21.6.11

සිංක් එක සහ කොමඩ් එක අතර වෙනස කිම ?

        පට්ටම චාටර් විදිහට ගමේ ගතවෙන මේ කරුම ජීවිතේට දැන් අවුරුදු විසි දෙකක් . මේ අවුරුදු විසි දෙකක කාලයේදී . මම ගැමියෙක් වීම නිසා ලැජ්ජා වින්දේ එකම එක අවස්ථාවකදී විතරයි . කවමදාකවත් අමතක නොවෙන්නම කලු ගලක කෙටුවා වගේ ඒ .පට්ට පදිරි සිදුවීම මගේ හිතේ නොමැකෙන්නම සටහන් වෙලා තියනවා ..අදටත් ඒ සිදුවීම මතකයට එද්දී මම මගේ යටි තොල විකාගෙන ඒ සිදුවීමට මුහුණ දෙනවා ..

ඉතින් මම කියලා දාන්නම් ඒ සිදුවීම ..

ඔය අවුරුද්ද මට මතක නෑ මතක් කරන්න මට උවමනාවකුත් නෑ . වෙනකොට මම යන්තම් ඉස්කෝලේ දහය වසරට පය ගැහුවා විතරයි .මම සුදු දිග කලිසමක් පළවෙනි පාරට ඇන්ඳේ දහය වසරේදී . ඒවගේමයි ක්‍රිකට් ටීම් එකට තේරුනෙත් දහය වසරේදී . කතාව පටන් ගන්නේ අපේ ක්‍රිකට් කණ්ඩායම අග නගරේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙත් එක්ක තරඟ වදින්න තේරුනාට පසුවයි
.
පළුවක් ගැල වෙච්ච ලෙදර් බෝලෙකින් හා ඉස්කෝලෙටම තිබිච්ච ගෙවිලා ගියපු බැට් පිති දෙකෙන් . කාන්තාරයකට සමාන බොරළු පිට්ටනියක ක්‍රිකට් ගහපු අපේ කණ්ඩායම රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙත් එක්ක තරඟ කරන්න යනවා !!.ඇත්තමයි මුලු ඉස්කෝලෙටම ඒක අරුමයක් වුණා !

දවසක් පාන්දර හතර හමාරට විතර සරණපාලයියගේ තනි දොරේ බස් එකේ නැගිච්ච අපේ ක්‍රිකට් කණ්ඩායම දෙමවුපියන්ගේ , යාළුවන්ගේ , ගුරුවරුන්ගේ .ජය ඝෝෂා සහ හූ හඬ මැදින් අග නගරේ බලා පිටත් වුණා . පාසලේ විදුහල්පති තුමා , ක්‍රීඩා භාර සර් , නැටුම් ටීචර් , සමාජ අධ්‍යනය සර් , කෘෂිකර්මය ටීචර් , ඉස්කෝලේ බෙල් එකෙ ගහන රම්පාල අයියා . මෙන්න මේ අය අපේ ආරක්‍ෂාව සඳහා අපිත් එක්ක එන්න පිටත් වුණා .

අපේ ක්‍රිකට් කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයොත් සමග සේරම කොල්ලෝ 14 දෙනෙක් විතර ඉන්න ඇති . නගරෙට යන්න. නගරේ ඉන්න සද්දන්ත , ඉංග්‍රීසි කතාකරන . රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ .ක්‍රීඩකයෝ එක්ක හැප්පෙන්න මම ඇතුළු මුලු ක්‍රිකට් කණ්ඩායමම සැදී පැහැදී හිටියා .

නිතරම හපාපු බුලත් හපේට අමතරව අපේ විදුහල්පති තුමාගේ කටේ තිබුණේ එකම දෙයයි .

"උඹලා කෝම අරි කප්පෙක ගෙනෙල්ලා .!! උඹලා අවුවේ පිච්චිලා ගල් උඩ වැටිලා , පොල් ගස් බඩගාලා පුරුදු කොල්ලෝ උඹලට මේක සිම්පල් !

"චිරිස්" ගහලා බුලත් කෙළ පාරක් බස් එකේ වීදුරුවෙන් එළියට විදින ගමන් ලොක්කා කියවාගෙන යනවා .

අපේ සෙට් එකට ඕන වුණේ මැච් එක දිනන්න නෙවේ . රට තොට බලාගෙන එන්න . ලොකු සර් මොන පම්පෝරිය ගැහුවත් රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ කොල්ලෝ එක්ක අපට හැප්පෙන්න කොහෙත්ම බැරි බව මමනම් හොඳටම දැනගෙන හිටියා .

කොට කොටා ආපු බස් එක පැය 14 ක විතර ලොකූ ගමනකින් පස්සේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ ඉස්සරහම තිබුණු නිවාඩු නිකේතනයක් වගේ ලස්සන ගෙදරක් ඉස්සරහ නතර කරා . ඒකේ තමයි අපිට රෑ ගතකරන්න යෙදිලා තිබුණේ .

ත්‍රිකෝනාකාරව වැවිච්ච ලොකූ නත්තල් ගස් . ලස්සනට කපාපු තණකොළ සහිත පාර. මෙවුවා දැක්ක අපිට නම් මේක තරු පහේ හෝටලයක් කියලා හිතුණා.

ඔය අතරේ විදුහල්පති තුමා අපේ ළඟට ආවා .

'තොපි අහගණියවු ! එකෙක්වත් මේ මල් ගස් වල කොළ කඩලා අහුවෙනවා නෙවෙයි . වැදගත් විදිහට ඉඳපල්ලා . .. වගේමයි එකෙක්වත් රෑට සරං එහෙම අඳින්න එපා . ඇඳපියවු කොට කලිසං .

අපිත් කරත්තේ බඳින ගොන්නු වගේ "හ්ම් සර්" කීවා .. වෙලාව ගතවුණා...

ගමට වගේ නෙවෙයි නගරෙට බොහොම ඉක්මනින් කළුවර වැටුණා .අපිත් නාලා කාලා එහෙම .කාමරේකට පැක් උණා . අපි දහ හතර දෙනයි රම්පාලයියයි කාමරේ ඇතුළේ බිම පැදුරු එළාගෙන බුදිය ගත්තා . ලොකු සර්ගේ ලෝභ කමටද මන්දා අරගෙන තිබුණේ කාමර තුනයි . එකක ටීචර්ලත් . අනිකේ සර්ලත් නිදාගත්තා (අපිට කීවේනම් එහෙමයි ) අන්තිම කාමරේ අපි 15 දෙනා බුදිය ගත්තා ..

පහුවදා උදේ මුලින්ම අවදි උනේ මම . පොඩි කාලේ ඉඳලාම මට නගරෙට යන්න තිබුණ ආසාව නිසා වෙන්න ඇති . එදා නම් මගේ හිත සතුටින් පිරිලා . ඉතින් මට උදේම ඇහැරුණා . මම ගිහිල්ලා ජනෙල් රෙදි ඈත් කරලා . පාර දිහා බැලුවා . පාරෙන් එහා පැත්තේ හන්දියක තිබුණු මාර්ග සංඥා එළි දිහා මම ගොඩක් වෙලා බලාන හිටියා .ඔන්න එතකොටම හිටගෙන හිටපු නිසාද නැත්තං උදේ නිසාද මන්දා මට බරක් හැදුණා . ! "අර අපි කාටත් උදේට හැදෙන බර" . මම ඉක්මනට කාමරේ තිබුණු නාන කමරේට රිංග ගත්තේ අනික් එවුං ආවොත් මේක බදුගන්න හින්දමයි .

වෙනදා ගෙදර "වල කක්කුස්සියට" ගිහිල්ලා පුරුදු මට මේ නවීන නාන කාමරේ මහම මහ අමුතු විදිහට පෙනුණා . හත්තිලවුවේ !! මේ නාන කාමරේ තියෙන්නේ අමුතුම විදිහේ "කක්කුස්සියක්" . අපි උපන්දා ඉඳන් කක්කා කරපු "වල කක්කුසිය" මේකේ නෑ නේ ..! මේකේ තියෙන්නේ පුටුවක් වගේ වාඩි වෙලා කක්කා කරන්න හදපු අර "කොමඩ්" කියන ධනපති පන්තියේ උපකරණය විතරමයි .

ඇත්තමයි මම පුදුම විදිහට බය වුණා !. මේ කොමඩ් කියන උපකරණය ක්‍රියාත්මක කරන අන්දම මම ඒ වෙනකොට දැනගෙන හිටියේ නෑ . ඒකේ වාඩිවෙන්නේ කොහොමද . ඒකට වතුර ගහන්නේ කොහොමද.? මේ කිසිම දෙයක් මම දැනං හිටියේ නෑ . මම පොඩි කාලේ ඉඳන්ම ඇලේ දොලේ ගලේ මල පහ කරපු පීඩිත පන්තියේ ගැමි කොල්ලෙක්.

මම මටම කතා කරා ..

"සඳරු අනික් එවුන් එන්න කලින් වැඩේ කරලා පැනගනිං ඉක්මනට .

හරි මමත් ඉක්මනින් මේ කොමඩ් උපකරණය ක්‍රියාත්මක කරන හැටි හොයන්න ගත්තා. මට ඕනෑම උපකරණයක් වැඩ කරන හැටි "සුටුස්" ගාලා අල්ලගන්න පුළුවන්. විනාඩි දෙක තුනකට පස්සේ . මම හොයාගත්තා මුලින්ම මේ කොමඩ් යන්තරේ උඩ තියන පියන අරින්න ඕන කියලා . ඊට පස්සේ ඒකේ රවුම් දාරෙට අඩිය තියලා ඒක උඩ නැගලා ඒකේ උඩ ඇන තියාගෙන වාඩිවෙන්න ඕන කියලා .

හරි ! මම ගෙදර තිබුණු වල කක්කුස්සියේ වාඩි වුනා වගේම මේ කොමඩ් උපකරණ උඩ වාඩි උණා . ඒකේ හයිය මදිද කොහෙද ..? පොඩ්ඩක් එහාට මෙහාට පැද්දෙන්නත් ගත්තා . වෙලාවට කැඩුණේ නෑ . රයිට් !! මම සාර්ථකව මගේ වැඩේ අවසන් කරලා . බිත්තියත් අල්ලගෙනම කොමඩ් එකෙන් බිමට බැස්සා.

ඊළගට තමයි මට දෙයියෝ සිහි වුණේ . මේකට දාපු මළපහ ටික එහෙම්ම තියනවා ඒවා එතන සිදුරෙන් ගිහිල්ලා නෑ .

"චිහ් මොකා හොයාගත්තද මන්දා මේ නොදියුණු ක්‍රමය ?. ගමේ වල ලැට් එක කොයිතරම් හොඳඳ ?

මම වතුර බාල්දියක් පුරවලා අරගෙන ඒක ගැහුවා . කොහෙද ඒවා එහෙම්මයි . වතුර බාලිදි පහක්ම ගැහුවා ! යන්තම් ඒවා නොපෙනී ගියා ..මම සැනසුම් සුසුමක් හෙළුවා ..

මම ඉක්මනට එළියට ගියා (හෝදගත්තාට පසු) .. ඔන්න එතකොට තමයි අපේ කට්ටිය එකා දෙන්නා ඇඟමැලි කඩමින් අවදි වෙන්න පටන්ගත්තේ .ඔන්න ඉතින් පිළිවෙළට එක්කෙනා දෙන්නා කක්කුස්සියට ගියා .සමහරු ගිය පයින්ම ආපහු අවා . සමහරු ගොඩක් වෙලාව අරගෙන ආපහු ආවා ඉතින් අන්තිමේට අපි ක්‍රිකට් තරඟයට යන්න අපේ ක්‍රීඩා ඇඳුම් ඇඳලා සපත්තු දාලා ලක ලැහැත්ති වුණා . ඔන්න එතකොටම අපේ ප්‍රින්සිපල් සර් සහ . මේ නිවාඩු නිකේතනය භාරකරු අපේ කාමර වලට ආවා .ලොකු සර් ලොකු කිරි කෝප්පෙකුත් බිබී තමයි අපේ ළඟට අවේ !

"අනේ පවු පුතාලා පැදුරුවලද නිදගත්තේ ? . මට කීවා නම් මෙට්ට ටිකක් දාලා ලස්සනට බිම හදලා දෙනවනේ ! නිවාඩු නිකේතනය භාරකරු එහෙම කියනවා

"අපෝ මුන් ගමේ ගොඩේ පදම් වෙච්ච කොල්ලෝ මුන්ට මේවා වැඩ නෙවේ . ලොකු සර් පොර ටෝක් එකක් දුන්නා
 
මම එක දෙයක් දැනගත්තා .මේ නිවාඩු නිකේතනයේ ප්‍රධානියා ආවේ අපිව බලලා යන්න නෙවේ . කාමරේ අඩුපාඩු බලලා යන්න . මූ හිතන්න ඇති අපි ගමේ ඉඳන් ආපු නිසා අපි කාමරේ තිබ්බ බඩු මුට්ටු කීපයක් ගල් කරන්න ඇති කියලා .

"හැමෝම එහෙනම් ඔය පැදුරු අකුළලා ගන්නවලා..! තම තමගේ සේරම බඩු ගන්න ඕනේ. ආයේ අපි මෙහේ එන්නේ නෑ. මැච් එක ගහලා එහෙම්ම යනවා.. හෙ ..හෙහ් කප් එකත් අරං !!

ලොකු සර් දෙන ලොකු ටෝක් වල ඉවරයක් නෑ

ඔන්න හෙමීට ලොකු සර් සහ නිවාඩු නිකේතනයයේ ප්‍රධානියා . නාන කාමරේ පැත්තට ඇවිදගෙන ගියා . ලොකු සර්ගේ ලොකූ කිරි වීදුරුව තවම එයාගේ අතේ.

මොහොතකින් ..

"මොන මගුලක්ද යකෝ තොපි මේ කරලා තියෙන්නේ ? කවුද මේ ගොබ්බ වැඩේ කරපු අසික්කිතයා ?

අපි හැමෝම නාන කාමරේට දිවුවා ! . මම නම් හිතුවේ මම දාපු වැඩ කෑල්ලක් මාට්ටු කියලයි . ඒත් ඉක්මනට නාන කාමරේට ගියාම මම දුටු දෙයින් මට මගේ ඇස් අදහා ගන්න බැරි වුණා ..

ලොකු සර් සහ නිවාඩු නිවාඩු නිකේතනේ ලොක්කා එතන තිබ්බ මූණ හෝදන සිංක් එක දිහා පුදුම වෙලා බලාගෙන ඉන්නවා . ලොකු සර් බුම්මගෙන . නිවාඩු නිකේතනේ ලොක්කගේ කට ඇරිලා . නිකං අලියා "හක්ක පටස් කෑවා" වගේ

මමත් එබිලා බැලුවා . හත් දෙයියනේ ..කවුදෝ එකෙක් සිංක් එකට කක්කා කරලා .."හෙන සයිස් කක්කා ලෝඩ් එකක් "

"කොහොමද යකුනේ මෙච්චර උස සිංක් එකකට නැගලා කක්කා කරේ ? කවුද මේක කරේ ?

මම කොමඩ් එක නොදන්නවා වුණාට සිංක් එක නම් හොඳට අඳුරනවා .ඒක නිසා මේක මම කරපු වැඩක් නොවන බව මට දිවුරලා කියන්න පුළුවන් .

"ඇදපල්ලා උඹලා සේරමත් එක්ක මේ ගූ ගොඩ ඔක්කෝම" එහෙම කියලා ලොකු සර් ලොකූ කිරි උගුරක් බිවුවා ! .ගූ ගොඩ දිහා බලාගෙනම .

ඉතින් හෝටලේ හිටපු සේවකයෝ වේටර්ලා . රූම් බෝයිලා .සේරම එතන පිරුණා ..අනේ ඉතින් අපි බුදු රජුන්ගේ කාලේ හිටපු සුනීත ගූ ඇද්දා වගේ .අපිත් පැය බාගයක් විතර නැහිලා නැහිලා . මේ ලොකූ කක්කා ගොඩ අයින් කරලා දැම්මා .. නිවාඩු නිකේතනේ හිටපු ලස්සන බෝනික්කියක් පෙනුණ පිළිගැනීමේ නිලධාරී තුමියත් එතනට ඇවිල්ලා .අපි කක්කා අදින හැටි බලාන හිටියා . ඒක දැකලා මට හොඳටම දුක හිතුණා .පපුව පැලෙන්න වගේ ආවා !

කතාව එතනින් ඉවරයි ..

අපි වින්ද ලැජ්ජාව නිසා අපි මානසිකව වැටුණා. ගේම් එක චේන්ජ් කරන්න වුණා. මැච් එක අපි උඩින්ම පැරදුණා . රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ හිටපු කොල්ලෝ අපිට ගැහුවේ බෝල පැලෙන්න ..අපි ලකුණු 25 කට ඕල් අවුට්
 
අපි ආපහු ගමට ආවා . සිංක් එකේ සීන් එක කාටවත් කියන්නේ නැතුව ඒක අපි අපේ හිත් වලම හංගලා තියාගත්තා .අපිට කවදාකවත් මේ වැඩේ කළේ කවුද කියලා දැනගන්නත් බැරි වුණා ..කවුරු හරි බය වෙච්ච කොල්ලෙක් ඒ වැඩේ කරන්න ඇති . ලොකු සර් වුණත් ඒ කතාව ආයේ කවමදාකවත් ඇදලා ගත්තේ නෑ..

ඉතින්.ඔය තමයි අපි.. හැබෑවටම අපි . කොළොම්පුරේ තියන සමහරක් දේවල් අපේ පිටිසර ගම් වලට එන්න ටිකක් කල් ගත වෙනවා අහලා ඇතිනේ කොළඹට කිරි ගමට කැකිරි . සිංක් එකයි කොමඩ් එකයි අතර වෙනස එදා අපේ කොල්ලොන්ට අඳුරගන්න බැරි වුණාට අද අපේ ගමේ ඉන්න පොඩි උන් පවා ඒ දෙක අතර වෙනස දන්නවා ..

අවුරුදු 22 වෙච්ච මට අදටත් කොමඩ් එකක් පාවිච්චි කරන්න බෑ .. කූඬැල්ලා මෙට්ටේ උඩ තියන්න බෑ වගේ තමයි මාවත් කොමඩ් එක උඩ තියන්න බෑ ...මට පුරුදු එදා පටන් පාවිච්චි කරපු වල කක්කුස්සියම තමයි .

වල කක්කුස්සියේ එලි බහින මම .
\ සඳරු  /

118 comments:

Anonymous said...

sad story

නදී said...

මේක කියවල මට ගොඩාක් දුක හිතුන.මට තේරෙන්නෙ නෑ ඒ ඇයි කියල.:(

Chanaka Aruna Munasinghe said...

ලංකාව වර්ල්ඩ් කප් ෆයිනල් එක පැරදුණෙත් ඔහොම සීන් එකක් වෙලාලු

නදී said...

ඔයාල පව්.ඔහොම අය කොච්චර ඉන්නවද.කොච්චර නම් අපහසුතාවට පත් වෙනවද නේ? මටත් පොඩි කාලෙ,6දී විතර, "හොට් වෝට‍ර්" ප්‍රශ්ණයක් වුනා.දැන් මතක් කරද්දි හිනා :))
ඔහොම හිතන්න එපා මල්ලි, හැම වෙලේම අපි ගොඩේ ගොඩේ කිය කිය ඉන්න එපා.එතනින් උඩට එන්න බලන්න.ඔය ඉන්න උන් ඔක්කොම කොලඹ 7තේ ඉපදිලා,තෙලේන් කාල කිරෙන් අතහෝදලා හිටිය උන් නෙමේ නේ.ඔයාටත් හොද දවසක් එයි.:)

රවින් said...

සිරාවට දුක හිතෙනවා බං.. කරපු එකාට කොච්චර දුක හිතෙන්න ඇද්ද?? හැබැයි දැන් නම් පොරට ඒක මතක් වෙනකොට ආතල් ඇති..

සංකල්ප said...

මල්ලි මාරම දුක හිතෙන සීන් එකක් නේ. ඇත්තටම කොළඹ රටේ උන් විදින සැප සම්පත් ටිකක්වත් ගමේ අයට ගලාගෙන යනවනම් තමා හොද.

එක දෙයක් කියන්නම් මල්ලි. කොළඹ සුපිරි ජීවිත ගත කරන එවුන් ලඟ බේතකටවත් හොයා ගන්න බැරි මනුස්සකම සුහදශීලි බව ආගන්තුක සත්කාරවලට ලැදි බව ගමේ ඉපදිලා ගමේම හැදිච්ච උබලා ලඟ තියෙනවා. ඒක ගන හිතලා සතුටු වෙයන් මලේ.

ගම් වල ඉන්න අහිංසක මිනිස්සු කොළඹ කාස්ටක පොලොවට ඇවිල්ලා නැති නාස්ති වෙනවා. ඒ නිසා උබලා ඒ මනුස්සකම උබලගේ හිත්වල තියාගෙන ඉදපල්ලා මල්ලි.

Anonymous said...

about shit story. but beautiful writing style

පූසා said...

අපිට ලෝකේ තියන හැම දෙයක්ම දන්නේ නෑනේ. උඹ ඔය කියන ධනපති පන්තිවල ලොකු ලොක්කෝ වුනත් වෙන වෙන රට වලට ගිහින් ඒවයේ තියන චාරිත්‍ර නොදැන අසරන වුනු අවස්ථා ඕන තරම් තියෙන්නේ බං.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මචෝ මේ ලිය තියන ශෛලිය නම් මල් හතයි පංකාදු පහයි . කොමඩ් එක උඩ ඇන ගහගත්ත කතන්දර මම සැහෙන්න අහල තියනව . මේ සින්ක් එකේ කථාවක් නම් අහපු පලවෙනි වතාව . මටත් තියන ප්‍රශ්නෙ අච්චර උස සින්ක් එකෙ වැඩේ කලෙ කොහොමද ඒක බිමට කඩා පාත් නොවෙන විදිහට කියන එක

ayesha said...

තාමත් වෙන්නේ "කොලඹට කිරි ගමට කැකිරි " තමා.

Praසන්ன said...

උඹලා අවුවේ පිච්චිලා, ගල් උඩ වැටිලා , පොල් ගස් බඩගාලා පුරුදු කොල්ලෝ එහෙව් උඹලට වරදින්නෙ නෑ මල්ලියෙ.

හැබැයි අර වැඩේ කරපු එකාටනං කප් එකක් දෙන්න වටිනව ඔච්චර උඩකට නැගල ඔය වැඩේ කරාට.

Anonymous said...

/"කොමඩ්" කියන ධනපති පන්තියේ උපකරණය/?
එතකොට සඳරු මල්ලි කම්පියුටර් එක එහෙමත් නැතිනම් ලැප්ටොප් එක?

ඒ උපකරණ අයිති වෙන්නේ මොන පන්තියටද?

තව ප්‍රශ්නයක් තියෙනවා අහන්න,
ගමේ කොල්ලෙක් වෙච්ච සනත් ජයසූරිය දැන් අයිති වෙන්නේ මොන පන්තියටද?

කොහොමවුනත් සුපුරුදු පරිදි, උපරිම ලස්සනට ලියලා තියෙනවා.

මගේ කතා said...

උඩින් කියල තියෙනව වගේ හැමදාම මේ විදිහට ඉන්න ඕනි නෑ දවසින් දවස දියුණු වෙන්න පුළුවන්. මටත් මේ වගේ අත්දැකීමක් තියෙනව බිබිලේ ගිහින් ඒ මිනිස්සු ගැනත් මටත් එදා පව් කියල හිතුන. වැඩිය කියන්න ඕනි නෑ කියන්න ඕන ඔක්කොම මධුරංග කියල තියෙනව.

Hishan de Silva said...

ඕව ඔහොම තමයි බං. ඔන්න ඕකට යන්න ලැජ්ජ හිතිල එතනම ගියා නම් තමා ටිකක් හරි අවුල් යන්න ඕනෙ.

හැබැයි මට නම් සතුටුයි උඹ වගේ එවුන් මේ ගම්පලාත්වල තාමත් ඉන්න එක ගැන. කොළඹ පැත්තෙ ඉන්න එවුන්ට නම් මේව තේරෙන්නෙ නැහැ. කියල දීල වැඩකුත් නැහැ. ගමෙන් කොළඹට ඇවිල්ල හුගක් එවුන් විනාස වෙලා යනව. තමංගෙ මුල අමතක කිරීම තමයි ඒකට ප්‍රධානම හේතුව.

උඹ කොළඹ එන්න හීන මවනව මම නම් කියන්නෙ එන්නම එපා කියල. උඹලගෙ පැත්තෙ තාමත් මනුස්සකම ඉතිරිවෙලා තියෙනව. කොළඹ පැත්තෙ ඉන්න එවුන්ට තියෙන්නෙ ආත්මාර්තකාමයම විතරයි මචං.

සරත් ලංකාප්‍රිය said...

ඕක ගැන ඔච්චර හිතන්න එපා කොල්ලෝ.. ඔය කොයි මිනිහටත් අලුත් දේ ඉගෙනගන්නේ ඔහොම තමයි.. කොළඹ හතේ එකා ඒරොප්පේ ගිහින් කිචවෙලා ඉගෙනගන්නවා ගමේ එක කොළඹ හතේ ගිහින් කිච වෙලා ඉගෙන ගන්නවා.. එළකිරි අත්දකීමක්නේ.. ඕක කල එකා නොදැන නෙවෙයි කරන්න ඇත්තේ !!1950 ගණන්වල ඔවුව තිබ්බේ සුද්දන්ගේ ගෙවල් වලයි සුද්දන්ට කත් ඇදපු කළු සුද්දන්ගේ ගෙවල් වලයි විතරයි.. ඊට පස්සේ ටික ටික ඕක බෝ උනා. ඉතින් ඔය අතරේ ඔය කොයි ලොකු එකත් එකීත් ඔය ලර්නින්ග් කර්ව් එකේ ගියා කොල්ලෝ.. උඹට කිවුවම මොකද ක්‍රමය දැනගෙන හිටියත් පු*** ට එක එක ලෙඩ හදා නොගන්න අපි සමහර පොදු එවුවගේ කරේ උඹ කර විදිහට තමයි.. ඕකට කිවුවේ පුවක් ගස් ක්‍රමය කියල.. හොඳට මතක තිය ගනින්.. උඹ දන්නවද ? කොළඹ ටිකක් තියෙන කරන පවුලකඉංගිරිසි කතාකරන මං දන්නා එකෙක්(අපේ ළඟ වැඩ කලේ) හිටි ගමන් ඉස්පිරිතාලේ කියල ආරංචි උනා. ගියා බලන්න .. ඌ කිලෝ දෙසීයක් විතර බර ලොකු එකෙක්.. පස්ස පැත්ත කැපිල එල්ලෙනවා.. ගෙදර තිබ්බේ කොමෝඩ්.. උනේ කොහොමද ? නැග්ග .. කඩන වැටුන... පු**** ඉර ගත්ත ඉස්පිරිතාලේ ගියා..
පවු බං.. අමාරුවේ වැටුණු එකටත් අපි හිනා උනානේ.. එළකිරි ඩබල් කතාව කොල්ලෝ.!!! නවසීලන්ත එළකිරි නෙවෙයි.. අඹේවෙල කිරි !!!

පන්සල් හංදිය said...

මට කියන්න තියෙන්නෙ නදී කියපු එකට සමාන දෙයක් තමා, හැම තිස්සෙම ගො‍ඩේ කියලා හිතන්න එපා මලයා, එහෙම හිතන කොට තමන් විහින්ම තමන් අවතක්සේරු කර ගත්තා වගේ වෙනවා ‍‍‍‍‍‍‍....

මේ නගරත් එක පාරටම නගර උනේ නැහැ ගම තමා ටික ටික නගර බවට පත් උනේ ......

කො‍හොම උනත් එල ස්ටෝරි එක හිනා ගියා ඇත්තටම, ඒත් අපි මේ වගේ දේකට හිනා වෙන එක ගැන පසුතැවෙන්න ඕන, මොකද ඒත් අපි වගේ මිනිස්සු, මෙහේ ඉන්න සමහර අමනයින්ට වඩා ගොඩාක් මනුස්සකම තියන මිනිස්සු .......

වැප් said...

අඩෝ අපේ ගෙදරත් තිබුණා වල කක්කුස්සියක් ..ඒක ෆට්ට ආතල් ... යන ගාන ගැන ගන්නේ සද්දෙන් ...

බොග් බොග් ගලා හඬ ඇහෙන්නේ ටික වෙලාවකින් ....

networkdisa said...

කොහොමද යකෝ උබ මෙහෙම බ්ලොග් ලියන්න ඉගෙන ගත්තෙ. මාරයි බං. මට කතාව බලල sink එකට ඔය වැඩේ කරන හැටි අත්හදාබලන්න හිතෙනව. ඉදපන්කෝ මම හොයාගත්තු ගමන් උබටත් කියනව. හිනා ගියා බං පිස්සු හැදෙන්නම.
මම යනව ටොයිලෙට්, පස්සෙ හම්බවෙමුකො ඈ

Bindi said...

ප්‍රධානම දේ වල කක්කුස්සියෙන් එලියට ඇවිත් උඹ මේ බ්ලොග් එක ලියන එක. අර සින්ක් එකේ කක්කා දාපු කොල්ල වුනත් දැන් එක දන්නවනේ.ලෝකේ වෙනස් වෙනවා . ඔය කොමඩුත් එක එක විදියයි . ප්ලෂ්[ ඕකේ වතුර ගහනවට කියන්නේ එහෙමයි] කරන කෑල්ල පැත්තෙන් , සමහර ඒවා උඩින් , බිත්තියේ හයි කරලා නානාප්‍රකාර විධි. සමහර ගුවන් තොටුපල වල සහ හෝටල් වල තියෙනවා සෙන්සර් බල්බ් එකක් පත්තු වෙනවා . ප්ලෂ් වෙන්නේ ඉබේම. ඉතින් සාමාන්‍ය කොමඩ් එකක් විතරක් දැකල තියෙන කොළඹ කෙනෙක්ට වුනත් ඕව අලුත්. අවශ්‍ය වන්නේ සාමාන්‍ය බුද්ධිය .යමක් දැක්කම මේක වැඩ කරන්නේ කොහොමද කියල හිතාගන්න හැකි විදියට මොලය දියුණු කර ගන්න එක. පලවෙනි පාර වැරදුනාට දෙවනි පාර හරියට කරන එක. ඔය ඕන ලොක්කෙක් කලිසමේ චු දානවනේ බබෙක් කාලේ. මම වල වැසිකිලියේ සිට ඉස්තරම් කොමඩ් දක්වා දැකල පරිහරණය කරලා බලපු කෙනෙක් . හැබැයි කොළඹ හතේ නම් නෙමේ. මැදපෙරදිග යන ගමේ ගැණු කෙනෙක්ට වුනත් ඒ අත්දැකීම තියෙනවා..

අඩේ ඔන්න කාට හරි පුළුවන් නේ කොමඩ් ගැන නැත්නම් වැසිකිළිවල විකාශය වගේ පොස්ට් එකක් දාන්න. මෙගා එකක්ම ලිව්වැකි.

Anonymous said...

ෆට්ට කතාව බන්. උම්බට මාර ටැලන්ට් එකක්නෙ තියෙන්නෙ බලාගෙන ගියාම.
JH

කතන්දර Kathandara said...

ගුරුවර වැඩිහිටයන් ගේ වරද තමයි මට පෙන්නේ. අපිට වමෙන් නැතුව දකුණෙන් කන්නත්, දකුනෙන් නැතුව වමෙන් පස්ස පැත්ත හෝදන්නත් කියල දුන්න නම් - ඔය ටිකත් කියල දෙන්න තිබුණනේ. ලොකු මහත්තයා තමයි වරදකරු.

Anonymous said...

රෙන එක සැපක් තමයි සඳරුවො. ඒකට වල කක්කුස්සියද ස්කොටින් පෑන් එකද කොමෝඩ් එකද කියල වෙනසක් නෑ බං. මටත් කාලයක් ගියා ගමේ තිබිච්ච වල කක්කුස්සිය කඩල ස්කොටින් පෑන් එකක් හයිකලාම ඒකට හුරු වෙන්න. වල කක්කුස්සියෙදි ඇහෙන "දහ්" සද්දෙ නැති උනාම මටත් මොකක්ද වගේ දැනුන කාලයක්.
ඊට පස්සෙ ස්කොටින් පෑන් එකෙන් ආයෙත් කොමෝඩ් එකට මාරුවෙන්න තවත් කාලයක් ගියා. ඒත් ආච්චිලයි අහ ඉස්සර තිබිච්ච වහලෙන් අව්ව වැටෙන වලකක්කුස්සියෙ රෙනකොට දැනිච්ච නිදහස මෙව්වයෙ නෑ බං. අතීත කාමයෙන් කතාකරනවද මංද මම.

අමතක කරන්න එපා කොයි වෙලාවකවත් ඒ රජ්ජුරුවන්ගෙ ඉස්කෝලෙ ඉඳපු එවුන්ගෙ තාත්තල, මුත්තලත් කැලේට එලිබැහැපු උදවිය කියල.

කොහොම උනත් මට අන්තිමට කියන්න තියෙන්නෙ "රෙන පුකට මොන රේන්දද ?" කියල තමයි බං.

මාරයාගේ හෝරාව said...

ඔය කොරලා තියෙන්නේ ආයෙමත් වංගියක් ඉල ඇදෙන කතාවක්...

upul said...

හිනා ගියත් මලේ හින උනේ උබට නෙමේ ..උබ ලියල තියෙන විදිහට හින නොගියොත් තමයි පුදුමෙ....කතාවටම හරියන පික්චර් එක..

Kasun said...

හලේ ඕව ගනන් ගන්න එපා සඳරුවෝ. ඔය වගේ දේවල් කොච්චර වෙලා ඇද්ද. මාත් යාලුවොත් එක්ක එක පාරක් KFC ගිහින් ටැප් එකක් ඇර ගන්න බැරුව හෙන ගේමක් දුන්න. තව ටිකක් ගියා නම් ඒක කඩනව. පස්සෙ එතන හිටපු ගෑනු කෙනෙක් තමයි ටැප් එක ඇරල දුන්නෙ. ඕව උපතින් දැනගෙන එන දේවල් නෙමෙයිනෙ. පාවිච්චි කරන්නම ඕන ඉගෙන ගන්න. මට මතකයි මම පොඩි කාලෙ නවලොක හොස්පිටල් එකට ගියා ලොකු මාම ලෙඩ වෙලා ඉන්න වෙලාවක. එදා තමයි ඉස්සෙල්ලම ලිෆ්ට් එකක් දැක්කෙ. එදා දවසම මායි අයියයි කලේ ලිෆ්ට් එකෙ එහාට මෙහාට යන එක.

මහිම මදුරංග said...

මචන් සදරු මම නිතර comment දැම්මේ නැතිඋනට හැමදාම මෙක කියවනව
මම වැඩිපුරම ආස උබලියන විදියට වැඩි වැඩ මුකුත් නැ
උබ පොර වෙන්න යන්නෙත් නැ
නියම ගමේ බයියෙක් විඩියට උබ ලියනව
(එහෙම කිවට තරහ වෙන්න එපෝ)
කියන්න වචන නැ බන් උපරිමයි.
දිගටම ලියපන්
උබට ජය.

තාරක Dilsh@n said...

ඔය ලොකු සර් තාම ඉන්නවද අයියේ??
එකෙක් සින්ක් එකට ගිහින් තියෙනවා දැක්කම පස්සෙ ගිය සෙට් එකත් හිතුවද දන්නෙනෑ ඒක තමයි ක්‍රමේ කියලා..

පබලු said...

කියන්න දෙයක් නැත... :(((( :))))
ඔයාගේ ලිවිල්ල නම් පට්ට සුපිරි

පිණිබිඳු... said...

හෙහ්.. මටත් ඔය දුවන පඩිපෙලක වෙච්ච මහ චාටර් කතාවක් තියෙනවා. මොනා කරන්නද මොන දේකදි උනත් පළවෙනි වතාවක් තියෙනවනේ.

jhothishalanka said...

මේ කතාව කියවපුවාම දුක හිතුනා.වැඩිපුර දුක හිතෙන්නේ ඔයාලට ජරා ගොඩ සුද්ද කරන්න වෙච්ච එකට.ගම්බද ළමයි මේ වගේ ගමනක් ආපුවාම කොමඩ් වැසිකිළිය පාවිච්චි කරන විදිය ගැන ළමයින්ට වැඩිහිටියො කියල දෙන්න ඕන කියන එක වැටහුනා.

Anonymous said...

ගනන් ගන්න එපා මලේ. මට අවුරුදු 28ක්. තාම කොමඩ් එකකට යන්නේ අංක එක වැඩේ කරන්න විතරයි. ෆලෂ් කරන්න දැනගත්තට කොමඩ් එකේදි අංක දෙක වැඩේ කරගන්න මට තාම තේරෙන්නෙ නෑ. දවස් තුන හතරක් හරි ඉවසගෙන ඉන්නවා ස්කොටින් පෑඩ් එකක් හම්බවෙනකන්. බැරිම වෙච්ච වෙලාවක හරි යන්න වුනොත් ඇඟම හෝදගෙන තමයි එළියට එන්න වෙන්නේ.
අනිත් එක, ඇන තියාගෙන අංක දෙක වැඩේ කරනව වගේ කිසිම ගතියක් නැහැ වාඩිවෙලා කරනකොට. ලබන සතියේ මම බෝඩිම මාරු කරනවා. එකේ තියෙන්නේ කොමඩ් එකක්. මම මේ දහ අතේ කල්පනා කර කර ඉන්නෙ මොකද කරන්නෙ කියලා.
(මේක මම උඹේ blog එකේ දාන පළවෙනි comment එක.)

සමනළී... said...

හම්........දුකය්..:( :( :(
ෂෝය් එකට ලියල තියෙනව අය්ය.....

Podi Kumarihami said...

අනේ සඳරූ, කතාව කියවපු හැටියේ ඉස්සල්ලාම හිනා ගියා. ඊට පස්සේ හරි දුක හිතුනා. ඔයාට ඕවා ඔහොම ලියන්ට පුලුවන් උන එකම කොච්චර දෙයක්ද? වෙන අය නම් ඔය වාගේ දේවල් තමන්ට නොවුනු ගානට සද්ද නැතිව ඉඳී. අර කතන්දර කියලා තියනවා වගේ මටත් පේන්නේ ලොකු අයගේ වැරදි. ලොකු සර් තමන්ගේ ඉස්කෝලේ ලමයි ගැන ඔච්චර හොඳට දැනගන හිටියා නම් ඔය ගැන ලමයින්ට කියලා දැනුවත් කරන්ට තිබුනානේ. නැත්නම් එයත් ඔය විදියටම ටොයිලට් පාවිච්චි කලාද දන්නේ නෑ නේද?:D

පිස්සා පලාමල්ල said...

ඕක ලොකුවට හිතන්න දෙයක් නෙමෙයි බන්... අනික මම කැමති නැ උබ ඔය ගමේ ගොඩේ කියල හිතනවට... යකෝ උබ කොපියුටර් එක ඉස්සරහ ඉද ගත්තම මුලු ලොකේ ගැනම දැන් ගන්න පුලුවන් දැන්...

ඔය වගේ කතා කාට කාට ත් එක එක විදියට වෙලා තියෙනවා බන්... මුලින්ම ප්ලේන් එකේ ගියපු පාර සීට් බෙල්ට් එක දා ගන්න මම කාපු කට්ටක්...

හැබ්යි මොනා උනත් ඒ පොර නම් සිරා පොරක්.. සින්ක් එක උඩ ඉදන් දාද්දි වැටෙයි කියල බය හිතුන් නැද්ද මන්ද...

අනූ said...

මටත් හිනා ගියා.ඒත් පස්සෙ දුක හිතුනා.ඇත්තටම කොලඹ දැකලා නැති අන්ත දුප්පත් අය කී දෙනෙක් අපේ රටේ ඉන්නවද.කැලේ පිපෙන මල් කැලේම පරවෙලා යනවා කාගෙවත් ඇහැ නොගැටී.ඒ ගැන හිතනකොට පුදුම දුකක් දැනෙනවා.ඒ දේ කරපු කෙනාට මොන තරම් දුකක් දැනෙන්න ඇත්ද?

කිඩෝ said...

මචං උබ මේක කියලා තියන විදිහට මටනං පැලෙන්න හිනා වෙලාවට කාමරේ පැත්තට මොකෙක්වත් ආවෙ නෑ ආවනං මට පිස්සු කියලා හිතයි... මට උබ ඕක කිව්වහම තව කතාවක් මතක්වුනා සමහරවිට අහලත් ඇති මෙන්න මෙහෙමයි කතාව මට මේක කිව්වේ තාත්තා ඒ කියන්නේ හෙන අතීත කාලෙ වුන කතාවක් වෙන්න ඕනේ..

ඔන්න ලංකාවෙ එකෙක් ගියාලු පිටරට දැන් ගිහිල්ලා ඔය තරු 5ද මන්දා හෝටලේකට ගොඩවුනාලු. දැන් මූටත් අර බොට කියපු අපි කාටත් හැදෙන මෙව්වා බරක් ආවලු (මෙව්වා එකක් කිව්වේ ඕකට කියන නම කිව්වොත් අර පොෂ් කියාගන්නා පුස් බූරු රැල ඉකේ ඉකේ ගාන නිසා) දැන් ඉතින් මූත් ගියාලු ඔය නාන කාමරේකට දැන් මේකත් අර සදරුවා කිව්ව නවීන පන්නෙ කොමඩ් එකක්ලු තියෙන්නේ... මූටත් ඉතින් ආවලු අර සදරුවා කියපු බයානක හැගීම හැබැයි මූ නං සදරුවා වගේ ටිකිරි මොලේකට හිමිකං කියන එකෙක් නෙවේ... ඉතින් මූ සපත්තුවක් ගලවලා මේස් එකකට මුගේ බර නිදහස් කරාලු දැන් ඉතින් වැඩේ කරලා ඉවරවෙලා මූ මේස්එක දෙපාරක් තුන්පාරක් ඔලුව වටේ කරකවලා යැව්වලු බාත්රූම් එකේ ජනේලෙකින් එලියට හැබැයි මූ දැක්කලු අර මෙව්වා ටිකක් බාත්රූම් එකේ බිම වැටිලා තියනවා ඉතින් මේකා එලියට ඇවිල්ලා එතන හිටපු සේවකයෙක්ට (ඌත් සිංහල එකෙක්ලු) ටිකක් ලොකු ගානක් දීලා කිව්වලු මල්ලී අර බාත්රූම් එක පොඩ්ඩක් ක්ලීන් කරලා දාන්න කියලා... අරුත් ගාන අරන් ඈතුලට ගිහිල්ලා ආපහු ඈවිත් අරූ දුන්නා වගේ දෙගුනයක් දීලා කිව්වලු මම ඒක අස්කරන්නං ඒත් මට ඉස්සල්ලා කියපන් උබ කොහොමද මේකෙ රුන්නේ කියලා.. පස්සෙ ගිහිල්ලා බැලින්නං බාත්රූම් එකේ වටේම බිත්තිවල අරූගෙ ඔලුවට වඩා ටිකක් විතර උඩ මට්ටමකින් තියනවලු අර මෙව්වා පේන්ටින් පාරක් වටේටම හිතාගන්න පුලුවන්නේ වුනේ මොකක්ද කියලා...

Dinesh said...

කියවද්දි හිනා ගියාට මොකද සදරු ඔය වගේ දේවල් වල මුන දුන්න අය තව කොයි තරම් නම් ඇත්ත්ද?? කොළඹට කිරි ගමට කැකිරි කියන්නේ ඇත්තටම මේ වගේ දේවල් නිසා තමයි.. සදරුලා එහෙම හරි කොළඹ දැක ගත්තා.. ඒත් කොළඹ නම අහද්දිත් දිව්‍යලොකයක් මවා ගන්න අය මං හිතන්නේ තාමත් ලංකාවේ ඇති.. ඕට පස්සෙ සදරු කොළඹ ආවේ නැද්ද??

දිනුක said...

ගණන් ගන්න එපා කොල්ලෝ ආඩම්බර වෙයන් ඕවා කටක් ඇරල කියන්ඩ තියෙන ධෛර්යයට..

පැන්ඩා said...

යකො කොච්චර ටැලන්ටඩ් බුවෙක් ද? ඇයි බන් කොච්චර අමාරුවෙන් ද පොර ඕක කරන්න ඇත්තෙ..ඒක නෙවෙ බහුතරයක් පොදු ස්ථාන වල කොමඩ් අපිරිසිදු නිසා ඒක උඩ නගිනවා..අතිශයම භයානක දෙයක්..මොකද කොමඩ් එක එහෙම ශක්තිමත්ව හදල නැ..අපේ තාත්තගෙ වැඩපොලෙ මනුස්සයෙක් ගෙ පශ්චාත් භාගය එහෙම් පිටින්ම සෙරමික් වලට කැපුනා ඔය වැඩෙ කරල..හොදට ශවර් එකෙන් වතුර ටිකක් අල්ල ල ටොයිලට් පේපර්ස් ටිකක් එලල එක උඩින් හරි වාඩි වෙන්න අප්පිරියයි නම්..ඒත් නගින්න නම් එපා..පස්ස කැපුනොත් අනාථයි..මට නම් හුගාක් බය හිතුනෙ මේකෙ අර උඹත් කොමඩ් එකට නගින සීන් එකෙදි.

හිස් අහස said...

@Anonymous= ස්තූතියි මචං
......................................................................................................................................................
@නදී = මටත් ඒ දවස් වල නම් දුක හිතුනා ටිකක් . දැන්නම් නෑ . ගමෙන් නගරෙට එන එක ඒතරම් ලේසි නෑ අක්කේ . සේරම අළුතෙන් පටන් ගන්නවා කියන්නේ සෙල්ලමක් නෙවේ .මගේම අවසනාවට මට ජීවිතේ ගොඩ දාගන්න බැරි වුනා . ..
......................................................................................................................................................
@Chanaka Aruna Munasinghe = නෑ ..අපරාදේ අපේ කොල්ලොන්ට සොපින් බෑග් එකකට හරි ලැට් යන්න තිබුනා අපරාදේ කප් එක
......................................................................................................................................................
@රවින් = මචං අපේ උංගෙන් එකෙක්වත් ඒක කරේ නෑලු මම හිතන්නේ අපිත් එක්ක ගිය රම්පාල අයියා තමයි මේකට මුල ..ස්තූතියි උඹ දීපු කමෙන්ට් ගොන්නට .
......................................................................................................................................................
@මධුරංග = මේක වුනේ දැන් ගොඩක් ඉස්සර .ඉස්සර නම් මේව අපිට මැජික් ඒත් දැන් ටික ටික අපිටත් නගරේ පහසුකම් ලැබෙනවා .බොහොම ස්තූතියි අයියා ..
......................................................................................................................................................
@Anonymous2 = බොහොම ස්තූතියි
......................................................................................................................................................
@sohan = බොරු කියන්න එපා බං පෝස්ට් එක උඹ කියෙවුවෙත් නෑ නේ ..මම රෙස්ලිං බලන්නෑ පෙන්වනවා විතරයි .උඹ පවු හින්දා ඔන්න ලිංක් එක පෙන්න ඇරියා
......................................................................................................................................................
@පූසා = ඇත්ත තමයි බං හැබැයි මටනම් ඕන දෙයක් සුටුස් ගාලා අල්ලගන්න පුලුවන් .උඹලට තමා බැරි . හූ !
......................................................................................................................................................
@buwa = අම්මට සිරි බුවා ! ස්තූතියි මචං . අඩේ ඒක තමා අපටත් ගැටළුව වුනේ ඕක කඩා වැටෙනවා පොඩ්ඩ ඇත්තං . මම හිතන්නේ එකෙක් ලඟ තිබ්බ ජනේලේ එල්ලිලා තමයි වැඩේ කරලා තීන්නේ ..කොහොමද අපේ කොල්ලන්ගේ වැඩ .
......................................................................................................................................................
@ayesha = සහතික ඇත්ත යාළු ..
......................................................................................................................................................
@Praසන්ன = අනිවා අනිවා ඔය වැඩේ කරේ මොකාද කියලා අපිට හරියට හොයාගන්න බැරි වුනේ හැමෝම එකවාගෙම ටැලන්ඩට් බුවාලා හින්දා .
......................................................................................................................................................
@malansamarawickrama = මේ කතාව වුනේ දැන් වසර ගනනාවකට පෙර අයියේ ඒකාලේ පරිගණකයත් ධනපති පන්තියේ බඩ්ඩක් තමයි .ඔයාට කියන්න ඔන්න මුලින්ම මගේ ඉස්කෝලෙට එකම එක පරිගණකයක් ආවා .ඒක ආවේ මම 12 වසරේ ඉන්නකොට . ඉතින් බලන්න . තව දෙයක් අපේ පාසලේ එකම එක වැසිකිලියක් විතරයි තිබ්බේ . ඒකත් පාවිච්චි කරේ ගුරුවරු ,ගෑනු ළමයි විතරයි. කොල්ලෝ ගියේ බැද්දට .ඒත් හෙට එච්චර කළුවර නෑ නේ ගමටත් හැම දෙයක්ම දැන් ලැබෙනවා ටික ටික ..ස්තූතියි මචෝ !!
......................................................................................................................................................
@මගේ කතා = මමත් ආසයි මෙහෙන් පැනගන්න ඒත් ගෙදර අය කැමති නෑ ගම දාලා යන්න අනික මචං මම නගරෙට ගිහිං මක්කොරන්නද ? මගේ ජොබ මෙහේ . ස්තූතියි බං .

Grey said...

අනේ මන්ද මල්ලි..මට සිරාවටම මොකක් කියන්නද කියල හිතාගන්න බෑ.
අපේ ජිවිතේ ඉතින් ඕනේ තරම් දන්නේ නැති දේවල් හම්බුවෙනවනේ. ඉතින් දන්නේ නැත්නම් පොඩ්ඩක් ලැජ්ජාව පැත්තක දාල අහගන්න තිබ්බ නේද? වැඩිම උනොත් දන්නා එකා හිනාවෙයි...මොකෝ අපේ ඇගෙන් යනවය එකා හිනා උන කියලා, අපි නොදන්නා දේ ඉගෙන ගන්න පුලුවන්නම්.

මම ගමේ එකෙක් නෙවෙයි, උපන්දා ඉදන්ම නගරේ, ඒ නිසාද මන්ද මම ගමට කැමතියි.අර අපිට ගන්න බැරි දේට අපි ආසා වෙනවනේ.
මොනවා උනත් වැදගත් වෙන්න කොහේ හරි සතුටෙන් ඉන්න එකනේ. උබ ගමේ සතුටින් නම් එච්චරයි.

හිස් අහස said...

@Hishan Melanga = අන්න කතාව එතනම බඩ ගියානම් එහෙම නැත්තම් මැච් එක අතරේදී බඩ ගියානම් තමා කෙලවෙන්නේ .දැන් අපේ ගමත් එන්න එන්න නාගරික වෙනවා මචං මේ ලීවේ ඉස්සර කතාවක් . බය වෙන්න දෙයක් නෑ නගරේ අපි ගාවට එනවා .
......................................................................................................................................................
@සරත් ලංකාප්‍රිය = ඔයාට කියන්න මම හතර වසරට යනකම්ම අපේ ගමේ අපේ ගෙදර සේරමලා ගියේ ලඟ පාත කැලේට .අපිට ලැට් වල අවෂ්‍යථාවයක් තිවුනේ නෑ . පස්සේ පස්සේ ඒක ඕනම වුනා ඊට පස්සේ වල ලැට් එක අපිව හොයාන ආවා . ඔයාගේ කතාව ඇහුවට පසු මගේ කොමඩ් බිය වැඩි වුනා
......................................................................................................................................................
@පන්සල් හංදිය = ගමේ ඉන්න එක වෙලාවකට සතුටක් වෙලාවකට දුකක් .ඔයා කීවා වගේ දැන් අපේ ගම ටිකෙන් ටික දියුනු වෙන හින්දා අපි දැන් මම වැඩිය ගමේ ඉන්න එක ගැන හිතන්න යන්නේ නෑ .නගරෙට එන්න ඕන කියන සිතිවිල්ල නිකම්ම නැති වෙලා යාවි තව ටික දොහකින් .
......................................................................................................................................................
@වැප් = මචං ඒක වැටෙන්නේ මල විතරක් නෙවේ මතකද ඕකට බල්ලෝ පූසෝ හිටිගමන් වැටිලා කෑගහනකොට උංව ගොඩ ගන්න විඳින දුක .අන්තිමට ඕක පිරුනාම අළුහුනු ගෝනියක් හොයාගෙන ඇවිල්ලා ඒක දාන්න ඕන එතකොට ආයේ වල බහිනවා
......................................................................................................................................................
@Networkදිසා = ආ . උඹ ඊටපස්සේ පස්චාත් භාගය කප්පාදු කරගෙන බ්ලොග් නිලියා ඉන්නද හදන්නේ ? මචං මම ලීවේ නැති වුනාට ලඟ තිබ්බ ජනේලේ එල්ලිලා තමා අර කොල්ලා වැඩේ කරන්න ඇත්තේ .ස්තූතියි දිසා
......................................................................................................................................................
@Bindi = ආ . එතකොට වතුර ගානවට කියන නම ෆ්ලෑෂ්ද ? මම ඒක දැනගත්තේ අදයි .අපී ඉතින් කැලේට කොලේට එලි බැහැපු කොල්ලෝනේ අක්කේ කොමඩ් ගැන මෙගා පාරක් ලීවොත් සින්ඩි වලිනුත් අපිව එලවයි අප්පා .ස්තූතියි අක්කේ
......................................................................................................................................................
@Anonymous3 = අනේද කියන්නේ ? ලැට් යන්න නම් මම තරම් වැඩ්ඩෙක් ලොවෙත් නෑ
......................................................................................................................................................
@කතන්දර = ලොකු මහත්තයා මේවා ගැන මෙලව හසරක් දන්නෑ . එයා සිංක් එකට කීවේ ටබ් එක කියලා ..:) එයත් ඔය කොහාට හරි වැඩේ කරලා එන්න ඇති .
......................................................................................................................................................
@nawammawatha = මට තවම කොමඩ් භීතිකාව තියනවා නොමැකෙන්නම ස්කොටින් පෑන් එක කියන්නේ මොකද්ද බං අර පොඩි අර කක්කා කරන සෙල්ලම් උපකරනයද ? . :) නොදන්න කමටයි ඇහැවුවේ
......................................................................................................................................................
@මාරයාගේ හෝරාව = අනේ බුදු අයියේ මේ මම කරපු දෙයක් නෙවේ .මගේ මිතුරෙක් කරපු දෙයක් . මම ඉතින් වැඩ කරු නේ !
......................................................................................................................................................
@upul = ස්තුතියි උපුල් අයියා . මම පික්චර් එකක් හැදුවා පොඩි මූට්ටු පාරක් දාලා .පට්ටම ස්තූතියි ආ !
......................................................................................................................................................
@Kasun = ආසයි බං කේ එප් සී සහ පීට් සා හට් එකට යන්න ඔඹ මට ආයෙම ඒවා මතක් කරා නේ .:( ලිෆ්ට් එකේ මම උපන්තේකට ගිහින් නෑ

හිස් අහස said...

@mahima= කමෙන්ට් නොදැම්මට මම තරහා නෑ .ඒත් ඔයාලා යන එන බව මේ වගේ දාන කොට මට මාර සතුටුයි .ස්තූතියි මචං
......................................................................................................................................................
@තාරක Dilsh@n = ලොකු සර් ඊට පසු වසරේ පැන්සන් ගියා .අප්පට සිරි අපේ උන් ඊටපස්සේ ඒගැන විහිලුවට වත් කතා කරේ නෑ .ස්තූතියි මෑන්
......................................................................................................................................................
@පබලු = ස්තූතියි පබලු අක්කා
......................................................................................................................................................
@පිණිබිඳු = ඒක හැබැයි දුවන පඩි පෙලේ මමත් ගියා අන්තිම පඩියේදී මම ලිස්සලා වැටුනා .ඇයිද මන්දා අක්කේ .
......................................................................................................................................................
@JHOTHISHALANKA = අයියේ අපේ ලොකුසර් වත් ඕක යූස් කරන හැටි දන්නේ නැද්ද කොහෙද ? අනික් සර්ලා නම් දැනං හිටියා . මට එපා වුනේ හැමෝම හිනාවෙවී යනකොට . ඔක්කෝටම හපං කෙල්ලෙකුත් හිනා වුනා නේ
......................................................................................................................................................
@Anonymous5 = අඩේ ඔයාට බැරිනම් මටත් බැරි වෙන එක අහන්න දෙයක්ද ? සහතික ඇත්ත ඔය පුටුවක වාඩි වුනා වගේ වඩක් කරන්න මටනම් හිතන්න වත් බෑ මම කියන්නද වැඩක් පුරුදු වෙනකම් ෂොපින් බෑග් යූස් කරන්න . :) ස්තූතියි පලමු ක්මෙන්ට් එකට මිත්‍රයා .
......................................................................................................................................................
@තටු සිඳුනු සමනළියක් = අනේ අපොයි ඔයාලට නම් සෝයි .
......................................................................................................................................................
@Podi Kumarihami = කමක් නෑ අපි ගැන දුක හිතුනානම් ඒක කොයිතරම් දෙයක්ද දැන්නම් අපි හොඳටම දන්නවා කොමඩ් එකක් යූස් කරන්න ඒත් තාම ඒක අපට කම්පටබල් මදි ලොකු අයගේ වැරදිමත් නෙවේ .ඒ අයටත් කියාදෙන්න ලොකු අය හිටියේ නැතුව ඇති . ලොකු සර් සිංක් එකට කීවේ ඩබ් එක කියලා . ඒක අහලා එතන හ්ටපු සේවකයෝ හූ කියලා හිනා වුනා .
......................................................................................................................................................
@පිස්සා පලාමල්ල = මෙන්න මගේ බ්ලොග් ලොකු සර් ඇවිල්ලා .අඩේ අයියා ඒ සිංකෙකට නැග්ග කෙනා ජනේලේ එල්ලිලා තමා වැඩේ කරලා තීන්නේ .මම නම් ඔයවාගේ ඩේන්ජරස් වැඩක් කරන්න කලින් දෙපාරක් හිතනවා . මේ ඉස්සර අපි දැන් ටික ටික නාගරිකයෝ වෙනවා .ස්තූතියි ආවට මචං .

හිස් අහස said...

@කඩේ හාමිනේ= හාමිනේ ඒ වැඩේ කරපු එකා නම් පට්ට කපටියෙක් ඌ නිකමටවත් ඒක කීවේ නෑ ඌ හින්දා අපි හැමෝටම මේ කක්කා අදින්න වුනා නේ . කඩේ හාමිනේ බොහොම ස්තූතියි මෙහේ ආවට කෝපි කඩේ ඇත්තෝ මතක් කරා කියන්න .
......................................................................................................................................................
@කිඩෝ = යකෝ මගේ කතාවට වඩා සුපිරි උඹගේ කතාව .ඇත්තටම එහෙම වුනාද දන්නෑ නේද බං ? මට හූ කියලා හිනා ගියා උඹ කියපු කතාව බලලා . මටත් එහම කරන්න තිබ්බා . නිකං කොමඩ් උඩ බඩගාන්නේ නැතුව .
......................................................................................................................................................
@Dinesh = මම ඊට පස්සේ දෙපාරක් කොළඹ ආවා දෙපාරම ආවේ ගිය අවුරුද්දේ මගේ එක්සෑම් එකේ වැඩ වලට තමයි ආයෙමත් එන්න ආසයි මොකද කියනවානම් මෙහේ හවස කොළඹ එන්න නැග්ගා උදේ කොළඹ වැඩේ කර ගත්තා රෑ 8 ආයෙමත් බස් එකට නැග්ගා පැය 14කින් මම ආයෙත් ගමේ . මට ආයෙත් කොළඹ එන්න ඕන මම ඉක්මනටම එනවා .
......................................................................................................................................................
@දිනුක ජයකොඩි = මටවෙච්ච එකක් නම් මම කියන්නේ නෑ කැපුවත් මේක වෙන එකෙක් කල දෙයක් නිසා බය නැතුව මම කියලා දැම්මා .ස්තූතියි මචෝ .
......................................................................................................................................................
@පැන්ඩා -ඔයාට කියන්න පැන්ඩයියේ මම කොමඩ් එකට නගිනකොට කොමඩ්ඩුව යන්තම් හෙල්ලුනා .චිරි චිරි ගෑවා . මගේ වාසනාවට අනාගතේ බේරුනා .ඔයා හරි කාටද පුලුවන් ඕකේ වාඩුවෙන්න . මටනම් බෑ .කවුරු හොයාගත්තද බං ඒ නොදියුනු උපකරනය . ස්තුතියි අයියේ දිරිමත් කිරීමට
......................................................................................................................................................
@Grey = ඇත්ත අපිට කවදාවත් අපිට ඕන දේවල් ලබාගන්න බෑ අපි පෙම්කරන්නේ නොලැබෙන දේටයි . අද කාලේ නම් ගමක ඉන්නවට වඩා ලේසියි නගරෙක ඉන්න එක . ඉගන ගන්න වුනත් හම්බ කරන්න වුනත් සමාජය එක්ක ගැටෙන්න වුනත් අවස්ථාව තියෙන්නේ නගරේ . මගේ ගමත් දැන් නගරේ වේගෙන එන්නේ .ඒක නිසා තව වසර 7 පමන මමත් නාගරිකයෙක් .ස්තූතියි අයියා .බොක්කෙන්ම මේ කමෙන්ට් එකට ස්තූතියි .

දුකා said...

අනේ බන් ඔය කියන ජාති මහ ලොකු ලක්ශරි නෙමෙයි . .

හරිනම් ඔව්වා අනිවාර්‍ය සනීපාරක්ෂක කියන ලැයිතුවලට දාලා හැමෝටම ඔව්වා පාවිච්චි කරන්න පුරුදු පුහුනු කරන්න ඉඩ සලස්සලා දෙන්න ඕන . .

අපේ රටේ කොහෙද හරි හමන් සිස්ටම් එකක් . . .

ඒක (සිස්ටම් එක) හැදෙනකම් මේ වගේ දුක හිතෙන කතා හැමදාම අහන්න වෙයි බන් . .

හිස් අහස said...

@දුකා = ඒක නම් ඇත්ත මීට වසර 5 පමන කලින් අපේ පාසලට ලැට් එකක් තිබ්බේ නෑ දුකා අයියා . මේ දැන් වසර 3 පමන කලින් තමයි ළමයින්ට වැසිකිලියක් හැදුවේ ආදි සිසුන් එකතු වෙලා . අපේ ගෙදර නම් තියෙන්නේ තවම වල ලැට් එක . මටනම් සවර් එකත් ලක්සිරි උපාගයක් අයියේ ...දුකා අයියා ස්තූතියි ආවට සහ අදහසට .

hare :-) said...

නියමයි.. ඔහොම තමයිලු ඉගෙනගන්නෙ. හැබැයි ඉතිං මොන මොන ඇඩ්වාන්ස් වලවල් ආවත් ඇණතියාගෙන වැඩේ කරන්න පුළුවන් බිම තියෙන හිල තරං ඕව ෂුවර් නෑ... අනික ඔය ලොකු තැන්වල දිස්නෙ දිදී තියෙන එව්වයෙ හිටපු ගමන් වතුර වැඩ නෑ... බඩු හිලෙන් යන්න තරං වතුර සැර නෑ වගේ ප්‍රස්ණ ගොඩයි... කොහේ ගියත් ඇණ තියාගන්න පුළුවන් පොට් එකක් තියේ නං ඒක ෂුවර් ඔය පොෂ් එව්වට වඩා...

Unknown said...

අනේ සදරුවෝ මමත් 6 වසරේ ඉදන් ඔය මඟුලේ ඉඳගත්තට ඒක මහ කරුමයක් බං. වෙලාවට දැන් ඉන්න ගෙදර උක්කුටික පෝච්චිය සහිත වැසිකිලියකුත් තියෙනවා. ගෙදර හැමෝම අර කෙහෙල්මල් කොමෝඩය පාවිච්චි කරනකොට මම මගේ පාඩුවේ මගේ වැසිකිළියට ගොහින් පාඩුවේ ජොලියේ ඒක කොරගෙන එනවා. මේකනම් අපේ අය්‍යා කිව්වේ ජපානේ එහෙම මොන තරම් දියුණු නවීන තැන් වල උනට් ඔය කොමෝඩ නෑලු. අපිට පුරුදු ඉදගෙන කොරන කක්කුස්සිලු එහෙත් තියෙන්නේ.

සෝරෝ said...

අම්මපා මමත් කාලයක් ඕකට බයේ හිටියා.. හරේෂ් කියන්න වගේ ඇණ තියගෙන වැඩේ කරන්න තියේ නම් මොන සැප ද...

Ravi said...

නිකම් පලයන් සඳරු, පච කෙලින්නෙ නැතුව, .............මේක නම් උඹෙ අතේ පැලවෙන බින්නයක්.......හෙහ්, හෙහ්, මම නම් කොහෙත්ම විස්වාස කරන්නෙ නෑ, මේ කතාව,

අර පාත කොමොඩ් එකක් තියෙද්දි කවුද බොල ඔය වොශ් බේසින් එක උඩට නැඟල රෙන එකා?

ඒ ඇත්ත බොරුවෙන් වැඩක් නෑ, මල් හතට ලියල තියනව කොල්ලො, ඒ මදෑ,

Anonymous said...

iyo ban api hamoma minissune ban.monawa unath wenne minissuntane.

සිහින said...

උදේ පෝස්ට් එක දාපු වෙලේම දැක්කට දැන් තමයි ගෙදර ඇවිත් මුල ඉඳං ඔක්කොම කියෙව්වේ සඳරු.අම්මප මං මේ කියන්නේ ඇත්ත.වැඩට ගිය මුල්ම දවසෙම මං බැලුවේ ටොයිලට් මොන වගේද කියල..
මොනවා උනත් උඹ මොළ කාරය..පවු බං අර සින්ක් එකේ කරපු එකා මේක දැක්කොත්..
මචන් ඉස්කෝලේ ටොයිලට් වල ලියල තිබුන දේවල් මට මතක් උනා මේක කියවද්දී.ඒවගේ බිත්ති කැටපත් පවුර වගේ..මාර සිතුවිලි තියන්නේ..
එතකොට මැච් එක අතරතුරේ පොඩි වැඩේටවත් ගියේම නැද්ද????

Anonymous said...

//මම පොඩි කාලේ ඉඳන්ම ඇලේ දොලේ ගලේ මල පහ කරපු පීඩිත පන්තියේ ගැමි කොල්ලෙක්.//

කතාව මොනා වුනත් , සඳරු ලියන විදිහ නම් කොහෙන් ඉගෙන ගෙන ද මන් ද. හරිම ලස්සනයි සඳරු.

ලියන විදිහ,රටාව,යොදා ගන්නා භාෂාව. මේ දේවල් සඳරුටම ආවේණිකයි. හරිම අගෙයි.

//'තොපි අහගණියවු ! එකෙක්වත් මේ මල් ගස් වල කොළ කඩලා අහුවෙනවා නෙවෙයි . වැදගත් විදිහට ඉඳපල්ලා . .. ඒ වගේමයි එකෙක්වත් රෑට සරං එහෙම අඳින්න එපා . ඇඳපියවු කොට කලිසං .”//

මේක කීවනම් අර කතනදර කීව වගේ ඇයි අනිත් දේවල් පොඩි වුන්ට කියල දුන්නෙ නැත්තෙ.ඒ වගේම මනුස්සයෙක් හිටිය මම කලින් වැඩ කරපු කාර්යාලයක.

කොමඩ් හයි කරල හොඳ වොෂ් රූම් එකක් හැදුවා.නිධානයක් වගේ ආරක්ෂා කරා. ඉබි යතුරු දාලා තමයි යන්නේ...

සඳරු.පීඩිත පන්තියෙ කොල්ලෙක් මේ වගේ ලස්සනට ලියන එකම මට නම් සතුටක්....

අනික සඳරු...ඔයා හැම වෙලේම කියන දෙයක් තමයි. අක්කා අපි ගමේ, අලිත් එක්ක , අපිට ඉංග්‍රීසි බැහැ අරක ද මේක ද. ඒ වුනාට ඔයා දන්නව ද, මට හමු වූ බාල සහෝදරටන් අතරින් පෙරමුණේම ඉන්න කෙනෙක් ඔයා...

සඳරුට වාසනාවන්ත දවසක්....

සඳරු ........

නගරයට පායන හඳමයි ගමටත් පායන්නෙ , අනිත් වෙනස්කම් අපි අපිම හදා ගත්ත ඒවා ...........

෴ ජය ෴

Anonymous said...

රවි අයිය කීව දේ ඇත්ත කියල මටත් හිතෙනවා.... අතිශෝක්තිය ආවේ , සින්ක් එකට නැඟපු නිසා තමයි....

අර කීවත් වගේ.... ලිවීම නම් මල් හතයි සඳරු ........

හිස් අහස said...

@hare :-) = අන්න හරි මචෝ සුද්දගේ ක්‍රම වලින් සමහරක් අපිට පුරුදු වෙන්න කල් ගත වෙනවා . හැබැයි ඉතින් එයැයිලගේ ක්‍රම නරකමත් නෑ .පොෂ් කක්කුස්සියට වඩා වල කක්කුස්සිය කොයි තරම් අගනේද ?
....................................................................................................................................................
@මිත්‍යාදෘෂ්ටිකයා = අයියා එහම කීවානම් ඒක සහතික ඇත්ත . අයියා ගෙන් අහන්න ඕන නැවේදී ලැට් ගියාම අපද්‍රව්‍ය මුහුදට කෙලින්ම වැටෙනවාද කියලා
....................................................................................................................................................
@සෝරෝ = අපිට පුරුදු ඇන තියාගෙන ඉඳලා විතරයි මචං . උපං ගති අරින්න බෑ නේ මම හිතුවේ මම විතරයි මේ ලෙඩේ තියන එකම එකා කියලා
....................................................................................................................................................
@Ravi = සත්තයි රවී මේකතාව ඇත්ත කොමඩ් එක උඩට නැගේ කොහොමද කීයනවානම් ලඟ තිබුනු ජනේලේ එල්ලිලා නඟින්න හැකියාව තිබුනා අනික මේ රූපේ තිවුනා වාගේම සිංක් එකක් නෙවේ එතන තිබුනේ පිඟන් මැට්ටෙන් හැදුවා උනත් බිත්තියේ තුවුනු දාර වලට තදින් සවි වෙන්න හදලා තිබ්බ නිසාද කොහේද ඒක කැඩිලා නෑ . දිවුරලා කියන්නම් මේ කතාව ඇත්ත .
....................................................................................................................................................
@Anonymous = ඒක ඇත්ත මචෝ අපි හැමෝම මිනිස්සු .මිනිස්සුන්ටනේ වරදින්නේ . ! ස්තූතියි අදහසට
....................................................................................................................................................
@තිශ් = මැච් එක අතරේ හැමෝම හිටියේ පත්තුවෙච්ච ගමන් එකාට එකෙක් හිටියේ නෑ හැමෝම බැනගන්නවා යන්තම් අනික් පැත්තේ එකෙක් ලකුනක් ගත්තත් අපි අපිට කුනු හරප කියාගෙන බැනගත්තා . අපි පැරදුනා උඩින්ම
....................................................................................................................................................
@සොඳුරු සිත = ඔයා දීපු ලොකූ පැසසුමට ස්තූතියි අක්කේ . අනේ මන්දා අපේ ලොකු සර් එක වතාවක් සෞක්‍ය සර්ටත් බැන්නා ළමයින්ට කුනු හරප උගන්වනවා කියලා ප්‍රජනනය පාඩම කරද්දී . ලොකු සර් ගොඩක් වයසක කෙනෙක් . එයාලා ළමයි ඉදිරියේ ඒවා කතා කරන්න අකමැතියි .වයසේ වැරැද්ද . මම කීවේ ඇත්තමයි ඒ සිංක් එකේ ෆොටෝ එකක් මම ගූගල් එකේ හෙවුවත් මට හොයාගන්න බැරි වුනා .ඔය සිං එක දැම්මේ සාම්ප්‍රධායික සිංක් එක ඕක නිසා . අර මල පහ කරපු සිංක් එක මීට වඩා කුඩා එකක් මම කියපු කතාව ඇත්ත සත්තකින්ම ඇත්ත .අර කිරි උගුරක් බීපු එක නම් මම අතින් දැම්මේ

Ravi said...

අනේ මලේ මම ඒ කියාපු කතාව ගණන් ගන්න එපා, බොලේ, මට ඒ වෙලාවෙ කියවනකොට නිකමට හිතුන මෙහෙම දෙයක් ඇත්තටම වෙන්න පුලුවන්ද කියල හිට, ඒකයි එහෙම කිව්වෙ, උඹේ හිත රිදුනනම් සමාවෙයන්,

කොහොම උනත් " සත්‍යය ප්‍රබන්ධයට වඩා විශ්මිතය" කියලත් ඔය කවුද ගොබිලෙක් කියල තියනව නෙව........හෙහ්, හෙහ්,

මලයො, උඹෙ නිර්මාණාත්මක හැකියාව නම් අන්තිම ඉහලයි, ඇස් වහක් කටවහක් නෑ ඔන්න, අම්මප මේ ඇත්ත,

හිස් අහස said...

@රවී = අඩේ මම නිකං එහෙම කීවේ මම ගනං ගත්තේ නෑ අයියා . ඔවුවත් වැඩද ? ඔයාගෙන් එන කමෙන්ට් එක මට මාර වටිනවා මම ආසම කරන ලියන්නෙක් නේ ඔයා . ඔවුත් වැඩද අයියා . මේ අර කිරි උගුරක් බීපු එකනම් බොරු මම ඒක අතින් දැම්මේ . ස්තූතියි අයියා පට්ටම ස්තූතියි ලකාවේ අපුහාම එන්න අපේ දිහා අඩියක් දාල සෙට් වෙලා යන්න බැරියෑ

Ravi said...

එන්නම ඕනෙ, එන්නම ඕනෙ, උඹ ඔය කියන එව්ව ඇත්තද බලාගන්ටත් එක්ක එන්නම ඕනෙ,........... හෙහ්, හෙහ්

අර මං වාගෙ මරුමුස් පොර, වික්ටර්,අන්න ඌ හම්බවෙන්ටත් ඕනෙමයි මට,

ලකී සිරි said...

ඕවා ඔහොම තමයි සඳරූ. මිනිස්සු අලුත් දේවල් ඉගෙන ගන්නෙ බලාගන ඉඳලා..කරුමෙට මේ වැඩේ එහෙම ඉගෙන ගන්න පුලුවන් දේකුත් නෙවෙයිනෙ. ඉතින් පළවෙනි වතාවට කොමෝඩ් එකක් දකින ඕනම කෙනෙක් ට පොඩි ගැස්මක් එනවා. තැනට සුදුසු නුවණ ඇති එකා ගොඩ යනවා.

මොනවා වුනත් උඹ වගෙ පොළවෙ පය ගහලා ඉන්න කොල්ලෙක්ගෙ බ්ලොග් එකක් කියවන්න ලැබුන එක මට හරිම සතුටුයි....දවසක එන්න ඕන දරු මල්ලොත් එක්ක ඔය ගම් පළාත් බලල යන්න.....

පොඩ්ඩක් හොයලා බලන්න ඕන කොමොඩ් එකට user manual එකක් එනවද කියලා. fix කරන විදිය නෙවෙයි පාවිච්චි කරන විදිය...

Anonymous said...

සඳරු පුතා ( මල්ලි කියන්න උඹ පොඩි වැඩී... )

උඹේ කතා ලියන විදිහට සිරා කතාවක් කිව්වත් ඉස්සෙල්ල හිනාවෙලා ඉන්න ඕනෙ කියපු දේ තෙරුම් ගන්න කලින්.. උඹ හරිම දක්ෂයි ඒ අතින්...

අපි ගමේ අරක මේක කියල හිතන්න එපා... අපි කවුරුත් හැම දේම දැනගෙන ආවෙ නෑනෙ ජීවිතේ කවද හරි දවසක තමා හැම දෙයක්ම ඉගෙන ගත්තෙ..... යම් නිශ්චිත දෙයක් සමහරෙක් තවත් සමහරෙකුට කලින් ඉගෙන ගත්තයි කියන එක ලැජ්ජ වෙන්න දෙයක් නෙමෙයි...

හොඳම උදාහරණයක් මෙතන තියෙනව...

උඹ ඔය කියන රජ්ජුරුවන්ගෙ ඉස්කෝලෙ ඉගෙන ගත්තු එකෙක් මම.... උඹ කියන වයසෙ හැටියට උඹ ඉපදෙනකොටත් මම ඒ ඉස්කෝලෙ ඉගෙනගන්නව....

එතකොට දැන් මට...mouse එක වැඩකරන් නැත්නම් IT එකේ කාට හරි කතාකරන්න ඕන මොකද වෙලා තියෙන්නෙ කියල හොයා ගන්න.. එතකොට දැන් උඹ... network administration කරනව..( ඊට වඩා ලොකු වැඩත් කරනව ඇති ).... ඉතින්... මට ලැජ්ජවෙ පන යනවද... නෑ....

උඹල වගේ කොල්ලො ගැන හරි ආඩම්බරයි... !!!

ItalyDilan said...

යකෝ උබ ඔය අනුගමනය කරපු ක්‍රමය මම කීප වරක්ම ප්ලේන් ඇතුලේ කරලා තියනවා,,,සිකේ පැය 9 ක ගුවන් ගමනක් යද්දී පැය 4,5 පහු වෙද්දී මොන හිතකින්ද බන් ඕකේ ඉදගන්නේ...මොන මොන ජාතියේ උන් ඕකේ ඉදගන්නවා ඇතිද,,මම ඉතින් අනුගමනය කරන්නේ උබේ ක්‍රමේ තමා කොමඩ් හැඩේට තියන කොල තියලත්,,හැබැයි පිලිවෙලට ඒක කරන්න ඕනා සීරු මාරුවට.

පුතා said...

සඳරූ උඹේ ලිවීම ගැන කවර කතාද.. කතාව කක්කා වුනාට ලිවීම සුපර්බ් මචං.. මමත් ඉස් ඉස්සෙල්ලාම කොමඩ් එකකට ගියේ හතරෙ පහේ පන්තියේ ඉන්දැද්දි නුවර එළියේ ගිහිල්ලා.. දාපු එව්වනම් ෆ්ලෂ් කරලා යැව්ව කියහන්කෝ... පුක හෝදන්නේ මොකෙන්ද..බාල්දියක්වත් නෑ.. අනේ දෙවියනේ කියලා අර පට්ට සීතලේ නෑව කියහන්කෝ..

CJ said...

Good work machan I appreciate the courage you had to post such a story. I think everyone has come across such a situation at least once in their life. I was born in a countryside, did my studies in Colombo, and now living far away from SL so I know the feeling you had quite well (LOL!!) I think the best part is learning from all the mistakes, ain't it? Keep up the good work machan, and just for an advice, if you consider relocating yourself, don't ever forget your origin. All the very best!

emailkavikaari. said...

කවියේ මුල මතක නැත අග පදය මෙසේය........

වැසිකිලි යන විටදි මලේ
හොඳට වතුර ගහමු මලේ

emailkavikaari. said...

What is the difference between a sink and a wash basin?
සින්ක් එක තියෙන්නෙ කුස්සියෙ. වොශ් බේසින් එකෙ තියෙන්නෙ නාන කාමරයෙ. ඉස්සර මට මේක හරියට පැටලුනා.

නචියා said...

දැනුයි බන් පෝස්ට් එක බැලුවේ. ඔය වගේ අපහසුතාවලට ලොකු පොඩි හැමෝටව පත් වෙනවා බන්. ඒකට වරදක් කියන්න බෑ. නොදන්න කමටනේ කරලා තියෙන්නේ. දැනගෙන හිටියනම් කීයටවත් කරන්නේ නෑනෙ.

priyantha said...

සඳරූ මම ඔයාව ගොඩක් අගය කරනවා. වෙච්ච දේ හරියට කියපු එක ගැන. සමහරු තමන්ට සිදුවූ ඔය වගේ දේවල් තවදාවත් කියන්නේ නෑ. ඒත් ඔයා විවෘතව පුරුදු රටාවෙන්ම කීවා. අපිත් ගමේ කොල්ලෝ. අපේ අතීතයෙත් ඔකම නැතත නගරෙට ගිහින් ඔය වගේ ප්‍රශ්න දාගත් අවස්තා තියනවා. මමත් දවසක් හෑන්ඩ් ඩ්‍රයර් එකක් කඩනවා පාවිච්චි කරන්න දන්නේ නැතිව. ඉතින් ඒවා නොදන්නා කම නේ.
ආයෙම හොඳ පොස්ට් එකක්.

Anonymous said...

කක්ක කොරන්න තියන එකක්නේ කොමඩ් එක, ඒකෙ ධනපති, නිර්ධන කියල එකක් නෑ, අපිත් ගමේ ඉඳන් රජ්ජුරුවන්ගෙ ඉස්කෝලෙයි කියන එකට ගියේ, සහෝදරයා තරං ඇලේ දොළේ ගලේ මළපහ කොරලා නැතිඋනාට, එහෙම කරන්න වෙච්ච වෙලවලුත් තිබිල තියනවා.. වැඩේ තියෙන්නෙ දැන් වාඩිවෙලා රෙවෙන්නෙ නැති එකයි, කොමඩ් එකකට ගියොත් ඔය චිත්තරේ ඇඳල තියෙන විදිහට තමයි කොරන්නේ..

නියමෙටම ලියල තියෙනවා.. ජයවේවා !!

අකීකරු හිත said...

ලිවිල්ල නම් සුපිරි මල්ලි...ගමක හිටියත් ගොඩක් අයට වඩා ඔයා ඉස්සරහින් ඉන්නවා..මින්ස්සුන්ටනේ හැම දේම වෙන්නේ...ඕවා ඔහොම තමයි..ඒත් මල්ලි අපි ගමේ, අපිට මුකුත් කැ... අපිට මුකුත් බැ කියන සිතුවිල්ලේ ඉන්න එපා..

Anonymous said...

Natum teacherui krushikarmayata teacherui aawe mona ken gediyakatada ? :-)

මම said...

කතාව නම් සුපිරි, මචං උඹ කොයි පළාතෙද?

Ashoka said...

මැච් එකේදි ෆයිට් එකක් දෙන්න බැරි වෙච්ච එක ගැන තමයි මට නම් දුක. ඔය තරඟෙට තේරුණු එකෙන්ම පෙනෙනවා සඳරු ලාට කොච්චර අඩු පාඩු මැද උනත් හොඳ ටීම් එකක් තිබුනු බව.

හොඳ ලිවීමක්!

දිනුම්!

සිතුවිලි නිහඬයි said...

සඳරු අයියගේ බ්ලොග් එකට අපු මුල්ම දවස.ලින්ක් එක දුන්නේ අපේ තිෂ් මලයා.....අයියා ලියන විදියනම් හරිම ලස්සනයි...කියවද්දී හිනා ගියත් ඔය වගේම තාමත් අපි යුස් ක්‍රම පුංචිම දෙයක් ගැන නොදන්නා අය කි දෙනෙක් අපේ රටේ ඇත්ද.....

pissi said...

අපේ ගෙදර අවුරුදු 120ක් පරනයි. කාලෙන් කාලෙට වෙනස්කන් කරලා තියෙනවා.. එ නිසා ඔය පරන එකයි අලුත් එකයි දෙකම වෙන වෙනම තියෙනවා.... ඔනි කෙනා තමන්ගෙ හදිස්සිය + කැමත්ත අනුව කැමති එකක් තෝර ගන්න පුලුවන්... :)

හිස් අහස said...

@Ravi = හාමිනේවත් අඬ හගගෙන එන්න අයියේ රවුමක් දාලා යන්න . අනේ මේ වික්ටර්ව ඔයා ත්නියම ගිහිල්ලා හම්බ වෙන්න මම හන්දියේ ඉන්නම් . රවි අයියා හදන්නේ මට දෙකක් අන්නවන්න
....................................................................................................................................................
@Luckey = කොමබ් එකට යූසර් මැනුවල් .. හි .හි පට්ටයි ඒ කතාව .පීඩීඑෆ් ෆෝමැට් එකෙන් තිබ්බොත් නම් එල .ඔයා හරි ලකී අයියා . ඕක බලාගෙන කරන්න බෑ . ඕක කරන්න නම් කැපවීම සහ උවමනාව තියෙන්න ඕනෑ .
....................................................................................................................................................
@සපතේරු උන්නැහේ = ඔයා වගේ වයසින් වැඩි කෙනෙක් ගෙන් ආපු මේ කමෙන්ට් එක එහෙනම් මට ගොඩක් වටිනවා .හ්ම්..මම network administration කෙනෙක් නම් නෙවේ . මම අපේ ගමේ තියන පුංචි IT Institute එකක උගන්වනවා .කැමපස් යන්න බැරි වුනා නේ .මම ඉතින් ඔයාට අයියා කියන්නම් ..
....................................................................................................................................................
@ItalyDilan = අඩේ ප්ලේන් එකේ මේ වැඩේ කරා කිවුවා ? උඹටනම් පිස්සු බැරි වෙලාවත් ඕක කඩාගෙන වැටුනා නම් මචං උඹ කොහේට වැටෙයිද ? .ඒක නෙවේ ඩිලාන් . ප්ලේන් එකේදී කක්කා කරාම ඒවා බිමට වැටෙනවද ?
....................................................................................................................................................
@පුතා = පුතාගෙන් ආපහු කමෙන් එකක් ආපු එක කොයිතරම් දෙයක්ද ? ඕකනේ වැඩේ මචං කොමඩ් එකේ නැග්ගොත් නාල මිසක් ගොඩ එනවා බොරු ඇයි වදේ කක්කුස්සි පේපර් වලින් අපිට පිහලා පුරුදු නෑ නේ
....................................................................................................................................................
@CJ = මටත් යාළුවෝ කියන්නේ සීජේ කියලා තමයි . මට ඔයා කියපු දේවල් වලින් ගොඩක් දේ තේරුනේ නම් නෑ .දන්නැද්ද මගේ කඩ්ඩ ටිකක් මදි .ඔයා කියලා තිබුනා වගේ මම මේ සත්‍ය කතාවම ලීවේ මේක මම කරපු දෙයක් නොවන නිසයි ඇත්තටම මම සිංක් එකේ මේක කරානම් මම මේක කීයටවත් නොලියාවි . ඉස්තූතියි ඔයාගේ වර්ණනාවට .
....................................................................................................................................................
@emailkavikaari.= ඕක සම්පූර්න කරලා ගහමු පොදු වැසිකිලියක . එලම කිරි එතකොට කොමඩ් එකට කියන්නේ වොස් බේස් කියලද ?

හිස් අහස said...

@නචියා = වෙලාවට ඕක කඩාගෙන නොවැටුනේ . කඩං වැටුනා නම් අපිට සල්ලිත් ගෙවායි යන්න වෙන්නේ වෙලාවට එහෙම වුනේ නෑ මචෝ .
....................................................................................................................................................
@priyantha = ස්තූතියි අයියා . මොනවා කරනද ? නොදන්න කමට ඕක කාගෙන්වත් අහගන්න කියලෑ . විලි ලැජ්ජාවයි නේ .
....................................................................................................................................................
@Anonymous = ස්තූතියි මිත්‍රයා . නම නොකීවට මොකද මේ කමෙන්ට් එක මට තදින්ම වැදුනා . ඕක තමයි මම ඇනෝ කමෙන්ට් වහලා නැත්තේ .ස්තූතියි මිත්‍රයා .
....................................................................................................................................................
@අකීකරු හිත = දැන්නම් ගමටත් ටික ටික පහසුකම් ලෑබෙනවා අක්කේ තව ටික කාලෙකින් මමත් නාගරිකයෙක් වෙලා බ්ලොග් ලියාවි . සමහරවිට මම එදාට ගම ගැන කියලා අඬයි.ඒක තමා හැටි
....................................................................................................................................................
@Anonymous =එයාල ගියේ රට තොට බලාන එන්න කොල්ලෝ! අනික එල ට්‍රිප් එකක් යන්නත් පුලුවන් නොමිලේ ඒකයි ප්ලෑන
....................................................................................................................................................
@මම = මචං උතුරට හැරිලා බත් කන අත පැත්ත බලන්න මම ඒ පැත්තේ !
....................................................................................................................................................
@Ashoka = අපි අපි සෙල්ලං කරද්දී අපි ලකුනු 100 උඩ ගහනවා වෙන ඉස්කෝලයක් එක්ක ක්‍රිකට් ගහලා අපි දිනාපු අවස්ථා අඩුයි අයියේ .අඩු පහසුකම් තමා සේරටම මුල
....................................................................................................................................................
@සිතුවිලි නිහඬයි = ස්තූතියි නගේ මෙහේ ආවට .ටෙලි ෆෝන් එක පාවිච්චි කරන්න නොදන්න අයත් අපේ ගෙදරම ඉන්නවා නගේ .
....................................................................................................................................................
@pissi = ෂා නියමයි මමත් අළුතින් ගෙයක් හැදුවොත් ඒ වගේ වැසිකිලි දෙකක් හදනවා එකක් අනාගතයට අනික වර්ථමානයට .

Devamithra Edmond (දේවමිත්ර) said...

නියමයි මචෝ!

මයියා said...

බොල නගරේ ඉන්න පොශ් කියලා හිතාගෙන ඉන්න බුවාලත්, පිටරටකට ගියොත් එහෙම සිද්ධ වෙන්නේ බොලාට සිද්ධ වෙච්චදේම තමා...එකම දේ කොමෙඩ් එකක් වෙනුවට වෙන මොකක් හරි උපාOගයක් වෙනස් වෙන එක තමයි, ලැජ්ජාව නම් කාටත් එකයි, එහෙම උනාම ගොඩේ බයියාත්, නගරේ කූල්ටූර් ලත් එකයි බොල...බොලාගේ වචන ගැලපීම නම් ගින්දර...

අපරාජිතයා :::: Aparajithaya said...

අනේ මන්දා බං.මට මොකුත් කියන්න හිතෙන්නේ නැහැ.මාරම දුකක් දෙනුනා බං හිතට.....

Bunny said...

ඔය වල කකුස්සියකට මාත් ගිහින් තියෙනවා.. එකේ කක්කා වැටෙන ටොන් එකත් එක්ක අමතුම ෆිලිං එකක් එන්නෙ :P

සුද්දාගේ කකුස්සියේ කොහෙද එහෙම ආතල්.. :P

ඔහොම කකුස්සියක සිගරට් එකක් පත්තු කරලා වෙච්චි සිං එක සදුරු අයියා දන්නවද ? :D

හීනියට.... said...

උඹට ජය සහෝ.....

Rockey_ssr said...

මටත් ඔය කොමඩ් වැඩේ එච්චර අල්ලන්නේ නෑ බන්... නියම කතාවක්... එලකිරි බ්ලොග් එකක්... ඔන්න ෆලෝ කරනවා... :D

ශශී said...

මචං ලිවිල්ල නම් ගින්දර...මල් හතයි :)
මම උඹේ බ්ලොග් එකට ආවෙත් අදමයි. රොයිලි ලොක්කගෙ එෆ්බී එකේ දැකල ආවෙ. මේක කියවල දවස් තුන හතරක් විතර වෙනව .ආයෙ ආයෙත් කියවන්න හිතෙනවා. උඹ කියන්නෙ මම පිටරටක හිටියට අපේ ගෙදර නම් තාමත් තියෙන්නෙ ඔය වල කකුස්සිය තමා... මාත් උඹ වගේම ගමේ කොල්ලෙක්.. රට ඉඳන් ලංකාවට මම ගියේ තාම එක පාරයි. ගෙදර ගිහින් පාවිච්චි කරන්නෙ වල තමා.....මම මෙහෙ හොටෙල් එකක් වැඩ කරන්නෙ. ඒ හින්දා සුඛෝපබෝගී බඩු එහෙම ටිකක් ;) අත පත ගානව තමා.... ඒත් වලක බොක දානව වගේ , ගමේ වැවේ නානවා වගේ ආතල් එකක් කොයින්ද බං? අනිත් එක මම විතරක් නෙමේ අපේ ගෙදර අම්මල තාත්තලා නංගි පවා තාම නාන්නෙ වත්ත පහල ලිඳෙන් වතුර ඇදගෙන, මචං. ගස් වලින් වට වෙච්චි ලිඳේ වතුර තරම් සනීප වතුර කොයින්ද බං. මෙහෙ තියෙන ශවර් වල තියෙනවද ඒ සැප. මම නම් තාමත් ඒ ගැමි කමට ආසයි බං. ගමේ සැප ගැන ලියන්න දේවල් ගොඩක් තියෙනවා. කොමෙන්ට් එක දික් වෙන හින්දා ඔන්න ලියන්නෙ නෑ. ඒත් මචං මම ගමේ කොල්ලෙක් හින්දා කියන්නෙ. ගමේ උන්ගෙ තියෙන සුපුරුදු අවංක ගතිය උඹේ බොක්කෙත් තියෙනවා බං. උඹට ජයෙන් ජය වේවා.. පුළුවන් උනොත් මෙදා පාර ලංකාවට ආවහම මාත් එන්නම් උඹව බලන්න. මම සිදාදියේ කරක් ගහන්වට වැඩිය ආසයි බං නිදහසේ හුස්ම ටිකක් ගන්න......අපේ අම්ම ට අද මම කතා කරපු වෙලේ උන්දැ කියපි ලඟදිම බාත්‍රූම් එකක් හදන්ට යනවැයි කියල ගෙදරට. :D අන්තිමටම මට කියන්න ඕනෙ උනේ මචං උඹලගෙ පිනා නම් රට කාල වතුර බීපු ගොයියෙක් නෙ බං . නැත්තන් කොහොමද අර වගේ බොක සාගරයක් දිහා බලාගෙන ලොකු කිරි උගුරක් බොන්නෙ.O_o

kasun said...

ගින්දර ලිවිල්ල...!!!!!!

duliponline said...

යකෝ ඉතිං මේකට මමත් කොමෙන්ට් එකක් දාන්නම එපැයි . . .
මගෙනං සඳරු මලේ තාම ප්‍රියතම මෙතඩ් එක තමයි එලිමහනට යන එක . . . පාන්දර අහසෙ දිලිසෙන අන්තිම තරු කැට දිහෑ බලාන . . . උදේම කූඩු වලිං එලියට එන කුරුල්ලංගෙ කිචි පිචිය අහගෙන . . . . නිකට දනිස් දෙක උඩිං තියාන . . . .බොගක් දාන වෙලාවට තට්ටං දෙක පිසගෙන හමන සීතල මදනලේ පහස විඳිනව තරං ආතල් එකක් තව කොහෙද . . . . තාම මම ගමේ ගියාම යන්නෙ එලිමහනට . . . හෝදගන්නත් බහින්න එපැයි මීටර් 100ක් විතර පහලිං ගලන ඇල පාරට . . . .කොහොමද ඒ දුර කක්කුට්ට වගේ යද්දි . . . .????

ප.ලි.
උඹ අහල තියනවද දූපත් යන ධීවර පවුල් ගැන ??? මන්නරම කල්පිටිය පැත්තෙ තමයි වැඩිහරිය ඉන්නෙ . . . ඒ පවුල් වල කෙල්ලො දීග දෙද්දි "කුල්ලක්" අනිවා දෑවැද්දට දෙනව . . . . හේතුව දන්නවද . . . . ????

Teena said...

සඳරු මල්ලි, අවුරුදු පහක් විතර මං අපේ මාමා ගාව හැදුනා. ඉතින් ඒ නැන්දගේ නංගිගේ ගෙදර එහෙම යන දවසක මං පණ බයයි.මොකද එහේ තිබුනෙත් ඔය කියපු ජාතියේ කොමඩ්. මදිවට හෝදන්න තියෙන්නෙත් වාඩි වෙලා කරාමේ ඇරියහම උඩට වතුර විදින ජාතියේ ගැජමැටික් පෝච්චියක්.අනේ ඒ කාලේ පෝච්චියෙන් පෝච්චියට මාරු වෙවි මං වින්ද දුකක්.
ඇණ තියාගෙන මළ පහ කිරීම තමයි ස්වභාවධර්මයෙන් නියම උන නිවැරදි ක්රමේ. ඒකට මිනිස්සු විලාසිතාවක් ගෙනැල්ලා. පහු කාලෙක ඒකටත් අළුත් ලෙඩක් නිර්මාණය උනාම පරණ පෝච්චියටම යන්න වෙයි.
ඔයාගේ ලිවීම නම් සුපිරියි. ඔයාගේ හිත හරියට විවර වෙච්ච පොතක් වගේ. හරිම අව්‍යාජ ලියවිල්ලක්.

Teena said...

ආ.. කියන්න අමතක උනානේ. අපේ ආච්චාගේ නංගි ආච්චිලාගෙ ගෙදර තිබුනා සුපිරි ටොයිලට් එකක්. ඒකෙ මළ පහ කරාම අර සාමාන්‍ය ටොයිලට් වල වගේ බට දිගේ ගිහින් වලට වැටෙන්නෑ. කෙලින්ම පහල තියෙන්නේ වල. ඉතින් කක්කි දාද්දි හරි සෝක්..
කී......................න්... ඩොම්!! ගාලා සද්දේ. හිකිස්! හයියෝ මේ පෝස්ට් එක දැක්කම මටත් කක්කා කතා කියවෙනවා හෝ ගාලා..

ජීවිතේ මල් said...

මට බෑ මේව කියවද්දි දුක හිතෙනවා .... අනේ උබ මෙහෙම අව්‍යාජ වචන ලියනකොට... දුකේ බෑහෑ :(

BLOG ගඩොල් said...

අද තමයි මචෝ පෝස්ට් එක දැක්කෙ.කියලා වැඩක් නෑ. සුපිරියට ලියලා තියෙනවා වෙනද වගේම

~ChAnDiKa~ said...

පුංචි කණගාටුවක් හිතුනා බන්!!!

Waruna Ratnayake said...

එළ....කථාව....(bidet).බිඩේ එකේ පුංචි හිලට නයෙක්‌ වගෙ කක්‌ක එකක්‌ දාල මැනේජර් ගෙන් බැනුම් අහපු සෙකුරිටි පොරකගෙ කථාවක්‌ මේ වෙලාවෙ මටත් මතක්‌ උණා

ඉන්දික said...

මේක දැක්කම මටත් හිනා ගියා , ඒත් එක්කම පුංචි දුකකුත් දැනුන.ඇයි හැබෑටම ලොකු සර් මේකෙ වගක් ඔය දරුවන්ට කියල නොදුන්නෙ ආ?

Anonymous said...

මමත් ඔහොම කට්ටක් කලා තියනවා... පුංචි ගමක ඉදන් 5 වසරේ විබාගය pass වෙලා කොළබ ආව කාලේ .. පැයක් විතර ට්‍රය් කරලා ක්‍රමේ හොයා ගත්තේ ..
ලස්සන ඇත්ත කතාව ..උබ අවංකව ලියල තියනවා.. ගමේ මිනිස්සු හැමදාම වටිනවා මේ nagare ම්නිස්සුන්ට වඩා ... හුගක් අය එහෙම කියල තියෙනවා ...එක තම ඇත්ත ...ගමේ මිනිස්සු හරි අවංකයි....
උබට ජය ..

කතාවට ඇත්තටම දුක හිතුන...මම දන්නවා මෙහෙම ව්නහම කොච්චර අපහසුවට පත් වෙනවද කියල ..

Anonymous said...

elama kathawa, umbata scholedi hondata igena ganna beri une ay kiyala mata sekay?tho davasa thissema vena veda kara kara hitiyath vibagsa goda daana syse porak vage mata penne?

Anonymous said...

๧‍නාකලට ම‍๧‍ග් හි‍๧‍ත් කහටක් නෑ කවදාකවත් !...‍๧‍໦ තත්ප‍๧රත් ඔබට ව຃න බව මම ‍๧‍හාඳටම දන්නවා ..

ජය ‍๧‍໵වා !!

මාධව විදුරංග said...

dannawada sandaru! mamath game kollek! man kolaba apee seeyalage gedara giyama hamadaama comad 1e uba wadi una wageema waadi wela thamai wade karanne! man lajja wenne na bn ehema kiyanna! man upan daa idalama karapu widiya mata hodai! eeka saneepai! sapa pahasui! ubee kathawa man mee balanne deveni paarata! :) niyamai bng!

Dude said...

සඳරූ, ඇත්තම කිව්වොත් මම මේක කියෙව්වෙ ස්ටාෆ් රූම් කොම්පියුටරේකින්. මම මුලින්ම හිනා කාගෙනෙ මේක කියෙව්වෙ. පස්සෙ අන්තිමට හිතුන මේක හිනාවෙන්න ලියපු එක නෙවෙයි කියලා. කොමෙන්ට් කියෙව්වම මට හිනා වීම ගැන ලැජ්ජා හිතුනා.
හරි මට අමුතුවෙන් කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ.
මට පුදුම කොහොමද සින්ක් එකට කක්ක කලේ කියන එකයි. මොකද ඕක් උඩට කොමෝඩ් එක වගෙ නගින්න හයිය නෑනෙ. අනික කොහෙන්ද අර චිත්‍රය හොයා ගත්තෙ?
henryblogwalker the Dude

රන්සකු said...

ඔය වගේ ඒවා ගොඩක් අයට වෙලා තියෙනවා. මම රෑ වැඩ මුරය කරා දුර කථන ඇමතුම් මධ්‍යස්ථානයක එක සුපිරි නෝනා කෙනෙක් හා මහත්තයා වැසිකිලි යන්න ඕන කිව්වම මම ඉඩ දුන්නා. මේ නෝනා වැඩේ කරලා තියෙන්නේ බිම. මම ඕක දන්නේ න. දුරකථන මධ්‍යස්‌ථානය අයිති නෝනා වැසිකිලි ගිහින් ඕක දැකල. මට බැනල බැනල මට කිව්වා එක ඇස කරන්න කියල.
ඒ වගේ දේවල් හා නොදැන කරන දේවල අතර ලොකු වෙනසක් තියෙනවා මචන්. මමත් ගමේ බය්යෙක්. උඹ ඕව ගනන් එපා.

Charith Samarakoon said...

මේක කියෙව්වම පොඩි දුකකුත් ආවා..උඹේ කන පැලෙන්න දෙන්නත් හිතෙනව ගොඩයෙක් කියාගත්තට...
මටත් පොඩි නෙවේ ලොකු අවුලක් තියෙනව ඔය රජ්ජුරුවන්ගෙ ඉස්කෝලෙ එක්ක..උඹ දන්නවනෙ ඇයි කියල...
උඹල වගේ එවුන්ට පුලුවන් රටේ ලොක්කන්ට වඩා ගම හදන්න...

Mithuru said...

සර්ව සාධාරණයි.නගරේ ඉන්න එකෙක් ගමට ආවාමත් ඔහොම්ම තමයි.
// එතකොට වතුර ගානවට කියන නම ෆ්ලෑෂ්ද ? //
ෆ්ලෑෂ් නෙමෙයි. "ෆ්ලෂ්"

තව,කුස්සියේ තියෙන්නේ සිංක් එක.
නාන කාමරයේ තියෙන සිංක් එකට කියන්නේ වොශ් බේසින් එක.

දැන් හරි නේ............

Anonymous said...

අඩෝ මරු බන්..පට්ටම පට්ට, මුලින්ම මේක දැකල හිනා ගියත් පස්සෙ මට හෙන දුකක් ආවා, මම දන්නවා මෙහෙම වූනාම කොච්චර අපහසුවට පත් වෙනවද කියල....මම තව දෙයක් කියන්නම් මචන්, මෙතන උන් කියනවා වගේ ඔය කියන රජ්ජුරුවන්ගෙ ඉස්කෝලෙ උන් හිතන්නෙ නැහැ බන්.එහෙම උනුත් ඇති නමුත් ගොඩේ කියලා හිනා වෙන්නෙ නැහැ ගොඩක් උන්,මම දන්නෙ මාත් ගියෙ ඔය කියන ඉස්කෝලෙට නිසා...

හොඳ පොස්ට් එකක්.ජය වේවා!!

Anonymous said...

pattama hina mata meka kiyawala.. kellek mechchara hayyen hina venna honda ne kiyala dena denath palenna hina vuna.eeta passe duka hithuna.

Anonymous said...

ඔක මොකක්ද එක අතකට.දොර වහ ගත්තට පස්සෙ හෙමීට හොයල බලල මොනවහරි කරන්න පුලුවන්නෙ.අඩු තරමින් කරපු මනුස්සය වත් රහසිගත වෙනවනෙ.එත් හෙන ගොඩක් අස්සෙ හන්දි ගේරුප්පු වලින් කන්න වුනාම ගිහින් නා ගත්තම ඔක්කොටොම පෙනි පෙනි මොන දුකක්ද.මට ඔක වෙච්චි ගොඩක් අය කියල තියෙනව.එත් කර ගන්න දෙයක් නෑතුව දුකත් හිතෙනව.සියලු දෙවල් පලවෙනියටම කරන වෙලවක් තියෙනව.මොනව වුනත් පොශ්, ගොඩෙ කියන අපෙ මිනිස්සුන්ගෙ " " වෙනස් වෙන්න ඔනෙ.කලු සුද්දො ඉන්නකල් ඔය බෙදිල්ල හමදම තියෙනවා.අපිහමොම අනිත් අයට හිනා නොවි උදව් කල නම් හරි.අනිත් අය අමරුවෙ වෑටෙන්න යද්දි කලින්ම එව නොවෙන විදියට වෑඩ කරන්න පුරුදු වුනනම් හරි.හමොම යන්නෙ ශොව් එක දන්නනෙ.එක තම මෙතන අවුල.

sachin hanzaka said...

mulu kathawema supirima kaalla tamai ......." එකක ටීචර්ලත් . අනිකේ සර්ලත් නිදාගත්තා (අපිට කීවේනම් එහෙමයි ) අන්තිම කාමරේ අපි 15 දෙනා බුදිය ගත්තා .."

hihihii

Anonymous said...

සඳරු මල්ලි,

නියමයි කක්කා කතාව. මන් දන්න එක්කෙනෙකුටත් ඔහොම දෙයක් උනා. මේ මනුස්සයා ටිකක් වයසයි, පැන්සන් යන්න ඔන්න මෙන්න :). නයිට් ෂිෆ්ට් එකේ තමයි එදා වැඩ.

ඔන්න ඉතින් පාන්දර දෙකට විතර මම මේ කියන එක්කෙනත් කොමඩ් එකේ සඳරු ඉඳ ගත්ත විදිහටම ඉඳ ගත්තා, හරියටම එල්ලය බලලා. කරුමෙට දොර අගුලු දාගන්න බැරි උනා. මේ වගේම හදිස්සි උන තව කෙනෙක් දඩාස් ගාලා දොර ඇරගෙන බාත් රූම් එක ඇතුලට ගියා. එයා හිටපු විදිහ දැකපු මනුස්සයා අපිට කිව්වෙ ගණ දෙවියො කොමඩ් එක ඉන්නවා දැක්කා කියලයි. පස්සෙ තමයි, මිනිහව අඳුරගෙන තියෙන්නෙ. ඉතින්, මෙයාට ගණ දෙවියො කියල කියන්න බැරි නිසා... "කොමදෝරු සිරා" කියල තමයි එදා ඉඳන් කියන්නෙ. :)

Anonymous said...

මම කෙච්චර බ්ලොග් කියෙව්වත් කමෙන්ට් එකක් දාන පලවෙනි වතාව.ඒ මේ කතාව මටත් දැනුන හින්දා.
උඹ වගේම මමත් ගමේ තමා ජීවත් උනේ.කොළඹට පලමු වතාවට ආවෙ විශ්ව විද්‍යාලයට තේරුනාට පස්සෙ තමා.(දැන් නම් අපේ පවුලම කොළඹ ඉන්නෙ).පලවෙනි දවසෙ නම් කරකෝලා අත ඇරියා වගේ. ඒ උනාට මම කාගේ වත් වචනෙක වත් උදව්වක් නැතුව ඔක්කොම කර ගත්තා.
උඹ කියන එක ඇත්ත අපිට ගමේදි නොලැබෙන ගොඩක් දේවල් මෙහෙ උන්ට ලැබෙනවා.මොන දේ තිබුණත් කොළඹ ගෙවන්නෙ එදා ගත කරපු සුන්දර ජීවිතය නොවෙයි.ගමේ ලැබෙන ගොඩක් දේවල් කොළඹ උන්ට ලැබෙන්නෙ නෑ මට හිතෙන හැටියට.අපි වාසනාවන්තයි ඒවා ලබන්න.
මම ගමේ ලබපු අත් දැකීම් නිසා මාව අනිත් අයට(අපේ බැච් එකේ කොළඹ අය තමා වැඩිපුර ඉන්නෙ) නැතිව බැරි චරිතයක් උනා.බැච් එකේ විතරක් නෙමෙ අපේ ෆැකල්ටි එකේම තරමක ප්‍රසිද්ධියක් මට තිබුණා.(පුරසාරමක් නෙමේ).ගොඩක් දෙනෙකුට තියෙන්නෙ පොත පතේ දැනුමයි ඉංග්‍රීසියි පොෂ් පංතියෙ ඇසුරයි විතරයි.(අවමානයක් නොවේ)ඒ ඇර වෙනත් දේවල් ගැන ඔවුන්ට අවබෝධයක් නැ.(යමෙකුට දෙයක් ලැබෙක කොට තවත් බොහෝ දේවල් අහිමි වෙනවා).මට මතකයි විශ්ව විද්‍යාලයේ අවසන් වසරට එන කොට මට කන්න වත් සල්ලි නැතුව හිටියා.මාව කෝටු කෑල්ලක් වගේ කෙට්ටු උනා.මට එචිචර දෛර්යයක් ලැබුනෙ මම හිතන්නෙ අපි කට්ට කාලා ගත්ත අත් දැකීම්.
මම කියන්නෙ නෑ අපිට නැති උනා කියලා කොළඹ උන්ටත් නැති වෙන්න ඕන කියලා.මගේ යාළුවෝ ගොඩක් දෙනෙත් කොළඹ අවට ප්‍රධාන පාසල් වල අය ඒ උනත් උන්ට මගෙයි උන්ගෙයි වෙනසක් තිබ්බෙ නෑ.උන් මාරම හොඳයි.
ඒ කෙසේ වෙතත් මම හිතන්නෙ ජීවිතය කියන එක සතුට.අපි තෘප්තිමත් නම් ඒක තමා ජීවිතය කියන්නෙ.භෞතික සම්පත්ම නෙමෙයි.කොළඹ උනත් ගමේ උනත් සතුට නැත්නම් වැඩක් නෑ.

මමත් සමාජවාදී මිනිහෙක්.(එහෙම වෙන්න ඇත්තෙ මට ලැබුණ ජීවිත අත්දැකීම් වෙන්න ඇති.) ඇත්තම ලෝකෙ දේශපාලනය හරි හැටි අවබෝධ කරගත්තොත්, ලංකාවෙ ධනපති පංතියක් නෑ.ධනපතියො දෙතුන් දෙනෙක් ඇරෙන්න.අපි කවුරුත් මනුස්සයොනෙ.ලෝකෙත් එක්ක සංසන්දනය කරන කොට අපි කවුරුත් ගොඩක් පිටිපස්සෙන් ඉන්නෙ.
කොළඹ පොෂ් මිනිහෙක් උනත් එහෙම රටකට ගිහින් හැරෙන්න වත් බෑ. :)

සුරා යකා said...

මචෝ සිරාවටම මරු බ්ලොග් එකක් බන්..කියවලා හිනායනවා ..මම ජොබ් එක කරන්නේ qatar වල..මෙහෙ තියෙන ඔක්කොම අමාරුකම් නැතිවෙනවා බ්ලොග් එක කියවනකොට......එළකිරි...

සුරා යකා said...

අපි දන්න දෙවලට වඩා නොදන්නා දේවල් ගොඩක් මේ ලෝකේ තියෙනවා. ඒ හින්ද ඕක හිතන්න දෙයක් නෙවේ...මටනම් ඉතින් පොඩ්ඩක් විතර සුරාව වැඩිඋනාට පස්සේ කොමඩ් එක තමා පිහිටට ඉන්නේ........කබරයා දාන්න......

senura said...

කමෝන් සදරු....

Anonymous said...

scotting position thamai malli hariyata motion wenne ekai onama babekta train karanne.comord thiyenne handipath amaruwa thiyena leddunta tawon wala ithin wedipura inne unne.mamath gamen aapu thaama scot karana dokek malli ube katha wilashaya nam perfect jayawewa .

pissi said...

https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc7/423404_161921987262134_100003330020262_214657_336890578_n.jpg :P

guna makuva said...

අඩේ පට්ටයි බං සදරු අයියේ උබ පට්ටම හැකියාවක් තියන එකෙක් පොතක් ලිහන්කෝ අපිට කියවන

වර්ණ said...

මටත් හිතෙන්නෙ සඳරුවෝ උඹ හිතින් ගොඩය කියලා හදාගෙන.එහෙම බැලුවොත් අද පොෂ් වෙලා ඉන්න ගොඩක් උන් මුලඩි ගොඩයො තමයි.ලියලා තියන විදියට හිනා ගියත් මේක තයි තාමත් අපේ රටේ ඇත්ත.වැඩි කල් නෙවෙයි.මීට මාසෙකට කලින් විදේශ සේවා එකේදී මම මේ කථාව මේ විදියටම දැක්කා

Anonymous said...

මම ගොඩක් පරක්කුවෙලා, ගොඩක් වේලාවට අපි සීන්ක් එක කියලා කියනවා වොෂ් බේසින් එකට,

මටත් ඔය ඉදගන රෙන වැඩේ කරන්ඩ බැ.

දවසක් මම (ඉස්සර) ලක්ෂරි කක්කූස්සියක මරැ ක්‍රමයකට රිව්වා.

හම්බුන දවසක කියන්නම්

Anonymous said...

මේක මොකක්ද මල්ලි, අපි පිටරට ඉගෙන ගන්න කාලෙ මීට වඩා හොඳ සීන් එකක් වුනා. අපේ කට්ටිය නැවතිලා හිටිය එක අපාට්මන්ට් එකක. ඉතින් එදා අපේ පොඩි පාටියකට අපේ අනිත් යාලුවන්ටත් කියලාබෝතල් ටිකකුත් ගෙනල්ලා ගෙදරම වැඩේ සෙට් වුණා. අපි ඔක්කොටම සූර්. මේ අතරෙ එකෙක්ට බොගක් සෙට් වෙලා ටොයිලට් යන්න ඕන වුනා. මූ අපේ ගෙදරම එකෙක්. මූ ටොයිලට් යනව කියල අඩි දෙක තුනක් ඇවිදලා පොඩි ස්ටූල් එකක් උඩට නැග්ගා. ඒක උඩ තමයි ගෙදර ෆෝන් එක තියල තියෙන්නෙ. මූ කලිසම ගලවලා ෆෝන් එක උඩම බොග දැම්මනෙ. අපි මුලින් හිතුවෙ විහිලුවට කියලා. ඒත් පස්සෙ මූ බොග දාන කොට අපි පුදුම වෙලා බලන් හිටියා. ඊට පස්සෙ අපි ඔක්කොටම හිනා. පස්සෙ ෆෝන් එකත් වීසි කරල ගූ අදින්න වුනෙත් අපිටම තමයි. ඒත් මූට ගානක් නෑ. හැබැයි පහුවදා අපි මේක සේරටම කිව්වා. ලංකාවෙ උන්ටයි, එහේ උන්ටයි සේරටම. මූට හැමෝම විහිලු කරන්න ගත්තා, ෆෝන් එක උඩ බොග දාපු එකා කියලා. පස්සෙ මූ ගෙදරිනුත් යන්න ගියා, නෝන්ඩි වැඩි නිසා. රොබට්

Anonymous said...

හික්ස්, උඹට කියන්න, මටත් ඔය කොමෙඩ් වැඩේනම් දිරවන්නෙම නැහැ බන්....

dasunwi said...

වචන ගැලපීම නම් නියමයි බo... මාර රහට ලියලා තියනවා

Anonymous said...

උඹ පට්ට කෙප්ප ගොත ගොත අනික් උනුත් අන්ද අන්ද ආතල් ගන්නව නේද?

Post a Comment

තැන්කූ බං