන්න? :)

Unknown said...

ඔයානම් එලම එලම එල කොල්ලෙක් සඳරූ. ඔයා බැරිවෙලාවත් ඔය කිස් එක දුන්නනම් මම වෙනදා වගේම මේක කියවලා යනවා. නමුත් ඔයා නම් නියමයි. ඔයා මගේ යාලුවෙක් කියන්නත් ආඩම්බරයි මට. ~~ජයවේවා~~

Pavithra said...

හදවත කියන දේ කරන්න.. :)

samadhi said...

ඔයා කරපු දේ හරි සඳරු.
අවශ්‍ය වෙලාවට අකිලිලා ඉන්නත් ඉගෙන ගන්න ඕනේ.

ayesha said...

හ්ම්.....ඇත්තට ආදරේ කලාම දෙවියොත් මූණ බලාවී.

Anonymous said...

උඹ තරහා ගන්න එපා. මට නං නිකං සැළලිහිණි සංදේශය කියෙව්වා වගෙයි, මග වැණුම් අර වැනුම් මේ වැණුම් ඔක්කොම තියෙනවා, පට්ටයි බං.
ආදරේ කරන එක උඹේ දුර්වල කමක් වුනාට, ඒක තමා උඹට ඉස්සරහට හරි මග පෙන්වන්නේ. ඒක විතරයි මට දැනට තේරෙන්නේ. පිස්සා.

BLOG ගඩොල් said...

උඹ කරපු වැඩේ හොදයි! නැත්තං ඔය වැඩ පිටට ලීක් වුණොත් ලෝක අමාරුවක තමයි වැටෙන්න වෙන්නෙ.උඹ කෙල්ලට ඇත්තටම ආදරෙයි කියලා දන්නෙ උඹයි ඒකියි විතරයි නොවැ! කෝකටත් පරිස්සමින් මචෝ!...සුභපැතුම්

සංකල්ප said...

හදවත කියන දේ නෙමෙයි බුද්ධියෙන් විමසලා බලලා කටයුතු කරපු එක නම් වටිනවා පුංචි සර් !!!! මම නම් හිතන්නෙ නෑ ඒ පුංචි සුරංගනාවි ඔයත් එක්ක තරහා වෙයි කියලා. එයා තේරුම් ගනීවි අයියා එහෙම නොකලේ ඇයි කියලා,

මොනවා උනත් සදරු අයියා ලස්සනට ලියලා තියෙනවා !!!!

C0de BlUe said...

අම්මේ , හුඟ කාලෙකට බ්ලොග් කියවන්න එන්න බෑරි වුනා , අද තමා යාන්තම් මේක හරි කියවගන්න හම්බවුනේ ... , මේ දවස් ටිකට මාර සීන් තොගයක් වෙලා තියනවානේ ... හිමිට කියවන්න ... දිගටම ලියන්න , ලව් එකට බොක්කෙන්ම සුභ පතනවා ... :D

!!!

පැන්ඩා said...

හොඳ ළමයා...හරිම ආඩම්බරයි උඹ වගේ හොඳ කොල්ලෙක් අදුරගන්න ලැබුන එකට.

සටනට යන්න එපා කිව්වට තරහ වුනේ නැ නේද..මම හිතනව උඹ මම කියපු දේ තෙරුන් ගන්න ඇති කියල.කොහොම වුනත් මම උඹට යන්න එපා කිව්වට ඒක අහන්නෙ නැතුව ගියොත් තුනුරුවන්ගෙ පිහිටෙන් කරදරයක් නැතුව එන්න කියල හිතින් හිතුව.

උඹට තෙරුවන් සරණයි..හැමදෙම හොදින් වෙයි.

කේෂාන් De சில்வா said...

දැන් ඉතින් අපේ හිස් අහස තරු පායපු ලස්සන අහසක් වේවි නේද? අපිට ගොඩක් සතුටුයි. හැමදාම දෙන්නට ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව.

ආදරය කරන්න ඕනෙ හදවතින්, ඔයා ඒක හරියටම තේරුම් අරන් තියනව. බය වෙන්න එපා ඔයාට කවදාවත් වරදින්නෙ නෑ. අපි හැමෝම සුභ පතනව.

dinesh said...

මචෝ.....දැන් off උනේ. නිදා ගන්න වෙලාව නැතත් උඹේ පෝස්ට් එකට comment එකක් නොදා යන්න බෑ.අඩෝ ලස්සන ආදරයක් බං.සුරංගනා කතාවක් වාගෙ.උඹ වාගෙ හිත හොඳ කොල්ලෙකුට මේ සුන්දර ආදරේ ජය ගන්න ලැබෙන්න කියල ඉත සිතින් ප්‍රාර්ථනා කරණවා.කෙල්ලවත් පරෙස්සන් කරගෙන උඹත් පරෙස්සමින් මේ ආදර කතාව ජය ගන්න දවසට ආරාධනා කලත් නොකලත්, අපිත් එනව අනිවා වෙඩින් කේක් කෑල්ලක් කන්න.

Anonymous said...

ග්‍රේට්.....ග්‍රේට්.....සදරු අයියා... ඇත්තටම හොද පෙම්වතෙක් අයියා ඔයා... ඔහොමම යමු... ඔයාගේ ආදරය අවංකයි... අපිටත් ඉස්සරහට වෙඩින් කෙක් ඔනා හොදේ...

පබලු said...

අවංක ආදරයට ජයවේවා :) :)

තරු අහස said...

අවංකව ආදරේ කරන උඹට වරදින්නෙ නෑ සඳරු..මෙච්චරක් කියලා මං යන්නම්..ඒ ආදරේ උඹට මග කියාව්..
මං යන්න හදන්නෙ..ආයෙ නෙඑන්න..ඊට ඉස්සෙල්ලා තව එක සැරයක් මං ඇවිත් යන්න එන්නම්..

හිස් අහස said...

@ උඩ කට්ටිය හැමෝටම යට අයටත් එක්ක = මට හොඳටම හෙම්බිරිස්සෝ හැදිලා ! අමාරුයි ඉන්ඩබෑ ..ඒක නිසා

ඔයාලගේ අදහස් වලට පිලිතුරු මම හෙට දෙන්නම් .. දැන් මම කිරිත් එක්ක සමහන් බී නිදාගන්න වෙලාව ..ඉස්තූතියි මිතුරනි ..

ඉන්ඩබෑනෙ නාහෙ තදවෙලා !හුස්ම ගන්ඩ බෑ නාහෙන් කටෙන් පමනි හුස්ම ගන්නෙ

ජයවේවා !!

Anonymous said...

WOW

හිස් අහස said...

@marlan=මචං වෙඩින් කේක් වලට තව කොච්චර කල් තියනවද ? හැබැයි මම දින්න දාට මම උඹව හොයාගෙන ඇවිල්ලාම වෙඩින් කේක් දෙන්නම් ..ජය පැතුවට පිං සිද්ද වෙනවා !..
.......................................................................................................................................

@මිත්‍යාදෘෂ්ටිකයා = ඔයා ඉතින් මගේ බුදු පිට් එකනේ !
.......................................................................................................................................

@Pavithra = මම එහෙම කරන්නම් දිගටම ..
.......................................................................................................................................

@samadhi = ඇත්ත සමහර දේවල් වලට ඇකිලෙන්න පැකිලෙන්න වෙනවා ..ආ..ඔයාගේ බ්ලොග් 1 ලස්සනයි
.......................................................................................................................................

@ayesha = මාව දැක්කොත් දෙයියෝ හිතයි මූව මොකට මැවුවද කියලා ..නේද ?
.......................................................................................................................................

@prasanna86k= නෑ . මල චාටර් ..උඹ ඉතින් මගේ ලොකු අයියනේ ! ඕන දෙයක් කියපං මම උඩ පැනලා පිලිගන්නවා ..
.......................................................................................................................................

@blog gadol = මගේ ලවු එක ලීක් උනොත් මම වසලා හමාරයි රට පනින්න තමයි වෙන්නේ ..අනිවා මම දැන් නියමෙට පරිස්සම් වෙනවා ..තෑන්කුයි මචං
.......................................................................................................................................

@මධුරංග = අඩා මට පුංචි සර් කියන්න එපා අඩා ! මට චාටර් නෙව ..ආ එයා ඒක තේරුම් ගත්තා ,..මට හවසත් හම්බ උනා ..මොන ලස්සනක්ද මචෝ ..කාටවත් කියන්න එපා පොඩි..අඩියක් ගහපු වෙලාවක ඕක ලීවේ ..හි.හි
.......................................................................................................................................

@Unknown_User/හිඟන්නා = ඒකනේ මම ඒත් බැළුවා අපේ හිඟන මල්ලී කොහේ ගියාද කියලා ..මමත් මේදවස්වල අමු හිඟන්නා ..සුබ පැතුවට පිං සිද්ද වෙච්චාවේ !
.......................................................................................................................................

@පැන්da = බුදු අයියේ අයිය එක්ක තරහ වෙන්නේ අහවල් කෙංගෙඩියකටද ? අයියා මට අසබ්‍ය වචනයයෙන් බැන්නත් මම තරහා වෙන්නේ නෑ නේ ...අයියටත් තිස්තුං කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි ..
.......................................................................................................................................

@කේෂාන් De சில்வா = මොන බං මම එන්න එන්න හිස් මගේ සාක්කුත් හිස් ..අඩේ සුබ පැතුවට නම් පිං සිද්දවෙනවා ..ඒක නෙවේ ඔයාගෙ නමේ දෙමල කොටස මොකක්ද ?
.......................................................................................................................................

@dinesh = මේං මගේ අනික් බොක්ක ...මචා කෙල්ල තමයි මාවත් පරස්සම් කරන්නේ ..ඔයා එනවද වෙඩිමට ..තව කොච්චර කල් තියනවද ? බං මොනවයි මොනා වෙයිද ?..
.......................................................................................................................................

@නිම්ශා = තෑන්කුයි..නගා ...ඔයාට මම දැන්ම වෙඩින් කේක් ..එවන්නද ? හි.හි ..ආ ඔයාගේ ඕලෙවල් බුවා ! අපේ ඔෆිස් එකේ ජනප්‍රියම කතාව බවට පත් උනා ඔන්න ..
@පබලු = ...ජයවේවා !!! දෙයියංගේ පිහිටයි ...
.......................................................................................................................................

@තරු අහස=කොහෙද මචෝ යන්නේ ..උඹට අපිව එපා වෙලාද ..හරි හරි ලොකු හිත්නේ ..අපෙන් මොකක්ද වෙච්ච වරද මම කට කැඩිච්ච කතාවක් කීවද ?
.......................................................................................................................................

@චින්තන = ෆ්‍රොපයිල් එකෙන් අයිං කරාට ඒව කොහොමද මචං මගේ ලයිෆ් එකෙන් අයිං කරන්නේ ..මම දැන් ඒව්ට ආදරේ කරනවනේ ..ඔන්න ඔයාගෙ අදහස ඔයාගේ ඉල්ලීම පරිදි මකා දැමුවා ..ඔයාගේ මෘදුකාංගයට ඉස්තූතියි..

ජංජාල චාමර said...

හිත නැවතුණත්,ආසාව නැවතුණා ද? ආදරේදි සීමා මායිම් නෑ! මොනාවුණත් බොක්කෙන්ම ආදරේ කරද්දි මෙහෙම දේවල් වෙනවා.අත්දැකීමෙන් කියන්නේ! :)

Unknown said...

හි හි
එතකොට මෙතන කිස් නොකල එත හෙන ලොකු වැඩක්
ඉගන ගන්න ආව පොඩි කෙල්ලක්ව ආදරයක පටල ගත්ත එක එතකොට
හැමෝමලා සමාවෙන්‍‍ඩෝන
මටනම් මේක පට්ට කේස් එකක්

ස්වප්නා said...

හරිම ආඩම්බරයි... හොඳ කොල්ලෙක් මොනා උනත් :)

හිස් අහස said...

@ජංජාල චාමර = ඇත්තටම මම දන්නේ නෑ මම මොකට නැවතුනාද කියලා. කතා පොත ලියන්නේ ඔයා නේද ..මම කියවපු ලස්සනම කතව ඒකේ තමයි තියෙන්නේ ..

@වැට නොබැදි සිත = නෑ සහෝදරයා ..ඒක ලොකු වැඩක් නෙවේ ? මම ලොකු වැඩ කරන මිනිහෙක් නෙවේ මම පොඩි මිනිහෙක් .ඔයාගේ අදහසට මම අමනාප නෑ ඉතිං මොකෝ සමාවක් ?.මේක හිස් අහස ..මේකේ සීමා මායිම් නෑ .අනික ඔය හිතේ වැට කොටු නෑ නේ ඉතිං අදහස් දිග අරින්න කාගෙන්වත් බාධා නෑ කෙලින් කතාකලාට ඉස්තූතියි ..

@ස්වප්නා = වස ලැජ්ජාව , ඉස්තූතියි ...

ජංජාල චාමර said...

@ හිස් අහස - ස්තුතියි සහෝදරයා ප්‍රශංසාවට! :)

හිස් අහස said...

ඕවනම් මොනාද බං ..අහිමි සෙනෙහස PDF එක දැනුත් මා ගාව තියනවා මචං ..

ජංජාල චාමර said...

අහන්නත් සන්තෝසයි! :) විභාගේ ඉවරවුණු ගමන් අළුත් කතාවක් ලියවෙයි ජනවාරිවල.දිගටම බ්ලොග් එකත් එක්ක ඉන්න

තරු අහස said...

හේ..මම යන්නෙ නෑ...ඔන්න මම ආයෙම ලියනව..ලියලා ඉවර වෙලා උඹව මතක් උනේ සදරු අයියේ...දුක හිතුනොත් සමා වෙන්න මට..හොදේ...මට බය උඹට ඇඩේවිද කියලා..එහෙම වුනොත් මේ මලයට සමා වෙන්න..හරිද...මොන ලොකු හිතක්ද මට..එහෙම කියන්නෙපා බං....

Thilini said...

සඳරු අයියෙ ඉතිං කොහොමද?comment නොකලට තරහ වෙන්න එපා හොඳේ මේ දවස් ටිකේ මම ගෙදර හිටියෙ නෑ මටත් හිතෙනවා ඔයා කරපු දේ හරි කියලා මොකද බැරි වෙලාවත් කව්රුහරි ඕක දැක්කනං ඒක ඔය දෙනනටම හොඳ නෑනෙ ඕක බොස්ගෙ කනට ගියොත් මං දන්නවනෙ ඉතිං ඔය බොස්ගෙ හැටි පරිස්සමෙන් අයියෙ කරන හැම දෙයක්ම කල්පනාවෙන් කරන්න ඔය දෙන්නට මම සුභ පතනවා

සෙනරත් බණ්ඩාර (සිංහල පද්‍ය රටා.....) said...

රැඩිකල්?
ඕතඩොක්ස්?
පණඩිත?
බොක්කෙන්ම ආදරය කරන බුවෙක්?
පිස්සෙක්?
රෝමියෝ කෙනෙක්?
මේ මොනවා හරි ඔයාට ගැලපේවි
ඒ කොහොම වුනත් ලියපු දේයි ඒකේ හරයයි නම් "නියමයි"
සුභ පතනවා පිවිතුරු ප්‍රෙමයට බකල් නොවැටි ජය කණුවටම යන්න
(අද තමයි මම ඔයාගේ අඩවියට ආපු මුල්ම දිනේ -කියවපු පලමු ලියවිල්ලම ලස්සනයි)

හිස් අහස said...

@තරු අහස = මම එහෙම යන්න දෙනවද සහෝදරයට ?
.......................................................................................................................................
@Thilini = තරහ වෙන්න අනේ ඒ මොකටද ? ඔයා බලල ගියානම් මට ඒ ඇති ..ඔයානම් අපේ බොස් ගේ හැටි දන්නව නේද ..හි .හි ..ඉස්තූතියි නගා සුබ පැතුවට .........................................................................................................................................
@සිංහල පද්‍ය රටා = අමුතු නමක් .මම ඇවිල්ල බලන්නම් ඔයාගේ ගෙවල් පැත්තේ . මම ඇවිල්ලා "බොක්කෙන්ම ආදරය කරන බුවෙක්" තෑන්කුයි කීව මචං සුබ පැතුවට

පිස්සා පලාමල්ල said...

උබ නියම කොල්ලෙක්... බොරු මක්කටෙයි මට නම් ඔහොම පාලනයක් නැහ... ඒ අතින් උබ එළ... ඔලුවෙන් ඔය වගේ වැඩ කරපන් හැමදාමත්...

නියමයි ... එළ කීවේ උබේ පාලනයට... ආදරේදි කිස් එකක් කියන එකට ලැබෙන තැන.. ඒකට තියෙන වටිනකම... ඔව්ව මම් දන්නෙ නැහ බන්

suba said...

ඔයා ගැන හුඟක් ආඩම්බරයි..අද තමයි ඔයාගෙ බ්ලොග් එක ඉස්සෙල්ලාම කියෙව්වේ..එත් හුඟක් කතා කියවගෙන ගියා පාඩම් කරන අතරෙදිත්..ගොඩක් ලස්සන කතාවක්..ප්ලීස් ඔයාගේ ආදර කතාව දිගටම ලියන්න...ඒක හුඟක් ලස්සනයි....ඔයාගේ චූටි කෙල්ල ඔයාට හුඟක් අදරේයි..ඔයාගේ කතා කියවද්දී ආදරේ කරන කෙනෙක් විදියට මට හිතුනා ........ඒයා හැමදාමත් ඔයා ලඟ ඉඳිවි..ඔයාගෙ මුලු ජීවිතේටම සුබ පතනවා...

Anonymous said...

mechchara lassana adareta anthimata mkada une....... ;-(

දුකා said...

maxxxaaaaa

Anonymous said...

මේ වගේ අදහසක් ... පෙනෙන බොහොම ලස්සන ... අහගන්න බොහොම රැඩිකල් ...

Warsha said...

ඔයා විශිෂ්ටයි සදරු අය්යෙ..හිස් අහසෙ ඇතැම් දේවල්වලට එකග නොවුණත් ඔයා තුළ ඉතාම යහපත් මනුස්සයෙක් ඉන්න බව තේරෙනවා..

Anonymous said...

oya kawda, kohomada kiyanna mama dan na malli, eth oya kiyana katha hadawathatama danenawa. oya monawage kenekda kiyala apita danenawa!! oyatai oyage adaretai anagathetai jaya!! :)

Anonymous said...

ඔයා රත්තරන් කොල්ලෙක් මල්ලියේ........
මේ ලෝකේ හැම කොල්ලම ඔහොම හිතුවනම් කොච්චර හොඳඳ????
කවුරු කොහොම කීවත් ඔයා genuine කොල්ලෙක්

Charith Samarakoon said...

හ්ම්... හරියටම දන්නැති උනත් මටනම් දැනෙන විදියට උඹෙ වරදකට තියෙන්නෙ බෝතලේ විතරයි... එළ කොල්ලෙක්... කියවද්දි හුස්මත් නතර උනා වගේ,වල්කමට නෙවේ,එච්චරට වැදුනා...නියමයි...

වර්ණා said...

හ්ම්ම් බොක්කටම වැදුනා..

Didi said...

ජය වේවා!!!

Anonymous said...

pissu hadenawa sandaru.... mage 1st love ekata jeewitheta kiss ekak dunne naha... mage hithata maha puduma deyak..... hithune e welawa... kohoma hari eka nathi wuna...

යසිතගේ WEB නවාතැන said...

මටනම් බැරි උනා සදරුවෝ මාව පාලනය කරගන්න එත් මාව පාලනය කරගන්න තරම් උබට වගේ මට හේතුවක් තිබුනේ නෑ .... මේ මගේ පලවෙනි කොමෙන්ටුව . එල ඈ බ්ලොග් එක

Post a Comment

තැන්කූ බං