28.6.11

වැවු බැම්ම මතදී දුටු සිහිනය

 

දවසක් දා වැවු බැම්මේ
සූස්තියක් උරණා විට
දිය මත පාවෙන බුජුමක්
මා නෙත ගැටුණා..!


සරම ලියා ගොඩින් තියා
අමුඩෙ ගහං බැහැල වැවට
පීනාගෙන බුජුම ළඟට
මං ළඟා වුණා 


පෙනුමෙන් ඇන්ටික් ගතියත්
මලකඩ බැඳි කළු පැයත්
අතරින් විහිදුණු දිස්නෙට
මං වසඟ වුණා !

බුජුමේ බර වැඩි නිසාම‍
ලිස්සන ගතියත් නිසාම
බුජුම ඉනේ ගැටගහගෙන
ගොඩට පීනුවා 


දියෙන් ගොඩට ආ හැටියෙම
"
බුජුමේ තියෙන්නේ මොනවද.?” 
කුතුහලයෙන් තෙරපුණු මම
එය විවර කළා 


මූඩිය ගැලැවුණු සැනින්ම
අහස පොළව ගුගුරාගෙන
හරි ලස්සන කෙලි පොඩ්ඩක්
එයින් මතු වුණා 


කෙල්ල බියුටි ෆුල් නිසාම
මම අමුඩෙ පිටින් හින්දම
කොහිල ගාලකට පැන මම
සැඟවී ගත්තා

"
අනේ අලෝ ගොඩට එන්න
මම නෑ මොකවත් හිතන්නේ
යූ ආර් මයි හීරෝ නේ "
 කෙල්ල කියනවා 


ලැජ්ජාවෙන් රතු පැහැ වී
ජම්බු ගහෙන් බිමට වැටුණු
යෞවන කෙල්ලක් විලසින්
මම ගොඩ ආවා

"
යක්‍ෂයෙකුගෙ මන්තරයෙන්
මම බෝතලේ හිරවුණානෙ
ඔයා මාව බේරුවානේ"
 කෙල්ල කියනවා

"
මා බේරාගත් නිසාම
ඔයා හරි කියුට් හින්දම
උම්ම එකක් දෙන්න හිතයි !" 
කෙල්ල කියනවා


සම්මජ්ජාතියක මාව
කෙල්ලෙක් නම් ඉඹල නෑනෙ
එහෙවු එකේ මටත් මේක
පල්ලමක් වුණා


උම්ම එකට රෙඩි වෙන්නට
දත කට මැදගත්ත මෙමා
හෙමින් හෙමින් කෙල්ල ළඟට
යාත්‍රා කළා 


මාස්මෙලෝ වගේ සිනිදු
රෝස පාට තොල් දෙකකින්
මගෙ සියොළඟ ඉඹිමින් ඈ
මා ඔකඳ කලා


දෙන දෙයියෝ දෙනකොට නම්
ටොකු ඇන ඇන දෙවනවාලු
නොහිතපු විලසින් උම්මා
තොගයක් ලැබුණා

ඒ වගෙ රටආතල් නම්
මම කිසිදින විඳල නෑනෙ
අනේ ඉතින් කෙල්ල මාව
අපහරණෙ කලා !


හිත සතුටින්, ඇගේ අතින්
අපහරණය වන අතරේ
බඩට වැදුණු තඩි සොටකින්
මම අවදි වුණා 


ඇඩ්ඩිං මාමගෙ එළු දෙන
මගේ මූණ ලෙවකනවා
තව එළු රංචුවක් මදෙස
බලා සිටිනවා 


මල් උරලා වැඩිවීලා
වැවු බන්ටෙක මත නිදලා
මම ලොකු හීනයක් දැකපු
බව හැඟී ගියා 


එදා පටන් අද වන තුරු
නෑ මම මල් දුම් ඉරුවේ
දැන් මම මල් දකින කොටත්
වමනෙට කරනවා





/ලි . මගේ මිතුරෙකු හට සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් මම ලියූ මෙවුව එකකි !

//ලි . බුජුම යනු ගුරුලේතුවක් බඳු මෙවුව එකකි

Image [ http://www.spraygraphic.com/ViewProject/19697/normal.html ] 


 

61 comments:

සාතන් said...

මේකනම් උඹටම වුන එකක්.... ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ.. :)

සිහින said...

බුජුමෙන් මතු වූ සොඳුරිය
උඹේ මුණ ලෙව කනකොට
ඇඩ්ඩින් මාමගේ එළු දෙන
උඹේ මුව සිම්බා

මලේ පවර් එකේ තරම
පාවෙන සිහිනෙන් දුටුවම
මලද සැපකි රස ගඟුලකි
කියා වැටහුනා..

අන්තිම පදේ හදපන්..
දැන් මම මල් දකිනකොටත්
වමනෙ කරනවා

මකුළුවා..... said...

ඕකට තමා කියන්නේ බං දවල් හීන බලන්න එපා කියලා....මොනවා වුනත් මරු සිද්ධිය........

(බ්ලොග් රෝල් එකේ බලපන් මගේ බ්ලොග් එක අප්ඩේට් වෙනවද කියලා....ලිපිනය වෙනස් කරා ‍පොඩි සිද්ධියක් හින්දා....http://makuludala.blogspot.com/)

චේජනා said...

:D

එළු දෙන කට ලෙවකද්දී
හීන බලන් නිදාඉන්න
හිස් අහසේ සඳරුව
මට මැවිල පේනවා...

කිඩෝ said...

හැක් හැක් මම හිතුවේ සදරුවා අර ඔසිකතා පෝස්ටුව දැකලා ලියපු එකක් කියලා... එලට ලියලා තියනවා....

සංකල්ප said...

නියම කවි සෙට් එකක් නේ. ඇත්තටම මල්ලි මලක් ගහපුවාම ඔය වගේ සීන් පේනවාද? දන්නේ නැති නිසයි අහන්නේ.

එහෙම නම් මාත් මලක් ගහලා බලන්න ඕනේ. හැමදාටම නෙමේ එක දවසකට විතරක්.

MaRLaN said...

යාලුවා කවුද දන්නේ නෑ නේද?

සුපර් මාරියෝ said...

යාලුවගෙ නමත් සදරු ද??? :D :D මරු කවි ටික අයියා...

Anonymous said...

සඳරු කාගෙද අත්දැකීම...? ඇත්ත කියපිය...

මටත් ඕනේ අරවැයින් එකක්.

Praසන්ன said...

මිතුරෙකුට උණානං ඔච්චර හොදට විස්තර දන්නෙ කොහොමද මලේ.
ලස්සන කව් පද ටික.

දුමී said...

හප්පා අර එළු දෙනට මොනවා හිතෙන්න ඇතිද...? එළු මස් කන්නත් එපා වෙනවා (එළු මස් කන්නත් ඉතින් කොහොමත් බෑනේ ගාණ වැඩි නිසා).... කොහෙද මුන් මල් ගහලා එළුවෙක්ටවත් ඉන්න දෙන්නෙ නෑනෙ.....!

Charmi said...

මරු මෙව්ව එක බං.....

සෝරෝ said...

මල් ගහලා වැඩි වෙලා...
මූ අහසේ පා වෙලා...
ගල් කොරි ලව ​සිහි වෙලා...
එළුවට මූ කිස් කලා...


හික් හික්... පට්ට කවි සෙට් එක..... :D

සරත් ලංකාප්‍රිය said...

නියම කවි රටාව. මේක දැක්කම මට අර පරණ සින්දුවක් මතක් උනා. සරා ගොය්ය හරි මිනිහා...
මේක සින්දුවක් කරලා ගායනා කරමුකෝ !!

cameelia said...

අනේ පව් අහිංසක එලිච්චි...

අකීකරු හිත said...

මේක නම් මල්ලිට උන ඇබැද්දියක් වගේ

Anonymous said...

not bujuma. its called bujama.but nice.thank you.

Kiri said...

මල් ගෑහුවාම ඉතින් හීනෙනුත් වල් තමා...

ලකී සිරි said...

ඒ පාර සඳරු මලයා යාළුවන්ට සිද්ධ වෙන දේවල් ලියන්න පටන් අරන් වගේ....

නදී said...

මෙකා කොරන වැඩ...අප්පච්චියේ ඔයින් ගියා ඇති

Anonymous said...

එළුවාගේ කවිය.

වැව් බන්ටෙකෙ මයෙ පාඩුවෙ
උලා කකා ඉන්නා කොට
පච්ච කෙටූ දැඩි අතකින්
ඇදල ගත්ත මාව ලඟට...

බෑ බෑ බෑ මං කිව්වා
වගේ වගක් නැතුව වගේ
ඇදල අරං දෙකට නවා
xxxxxx xxxxx xxxxx

duliponline said...

මට එකෙංම මතක් උනේ මේක . . . http://bloggysdiary.blogspot.com/2011/05/blog-post.html

Hishan de Silva said...

හුටා....

උඹේ යාළුව එළුවෙක් වගේද දන්නෙ නැහැ අරූට kiss කොරල අතවර කරන්න තරම් හිත ගියේ....

Anonymous said...

එල එල. ෆට්ටයි.
JH

Gizaa said...

සිරවට මලේ උඹට නේද උනේ වෑඩේ :p මල්ලිත් ඔය මල් පිපෙන පෑත්තෙද ගම් රටවල්

දුකා said...

හප්පොච්චියේ . . . අහිංසක එළුවා . . . අනේ ඌව දොස්තරෙක්ට පෙන්නපන් . . ..

හරි හරි මේඅක් උනේ සඳරුගේ යාලුවෙක්ට අපි පිලිගත්තා හොඳේ . . . හික් හික් හික් . . .

අහ් මටත් මතක් උනේ බ්ලොගීගේ ඩයරියේ සීන් එක . .

බ්ලොගීගේ ඩයරියේ සීන් එකරි

Bindi said...

වැව ළඟ නිදියන් හිටියට
නාල නැහැලු සුමානෙකින්
සඳරු දකින එළු දෙන
දැන් පැනල දුවනවා

එපා කරපු නරක කොල්ලො
එලිච්චිටත් ඉන්න නොදෙන
ඇඩ්ඩින් මාමා එලවයි
සඳරු duwanawa

සූර සරදියල් said...

අම්මේ ජොයින්ට් ලොවෙත් නෑ... හික්ස් .. පොර ඔයින් ගියා ඈති.. මරු සීන් එක

රවින් said...

මමත් හිතන්නේ බං මේ යාළුවා වෙන කවුරුවත් නෙවේ, උඹමයි... හික්ස්ස්..

Dasun said...

අම්මට සිරි සදරු මේකනම් පට්ටම සීන් එක. ඇත්තකියපං මම වැඩිය කාටවත් කියන්නේ නෑ මේක වුනේ උඹටම නේද?

පුතා said...

කවි කතාව නියමයි සඳරු.. හැබැයි මං මේං මේ කෑල්ලටනම් කැමතිම නෑ...
\\දැන් මම මල් දකින කොටත්
වමනෙ කරනවා..\\
කව්ද යකෝ ඒ වගේ පූජනීය දේකට අවමන් කරන එකා...:)

හීනියට.... said...

හික් හික් මරුම මරු ජෝගිය ඕං......එළුච්චිට සංසාරෙ එපා වෙන්න ඇති.....

චාර්මි මොකද බං බ්ලොගය අප්ඩේට් නැත්තේ......

දිනුක said...

එළුදෙන කිස් කොරද්දි මල් හීනෙං මොන මොනවා කොළාද කවුද දන්නෙ.එළු දෙනගෙ බණ්ඩිය ලොකු වෙනවද බලන්ට.....

Anonymous said...

WISHESHA DANUMDIMAI...:- mithurekuta nowa mema siduwima siduwi aththe his ahase sadaru aiyata bawa ma ithamath sathutin danum demi...... :D :D :D

Dinesh said...

සදරු ඉද්දි වැවි කණ්ඩියේ
මල් උරලා වැඩි වීලා
උන ඇබැද්දියක් මෙලෙස
කාගෙද පිට පටවනවා..

අපි දන්නෑ අපි හිටියේ නෑ
මෙවුවා වෙද්දි වැව් කණ්ඩියේ
ඒ හින්දම අපි උඹට නෙමෙයි
උනේ හිතනවා...

මරුම සීන් එක සදරු මල්ලි.. ඇත්තටම මලයගේ මේ කවි කතා ක්‍රමයට මම ගොඩක් කැමතියි... මම මේක බ්ලොග් වලින් දකින්නේ මල්ලිගේ බ්ලොග් එකේ විතරයි..

පූසා said...

හරි හරි උඹට වුනු එකක් නෙමෙයි ඈ :D
අඩේ මේ අපරාදේ බං ඔය පින්තූරේ මුලට දැම්මේ. ඒක දැක්ක ගමන් කතාව මේක වෙන්න ඇති කියලා මීටර් වෙනවා. එතකොට කතාව අන්තිමට එන කුතුහලය ටිකක් අඩුයි.

හිස් අහස said...

@සාතන්= ඔන්න ඉතින් උඹ මුල්ම කමෙන්ට් එකෙන් මට වැඩේ දුන්නා දැන් හැම එකාම මේක මට වෙච්ච එකක් කියාවි
......................................................................................................................................................
@තිශ් = මලින් මලට බඹරු ඇදෙන මේ සැන්දෑවේ . එලිච්චියි මමයි එක්වීලා ...
......................................................................................................................................................
@මකුළුවා = හරි මචං ඔන්න බ්ලොග් රෝලට දාගත්තා ..
......................................................................................................................................................
@චේජනා = අනේ සහෝදරී මම කීවනේ මේක මට වෙච්ච එකක් නෙවේ . වෙන කාටදෝ වෙච්ච දෙයක් . පද හතර ලස්සනයි .
......................................................................................................................................................
@කිඩෝ = මම ඒකත් දැක්කා . මේක කලින්ම ලියලා තිවුන එකක් .මේ මාසේ තවම පෝස්ට් හතක් දලා නැති නිසා මේක දාන්න හිතුවා
......................................................................................................................................................
@මධුරංග = මමත් ඒ අතල් හෙවුවේ ඉස්සර අයියේ . දැන් මමත් මල් ආතල් නවත්වලා තියෙන්නේ .අනේ ඔය කියන ආතල් නෑ බං . මල් ගැහුවම හද මල පරවෙනවා ..එච්චරයි !
......................................................................................................................................................
@MaRLaN = මගේ අති ජාත මිතුරෙක් මචෝ
......................................................................................................................................................
@සුපර් මාරියෝ = අඩෝ නෑ මේක මට වෙච්ච දෙයක් නෙවේ . සත්තයි කොල්ලනේ
......................................................................................................................................................
@prasanna86k = මේං බලාපල්ලා මගේ මූන බලලා කියන්න පුලුවන්ද මම මල් කොල්ලෙක් කියලා .
......................................................................................................................................................
@Praසන්ன = ප්‍රසන්න අයියේ උඹට විතරක් පස්සේ සීන් එක කියන්නම් ..
......................................................................................................................................................
@දුමී = ඒකනේ අයියේ කියන්නේ . මේ අපේ ගමේ ඉන්න සමහර කොල්ලෝ කුරුට්ටෝ මහ අනක් ගුනක් නෑ උන්ට මල් ගැහුවම අලියෙක් වුණත් වැඩි නෑ
......................................................................................................................................................
@Charmi = ස්තූතියි මචා !!
......................................................................................................................................................
@සෝරෝ = මචං සෝරෝ මම එහෙම කරන්නෑ එලිච්චි පල්ල .ගල් කොරියේ කෙල්ලට තව මාස හතරකින් විතර බබෙකුත් ඉඳීවි ඒකි දැන් මැරි කොරලා

හිස් අහස said...

@සරත් ලංකාප්‍රිය = එහෙමද අප්පා ! ෂා මම ඔන්න ඔය ටිකක් රත් වෙච්ච වෙලාවට මේක කියලා බලන්න ඕන ස්තූතියි මචං
......................................................................................................................................................
@cameelia = හ්ම්.. මගේ යාලුවත් පවු නේද ?
......................................................................................................................................................
@අකීකරු හිත = ඔන්න ඉතින් අක්කත් මේ අහින්සක කොල්ලව අවිස්වාස කරනවා !
......................................................................................................................................................
@Anonymous = මම ඔය කතාව හොයලා බැලුවා ඔයා හරි හැම පොතකම තියෙන්නේ "බුජම" කියලා ! ඒත් අපේ ගමේ උන් තවම කියන්නේ බුජුම කියලා අප්පා අපි මෙච්චර කාලයක් කියලා තියෙන්නේ වැරදි නමක් එහෙනම් .ස්තූතියි මිත්‍රයා වරද පෙන්නුවාට ඒක මට ලොකු උදවුවක් .
......................................................................................................................................................
@Kiri = කිරී හරි ! කිරී හරි ..ඕකනේ මම ඕවට නැත්තේ
......................................................................................................................................................
@Luckey = නැත්තං යාලුවෝ තරහ වෙනවානේ අයියේ .ඒකයි
......................................................................................................................................................
@නදී = අපොයි නදී අක්කේ මේ මම කරාපු විගඩමක් නෙවේ . මගේ මිතුරෙක් කරපු පහත් වැඩක් අප්පා ..ඔයින් ගියා මදැයි නේද ?
......................................................................................................................................................
@nawammawatha = අඩෝ හිරිකිත කවියක් බං ඉයෑක්කා .අපරාදේ බොලවු මම මේ කවිය දැම්මේ මුං මට ප්‍රහාර එල්ල කරනවා හිටගෙන. නවම් අයියේ මේ අසරන පොඩි කොල්ලා ඔයවගේ දෙයක් කරාවි කියලා උඹ හිතනවද අයියේ .
......................................................................................................................................................
@ඕනයා = මමත් දැක්කා ඒක .හැබැයි බොලේ මේක සිද්ද වුණේ එලිච්චියෙකුට .
......................................................................................................................................................
@Hishan Melanga =ඒක තමා ඌ නෑ බෑ කියාගෙන හිටියේ ඇයි කියලා මට අදයි තේරුම් ගියේ මචං
......................................................................................................................................................
@Anonymous JH = ස්තූතියි මචං

හිස් අහස said...

@Gizaa = නෑ අයියා මම ඒ මල් පිපෙන පලාතට වඩා ගොඩාක් දුර තවත් දුෂ්කර ගමක ඉන්නේ .හැබැයි මෙහෙත් මල් වැවෙනවා තැනින් තැන .
......................................................................................................................................................
@දුකා = අයියේ මගේ යාලුවෙක්ට තමා මේක වුණේ මම ඉතින් ඔයවගේ වැඩ කරන එකෙක් නෙවේ නේ අයියේ . මට තියෙන්නෙත් අහින්සක මූනක් . හැමෝම කියන්නේ මම පිං පාටයි කියලා ඉතින් ඇයි උඹලා ඒම කියන්නේ . එලුවා නෙවේ මගේ යාලුවා දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තලු
......................................................................................................................................................
@බින්දි = අක්කා ඔයා නම් මට වඩා නිර්මාණ සීලී විදිහට කවි ලියන කෙනෙක් නෙව . අනේ බුදු අක්කේ ! මේ මට වෙච්ච වැඩක් නෙවේ
......................................................................................................................................................
@සූර සරදියල් = අන්න මචං උඹට තේරුණා මේ මගේ ලාලුවෙක් දොයින්තෙකක් ගාලා වෙච්ච වැඩකි
......................................................................................................................................................
@රවින් = නෑ වෙන්න බෑ . මේක වෙච්ච එකා මට අද දවාලෙත් හම්බ වුණා .. යකෝ මුං මට කාඩ් ගහන්න හදන හැටි බලපල්ලකෝ මම උඹට කීවද මගේ පාට්නර් ඒකියන්නේ මගේ බොක්ක ඌත් "රවීන් " කියලා .
......................................................................................................................................................
@නිර්මල= ඕක නේ බැරි ..මම උඹට සේප් එකේ විස්තරේ කියන්නම් දවසක
......................................................................................................................................................
@පුතා = ඒකනේ කියන්නේ මේ මගේ යාළුවා පූජනීය දෙයකින් කරලා තියන පහත් වැඩේ බලන්න ඒක දැකලා ඌට මල් එපා වෙලා . මමනම් දැන් ඒවා නවත්තලා මාස 8 විතර වෙනවා . ආයේ ගන්නෙත් නෑ
......................................................................................................................................................
@Heeniyata = ස්තූතියි හීනි ස්තූතියි ..
......................................................................................................................................................
@දිනුක ජයකොඩි = අඩො ඉයැක්කා බං හැබැයි මචං දෙපයින් යන එලුවෙක් දැන් අපේ පැත්තේ කැරකෙනවා කියලා කතාවක් තියනවා
......................................................................................................................................................
@Anonymous = අනේ බුදු ඇනෝ මේක මට වෙච්ච දෙයක් නෙවේ . ඇයි දෙයියෝ මම වගේ අසරනයෙකුට මේ වගේ දුක් දෙන්නේ ?
......................................................................................................................................................
@Dinesh = අනේ මන්දා දිනේ අයියේ ලියවෙන්නෙත් මේ වගේ කවි කතා පමනි . ස්තූතියි මටත් ඒක පෙන්නා දුන්නට . ඔයාගේ කවි පස්ටයි . අපි මොක්කුද ඒඅතින්
......................................................................................................................................................
@පූෂා = ඇත්තමයි බං මට ඒක මීටර් වුනේ නෑ . අපරාදේ මම හරකා වගේ රූපේ මුලට දාලා .සිහ් ..

රවින් said...

ඔව් බං උඹ කලින් පෝස්ට් එකේ දාලා තිබ්බා..:-D

චතුවා said...

යාලුවා කිවුවේ හිස් අහසේ සඳරු වෙන්න ඇති නේ?

පන්සල් හංදිය said...

ඇත්ත කියපං මලයා මේක උඹටම උන වැඩක් නේද, මම කාටවත්ම කියන්නෙ නැහැ ෂුවර් ........

ayesha said...

හරිම අපූරුයි පද ටික නම්

networkdisa said...

මරුනෙ,
එළුවටත් සුස්තියෙන් ටිකක් දුන්නනම් මෙතන 18+ කේස් එකක් වෙන්න ඉඩ තිබුන නේද සදරුවෝ....

Dinesh said...

අහන්න අමතක උනානේ සදරුවෝ... මේ චිත්‍රේ ඇන්දේ මලයමද??

Podi Kumarihami said...

ලස්සන හීනේ...ලස්සන පද වැල් ටික...ඔයා ඔච්චර ලස්සනට ලියන්ට ඉගෙනගත්තේ කොහෙන්ද?

අහිංසක, අසරන, දුප්පත් එලිච්චි...

Bindi said...

.''..වැව අද්දර නිදන් උන්නෙ
''සඳරු ''නෙමෙයි යාලුවාය
එයා දකින එළු අම්මල
දුවල එක්ක දුවනවාය ....''

සඳරු පුතා වගේ නොවෙයි
වටේ ඉන්න උන් නරකයි
ඇඩ්ඩින් මාමා තරහින්
''යාළුවා '' පස්සෙන් පන්නයි

ඔන්න මන් කවිය වෙනස් කළා මලේ

Anonymous said...

යාළුවට මාර සිද්දිය වේලා තියෙන්නේ....

Yasantha Hennayake said...

මම කවි වලට ආස නැ‍තෝ.. ඔන්න ඇත්තම කිව්වා.. ඒ සදරු අයියා ලීව නම් ලස්සන ඇති.. ආස නැති නිසා කියෙව්වෙ නෑ.. තරහ වෙන්න එපෝ

Yasantha Hennayake said...

ආස නෑ කීවට කියවන්නම හිතුන.. මරුනේ.. මරේ මරු.. පැලෙනවා තව පොඩ්ඩෙන් හිනා වෙලා.. සුපිරියටම පද ගලපලා.. එලු කිස් ගන්නකොට කොහොම ආතල් එකක්ද දන් නෑ නේ දැනෙන්නෙ??

පිණිබිඳු... said...

මරේ මරු මලයා. කියල වැඩක් නෑ.

Beetle said...

උඹලගේ ගමේ ඉන්න උන්ව බලන්න නිවාඩුවක් දාලා එන්න වටිනවා... බූත ගුණේලා , තනි කට්ටෙන් පච්චා ගහන නන්දනලා, සින්ක් එකේ කක්කි දාපු බුවාලා...දැන් මෙන්න ඇනිමල් සෙක්ස් කරන පොරක්... :D :D

Anonymous said...

ඇඩ්ඩිං මාමට හිතෙන්න ඇති මීට හොඳා එලිච්චි මුට්ටියක ඔලුව හිර කර ගත්තනම් කියල, බෙල්ල කපල කඳවත් බේර ගන්න...

අර යාලුවෙකුට වුනා කියන එක පට්ට ඇත්ත.. අපි නොදන්න සූස් කේස්...

Ravi said...

මලේ, මට එක පාරටම මතක් උනේ මොකක්ද දන්නවය?, අර කොටිදෙන කිව්ව කතාව.....හෙහ්, හෙහ්,

" මට දුක ..... ........ වේලෙන්ඩත් කලින් මෙව්ව පත්තරේ වැටෙන එකටයි"

අන්න ඒ වගෙ ඔය එලිච්චි ගෙදර ගෙහුං අම්මට මෙන්න මෙහෙම කිව්වලු,

" අනේ අම්මෙ බලන්ටකො, අර සඳරු කියන අසමජ්ජාතියා මාව බලෙම්ම ඇදල අරං ඉම්බ මදිවට ඒ කතාව විකුර්ති කොරල මම ඒකව ඉම්බය කියල උගෙ අර බොලොග් ද මක්කද කියන මල ඉලව්වෙත් දාල නෙව,මම කොහොමද ඉතිං පාරෙ බැහැල යන්නෙ මයෙ අම්මෙ, මට නං බෑ ඔන්න, මම වැවට පැනල දිවි නහගන්නව අනේ මේ ඇත්තමයි"

.---------------------------------------------------------------

ප.ලි - ඒක නෙවෙයි බං, බොලායෙ මේ ගම නං අර Beetle කිව්ව වගෙ නිවාඩු දාල බලන්ට එන්න වටින ගමක් නෙව, නියම සිංහල සාරධර්ම සපිරුණු පාරම්පරික නිර්මල ගුණධර්ම අඩුවක් නැතුව අදටත් රැකී තියෙන එළම එළ ගමක්.....හෙහ්, හෙහ්, ඒකෙ ආයෙ කතා දෙකක් නෑ.

නරකද අර අවුරුදු කාලෙ සූරියප්පෙරුම උන්නැහැල, රෝහණදීර මහත්තැන්ල රූපවාහිනියෙ ඇවිදිල්ල පට්ට ගහන හිංගල ගම ගැන වැඩ සටහනකට උඹත් ගියොත්.

ගිහිල්ල රටටම ඇහෙන්ඩ කියහං උඹලෙයෙ ගමේ ඉන්න බුවාලගෙ විස්තරයි උං කියන කොරන එව්වයි......හෙහ්, හෙහ්,...ඔන්නම් රබානකට තට්ටු කොර කොර මේ එලිච්චිගෙ සීන් එකත් විරිදු පෙලක් වගෙ ගායනා කොරහං.....මට මැවිල පේනව සඳරු.....පිස්සු හැදෙයි....යළි හොඳ වෙයි....ආයෙ හැදෙයි කිව්වලු.......හෙහ්, හෙහ්,

kasun said...

මේක නම් සුවර් එකටම සදරු අයියටම උන දෙයක් තමා..
තවත් එකක්..මේ කවි ටික ලියන්නත් ඇත්තේ බෝතලයක් දිහා බලාගෙන...
හැබැයි පට්ට කවි ටික. එල.!!!!

හිස් අහස said...

@රවින් = ඔන්න මම උඹව දැක්කා . මම උඹට වඩා බාලයි නේද ?
....................................................................................................................................................
@චතුවා (ළමයා) = ඔන්න ඉතින් චතුවත් මට මොත්තේ දානවා !
....................................................................................................................................................
@පන්සල් හංදිය = මේං බලාපල්ලා !අනේ උඹ පල්ලා මයෙ අයියියේ මම නෙවේ ..
....................................................................................................................................................
@ayesha = තෑන්කුයි
....................................................................................................................................................
@Networkදිසා =මචං එහෙම දුන්නානම් අද මගේ යාළුවා දෙදරු පියෙක් .
....................................................................................................................................................
@Dinesh = නෑ නෑ අයියා . ඔන්න ගත්ත තැන තියනවා අන්තිමේටම
....................................................................................................................................................
@Podi Kumarihami = අනේ අක්කේ මම වැලිකෙලියේ ඉඳලාම කරන්නේ ලියන එක . කැලෑ පත්තර වගේ ඒවා ලියලා මට හොඳට හුරුයි .
....................................................................................................................................................
@Bindi = අන්න කවිය මමත් බේරි මගේ නම්බුවත් ඔයත් ගොඩ .ස්තූතියි අක්කන්ඩි !
....................................................................................................................................................
@Anonymous = කස්ටිය යාළුවාට හූ කිවුවා මචෝ !
....................................................................................................................................................
චතූ = ආ ඔය අකමැතියි කියමින් බලලා තියෙන්නේ .ස්තූතියි මචෝ ආවා ගියාට .
‍....................................................................................................................................................
@පිණිබිඳු = එයා දැන් උපාධිදාරිනියක් නේ . දැන් වචනෙන් දෙකෙන් සේප් .අපිවාගේ ගැමියොත් එක්ක එයා වැඩි කතා නෑලු !
....................................................................................................................................................
@Beetle = අපොයි තව අය ඉන්නවා . කටු කුසුම් , කුනු කරුනි . මම මේ අය ගැන ලියලා නෑ තවම .එන්ඩකෝ ඇවිදින් යන්ඩ
....................................................................................................................................................
@සපතේරු උන්නැහේ = ඔය ඉතින් ලොකු අයියත් මට කින්සි පාස් කරනවා . අනේ මගේ බුදු අයියේ මේක මට වුණ දෙයක් නෙවේ මයෙ දෙයියෝ . මම හද්ද අහින්සක කොල්ලා . මේක වුණා මගේ යාළුවාට .
....................................................................................................................................................
@ravi =රවී අයියන්ඩි මම කොටි දෙනගේ කතාව අහලා නෑ ... අනේ බං උඹත් මාව අවිස්වාස කරනවානම් මට කවුද ඉන්නේ . අනේ මාව කොටියම කාපල්ලා . මච මේක වෙච්ච එකාගේ ෆොටෝ එක දාන්න හිතෙනවා උගේ අවසරයත් එක්ක . මටහිතෙන්නේ මගේ යාළුවාට බෝතලයක් අරගෙන දුන්නානම් ඌ මට අවසරය ලිඛිතව දේවි මම ඒකේ ෆොටෝ එකක් මෙතන දාන්නම් .නැත්තං රවී මාව විකුනාවි .අඩේ රවි අයියේ එන්ඩකෝ අප්පා නිවාඩු දාලා ගමේ .අපිට පට්ට අතල් එකක් ගත්තෑකි .. උඹත් ඉතින් කන බොන කෙනා නේඅයියේ ..
....................................................................................................................................................
@චතූ. = ඇයි බුදු මල්ලී එහෙම කීන්නේ ,? මම අහින්සක කොල්ලා වෙච්චි . ගමේ උන් මගේ මූනවත් බලන්නැති ඉතින් එහෙම එකා වෙච්ච මටද උඹලා මේවගේ කතා කියන්නේ .?

නචියා said...

මටත් හිතෙන්නේ මේ සීන් එක උඹට උණ එකක් වගේ. කවි ටික නම් සුපිරිය සදරූ.....

Ravi said...

අපොයි කොල්ලො, උඹ අහල නැත කොටි දෙනගෙ කතාව?....සික් අම්මප උඹේ ජීවිතෙම්ම වැඩක් නෑ නෙව,

හරි මෙහෙමයි කතාව......

ඔන්න එක කැළේක උන්න නරියෙක්....හරිද?.....මූ ඇවිල්ල අන්තිම කුපාඩියා....ඔය කැලේම ගල් ගුහාවක හිටිය කොටි දෙනක් චුට්ටි පැටව් දෙන්නෙකුත් එක්කල.

ඉතිං මේ නරියා දවසක්දා ( කොටු....කොටු...කොටු )

( කොටු........කොටු......කොටු......කොටු )

( කොටු........කොටු......කොටු......කොටු )

( කොටු........කොටු......කොටු......කොටු )

මේ කතාව අහං හිටපු කොටි දෙන බොහොම දුකෙන් මෙන්න මෙහෙම කිව්ව " මට දුක ..... ........ වේලෙන්ඩත් කලින් මෙව්ව පත්තරේ වැටෙන එකටයි"

ඔන්න ඔහොමයි මල්ලි කොටි දෙනගේ කතාව.......

.----------------------------------------

කොටු කොටු හරියෙ කතාව කියන්ඩ නම් මලේ,එක්කො උඹ අපෙ අහ එන්ඩ වෙනව, නැත්නම් මම බොලායෙ ගමේ එන්ඩ වෙනව......හෙහ්, හෙහ්,

පිස්සා පලාමල්ල said...

හික් හික් මේක උනේ උබට නේද කොල්ලො.....

Anonymous said...

කොටි දෙනගේ කතාව මෙතනින් කියවන්න

http://tlr.thelastrow.net/2011/07/04/%e0%b6%9a%e0%b6%b4%e0%b6%a7%e0%b7%92-%e0%b6%bb%e0%b6%a2%e0%b7%8f-%e0%b6%b1%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%8f/

චතුර විජේකෝන් said...

ඉතාම රසවත් පද පෙලක්. සමා වෙන්න ඔබේ ලිපිය දකින්න කලින් මට මෙය ඊ ලිපියකින් දකින්න ලැබුණා. බ්ලොගයක පල වූ නිර්මාණයක් යැයි සැකයක් තිබුණත් එහි ඇති සුමිහිරි බව නිසාම මගේ බ්ලොගයේ මෙය පල කළා. පසුවයි දැන ගත්තේ මල්ලි තමයි මෙහි නිර්මාණ කරු කියලා... අවශ්‍ය නම් මගේ බ්ලොගයෙන් ලිපිය මකා දමන්නම්...

Post a Comment

තැන්කූ බං