22.12.10

බ්ලොග් අවකාසේ මෑතකදී වෙච්ච වෙනස්කම්...!


දැනට මාස කිපයකට උඩදී තමයි මම බ්ලොග් ලියන්න එකතු උනේ . මුලින්ම ලියන්න එනකොට . හිතාගෙන ආවේ තාක්ෂනික පැත්තට බර බ්ලොග් එකක් කරනවා කියලා . ඒත් මටත් නොදැනීම මගේ යටි හිත එයාගේ සිතුවිලි බ්ලොග් එක පුරාම ලියන්න පටන්ගත්තා . මමත් එයාට ඉඩදීල බලාගෙන හිටියා ..තවමත් බලං ඉන්නවා ..


බ්ලොග් ලියන ගොඩ දෙනෙක් වගේ . තමන්ටත් නොදැනීම තමන්ගේ යටි හිත කතාකරන්න පටන්ගත්තම . ආයේ නවත්තගන්න අමාරුයි . වගේම යටි හිතේ සත් හැඟීම් හරිම අමුතුයි ..හරිම සුන්දරයි


මේ බ්ලොග් අවකාසේ මෑතකදී වෙච්ච වෙනස් කම් කීපයක් ..!


******************************************************************************************


යටි හිතට ඉඩදීල බොක්කෙන්ම ලියපු බ්ලොග් අඩවියක් දැන් අපෙන් ඈත් වෙලා ..ගොඩ දෙනෙක් තවම දන්නේ නැතුව ඇති . සුන්දර සිතිවිලි වලින් පිරිනු මේ බ්ලොග් අඩවිය . මගේ ජීවිතයම වර්ණවත් කරපු බ්ලොග් අඩවියක්... නමින්ම හැඳින් වූවොත්


෴සොඳුරු සිත෴


මේ සොඳුරු සිත හිමිකාරිය "වත් " මොන හේතුවක්උඩ. තමන්ගේ ලස්සන හිතිවිලි වලට වැට බැන්දද දන්නේනෑ . සමහරවිට කෙටි කලට . අපෙන් ඈත් උනා වෙන්නත් පුලුවන් . "වත්" අක්කව අඳුරන කෙනෙක් දන්න කෙනෙක් ඉන්නවානම් . පොඩ්ඩක් අහල බලන්න . එයාට උදවුවක් ඕන නම් . උදවුව කරන්න ..


ඉතින් මේ හිස් අහස කරන ආරාධනය . ඇහෙන පෙනෙන මානයක ඉන්නවානම් . පුළුවන් කමක් තියනවානම් ආයෙත් සොඳුරු සිත අවදිකරන්න...


******************************************************************************************


මගේ හොඳම යාළුවෙක් ඇත්තටම කීවොත් මගේ හොඳම බොක්කක් . අමුතුම ආකාරයක බ්ලොග් එකක් දියත්කරා .. ඒක දැක්ක හැටියේ මම පුදුමෙනුත් පුදුම උනා . මේ මගේ යාළුවගේ අදහස්මද ?


ඔයාලත් ගිහිං බලන්න අමුතුම ආකාරයක කෙනෙක් . .ඇත්තටම කීවොත් මිනිහා මිත්යාදෘෂ්ඨිකයෙක් !!!


මිනිහගේ හැමදේකම අමුත්තක් තියනවා .. ටිකක් විතර පන්ඩිතයෙක් .ඒත් මගේ හොඳම බොක්ක..මිනිහා තමන්ව හඳුන්වන්නේ මේ මේ විදිහට


මාගේ විශ්වාසය පදනම් වී ඇත්තේ හුදෙක්ම මාගේ දැනුම මතය. කෙනෙක් සර්ව සාදාරණ පදනමක් මත සිට දෙයක් විස්වාස කිරීමට උත්සහ කරන්නේ නම් ඔහුටද, විශ්වයේ කෙලවර සෙවීමට උත්සහ කල මුගලන් තෙරුන්ට සමාන ප්රතිඵලයක් අනිවාර්යන්ම අත් වේ"


පිළිගන්න ....මිත්යාදෘෂ්ඨිකයාගේ සටහන් "


******************************************************************************************


බ්ලොග් අවකාසෙට තවත් තරුවක් ලඟදී පෑයුවා කඩාවැටෙන්න නොදී ඒ තරුවටත් ඔයාලගේ සහයෝගය ලබාදෙන්න..!


පිළිගන්න "තරු ඇසක් අමා දහරක්"


******************************************************************************************


වගේම බ්ලොග් මම කියවන බ්ලොග් නිසා මම අමාරුවේ වැටුනු වාර ගනනත් ටික ටික වැඩි වෙමින් යනවා .


දුමීගේ කට කැඩිච්ච කතා අහලා උන්හිටි තැන් අමතක වෙච්ච මට හයියෙන් හිනාගිය මට ගිය සතියේ බොස් බැන්නා !!


"සඳරු Office එක ඇතුලේ මෙච්චර සද්දෙන් හිනාවෙන්නේ මේක කෝලම් මඩුවක් ලියලා හිතාගෙනද ?” පිං සිද්දවෙනවා දුමියට


අකේලේ හම් ලියන දිනේශ් ! ඔයාට අපේ ඉස්ටාෆ් එකේ කෙනෙකුගෙන් පනිවිඩයක් තියනවා !!


ඔන්න දවසක් හිස් අහස බ්ලොග් එකේ Link එකක් අස්සෙන් අකේලේ හම් වලට ගියපු අපේ Institute එකේ පිළිගැනීමේ නිළධාරිනිය . මට මට මෙහෙම කීවා


"අකේලේ හම් ලියන කොල්ල මහ කුපාඩියෙක් "


"ඒමොකද ? ඔයා එහෙම කියන්නේ "


"බලන්න අර ලියලා තියන දේවල් ..


"මමත් බැලුවා .. ඇයි ඔයා දැක්කේනැද්ද ? කොල්ලන්ට වඩාත් සුදුසුයි......!!! කියලා දාල තියනවා "


" උනාට කෙල්ලන්ට නුසුදුසුයි කියලා දාලා නෑ නේ ඉතිං මම බැළුවා ..


"එහෙනම් නොදැක්ක වගේ ඉන්න ..


"ටිකකින් මෙයා මගෙන් අහපි .."සඳරු මල්ලි ඔයා ගාව ලියන කෙනාගේ නම්බර් එක තියනවද ?


"නෑ මූනු පොතේනම් ඉන්නවා !


"එයා පවු තනියම ඉන්න නිසා වෙන්න්ඩ ඇති .ඕව ලියන්නේ නම්බර් එක ඉල්ලගන්නකෝ මම වෙලාවක කතාකරන්න ඕන !


මොකෝ


නෑ මේ නිකං එයාගේ හිත හදන්න


බලන්න මේ කෙල්ලොන්ගෙත් හැටි ...නේද ?


යන්නම් :


ඇත්තටම මම මේක ලීවේ අර උඩ ඉන්න අළුත් තරු දෙකට (තරු ඇසක් අමා දහරක්, මිත්යාදෘෂ්ඨිකයාගේ සටහන් ) අත්වැලක් වෙන්න හිතාගෙන ..මම පගාවක් එහෙම ගත්තේ නෑ ඕං


ජයවේවා !!

22 comments:

පිණිබිඳු... said...

මාත් බලන් හිටියෙ සොඳුරු හිත කොහේ ගිහින්ද කියලා. ඔන්න දිනේශ්ට නම් හොඳ කලක් උදා වෙන්න වගේ නේද යන්නෙ එහෙනම්.. දැන් එහෙනම් මදෑ අඬ අඬ හිටියා අතීතෙ කෙල්ලො ගැන කිය කිය.

පූසා said...

වත් අක්කාට මොකද උනේ මට :(( ඇත්තටම ගොඩාක් දුකයි වත් අක්කාගේ බ්ලොග් එක නැති එක ගැන

Chinthaka Rajapakshe said...

එල කොල්ලෝ, මමත් ඔහොන්ම තමයි, දැන් අච්චාරු වෙලා තියෙන්නේ. දිගටම ලියන්න අපි කියවනවා

සංකල්ප said...

වත් අක්කා නැති පාලුව නම් ගොඩක්ම දැනුනා. මමත් මේ දවස් ටිකේ ම බැලුවා සොදුරු සිත කොකේ ගිහින් ද කියලා.
මමත් සිංහල බ්ලොග් ලියන්න ගත්තේ හිස් අහසයි සොදුරු සිතයි කියවලා. මම තවම බ්ලොග් කලාවට ආධුනිකයි. කොහොම උනත් සදරු අයියා ලියන විදිහ නම මසුරන් !!!!

වත් අක්කා ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් හොයලා බලන්න.

dinesh said...

ඒ.....විළි ලැජ්ජා නැති වැඩක්නෙ බං වෙලා තියෙන්නෙ.......

ආ...එහෙනම් නම්බර් එක දියන්කො.
+8180....එක්කෝ ඕනෙ නෑ බං.
උඹේ පිවිතුරු ආදරේ අලුත් සීන් මොකවත් එහෙම උනේ නැද්ද මලයො ලඟදි.??

෴ හසියා ෴ said...

සොදුරු සිත ආයේ එනවා ළගදිම...
ඒත් සොදුරු සිතට දුක්දෙන්න හදන අයට කවදාවත් හරියන්නේ නෑ....
ඒ අපි සොදුරු සිත ගැන දන්න නිසා...ඇයට නැවතත් ඉක්මනින් අපේ හිත් සුවපත් කරලන්න සොදුරු සිතට හැකිවෙන්න කියලා හදවතින්ම ආශිර්වාද කරනවා......!!!

ඇත්තටම දුකයි....

Anonymous said...

මමත් ඊයෙ ඉදන් ඔයාගෙ ඔක්කොම දේවල් කියෙවුවා..

වැඩිය නොකියා ඔයාගෙ ආදරය සාර්ථක වෙන්න කියලා බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා.

පස්සෙ දවසක මේ සේරම එකතු කරලා හොද නවකතාවක් ලියන්න හොදට ජනප්‍රිය වේවි.

Hishan de Silva said...

වත් අක්ක නේද get එකට ඇවිල්ල හිටියේ?

Anonymous said...

සදරු අයියා පගාවක් අරන් පාටයි... හිත හොද පගාවක්.. .. කිව්වත් වගේ දිනේශ් අයියාට හොදක් වෙන පාටයි... හෙහෙ... දිගටම ලියමු අයියා... ජය..

BLOG ගඩොල් said...

ඇත්තටම මේ වත්ට මොකද වෙලා තියෙන්නෙ?

හිස් අහස said...

@පිනිබිඳු = සොඳුරු සිත ඉක්මනටම ආයේ ඒවි මට ...අළුත් සිතිවිලි ගොඩකුත් අරං ..අපෝ දිනේශ් බෑ කියනවනේ

.......................................................................................................................................

@පූසා = මටත් මාර අවුල මචං .ඉන්න තැනකින් ඉක්මනට එන්න කියලා කියමු ..

.......................................................................................................................................

@චින්තක සදරුවන් = එලම කිරි සහෝදරයා ..ජයවේවා !!

.......................................................................................................................................

@මධුරංග = වත් අක්ක ආයේ ඒවි කියලා මට හිතෙනවා ..ඔයා ආධුනිකයි කීව ? ,මට නම් හිතෙන්නේ ඔයා මටත් වැඩිය එලට ලියනවා කියලා . සතුටුයි මලේ උඹ ගැන

.......................................................................................................................................

@dinesh=ඕකනේ ඉතින් ඔයාට පින නැතිකම කියන්නේ ! ඉඳපං අකේලෙම බං අයියේ අපේ ගෑනු ලමයා ඔයාට පිස්සු වැටිලා ....මේ දවස් වල මගේ පිවිතුරු ආදරේ නැගලා යනවා ජයටම ..ලඟදීම ලියන්නම්කෝ ..

.......................................................................................................................................

@෴ හසියා ෴= මම අයියා එනක්ම් තමයි උන්නේ වත් අක්ක ගැන අහගන්න .. එයා ලඟදීම එන බව දැනගත්ත එක ලොකූ සතුටක් මටත් අපි හැමෝටමත් . කවුද බොලේ එයාට දුක් දෙන්නේ ..? ගේමනං ගේම !

.......................................................................................................................................

@subashblog= ගොඩක් ඉස්තූතියි මචං .. මමත් ඒ පැත්තේ ඊයේ ආවා අර හාඩි ඩිස්ක් එකේ පෝස්ට් එක බලල යන්ඩ ..නව කතා ලීවොත් මට පන්න පන්න ගහයි ගමේ උං හි.හි .. බොක්කෙන්ම කරපු ප්‍රාර්ථනාවට පිං සිද්ධවෙච්චාවේ ..!

.......................................................................................................................................

@Hishan Melanga =get එක කීවේ ?

......................................................................................................................................

@නිම්ශා = ඔයා කොහොමද දැනගත්තේ .කාටවත් කියන්නහෙම එපා ! මට බ්ලොග් අවකාසෙන් ගල් මුල් වදියි ..දිනේශ්ට හොඳක් වෙන්න්ඩ එපාලු . එයා අකේලේ ඉන්ඩලු කැමති ..

......................................................................................................................................

@blog gadol= අනේ මන්දා ..හසිය කියන්නේ ඉක්මනටම ඒවි කියලා ..

චතුවා said...

හෙහ් හෙහ්.. දිනේෂ් අයියා විනාසයි වගේ..

Hishan de Silva said...

@සදරු

get එක කිව්වේ sinhala bloggers union එකේ 19 වෙනිද තිබුන get-togetther එකට.

Anonymous said...

හිස් අහස දැන් නම් නිල් වෙලා. අනිත් අය ගැන හිතන හොයා බලන කෙනෙක් වෙලා. එල කොල්ලෙක්.

Hasitha Gunasinghe said...

හිස් අහසෙන් සහෘද බ්ලොග්කරුවන්ට අත හිත

Thusitha (දිමා) said...

අකේලේ හම්....+++++++

පිස්සා පලාමල්ල said...

හික් හික් දිනේශ් කොලුවට හොඳ කලක් උදා වෙන්න වගේ... හික් හික් හික්

වත් අක්ක ගෙ බ්ලොග් එක බලන්නත් බැහනේ...

හිස් අහස said...

@ළමයා= දිනේශ් අයියා කොහොමත් විනාසයි ...පවු අහිංසක කොල්ලා..තවම මතක්කරනවා ..

.......................................................................................................................................

@Hishan Melanga = ආ .. වත් අක්ක ඒකට ආව කියලා මට දැනගන්න ලැබුනා නම් තමයි ..

.......................................................................................................................................

@prasanna86k= වස ලැජ්ජාව ..තෑන්කුයි කීව ඕං !!

.......................................................................................................................................

@Hasitha = හැබැයි ඉතිං නිකං බෑ අපට මොනාහරි ඕන ..අර මේ...

.......................................................................................................................................

@Thusitha Jayasinghe= අම්මපා ...!! හි.හි

.......................................................................................................................................

@පිස්සා පලාමල්ල= දිනේශ්ට හොඳ කලක් යවාගන්න තිබ්බා අපරාදේ එයා බෑ කියනවා ..වත් අක්කට තරහ ගිහිංද ?

සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත said...

මේක වත් අක්කට:
සොඳුරු සිතින් අප හැම සිත් පුබුදු කළ
සොඳුරු කතන්දර කවි පද වැල් ලියන
'සොඳුරු සිත'ට ඇයි දොරගුළු දමාගෙන
සොඳුරු ඉසව්වේ කවි කාරිය කොහිද

මේක සඳරු මල්ලිට:
ආකාසේ දිලෙනා හිරු පෙනේවා
තරු පිරිවර හිඳිනා සඳු පෙනේවා
අහස පැරයු ඔබෙ හදවත බැබළේවා
ඔබේ අහස හිස් නැති බව වැටහේවා

ayesha said...

ඇත්ත ඇත්ත මාත් ඔය blog කියවනවමයි.Comment කරන්න බැරි උනත්.

තරු අහස said...

කමෙන්ට් නැතත් මං එනවා කියවලා යන්න...ඒත වත් අක්කා දැන් ආයෙම ලියනවා..මං මේ කියවලා එන ගමන්..
උඹ හොදන්ද සඳරු...?

පන්සල් හංදිය said...

ඔන්න මල්ලි මම පුලු පුලුවන් වෙලාවට උඹගේ පරණ ලිපි ටික කියවන්නයි හදන්නෙ .......

Post a Comment

තැන්කූ බං