31.10.10

අදින් පසු මගේ ආදරය පවුකාර නොවන වගයි !!

ඇත්ත මගේ ආදරේ තවදුරටත් පවුකාර නෑ  ! අද ඒ කියන්නේ 2010/10/31 මගේ ආදරේට මාසයක් සම්පූර්ණයි . මම හිතාගෙන හිටපු හැටි වැරදියි . මගේ ආදරේ පවුකාර නැති බව මට පෙන්නල දුන්නේ මේ බ්ලොග් එකට යන එන ආදරනීය ඔයගොල්ලෝ .  

මගේ ආදරේට සුන්දර අවසානයක් එන්න තියන ඉඩකඩ ගොඩක් අඩුයි කියලා මගේ ආදර කතාව කියවපු  හැමෝම දන්නවා . මමත් ඒක හොඳටම දන්නවා . මට අවු 21 මම ආදරේ කරන්නේ 9 වසරේ ඉගනගන්න පුංචි කෙල්ලෙකුට ඒකයි ඒකයි මගේ ආදරේ ගොඩ දෙනෙකුට ගැටලුවක් වෙලා තියෙන්නේ . බලමු…. කාලෙත් එක්ක මොනව හරි වෙයිනේ… !

             අදත් උදේ මගේ පුංචි කෙල්ල මාව හොයාගෙන ආවා . එයා ගනං පන්ති ගිහිං පන්තියෙ විවේක වෙලාව දුන්න අතරේ . එයා හොරෙන්ම මාව බලල යන්න ඇවිල්ලා.

එයා ආපු ගමං මගේ අතිං අල්ලගෙන “Good Morning Sir” කිවුවා .

       ඒ මොහොතේ මගේ හිතට දැනුන හැඟීම මට අකුරුවලින් ලියන්න බෑ ! මේ වගේ කෙල්ලෙක් ලබන්න මම කොයිතරම් වාසනාවන්තද ? .තවම මාසයයි ඒත් මම පුදුම විදිහට එයාට ලංවෙලා . මම එයාට ආදරේ කියපු දවසෙම කිවුවා මට සර් කියන්න එපා සර්ලටයි ලමයින්ටයි ආදරේකරන්න බෑ  කියලා. එයාත් හා කියලා කිවුවා ඒත් අද වෙනකං එකපාරක් වත් මට සර් කියනවා ඇරෙන්න වෙන නමකින් කතාකරලා නෑ .”ඔයා” කියලා නම් කියලා තියනවා .

 ආ මේක ඔයාට ! මොනවාද මන්දා . බෑග් එකෙන් ලස්සන පුංචි පාර්සලයක් එලියට අරගෙන මගේ අතට දුන්නා . මොනාද ? මම එයාගෙන් අහන ගමං ඒක අරින්නයි හැදුවේ . එපා මෙතන අරින්න ඔයා ඕක ගෙදර ගිහිං ඇරලා බලන්න . එයා එහෙම කිවුවා . මම ඒක සාක්කුවේ දාගත්තා.

මට මොනවත් ගේන්න එපා ! ඇයි මේ මේවා ගෙනාවේ ! . මම එහෙම අහනකොට

“ඇයි ඔයා මට මීට කලින් මොනවත් ගේන්න එපා කියලා නෑනේ .”

 හරි අදින් පස්සේ මොනවත් ගේන්න බෑ ! ඔයා තවම ඉගනගන්නවා රස්සාවක් කරපු දවසකට මම ඔයාගෙන් ඉල්ලලාම මොනවා හරි ගන්නම්  මම කිවුවා . අන්න හරි එහෙනම් දැන්ම ඕනකරන දේවල් ලියලා තියාගන්නකෝ හිනාවෙවී එයා කියනවා. ඒ හිනාවට මම හරිම ආසයි.

මම හිතකින් නෙවේ එයා දුන්න තැග්ග ගත්තේ ඇත්තමයි . මොනව කරන්නද ගෙනාවට පස්සේ එපා කියන්න මට බෑනේ

“ඔයාලගේ අම්ම හරි හොඳයිලු ”

එයා එක පාරටම මට කිවුවා . ඔයා කොහොමද දන්නේ ? මගේ යාලුවා තමයි මට ඔයා ගැන විස්තර සපයන්නේ මම එයාට කියල හොයල බැලුවා .

ඇත්ත නේද ?

ඔවු අම්ම අපේ නපුරුනෑ මම කිවුවා .

 ඔයාලගේ තාත්ත දැනගත්තොත් මට බනීවිද ?
 එකපාරටම එයා මගෙන් ඇහුවා මම ඒවගේ දෙයක් කීයටවත් බලාපොරොත්තු උනේ නෑ .ඇත්තටම මගේ තාත්තා නැතිවෙලා දැන් අවුරුදු අටක් වෙනවා . මම ඒක එයාට කිවුවා . …………………..එයාටත් දුක හිතුනා .
අද අපට තිබුනේ විනාඩි 20 වගේ පොඩි කාලයක් ඒක ඉක්මනින් ගෙවිලා ගියා ….. එයා යන්නයි හදන්නේ

මම හෙට එන්නම් ….. ඔන්න අපිට හෙට Special දවසක් අපි ආදරේ කරන්න අරං හෙටට මාසයයි !

දිගටම එන්න එපා බබෝ ! මම එහෙම කිවුවා . එයා හිනාවෙනකොට වගේම තමයි අඬන්න ගත්තමත් ඇයි මම ඔයාට එපාවෙලාද දැන් ? මට එන්න එපාකියන්නේ !
 එයා අඬන්න ගත්තා ..

මට ඒ පුංචි හිත තලන්න බෑ . “අනේ නෑ ඔයාගෙම හොඳටයි මම කිවුවේ ඔයා ඕන වෙලාවක එන්න අඬන්න එපා දැන් ” ගොඩාක් අමාරුවෙන් ඒ ඇඬිල්ල මම නතරකරා .

“මම ගිහිං එන්නම්”එයා යන්න හදන්නේ  !

ඔන්න අදත් හැමදාම වගේ එයා මගේ හිත පිරෙන්නම ආදරේ මට දුන්නා  . එයා අහන දේවල් වලට ඔවු ඔවු කියන එක විතරයි මම වැඩි හරියක්ම කලේ . එයාට දෙන්න ආදරේ මම ලගත් අඩු නැතිව තියනවා ඒත් තවම ඒකට කල් තියනවා .

එයා යන්න හදන්නේ .ලඟපාත කවුරුත් නොහිටියොත් එයා මට වැඳලයි යන්නේ. අද වැන්දොත් නම් ටොක්කක් අනිනවා  මම කිවුවා . ඒකට බයේද මන්දා අද නම් වැන්දේ නෑ හිනාවෙලා එයා ගියා  . අපරාදේ ඒ කතාව කිවුවේ කියලත් මට හිතුනා (ආයේනම් කියන්නේ නෑ)

 එයාට මාත් එක්ක ඉන්නකොට තියෙනේ පුදුම සතුටක්ලු . ඒ සතුට ඒ  මම එයාගෙන් කතාවෙන් මූනෙන් නිතරම දැක්කා. ඒත් මම නම් ඉන්නේ ලොකු සතුටකින් නෙවේ . මට නිතරම කල්පනා වෙනවා  මේ ආදරේට අවසානයක් දෙන්න මට ගොඩ කාලයක් බලාගෙන ඉන්න වෙනවා නේද කියන වග . ඒ කාලේ ඇතුලත මොන මොන දේවල් නම් වෙයිද ?  මට පුලුවන් වේවිද මගේ ආදරේ දිනාගන්න ?

 මගේ ආදරේ අලොකු අවදානමක . මගේ පුංචි කෙල්ලත් අවදානමක . කෙල්ල්ගේ ගෙදරට අහු උනොත් එයාට ලොකු ප්‍රශ්නයක් වෙනවා ඒක . එයා යන්නෙත්  අපේ පලාතේ තියන නීති වැඩිම බාලිකා විද්‍යාලයකට. ඉස්කෝලෙන් පවා එයාට ප්‍රශ්නයක් වෙයිද ? ඕව මම හැමදාම හිතනවා . ඉඳල ඉඳල මමත් අත ගැහුවේ ලේසිපාසු වැඩකට නෙවේ . ….

මම ගෙදර ඇවිල්ලා මගේ පුංචි කෙල්ල දීපු තෑග්ග මොකක්ද කියලා බැලුවා . මොකක් කියලද ඔයාලා හිතන්නේ . මට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන දෙයක්

8 GB Pen drive එකක් මට දැනටමත් Pen drive එකක් තියනවා හැබැයි 2 GB ඒක නිසා මගේ තෑග්ග මට ගොඩාක් වටිනවා . එයානම් මාව හොඳටම තේරුම් අරං ඉන්නේ ආයේ ඒවගේ කෙල්ලෙක් මගේ ජීවිතේටම මට ලැබෙන එකක් නෑ .

ඔයාලට මගේ මේ ආදර කතාව කියන්න මම බය උනේ නෑ. ඔයාලා කිසිම කෙනෙක් මාව දැකලා වත් අඳුනන්නේවත්  නෑ. ඉතිං මම මගේ කතාව මේ විදිහට ලියනවා . හැබැයි මේ කතාව මම ලියන එක තව ටික දවසකින් නවත්වනවා ……...  දැන් මාසෙකුත් හරිනේ .

මම වැඩකරන ආයතනයේ කෙනෙක් ඇරෙන්න අනෙක් හැමෝම මට මගේ ආදරේ අපේ බොස්ගෙන් හංගන්න ගොඩක් සප් එක දෙනවා  . උදවු නොකරන කෙනා මගේ ජන්මාන්තර වෛරක් කාරයෙක් . මිනිහා ඕක කොයි වෙලාවේ හරි බොස්ගේ කනේ තියනවා සමහර විට කියන එකක් නෑ .  ඒවා එදාට බලමුකෝ . !

දැන් වෙලාව නම් පාන්දර 2.25

අදට මගේ ආදරේට මාසයක් වෙනවා …. තවම මාසයයි …

තව කොච්චර  හැංගෙන්න තියනවාද ? තව අවු 6 විතර !  

පුලුවන්ද අපට එච්චරකල් මේක කරගෙන යන්න ?

බලමු ……………………………….


දැන් මම දන්නවා මගේ ආදරේ පවුකාර නෑ හැබැයි මගේ ආදරේ තාම අවිනිෂ්චිතයි

එහෙනම් මේ ආදරේ අද ඉඳලා …..

‍‍‍‍‍‍‍‍‍‍‍ ‍‍‍ // අවිනිෂ්චිත මගේ ආදරේ  ‍‍//
ඒ නමින් ලියන්නම් ………..ගොඩක් කල් නෙවේ තව ටිකක් ලියන්නම් එතනින් පස්සේ ලියන එක නවත්වනවා………../ හැමදාම ලියන්න බෑ …………..

සඳරු....

හැමෝටම ජයවේවා !!!!!!!!!!!!

27.10.10

මගේ පවුකාර ආදරයේ අලුත්ම තත්වය !!

මගේ පුංචි කෙල්ල. 2010/10/24 වෙනි ඉරිදා මාව බලන්න ආවා .


ඒ වෙනකොට වෙලාව 11.25 විතර ඇති . මගේ ෆෝන් එක රිං වෙන්න ගත්තා . මම ඉක්මනට ෆෝන් එක අතට අරගෙන කවුද බැලුවා . ඒ කෝල් කරේ වෙන කවුරුත් නෙමේ . අපේ ආයතනයේ Reception ඉන්න අක්කා. මම ෆෝන් එක ගත්තේ නෑ කට් කරලා ඉස්සරහට ගියා . Reception ඉන්න අක්කා . මට ඇගිල්ලෙන් මොකක්දෝ පෙන්වනවා . මම එබිලා බැලුවා !

බලද්දී මම මගේ පුංචි කෙල්ල අපේ ආයතනයට ඇතුළුවන තැන පාර ගාව හිටගෙන ඉන්නවා .

මම ඒ මොහොතේ තැපැල් කාර්‍යාල සේවක පිරිසකට . Internet ගැන පාඩමක් කරමින් තමයි හිටියේ . කෝල් එක ආපු නිසා ඒක මොහොතකට නවත්වලා දාල තමයි ඉස්සරහට ආවේ . මම මගේ පුංචි ආදරී ගාවට ගියා . අද එයා හරිම ලස්සනයි.මූනත් හිනාවකින් පිරිලා. මම එයාව මගේ ආදරී විදිහට හමුවන 7 වන වතාව . අපේ ආදරේට වැඩි කාලයක් නෑ . හරියටම මාසයක් සම්පූර්න වෙන්නේ ලබන ඉරිදා . ඒ කියන්නේ 2010/10/31

යමු ඇතුලට මම එයාට කථාකරා “ අනේ මට බෑ ඔයා පන්තිය ඉවර කරලම එන්නකෝ ” එයා කියනවා මම කීපසැරයක්ම කථාකරා . ඒත් මෙයා බෑ කියනවා .

තව පැයක් තියනවා ඉවරවෙන්න ඔයා පැයම ඔතන හිටං ඉන්නවද ?
“ මම ඉන්නං ඔයා ඉක්මනට ගිහිං එන්නකෝ”
එයා මාව එලෙවුවා !

මම මෙතනම ඉන්නම් ඔයා පන්තිය ඉවරකරල එන්න .එයා හිනාවෙවී කියනවා . මටත් වෙන කරන්න දෙයක් තිබුනේ නෑ . පන්තියේ අයත් බලං ඉන්නනවානේ. මම ඉක්මනට එන්නම් කියලා පන්තියට ගියා . පන්තිය 12.30 ට තමයි ඉවරවෙන්න නියමිත ඒත් එදා මම 12.00 ඒක ඒක ඉවර කරා .

ඔන්න මම ආවා !. මම මගේ ආදරීට කිවුවා “එහෙනම් අපි ඉක්මනට මෙතනින් දුවමු දැන් ඒ ලමයි මෙතනින් නේද එලියට යන්නේ ! එයා මට මතක් කරා . ඇත්තම නේන්නං අපි දෙන්නම අපේ Staff Room එකට ගියා .

ඇත්ත කියන්න ඕන මම එදා පුදුම විදිහට බයෙන් තමයි හිටියේ මොකද කියනවනම් එයාගෙ ගෙදරින් කවුරුහරි කඩා පැන්නොත් . ඒත් දෙවියන්ගේ පිහිටෙන් එහෙම දෙයක් නම් උනේ නෑ !

මම කලින් දවසේ එයාට දෙන්න තෑග්ගක් ගත්තා “ අත් රලෝසුවක් ” මට කෙල්ලොන්ට තෑගි තෝරන්න තේරෙන්නේ නෑ . දවසක් අපේ ආයතනයේ මැනේජර් අයියා එයාගේ කෙල්ලට දෙන්න අත් රලෝසුවක් ගත්තා ඉතින් මමත් ඒකක් ගත්තා ඒ කඩෙන්ම . ලස්සනට එතුවෙත් නෑ ඔහේ දුන්නා ( අයියෝ ! මට දැනුයි මතක් උනේ බිල ගැලෙවුවෙත් නෑ )

එයා බෑක් එක පිටින්ම ඒක අරගෙන . “මම දැන්ම බලන්නද ? ” කියල මගෙන් ඇහුවා
බලන්න ඉතිං ! ඒක දැකලා එයා මූන බෙරි කරගෙන අඬන්න ගත්තා .

මේ මොකද ?
මට ඇයි මෙච්චර වටින එකක් ගත්තේ ?

ඔවුමයි මට අමතක උනා දෙන්න මම ඕක ආයේ මාරුකරල වෙන එකක් අරං එන්නම් රු 50ක් විතර වටින

. එයාගේ පුංචි මලක් වගේ මූන හිනාවෙන් පිරුනා . මේක ඔයාම ගැටගහන්න එයා මට කිවුවා . මමත් ඒක ඒ පුංචි සියුමැලි අතේ බැන්දා !

ඊට පස්සේ ටික වෙලාවක් අපි ගැන කතාකරමින් හිටියා . මම ඒ වෙලාවේ එයාට කිවුවා මම අපි දෙන්නගේ ආදර කතාව බ්ලොග් එකක ලියනවා කියලා . එයා මොනවත් කීවේ නෑ එයාට වැඩිය බ්ලොග් ගැන අවබෝධයක් නෑ . ඒක නිසා එයා කතාව වෙන අතකට හැරෙවුවා .

“සඳුදා ට්‍රිප් එකක් යනවා දහම් පාසලෙන්. මමත් යන්නද ?

හොඳයිනේ ගිහිං එන්න දහම් පාසලෙන්නේ එක්ක යන්නේ ! .

එයාට හරිම සතුටුයි

ටිකෙන් ටික මගේ ආදරී මට ජීවිතේ ගැන එයා හිතන හැටි මට කිවුවා . එයා මාව කොහොමහරි බඳිනවලු . එයාගේ මලක් වගේ පුංචි හිත තලන්න මට ඕන උනේ නෑ . ඒත් නොදන්න අනාගතයක් ගැන එයාට බොරුවට පොරොන්දු දෙන්නත් මට ඕන කමක් තිබ්බේ නෑ .මම එයාට කිවුවා ඔයා දැන් ඔහොඳට ඉගනගන්න . ඕව හිතන්න අපිට තව කල් තියනවා කියලා . එයා ඒක පිලිගත්තා .

ඇත්තටම කොහොම වෙයිද තව අවුරුදු කීයක් අපිදෙන්න හැංගෙන්නද ? අවුරුදු 7 ක් අපිට මේවගේ බයෙන් ජීවත් වෙන්න වෙනවා .

මට දැනට වයස අවු 21 . එයාට 14 කොහොමද අපි මේ විදිහට දිගටම හැංගෙන්නේ ඒක කරන්න අමාරුයි නේද ?

ටිකෙන් ටික වෙලාව ගියා හරිම වේගෙන්.
මට තවත් පන්තියකට උගන්වන්නත් තියනවා වෙලාව 4.00

“මම යන්නම්” එයා මම දීපු ඔරලෝසුව ගලවලා බෑග් එකේ දාගත්තා

එයා යන්න ලෑස්තියි

යන්න සූදානම් වෙලා මේ පුංචි කෙල්ල පුදුම වැඩක් කරා !

එකපාරටම මගේ කකුල්දෙක අල්ලලා මට වැන්දා !

මට මොනවත් හිතාගන්න බැරිව ගියා මම එයාව නැගිට්ටවලා යන්න ඇරලුවා ……………………….

මගේ හිතේ අමුතු සතුටකුත් අමුතු දුකකුත් තියනවා ඒ ඇයිද කියන්න දන්නේනෑ .


එදා දවසට මම තවම ආදරෙයි ……………….





අද 2010 – 10 – 26 අඟහරුවාදා . එයාලා ට්‍රිෆ් එක යන දවස මම උගන්වන පන්තියත් අද. ඉතිං අද එයා පන්තියේ නෑ .ඒත් මම ඒ පන්තිය පුරාවටම ඒ ලස්සන පුචි ඇස්දෙක පුරුද්දට වගේ හෙවුවා .

එක පාරටම පන්තිය මැදදී මෙයාගෙන් මට S.M.S නොකඩවා එන්න ගත්තා .
ඇයි අද ට්‍රිප් එක ගිය නිසා ෆෝන් එක එයා ගාව . ඊට පස්සේ මට පාලුවක් දැනුනේ නෑ …

තවත් සතුටු හිතෙන කාරනයක් කියන්න තියනවා . මගේ පුංචි කෙල්ල . මගේ නගාව එයාගේ හොඳම යාලුවා කරගෙන . ... නංගිව යාලුකරගෙන තියෙන්නේ නියම විදිහකට ඒක දිග කතාවක් …ඒක මෙතෙන්ට ඕන නෑ


ඔන්න මගේ පවුකාර ආදර කථාවේ අලුත්ම තත්වය ………………

මේතරම් පුංචි ලමයකුට ආදරේ කරලා මම ලොකු වරදක් තමයි කරේ දැන් මට ආපහු හැරෙන්න බෑ. මොන දේ උනත් මම මගේ ආදරේ රැකගන්න ඕන.

මම මේ බ්ලොග් එක හැදුවේ පරිගණක තාක්‍ෂ්නය ගැන අළුත් තොරතුරු දෙන්න හිතාගෙන. ඒත් මට මගේ ආදර කතාව මේකේ ලියන්න සිද්ධඋනා . මට එයා වෙනුවෙන් තියන ආදරේ මම මැරෙන තුරාවටම තියනවා . එහෙනම් මම ඉන්නකම් මේ බ්ලොග් එකත් ලියවෙයි .

මේක කියවන අය මගේ (බ්ලොග් යාළුවෝ )මට කමෙන්ට් වලින් හොඳ සහයෝගයක් දීල තිබුනා මට හරි උපදෙස් දීල තිබුනා . ඔයාලා දීපු උපදෙස් මට ගොඩක් වැදගත් උනා.

මම උත්සහ කලේ මම කවුද යන්න නොදන්වා හොරෙන් මේ බ්ලොග් එක කරන්න

ඒත් මම කවුද ? ඉන්නේ කොහේද ? කියලා එක්කෙනෙක් දැනගෙන තිබුනා එයා තමයි මේ
!!!නිරහංකාරියකගේ අහිංසක සිතුවිලි!!! එයා මාව අතටම අල්ලගත්තා ඒක නිසා මේ බ්ලොග් එක ලියන්න පොඩි බයකුත් මට නැතුවාම නෙවේ

!!!නිරහංකාරියකගේ අහිංසක සිතුවිලි!!! මට ඔයාව විශ්වාසයි මගේ රහස්බව රකින්න. ඔයා ඒක කරන බව මට 100% විශ්වාසයි .

මම සඳරු :

මගේ මේ කථාව මම දිගටම ලියනවා ……. අවුරුදු කීයක් ගෙවෙනකං උනත් මම ලියනවා . මමයි එයයි එකතු වෙන දවසක් එයිද එදා වෙනකම්ම මම මේ බ්ලොග් එක ලියනවා ……………
.ඒත් මට තාම හිතෙනවා මම මේ කරන්නේ ලොකුම ලොකු පවක් කියලා ……..

ඒනිසයි මේ ආදර කථාව තවමත් පවුකාර ….
ඔබ සැමට ජයෙන් ජයම වේවා !!

24.10.10

මගේ පවුකාර ආදරයට තැබූ තිත ඉවත්කල වගයි !


මගේ පුංචි ආදරියට ෴

මම මේ කතාව බ්ලොග් එකක ලියන බව මගේ පුංචි ආදරී ඔයා දන්නේ නෑ  ඔයාට මම කියන්නෙත් නෑ
 
මගේ පුංචි ආදරී කොහොමද මම ඔයාව අතාරින්නේ . ඔයා මට නැති උනොත් මගේ ලඟ හිටියේ නැති උනොත් මම මොන හිතකින්ද ආයේ ඔයාලගේ පන්තියට උගන්වන්නේ . කවුද මම කියන දේවල් වලට හිනාවෙන්නේ කවුද මට හිනාව ගේන්නේ ඒ ඔක්කොම ඔයා විතරයි .

                              ඔයා තාම මල් පොහොට්ටුවක් කෙල්ලේ . මම ඔයා පොඩි වැඩියි කියපු දවසේ “එහෙනම් ඔයගේ වයසේ කෙනෙක් හොයාගන්න එකනේ ඇත්තේ ” කියලා බුම්ම ගත්ත වෙලේ මම ආයේ ඔය කතාව කියන්නේ නෑ කියලා හිතාගත්තා . ඔයා තාම 9 වසරේ 9 නපුරුයි කියන්නේ නිකං නෙවේ නේද ? ඔයා ගේ ගෙදරින් දන්නව නම් ………….. හපෝ මට ඒගැන හිතන්න වත් බෑ ! ඔයාගේ අයියලා තුන්දෙනා ගැනම මම හෙවුවා එයාලා ඒ හැටි නපුරු නෑ . ඒකයි මට තියන එකම සැනසීම . අපි අපේ අදරේ හරියට කරන්න ගියොත් තව අවුරුදු 7 බලාගෙන ඉන්න වෙනවා . මට ඔයා නැතුව දවසක් ඉන්න බෑ ඉතින් කොහොමද අවුරුදු 7 ඉන්නේ ?.

   නොකීවට ඔයා මගේ හිතට මහා බරක් ඔයාට නම් මේක වැඩිය ගානක් නෑ ඔයා පුදුම සතුටකින් නේද ඉන්නේ ?. මට ඔයාගේ යාළුවෝ විස්තර ටික ටික කියනවා . ඔයා ගේ අම්ම තමා ටිකක් නපුරු තාත්ත හොඳයි කියලා ඔයා නිතරම කියනවානේ කොහොම හරි මම තවම හිතනවා . වෙලාවකට හිතෙනවා මේ ජොබ් එකෙන් අයිං වෙලා කොන්ද කෙලින් තියාගෙන ඔයාට ආදරේ කරන්න මේ ජොබ් එක නිසා මම හිරවෙලා . මේ ජොබ නැතිඋනොත් මම කාලකන්නි වෙනවා ආයෙ කතා දෙකක් නෑ . දැනට මට ඔයා අතහරින්න කොහෙත්ම බෑ ඔයාමයි මාව අතහරින්න ඕන . ඔයා ඒක නොකරන වග මම හොඳටම දන්නවා . මට ඔයා ඕන එච්චරයි .


      ඔන්න මගේ ආදර කථාවෙ අළුත්ම තත්වේ
අද 2010/10/23
                දැන් එන්න එන්නම වැඩේ අවුල් යනවා . මගේ පුංචි කෙල්ල ගෙදරට තව ඩිංගෙන් අහුවෙනවා මට කෝල් කරන්න ගිහිං. එයා මට කෝල් කරන්න ෆෝන් එක ලඟ තියන් ඉන්නකොට  අම්මට අහුවෙලා අම්ම හොඳටම බැනලා . කාටද කෝල් ගත්තේ කියලා අම්ම මගේ නම්බර් එක ඩයල් කරලා මම ඒ වෙලාවේ මගේ ඒ සිම් එක ඩොංගල් එකට දාලා නෙට් යන ගමන් ඉඳලා තියෙන්නේ ඒක නිසා බේරුනා . අම්ම ෆෝන් එක හංගලා . කෙල්ල මුළු රෑම ෆෝන් එක හොයලා කොහොම හරි හොයාගෙන මට කිවුවා මොන නම්බර් එකෙන් කෝල් ආවත් ගන්න එපා කියලා .පවු දෙයියනේ ඒකි මොන තරම් අඬන්න ඇත්ද ? (ඇත්තටම ගොඩක් අඬලා ) මම තමයි ඒ කඳුළු වලට වගකියන්න ඕන 

 එයාගේ ගෙදරින් කෙනෙක් කතාකරා ඒ පුද්ගලයා අහලා තියනවා පැට්‍රිකල් එන එක අනිවාර්‍ය නෑ නේද ? කියලා . 

             ඒයාලගේ පවුලේ අය තවම දන්නේ නෑ මම ගැන. එයාලා හිතන්නේ කෙල්ල පරිගණක පන්තියට එන අතරේ කාව හරි හම්බ වෙනවා කියලා . ඒක නිසා පන්තිය ගාවටම ගෙනල්ල දාලා එයාගේ තාත්ත යන හැටි මම එක දවසක් දැක්කා . හිතන්න මේක ආහු උන දාට මට මොනවා වෙයිද  ? මම එක දිගට සතියක් විතර මොනවත් නොලියා හිටියොත් හිතාගන්න මම අහුවෙලා කියලා .

         මම අද එයාට දෙන්න Gift එකක් ගත්තා එයා හෙට ඒ කියන්නේ 2010/10/24 ඉරිදා පැට්‍රිකල් වලට එනවා . එතකොට එයාට මගේ තෑග්ග දෙනවා . මම මේ කරන්නේ වැරැද්දක් සමහර අයට හිතෙයි මම තිරිසනෙක් කියලා . මොනවා හිතුවත් මට කමක් නෑ . මගේ පැත්තෙන් මම සාධාරනයි . මම වැඩිය ආදරේ විඳපු කෙනෙක් නෙවේ . ඉතින් මට ලැබුන ආදරේ මම ගත්තා .
  

     අපේ ආයතනයේ අය නම් මගෙයි එයාගෙයි සම්බන්දෙට එක එක දේවල් කියනවා පහල තියෙන්නේ ඒ අය කියන දේවල් එයාලගේ නම් ඇත්ත නෙවේ

බොස්                               = දන්නේ නෑ දන්නවනම් මට වෙඩි තියයි
මැනේජර් අයියා                = ඉහලින්ම කැමතියි ඕන සප් එකක් දෙන්න ලෑස්තියි
Reception එකේ අක්කා   = කරනව නම් හරියට කරන්න
Lecturer කුසල් අයියා      = නවත්තපං නවත්තපං ……. නවත්තපං !  එකම බෙරේ
Lecturer ? 25                  = මූ තමා බයානකම මගෙත් එක්ක ඇරියස් මුල ඉඳලම , අර ටියුට්                  හැංගුවෙත් මූ ඒ කතාව මම කියලා තියනවනේ ගින්න දුන්නොත් මූ තමා . මූ මහා නරුමයා . මූ ඔරවගෙන ඉන්නවා අපි දෙන්න දිහා බලාගෙන (කිවුවොත් මම ඌට ගහලා හිරේ යනවා ) බොස් මට බැන්නෙත් ඕකා නිසා

මට තියන ලොකුම බය අපේ ලොක්කා මේක දැනගනීවි කියලා තියන බය හැබැයි එයා මට බැන්නොත් මම දමල ගහල එනව .

මට නිකමට හිතෙනවා හෙට මම අහුවෙයි කියලා ඇයිද මන්දා එහෙම හිතෙන්නේ ?

මම මේවා බ්ලොග් එකේ ලියන්නේ අරමුනක් ඇතිව නෙවේ . මගේ හිතේ තියන මේ ගින්දර අඩුකරගන්න හිතාගෙන ලිවුව කියලා අඩුවෙන දෙයකුත් නෑ . අනේ මන්ද ඒත් ඔන්න ඔහේ ලියනවා . අනික මේලියන්න මම බය නෑ මොකද මම කවුද කොහේද ? කියලා කවුරුත් දන්නේ නෑ . ඒ නිසා මට බය නෑ ,

බ්ලොග් යාළුවෝ විවිධ අදහස් දාලා තිබ්බා කලින් ලිපියට වැඩි දෙනෙක් කියලා තිබ්බේ මේක නවත්තන්න කියලා.  මම බලාපොරොත්තු උනේ දිගටම කරං යන්න කියලා කට්ටිය කියාවි කියලා .

ඊලඟ අවුල අපේ නෑදෑ පරපුරගෙන් ඒකටත් මම Face කරනවා එයා මාත් එක්ක ඉන්නවද මම පොඩ්ඩක් වත් බය නෑ කාටවත්

මම මේක නවත්වනවා කීවට. මම පරාදයි මට ඒක කරන්න බෑ බෑ බෑ මම ඒ පුංචි කෙල්ලව බලාගන්නවා මගේ පන වගේ




22.10.10

මගේ පවුකාර ආදරයට නැවතීමේ තිත

මේ බ්ලොග් එක හදනකොට හිතේ තිබුන සතුට දැන් නෑ. මුලින් මම හිතුවේ හැමෝටම හිනා වෙන්න යමක් හදනවා කියලා ඒත් ..මොනවද මට මේ ලියන්න වෙන්නේ ….
මම උගන්වන පන්තියේ ලමයි 60 දෙනෙකුගේ ඇස් 120 අතර මට අමුතු ඇස් දෙක අමතක කරන්න බෑ කවදාවත්. මම මේ කරන්නේ සමාව දෙන්න බැරි වැරැද්දක් කියලා මගේ හිත දන්නවා. ඒත් මම දන්නේනෑ .

මම එයාලගේ පන්තියට උගන්වන අතරේ එයා යාළුවොත් එක්ක හිනා වෙනවා හිටි ගමන් මගේ දිහා බලාගෙන ඉන්නවා. අමුතුම අමුතු හැගීමක් මටත් දැනුනා පලවෙනි වතාවට නම් නෙවේ තුන් වෙනි වතාවට . මම පහුගිය දෙසැරේම ඒ හැගීමට වෛර කරා. ඒත් ඒ ලස්සන ඇස්දෙක දිහා බලාගෙන ජීවිත කාලෙම උනත් විඳවන්න පුළුවන් තරමේ හයියක් මගේ හිතට එනවා එයා දකිනකොට .

ඉවසලා බැරිම තැන තැන මම එයාගෙන් ආදරේ ඉල්ලුවේ එයා ඒ ආදරේ මට දෙන්න බලාගෙන ඉන්නේ කියලා මගේ හිතට දැනුන නිසා . එයා ගේ සටහන් පොතේ පිටිපස්සේ මගේ නම “සඳරු “ ලියවිලා තියනවා මම කිහිප වතාවක්ම දැක්කා . එයා මගේ දිහා බලන වෙලාවට එයාගේ ඇස් වලින් මට ආදරෙයි කියන හැටිත් මම දැක්කා . මට ඒ ආදරේ ඉල්ලන්න බයක් දැනුනේ නෑ .
මට හොඳටම මතකයි සතියකට කලින් ඒ දවස. එයා පැට්‍රිකල් ආපු වෙලාවේ පැයක් එලියෙ හිටගෙන හිටියා. කවුරු එන්න කීවත් ඇතුලට ආවේ නැති එයා මම කියපු ගමන් ඇතුලට ආවේ ඇයි ? මට ඒක ඒ වෙලාවෙම තේරුනා , හැබැයි මම නොතේරුන ගානට හිටියා ඒ එයාට ආදරේ නැතිව නෙවේ එහෙම දෙයක් කරන්න මට තහනම් නිසා.
මේ ආයතනයට ඉගනගන්න එන ලමයෙකුට ආදරය කිරීම මෙහේ උගන්වන අයට තහනම් අනික අපි ඉස්කෝලේ උගන්වන ගුරුවරු වගේ නෙවේ . මේ ආයතනයට මොනවා හරි උනොත් එදාට අපිත් එලියට විසිවෙනවා . ඉගනගන්න ආපු ලමයෙකු ගෙන් ආදරය ඉල්ලුවා කියලා දැනගත්තොත් ඒ ඇති අපි දෙන්නම වීසිවෙන්න . ඔය මොනදේ හිතාගෙන හිටියත් එයාට මම ආදරේ නෑ මටම කෑගහල කීවත් මම පරාදයි . මම එයාගෙන් ආදරේ ඉල්ලුවා ! ඒ පව ඇති මට අපා ගතවෙන්න.

ඔව් එදා හවස 2.35 විතර ඇති වැඩිය ලමයි එදා ආවෙත් නෑ මම එදා ක්ලාස් එකේ දොර ගාව ඉඳිද්දී එයා ඒ පුංචි මූන අමුතුකරගෙන “ මම ක්ලාස් ආයේ එනේ නෑ මට තරඟ වලට යන්න තියනවා ” කියාපු වේලේ මට මාර බයක් දැනුනා . සමාවෙන්න දෙවියනේ ! මම ඒ වරද කලා . ඒ පුංචි කෙල්ලව මම නොමග යැවුවා ! මම එයාට මගේ ආදරය කිවුවා

“ නගී ඔයා මට කැමති ද ? ”

ඒ මොහොත බලා පොරොත්තුවෙන් තමා එයා හිටියේ .

“ අනේ අයියේ මම එහෙම දෙයක් තාම හිතලා නෑ”

එයා එහෙම කීවා මොහොතකට මට ලොකූ දුකක් දැනුනා . ඒත් දැන් හිතෙනවා එයා මට අකමැති උනානම්
කොච්චර හොඳඳ කියලා ,

“මම මගේ යාළුවන්ගෙන් අහලා කියන්නම් ”

එයා එහෙම කීවා . ඒත් ඒ කතාව කියලා එයා ගියේ නෑ මගේ දිහා බලාගෙන හිටියා . මමත් එහෙමයි එයාගේ දිහාම බලාන හිටියා අපි හැන්දෑ වරුවම කතාකරා

“ ඔයා සිගරට් බොනවා නේද ?”

එයා එහෙම ඇහුවා

“ඔවු හැබැයි ගිය සතියේ නතර කරා”

එයාව ලබාගන්න මට තිබුනු ඕනකම නිසයි ඒ බොරුව මම කීවේ එයා ඒක ව්ශ්වාස කරා.

හවස 5.15 එයා යන්න ලෑස්තියි. “මට ආදරෙයි කියලා යන්න”

මම එයාගෙන් ඉල්ලුවා ඒවෙලාවේත් මගේ හිත දන්නේ නෑ මේ කරනනේ වරදක් කියලා .

“අනේ ඔයා බලාගෙන ඉන්නකොට මට ඒක කියන්න බෑ ” මම දැන් දන්නවා එයා මට කැමති බව .

“මූනට කියන්න බැරිනම් මගේ අතින් අල්ලලා යන්න මම හිතාගන්නම් ඔයා මට ආදරේ බව”

එයා මගේ අතින් අල්ලපු වෙලාවේ ඒ අත්වල සීතල මට හොඳටම දැනුනා ඒ අත අල්ලගෙන මම පොරොන්දු උනා කවදාවත් එයාට දුකක් කරදරයක් වෙන්න දෙන්නේ නෑ කියලා . ඒ පොරොන්දුව අද වෙනකම් මම කඩලා නම් නෑ තවම මාසයක් වත් නැතිබව ඇත්ත ඒත් මම මලත් ඒ පොරොන්දුව රකිනවා මගේ අතින් අල්ලලා එයා මොහොතක් වත් හිටියේ නෑ පුංචි මූනේ හිනාව පුරෝගෙන පාරදිගේ දිවුවා !

“ මමත් එන්නද ? මම ඇහුවා

"එපා මට අයියලා 3 ඉන්නවා "

අප්පේ තුන් දෙනෙකුගෙන් කන්න බෑ මම යනවා !මම ආපහු හැරුනා

“ඔයාට මොනවත් කරන්න මම කාටවත් ඉඩ දෙන්නේ නෑ ” . ඒ එයාගේ හඩ

එයා ගියේ මගේ ජීවිතේම බවට පත්වෙලා . මට එයා නැතිව ඉන්න බෑ ඒත් මට මේ ලවු එකට තිත තියන්න වෙනවා . ඒත් ඒ කෙල්ලට කොහොමද මම මේක කියන්නේ එයා හම්බවෙනදාට මේක කියනවා කියලා හිතාගෙන ඉන්නවා ඒත් මගේ ආදරේ දවසින් දවස වැඩි වෙන එක විතරයි වෙන්නේ එයාගෙත් එහෙමයි !
මට මගේ රස්සාව වටිනවා මේ මගේ පලමුවෙනි රස්සාව ලමයින්ට උගන්වලා මම ලොකු සතුටක් ලැබනවා හැමදාම . මම මේ වරද කලේ කොහොමද හිතන්න වත් බෑ .

එයා අතහරින්න !අපෝ ඒක කරන්නත් බෑ

දවස තිස්සේ මේක ගැන කල්පනා කරලා රෑට බොන එක විතරයි මට කරන්න පුළුවන්
ඇයි එයාව අතහරින්නේ රස්සාව ලොකුද ?

මට එයා මගේ පවුලේ අය තරමටම වටිනවා.

එහෙනම් මොකටද අතහරින්නේ ?
දැන් මට බනින්න එපා !

……. එයා …නවය වසරේ ඉගන ගන්න පුංචි කෙල්ලෙක්

මගේ වයස 21 එයගේ වයස 14

ඒකයි දෙවියනේ මම මේ තරම් විඳවන්නේ . මම මොකද කරන්නේ මට හිතාගන්න බෑ පාන්දර 3:35 ට ඇහැර ගෙන මේක ලියන්නේ නිදාගන්න බැරි නිසා. එයාගේ ගෙදරින් දැනගත්තොත් ඒ දෙමවුපියෝ අපේ ආයතනයට ඇවිල්ලා ඒක දෙවනත් කරනවා . අපේ ගෙදරින් දැනගත්තොත් අම්ම නම් මොනවත් කියන්නේ නෑ ඒත් මගේ නෑ පරපුර තමා මාව පාලනය කරනනේ උං මාව ගෙදරින් එලවනවා . ඔය මොන දේ උනත් මට ලෝකයාට මුහුන දෙන්න බැරි වෙනවා මටනම් මොනාහරි කරගත හැකි ඒත් එයා මේ වයසේදී කතාවක් හැදුනොත් එයා ඉවරයි !
මම තීරනයක් ගත්තා මේක මම නවත්වනවා එච්චරයි . ඒත් කොහොමද ? මම ක්‍රමයක් හොයා ගන්නම්

මගේ යාළුවෝ කියන්නේ නවත්වන්න එපා කියලා ඒත් හිතට එකඟව මේක කරන්න බෑ !

එහෙනම් මගේ තුන්වන ලව්ස්ටෝරිය ඔය විදිහට හිස් වෙනවා .

ආයේ ලවු නම් එපා …………….සෑහෙන කාලෙකට

මම දුකින් නම් නෙවේ ඉන්නේ

තරහින්

මම ගැනම ………තරහින්

පුළුවන්නම් මට සමාව දෙන්න

20.10.10

කෙල්ලො 48 දෙනෙක් ඉස්සරහා බිම ඇදගෙන වැටුනා . චි:හ්


                 මාර ම අසික්කිත වැඩක් නේ අද උනේ . හිතා ගන්න බෑ හෙට කොහොම වැඩට යනවද කියලා .
මම කෙල්ලෝම 48 දෙනෙක් ඉස්සරහා ඇදගෙන වැටුනා බිම. චි:හ් . මට කාලේ ආපස්සට යවන්න තියනවා නම් හොඳයි . අහගන්නකෝ වෙච්ච දේ 

                     මම කලිනුත් කියලා තියනවා වගේ මම උගන්වන්නේ ලංකාවේ ප්‍රධාන IT Institute එකක. හැබැයි ඈත පලාතක පලාත කියන්නේ නෑ මම මාට්ටු වෙනවා නේ . මේ පලාතේ IT Institute එකකට තියෙන්නේ අපේ එක විතරයි හරි මෙන්න මේකයි මට උනේ. අපේ Institute එකට අද්‍යාපන දෙපාර්ථමේන්තුවෙන් ඉල්ලීමක් ආවා 6,7,8,9 වසර වල ලමයින්ට සහන මිලකට පරිගණක පාඨමාලාවක් කරන්න කියලා. අපේ බොස් ඉතින් හොඳ නිසා  දුන්නා දෙපිටින් යන්න. ටිකක් නෙවේ ලමයි 500 ට අවස්ථාව. විභාගයක් තියලා එහෙම ලමයි තෝර ගත්තා. හරි ලමයි ටික දැන් පන්ති එනවා ලමයි 500 නිසා 60 කන්ඩායම් වලට කඩලා තමයි පන්ති පැවැත්වුනේ . මටත් ඔතනින් පන්ති 4ක් බාර දුන්නා . අද! ඒකියන්නේ අගහරුවාදා අද පන්තිය ඒකත් මට. එකේ කෙල්ලෝ 60 ඉනවා කොල්ලෝ 20 ඉන්නවා . 9, වසරේ කට්ටිය

                                   ඉතිං අද පන්තිය සඳහා ලමයි හවස 2.00 වෙනකොට පාසල් ඇරිලා ආවා ! ලමයි 60 නේ තදබදේ වැඩියි . ඉස්සරහා මේසේ ගාව ඉන්න පිලිගැනීමේ අක්කා සහ මැනේජර් අයියා මරෝ ! කියලා වැඩ. කාඩ් මාක් කරනවා, ලමයි ලියාපදිංචි කරනවා, දෙමවුපියන්ගේ ප්‍රෂ්න වලට මොනවාදෝ කියනවා , වැඩ කෝටියයි. වැඩ නිසා ඒ දෙන්නට ලමයින්ට දෙන්න ඕන ටියුට් එක බෙදාගන්න විදිහක් නෑ . ඉතින් මම ස්වෙච්චාවෙන් ඉදිරිපත් උනා ඒවා බෙදන්න . (මටත් ගැට්ටනේ ) ඔන්න මම මේසේ ගාවම ඉඳන් ඇතුලට යන ලමයින්ට ටියුට් එක බෙදනවා . ඔහෙම බෙද බෙද යනකොට ඒවා ඉවර උනා . ඉතිං මම තව ටිකක් ගන්න ආපහු යන්න ඕන නිසා එකපාරටම හැරුනා .එකපාරටම ටෙලිෆෝර්න් එකේ වයර් එක මගේ අරකේ පැටළුනා ! කකුලේ කකුලේ !

ජීවිතේටම කොල්ලෙකුට අත් විඳින්න බැරි උන නව නිංගිරාවක් ඒ මොහොතේ මම අත්වින්දා. 

 
                      මම හරියටම කෙල්ලෝ ගොඩ මැද බාං ! ගාල බිම . උංගේ දෙපා මුල. චිකේ ! . වෙලාවට බොස් හිටියේ නෑ . මගේ තරහ කාරයෙක් ඉන්නවා ඌ හිටියෙත් නෑ . ඒත් කෙල්ලෝ 48 ම . උං.  හූ කියලා හිනා උනා . අනේ අපේ සර්! කියලා නැගිට්ටවන්න එකෙක් ආවේනෑ . එලට හිනා උනා කට්ටිය. මම හෙමීට පිටිපස්සට කැපුනා ,

          මට හිතාගන්න බෑ මම දැන් කොහොමද ඒ පන්තියට උගන්වන්න යන්නේ කියලා දාඩිය දානවා නන්ස්ටොප් . තව විනාඩි 20 පටන්ගන්නත් තියෙන්නේ . මට මාර අයිඩියාවක් ආවා . දුවලා ගියා ලඟම තිබුන කඩේට ගත්තා දුමක් . පත්තු කරා ඉක්මනින් ඇදගෙන ඇදගෙන ගියා . දැන් ටිකක් නෝන්ඩිය අඩු උනා. හැක්ස් එකකුත් කන ගමං හෙමීට Institute එකට ගියා . වෙලාව හරි මම පටන් ගන්නයි යනේ .

                          ගුඩ්  ගුඩ්මෝර්නිං !  අයියෝ .ආයි ඇනගත්තා. මේ ගුඩ් ආෆ්ටර් නූන් මී ගවයෝ ! මම කලබලෙන් හිටියේ එකයි වැදුනේ. කෙල්ලෝ කිචිබිචිය ආයි පටං ගත්තා . මම ගත්තා දුම් වැටියේ පවර් එක හිතට . ඕන දෙයක් වෙද්දෙං කියලා පාඩම කරගෙන ගියා …………… පැයක් විතර ගියාට පස්සේ ඔන්න කට්ටියට අරක අමතකයි …. හප්පේ මට දැනුත් දාඩිය දානවා … කොහොම හරි පැය 2 ඉවර උනා ! පුදුමයි මේ පන්තියේ ඉන්න කොල්ලෝ 20 දෙනා නියමයි පොඩ්ඩක් වත් හිනා උනේ නෑ. නියමෙට මට සප් එක දුන්නා . ඒකටත් එක්ක කෙල්ලෝ ටික …

 පන්තිය ඉවරවෙලා ලමයි ගියාම මම නම් ලකුනු කරන පොත අරං බැලුවා එතකොටයි දන්නේ කෙල්ලෝ 48 ම හිටියා කියලා .. තව දෙන්නෙක් එදා ඇවිත් නෑ. හිටියනං මම අර්ධෂතකේ ගහනවා. අපරාදේ අද වැඩට ආවේ කියලා හිතුන වාර අනංතයි …

           ගෙදර ඇවිත් නෝන්ඩිය යන්නත් එක්ක ටිකක් විතර අරගත්තා. දැන්නම් අවුලක් නෑ ! මේකෙන් මම එක දෙයක් ඉගන ගත්තා ඒ තමා කෙල්ලෝ ගොඩක් ඉන්නවාද එතනින් මාරු වෙයං !හෙමීට

                  

18.10.10

Win XP සහ Office 2003 නොමිලේ ලියාපදිංචි කරගන්න

RockXP 4.0
 මේ පෝස්ට් එක වැඩිපුරම වැදගත් වෙනේ Windows XP ,    Ms Office 2003 භාවිතා කරන අයට තමයි.  ඒ මොකෝ ? Windows XP , Ms Office 2003  පාවිච්චි කරන අයට තමන්ගේ වින්ඩෝස් සංස්කරනය හරි   Office සංස්කරනය Update කර ගන්න බෑ. හිතා මතා Update කරොත් හරි වැරදිලා Update උනොත්. හරි අපේ පරිගනකය ඉවරයි ! අයේ දිගටම මැසේජ් එනවා හොර එකක් හොර එකක් කිය කිය. පරිගණකය ඔන් වෙන්න විනාඩි 5 විතර යනවා.  අයේ රීස්ටෝ කරල වත් ගොඩ එන්න බෑ.

ඔන්න දැන් මේකට විසඳුමක් තියනවා RockXP 4.0 පට්ට බාන්ඩේ එලකිරි සහ අමු ගොම වගේ. මේකෙන් පියවර 3 න් Windows XP Genuine බවට හරවනවා. අයේ බිල්ගේට්ස් ගේ අප්පොච්චිටවත් හොයන්න බෑ. එලට අප්ඩේට් කලහැකි , Internet Explorer අළුත් වර්ෂන් උනත් දැම්ම හැකි මීඩියා ප්ලේයර් ඕන අළුත් එකක් දැමිය හැකි . Genuine  නොකර මේව ඉස්ථාපනය කරනව බොරු. මේ වැඩේට තත්පර 10 යයි වැඩිම උනොත්.

ඔයාලත් ට්‍රයි කරලා බලන්න කිසිම හානියක් නෑ හරිම සියුම් භාන්ඩේ. මේක කරන හැටි ගැන ලියවිල්ලක් සමගයි තියෙන්නේ බය නැතුව ගන්න . 

ආන්න යට තියනවා ගිහින් ගන්න



වැඩිය බරත් නෑ කිලෝ බයිට් ගානයි ! මෙතනින් ගන්න

17.10.10

බොස් මට බැන්න දවස අදයි චි:හ්


                            මෙවුවා බ්ලොග් වල ලියනවාද මන්දා මම දන්නෑ මම තාම බ්ලොග් වලට අළුත්. ඉන්නකෝ සඳරු කියන මේ මාව ඔහේලට හඳුන්වා දෙන්න මම වැඩ කරන්නේ ඈත පලාතක IT උගන්වන ප්‍රසිද්ධ ආයතනයක පලාත කියන්නේ නෑ එතකොට මම හැමෝටම මාට්ටු .  
 
                              ඔන්න අද මට වෙච්ච ලැජ්ජ නැති දේ . අපේ ආයතනයේ ශාකාවක් තියනවා මොනරාගල අපේ ආයතනය BIT, FIT, AAT උගන්වන ආයතනයක්. අපේ ප්‍රධාන දේශක තුමා තමයි අපේ බොසා (මාර වැඩ්ඩා) එයා මෙහෙ සෙනසුරාදාට උගන්නලා  ඉරිදට යනවා දේශනේ දෙන්න මොනරාගලට . ඔන්න අද ඒකියන්නේ සෙනසුරාදාවක් . අදත් අපි හෝ ගාල වැඩ. අපිට වැඩ වැඩිම දවස සෙනසුරාදා. උදේ ඉඳන් කට කැඩෙනකං පොඩිඑකා ගේ ඉඳලා වයසක ලොක්කා දක්වා ඉගනගන්න එනවා. ඉතින් අද මම Lecture එකක් කරමින් ඉද්දී බොසා පැමින මට මෙසේ කිවුවා. අහගන්නකෝ එයාගේ කටින්ම  

        “ සඳරු මට හෙට මොනරාගල ගෙනියන්න නෝට් වගයක් අහවල් පරිගණකයේ ඩෙස්ක්ටොපේ දාලා තියනවා ඒව ටොප් සීක්‍රට්  පාස්වර්ඩ් එක ****** මේක . ඒක මෘද්‍රනය කරලා තියන්න මගේ බෑග් එක ලගින් කියලා. හරි මම මගේ පන්තියත් නිමකරලා හොරෙන් ඒව මෘද්‍රනය කරලා බොස්ගේ මල්ල ලගින් පැක් කරා ඉන්පසු මම දඩයමේ ගියා (කෑල්ලක් ටෝක් කරන්න ) හරි කොහොම කොහොම හරි දවසේ වැඩ නිම උනා 5 .30 ට . අපි ගෙදර ගියා බොස් ගත්තා නිලරථය ගියා මොනරාගල නිකංම නෙවේ අපේ මැනේජර් මෑන් වත් එක්කං (මගදී අලි ගහයි කියලා බයට හි හි හි ) මම ගෙදර ආවා විනාඩි 15 ටීවී බැළුවා 7.00 විතර නෑව . (දුරකථනය ඕෆ් කරලයි තිබ්බේ )

                 ඔන්න මම නාමින් ඉද්දී මට පනිවිඩයක් ආවා බොස්ගේ පියා මාව බැහැදකින්න පැමින් ඇති වග මම ටිකක් වැඩිපුර නාලම ආවා . ආවා විතරයි ! බොස්ගේ පියා (අනේ හරි හොඳ කෙනෙක් ) මට එයාගේ ජංගමේ දීලා කිව්වා . බොස්ට කෝල් එකක් ගනු ! කියලා . මමත් ගත්තා මගේ සල්ලියැ . රිං වෙනවා ……… තවම ……. “හලෝ අප්පච්චි” (බොස්ගේ තාත්තගේ ජංගමේ නේ) “සර් මේ … මම …සඳ්”…කියනකොටම  “සඳරු කෝ අර මම ගන්න කියපු ප්‍රින්ට් අවුට් . “සර් මම මල්ල ගාව තිවුවා ” අපේ මැනේජර් කියන්නේ ඒවා එතන තිබ්බේ නෑ කියලා ආ මෙන්න මම ෆෝන් එක එයාට දෙනවා එයාගෙන්ම අහගන්න ” (බඩු ටික නිලරථයට පටවගත්තේ ලොක්කයි මැනේජර් අයියයිනේ  ) මැනේජර් අයියා මට බනින්න පටන්ගති කෝ බොල ඒව එතන තිබ්බේ නෑ . තිබ්බනං මට පෙනේ !. මම මාර මීටරේ! . මූ මට බැනපි ඇයි හත්වලාමේ මම අර තිවුවේ බෑග් එක ලගින් බලන ඔයාලත් සාක්කි ! මූ මාව කාලා කාලා ෆෝන් එක තිබ්බා . 

           වෙලාව 8.00  මැනේජර් අයියා ටිකකින් මට කතාකරා නිවිලා වගේ ඒ මචං . එතකොටම මම පටංගත්තා තිබ්බනේද තියාගෙනනේ මට බැන්නේ . “රෙද්ද ඒව නෑ යකෝ ” එහනං ? 

      මචං මම අයිංවෙනවා බොස් මට බැන් … බැන්…. බැන්නාආආආආආආආආආආආආආ ඊඊඊඊඊඊඉ…. මෙන්න මූ අඩනවා ! මට මාර අවුල මම නිසා මූ ගියොත් මම කොහොමද ලෝකයාට මූන දෙන්නේ . මම ගත්තා තීරනයක් ! කතාකරා අයියට (මගේ අයියා නෙවේ නැන්දගේ පුතා ) අපේ එකෙක් නං මට කන්න වෙන්නේ .. “අයියේ යමං මොනරාගල” L .  “කොහේ කිවුවා ? මොනරාගල ?  යමං ඒ ගමංම නන්නපුරාවෙත් ගිහිං එන්න! ” ඌ හිතුවේ මම බීල කියල මම ඌට තත්වය පැහැදිලිකරා මොනා උනත් ඌ මරු ඩයල් එක බයික් එක ගත්තා අපි නැග්ගා ගියා . මුලින්ම අපි අපේ ආයතනයට ගියා අර ප්‍රින්ට් අවුට් තියේද බලන්න . මමගාව යතුර තිබ්බා ඉතිං අපි ඇතුලු උනා . මට නං ෂුවර් ඒවා මොකෙක් හරි ඉස්සුවා ! මම හැමතැනම බැලුවා නෑ එවුවා නෑ . මෙන්න යකෝ ! !!! ප්‍රින්ට් අවුට් !  සිංක් එකගාව තියලා මොකෙක් හරි . හරිනේ මම බෑග් එක ලග තිවුවානේ ! . මොකෙක් හරි (මම හිතන්නේ මාත් එක්ක ඇරියස් එකෙක් ඉන්නවා ඌ තමා මේ වල් වැඩේ කලේ .
            දැන් මොනා කරන්නද ? කමක් නෑ මේටික අරං මම මොනරාගල යනවා . ගත්තා බයික්කේ අපි දැන් යනවා. ගියාට මම දන්නෑ බොස් නැවතිලා ඉන්න තැන මම මැනේජර් අයියට කෝල් කරා “ඒ උඹලා මොනරාගල කොහේ බං ඉන්නේ ? “ ඇයි ”  “කියපියකෝ පන්ඩිත කං කියන්නේ නැතිව  අපි මේ එනගමං දැන් සියඹලාන්ඩුව පැන්න විතරයි ”මම කිවුවා  “ආ අපි ඒවා 25 ෆොටෝ කොපි ගහගත්තා ”  මට පුදුම සතුටක් දැනුනා ඇයි යකෝ 400 පැට්‍රොල් පිව්විවා මම ඌ කොපි අර0 ඕක මුලදිම කරලා මට බැන්නනං මොකද ? මටත් ගහන්න ඕන වේලපු බූවල්ලෙන් . චි: මම කාපු කට්ට . මක් කොරන්නද මම ආයේ ආවා . ඉඳපංකෝ අරවා හංගපු එකාව මම තාම හොයනවා. ඔය වැඩේ කරේ මොකාද කියලා උගේ හිත දන්නවනේ. මම කොහොම හරි ඕකව හොයලා අනිනිවා 2 ක් . කුඩා බඩවැල් කටිං එන්න !
  
           හප්පේ ඉවරයි මම බැනුං ඇහුවා චා උනා බලු උනා ඔක්කොම උනා . කමක් නෑ අරූ ව මම අල්ලගත්තම ඔය දුක අඩුවේවි . එහෙනං මේක මගේ කෝපය පිටකරගන්නයි ලිවුවේ . මම ඩිංගක් මේවෙලාවේ පාවිච්චි කරලයි ඉන්නේ … අයිතක් හිතන්න එපා ඕං .

හරි මම යනවා ඉවරයි කථාව ඉවරයි …. අරූව හොයාගෙන මම තව පෝස්ට් එකක් දාන්නං   

මෙවන් දෙයක් සතුරෙකුට වත් ඇතිනොවේවා !


15.10.10

මූනුපොතේ චැට් සංකේත සියල්ලම (facebook Symbol )

මොනවත් නොලියා ඉන්න බැරි කමටයි මේක වත් කියන්නේ. හරි අපි හැමෝම ෆේස්බුක් යනවනේ  ගිහින් ඉතින් පුටුව රත් වෙනකම් චැට් කරනවා ඔය චැට් කරද්දී අනික් අන්තයේ ඉන්න කෙනාට පොඩි Symbol එකක් යවලා ආතල් එකක් අපි ගන්නවනේ ! ඉතින් ඔය යවන්න පුළුවන් සංකේත සියල්ලේම කෙටිමං ටික පහල තියනවා බලන්නකෝ එල එල ඒව ටිකක් තියනවා . අරගන්න පේනවා මදි වගේනම් කිලික් කරන්න එතකොට එලටම පේනවා .  ආ.............පෝ.. වෙලාව      රෑ 12.23 මම යනවා .

. කොපි කරගත්තට මම තරහ නෑ  
   ජයවේවා !


ප: ලි. මේ පින්තූරේ හරියන්නේ නෑ නේද ඔන්න PDF එකක් හැදුවා ඕන කට්ටිය මෙතනින් ගන්න

13.10.10

සභාවෙන් අවසරයි

හැමෝටම ආයුබෝවේවා!!!!
අද තමයි මගේ මංගල බ්ලොග් එක ආරම්භ කරන්න යන්නේ.! පොඩි අමුත්තක් දැනෙනවා පහුවෙද්දී හරියයි .මීට කලින් කොමන්ට් වලින් නම් මගේ සහයෝගය දැක්වූවා . දැන් මට මගේම බ්ලොගක් තියනවා (ආඩම්බරයි ) මම ලියන වල්පල් වලට තරහගන්න ඔට්ටු නෑ ඕං . දැං ඉතිං මාව නවත්වනවා බොරු ලියනවා මම හැටට හැටේ . මම තාම අළුත් නේ රැග් කරන්න නම් එපා ! වරදක් ඇතොත් පෙන්නා දෙන්න . මම කරන හැම වැඩක්ම අතරමග නවත්වනවා බලමු මේකවත් අල්ලගෙන යන්න . එහෙනම් කරුනාකරලා මාවත් පිලිගන්න . ජයවේවා !!!!