31.5.11

අලින්ටම ගිය අපේ ගම


මෙතුවක් කල් මම ලියපු ලියවිලි අතරින් වඩා අද ලියන මේ ලියවිල්ල තරමක් වෙනස් වේවි. මේ ලිපිය ලියන්නේ මගේ ගමත් මගේ අහල පහල ගම්වලත් ජීවත් වෙන අහිංසක මිනිස්සු ගැන හිතලා .ඒ මිනිස්සු වෙනුවෙන් උදවුවක් බලා පොරොත්තුවෙන්.! මට හොඳටම විස්වාසයි  මේ ලිපියෙන් පස්සේ මගේ ගමට , අහල ගම් වලට අලුත් එලියක් වැටෙන බවට . අපිට උදවු ලැබෙන බවට...

එහෙනම්කියවලාම බලන්න ඔබටත් හැකිද අපට උදවුවක් වෙන්න කියලා

ඔබ තමුන්නාන්සේලා හැමෝම දන්නවා මම ජීවත් වෙන්නේ අග නගරෙන් ඈත ඈතම ඈත . ගම්මානෙක බව . ගමක ජීවත් වෙන අපිට මුල් කාලේ කියාගන්න බැරිතරම් දුක් කරදර අපහසුකම් තිබුණා .ඒත් කාලයත් එක්ක ගම ටිකෙන් ටික දියුණු වුණා ඒක නිසා දැන් අපිට මහා ලොකු අපහසුතාවයන් නම් නෑ . නගරේ තියන සමහරක් පහසුකම් මදි නොකියන්න අපිටත් තියනවා.. 


කාලෙකට ඉස්සර කැලෙන් වට වෙලා කොටි කටේ හැංගිලා තිබිච්ච ගම . යුද්ධය අවසන් උණාට පස්සේ පුදුම වේගෙන් දියුණු වෙන්න පටන් ගත්තා , ගම ගිලගෙන හිටපු මහ කැලෑව ටිකෙන් ටික අඩු වෙන අතරේ .! නාගරිකයන්ගේ බාසාවෙන් "බයියෝ" වෙච්ච අපි පුදුම සෙනෙහසකින් මේ අලුත් දියුණුව වැළඳගත්තා .

"
ඉතින් ගම වටේ කඳවුරු ගහන් හිටි කොටි ඉවරයි ! අපිව හිරකරගෙන හිටපු කැලෙත් ඉවරයි .දැන් අපි කාට බය වෙන්නද ?” ..

මොහොතකට අපි එහෙම හිතන්න ඇති . ඔන්න ඔය අතරේදී තමයි තව හයි කාරයෝ ටිකක් වැඩ පෙන්වන්න පටන් ගත්තේ

"
අලි බොට්ටු" අපි උන්ව හැඳින්නුවේ එහෙමයි .


ඉස්සර නම් මාසෙකට දෙකකට වරක් ගම් වැදිලා ගියපු මේ හයිරං කාරයෝ දැන් උදේ හවා තමන්ගේ හයිය හත්තිය ප්රදර්ශනය කරන්න පටන් අරගෙන !.පාරක යන්න බෑ , මිනිසුන්ට හේනක් කුඹුරක් කරන්න බෑ, ගෙයක් දොරක් අලුතින් හදන්න බෑ .ලෙඩ වෙච්ච රෝගියෙක් හදිස්සියකට රෝහලට ගෙනියන්නත් බෑ ..නිල නොලත් අලි මුරකාරයෝ හැම තැනම .



කොහොමින් කොහොම හරි. මගේ ගම තරමක් වාසනාවන්තයි . මට මගේ ගමේ උදවියට මේ අලින්ගෙන් කරදර බාධා ඇති වෙන්නේ .පාරේ යනකොට විතරයි .මගේ ගෙදර සීමාවට දැන් අලි නොඑන තරම් .දැන් මම හිතේ සතුටින් නිදාගන්නවා .ඒත් ඉඳලා හිටලා ළඟපාතකින් අලි කුයිලක් දැනිච්ච අවස්ථාද ඕන තරම් !.අපේ අල්ලපු ගමේ අලින් ගෙන් මැරුම් කෑ උදවිය ගැන කන් වලට නොඇසුණා නෙවේ .වග කිව යුත්තෝ නිදිනම් මොනවා කරන්නද ? , මමත් නිදාගන්නවා ඇරෙන්න !

උදේ වැඩට යන්නත් හවසට වැඩ ඇරිලා ගෙදර එන්නත් . මමත් අපේ ගමේ උදවියත් පුදුම අවදානමක් අරගන්නවා . ඒක නිකම් හරියට අතුරේ යනවා වගේ .

"
පරිස්සමෙන් ගියාද පුතා ?”

කෝල් කරන්නේ අම්මා

"
ඔවු ඔවු දැන් තමයි ඔෆිස් එකට ආවේ .”

ඉස්සරහා ඉන්න අලියා දැක දැක හෙල්මට් එක අස්සේ ගහපු ෆෝන් එකට උත්තර බඳින ගමන්! වෙවුලන අතින් බයික් එක බයික් එක හරවන ගමන් මම දවසක් අම්මට බොරු කිවුවා .ආසාවට නෙවෙයි අම්මව බය කරන්න බැරි නිසයි .ඉතින් පාර දිගේම ආයෙමත් හවසට ගෙදර එන්නයි තියෙන්නේ ..


ගමේ වී ගබඩාව .අලින්ගේ ඉදිරියේ කඩාගෙන වැටුණු හැටි මට තවම මතකයි . ගොඩ ගහලා තිබුණු වී මිටි. තමන්ගේ බූදල වගේ හොඬවැලෙන් අරගෙන යන හැටි අපි දවසක් බලාන හිටියා ! .. ඒවිතරක් නෙවේ පාරටම පාර මැදට පැන්න අලියෙක් ඉදිරියේ බයික් එක අත හැරලා දාලා දුවලා! .. ඈතට ගිහිල්ලා දවසක් බලාන හිටියා . වගේ අලි අද්දැකීම් මට නම් නොඅඩුව තියනවා .

කැමතිද මගේ එක දවසක අද්දැකීමක් බෙදාගන්න ?

දිනේ හරිට මතක නෑ. එදා මගේ බෑග් එකේ බොස් ගෙන් ඉල්ලා ගනිපු කැමරාව තිබුණා


1 )  මේ පින්තූරෙන් පේන්නේ මම උදේ හවා වැඩට යන එන පාර . පාර දෙපැත්තේම තියෙන්නේ මහා මූකළානක් ..ඉතින් අපි හැමෝම ඔය වාහන නතර කරගෙන ඉන්නේ ලොකු ඇමති තුමෙක්වත් මන්ත්රී තුමෙක්වත් එන හින්දා නම් නෙවේ . එයාලා මේ වගේ පාරවල් වල එන්නේ නෑ නේ ..අපී නවත්තගෙන ඉන්නේ ඉස්සරහින් අලි රංචුවක් අපිව පිළිගන්න මග බලන නිසා
 2) එක පාරටම "ඔන්න ඔය පැත්තෙන්" කියලා කෙනෙක් කෑ ගහන අතරේ අතේ තිබුණු කැමරාව මම පැත්තට ඇල්ලුවා ..පඳුරු අස්සෙන් අපේ දිහාට එන සද්දන්තයෙක් දැක්ක හැටියෙම නවත්තගෙන හිටි වාහන සේරම තත්පරයෙන් ඉදිරියට ඉගිල්ලුණා ..

"
ඉදිරියට කොහාටද ?”

අලි රැළ මැදටම .
3) පාර අයිනේ හිටපු තවත් එක් මුර කරුවෙක්


4) ඔය පින්තූරේ ඉන්න කෙනා අපේ බයික් දිහාවට දුවගෙන එන ගමන් .
5) අපි ගියේ ඉදිරියටඒත් තව කෙනෙක් පාර හරස් කරගෙන .. ඉස්සරහින් සහ පිටුපසින් අපි කොටු වෙලා .
6) තවත් දෙදෙනෙක් පාර මැදට එන ගමන් ..

7 ) පාර දෙපැත්තේම යන එන උදවිය හිරවෙලා



8 ) කූල් වෙලා යන අවස්ථාවක් ..
9)එක්කෙනෙක් නම් අපි ගැන අනුකම්පා ඇතිවෙලාද කොහෙද කැලේට පියමැන්නා . ඒත් අනිකා ,,,,?
10 )හොඬවැල කටේ ඔබාගෙන අලියෙක් තමා දිහාට එනවානම් ... කිසි දවසක දුවලා නැති වේගෙන් දුවන්න ..පය පටලවා ගන්නේ නැතිව නැතුව සිහියෙන් දුවන්න .බයික් එකේ ඉන්නවානම් කලබල නොවී හරවන්න. පේනවා ඇතිනේ එක්කෙනෙක් ගල් වෙලා බලාන ඉන්න හැටි ! . අනිකා නම් සිහි කල්පනාව ඇතුව බයික් එක හරව ගත් හැටි ..
11 )පුදුම වේගෙකින් දුවගෙන ගියපු ඒ හයි කාරයා බයික් සේරම ඈතට එලෙවුවා ..! යන්තම් කාටවත් අනතුරක් උනේ නෑ 

12 )  අපේ පිහිටට ආවේ බස් එකක් ..! සද්දන්තයන් බස් එක ඉදිරියේ පසු බයින අතරේ අපි හැමෝම යනකම් බස් එකේ රියදුරා බස් එක හරස් කරගෙන හිටියා ..අපි යන්තම් එතනින් මාරු උනා

ඔය පින්තූර එක්ක දාලා තියෙන්නේ . මම මුහුණ දීපු අද්දැකීමක් . මීට වඩා දරුණු අද්දැකීම් මගේ අහල පහළ ගම් වල මිනිස්සු දිනපතා විඳිනවා ඇති ..

මේ කරදර අපි කාට කියන්නද ? වග කිව යුත්තෝ කිසිම කෙනෙක් කවම දාකවත් මේ ගැන හොයා බලන්නේ නෑ .වනජීවී කාර්යාලයෙන් ඇවිත් "හූ" කියලා යාවි. අලි වෙඩිල්ලක් දාලා යන්තම් කැලෑව ඇතුළට අලි එළවලා දාවි .. ඒත් ආයෙමත් මොහොතකින් අලි රංචු පාර පුරාම ..


මම ජීවත් වන ගම්මානෙට සහ අවට ගම් වලට තර්ජනයක් වුණු මේ අලි රැළ ඉවත් කරන හැටි .කාටද මේ ගැන දැනුම් දෙන්න ඕන . ඔය කිසිම දෙයක් අපි දන්නේ නෑ .. කාලෙකට ඉහත වගකිව යුතු ස්ථානයක මේ පිළිබඳව දැනුම් දුන්නත් තවම පිළියමක් නම් ලැබුණේ නෑ ..මේ ගැන දන්න කියන කෙනෙක් ඉන්නවානම් කරුණා කරලා අපිව දැනුවත් කරන්න .
.


ඇඟේ වහලා ලේ බිඳක් බොන මදුරුවාට ගහන එක සාමාන් දෙයක් නම්අපිව මරන්න හදන අලියෙක්ව මරන එක පවක්ද මහත්වරුනි ? ඒකට කියන්නේ පව නෙවේ ."ජීවත් වීමට දරන උත්සාහය" කියලයි . මීට කලින් මේ වගේ හැසිරිච්ච අලි කිහිපදෙනෙකුම අවසන් ගමන් ගියා . සමහර විට මේ රංචුවේ අලි කීප දෙනෙකුටම යළි නොඑන ගමනක් යන්න වේවි ..!

මේ ලියුවේ තවත් එක ලිපියක් නම් නෙවේ !

..
වේදනාවෙන් පිරිච්ච තුවාලයක් හිමි මිනිහෙක් බෙහෙතක් ඉල්ලලා කරපු එක ආයාචනයක්



පලි: පෝස්ට් එකේ පින්තූර ගොඩක් අඩංගු වීම නිසා අනෙක් අයගේ බ්ලොග් රෝල් වල යාවත්කාලීන වන්නේ නැත ඒ ගැන සමාව ඉල්ලා සිටිමි

52 comments:

Dayal Bathee said...

කලින් කොටි දෑන් අලි

කොහොම උනත් මට හිතට වෑදුන මේ කතාව, ඔබ ඈතුලු ගම්වාසීන්, විඳින මේ කරදරය ගෑන ලන්කාවාසීන් හා ලොක වාසීන් දෑනුවත් කිරීමෙන් පමනයි ඔබට ගෑලවීමක් තිබෙන්නේ.
මානුශික, විද්යාත්මක හා පරිසර හිතකර විසඳුමක් සඳහා මාර්ගය එයයි.

ගම් වෑසියන් හා එකතුව,

මේ බ්ලොග් එක මාර්ගයෙන් හා වෙනත් මාර්ග වලින් ඔබ එකතුකරගෙන තිබෙන සම්පත් ද ඒ සඳහා යොදවාගන්න, මගේ නොවක් සහය ප්‍රකාශ කරමි.

(පොඩි විහිලුවක් නොකලොත් ෆුල් සිරා වෙන නිසා, මම මෙහෙමත් ලියනව, ඔයාට කා එක්ක හරි (අලි එක්ක හරි) කොක්කක් දා ගන්නම ඔන නේද?)

හිස් අහස said...

@Dhayal Bathee = හික්...සහෝදරයා කාඑක්ක කොකු දාගත්තත් අලිත් එක්ක කොකු දාගන්නේ නම් නෑ මම කවදාකවත් .ඔබගේ සහයට ගොඩක් ස්තූතියි .අපි බලමු නේද ~

Anonymous said...

යාලුවා මේ ගැන උද්ගෝෂනයක් සංවිදානය කරන්න ගමේ හැමෝම එකතුවෙලා

Kasun said...

ඕකට විසඳුමක් නම් කියන්න දන්නෙ නෑ සහෝ. මොකද ඕවට විසඳුම් දෙන්න ඉන්න ආයතන වලට ඕව කියල වැඩක් නෑ. අලියෙක් ගහල මිනිස්සු කීයක් මැරුනත් උන්ට ගානක් නෑ. හැබැයි අලියෙක් මරල තිබුනොත් නම් ඔන්න පුක ගිනි ගත්ත වගේ දුවගෙන එනව හොයන්න. කෝකටත් පරෙස්සමින් ඉන්න. හැබැයි ඕකට කාගෙන්වත් විසදුමක් නැත්තන්, කැලෑ නීතියෙන් නම් ඒකට විසඳුමක් දෙන්න වෙන්නෙ, ඒ ගැන දෙපාරක් හිතන්න එපා. මොකද මිනිස් ජීවිතයි වඩා වටින්නෙ, අලි නෙමෙයි.

Dasun said...

අනේ මංදා සදරු මොනවා කියන්නද?

මේ ප්‍රශ්නයට පිලිතුර විදිහට 'වනජීවි එකට කියන්න', උද්ඝෝශනයක් තියන්න' වගේ ඒවා කියලා වැඩක් නෑ කියලයි මම හිතන්නේ. මොකද මට හොදටම විශ්වාසයි ඔයාලගේ ගමේ අය එවා දැනටමත් කරලයි කියලා.

නමුත් මේ ප්‍රශ්නය පිලිබද ලොකු ප්‍රචාරයක් ලබා දීම හොද බවයි මගේ අදහස.

Anonymous said...

අනේ මල්ලි ඔයාල මුහුණ දීල ඉන්න තත්වය ගැන ගොඩක් හිතට අමාරුයි..!
මොකක්ද අපෙන් කෙරෙන්ඩ ඕනෙ?? කොළඹ ඉඳගෙන ගොන් ප්‍රශ්නයක් ද මන්ද මම අහන්නෙ???
ඒත් නිකන්ම දුක ප්‍රකාශ කරල යන්ඩ බැරි හින්ද මං අහන්නෙ??

හසී said...

අනේ මන්දා සදරු.. කරන්න පුළුවන් ගොඩක් දේවල් ඔයාලා කරලා ඇති... පරිස්සමින් ඉන්න...

Podi Kumarihami said...

මේක නම් වෙනත් රටක ඉඳන් විසඳන්න බැරි ප්‍රශ්නයක්.

සත්තුන්ගේ පැත්ත බැලුවොත් ඒ අයගේ ලෝකය අපි ආක්‍රමනය කරලා වගේ තේරෙනවද දන්නේ නෑ නේද? ඔය පැත්තේ තියන සමහර කෑලෑ එලි කලොත්, එයාලා කැලේ ඇතුලට ගිහින් ඔයාලගේ ගමෙන් ඈත් වෙලා ඉඳීද? රජයේ ඔය පිලිබඳ ප්‍රශ්න කියන්ට පුලුවන් යමෙක් ඉන්නවද?

අපිට කරන්ට පුලුවන් උදව්වක් තියනවා නම් කැමැත්තෙන් කරනවා. වචනයෙන් කියන්න බැරි තරම් කනගාටුයි.

ලකී සිරි said...

අනේ මන්දා සඳරූ, අලි ම්නිස් ගැටුම ...අලි ගම් වදින්නෙ ඇයි කියලා හැමෝම දන්නවා ... ඒත් ඇත්තටම මේකට විසඳුම මොකක්ද?
හැබැයි අර 10 වෙනි ෆොටෝ එකේ කලා වගේ පාරේ තියන බෝඩ් වල සුදු පාට ගාලා දැම්මොත් හරි යන එකක් නැද්ද? එතකොට පාර හොයා ගන්න බැරිව අලි ටික අතරමං වෙයිනේ....
සමාවෙයන්,,උඹගෙ දුක විහිලුවකට ගත්තා නෙවෙයි,..උඹ විහිලු දන්න හොඳ එකානෙ....

jhothishalanka said...

ඇත්තටම මේ පොටෝ දැක්කහම හිතා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට දවසට කී සැරයක් මරණ බය දැනෙනවද කියලා.මේකට කියන්න දෙයක් යෝජනාවක් නැති නිසා සද්ද නැතිව පෝස්ට් එක බලල යන්න හැදුවත් හිත දෙන්නෙ නැහැ එහෙම කරන්න.
මටනම් හිතෙන්නේ මේක විසදුමක් නැති ප්‍රශ්නයක් කරදරයක්.ඔයා මගෙත් එක්ක තරහ වේවි ඒත් ඇත්ත කතාව නම් ඒක තමයි.එකම විසදුමයි තියෙන්නේ ඒත් ඒක මානුෂික නැහැ."අලි සංහාරය" ක්‍රමය අනුගමනය කරමින් මේ ප්‍රදේශයේ අලි ගහනය ශුන්‍ය කිරීම.ඒක කරන්න වෙන්නෙත් ඔයාලට මොකද බලධාරී නිලධාරී ගොල්ලො පව් කරන්න කැමති නැහැනේ.ජීවීවිද්‍යාත්මක අවියකින් වගේ ක්‍ෂණිකව කළ යුතු දෙයක්.නැත්නම් අලිත් පව්කාරයො ඔයාලත් පව්කාරයො.
අර අංගවිකල අලි පැටියව ජීවත් කරවන්න ඔයාල ගත්තු උත්සාහයත් මතක් වුනා සදරු.

රොබින් said...

ඇඟේ වහලා ඉන්න මදුරැවාගේ කතාවට මට එකඟ වෙන්න බැරි උනත්... අනේ මන්දා මල්ලී ඕකට දෙපැත්තම මීට වඩා අවධානය යොමු කරන්න ඕන කියන එකයි මං කියන්නේ. ( මිනිස්සු, රජය )

ayesha said...

කාට බනින්නද දොස් කියන්නද මොනවා කියන්නද කියලා තේරෙන්නෑ. පරිස්සමින් ඉන්න යාළු.

pitakotuwa.wordpress.com said...

මේ වල් අලි ද? වන අලි ද?

හිස් අහස said...

@Anonymous = උද්ගෝසන කරන්න බෑ පොලීසියේ අය ගහනවා !
....................................................................................................................................................
@Kasun = සහතික ඇත්ත කසුන් මොකද කීවොත් අපේ නෑයන්ගේ යාළුමිත්‍රයන්ගේ ජීවිතයක් අහිමි වීම මටනම් දරාගන්න බැරි වේවි ..අලින්ට වඩා මම මගේ උන්ට ආදරෙයි .
....................................................................................................................................................
@නිර්මල = හැම්දාමත් වගේ අදත් ස්තූතියි නිර්මල බලමු කියන්න තියන තැන් සේටම කියලා මොකද වෙන්නේ කියලා .
....................................................................................................................................................
@hansakinkini = ඔයාලට මොකට කරදර කරනවාද අක්කේ ? අනේ මන්දා ඔයාලට කරන්න පුලුවන් උදවුවක් නෙවේ වෙන්න ඇති මේක .ඔයාගේ වචනෙට ස්තූතියි හදවතින්ම
....................................................................................................................................................
@හසී = ස්තූතියි හසී අක්කේ. සුදු පුංචව මතක් කරා කියන්න ..
....................................................................................................................................................
@Podi Kumarihami = කුමාරි හාමි අක්කේ .අනේ මන්දා මේව ගැන දන්න කෙනෙක් රහයේ ඉන්නවද මන්දා ? එයාල දන්නේ දෙපා අලි එලවන්න විතරයි .කට කතාවක් තියනවා මෙහාට අලි පිටින් ගෙනත්දානවා කියලා .
....................................................................................................................................................
@Luckey = අඩේ ලකී උඹත් මට කින්ඩිය දානවා වගේ ?..කිසි අවුලක් නෑ බං අපි අපිමනේ .ඒ බෝඩ් වල පාට ගෑවේ මම ඉන්න ගම කට්ටිය අතරේ ප්‍රසිද්ද වේවි කියලයි මචං ..
....................................................................................................................................................
@JHOTHISHALANKA = මචං මම තරහ වෙන කෙනෙක් නෙවේ .ඔයා ඕන දෙයක් කියන්න. ඔයා කියලා තියන දේනම් කවදාකවත් වෙන එකක් නෑ මොකද රජයේ නිලධාරීන්ට අපේ ගම පෙන්නේ නෑ . පොනුනත් ඒ ජන්ද කාලෙට පමනයි .අපේ මිනිස්සු සත්තුන්ට ආදරෙයි මචං ..ඒත් දැන් නම් අලින්ට වෛර කරනවා .
....................................................................................................................................................
@රොබින් = රොබින් අයියේ මගේ ආච්චි අම්මා කැලේට දර කඩන්න ගිය වෙලාවක එයාට අලි ගැහුවා . එයා අවුරුදු ගනනාවක්ම හිටියේ රෝද පුටුවක .දැන් නම් එයා මැරිලා ..ඔන්න ඉතින් අපේ ජීවිත
....................................................................................................................................................
@ayesha = ස්තූතියි අයේශා ..
....................................................................................................................................................
@pitakotuwa = මචං ඒක නම් අහල තමයි කියන්න වෙන්නේ !මම හිතන්නේ වල් :)

තිශ් said...

මචං උඹ අලි ගැන ලියපු එකම පොස්ට් එක මේක නෙමෙයි.අංග විකල මවු සෙනෙහස පොස්ට් එකෙන් අලි පැටියෙක් විඳපු දුක ලියන උඹ ඒ අලි පරපුරේම උන් උඹලගේ ජීවිත වලට කරන බලපෑම මෙතනදි දැනෙන්න ලියනවා.අලි කරදරේ උඹලට කොයි තරම් දැනෙනවද කියල අපිට තේරුම් ගන්න පුළුවන්.කවදාවත් උත්තර හොයන්න බැරි ප්‍රශ්නයක් උඹ අපෙන් අහන්නේ.කවද හරි මේ හැම දෙයක්ම විසඳිලා උබලට බයක් හැකක් නැතුව ඔය පාරේම යන්න පුළුවන් වෙන දවස ඉක්මනටම උදා වෙයි මචං.මේක කිව්වේ අපේ අම්ම..උඹ ලියන Font එක ගොඩක් කුඩා නිසා Ctrl++ ගහල අම්මට කියවන්න දුන්න.මේ සිරාවටම කියන්නේ..
උඹට වරදින්නේ නෑ සඳරුව...

Anonymous said...

වඳවීමට නියමිත සතුන් කෘතීමව සංරක්ෂණයේ අතුරු විපාක. අලිය ලස්සන සතෙක්. එච්චරයි මටනම්.

Hasitha Gunasinghe said...

මේ වගේ වල් අලින්ව පාලනය කරන එක වගේ කටයුතු කරන්නේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. ඔයාලගේ පැත්තෙත් ප්‍රාදේශීය වන ජීවී සංරක්ෂණ කාර්යාලයක් තියෙන්න ඕනේ ටිකක් හොයලා බලන්න. ඒකේ ඉන්න අඩවි වන නිලධාරීන්ව දැනුවත් කරන්න.

මේ විදිහට අලි ගම්වලට එද්දී එයාලා අලි වෙඩි පාවිච්චි කරලා අලි ගම්වලට එන එක සීමා කරන්න කටයුතු කරනවා. ඒකෙන් එච්චරම ප්‍රයෝජනයක් නැත්නම් ඊළඟට කරන්න තියෙන්නේ අලි වැටක් ඉදිකරන එක.

ඒකට නම් මුදල් ප්‍රතිපාදන සෑහෙන්න ඕන කරන නිසා ඔය පැත්තේ ඉන්න දේශපාලනඥයන්ගේ සහයෝගය ගන්න වෙනවා ඒකට. කෝකටත් වන ජීවී එකේ කට්ටියවයි, ඔය පැත්තේ ඉන්න මැති ඇමති ගොල්ලන්වයි දැනුවත් කරලා බලන්න මොකක් හරි සාර්ථක විසඳුමකට එන්න පුලුවන් වෙයි

Anonymous said...

උඹ image එක්කම දාපු එක හොඳා... හිටිං...

priyantha said...

සඳරූ, මෙහෙම ප්‍රශ්නයක් ඇති බව රටම දන්නවා. ඒත් වනජීවී දෙපාර්තමෙන්තුව සද්ද නෑ. කවුරු හරි අලියෙක් මැරුවා කීවනම් එයි අල්ලලා කූඩුවට දාන්න බලන්. මේවාට කරන්න දෙයක නෑ කියන එක සාධාරණ නෑ. මේ පළාත්වල ඉන්නෙත් මේ රටේ මිනිස්සු. මිනිස්සු කරන හැමදේම හරි කියන්න බෑ. ඔය කැළැ එළිකිරීම් අලි තර්ජන වැඩි වෙන්න එක් හේතුවක්. ඒකට දේශපාලනය සම්බන්ධ නෑ කියන්න බෑනේ. ප්‍රබල යැයි පිළිගන්නා කීදෙනෙක් ඔය කැළෑ එළිකිරීම හා කෙලින්ම සම්බන්ධද?
තවත් හේතුවක් තමා පසුගිය කාලයේ ලංකාවේ අලි ගහනය නොසතූ ප්‍රමාණයකින් ඉහල යාම. දැන් ඉන්න ප්‍රමාණය දරන්න අපේ වනාන්තර ශක්තිමත් නෑ. ඒ නිසා අවශ්‍යතා සපුරා ගන්න අලි ගම් වදිනවා. ඇතැම් අලි සාමකාමී. නමුත් මේ ඔබ කියන අය නම් එසේ නෑ. මේ අලි ගහනය පාලනය කරන්න වෙනවා. එහෙත් අපි කියනා මේ සියල්ල බීරි අලිනට වීණා වාදනයක් කරන්න තරම් නිසි බලධරයන් දක්‍ෂයි. ඒත් අපි නිහඬ වෙන්න ඕන නෑ. පොස්ට් එකට තල්ලුවක් දෙන්නම්.

Abeetha Edirisinghe said...

මේ වගේ ප්‍රොජෙක්ට් එකකට අත ගහන්න මමත් කැමතියි මචන්..... මට සතියක් දියන් සඳරූ... අපි හොයලා බලමු මොනවද කරන්න පුලුවන් කියලා....

Anonymous said...

මටත් මේකට විසඳුමක් හරියට ඔලුවට එන්නේ නැහැ... ඒත් මේකට පුලුල් ප්‍රචාරයක දුන්න නම් මොකක් හරි විසඳුමක් ලැබෙයි. ලිවිල්ල එක්කම ෆොටෝස් ටිඅක්ත් තියෙන නිසා කට්ටියට හිතට වදින්න බලා ගන්න පුලුවන්... ඉක්මණටම මේ කරදරෙන් ඔයාලට නිදහසක් ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා....

Unknown said...

අලි ජරමරයක් නෙ ......

මකුළුවා..... said...

මචං...ඇත්තටම අලින්ගේ කරදරේ මමත් විඳලා තියෙනවා...අපේ කිරි අම්මලාගේ(මහව) ගෙවල් පැත්තට වල් අලි කඩන් වැදුනා.බාප්පාගේ වතු සේරම පාලු කරා.වාසනාවට වගේ අපේ ගෙවල් දොරවල් වලට නම් හානි කරේ නෑ......වල් අලි කරදරේත් අර කිරි හින්දා බොන්නත් බෑ උණු හින්දා අහක දාන්නත් බෑ වගේ වැ‍ඩක්....අලියෙක්ව මරණවා කියන එකත් එක්තරා විදියකට පව්කාර කමක්.හැබැයි ඒකෙන් පීඩාවට පත් වෙච්ච මිනිස්සු විතරයි වල් අලි උවදුර ගැන දන්නේ....උපන් තේකට ගමේ පැල් බැන්දේ නෑ.හැබැයි දැන් 24*7 අවධානෙන් ඉන්නේ....දැන් මගේ වචන වලින් කිව්වොත් වල් අලියා කියන්නේ මහ ඇණයක් බං.......

priyantha said...

@ සඳරූ
ටිකක් බලන්න මේ පොස්ට්එකේ RSS අප්ඩේට් වෙලා නෑ. මගේ ෆීඩර් එකේ තාම පෙන්වන්නේ කලින් පෝස්ට් එකයි. සින්ඩි අප්ඩේට් වෙලාද බලන්න. සමහර විට ඒහෙම නැතිනම් මෙවන් වැදගත් පොස්ට් වලට ලැබෙන හිට්ස් අඩුවෙන්න පුළුවන්.

හිස් අහස said...

@තිශ්= මචං තිශ් උඹ ඒ පෝස්ට් එකත් කියෙවුවද ? කරදරේ වැටුනාහම අපේ මිනිස්සු අලින්ට මාර ආදරෙන් තමා සලකන්නේ අලින්ට ඉතින් ඒවා මතක නෑ නේ බං .තිශ්ගේ අම්මට බොහොම ස්තූතියි කියන්න
....................................................................................................................................................
@nawammawatha= පොඩි කාලේ මටත් අලියා ලස්සනයි ඒත් දැන් නම් ඌ මහ නපුරු හීනයක්ම විතරයි
....................................................................................................................................................
@Hasitha = මචං වනජීවී කාර්‍යංෂයේ අයව දැනුවත් කරලා දැන් මෙහේ අයට ඇතිවෙලාලු . වනජීවී එකෙන් එනවා . ඇවිල්ලා අලිවෙඩිල්ලක් දානවා යනවා එච්චරයි .
....................................................................................................................................................
@prasanna86k = ඇයි හිටිං ?
....................................................................................................................................................
@priyantha = පහුගියකාලේ අලු ගහන ඉහල ගියාලුනේද ? ඔන්න දැන් අපේ ගමේ අලි කීපදෙනෙක්ම තමන්ගේ මරණ වරෙන්තුව ලියාගෙන තියෙන්නේ . අපේ ගමේ වැඩ්ඩෝ කීපදෙනෙක් තුවක්කු රෙඩි කරගෙනයි ඉන්නේ .අලියා ගම් වැදුන ගමන් සොට් එක දෙන්න හිතාගෙන . අපිව මැරුවත් අපි උන්ව පාවලා දෙන්නේ නැ .Feed එක අප්ඩේඩ් නොවුනේ පින්තූර ගොඩක් තියන හින්දා වෙන්ඩ ඇතිබං චික් බලහංකෝ වෙච්ච කැත වැඩේ ..
....................................................................................................................................................
@අභීත = ඔයා අත ගහනවනම් අපි ඉතින් පැත්තකට වෙන්නම් .ඔයා ඉතින් වැඩ්ඩා කියලා පි හැමෝම දන්නවා මචෝ (මේ අයියේ උඹ ටුවරිස්ලා අලි පෙන්වන්න එක්ක එන්න එහෙම නෙවෙයිනේ හදන්නේ ?)
....................................................................................................................................................
@කොට ජීවිතේ = අපෙත් දැන් වසර ගානක ඉඳන් ප්‍රාර්ථනය ඒකයි කොට ජී අක්කේ .ස්තූතියි
....................................................................................................................................................
@අමා දහර = ඒකනේ අමා
....................................................................................................................................................
@ශාන් = අලියා කියන්නේ ඇණයක් තමා සහතික ඇත්ත .ඇයි වදේ පාරක යන්න බෑ .කැලේකට ආසාවකට යන්න බෑ ගෙදරක ඉන්න බෑ උංගේ වැඩේ පන්න පන්න ගහන එක .ස්තූතියි අදහසට
....................................................................................................................................................
@ප්‍රියන්ත= මොනා කරන්නද අයියා මගේ වරදක් මත ෆීඩ් එක අල උනා .!

පැන්ඩා said...

මචං මේ අම්පාර ඒරියා එක නේද ? කොහොම වුනත් නැගෙනහිර පලාත වගේ දැනෙනව පාරවල් සහ කැලැවල් දැක්කම..අනෙ මන්ද සඳරුවො හිතට හරිම දුකයි අපි වගේම වුන කොල්ලො අපි බස් වල හිර වෙන එක ගැන විතරක් වද වෙද්දි ජිවිතේම අවදානමෙන් යන එන එක ගැන..උඹට තෙරුවන් සරණයි

හීනියට.... said...

මචO සඳරු පැහැදිලියි උපරිමයෙන්ම තියෙන අපහසුව.....
අභීතට පුලුවන් කොළඹ අලි කාරයන් සමග කරන්න පුලුවන් දේ බලන්න. (මම ඉන්නෙ ලුණු වතුරෙන් මෙපිට බO.)
කොළඹ විශ්ව විද්යාලයෙ තියෙනව මම හිතන්නෙ ක්‍රියාකාරි සOගමයක් ඔය සම්බන්ධව.....

සරත් ලංකාප්‍රිය said...

සැලසුමකින් තොරව ජනාවාස ඉදිකිරීමයි වනාන්තර සහ වන සතුන් ගැන ක්‍රියාකිරීමට බලය ඇති ආයතන කිසිම සැලසුමක් කැපවීමක් නැතුව වැඩකිරීම විතරක් නෙවෙයි හරි හමන් දේශපාලන නායකත්වයක් ඇමති මට්ටමෙන් මේ අංශවලට නොලැබීමත් හේතුවෙනවා. හැම වෙලාවේම මේ වගේ අමාත්‍යංශ විසිකරන්නේ වැඩකට නැති අය්යාලට මොකක් හරි දෙන්න ඕන කියල..ඒ අයත් අමාත්‍යංශයේ සල්ලි වලින් සැප විඳලා විදේශ ගමන් පවුල් එක්ක ගිහින් චුතවෙලා යනවා.. ඊළඟට එන සෙට් එකත් එහෙමම තමයි.. අපේ ජාති දෙකක් මරා ගන්න ප්‍රශ්නේ වගේම තමයි මේකත්. අපි දෙගොල්ලම(මනුස්සයෝයි සත්තුයි) මේ මිහිපිට පොදු අයිතිය යටතේ සහජීවනයෙන් ඉන්නෝන කියන එක තමයි මට අන්තිමට කියන්න තියෙන්නේ.එකට මග පාදන එක ආණ්ඩුවල වගකීමක් .. පගේ බ්ලොග් එකට ආපහු අනා ඕනේ.. ඔන්න මගේ එකට එන විදිහට මං තරු ක්ලබ් එකට බඳුන. මට අරක්කු එපා.. බියර එකක් හරි කිතුල් රා පොල් කට්ටක් හරි හොඳා

සරත් ලංකාප්‍රිය said...

මං දෙසියවෙනි තරුව හින්ද මට රා කලයක් දෙන්න වෙයි !

රවින් said...

සඳරු ලොක්කා දෙන්න විසඳුමක් දන්නේ නම් නෑ . සොරි වෙන්න ඕන.අලින්ගෙන් තියෙන කරදරේ මොනවගේද කියලා තේරෙනවා ඇත්තේ ඔය වගේ කරදර විඳින අයමනේ.. පරිසර වේදියෝ මොන බම්බුවක් කිව්වත් ඔය අලි ටිකට මතක හිටින පාඩමක් උගන්නන්න නම් තුවක්කුව වලට කතා කරන්න වෙයි. (ආවේගය වැඩිද මන්දා. ඒත් මට හිතෙන්නේ එහෙමයි. අලින්ට වඩා වටින්නේ මිනිස්සුනේ..)

හිස් අහස said...

@පැන්ඩා = අලි ගැන කතා කරද්දී උඹ මගෙත් එක්ක හැමදාකම හිටියා ..ස්තූතියි පැන්ඩයියේ ..ඔයා හරි ..
....................................................................................................................................................
@Heeniyata = අභීත ලොක්කා අතේ තමයි දැන් ගේම තියෙන්නේ . ඒත් මචං මූ මොනවා කරයිද ? අපිවත් ටුවරිස්ලට පෙන්නලා සල්ලි හොයාවිද ? මූ ඒවාගේ ඩයල් එකක්ලු ..(විහිලුවකි)කොළඹ කැම්පස් එකටනම් අපි කිසිම දෙයක් දන්වලා නෑ ඒකත් කරලා බලන්න ඕන .ස්තූතියි මචං
....................................................................................................................................................
@සරත් ලංකාප්‍රිය = මගේ 200 සාමාජිකයා ඔයාට කොහොමද ? ස්තූතියි මචං .මමත් ඔන්න මගේ සහය ඔයාට දුන්නා .නිතරම එන්න්නම් මම එහේ ඇවිල්ලා යන්න .ඔයාට දෙන්නම් මම "මුල්ල පටස්"
....................................................................................................................................................
@රවින් = උඹ හරි කොල්ලෝ . මගේ පවුලේ උන්ට වඩා මට අලියෙක් වටීද ? සෙල්ලම් දාන අලින්ට ලඟ්දීම බඩු පැකට් .පරිසර වේදියෝ එකෙක් හරි අපේ ගමේ කූඩාරම් ගහගෙන එන්න හිතුවානම් බලන්න තිබ්බා .මචං එයාට දුවන රඟ

පන්සල් හංදිය said...

මට හිතා ගන්න බැහැ මොනා ලියන්නද කියලා .........
වන ජීවී එකට කතා කරලා බලන්න .......
මේල් එඩ්‍රස් වෙබ් එකෙන් හොයා ගන්න බැරි වෙන එකක් නැහැ .....
තව ඕවට අදාලා එන් ජී ඕ වලටත් මේල් දාන්න .........
උත්සාහ කලොත් බැරි වෙන එකක් නැහැ ..........

පූසා said...

මට මේ පෝස්‍ට් එක මිස් වුනේ කොහොමද? ෂිඃ
මමත් දන්නවා බං ඔය ප්‍රශ්නේ ගැන. අලි නැති කාලේ කොටි කොටි නැති වෙනකොට අලි. අනේ මන්දා බං.

පිස්සා පලාමල්ල said...

මල්ලියා.. මේකට මම මොනව කියන්නද... ? උබලගෙ පැත්තෙන් බලද්දි උබල හරි... අනික් පැත්තෙන් මිනිස්සු කැලෑ අල්ලගෙන අලින්ට වාසස්තාන නැති වෙලා... මොනව කියන්න්නද මන්ද... පරිස්සමට

මැරා... said...

ඔය පාර මට හරිම හුරැ පුරැදුයි..........ඔය වගේ තැන් ලකාවේ ගොඩක් නෑ...හබරන වගේ.......

මැරා... said...

මමත් ගමේ යන්නේ ඔය වගේ පරකින් තමයි...

Sujeewa Kokawala said...

සඳරුවෝ;

අලියා ගැනයි මිනිහා ගැනයි දෙන්න ගැනම මාර කනගාටුවක් ඇති වන්නේ. අලි බය නම් මාත් විඳවලා තියෙනවා ට්‍රිප් ගිහින්. ඊට පස්සේ හීනෙනුත් බය වෙනවා ඒ කාලේ.

උඹේ ප්‍රශ්නේ විසඳන්න අපි මහා ලොක්කෝ නොවෙයි. දෙන්න පුළුවන් උපරිම ප්‍රචාරේ දෙන්නම්. ප්‍රචාරේට එහායින්, ඒ කියන්නේ පොදු වදක්ජ් හැටියට මොනවාද කරන්න පුළුවන්.

අලියයි මිනිහයි වැටෙන වෙන් කරන එක විසඳුමක් නේද? ඒ ගැන අවශ්‍ය පුද්ගලයින්ට කිව්වට වැඩක් නැතිව ඇති.

අන්තිමට මට කියන්න තියෙන්නේ මේ ලංකාවේ අලි-ගම් වල එවුන් දවසක අලි ඇඩ්වෙන්චර් ටුවර් වගේ දෙයක් ඔගනයිස් කරගෙන අලි මත්තෙන් ම ගොඩ ගියොත් මිසක්කා මේ දේශසීමා අරගලේ නම් විසඳෙන්නේ නැති බවයි. අලියා මත සංචාරක ප්‍රවර්ධන වැඩක් වත කර ගන්න බැරිද බං. කොහොමත් කන ටකරම නේ.

Sujeewa Kokawala said...

ආවේගෙට කොමෙන්ටුව ලියලා තමයි ඉතිරි ටික බැලුවේ. ඔය සංචාරක කටයුතු ඇමති තුමා දැනටම වැඩේට බැහැලා.

මගේ අදහසත් ඕකයි. ලැබුණු කට්ට ආශිර්වාදයක් කර ගන්න පුළුවන් නම් උඹලා දිනුම් මචෝ.

අපි [වගේ මොන මගුලක් වත් කරගන්න බැරි එවුන්] ටත් යම්කිසි දායකත්වයක් දෙන්න හැකි නම් අපිත් දෙන්නම් සපෝට්.

මගේ සිහිනය අභියයි සන්දරුයි එකතු වෙලා අලි ඇඩ්වෙන්චර් වැඩක් කරන දවස දකින එක.

උඹලට ජය. පරිස්සමින් හිටින්.

Bunny said...

මේකට සදරු අයියේ කරනවා නම් වැඩක් තියෙනවා.. ඔය පලාතේ හටියට සාර්තක වේවිද දන්නැ.. පුලුවන් නම් ගමේ අය එකතු වෙලා.. ගම වටේටම මී මැසී පෙට්ටි හදන්න..
මී මැස්සන්ට අලියෝ බයයි කියලා මං අහලා තියෙනවා..

වන ජීවි එකටවත් කාටවත් දොස් කිය කිය ඉදලා බැහැනේ, අපිම මොනා හරි කරගත්තොත් 1ක ජීවිතයක් හරි බේර ගන්න පුලුවන්..

Sujeewa Kokawala said...

මචන් අලි රන්චුවකින් ගමක් ගොඩ යන හැටි බලන්න ඕනෙනං පින්නවල පලයන්. මං කියන්නේ එහෙම දෙයක් කරන්න බැරිද ඔය ගම්මුන්ට?

කණු පිට හෝටල් ටිකක් වත් ගහන්නකෝ. කොහොමද ඩයිනින් විත් රෝමිං වයිල්ඩ් එලිෆන්ට්ස් ඇට් යුව ෆීට්?

Mahasen said...

සුජීව ගේ කතාවට එකඟ වෙනවා.. ඒත්, පණ බයත් එක්ක, ඕක කරන එක තමයි වැඩේ.
මිනිස්සුන්ගේ පණ බය නැති කරලා, අලින්ගේ පණත් රැක ගන්නේ කොහොම ද?

සහන් සටහන් said...

"ගම ගිලගෙන හිටපු මහ කැලෑව ටිකෙන් ටික අඩු වෙන අතරේ .! නාගරිකයන්ගේ බාසාවෙන් "බයියෝ" වෙච්ච අපි පුදුම සෙනෙහසකින් මේ අලුත් දියුණුව වැළඳගත්තා"

ඔහොම වෙද්දි කව්ද අසරන... අලි අයිති කැලෑවට කැලෑව නැතිවෙනකොට උන් කොහෙද ඉන්නේ, කන්න දෙන්නෙ "පොලිසියද"????????

වේදනාවෙන් පිරිච්ච තුවාලයක් හිමි අලියෙක් බෙහෙතක් ඉල්ලලා ආයාචනයක් කලොත්..............!

හා පැටික්කි (MS) said...

මම අදයි මේ පැත්තේ ආවේ සඳරු. එක අතකට කවදාවත් ඕවට මූණනොදීපු අපි මෙහෙම කියන එකත් විහිළුවක්. ඒත් මාත් ප්‍රියන්ත අයියා කියන දේ මත ඉන්නවා.

ඔය කොයි සතත් ගම් වදින්නේ ඔවුන්ට කන්න බොන්න ඇති භූමි ප්‍රමාණය ආහාර ප්‍රමාණය අඩු උනාම. දැන් කවුද ඕවා අඩු කලේ????? ඒකට ඒ සත්තු වන්දි ගෙවන්නෙත් ජීවිතයෙන්. ඔයගොල්ලන්ගේ ගම් වල මිනිස්සු වන්දි ගෙවනවා වගේම. හේනක් ගිනි තියද්දි කීයක් මැරෙනවද සත්තු???? මට නම් කවදත් මනුස්ස ජීවිතයක් තරම්ම සත්ව ජීවිතයක් වටිනවා. ඒකයි මෙහෙම කියන්නේ. මං දවසකුත් කාගෙදෝ පෝස්ට් එකක කිව්වා. අපි මේ කරන දේ.

හිතන්න ඔවුන්ගේ ඉඩම් කියලා ඔවුන් මිනිස්සු වගේ කැලෑ වෙන්කරගෙන වැටවල් බැඳ ගත්තනම්????? එහෙනම් වගා කරන්න දර ගන්න ගහක කොලක පලක් ගන්න අපිට ඉඩක් නොදුන්නනම් ඒවා ඔවුන්ගේ කියලා?????? ඔය පාරවල් ගොඩක් යන්නේ ඉස්සර කැලෑ තිබුන තැන් වලින් නේද? අපි ඒ ගොල්ලන්ගේ තිබුන දේවල් බලෙන් අල්ලගත්තා මදිවට ඒ අයටම ආයෙමත් දොස් කියනවා නේද????

මනුස්සයෙක්ගේ වත්ත මැදින් පාරක් ඉල්ලුවොත් ඉඩමක් ගත්තොත් වැඩි දෙයක් එපා ගහක් කපා ගත්තොත් මනුස්සයෙක් වෙලත් හැසිරෙන විදිය කොහොමද??? එහෙම එකෙ ඔවුන්ට අයත් භූමිම ප්‍රයෝජනයට ගත්තු අය විදියට ඇයි අපිටත් හිතන්න බැරි ටිකක් මේවා වුනේ අපේම අයගේ වරදින් කියලා.

අලි ඇතුන් කියන අය සංචාරයට බොහොම කැමති අය ඒ අය හැම මොහොතෙම අතනින් මෙතන්ට මෙතනින් අතන්ට යන අය. ඒ වගේ අයට කුඩා භූමියක් දීලා මේ ටිකේ විතරක් හිටු කියලා නවත්තන්න පුලුවන්ද අපිට????? එක්කෝ බලධාරීන් ක්‍රියා කරන්න ඕනි ප්‍රමාණවත් තරම් භූමි ප්‍රමාණයක් වන වගාවට ලක් කරලා ඔවුන්ට දෙන්න. එහෙම නැතුව ඒ ජීවිත විනාශ කිරීමෙන් වන්නේ අපෙත් විනාසයමයි කියලා මතක තියා ගන්න ඕන අපිත්. පරිසරයට එරෙහිවෙන මිනිසාව ගිලගන්නෙත් පරිසරයමයි. ඒක මං තදින්ම විශ්වාස කරන දෙයක්. හරියට අපි දන්න කර්මය වගේ.

මං මේ කියන ඒවට ඔයාට තරහා එන්න පුලුවන් මොකද ඔයා ඔය ප්‍රශ්න වලට මුහුණ දීලා හෙම්බත් වුන අය. ඒත් අපිටත් වගකීමක් තියනවා ප්‍රශ්නෙක සාධාරණත්වයෙන් බලන්න. සමාවෙන්න වැරදි යමක් කිව්වනම්. මං සම්පූර්ණයෙන්ම කිව්වේ මගේ හිතේ තිබුන අදහස් ටිකක් විතරයි. අකමතිනම් පලනොකර ඉන්න මෙය කිසිම අමනාපයක් නැහැ.

Sujeewa Kokawala said...

හැකිතාක් දුරට අලි මංකඩ පිහිටුවීමෙනුත්, විදුලි වැට මගින් වෙන් කෙරීමෙනුත් පමණක් මේ ප්‍රශ්නය විසඳිය හැක. අලින් මෙන්ම මිනිසුන් ද යලි පදින්චි කරවීමක් කරන්නට වෙනු ඇති. මෙහි අධික වියදම පියවා ගන්නට සංචාරක කර්මාන්තය පිටිවහලක් කර ගත හැක [ලංකාවේ සියලු සත්ව උද්‍යාන දුවන්නේ පින්නවලින් එන ආදායමෙනි - අලියා ධන උල්පතකි]

Sujeewa Kokawala said...

උදාහරණයක්: ගම වැටෙන වෙන්කරලා වැට දෙපැත්තේ හෝටලයක් ගහනවා. අලි ඉන්න පැත්තේ කණු උඩ රෙස්ටොරන්ට් එකක් දාලා අලින් නිතර ගැවසෙන පරිදි යටින් වන වගා කරනවා. කවුද අකමැති වල අලි රංචුවක් එක්ක කෑම වේල ගන්න

Anonymous said...

baladarin wal ali wana ali kalapasu thathwaya keseda?

sahodaraya mama inna palathe ali nathath ape paththatath wasre eka kalekata ali enawa.oya hettipola side eken.e wage welawaka mata raka e gamakata yanda una.aliyek gahala marei kiyana marana baya hodatama danuna.oya gollanta danena de gana hodatama theruna.alith inda one .eth minissunta karadarayak nowena widiyakata.ehema neda?

Anonymous said...

උබ අම්පාරේ කොල්ලෙක් නේද ..උබේ බ්ලොග් එක නම් මරු ...

Nuwan Kithmal Warawita said...

Sadaru ammpare koheda inne? eka kiyala nehene?

ටීම් ට්‍රැවලර්ස් said...

අඩේ සඳරුවා.. උඹේ බයිකෙක හන්ක් එකක නේද :P
ගොඩක් ස්තුතියි මේ අත්දැකීම් අපි එක්ක බෙදා ගත්තාට.
හරියට මමත් එතන ඉන්නවා වගේ තේරුනේ.

නවෝ!

Prabath said...

පින්තුරේ තියන බස් එක , කොහේ ඉඳන් කොහාට යන එකක් ද ? :)

Anonymous said...

godak parikhana kara anthimedi me koheda kiyala hoyagaththa, kiwwata tharaha wena ekak na neda Sandaru, mokada me lipiya kiyawana boho denekuta i langata ena prashne me koheda kiyana ekayi, meka Ampara - Inginiyagala para wage penne, Amparata km6 k meha, km 5 k athin thiyena guwan thotupolata yanna parakuth issarahin thiyenawa wage, hari neda :-) :-)

Anonymous said...

මාත් හිටියා ඔය පැත්තෙ.. යාළුවෙකුගේ ගෙදර.. හරි සනීප පැත්ත.
මං මුවංගල 6 කෑල්ලේ

Post a Comment

තැන්කූ බං