12.1.11

අපොයි දැන් ඇති මයෙ දෙයියෝ !



අදට මාසෙකට විතර කලින් . හිස් අහස දිහා බලාගෙන අපේ ගමේ මිනිස්සු දත්මිටි කෑවා . බැන්නා . අහසට තර්ජනය කරා. මෙන්න මේ විදිහට


"නොදෝකින් වැහි කඳුලක්වත් නැති හැටි"


"මොන රෙද්දක්ද මේ ? අපිට විතරක් වැස්ස නෑ "


"ඇයි වැහි දෙයියනේ අපි අඩු කුලේද ?


අපෙන් පූජාවල් ගන්න හොඳයි . වතුර ජුංඩක් දෙන්ඩ තමයි බැරි !


කොහොමද ඩෝ අපි කුඹුරු කරන්නේ ? කොහොමද අපි කක්කුස්සි යන්නේ ?


ඉතින් වැස්ස වලාහක දෙවියන්ට එක දවසක් මේ බනින හඬ ඇහුනා . දෙවියන්ට හොඳටම තද උනා . වැසි දෙවියෝ අඬ අඬාම . සක් දෙවිඳු ලඟට ගියා . ගිහින් මේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරා...


"එස් කියුස් මී සර් මට පොඩ්ඩක් කතා කරන්න ඕන"

"මොකද වැහි දෙයියෝ ? ඇයි මේ ඇස් දෙකේ කඳුලු"


"සර් අර සඳරුවාගේ ගමේ එවුවො මට හොඳටම බනිනවා . උන්ට වතුර නෑලු උං ඒක වෝටර් බෝඩ් එකත් එක්ක බලා ගන්නේ නැතුව මට නරක වචනයෙන් බැන වදිනවා" .


"එහෙමද ? අපි සෙට් කරමු ඕකුන්ට එල පෝරියල් එකක් අමතක නොවෙන්නම . වෙනදා උන්ට වතුර දුන්නේ මොන බාජනෙන්ද ?


"සර් පොල් කට්ටෙන්"


"ඒකනේ වැහි දෙයියෝ මේපාර බවුසරේම දෙන්ට" .



ඉතිං වැහි දෙයියෝ දිවය ලෝකේ තිබුනු වතුර බවුසරේ වතුර අපේ පලාතට වක්කරා ..



මාස ගානක් පායලා පායලා හතරට පැලිලා තිබුනු ආපේ ගමට පහුගිය දවස් වල ලස්සන මල් වැස්සක් වහින්න ගත්තා . අපි හොඳටෝම සතුටු උනා . දෙවියන්ට පිං දුන්නා . "නියමම වැස්ස" හැම මිනිහෙකුගේම කටින් පිට වෙච්ච වචනයක් උනා .


අපොයි දෙයියනේ ! දෙන දෙයියෝ දෙනකොට දෙන්නේ දෙපිටින් යන්න . අපේ බැනුං අහගෙන හිටපු දෙයියෝ අපිට මදි නොකියන්න වැස්ස දෙන්න ගත්තා .


දැන් අපිට දවස් හතරක් එක දිගටම වහිනවා . අත්තා මුත්තාගේ කාලේවත් අපේ පලාතට ගංවතුරක් නම් ඇවිල්ලා නෑ . මුලින්ම වැහැලා වැහැලා කුඹුරු ටික පිරෙන්න ගත්තා . . ඊලඟට වැව , ඊලඟට ඇල. ඊලඟට ටැන්කිය , අන්තිමට අපේ වැසිකිලි වල . මේ ඔක්කෝම පිටාර ගැලුවා. ගමේ තැබෑරුම අඩි හතරක් වතුරෙන් යට උනා .


වැස්ස විතරක් නම් බැරියෑ හුලඟත් මදි නොකියන්න හම්බ උනා . අපේ වහලේ පොල් අතු එකින් එක හුලඟේ යන්න ගත්තා . ගමේ පොලීසියේ .අයි.සී මහත්තායාගේ කෝටස් එකට ලොකූ ගහක් කඩාගෙන වැටුනා. . වටේ පිටේ හිටපු ගෑනු මිනිස්සු .අයි.සී මහත්තයාගෙන් ලකුණු දාගන්න හූ කියාගෙන අඬාගෙන පැත්තට දිවුවා .


වැස්ස තව තව දරුණු උනා ! . අනාගතය අදයි කුලුන අකුනක් ගහලා ක්රියා විරහිත වෙලා ගියා . මට ජාල පහසුකම් නැතිව ගියා .


කොයිතරම් වැස්සත් අපේ බොස් අපිට කම්මැලි කමක් දැනෙන්න දුන්නේ නෑ . කොහොමහරි වැඩට එන්න කීවා . ඉතින් අපි වැඩට ආවා . බොස් නම් ආවේ නෑ . මදිවට මගේ හුරුබුහුටි කෙල්ලට හෙම්බිරිස්සාවයි උනයි හැදිලා . මම හිතෙන් ඉක්මන් සුව ප්රාර්ථනා කරා !


ඊයේ දවසේ බයානකම පුවතක් අහන්න ලැබුනා . වැවු බැම්ම කැඩෙන්න ලඟයි කට්ටිය උදවුවට එන්න කියලා පනිවිඩයක් අවා . අපේ ඔෆිස් එකේ කට්ටියත් ඉක්මනට ගියා . වැවු බැම්ම කැඩුනොත් අපේ ඔෆිස් එකත් ඉවරයි . ගමේ අයයි හමුදාවේ අයයි . වැලි කොට්ට වැවු බැම්ම දිගේ අතුරනවා වැඩට එන්න ඇඳන් හිටපු ඇඳුම් පිටින්ම . අපිත් තෙමීගෙන වැලි කොට්ට . ගොඩ ගහලා යන්තම් බැම්ම අටවා ගත්තා . ඒත් හෙට දවසම වැස්සොත් බැම්ම ඉතුරු වෙන එකක් නෑ . පොලීසියෙන් වටේ පිටේ ඈයෝ ගෙවල් වලින් ඉවත් කරා .


මදිවට දවසකට දහපාරකට වැඩිය කරන්ට් එක යනවා . මොනවා කරන්නද දෙවියෝ කෝප කරගත්තම ඕක වෙනවා . ගමේ මිනිස්සුන්ට දැන්නම් වැස්ස එපා වෙලා ඉන්නේ . මටත් වැස්ස එපා වෙලා .


අප්පා මේ වගේ වැස්සක් නම් ආයේ කවදාකවත් මට එපා !. ඇඳුමක් තියා යට ඇඳුමක්වත් වේලගන්න විදිහක් නෑ . වැසිකිලි වල උතුරලා දුර්ගන්ධය මුලු ගෙදර පුරාම. මුලු වත්තම කහම කහ පාටයි.



තාර පාර පුරාම තියන තඩි වලවල් වල . මාලු පිරිලා . කොල්ලෝ මාලු කොටනවා . ලොකූ පොලු අරං මාලුවා දැක්ක ගමං "දේයි ! ගාල වතුරට පතබානවා . මාළු කොටන්න ගෙහුං මගේ ඇඟට වතුර ඉහපු කොල්ලෙක් කන අල්ලගෙන ඉන්නවා මගේ යාළුවෙක් දැකලා තිබුනා.


දෙන්නෙක් ජීවිත වලින් සමුගත්තා ..සෑහෙන දෙනෙකුගේ ගෙවල් යට උනා . ගොවියොන්ට තමයි ලොකුම අලාබහානිය උනේ මිනිස්සුන්ට කර කියාගන්න දෙයක් නැතුව . වතුරෙන් යට වෙච්ච . කුඹුරු දිහා බලාගෙන හූල්ලනවා .


මොනවා කරන්නද අපට සොබාදහම වෙනස් කරන්න බෑනේ . මම හෙට උදේ නැගිටිනකොට වැස්ස පායලා . සියල්ල සාමාන් තත්වයෙන් තියෙන්න කියලා ප්රාර්ථනා කරගෙන මේක ඉවර කරනවා. මේක ලියන්නෙත් බොහොම හදිස්සියෙන් . මොකද කොයි වෙලාවේ කරන්ට් එක යාවිද මන්දා . සමහර විට ඔයාලට අහන්න ලැබෙයි . අහවල් පලාතේ වැවු බැම්මක් කඩාගෙන ගිහිල්ලා කියලා . අන්න පලාතේ තමයි මම ජීවත් වෙන්නේ . ලංකාවේ තියන අන්තිම චාටර් පලාතක් …‍


අනේ වැහි දෙයියෝ දැං නම් හොඳටෝම ඇති

වැස්සට තෙමුනු මීපැටියා

සඳරු//

27 comments:

පූසා said...

"ලංකාවේ තියන අන්තිම චාටර් පලාතක්"අඩේ එහෙම කියන්ට එපා බං. ලංකාවේ තියන අන්තිම චාටර් පළාත කොළඹ... වැවේ සිද්ධියනම් මටත් ආරන්චියි :(

Hishan de Silva said...

ස්වාභාවික විපත් වලින් හානි සිදුවීම දැන් අපේ රටේ විතරක් නෙවෙයි වෙනත් රටවලත් සිද්ධ වෙනව. ඇත්තටම මිනිසුන් උත්සාහයෙන් මහන්සියෙන් හරි හම්බ කරගත් දේපළ විනාශ වී යෑම නම් කණගාටුවට කරුණක්.

dinesh said...

ඔන්න දැන් අපි අපේ සඳරු කොල්ලව ඉක්මනට වැස්ස වලාහක දෙවියන්ගෙන් බේරල දෙන්න කියල තුන් සූත්‍රය සජ්ජායනා කරල සෙත් කවියක් කියන්නයි ලෑස්තිය...,
ඒවං මේ සුතං භගවා සාවත්ථියං විහරති අනාථ පින්ඩිකස්ස ආරාමේ.............
ආ....හ් ඊට කලින් සෙත් කවිය හදා ගන්න එපායැ.ඕං කවි හදන්නන් දන්නෙ නෑ.කවුරුහරි ඉන්නවනම් එකක් ඉදිරිපත් කොරමුකො බලන්න.මූට විතරත් මදිනෙ මුගෙ ඒන්ජල්ටත් එක්කම.
ඒක නෙමෙයි අඩේ මට ආසාවෙ බෑ බං අර වලක මාළු කොටන්න.

Kaushi said...

කල් වැසි වහින්නත් රාජා භවතු ධම්මිකෝ සදරු....මේ තරමට වහින්න නම් රාජා කොහොම ධාර්මික වෙන්න ඕනද කියලා හිතලා බලන්නකෝ..

අකීකරු හිත said...

වැස්ස වලාහක දෙවියනි දිවැස් හෙලනු මැන
කදුළු වලින් අප නාවා දුකක් නොදෙනු මැන

BLOG ගඩොල් said...

"ගමේ තැබෑරුම අඩි හතරක් වතුරෙන් යට උනා"

හික් හික්!! ගමේ අනිත් කොල්ලො මාලු කොටන කොට උඹ ගිහින් බෝතල් කෙටුවා නේද? අනික් ඉතිං මුල්ල පටස් වගේයැ, ඔරිජිනල් බඩු නෙව

Anonymous said...

දෙය්යන්ගෙ බව්සරේ සැහෙන්න ලොකුයි නෙව. ආපහුනං හත් අවුරුද්දක් පෑව්වත් බනින්න නං නරකයි. ඊලඟ පාර දෙය්යන්ගෙ වැවේ සොරොව්ව ඇරියොත් එහම බඩුම තමයි !

Praසන්ன said...

"ගමේ තැබෑරුම අඩි හතරක් වතුරෙන් යට උනා"
හරි අපරාදයක්නෙ.

සංකල්ප said...

තැබරුම යට උන එක ගොඩක් කට්ටියට පාඩු ඇති. දුකට කියලා පිහිට වෙන්න හිටපු එකම ආයතනය යට උනා කියපුවාම.

චාටර් පලාතක් කියන්න එපා මලයෝ. කිව්වට් වගේ චාටර් පළාත තමයි කොළඹ. බය වෙන්න එපා වැස්ස ඉක්මනින් අඩුවෙලා යයි.

වැස්ස වලාහක දෙවි දිවස් හෙලනු මැන. !!!!

Anonymous said...

මලේ ඇත්තට ඔක්කොම අස්සේ තෑබෑරුමත් මතක් වුනා නේද බං? හරි හරි මං වැහි දෙයියන්ට මැසේජ් එකක් දෙන්නම් දැන් ඕක නවත්තන්න කියලා.

පිණිබිඳු... said...

ඔයාගෙ ගම් පලාත කොහෙද කියලා මම දන්නෑ සඳරු. අපේ ගම් පලාතත් මේ වගේ වතුරෙන් යට වෙලාලු. රාජකාරි හන්දා මට ගමට යන්න විදිහක් නෑ. අපෙත් වැව කැඩෙන ලකුණු තිබ්බා. ඒත් පිටවාන ලඟින් වැව් බැම්ම ටිකක් කඩලයි වැවයි, ගමයි දෙකම බේරගෙන තියෙන්නෙ. දැන් නම් දෙයියන්ගෙ පිහිටෙන් වැස්ස ටිකක් අඩුලු.

පිස්සා පලාමල්ල said...

ගං වතුර සිද්දිය අහද්ඩිම මට උබව මතක් උනා. ඒත් සීන් එකේ දරුනු කම අද තමා දැන ගත්තෙ පොටෝ ටිකක් දැකල.. හපොයි බන් පරිස්සමින්.

ඕකේ ඊලග අව්ල තම ලෙඩ දුක්.. පැතිරෙන එක. මෙහෙත් ගං වතුර නැතිවෙන්න... වෙලාවට මේ පැත්තට නම් නැහ. ලෝක විනාෂෙ ලගයිද මන්ද

මකුළුවා..... said...

අපේ ඈයො වැස්ස නැතිකොට පලු යන්න බනිනවා....වහින කොට ඒත් බනිනවා....කොහොම වුනත් අපේ පැත්තේ ගොවියෝ එහෙම අනාතයි....පව්...දැන්නම් වැස්සා ඇති වගේ.....

ප.ලි - මොක නැතත් තැබෑරුම යට වෙචිච එකට මම වැස්ස වලාහක දෙයියන්ට අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා.....

hare :-) said...

වැස්සනං අපිටත් මදි නොකියන්න... මේ පැත්තෙනං ගැලිල්ලට වඩා නාය යන එක තමයි කේස්...

මොනව වුණත් නියම ලිවිල්ල... නිකංම නිකං ලිවිල්ලකට වඩා අ අහිංසක දෙයියංවත් නියමෙට මාට්ටු කරලා... සුපිරි කියන්නෙ වැස්සට විතරයි දෙවෙනි... :D

හිස් අහස said...

@පූසා = මචං එහෙම කීවේ අපට මොන පහසුකමත් ලැබෙන්නේ පමා වෙලා . උදා හරනයකට ඒ ඩී එස් එල් මෙහාට ආවේ අවුරුදු දෙකකට විතර පසු . අපේ ගමට තාම නෑ . වැව නම් බේරුනා .

.......................................................................................................................................

@Hishan Melanga = මොනව කියන්නද මචං මම දැක්කා ඕස් ට්‍රේලියාව වතුරේ යන හැටි

.......................................................................................................................................

@dinesh = මෙන්න මූ පිරිත් කියනවා . අද නම් පායයයි . දිනේශ් අයියා සෙත් කවිත් දන්නවාද ? . මට බොන්න ලැබේවා කියලා සෙත් කවියක් කියන්න බලන්න . එහෙනම් ගම් රට බලා එන්න රෙඩි නේද ?

.......................................................................................................................................

@Kaushi = හා හා සහෝදරී ඕව කියන්නේ පරිස්සමෙන් . සුදු වෑන් හැම තැනම . අපි ද්‍රෝහියෝ වෙන්නත් බැරි නෑ .

.......................................................................................................................................
@අකීකරු හිත
= වැස්ස වලා හක දෙයියෝ අකීකරු වෙලා . අපට දඬුවම් කරනවා අක්කේ . ඔයාලට වහිනවයි .

.......................................................................................................................................

@blog gadol = බිලාල සහෝදර වරුනි . එක බෝතලයක් වත් ජලයේ පාවෙනවා දකින්න මට වාසනාව තිබුනේ නෑ නැ . මේ දවස් ටිකේ ගිනිගනං දීල මත් පැන් ජුංඩක් හොයාගත්තා . නැත්නම් සීතලේ මියැදෙන්න වෙන්නේ

.......................................................................................................................................

@nawammawatha= කොහෙද අපේ එවුවොන්ට සතියක් පායනකොට ඔවුවා අමතකයි . ආයේ කෑගහනවා "බෝ නෑ බෝ නෑ " කියලා පොඩි එවුං වගේ . නවම් අයියට වහිනවයි .?

.......................................................................................................................................

@Praසන්ன said = මගේ අම්මෝ ! අයියේ ඒක ජාතික අපරාදෙයක් . තැබෑරුම් වහලා . කොහොමද මිනිස්සු මේ සීතල දවස්වල ජීවත් වෙන්නේ . පුලුවන්නම් ඒ සහනාධාරත් අරං අපිව බලන්න එන්න .


.......................................................................................................................................

@මධුරංග = අනේ තැබෑරුමට මොනවත් කියන්න එපා . ! අපි වගේ පුංචි කොලුපැටවු යන්තම් හරි සීතලෙන් බේරිලා ඉන්නේ ඔය තැබෑරුම් කියන ආයතන නිසා . තමයි අපි මෙතෙක් කල් හීතලට ගල් වෙන්නේ නැතුව ජීවත් උනේ .

.......................................................................................................................................

@prasanna86k = ඇයි මේ හැමෝම තැබෑරුමක් ගැන අහන්නේ . ? මට වගේම අනෙක් අයටත් ඒ දුක දැනෙනවා වගේ . අයියා මෙහෙත් හරි වැස්ස එහෙත් හෙම වෙන්ටැ ?

.......................................................................................................................................

@පිණිබිඳු = මම ඉන්නේ අන්ත දුශ්කර පදිරි පලාතක . ඔයාලගේ ගෙවල් වලට අවුලක් නෑ නේද ? කරදරයක් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා . ඉක්මනට වැස්ස පායයි .

.......................................................................................................................................

@පිස්සා පලාමල්ල = ගුරුතුමාට වැස්ස නෑ නේද ? ඔයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ නෙවේනම් . ඔන්න අවුලක්නෑ මම පුල් පරිස්සමෙන් . ලෙඩට දුකට මං ගාව බෙහෙතක් තියනවා . ලෝක විනාසේ වෙන්නේ බාර් එකට මොනාහරි උනොත්

.......................................................................................................................................

@මකුළුවා. = අනේ ඔවුමයි බං . වැස්ස දියං කියලා අඬනවා දැං වැස්සම අඬනවා . හරියට මම කරා වගේ . තැබෑරුමට මොනවා හරි උනොත් මම මේ ගලායන ජල කඳට මගේ අවසන් හුස්ම පොද එක්කරනවා

.......................................................................................................................................

@h = අප්පේ ඔයාලට ඒතරමට අවුල්ද . වහින එකනම් කොහොමහරි ඉවසුව හැකි නාය ගියොත්නම් ඉවරයි . ඔයාලට ආපදාවක් නොවේවා !! ප්‍රසන්සාවට තැන්කුයි . දෙයියෝ උදහස් වේවිද මන්දා

Anonymous said...

වැස්සක් නෙමේ බලන් යද්දි මොර සුරන කුණාටු වැස්සක් වගේ... ඉක්මනටම පායයි... :)

Lahiru Siriwardhana said...

යකො වහිනවා කියලා මෙහමත් වහිනවද..අව ගෙවල් ලග වැවත් වැඩි කාලයක් අලලගෙන ඉනන එකක් නැ වගේ තමා

MaRLaN said...

තාම පායලා නැද්ද සදරු සර්....?
අපිටනම් වහින්නෙ නෑ ඒත් ගිය සෙනසුරාද ඉදන් නියමට අහසෙ වලාකුලු... මහ දවලුත් නිකන් පාන්දර වගේ....

ayesha said...

අනේ දෙයියනේ දැන් නම් හොඳටම ඇති

dinesh said...

මචං 2012 ලෝක විනාසෙ වෙන්නනෙ එන්නෙ.ඒකයි ඔය.දැන් ඉඳලම හිත හදා ගනින්.අඩේ අපේ පැත්තෙ ඔයත් ,පාලම ලඟටම වතුර ඇවිල්ලලු.
මචං අනාථ ආධාර එහෙම ඕනෙනම් ඉල්ලපන්.
තාම ඉවර නැද්ද බං වැස්ස.හැබෑටම දැන්නම් ඇති තමා දෙයියෝ...............

පබලු said...

මාළු කොටන්න ගෙහුං මගේ ඇඟට වතුර ඉහපු කොල්ලෙක් කන අල්ලගෙන ඉන්නවා මගේ යාළුවෙක් දැකලා තිබුනා. :P :P
( සඳරුට සැහෙන තරහ යනවා නේද? ඒක නම් ඒ තරම් හොද වැඩක් නෙවෙයි ඕං... )

වැස්ස නම් මදැයි මේ දවස් වල තියන සීතල..........

Ravi said...

අම්මප සඳරු මලේ, බොලාටත් පාත් වෙන අඩි කෝඩ මම මේ කල්පනා කෙරුවෙ, එහෙං අර අලි හැත්ත, මෙහෙං ගං වතුර, මොකදෑ කොරන්නෙ ඉතිං?

Charunie Prabodha said...

වැස්ස කාලෙ ඉවර උනාම එන පායන කාලෙ වැස්සටත් වඩා තිත්ත වෙයි....
මේ අවුරුද්දෙ පෑවිල්ල සැරටම අල්ලලා හිටීවි වගේ.....
ඒ කොහොම උනත් තියන දේට වඩා වැඩි යමක් හොයන කෙනා ජීවි‍තේ දිනනවා......

ඔයාට ජය!!!!!!

Anonymous said...

මරේ....මරු. සඳරු කොල්ලෝ.... ඇත්තටම උඹ මරු ලේඛකයෙක්.....................

Anonymous said...

අහසට වුනත් අනවශ්‍ය විදිහට බනින එක හොඳ දෙයක් නෙවේ...
ඔය හම්බෙලා තියන්නෙ..

Tharaka C Peiris said...

Niyamai Obata jaya mama aluthen mekata awe elata liyanawa oya

ටීම් ට්‍රැවලර්ස් said...

ලංකාවේ තියෙන චාම පලාත කියපු එකට නම් මම විරුද්ධයි සදරුවෝ!

නවෝ!

Post a Comment

තැන්කූ බං