30.3.11

මරුමුස් වල් අලියාගේ සිරුර සොයා ගියෙමි.


බදාදා උදේම මම වැඩට යන්න පිටත් උණාටික දුරක් යනකොට හුස්ම ගන්න බැරි තරමට මම මහ දරුණු ගන්ධස්සාරයක් මගේ නාස් වලට දැනුණා ! මොකද්ද මේ ගඳ .? සතෙක් මැරිලාද ? ඒත් මේතරම් ලොකු ගඳක් . සත්තු රංචුවක්ම මැරුණත් මේ තරම් දරුණු ගඳක් එන්න විදිහක් නෑ නේ . මදුරු කොයිල් දුම කාගෙන ඉගිල්ලෙන මදුරුවෙක් වගේ . දැනුණු මහා දුර්ගන්ධය මැදින් මමත් ඉස්සරහට ගියා .. කියන්න පුදුමයි කිලෝ මීටර් කීපයක් දුරට යනකම්ම ගඳ මාව ලුහු බැන්ඳා . …......

දවස් ගාණක් තිස්සේ එක දිගටම දැනුණු නහය කඩාගෙන යන කුණු ගඳ පහු ගිය දවසක අවසන් උණා. ටික දවසකින් මට දැන ගන්න ලැබුණා මේ මහා ගඳ ආවේ කොතනින්ද කියලා . අපේ ගමට තර්ජනයක් වෙලා තිබුණු අපේ ගම්මාන වල මිනිස්සු බය කරගෙන හිටපු . සද්දන්ත තනි අලියෙක් . අවසන් ගමන් ගිහිල්ලා . ! මේ සතාව බලන්න යන්න මට අමුතු ආසාවක් ඇති උණා . මගේ බොස් ගෙන් කැමරාවත් ඉල්ලගෙන මැරිච්ච මිනීමරු තනියා වැටිලා ඉන්න හැටි බලන්න මමත් මගේ හොඳම යාළුවෙකුත් පිටත් උණා

හිස් අහස බ්ලොග් එක බලන ඔබ තමුන්නාන්සේලා වෙනුවෙන් මම පිළිවෙලින් අපේ ගමනේ පින්තූර ටික ඉදිරිපත් කරන්නම්

අපි ගමනට පිටත් වෙනකොට වෙලාව උදේ නවයට විතර ඇති . ටිකක් විතර මහ කැලේ ඇතුළට යන්න ඕන නිසා මම මගේ හොඳම මිතුරෙකුත් මේ ගමනට එකතු කරගත්තා මගේ මිතුරා "රවිනාත් එක්කම මහ කැලේ ගැන හොඳාකාරවම දන්නප්රේමලාල් අයියත් අපිට මගපෙන්වන්න කැමත්තෙන්ම ඉදිරිපත් උණා .
....................................................................................................................................................................















දැනට සෑහෙන කාලෙකට කලින් කැඩුණු නමට පමණක් අලි වැටෙන් පැනලා අපි වල් අලින්ගෙන් පිරුණු මහ කැලෑවට ඇතුල් උණා . මේ අලි වැටේ මම දන්න විදිහට කවම දාකවත් විදුලියක් ගමන් කරලා නැතුව ඇති . යන්තම් කනු ටිකක් සහ කම්බි ටිකක් ඉතිරි වෙලා තියනවා . එච්චරයි









කැලේට ඇතුල් උණා විතරයි මගේ මිත්රයා රවිනාත්ට ලොකුම ලොකු බඩගින්නක් ඇතිවෙලා කරඹ ගහක තිබුණු ගෙඩි ටික සේරම කන්න පටන් ගත් නිසා අපි එතන විනාඩි 20 වැඩිය පමා උණා !


වෙඩි කාපු තනියා අමාරුවෙන් ඇවිදගෙන ගිය තැලී පොඩිවී ගිය මග සටහන් දිගේ අපි ටිකෙන් ටික කැලේ ඇතුළටම ගමන් කරා . ප්රේමලාල් අයිය ඉස්සරහින්ම , ඊළඟට රවිනාත් , කැමරාව සමග මම අවසානයටම
 





අලින් නිතරම ගැවසෙන ඉඩෝරයකටත් නොහිඳෙන උල්පත
 කැලේ කොයිතරම් පුරුදු උණත් ප්රේමලාල් අයියත් අපිත් මොහොතකට අතරමං උණා !


ක්ෂණිකවම ප්රේමලාල් අයියා නැවතත් හරි පාරට වැටුණා . දැන් අපි බින්තැන්න පත්තුවේ විශාලම වනය මැද !




මොහොතකින් ගම්මාන ගණනාවක මිනිස් ජීවිත කිහිපයක් බිලිගත් බිහිසුණු තනියාගේ සතියක් පරණ දිරාගිය සිරුර සිඳී ගිය පොකුණක් මැද වැටී තිබෙනු මැද අපිට දකින්න ලැබුණා



සද්දන්තයා වැටී සිටි අයුරු


කොතරම් සෙවුවත් අපට මේ අලියාගේ නැට්ට සොයාගත නොහැකි විය !



ගමනේදී සහයට සිටි මගේ මිතුරා "රවිනාත්"




නිල මැස්සන් සහ ඉහඳ පණුවන්ගෙන් පිරුණු තනියාගේ මුහුණ



අලි හක්ක පැන්නීමට රවිනාත් ප්රබල උත්සාහයක ඒත් උත්සාහය පසුව අතහැර දමනු ලැබුවා!

කිසිදු මුදලක් නොගෙන අපට මග පෙන්වූ ප්රේමලාල් අයියා.... 
....................................................................................................................................................................
           අසනීප තත්වයක්වත් වෙන මොකවත් හේතුවක් හින්ද නම් නෙවෙයි මේ සද්දන්තයා .මැරිලා තියෙන්නේ . ඉවසලා ඉවසලා බැරිම තැන පත්තු කරපු වෙඩිල්ලකින් .තමයි මේ සතා මැරුණේ . හන්දියේ තේ කඩේදී තනි අලියා මැරිලා කියලා කෙනෙක් ඇවිල්ලා කියපු හැටියේ . කිසිම මිනිහෙක් දුක් උණේ නෑ . ලංකාවයි එංගලන්තෙයි අතර ක්රිකට් මැච් එක දිනපු වෙලාවේ ප්රේක්ශකාගාරේ හිටපු මිනිස්සු සතුටු උණා වගේම . පුංචි තේ කඩේ හිටපු මිනිස්සුත් සතුටු උණා . සතුටු උණේ වෙන මොකකටවත් නෙවේ ! තමන්ගේ පවුලේ උදවිය, තමන්ගේ පුංචි ගෙදර, තමන්ගේ හේන, තමන්ගේ ජීවිතය ගැන හිතලා

හිතන්න එපා ! මගේ ගමේ ඉන්නේ සතෙක් මැරුණාම සතුටු අමානුෂික මනුස්ස කොට්ඨාශයක් කියලා. අපිත් අනිත් මිනිස්සු වගේමයි . ඒත් අපි අලින්ට කැමති නෑ . පොඩ්ඩක් වත් කැමති නෑ . අලිත් වගේමයි අපිට දෙන තරමක් දෙන්නේ කරදරම විතරයි . මට මගේ ගෙදරට ළඟදී නම් අලි කරදර සිද්ධ නොවුණත් . එහා ගමේ මිනිස්සුන්ට අලින්ගෙන් වෙච්ච කරදර මම හොඳාකාරවම දන්නවා . කළෑ වැදුණු හරකෙක් හොයන්න කැලේට යන්න අපේ මිනිහෙක් සිය පාරක් හිතනවා . රෑ හතෙන් පස්සේ පාරේ බැහැල යන්න කැමති මිනිහෙක් ඉන්නවා නම් බීපු මිනිහෙක් විතරමයි ….

ලංකාවේ අය . වෙනත් රටවල අය මගේ මේ ලිපිය දැකලා මට බණියි . අලි කියන්නේ සම්පතක් කියලා කියයි . මම ඒක දන්නවා . මගේ ගමේ මිනිස්සුත් ඒක දන්නවා . මිනිහෙක්ගේ පස්සෙන් පන්නලා . වගා ළිඳකට වැටුණු වල් අලියෙක්ව ගොඩ ගන්න අපේ ගමේ මිනිස්සු විඳපු දහදුක මම ඇස්දෙකෙන්ම දැකලා තියනවා .ඒක නිසා මගේ ගමේ ඉන්නේ .මිලේජ්යයෝ නෙවෙයි කියලා මට සහතික කරලම කියන්න පුළුවන් . තමන්ව මරන්න පන්නපු අලියා ළිඳක වැටිලා ගොඩ එන්න බැරුව ඉන්නකොට . සතාට කන්න පාන් ගෙඩියක් ගෙනෙල්ලා දීපු මිනිහෙකුත් මගේ ගමේ ඉන්නවා !

ලංකාවේ වගේම පිටරට වල හැමෝම අලින්ට ගොඩක් ආදරෙයි . සත්තුවත්තේ ඉන්න අලින්ට කන්න බොන්න දෙන . මාළිගාවේ ඉන්න ඇතාගේ බඩඩ යටින් රිංගන ඔයාලා අලියෙකුට ආදරේ කරන එක අලියෙක් සුරතල් කරන එක පුදුමයක් නෙවේ. ඒත් තමුන්නාන්සේලා මොහොතකටවත් හිතුවද මද කිපෙන කාලෙට වල් අලියෙක් කුලප්පු උණාම කොයි වගේද කියලා ?

. අපි අලින්ට කන්න බොන්න දෙන්නේ නෑ අලි ඇවිල්ලා බලෙන්ම අපෙන් කෑම උදුරන් කනවා. අපේ ගමේ වී ගබඩාවේ කැඩිච්ච බිත්ති මට මැවිලත් පේනවා . අලියගේ බඩ යටින් යන්න සමහර උදවිය ආසා කළාට අපේ ගමේ ඉන්න මිනිස්සුන්ට අලියෙක් දැක්කම බඩත් යනවා ! රෑ ගමන් බිමන් යන මිනිස්සු පාරේ තියන බෝඩ් ලෑලිවලට පවා අලියෙක් කියලා හිතල බය වෙච්ච අවසථාත් ඕනෑතරම් .

අලියෙක් මනුස්සයෙක්ව මැරුවොත් රු ලක්ෂයක මුදලක් වන්දි ….. මිනිහෙක් අලියෙක්ව මැරුවොත් . ලක් පහක් දඩ . සාධාරණද ? අසාධාරණද අපේ ගමේ දුප්පත් මිනිස්සු ආසාවට අලි දඩයමේ යන උන් නෙවෙයි ! තමන් අමාරුවෙන් හදාගත්ත ගේ පොඩ්ඩ අලියෙක් ඇවිල්ලා කඩා බිඳ දානකොට . අලියව මරන්න නොහිතෙනවානම් ඒක පුදුමයක් ….







 
සඳරු //




41 comments:

Anonymous said...

කතාව නම් ඇත්ත අය්යේ, අනික් මිනිස්සු කොහොම හිතුවත් ඔය වගේ පැති වල ඉන්න අය තමා අලි කරදරේ ගැන හොදට දන්නේ. තමං මහන්සි වෙලා ගෙට ගන්න වී ටික,අමාරුවෙන් හදාගත්ත හදාගත්ත ගේ පොඩ්ඩ විනාශ කරලා යද්දී මොන මිනිහටද හිත හදා ගන්න පුළුවන් වෙන්නේ.

// "හන්දියේ තේ කඩේදී තනි අලියා මැරිලා කියලා කෙනෙක් ඇවිල්ලා කියපු හැටියේ . කිසිම මිනිහෙක් දුක් උණේ නෑ . ලංකාවයි එංගලන්තෙයි අතර ක්‍රිකට් මැච් එක දිනපු වෙලාවේ ප්‍රේක්‍ශකාගාරේ හිටපු මිනිස්සු සතුටු උණා වගේම . පුංචි තේ කඩේ හිටපු මිනිස්සුත් සතුටු උණා . ඒ සතුටු උණේ වෙන මොකකටවත් නෙවේ ! තමන්ගේ පවුලේ උදවිය, තමන්ගේ පුංචි ගෙදර, තමන්ගේ හේන, තමන්ගේ ජීවිතය ගැන හිතලා "//

Anonymous said...

satak marunahama satutu wanna apa

~ChAnDiKa~ said...

ඉතාම බරපතල සමාජ කාරණාවක් ඉතා සරලව මෙහිදී විස්තර කියල තියෙනව මල්ලි. අලි සම්පතක් කිය කිය කෑ ගහන ගොඩක් උදවිය ඒ අලි නිසා විපතට පත්වෙන මිනිස්සු ගැන කතා කරන්නනෙ බොහොම කලාතුරකින්. වැරැද්ද කිගෙ වුනත් අපිට අහිමිවෙන්නෙ අපේම මිනිසුන්ගේ ජීවිත සහ දේපල. තව සෑහෙන තාලෙකට මේ ප්‍රශ්ණෙට විසඳුමක් එයි කියල හිතන්න අමාරැයි.

Anonymous said...

උඹ හරි මල්ලි... අපිත් අලින්ට ආදරෙයි, ඒත බං කරදර කරන කොටනම් ඉතිං එපා වෙනවා තමා.

Namal Sirimanna said...

උබේ කතාවනම් ඇත්ත............
අලිත් පවු...........
උබලත් පවු..................

රොබින් said...

අනේ මන්දා. මොනවා කියන්නද සහෝ.

Rashod Chamikara said...

අලි මිනිස් ගැටුම ඇවිලෙන්නේ මචන් ගොඩක් කාලෙක ඉදන්...ඔකෙන් අහින්සක ම්නිස්සුත් මරුනා,අලිත් මැරුනා....
මිනිස්සුන්ගේ ජන ගහනය වැඩි උනාම ම්නිස්සු කැලේ කප කප පදින්චි උනා,වගා කරන්න පටන් ගත්තා,එකේන් අලින්ට තම වාසස්තාන නැති උනා.
මෙකට බලදාරින් නිසි පිලිවෙලක් යොදන්න ඔන.

Ishan Yapa said...

අලිත් පව්.....
මිනිස්සුත් පව්.....

මෙ දෙගොල්ලටම එකට ඉන්න බැරි එක තමා ප්‍රශ්නෙ

සම්පත් said...

කියන්න දෙයක් නම් නැහැ සහො...දුක තමයි...try කරපන් නගරෙ කිට්ටුව පදින්චි වෙන්න...උම්බ්ලගෙ පැත්තෙ ඉඩම් එච්චරම ගණන් නැහැ නොවැ...

රත්ගමයා said...

මේ පින්තූරත් එක්කම මාත් ඔය ගමනට එකතු උනා කියලයි මට හිතුනේ..අලි මිනිස් ගැටුම් අස්සේ වෙලාවකට අලියා පරදිනවා..තව වෙලාවකට මිනිහා පරදිනවා...
මේ අලියා පැරදිච්ච අවස්තාවක්..තවත් දවසක මිනිහා පැරදුනු අවස්තාවක්....
ජීවිතේ ඔහොම ගෙවිල යයි නේ සදර් අයියේ....

පූසා said...

තුවාලේ වේදනාව දන්නේ ඒක තියන මනුසයයි කියනවනේ....

චතුර.... said...

මොනව කියන්නද කියලා හිතා ගන්න බෑ, ඒත් අලි මිනිස් ගැටුම මීට වැඩිය හොඳ විදියට විසඳෙනවනම් තමයි හොඳ..

හීනියට.... said...

මචO අමූලික ඇත්ත......
ඕක තමයි යථාර්තය බොල.....
කිව්වත් වගේ වේදනාව තියෙන්නේ තුවාලෙ තියෙන එකාට බO....අපිට නෙමේ....

තාරක Dilsh@n said...

අලි කියන්නේ සම්පතක්
එතොකොට මිනිස්සු?

Anonymous said...

දිරාපත් වෙච්ච අලියෙක් මම මේ දැක්කමයි. ඔයා කියන කතාව සහතික ඇත්ත. අලි වගේම මිනිස්සුත් සම්පතක් තමයි....

Podi Kumarihami said...

මට නම් තාම හිතාගන්න බෑ සඳරූ ඔයා කොහෙද ඉන්නේ කියලා. අනෙක ඔය කියන තැන ඉඳගෙන අපිත් එක්ක මෙහෙම හරි කතා, බහ කරනවා කීවාම පුදුමත් හිතෙනවා. හැබැයි පින්තූර දැක්කාම ඒ ගමනට එකතු වෙන්න තිබුනානම් කියලත් හිතුනා.

මොකද ඔයාගේ මූන නොපෙන්නා රවිනාත්ගේ, ප්‍රෙමලාල් අය්යගෙයි මූනු විතරක් පෙන්නලා තියෙන්නේ?

Anonymous said...

අලිත් පව් බං අලින්ගෙන් දුක් විඳින උඹල වගේ තව ගම්මානවල නිආ මිනිස්සුත් පව්. උඹල අපි වගේම අලිත් මේ හැම දෙයක්ම කරන්න ආතල් එකට, ජොලියට නෙමෙයිනෙ. ජීවත් වෙන්න. මරාගැනීමට මෙහා උත්තරයක් නැත්නම් "අලිය පව්" කියල කෙළවල යනකන් කාටද බං බලන් ඉන්න පුළුවන්. මේක කියෙව්වම මහා සත්ව අවිහින්සාවාදීන් කියයි උඹ වැරදියි කියල. ඒත් උඹට මෙහෙම හිතෙන එක වැරදියි කියන්න උනුයි අපියි කවුද බං. මරාගැනීමට මෙහායින් නවතින්න පුළුවන් උත්තරයක් එනවනම් .........

ayesha said...

අනේ මන්දා මේ අලි මිනිස් ගැටුම කවදා ඉවරවෙයිද කියලා.

කුමාරය said...

අලි කතාව ඇත්තයි කියමුකො.උඹ නේද වෙඩි තිබ්බෙ රත්ගමය දුන්න Desert Eagle ඓකෙන්.මීටර් දෙසීයක්ම වදින ඓකේ දුර ඉදලම ඇල්ලුව නේද? ලක්‍ෂ පහක් සූදානම් කර ගනින්.

ඒක නෙවේ දිනේෂ් සනීපෙන් ඉන්නවද ?

හිස් අහස said...

@බීටා = ඔවු මචං අලියට පෑගෙන එකා නෙව රිදෙන තරම දන්නේ . ඉතින් බීට කොල්ලෝ උඹගේ අදහසට ස්තූතියි
.....................................................................................................................................................
@Anonymous = හ්ම්..ඔයා හරි එතනදී මම පොඩ්ඩක් ආත්මාර්තකාමී උනා කියලා මට හිතෙනවා
.....................................................................................................................................................
@.ChAnDiKa = මේක ප්‍රශ්නෙට ඉක්මනින්ම උත්තර ලබාදෙනවා කියලා ජන්ද පොරොන්දු දීපු කට්ටිය කියලයි තියෙන්නේ . මටනම් සුවර් මේපාර මේ ගැටළුව ඉවර වේවි ...
.....................................................................................................................................................
@prasanna86k = නේද කියන්නේ බං . අලිය උනත් ඒ වෙලාවට උස්සලා පොලේ ගාහන්න හිතෙනවා !
.....................................................................................................................................................
@Namal Sirimanna = අපි උපන් ගෙයි පවු කාරයෝ ..නේද මචං
.....................................................................................................................................................
@රොබින් = අපිට ජය වේවා කියන්ඩ රොබින් ඒ ඇති ...
.....................................................................................................................................................
@Cual-Dor-රශෝද් = අපිට ඉස්සර කාලේ ඉඳලම මේ ගැටලුව තියනවා . බලදාරින් මේ ගැටළුවට අලුවැටක් ගහලා ප්ලාස්ටරයක් දැම්මා. එච්චරමයි කරේ
.....................................................................................................................................................
@කුක්කු පැටියා = මයෙ කුක්කු පැටියෝ අලින්ටයි මිනිස්සුන්ටයි. එකට ඉන්න අමාරුයිනේ. අලි ලොකුයි නේ ! අපි තැලෙයි නේ !
.....................................................................................................................................................
@සවිගු = අනේ මචෝ පරම්පරාවෙන් ආපු ඉඩම් දාල කොහේ යන්නද ? .... අපිට ඒහැටි සල්ලිය බාගෙත් නෑ නෙව ....
.....................................................................................................................................................
@රත්ගමයා = මිනිහා පැරදුනු අවථාවක් නම් දාන්න නොලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා . මම අර උඹගෙන් භාන්ඩයක් ඉල්ලුවේ මේකට තමයි බං . උඹ හොයා දුන්නේ නෑ නේ !
.....................................................................................................................................................
@පූසා = සත්තයි කතාව ඇත්ත බිලාලයෝ
.....................................................................................................................................................
@කැන්ඩි = කැන්ඩි ගැටුමක් බොහෝ දුරට විසඳෙන්නේ එක්කෙනෙක් නිහඬ උනාම . එක්කෝ මිනිහා . එක්කෝ අලියා !

හිස් අහස said...

@Heeniyata = ඒක තමා බොස් වෙන මොනවා කරන්නද යථාර්තයට මුහුන දීලම බලනවා . මොකද වෙන්නේ කියලා !
.....................................................................................................................................................
@තාරක Dilsh@n = ලොකු ලොකු අලි අතරේ පුංචි මිනිස්සුන්ට ඉඩක් නෑ බං
.....................................................................................................................................................
@කොට ජීවිතේ = ඔයාට කියන්න මම නම් මීට කලින් දෙවතාවක්ම දැකලා තියනවා . ගොඩක් අයට මිනිස්සුන්ගේ දුක පේන්නේ නෑ අක්කේ
.....................................................................................................................................................
@Podi Kumarihami = කුමාරි අක්කේ මම ඉන්න තැන නේද ? මම ඒක නොකියන තරමට මම පරිස්සම් . ඔයාල ගමනට එකතු උනානම් අපිට ගමනට දවසක් විතර යනවා . කිලෝ මීටර කිපයක් ඇවිදින්නත් තියනවනේ . . මගේ පින්තූරයක් අපේ පලාතේ කවුරු හරි දැක්කොත් මම ලියලා හමාරයි .බලමු පහු කාලෙක මම කවුද කියලා කියන්නම්කෝ!
.....................................................................................................................................................
@nawammawatha = මේ අලි ටික ඈතකට ගිහිල්ලා දැම්මනම් වැඩේ හරි මම දන්න විදිහට තියන හොඳම විසඳුම ඒක . අවිහිංසා වාදීන් නම් මට බනීවි ඒත් එයාලත් මේව සියැසින් දැක්කනම් දවසක් එලියේ ගහක් උඩ රැයක් ගත කරානම් අපේ ගමේ තියන තත්වේ තේරුම්යාවි
.....................................................................................................................................................
@ayesha = සමහරවිට කවදාකවත්ම ඉවර නොවේවි යාළු
.....................................................................................................................................................
@කුමාරය = රත්ගමයා මට බට තුවක්කුවක්වත් එවුවේ නෑ බං . ඌ සල්ලි අරගෙන නිකම් හිටියා නේ . දිනේශ්ට මොනවා උනාද මන්දා ? එකපාරටම අතුරුදහන් උනා . මම නිතරම මෑන්ව කන්ටෑක් කරගන්න බලනවා ඒත් බැරි උනා

පබලු said...

අලින්ට මිනිස්සුන්ගෙන් කරදර
මිනිස්සුන්ට අලින්ගෙන් කරදර

Randika Sedara said...

මෙච්චර කාලයක් අලියෙක් මැරුව කිව්වම මට ඒ කෙනා ගැන පුදුම තරහක් ඇති උනේ.ඒත් අදින් පස්සෙ ඒ ගැන එහෙමම වෙන එකක් නෑ.
ඔය තත්වෙට ආවම අපි කරන්නෙත් ඒ දේම තමයි කියල හිතෙනව

Angel said...

සම්පුර්ණ ඇත්ත.....

Gayan Rupasinghe said...

අමුතු පෝස්ට් එකක්. නිතර දකින කතා වලට වඩා. කතාව ඇත්ත සදරු. අලියෙක් කියන්නෙ සම්පතක් තමයි. ඒත් අපිට වින කොරනකොට සම්පතක් උනත් කරන්න දෙයක් නෑ. අපි උබගෙ පැත්තෙ.

ජය...

රත්ගමයා said...

මගෙන් භාන්ඩයක් ඉල්ලුවේ අලි මරන්න නෙමේ නේ බොලේ...අරූට ගහන්න නේ... :O

Dasun said...

සදරු,
මේ අලියානේද උඹේ බ්ලොග් එකේ ලියලා උඹට සද්දයක් දාලා ගිය අලියා?
මොනවා කරන්නද බං. අලියද මනුස්සයද වැඩිය වටින්නේ?

Hishan de Silva said...

රූප ටික සෑහෙන වටිනව. වාර්තාව හොදා...

jhothishalanka said...

අලින්ගෙන් මිනිස්සුන්ට තියෙන කරදර ගැන නියම වැටහීම ඇති වුනේ අද.පොටෝ දාපු එක හොදයි.

Unknown said...

මේකනම් උපරිමයි(මේක කිව්වේ දෙකම(අලියාමැරුන එක සහ පෝස්ට් එක)).... කොහෙද ඕකා හිටියේ? ගල්කොරිය පැත්තෙද??

හිස් අහස said...

@පබලු = මොනවා කරන්නද අක්කේ ලොකු අලි අතරේ පොඩි අපිට තැනක් නෑ
.....................................................................................................................................................
@සහෝධරයා = එහෙමනම් මගේ පැත්තටත් එක්කෙනෙක් ඉන්නවා . බොහොම ස්තූතියි සහෝදරයා සත්තයි ඔය වචනේ මට වටිනවා
.....................................................................................................................................................
@StArry aNgeL = ස්තූතියි සහෝදරී
.....................................................................................................................................................
@Gayan Rupasinghe = උඹ මගේ පැත්තේ කියන්නේ මම උඹගේ පැත්තේ උඹලා ඉතින් මට හැමදාම සහායකට ඉන්න මගේ එවුන් නේ .
.....................................................................................................................................................
@රත්ගමයා = නැ නෑ අලියට ගහන්න තමයි ඒක ඉල්ලවුවේ !
.....................................................................................................................................................
@නිර්මල = නෑ බං ඌ තවම ඉන්නවා ඌ ගැන්සි බැහැපු අලියෙක් . මූ තනි අලියෙක් . අකේලේ ඉන්න අලියෙක් මූ !
.....................................................................................................................................................
@Hishan Melanga = ස්තූතියි සහෝදරයා හැමදාමත් වගේ
.....................................................................................................................................................
@JHOTHISHALANKA = බොහෝම ස්තූතියි
.....................................................................................................................................................
@මිත්‍යාදෘෂ්ටිකයා = නෑ නෑ අලි කන්ද හරියේ මචං එතනින් පහල ගෙදරකට පයින්න යනකොට එදර මෑන් ෆයර් කරලා ! . කැලේ ඇතුලට ගිහිං මැරිලා

අපරාජිතයා :::: Aparajithaya said...

හ්ම් මොන කියන්නද කියල හිතෙන්නේ නැහැ බං.උබල ඉන්න තත්වේ අනුව උඹ හිතන විදිහ සාදාරනයි............

Nuwanga said...

අයියේ ඔයා Anuradhapure නේද?

හිස් අහස said...

@අපරාජිතයා = ඒකනේ මචං කියන්නේ අලියට පෑගෙන එකාට තමයි බර දැනෙන්නේ !
...................................................
@නුවංග = මල්ලියේ මම මගේ ජීවිතේට අනුරපුරේ ගෙහුං නෑ නෙව ! මම ඒ පලාතේ නෙවි !

පැන්ඩා said...

මේ ඇවිල්ල නැගෙනහිර පළාතට කිට්ටු වෙන්න ඕනි..

කොහොම වුනත් දැන් හිතට ටිකක් හොඳයි..රැ තිස්සෙ උඹත් වැඩ ඇරිල ඔකෙ එහෙමෙහෙ යනව නෙ

BLOG ගඩොල් said...

මටනං පේන්නෙ අනිත් පැතිවල ඉන්න අලිත් උඹලගෙ පැත්තට ගෙනත් දාලද කොහෙද?

Chanaka Aruna Munasinghe said...

තනි අලියො දරුණු වෙන්නෙ තනිකම පාලුව හින්දා. රජය මැදිහත් වෙලා තනි අලින්ට සහකාරියො හොයල දෙන්න ඕනෙ. ඒක ඔය විදුලි වැටවල් ගහනවට වඩා ප්‍රායෝගිකයි

Hasitha Gunasinghe said...

අලි අලි කරදරයක් වෙන්න ගියාමයි අලි වැඩේ වෙන්නේ :))

රස්තියාදු කාරය.. said...

අනුරපුරේ නම් දැන් අලි න ඔන් මලය අම්පාරේ වෙන්න ඕනේ. එත් මේක දිහා බැලුව පේනවා අපි සේරම හරි අසරනෛ කියලා..
අලි මිනිස් ගැටුම හැමදාම වගේ අදත් හෙටත් ඒ විදියට තියේද?

Anonymous said...

වෙනදට කොහෙවත් නැති පත්තර කාරයෝ මාධ්‍යවේදී කාඩ්බොඩ් වීර‍යෝ අලියාගේ පැත්තෙන් ලියන කථාට වඩා යථාර්තවාදී බොක්කට වදින සැබෑ කථාව සදරු මලයා ලියලා තියෙනවා. හැබැයි මේක ඉතින් ඇත්තම තත්වෙනිසා අපිට කවදාවත් බොරු කියලා හිතෙන එකක් නෑ. අපි කවද හරි මේ ගමක හි‍ටියොත් හිතෙන්නෙත් මේ දේම තමයි. එත් පත්තරේ යන ඒව කියවපු එකෙක් අලියෙක් ලගට දැක්කොත් කරන දේ ගැන හිතාගන්නත් අමාරුයි.

ටීම් ට්‍රැවලර්ස් said...

Good Post Again & Again සඳරුවා

නවෝ!

Post a Comment

තැන්කූ බං