11.3.11

මම ඇයට පෙම් කරමි




                       දෙකට මැදින් නවලා . සියුම්ව මැද දාරය නිය පොත්තෙන් තෙරපලා . A4 කොලේ දෙකට මැදින් ඉරුවා A5 කොල දෙකක් බවට පත්කලා . හරියටම මගේ හදවත වගේ දැන් කෑලි දෙකයි . මොනවදෝ මගුලක් ඒ කොල බාගේ ඇතුලේ ලියැවුනා .හෙට තීරණාත්මක දවසක් !



අද රැය මගේ ජීවිතයේ නිදන්නට අපහසුම රැය වේවි.!
ගැන ලියන්නටද මට හැකිවේවි
සොයිබේ කැඩුනු ජනේලයෙන් එන දූවිලි මිස්‍ර හුලඟ
දාඩියෙන් පෙඟුනු මගේ අත් දෙකට සීතලක් ගෙනේවි

ඉතින් මේ හිස් අහස යට හිඳ
තඩිස්සි වෙච්ච මගේ හිත පිරෙන තුරාවටම ..
කොයිතරම් වාරයක් සිපගත්තෙමිද මම ඇයව
මුවින් නොව සිතින් විතරම විතරක් .

ඇත්තටම ඇය මගෙද ? ඇය මැවුනේ මටමද ?
සත්තයි ..................
ඇය කාගෙදැයි නොමදැන .
බලාපොරොත්තු තබාගෙන හිස් අහස පිරෙන්නම
මම ඇය කොතරම් පෙම් කලාද ?

හෙට දින ඇයව මුන ගැසීමෙන් පසු
විඳින මේ අනේක වේදනාව නිමාවනු ඇත
ඇය මගේම වනු ඇත !
නැතොත් ඇය මගේ නොවනු ඇත !

ඇය මගේම නොවන්නේනම් ..
හෙටින් පසු
නොලියවෙනු ඇති එකදු අකුරක්
ඇය නමින්
ඒත් ඒ නිල්වන් නිසොල්මන් දෑසට
ආදරය නොකර කෙලෙස සිටිම්ද ?
මම

සඳරැස් ගලා ගිය
පාළු වැවු කන්ඩිය දිගේ ....
දහස් ගනං අඳුරු හෙවනැලි අතරේ .
අත ගෙන ඇවිදින්නට .!
වරම් අයදිමි දෙවියනේ ! ! !
හිරු එලිය දකින්නට , මල් වැසි වැටෙන්නට .
නිල් අහස දකින්නට , නුඹේ අත ලබන්නට .


සඳරු //


42 comments:

Anonymous said...

නිසල හිස් අහස මත...
සොදුරු නිල් ඇස් දෙකක්..
රු සිරි විදිනු ඇත නොඅනුමානව.
හිස් අහස නිල් අහස කර..

දිනෙන් දින දලුලා...
ඇරඹු පෙම දිදුලනා සිරි..
දකිනා සදද දෙනෙත් වසා...
පතනවා පැතුම් හද පුරා...

සදරු අයියේ හෙට හැමදේම හොදින්ම වෙන්න කියලා පතන්නම්...

dinesh said...

එක දවසින්මනම් ඇය නුඹේ කර ගන්න පුළුවන් වෙයිද කියන එකනම් ටිකක් විතර ෂුවර් කරන්න අමාරු වෙයි.අනික බං පැනල දෙන එවුන් දුන්න වාගෙම තමයි ආපහු යනකොටත්.ඒක හින්ද එක පාරටම හිත දුර්වල කර ගන්නව එහෙම නෙමෙයි ඕං.කොහොමටත් ටිකක් කට්ට කාල සැට් කොර ගන්න කෑල්ල තමා අගේ වැඩි.

Hishan de Silva said...

අනිවා උඹට ලැබෙනව.
ඒ උනත් කෙල්ලට කොල්ලෙක් නැහැයි කියල ෂුවර්නේ?

MaRLaN said...

මගුල කවි ලියන්න බෑ කිවුව නේ?
එතකොට මේ ලියල තියෙන්නේ මොකක්ද?

අපිත් ඔන්න සුභ පතනවා වැඩේ සර්වාප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා

සෝරෝ said...

එළ එළ.. වැඩේ ගොඩ යැවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.. විස්තර දාපං අපිටත් දැනගන්න..

ජය වේවා..!!

පූසා said...

ජයවේවා සහෝ. එයා උඹේමයි!
ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම එයා උඹේම වෙන්න කියලා :)

අකීකරු හිත said...

ජය වෙන්න කියලා හදවතින්ම සුබ පතනව මල්ලි

Anonymous said...

සදරු

මම සුභ පතනවා උඹට නිල් නෙතු ලැබෙන්න කියලා....

-නිර්මල-

Praසන්ன said...

හෙට එච්චර කලුවර නෑ....

නචියා said...

මගේ මුලු හදවතින්ම සුභ පතනවා උඹට සදරූ....බ්ලොග් එකේ නම "නිල් අහස" කියලා වෙනස් කරන්න වේවි ලගදිම......

නිපු said...

ඒ අත ගෙන ඇවිදින්නට .!
වරම් අයදිමි දෙවියනේ ! ! !

Asanka Udayanga said...

එල මචෝ....ජය වේවා කියලා ප්‍රාර්තනා කරනවා.

රත්ගමයා said...

කවියක් ලියන්නද...කුනුහබ්බයක් ලියන්නද....
අඩේ අයියේ උඹ බිව්වා නේද ඇත්ත කියාපන්...මේ ලිව්වේ අර සදරුවා කියන එකාමද....
ඉකේයියා බොල.....කාන්තා දිනය දවසේ ඒ කෙල්ල හූනියමක් වත් කොරලද මන්දා මේ අහිංසකයට.......

සංකල්ප said...

අඩේ කොල්ලා කවියෙක් වෙලා නේ. උත්සහ කරමු මලේ... කවදහරි ජය ගනී.
මාරම ලස්සන කවි සෙට් එකක්.

සදරු මල්ලිට නිල් නෙතු ලැබේවා

Anonymous said...

වැඩේ සාර්ථක වෙන්න කියලා මුලු හිතින්ම සුභ පතනවා. අපිව අප්ඩේට් කරන්න මොකද වෙන්නේ කියලා.... :)

පිණිබිඳු... said...

අනේ දෙවියනේ සඳරුට ඒ නිල් ඇස් අයිතිකාරිව හම්බවෙන්නම ඕනෙ.

Gayan Rupasinghe said...

අඩෝ සදරු පුතා, මේ වෙනකොට වැඩේ ගොඩ දාගෙන ඇති කියල හිතෙනවා බං..දැන් වෙලාව උදේ 10.20යි. ජය වේවා.

නිල් නෙතු හිමි අහිංසකාවිය හෙට සිට , හිස් අහස නිල් අහසක් කරාවී..

නිල් අහසේ වලාකුලු මල් පිපේවි...

ඒ වලාකුලු මල් අතර අපේ සදරු සිනා මල් තනාවී...

ඒ සිනා මල් අතර අපේ සදරු ගේ නිල් නෙතැත්තිය සැනසේවි..

ජය...

Podi Kumarihami said...

යන, යන තැන හැමෝම ගෑනු ලමයි ගැනමයි කතාව. එයාලව ඉතින් මොන නමින් අමතන්නද මන්දා. කොහොම උනත් ඔය 'නිල් ඇස්' අයිතිකාරිය ඔයාටම ලැබෙන්න කියලා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. එතකොට අපට තව ලස්සන කවි කියවන්න ලැබෙයි.

Anonymous said...

මම හිතන්නෙ නෑ බං නිල්නෙතු එකපරටම හා කියයි කියල. ඒ ඉතිං කෙල්ලන්ගෙ හැටිනෙ. ඩිංගක් විතර ඉවසිල්ලෙන් වැඩ කරන්න. අද හැන්දෑවට බෑ කිව්ව කියල බාගයක් අමුවෙන්ම ගහනව නෙවෙයි.

බැරිම උනොත් ඔය ලියුං පැත්තක දාල මෙන්න මේ මන්තරේ කියහං.

"නංගී, මට ඔයාව ඕනෙ"

මටනං ඔය වචන ටික කිරිගහට ඇන්න වගේ හරිගියා ඒ කාලෙ.

රොබින් said...

ලඟදිම අපිට හිස් අහසට නෙවෙයි, " නිල් අහසට " එන්න ලැබේවා.
මචං පුලුවන් නම් ලියමු දෙන්න යන්නේ නැතුව කෙලින්ම ගිහින් කියපං.

රොබින් said...

සුබ පැතුම්

Buddhika Krishanha said...

කොල්ලට ශුවර් එකටම වැඩේ හරිය යනවා.. ඔන්න සුබ පැතුම් මගෙනුත්...

හිස් අහස said...

හ්ම්....වැඩේ හාල් විය ..

රොබින් said...

wt ?. wt hapnd ?

ayesha said...

සුභ පතන්න පරක්කු උනා. ඇයි මොකද වුනේ යාළු?

අපරාජිතයා :::: Aparajithaya said...

අයියෝ කම්පියුටර් එක ජෑම් වෙලා ඊයේ රෑ ඉදන්ම ඔට්ටු වෙලා දවල් වෙද්ද්යි හදා ගත්තේ.මේක දැක්කේ දැනුයි බං.මොකෝ සීන් එක කියහන්කෝ බොල....???

හිස් අහස said...

@නිම්ශා = ගොඩක් ස්තූතියි නංගි . අද මගේ දවස නෙවේ
.....................................................................................................................................................
@dinesh = මෙන්න මේ වචන ටික මට ඇති ඔයා හරියටම හරි දිනේශ් අයියේ . එයා යහපත් පිලිතුරක් දුන්නේ නෑ . වෑඩේ අත අරින්නයි උන්නේ ඒත් ඔයාගේ වචනෙන් මම අයේ බලාපොරොත්තුවක් තියාගත්තා ..
.....................................................................................................................................................
@Hishan Melanga = සුවර් එකක්මත් නෑ බං ..... ! ඒකයි කේස් එක
.....................................................................................................................................................
@MaRLaN = තැන්කුයි මචං .... (මතකයි නේ )
.....................................................................................................................................................
@සෝරෝ = ස්තූතියි මචං කියන්න තරම් යහපත් ප්‍රතිචාරයක් නෑ ... වැඩේ චා !
.....................................................................................................................................................
@පූසා = මගේමයි කියලා හිතුවා ඒත් එයා ගනං උස්සනවා !
.....................................................................................................................................................
@අකීකරු හිත = ඒ පැතුම මට ඇති ...ස්තූතියි
.....................................................................................................................................................
@නිර්මල = උඹ ඉතින් මගේ බොක්කනේ ! තෑන්කුයි මචං
.....................................................................................................................................................
@Praසන්ன = මචං ... හෙට කියන දවස කවදා එයිද ? උඹව දැක්කත් මට සතුටුයි ...
.....................................................................................................................................................
@නචී =ඔවු මචං "ලඟදීම" මමත් හිතනවා ..
.....................................................................................................................................................
@නිපු = වෙන මොනවත් එපා !
.....................................................................................................................................................
@අසoක = ඒ වචනෙත් ඇති මචං
.....................................................................................................................................................
@රත්ගමයා = මම මේක ලියපු වෙලාව අමතකයි .! ඒ වෙලාවේ ...... හ්ම් ... මතක නෑ බං බීලද කොහෙද ? මාව මෝහනේ කරා
.....................................................................................................................................................
@මධුරංග = අයියට බොහොම ස්තූතියි

හිස් අහස said...

@කොට ජීවිතේ = අප්ඩේට් මටත් නෑ අක්කේ . එයා මාව පනපිටින් පුච්චනවා ... අදත් කල් ගියා
.....................................................................................................................................................
@පිණිබිඳු =සහෝදරී මමත් හිතෙන් බාරයක් උනා ....
.....................................................................................................................................................
@Gayan Rupasinghe = 10.20 ට එයා ඇතුලේ . 10.30 එලියට ආවා . පොඩ්ඩක් ගනං ඉස්සුවා . මම හාල් උනා . වැඩේ අඟහරුවාදට කල් ගියා .කොහොමද ඒතරම් දවසක් ඉවසන්නේ .බොක්ක කූල් වෙනවා
.....................................................................................................................................................
@Podi Kumarihami = එයා මටම ලැබුනොත් හොඳයි .ඔයාගේ ප්‍රාර්ථනාවට ස්තූතියි . කුමාරි හාමිල උනත් අපි ගැන හිතනව එහෙමනම් !
.....................................................................................................................................................
@nawammawatha = උඹ හරියට හරි දිනේශ් අයියත් හරියටම හරි මේ කමෙන්ට් එක දැකින කොට මට තීන්දුව ලැබිලා ඉවරයි ඔයා කියපු දේම තමයි උනේ . එයා බෑ කිවුවා . ඇහුවේ මම නෙවෙයි මම හිටියේ ක්ලාස් එකක අක්කලා දෙන්න තමයි ඇහුවේ . අපාරාදේ මටම අහන්න තිබුනා . නවම් මම ඔයාගේ මන්තරේ ජප කරනවා අඟ හරුවාදට . බලමු උඹට හරිගියා වගේම මටත් හරියාවිද කියලා . හරිගියොත් .. උඹව මම ....... උඹ මගේ හිත හැදුව අයියේ
.....................................................................................................................................................
@රොබින් =ඔවු බං කෙලින්ම කියන්න තුබුනා ෂි:හ් . සුබ පැතුවට ස්තූතියි මචං !
.....................................................................................................................................................
@Buddhika Krishanha = ඔයාටත් ස්තූතියි .ඉතින් මම වෙන මොනාවා කියන්නද ? බොක්කෙන්ම ස්තූතියි
.....................................................................................................................................................
@ayesha = ජීවිතේ තවම කළුවරයි යාළු . එයා ගනං ඉස්සුවා
.....................................................................................................................................................
@අපරාජිතයා = උඹේ පරිගණකය ජෑම් වෙලා. මගේ හදවත ජෑම් වෙලා ... අවුල් ගියා වගේ

පැන්ඩා said...

මට මේක තව ඩිංගිත්තෙන් මඟ ඇරෙනව..ආර් එස් එස් රීඩර් එකෙ අම්ම තාත්ත මතක් වෙයි එහෙම උනා නම්...අපූරුයි සඳරුවො....

Anonymous said...

භය නැතුව හිටු... උඹ ලක්කාරයා කියලා අපි දන්නවනේ... එලාරිස් වගේ නෙමේ ඕං අපි ඈ...

කො​හෙම හරි ගොඩ දාගත්​තැකි බං ඕක.

Anonymous said...

උඹ උල තියන්න එපැයි, මොකෝ කෙලින්ම අහන්නෙ නැතුව අර අක්කල දෙන්නට කියල ඇස්සුවෙ. බං කෙල්ලො ඒවට කැමති නෑ.

උඹට තිබුනෙ මෙන්න මෙහෙම කරන්න,

ඉස්සෙල්ලම කියපන් මට ඔයා එක්ක හවසට කතාකරන්න ඕන කියල [කතාකරන්න ආසයි කියනව එහෙම නෙමෙයි. ඒ පැණි ටෝක් එකට මම දන්න කෙල්ලොනම් කැමති නෑ]

එතන ඉඳං කෙල්ල හි‍ටු කියල කල්පනා කරනව උඹ කියාපු දේ ගැන. [ඒක උන්ට ඕන- ඔහේ කල්පනා කරන්න දීපන්, අයෙ ඉඳල හිටල පෙනිල යනව මිසක් කතාවට යන්න එපා කෙල්ලම ඇවිල්ල කතාකලොත් මිසක්]

කැමති නං ඔන්න ඔය අතර කාලෙ අර අක්කලට කියහං කෙල්ලට තීරණයක් ගන්න උදව් වෙන්න කියල. ඒකත් නිකං අහම්බෙන් විදියට- ප්ලෑන් කරල කියල තේරෙන්නෙ නැතිවෙන්න

ඊට පස්සෙ හැන්දෑ වෙනකොට ආයෙම ගෑණුළමයව මීට් වෙයන්. හීන් සැරේ කතාව පටන්ගනින්. යාළුවෙක් විදියට.

සෝරෝ said...

ඉවසිඉමෙන් සැනසීම ලැබේ.......

තාරක Dilsh@n said...

අනිත් අයව යවන්නෙ නැතුව කෙලින්ම ගිහින් අහපන්. පළවෙනි දවසෙ හිනා වෙලා දෙවෙනි දවසෙ "මට හිතන්න ඕනෙ" කියයි....

Buddhika Krishanha said...

ට්‍රයි ඇන්ඩ් ට්‍රයි පුතා....

Anonymous said...

වැඩේ අතාරින්න එපා සදරු. උත්සාහවන්තයා ජයගනි කියන්නේ නික්ම් නෙවෙයි බං....නවම්මාවතගේ උපදෙස් ටික පිලිපැදලා බලපන් කියලා තමයි මටත් කියන්න තියෙන්නේ.....

තව පොඩ්ඩෙන් අමතක වෙනවා! උඹේ "අයියා ජන්දෙන් දිනුවම මල්ලිට ලැබෙන Benefit" පෝස්ට් එක අද ලක්බිම පත්තරේ තියෙනවා දැක්කා. එළ..එළ.. මගේ සුභ පැතුම්!

-නිර්මල-

හිස් අහස said...

@පැන්da = ස්තූතියි පැන්ඩයියේ . උඹ ඉතින් හැමදාම මගේ පැත්තේ ඉඳන් මට හයියක් වෙන එකා නේ !
.....................................................................................................................................................
@prasanna86k = ඩොඩ යයියද ? මචං . ඔන්න ගොඩ ගියේ නැත්තං උඹටත් මම එලාරිස් කියනවා !
.....................................................................................................................................................
@nawammawatha = මම ඔයා කියපු දේ අකුරටම කරනවා මට කෙල්ලව සෙට් කරගන්න ලැබුනොතින් නවම් මම උඹව බලන්න එන්නේ තෑගි බෝග අරගෙන ... මාව පොඩක් වෙවිලනවා ...මචං වැටෙයිනේද ? මට නවම්ගේ පිහිටයි ...අඟහරුවාදා තමයි මගේ දවස නවම් අයියා
.....................................................................................................................................................
@සෝරෝ = දහස් වරක් මියයමින් මචං....හෙලිකොප්ටරයක් වත් නෑනේ මට පදින්න ..
.....................................................................................................................................................
@තාරක = මම ගොනෙක් අපරාදේ මට මුලදිම එහෙම කරන්න තිබ්බා ...
.....................................................................................................................................................
@Buddhika Krishanha = දවසක මට ෆ්ලයි කරන්නත් බැරියැ නැද්ද මචං ..
.....................................................................................................................................................
@annanmannan = නිර්මල මම නවම්ගේ උපදෙස් තමා පිලිපදින්න ඉන්නෙ . මම අද තමයි පත්තරේ බැලුවේ බොක්කෙන්ම තෑන්කුයි මචං ...මොකෝ බොල ලියන්නේ නැත්තේ ?

Anonymous said...

@හිස් අහසමේ දවස්වල කැම්පස් එකේ කට කපලා වැඩ....වැලේ වැල් නැතුව බං ඉන්නේ....ඉතිං වෙලාවක් ආවහම මේ පැත්තේ ඇවිත් බ්ලොග් එකක් දෙකක් කියවලා කමෙන්ට් එකක් දාලායනවා....

මේ වැඩ පොඩ්ඩක් අඩු වෙච්චි ගමන් අයෙත් ලියන්න ගන්නවා !

-නිර්මල-

Unknown said...

තව ඩිංගිත්තෙන් මට මේක මග ඇරෙනවා.... එහෙම උනා නම් මළම කෙළියයි, ඊළග පාර සදරු බලන්න ආවම මේ කතාව දන්නේ නැති උනානම් එහෙම වස අමාරුවක තමයි වැටෙන්නේ... ජය වේවා!!

Gayan Rupasinghe said...

iwasapan papuwa iwasapan
jaya...

#sirkinna said...

අඩෝ මචෝ! මටත් ඔය සිද්ධියමයි මචං උනේ.හැබැයි දැන් කෙල්ල මගේ.ආයෙත් උබ කියල තියෙන විදිහට A5 කොල දෙක A4 තනි කොලයක් බවට පත්වුනා.මොනව උනත් සහෝ!...උබට ජය

Anonymous said...

නියම සංකල්පනාවක්

YashoK said...

මුලු හිතම හිස් වෙලා තියෙන වෙලාවක හිස් අහසට ගොඩ වුණා. සඳරුට කියන්න තියෙන්නෙ, හිස් අහස කියලා නම දැම්මට තරු කවදාවත් අහස තනිකරන්නෙ නෑ කියල......660 වෙනියා විදියට මාත් හිස් අහසට එකතුවුණා.......

Post a Comment

තැන්කූ බං