14.6.11

පච්ච කොටාගෙන. ගෙදර ගියෙමි

   ඉර උපරිමේටම පායලා ! .අහසේ එකම එක වලාකුලක්වත් නෑ . තරම් පායපු ගිනි මද්දහනක වුණත් එදා නම් මාව වෙවුලන්න ගත්තා .මොකක්වත් නිසා නෙවෙයි හිතේ දෙගිඩියාව නිසාමයි .. කාලයක් තිස්සේ හිතේ තදකරලා තියාගෙන හිටපු එක අහිංසක හැඟීමකට පණ දෙන්නයි මගේ මේ සූදානම .පපුව හයියෙන් ගැහෙන්නේ , අත් දෙක වෙවුලන්නේ . අන්න ඒ නිසයි .

දිනය 2010 / සැප්තැම්බර් මාසේ.. 8 වෙනිදා හෝ 9 වෙනිදා .! .
මගේ කතා නොකරන හිතේ ඒ කාලේ බුර බුරා නැඟුණු තවත් එක් මුරණ්ඩු සිතිවිල්ලක් තමයි පච්චයක් කොටා ගන්න එක . ඒ සිතිවිල්ල මගේ හිතට කොහොම ඇතුල් වුණාද..? කවදා ඇතුල් වුණාද ? කියලා මම තවම දන්නේ නෑ . ඒ සිතිවිල්ලට පණ දෙන්න පුදුමාකාරයේ තදියමක් තමයි මටත් තිබුණේ .

වෙනකොට මගේ වයස යන්තම් අවුරුදු 21යි. පච්චයක් කොටා ගන්න නම් ඒ වයස හොඳටම ප්‍රමාණවත් ..ඒත් ...පච්චය කොටාගෙන ගෙදර යන්න නම් ඒ වයස කොහෙත්ම ප්‍රමාණවත් මදි ..පච්චයත් එක්ක සමාජයට බහින්නත් ඒ වයස කොහෙත්ම ප්‍රමාණවත් නෑ .

ඉතින් කල්පනා කළා.. විටෙක උඩ බලාගෙන ..තව වතාවක මාපටඟිල්ලෙන් පොළව හාරමින් , අතේ නියපොතු කොට වෙන්නම දතින් හපමින් . මම කල්පනා කරා........

අන්තිමට තීරණයක් ..!

ඒත් හිතුවා තව පාරක් !

මේක මුලු ජීවිත කාලෙටම බලපාන තීරණයක් .!
මුලු පවුලටම බලපාන , මගේ මුලු අනාගතයටම , ජීවිතයටම බලපාන තීරණයක් ! නැතිවෙච්ච තාත්තගේ ගෞරවය ..අම්මාගෙයි නංගිගෙයි හිනාව . මේ හැමදෙයක්ම .පරදුවට තබලා ගත්තු තනි තීරණයක් .

ඔවු..! එදා මම ඒ තීරණය ගත්තා .පපුව පිරෙන්නම හොඳ හුස්මකුත් ගත්තා . ඊට පස්සේ පච්චය දකුණු අතේ කොටාගන්න හිත හදාගත්තා ..
අම්මගෙ කඳුළු , නංඟිගේ රැවිලි , නැන්දගේ කොහු පාර , ගමේ උන්ගේ නින්දා , නෑදෑයොන්ගේ පඩත්තර කතා . මේ හැමදේකම බර එකවර මගේ දකුණු අතේ එල්ලගන්නවා කියන්නේ සෙල්ලමක් නම් නෙවෙයි ..දරාගෙන ඉන්න හැකි වේවිද මට ඒ මහා ලොකු බර ? ජීවිත කාලය පුරාම ?

"හ්ම්.. පුළුවන් වේවි ..

බයික් එකට නැගලා හෙල්මට් එකත් තද කරගෙන . සමරේ ගැරිජ් එකේ නන්දනව හම්බ වෙන්න ගිය මොහොත මට තවම මතකයි .
මුලු පළාතෙන්ම පච්ච කොටන වැඩේ කළේ "සමරේ ගැරිජ් එකේ නන්දන" විතරමයි ..නන්දන පච්ච කොටන්න පටන්ගත්තේ මේ මෑතකදී .ඊට කලින් පන්සල් වල චිත්‍ර ඇන්දා , පෝස්ටර් කටවුට් ඇන්ඳා , හරකුන්ට හණ ගැහුවා .! අන්තිමටම පච්ච කොටන ව්‍යාපාරයට බැස්සා..ඉතින් ඔන්න මමත් නන්දනගේ කස්ටමර් කෙනෙක් වෙන්නයි සූදානම .

ඉතින් පච්චය කොටන්නයි සූදානම .. නන්දන එයාගේ පච්ච මැසිමට වැඳලා .. මැසිමේ ගැලවෙලා තිබුණු තැනක් සුපිරි ගම් වර්ගයක් යොදලා ඇළෙවුවා . සිදුවීම දැකලා මගේ හදවත පොඩ්ඩක් ගැස්සුණා .!

"මොකද්ද බං ඔය කරන්නේ ? ඕක කබල් වෙලානම් කියපං අලුත් එකක් ගන්නකම් මම මේ පැත්ත පළාතේ නෑවිත් ඉන්නම් ..

"
නෑ නෑ මල්ලී මේ දැන් හරි ..

නන්දන ඒ පච්ච උපකරණයේ තිබුණු කළු පැහැති උල් කටුව ඉටිපන්දම් දැල්ලකින් පුච්චලා .පුළුන් කෑල්ලකින් පිහිදැම්මා ..

"මචං මේ ඔය කට්ට අලුත් එකක් නෙවෙයිද ? මට මොන සමාජ රෝගෙ හැදෙයිද දන්නෑ බං අලුත් එකක් දාමු . මම ගාන දෙන්නම් ..
"අලුත් කටු නෑ සඳරු මලේ .. මේකෙන් තමයි බං මම ආරොං මාමාගෙයි , චාර්ලිස් සීයාගෙයි බුලට් ගෙයි. ඔය හැම ඩයල් එකකගෙම පච්ච කෙටුවේ ..උන්ට කිසි ලෙඩක් නෑ නේ උං යහතින් ඉන්නවානේ ..

" වුණාට බුලට් මැරුණනේ බං !

" බෙල්ලේ වැල දාගෙන නේ බං ...පිස්සු නැතුව කොටමු ..!

නන්දනගේ තර්ක විතර්ක ඉදිරියේ . මම පසු බැස්සා මේ තරම් දුරට හිත ගලක් කරගෙන ඉඳලා . මේ අවසාන මොහොතේ කට්ටක් හින්දා ගත්තු තීරණය වෙනස් කරන්න මට හිතුණෙම නෑ ..
නන්දන මගේ දකුණු අත ඩෙඩෝල් වතුරෙන් යන්තම් හෝදලා . මම තෝරලා දිපු ඩිසයින් එක ටිෂූ කොළේක ඇඳලා මගේ අතේ ඇළෙවුවා ..ඊට පස්සේ තත්පර දහයකින් විතර ඒක ගලවලා දැම්මා . එතකොට ඒ ටිෂූ කොලේ තිබුණු ඩිසයින් එක මගේ අතේ ලාවට වැදිලා තිබුණා ..

දැන් ඉතින් කොටන්නයි තියෙන්නේ !
දෙදරන පච්ච මැසිම මගේ අතට ලං වුණා .."රිදෙයිද ? මගේ හිත මගෙන්ම ආහනවා ..රිදිච්ච දෙන්" . මම තදින් හුස්ම අල්ලගත්තා . ! බ්ලේඩ් තලයකින් අත කපනවා වාගේ සියුම් රිදීමක් මට දැනෙන්න වුණා ..මම කාගෙන හිටියා .මොහොතකින් ඒ රිදීම මට ආතල් එකක් වුණා .. සමහරුන්ට රිදෙන එක ආතල් එකක් ...

විනාඩි හතළිස් පහකින් විතර පච්චය කොටලා ඉවරයි . යන්තම් මතුවෙච්ච ලේ බින්දු සමග පච්චයේ තින්ත එකතු වෙලා මගේ දකුණු අතේ සුන්දර රටාවක් මැවිලා තිබුණා .මගේ හම සුදු නිසා පච්චය නියමෙට කැපිලා පේන්න පටන්ගත්තා.. මමත් කණ්ණාඩියෙන් ඒ දිහා බලලා . බයික් එකේ නැගිලා ගෙදර ගියා ..

දැන් කළුවර වැටිලා .. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට ! ...
ගෙදරට ගිය ගමන්ම මම ඉක්මනින්ම නාගෙන ඉක්මනින්ම නිදාගත්තා ..පහුවදා මම ළිඳ ගාව නාද්දී .මට දුර ඈතකින් කවුදෝ කෑගහන සද්දයක් ඇහුණා ..මම හැරිලා බැලුවා ඒ කෑමොර දෙන්නේ මගේ නැන්දා .. මාව පාලනය කරන කෙනා , ගෙදර ජේලර් තුමිය .!

"සීවරං දෙයියනේ !! .. මෙන්න මූ පච්ච කොටලා ! .. නංගී එළියට වරෙං .. සඳරු මම තෝව අද තියන්නේ නෑ ! හම ගහනවා මම තෝව" . !!
නැන්දා ගස්ලබු ඉත්තක් වන වනා මගේ ළඟට දුවගෙන එනවා ! ..ඇත්තම කියන්නම්. මම බය නෑ කාටවත් .මට ගහන්න සීයක් ආවත් මම දුවන කෙනෙක් නෙවෙයි .ඒත් නැන්දා ඉදිරියේදී මම අත දරුවෙක් විතරයි . මම බාල්දිය විසිකරලා දිවුවා වත්ත වටේ ..

අල්ලපු ගෙදර මිනිහා එබිකම් කරනවා ..! ඇයි අයියේ එබෙන්නේ ඔයාට හාල්ද ? ඌ ගෙට වුණා

කොහොම හරි මම නැන්දාගෙන් බේරුණා ..
ටිකක් වෙලා ගිහින් හැම දේම යහපත් අතට හැරුණා කියලා මට දැනුනාට පස්සේ මම හෙමින්ම ගිහිල්ලා ආයෙමත් මගේ නෑම සම්පූර්ණ කරගත්තා ..ඊට පස්සේ තමයි මම යන්තම් ගෙට ගියේ ..

අම්මා අඬ අඬා තේ හදනවා . නංගිට නම් කිසිම ගාණක් නෑ .හිනා වෙවී ඉන්නවා මුල්ලකට වෙලා .මමත් හෙමීට අම්මා ළඟට කිට්ටු වෙලා ..

"නැන්ද ගියයි ?

"ඔවු අන්න යන්නම යනවා කියලා ගියා ..

"ඔය ගියාට ආයේ ඒවි ..

අම්මා මගේ දකුණු අතේ තිබුණු පච්චය දිහා බැලුවා ..පපුව ආයෙමත් ඩිග් ඩිග් ගෑවා . ගහයි , බණියි කියලානම් නෙවෙයි අම්මා ආයෙමත් කෑ ගහලා අඬන්න ගනීවි කියලයි ..
අම්මගේ ඇස්වලට හැමදාමත් කඳුළු ගෙනාවේ මම . හැමදාකම මම කරේ වැරදිම විතරයි .ගහමරාගෙන ගෙදර එනකොට , බීලා ගෙදර එනකොට . අම්මා හැමදාම කළේ අඬන එක . ඊටපස්සේ මම බීගෙන වලි දාගත්ත දාට . ගෙදර එන්නේ නැතුව වෙන වෙන තැන්වල නතර වුණා . අම්මට කඳුළු දෙන්න බැරි නිසාමයි ..පච්චයක් නිසා මම ආයෙම වතාවක් එයාව ඇඬෙවුවා ..

"මේක නිකං අන්නාසි මලක් වගේනේ .. වෙන ලස්සන මෝස්තරයක් තිබුණේම නැද්ද ?

අම්මා එහම ඇහුවේ කඳුළු අතරින් නැගුණු පුංචි හිනාවක් හංගන්න උත්සහ කරන ගමන්මයි ..මට පුදුම හිතුණා..!
මම වැරදි ඇති .. මට ඕනෑ වුනේ පච්චයක් ගහගෙන පොරක් වෙන්න නෙවේ .! , මම කොහොමටත් පොරක්නේ මට එදා ඕනෑ වුනේ .මගේ ජීවිතේ හැමදාමත් මම ඒ සතුටින් ගතකරපු දවස් අමතක නොවෙන්න මගේම කරගන්නයි .

මේ පච්චයට දැන් අවුරුද්දකුත් වෙන්න ළඟයි . මම මීට කාලෙකට කලින් ගතකරපු ඒ ජීවිතේ , එදා සිද්ධ වෙච්ච සිදුවීම් . මේ හැම දෙයක්ම මගේ දකුණු අත දිහා බලන විට මට මතකෙට එනවා ..! මම මැරෙන කල්ම මේ පච්චය මගෙත් එක්ක ඉඳීවි . මම තරුණ කාලේ කරපු කියපු හැමදෙයක්ම මට ආයෙමත් මතක් කරලා දේවි ..ජීවිත කාලෙ පුරාවටම මගෙත් එක්ක ඉඳීවි ..
මේ හැමදෙයක්ම ඉවර වෙච්ච දවසට . . . . . .
ඔවු ! ඇඟේ පතේ හයිය හත්තිය ඉවර වෙච්ච දවසක. ගහක් යට හීල් හෙවණකට වෙලා. හීනිවට අඩියක් දාගෙන මේ පච්චය දිහා බලලා මම මතක් කරන්නම් .. මගේ ගෙවුණු තරුණ කාලේ ගැන ..

"සත්තයි" මට ඕනෑ එච්චරයි ..!


86 comments:

pissi said...

එදාට හිතෙයි මීට වඩා වෙන ලස්සන එකක් තිබ්බෙම නැද්ද කියලා :P

සංකල්ප said...

පච්ච ගහපු එක වැරදියි කියලා මම නම් හිතන්නේ නෑ. නැන්දා රෙදි උස්සන් ආවේ මලයට ගහන්න ද ? ඒවා කොහෙද අපිත් එක්ක.

මල්ලි කියන කතාවත් හරි. අපි තරුණ කාලේ කරපූ වීරකම් මෝඩ වැඩ මේ සේරම වයසට ගියාම අපට මතක් කරගන්න පුලුවන් නේ. අඩුම ගානේ මල්ලිගේ ළමයෙක් උනත් ඒක ගැන ඇහුවම ආසාවෙන් කියලා දෙන්න පුලුවන් නේ.

මාත් එකක් කොටා ගන්න ඕනේ. අපේ අප්පච්චි මගේ හම ගහයිද කියලා බයයි.

තාරක Dilsh@n said...

ඔක නොගැහුවනම් වයසට ගියාම උඹ දුක් වෙයි, ඇයි ඒ කාලෙ කලේ නැත්තේ කියලා

දුකා said...

හ්හ්ම්ම්ම් කියන්න ජාති ගොඩක් ඇතේ . .

නිවාඩු පාඩුවේ කියන්නම් මළේ . .

පච්චේ එල ඈ . .

පච්චයක් කොටා ගන්න එක මගෙත් හීනයක් ඒත් බන් හිතේ හයියක් නෑ ඒකට මූන දෙන්න.

ලෙඩක් හැදිලා ඉන්නකොට ඉන්ජෙක්ෂන් එකක් ගහන්නෙත් මර බයේ බන් . . හික්ස්

රත්ගමයා said...

සදරු අයියා නැන්දා ගහන්න එනකොට ජංගිය පිටින්ම ගම වටේ දිව්වයි....
ඉකේයියා.....හෙන චාටර්....

දැනුවත් කිරීමක් - වෙනදා නැතුව අද සදරු උදේ පෝස්ට් එකක් දාලා..ඒකට හේතුව ඉතින් අබිලික් සීන් එකක්..මගේ බ්ලොගේ පොඩි අවුලක් තිබිලා ඒක ගොඩ දාන්න ගිහින් එලි වෙනකල් ම ඕක හද හද ඉදලා.ඉතින් උදේ වැඩට යන්නත් බැරි වෙලා නේ...
මෙය මීට පහලින් කමෙන්ට් දාන අයගේ දැන ගැනීම පිනිසයි...
පච්ච ගැහුවට මිනිස්සුන්ගේ හිත වෙනස් කරන්න බෑ නේ...හිත හොද තද වෙන වලි දාගන්න සදරු.....

නදී said...

මටත් ටැටූ එකක් ගහන්න ඕනෙ!ගොඩක් රිදෙනවද?

නදී said...

ඒත් අම්ම මාව ගෙදරින් එලවයි,පල පච්චෙ කොටපු එකා එක්කම කියල :(

පූසා said...

මගෙත් තියන ආසාවක් ඕක. ඒත් දැම්ම බෑ. පස්සේ කාලෙක සලකා බලනවා :)

පිණිබිඳු... said...

කොල්ලොන්ට පච්ච කිව්වොත් පුදුම ආසාවක් තියෙන්නෙ නේද. කොල්ලොන්ගෙ ලෝකෙ.

Praසන්ன said...

සඳරු මල්ලි කොහොමහරි ආශාව ඉෂ්ටකරගෙන තියෙනවනෙ.
මමත් මේකෙ වැරැද්දක්නං දකින්නෙ නෑ.

ඉතිං නැන්ද ආයෙම ආවැයි?

නචියා said...

ඒක තමයි රතා මාත් බැලුවේ. සදරූගේ පෝස්ට් එකක් තියනවනම් උදේම තියනවනේ. අද දවාලෙ දාලා තියෙන්නේ මොකද කියලා.

පච්චෙ එළ. උඹගේ ආසාවනේ ඉතින්. පච්චයක් ගහනවා කියන එක මහා ලොකු දෙයක් නෙවේ. ඒත් ඉතින් පච්චයක් ගැහුවම ඒක බලන් ඉන්න බැරි කට්ටිය තාම අපි අතරේ ඉන්නවා.

මගේ කතා said...

මටත් කටු කම්බියක් වගේ සීන් එකක් කොටා ගන්න පට්ට ආසාවක් තිබ්බා. හප්පේ... ඒක කොලා නම් මට ‍යන්න වෙන ගෙයක් හොයා ගන්න වෙනව. හැබැයි මලේ උබේ ටැටුව නම් මාර සිරා..

තිශ් said...

2010.09.09 පුදුම දවසක් බං.. දවස් තුනක් නොකා නොබී ඉඳල උඹ Tattoo එක කරපු දවසෙ උදේ ඉස්පිරිතාලේදී මගෙ අත් දෙකට සේලයින් කටු ගහපු හැටි මට අමතක වෙන්නේ නෑ කවදාවත්..ඔය දවසත් පුදුම දවසක් බං..කෙනෙක් ජීවිත කාලෙම මං ලග ඉන්නව කියල මට පොරොන්දු උන දවසක්.ඒ දවස උඹ දන්නවා මයෙ හිතේ..මගෙ අතේ ඔය තරම් පච්චයක් කොටන්න තරම් ඉඩක් නෑ බං..ඇටකටු ටික විතරනේ...

හසී said...

සදරු පච්ච සිරා වෙලා ;)

Hishan de Silva said...

මම නම් මචං මං මැරෙන්න ලං වෙද්දි මගේ ඉතිහාසෙ අමතක කරල දාන්න කැමතියි. තරන්න අමාරුයි තමා ඒත් මම කැමති නැහැ මම මැරෙද්දි වැරදි සිතුවිල්ලක් මගේ ඔළුවට ඇවිල්ල මගේ ඊලග භවේ චාටර් කරගන්න. උඹ පච්චයක් කොටාගනිපු එකට වැරැද්දක් කියනව එහෙම නෙවෙයි. ඒක උඹේ කැමැත්ත.

මට නම් කවදාවත් පච්චයක් කොටාගන්න හිතෙන එකක් නැහැ. තම තමංගෙ කැමැත්ත අනුවනෙ දේවල් සිද්ධ වෙන්නෙ. හැබැයි මචං එක උපදෙසක් දෙන්නම්. තමන්ටත් හානියක්වෙන අනුන්ටත් හානියක් වෙන කිසිම දෙයක් කරන්න එපා. මේ ටික මම ඉගෙන ගත්තෙ ලගදි.

මම මැරෙද්දි මම වඩාත් කැමති දෙවල් අත්හරින්න මම තීරණය කරල ඉවරයි. උඹ කියන හැටියට උඹ වයසට ගියහම මේක බලල උඹට දුක හිතේවි දැන් මම වයසට ගිහිල්ල කියල. අන්න ඒ දේ සිද්ධ කරගන්න මම කැමති නැහැ. මේක කියවන කට්ටිය මට ඉතින් හිනාවේවි මූ කොහොමද එහෙම කරන්නෙ හිතල. කමක් නැහැ. අවුලක් නැහැ. ඉතින් මටත් හිනා. හික් හික්...

සරත් ලංකාප්‍රිය said...

මං ඉස්සර කාලේ පොඩි වැඩ කිඩ පන්තියක කලා. එකට ආව ටිකක් මරුමුස් බුවෙක් ඉගෙන ගන්න ඌ කමිසේ ගලවපුවම ඔක්කොම මගේ ගෝල කොල්ලෝ හිනාවෙන්න ගත්ත.. දන්නවද මොකක්ද කොටලා තිබ්බේ කියල "වැඩ දෙනව ගුටි කනව" ඉතින් ඔය මොකක් හරි වලියකට අහුවෙල් පොලිසියට ගියාම මොකද වෙන්නේ මේ ගොන් තඩියට ?

Dakshina said...

ලොල්... මටත් කාලයක ආසාවක් තිබුණා අර Prince of Persia game එකේ ඉන්න පොර වගේ හෙන සයිස් පච්චයක් ගහන්න.

මෙන්න මේ වගේ...
http://3.bp.blogspot.com/_AJ4wGazvdK4/SX6K5COavDI/AAAAAAAAAPM/-G5VXYL_KqU/s400/maori-tatoos.jpg

ඕක ගැහුවොත් එහෙම මම ගෙදර බත් කාලා බොරු... xD

Abeetha Edirisinghe said...

"අලුත් කටු නෑ සඳරු මලේ .. මේකෙන් තමයි බං මම ආරොං මාමාගෙයි , චාර්ලිස් සීයාගෙයි බුලට් ගෙයි. ඔය හැම ඩයල් එකකගෙම පච්ච කෙටුවේ ..උන්ට කිසි ලෙඩක් නෑ නේ උං යහතින් ඉන්නවානේ ..”

දැන් එහෙනම් උඹත් පොරක් ඈ......

සමනළී... said...

:O :O ඕකට කියන්නේ වයසෙ වැරැද්ද කියල අය්ය...:D :D
මොනව වුණත් ලස්සන පච්චේ.....:P

Anonymous said...

22-25 kalawala idea ekak tibba tatoo ekak gahaganna.eth eka e kalema atariya.danui hitenne ehema nokarapu eka hodai kiyala.

දුකා said...

@සරත් ලංකාප්‍රිය !
"වැඩ දෙනව ගුටි කනව"
දැක්කම මතක් වුනේ වෙන හරුපයක් හික්ස්
"වෙඩි කනවද . .. . .. . ."
ඒක කෙටුවේ ඔය කියන පොරගේ අයියද දන්නේ නෑ
හි හි හී

Sri said...

පච්චේ එල...

Asanka Udayanga said...

ටෑටු එකක් ගෑහුවා කියලා එච්චරම අව්ලක් නෑ කියලා මම නම් හිතන්නේ ඕවා ඉතින් අපේ සමාජේ තියන මති මතාන්තරනේ,ටෑටු පාරනම් ලස්සනයි මචන්,එල එල.........

Anonymous said...

ලස්සන ටැටු එක සඳරූ .... නියමයි.....

networkdisa said...

අෙඩා් මම තාම ෙගදරින් බත් කන බුෙවක්.මම ෙජාබ් එකක් කරල මාස 6ක් යන්න කලිෙයන් අනිව පච්චයක් ගහනව මෙචා්.හැබැයි ඔය වෙග් චාටර් එකක් නෙමයි ෙකාලුෙවා.

ඔන්න මම ඩුබායි වල ඉන්න අෙප් අයියටත් උෙබ් බ්ෙලාෙග් ලිපිනය දුන්න.

පැන්ඩා said...

හික් නදී අක්ක ගහන ටැටු..
මම නම් ජොබ් එකක් සෙට් වුන ගමන් තට්ටෙ ගාල ගහනව එකක් තට්ටෙ පිරෙන්න..හැබැයි මාස තුනේ එකක්.
හිකිස්..
ටැටු එක අවුලක් නැ මට දුක ඊට පස්සෙ නන්දනයගෙන් ටැටු ගහන එවුන්ට හැදෙන ලෙඩ ගැන..සීවරං දෙයියන්ගෙම පිහිට තමා උන්ට.

ඒක නෙවෙ රතු පාට ගැවෙ උඹ නේද ? නන්දනය ගෙ ලඩරං මැශිමෙන් බයි කලර් ගහන්න බැ නේද ?

රවින් said...

මමත් පච්චයක් ගහ ගන්න ගොඩක් ආසාවෙන් හිටියා o/l කාලේ. ඒත් ගෙදරින් පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ. මගේ ඒ ආසාව ඉබේටම නැතිවෙලා ගියා..:-)

පන්සල් හංදිය said...

මගෙත් කාලයක් තිස්සෙ තියන අයිඩියා එකක් තමා ......
ඒත් සමහර දේවල් අපිට ඕන විදියටම කරන්න විදියක් නැහැ ....
කොහොම උනත් ලස්සන පච්චයක් .........

jhothishalanka said...

ඉස්සර මටත් පච්චයක් කොටන්න හිතිලා තියෙනවා.මම පච්චයක් කටුවනම් අනිවාර්්‍යයෙන් මාව ගෙදරින් පන්නනවා.පච්ච ගැන මොන කතාද සැරයක් අමුතු විදියට කොණ්ඩෙ කපලා ගෙදරින් දාපු කරදරේ තාම මතකයි.
ෆොටෝ එකේ අපේ කමක් පේනවා.සදරුමද මන්ද ෆොටෝ එකේ ඉන්නේ
@නදී ඔයාට නම් පච්ච කොටාගන්න වෙන්නේ පිටට පේන්නැති තැනක තමයි.

ලකී සිරි said...

ඒක හොඳයි ...වෙන එකෙක් ඇවිත් කොටන්න කලින් තමුන්ම කොටා ගත්ත එක...
ඇත්තටම උඹට තිබුනෙ ඕක කොටන්න ඉස්සර අම්මාගෙන් ඩිසයින් එකට අනුමැතිය ගන්න..මොනවා වුනත් ලස්සනයි සඳරුවො...

Podi Kumarihami said...

අම්මා කීවා වගේ වෙන ලස්සන මෝස්තරයක් තිබුනේ නෑද්ද හැබෑටම?

කිඩෝ said...

මදැයි සදරුවත් පච්ච සිරෙක් වෙලානෙ... නැද්දා තාම යන්නම ගිය ගමන්ද... හි හි.... දැන් ඉතින් හිස් අහසේ පච්ච සිරා කියල නම වෙනස් කරගනින් හි හි.....

Adikaram Express said...

එල කොල්ලෙක්නෙ...

රොකියා | Udara said...

සිරාවටම බන් වෙන මෝස්තරයක් තිබ්බෙම නැද්ද බොට ! මටත් හෙනම පිස්සුවක් තිබුනා ඔය ටටෝ එකක් ගහ ගන්න ! මම පිටරට වැඩ කරනකොට එතන හිටියා පිලිපීන් ජාතික ඩයල් එකක්. පච්ච මාස්ටර් ! නෙට් එකෙන් මොකක් ඩවුන්ලෝඩ් කරගෙන ගියත් මිනිහා ඔර්ජිනල් එකට වැඩිය හොඳට ගහනවා. මමත් මේ පාර ආයේ ගිහාම අනිවා කොටන එක කොටනවා ගොනුස්සෙක්ව !

Anonymous said...

අප්පටසිරි දැං අපිට පච්ච කාරයො දෙන්නයි, රංගයයි මේකයි, හැමෝම බය වෙලා හිටපියව්. [ඉරිසියාවට බං එහෙම කියවෙන්නෙ]

කතන්දර Kathandara said...

කෙල්ලෙක් ගේ නමක් නැතුව ඔහොම එකක් දා ගත්තු එක හොඳයි...!
පස්සේ අවුලක් වෙන එකක් නෑ!

මං දැකලා තියෙනවා තායිලන්තේ හාමුදුරුවරු පච්ච කොටගෙන ඉන්නවා අත්වල. මං හිතන්නේ ඒවා ගාථා පද.

හිරණ්‍ය said...

"පච්චය කියන්නේ නිදහසයි
මම මගේ පච්චයයි
මගේ නිදහස පච්චයයි "
කියල ඉන්න එකයි තියෙන්නේ

පච්චය ලස්සනයි, අහල තියනවා හැම 'ටැටු' එකකටම තේරුමක් තියනවා කියල,මේකේ තේරුම මොකද්ද? :)

Anonymous said...

pachcha sadaru.... :D :D ela...

හිස් අහස said...

@pissi= මට එපා කියලා හිතුනොත් අනික් අතෙත් එකක් කොටාගන්නවා . එහෙම හොඳ නේද ?
......................................................................................................................................................
@මධුරංග = මුලින්ම අප්පච්චිගෙන් අවසර අරගෙන ඉවර වෙලා වැඩේට බහින්න . අප්පච්චි එපා කීවොත් ඔන්න ඔහේ අල්ලලා දාන්න . මගේ තාත්තා හිටියානම් මට කීයටවත් මෙහම පච්ච කොටන්න දෙන එකක් නෑ කියලා හිතෙනවා ..ඒත් මගේ කැමැත්ත හින්දා කොටවා ගත්තා .
......................................................................................................................................................
@තාරක Dilsh@n = නිසි කලට නිසි ඔසු ලබාගත්තා වාගේ නේද බං ?
......................................................................................................................................................
@දුකා = දුකා අයියේ බොහොම ස්තූතියි මගේ බ්ලොග් එකෙ ඔයාගේ රීඩිං ලැයිස්තුවට එක්කරගත්තාට අද ඔයාගේ බ්ලොග් එකෙන් සෑහෙන සෙගක් මෙහේ ඇවිල්ලා .පච්ච්චේ එල නේ ! එච්චර රිදෙන්නේ නෑ . ඩිංගයි ..ඔයාටනම් ඔය ඉන්න රටෙන් පට්ටම ඔච්චයක් කොටාගන්න පුලුවනි නේද ?
......................................................................................................................................................
@රත්ගමයා = මල්ලියේ මම ජංගි අඳින්නේ නෑ .සෝට ගහගෙන තමයි නාන්නේ . හැබැයි අද ඔන්න 12.30 විතර ආයෙමත් වැඩට ගියා .. දැන් උඹගේ බ්ලොගේ හරිනේ.. එහෙනම් ඒ සතුටට මට මොනාහරි අරං දියං ..
......................................................................................................................................................
@නදී = ටැටූ එක ගහද්දී නම් රිදෙන්නේ නෑ ඒතරම් . නිකං බ්ලේඩ් තලයකින් කපනවා වාගේ ..හැබැයි අම්මා පන්න පන්න ගහද්දී නම් රිදෙයි ..
......................................................................................................................................................
@පූසා = අප්පේ..! පූසෝ කවදයි පච්ච කෙටුවේ ? ..මචං පතෝල කරලක් කොටාගමුද ?
......................................................................................................................................................
@පිණිබින්දු = කොල්ලන්ගේ ලෝකය ත්‍රාසය හාභීතිය කැටිවූ අමුතුම ලොවකි .. ඔයා ආස නැද්ද පච්ච වලට .
......................................................................................................................................................
@Praසන්ன = නැන්දා අනිත් පහුවදාම ආපහු ආවා එයාගේ ගේ තියෙන්නේ අපේ ගේ ලඟින්මයි .. අප්පේ මතක් කරනකොටත් දාඩිය දානවා .
......................................................................................................................................................
@නචියා = රත්ගොමයාගේ වැඩ නේ මූ බ්ලොගේ හදලා දුන්නට පස්සේ අයියේ උඹට තිබහද කියලවත් ඇහුවේ නෑ නේ ..අපෝයි ඔවු බං මටත් මේ මාස කීපයට මිනිස්සු දාහක් කතා කීවා . මමනම් පඩයකට ගනං ගත්තේ නෑ .ඒවා .
......................................................................................................................................................
@මගේ කතා = තෑන්කූ තෑන්කූ ටැටූව මටත් ලස්සනයි බං . මචං ගෙදර යන්නර්ූ ඕන පච්ච කොටන්නත් ඕන එහමනම් අපි චුයිංගම් එකේ තියන පච්චයක් අලවගමු .. :)
......................................................................................................................................................
@හසී = ඒක නම්බු නාමයක් කියලා හිතාගන්නම් හසි අක්කේ . සුදු පුංචාගෙත් එකක් කොටමු
......................................................................................................................................................
@Hishan Melanga = මට උඹ ගැන පුදුමයි මචං උඹට තියෙන්නේ වෙනස්ම වෙනස් අදහස් . මම ඒ අදහස් වලට මාරම කැමතියි . උඹ බ්ලොග් එකේ ලියන්නේ යාන්තමට චූටි පෝස්ට් එකක් . ඒත් උඹ කමෙන්ට් වල නම් ඇඬෙන්න ලියනවා . ඒ යාන්තමට ලියන පෝස්ට් එක ඇතුලේ සීයක් දේ ගැබ් වෙලා තියනවා කියලත් මම දන්නවා . උඹට ස්තූතියි ... පච්චේ එල නේ ?

හිස් අහස said...

@සරත් ලංකාප්‍රිය = වැඩ කිඩ පන්තියක් කීවේ . ජිමි නාස්ටික්ද , කරාටිද ? අඩේ එහම පච්චයක් කොටාගත්ත එකා නම් පවු බං . ඌට නෙලයි පොලීස් මාමලා පච්චයේ විදිහටම . මම නැතෝ කියලා එකක් ලියාගත්තානම් හොඳයි
......................................................................................................................................................
@Dakshina = ඒ වගේ පච්චයකටනම් මට ගේ දොර ඉඩ කඩම් විකුනලා දාලා සල්ලි හොයාගන්න වේවි නේද . හැබැයි ඒක මාරයි මාරම ගති . අපේ පලාත්වල කොහේද මචං ඔය වගේ ටැටූ කොටන අය .ඒක නම් පට්ට
......................................................................................................................................................
@අභීත = මම එදා ඉඳන්ම පොරක් අයියේ .. ඔයා එනවා නේද ආපුවාම බලාගන්න මේ පොරගේ තරම
......................................................................................................................................................
@තටු සිඳුන සමනළියක් = අනේ නෑ වයසේ කැමැත්ත කියලා කීව හැකි .. පච්චේ ලස්සන නම් මට සතුටුයි ..ස්තූතියි
......................................................................................................................................................
@Anonymous = එක එක්කෙනාගේ කැමැත්ත . මමත් තීරනයක් ගන්න බැරුව ගොඩාක් හිතුවා මචං පස්සේ හිතාගත්තා . මේකෙන් කාටවත් නරකක් නොවෙනවානම් මොකද කියලා . ඔන්න ඔහේ ගහගත්තා . ඇත්තම කීවොත් උඹ හරි බං .. මටත් එක දවසක් හිතුනා මට මේක එපා උනොත් මොකද කරන්නේ කියලා .
......................................................................................................................................................
@දුකා = අපේ ගමේ හිටියා ඩයල් එකක් එක් අතක "මාතා" අනික් අතේ "පිතා" කියලා ගහගෙන පොරගේ නම ඔය උඩ ලැයිස්තුවේ තියනවා ..:)
......................................................................................................................................................
@ශ්‍රී = ජය ශී මචං ..
......................................................................................................................................................
@අසංක = තවමත් අපේ ගමේ උන් මාව මනින්නේ රස්තියාදුවෙක් විදිහට ..ඔන්න ඕකයි තත්වේ . ස්තූතියි මචං සිරාවටම ගතිද ? එහෙනම් එච්චරයි
......................................................................................................................................................
@සොඳුරු සිත = ස්තූතියි අක්කා . බොක්කෙන්ම ස්තූතියි ..
......................................................................................................................................................
@Networkදිසා = මචං උඹ කොටපං "ලෝකල් ඒරියා නෙට්වර්ක්" එකක රූප සටහනක් .. උඹට ගැලපෙන්නේ ඒක .අයියා එයිද මෙහේ ?
......................................................................................................................................................
@පැන්ඩා = පැන්ඩෝ නදී අක්කා කයි අම්මාගෙන් හිටු කියලා අක්කට පච්ච කාරයා දුවන්න තමයි වෙන්නේ . නෑ නෑ නන්දනගේ මැසිමෙන් කලර් පුලුවන් පට්ට මැසිම දුං දාගෙන පොර පච්ච කොටන්නේ . දේදුන්නේ පාට හතම තිබුනා ම් මම මේ පාට දෙක තෝරගත්තා . ඔයත් කොටන්න පැන්ඩෙකුගේ රුවක් .
......................................................................................................................................................
@රවීන් = ගෙදරින් අකමැතිනම් නොකරපු එකමයි හොඳ . මොකටද බං ගෙදර අයට දුක් දෙන්නේ . මමත් දැන් නම් හිතනවා මට අහලා මේ වැඩේ කරන්න තිබ්බා කියලා

හිස් අහස said...

@කල්හාර දිසානායක = හිත හිත නොයිඳ කොටපල්ලා මිත්‍ර වරුනි හැබැයි ආයි මකනවා බොරු මකන්න ගියොත් හෙන ගානකුත් වැය වේවි .
......................................................................................................................................................
@JHOTHISHALANKA = ඔයාට තිබ්බේ හොඳ වෙලාවක් බලලාම පච්චයක් කොටාගන්න :) අම්මලා තාත්තලා කැමති අපි චාම් විදිහට ඉන්නවා දකින්න . ඒකේ වැරද්දක් නෑ ඒත් මට එහම ඉන්න පින නෑ බං . මයෙ අම්මා පල්ල !! මේ ඉන්නේ මම .
......................................................................................................................................................
@Luckey = අම්මාගෙන් අනුමැතිය ගන්න ගියානම් ලකී අයියේ මට දින නියමයක් රහිතව නිවාස අඩස්සියේ ඉන්න වෙනවා සුවර් ! .සිරාවට ලස්සනයිද අයියේ එහෙනම් ස්තූතියි .
......................................................................................................................................................
@Podi Kumarihami = අනේ අක්කේ මේක මගේ හිත ගිය මෝස්තරය නේ ආයේ ඔහොම කියන්න එපා අප්පා මයෙ හිත රිදෙනවා දෙයියෝ ! .තව මෝස්තර තිබ්බා ඒවා සේරම තවුසන් වලින් එහා මගෙ අක්කේ ! . අර කාර් එක ..මට
......................................................................................................................................................
@කිඩෝ = නැන්දනිය අනිත් පහුවදාම ආපහු ආවා .අඩේ උඹලා මට කාඩ් ගහන්නත් හදනවා . එහෙම කරන්නෙපා ! මම වසයි ! :)
......................................................................................................................................................
@Adikaram Express = තැන්කුයි මචා .. අඩේ මම එල කොල්ලෙක් ? "රට්ටු මං ගැන එහෙම හිතනවා ඇති"
......................................................................................................................................................
@රොකියා = අනේ ඇයි බං මට දැන් දුක් දෙන්න හදන්නේ . මේක එල පහර නේද ? ඕක දුරට බලනකොට පට්ට ලස්සනයි . මටත් ගෝනුස්සෙක්ව කොටාගන්න තිබ්බා . ඒ මචං මේ පච්චයට තව කෑලි මූට්ටු කරලා වෙනස් රටාවක් නිර්මාණය කරන්නත් පුලුවන් ..
......................................................................................................................................................
@nawammawatha = රංග පෝස්ට් එක දාපු දා මම යටින් කමෙන්ට් එකේ දැම්මා මමත් පච්චයක් කොටාගත්ත බව ඒත් රංග ලියලා ටික දවසක් ගියාට පස්සේම මේක ලියන එක හොඳා කියලා මට හිතුනා . දැන් උඹලා මට බයද ? අනේ අයියේ බය වෙන්න එපා මම එදා සඳරුවාම තමා . අර බයියම තමා ..
......................................................................................................................................................
@කතන්දර Kathandara = කෙල්ලෙක්ගේ නමක් කොටාගත්තොත් නම් ඉවරෙටම ඉවරයි නේද ? අප්පේ මම නම් කවදාකවත් එහෙම කරන්නේ නෑ . මට කවුරුහරි කෙල්ලෙක් එහම කරන්න කීවොත් මම තීන්ත වලින් ඇඳගෙන ඇවිල්ලා පෙන්වනවා .ඇත්තටම මේක කලාවක් නේද ? අපේ සමහරු මේ පච්ච කියන ජාතිය හෙලා දැක්කට අයියේ මේකෙන් කාටවත් අවැඩක් වෙන්නේ නෑ නේ . ස්තූතියි .
......................................................................................................................................................
@හිරණ්‍ය = අම්මෝ නැන්දා ගගහා පන්නයි මට ආයෙමත් . මේ ටැටූවෙන් නිරූපනය කෙරෙනුයේ . භෞමික අඛන්ඩථාවය!! :) ස්තූතියි ..
......................................................................................................................................................
@Anonymous = අනේ අපොයි මුං ඒ ඩිංගට මට කාඩ්එකක් හිටන් ගහලා නේ .. අවුලක් නෑ .. එලම කිරි

දුමී said...

මොකෝ සඳරු මල්ලි මේ පොරවක් අතේ ගහගෙන...! කුරුල්ලෙක් හිටියේ නැද්ද ?

ඉස්සර මම පොඩි කාලෙ අපේ තාත්තා පච්ච කොටනවා මගේ පස්ස පැත්තෙ පේර කෝට්ටකින්. ඒ නසරානි වැඩ කලාම. ඒ පච්චෙ නම් කොටනකොට දෙලොව රත් වෙනවා හැබැයි ටික දවසකින් මැකිලා යනවා අම්මාගේ සර්වසාධි තෙල් ගෑවහම...!

හිස් අහස said...

@තිශ් = උඹට මිස් වෙලානේ ..බලහං ඉතින් ජීවිතයේ දවස් දෙකක් දෙදෙනෙකුට දෙආකාර වෙන හැටි උඹත් නොමැකෙන සිහිවටනයක හිමි කාරයෙක් උනා ඒවගේමයි මමත් නොමැකෙන්නම කොටාගත්තා පච්චයක් . කොහොම උඹව මග ඇරුනද ම්න්දා ..සොරි ඈ

@දුමි අයියා = ඔය පස්ස පැත්තේ කොටන ටැටූ වලට කියන්නේ බට් බැටූ කියලා . අයියේ මේ පොරව නෙවේ . මේකෙන් අර්ථවත් කෙරෙන්නේ "භෞමික අඛන්ඩථාවය" . ඔයා එකක් කොටාගන්න ඕන කටේ ! :) ඔයාට හරියන්නේ කට කහන පච්චයක්

Dinesh said...

මට හොදටම හිනා ගියා හරකුන්ට හන ගහපු කෙනෙක්ට කියලා පච්චයක් කොටා ගන්නවා කිව්වම.. අන්නාසි මල නරකම නෑ.. මල්ලි කිව්වා හරි ජීවිතේ අන්තිම මොහොතකදි අපි කරපු දේවල් ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්නම් එක තමයි ලොකුම දේ..

Beetle said...

තනි ක‍ටුවකින් සේරම ගහන්නේ නන්දන වැඩකාරයා වගේ...

පච්චා කොටනකොට ආතල් කියන්නේ උඹේ ඇඟේ මෙව්වා එක තියෙනවා...මගේ යෝජනාව ජීවිතේ හැම වැදගත් සන්ධිස්ථානෙකදිම ඔය ඩිසයින් එකට පුංචියට යමක් ඇඩ් කරලා මීනින්ග් එකක් හදාගනින්...

ප/ලි : පච්චයක් ගැන මට කියන්න තියෙන ලොකු කතාවක් මම කෙටි කතාවකින් ලිව්වා... යාළු ‍ෆිට් එකට මෙතන ලින්ක් එක දැම්මොත් සඳරු මල්ලී තරහා වෙන එක නෑ කියලා හිතනවා...

මේ කෙටිකතා කියවන්න කැමති හිස් අහසේ රසිකයන් වෙනුවෙන්...

http://akurublog.blogspot.com/2011/01/my-daughters-tattoo-boy.html

sha baba said...

ඒ පච්චේ ටිකක් ලොකු වැඩි නේද ගැණු ළමයෙකුට? මගෙත් ජීවිතේ එක්තරා හීනයක් තමා පච්චයක් කොටා ගන්න එක. එත් මං කැමති තාවකාලික පච්චයකට. එහෙම හොදයි නේද?

හිස් අහස said...

@sha baba = මල කෙලිලියයි මම කෙල්ලෙක් නෙවේ ! මම 100% කොල්ලා . මම කොල්ලා මම කොල්ලා !!!!

සුපර් මාරියෝ said...

ලොවෙත් නෑ අයියා... හම්බවෙච්ච දවසක පච්චෙ බලා ගමුකෝ....

hare :-) said...

අපි දන්න පච්ච කාරයො සේරම හෙන චාටර් ඩයල් නිසයි ඔය වැඩිහිටි උදවිය ඕක ගැන අප්සෙට්. ඒ වුණාට පච්චය කියන්නෙත් කෙනෙක්ගෙ අයිඩෙන්ටිටියක් වගේ එකක්. මමත් එකක් ගහන්නයි ඉන්නේ... දැන්ම නෙවෙයි... මම තාම ඔල්මොරොන්දම් වර්ගයේ ඩිසයින් එකක් කල්පනා කරමින් ඉන්නේ... :D

Anonymous said...

ඇයි යකඩෝ උඹට කිඹුලෙක්ව අතේ ගහන්න තිබ්බේ නැද්ද...? අඩුගානේ ඉබ්බෙක්ව..., සලමලයෙක්ව....

ඉන්දික උපශාන්ත said...

අපේ තාත්තගෙ අතේ පිටේ පච්ච හය හතක්ම තීනව. ඒත් මොන හේතුවකටද මන්ද මට කිසිම ආසාවක් නෑනෙ මේ වැඩේට!

Anonymous said...

අපේ ගමේ කොලුවෙක් කෙල්ලෙක්ගේ නමේ මුල අකුර අතේ කොටගෙන හැට්ටකට්ටක් රත් කරලා.ඌට අම්ම ගැහුවම මූ ගොහින් එතන කජුකිරි උලාගෙන.පස්සෙ එතන පලාතම වනවෙලා හිටියා.

හා පැටික්කි (MS) said...

අ‍පේ අයියත් ඔයා ව‍ගේ තමා. හැබැයි අම්මයි තාත්තයි බැන්නා විතරයි. ‍මේ ළඟදි දවසක ‍‍මේක මකන්න කියලා ගිහින් ‍හෙන තුවාලයක් හදන් ආවා. එදානම් ‍හොඳටම බැනුම් ඇහුවා. පච් ‍චේ තාමත් ඇත අර මකපු පුංචි තැන ‍හෙන තුවාලයක් ඇත. අ‍නේ මංදා.......

Bindi said...

උඹ හරි නිර්භීතයි මල්ලියේ. මම නම් ටැටූ වලට කැමති නැහැ. පොඩි රස්තියාදු ගතියක් තියෙන නිසා. ඒත් ඔයාගේ ආත්මශක්තිය අගය කරනවා. හැබැයි දවසක ඕක එපාවුනොත්...නැත්නම් අම්ම කිව්වා වගේ වෙන ලස්සන එකක් ඕන වුනොත් ඕක මකන්න පුලුවන්ද . මිට පස්සේ නම් පරණ කටු පාවිච්චි කරන්න එපා . දන්නවනේ ලෙඩ රෝග හැදුනොත් හැදුනා. ආයේ ජීවිතේම ඉවරයි. තායිලන්තයේ ටැටූ හරි ප්‍රසිද්ධයි තමයි . දැන් ඔය අලවන ටැටූ තියෙන්නේ .නැත්නම් බොඩි පේන්ට් තියනවා . කටු ගහන් දුක් විඳින්න ඕන නැහැ. ඕන නැත්නම් මකන්නත් හැකි.

පබලු said...

:) :)

Unknown said...

එල එල මාටත් නන්දනව අදුන්නලා දීපන් හොදේ ඊලඟ පාර ගමේ ආවාම. අයියයි මායි දෙන්නම් කොටනවා පච්ච ඒ පාර ඇවිත්.

Anonymous said...

පච්චය නම් ලස්සනය..... ඒත් මගේ නම් ඔය කලාව ගැන කිසිම කැමැත්තක් නෑ.
මම දන්න විදිහට ගොඩක් අය කැමතියි පච්චයක් ගහගන්න...... හැමෝම එක වගේ හිතන්නේ නෑ නේ , නේ අයියේ

sha baba said...

අයියෝ නෑ. මං කිවුවේ මං ගනු ළමයෙක් නිසා මට ඒ ජාතියේ පච්චයක් ලොකු වැඩි නේද කියලා. ඔය පටලගෙන නේ. සමා වෙන්න හොදද. පුංචිම පුංචි සන්නිවේදන අවුලක් වෙලා තියෙන්නේ.

හිස් අහස said...

@Dinesh = නන්දන හරක්ට හණ ගහලා එතැනින් තමයි මූලික ආභාෂය ලබාගෙන තියෙන්නේ ...පොරත් හරකා වගේ තමයි
....................................................................................................................................................
@Beetle = නන්දනයත් එහෙම තමයි කීවේ මේ පච්චේ තව තව අප්ඩේට් කරන්න පුලුවන් කීවා . ඔයාගේ පච්ච කතාවට මම කැමති නෑ ඒක දැකලා මම බිය විය ..!
....................................................................................................................................................
@සුපර් මාරියෝ = හම්බුන දවසට මතක් කරලා අහපන් මල්ලියේ . එතකොට සමහරවිට එක පච්චේ පච්ච තුනක් හතරක් වාගේ වෙලා තියේවිද දන්නෑ
....................................................................................................................................................
@hare :-) = පට්ට ඩිසයින් එකක් ගහගන්න මචං . ආයේ කාටවත් ගහගන්න බැරිතාලේ එකක් .පච්ච කියන්නේ රස්තියාදු කාරයන්ගේ ආභරනක් උනේ ඉස්සර දැන් ඒක සාමාන්‍යයි ඔයා හරි ..
....................................................................................................................................................
@prasanna86k = සමනලයා ගහන්නේ අතේ නෙවෙයි අයියේ තට්ටමේ ඒත් ඒ අපි වාගේ අය නෙවේ . මැදපෙල පිතිකරුවෝ
....................................................................................................................................................
@ඉන්දික උපශාන්ත = ඔයාගේ තාත්තට මගේ උපහාරය .අනේ දන්නැද්ද මචං නිකමට හිතුනා ඉතින් ගහගත්තා . මමවත් දන්නෑ ගහපු හේතුව
....................................................................................................................................................
@sithuwilimandiya = පවු අනේ ආදර බර කොල්ලෙක් වෙන්න ඇති මටනම් ලෝකයක් දුන්නත් කෙල්ලෙක්ගේ නමක් කොටාගන්නේ නෑ අනේ .ඒක මහ බයානක වැඩක්
....................................................................................................................................................
@හා පැටික්කි (MS) = නෑ මකන්න ගිහිං තුවාල වෙලාද ? ඒක නෙවේ ඕවට ලේසර් ප්‍රථිකාර ක්‍රම තියනවාලු එයින් එකක් කරලා බලන්න කියන්න ..
....................................................................................................................................................
@Bindi =ස්තූතියි අක්කේ . මේක ආයේ මකන්න පුලුවන්ද මන්දන්නෑ .ක්‍රමතියනවාලු ඒත් අමාරුයි මොකට මකනවාද තවතව කොටස් මේකට යලි යලි එක්කරගන්නවා . වියට්නාම් වල පච්ච ජනප්‍රිය නැද්ද
....................................................................................................................................................
@ පබලු = සිනාසෙන පබලු
....................................................................................................................................................
@මිත්‍යාදෘෂ්ටිකයා = අනිවා හඳුන්වා දෙන්න්ම අයියට නැංගුරමක පච්චයක් මල්ලිට මොකද්ද ?
....................................................................................................................................................
@බීටා = ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි . ඔන්න ඉතින් මම පච්ච වලට ආසයි බීටෝ .ඒකයි මේ
....................................................................................................................................................
@sha baba = ඒකනේ මම හොඳටම බය උනා මම නම වෙනස් කරන්න හැදුවා විතරයි අනේ .සමාව ..

රොබින් said...

මං නම් පෞද්ගලිකව පර්මනන්ට් ටැටූස් වලට කැමති නෑ. හැබැයි ටෙම්පරරි ටැටූස් නම් ගහලා තියනවා...

Dasun said...

පච්චයක් කොටපු එක උඹේ කැමැත්ත ඒකේ වරදක් නෑ. ඉස්සර නම් ඉතින් පච්චයක් කොටන් ඉන්නවයි කියන්නේ හෙන මැරයෙක් , චණ්ඩියෙක් කියලා අදහස තිබුනේ. "පචච සිරා" වගේ වචන භාවිතා වුනෙත් ඒකනෙ. අම්මගෙයි නැන්දාගෙයි අකමැත්ත ටික දවසකි ඇරිලා යයි බං.

සාතන් said...

මටත් ඕන කරල තියෙනව බන් බෙල්ල පිටිපස්සෙ පච්චයක් කොටාගන්න... කොහෙද තාම ඕක ඕනෙමයි කියන තත්ත්වෙට ආවෙ නෑනෙ...

priyantha said...

මීට වඩා ලස්සන ඩිසයින් එකක් ගන්න තිබුනේ සඳරූ. ඒත් මෙකත් හරි ලස්සනයි. තමාගේ නිදහස තව කෙනෙකුට කරදරයක් නැතිනම් මේකේ ඇති වරදක් නෑනේ. ඇත්තම කියනවානම් බීල වලියක් දාන් ගෙදර යනවට වඩා නම් මේක හොඳටම හොඳයි...

Gayan Rupasinghe said...

මන්නාරම ගියා බන් පොඩි ට්‍රිපක්.. පච්චයක් කොටන්න මමත් හෙනම ආසයි බං. ඒත් මාව ගෙදරට බාර නොග්ෆනීවි කියල බය හිතෙනව.. අම්ම ගෙ ප්‍රතිචාරෙ නම් මම හිතුවට වඩා ශේප්..

ජය...

පිස්සා පලාමල්ල said...

පච්චෙ කිසිම වැරද්දක් ඒ කිව්වෙ පච්චයක්ල් කෙටීමේ මම දකින්නෙ නැහ මලේ... ඒත් ඉතින් උබලගෙ ගමේ මිනිස්සු ඕක කොහොම දකිනවද කියන එක තමයි අම්මට නැන්දට ගැටලුව වෙන්න ඇත්තෙ... ඒත් උබ ගත්තු තීර්නෑඉ ගැන සතුටු වෙනවනම් උබ එච්චරයිනෙ බන්...

Ravi said...

පච්ච ගැන පොඩි කතාවක් මතක් උනා, අහල තියද කට්ටිය?

ඔන්න මගෙ යාලුවෙක් හොඳටම ගහපු දවසක කොහොමහරි පච්ච කෙටිල්ල ගැන කතාවක් ඇදිල ඇවිත් මූට හිතුන පච්චයක් කොටා ගත්තොතිං හොඳයි නේද කියල

වෙරි මරගාතෙම ගියා මුගෙ යාලු පච්ච මාස්ටරය ලඟට, අප්පට සිරි මාස්ටරයට ඊට එහා වෙරි.

ඒත් මොකදෑ කොරන්නෙ මේ වැඩේ කොරන්ඩත් එපාය,කිව්ව පිටේ කොටාපං " මරුවා සමඟ වාසේ " කියල, පපුවෙ කොටාපං " අම්මා බුදු වේවා! " කියල,

ඔන්න පච්චත් කොටාගෙන මූ ගෙදරත් ආව කියමුකො.

උදේම මුනිං අතට ඇඳේ වැටිල ඉන්නකොට මූට ඇහෙනව අම්ම කියනව "අනේ පුතේ මේ මොකක්ද මේ පිටේ පච්චයක් කොටාගෙන තියෙන්නෙ, හපොයි උඹ කරගෙන තියෙන විනාසයක් "

මූ ඉතිං බොහොම ආඩම්බරෙං " අම්ම දන්නෙ නෑ මම අම්මට කොච්චර ආදරේද කියල, මෙන්න බලන්නකො පපුව " කියල නැඟිටල අම්මට පපුව පෙන්නන්න කියල හදනකොටම අම්ම කියාපි "ඒකත් හරි හමං පච්චයක් නම් බැරිය, මම මේ දැක්කමයි මරුවා බුදුවේවා කියල පච්චයක් "

මුගෙ මයිල් කෙලිං උනෙ ඔන්න එතකොට," දෙයියෝ සාක්කි පිටේ තියෙන්නෙ එහෙම නං පපුවෙ මොකක්ද අරූ ඊයෙ රෑ කොටන්ඩ ඇත්තේ " කියල හිතෙනකොට.

ඌ තවමත් එහෙම්ම මුනිං අතට ඇඳේ කියලයි යාලුවො කියන්නෙ, අනේ මංදා ඔව්වයෙ ඇත්ත නැත්ත,

ප.ලි. - පච්චෙ නම් මරු මල්ලි, ඒත් මට නම් දැකපු ගමං එක පාරට මතක් උනේ වෙන සීන් එකක්.......හෙහ්, හෙහ්,

Anonymous said...

aiya nam ela kollek...pachche niyamai....eth ithin ammawa adawanna epa...(ehma kiwwata traha wennat epa)

හිස් අහස said...

@රොබින් = අනේ මන්දා රොබා අයියේ මට හිතුනා ඇදලා ඇරියා පර්මනට් පාරක් !
....................................................................................................................................................
@නිර්මල = මේ පච්ච පාර ගහලා දැන් අවුරුද්දක් වෙන්නත් කිට්ටුයි මචං දැන් සේරම ගැටළු ඉවරයි ..
....................................................................................................................................................
@සාතන් = අපෝ පර්මනට් අදිනවා නම් හොඳට හිතලා බලපන් මචං ..සාතන් සමග වාසේ කියලා ගහමු !
....................................................................................................................................................
@priyantha = මට මේක ලස්සනයි කියලා හිතුනා අයියේ ඉතින් මේක ඇඳගත්තා . ඕන නම් මේක තව මොඩිෆයි කරන්න පුලුවන් තව තව කෑලි මේකට ජොයින්ට් කරලා ලොවෙත් නැති පච්ච කාරයෙක් වෙනවා මම හිතුනොත්
....................................................................................................................................................
@Gayan Rupasinghe = මෙහෙම කරං මුලින්ම ඉස්ටිකරයක් ගහගෙන ගෙදර ඇවිල්ලා මේං මං පච්ච කෙටුවා කියලා පෙන්වන්න එතකොට ප්‍රථිචාර මැන්න හැකි ..ගෙදරින් ගහන්න ආවොත් වැඳලා කියපන් මේ මම විහිලුවක් කලේ මේං ගැලෙවුවා කියලා
....................................................................................................................................................
@පිස්සා පලාමල්ල = ගමේ මිනිස්සු නම් මට නියම නමක් සහ චරිත සහතිකයක් හදලා ඉවරයි .ඒත් මම දුක නෑ ආයියේ අම්මට මේක වරදක් නෙවේ නම් අනික් එවුන් මොනා කීවම මට මොකෝ .. උඹලා මොනා හරි කීවොත් නම් මම අහනවා ..ගමේ එවුවෝ කියන ඒවා මම අහන්නේ නෑ .
....................................................................................................................................................
@Ravi = සත්තයි මේ කතාව මම පච්ච කොටන්න කලින් අහලා තිබුනා නම් මම කවදාවත් පච්ච කොටන්නේ නෑ . ඇයි බං කොයි තරම් බය හිතෙන කතාවක්ද මේ කීවේ . අර මිනිහට එපා වෙන්ඩැති මම ඔය කතාව නිකම් නම් අහලා තියනවා ඔය ඇඳේ බුදියං තවම ඉන්නවා කියන කතාව මම අදයි ඇහුවේ ..
....................................................................................................................................................
@Anonymous = ඉස්තූතියි X 2 තරහා වෙන්නේ අහවල් දේකටද යාළුවේ ? .. මටත් දුකයි ඒත් දැන්නම් නෑ.. ස්තූතියි ආව ගියාට

දේව් ගේ අඩවිය said...

මලයා කරන්නේම ඉතින් වයසට වඩා ලොකු වැඩමනේ,, ම්ම්ම් එකත් ඉතින් මාරම ආතල් තමා... ඔන්න ඇත්තටම අම්ම එහෙම කිවට මාර ගති බන්... ඕවා ගහන්න තරම් ඇග මදි දුකයිනේ එතකොට

අපරාජිතයා :::: Aparajithaya said...

"අම්මගේ ඇස්වලට හැමදාමත් කඳුළු ගෙනාවේ මම . හැමදාකම මම කරේ වැරදිම විතරයි .ගහමරාගෙන ගෙදර එනකොට , බීලා ගෙදර එනකොට . අම්මා හැමදාම කළේ අඬන එක . ඊටපස්සේ මම බීගෙන වලි දාගත්ත දාට . ගෙදර එන්නේ නැතුව වෙන වෙන තැන්වල නතර වුණා .ඒ අම්මට කඳුළු දෙන්න බැරි නිසාමයි ..පච්චයක් නිසා මම ආයෙම වතාවක් එයාව ඇඬෙවුවා .."

එහෙනම් මොන අහවල් එහෙකටද බං තවත් අඬවන්නේ... අම්මලව අඬවන එක පව් මචෝ.. අම්මා කියන්නේ මේ ලෝකේ ඉන්න සුන්දරම ගැහැණිය....

අම්ම කෙනෙකුගේ ඇහෙන් වැටෙන කඳුලක් ගානේ අපිට පව් සිද්ද වෙනවා.. අම්මව අඬෙව්වා ඇති බං... පුලුවන්නම් උඹෙ අර කොලඹ හීනයත් සැබෑ කරන් අම්මාව හිනස්සපන් ඔය වලි දාගැනිල්ලයි, බීමයි නවත්තලා....

මං දන්නවා මම කිව්වට මෙහෙම උඹ කිසිම ගානකට ගන්නේ නැහැ..... ඒත් යාලුවෙක් විදිහට බොට කිව්වේ ඒක බං... ජය වේවා....!!

හීනියට.... said...

ඔහොම යමු......
අලින්ට පෙන්නල බැලුවෙ නැත්ද? බය වෙයිද කියල.....හික්

මන්තරකාරි said...

පච්චෙනම් ලස්සනයි... ඒත් අතේ කොටපු පච්චයක් මොකටද හැම ලස්සන මොහොතක්ම පිළිවෙලට ලස්සනට හිතේ කොටලා තියෙද්දි?

ayesha said...

ඔයාගේ කැමැත්තනේ.

සෝරෝ said...

සික්... උඹ ගස්ලබු ඉත්ත​ටත් බයෙයි...... :D

DragonD said...

මාත් කෙටුවා අය්යකෙනෙක්ගෙ පච්චයක්....
හෙහ් හෙහ්....
හැබැයි පච පච්චයක්
http://bit.ly/jsAy5X

Rockey_ssr said...

මාත් පච්චයක් ගැහුව බන් ගෙදර ඇවිල්ල හිටියේ මාර බයකින්... හැබැයි උඹට වගේම අපේ අම්මගෙනුත් හිතුව තරම් බර බරයක් වැටුනෙ නෑ... :D

පොත් ගුල්ලා said...

ප්‍රමාද වෙලා කමෙන්ට් එකක් දැම්මට තරහ වෙන්න එපා. මම බොහොම මෑතකදී තමා බ්ලොග් කලාව අඳුනගත්තෙ.
සඳරු ලියන විලාසය බොහොම ආකර්ශනීයයි. කියවන්න පටන්ගත්තහම ආයි නවත්තනවා බොරු.
ඔයා ලියපු පරණ ලිපි තාම මං කියවගෙන යනවා. ඔක්කොම කියවල ආයිත් ගුණ දොස් කියන්නම්.
පච්ච කෙටිල්ලේ මොකද්දෝ කොලු කමක් තියෙනවා තමා. ඒත් මටත් ඕකට එහෙම ආසාවක් නැහැ.
අපේ තාත්තගේ අතේ කුරුසෙකුයි, sparrow කුරුල්ලෙකුයි කොටලා තිබුන මතකයි.
පච්චේ permanent වෙච්ච එකේ විපාකේ මේකෙන් බලන්නකෝ.
http://www.facebook.com/video/video.php?v=192518974118950&oid=151279754935862&comments

තාරා said...

නන්දන ඉස්සර "හරකුන්ට හණ ගැහුවා .!" නේ??? කාලෙකින් ආයෙමත් කස්ටමර් කෙනෙක් හම්බෙලා..... හික් හික්

මට නම් ඒක ලස්සනයි....

ZuRi said...

ලස්සනයි පච්චේ, පච්චෙටත් වඩා මම කැමති මෙන්න මේ වචන ටිකට.

"මම තරුණ කාලේ කරපු කියපු හැමදෙයක්ම මට ආයෙමත් මතක් කරලා දේවි ..ජීවිත කාලෙ පුරාවටම මගෙත් එක්ක ඉඳීවි ..
මේ හැමදෙයක්ම ඉවර වෙච්ච දවසට . . . . . .
ඔවු ! ඇඟේ පතේ හයිය හත්තිය ඉවර වෙච්ච දවසක. ගහක් යට හීල් හෙවණකට වෙලා. හීනිවට අඩියක් දාගෙන මේ පච්චය දිහා බලලා මම මතක් කරන්නම් .. මගේ ගෙවුණු තරුණ කාලේ ගැන .."


මගේ ජීවිතෙත් එහෙම මතක තියා ගන්න ඒ වගේ දෙයක් තිබුනනම් කියල හිතෙනවා.ඒත් කොහෙමෙයි පච්ච කොටන්නේ මම කෙල්ලෙක්නේ.

Anonymous said...

ඇඟේ පතේ හයිය හත්තිය ඉවර වෙච්ච දවසක. ගහක් යට හීල් හෙවණකට වෙලා. හීනිවට අඩියක් දාගෙන මේ පච්චය දිහා බලලා මම මතක් කරන්නම් .. මගේ ගෙවුණු තරුණ කාලේ ගැන ..

with the colum you gave the real maxium value to tatoo . great work son,....... elma thamai.

Unknown said...

අනේ ඇත්තට වෙන ලස්සන පච්චයක් තිබුනෙම නැද්ද? සදරු...

මගෙත් ඔහොම ආසවක් තියෙනව නහය විදල කරාඹුවක් දාන්න.ඒත් ගෙදරින් ඇහුවම අප්පච්චිනම් කිව්වෙ "ඇයි එක පැත්තක්.නහ දෙකම විදල ලණුවක් දාගනින්" කියලා. ඉතිං මගෙ ආසව උපන් ගෙයිම නැති වුනා..

Anonymous said...

oyata tiyenne hari lassana jeewithayak.

ටීම් ට්‍රැවලර්ස් said...

සදරුවා

http://www.seeklogo.com/images/C/Cold-logo-11E86EF0EA-seeklogo.com.gif

මෙන්න මේ පින්තූරේ මගේ ඇස ගැටුනේ ඉස්සෙල්ලාම 2002 අවුරුද්දේ. එදා ඉඳලා මේක අතක කොටා ගන්න තවම මම හීන මවනවා. තවම නෝ පර්මිශන්. ඒ පර්මිශන් එක කවදාවත් ලැබෙන්නෙ නෑ කියලා මම දන්නවා.

නවෝ!

shaminda srinath said...

හි හි මචන් උබ වගේම මමත් පච්චයක් ගැහුවා අතේ......දකුණු අතේ....උබට ආපු හැම හැගීමක්‌ ම මටත් එදා ආව.පච්චේ ගැහුවේ අපේ මලයාගේ යාලුවෙක්,උත 89යේ..මගේ හිතේ උබේ වයසේ...අපේ ගෙදර තමයි ගැහුවේ,මැසිමකින් නෙවෙයි,ඉදිකටු 5ක් එකතු කරලා නුලකින් බැදලා,පැබ්රික් පේන්ට් වලින්.....වෙනස තියෙන්නේ දැන් අවුරුදු 6ක් වෙනවා,අපේ ගෙදරින් මලය විතරයි දන්නේ තවම මගේ අතේ පච්චයක් තියනවා කියල,,,,හි හි මම ෂර්ට්1ක් අදින්නේ නැතුව ගෙදර ඉන්නේ නැ එදා ඉදන්...වෙන දේකට නෙවේ,අම්ම දැක්කොත් අඩනවා බලන ඉන්න බැරි නිසා.......

වර්ණ said...

මටත් 10 පන්තියෙදි වගෙ හිතුනා ලව් කරපු කෙල්ලගෙ නම අතෙ කොටා ගන්න.පස්සෙ ඕක හබක් වෙයි කියලා ඒ අදහස අතෑරියා.ගත්ත තීරණේ හරි කියලා හිතුනෙ පස්සෙ වුන දේවල හැටියට මාව පච්ච වලින් වැහෙන්නෛඩ තිබුන හින්දා.උඹත් අපිට ඕවා අමතක කරන්න දෙන්නෙම නෑ මලේ

ලිහිණි said...

පච්චාරයක් කොටන්නනම් ආසයි හැබැයි බයයි.. ඔක්කොමත් එක්ක අම්මා මාව කයි. ඒ නිසා ඒ අදහස අතෑරියා. අද කියවපු දෙවෙනි පච්ච කතාව මේක :).. පරක්කු උනා සඳරු අයියේ එන්න

Post a Comment

තැන්කූ බං