20.5.11

ඉතින් අපි සමු ගනිමු !! ඉලන්දාරියෝ ...




කරුණා බරිතකම හදවත තුළ රන්දා
සිංහල බ්ලොග් අතර නොමැකෙන නම රන්දා
වැජඹුණු දිලුම් අපහට නැතිවුණු හන්දා
වැලපෙමු! හඬමු!! අද සංවේගය කැන්දා...

දුර ළඟ මිතුරු හැමටම පෑ නිසා සෙනේ
දැනුණේ ඔබව අපගෙම සොහොයුරෙකු මෙනේ
නොසිතුව ලෙසනින් මරු තුරුලට ගියපු දිනේ
කඳුළින් තෙත් උනා බ්ලොග් පිටු දසත අනේ .....!


ඉලන්දාරියෝ ඉතින් අපි සමු ගනිමු , ඔබට නිවන් සුව............!

15 comments:

Ashoka said...

sad news. that operation went wrong ?

Unknown said...

දයබර සුමිතුර අපි මේ සOසාර ගමනේ කවදා කොතෑනක හරි මුන ගෑසේවි යලිත් එදාටත් මේ වගේම දයාබර මිතුරුකම රෑදිටියේවි අපේ හදවත් වල ඉලන්දාරියො නුඹ නොකියාම ගියාට අපි තරහයි කදුලු හන්ගගෙන අපි අඩනතරම් උඹ් දන්නවනම් උඹ අපිට එහෙම කරන්නෑ.....

Podi Kumarihami said...

උපදිනා කිසිදු භවයකදී මෙවන් අකල් මරණයක් සිදු නොවේවා!!!

දිලුම් සොහොයුරාට නිවන් සුව....!!!

Hishan de Silva said...

මොනවද උනේ? වෙච්ච සිද්ධිය ගැනත් කිව්වනම් නේද හොද? ඇත්තටම දුකයි. මොනව කරන්නද ජීවිතේ හැටි ඔහොම තමයි. අපට තව මැරෙන්න කල් තියෙනව කියල අපිම හීන ලෝකෙක හිටං ඉන්නව. එහෙමත් හිතාගෙන ලෝකෙ තියෙන ඔක්කොම ප්‍රශ්න ඔළුවෙ ඇතුලෙ තියං ඉන්න අපට මේක හොද පාඩමක්...

Praසන්ன said...

දිලුම් සොහොයුරාට නිවන් සුව!

Bindi said...

මියගියත් ඔබ වාසනාවන්තයෙක් ..මොන තරම් පිරිසක් ඔබට පින් දෙනවද. කෙනෙක්ගේ මරණයකදී බොහෝ අය දුක් වන්නේ ඔහු යහපත් දිවියක් ගත කල හෙයින් ..හැමෝම පුංචි හරි පින්කමක් කරන අඩු ගානේ යහපත්සිතිවිලි හෝ ඇති වන මේ වෙසක් මහේ වෙන්ව ගිය සොයුර මේ සියලු පින් ඔබටත් අනුමෝදන් වේවා.

Namila said...

obata niwan suwa

අපරාජිතයා :::: Aparajithaya said...

අනේ මන්දා බන් මොකුත් කියන්න තරම් වත් හිතා ගන්න බැහැ...

හිස් අහස said...

@Ashoka =මචං අසෝක දිලුම්ගේ මොලේ ගෙඩියක් තිබිලා ඒක ඔපරේෂන් එකකින් ඉවත් කරලා තියනවා ඊට පස්සේ තමා දිලුම්ට අසාද්‍ය උනේ ...එයාම ලියපු ලිපියක් තියනවා ඒ ගැන මෙතනින් ඒක බලන්න

http://ilandhariaya.blogspot.com/

ayesha said...

දයාබර දිලුම් මිතුර නුඹට නිවන් සුව ලැබේවා !

Ravi said...

සිහිල් සුළඟක් වෙලා ඇවිදින්,
සිතේ අප හැම මතක තවරා,
ආයෙ දවසක දකින්නට නැත,
සොයුර.........නුඹ,
නොකියම යන්න ගිහින්,

Sleep well sweet prince, and may flights of angels sing thee to thy rest. - Shakespeare's Hamlet

සුවසේ නිදන්න දයාබර කුමරුනි,
දෙවඟනන් කැළ ගයනා මධුර ගීතිකා අසමින් නිසසලව සැතපෙනු මැනවි!

priyantha said...

දිලුම් බ්ලොග් අවකාශයේ ඔබ සදා කල් ජීවත් වේවි..
සුභ ගමන් මිත්‍රයා..

සංකල්ප said...

දිලුම් සහෝදරයාට ජාති ජාතිවත් මෙවන් අකල් මරණයක් නොවේවා කියලා පතනවා !!!!

සොයුර ඔබට නිවන් සුව අත්වේවා !!!!

Anonymous said...

මම හැමදාම හිතුවා දිලුම් අයිය සනීප කරගන්න අපිට පුලුවං වෙයි කියල! අසාදාරණයි.....

සිත්රූ සිහින said...

හිතා ගන්නවත් බැහැ මං හිතුවා සනීප කරගන්න පුලුවං වෙයි කියල :(

දිලුම් සොයුර නුඹට නිවන් සුව ලැබේවා !

Post a Comment

තැන්කූ බං