24.1.11

කඩ්ඩ කුඩුකරගත් එදා .!


        වෙන ලමයි වගේම මමත් පොඩිකාලේ ඉස්කෝලේ ගියා එක වසරේ දී මම පන්තියේ පලවෙනියා උනා . දෙක වසරේදීත් පලවෙනියා උනා  . තුන වසරෙන් පස්සේ මං පුදුම කාලකන්නියෙක් උනා . මගේ තාත්තගේ වෙන්වීමත් එක්ක . ..

ඉතින් තාත්තා නැති උනාට පස්සේ මම මෑතක් වෙනතුරුම හිතට අරගෙන කිසිම වැඩක් කරේ නෑ . මුලදී මට ගොඩාක් ආදරෙන් හිටපු ගුරුවරු මගෙන් ඈත් වෙන්න පටන් ගත්තා . මට සැර වැර කරන්න පටන් ගත්තා . මට තාම මතකයි තුන වසරේදී මගේ හොඳම යාලුවා සමීර මම එයාගෙන් කොපි කරනවා කියලා . ටීචර්ට කියලා මට ගුටි ගස්සවාපු හැටි. පහ වසරේදී මගේ හොඳම යාලුවා වෙලා හිටපු කුසල් එයාගේ දෙමවුපියෝ ඇවිදින් එයාව මම හිටපු පේලියෙන් අයිං කරා .  කුසල්ව ඉගන ගන්න ලමයි ඉන්න පේලියකට දැම්මා

 ඔන්න ඔය විදිහට පන්ති බේදය මගේ හිතට පලමුවෙනි වතාවට දැනුනා . එදා ඉඳන් මම පීඩිත පන්තියේ කොල්ලෙක් බවට පත්උනා ..ජීවිතේ හැටි ..
ටිකෙන් ටික අපි පන්ති පන්ති ඉහලට ගියා . සාමාන්‍ය පෙළ පන්ති වලට වෙනකම්ම . ඉස්කෝලේ වෙනස් නොවුන නිසා පන්ති බේදයත් මමත් එක්කම ඉහලට ආවා . ඉහලට යන්න යන්න .මේ අතරේ මම දැනගත්තා මම විතරක්ම නෙවේ පීඩිත පන්තියේ ඉන්නේ කියලා . තව කීපදෙනෙක් මට සෙට් උනා .. ඇත්ත ..මමත්  ගැන්සි බැස්සා .!

මම සඳරු මේං මගේ ගැන්සිය = , ලැම්බට් , කිතුලා , මාමා, බටයා , පද්මේ

මුලු ඉස්කෝලේම අපිට පුදුම සෙනෙහසක් ආදරයක් දයාවක් දැක්වුවා . අපිව දැක්ක තැන බිමට කෙල ගහන්න තරම් ආදරයක් මේ ගැන්සිය ඇතුලේ හිටපු මම . අනිත් පස් දෙනාටම වඩා ගොඩාක් නිහඬව ඉන්න හැම වෙලාවෙම මහන්සි ගත්තා . ඔය විදිහට අපි 11 වසරේ අවසානයට ලං උනා . ……..ඔන්න ඔය දවස්වල මහා භයානක සිතිවිල්ලක් අපේ ගැන්සියේ හයදෙනාගෙම හිත්වල හොල්මං කරන්න ගත්ත බව අපි හය දෙනාම දැනංහිටියා . මූසල බයානක සිතිවිල්ල තමයි
 
English

මොන හේතුවක් උඩද මන්දා . ඉස්කෝලේ ටිචර්ලා , සර්ලා , ගමේ සල්ලිකාරයෝ , ඔන්න ඔයවගේ ධනපති පන්තියේ ලමයින්ට විතරමයි හොඳටම ඉංග්‍රීසි පුලුවන් උනේ . ඉතින් අපි ගැන කවර කතාද ? අපි නිරායාසයෙන්ම ඉංග්‍රීසි විරෝධීන් බවට පත් උනා . අපිට ඇහෙන්න ඉස්කෝලේ කිසිම කොල්ලෙකුට ඉංග්‍රීසියෙන් කතාකරන්න අපි ඉඩ තිවුවේ නෑ . මට තවම මතකයි . අපි ඉස්සරහා ඉංග්‍රීසි කතාකරලා අහු උනොත් අපි රු 5 දඩයක් ගැහුවා . සමහරු මේ දඩේ ගෙවුවා . සමහරු කනේ පාරවල් කෑවා.. ඒවගේම අමතක නොවෙන සිදුවීම් අතර ඕන තරම් එක දවසක් මචං මම ටොයිලට් එකට ගිහිං එන්නම් එකෙක් කියාගෙන ගියා විදිහට කියපු කෙනාට උනේ මොකක්ද කියලා මම කියන්න යන්නේ නෑ . කිවුවොතින්  මාව මානව හිමිකම් කොමිසම් සභාවෙන් කුදලාගෙන යාවි .. දඬුවම් විඳපු අය අපට අනේක වාරයක් සාප කරන්න ඇති. "තොපි ඉංගිරීසි පේල්ම වෙයවු" කියලා

ඔය විදිහට ඉංග්‍රීසි වලට වෛර කරමින් අපි කාලයක් වැනි වැනී හිටියා  . ටිකෙන් ටික සාමාන්‍ය පෙළ විභාගයට දින ලංඋනා ..අනේ අන්තිමේදී කාලකන්නි දවසත් උදා උනා සාමාන් පෙළ ඉංග්‍රීසි විශය පැවැත්වෙන දවස උදා උනා ..!

වෙනදා වගේ ලස්සනට එදා ඉර පෑවුවේ නෑ . මහා වැහි අඳුරකින් පිරුනු අහසත් English වලට වෛර කලා . එදා උදේ නැගිටින කොටම මම ඔලුව බදාගත්තා මම කල්පනා කලා අද මොනවද මම English පේපර් එකට ලියන්නේ කියලා .. පලමු වෙනි වතාවට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි කෙනෙක්ට ඔය වගේ ලස්සන අවස්ථාවක් අමුතුවෙන් පැහැදිලිකරන්න ඕන වෙන එකක් නෑ . ඇත්ත මම එලටම බය උනා .! ටිකෙන් ටික මම ගෙදරි පිටවෙලා ඉස්කෝලේ ගාවට යන්න පිටත් උනා . .යන අතරමග මම දාහක් දේවල් හිතුවා ..ඇයි දෙවියනේ මම ඉංග්‍රීසි හොඳට ඉගන ගත්තේ නැතේ ? , මොකටද මේ සිංහල රටට ඉංග්‍රීසි . සුද්දන්ට සුද්දන්ගේ අම්මලාට මම හිතෙන් ආසිරි පැතුවා .. විදිහට මම ටිකෙන් ටික ඉස්කෝලේ ගේට්ටුව ලඟටම ආවා ..මම හිතුවා හරි. මගේ ගැන්සියේ පස්දෙනාම පාංකියාගන්න බැරුව . ගේට්ටුව ලඟ ලතවෙවී ඉන්නවා

සඳරු මොකද බං අපි දැං කරන්නේ ? මගේ ගැන්සියේ කිතුලා මුලින්ම මගෙන් ඇහුවා . කෙලවිලා යන්න ලියමු බං
 
මගේ පිලිතුර උනේ ඒක . ඇත්තටම කිතුලාට තමන්ගේ නමවත්  ඉංග්‍රීසියෙන් ලියාගන්න බැහැ  . මටනම් යන්තමට නම ලියාගන්න පුලුවන් ..අරක්කු වර්ග ඔක්කෝගෙම නම් මතකයෙන් ලියන්නත් කියන්නත් මට හැකියාව තිබුනා.. 

අපි ගේට්ටුවෙන් ඇතුල්වෙලා ඉස්කෝලේ ඇතුලේ විභාග ශාලාවට යන්න පටන් ගත්තා . වෙනදා අපි මේ ඉස්කෝලෙට ආවේ වීරයෝ වගේ . ඒත් එදා අපි හරියට මී පැටැවු රංචුවක් වගේ . අපි ඉස්කෝලේ ඇතුලට ආවා ඉංග්‍රීසි නියමෙට පුලුවන් කොල්ලෝ අපි ඉස්සරහින් ගියේ නිකං සිංහයෝ වගේ . පලමු වෙනි වතාවට අපි එදා බලු උනා …… ඒත් ..මගේ ගැන්සියේ වලි කාරයා  බටයා එක පාරටම කටහඬ අවදිකරා

අඩෝ කරන්න එක දෙයක් තියනවා ..අපිට කඩ්ඩ ගොඩ දාගන්න පුලුවන් .. 

මොකක්ද කොප්ප ගහලද ?  අපි ඇහුවා

අපෝ නෑ වෙන දෙයක් නියම භාන්ඩයක් .”

කියපිය යකෝ !

මලක්  තියනවා..හෙමිං අදිමු.! එතකොට අපේ බය නැති වෙනවා. නොදන්න කඩ්ඩත් එතකොට මතක්වේවි    බටයා කියාගෙන ගියා.
 
මලක සුවඳ පිටිපස්සේ පන්නන අහිංසක වන බඹරු වගේ අපිත්  මල පිටි පස්සේ ගියා . කාටවත් නොපෙනෙන තැනක ඉඳන් මලේ සුවඳ ඉරුවා .. ගලාගෙන ගිය දුම් රැලි අතරේ ඉංග්‍රීසි හෝඩියම පාවෙලා යන හැටි බාගෙට ඇරුනු ඇස්වලින් මම දැක්කා . මොහොතේම අපි පුදුම විදිහට ඉංග්‍රීසියෙන් සන්නද්ධ උනා ..! 

දැං අපි ඕනම, ගේමකට ලෑස්තියි . අපි හයදෙනාම ආයෙමත් සිංහයෝ වගේ ගිහිං . විභාග ශාලාවේ අසුන් ගත්තා ඇත්තටම අපි ඇවිදලා ආවේ නීල් ආම්ස්ට්‍රෝන් හඳේ ඇවිදිනවා වගේ . ඉතාම පහසුවෙන් . ඔන්න අපිට පේපර් එකත් ලැබුනා

මලෙන් ලබා ගත්තු පවර් එක සමගින් . පෑනෙන් දුං විසිවෙන තරමට මම පේපරේ ලියාගෙන ගියා . පැය දෙක ඉවර වෙනකම්ම මම ලීවා ..මට මං ගැනම ආඩම්බරයක් ඇති උනා . ඉතින් විදිහට අපි ඉංග්‍රීසි අවසන් කරලා ගෙදර ආවා මේ පාර මොනාට නැතත් ඉංග්‍රීසි වලට A  එකක් සුවර් කියාගෙන .. 

ඒත් එකපාරටම මට එක්තරා සිදුවීමක් මතක් උනා .

දෙවියනේ මම මුලු පේපර් එකම ලීවේ සිංහලෙන් නේද ?
 
 ඔලුවේ අත ගහගෙන මම පැය ගානක් කල්පනා කරා ..අපරාදේඑ මට S එකක් හරි ගන්න තිබුනු අවස්ථාව මම මලක් අදින්න ගිහිං නැති කරගත්තා නේද ? කමක් නෑ .. පේපර් බලන කෙනා දුක හිතිලාවත් මට  S එකක් දුන්නොත් බලාපොරොත්තුව හිතේ තියාගෙන මම මාස 5ක් විතර result එනකම් හිටියා .

ඔන්න result out කලා ලියලා පනිවිඩේ ආවා . මමත් Communication එකකට දුවලා ගිහිල්ලා මගේ result එකත් බැලුවා
මෙන්න බොලේ මට ඉංග්‍රීසි වලට A එකක්  දෙයියනේ මම ඉංග්‍රීසි පාස් ඉහලින්ම
ඇත්තටම  එහෙම කීවේ ලැජ්ජාවට ... මම ඉංග්‍රීසි වලට F   මලක් නිසා ඉංග්‍රීසි වලට F  ගත්ත දවස මට කවදාකවත් අමතක වෙන එකක් නෑ ඔන්න මගේ පරාජිත ජීවිතයේ තවත් එක ජරා මතක සටහනක්

 සඳරු //
:ලි = කොහොම හරි මල් ගැන ආයේ කිසිම දවසක හිතනේවත් නෑ කියලා දෙවියන්ටත් කියලා ..දෙවනි පාරටත් ඉංග්‍රීසි වලට මුහුන දුන්නා !  ඒපාර නම් වැඩේ ගොඩ .. උනාට මගේ result එක මම කියන්න කැමති නෑ






















47 comments:

BLOG ගඩොල් said...

උඹලත් මාර වැඩ තමයි කරලා තියෙන්නෙ. ඉංග්‍රීස් පේපර් එක සිංහලෙන් ලිව්ව එකෙක් ගැන සිරාවටම ඇහුවාමයි. හික් හික්!!

මොනවා වුණත් ලස්සනට ලියලා තියෙනවා. උඹ පාව්ච්චි කරන භාෂා විලාසයට අපි හරිම ආසයි

පූසා said...

"ධනපති පන්තියේ ලමයින්ට විතරමයි හොඳටම ඉංග්‍රීසි පුලුවන් උනේ"
පිස්සුද බං එහෙම එකක් නෑ. උන් දන්න ඉන්ගිරිස් වලින් ඇඩ් එක දානවා වැඩියි. ඔය ඉන්ගිරිස් දැන් නැතුවම බැරි වෙලානේ බං මොනවා කරන්නද? මටත් ඉන්ගිරිස් වැඩිය බෑ. ඒත් දැන් මගේ ඉන්ගිරිස් භාවිතය වැඩි වෙලා නිසා ටිකක් විතර පුළුවන්(දැන් ඉගෙන ගන්න වෙලා තියෙන්නේ කඩ්ඩෙන්නේ). ඒත් මම තාමත් තනියම ඉගෙන ගන්නවා. උඹත් ටික ටික තනියම හරි ඉගෙන ගනින් තව. ඉගෙන ගත්තු දෙයක් අපතේ යන්නේ නෑනේ බං

පැන්ඩා said...

තෝව බලන්න මම ලඟදිම එනව සඳරු උඹව නම් දැකල කියල අදුරම ගන්න ඕනි ...උබ මොනරාගල දිසාවෙ නේද..ඒ කියන්නෙ බදුල්ලෙ ඉන්න දවසට‍ මහ දුරක් නෙවෙ නෙ..මායි කේශාන් දෙන්නම එක්ක එන්න ඕනි..

MaRLaN said...

සදරු සර් ඉවරයි.....

Praසන්ன said...

“දෙවියනේ මම මුලු පේපර් එකම ලීවේ සිංහලෙන් නේද ?" ඒක තමයි පට්ටම කෑල්ල..

සංකල්ප said...

සදරූ මලයෝ උබ නම් මාරම කොල්ලෙක්. කවුද බං ඉන්ග්‍රීසි පේපර් එක සිංහලෙන් ලියන්නේ. මල් නොගහා හිටියනම් අඩුමගානේ පාස් වෙන්නවත් තිබ්බා.
බය වෙන්න එපා ඉංග්‍රිසි කියන දේ පාස් වෙන්න ඕ ලෙවල් පාස් වෙන්නම ඕනෙ නෑ. තවමත් අපට කල් තියෙනවා ඉංග්‍රිසි ටිකක් ගොඩ දාන්න.

Anonymous said...

අඩෝ අගේ කරන්නේ නැතුව කියපං බං දෙවෙනි පාර පුතිඵලේ. A ද B ද C S ද ... නැත්තං ? මද?

දෙවැනි පාර මල නැත්තං අනිවා උඹ පාස් ඇති.

C0de BlUe said...

හපොයි සඳරු අයියේ ... , මොනා වුනත් දැන් ඉඳලා කරන වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව කරගන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා , මොනා වුනත් ඔය බීම අතහරිනවා ඕයි , ඕකෙන් වෙන මඟුලක් නෑ..

Anonymous said...

පිස්සු හැදෙයි. උඹනං ...... කොල්ලෙක් නෙ බං, එහෙනං සිංහලෙන් ඉංග්‍රීසි ලිව්ව ඈ. සිරාවට උඹට දැං සතු‍ටුවෙන්න පුළුවන් ඇති ඒ කාලෙ උඹ උන්න විදියට අද මෙහෙම පණ පිටින් ඉන්නව නේද?

සෝරෝ said...

උඹ නම් ෆට්ටා බුවෙකි..............:D

චතුවා said...

මම නිදිමතේ ලෙක්චර්ස් වල ඉදිද්දී ඉංග්‍රීසි වචන සිංහල අකුරින් ලියන ලෙඩක් තියෙනවා තාම.. හෆෝ විලි ලැජ්ජාවේ බෑ...

දුකා said...

ඉගෙන ගන්න කාලේ ඉගෙන නොගෙන විභාග අල කරගත්තු උන් හැමෝම දුක් වෙන්නේ ආපහු ඉගෙන ගන්න පුලුවන් කමක් ඇත්තෙම නැති කාලෙක.

එතකොට ඉතිං පෙරහර ගිහින්.

(මේ මමත් ඒයින් එකෙක් . . හික්ස්)

රත්ගමයා said...

ඉකේයියා බන් අයියේ...උඹට ඉන්ගිරිසි බෑ කිව්වම මට හිරිකිතයිත් එක්ක...මම උඹට උගන්නන්නම්...මමපහු ගිය දොහේ බ්‍රිතානය කවුන්සිලයට ගියා නේ...මම ගොහුන් සුද්දට සින්හල ඉගැන්නුවා..දැන් උන්ට සින්හල හොදට ඇහැකි...ඉතින් වර මගේ ටියුශ්න් එකට....
මේක මෙතන කිව්වට කමක් නෑ...
මමත් ඉන්ගිරිසි පේපර් එකට ලිව්වා(හැබැයි සාමාන්ය පෙල) බයිසිකලය කෙටිකතාව සින්ග්ලිශ් වලින්...අම්මපල්ල

Hishan de Silva said...

අනේ මන්ද බං ඇතුවත් බැහැ නැතුවත් බැහැ.

හිස් අහස said...

@blog gadol= අනේ මන්දා මචංලා මමත් ,ඊට කලින් කවදාවත් මේතරම් ගොඩක් සිංග්ලිශ් වලින් ලියලා තිබුනේ නෑ . සම්පූර්නෙන්ම ලීවේ සිංහලෙන් නම් නෙවේ . හැබැයි මටත් නොදැනීම මම සිංහල ලියලා .. මලක බලය ..

.....................................................................................................................................................

@පූසා = උඹ නම් ඉතින් මචං කොලොම්පුරේ පූසෙක්නේ මම අහලා තියනවා ඔය පලාතේ යාචකයොත් කඩ්ඩෙන් කොටනවා කියලා . අපි ඉතින් හද්දපිටිසර ගමක දුක්බර ජීවිත ගතකරන අහිංසක වැසියෝ නෙව .. මම තනියම ඉගන ගන්න ට්‍රයි කරා ... මට හොඳ වැඩක් උනා ..

.....................................................................................................................................................

@පැන්da = පැන්ඩයියා, කේෂාන් මාව බලන්න එනවා ? අඩේ ඔය වචනෙත් ඇති මට . ඒක මට කරන ලොකුම ලොකු ගෞරවයක් . හැබැයි අයියේ මම ඉන්නේ මොනරගල නම් නෙවේ ..ඊට වඩා හද්ද පිටිසර පට්ට ඈත පලාතක මම ඌව පලාතේ නෙවේ... මම වෙලාවක ඔයාට කියන්නම මම ඉන්න පලාත .. ආවොත් ඉතින් මම ඔයාලව තොරන් ගහලා පිලිගන්නවා ..

.....................................................................................................................................................

@MaRlaN = මාලන් ..මචං මේක පට්ට චාටර් සීන් එක නේද ? එපා වෙනවා බං .. :)

.....................................................................................................................................................

@Praසන්ன = ඒක තමයි මම මතක්කරන්න කමැතිම කෑල්ල ... අයියෝ !!!!! බෙල්ලේ වැල දාගන්න ඕන දැන්නමම ..

.....................................................................................................................................................

@මධුරංග = අඩේ මමත් ලියන්නේ නෑ .. මට ඔටෝ මැටිකලි ලියවුනා .. උඹට කියන්න අයියේ මට පොඩ්ඩක්වත් හිතුනේ නෑනේ මම මේ සිංහලෙන් ලියන්නේ කියලා . හැබැයි සමහර ඒව මම හොඳට ඉංග්‍රීසියෙන් ලිවුවා ...ඒවටත් ලකුනු නෑ ...

.....................................................................................................................................................

@prasanna86k = දෙවනි පාර ප්‍රතිඵලේ ......... අඩේ ඒක කියන්න බෑ බං මම වෙලාවක උඹට හෙමීට ඕක කියන්නම් . මටනම් ලොකු පාස් එකක් ඒත් උඹලා හිනා වෙයි ඇහුවම ..

.....................................................................................................................................................

@Unknown_User/හිඟන්නා = දැං ඉඳලා කරන වැඩ සාර්ථක වෙන්ඩ අනේ මලේ උඹට පිං මට එහෙම කීවට . මොකද මම කරන හැම වැඩක්ම රුවිතෙටනේ වෙන්නේ... උඹගේ ප්‍රාර්ථනාවට පස්සේවත් මට හරියයිද බලමු ... පිංසිද්ද වෙච්චාවේ ..

හිස් අහස said...

@nawammawatha = අයියට කියන්න මම වගේ සක්ති සම්පන්න පුරුසයෙක් මේ ගං තුලානේම හොයාගන්ඩ නෑ .. ඒ මම ඒකාලේ පාවිචිකරපු දේවල් වල බලය නිසා තමයි .. මම එල කොල්ලෙක්ද ? අනේ යන්ඩ .. මට ලැජ්ජාව ..!

.....................................................................................................................................................

@සෝරෝ = මම පට්ටය ? පට්ට ගැසීම වටින බව අම්මා නිතරම කියනවා ... හිනා ...

.....................................................................................................................................................

@චතුවා (ළමයා) = නෑ අඩේ මම හිතුවේ ඒක මට විතරක් තියන ලෙඩක් කියලා බලද්දී බෝවෙන ලෙඩක්ද කොහේද .. ලැජ්ජා හතයි

.....................................................................................................................................................

@දුකා = ඔයා වගේ කෙනෙක් ඉගනීම අල කරගත්තා වෙන්ඩ බෑ .. මොකද ඔයා ලියන ඒව මමත් හොරෙං බලලා යනවා ඒව ලියන්න පුලුවන් හොඳට ඉගන ගත්ත කෙනෙකුට විතරයි ..මම කමෙන්ට් නොකරන්නේ . මම වගේ එකෙක් දාන කමෙන්ට් වලට ..හිනා යාවි කියන බය නිසා ..ජය වේවා දුකා අයියේ !...

.....................................................................................................................................................

@රත්ගමයා = මලේ වසල නෝන්ඩිය . මං ගැන හිරිකිතයිද ? මොනවා කරන්නද මම දැන්ම වහ බොනවා ....රත්ගමයාගෙන් ඉංග්‍රීසි ඉගන ගන්න මට බෑ .. මට මතකයි කරීනා ටිචර්ට උඹ ප්ලේන් එකක් පෙන්නපු හැටි

.....................................................................................................................................................

@Hishan Melanga = අනේ මචෝ මාව බේරගන්න ඉංගිරිසියට මම හීනෙනෙඋත් බය වෙනවා ...!!!

Ravi said...

උඹ වගෙ එකෙක් දැකල තියා එහෙම එකෙක් ගැන අහල වත් නෑ, අනෙ අම්මප, බොරුවක් මුසාවක් නෙවෙයි ඔන්න,

ayesha said...

අනේ ඇත්තට මෙයත් කරන දේවල්

රතීගේ දිනපොත said...

කණගාටු වෙන්න එපා මචං. අපේ පාසල් කාලෙත් ඔය වගේ තමයි. අපෙත් කඩ්ඩ පොලිෂ් නෑ තමයි. අපිත් ගම්වල කොල්ලොනෙ. දැනුත් පහු වෙලා නෑ. භාවිතයෙන් තමයි ඕක පොලිෂ් වෙන්නේ. උනන්දු වෙන්න ඕන උඹ මීට වඩා. මට පේන්නේ උඹ ගැන මට, මීට වඩා බලන්න වෙනවා වගේ.

පැන්ඩා said...

මම නිකමට ගෙස් කලා උඹ ඉන්න ඕනි වැල්ලවාය මොණරාගල බුත්තල උඩවලව වගේ ඒරියා එකක කියල..එකයි මොණරාගල දිසාවෙ කියල කිව්වෙ..

කේෂාන් De சில்வா said...

අපි කිවුවට අහන්නෙ නෑනෙ ඉතින්.... ඔය මගුල් බිවුවාම වෙන දේවල්. අපි හිතුව දන්නෙ නැතුව කියල. හැබැයි මෙයා ඒක ගැනත් දන්නව...
ඡය වේවා!!!! හිනාවෙන්න එපා උඔට නෙමේ පැන්ඩට කිවුවෙ. අපි අනිව එනව. මට හිතෙන විදියටනම් අම්පාරට කිට්ටුව ඉන්නෙ. මොන ලෝකෙ වුනත් කමක් නෑ පැන්ඩයි මමයි හොයාගෙන එනව...

අනුරාධ said...

කෝ මන් මේකට දාපු කමෙන්ටුව???????

අකීකරු හිත said...

අවුලක් කරගන්න එපා.. මටත් වෙලාවකට ඔය ඉංග්‍රිසි සිංහල කවලමේ ලියවෙනවා...මොනව වුනත් දැංවත් ඔය බීම අතහැරහං

Podi Kumarihami said...

නියම කතාවක්නේ..ඉතින් තාමත් ඔයාට ඉංග්‍රීසි බැරිද? වලව්වේ චූටි කුමාරිහාමි කෙනෙකුට ඇප්ලිකේෂන් එකකුත් දාලා තිබුනානේ හැබෑටම. එයලා ගෙදරදි කතා කරන්නෙත් ඉංග්‍රීසියෙන්. ඔය දෙන්නා එකට තියලා කතා කරලා බලවන්න හරිම ආසයි. එන්නකෝ ඒ පැත්තේ. එක්කෝ එයා ඔයාට උගන්නයි. නැත්නම් ඒත් එයා ඔයාට උගන්නයි. :D

Thusitha (දිමා) said...

පිස්සු කොර මචන්...
මටත් වුනේ ‍ඔය කෙලිය තමා.... අපි ලිවුවෙ ගුලි කාලා...
පේපරේ පුරා චිත්‍ර ඇන්ද..

හිස් අහස said...

@Ravi = මටත් හිතාගන්න බෑ මම එහෙම කරාද කියලා .ඇත්තට වසල නෝන්ඩිය නේද බං කඩ්ඩ බැරි එකෙක් කිවුවම උඹලටනම් හිනා යනවා ඇති නේද ?

.....................................................................................................................................................

@ayesha = හිතල නෙවේ සහෝදරී මටත් නොදැනීම මලක සුවඳ මාව වෙලාගත්තා ...

.....................................................................................................................................................

@රතී = මෙන්න රතී අයියා කතා කරනවා ..මට තියන සතුට ..කනගාටු නෑ අයියේ හැබැයි චා... ඔන්න අයිය නිසා මම දැන් නෙට්වර්කිං කිං කිනෙක් බවට පත්වෙලා ...ඔයාගේ නෙට්වර්කිං පාඩම අපේ බොස් පවා බලනවා ..

.....................................................................................................................................................

@පැන්da = ඔයා ගෙස්කරපු එක ඒරියා එකකවත් නෙවේ..ඔයා දන්නවා මං ඉන්න තැන ඒත් මෙතන කියන්න එපා ..අඩේ අයියේ ඇත්තට එනවද සිරාවවටම ? අමතක නොවන ගමක් වේවි ..එන්ඩ එන්න අපි බලං ඉන්නවා ..

.....................................................................................................................................................

@කේෂාන් = මමත් දන්නවා මචං මොනාද වෙන්නේ කියලා ..ඒත් ඉතිං ඒකාලේ මම මල්සරාට අන්තයි පුදුම විදිහට මල් ඇද්දේ ..අනේ බුදු මචෝ ..මම ඉන්න තැන රහසක් පැන්ඩ අයිය නම් දන්නවා එයාගෙන් අහගෙන දෙන්නම එන්ඩ වෙලාවක තේ එකක් බීල යන්න ..බුදු වෙල්කම් එකක් දෙන්නම් දෙන්නටම ..

.....................................................................................................................................................

@අනුරාධ = දන්නේ නෑ මචං මම හිතන්නේ .ජාල ගැටලුවක් හේතුවෙන් කමෙන්ටුව මට ඇවිල්ලා නෑ ..කමක් නෑ මචා මෙහේ ආව එකත්මදෑ ..ජය වේවා !!

.....................................................................................................................................................

@අකීකරු හිත = ඔයාටනම් සමහර වෙලාටනේ කලවම් වෙන්නේ මටනම් ඕල්වේස් කලවම් වෙනවා ..මම දුම් බීම නවත්තලා දැන් මාස ගානක් වෙනවා ..අනික් ඒවා තව ටික දොහකින් නවත්තනවා..

.....................................................................................................................................................

@Podi Kumarihami = මෙන්න බොලේ කුමාරිහාමි අක්කා වලවුවෙන් එලි පහලියට බැහැලා මගේ පැලට ඇවිල්ලා ..බලාගෙන අක්කේ කලු වෙයි . හි ..හි //.... ආ ඔයා එහෙමද හිතන්නේ මට දැන් එලටම ඉංගිරීසි පුලුවං .."අයි කැන් ටෝක් ඉන් ඉංගිරීසි" ..කොහොමද ? කමක් නෑ ඔයාගේ ඉංගිරීසි පන්තියටත් මම එන්නම් වලවුවක පය ගහන්න මම පට්ට ආසයි ..පට්ට ලයික් ..

.....................................................................................................................................................

@Thusitha Jayasinghe = මම වගේ පිස්සෙක් දැක්ක එක පිස්සු කොර නේද ? ..අඩේ උඹලා ඒවත් කෑවයි ..මම තව හොඳයිනේ .ඉතිං මචං උඹ ඉංගිරීසි පාස්ද ? අර කාපු ඒවගේ පවර් එක වැඩකලාද ?

neetha said...

මම නම් ජීවිතේටම ඉංග්‍රීසි පේපර් එකකට සිංහලෙන් ලිව්වා කියන කතාවක් අදයි දැක්කේ. ඒකත් හොඳ දක්ෂ කමක්නේ!

හිස් අහස said...

@neetha මොන පිස්සුද අනේ මට ගමේ එවුං හූ කියනවා මගේ ඒ දක්‍ෂකම දැනගත්තොත් ..ආ ඔයා වලවුවේ ඉන්නවා මම දැකලා තියනවා ..වලවු පැලැන්තියේ ඔයාව අපි ඉහලින්ම පිලිගන්නවා .. ජය වේවා !!

සූර සරදියල් said...

අඩේ අයියා ජොයින්ට් ගහලා කඩ්ඩ ලියන්න ද බැලුවේ!!! මොනවා උනත් දෙවනි පාර ලියලා ගොඩ ගිය එක ගැන සතුටුයි!! කඩ්ඩ කෙසේ වෙතත් සිංහල වාක්‍ය ගැලපීම නම් මරු

Anonymous said...

අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ......
මෙදා මලකින් ඈත් වුනි නම්
හිතේ අහිතක් නෑ.....
හිතේ අහිතක නෑ.....

මම
තරු අහස...
නුඹේ මතකයෙන් ගිලිහී ගිය සයිබර් මිතුරා

Observer said...

අපි එස්.එස්.සී. කරන කාලෙ A සිලබස් B සිලබස් කියල පේපරස් දෙකක් දෙනවා ඉංගිරිසි,සිංහල විෂයයන් දෙකටම.අපි වගේ කබ්බෝ කලේ ඉංගිරිසි B සහ සිංහල A සිලබස් papers තමය්. සිංහල බැරි ලංසි කොල්ලෝ එහෙම තමය් සිංහල B සිලබස් paper එකට උත්තර ලිව්වේ.කොහොම හරි මගේ කඩ්ඩ ඒ කාලෙ ඉඳලම නරක නැහැ.හැබය් සිංහල ව්‍යාකරණ එහෙම ෆුල් කචල්.මම කරපු වැඩේ සිංහලත් B සිලබස් paper එකට ලිව්වා.result වල උත්තර ලිව්වේ A ද B ද කියල ආවෙ නැහැ අදටත් ආඩම්බරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් එස් එස් සී සහතිකේ ඉංගිරිස් සිංහල දේටම මට Distinction.
හෙ...හෙ ...හෙ.

පිණිබිඳු... said...

paper marking කරපු සර් කෙනෙක් එක පාරක් කිව්වා එයා බලපු පේපර් එකේ පලවෙනි පිටුවෙ ඇඳල හිටියලු යක් මූණක්. යටින් ලියල තිබ්බලු සුපර්වයිසර් කියලා. දෙවෙනි පිටුවෙ සාරියක් පටලෝ ගත්තු දත් බොල්ලෑ වෙච්ච කැහැටු ගෑනු කෙනෙක් ඇඳලා ලියලා තිබ්බලු පේපර් එක බෙදපු එකී කියලා. තුන්වෙනි පිටුවෙ ලස්සන මහත්තයෙක්ගෙ පින්තූරයක් ඇඳලා පේපර් එක බලන සර් කියල ලියල තිබුනලු. මුලු උත්තර පත්තරේටම තිබ්බෙ ඔච්චරයිලු.

හිස් අහස said...

@සූර සරදියල් = මොනා කරන්නද බං දියේ ගිලෙන්න යන මිනිහා මොකද්ද එකෙත් එල්ලෙනවා කියන්නේ .. අන්න ඒ වගේ මමත් දන්න්න සිල්ප දාලා බැලුවා කඩ්ඩ ගොඩ දාගන්න ..බැලින්නං කඩ්ඩ නෙවේ වෙන එකක්නේ ගොඩ ගියේ ..

.....................................................................................................................................................

@තරු අහස = එහෙම කතා කරන්න එපා සහෝදරයා අපිට ඔයාව අමතක වෙලා නෑ (තවම) ඔයා තමයි ආපු හැටියෙම බ්ලොග් එක වහලා දාලා අපි එක්ක ඉන්න බෑ කියලා යන්න ගියේ . නොනාද බං ලොකු සීන් නැතුව හොඳ කොල්ලා වගේ ඇවිත් මොනා හරි ලියලා පලයංකෝ ..හිස් අහසට වලියක් එහෙම සෙට් උනොත් ..තව එකෙක් ඉන්න එපැයි සප් එකට

.....................................................................................................................................................

@Observer = වාවු ! මටත් ඒ කාලේ ඉපදුනානම් හොඳයි කියලා හිතෙනවා .. එහෙමනම් මටත් ලේසියෙන්ම කඩ්ඩ ගොඩ දාගන්න තිබ්බා .. ඒත් බෑ . මටනම් ලොරෙන්සෝද අල්මේදා ඇවිල්ලා කියලා දුන්නත් කඩ්ඩනම් බෑ ..ඉතිං අයියේ මේ පැත්තේත් ආවා නේද ...වෙල් කම් ..!

.....................................................................................................................................................

@පිණිබිඳු. = අපරාදේ සහෝදරී මටත් එහෙම කරන්න තිබ්බා ..මට ඒත් අනේ මට චිත්‍ර අඳින්නත් බෑ ..මම හීනෙං වගේ සිංහලෙන් ඉංග්‍රීසි ලියාගෙන ගිහිං ..ඒත් මට යන්තං පාස් එකක්වත් දුන්නේ නෑ ..මහ නපුරු එකෙක් මගේ පේපර් එක බලල තියෙන්නේ ..

dinesh said...

මචං අරක්කු ගැනනම් කතා නොකලත් කමක් නෑ..ඒත් මල් ගැනනම් ඔය විදියට හිතන්න එපා.

ඒක නෙමෙයි ,සිංහලෙන් උඹ මොනවද ලිව්වෙ ඕකෙ?
උඹට අර "සිංහල රටට මොකටද ඉංග්‍රීසි" කියල හිතුන කතාවනම් සහතික ඇත්ත බං.ඒත් අපේ එවුන්ම තමයි ඒක කා ගත්තෙ.තව ටික දවසක් යනකොට අපිට සිංහල වැඩක්ම නැති තත්වෙට පත් වෙනවා.ඒක හින්ද ටිකක් උනන්දුවෙලා කඩ්ඩ හදා ගනින්.
මමනම් හිතාන ඉන්නෙ ඕක ඉගෙන ගන්නවට වැඩිය ලේසියි බං කඩ්ඩ දන්නෙ කෑල්ලක්ව බැද ගන්නවා.බෑ,බෑ ඒ වැඩේ හරියන්නෙත් නෑ.ඊට පස්සෙ ඒකි වෙන එවුනුත් එක්ක මල් කඩයි.අපි දන්නවයැ මොනව කතා කරනවද කියල.
මචං මම මොනව ලියල තියනවද දන්නෙ නෑ.අදයි ඉස්පිරිතාලෙ ඉඳල ආවෙ.ඒ ඇවිල්ල තායියෙක් එක්ක සෙට් වෙලා මල් කෑල්ලක් ගැහුවා.අපිට ලෝකෙ කොහෙ ගියත් ගැලවිල්ලක් නෑ බං. දැන් නිකං කොමෙන්ට් එකත් උඹේ ඉන්ග්ලිශ් පේපර් එක වෙලා වාගෙද දන්නෙ නෑ.අවුලක් තිබුනොත් ගනන් ගන්න එපා.ගොඩක් ස්තුතියි උඹ නිතරම වාගෙ මාව බලන්න ඇවිත් තිබුනා.තෑන්ක්ස් මලේ.ලොකු අවුලක් නෑ.

පිස්සා පලාමල්ල said...

යකෝ මල් ගහල ඉන්ග්‍රීසි ලිව්වා ? උබට යකො මොනව කියඳ මම දන්නෙ නැහ. හැබයි ඒ ගොනා විකුනල ඇති කියල හිතනවා. අනේ ඇත්තමයි මට තොගේ මූන බලා ගන්න ඇවිත් යන්න පුලුවන් දුරකය ඉන්නේ. කතරගමට ආවත් තව දුරනේ...

වැරදිලාවත් උබ ඔය කොලඹ දිහා එනවනම් කියපිය කලින්.

MaRLaN said...

මල් මාමා....
මං සදරු සර් ඉවරයි කිවුවෙ මල හින්දම නෙමේ පැන්ඩා අයියා එනවයි කියපු හින්දා

Thusitha (දිමා) said...

මල් මාමා....

neetha said...

මම වලව්ව පැත්තෙදි තමා ඔයාව දැකල තියෙන්නේ.ඒ පැත්තේ ගියාට අනේ මම නම් වලව් කාරියෙක් නෙවෙයි හොඳද.කොහොම උනත් අඳුනාගන්න ලැබීම සතුටක්.

රත්ගමයා said...

අඩේ...මට මේ පෝස්ට් එක මිස් වෙලා නේ..දැන් නේ බොලේ දැක්කේ

හිස් අහස said...

@dinesh = මොනා උනාද මන්දා ..මල් එපා උනා අයියා .. වෙල්කම් බැක්

.....................................................................................................................................................

@පිස්සා පලාමල්ල = ඕ අයියේ ඒ ගවයා මම විකුනුවා ..මොනවා කරන්නද ? හිතේ දිරිය ගන්න හිතාගෙනයි අපි මල් පානය කරේ ..අන්තිමට දිරිය වැඩි උනා

.....................................................................................................................................................

@MaRLaN = මාලන් මචං පැන්ඩයියටත් මල් දීල පිලිගන්නව

.....................................................................................................................................................

@Thusitha Jayasinghe = මට කාඩි එකක් ගැහුවද ?

.....................................................................................................................................................

@neetha = ලමා තැනී ලමා තැනී ....ඔයාව හඳුනා ගැනීමත් සතුටක්

.....................................................................................................................................................

@රත්ගමයා = දකින්නත් ආසයි .. ඔය රූපෙන් ආයෙම වතාවක්

Anonymous said...

It is not difficult to learn English. As you have internet facility, log into english web sites and just read them. Start from the very simple short stories. At the beginning you will feel boring. But don't stop. Read at least one story per day. And increase it. Later you will find its interesting. When ever you find a chance to do a course in English medium,(Not an English Class)do it. This is how I did it. I am not fluent in english. But to some extent I can manage. As you are a young guy I think you can try.

But regarding the "mal" and other drinks....
If you did not stop it at least now, some day you will feel sorry. And you may be late.

Think twice my son....

"උදා වූ දවස ඔබ නිසි ලෙස භාවිතා නොකල ද එම දවස ඔබ වෙනුවෙන් බලා නොසිටින බව තේරුම් ගන්නා විට, ඔබ ප්‍රමාද වෑඩිවිය හෑක."

අප්පමදෝ අමතපදන්

networkdisa said...

මම අදයි මේ පෝස්ටි එක කියෙව්වෙ.මම O/L වලට ඉංගිරිසි ලිය්න්න යන්න කලින් බැළුව Titanic චිත්‍රපටිය.හෆ්‍ො ඒක සම්පූර්ණම ඉංගිරිසි නොවැ.පේපරේ ලියන්න ඉද ගත්තම මතක් වෙන්නෙම හෙලිවැලි rose ගෙ චිත්තරේ අදින jack සීන් එකමයි. අවුලක් නෑ මටනම් C එකක් තිබුන ඕන්

Charith Samarakoon said...

උඹෙ මන්නෙ ඇති බං...ඕක ගලගාල ගනින්... හැබැයි පුතෝ ඉංග්‍රීසි දිහා වපරැහින් බැලුවොත් අනාගතේනම් අඳුරුයි... :D

මාධව විදුරංග said...

man O/L waladi bari wachana walata sinhala wachana daala liwwa! :D :D sira kathawa bn! :D :D

Anonymous said...

apith english liuwe malak gahala o/l dawaseth hahuwa A/l waladith gahuwa...mala nam supiri

o/l - english - B
A/l - english - S

ටීම් ට්‍රැවලර්ස් said...

සඳරුවා....
ප්‍රශ්න දෙකයි

එක: උඹ අර මූත්‍රා කොරන්න ගිය එකාට මොකෝ කරේ?
දෙක : සිරාවටම උඹ සිංහලෙන්ද පේපරේ ලීවේ?

Anonymous said...

//අපිට ඇහෙන්න ඉස්කෝලේ කිසිම කොල්ලෙකුට ඉංග්‍රීසියෙන් කතාකරන්න අපි ඉඩ තිවුවේ නෑ//

තොපි වගෙ ************* හැත්තක් !!!

ඔය කරපු පවුකාරකමට තොපිට ලබන ආත්මෙත් ඉංග්‍රීසි බැරි වෙයි.

Post a Comment

තැන්කූ බං