19.5.11

ත්‍රීවීලර් අයියාගේ කැම්පස් ලවු එක .


      මට මතක විදිහට එදා සිකුරාදා දවසක් . වෙලාව හරියටම දහයයි තිහට විතර ඇති.. අටහමාරට පටන් ගත්ත පන්තියක් ඉවර කරලා ප්‍රොජෙක්ටර් එකත් නිවාගෙනම මම කාමයෙන් එළියට ආවා .හොඳට දැකලා පුරුදු කෙනෙක් එළියේ තණ කොළ ගොල්ලේ වාඩි වෙලා ඉන්න හැටි මම ඒ මොහොතේ දැක්කා ..ජනේලයේ වීදුරුව අතරින් තව වතාවක් මම එබිලා බැලුවා කවුද මේ ? මම හිතුවා හරි .. හිටියේ රෝහණ මගේ ගමේ ඉන්න මම දන්න අඳුනන අයියා කෙනෙක් ..

"රෝහණ අයියා මොකද මේ පැත්තේ .? මොකද බං බිම ඉඳගෙන යමං අර ඇතුළේ ඕන තරම් පුටු තියෙන්නේ ! ගිහිං ඉඳ ගමු ..යං !

පොඩි එකා වගේ බිම වාඩි වෙලා හිටපු රෝහණ යන්තම් වත් හෙලවුනේ නෑ .

බෑ බෑ මල්ලී උඹලෑ බොස් ඉන්නවා මට බෑ ඇතුළට එන්න .

"එහෙනම් ඉතින් ඔතනින් නැගිටලා කතා කරපංකෝ .අර ළමයි බලං ඉන්නවා බං "

රෝහණ නැගිට්ටා නැගිටලා මගේ කරට අතක් දාගෙනම එයා ආපු කාරණාව මට කියන්න පටන් ගත්තා රෝහණ එදා ඒ කියාපු හැම වචනයක්ම මට මතක විදිහට මම පහතින් ලියන්නම් ..
"මල්ලී මට ලොකු උදවුවක් ඕන ! මට ෆේස් බුක් එකක් හදලා දියං ! නිකං නෙවේ මම සල්ලි දෙන්නම්. උඹගෙන් හැර මම ඉතින් වෙන කාගෙන් මේ උදවුව ඉල්ලන්නද බං . බෑ කියල නම් කියන්න එපා කොල්ලෝ.. මම මගේ විස්තර ටික සේරම ගෙනවා" ..
සාක්කුවේ දාගෙන හිටපු ලක්ස්ප්‍රේ පැකට් එකක් එළියට අදින ගමන් රෝහණ කියාගෙන ගියා . මට හිනහ ගියේ නෑ . මොකද කියනවානම් රෝහණ අයියා අද ඉන්න තත්වය මම හොදාකාරවම දන්නවා .මම හිටපු තැන කියවන ඔයා හිටියනම් රෝහණගේ මේ වචන වලට ඔයා හොඳටම හිනහ වෙනවා සිකුරුයි .

රෝහණ අයියේ ඇයි බං එකපාරටම ෆේස් බුක් එකක් මේ හදිස්සියේ ?
"මට මධූකා ගැන විස්තර ටිකක් දැනගන්න ඕන මල්ලී ..ෆේස් බුක් එකෙන් ඕන කෙනෙක් ගැන විස්තර දැනගන්න පුළුවන් නේ . මට ඕන ඒකි දැන් කොයි වගේද කියලා බලාගන්න .ඒකිටත් ෆේස් බුක් එකක් තියනවාලු මල්ලි .අනේ මටත් එකක් හදලා දියං .මට ඒකිව බලන්න ඕන මල්ලී ආයෙම වතාවක්.
කවුද මේ මධූකා ? මම එයා ගැනත් කෙටියෙන් කියන්නම් .මධුකා කියන්නේ අපේ ඉස්කෝලෙම අපිට වඩා පන්ති කිහිපයක් ඉහළින් හිටපු යන්තම් ලස්සන කෙල්ලෙක් .මට මතක විදිහට ඉස්කෝලෙන් වඩා හොඳින්ම ඉගන ගත්ත කෙල්ල තමයි මධූකා . අපි පහළ පන්තිවල ඉන්නකොට මධුකා ශිෂ්‍ය නායිකාවක් . ගුරුවරියක් නැති සමහර දවසට එයා අපේ පන්තිත් බලා ගත්තා . ගුරුවරුන්ගේ ආදරය දිනාගත්ත ඒ වගේ කෙල්ලෙක් ඉස්කෝලෙම නැති තරම්..
රෝහණ ඒ දවස්වල ත්‍රීවීලර් එකක් එළෙවුවා . ඉස්කෝලේ බාලාංශ පන්තිවල පොඩි ළමයින් කීප දෙනෙක්ව උදේට ඉස්කෝලෙට එක්කරගෙන ඒමත් හවසට ආයෙත් ගෙවල් වලට ගෙන යාමත් එයාගේ රාජකාරිය උනා . මෙන්න මේ අතරේ ගේට්ටුව ළඟ ළමයින්ව පෝලිමට පිළිවෙළට එළියට යවන .වගකීම පැවරිලා තිබුණේ අපේ ඉස්කෝලේ ශිෂ්‍ය නායක නායිකාවන්ටයි. ඉතින් ඉස්කෝලේ ඇරෙන වෙලාවටත් , පටන් ගන්න වෙලාවටත් මධූකා අක්කා හිටියේ ඉස්කෝලේ ගේට්ටුව ළඟින්මයි ..
ආදරේ ඇති වෙන්නේ මහ පුදුම විදිහටලු . සමහර විට එකම එක බැල්මකින් උණත් ආදරේ ඇතිවෙන්න පුළුවන් කියලා මම අහලා තියනවා . ඉතින් ඒක නිසා උදේ හවා දකින රෝහණයි මධූකායි දෙන්නා ආදරේ කරන්න පටන්ගත්ත එකට මම අද පුදුම වෙන්නේ නෑ . දෙන්නා කොහොම ආදරේට මුල පිරුවද කියන්න මම දන්නේ නෑ . මුල්ම දවස් වල මේ ආදර කතාව මුලු පාසලටම අලුත් ආරංචියක් උණා .පොඩි පොඩි ළමයි පවා මේ ගැන කතා වෙච්ච හැටි . මධුකා අක්කගේ ශිෂ්‍ය නායක බැජ් එක ගලවපු හැටි . සිද්ධ වෙච්ච හැම දෙයක්ම මට හොඳටම මතකයි .
මොන කරදර බාධක මැද්දේ උණත් දෙන්නගේ ආදර කතාව ලස්සනට ගලාගෙන ගියාලු .ඒත් ඒ අදර කතාවට කණකොකා හැඬුවේ මධූකා අක්කා කැම්පස් තේරුනාට පස්සෙලු..ගමේ අය කියන්නේ එහෙමයි . ඇත්තටම මධූකා අක්කගෙ ගෙදරින් මේ සම්බන්ධයට විරුද්ධ උණේ නෑ ...ඉතින් රෝහණ අයියා දහසක් බලාපොරොත්තු තියාගෙන හිටියා මධූකාව තමන්ගේ ගෙදරට කැන්දගෙන එන්න .ඉස්සර එයාගේ ත්‍රී වීලර් එකේ ඉස්සරහින් ලොකුවට "ජීවිතේම ඔබයි මධූකා" කියලා ලියාගෙන හිටියා මට ඒක අද වගේ මතකයි


ඉතින් කොහොමින් කොහොම හරි මධූකා අක්කා කැම්පස් ගියා . මධූකාව නිවාඩුවට ගෙදර එක්කරගෙන ආවේ ,ආපහු කැම්පස් එකට එක්කරගෙන ගියේ , එයාට වියදම් කරේ මේ සේරම දේවල් කරේ රෝහණ . ඒත් කොහොමහරි . කැම්පස් එක ඇතුළේ හිටපු කොල්ලෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන හිටිය මධූකා අක්කා කැම්පස් එකෙන් අවුට් වෙලා සතියකට විතර පස්සේ ඒ කොල්ලව කසාද බැන්දා .රෝහනව අත ඇරලා දැම්මා !

ඉතින් රෝහණ අයියට මොකද උණේ ?
මුලින්ම රෝහණ මේ කිසි දෙයක් දැනං හිටියේ නෑ ...එයා තමන්ගේ ගෙදරට නිතරම බඩු මුට්ටු එහෙම ගෙනවා . අල්මාරි, ඇඳන්, ටීවී එකක් ඔන්න ඔයවගේ දේවල් ගෙනවා .එයාට ඕන උණේ මදූකාව සතුටින් තියන්නම විතරයි .මධූකා හොරෙන් කසාද බැන්දා කියලා දැනගත්තාම රෝහණ ඔල්මාද කාරයෙක් උණා .

ඔල්මාදෙන් හිටි රෝහණ එයාගේ ළඟින්ම හිටපු ත්‍රී වීලර් එක විකුණලා දැම්මා .පාරේ යන මිනිස්සුන්ට කොල්ලන්ට ඒ සල්ලි වලින් බඩු අරගෙන දුන්නා .ඇත්ත ! අපේ ගමෙත් ඉන්නවා මහ පෙරේත ඩයල් . උන් මේ අසරණ මිනිහව රවටලා සල්ලි අරගත්තා .සමහරු නම් ඒ සල්ලි ආයෙමත් රෝහණගේ ගෙදරට ගිහිල්ලා දුන්නා . කාටවත් රෝහනව සනීප කරගන්න ඒතරම් උවමනාවක් තිබුණේ නෑ .සමරු නම් කීවා "ඔය ඕකා කරන්නේ බොරුවක්" කියලා .ඒත් මම හොඳටම දන්නවා අද රෝහණ මානසික රෝගියෙක් වෙලා කියලා .

"රෝහණ වරෙංකෝ අපි තේකක් බොන්න යන්න .
මම රෝහණව එක්කරගෙන ළඟම තිබුණු තේ කඩේට ගියා .මේ අසරණ මනුස්සයාගේ සල්ලි වලට විදින්න මට ඕන කමක් නැති නිසාම මම කඩේට ගොඩ වෙනකොටම මුදලාලිට සල්ලි දුන්නා ..

තේ බොන අතරේ රෝහණ මගෙන් ප්‍රශ්නයක් ඇහුවා .

මල්ලී උඹගේ කෙල්ලත් දැන් වෙන එකෙක් එක්කලු නේද උඹට දුක නැද්ද ?

"අපොයි ඔවු බං දැන් කොච්චර දවස්ද ? මමනම් ආයේ ඔය ගැන යන්තමටවත් හිතන්නේ නෑ ..ගිය එකී ගියාවේ මට යන්තම්වත් දුක නෑ

මල්ලී මම දන්නවා උඹ ඒකිට ලවු කරේ බොක්කෙන්ම නෙවේ කියලා !

"බොක්කෙන්ම ලවු කරා කියලා අපිට මොනවද බං ලැබෙන්නේ ?. රෝහණ අයියේ උඹත් ඔන්න ඔය පරණ දේවල් අමතක කරලා දාපන් . ආයේ කවදාකවත් ඕව ගැන හිතන්න එපා .

අනේ අනේ මට බණ එපා බං මට ෆේස් බුක් එකක් හදා දියංකෝ !

"උඹ හෙට වරෙං මම හදලා දෙන්නම්. හැබැයි ෆේස් බුක් හදාගන්න කියලා උඹ කාටවත් සල්ලි එහම දෙනවා නෙවේ ඒක සතයක්වත් වියදම් නොවෙන වැඩක් හරිද" බැරිම තැන මම කිවුවා

රෝහණගේ ඉහේ මලක් පිපුණා වගේ හිටපු ආදරවන්තියව. කාලෙකින් දැක බලාගන්න ලැබෙන එක ඇත්තටම සතුටක්ද ? මට නම් ඒක මහ එපා කරවන හැඟීමක් . ඒත් රෝහණට ඒක මහමෙරක් තරම්.

මල්ලී බස් එකක් එනවා .. මම ඉක්මනට යන්නම් උඹ මගේ මේ විස්තර ටික ගනිං මම හවසට එන්නම් මේව අරගෙන යන්න .
තේ කෝප්පේ තේටික සේරම උගුරට හලාගත්ත රෝහණ පරණ හිස් කිරිපිටි පැකට් එකක් මගේ අතට දීලා දුවලා ගිහිං බස් එකේ ෆුඩ් බෝඩ් එකේ එල්ලුණා .. මම ඒ මල්ල ඇරලා බැලුවා .ඒකේ තිබුණ දේවල් දැකපු මට මහා ලොකුවට නොවුණත් යන්තමට දුකක් දැනුණා .


දන්නවද ඒ මල්ලේ තිබුණේ මොනාද කියලා ?
.රෝහණගේ අයිඩී කාඩ් එකේ ෆොටෝ කොපියකුයි .රියදුරු බලපත්‍රයේ කොපියකුයි ... .. තව දෙයක් තිබුණා ..ඒක ෆොටෝ එකක් . "ජීවිතේම ඔබයි මධූකා" කියන නම ගහපු ත්‍රී විලර් එක ඉස්සරහා ඉඳගෙන රෝහණ අයියා ගහපු ෆොටෝ එකක් !

එදා හවසම මම රෝහණගේ විස්තර දාලා ෆේස්බුක් ගිණුමක් හැදුවා ස්කෑනර් එකක් හොයාගන්න බැරි වෙච්ච හින්දා රෝහණ දුන්න පින්තුරේ නම් මට ෆේස් බුක් එකවුන්ට් එකට දාගන්න බැරි උණා..ඉතින් මම ත්‍රීවීලර් එකක රූපයක් අරගෙන ඒක ප්‍රොෆයිල් පින්තූරේ විදිහට හැදුවා ... පින්තූරේ තමයි ඔය උඩින් තියෙන්නේ


මට රෝහණ ගැන ඇත්තටම දුකයි .ගමක ජීවත් වෙන ගොඩක් කොල්ලොන්ගේ ජීවිත ඔය වගේ .ආදරේ කරන්නේ එකම කෙල්ලෙකුට විතරයි .එක කෙල්ලෙකුට හදවතින්ම ආදරේ කරාට පස්සේ තව කෙනෙක් ගැන හිතන්න තබා බලන්නත් සමහර ගැමියොන්ට බෑ . ඒක මෝඩකමද , අවංක ආදරයද, නැත්තං ගොඩේ ගතියද කියලා කියන්න මම දන්නේ නෑ ..


පොඩි එකෙක් වගේ අඬ අඬා.හවසට කසිප්පු බීගෙන. හන්දියේ ඇවිදින රෝහණ .මගේ ගමේ ඉන්න අමුතු මිනිස්සු අතරේ තවත් එක් චරිතයක් විතරයි ! ඒත්.ඇයිද කියලා දන්නේ නෑ. තවමත් ගමේ මිනිස්සු රෝහණට එදා වගේම හොඳින් සලකනවා .! මගුලකට මරණෙකට රෝහණව අපිට නැතුවම බෑ .රෝහණ අපිත් එක්ක ඉන්න ඉන්න අපේම එකෙක් හැමදාමත්.


දේවුදාස්ලා.ටයිටැනික් ෆිල්ම් එකේ කොල්ලා එහෙම නියම ආදර වන්තයෝ ලු. ඒත් රෝහණත් එක්ක බලද්දී උන් මොක්කුද ? බොක්කෙන්ම ආදරේ කල හින්දා මුලු ජීවිතේම විනාශ කරගත්ත කෙනෙක්ව කාටහරි බලන්න ඕන නම් ..එන්න මගේ ගමට .බෙල්ලේ වම් පැත්තේ "මධූ" කියලා පච්චයක් කොටාගෙන ඉන්න රෝහණව හොයාගන්න එක ඔයාට ඒතරම් අමාරු වෙන එකක් නෑ ..


:ලි. නගරේ ආදරේ වගේ දියාරු නෑ. ගමේ ආදරේ ටිකක් විතර ගණකමයි. (සීරියස්) ..ඒක නිසා ඔබ කෙල්ලෙක් නම් ගමේ කොල්ලෙක්ව රවට්ටන එක කවදාකවත් කරන්න එපා ! .


නම් ගම් මනංකල්පිතයි !

Image [http://us.123rf.com/400wm/400/400/tillydesign/tillydesign0805/tillydesign080501240/3390300-illustration-of-a-three-wheeler-auto-rickshaw.jpg]

49 comments:

පන්සල් හංදිය said...

ඇයි අපිට ලැබෙන ආදරේ වගේ දෙයක් හැමදාමත් අපි ලඟ තියෙන්න ඕන කියලා හිතන්නෙ ....... මම හිතන විදියට ආදරේ වගේ දෙයක් ගැන උපේක්ෂාවෙන් බලනවා නම් හිතේ අමාරු ඇති වෙන එක අඩු කර ගන්න පුලුවන් .........

Dinesh said...

ඇත්තටම කියවද්දි දුක හිතුනා මල්ලී.. මධු එකපාරම එහෙම වෙනස් උනේ ඇයි කියන්න දන්නෑ.. ඒත් එකෙන් උනේ එක ජීවිතයක් නාස්ති උන එක.. රෝහණ ෆේස්බුක් එකේ මධුව හෙවුවත් ඇත්තටම මධු ඒකේ ඉන්නවද?? පුළුවන්නම් මල්ලී ඊට පස්සේ උන ටිකත් තව පෝස්ට් එකකින් දාන්න.. මම ඇත්තටම කැමතියි ඒ ගැන දැනගන්න...

Anonymous said...

හැම අවංක කොල්ලාට ම අවංක කෙල්ලෙක්ම ලැබෙන්නේ නැ අයියේ..එ වගේම අවංක කෙල්ලෙක්ට එ වගේ හොද ගතිගුණ තියෙන කොල්ලෝ නැ.. සමහර මිනිස්සු ඉන්නවා ආදරේ කරද්දි මහා හුගක් අවංකයි..හරියට මේ රෝහණ වගේ..එත් එ මිනිස්සු එ ආදරේ නැති උනාම කොහොමහරි වාවන් හිත හදා ගන්නවා..එත් ටික දෙනෙක්ට එහෙම කරන්න හරි අමාරුයි..එ මිනිස්සු ගොඩක් මානසිකව කඩන් වැටෙනවා... ඉස්සර අපි කියනවා ඔහොම කලාම ඔවාට මේ ලෝකේදිම පඬිසන් දෙයි කියලා..බලන් යද්දි එවත් බොරු ..බොරු කරපු මිනිස්සු සතුටින් ඉද්දි අර අච්චර අවංක වෙච්චි රැවටුනු මිනිස්සු පිච්චෙනවා..එත් එකම දෙයයි තියෙන්නේ අයියා හෘද සාක්ශියක් කියලත් දෙයක් තියෙනවා නේ..කොයි දෙයින් බේරුනත් එ ඩේයින් නම් බේරෙන්න බැරි වෙවි....

Thusitha (දිමා) said...

තවත් එක් ආදර කතාවක්...

D.G.M බස්සා said...

කතාව කියවලා ඉවර උනාම මාව කරකවලා අත්හැරියා වගේ දැණුනා. හරිම ලස්සනට ලියලා තියනවා, පුදුම දුක හිතෙන කතාවක්නෙ. ඕක තමයි යථාර්තය. තමන්ට නොගැලපෙන සමාජ තත්ත්වයක කෙනෙක් එක්ක සම්බනධකමක් ඇතිකර ගත්තාම ගෙවන්නෙ වෙන ගාස්තුව. මේ සැන්තෑසිය මං ජීවත් වෙන මේ රටට නං අළුත් දෙයක් නෙමෙයි. එයාල ඒකට නමකුත් කියනවා, "Turkey Dump" කියලා.High school sweetheartලා ගෙන් එක්කෙනෙක් කැම්පස් ගියාම ඊලඟට එන "Thanksgiving" එකට ඇවිත් බූට් එක දෙනවට කියන වචනයක්. Thanksgiving එකට තියන අනිවාර්ය කෑමක් තමා turkey, ඒකයි එහෙම කියන්නෙ.

මේ කොච්චර බණ කිව්වත්, අපිත් දැන දැනම, අර පහන් දැල්ලට වශිවෙන පළගැටියො වගේ ඕකට අහුවෙනවා. ඕන කෙල්ලෙක් අහල බලන්න, කියයි, "අනේ, මං නං එහෙම නෑ" කියලා. ඒත් අවසානෙ ඔය සිංදුවම තමා. මුලදි එහෙම නූනත්, පහුවෙලා හරි ප්‍රශ්ණ මතුවෙනවා.

//නගරේ ආදරේ වගේ දියාරු නෑ. ගමේ ආදරේ ටිකක් විතර ගණකමය//. ඔයා ඇත්තටම එහෙම හිතනවාද? මමත් හැමදාම හිතුවෙ එහෙම තමා. මාත් හැදුනෙ වැඩුනෙ පුංචි ගමක්. ඒ උනාට නගරෙ කෙල්ලො අපිව බය කරනවනෙ, "හුහ්, හිතන්නෙ ගමේ කෙල්ලෝ හරි හොඳයි කියලද? ගිහින් ගිලල එන එකයි ඇත්තෙ ගමේ හැලප" කියලා.

Chanaka Aruna Munasinghe said...

සංවේදී කතාවක්. මමනම් තවම කාත් එක්කවත් I Love You වෙලා නෑ

කතන්දර Kathandara said...

සිත සලිත වෙන කතාවක්. මේ වගේ කතා කීපයක්ම පසුගිය දිනවල දැක්කා.

බූට් එකක් වැදුණාම සිත සැලෙනවා තමයි, නමුත් දිගුකාලීන ඩැමේජ් එකක් වෙන්නේ එහෙමත් කෙනෙකුටයි. නැත්තම් මේක තනිකර මානසික රෝගී වාට්ටුවක් වෙන්න එපායැ.

සමහරවිට පරම්පරාවෙන් පරාවට දියුණු වෙන ජානයක් ඇති. දැන් නගරයේ ඉන්න අයගේ කලින් පරම්පරා ගමේ ඉඳිද්දී ඔය සීන් එක තියෙන්න ඇති.

රොබින් said...

මල්ලී නගරේ හැමෝගෙම ආදරෙත් දියාරැ නෑ. ලෝකෙ කොහෙත් ආදරේ ඝණකම තීරණය වෙන්නේ පුද්ගලයා මත. ඉන්න තැන මත නෙවෙයි.

"මිනිහෙක්ව වෙනස් කරන්න සල්ලි වලටයි පරිසරයටයි බෑ, ඒත් ඇත්ත මිනිහව එලියට ගන්න සල්ලි වලටයි පරිසරයටයි පුළුවන් "

කොහොම වුනත් සංවේදී කතාවක්.

Anonymous said...

ela kathawa

iresh said...

බොක්කටම වැදුනා මචං, කාලෙකින් කියවපු සිරා කතාවක්, සිරාවටම රොහන ගැන දුකයි බං,

MaRLaN said...

:/ :(

සමනළී... said...

හම්.....මොනව කියන්නද මන්ද...ආදරය පුදුමාකාරයි....

Unknown said...

patta

සුපර් මාරියෝ said...

හ්ම්... දුක හිතෙන කතාවක්..

රොහන අයියා ඉක්මන් උනා වැඩ්යි නේද, කැම්පස් ගිහිපු එක්කෙනෙක් ත්‍රීවිල් කාරයෙක්ව කවදාවත් බදින්නේ නැ නේද.. ඒ සමාජ විද්‍යාව.. යුරෝපයේ නම් එහෙම දේවල් වෙන්න පුලුවන් ඒත් අපේ වගේ රටක...?

මේ වගේ කතා මම කීපයක් ම අහල තියනවා.. කොල්ලට වඩා කෙල්ල හොද තැනකට ‍ගියොත් බොහෝ වේලාවට ලව් එක ඉවරයි.. ඒත් හැම වෙලාවෙම නෙවෙයි....

sudaraka said...

මොනවා කියන්නද කියලා මට හිතාගන්න බැහැ.හුගක් කනගාටුයි.ඒත් බුදු හාමුදුරුවෝ කියූ විදිහට මැදුම් පිලිවෙත තමයි හොදම දේ.....

සංකල්පනා - රුවන් said...

තවත් එක හිස් අහසක්!

සමහරු ඕකට පලිගන්නේ ඇසිඩ් කුප්පියෙන්, තවත් අය ජීවිතයෙන්,
තව තව අය එක එක විදියට.

රෝහණ අයියා එයාගෙන්ම!

Anonymous said...

කතාව කියවලා ඉවර වෙනකොට මාරම දුකක් දැනුනේ..............
//නගරේ ආදරේ වගේ දියාරු නෑ. ගමේ ආදරේ ටිකක් විතර ගණකමයි.//
මේක නම් ඇත්ත අයියේ

පිණිබිඳු... said...

ආදරේ නගරෙ ගමේ කියලා වෙනසක් නෑ. කෙලින් හිත විතරයි වැදගත්. මඩේ තියෙන ඉන්න වගේ එහාටයි මෙහාටයි වැනන හිතක් එක්ක ආදර සෙල්ලම භයානකයි.

පිසාචයා said...

බොක්කටම වැදුනා අයියේ....!!

Anonymous said...

godak sanweidhee kathaawak... :(

Anonymous said...

ඊට පස්සෙ මොකද උනේ ? .... , ආදරය කියන්නෙ බැදීමක් හේතුව ඒකයි................ ( sameera )

Podi Kumarihami said...

මට නම් හිතෙන්නේ නගරේ උනත්, ගමේ උනත් ආදරේ ආදරේමයි. මිනිස්සු මිනිස්සුමයි. එක කෙල්ලක් එහෙම කලාට කෙල්ලෝ හැමෝම එහෙම නෑ. එක කොල්ලෙක් එහෙම කලාට කොල්ලෝ හැමෝමත් එහෙම නෑ.

කතාව හොඳටම් හිතට වැදුනා සඳරූ. හරිම දුකයි.

Dakshina said...

දැන් දැන් උඹ ලියන කතා හිතට වදිනව වැඩී බං... ඒ වුනත් මේ ලියන විදිහ බොහොම හොඳයි. ඇත්ත ඇත්ත විදිහටම ලියන හින්දා වෙන්න ඇති.

ayesha said...

අපූරු කතාව

Ravi said...

වෙනද වගේම අපූරුවට ලියල තියනවා සඳරු මල්ලි,

ඔය විරහව මත්තෙම ජීවිත කාලෙම දුක් විඳින එක ගැන මට තියෙන්නෙ මෙහෙම අදහසක්. පිරිමි ගැහැණු ඔය හැමෝම මල්ලි විවිධාකාරයි, ඒ වගේම තමා ඒ අයගෙ අදහස්, හැඟීම් සිතුවිලි. එව්වත් දෙන්නෙක් ගත්තොත් අහසට පොළව වගේ.

රෝහණ ඒ කෙල්ල මත්තෙම ජීවිතේම කැපකරපු එක සමහරවිට අපිට විහිලුවක් වගෙ උනාට ඒක ඒ මනුස්සයට විහිලුවක් නෙවෙයි. ඒක එයාගෙ ජීවිතේ.ඔය වගෙ දෙයක් සිද්ධ උනාම මනුස්සයෙක් අනුගමනය කරන ක්‍රම කීපයක් තියෙනවනෙ සඳරු.

එක තමයි කෙල්ලට හිරිහැර කරන එක. සමහරවිට ජීවිත හානි පවා.

දෙක අනේ උඹට හොඳනම් මට මොකෝ කියල ජීවිතේ අලුතෙන් පටන් ගන්න එක.

තුන තමයි ඔය රෝහණගෙ මොඩල් එකේ කට්ටිය. ඒ අය තමයි දුර්ලභ. ගොඩක් වෙලාවට වෙන්නෙ අවශේෂ උදවිය ඒ මනුස්සයව තේරුම් නොගන්න නිසාම සමාජයෙ විහිලුවක් බවට පත් වෙන එකයි.

මේ වගෙ වෙලාවකදි මනුස්සයෙකුට වැදගත් වෙන දේවල් මල්ලි තුනක් තියෙනවා.

1. හිත 2. හිත 3. හිත

හිතම තමයි ඔය ඔක්කොටම මුල. හිත කීකරු කර ගත්තනම් හරි. ඒත් මල්ලි බැරිමදේත් ඒකම නෙව. ඔන්න වෙලාවක රෝහණ ගෙන්ම අහපන්. අනිවා මෙහෙම කියයි. " මමත් දන්නවා බුදු මල්ලියේ, ඒත් මයෙ හිත මට වාවන්නෙ නැහැ, මොකදෑ ඉතින් කොරන්නෙ? මම ලබා උපන් හැටි තමයි "

උඹේ ලිවිල්ල නම් මාරයි. කියල වැඩක් නෑ. පපුවටම වදිනවා.

තාරක Dilsh@n said...

වදින කතාවක් මචං.
රෝහණල තව කී දෙනෙක් මේ සමාජෙ ඉන්නව ඇත්ද...

නදී said...

ගොඩක් සංවේදී කතාවක්.

neetha said...

//නගරේ ආදරේ වගේ දියාරු නෑ. ගමේ ආදරේ ටිකක් විතර ගණකමයි.ඒක නිසා ඔබ කෙල්ලෙක් නම් ගමේ කොල්ලෙක්ව රවට්ටන එක කවදාකවත් කරන්න එපා//

ඒත් සඳරූ මධූකත් ගමේ කෙනෙක්නේ? හොඳ ගෑණු ලමයිනුත් ඉන්නවා, හොඳ පිරිමි ලමයිනුත් ඉන්නවා.හිත කියන එක වෙනස් වෙන දෙයක්නේ ඒ නිසා මේවගේ දේවල් වෙනවා.නගරේ , ගමේ කියලා වෙනසක් නැහැ. රෝහණ ගොඩක් සංවේදී නිසා හිත හදාගන්න බැරිව යන්න ඇති.
" සඳරූ ඔයා හරි ලස්සනට ලියනවනේ "

හා පැටික්කි (MS) said...

අනේ මංදා........ ඔය අක්කා කලේ ආදරේමද????

හිස් අහස said...

@කල්හාර දිසානායක= ඒ කතාව හරි ඒත් මචං සමහරුන්ට ඒක තේරුම් කරලා දෙන්න අමාරුයි.ඒක තේරුම් කර ගන්න බැරි අය තමයි රෝහණ වගේ දුක් විඳින්නේ ..ස්තූතියි මචං අදහසට
......................................................................................................................................................
@Dinesh = මධූ අක්කා ගැන මම දන්නේ බොහොම ටිකයි මම එයාව පොඩි කාලේ දැක්කට පස්සේ ආයේ දැක්කේ නෑ කවමදාකවත් . එයා බැන්ඳේ කාවද දැන් ඉන්නේ කොහේද ඒ කිසිම දෙයක් මම දන්නේ නෑ සමහරවිට එයාටත් හේතුවක් තිබුනා වෙන්න පුලුවන් නේද ?
......................................................................................................................................................
@නිම්ශා = මමනම් කියන්නේ ආදරේදී අවංක වෙන්න ඕන ඒත් ඕනවාට වඩාත් අවංක වෙන්න ඕන නෑ නේද ? එතකොට නැති ප්‍රශ්න ඇතිවෙනවා නංඟෝ ..රෝහණ හොඳයි අවංකයිවැරදි නැතුවාම නෙවෙයි ඒත් ආදරේ කියන්නේ මොකද්ද කියලා එයා ඇත්තටම දැනං හිටියා ..ස්තූතියි ඒ වටිනා අට්සට
......................................................................................................................................................
@Thusitha Jayasinghe = :( පැරදුනු ආදර කතාවක් නේද මචා ?
......................................................................................................................................................
@D.G.M බස්සා = බස්සා ඔයා අද තමයි මේ බ්ලොග් එකට ආවේ නේද . ඔයා දීපු වටිනා කියන ඒ අදහසට ගොඩක් ස්තූතියි .මමත් කවම දාකවත් කැම්පස් යන කෙල්ලෙක් එක්ක යාළු වෙන්න හිතන්නේ නම් නෑ ඒක නිකං අපිව විහිං ගිනි තියාගන්නවා වගේ වැඩක් .ගමේ කෙල්ලෝ සමහරක් ඇත්තටම අවං කයි මචං ඒ ඇවිල්ලා උං හැදුනේ වැඩුනේ ගේ ඇතුලේම වීම නිසා සමහර කොල්ලොත් එහමයි .හැබැයි ඉතිං ඒ අතරේ දෙන්න බලාගෙන ඉන්න කෙල්ලෝ එහෙමත් නැතුවම නෙවේ .. ස්තූතියි මචං ..
......................................................................................................................................................
@Chanaka Aruna Munasinghe = මකරට ඉක්මනට හොයාගන්න වේවි නේද "අලයි ලූනුයි" කියන්න කෙනෙක්ව
......................................................................................................................................................
@Kathandara = කතා ගෙන් එහෙම ප්‍රසන් සාවක් අහන්න ලැබීම රටක් වටිනවා ස්තූතියි කතා ! ආදරය කියන දේ තමන්ගේ ලෝකයම කරගත්තොත් අයියේ එයාට සොරිම තමා .ගෙවල් ඇතුලේම හැදුන අයට ගොඩක් ඔය මූඩ් ෆික්ස් කරගන්න බැරි අවුල එනවා .නෑ නෑ නගරේට ගියාම ආදරේ අප්ඩේට් වෙනවා ..එතකොට ජීවිතේ ස්පීඩ් වෙනවා ...
......................................................................................................................................................
@රොබින් = මම එහම කීවේ නාගරිකයොත් එක්ක තරහකින් නෙවේ . ගමේ ඉන්න ගොඩක් අය ගෙවල් ඇතුලේම හැදිලා පුරුදු කාරයෝ ඒ අය තමන්ගේ පලමු ආදරේ මහ මෙරක් වගේ ආරක්‍ෂා කරනවා ඒක නැති උනාම දරාගන්න බෑ.. හැබැයි සමහරු එහම නෑ .. ඒ අය තමයි ඇත්තටම රෝහණලා වෙන්නේ නාගරිකයෝ පුරුදු කාරයෝ එයාට හැල හැප්පීම් වලට මූන දීලා පුරුදුයි ..ස්තූතියි මචං
......................................................................................................................................................
@sampath= ස්තූතියි කොල්ලෝ ප්‍රසන්සාවට
......................................................................................................................................................
@iresh = උඹටත් ස්තූතියි මචා රෝහණ හැමදාමත් මෙහෙමම ඉඳීවි මම හිතන හැටියට
......................................................................................................................................................
@MaRLaN = කටේ පිට්ටුද මාලේ ?
......................................................................................................................................................
@තටු සිඳුනු සමනළියක් = ආදරය සුන්දර වරදක් කියනව නේ සමනලී නඟා ඔයා ඒක අද්දැකීමෙන් දන්නවා නේද ?
......................................................................................................................................................
@ඉසුරු = පෝස්ට් එක පට්ට හාල්ද ඉසුරු සහෝදරයා ? පට්ට ගතිද ? ගති වෙන්න ඇති

හිස් අහස said...

@සුපර් මාරියෝ = අනිවා කවදාකවත් මම වගේ එකෙක්වවත් කැම්පස් ගිය කෙල්ලෙක් බඳින්නේ නෑ ඒත් බං රෝහණට ඒක තේරුම් ගන්න බැරි උනා අපිත් හිතුවේ නෑ බං උං හිටපු විදිහට කවදාකවත් වෙන්වෙලා යාවි කියලා ..කෙල්ලෝ උඩ ගියොත් ආයේ අල්ලනවා බොරු මාරියෝ ..
......................................................................................................................................................
@sudaraka = මමත් ඇතුළුව අපේ වැඩි දෙනෙකුට තේරුම් ගන්න බැරිදේත් අන්න ඒකයි සුදාරක
......................................................................................................................................................
@සංකල්පනා - රුවන් = ඒ විදිහට පලුගන්න අය තමයි රුවන් ඇත්තටම මානසික රෝගීන් ඒ වගේ අය ආදරේ කරලා නෑ කරලා තියෙන්නේ රහ විඳලා විතරයි .. රෝහණ පලිගන්නවා තමන්ගෙන්ම හැමදාකම හැම මොහොතකම ..
......................................................................................................................................................
@බීටා = බීටා මල්ලිට අද්දැකීම් තියනවා වගේ .. අපෝ මේ උඹනම් ඕව හිතන්නේ නැතුව කෙල්ලත් එක්ක චිරාත් කාලයක් සතුටින් හිටපං
......................................................................................................................................................
@පිණිබිඳු = ගමේ අය තාම ඉන්නේ ප්‍රාථමික අවදියේ එයාල දන්න ආදරේ එක කෙල්ලෙකුගෙන් එකම ආදාරයක් හැමදාකම .. ඒත් නගරේ ඊට වඩා වෙනස් .. එක්කෙනෙක් ගියොත් ඒක අල්ලා දානවා මට හිතන විදිහට නගරේ අයගේ හිත් හයියයි ..
......................................................................................................................................................
@පිසාචයා = ස්තූතියි පිසා මල්ලී ...බොක්කෙන්ම
......................................................................................................................................................
@indik = ඔයාටත් ස්තූතියි සහෝ
......................................................................................................................................................
@Anonymous= ආදරේ බැඳීමක් ඒත් ඒ බැඳීම බෙල්ලෙට වැටෙන්නත් පුලුවන් .. බෙල්ලේ වැල දාගත්ත වගේ වෙන්නත් බැරි නෑ
......................................................................................................................................................
@Podi Kumarihami = ඒ උනාට බහුතරය එහෙමයි නේද කුමාරි අක්කේ .. ඔය අතිනුත් බූට් තැබීමේ වැඩි කුසලතාවක් පෙන්වන්නේ නගරේ කෙල්ලෝ නේද ? ගමේ අය තාම මුල් අවධියේ ..ස්තූතය‍ඉ අක්කේ ප්‍රසන්සාවට
......................................................................................................................................................
@Dakshina = ඒ ප්‍රසන්සාව මට රටක් වටිනවා මචෝ බොහොමත්ම ස්තූතියි ..
......................................................................................................................................................
@ayesha = මේක සත්‍ය සිද්දියක් අනේ ..ස්තූතියි ..
......................................................................................................................................................
@Ravi= හිත ආම්බං කරගන්න අපි කාටවත් බෑ මචං දැන් බලහං රවී අයියේ මට තාම ඒක කරගන්න බැරි උනා නේ .. මෙතැනදී ඕනවාට වඩා හිතන්නේ නැතුව හිටියානම් ..හරි ආදරේ කරා කියලා ඇඟට ගන්න ගියාම තමයි මේ රෝහණට ප්‍රශ්නේ ආවේ .ටිකක් බැනලා හූ කියලා හිටියනම් මේ හැම දෙයක්ම අමතක කරලා සතුටින් ඉන්න තිබුනා රෝහණටත් .රවී වගේ ලියන්නෙකුගෙන් මේතරම් ප්‍රසන්සාවක් ලැබීම මට මාරම සතුටක් ..ස්තූතියි .. රවී අයියේ .

හිස් අහස said...

@තාරක Dilsh@n = සහතික ඇත්ත තාරක මම දැක්කේ එක්කෙනෙක් විතරයි ..ස්තූතියි
......................................................................................................................................................
@නදී = ස්තූතියි නදී ආවටත් බැලුවටත් අදහසටත් ..
......................................................................................................................................................
@neetha = මධූත් ගමේ කෙනෙක්ම තමයි .. ඒත් එයා කැම්පස් යන්න නගරෙට ගියා මේතරම් කල් ගමේදී රැකගෙන කට්ට කාගෙන විඳ දරාගෙන හිටපු ආදරේ පරද්දන්න තරම් ලොකු දෙයක් ඒ නගරෙන් එයාට ලැබුනා .. මම හිතන්නේ එයා වරදක් කරේ නෑ එයා ගැන මම වැඩිය වොස්තර දන්නෙත් නෑ ..කවුරු වැරදිද කියන්න මම දන්නෙත් නෑ .. ස්තූතියි නීතා වලවුවෙන් එලියට බැහැලා මගේ මේ වහලක් නැති බ්ලොග් පැලට ආවට ..
......................................................................................................................................................
@හා පැටික්කි = එයා වංචා කලා කියලා මට කියන්නත් බෑ කවුද දන්නේ රෝහණ අතින් වරදක් උනාද කියලා මම එයා ගැන වැඩිය විස්තර දනේ නෑ සහෝදරී ..එයා ආදරෙත් කරා වංචාවකුත් කරා .. එහෙම නේද ?

Anonymous said...

මල්ලී උඹ අර ප.ලි ඇතුලේ දාලා තියෙන එක ඉල්ලා අස්කරගනින්. උඹ හිතන තරම් නගරේ එව්වොන්ගේ ආදරේත් දියාරු නෑ.... සමහරුවුන් ඉන්නවා... ඒ අස්සේ තව ඔය රෝහන වගේ වුනුත් ඉන්නවා.

රවින් said...

සිරාවට ලියලා තියෙනවා.. රෝහන ෆ්බ් 1ක් හදන්න කියලා ගෙනත් දීලා තිබුන ඒවා දැක්කම මාර දුකක් දැනුනේ.. ඔයාගෙ බ්ලොග් මුලටම කියෙව්වෙ අද තමයි.. ගොඩාක් හොඳට ලියලා තියෙනෙවා..

සමනළී... said...

@හිස් අහස-ඔව් අය්යා...ඒක ඇත්ත... :(

Hasitha Gunasinghe said...

ඇත්තටම දුක හිතෙන කතාවක්. කෙල්ලන්ට වුනත් මේවා හිතෙන්න ඕනේ. හුඟාක් කාලෙකට ඉස්සර අනුවේදනීය ආගිය කතාවක් කියලා මම කිව්වෙත් මේ වගේම කතාවක් තමා.............

http://aagiyakatha.blogspot.com/2010/07/blog-post.html

අපරාජිතයා :::: Aparajithaya said...

මට මෙව්වා වලට අදහස් දක්වන මානසිකත්වයක් මේ දවස් වල නැහැ බන්....... පව් අසරණයා...... ඔව්වා වලට දඩුවම් නිසි කාලේදී ස්වභාවධර්මයාගෙන්ම ලැබෙයි....

Hishan de Silva said...

"ඒක මෝඩකමද , අවංක ආදරයද, නැත්තං ගොඩේ ගතියද කියලා කියන්න මම දන්නේ නෑ .." - ඒක මනුස්ස ගතිය යාළුවා, මනුස්ස ගතිය.

Anonymous said...

geewete :aththatama mahema dewal wenawa mokade sadaru aiye matath ma wage dewal wela thiyenawa apita ahema wunata passe minissu hoyanne kiyanne ape waradi wityharai mama hari asai oyage gama balanna dawasaka mama enawa oyawa hoyagena edata mata rohana ayyawa pennanna

Anonymous said...

ජය වේවා !!

Anonymous said...

hithate danunu kathawak... Me loke thawamath aththetema adare karana minissu innawa kila danuna... Rohana wage minissunwa hadana kellante e tharam hoda anagathayak thiyewida kila kiyanna mn danne na. Eth e wage ahinsaka hith parawanna puluwan unte karanna bari dekuth na..

Anonymous said...

wow mara sensitive story 1k ayya....

Rockey_ssr said...

ගමේ ආදරේ ගණකමයි කිව්වට නගරේ ආදරෙත් ඒ වගේ තමයි... දුක කතාවක්... :(

ශශී said...

කතාව කියෝගෙන ඇවිල්ල "ජීවිතේම ඔබයි මධුකා" කියල පලවෙනියටම ලියවිල තියෙන තැනදි මට මොනාදෝ උනා :\
රෝහණය ෆේස්බුක් ඉන්නවනම් අපිවත් ඇඩ් කරන්න කියපන් අපි එක අ බෝට්ටුවෙ කොල්ලොනෙ ::D

Waruna Ratnayake said...

නම් ගම් මන:කල්පිත වුණත් මේ කථාවෙ හරය ඉතාමත් වැදගත්, මේ වගේ සත්‍ය කථා කොතෙකුත් නම් ඇති ද....?


ජය වේවා !!

Anonymous said...

හිතා ගන්න බැ මොනා කියන්නද කියල

ටීම් ට්‍රැවලර්ස් said...

Superb Story සදරුවා!
බොක්කටම වැදුනා මචෝ එක නම්.
Bows Down!

නවෝ!

Dush said...

මොනවා කියන්නද කියල හිත ගන්න බැහැ

Prabath said...

ඉතින් අන්තිමට මොකද උනේ ? මූණු පොතෙන් ඒ කෙල්ලව බලාගන්න පුළුවන් උනාද ?

Post a Comment

තැන්කූ බං