9.2.11

වෝල්ට් 33000ක් වැදුනා .!



                        වැඩිපුරම මට මල පැන්න දවස තමයි ඕං අද . මට මල පැන්නේ මනුස්සයෙක්  එක්ක නම් නෙවේ . රජයේ ආයතනයක් එක්ක . විදුලිබල මණ්ඩලය  එක්ක

මේ සිද්දිය  පටන් ගත්තේ හරියටම ඊයේ උදේ ..විදුලිබල  මණ්ඩලයට අයත් වාහනයක්  යකඩ කටකින් ගෑ ගහමින් පාරේ ගියපු වෙලාවේ යකඩ කටින් කියැවුනේ . විදුලි බිල්  ගෙවපු නැති හැමෝගෙම ඉදිරි පැය 24 ඇතුලත විදුලිය විසන්ධි කරන බව . කතාව ඇහුනහම තමයි මටත් මතක් උනේ අපේ ගෙදරත් රු 2400 විදුලි බිලක් ගෙවන්න තියනවා කියලා . ඒක  නිසා  මම තීරණය  කරා ඔය ගාන ඉක්මනටම ගෙවලා මේ බිලෙන් නිදහස් වෙන්න . ඒත් දෙයියනේ ! මා ගාව පිච්චියක් වත් තිබුනේ නෑ . සන්තකේටම තිබුනේ . ෆෝන් එකේ තිබිච්ච රු 14 විතරයි ..ඒකත් ඩයලොග් එකෙන් ගත්ත ලෝන් එකක් .. වෙලාවෙම අම්ම ඇවිදිල්ලා මට රු 3000 දීල කිවුවා

අද වැඩට ගිහිල්ලා එනකොට මේ බිල් එකත් ගෙවලා එන්න නැත්නම් ආපු ගමන්ම කොම්පියුටර් එක ඉස්සරහා වාඩිවෙනවා බොරු   කියලා ..

ඉතින් මමත් සල්ලි අරගෙන වෙනදා වගේම වැඩට ගියා . මේ දවස්වල මම බොන්නේ කලවම් ඒව හින්දද මන්දා දැන් මට පොඩ්ඩ ඇත්නම් තරහා යනවා . වැඩට ගියේ බස් එකේ ඉතින් තරහා ඩබල්. එක මිනිහෙක් මගේ කන ගාවින් යන්න බුලත් කෙල පාරක් ගැහැවුවා ..සූ සූ සූස් සූ ස් .. ගාලා .. මමයි තව ඇන්ටි කෙනෙකුයි එකතුවෙලා මිනිහට පලු යන්න බැන්නා! .මට පස්සේ පවු කියලා හිතුනා .ඒත් අර ඇන්ටි දිගටම බනිනවා  . මම බහින තැන ආවා ..මම බැස්සා .. ඇන්ටි තාම බනිනවා ..අනේ පවු අසරන බුලත් කාපු එකා !

ඉතින් මම දවල් වෙලා විදුලි බිල ගෙවන්න ගියා ..ගෙවන්න තියෙන්නේ රු 2400 අම්ම රු 3000ක්ම ගෙවන්න කියලා දුන්නා වැඩි හොඳට . මට නිකමට හිතුනා රු 200 අරගන්න අරං බියර් එකක රස බලන්න ..පොඩි එකාගේ ආසාවනේ ..අම්ම මොකුත් කියන එකක් නෑ ! එහෙම හිතලා මම රු 200 යට ගහගත්තා ..මොකෝ මට තවම පඩි හම්බ උනෙත් නෑ නේ ..

ඔන්න ඔය විදිහට මම විදුලි බිලට රු 2800 ගෙවුවා ..ගෙවලා රිසිට් එකත් අතට ගත්තා. දැං තමයි වැඩේ මේ රිසිට් එක අම්ම අතට දෙන්න බෑ . දුන්නොත් අම්ම අහනවා කෝ අහ රු 200 කියලා .මොනා කියන්නද ? . බොරු කියන්න බෑ . බියර් ගැහුවා කියන්න කොහෙත්ම බෑ .

ඒක නිසා මම රිසිට්ටුව මගේ පොකැට්ටුවේ තැම්පත් කරා . අම්ම ඕක ඉල්ලන්නේ නෑ .අම්මට ඕක අමතකයි එහෙම හිතලා මම ..වැඩේ හීන් නූලෙන් යට ගැහුවා ..

ෂක්තිමත් බියර් එකකින් පදම් වෙලා මම සතුටෙන් ගෙදර ගියා සින්දුවකුත් හිතෙන් කිය කිය .මා නෙත් කැදැල්ලෙ……සැතපීලා නිදැල්ලෙ…” ඔන්න ඔය විදිහට දවස ඉවර උනා ..පහුවදාට අලුත් දවසක් ඇරඹුනා ..මම වෙනදා වගේම වැඩට ගියා ..

උගන්වන පන්ති ටිකෙන් බාගයක් අවසන් කරා පස්සේ ඔන්න මම කෑම කන්න අත හෝදගත්තා විතරයි ..මෙන්න ගෙදරින් කෝල් එකක් ! අම්ම කෝල් කරනවා

පුතා ඔයා ලයිට් බිල් එක ගෙවුවේ නැද්ද ?

මොකෝ නැත්තේ ඊයෙනේ ගෙවුවේ  ..

මෙන්න විදුලි බල මණ්ඩලයෙන් ඇවිල්ලා  ලයිට් කපන්න යනවා .!

යකෝ ! මම රු 200 මාටියා ගහගත්තට . නියම ගානටත් වැඩියෙන් සල්ලි ගෙවුවනේ ! විදුලිබල මන්ඩල් කාරයෝ බීලද ?. මට හිතුනාන අනික අපේ පලාතේ මිනිහෙකුගේ ගෙදරක ලයිට් කපන එක අනික් ගෙවල් වල මිනිස්සුන්ට ගොයං කපනවා වගේ දර්ශනයක් ..හැමෝම ගෙවල් වලින් එලියට බැහැලා ..

අයියෝ ! මෙයාල කොච්චර හොඳට හිටපු උදවියද .

බලන්න දැං හතේ හත වැදිලානේ කියනවා ! . මදිවට ගෑනු ..හෝ ගාල හූල්ලනවා ..අන්න ඒක නිසා ලයිට් කපනවා කියන්නේ හතර විලි ලැජ්ජ්ජා නැති වැඩක් ..

ඉතින් ගොල්ලන්ට කියන්න අපි බිල් ගෙවලා තියෙන්නේ කියලා ..මම කීවා

එයාලා රිසිට් ඉල්ලනවා ! අම්ම කියනවා

රිසිට් එක මා ගාව දැන් මොකෝ කරන්නේ …”

කෝ ඔය ෆෝන් එක දෙන්න ලයිට් කපන්න ආපු එකාට බැරිම තැන මම කීවුවා ඉතින් අම්මත් පොරට ෆෝන් එක දීල ..මාත් එක්ක කතා කරන්න කිවා.

හලෝ ..සිංහල නොවන කෙනෙක් කැඩිච්ච සිංහලෙන් හලෝ කීව

අපි බිල් ගෙවලා තියෙන්නේ ඔයාල කරන්ට් එක කපන්න එන්නේ හොයල බලල නෙවේද  ?

ඔයල තව රු 2400 ෂෙවන්න ෂියනව ! එයාගේ කැඩිච්ච සිංහලෙන්ම කීව ..

මට පුදුම සතුටක් දැනුනා ..

මේ ඕයි ..මම ඊයේ ගිහිං සල්ලි බැඳලා ආවේ .මගේ ලඟ තමා රිසිට් එක .බොරුනං තමුන්ගේ ඔෆිස් එකට කෝල් කරලා අහගන්නව

එයා ෆෝන් එක කට් කරා පොර යන්න ඇති මම හිතා ගත්තා ..

අම්ම ආයෙමත් කෝල් කරා ..

පුතා අන්න කරන්ට් එක කැපුවා ! ..ඔයා ඇත්තටම බිල් ගෙවුවා නේද ? යකෝ අම්මටත් මාව සැකද ?

 මට හොඳටම මල. මල උපරිමයි !

මම කෙලින්ම ගියා විදුලිබල මණ්ඩලයට බිල් ගෙවන්න ආපු පෝලිම පාර  දිගටම ඉන්නවා ..මම කෙලින්ම ඇතුලට ගියා

එතන මේසෙයක් තියාගෙන වාඩි වෙලා හිටපු කෙනෙකුට මම රිසිට් පෙන්නලා කීව .මම ඊයේ  බිල් ගෙවුව අද ලයිට් කපල ගියා කියලා

පොරත් ඕනෑවට එපාවට  එහෙට මෙහෙට ගිහිං ඇවිල්ලා  මට මෙහෙම කීවා

ආයේ කරන්ට් එක දෙන්නම් ඒත් සිඳලීමේ සහ නැවත සවි කිරීමේ ගාස්තු විදිහට රු  850 අය කරන්න වෙනවා කියලා

මටත්  මාර ජොලි දෙන්නං උඹට 850ක් ..

හලෝ මේ තමුසෙට මම කිවුවද හොයලා බලන්නේ නැතුව ගිහිං කරන්ට් කපලා එන්න කියලා .බිල් ගෙවලා තියෙද්දී  කපලා ගියාට තමුසෙලා මට දෙනවා 850ක් ..හොඳ හිතිං ආයේ කරන්ට් එක දෙනවා නැත්තං ..බලා ගන්න පුලුවන්

මහත්තයා මෙවුවා රජයේ ආයතන අපි වැඩ කරන්නේ  ආයතන වල නීති රීති වලට අනුව ..

ඒක ඇහුව්චට ප්ස්සේ මගේ කටින් අසැබි වචන සමූහයක් පිට වෙනවා වටේ හිටපු අයට ඇහිලා තිබුනා ..

මම මේසේ උඩ තිබ්බ මල්වාස් එකකුත් බිමට දැම්මා

ඔන්න බොලේ සිකුරිටි මහත්තයෙක් එනවා . දෙවනි ලෝක යුද්ද කාලේ පාවිචි කරපු .මහා ලොකු ගිනි අවියකුත් අරගෙන .වර .මමත් හිතාගත්තා  කාල තුවක්කු අරගෙන ආවත් පැරදිලා නම් එලියට බහින්නේනෑ කියලා ..

 මිනිහා ගන් එක මට පේන්න ගෙනාවේ. මම ඒක දැකලා පන එපා කියලා දුවයි කියලා හිතලා වෙන්න ඇති. ඒත් මම දන්නවා ඒකෙන් වෙඩි තියන්න ඒතරම් ලේසියෙන් බැරි බව

මම ආයෙමත් පටන් ගත්තා ..මම සත 5ක් වත් දෙන්නේ නෑ තමුසෙලා ගේ වැරදි වලට ..අපි මොකටද ඕයි සල්ලි ගෙවන්නේ .

කස්ටිය නිකං හක්ක පටස් කාපු වල් ඌරෝ වගේ ..මීක් නෑ

ඔන්න එතකොටම තවත් ලොක්කෙක් ආවා .. එයා හරිම කාරුනික පාටයි .දත් සේරම ඉස්‍රහට ඇවිල්ලා ..ජරාව කාලමද කොහෙද ?

එයා හරිම සන්සුන් ගමනින් පැමින . මම බිම දාපු මල් පෝච්චිය ආයේ මේසේ මතින් තියලා කතාවට බැස්සා ..

මොකද සර් මේ කෑ ගහන්නේ ..?

ඇයි ඔයා බබාද ? මම දැක්කා ඔයා අර එහාපැත්තේ ඉඳන් අහගෙන ඉන්නවා ..ආයේ අමුතුවෙන් කියන්න බෑ ..මම සල්ලි  ගෙවලා තියෙද්දී  කරන්ට් එක කැපුවට ඔයාල වැරදි ඔයාල වරද පිලිගන්න මම ඔයාලට ඕන ඕන විදිහට නටන්න ලෑස්ති නෑ ..

වටේ බිල් ගෙවන්න ඇවිල්ලා හිටපු එක මිනිහෙක්වත් මගේ පැත්තට කතා කරේ නෑ..! උන් සේරම දෙනා ..7.30 යන ටෙලි නාට්ටිය බලනවා වගේ කටිනුයි අනික් පැත්තෙනුයි බලං හිටියා .

හරි හරි කෝ ඔයාගේ රිසිට් දෙන්න බලන්න ….. රිසිට් එක පැත්තට මේ පැත්තට හරවලා බලල . මෙයත් කියනවා ..

මේක අඩුවෙලා නෑ . ඊයෙ උදේනේ ගෙවල තියෙන්නේ ..

මම ආයේ මල් පෝච්චිය බිමට දැම්ම්මා ඒක බිම දිගේ රෝල් උනා  .. සිකුරුටි ඒක  පස්සේ දිවුවා

තව වලි දාගන්න බෑ ..මම දවල්ට කාලත් නෑ ..

හරි තොපිට ඕන සල්ලිනේ ඉඳා කාපල්ල සල්ලි කියලා මම රු 850ක් බැන්ඳා

හැබැයි තව  විනාඩි 10 යන්න කලින් කරන්ට් එක නාවොත් මම ඇවිල්ලා තමුසෙව අල්ලගන්නවා බෙල්ලෙන්ම ..(බොරුවට කීවේ)

මම එලියට බැස්සා

හරියටම විනාඩි හතකින් අම්ම කෝල් කරා ..අන්න කරන්ට් එක හදනවා ..ඔයා සල්ලි  දුන්නද ?

ඔවු මම කිවුවා ..

ඔන්න ඔය විදිහට කරන්ට් ගැටලුව අවසන් උනා ..මට නිකම් වෝල්ට් 33000 ක් වැදුනා වගේ ..ඇයි මේ මිනිස්සු මෙහෙම කරන්නේ ..මුන් පගා කාලම තනිකර හොරු බවට පත් වෙලා රජයේ ආයතනයක් නෙවේනම් දනී කරන දේ මුන්ට ගැහුවොත් මට අනිවා බලු කූඩුවේ ලගින්න වෙනවා .ඒක නිසා හෙමීට පැරදිලා ආවා

චි:  

සඳරු //

 

47 comments:

muthunayake@gmail.com said...

kalanam ela wadak

make complain against Gov complain web and to Champika

Anonymous said...

oyage atheth loku waradak thiyenawa.egollan karapu de hari kiyala mama kiyanne na.eth egollan karanne rassawak nisa ohoma wenna puluwan.oka lankawe hati.ohoma randu wela prashna wisadanna bane.kisima ayathanayakata gihin oya widiyata hasirenna epa.sinhalu unama oyta wada iwasanna purudu wenna one.kamathinam piliganna.nathnam ain karala danna.habai ede oya therum ganna one.

dinesh said...

මල්ලියෙ උඹේ වැ‍රැද්ද.මම මීට වැඩිය මොනාවත් කියන්නෙ නෑ.බිල ඇවිත් සතියක් ඇතුලත ගෙවීම් කරණවනම් ඔයවාගෙ කිසිම අපහසුතාවයකට අපිවත් එයාලවත් පත්වෙන්නෙ නෑ.එයාලගෙ සේවාව හරියට දෙනවනම් අපිත් අපේ වගකීම හරියට ඉ‍ටු කරන්න ඕනෙ කියන එක තමයි මගේ හැඟීමනම්.

සෝරෝ said...

මචං මම හූනා කිවුවා වගේ කියන්නම් උන්, උ​ඹලගේ කරන්ට් එක කැපුවේ උඹ අර කරන්ට් කපන්න ආපු පොරට බැනපු නිසා.. ඔය මණ්ඩලෙන් එන පොරවල්ලාගේ හැටි ඔහොමමයි.. උන්ට තදින් කථා කලොත් උන් අනිවා කරන්ට් එක කපනවා.. හැබැයි උඹ ඒ වෙලාවේ රිසිට් එක පෙන්නුවා නම් ගොඩයන්න තිබුනා..

ඔය මණ්ඩල් කාරයෝ ගැන මම දන්නේ මගේ යාළුවෙකුත් ඉන්නවා ඔය කැපිලි ටීම් එකේ.. ඌ තමා කිවුවේ...

Dasun said...

ඕකුන් ඔහොම්මම තමා සදරු...අපිටම තමා කෙලවන්නේ.....

BLOG ගඩොල් said...

ඇත්තටම ඔහොම දෙයක් වුණාම ෆ්ලවර් ජම්ප් වෙනවා තමයි. ඒත් ඉතිං උඹ ඉන්නෙ ඇමරිකාවෙ නෙවෙයිනෙ බං. මේක ලංකාව. මෙහෙ වැඩ ඔහොම තමයි. මටත් හිතෙන්නෙ මේක හිතලාම කරපු වැඩක්. පුලුවන්නං කොම්ප්ලේන් කරපං

Hishan de Silva said...

මම විදුලි බල මණ්ඩලයෙ (නෙවෙයි)

Anonymous said...

ශා මරු බැනිල්ල..මමත් ආසම වැඩක්.. ඔයාට දහයෙන් නමය මාරක් දෙනවා සදරු අයියේ බැනිල්ලට... :) :) :)

Thusitha (දිමා) said...

මගෙත් ඔහොම වුනා බන් රතු බිල අපුවාම ගෙවල එක ගෙවුව කියල විදුලි බල මණ්ඩලයට ගිහින් පෙන්නන්න ඕනෙ නැත්තන් කපනව..

මමත් සොප් ඒකේ ලයිට් බිල වෙන්නේ හැමපාරම රතු බිල අපුවාම තමා..
එක හින්ද මාස 03 කට පාරක් විදුලි බල මණ්ඩලේ රස්තියාදු වෙලා මට හොදට පුරුදුයි..

෴ හසියා ෴ said...

සල්ලි හොයන්න අපේ රටේ උන් බල්ලොත් මරයි බං.....වැඩක් නෑ ඕවා කතා කරලා අපේ ලේ පුච්චන්.....

හිස් අහස said...

@Muthunayake = දැං ඔන්න ඕක අල්ලලා දානව මචං .අනික ඔය රජයේ ආයතන එක්ක හැප්පෙන්න ගියොත් අපිටමයි කෙල වෙන්නේ ..මම තරහ ගිය නිසයි යංතං පොඩ්ඩක් කියෙවුවේ

.....................................................................................................................................................

@Anonymous = මොනවා කරන්නද ඇනෝ අතේ මටත් ඩුංඩක් විතර මල පයිනවා මේ දවස්වල .හරි හරි මමත් වැරදි තමයි ..හැබැයි එයාලත් වැරදි !

......................................................................................................

@dinesh = තවම පඩි ගත්තේ නෑ අයියේ ඒක නිසා මගේ අතේ පිච්චියක්වත් නෑ ..ඔන්න ඔය සල්ලි හබවෙච්ච වෙලාවක තමයි ගෙවලා දාන්න හිතාගත්තේ ..උඹට කියන්න දිනේශ් අයියා මම තනි හිඟන්නා . දැං උඹ ආයේ කමෙන්ට් කරයිද මන්දා හිඳන්නෙක්ගේ බ්ලොග් එකක ...හි .හි

......................................................................................................

@සෝරෝ = රිසිට් එක පෙන්වන්න ක්‍රමයක් තිබුනේ නෑ මචා ..අම්ම හිටියේ ගෙදර මම හිටියේ ඔෆිස් එකේ ..දුර වැඩියි මචං නැත්නම් මොනාහරි ක්රන්න තිබ්බා ..

......................................................................................................

@නිර්මල = සහතික ඇත්ත මචං බිල් ගන්න නං පුලුවන් ..ඒත් කනුවක් කැඩුනම හදන්න එන්න දවස් දෙකක් උපරිම යනවා

@blog gadol = කම්ප්ලේන් කරොත් මචං ඒත් ආයේ අපිටමයි කෙලවෙන්නේ ..මේ ලංකාවනේ . කම්ප්ලේන් කරපු මෑන් ඉවරයි ..

......................................................................................................

@Hishan Melanga = මමත් ඒකේ නෙවෙයි බං ..

......................................................................................................

@නිම්ශා = නංගි වලිවලට බරයි වගේ. ඉතාලියේ නේද ඉන්නේ ..ආ මට දැනුයි තේරුනේ .. එහේ ඉන්නේ වලියට බර කස්ටිය . ඔයා මාෆියා කල්ලියක සේවය කරාද ?

......................................................................................................

@Thusitha Jayasinghe = බලං ඉතින් ආයේ ගෙවුවා කියල පෙන්න පෙන්න ඉන්නත් ඕනද ? එයාල දැනගන්න එපෑය . අනික බං අපි කවුරුත් සල්ලි තියන එවුං නෙවේ . අපටත් රතු බිල ආවම තමා ඇස් රතු වෙන්නේ ..

හිස් අහස said...

@෴ හසියා ෴ අනිවා මචං ..ම්ගේ නම් ලේටික පිච්චිලා අහවරයි ..ඒකනෙවේ උඹ මොකෑ ලියන්නේ නැත්තේ ..?

hare :-) said...

අනේ මචෝ අපේ පැත්තෙත් පොරක් ඉන්නවා මට නිතරම සද්දෙ දාන. උඹට බැරිද නිවාඩු දවසක ඇවිත් ඌට රෙදි ගැලවෙන් සයිස් එකේ සද්දයක් දාන්න.... :P

Thusitha (දිමා) said...

මේකනෙ බන් මාත් ඔය කේස් එකට,, විදුලි බල මණ්ඩලේ වුන් එක්ක කේස් දාගත්ත. ඔතන වෙන්නෙ අපිට රතු බිල අපුවාම අපේ ඇඩ්රස් එක යනව ලයිට් කපන වුන් ලගට... අපි බිල ගෙවුව වුනාට ලයිට් කපන වුන් එක දන්නෑ බන්..
එක හින්ද ගෙවුව කියල රිසිට් එක විදුලි බල මණ්ඩලයට ගිහින් පෙන්නන්න ඕනෙ එතකොට තමා ලයිටි කපන ලිස්ට් එකෙන් අපේ ඇඩ්රස් එක අයින් කරන්නෙ නැත්තන් කපන්න අපුවාම ගෙවපු රිසිට් එක පෙන්නන්න ඕනෙ....
මාත් ඔය කට්ට හොදට කාල පුරුදු හින්ද තමා දන්නෙ..

හිස් අහස said...

@hare :-) = මචං ෂොට් එකක් දාගත්තනම් මම එන්නම් රෙදි ගලවගෙනම ..හැබැයි ඉතින් උඹලගේ පැත්තේඑවුං මට නෙලයිද ? එහෙම උනොත් මම කියනවා හරී තමා මට කොන්ත්‍රාත්තුව දුන්නේ කියලා ..

.................................................................................................................................................

@Thusitha Jayasinghe = අඩේ ඒකයි එහෙමනං කේස් එක ..බලං ඉතිං නේද ? මටත් වෙච්ච දෙයක් මටනම් දැං හිතෙනවා අර බියර් කෙලියකට ගෙහුං තමා මම වැඩේ වන කරගත්තේ කියලා ..ආයේ නම් හිඟා කාල හරි ලයිට් බ්ල ගෙවනවා ..

පැන්ඩා said...

මචන් එක නෙවෙ උන් කරන්ට් එක කපනව කියල කපන්නෙ කොහොමද ? වයර් එක උගුල්ලනව ද ලයිට් කණුවෙන්. නැත්තං වෙන මොකක් හරි ඉටි කිරිස් වැඩක් කරනවද ?

-HacKrisH- said...

අප්පො ඔය යක්කු ගැන කතා කරලා වැඩක් නෑ. දවසකට 20 පාරක් විතර කරන්ට් කපනවා. යනවා එනවා යනවා එනවා. මම ඉතින් යන යන හැම පාරටම උන්ගෙ දෙමාපිය ගුන ගායනා කරනවා.

MaRLaN said...

කියන්නට දෙයක් නැත් උන් ඔහොම්මමය....

පූසා said...

උඹත් මාර වැඩනේ කරන්නේ බං. :D

Anonymous said...

ඔව් ඔව්.. සදරු අයියේ... වලියක් එහෙම තියෙනවා නම් කියන්නකෝ එන්නම්...හැබැයි ගහගන්න බැ ගුටි කාලා නම් එන්න වෙයි අපි දෙන්නට..ඔය බනින වැඩ තමා මරු... මම හීනියට සප් එක දෙන්නම්...

jhothishalanka said...

මටත් හිතෙන්නෙ ලයිට් කපන්න ආපු එකාට ෆෝන් එකෙන් බැන්න නිසා මලට ලයිට් කැපුව කියල ඒ වෙලාවෙ රිසිට් එක දෙන්නත් බැරිවෙලානේ.මට පුදුම මේ විදියට බැනල වෙඩි(ගුටි) නොකා ආපු එක.

සංකල්ප said...

මේකාට මාර විදිහට මල පනිනවානේ. අපොයි ඔය බිල් ගෙවන එක ලේසියි. බිල අප්ඩේට් වෙන්න හෙනම කාලයක් යනවා. අනිත් සැරේ මාසෙන් මාසෙට ගෙවන්න තියා ගන්න චූටි සර් !!! ඒක ලේසියි.

කොහොමහරි අම්මා දීපු සල්ලි වලිනුත් මාටියා පාර ගහලා. මේකව උල තියන්න වටින්නේ

ayesha said...

කොහොම උනත් යාළු ටිකක් ඉවසීමෙන් කටයුතු කරන්න. උන්ටම ගියපු රටනේ මේක.

මකුළුවා..... said...

අනාගත ආශ්චර්යනේ බං....ගණන් ගන්න එපා........
33000 වැදුනම මසාජ් කරා වගේ තමා....අනික් පාර 132000ට වගේ ට්‍රයි එකක් දාපන්.........

ලංකා‍ව හදන්නනම් මචං එක්කෝ අපි හැදෙන්න ඕනේ නැත්තම් අපි හදන්න ඕනේ..........

හිස් අහස said...

@පැන්da = අයියේ එයාල ඇවිල්ලා මීටරේ අස්සේ තියන මොකද්ද කෑල්ලක් ගලවගෙන යනවා ...එහෙමයි කපන්නේ

.................................................................................................................................................

@-HacKrisH- = නෑ ! මචෝ ඔහාටත් එහෙමනං අපි තව හොඳයි.. අපට අනිවා දවසකට සැරයක් මොනාහරි අවුලක්

.................................................................................................................................................

@MaRLaN = මටද කට කට උත්තර නැත..මාලේ

.................................................................................................................................................

@පූසා = මම නොවේ උං

.................................................................................................................................................

@නිම්ශා = ඊලඟ වලියට ඔයාව මම තෝරගත්තා .! අද ඉඳලා හොඳට පුහුනු වෙන්න ..මුලින්ම දුවන්න රෙඩි වෙන්න .ඊලඟට උඩල ඉඳලා පනින්න පුරුදු වෙන්න .එතකොට ඔයාව එක්කගෙන යන්න බය නෑ.!

.................................................................................................................................................

@JHOTHISHALANKA = සිකූරුටි ම:යා මට වෙඩි තියන්න තියා .තුවක්කුව උස්ස ගන්න බැරි වයසක මහත්මයෙක් මට එයා ගැන විතරයි පවු කියලා හරි හිතුනේ ..මම බැනුං ඇහැව්වේනම් නෑ

.................................................................................................................................................

@මධුරංග = සල්ලි නෝ බුදු අයියා ...ඒකයි බිල එනකම්ම හිටියේ .මොනා කරන්නද මේ බ්ලොග් එක නැත්නම් ලයිට් කපපුදෙන් කියලා ඉන්නවා ..අඟුරු ඉස්තිරික්කෙන් රෙදි මැදගෙන ඉන්නවා .

.................................................................................................................................................

@ayesha = මම දැන් ඉවසන්න හිතාගත්තා ..යාළු..ඔක්කොම එයාලගේ ..

.................................................................................................................................................

@මකුළුවා = මොනවා කරන්ද මමත් වැරදී බං ..ඒත් ගෙවලා තියෙද්දී ඔහොම දෙයක් කරද්දී තරහ යන්නේ නැත්තේ කාටද ? අනේ මගේ රට දුකයි බං..

Akhila said...

ඕකුන්ගෙ වැඩ තේරුමක් නෑ, අපේ පැත්තට එන කරන්ට් එක අන්තිම දූෂිතයි, වෝල්ට්මීටරයක්ද මොකක්ද හොයාගෙන ගහල බැලුවම කටුව නටනවා අම්බානට, ඉස්සර නං මැෂිම දාන්න බෑ ඉර බැස්සට පස්සේ කරන්ට් එක අඩු නිසා, දැන් මාස තුන හතරක ඉඳන් දවල් වරුවෙවත් මැෂිම දාගන්න බැරි වෙලා, විනාඩි දහයෙන් දහයට වගේ හුටුස් ගාල ඕෆ් වෙනවා, ගෙයි බල්බ් වල එළියත් නටනවා, ඉවසගෙන ඉඳල ඉඳල විදුලි බල මණ්ඩලේට කිව්වා, අපරාදෙ කියන්න බෑ උන් කියපු ගමන්ම වගේ ආවා, ඇවිත් වයර් දිහා බලල කියපි මේ වයර් ටික ලස්සනට තියෙන්නේ ටැප් කොරලත් එක්ක, ඒනිසා කරන්ට් එකේ අවුලක් වෙන්න බැරුවා කියල, පස්සෙ අපේ මීටරෙත් ටිකක් පිහදාල බලල ආයෙ කිව්වා නෑ නෑ කරන්ට් එකේ අවුලක් නෑමයි කියල, ඔය කසිකබල් කරන්ට් එකෙන් වැඩ කරල තමයි මගෙ ups එකත් ගියේ, පස්සෙ ඒකට අලුතින් බැටරි ට්‍රාන්සිස්ටර් එහෙමත් දාගෙන ආවා, මාස දෙකෙන් ඒවත් ගියා, දැන් හාඩ් එකෙනුත් පොඩි සද්දයක් එනවා, අහල පහල ගෙවල් වලත් විදුලි උපකරණ කීපෙකට බඩු කියල ආරංචි උණා.
කරන්ට් නැති මිනිස්සුත් කොච්චර ඉන්නවද කියල හිත හදා ගත්තා, ‍මොනා කරන්නද. උඹ කරපු දේ නම් නියමයි.

පිණිබිඳු... said...

පහත් තැනින් යයි ගලා ජලේ. අපිටම තමා හැම එකාම කෙලවන්නෙ.

Praසන්ன said...

ඔය ලංවිමේ හැටි ‍ඔහොම තමයි. හැබැයි දෙකක් කතාකලාම වැඩේ කරගත්තහැකි.

Anonymous said...

Machan sadaru...
uba complain ekak dapan aniwa... mokatada ban kohewath inna pubbaruwonge mistake walata nikan salli gewane.

Eth ubeth podi waradak neththema ne...
But i think you must doing complain

Anonymous said...

රාජ්‍ය ආයතන බොහෝමයක හැටි ඔහොම තමයි. උඩ ඉඳන් පහලට යනකන්ම දූෂනයෙන් පිරිල. ඔය වගේ නොසැලකීම් නොසලකා හැරලම ඒව ගානක් නැතිවෙලා ගිහිල්ල. හැබැයි පාරිභෝහිකයො තමන්ගෙ අයිතිවාසිකම් ගැන මීට වැඩිය සැලකිලිමත් වෙනවනම් දැනුවත් වෙනවනම් මේ වගේ නොසැලකීම් යම් තරමකට වලක්වාගන්න පුළුවන්.

එතකොට ආයතන දැනගන්නව තව දුරටත් පාරිභෝගිකයන් නොසලකා හැරීම විසඳුමක් නෙමෙයි කියල.

කොහොම උනත් උඹ වලියක් දාගන්නෙ නැතුව ආපුඑක ලොකු දෙයක්. නැත්නම් උඹ අමාරුවෙ. මොකද ඔය රාජ්‍යA ආයතන වලට කබරගොයා තලගොයා කරන්න බැරි කමක් නැ. ඒතරමටම දේශපාලනීය කරනය වෙලා.

ඔය වගේ වෙලාවට මයින්ඩ් එකෙන් මිසක් අතින් පයින් ගේම ඉල්ලල දිනන්න බෑ මචං.

අපරාජිතයා :::: Aparajithaya said...

ලංකාවේ හුගක් ඉන්නේ ඔය වගේ සක්කිලි තමයි මචන්.මොනා කරන්නද බං.ඕවට කතා කරන්න ගියොත් අන්තිමට බලන කොට කෙල වෙන්නෙත් අපිටම තමයි.

රත්ගමයා said...

කාලකන්නි සක්කිලි හැත්ත.....අපිට නම් හැමදාම එන්නේ රතු බිල්...ලයින් 3ක් තියෙනවා...කඩේට බොල් දෙකයි...ගෙදරට එකයි...ඒක නෙමේ බන් අයියේ....පෝච්චිය ප්ලාස්ටික් එකක් නේ...නැති නම් ඔකේ කෑලි හොයන්න වෙන්නේ නෑ...පොඩි ශොට් එකකුත් දාලා තමා ඉන්න ඇත්තේ.....ඒක තමා ඔච්චර මල......
අර බියර් කියලා ග්ල් කාලක් ගැහුවද දන්නේ නෑ මූ.....

හිස් අහස said...

@Akhila = ඔයාට කියන්න අපේ පැත්තෙත් ඔයවගේ වෙන පලාත් තියනවා .වාසනාවට අපිටනම් එහෙම නෑ . හවස හයෙන් පස්සේ හැමෝම ගෙවල් වල කරන්ට් වැඩියෙන් පාවිච්චි කරන වෙලාවට හැමෝටම ඩිම් ලයිට් ..ඔන්න වැඩ ..වෙල්කම් මේ පැත්තට

.................................................................................................................................................

@පිණිබිඳු = ඒකනේ කියන්නේ සහෝදරී .සල්ලි කාරයෙක් උනානම් මම ඔය සල්ලි එකපාරම ගිහිල්ලා දෙනවා ඒත් මට සල්ලි නෑ ..ඒකයි ටිකක් කෑගහලම සල්ලි දීල ආවේ .

.................................................................................................................................................

@Praසන්ன = ප්‍රසා අයියේ ලංවීමේ ඉන්නේ අති පන්ඩිතයෝ නියමෙට පඩි ගන්නයි ..අපිව කෝප කරන්නයි විතරයි පුලුවන් .මට දෙකක් කතාකරලත් වැඩේ කරගන්න බැරි උනා !

.................................................................................................................................................

@pojje = දැං පරක්කු වැඩී පොජ්ජේ අයියේ .අනික ඔයවගේ කොම්ප්ලේන් වලට ගිහිං මට අටසිය ගානට වඩා ගානක් යාවි අනික බං අපේ පලාත්වල ඉන්න එවුවෝ නාහෙට අහන්නේ නෑ ..ගොඩ කාලෙකිං අයියව දැක්කේ කොහේද උන්නේ ?

.................................................................................................................................................

@nawammawatha = මොනවා කරන්නද නවම් අයියේ මේක ලංකාව.මටයි ඒක අමතක උනේ .මම මෝඩ කමට බියර් බොන්න ගිහිං තමයි වැඩේ ගා ගත්තේ . මම වලියක් දාගන්නවා .ඒත් ඒකට ඒ වෙලාව නෙවේ .අනික මගේ පැත්තට බල්ලෙක්වත් ඒවෙලාවේ නෑ වලි දාගත්තනම් මට ආයේ බ්ලොග් ලියන්න වෙන්නේනෑ . වටේ බිල් ගෙවන්න ආපු එව්වෝ මට නෙලනවා

.................................................................................................................................................

@අපරාජිතයා= ඒකනම් ඇත්ත බං .ඒත් මට දුක අපේ ගමේ එවුං ගමේ අපිටම මෙහෙම කරපු එක . මම ඔය බල මන්ඩලේ මිනිස්සු උදේ හවස බස් එකේදී දකිනවා ..ආයේනම් පිච්චියක උදවුවක් කරන්නේ නෑ ..

@රත්ගමයා = ඔයාට රතු බිල් ? වෙන්ඩ බෑ ඔයා හොඳ බිස්නස් මෑන් කෙනෙක් කියලා අර කස්ටිය කතා වෙන්නේ / පෝච්චියද දැං උඹට තියන ප්‍රශ්නේ ? පෝච්චිය හදලා තිබ්බේ කඩදාසි තම්බලා අච්චුවකට දාලා .ඒකේ තිබ්බේ කඩෙන් ගේන ප්ලාස්ටික් මල් . මම එදා බීලා හිටියේ නැත . ගල් කාලක් මම කවදාවත් ගසන්නේද නැත .කාල මට දැනෙන්නේවත් නැත

Gayan Rupasinghe said...

මලයා.. මලය කිව්වය උබට වඩා මම අවුරුදු 2යි වැඩිමල්. උබේ බ්ලොගය කොනක ඉදන් කියවන් ආවා. දැන් වෙලාව 12.40 රෑ. උබ මට ගොඩක් සමානයි. මමත් ප්‍රදාන පෙලේ පුද්ගලික අධ්‍යාපන ආයතනයක දේශකයෙක්. ඔය ලමයි එක්ක සම්බන්ද කම් ඇති කරගන්න එක අපිටත් තහනම්. ඒත් මල්ලි උබ හරි. බොන එක ප්‍රශ්නවල තාවකාලික විසදුමක් විතරයි. උබට පවුලක් තියෙනව නඩත්තු කරන්න. උබට මට වගේම නංගියෙක් ඉන්නවා. ආඩම්බර වෙයන්. ජීවිතේ අපිට ලැබුන දෙවල් ගැන සතුටුවෙයන්.
ජය..

හිස් අහස said...

@Gayan Rupasingheඅඳුරගන්න ලැබීම සතුටක් අයියේ ..! මම ඔයාගේ සිංහ ලෙන පැත්තේ ගියා ඔන්න .මම අදයි ඒක ගැන දන්නේ ..දැන් වෙලාව 12:50 අපිත් තවම ඇහැරලා ..බලහං මාත් ලවු කරේ හිතා මතා නෙවේ බං මටත් හොරෙං මං ලවු කරලා ..බලහං ඉතිං ..!

Anonymous said...

ඇති යන්තං ගුටි නොකා ආවා. මල්ලී උඹෙයි වැරැද්ද... උඹ දැන්ගන්න ඕනේ ලයිට් බිල මාසෙකට පාරක් ගෙවන්න... එහෙම වුනානම් අවුලක් නැහැනේ...

දුමී said...

අපරාදේ මල්ලි, මමත් නිකන් අර 7.30 ටෙලියක් බලනවා වගේ සෙට් උනේ උඹ අර තුවක්කුව උදුරගෙන අර ජරා බායියලාට හතර වටේ වෙඩි තියන්න ඇති කියලා හිතාගෙන...... ෂිහ්....!

හිස් අහස said...

@දුමීමට ෆයර් කරන්න බෑ නෙව අයියන්ඩි මට ..

කතන්දර Kathandara said...

නරකද පෙර ගෙවීම් ක්‍රමයට ලයිට් ගත්තොත්.

එතකොට රී-ලෝඩ් එකක් දැම්මා. වැඩ පොල කරගත්තා. ගාන අඩුවෙන කොට ලයිට් ඩිම් වේගෙන යනවා. එතකොට ආපහු රී-ලෝඩ් එකක් දානවා.

-කතන්දරකාරයා

කතන්දර Kathandara said...

මේ සිද්ධිය ගැන කියනවානම් - පැමිණිල්ලක් කරලා ගෙව්ව සිඳලීම් ගාස්තුව ආපහු ගන්න තවමත්ඉඩ තියෙනවා.

මෙතන රාජ්‍ය ආයතනවල දූෂණ ගැන කට්ටිය සඳහන් කරලා තිබුණට, ඔයා ගෙව්ව 2800 සහ 850 දෙකටම ලදුපත්ලැබුණා නේද?

පිල්ලි ගිහින් තියෙන්නේ අර 200 විතරයි.

Nadun said...

හපෝ විදුලිබල මණ්ඩලේ ඉන්නේ කාලකණ්නි බල්ලෝ..

Hasitha Gunasinghe said...

අයියෝ මම හිතුවේ කොල්ලා 850 ගෙවන්නේ නැතුව කටින් ගහලා දිනුවා කියලා :(

රවින් said...

අඩෝ උඹ නම් මාරයි බං...

saumiya said...

sandaru... ohoma katha karapu eka hari... unta one widiyata wada karanda ba ne... hebei mekata complain ekak danna tibuna...

Anonymous said...

your fault bro

Anonymous said...

machan sandru man weda karanne CEB, etana weraddak wenna ati, et oya hesirunu heti weradiy etana, ape office eke ehema oya ohoma natuwa nam sure remand eke tamay 14 k

ටීම් ට්‍රැවලර්ස් said...

සඳරුවා.. අපරාදෙ බං 850 බැන්දේ... මොන මඟුලක්ද..

නවෝ!

Post a Comment

තැන්කූ බං