1.1.11

සිහිනයක්ම වූ ඩිජිටල් ආදරය ADSL ..

Asymmetric Digital Subscriber Love (ADSL)

සෑහෙන කාලයක් එයාට හිතෙන් ආදරේකරපු බව එයාව මගේම ලඟට ගන්න පෙරුම් පුරපු බවත් . ගොඩ දෙනෙක් තාම නොදන්නා කරුනක්

එයාව මගේ ගෙදරට ගේන්න මම හැම තිස්සේම හීන දැක්කා . එයා මාත් එක්ක ඉන්නවානම් මගේ හැම වැඩක්ම ගොඩාක් ලස්සනට ගොඩාක් සාර්ථකව සම්පූර්ණ කරගන්න මට පුලුවන් වෙයි කියලා . මම හොඳටම දැනං හිටියා .මුලින්ම මම එයාව මගේම කරගන්න එයා ඉන්න තැනට ගියපු දවසේ මගේ හිතේ බලා පොරොත්තු ගොඩාරියක් එකතුවෙලා තිබුනා

ඒත් කාලය හැම දේකටම හරස් වෙනවා

මට තවම මතකයි . මම බස් එකක තැලිලා පොඩිවෙලා . ඔයාව ගෙනියන්න ආපු හැටි . එදා මට ඔයාගේ බාරකාරයෝ වගේ හිටපු ටයි කෝට් දාගත්ත මිනිස්සුන්ගෙන් . එක එක කතා අහන්න සිද්ද උනා . තවම ඔයාව මට දෙන්න බැරිලු . තව මාස 6 වත් ඉන්න කීවා . මුලින්ම ඔයාව ඉල්ලපු අයට ඔයාව දීල මගේ වාරේ ආවම මට දෙන්නම් කීවා එතකම් ඉවසන්න කියලත් කීවා. ඒත් මං කොහොමද එච්චර කාලයක් ඉවසන්නේ . මම ඔයාව ඉල්ලලා ඔයාගේ බාර කාරයන්ට වැන්දේ නැති ටික විතරයි . ඒත් මට ඔයාව ලැබුනේ නෑ !!

උදේට නැගිටලා කක්කුස්සියට ගියාට පස්සේ තමයි . මට ඔයාව මතක් වෙන්නේ . මොකද . කක්කුස්සියේ කවුළුවෙන් මට ඔයාලගේ ගෙදර තියන අර උසම උස ඇන්ටනාව ලාවට පේනවා . ඉතිං මට ඔයාව මතක්වෙනවා . ඉතිං අනේ මම කක්කුස්සියේ ඉඳන් හූල්ලනවා . මට ඔයාව කවදා මගේම කරගන්න ලැබෙයිද කියලා . ඔකෝම කරේ ඔයාට තියන ආදරේට

ඔයාව ලංකරගන්න හදනකොට මට ගොඩදෙනෙක් එක එක කතා කිවුවා !

"පිස්සුද බං ඒක මාරම ගනං නේ මාසෙකට හෙන ගානක් පුදන්න වෙයි " මගේ හොඳම යාළුවත් දවසක් කියපු හැටි මට හොඳටම මතකයි

ඒත් මගේ හිතේ ඔයාට තිබුනු ආදරේ අඩුවක් උනේ නෑ . මම ඔයාට කොයිතරම් ආදරෙන් උන්නත් ඔයා මගේ ලඟට මාස 6 ගිහිල්ලත් ආවේ නෑ

මම මාස 6 ඉවසලා ඉවසලා බැරිම තැන . බැංකු පොතේ තිබුනු සල්ලිත් අරං . ඔයාගේ මහ එවුන්ට සල්ලි දීල හරි ඔයාව ගන්න හිතාගෙන එලියට බැස්ස මොහොතට මම අදනම් වෛර කරනවා . එදා මම වැරදි නැකතකින් තමයි ගෙදරින් එලියට බහින්න ඇත්තේ .. මට මතකයි මම එලියට බහිනකොට බල්ලෙක් උඩු බිරුවා ! උලමෙක් කෑ ගැහුවා , නරියෙක් හූ කිවුවා ( නරියෙක් නෙවේ අල්ලපු ගෙදර මිනිහා කියලා මම පස්සේ දැනගත්තා ) ඔය තරම් අසුබ දේවල් එදා සිද්ධ උනත් මම මගේ තීරනේ වෙනස් නොකර දිගටම ඔයාලගේ ගෙදර ආව හැටි . මතකයි නේද ?

මම එදා ආවට පස්සෙත් මට ඔයාව ලැබුනේ නෑ . ඔයාලගේ ගෙදර හිටි නපුරු මිනිස්සු මට ලොකු ඇප්ලිකේසන් එකක් දීල "මේක පුරුවන්න" කීව . මම ඉංගිරීසි දන්නේ නැති නිසා ඒක සිංහලෙන් පිරෙවුවා . පුරුවලා ඔයාගේ බාරකාරයෙකුට දුන්නා එයා ඒක කොහෙදෝ මුල්ලක ගැහුවා

"තව මාස දෙකකින් එන්න දැන් පවු නොදී යන්න. එහෙම කියලා මාව එදත් එලව ගත්තා . එදා නම් මම පාරට ඇවිල්ලා කෑගහල අඩුවා.! ඒක දැකලා. පාරේ හිටපු නැන්දා කෙනෙක් මට බැලුම් බෝලෙකුත් අරං දුන්නා . මම බැලුම පුම්බ පුම්බ ගෙදර ගියා . .. මම අඬ අඬා එන හැටි අම්මා දුර තියාම දැක්කා . අම්මා නම් මගේ හිතේ ඔයාට තියන ආදරේ දැනං හිටියා . ඒත් ඔයා ගනං උස්සන නිසා අම්ම ඔයාට ඒතරං කැමත්තක් තිබුනේ නෑ

මම ගෙදර ඇවිල්ලා . අඬ අඬාම බත් කාලා . පිටි කුක්කු එකකුත් බීල . කොට්ටේ බදාගෙන දොයියගත්තා . මම ඇහැරලා බලනකොට . අම්ම මට වෙන කෙනෙක්ව කතාකරගෙන ඇවිලා තිබුනා

"පුතා බලන්න මෙයා හොඳඳ කියලා?

අනේ හරිම හුරුබුහුටි කෙනෙක් ..උන්න හැටියට මලත් මදැයි කියලා මට හිතුනා

මට මොහොතකට ඔයාව අමතක වෙලා එයා ගැන හිත ගියා . ඉතිං මම එයාව මගේ කරගන්නත් . ඔයාව

හිතෙන් ඈත් කරල දාන්නත් හිතාගත්තා

ඉතිං මම එයාව එක්කරගෙන මගේ කාමරේට ගිහිං එවෙලෙම වැඩ පටන්ගත්තා ..! හුරුබුහුටි උනාට මෙයත් නරකම නෑ මට ඒවෙලාවේ හිතුනා .

ඉතිං කොහොම ඔය විදිහට කාලයක් ගියා

දවසක් මට අම්මා කතාකරා .. "අන්න ටෙලිකොම් එකෙන් ඇවිල්ලා ඔයාව හම්බවෙන්න "

මම පුදුම උනා ! "මගේ පලවෙනි කැමැත්ත පලවෙනි ආදරේ. ADSL” එයාලගේ ගෙදරින් ඇවිල්ලා . මොකද දන්නේ නෑ මාව දැන් මතක්වෙලා තියෙන්නේ . ඒත් දැං මට පරන කෙනා ඕන නෑ . මට අළුත් . හුරුබුහුටි Dialog ඩොන්ගල් එකක් තියනවා

මෙන්න මට සද්දේ දාපු අය අවිල්ලා

"සර් ADSL ගන්න කාලයක් Office එකට ආවා නේද ?”

"ඔවු ඉතින් ඔයාල මට දුන්නේ නෑනේ

"සර් අපි ටක්කෙටම ලබන අවුරුද්දේ ජනවාරි පලවෙනිදා දවල් එක පසුවී විනාඩි හතරයි . තත්පර හතරට . යෙදෙන සුබ මොහොතින් සර්ට ADSL ලයින් එක දෙනවා

මට මල පැන්නා ... කට්ටිය එහාට එහාට උනා නහය වහගෙන

"දැං මට දැන් ඕව එපා මට අරවයිං ෂෝයි ඩොංගල් එකක් තියනවා අනාගතය අදයි හරිද !”

"එහෙනම් මොකට සර් තමුසේ අපිට මෙච්චර කරදර කරේ ? . "කරන්න දෙයක් නැ මෙච්චර දුර ආවට අපට චාර්ජ් කරන්න වෙනවා . දන්නවනේ අපිත් ඉතින් වී කෙයාර් ඕල්වේස්"

චාර්ජ් කරන්නේ ෆෝන් එකද ?

නෑ හරකෝ . තොගෙන් සල්ලි ඕන මෙච්චර දුර ආවට. මේව රජයේ වාහන මේව දුවන්නේ වතුරෙන් නෙවෙයි . බූමිතෙල් වලින් අරිද ? මෙච්චර දුර ආවට අපට සල්ලි දෙනවා

අහින්සක ඉල්ලීමට මට ගොඩක් දුක හිතුනා . ඉතින් මම . සල්ලි ටිකක් දීල එයාලව පිටත් කරා

ඇත්තටම මම එදා බය උනේ නෑ . මොකද මම තමයි අපේ ඒරියා එකේ චන්ඩියා . මම පාරට බැහැලා හූවක් කිවුවොත් 100 ක් 200 විතර පොලු අරගෙන වටවෙනවා . එච්චරට මට බලයක් තියනවා දැනුත්

ඉතිං මේක තමයි මම ඉන්ටර් ඉන්ටර්නෙට් කනෙක්ෂන් වලට කරපු ආදරේ . …කොහොම වෙතත් මම තාම ADSL වලට හිතෙන් ආදරේ කරනවා ..ඒත් මං ගාව ඉන්න පුංචි Dialog ඩොංගල් එකටත් මම ගොඩාක් ආදරෙයි ..එයා නිසා තමයි මේ හිස් අහස බ්ලොග් එක පටන්ගන්න පුලුවන් උනේ ..

ගිය වසරේ අප්රේල් මාසේ ටෙලිකොම් එකෙන් දුරකථන සම්බන්ධතාවයක් ඉල්ලුවත් අදවෙනකම් මට ඒක ලැබුනේ නෑ ..! අනේ දෙයියනේ මේ වසරේවත් ලැබුනොත්

කස්ටියටම සුබ නව වසරක් වේවා.!!

සඳරු //

27 comments:

Anonymous said...

අනේ සත්තරනේ. ඔයාගේ ආදරේ මාව හොයා ගෙන දවසක් අපේ ඔෆිස් එකටම ආවා. මම වැඩි කැමැත්තක් පෙන්නුවෙ නැහැ. ඒත් නම ගම වාසගම දුන්නා.

මෙන්න බොලේ ඊළග දවසෙ අපේ ගෙදරටම ඇවිත් හයි කරල ගිහින්. සල්ලි ගත්තෙත් නැහැ. එකම දෙයයි කරේ.සීඩීඑමිඒ ෆෝන් එක ඩිස්කනෙකට් කරල වයර් සහිත ලෑන්ඩ් ලයින් එකක් දීල තිබ්බ.

ඉතින් එදා ඉදල ඒ ආදරෙත් එක්ක තමයි මම බ්ලොග් ලියන්නේ.

Thusitha (දිමා) said...

මාත් මාස ගානක් බ‍ඩ ගෑව........

Praසන්ன said...

මමනං එයාව අරගෙන මාස දෙකක් විතර කරදර ඉවසල බැරිම තැන දික්කසාද කරල දැම්ම.

රත්ගමයා said...

හූ...මෙන්න ලවු එක මගේ ලග තියෙනෝ.......
හෙහෙ.........

පූසා said...

මම නම් අඩියෙන් අඩිය ඉස්සරහට ආව මිනිහෙක්, මුලින්ම ඩයල් අප්, ඊට පස්සෙ 1 ජීබී එක දැන් ඕනතරම් එක. මෙවා ඉතිං මගේ නමෙයි අපේ තාත්තගේ ඕං.
අයියේ අයියාටත් හිතෙන් ආදරේ කරන ඒඩීස්එල් ලැබෙන වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!

dinesh said...

දැන් ඔය කෑල්ලගෙ ගනන් බැහැලලු.ඉස්සර තමයි ගනන් ඉස්සුවෙ.
මගෙ මෙහෙ එක්කෙනානම් 1second ,10MB විතර සැපක් දෙන හින්ද maxxa ආතල් එකේ ඉන්නව.දැන් ගෙදර ඇවිල්ල ඔය උඹ ගන්න යන දීගෙ හයි කොර ගත්තහම විඳින්න වෙන දුක ගැන කල්පනා වෙනකොට සසර කලකිරෙනව බං.

චතුර.... said...

කැන්ඩිටත් මුළින්ම ආදරේ පහළ වුනේ ටෙලිකොමියටනේ ඉතින්,ඒ වුනාට අනාගතය අදයි ගත්තනම් හොඳයි කියල හිතෙන්නේ කැන්ඩිගේ ටෙලිකොම් ආදරවන්තිට වැස්සක් වැස්සොත් මොකක් හරි සිද්ධ වෙන නිසයි.දැන් නම් මේ ආදරවන්ති වැඩිය කරදර දුන්නේ නැතත් ඉඳල හිටල පොඩි අරියාදුවක් කරන්නේ නැත්තේමත් නෑ.ඒත කැන්ඩිට තාම ඩොංගල් පොඩ්ඩෙක් ගේන්න හිත හදා ගන්න බැරි වුනා..
ඔය ආදරවන්ති තදින්ම අරියාදු කරපු දවසක කැන්ඩිගේ විලාපය අහගෙන ඉන්න බැරිම තැන ටී මෙහෙම කුරුටු ගෑවා...

http://pemhasaral.blogspot.com/2010/03/blog-post_1459.html

සුභ නව වසරක් වේවා..........!!!!

හිස් අහස said...

සොඳුරු සිත = අනේ අක්කේ ඔයා ඉන්න පලාත නම් සුර පුරයක් ඔය පලාත කොහේද ? මම පස්සෙන් ගිහිං වැඳ වැටුනත් මට හම්බ උනේ නෑ තවම . අනේ ඉන්ටර් නෙට් යන්න මම විඳින දුකක් . එක සිග්නල් කනුවකින් තමයි මම මේ සේරම කරන්නේ .

.............................................................................................................................................

Thusitha Jayasinghe said = අනේ මටනම් තව අවුරුදු ගානක බඩගාන්න වෙයි වගේ . ගාලම බඩත් නෑ ...

.............................................................................................................................................

Praසන්ன said. = ඇයි අයියා ඩිවෝස් කරේ මට දෙන්න තිබ්බනේ . අයිය මොකද මම මොකද . මගේ ආදරෙත් උතුම්

.............................................................................................................................................

---- ඉරු ---- said.. = අඩෝ ! ඉරූ මගේ ලවු එකට අතක් තියලා තිබුනොත් මම වහ බොනවා . දැන ගනු !

.............................................................................................................................................

පූසා said.= මමත් මුලින්ම ඩයල් අප් තමයි . ඩයල් කොරන්න ගිහිං දවසක් ෆෝන් බිල රු 15000 ආවා මාසෙකට . අම්ම මට කරුනු පැහැදිලිකරා . ඊට පස්සේ මම ඩ්යල් කරේ නෑ අයේ . ඔයා පොඩි පූසෙක්ද ? මම නම් 1989 ඔයා ..

.............................................................................................................................................

dinesh = ගනං බැහැලා . අනේ ඒත් මට ගන්න පින නෑ නෙව . අපේ වගේ හද්ද පිටිසර ගම්මානෙකට එයා එන්නේ නෑ . ඔයාට 1second ,10MB එනවා !? මට කලන්තේ වගේ . මම දැකලා තියන උපරිම වේගය 100KB මට තියෙන්නෙත් එක සිග්නල් කනුවයි ..

Anonymous said...

අනේ මට නම් ඩයලොගේ හොඳා
නැත්තන් ගෙදර අය කෝල් අරගන්න ටෙලිපෝන් බිලත් මට ගෙවන්න වෙනව නෙව.
ඒකට මොකද ඩයලොගේ නම් එල . . .
අයි ලව් යූ....
මොකද ඉතින් මුන්දැ මාත් එක්ක හැමතැනම යනවනෙව.
ඒ කොහොම උනත් මටත් මුලින් තිබ්බ ටෙලිකොමිය දෙන්න සති දෙකක් ගියා....
ඒකත් ලැබුනේ අන්තිමට ටෙලිකොමියෙ මැනේජර මාමට හුයන්නේ සිට කියල දුන්නට පස්සේ.
ඔයාට මේ කරමෙ අත් හදා බලන්න පුලුවන්.
එතකොට මේ අවුරුද්ද සුභම සුභ එකක් වේවි.
එහෙනම් එහෙම වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...

ayesha said...

අඳුරන කෙනෙක් හිටපු නිසා ADSL ආදරේ එයාට කරදර කරලම ලබා ගත්තා. දන්නවනේ යාළු අපේ රටේ හැටි අඳුරන කෙනෙක් හිටියොත් මොන වැඩෙත් ලේසියි . නැත්තම් ඉතින් මහ කට්ටක් කන්න වෙනවා

සුභ අලුත් අවුරුද්දක් වේවා!

Hishan de Silva said...

මට ඒගොල්ලො මුලින්ම port නැහැය කියල කරදර කරා.

ඔබටත් සුභ නව වසරක් වේවා!

චතුවා said...

අනේ මොනවා වුනත් මට නම් මගේ ADSL ආදරය ලබාගන්න මාසයක්වත් ගියේ නෑ. ඒ අතින් බලද්දී මං ඉන්නේ කොයි තරම් හොඳ පලාතකද...? හිහ් හිහ්

සංකල්ප said...

නියම කතාව. අපිට ඔය ADSL කැප නෑ. ඒ නිසා සුපුරුදු ඩොන්ගල් පැටියගේ සරනේ තමයි.
මොනවා උනත් ලස්සනට ලියලා තියෙනවා

මම නම් ඉතින් We care Always තමයි. 1GB කනෙක්ශන් එකක් හින්දා බ්ලෙඩ් එකෙන් නෙට් යනවා වගේ තමයි පාවිච්චි කරන්නේ. (තාම ජොබ් එකක් කරන්නේ නෑ නේ.ඉගෙන ගන්න හන්දා )

~ChAnDiKa~ said...

මමනම් මගේ ADSL විවාහය පහුගිය 31 වෙනිදා දික්කසාද කරල දැම්මි. ආදරේ කරන්නයි ගණන් බලන්නයි දෙකක් බෑනෙ. අසීමිත අදරේ සීමා සහිත කරලවත් බේරෙන්න බැරි වුන තැන දික්කසාද කරල දැම්ම. දැන් හුරැබුහුටි මොබිටෙල් පොඩ්ඩියෙක් එක්ක තමයි වාසේ. යන එන හැම තැන මා ලඟින්ම.... ;)

පැණි දොඩම් said...

මං නං ඉතින් මේ මොබිටෙල් ටවර් එකකට අතේ දුර හින්දා ADSL ගෙන් ඇහුවෙවත් නෑ. ඒ දවස්වල නම් මේ කණුවෙන් නෙට් ගියෙ මම විතරද මන්දා. මාර ෆාස්ට්. දැන් නම් කස්ටිය ටික ටික පුරුදුවෙලා වගේ. ටිකක් කරදරයි.

Anonymous said...

මට නම් ඊයේ හම්බවුනා සදරු අයියේ නො ලිමිට් ඩොන්ග්ල් එක.... මට නම් මරේ මරු සතුටුයි.. හෙහෙ.. දැන් ඉතින් වැඩකාරයා වගේ තමා...

පූසා said...

@හිස් අහසහුටා මම අයියා කියලනේ උඹට... කමක් නෑ හිත හදාගනින් නාකි සීයලත් මට මල්ලි කියලා තියනවා :D පොඩි පූසෙක් නෙමයි බං. මං හෙන පූස් නාම්බෙක්. මමත් 89 බං :D

හිස් අහස said...

කැන්ඩි = ටෙලිකොමි කෙල්ල ඒතරම් සංවේදීද ? වැස්සොත් අවුල්‍ යනවද ? ඒඋනාට බලපල්ලකෝ එයාගේ ගනං නේද . ඇත්තටම මට ටෙලිකොමි සෙට් කරගත්තොත් . ජීවත් වෙන්න බැරි වේවිද . තවම නම් අනාගතය අදයි කියලා වැඩකරනවා . ඒත් මගේ අනාගතය ගැන බය හිතෙනවා .

.............................................................................................................................................

raala = රාලහාමි අයියේ .ඔයා මතක් කරපු එක හොඳා . අපේ ගෙදර අයට කෝල් කරන්න ගියාම මෙලෝ සිහියක් නෑ .පාරෙදී මග තොටේදී හම්බවෙලා කතකරන්නේ නෑ ගෙදර ඇවිල්ලා ෆෝන් එකේනම් පැය ගානක් උනත් කතා කරයි . ඒ බිලත් මම ගෙවපල්ලකෝ . අයියා කියපු වැඩේ මාත් හෙටම කරල බලන්න ඕන මම ඔය මැනේජරයට හු යන්නෙන් අමතනවා හෙටම . මම ආයේ කවදාවත් මේ බ්ලොග් එකේ පෝස්ට් එකක් නොදැම්මොත් ඔයා දැනගන්න මම ඉවරයි කියලා

.............................................................................................................................................

@ayesha = අනේ මටත් අඳුරන කෙනෙක් උන්නනම් . ඒ ආදරේ බුස් ගාලා ලබා ගන්න තිබ්බා . කොහේද . මම කන කට්ට දන්නේ මම පමනි . ඔයාටත් එසේම වේවා !!

.............................................................................................................................................

@Hishan Melanga = අනේ මචං උං මට එහෙම ඔහොම කීවනම් පෝට් නැත්තං මම පෝට් එකක් හදලා හරි දෙනවා . මේ මෙතෙන්නට ගහපියවු කියලා . සුභ අලුත් අවුරුද්දක් වේවා! ජයම වේවා !!

.............................................................................................................................................

චතුවා (ළමයා) = එහෙම කියන්න එපා . මට කොයිතරම් දුක හිතෙනවද ? මගේ පලාතට ඔයා ඇවිල බලන්න . ආවොත් ඔයා ආයේ යන්නේ නෑ සෑහෙන කාලෙකට . (බස් නෑ ඒකයි ) ජය ..

.............................................................................................................................................

@මධුරංග = මොනා කරන්නද සහෝදරයා . සිතින් විතරක් පෙම් කරමින් දුරින් හිඳ එය දෙස බලා සැනසෙනවා . ඔයා ඩොංගල් ? අපිට වී කෙයා සිග්නල් නෑ අනාගතය අදයි සිග්නල් 2 විතරයි ගෙදෙට්ටම තියෙන්නේ .

.............................................................................................................................................

.ChAnDiKa= අපරාදේ එක පාරම දික්කසාද කරේ . මට බාරදෙන්න තිබ්බනේ . කලින් කසාදේ සිහිවෙන්නේ එහෙම නැද්ද ? මොබිටෙල් පොඩ්ඩි දුක නිවනවා ඇති නේද ? මේ පැත්තට අලුත් නේද .. ජය වේවා !!

.............................................................................................................................................

නුවන් කුමාරනායක = දෙයියෝ බුදුං දැක්කා වගේ . කොහේද වහං වෙලා උන්නේ ? අපි වෙලාවක සෙට් වෙලා ඔය කනුව කපලා දාමු එතකොට එකෙක්ටවත් ඕකෙන් නෙට් යන්න බෑ . කොහොමද අයිඩියාව .. ඔයාට හැපිම හැපී නිවු ඉයරයක් වේවා !!

.............................................................................................................................................

නිම්ශා = ආ !! මම ඔයාව අල්ල ගන්න තමයි උන්නේ . අරහේ බ්ලොග් එක නවත්තලා . මිනිස්සු අසරන කරලා . අපේ ආයතනයේ එවුං කෑගහනවා ඔයාට කියලා අර කතාව ආයේ ලියවන්ලු. ඇයි මම ලොකු ටෝක් දුන්නනේ ඔයාව අඳුරනවා කියලා . ඒක නෙවේ ඒවගේ ඩොංගල් මේ රටේ නෑ . ඔයා නම් ලකී . එහෙනම් හොඳ නගා වගේ ඔය ලස්සන නෝලිමිට් ඩොං එකෙන් අර ලස්ස්න බ්ලොග් එකේ /හිතුවක්කාර සිත/ ,,, මොනවා හරි කුරුටුගාල එන්න .. අපේ ඉස්ටාෆ් එක වෙනුවෙන් ... සුබ නව වසරක් නගේ !!

.............................................................................................................................................

@පූසා = ඒක තමයි . අඩේ අඳුනා ගන්න ලැබීම සතුටක් මගේ වයසේ මට සප් එකට එකෙක් ඉන්නවා එල . පූසියෙක් එහෙම තාම නැතෙයි ?

පූසා said...

@හිස් අහසමොන පූසියෝද බොලං..... ඇත්තමට කියනවානම් මට තාම හිතයන විදිහේ පූසියෙක් හම්බ වෙලා නෑ. මම හදිස්සියක් වගේ හොයන්නෙත් නෑ. බලමුකෝ ලැබෙන දවසක ලැබෙන්නැතෑ කියලා මම ඔහේ ඉන්නවා.
අනික බං මේ කොළොම්පුරේ හොඳ කෙල්ලො නැද්ද මන්දා දැන්

Anonymous said...

අන්න ADSL ​පොල්ලක් වැටිලා. දැන් ඉන්ටනෙට් යනවා කියන්​නේ ඉතින් අන්ලිමිටඩ් සුම්මා.. ඔබතුමාගේ ආදරේ වෙන එකකට පුදන්ඩ..

මම said...

hi hi :D පිස්සු නැත්තම් ශෝක්...

෴ හසියා ෴ said...

මගේ පරණ එක්කේනා මොබිටෙල්...ටිකක් ලොකු ගණන් එයා...(වී ‍කෙයාර් ඕල්වෙයිස්නේ....)හැබැයි ඉන්න ටිකේ දුකක් නොදී අපි දෙන්නම යහතින උන්නා...පොඩි අවුලකට තිබුනේ ඉතිං එයා එක්ක වැඩි වැඩ බෑ...මොකද ලිමිටඩ්නේ...ඉතිං 7GB කාලයක් විතරයි එයා ළග ඉන්න පුළුහන්...ඊට වඩා වෙලා හිටියෝත් ඉතිං තවත් අයකොරනවනේ....

ඔය කාලේ තමයි ADSL නඟා අපේ ගෙවල් පැත්තට සේනුදු වුනේ...සීදේවි ටිකිරිමලී වගේ...මක්කෙටැයි බොරු කියන්නේ හසියටත් බැල්ම දැම්මානෙවැ...හසියත් ඉතිං ලයින් පාරක් නොදැම්මා කියලා නෙමේ ඉතිං....
පස්සේ බැලින්නම් එයා ටිකක් හොදයි වගේ...ක්‍රියාකාරීත්වයනම් ඉතිං පොඩ්ඩක් අඩුයි‍.ඒත් ඉතිං ඕනි තරම් වෙලාව තියේනේ...පැල් බැදගෙනම ඉන්න පුළුහන්නේ ළගටමවෙලා....කවද කා‍පු ජම්බොලද මෙව්වා...
ඉතිං දවස් කිහිපෙකින් ADSL නඟාට අදාල වැඩිහිටි අයගෙන් ADSL නඟාව ඉල්ලුවා..ඔය ෆෝම් පුරවලා දවස් දෙකක් ගියේ නෑ මෙන්න බොලේ ඇවිත් සෙට් එක...මොනාවුනත් හසියා අර රවුටොරේ ගත්තේ පිටින්..මොකද ඔය ADSL නඟා එක්කම එන අය ටිකක් අවුල් යනවලු..
ඉතිං පස්සේ අර මොබිටෙල් එක්කෙනාගේ වැඩිහිටි අයත් එක්ක කතා කොරලා සාමදානයෙන් ඩිවෝරස් වෙලා ADSL නඟා එක්ක විවාහ වුනා...

ඔන්න ඔහොමයි අපේ ADSL ආදරය....
ෂොර්ට් ඇන්ඩ් ස්වීට්

පිස්සා පලාමල්ල said...

මට නම් ඉතින් ඔය ආදරෙන් නම් අඩුවක් නැහ මලේ... ඇති වෙන්න කියන්නේ 1000 ජී බී බාන්නත් පුලුවන් නොවැ මාසෙකට.. හික් හික්..

ඈ බන් ආව එව්වො යැව්ව කිව්වෙ ????

සුබ අලුත් අවුරුද්දක් මලේ...

Unknown said...

මටනම් ආදරේ කරන්න ඕනි එපා වෙනකම් ම, ඇරත් අයියටයි මටයි දෙන්නටම හරියන එකක් ඕනිනේ ඉතින් සදරු ඔයා දන්නවනේ අපි ටිකක් කලබලකාරීයි කියලා, පට්ටම බාන්ඩේ අපි ගාව airtel Dongle 1.

Anonymous said...

ෂා නියම ආදරයක්නේ බොල. මේ දෙකක් වැඩි නෑ බං. ඒකත් ගනින්. දෙන්නා දෙපැත්තෙන් උඹ මැද්දෙන්...

සුභ අළුත් අවුරුද්දක් සඳරු...

හිස් අහස said...

පූසා@ඕං මං ඔබ තුමාගේ ඉල්ලීම ඉතු කරා ...

.............................................................................................................................................

@Anonymous = මම ඔය කතාව ඇහුන ගමං මම කෝල් කරලා බැලුවා ඒත් 1600 මාසික ගාස්තුවක් සහිත පැකේජ වලට තවම ඒ පොල්ල වැටිලා නෑ .

.............................................................................................................................................

@මම = මේක ඩිජිටල් පිස්සුවක් ..සහෝදරී :)

.............................................................................................................................................

@෴ හසියා ෴ = ඔන්න මම අද හා හා පුරා කියලා ටෙලිකොම් වන්දනාවට යන්නයි සූදානම . අදනම් දෙකෙන් එකක් බේර ගන්නවා , මම අද කොහොම හරි එයාව ගන්නවා ගන්නවාමයි. හසියගේ එක්කෙන්නා මට හිටියනම් . අද මම ජං ජාල කොල්ලෙක් . හුටා මම රවුටර් පොල්ල ටෙලිකොමියෙන්ම ගත්තා .

.............................................................................................................................................

@පිස්සා පලාමල්ල = සීවරං දෙයියනේ . ඒ තරමට වේගයක් . සුපිරි ඩිජිටල් පෙම්වතියක් . ඔයා ඉන්න රටනම් දිවිය ලෝකයක් . මමත් වෙලවක ඊමේල් එක අස්සේ හරි හැංගිලා ඔහේ එනවා

.............................................................................................................................................

@මිත්‍යාදෘෂ්ටිකයා = මම ඔයාට එදා හමු උනාම කීවනේ ...

.............................................................................................................................................

@prasanna86k = හිතුනොත් අන්ත:පුරයක්ම දානවා එල නේ ? සුබ 9 වසරක් වේවා රන් මාළුවෝ ..!!

මාධව විදුරංග said...

ADSL kumari penuma witharai bN! maha w***yek eeki! hama ekama kiyanne ehemai! hiki hiki!

Post a Comment

තැන්කූ බං