31.1.11

උඩ පන්දුවක් ගිලිහුනා ...!




අහස තවම යාන්තමට කඳුලු වගුරනවා . හ්ම්. ලස්සන මල් වැස්සක් .සීනි ඇට වලටත් වඩා ගොඩාක් පුංචි වැහි බින්දු එකින් එක අහසින් හෙමිහිට බිමට වැටෙනවා . අතරේ යාන්තමට අවුවත් පායලා . …….

මට ඉස්සරහා තියන ලොකු ගහේ උස අත්තකට වැටුනු  අමුතුම වැහි වතුර බින්දුවක් ඉර අවුවට දිලිසුනා . දියමන්තියකටත් වඩා ලස්සනට . !

ඒත් මේ ලස්සන වතුර බින්දුව මට අයිති කරගන්න බෑ නේද ?

බව දැන දැනත් මම වතුර බින්දුවට ආදරේ කරා

ටිකෙන් ටික ලස්සනම ලස්සන වතුර බින්දුව අත්ත දිගේ පහලට බේරෙන්න පටන්ගත්තා තව මොහොතකින් වතුර බින්දුව ගහ ගහ මුලට වැටෙනවා.ඊට පස්සේ කවදාවත් මට ආයෙමත් ලස්සන බලන්න වෙන්නේ නෑ .!. ආයේ කවදාවත් මට ලස්සන වතුර බින්දුව දකින්න වෙන්නෙත් නෑ …!

මේ ලස්සන මට හැමදාම දකින්න ඇත්නම් .!

මේ ලස්සන දිලිසෙන වතුර බින්දුව මට මගේම කරගන්න පුලුවන් නම් ..

හැමදාකම උදේට මේ ලස්සන බලාගෙන අවදි වෙන්න තියනවා නම් !

හැම රෑකම මේ ලස්සන බලල නින්දට යන්න තියනවානම්!

මගේ ජීවිතේ ආයේ කිසිම දවසක දුකක් දැනෙන එකක් නෑ

කොහොමත් මම ඒතරම් දුකකින් නෙවෙයි ඉන්නේ ..ඒක නිසා මේ වැහි බින්දුව මට නැති උනා කියලා .මම ඒතරම්ම දුක් වෙන එකක් නෑ

ඒත් .. ඒත් . එත් එත්‍

මටත් වඩා මගේ හිත දැන් මේ ලස්සනම ලස්සන වැහි වතුර බින්දුවට ආදරේ කරනවා ..! මටත් හොරෙන් .. ඒත් මම හොඳටම දන්නවා මේ වැහි වතුර බින්දුවකට අයිතිවාසිකම් කියන්න මට පුලුවන්කමක් නෑ ..ඒක නිසා මට ඔය පුංචි වතුර බින්දුව ආයෙමත් ඕන නෑ

ඒත් ……

මම කොයිතරම් නම් මගේ හිත රවට්ටන්නද ?

මම හොඳටම දන්නවා අර ඈතින් පේන කඳු වලලු වලිනුත් ඈතට ඈතට . ඈතටම …….ගිහිං හැංගිලා හිටියත් . කිසිම කෙනෙක් එක්ක කතාබහක්වත් නොකර ..ලෝකෙන්ම වහං වෙලා හිටියත් . මගේ හිත එකම එක වැහි බින්දුවක් ගැන හිත හිත දුක් වෙනවා ..

මගේ ජීවිතකාලේ ඇතුලත වස්සාන කාල බොහොමයක් මම දැකලා තියනවාඒත් පහුගිය කිසිම වස්සාන කාලයක් . මගේ ජීවිතේට මේ තරම් ලස්සන වැහි බින්දුවක් තිලිණ කලේ නෑ .

ඉතින් .

මේ රිදී පාටින් දිලිසෙන පුංචි වතුර බින්දුව මගේ අතට ගන්න පුදුමාකාර ආසාවකින් මගේ හදවත නලියනවා .   

ඒත් .මම මේ ගැන කාටවත් කියන්න බය උනේ ඇයි ?

සඳරු අර පුංචිම පුංචි ලස්සන වතුර බින්දුව ඔයාගෙද ?

මගේ හිත කියවන්න පුලුවන්වෙච්ච අය මගෙන් අහන වෙලාවට .මට කියන්න කිසිම දෙයක්නෑ! වෙලාවේ මම ගොළු උනා ..

නෑ නෑ ! මගේ නම් නෙවෙයි 

ගත් කටටම අහන අහන කෙනාට මම විදිහට කීවුවා !

ඉතින් දැන් මම කොහොමද එක පාරටම කාගෙන්වත් උදවුවක් ඉල්ලන්නේ ?

අර දියමන්තියක් වගේ ලස්සන පුංචිම පුංචි වතුර බින්දුවට මම ආදරෙයි ..ඒක මගේ ලඟට ගන්න මට උදවු කරන්න .

ඇයි දැං ඔයාගේ නෙවේ කියලා කිවුවේ ?

 හැමෝම මට විදිහට කියයි ..ඒක නිසා . මෙතනදී මොහොතකට මම තනි වෙලා

හදවත මොහොතකට නතර උනා වගේ !!!!!!

වැහි බින්දුව එක පාරටම ගොඩක් පහලට ලිස්සලා ආවා තව මොහොතකින් ..තව මොහොතකින් ..කවම කවදාකවත් ආයේ මට ගන්න බැරි වෙන්නම . මේ පුංචිම පුංචි වතුර බින්දුව පහලට වැටෙනවා ..! ඊට පස්සේ ආයේ පසුතැවිලා වැඩක් නෑ .. දුක් වෙලා වැඩක් නෑ ..

එක දෙයයි කරන්න තියෙන්නේ !

ලස්සන වැහි වතුර බින්දුව වැටෙන කොටම පැනලා අල්ල ගන්න එක ..!

ඒත්

වටේ ඉන්න අය මොනවා නොකියාවිද ?

මොනවා කිවුවම මොකද ? මම මේ ලස්සන වතුර බින්දුව නැති කරගන්නේ නෑ !

ඇත්තටම ආදරේ කියන්නේ වේලිච්ච හදවතකට වැටෙන
වැහි වතුර බින්දුවක්නම් ..
විරහව නැමති පොලවට වැටෙන්න කලින්
අපට අල්ලගන්නත් බැරිනම්.
ආදරය නැමති වතුර බින්දුව වැටිලා
විරහව නැමති පොලවට උරාගන්නවා
එතකොට අපේ හදවත දුක කියන නියගයට අහුවෙලා
ඉරි තැලිලා කෑලිවලට කැඩිලා යනවා.

දැන් කරන්න තියෙන්නේ එකම එක දෙයයි ..මම මේ ලස්සන වතුර බින්දුව මගේම කරගන්නවා ..බිම වැටෙන්න දෙන්නේ නෑ කීයටවත් ..මම පැනලා අල්ලගන්නවා ..

ඒත් ,………

මට ඉස්සරහා ලොකු කම්බි වැටක් ..මේ වැටෙන් පනින්නේ නැතුව දිලිසෙන වතුර බින්දුවට කිට්ටු වෙන්න අමාරුයි වැටෙන් පනින්න්ද ?

වටෙන් එහාට පැන්නොත් ආයේ මෙහාට එනවා බොරු …….

වතුර බින්දුව දැන් අග්ගිස්සටම ඇවිල්ලා තව තත්පරයක්වත් නෑ මට මොකද මම කරන්නේ ..වැට පනින්නත් බෑ

වතුර බින්දුව වැටුනා !!!!

පුලුවන් තරම් වැට ලඟට ගිය මම ..මට පුලුවන් උපරිමේටම මගේ අත දික්කරා.. දියමන්තියකට වඩා මට වටින ..හැමදේකටම වඩා මට ලස්සන. ලෝකයක් තරම් ආදරේ කරන.. හුරුබුහුටි වැහි වතුර බින්දුව අල්ල ගන්න ..

වේගයෙන් පහල ආපු ලස්සන වතුර බින්දුව ..මගේ අතේ ඇඟිල්ලක යාන්තමට ගෑවිලා පහලට වැටුනා ..! වැටිලා නොපෙනී ගියා



මගේ ඇඟිල්ලක යන්තමට ගෑවුනත් .. වැහි බින්දුව මගේ ආත්මයම සීතල කරා.! 
 මොහොතකට මගේ ජීවිතයම වර්ණවත් කලා .!  
මට ගොඩාක් ආදරේ කරා

අන්තිමට යන්න ගියා …………………………………………………………

කමක් නෑ මට හොඳටම ඇති ..

ඇත්තටම වතුර බින්දුවක් අයිති කාටද අහසටද ?, පොලවටද ?
පොලව හැමදාමත් කරන්නේ අහසට වතුර බින්දුවක් දීලා ආයේ වතුර බින්දුව උදුර ගන්න එක

ඉතින් හැමදාමත් අහස

හිස් අහසක්

සඳරු //







~~නිහඩ ලොව බිදින්න~~

අපි හැම දෙනාම එක්වෙමු - ඉලන්දාරියාට උදව්වෙමු.






.








30 comments:

BLOG ගඩොල් said...

හැමදාමත් වගේ ලස්සනටම ලියලා තියනවා සහෝ! කියන්න වචන නෑ

Podi Kumarihami said...

මොන තරම් ලස්සන උනත්, වතුර බින්දුවක් අපට කවදාවත් අතේ රදවගන්න බැරි බව දැන්වත් දැනගන්න සඳරූ...

ලස්සනට, හදවතවට කාවැදෙන්න ලියලා තියනවා.

Anonymous said...

ඔව් මචං අපි එකතු වෙමු.

MaRLaN said...

මොකද අයියේ මේ case 1....

Thusitha (දිමා) said...

....................................................................................................
මල් මාම ‍මලක්වත් ගැහුවද මේවගේ අදහස් එන්න
....................................................................................................

තාරා said...

ඇත්තටම ලස්සනයි...

තාරා said...

ඉලන්දාරියා වෙනුවෙන් ඔයා දාලා තිබුනු ඉමේජ් එක මමත් ගත්තා. අවුලක් නෑ නේ...

Anonymous said...

හරිම ලස්සනයි...

Anonymous said...

බොලං මලේ කියහං මේ උඹට මූඩියක් පෑගිච්ච් වෙලාවක ලියපු එකක් මිසක් හැබෑවටම වෙච්ච එකක් නෙමෙයිනේ ?

අකීකරු හිත said...

ලස්සනට ලියලා තියෙනවා..ඒත් දුකයි... අපි අපි ගොඩක් ආදරේ කරන්නේ අපිට අහිමි වෙන දේවල් වල‍ට..ඒත් මල්ලියේ වටේ ඉන්න මිනිස්සු මොනව හිතයිද කියලා බය වෙවි නම් තිරණ ගන්න හොද නැ.. අන්තිමට දුක් විදින්නෙ උන් නෙමෙයි අපිමයි

සංකල්ප said...

ලස්සනටම ලියලා තියෙනවා. මොනවා කියන්න ද කියලා හිතා ගන්න බෑ.

ඒ උනත් මොනවාහරි ලියන්න ඕනේ.

මෙහෙමයි මල්ලියෝ ඔයා ඒ වැහි වතුර බිංදුවට ගොඩක් ආදරෙයි නම් ඒ වැහි බිංදුව හොයාගෙන යන්න. කවුරු මොනවා කිව්වත් ඔයා ඒ ගැන හිතන්න යන්න එපා.
ඔඔගේ සැනසීම තියෙන්නේ ඔයාගේ වටේ ඉන්න අයලග නෙමෙයි ඒ වතුර බිංදුව ලග. ඉතින් ඔයා ඒ වතුර බිංදුව නැති කරගෙන ජීවිත කාලයම හූල්ල හූල්ල ඉන්නවට වඩා ඒ වතුර බින්දුව අයිති කරගෙන සතුටින් ඉන්න පුලුවන් නේ.

අනිත් දේ තමයි තමන්ට මිසක් අනුන්ට හිතෙන දේ කරන්න යන්න හොද නෑ. එහෙම උනොත් කවදාවත් සැනසීමක් නෑ.
අනික මලයෝ බාධක නැති කෙනෙක් මේ ලෝකේ හොයා ගන්න බෑ. කරන හැමදේටම බාධක එනවා. කොටින්ම බුදු වෙන්ට පෙරුම් පිරුව බෝධිසත්වයන්ටත් බාධක කියන දේ පොදු නම් අපිට ඒ බාධක නෑවිත් තියෙයිද ?
ගගක් උනත් බාධක මැදින් ගලනකොට තමයි ඒකේ ලස්සන පේන්නේ. නැත්නම් ඔහේ ගලාගෙන යනවා කවුරුත් බලන එකක් නෑ.

යන්න ගිහින් ඔයාගේ ඒ සැනසීම තියෙන වතුර බිංදුව හොයා ගන්න !!! මම හදවතින්ම සුබ පතනවා !!!

රත්ගමයා said...

වැහි බින්දුව අයිති අහසට....වලාකුලු,වැස්ස,ඉර,හද තියෙනකල් අහස හිස් නෑ බන් අයියේ....උඹ බය නොවී ඉදපන්...ආයේ දවසක වහීවි..එතකොට ඒ පුන්චි වැහි බින්දුව අල්ල ගන්න උඹ ලෑස්ති වෙලා හිටපන්.....
ඔන්න උඹේ වචනෙන්ම ඉවර කරන්නම්....

ජය වේවා!!!!!!!!!!

පිණිබිඳු... said...

පුංචි වතුර බින්දු මොකට, අර තියෙන්නෙ සාගරයක්

කේෂාන් De சில்வா said...

ලියපු එක නම් ලස්සනයි. එත් ඒ දේ නම් කවදාවත් ලස්සන දෙයක් නෙමේ. තමන්ගෙ හිත තමන්ටම නැතිවෙන දෙයක්... අපි ආදරේ කරන වැහිබින්දුවම ඈයි මේවිදියට පොළවට වැටිල යන්නෙ...

dinesh said...

මොකද්ද මලේ මේ සීන් එක....අම්බානකට බොක්කට වදිනවනෙ.උඹ වාගෙ එකෙක් මීට ටික කාලෙකට කලින් හම්බ උනානම් තව කෙල්ලො දෙතුන් දෙනෙක් සෙට් කර ගන්න තිබුනා.

මොනව කියන්නද කියල තේරෙන්නෙ නෑ බං.කොහොම උනත් දැන් ඒ වතුර බිංදුව ගිලිහිලා ඉවරයි..ආයෙත් ඒක එකතු කරන්න බෑ.ඒක පොඩි වතුර පාරකට එකතු වෙලා ,ඇළකින් ඊට පස්සෙ ගඟකින් මූදට එකතු වෙන්න ඇති.හැබැයි ආයෙත් දවසක වහියි.කලින් වාගෙම ලස්සන වතුර බිංදු ගොඩාක් හැදෙයි.එතකොටවත් කලින් වතාවට වැඩිය පරිස්සමින් උත්සාහ කලොත් එකක් තමන් ලඟ රදව ගන්න අමාරු වෙන එකක් නෑ.

Anonymous said...

අඩේ අද නම් මම ටියුබ් ලයිට්... මට කියපං මේකේ තේරුම මොකද්ද කියලා? මට හිතන දේ නම් වෙන්න බෑ බං.

ඊටත් බං දැං වැහැලා ඉවරයිනේ... ඔය කියන්නේ කොයි කාලේ වැටිච්ච වතුර බිංදුවක් ගැනද? සදාහරිත වැසි වනානතරයක් වත් ගැනද?

පැන්ඩා said...

බලපන් මේ අසමජ්ජාති කොලු කුරුට්ටො සඳරුවට කියන කතා..ඌ පොඩ්ඩක් හිතට වදින්න ලිව්වොත් මල් ගැහුවද මූඩි පැගුනාද කතා ගොඩයි...අහින්සකය..උඹ නාඩ ඉඳින් කොල්ලො..බලාපන්කො ලියල තියෙන අපුරුව..

Hishan de Silva said...

අපි අපේ මිනිස්සු අත ඇරල දාන්නෙ නැහැ කවදාවත්.

Hishan de Silva said...

මමත් ඉලංදාරියා වෙනුවෙන් ඔබ පල කළ Image එක ගන්නව අවුලක් නැහැනෙ?

dinesh said...

@ පිණිබිඳු,

ඔයා ඇයි අපේ පැත්තෙ එන්නෙ නැත්තෙ.මොනා හරි වැරදි දෙයක්වත් කියවුනාදෝ......

Unknown said...

වතුර බිංදුවක් අල්ලගන්නකම් හිතෙනවා අනේ අල්ලගත්තනම් කියලා.. ඊට පස්සේ තමයි හිතෙන්නේ ඒක අපිව තෙමාගෙන පොළොවටම වැටුනනම් මොනතරම් ලස්සනද කියලා. මොනතරම් හිස් උනත් අහස අහසමයි. ඒක හිස් උනත් ලස්සනයි.

හිස් අහස said...

@blog gadol = තැන්ක්ස් වේවා පූස් මචාලා .!!
.....................................................................................................................................................

@Podi Kumarihami = ඇත්තටම අක්කේ ඒක වටහා ගන්න මට ගොඩක් වෙලා ගියා ..තවමත් මට , මගේ ගොං මොලේට ඕක වැටහිලා නෑ ..ස්තූතියි

අක්කේ

.....................................................................................................................................................

@Chinthana - BSL = මගේ සප් එක ඕන වෙලාවක ...(දැනටමත් ඩන්) තව උදවු කරන්න මම ලෑස්තියි ...

.....................................................................................................................................................

@MaRLaN = ජුංඩි කේස් එකක් මලේ ...ජුංඩි කේස් එකක් ...ඕක අමතක වෙලා යයි ..

.....................................................................................................................................................

@Thusitha Jayasinghe = අදනම් මලක් ගැහුවේ නෑ මචෝ ..මලක් වගේ කෙනෙකුගෙන් දුරස් උනා ...ඒක මල් 100 ඇද්දට වඩා අන්තයි ...

.....................................................................................................................................................

@තාරා = සහෝදරීට ස්තූතියි , මම දාපු එකක් උනාට පින්තූරේ මමත් ගත්තේ .. "ටිකක් හිනා වෙන්න ඇවිත් යන්න" බ්ලොග් එකෙන්

.....................................................................................................................................................

@කොට ජීවිතේ = ඇයි අනේ අක්කේ ඔයා ඔය වගේ නික්නේම් එකක් දාගෙන ඉන්නේ ?

.....................................................................................................................................................

@nawammawatha = මූඩියකුත් පෑගුනා ....හැබෑවටම යමකුත් උනා ..එහෙම දේවල් වෙනව නේද ? නවම් අයියේ ..පහු වෙද්දී ඕක ඇරිලා යාවි

.....................................................................................................................................................

@අකීකරු හිත = ඔයා හරිට හරි ..වටේ ඉන්න අයගේ හිත් සතුටු කරන්න ගිහිල්ලා මම නිකං බොරුවට අමාරුවේ වැටුනා ..මට ඒත් දුකක් නම් නෑ පසුතැවීමක් විතරයි අක්කේ දැන් තියෙන්නේ ...

හිස් අහස said...

.....................................................................................................................................................

@මධුරංග = ඉස්තූතියි අයියේ ...ඇත්තටම කාලයක් මම ඒ වතුර බින්දුව අතේ තියාගෙන හිටියා .. ඒත් දැන් ඒක මගේ අතේ නෑ මටත් හොරෙන්ම

දිය වෙලා ගිහිල්ලා .බාධකනම් එමට තිබ්බා ..ඒත් මම අහක බලාගෙන ගියා ..දැන් පරක්කු වැඩියි අයියේ වතුර බින්දුව ආයේ හොයන්න බෑ !

.....................................................................................................................................................

@රත්ගමයා = මම ඒක දැනං උන්නේ නෑ මලේ ...ම් .........ම් කොහොමත් අයේ දැම්මම නම් මට වැස්සක් එපා ! තච ගොඩක් කාලෙකින් ආයෙමත් වහීවි ..එදා එනකම් මම බලං ඉන්නවා ... ජය වේවා !!

.....................................................................................................................................................

@පිණිබිඳු.. = ඇතටම සාගරය බඳු වේදනාවක් .....

.....................................................................................................................................................

@කේෂාන් = මිනිසාටයි හැමදේවෙන්නේ // නොසිතු දෙයක්මයි සිදුවන්නේ ...// බලමු මචං දව්සක අපටත් වහී ....එදට අපිත් තෙමෙමු ..

.....................................................................................................................................................

@prasanna86k = මවං අදනම් ඔන්න මගේ ලයිට් එක ගියා .. දැං සඳරු කොල්ලා කලුවරේ ...ඌට බඩු හරිය ..ඌ ඉවරයි

.....................................................................................................................................................

@පැන්da = වස ලැජ්ජාව පැන්ඩයියේ ! අනේ බුදු පැන්ඩයියේ මම අඬනේ නෑ නෙව ..2 වසරේ ඉන්න කාලේ තමයි අන්තිමට ඇඬුවේ ...ඇත්තටම මේ මොනා ලියලද කියලා මමවත් හරියට නොදනිමි .. ඔයා එනවයි අපේ පලාතේ

.....................................................................................................................................................

@Hishan Melanga = අපි වෙනුවෙන් අපි ... ඒක නමට විතරක් සීමා වෙන්න දෙන්න බෑ නේද මචං ...

Praසන්ன said...

මං මේකට දාපු කොමෙන්ට් එක නෑනෙ....
ලස්සනයි නියමෙට ලියල තියෙනවා.

හිස් අහස said...

@Praසන්னහොයලා බලන්න ඕන තව එක්කෙබෙක් කීව කමෙන්ට් එක නෑ කියලා .. මොකද මන්දා අවුල .. තෑන්කුයි අයියේ ..ප්‍රසන්න නේද මචං නම ?

ayesha said...

බොහොම අපූරුයි යාළු

නචියා said...

වැඩේ නම් සුපිරි මචන්... උඹට මෙහෙම දෙයක් උනේ නැනේ...

තරියා said...

ඔයා හරිට හරි
ජය වේවා !!

Anonymous said...

adenawa............

sanka said...

<3

Post a Comment

තැන්කූ බං