11.4.11

යකඩ බජාර් එකේ ලවු ස්ටෝරිය . අවසාන කොටස !

        







ඉතින් ඔන්න මම "යකඩ බජාර් එකේ ලවු ස්ටෝරිය" අවසාන කරන්නයි හදන්නේ.. මේක එක කොටසින් ලියලා ඉවර කරන්න බැරි නිසා තමයි කොටස් කීපයකට කඩලා හෙමීට මගේ බ්ලොග් එකේ පළකළේ . අද අවසාන කොටස .අවසාන කොටස ලියන්න පමා උණේ මේක ලියනවද , නැද්ද කියලා මම හුගක් හිතපු නිසා. .අන්තිමට තීරණයක් ගත්තා . ...මම මේක ලියනවා

මම තීරණයක් ගන්න කලින් කවමදාකවත් වැඩිය ඒ ගැන හිතන්නේ මතන්නේ නෑ .ඔහේ තීරණය කරනවා . මම හිතන්නේ මට ඒ හින්දා ජීවිතයේ ගොඩක් තැන් වලදී වරදින්න ඇති .ඉතින් එදත් මම . මම මගේ හොඳම යාළුවා වෙනුවෙන් ඉක්මන් තීරණයක් ගත්තා .

   මගේ උදවු ලැබීමත් එක්කම අරවින්දගෙයි සමන්තිගෙයි ආදර කතාව කලින් වගේම හොරෙන් හොරෙන් වගේම ගොඩක් සුන්දරව ගලාගෙන ගියා . මම අද මේ යන එන පාරේ හැම ගහක් ගලක්ම හැම බිම් අඟලක්ම ඒ අයගේ ආදරේට සාක්‍ෂි දරාවි . මම මගේ යාළුවට උදවු කරලා ගොඩක් සතුටු උණා . හිතේ කොනක පොඩි බයකුත් නොතිබ්බාම නෙවේ . ඒත් මම මගේ යාළුවා එක්ක හිටියා .

වෙනදා සතියකට වතාවක් දෙකක් හම්බවෙන අරවින්දයි සමන්තියි මම හින්දා ඒ හමුවෙන වාර ගණන වැඩි කර ගත්තා . දෙන්නාට ඇවිදින්නම මවාපු කැලෑ පාරවල් අපේ ගමේ ඕනතරම් තියනවා . ඉතින් මම ඉස්සරහින් යනවා . ඒදෙන්නා පිටිපස්සෙන් එනවා . උං දෙන්නගේ මෝඩ කතා හිටපු ගමන් මගේ කන්වලටත් ඇහෙනවා . වෙලාවට මට හිනා යන්නේ මටත් නොදැනීමයි .. ඔය විදිහට කාලයක් ගෙවිලා ගියා ..

දවසක්දා මට ගෙවල් ළඟ පොඩි කොල්ලෙක් මාව හම්බවෙන්න ආවා .

"සඳරු අයියේ ! උඹ පරිස්සම් වෙයං උඹටයි අරවින්දයටයි ළඟදීම එළ පෝරියල් එකක් සෙට් වෙන්න යන්නේ"

උඹ කොහොමෙයි ඒක දන්නේ ?

"අපේ බදාදා ගණිත පන්තියට එනවා යකඩ බජාර් එකේ අපේ වයසේ පොරක් අර මලිත් කියන්නේ අන්න ඌ ඌ තමයි මට කිවුවේ" .

හිතින් වගේම තව තැනකින් හිනහ වෙලා මම ඒක අමතක කරලා දැම්මා . ඇත්තටම මම ඒ කාලේ හරිම මෝඩයෙක් . මම තරම් හයි කාරයෙක් තවත් නෑ කියලමයි මම හිතා ගෙන හිටියේ . දවස් වල වලියකට යන්නේ ගුටිකන්න නෙවේ මැරෙන්න උණත් බලාගෙන ..

වෙනදා වගේම තවත් එක දවසක් මම අරවින්දව හම්බවෙන්න පුරුදු විදිහටම උගේ ගේ ගාවට ගියා . ඌ හයිලෑන්ඩර් .බලනවා !

අරේ ! අද යන්නේ නැද්ද කෑල්ල හම්බවෙන්න ?

අද මට බෑ වගේ බං ..

මොකද බං ?

හැමදාම යන්නත් හොඳනෑ නේ . අද උඹත් ආපු එකේ අපි කාටුන් එක බලමු . ...
එදා අරවින්ද එයාගේ කෙල්ලව හම්බවෙන්න යන්න අදිමදි කරපු හේතුව මට හිතාගන්න බැරි උණා .මම ඒ තරම් ඒ ගැන හිතුවේ නෑ. මමත් හවස් වෙලා ගෙදර ගියා .

අනිත් පහුවෙනිදා උදේ. අවුවට කර වෙලා තිබුණු අපේ ගමට පොද වැස්සක් වැටුණා . එදා ඉස්කෝලේ ගිය ගමන් උදේ රැස්වීමේදී කියවුණා . උසස් පෙළ 12 /13 වසර වල හැම ළමයෙක්ම කණ්ඩායම් වලට බෙදිලා ටවුන් එකේ ඇවිදලා . දිරා නොයන පොලිතින් වගේ දේවල් . පුළුවන් තරම් මලු වලට එකතු කරගෙන එන්න කියලා . අපිත් එක්ක ගුරුවරුත් මේ ගමනට සහාභාගී උණා ..අපි කට්ටියම ගේට්ටුවෙන් පිටවෙනකොටම අරවින්ද හෙමීට මගේ ළඟට ආවා .

මචං සමන්ති අතන අහවල් හන්දියේ ඉන්නවා කිවුවා ඒකිට මේක දෙන්නත් ඕන .
.මොනාද බං මේ ?

පොත් වගයක් බං

ඉතිං මගේ මොකෝ ? ගිහිල්ලා දියං .

ඉතින් අපි ඔන ඔය විදිහට පාරේ තිබිච්ච පොලිතින් එකතු කරමින් අර සමන්ති ඉන්න හන්දිය ළඟටම ආවා . මගේ කණ්ඩායමේ හිටියේ මමයි අරවින්දයි . .ප්‍රශානියි .චාමිකායි කියලා කෙල්ලෝ දෙන්නෙකුයි .විතරයි . අපේ ප්‍රායෝගික තාක්‍ෂණය භාරව ඉන්න සර් එයත් අපි එක්ක ආවා.

අපි . ඔය කියන හන්දිය ළඟට එනකොටම ප්‍රශානි මට ඇඟිල්ලෙන් ඇනලා යමක් පෙන්නුවා . හි හි .. සමන්ති ඉන්නවා ටිකක් එහා ගහක් යටට වෙලා . එයා තවම අපිව දැකලා නෑ . මේ අතරේ අරවින්ද මගේ ළඟට කිට්ටු උණා .

"මචං මේක ගිහිල්ලා දීලා වරෙන්කෝ "

"
ඇයි උඹට බැරිද මම සර් කාරයව ෂේප් කරන්නම් මෙතන මොකෙක්වත් නෑ නේ උඹම දීලා වරෙං" මම කිව්වා .

"අනේ බං උඹ ගිහින් දීලා වරෙංකෝ .!!

"
කෙල්ලෝ දෙන්නත් ඉඳන් කියනවා "අනේ සඳරු ඔන්න ඕක ගිහින් දෙන්න ගිහින් දෙන්න "

කෝ දියං ඔන්න ඕක .
මම ඒ පොත් මල්ලත් අරගෙන ඒ පැත්තට ගියා . අරවින්ද සර්ව එක්කරගෙන ටිකක් ඉස්සරහට ගියා .. මමත් වැලි පාර දිගේ සමන්ති ඉන්න ගහ ගාවට ගියා . නිල් පාට කුඩයක් අතේ තියාගෙන සමන්ති බිම බලාගෙන හිටියා . වෙනදා අඳින ඉස්කෝලේ සුදු ගවුම වෙනුවට . මල් වැටිව්ව ගවුමක් එයා ඇඳගෙන හිටියා . සමන්ති එදා වෙනදාට වඩා ලස්සනයි . "ගල් අඟුරු පතල් වල තමයි දියමන්තිත් හැදෙන්නේ" . මම මටම කියාගත්තා . මම හෙමීට සමන්ති ළඟට ගියා .. එයා මගේ දිහා ඔළුව උස්සලා බලලා මල් හිනාවකින් මට සග්‍රහ කලා .
සඳරු ! කෝ බං අරවින්ද ? .

අන්න හන්දියේ ඉන්නවා මම ආවේ මෙන්න මේක දීලා යන්න . අරවින්ද තමයි දෙන්න කීවේ ! එහෙනම් මම ගිහිල්ලා එන්නම් සමන්ති.

මම ආපහු යන්න හැරුණා . එතකොටම මම දැක්කා කීපදෙනෙක් මගේ දිහාවට එන හැටි . එතන හතර දෙනෙක් හිටියා . සමන්තිත් ඒ අයව දැක්කා ...එයාගේ අතින් කුඩෙයි පොත් මල්ලයි අත ඇරුණා .මම දැනගත්තා මම අතේ මාට්ටු උණ විත්තිය . පැනලා දුවන්නනම් මට හිතුණේ නෑ . දිවුවට වැඩකුත් නෑ උං මට වඩා හයියෙන් දුවලා එන්න පුළුවන් එවුං.

ඒත් එක්කම තව පැත්තකින් තව කීපදෙනෙක් එනවා මම දැක්කා . වැඩේ හරි මම මුලු යකඩ බජාර් එකටම මාට්ටු . ඇත්තම කියන්නම් මට පුදුම බයක් දැනුණා . මාව බේරගන්න දැන් සර් එක්ක අරවින්ද දුවගෙන එයි කියලා මම කීප වතාවක්ම පාර දිහා බැලුවා . ඒත් කවුරුවත් ආවේ නෑ . මම උංගේ අතටම අහු උණා ! මෙතන ඉන්න ගෑණුයි පිරිමියි ගාන 15 විතර ඇති ඒ සේරමත් එක්ක තනි මම මොනවා කරන්නද ? ..

උඹ නේද යකෝ සමන්තිගේ පස්සෙන් ඉඳන් සෙවල පෙරන එකා !

එකෙක් මගෙන් ඇහුවා .

ඔය වයසෙදී තමන්ව මැරුවත් තමන්ගේ යාළුවෙක්ව පාවලා දෙන්න හිතෙන්නේ නෑ.. මම කිසිම දෙයක් නොකියා හිටියා .

ඉදිරියටම ආපු එකෙක් මගේ බෙල්ලෙන් අල්ලලා මාව එතන තිබුණු ලොකු ගහට තියලා තද කරගත්තා . මගේ තාත්තා මැරෙන්න ටික කාලෙකට කලින් මට කියපු එක වචනයක් අදටත් මට මතකයි .

"පුතා උඹට කවුරුහරි ගැහුවොත් ගහපං . අඩෝ කීවොත් මොකෝ අඩෝ අහපං . දෙවනි වෙන්න එපා කාටවත්" ! .

තාත්ත ඉස්සර දවසක ඒ කියපු කතාව මගේ හිතේ නොමැකෙන්නම ලියවිලා තියනවා අදටත් . මගේ බෙල්ලෙන් අල්ලගෙන හිටපු එකාගේ මූණට මම මගේ දකුණු අතින් වේගවත් පාරක් දුන්නා මලත් කමක් නෑ කියලා හිතාගෙන . තමයි මම යකඩ බජාර් එකේ එකෙකුට ගහපු අවසාන වතාව . උං සේරම එකතු වෙලා මාව බිම දාගෙන අත් වලිනුයි පයිනුයි හැම එකකින්ම මට ගහන්න උණා . එක පාරක් මට හුස්ම ගන්නත් අමාරු උණා . මගේ ඇස්වලට විසිවෙච්ච වැලියි මඩයි නිසා ඇස් තද කරලා වහගෙන හිටපු මට . කවුදෝ කෙල්ලෙක් අඬනවා ඇහුණා . ඒත් එක්කම මට වදින පාරවල් එකින් එක අඩු උණා . මම හිතුවේ ඒ අඬන්නේ සමන්ති කියලා .. මම අමාරුවෙන් ඇස් ඇරලා බලනකොට මම දැක්කේ මගේ ළඟ බිම වාඩිවෙලා මාව අල්ලගෙන මට ගහන්න නොදී අඬන .ප්‍රසානිවයි චාමිකාවයි දෙන්නව.. කෙල්ලෝ දෙන්නා කෑ ගහලා අඬන නිසා ඒ සද්දෙට . මට ගහපු උං පැත්තකට උනා . උන් හෙමීට යන්න ගියා .

මේ කෙල්ලෝ දෙන්න නිසා මම එදා යන්තමට බේරුණා . අරවින්දවත් අපේ සර්වත් ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් මම දැක්කේ නෑ .

 සර් නම් ත්‍රීවිල් එකක නැගලා පොලීසියට ගියා . අරවින්ද කොහේ ගියාද මන්දා ?

මට චාමිකා එහෙම කිවුවා .ඒත් ප්‍රශානි තවම ඉකි ගගහා අඬනවා . ඒකි හොඳටම බය වෙලා . මම ඇත්තම කියන්නම් මේ මම වෙනුවෙන් අඬන ප්‍රශානි පන්තියේ ඉන්න කළුම කලු කෙල්ල . මම මේකිත් එක්ක වැඩිය කතා බහ කරලත් නෑ ඒත් මේකි අද මං වෙනුවෙන් අඬනවා . ඒත් මගේ සහෝදරයා වගේ හිටපු අරවින්ද මාව මග ඇරලා ගියා . මට පුදුම දුකක් දැනුණා . නැගිට ගන්න අමාරු නිසාම මම එතන වාඩි වෙලා හිටියා . අන්තිමට අපේ ඉස්කෝලෙන් ගුරුවරු ඇවිල්ලා මට බනිණ ගමන් මගේ තුවාල වලට බෙහෙත් දාන්න ඩිස්පෙන්සරියට එක්කං ගියා .

.මට දවස් කීපයක් ඉස්කෝලේ යන්න බැරිව ගෙදර තපින්න සිදු උණා. මාව බලන්න මගේ යාළුවෝ ගොඩ දෙනෙක් ආවා ඒත් මගේ යාළුවා අරවින්ද මට කොහොමද බලන්න නිකම් වත් අපේ ගෙවල් පැත්තේ ආවේ නෑ . ඒ අතරේ මම දැනගත්තා ඉස්කෝලේ ගුරු නේවාසිකාගාරයේ නවත්තලා තිබුණු . සර් කෙනෙකුගේ වෑන් එකකට කවුදෝ මිනිස්සු වගයක් ගිනි තියලා කියලා.....ඔවු ඒ යකඩ බජාර් එකේ උං .

දවස් කීපයකට පස්සේ මට සනීප වෙලා ආයෙමත් මම පුරුදු විදිහටම ඉස්කෝලෙට ආවා.. මට හොඳට මතකයි එදා සඳුඳා දවසක් . මම ඉස්කෝලෙට ගිය ගමන්ම මට ප්‍රින්සිපල් සර්ගේ ඔෆිස් එකට එන්න කියලා පණිවිඩයක් ලැබුණා . මමත් දෙගිඩියාවෙන් එතනට ගියා .මගේ ඉස්කෝලෙට මම තවමත් ආදරෙයි ඒක නිසා වෙච්ච දේ මම කෙටියෙන් කියන්නම් . මොකද කවුරුවත් මගේ ඉස්කෝලෙට බණිනවට මම කැමති නෑ

විදුහල්පති තුමා මට කීවේ එකම එක දෙයයි .

"තමුසෙව තව දුරත් මේ ඉස්කෝලේ තියාගන්න වටින්නේ නෑ . තමුසෙව හදන්නත් බෑ . මම තමුසෙව අස් කරනවා ..තමුසේ ඕන ඉස්කෝලෙකට යනවා. මෙහේ එන්න එපා ! මම තමුන්ගේ ගෙදරටත් පණිවිඩේ යැවුවා"
"ඒ මොකද සර් ඇයි මාව අස් කරන්නේ ?". 

මම කීප විටක්ම ඇහුවා .. ඒත් මේ හැමදේකට මුල මම කියලා අරවින්ද පාපොච්චරනයක් කලාය කියලා මම පස්සේ දැනගත්තා .මම මගේ පැත්තෙන් කතාව කියලා මගේ නිදොස් බව ඔප්පු කරන්න ගොඩක් උත්සහ කලා ඒත් ..... වැඩක් නෑ

කෙල්ලෙක් වගේ කෑගහලා අඬන කෙනෙක් නෙවෙයි මම . ඒත් පන්තියේ තියපු බෑක් එක ගෙන්න යනකොට මගේ ඇස්වල කඳුළු පිරිලා තිබුණා කියලා පහුගිය දවසක මට මගේ යාළුවෙක් කිවුවා . පන්තියේ මුල්ලක හිටපු අරවින්ද . ගෑනියෙක් වගේ අහක බලාගෙන හිටියා . "මම මේ හැම මගුලක්ම කරගත්තේ මූ හින්දා නේද ?. මට අනේක වාරයක් හිතෙන්න ඇති . එදා මම මගේ යාළුවෝ ඔක්කෝටම සමු දීලා මගේ පන්තියෙන් මගේ ඉස්කෝලෙන් එළියට බැහැලා යන්න ගියා .

ඔන්න ඔහොමයි ගඟක් වගේ ගලාපු මගේ ජීවිතය වෙනස් උණේ .! එදා මගෙත් එක්ක පිස්සු කෙලපු කොල්ලගෙන් කෙල්ලන්ගෙන් වැඩි දෙනෙක් අද මගේ ගමේ නෑ .කොහොම හරි අරවින්ද කැම්පස් තේරුණා . සමන්තිට මොනවා උනාද මන්දා ? . අවුරුදු ගානකින් මම එයාව ඇහැටවත් දැක්කේ නෑ . මම විතරක් කාලකණ්ණියෙක් උණා . කොහොමහරි මම උසස් පෙළ විභාගයට පෞද්ගලික අයදුම් කරුවෙක් විදිහට මුහුණ දුන්නා . මම හොඳ රිසල්ට් එකක් දාගත්තා ඒත් කැම්පස් යන්න තියා ඒ අහලකටවත් යන්න තරම් හොඳ රිසල්ට් එකක් නම් මට දාගන්න බැරි උණා . මම මටම වල කපා ගත්තා ..ඇත්තටම අදටත් මම අරවින්දට වෛර කරනවා ..

අපේ ජීවිතේදී අපි ගන්න තීරණ උඩ තමයි අපේ ජීවිතේ රැඳිලා තියෙන්නේ . අපි ගත්ත තීරණයක් අපිට ආයේ කවම දාකවත් වෙනස් කරන්න බෑ . ඒ වගේම අපිට අපේ දෛවය වෙනස් කරන්නත් බෑ ! මේක මට වෙන්න තිබුණු දෙයක් ඒක කාටවත් වළක්වන්න බෑ එහෙම හිතලා මම සැනසෙනවා !

හැබැයි අදටත් මගේ ඉස්කෝලේ ජීවිතය මතක් වෙනකොට ඇස්වලින් කඳුළු නොහළා මගේ හිතින් මම හොඳටම අඬනවා


සඳරු //

 .........................................................................................................................................................
බ්ලොග් ගඩොල් අඩවියේ Rss feed එක නිසි පරිදි යාවත්කාලීන නොවන නිසා බැක් ටු හොස්ටල් - කැස්බස් ඉක්බාල් 2  ලිපිය ඔබට මග හැරුනාද ?

64 comments:

දුමී said...

සඳරු මල්ලි, උඹේ කතාව අහනකොට ගොඩක් දුක හිතෙනවා. ඔය වගේ යාළුවො තමයි ගොඩක් අපි වටේ ඉන්නෙ. මටත් ඔය තරම් දරුණු නැති උනත් ඔය වගේ හිත රිදෙන දේවල් වෙලා තියෙනවා යාළුවන්ට උදව් කරන්න ගිහිල්ලා. මොනා උනත් උඹ පරාද වෙලා නැහැනේ. උඹ අද කාටවත් කරදරයක් නොවී ඔළුව උස්සගෙන ඉන්නවනේ......!

MaRLaN said...

හ්ම්... මොනා කියන්නද මංදා...

blog gadol said...

ඇත්තටම දුකයි බං උඹට වෙච්ච දේ ගැන. ඒත් උඹ වගේ හිත හොඳ එවුන්ට කවදාහරි හරියනවා.

උඹට පස්සෙ කාලෙකවත් අරවින්දව හම්බවුණේ නැද්ද?

නිර්මල said...

උඹ අමාරුවේ වැටුනේ යාලුවෙක්ට උදව් කරන්න ගිහින්.මොකද උඹේ හිත හොදයි.

Ashoka said...

well, that ending was certainly unexpected.

If this kind of hard experiences did not happen, then who knows, you wouldn't have become the good writer you are now!

There are many more things to say on this.. may be some other day.

නිශ් said...

උඹ ඔය තෝරගත්ත පාරෙ ඉහලටම පලයන් ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මම පතනව. ඒ කරලා අර උඹගෙ යාලුව කිව්ව නපුංසකයට පෙන්නපන් උඹත් පොරක් තමා කියල.

ඇත්තම කිව්වොත් උඹේ ඔය සමහර න්‍යාය වල් නම් හරි උනාට උඹේ ජීවිත ගමනට නම් හොඳ නෑ.

ගොඩක් වෙලාවට වැරදුනාම අපිට අපි විතරයි බන් ඉතුරු වෙන්නෙ

Dinesh said...

වෙලා තියෙන දේ ගැන ඇත්තටම දුකයි.. මමත් 11 වසරේ ඉන්නකොට යාළුවෙක්ගේ කෙස් එකක් නිසා ගුටි කෑවා.. හැබැයි ඒ යාළුවෝ ඒ වෙලේ මගේ උදවුවට ආවේ නැහැ.. ඊට පස්සෙ නම් මම කවදාවත් ඔය වගේ දේවල් වලට සම්බන්ද උනේ නැහැ.. ගුටි කෑව නිසා නෙමෙයි.. යාළුවා ගැන තේරුම් ගත්ත නිසා..

Anonymous said...

හොදටයි නරකටයි දෙකටම ඉන්නේ යාලුවෝ.
අවසානේ පසුතැවිල්ලක් වුනාම ඒක මුලු ජීවිතේටම අමතක කරන්න බැරි බව දන්නවා.සිදු වීම අසාධාරණ වුනත් ඔයා ලියන විදිය ලස්සනයි.

පබලු

prasanna86k said...

ඌට ​වෛර කරන්න එපා බං... ඌට ඒ වෙලාවෙ වෙන කරන්න දෙයක් තියෙන්න නැතුව ඇති.

උඹ එල පොරනේ... දැං ඉතිං ඔය කනගාටුව අතෑරලා දාපං...

Hishan Melanga said...

සායක් ගෑවුනු තැනක් ඔහොමම තමා.

දුක් වෙන්න එපා බං, අපි ජීවත් වෙන්නෙ ටික කාලයයි. උඹ, මම, අරවින්ද, අපි හැමෝම කවද හරි මැරෙනව. ඒක කාටවත් නතර කරන්න බැහැ.

ඒ ටික තේරුම් අරන් මේ ඉන්න කෙටි කාලෙ, උඹේ ජීවිතෙන් උඹට කරන්න පුළුවං උපරිම හොද දේවල් කරපං.

ආයෙ දෙපාරක් හිත්න්න එපා සිරාවටම...

සිද්ධාර්තව ආදර්ශයට ගනින්, සල්ලිකාරයෙක් වෙලා ඉපදිලා. පස්සෙ මහ මග හිගා කනකොට ඔහුට කොච්චර මිනිස්සු බූරුව, මෝඩය කියල බැන වදින්න ඇත්ද?

ඉතින් තමන් හරි තීරණයක් අරගෙන, කෙලින් ඉදං වැඩ කරල, කාටවත් කරදරයක් නොවී ජීවත්වෙලා, මැරිල යන එක ඔය හැම දේටම වඩා උසස්.

අම්මයි නංගියි ගැන හිතපං.

හැම දේකටම කල් තියෙනව කියලත් හිකපං. තමංගෙ වෙලාව එනකං කාගෙන ඉදහං.

හැබැයි අතපය මෙල්ල කරගෙන හිත පාලනය කරගෙන.

හිතේ මොන ප්‍රශ්නෙ තිබුනත් හැම වෙලේම හිනා වෙලා ඉදපං.

එහෙවු කෙනක් වන උඹව ආයෙ කවුරු නතර කරන්නද....?

හිස් අහස said...

@දුමී = මමත් නියම යාළුවාව අඳුරගත්තේ එදා . උඹ හරි දුමී අයියේ . දැනට මම ඒතරම් අවුලක් නැතුව ඉන්නවා .ඉදිරියටත් එහෙමයි . ස්තූතියි මචං
.....................................................................................................................................................
@MaRLaN = හූ කියපං මල්ලියේ !
.....................................................................................................................................................
@blog gadol = අරවින්දයා නම් නිතරම ටවුන් එකට එනවා . ඒත් අම්ම මට ඌ එක කතා කරන්න තහනමක් දාල තියෙන්නේ ඒක නිසා මම උගේ මූනවත් බලන්න යන්නේ නෑ ....
.....................................................................................................................................................
@නිර්මල = ස්තූතියි නිර්මල . හිත හොඳ එවුන්ට ඉක්මනට වරදිනවා
.....................................................................................................................................................
@Ashoka = වර්නනාවටනම් ගොඩක් ස්තූතියි අශෝක. ඇත්තටම ඔය සිද්දිය උනේ නැත්තම් අද මම බ්ලොග් නොලියා වෙන මොනාහරි කරන්න තිබුනා . දෛවයේ හැටි
.....................................................................................................................................................
@නිශ් = මොනා කරන්නද බං මම පොරක් කියලා ඌට පෙන්නන එකනම් මම කොහොමහරි කරනවා . මම තවම ඒ න්‍යායවල් එක්කම ඉන්නවා . බලමු හොඳ න්‍යායක් අහු උන දාට දාකට මම මේව අතඅරිනවා .වැරදුනාම අපි විතරයි .සහතික ඇත්ත මචෝ
.....................................................................................................................................................
@Dinesh = ඔවු මචං අපට ඔයවගේ දේවල් වෙන්න ඕන එතකොටයි අපේ වටේ ඉන්න එවුන්ගේ තරම අපට මැනගන්න පුලුවන් වෙන්නේ .මමත් දැන් ආයේ යාළුවන්ට ඕනෑවට වඩා උදවු කරන්න යන්නේ නෑ
.....................................................................................................................................................
@පබලු = යාළුවෝ නැතුවත් බෑ . අතේ දුරින් ඇසුරු කරානම් හරි කියලා හිතෙනවා . ස්තූතියි පබලු අක්කේ
.....................................................................................................................................................
@prasanna86k = ඌ හිටපු තැන මම හිටියනම් මම කවදාවකවත් එහෙම කරන්නේ නෑ . වලියෙදී පැනලා ගියාට කමක්නෑ ඉස්කෝලෙදී මාව පාවා නොදී ඉන්න තිබ්බා එයැයිට . මම දැන් ඔය ගැන හිතන්නේ නෑ අයියේ ඒක අතීත මතකයක් විතරයි . දැන් කොල්ලා ජොලියේ ඉන්නේ
.....................................................................................................................................................
@Hishan Melanga = ඒ කාලේ ගත්ත ඉක්මන් තීරණ දැන් මම ගන්නේ නෑ මචං . දැන් තීරණනයක් ගන්නකොට දහපාරක් හිතනවා . මට දැන් ප්‍රශ්න කියලා එහෙමට දේකුත් නෑ . ඉස්සර කාලේ මම හිටපු හැටි ගැන පොඩි පසු තැවීමක් විතරක් තියනවා ඒකත් මතකෙට එන්නේ බීපු වෙලාවට විතරයි . මේකත් මම ලිවුවේ දුකින් නෙවේ . කට්ටියත් එක්ක මට වෙච්ච දෙයක් බෙදාගන්න හිතුනා ඒකයි . බොහොම ස්තූතියි

රොබින් said...

උන දේ ගැන මොනවා කියන්නද ?.

වැරදි වැඩක් කලා නම් ප්‍රථිපල ජීවිතේ කවදාකම හරි ලැබෙනවා. හැංගිලා ඉන්න බෑ. තාවකාලික ජයග්‍රහණ ලැබෙයි. ඒත් සදාකාලික නෑ

සොඳුරු සිත said...

දෙවෙනි පාරටත් කියෙවුවා. සඳරු .. මේ කතාවේ පලමු හා දෙවෙනි කොටස් අප්ඩේට් වුනේ නැද්ද. මේ කොටස තමයි අප්ඩේට් වෙලා බ්ලොග් රෝල් එකේ පෙන්නුවේ.කමක් නැහැ දැන් කොටස් තුනම බැලුවා...

මම නම් ස්කොලෙන් එළියට බැහැල යන දවසෙ අරවින්ට හොඳවයින් දෙක තුනක් නෙලලයි යන්නේ. ඇයි වදේ ..අහක ඉන්න මම ද පලි මේ හැමදේටම. කොහොමත් ස්කෝලෙන් දොට්ට දැම්ම එකේ ආයෙ මොනව වෙන්නද? මට නම් හරිම තරහයි.

මේ ලෝකයේ හොද දේ කරන අයට හරියන්නෙ නැහැ මල්ලි. අත්දැකීමෙන් ම මම ඒක තේරුම් අරන් ගොඩක් දවස්... කපටිකමින් , වංචාවෙන් දුෂනයෙන් ඉන්න අය තමයි හැමදාම ඉහලින් වැජඹෙන්නෙ.. බුදු දහමෙ හැටියට ඊළඟ ආත්මේ මේව පලිසන් දෙනවද මම දන්නෙ නැහැ. ඒත් හොද මිනිස්සුන්ට අපෙ ඇස් පනා පිට වෙන දේවල් දැක්කම මට එහෙම හිතුන වාර අනන්තයි...

මට නම් උඹත් එක්ක වස තරහක් එන්නේ ...

Podi Kumarihami said...

අනේ සඳරූ ඔයත් කරගන්න වැඩ. ඔයා තාමත් ඔය වගේද? අර අරවින්දට ඉස්ලෝකෝලෙන් යන්න කලින් හොඳට දෙකක් දුන්නේ නැත්තේ ඇයි?

නිම්ශා said...

ජිවිතේ අපිට ලැබෙන හැම දුකක් සතුටක් ම අපිට ලැබෙන අත්දැකිම්...ඔයා අද එ වගේ දෙයක් ලැබිලා තෙරුම් ගන්න ඇති නේ අයියේ..හැම යාලුවම නෙමේ බහුතරයක් අද මේ තත්වේ...

අසoක said...

අඩේ මචන් පිස්සු හෑදෙනවා ඔවා අහද්දි..මටනම් තාම ඔය වගේ ඩයල් එකක් හම්බ වෙලා නෑ.අනේ මන්දා බන් මට ඔහොම දෙයක් වුනානම් පොලියත් එක්ක අරුට කන්න වෙනවා.අයි බන් උ මහා පජාත ඩයල් එකක් නේ බන්....

බීටා said...

ගොඩක් ඔය වගේ උන් ඉන්නවා අපි අතරේ, උන්ට හොඳක් කරන්න ගිහිල්ලා අපිට මොනවහරි උනාම පැත්තවත් බලන්නේ නැතිව ඉන්න උන්.

මොනව උනත් ඔයාට වෙලාතියන දේ නම් ගොඩක් දුක හිතෙනවා.......

සෝරෝ said...

සිරාවටම මට මේ ​​කොටස කියෙවුවම කඳුළු ආවා ඇස් දෙකට.. ජීවිතේ කියන්නේ ඕකට තමා බං දෙයක් වෙන්නම ඕන පාඩමක් ඉගනගන්න.. තව කෙනෙක් කිවුවට එච්චර ඕනකමෙන් අහන්නේ නෑ.. කවුරු වුනත් ඔහොම තමා.. උඹ ඒ හිටිය තැන මම හිටිය නම් මමත් ඒ තීරනේ ම ගන්න ඉඩ තිබුනා.. හැබැයි මම නම් වලියට බර පොරක් නෙවෙයි..

අරූට ​වෛර කරන්නෙපා.. උඹට සතුටුවෙන්න පුළුවන් උඹ ඌව ආශ්‍රය කලේ බොක්කෙන් නිසා.. ඒ වගේම ඌගේ හිත දන්නව ඇති ඌ ක​ලේ වැරැද්දක් කියලා.. ඌ හිතින් දුක් විඳිනවා ඇති.. දවසක ඌම ඇවිත් උඹෙන් සමාව ගනිවී..


ජය වේවා...!!

පූසා said...

දුකයි බං :(
මොනවා කරන්නද බං.හැමදේම වෙන්නේ මිනිස්සුන්ටනේ. වැදගත්ම දේ උඹ අද හොඳ තැනක ඉන්නවනේ.....

JHOTHISHALANKA said...

බ්ලොග් අවකාශයේ දුටු ඉතාම සංවේදී ලිපියක්.කතාවේ දෙවැනි කොටසෙදි මම හිතුවෙ අරවින්දව යකඩ බජාර් එකේ උන් අභිරහස් ලෙස මරන්න ඇති කියලා.මෙහෙම අවසානයක් බලාපොරොත්තු වුනේ නැහැ.

කොට ජීවිතේ said...

මේක කියවලා මගෙත් ඇස් වලට කඳුලු ආවා. ඔහොම යාලුවෝ තමයි ගොඩක් අපි වටේ ඉන්නේ. මමත් යාලුවන් නිසා අනන්තවත් ගොං වැඩ කරලා තියෙනවා... යාලු කමට. ඒත් දැන් තමයි තේරෙන්නේ අපේ හිතේ යාලුකම තිබුනට උන් එක්කෙනෙක්ගේ වත් හිතේ යාලු කමක් නැහැ කියලා. ඒත් අදටත් සමහරු දැක්කහම පණ දෙන්න වගේ කතා කරන්නේ. මට ඉතින් මූණටම හිත රිදෙන වැඩ කරන්න බැරි නිසා ශේප් එකේ කතා බහ කරනවා.

ඔයාට කවදාවත් වැරදෙන්නේ නැහැ. ඒ ඔයාගේ හිත හොඳ නිසා. ඒත් මීට පස්සේ හැඟීම් වලට විතරක් වහල් වෙලා තීරණ ගන්නේ නැතුව, හොඳට හිතල බලලා වැඩ කරන්න...

..ChAnDiKa.. said...

මචෝ.
මට හිතාගන්න බෑ මේ වෙලාවෙ මොනවගේ දෙයක් කියන්නද කියලා. යාලුවො කියල අපි බොක්කෙන් දීගෙන ඉන්න උං ඇයි බං අපිට මෙහෙම කරන්නේ? එක්කො අපි උංගෙ පෙර ආත්මෙක ණය කාරයො වෙන්න ඇති බං. අතේ තියෙන අන්තිම තුට්ටුව වෙනකම්ම යාලුවො වෙනුවෙන් වියදම් කරල, කන්න ගෙනාපු කෑම එකෙන් බාගයක් උන්ට දීලා පණ දෙවෙනි කරල සලකන යාලුවො(කියල අපි හිතාගෙන ඉන්න) එවුන් මේ විදිහට කාලකණ්නි විදියට අපිට සලකන්නෙ ඇයි කියල හිතාගන්න බැහැ බං.
එක පාරක් යාලුවො හින්දා මම උසාවි ගානේ හිරේ විලංගුවෙ යන්න ගිහිල්ලා නූලෙන් බේරැණා. තව ඔය වගේ මහ එපා කරපු සීන් මහ ගොඩකට මූන දිල තියෙනවා. දැනටත් මූන දෙනවා. මොනව කරන්නද බං. අපේ කරැමෙ කියල අපි හිත හදාගමු බං. පවක් කරල තියෙනවනං අපි ඒකෙ විපාකෙ ගෙවනිනම එපැයි. මේ වගේ කාල කණ්නි යාලුවො නං මතු ආත්මෙක ආයිනම් ලැබෙන්න එපා කියල ප්‍රාර්ථනා කරමු.
මේ මං මේ වගේ කාලකණ්නි ගැන ලියපු සටහනක්. හිතේ දුක කේන්තිය වාවගන්න බැරිම තැන ලිවුවෙ සැර උපරිම බාර කරල.
http://love-hurt-tears.blogspot.com/2011/04/blog-post_10.html

හිස් අහස said...

@රොබින් = රොබින් මචං සමහර විට මෙතන මම වැරදි ඇති සමහර විට යාලුවා වැරදි ඇති . ඒත් තවම ඌ තේරුම් අරං නෑ ඌ එදා කලේ වරදක් කියලා .
.....................................................................................................................................................
@සොඳුරු සිත = කතාවේ පලමු හා දෙවනි කොටස් ලියනකොට බ්ලොග් එකේ පොඩි අවුලක් ආවා . අද තමයි සම්පූර්නයෙන්ම ඒක හදාගත්තේ . එදා මාව අස් කරපු දවසේ ආයේ කාඑක්කවත් ගහගන්න තබා වාද කරන්නවත් මගේ ගාව හයියක් තිබුනේ නෑ අක්කේ . ඔයාට වගේම තමයි මගේ අම්මටත් ගොඩක් තරහ ගියා .එයා අරවින්ද නමින් අපි හඳුන්වන කෙනාගේ ගෙදරට ගිහිං හොඳටම බැනලා ආවා
.....................................................................................................................................................
@Podi Kumarihami = දෙකක් දෙන්න ඕන කම තිබුනා ඒත් හිතේ ඒ වෙලාවේ තිබ්බ ගින්න නිසා මට කිසි දෙයක් කරගන්න බැරි උනා . මම නිකං මොනාද කාපු උගුඩුවා වගේ උනා . ඇයි මාව ඉස්කෝලෙන් අයිං කරාවි කියලා මම කවදාකවත් හිතුවේ නෑ .
.....................................................................................................................................................
@නිම්ශා = හ්ම් ... මේක තමයි ජීවිතේ . මේක තමයි දෛවය . ඒක අපි කාටවත් වෙනස් කරන්න බෑ නේ . ඒක මට වෙන්නම තිබුනු දෙයක් නේද ?
.....................................................................................................................................................
@අසoක = ඌට ගහන්නම් කියලා දවස් ගානක් හිතාගෙන හිටියා ඒත් බං ටික දවසකින් මගේ තරහා ගැහැලා ගියා මටත් හොරෙන්ම . ආයේ දවසක ඌ මා එක්ක කතා කලත් මම නෝ කතා ! මගේ අම්මා දැඩිව තහනමක් දාලා තියෙන්නේ මට ඌ එක්ක වචනයකින් පමන කතා කරලා අහුවෙන්න එපා කියලා .
.....................................................................................................................................................
@බීටා = මගේ යලුවෝ ගොඩදෙනෙක් ඒ වගේ නෙවෙයි සමහරු ඇත්තටම ඕනම කරදරයකදී ඉන්න ජාතියේ එවුන් ඒත් හැම එකාම
එකවගේ නෑ නේ මලේ . අපිත් වැරදියි නෑ බෑ ඔය වචන දෙක පාවිච්චි කරන්නේ නැතුව ගියාම අපිට කෙලවෙනවා අපටත් හොරෙන්
.....................................................................................................................................................
@සෝරෝ = අපි දෙයක් ඉගනගන්න අපිට ර්දෙන්නම ඕන නේද බං . දැන්නම් ඒහැටි අවුලක් නෑ . මොකද මේක වෙලා දැන් වසර කීපයක් වෙනවා . ඒක නිසා මම දැන් මේක ගැන වැඩිය හිතන්නේ නෑ . මට වෙච්ච දේ මතකෙට එනකොට ලොකු තරහක් ඇතිවෙනවා බං තවම . ඒක මට නවත්තගන්න බැරි වේවි . කවමදාකවත්
.....................................................................................................................................................
@පූසා = හොඳම තැනක නැති උනත් බං යන්තමට හරි වාසනාවන්ත කමක් තිබිලා පොඩි තැනක් හම්බ උනා . ස්තූතියි බං
.....................................................................................................................................................
@JHOTHISHALANKA = ඇත්තම කීවොත් යකඩ බජාර් එකේ එවුං වචා වැඩ කරනවා ඒත් තාම මිනී මැරුවා කියලා අහන්න ලැබිලා නෑ . මම උං එක්කත් තවම තරහයි . ඒ බජාර් එක තවම තියනවා . මහ ගලක් වගේ නෙසෙල්වී ....ස්තූතියි ඔයාට
.....................................................................................................................................................
@කොට ජීවිතේ = අපිට යාළුවොත් ඕන . ඒත් අපි හරියට යාළුවෝ අඳුරගන්නත් ඕන .අඳුරගන්න වෙන්නෙත් ඇසුරු කරලම තමයි .බොහොම ස්තූතියි අක්කේ ඔයාට . මම දන් ඉස්සර වගේ නෑ තීරණ ගන්නේ ටිකක් හිතලා .
.....................................................................................................................................................
@..ChAnDiKa = මම ඔයාගේ පද පෙලත් බැලුවා අදහසුත් දැම්මා . ඒක පද කීපයක් උනාට මම මේ අකුරු මහා ගොඩකින් කියපු සේරම කතාව ඔයා ලියලා තියනවා නියමයි . බලමු බුදු හාමුදුරුවන්ටත් ඔයවගේ ද්‍රෝහී කම් උනානම් මම මොකෙද්ද .. මමත් 100% ම හොඳ එකෙක් නෙවේ ... අපි අතිනුත් වැරදි වෙලා තියනවා ඒක නිසා මේක මට හම්බු වෙච්ච දඬුවමක් කියලා හිතා ගත්තා මම

Praසන්ன said...

ඔය වගේ යාලුවො ඕනතරං ඉන්නව හැබැයි හැම කෙනෙක්ම ඒ වගේ නොවෙන්න පුලුවං
වෙච්ච දෙයින් පාඩමක් ඉගනෙගෙන ඉදිරියට යන එක තමයි කරන්න තියෙන්නෙ.

nirmal said...

මෙහෙම අවසානයක් බලාපොරොත්තු වුනේ නැහැ.

හිරණ්‍ය said...

හ්ම්, හදවතින්ම දුකයි. ඒත් දැන් සහෝ දැන් හොඳ ස්ථාවරයක (එහෙම නේද?) ඉන්න හින්ද ඒ දුක ටිකක් මගහැරෙනවා. මේ දේවලින් පාඩමක් ඉගෙන ගන්න ඇති කියල හිතනවා. ඒ වගේම අරවින්ද ගැන උපේක්ෂාවෙන් බලන්න කියලත් ඉල්ලීමක් කරනවා. එක සහෝටම හිතට සහනයක් වේවි. :)

nawammawatha said...

මම ඔය තිත්ත ඇත්ත තේරුම් අරන් දැනට අවුරුදු දහයක් විතර වෙනව. ඒ මම මගෙ හොඳම යාළුවෙක් කියල හිතාගෙන උන්න එකෙක්ගෙන්. එදා ඉඳල මට ඉන්නෙ මම විතරයි අවසානයටම කියල ම්ම දන්නව. මාත් එක්ක ඉන්න කිසිම කෙනෙක්ට මාත් එක්ක අන්තිමට වෙනකන්ම එන්න බෑ. අතරමගදි හැලෙනව.

හිස් අහස said...

Praසන්ன =ඔයා හරි හැමෝම එහෙම නෑ නේනං . හොඳ එකාව අඳුරගෙන ඌ එක්ක ඉස්සරහට යාමයි අපිට කරන්නතියෙන්නේ .. එහෙම නේද ?
.....................................................................................................................................................
@nirmal = මොනව කරන්නද සහෝදරයා . මේක තමයි අවසානේ මීටවඩා ලස්සන අවසානයක් දෙන්න තිබුනානම් මාත් ගොඩක් කැමතියි . ඒත් ඇත්තටම උනේ මේකනේ !
.....................................................................................................................................................
@හිරණ්‍ය = ස්ථාවරයක ඉන්නවා කියන්නත් බෑ . කාටවත් අත නොපා ඉන්නවා කියලනම් කියන්න පුලුවන් මචං .දැන් ඒකාලේ තරහ ටික ටික අඩුවෙලා .ඒත් හිටිගමන් එන තරහ තවම ඉතිරි වෙලා .
.....................................................................................................................................................
@nawammawatha = දෙක තුන වදිනකොට තමයි බං අපිට තේරෙන්නේ . මම සියට සීයක්ම අවංක යාළුවෙක් නෙවේ ඒත් එදා මගේ තැන අරූ උන්නානම් මම කරනන්නේ එයා කරපු වැඩේ අනික් පැත්ත . අන්න ඒකයි අපිට වරදින්නේ .

Ravi said...

කොටස් තුනම අද තමයි සඳරු බැලුවෙ. මම ඔයාගෙ පෝස්ට් වලට සබ්ස්ක්‍රයිබ් කරල තිබුනට දැන් මගෙ මේල් එකට එන්නෙ නැහැ.

උඹෙ කතාව ගැන නම් කියන්ඩ දෙයක් නැහැ බං, මිනිස්සු කියන ජාතිය විතරක් කිසි දවසක විස්වාස කරන්න බැහැ.එච්චරයි මම දන්නෙ.

හිස් අහස said...

@රවී = අඩේ අයියේ ඔයා කීවාම තමයි ඒක දැක්කේ .ඔන්න මම ෆීඩ් බැනර් එක හැදුවා ඊලඟ සැරේ ඉඳලා ඔයාගේ තැපැල් පෙට්ටියටම ලිපිය ලැබේවි .බොහොම ස්තූතියි ඒක මට කිවුවට .

Gayan Rupasinghe said...

මචන් කාලෙකින් බ්ලිග් පෝස්ට් එකක් ලිව්වෙ නෑ. වැඩ ගොඩ ගැහිල නිසා. අද නිව්වඩු දවසෙ මුලුඉන් ම අවෙ උබේ බ්ලොගේ ට. කතා ව නම් අපුරුයි. ඔහොම කතා අපේ ජීවිත වලත් නැතුවාම නෙවෙයි. ඒ අතින් උබ ඔය තරමින් හරි හිත හදන් හිටිය එක ගැන සතුටු වෙයන්. සමහර විර ඔය අරවිද කියන හාදයා තාම හිතෙන් විදවනව ඇති...

ජය..

JHOTHISHALANKA said...

ලබන්නාවූ සුභ අළුත් අවුරුද්ද ඔබ සැමට බලාපොරොත්තු ඉටු වන සුභ අළුත් අවුරුද්දක්ම වේවා.

Kathandara said...

ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයා

අපරාජිතයා :::: Aparajithaya said...

අඩෝ මචං කලින් උඹේ කතාවේ කොටස් දෙකම කියෙව්වා.එත් අද තමයි 3 න් වෙනි කොටස කියෙව්වේ. කලින් දෙකටම කමෙන්ට් කලේ නැත්තේ මචං ඔක්කොම කියවලා කමෙන්ට් කරනවයි කියලා හිතපු නිසයි.අවුරුද්දේ වැඩත් එක්ක කියවිල්ලත් පොඩ්ඩක් අඩාල උනා.

මම හිතපු අවසානය නෙමෙයි බං මේ.මම හිතුවේ අරවින්ද කියන එකා පිහිපාරක් කාලා මැරෙනවා ඇති කියලා යකඩ බජාර් එකේ එකෙක් ගෙන්.ඒක එහෙම උනා නම් කොච්චර හොදද කියලා හිතෙනවා මචං.

උඹ ගැන ඇත්තටම දුකයි.මු නම් මහම මහා පරයෙක්.ඕකට කරපු අසික්කිත වැඩේට මේ ජිවිතයේ කවදාම හරි දවසක විදවන්න වෙයි අනිවාර්යෙන්ම.අපිට දඩුවම් දෙන්න ඕනි තරම් හදිස්සියක් මේ ස්වභාවධර්මයාට නැහැ මචං.එයා ඔය වගේ පව් කාර වැඩ වලට දඩුවම් දෙන්න ගත්තම ඇපත් නැතිවෙන්න තමයි දෙන්නේ.

මගේ ජීවිතෙත් පාවා දෙන උන් ගොඩක් නිසා මටම කෙල උනා. කොටින්ම මගේ බැජ් ඒක ගලොපු සීන් ඒක උඹ කියවන්න ඇති.එදා මම තනි උනා.එකෙක්වත් මං ලගටවත් අවේ නැහැ.ළඟ හිටියේ පන්තිභාර මගේ අම්මා වගේ ගුරුතුමිය විතරයි..

මම ඉස්සර ඕනාවට වැඩ මිනිස්සුන්ව විශ්වාස කරන්න ගිහින් ඇනගත්තු එකෙක්.ඒක නිසා අද මම කිසිම කෙනෙක්ව ඕනාවට වඩා විශ්වාස කරන්නේ නැහැ මචං.හොදම යාළුවෙක්ව උනත් එහෙමම තමයි.

එත් මට ජීවිතේටම නොදැකපු කෙනෙක් ලග පවා විනාඩි 15 ක් හිටියොත් ඌව යාලුවෙක් කරගන්න පුළුවන් තරමට කතා කරන්න හැකියාවක් ලැබිලත් තියනවා.ඒ උනාට අදටත් ඒ කිසිම කෙනෙක්ව ඇඟට ගන්නේ නැහැ.

උඹ දන්නවද මගේ බ්ලොග් එකේ ඊ මෙයිල් ලිපිනය. "trustnoone1989@gmail.com " 1989 කිව්වේ මගේ උපන් අවුරුද්ද. අනික් ටික තියෙන්නේ Trust No One කියලයි. ඒ කියන්නේ "කිසිවෙකුත් විශ්වාස නොකරනු" කියලයි.

කැමතිනම් මගේ විදියම අනුගමනය කරපන්.මොනවා උනත් තමන්ට ඉතුරු වෙන්නේ තමන්ම විතරයි අන්තිමේදී... එල මචං ජය වේවා......!!

වැඩබැරිදාස said...

ඔහොම තමයි ඉතින් යාළුවන්ගෙ හැටි බුද්ධාගමෙත් කියල ඉන්නවනෙ යාළුවො ජාති හතර දෙනෙක් ගැන මොනව කරන්නද ? ඔහොම දෙයක් වෙනනම ඕනෙ සතා කවුද කියල අඳුන ගන්න. හිරේ විලංගුවෙ නොවැටී ඔයින් ගියා මැදැයි.

සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!!

තාරක Dilsh@n said...

අපරාජිතයා :::: Aparajithaya කියන ටිකට මාත් එකඟයි. මොකද මාත් කාලයක් යාලුවන්ට පණ දීගෙන හි‍ටියා. ගොඩක් උන් ඉන්නෙ අපෙන් දෙයක් කර ගන්නකන් හරි දෙයක් ගන්නකන් හරි විතරයි..
මට නම් ‍ඔහොම දෙයක් කලා නම් හොයා ගෙන ගිහින් හරි ගහල එනවා ඌට

නචියා said...

අද තමයි පොස්ට් එක බැලුවේ. යාලුවෝ ගැන කතාකරලා වැඩක් නෑ මචන්....මේ වගේ දෙවල් වලින් තමයි මිනිස්සු කවුද කියලා අදුනගන්න පුලුවන් වෙන්නේ. හැමදේම වෙන්න හොදටනේ කියලා හිතාගනින්.
උබට ජය සදරූ...

Anonymous said...

mokakda me karagatte :(
--kuppaya--

Hasitha said...

කොල්ලා උඹ මොකක් වුණත් හොඳයි. මට ඔහොම දෙයක් ඔය වගේ බොක්කෙන් හිටිය එකෙක් කලා නම් මම මොකක් කරයිද කියලා හිතා ගන්නවත් බැරිවෙයි. ඒත් ඒ අතින් බලද්දී උඹ හුඟක් හොඳ විදිහට කේස් එක හැන්ඩ්ල් කරලා තීයෙනවා :)

පිස්සා පලාමල්ල said...

ඌ මහ පොන්නයෙක් නෙ බන්. ඔක්කොම උනේ ඌ හින්ද එකේ අඩුම ගානේ වැඩක් නැහ බන් ඔහොමින් හරි ඔය වගේ එවුන්ව අදුර ගන්න ලැබුන එක හොඳයි.

උබ දැන් වත් අවේග ශීලි ගතිය අඩු කරන් කල්ප්නා කරල වැඩකරපන් මල්ලියා..

හසී said...

අද තමා මේක කියෙව්වේ.. ගොඩාක් දුකයි.. මටත් ඔය වගේ යාළුවො ඉන්නවා.. මිනිස්සු හරි පුදුමාකාරයි සදරු :(

Anonymous said...

එල පොස්ට් එක
මල්ලි ඔය වගේ අත්දැකීම් නම් මටත් වෙලා තියනවා. එත් මගේ 11 වසෙරේ හිටිය යාලුවෝ නම් එල බොක්කවල් මට වටකරගෙන ගහනකොටත් කවදාවත්ම මාව
දාල ගියේ නැහැ.

Anyway, I wish you all the best for you future. You will be alright mate! Don't worry
--Sam--

චතූ...... said...

ඔයා නම් සිරා ඩයල් එකක් අයියා....
මට හිතෙන්නෙත් ඔයාගෙ හිත හොද වැඩියි......
මට මේක කියවල ඇඩුනා......
සිරා....

Networkදිසා said...

මචෝ මම අදයි උබේ කතා සේරම ටික කියෙව්වෙ. මමත් උබට ආසන්නයෙන් යන කන බොන පොරක්. හැබයි උබ වගේ බොක්කෙන් ගේමට බහින පොරක්නම් නෙමෙයි. හැබැයි එක පාරක් ඔය වගේ සිද්දියක් හින්ද සිරාවටම අම්බානකට ගුටි කාලත් තියෙනව. මටත් ඉන්නව උබ වගේම යාළුවෙක් ඒත් මමනම් උට කවසාවත් එහෙම කරන්නෙ නෑ.

Mahesh said...

ade mata dukai ban uba gena aru nam mha ballek

තීර්ථ යාත්‍රිකයා said...

Trust No One ඕන්න ඕක එදා ඉඳලම මගෙ තියරිය.උඹේ හිත හොඳයි මල්ලියා.උඹට ජය.

රස්තියාදු කාරය.. said...

උබ ගැන කියනවා නම් කියන්න තියෙන්නේ මෙච්චරයි. උබ නම් පට්ට සිර dial එකක්, උබ වගේ එකම එකෙක්ව මම දන්නවා, උ කුඩා කියල මම පස්සේ කියන්නම්. උබ බ්ලොග් එක මුල ඉදන් කියවගෙන අවම තම මේක දැක්කේ.. තව ගොඩක් කියවන්න තියනවා..
සේරම කියවනවා.. මේවා කියවල office එකෙන් ඇස කරත් මොකෝ.. මචන් ඕව වැඩිය හිතට ගන්න එපා.. අමතක කරලා දාපන්. ජීවිතේ කියන්නේ ඔය හැම දේටම තමා.. ඔය වගේ මී හරක් ගොඩක් campus වල ඉන්නවා. මම තමා ඉස්කොලේ යාළුවොත් එකකේ ඉන්නේ එකයි. මට උන්ව දිරවන්නේ නැ.. ආත්මාර්ථ කාමී හැත්ත. campus වල විතරක් නෙමෙයි සමාජේ හැම තැනම ඉන්නවා අදුරගෙන අස්රේ කරපන්.

වෙලාවක් උබව හම්බෙන්න එන්නම්.. අපිට address ඕනේ නැ.. නම් ගම ඕනේ නැ.. මිනිස්සු දැක්කම අදුර ගන්න පුළුවන්. දවසක එනවා උබව බලන්න..

එතකන් පරිස්සමින් හිටපන්.

rmpmcreation said...

මට තාමත් හිතාගන්න අමාරුයි ඔයත් එක්ක හිටපු බොක්කක් මෙහෙම කරා කිව්වම.ඔහොම දේවල්ද මිනිස්සුන්ට වෙන්නෙ කියලා හිත හදා ගන්න.මම වෙලාවක් හොයා ගත්තා ඔයාගෙ බ්ලොග් එකේ තියෙන හැම ලිපියක් කියවන්නම.මේ කියවන ගමන්.
එලටම හිතට දැනෙන විදිහට ලියල තියෙනවා

" මාධව - மாதவ - Madhawa " said...

උඹට වෙච්ච සීන් එක කියෙව්වම දුක හිතුනා. අහක යන නයෙක් උඹේ මල්ලට වැටිලා තියෙන්නේ! අරවින්දට බඩු හම්බෙයි.. මොකද ඌ කරපුවට කවදහරි හම්බෙන්නෙ ඌටමයි!

උඹ ඔල කොල්ලෙක් බොක්කෙන් උදව් කරලා තියනවා. සර්පයෙක්ට උනත්.....

ගීතක - ඇත්ත කතා...!!! said...

පුදුම කාලකණ්ණියෙක් මල්ලි උඹේ යාලුවා... ඌ ඔහොම හිටියට කවදාවත් උගේ හිතෙන් අයින් කරන්න බැරි වෙයි ඌ නිසා කොල්ලෙක්ගේ ජීවිතේට වෙච්ච දේ!

හිත හොඳ මිනිස්සුන්ට වරදින්නෙ නෑ බං... :)

Floor Plan for Estate Agents said...

malli me una dei eskolen elawapu ekai erenna anik godak ewwa matath wela thiyanawa..oitath wada dewal wela thiyenawa..hemadeyakma wenne hodata machan.eda e wage deyak nownanm samaharawita umba ada methana neme enne..balahan umbata kochchara lassanata liyanna puluwanda???hemotama ewwa be..anika umbata weradila nene..umba dapu post godak mama kiyewwe.okkoma harima lasanai.

Anonymous said...

Good things that you did always going away but will return to you, Bad things will include to your shadow.......your good will help you back someday......
But keep in mind, so far as you doing good, even your slight bad will emerge like "bright light give dark shadow......"

<<<<<<.-------World runs on Balance theory ----->>>>>>

AsK

පන්සල් හංදිය said...

හිතන්න එපා බං ඕවා ගැන, මමත් ඔය වගේ නො‍. 1 බුල්ටො ටොපි කාලා තියනවා, අන්තිමට වලිය එකෙක්ගෙ කර ගහන්නෙ අපි ....

Anonymous said...

niyamai... sandaru..... uba ekak hari arunta gahuwane ... mage hithatath.... santhosai... eth... ARAVINDA NAM UPSETMA PORAK ganan ganna epa ....

Sanjeewa Kanchana said...

අපිට හම්බවෙන ගොඩක් යාළුවො ඔහොම තමයි මල්ලි.හිතාගන්න බැරි විදියට වෙනස් වෙනවා.ඒ අය තේරුම් ගන්න හරිම අමාරුයි.මගෙත් හොදම යාළුවා හිතාගන්න බැරි විදියට වෙනස් උනා.ඔයාගේ ලිවීමේ හැකියාවට මම සුභ පතනවා.ජය වේවා!

Evil Assassin said...

එක දිගටම කතා 03ම කියෝගෙන ගියා. හුස්ම ගන්නවා වත් දැනුනේ නෑ.
සඳරුවා.. උඹ නම් යාලුවෝ අතර නොම්මර එකේ යාළුවෙක්.
මට ඉං එහාට කියන්න දෙයක් නෑ.

උඹට හරි යනවා පුතා. වරදින්නෙ නෑ කවදාවත්.

නවෝ

shaminda said...

මචන් කියන්න දෙයක් නැ.....කතා කියෙව්වටට කොමෙන්ට් කොරන්න යන්නනේ නැ මම,එත් මේ කතාව කියවල ඉවර වෙනකොට හිතට ආපු තරහට මේ ටය්ප් කලේ........උබ වගේ යාලුඑවෙක් මට නැති එක ගැන මම දුක්‌ වෙනවා.........සිරාවටම,සිරාවටම

warna said...

මේකට මොනවත් ලියන්න හිතෙන්නෙ නෑ මල්ලි

sanduni premaratne said...

මේක නම් කියෙව්වම තරහයි දුකයි දෙකම! ගහනකොට පැත්තක හිටපු එක නම් කමක් නෑ කියමු... තමන්ගෙ වැරැද්ද අනුන්ගෙ පිට පටවපු එක! අන්තිමට ලව් එකත් ඉවරයි...සඳරු ගෙ ඉස්කෝල ගමනත් ඉවරයි!

ඉස්කෝලෙන් පිට වෙලා ආව දවසෙ පාප මිත්‍රයට කනට දෙකක් දුන්න නම් හරි...

The Modern Patriot said...

මචන්..උඹ ඇයි ඔය බූරුවට කන පැලෙන්න එකක් ගැහුවේ නැත්තේ? එන කේන්තිය නම් කියල වැඩක් නෑ. මම නම් ඉදල හිටල හරි බුදුන් වදිනකොට 'මාමේ බාල සමාගමෝ..' ගාථාවනම් කියනවමයි. මොකෝ දරාගන්නම බැරි දුකක් දැනෙන්නේ බොක්කම වගේ හිටපු එකෙක් මෙහෙම කලාම.

sajith udayanga said...

kaalakanni koheth innawa sandaru ayye. godak dewal igena gaththa.

sajith udayanga said...

ay bn kana pelenna ekak gehuwe neththe?

රෝසිකා නිශාන්ති said...

ape sithuwili hoda nam apita waradinne ne , oya me liyana blog aka thama oyage jiweethe labapu lokuma jaya , campus nogiyata oyata jiweethe godak dewal igena gena thiyenawa , digatama liyanna , wish u all the best aiya

Umesh I. Hewavitharana said...

උෟට වෙෙර කරන්න යන්න එපා මල්ලියේ (මම හිතන්නේ උඹ මට මල්ලි වෙන්න අැති). දැනටත් උඹ උෟව අත අැරලා දාලානේ තියෙන්නේ. වෙෙරකරනවා කියන්නෙත් එක්තරා විදිහක සම්බන්ධතාවයක්නේ. ඔය වගේ මිනිස්සුත් එක්ක ඒකත් එපා. අැත්තටම මට හරිම කණගාටුයි. උඹට හොද හිතක් තියෙන්නේ.

Post a Comment

Comment නොකලට මගේ හිතේ කහටක් නෑ කවදාකවත් !...මේ තත්පරෙත් ඔබට වටින බව මම හොඳටම දන්නවා ..

ජය වේවා !!