20.3.11

මනාප කෙලි දෙකක රඟ .

         


         දොර මුල්ලේ තියන දවස් කීපයක් පරණ පිළුණු වෙච්ච පාප්ප බාල්දියෙන් පිටවෙන අමුතු ගඳක් ෆෑන් එකෙන් හමන හුළං එක්ක මගේ නහයට දැනෙනවා .! පහුගිය දවසක පෝස්ටර් අලවලා මහ රෑ දෙගොඩ හරියේ ගෙනෙල්ලා දාපු ගමන් පාප්ප බාල්දිය තියපු විදිහටම තවම එතන . ගඳ ඉවසලා ඉන්න බැරිම තැන අමාරුවෙන් අතේ දුරින් තිබුණු ෆෑන් එක ඕෆ් කරා . ..මොහොතකින් පාප්ප බාල්දියේ ඉඳන් ආපු කෝඳුරුවෝ රොත්තක් . මගේ මූණ වටේට කැරකෙන්න පටන්ගත්තා

වෙලාව පාන්දර හතරයි ! දවස් ගාණක් තිස්සේ අපි වෙච්ච මහන්සියේ ප්රතිථල තව මොහොතකින් දැනගන්න පුළුවන් වෙයි !. ගස් ගල් උඩ නැගගෙන මහ රෑ ගහපු පෝස්ටර් , ගෙයින් ගෙට කකුල් කැඩෙනකම් ඇවිදලා කරපු කැන්වසින් . මේ හැමදේකම ප්රතිථල ලැබෙන දවස අද !. අපේ ගමේ ජන්ද ප්රතිථල තව මොහොතකින් නිකුත් වේවි ! . මගේ ඥාති සහෝදරයට ජන වරම් ලැබෙන දවස අද !.. විතරක්ද ? විතරක් නම් මදෑ . මම මේ ලෝකේ ඉන්න ලස්සනම කෙල්ලගේ මනාපය ඉල්ලන දවසත් අද !!. අයිය දිනයිද ? මම දිනයිද ? නැත්නම් අපි දෙන්නම දිනයිද ?.

මම ඉන්නේ මගේ අයිය කුලියට ගත්ත පක් කාර්යාලය ඇතුළේ . ජන්ද ප්රතිථල අහන්න ආපු අයියගේ ආධාර කරුවෝ . පක් කාර්යාලය ඇතුළේ බිම තැන් තැන් වල වැටිලා බුදි . සමහර එවුන්ගේ පිටේ සිගරට් කොට ඇලිලා . මූණවල් වල සිගරට් අළු . අයියා දිනුවත් නැතත් මුන්ට වගේ වගක් නෑ !.  මට නින්ද ගියේ පැය දෙකක් විතරයි . පුටුවක් උඩ තියලා තියන පරණ තාලේ ටීවී එකක හිටපු ගමන් විකාශය වෙන ජන්ද ප්රතිථලේ බලන්නවත් මම ඇරෙන්න මෙතන බුදියං ඉන්න එකෙකුටවත් උවමනාවක් නෑ .!

තව පොඩ්ඩකින් වැඩට යන්නත් තියනවා . මම හෙමීට එළියට බැස්සා . ඊයේ පෙරේදා පෙරළලා දාලා තිබිච්ච කහට ගහක් උඩ වාඩි වෙච්ච මම බලාගෙන හිටියේ යන්තමට ඉර එළියක් වැටෙනකම් . යාන්තමට හීතලක් දැනෙනවා . අද මේ ආරම්භ වෙන අලුත් දවස මොනවගේ වෙවිද ? අද දවස ඇතුළත මට ඉටු කරගන්න ලොකුම ලොකු බලාපොරොත්තු දෙකක් තියනවා ! පළවෙනි එක . මම හිත පුරෝගෙන ආදරේ කරන කෙනෙකුගෙන් වචනයක් ගන්න එක . දෙවැන්න මගේ ගමට අලුත් එළියක් වෙන්න මගේ ඥාති සහෝදරයා වැඩිම මනාප අරගනීවිය කියන එක . ඒත් තවම මම මේ තීරණාත්මක දවසට සූදානම් නෑ . තවම මම මූණ හෝදලත් නෑ . හරිහමං නින්දක් නිදාගෙනත් නෑ . මදිවට . ඊයේ රෑ බීපු ජාති වලට පින් සිද්ධ වෙන්න මගේ ඇඟට පනත් නෑ !. අතේ ඇඟිලි පහ එකට ගුලි කරන්නත් අමාරුයි . මම යාළුවෙක්වත් අඬගහගෙන අමාරුවෙන් ගෙදර ගියා . යාන්තම් ගෙදර ඇවිදින් පැයක් විතර නිදියගත්තා . උදේ හතට විතර බොහොම අමාරුවෙන් ඇදගත්ත වතුර බාල්දි කීපයක් නාලා . මම තීරණාත්මක දවසකට මුහුණ දෙන්න ලෑස්ති උණා . දැන් මම අද දවසට මුහුණ දෙන්න සූදානම් .!

මම ගෙදරින් පිටත් වෙනකොට වෙලාව උදේ 7.45 විතර ඇති . මගදී බයික් එකට අතදාලා මාව නතර කරපු කොල්ලෙක් මට පළමුවෙනි නිල නොවන ජන්ද ප්‍රතිථලය කිවුවා . .! ඇත්තම කීවොත් මගෙ මුළු ඇඟම සීතල වෙලා ගියා !

"මචං සඳරු අන්න උඹලෑ අයියා තුන් වෙනි තැනට ඉන්නවා . "කොනේ ගෙදර පිඩ්ඩා" පළවෙනි තැන මිනිහව නම් අල්ලන්න අමාරු වේවි . සෑහෙන ලීඩ් එකක් තියනවාය කියන්නේ "

"කමක් නෑ බං මේපාර බැරිනම් අපි ඊළඟ පාර අල්ලන්නම් අපේ එකා මේ ඉල්ලුවේ පළවෙනි වතාවට නේ"

ටිකක් තරහෙන් උත්තර දීපු මම ආපහු මගේ ගමන ගියා .කොහොමින් කොහොම හරි මම වැඩකරන තැනටත් මටත් නොදැනීම ආවා ! ඇවිල්ලා විනාඩියක් යන්න කලියෙන් . පොලවට නොදැනෙන්න . පොළවට යාන්තම් අඟලක් දෙකක් උඩින් ආපු මගේ හදවතේ හීන කුමාරි හීතල හුළඟක් වගේ පාවෙලා ආවා .

දැන් මම මගේ ආදරණීය ජන්ද විමසුමට සූදානම් ….................!

මම ඉල්ලන්නේ එක මනාපයයි . !
මුලු ජීවිත කාලෙම රජ කරන්න ඔය ආඩම්බර හදවතේ ..
කෙල්ලේ ලස්සනම ලස්සන උඹගේ මනාපය මට දෙන්න !
පොරොන්දුවක් වෙන්නම්
හැමදාකම ආරක්‍ෂා කරන්නම් උඹව
පරිගණකයක් ආරක්‍ෂා කරන
Virus Guard (Genuine)  එකක් වගේ !

මේ තියන වචන වචන වලින් නොවුණත් . කියන්න තියන දේ කිවුවා ! . නොහිතපු දෙයක් සිද්ධ උණා. ! වැල් වටාරම් ඕනෙ නෑ !. මට මනාපයක් දෙන්න එයා තවම සුදානම් නෑ වචයක් වත් නොකියා ,පුපුරන්න ළංවෙච්චි ජපානේ න්‍යෂ්ටික බලාගාරේ වගේ මගේ ඉදිමිච්ච ඇස් මග ඇරලා යන්න ගියා …!

ආදරයක් ඉල්ලද්දී "හා" හරි "බෑ " හරි වචන දෙකෙන් එකක්වත් නොලබන එකද සනීප ?

පපුව මැදටම මල්ටි බැරල් එකක් ගහන එකද සනීප?

.ඔන්න ඉතින් ඔය විදිහට මම ජන්දෙන් පැරදුණා ! විනාඩි පහක් යන්න කලියෙන් . අයියා මට කෝල් කරා ! අයියගේ කටහඬ වෙවුලනවා ! . වචන ගොත ගැහෙනවා !

පිච්චුන කොලෙකුට අයිස් කැට දාපු වතුර බාල්දියක් !

"මලේ මම පළවෙනියා ..”

පුදුමාකාර සතුටක් !!!!. මම පැරදුනාට මොකෝ මගේ එකා ඉහළින්ම දිනුවා ! . අර ආඩම්බරකාරිට ඇහෙන්න, මේ ගමටම ඇහෙන්න . ජයවේවා !!! කියලා කෑගහන්න කට අවසර ඉල්ලනවා .! අමාරුවෙන් සතුට පාලනය කරගත්තා .

මොහොතකින් විනාඩි පහක් විතරම එක දිගටම රතිංඥා පුපුරන්න උනා! . ගම් හතක් හොල්ලගෙන පුපුරපු රතිංඥා හඬ මැද ගං තුලානේ මිනිස්සුන්ගේ වැඩිම කැමත්ත ඇතුව අයියා නගරාධිපති බවට පත් උණා . අයියගේ වාස ගමම තිබුණත් . එකම පරම්පරාවේ ලේ ඇඟේ දිවුවත් . ආදරේ නැමති මැතිවරණය ජය ගන්න එකම එක මනාපයක් විතරක් අරගන්න මට බැරි උණා . අයියා මහා මනාප තොගයක් දිනාගත්තා එයා ජීවිතේ දිනාගත්තා ගම එයාව දිනාගත්තා. මම එකම එක මනාපයක් ඉල්ල ගන්න බැරිව පරාජිතයෙක් උණා .!! හිතේ පැත්තක සතුටක් අනික් පැත්තේ මහා දුකක් එක්කම පාරජිත බවක් ! . කමක් නෑ අයියත් මගේ ගමත් දිනුවනේ ඒකම මදෑ .

ආඩම්බරෙන් කාරණාවක් කියන්නම් මගේ පරම්පරාව හොරු නෙවේ ! . මට මගේ එකා විශ්වාසයි . එකම අම්මගේ තාත්තගේ නොවුනට . මගේ තාත්තගේ අයියෙගේ පුතා වෙච්ච මූව මම හොඳට අඳුරනවා . දැන් මගේ ගම හැදෙයි ! ගමේ මිනිස්සුන්ට හොඳක්ම වෙයි . අපි දෙන්නගෙම නැති වෙච්ච තාත්තලා දෙන්නත් අද හිටියනම් ගොඩක් ආඩම්බර වෙයි ! .

ඉතින් මේ අලුත් නගරාධිපති තුමා කවදාකවත් හොරකම් කරන එකක් නෑ . වංචා කරන එකක් නෑ .මැර වැඩ කරන එකක් නෑ ! . මොකද අපි නිර්ධන පන්තියේ පොඩි මිනිස්සු . අපි හොරෙං කාල නෑ ! අපි ඉල්ලගෙන කාලත් නෑ . අපි කෑවේ හම්බකරගෙන . … අපි කාටවත් යටත් උණෙත් නෑ !

දැන් ඉතින් මම මොනාද අයියගෙන් ඉල්ලන්නේ .? මුකුත් නෑ !!

මම කරන්නේ එකම එක දෙයයි . අදින් පස්සේ ආයේ කවම කවදාකවත් මම ඌට බරක් වෙන්නේ නෑ . ආයේ මම ප්‍රසිද්ධියේ බොන්නේ නෑ . ! මම වලියක් දාගත්තොත් අද ඉඳන් මම ඒක තනිවම විසඳගන්නවා . මාව ට්‍රැෆික් ඇල්ලුවත් . පොලීසියෙන් ඇල්ලුවත් මම උගේ නම විකුණන්නේ නෑ . කවම කවදාකවත් නෑ ! දැන් මට වඩා ඌව අයිති ගමේ මිනිස්සුන්ට . මම වදයක් වෙන්නේ නෑ කවම දාකවත් ….

අයියගේ බැනර් ගහගත්ත වාහන පෙළක් හෝන් ගහගෙන ඉස්සරහා පාරේ යනවා . එක බැනර් එකක කවියක් ලියලා තිබුණා කවියේ අවසන් පද දෙක දැකලා මම යමක් තේරුම් ගත්තා ...... !

දැන ඉගන ගත්තම
තමයි කෙනෙකුගේ වත් කම
ගුණ නුවන දැක්කම
ඔහුට සලකයි රටේ ඔක්කොම


සඳරු //

38 comments:

Unknown said...

ජයවේවා, අයියා දිනුවම මල්ලිට ලැබෙන benefit එපා කියලද කියන්නේ? හොදා හොදා.., තව එකක් ඔය හැම ප්‍රශ්නෙම එක කෙල්ලෙක් පස්සෙ යන්න ගියොත්නේ, ආයේ එකෙක් පස්සේනම් යන්න එපා..

අපරාජිතයා :::: Aparajithaya said...

අඩෝ මචං කෙල්ලෙක් ගෙන් එක පාරක් අහලා යාලු කරගන්න පුලුවන්නම් ඒ කෙල්ලෙක් නෙමෙයි බොල අමුම අමු බඩුවක්.අනික උබට බැහැයි කියල නැහැනේ යකෝ.ඔය උත්තරයක් නොදී යනවයි කියන්නේ ආසයි බයයි වගේ සීන් එකක්.

මම පොඩි උපදෙසක් දෙන්නම්.කැමතිනම් විතරක් කරහන්.උබ සතියක් දෙකක් යනකන් කෙල්ලව ගණන් ගන්නවත් එපා.උදේට දැක්කොත් ගුඩ් මොනින්ග් පාරක් දාල හිනා වෙලා යමන් හැරිලාවත් බලන්න එපා ආයේ දවසම එය දිහා බලන්න එපා.එත් එයාට පෙන්න ඉදහන්.මොකද එතකොට එයාට තේරේවි උබටත් කියලා අතම ගරුත්වයක් තියනවා කියලා.

පස්සේ තව සතියකින් දෙකකින් විතර ආයේ අහපන්.ඕක දාගන්න පුළුවන් බොල.උත්තරයක් නොදී ගියේ උබට කැමති නිසයි. ජය වේවා...!!! අයියා දින්නටත් උණුසුම් සුබ පැතුම්.

Anonymous said...

ඇති යන්තං... අර බෙනිෆිට් ටිකට මොකද බං වෙන්නේ?

පූසා said...

අයියට ජයවේවා!
ඔහොම තමයි බං කෙල්ලෝ. ඕවා හණන් ගන්න එපා. හැබැයි මටත් පෙන්නන්නම බැරි වැඩක් තමයි කෙල්ලෝ හරියට කෙලින් උත්තරයක් නොදෙන එක.

Abeetha Edirisinghe said...

වෙන එකෙක් ඉන්නවද කොහෙද කියලා මාත් එක්ක කිව්වා වගේ මතකයි.... එහෙම නැත්නම් උඹට ගොඩ දා ගන්න පුළුවන් කියලයි මාත් හිතන්නේ.....

කොහමත් අයියට මල්ලිට දෙන්නටම ජය වේවා........ !

තාරක Dilsh@n said...

මචං අපරාජිතයා කියපු දේ ඇත්ත. දැන් කෙල්ලව ගනන් ගන්නෙ නැතුව උඹ උඹේ පාඩුවේ කලර්ස් ටිකක් පෙන්නගෙන ඉදපන්. පොඩ්ඩක් කාලයට ඉඩ දීල ආයෙ අහපන්. බැයිනම් උඹට මේ වෙනකොට බෑ කියල ඉවරයි. ගෑනුනගෙ අර fake rejection ද මොකක්ද කියල එකක් තියෙනවලුනේ. ඒකයි ඔය ඔක්කොම

Praසන්ன said...

අයියට ජය වේවා!
මල්ලිටත් ළගදිම ජය වේවා!!

Anonymous said...

සදරු,

උඹේ අයියට ජයවේවා !
අත අරින්න එපා බං. ටික දවසක් ඉදලා ආයෙත් ට්‍රයි එකක් දීලා බලපන්.උඹටත් ජයවේවා!
-නිර්මල-

හා පැටික්කි (MS) said...

අයියට ජය ‍වේවා....!!!!

‍බෙනිෆිට් එපා කියන මල්ලිටත් ළඟදිම ජය ලැ‍බේවා......!!!!

එන චන්‍දෙට මං ඉල්ලන්නයි හිතාන ඉන් ‍නේ
මට මනාප නම් ඕනි තරම් නෑ පරදින් ‍නේ
එක මනාපයක් නැතුව තමයි මං ලත ‍වෙන් ‍නේ
අ‍නේ නිල් ‍දෙ‍නේ‍තේ අ‍නේ නිල් ‍දෙ‍නෙ‍තේ නු‍බේ මනා‍පේ සඳරුට ‍දෙන් ‍නේ......... :D :D

චතුවා said...

අයියටයි මල්ලීටයි දෙන්නටම ජය වේවා...!!

පබලු said...

එහෙනම් සඳරුලගේ ගමටත් හරියනවා..
ජයවේවා!!
දැන් ඉතින් ඔයාගේ හිතේ තියන ගම හැදීමේ ක්‍රම සහා විධි පිලිබද අයියව දැනුවත් කරන එකයි තියෙන්නේ.. :D :D

නිල් පාට ඇස් ලඟදිම ඔයා එක්ක කතාකරයි..එතකල් බලාන ඉමු.

Gayan Rupasinghe said...

කොල්ලෝ උබට අර නිල් නෙතැත්ති බෑ කිව්වෙ නෑ නොවැ. ඔහොම තමයි සමන් පිච්ච මල් එකපාරට පිපෙන්නේ නෑ බොල. ඉවසන් මචං. හදිස්සි වෙන්න එපා, දුටු ගැමුනු කුමාරය යුද්දෙ දිනුවේ එක පාරින් නෙවෙයි. එහෙම වටිනා කියන දුලභ දේවල් එක පාර ලැබෙන්නෑ බං ඒ නිසා ඉවසහන්. මට උබ මගේ එකෙක් වගේ. ඒ නිසයි මම මේ තරම් කියන්නේ..

අය්යගේ ජයග්‍රහනයට සුභ පතනවා යාලුවේ.. සන්තොසයි ඇත්ත්තටම ඒ වගේ නායකයෙක් ගැන..
ජය..

සෝරෝ said...

ටයි කොරපං මලේ ටයි කොරපං..... උඹටත් මනාපේ ගන්න බැරි වෙන එකක් නෑ...

ජය වේවා...!!

``` Outsider``` said...

අපිටත් සතුටුයි මලයෝ.
උඹේ ගම ඉක්මණින් ගොඩ දාන් අයියට ශක්තිය ලැබෙන්න ඕනි.

අකීකරු හිත said...

ජය වේවා අයියට... බය වෙන්න එපා මලේ. නිල් ඇස් දෙක ලගදිම කතා කරයි

Hishan de Silva said...

කියන්න තියෙන්නෙ දේවල් දෙකයි. උදව් කරපු එවුන්ව අමතක කරන්න එපා කියලයි, ඔය දැං ලියාපු ප්‍රථිපත්ති ප්‍රකාශනේට අනුව හැඩගැහෙන්න කියන එකයි තමා.

කෙල්ලො ගැන කියනව නම් ඉතින් මුහුදෙ ඉන්නෙ එක මාළුවම නෙවෙයිළුනේ?

අනික ඕක හරියන්නත් පුළුවන්. මට ප්‍රශ්නෙ මොකද උඹ ඕක බැහැ කියපු ගමන්ම පරාදයි කියල හිතාගත්තෙ කියන එක. ට්‍රයි කරපං තව ටිකක්.

හීනියට.... said...

අරින්න එපා සහෝ...දෙන්න නැවත ට්‍රයි එකක් ඔලුවෙන්....

අර අලියගෙන් අයියව බේර ගනින් බොල.....

කතන්දර Kathandara said...

ආදරය වගේ සුන්දර දෙයක් මනාප පොරේ වගේ ගොමතැම්බකට සමාන කරල ලියන්න වීමත් පාපයක් වගේ.

හොඳ නිර්මාණයක්.

ලෝකේ නිස් ඇස් ඇති වෙන කෙල්ලෝ ඉන්නවා.

අයියා ගැණ නං කියන්න තියෙන්නේ -තව අවුරුද්දක් යන කොට ඔය සේරම වෙනස් වෙනවා. කවුරුත් පටන් ගන්නේ නම් ජනතාවට සේවය කරන්න තමයි!

බලමු උඩු ගං යෑම!!

Thusitha (දිමා) said...

ජය වේවා !!

සංකල්ප said...

අයියා දිනලා එහෙනම්. දැන් ඉතින් අයියා දින්නම මල්ලිට ලැබෙන බෙනිෆිට් සේරම ලැබෙයි නේ.

මල්ලිටත් ලගදිම මනාපේ ලැබෙයි. බය වෙන්න එපා මලයෝ.

Anonymous said...

ආය පාරක් ට්‍රය් කරමු. කෙල්ල බෑ කිවුවේ නෑ නේ
කොහොමත් ගොඩක් අය එක පාරින් හා කියන්නේ නෑ තමය්
අය්යා උඹටත් මනාපේ හම්බවෙය්...........

Anonymous said...

ජය වේවා සඳරු මෙලේ. සන්තෝසයි බං. උඹලට එහෙනං හොඳ කලක් යයි, ඉවසීමෙන්, කල්පනාවෙන් වැඩ කරපන් මල්ලී. තරහ වෙන්න එපා බං, අයියටත් පීනන්න වෙන්නෙ වතුර ගලන අතටමයි.

නිල් නෙතු ගැන; ලස්සන ඇස් දෙකක් එක්ක විතරක් ජීවත් වෙන්න බෑ මල්ලි. කලබල නොවී හෙමීට ආදරේ ඇතිවෙන්න අරින්න. බලපෑම් කරන්න යන්න එපා.

ayesha said...

ඔයලට වරදින්නෑ යාළු. අයියට ජය ලැබුනා වගේම දවසක මල්ලිටත් ජය ලැබෙයි

හිස් අහස said...

@මිත්‍යාදෘෂ්ටිකයා = අද උදේම නැගිටලා වගේ ? මචං උඹට කියන්න මට කෙල්ලෝ තිත්තයි .
.....................................................................................................................................................
@අපරාජිතයා = කතාව නම් සහතික ඇත්ත . ඒත් බං මේ හැටි ගනං උස්සනකෙල්ලෙක් දැක්කමයි බං මටනම් ආයේ කවදාකවත් මෙකට පදිරි වෙන්න හිතෙන්නේ නෑ ආයේ ඔය ගැන ලියන්නෙත් නෑ . උඹ කියන විදිහටවත් වැඩේ කරලා .මට වැඩිය කාලෙත් නෑ හැබැයි . සති දෙකක් අහමු බලන්න සති දෙකකින් විතර .
.....................................................................................................................................................
@prasanna86k = බෙනි ෆිට් තම්බලා කනවා ! . අයියේ උඹ රා බීවයි ?
.....................................................................................................................................................
@පූසා = ඒකනේ බං උංට කෙල්ලෝ කියන්නේ නැද්ද ? ෂි:හ් මට ඕක්කාරෙට එනවා !
.....................................................................................................................................................
@අභීත = මේ මම කීවා ඔයාට නෑ . කවදයි . ? ඔයා මම හිතන විදිහට අභි අයියේ හීනිවට හීනයක් දැකලා ..! බලමු හෙමීට ගොඩ යන්ඩ හැකිවේවිද කියාලා !
.....................................................................................................................................................
@තාරක Dilsh@n = එහෙමද මචං මම ඒ ෆේක්ද මොකද්ද එක ගැන දැනං උන්නේ නෑ. බලමු මම ඒය තාම මගේ කලර්ස් පෙන්නුවේ නෑ . කලර්ස් පෙන්නන්න ගියාම මම ඉතින් කටුස්සා වගේ තමයි .! වටින අදහසක්
.....................................................................................................................................................
@Praසන්ன = ඔයා ඇවිදිල්ලා පුංචි කමෙන්ටුවකින් දහසකුත් එකක් දේ කියලා යනවා ! .ඔයා සුපිරි ගනයේ පොරක් ප්‍රසන්න
.....................................................................................................................................................
@annanmannan = ස්තූතියි නිර්මල බොක්කෙම ස්තූතියි .
.....................................................................................................................................................
@හා පැටික්කි = මට එයා නැතුව මොන බෙනිපිට්ටුවක් වත් එපා ! හා පැටික්කි ලස්සනම ලස්සන වස් කවියක් කීවද කොහෙද . මේ කවිය මමත් ගෙහුං එයාගේ ඉස්සරහා ගායනා කරනම් හොඳේ ?
.....................................................................................................................................................
@චතුවා (ළමයා) = ස්තුතියි මචෝ .. ජයවේවෝ!
.....................................................................................................................................................
@පබලු = ආයේ අපේ ගම සුර පුරයක් කරලයි අපි පස්ස බලන්නේ . ඔයාලට ඉරිසියා හිතෙන්න ගමක් හදනවා අපි හරිද ? නිල් ඇස්
හ්ම්..මමත් බලා පොරොත්තුවෙන්

හිස් අහස said...

@Gayan Rupasinghe = කොහොමෙයි මචං උඹගේ ඉන්ස්ටියුට් එකේ වැඩ කටයුතු ? . ගැමුනු ඇවිල්ලා කුමාරයෙක් මචං මම මොකෙද්ද ? බලමු අවසාන වතාවට මම අහනවා බෑ කීවොත් අනේ මගේ මොකෝ කියලා ඉන්නවා ! උඹගේ සුබ පැතුමට ගොඩක් ස්තූතියි ! මචෝ!
.....................................................................................................................................................
@සෝරෝ = ට්‍රයි කරත් මට වන්ඩේ ෆ්ලයි කරන්න නම් බැරි වේවි . මට ඔයාලට වගේ හෙලි කොට්ටර නෑ නේ ! .. ස්තූතියි සෝ රෝ !
.....................................................................................................................................................
@Outsider = ඒ වචනේ මට ඇති මචෝ ! . හොඳටම ඇති
.....................................................................................................................................................
@අකීකරු හිත = කතා කරොත් එහෙම උනොත් ඉතින් මමයි රජා ! නැද්ද අක්කේ ?
.....................................................................................................................................................
@Hishan Melanga = ආයේ මොන කතාද මචෝ . අපිට සප් එක දීපු එවොවොන්ට පාටි දෙනවා මේ දවස්වල නැති වෙන්නම . බොන්න නම් ඕන තරම් . අරක්කුම පීප්ප පිටින් . මුහුදේ මාලු ගොඩක් ඇත . ඒත් සහෝදරයා මම උරගයෙක් ! වට්ටු ඩූ !
.....................................................................................................................................................
@Heeniyata = ඔලුවෙන් නේද දෙන්නම් ට්‍රයි එකක් . අයියත් ඉස්සර තනි අලියා . දැන් පොඩ්ඩක් පැත්ත මාරු උනාට
.....................................................................................................................................................
@Kathandara = මොනවා කරන්නද කතන්දර ? මේ සිදු වීම් දෙකම උනේ එකම දවසේ . එකම වෙලාවේ . එකම මිනිහට . ලෝකේනම් තව ලස්සන කෙල්ලෝ ඇති ඒත් මචං මම ගමේ නේ ? වට්ටු ඩූ ? . ඔයා හරි බලය ආවම කස්ටිය මහත් වෙනවා . මගේ අකත් ඔය ගොන්නට වැටෙයිද ? අයියා එයාගේ තාත්තගේ ෆොටෝ එක උඩ අත තියලා දිවුරපු හැටියටනම් එහෙම කරන එකක් නෑ කියලා හිතෙනවා
.....................................................................................................................................................
@Thusitha Jayasinghe = ජය පිට ජය
.....................................................................................................................................................
@මධුරංග = තිබ්බ එවුවත් නැති උනා ! අයියේ . මගෙ මනාපේ ලද දාට මමයි රජා !
.....................................................................................................................................................
@බීටා = බීටෝ ඒකි මට බෑ නොකියා බෑ කීව නෙව
.....................................................................................................................................................
@nawammawatha = මට කවදද බං හොඳ කලක් ආවේ .ඉස්සරහටත් මම මේ අයිලේ ගිය සඳරුවාම තමයි . අයියා උඩ පැත්තට පීනයි නවම් අයියේ එයාලගේ තාත්තගේ පිතූරේ උඩ අත තියලා එයා ඒක පොරොන්දු උනා .! ස්තූතියි නවම් අයියේ .
.....................................................................................................................................................
@ayesha = අපොයි යාළු ඒ දවස උදා වෙද්දී මම හැට පැන්න මහල්ලෙක් වෙලා වත් ඉඳීවිද ?

අපරාජිතයා :::: Aparajithaya said...

අඩෝ මචං එහෙම තමයි බන් කෙල්ලෝ.මචං ගණන් උස්සන තරමට තමයි බං ඒ කෙල්ලව අපිට වටින්නේ.අපි එයාගේ ආදරය දිනා ගන්න කන කටු වැඩි වෙන තරමට තමයි බන් එයාව අපිට වටින්නේ. එතකොටයි බන් අපේ ආදරේ සුන්දර වෙන්නේ.යාලුවෙලත් ටික කලක් යනකන් එමමතමයි කොල්ලව සත පහකට ගණන් ගන්නේ නැහැ.
එත් බං කල් යද්දී එයාට කොල්ල නැතුව ඉන්න බැරි තරමට එයත් කොල්ලට ආදරේ කරන්න ගන්නවා මචං. ඕක කාටවත්ම බොරුයි කියන්න බැහැ ඒක මේ ලෝකේ ආදරය කරන ඕන කෙනෙක් දන්නවා.

නචියා said...

පළවෙනි පාරම කෙල්ලක් කැමති වෙන්නේ නෑ බන්.... ටික දවසකින් ආයෙත් අහලා බලපන්... අනිවා උඹට කැමති වෙනවා මචං....

අයියා මලෝ දෙන්නාටම ජය වේවා !!!!!

Gayan Rupasinghe said...

ගැමුනුත් මනුස්සයෙක් බං. උත්සාහයක් කවදාවත් අපතෙ යන්නෑ නෙ බං.. ඉන්ස්ටිටියුට් එකේ වැඩ නම් සාමාන්‍ය විදිහට කෙරෙනව බං. වෙලාවකට ඒකත් එපා වෙනව බං..
ජය,,,

Nuwanga said...

දැන ඉගන ගත්තම ‍
තමයි කෙනෙකුගේ වත් කම
ගුණ නුවන දැක්කම
ඔහුට සලකයි රටේ ඔක්කොම

මේකට අනූව ඔයාගේ අයියා හොදට ඉගෙනගත්ත කෙනෙක්ද?

අලුත් කොල්ලා | The New Guy said...

දැන් මොකද තත්වෙ? පරණයිනෙ මේ කතාව ඒකයි ඇහුවෙ..

http://aluthkolla.blogspot.com

Hasitha Gunasinghe said...

හිටියොත් හොඳට හැදී - දෙවියොත් නමට වඳී

Anonymous said...

හොඳ බ්ලොග් එකක

මැණික් - සුදු මැණිකේ said...

පරණ පෝස්ට් කියවනවට අයියා අකමැති නෑ නේද?

ටීම් ට්‍රැවලර්ස් said...

මම කරන්නේ එකම එක දෙයයි . අදින් පස්සේ ආයේ කවම කවදාකවත් මම ඌට බරක් වෙන්නේ නෑ . ආයේ මම ප්‍රසිද්ධියේ බොන්නේ නෑ . ! මම වලියක් දාගත්තොත් අද ඉඳන් මම ඒක තනිවම විසඳගන්නවා . මාව ට්‍රැෆික් ඇල්ලුවත් . පොලීසියෙන් ඇල්ලුවත් මම උගේ නම විකුණන්නේ නෑ . කවම කවදාකවත් නෑ ! දැන් මට වඩා ඌව අයිති ගමේ මිනිස්සුන්ට . මම වදයක් වෙන්නේ නෑ කවම දාකවත් ….

මෙන්න මේ ටික ලංකාවේ අනිත් ලොකු පුටුවල ඉන්න උංගේ අයියලා මල්ලිලා නොහිතන එක තමා සඳරුවෝ දුක.

නවෝ!

මාධව විදුරංග said...

පට්ටට ලියලා තියනවා බං! නියමයි ආ!

කෝරලේ මහත්තයා said...

සඳරු මචන් උඹේ ලිවීමේ හැකියාවනම් superb මචන්

මාරයාගේ හෝරාව said...

අදයි මේක කියෙව්වේ.. මොන හේතුවකින් හරි මිස් වෙලා තිබිලා...

Unknown said...

Best eCOGRA Sportsbook Review & Welcome Bonus 2021 - CA
Looking for an eCOGRA Sportsbook Bonus? At this eCOGRA Sportsbook https://deccasino.com/review/merit-casino/ review, 바카라 사이트 we're worrione talking about a variety https://septcasino.com/review/merit-casino/ of ECCOGRA sportsbook wooricasinos.info promotions.

Post a Comment

තැන්කූ බං