30.6.11

කොස් ගෙඩි සහ අපි



         ඉතින් බත් වාරේ අහවර වෙලා ඕං ඉතින් ආයිමත් කොස් වාරේ ඇවිල්ලා ! .මගේ ගමේ බැලූ බැලූ අත පේන්න තියෙන්නේ කොස් ගෙඩි විතරයි . මුල් සති කීපයේදී දිවට රස ගෙනල්ලාදෙන , පහු පහු වෙනකොට කොහු කොහු වෙන , අල්ලපු තැන ඇලෙන , කාගෙන යනකොට එපා වෙන .කොස් ගැනයි මේ.....

.දැන් ඉතින් බස් එකකට නගින්න බෑ මිනිස්සු කොස් පටවනවා ඔඩොක්කුවේ හිටන්!. කඩේකට යන්න බෑ "අනේ අපෙනුත් කොස් ගන්න ගන්න පුතා!කිය කිය මුදලාලි හාමිනේලා බෙරිහන් දෙනවා . උදේ ඉඳන් මැරිලා මැරිලා වැඩ ඇරිලා ගෙදර ආපුවාමත් .

"අනේ පුතා අර ගහට නැගලා කොස් ගෙඩි 50 ක් 60 ක් විතර කඩා දෙන්නකෝ !” අම්මත් ඇඟට පතට නොදැනී කියලා දානවා ..සැනසීමක් නැද්ද මට ?

සඳරු ගෙදර කොස් තියනවා නේද..? මට ඔය කොස් ගෙඩියක් දෙකක් ගෙනල්ලා දෙන්නකෝ !

වැඩට කියාම බොස් ඉඳන් කියනවා

අරහෙටයි මෙහේටයි කොස් ගෙඩි කර ගහලම මගේ අලුත්ම කමිස කීපයකටත් වැඩේ හරි. ඒත් ඉතින් මොනවා කරන්නද ?. වත්තේ තියන මේ රටක් වටින කොස් ගස් කීපය කපලා දාන්න කියලෑ . අම්මා කියන විදිහට ඒවා පරම්පරාවෙන්ලුනේ පැවතගෙන එන්නේ .!

ගේ ඇතුළෙත් බැලූ බැලූ අත කොස් ගෙඩි . පුටුවක වාඩිවෙන්න බෑ හතර අතේ ඇලවෙන කොහොල්ලෑ හරියට චුංයිංගම් වගේ !. පියන ඇරලා බැලින්නං හැම වළඳකම කොස් .මටනම් දැන් කාලා කාලා එපා වෙලා මේ කරුමක්කාර කොස් !.

උදේට කොසුයි , පොලුයිනම් රෑට පොලුයි , කොසුයි

කොස් ගෙඩියට කරුමක්කාර කියන වචනේ පාවිච්චි කරපු පවට හෙට ඉඳන් මට බඩගින්නේ ඉන්න වේවිද මන්දා ?. ඒත් ඉතින් "ඕනම දෙයක් ඕනවාට වැඩිය ඕනම නෑ !” කියලා කතාවක් තියනවානේ . අතිරස වුණත් කාගෙන කාගෙන යනකොට තිත්ත වෙනවාලු ! .ඉතින් කොස් කියලා අමුතුවෙන්යැ . පළවෙනි සති දෙක යන්තම් හිතේ සතුටින් කෑවත් ඊළඟ සති දෙක කිඹුලා කිරිමැටි ගිලින්නා වාගේ ගිල්ලත් . අනිත් සතියේ පළමු දිනේම කොස් දැක්කනම් ඇති ...අඹ සරණයි . කබරයා.එනවා සුවර්

අපේ ගමේ මිනිස්සුන්ටත් ඉතින් බඩට නොකා හරි කමක් නෑ සල්ලි මඩි ගහගන්න තියනවා නම් . බොරු කියන්න මොකටද මගේ ගෙදර තත්වයත් ඕකම තමයි . කොස් වාරෙට මගේ අම්මයි නැන්දයි තරඟෙට කොස් උයනවා . අනේ අසරණ මමයි . මගේ නඟයි දෙන්නා . ඩයිජිං බීපු ගොළුවෝ වාගේ බලා ඉන්නවා .

අම්මගෙන් බේරුණත් නැන්දගෙන් බේරෙනවා බොරු. . .!

"සඳරු කාපිය මේ ටිකත් . බලපං ඉතින් උඹේ පස්ස නිකං මැස්සෝ බීලා වාගේ පොඩියි..! ඔහොම ඉඳලා අපි උඹට කටයුත්තක් හොයන්නේ කොහොමද ? ටිකක් මහතට හිටපිය . හැමදාම තොට බත් ගිල්ලවන්න අපිට සල්ලි නෑ ඉඳා. කාපිය කොස් ..!”

නැන්දා හැඳිමිට උරුක්කරගෙන ළයේ පිරුණු දරු සෙනෙහසින් මෙහෙම කියද්දී මට තුන් හිතකින්වත් පුළුවන්ද ඔය කොස් ලෝඩ් එක නොකා ඉන්න ?

හැමදාමත් මේ කොස් කාලා කාලම ඇතිවෙච්ච දවසක මම තීරණය කලා මගේ රාත්‍රී ලංච් එක කඩේකින් කාලා දාන්න . ගමේ තියන පොල් අතු බත් කඩේටම මම ගොඩවුණේ මගේ පන්තියේම එකට ඉගනගත්තු මගේම මිතුරෙක් මේ කඩේ උයන පිහන ජොබ් එක කරන නිසාමයි ..

හෙල්මට් එකත් මූණ වැහෙන්නම දාගෙන මම කඩේ ඇතුළට ගියේ .ඒ සුන්දර පොල් අතු බත් කඩේ ඇතුළේ රාත්‍රී කාලයේ පවා සැරිසරන තරබාරු නිලමැසි සේනාවගෙන් බේරෙන්නමයි .

අමරේ !! අමරයෝ !! මචං කන්න මොනාහරි ගෙනෙංකෝ . …!!!!

"සඳරු කොහොමද මචෝ ? ඉඳපන් ඉක්මනට ගේනම්". මගේ යාළුවා අනික් සේරම වැඩ දාලා ඉරිච්ච සරමේ අත දලි සහ ඉඳුල් පිරුණු අත පිහමින් කුස්සියට දුවනවා.. පවු අසරණයා ...

"සඳරු මට විනාඩියක් දියං අද ටුඩේ ඉස්පැසල් කිරි කොස් මාළුවක් තියනවා ඉඳපන් ටිකක් රත් කරගෙනම එන්නම් ..”

මම දනි පනි ගාලා එතනින් නැගිටලා ඔළුව හැරුණු අතේ දිවුවා .

මුල්ම දවස් වල වැල වරකා වලින් ආපු ස්වීට් රසයත් , මිහිරි සුවඳත් . දැන්නම් නාහෙටත් එපාවෙලා . මේ ලිපිය ලියද්දිත් මගේ මේසේ යට තියන වැල ගෙඩියට එන කෝඳුරුවෝ මගේ ඇස් දෙක වටේට කැරකෙනවා . කෝඳුරුවෝ මූණ වටේ කැරැකැවෙනකොට කාටද බොලවු මළපයින්නේ නැත්තේ !!. මගේ හිතට එන ඒ අප්‍රමාණ කෝඳුරු තරහවත් මම යවන්නේ කොස් ගෙඩියේ පිට්න් ..

කොස් හින්දා දවසක් මම නියෙමට මගේ සායම ඇරගත්තා .. ඔන්න දවසක් ….

"සඳරු පොඩ්ඩකට අපේ ගෙදරට ඇවිල්ලා යන්න !”

ඔන්න නැන්දා කෝල් කරනවා !. නැන්දලාගේ ගෙදරට මොටෝ බයික්කෙන් යනවා බොරු. පාර දිගටම බැඳලා ඉන්න ගව රැළ බයික් දක්කාම පාර මැදට ඇවිල්ලා හිටගන්නවා ..ඒක නිසා යන්න වෙන්නේ පුස් බයිසිකලෙන්ම තමයි ..

නැන්දා මගේ පුස් බයිසිකලේ ළැගිජ් එකේ තඩි කොස් ගෙඩි දෙකක් විතර තියලා ගෝනි නූල් ගෑල්ලකින් යන්තමට ගැටගැහුවා . කොස් ගෙඩි දෙකේම බර කිලෝ වලින්ම ගත්තොත් සෑහෙන ගාණක් .මමත් ඉතින් කරත්තේ අදින ගොනෙක් වගේ වළවල් සහිත පාර දිගේ පුස් බයිසි කළේ පදිනවා .

පාර දෙපැත්ත බලමින් සයිකලේ පැදගෙන යනකොට මගෙන් ඉගන ගන්න කෙල්ලෝ වගයක් බස් එක එනකම් ලොකු මාර ගහ යට කදේ දාගෙන හිටියා . ලං වෙනකොටයි දැක්කේ එතන කෙල්ලොම 8 විතර . මම දාඩිය පෙරාගෙන පදිනවා. . ඔන්න ඔතනදී මම දැක්කා විතරයි කෙල්ලෝ අතින් කටවල් වහගෙන හිනාව . මම උන්ව පහු කරලා මීටර් දෙකක් තුනක් විතර ගියා විතරයි කොස් ගෙඩි දෙකම් .. "බුම් බුම්" ගලා බිම වැටුණා එකක් කුඹුරට රෝල් වුණා . අනික මාර ගහ යට හිටි කෙල්ලෝ ඉන්න පැත්තට රෝල් වුණා .!

"දෙවියනේ ඇයි මටම මෙහෙම කරන්නේ ? මම මෙච්චර පවු කාරයෙක්ද ?”

කෙල්ලෝ "හූ" කියලා හිනාව . මට යකා නැග්ගා .! මුන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕන .මම හිතාගත්තා . මම කොස් ගෙඩි දෙකම එතන දාලා බයිසිකලේ පාගමින් ඉදිරියට ගියා .හරියට කොස් ගෙඩි මගේ නෙවෙයි වගේ .එදා කෙල්ලෝ කතා වෙන්න ඇති "ෂා අපේ පරිගණක පන්තියේ උගන්වන සේර් මාර ටෆ් මනුස්සයා" කියලා ..

කොස් වල පිටි රහ දැන් මගේ හිතත් දිවත් දෙකම ප්‍රතික්‍ෂේප කරන්න පටන් අරන් .මට හීනෙනුත් කොස් ගෙඩි පෙනිලා බයවෙලා දාඩිය දාගෙන ඇහැරෙනවා ඇත්තේ ඒකයි . අනේ මේ කොස් වාරේ ඉක්මනට ඉවර වෙනවානම් ., අනේ මගේ ගමටත් ඉක්මනට මැක් ඩොනල් කඩයක් හරි . පීට්සා හට් එකක් හරි එනවා නම් . හැමදාම නැතත් ඉඳලා හිටලා හරි එවුවා කන්න බැරියෑ .

කොස් ගෙඩි ගෙදර ගෙන්නලා විතරක් මට බේරුමක් නෑ කොස් කපන්නයි එවුවායේ ඉරි අයින් කරන්නයි , කොස් ඇට තලන්නයි සුද්ද කරන්නයි , අනේ ඉතින් මටත් තියන වැඩ , මේවා කෙල්ලෝ කරන වැඩ වුණාට අපේ ගෙදර ඉන්න පාලිකාව මගේ නැන්දා ඉදිරියේ මම මියුට් වෙන බව මගේ මුලු ගමම දන්න කාරණයක් .

දවසක්දා කොස් ඇට තලන්න කම්මැලිකම නිසා මම එවුවා වංගෙඩියේ දාලා කොටලා නැන්දාගෙන් කොහු පාරක් කෑවා! . කොස් කෑවාම මොකද කොහු පාර කෑවාම මොකද ? මම හිත හදාගත්තා .තව දවසක් කොස් ගහ යට මුත්‍රා කරන්න ගිහිලා නැන්දාගේ ඉඳුල් වතුර ප්‍රහාරයකටත් ගොදුරු වුණා .දවසක් පිගානේ තිබ්බ කොස් ටික හොරෙන්ම බල්ලෙකුට කන්න එළියට දාලා ආවා . හවස බලද්දී නැන්දා මුලු ගමටම ඇහෙන්න මට සෝලි තියනවා .අනේ අර කොස් ටික බල්ලෙක්වත් කාලා නෑ !

කොස් කනකොට ඇඟේ බර වැඩි වෙනවලු , ඇඟ මහත් වෙනවලු . අනේ කොයිතරම් දෙයක්ද . ඒත් බඩට කොයිතරම් කෑවත් වැඩක්ද හිත පිරිලානැතිනම් ! ඉතින් දෙයියනේ මේ සති කීපයට මම හිටියාටත් වඩා කෙට්ටු කොල්ලෙක් වුණා . . . මේ කොස් ගෙඩියක් මට දුන්න දුක් කන්දක මහත !

කොහොම වුණත් හවස ඉර බහින වෙලාවට, රාස්සිගේ අවුවත් එක්ක . ඇල ගාව පුවක් ගස් යටට වෙලා . ඇඟ පත යන්තමින් රත්කරගන්න ගමන් පුච්චපු කොස් ඇටයක රස බලන්න නම් මම අකැමති නැ . ඒත් ඒ වැඩේ තනියම කරනන්ත් බෑ. පාළු තැනක කොස් ඇට පූච්චං කෑවොත් රතු අප්පු නැමති යක්‍ෂයාගේ දිෂ්ටිය වැදිලා . තෙල් මතුරගන්න වෙන බව මම අත්දැකීමෙන්ම දන්න දෙයක්.. ඒ වගේ වැඩකට යනවානම් තව කීප දෙනක්ම එක්කරගෙන යන්නත් වෙනවා . .. එතකොට ඉතින් රස්සාවක් කරන මටයි එතන බරපැන දරන්න වෙන්නේ !

සමහර විට කියවන ඔබ හිතනවා ඇති "කොස් මාර රහයි මූට කන්න පින නෑ" කියලා .කාලම බලන්න එක දිගට සති කීපයක් කොස්ම විතරක් ! කොහොම අප්පිරියාව පැත්තක තියලා හරි කෑවයි කියමු ඒත් ඔබ ඔෆිස් ගිහින් . කාටත් හොරෙන් ජුංඩි අධෝ වාතයක් ඇරියොත් ඔබගේ මුලු ඔෆිස් එකම දැන ගනීවි ඔබ කොස් කාලා ආවාය කියලා ! .. බොරු කියලා හිතෙනවානම් ට්‍රයි කරලා බලලම කියන්න ..

තව මාසෙකින් විතර කොස් වාරේ ඉවර වේවි .ඊට පස්සේ සුපුරුදු පරිදි ගෙදර වෙන වෙන එළවලුත් හැදේවි .. විෂ්ණු දෙයියන්ටත් හත් අවුරුද්දක් බට කොළ කන්න වුණානේ . ඉතින් මට මාසයක් දෙකක් කොස් කන්න බැරිද ? .. ඉවසලා බලමු ..



/ලි - මම යනවා පාං බාගයක් ගේන්න ..බීලූණු ගෙඩියක් සුද්ද කරගෙන කන්න බැරියෑ ..




87 comments:

ශශී said...

කොස් කෑවහම ඇඟ මහත් වෙනවද? මාත් කන්න ඕනෙ එහෙනම් එක දිගට මාසයක් දෙකක්..

Hishan de Silva said...

සෙල්ලංද කොස් කිව්වලු... මමත් ඔය වගේ කොස් කේස් කාපු වාර අනන්තයි.

බලපං කොස් ගෙඩියට උනත් කෙල්ලෙක් ගාවින් උඹ යනකොට ඉරිසියයි...

ඔය කෙල්ලන්ගෙ හිකි හිකිය ඇහෙන කොට තමයි බඩේ අජීර්ණෙ හැදෙන්නෙ. නැද්ද මං අහන්නෙ? ඔය කෙල්ලන්ට තියෙන හිනාව අපිව කන්නම දෙයියො දීපු එකක් වෙන්න ඕනෙ.

Dasun said...

අඩේ මමත් කොස් කන්න හරි කැමතියි. ඒත් උඹ කියන එකත් ඇත්ත. එක් දිගටම කන්න ගියාම එපා වෙන එක අහන්න දෙයක්ද...??

කතන්දර Kathandara said...

ඔය කිව්වට, තම්බපු කොස් පිඟානකට පොල් ටිකකුයි, කරෝල හොඳි ටිකකුයි දාගෙන කන්න තියෙනව නං මට නං වෙන මෙලෝ දෙයක් ඕනෑ නෑ!!!

පූසා said...

බොලේ මෙහෙත් ඕකමනේ බං :D උඹට කියන්න පෙරේදා කොස් තම්බලා ඊයේ කිරි කොස් අද කොස් මැල්ලුමක් පහුගිය සතියෙත් එහෙමයි. මම නම් අද අම්මට කිව්වා ආයෙනම් කොස් හදන්න එපා කියලා. ඇයි බං ඕක කනවා කියලා ඔහොමත් කෑහැකියැ.

අනූ said...

අපෝයි කොස් කෑවම මහත් වෙනවා නම් මන් නම් කන්නැහැ කොස්

Anonymous said...

කවුද බන් මේ විදියට ලියන්න ඉගැන්නුවෙ.
සරලව ලෙසටම ලියල තියනව.
එල.
JH

කස්ස said...

පට්ට වෙන්න ලියල තියනව හොඳට හිනා වුනා,පුතන්ඩියට වැඩි වැඩියෙන් කොස් ම ලැබේවා.

සංකල්ප said...

මල්ලිට කියන්න අපිත් මේ දවස්වල කොස් කනවා දිගටයි හරහටයි කොස්. එක දවසක් තුන් වේලම කොස් කෑවා. කිව්වත් වගේ කොස් නම් චා.... එපා වෙනවා

"උදේට කොසුයි , පොලුයිනම් රෑට පොලුයි , කොසුයි "

මල්ලි කොසුයි පොලුයි කියලා කිව්වේ කොස්සක් ගැනද කියලා හිතෙනවා.

කොස් හොදා. කොස් අට තමා ප්‍රශ්නේ. අධෝ වාත වලට මුල කොස් තමා.

හාමුදුරුවන්ට දානේට කොස් බෙදන්න හදනකොටම අත වහනවා.

තාරක Dilsh@n said...

උඹට ස්පෙෂල් කිරි කොස් ටිකත් කාලා බලන්න තිබුනෙ..
කොහොමහරි ඉවසපන් බන් ඔය ටිකත්..

හිරණ්‍ය said...

ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑනේ...

networkdisa said...

උබ ඔහොම කිව්වට කොස් නැති උනාම උබ කොස් හොය හොය යනව අනිව ඉතින්. අපේ අයියංඩිය ගෙදර ඉන්න කාලෙ උෟට කොස් අරහන්.දැන් මු රට ගියාට පස්සෙ කොස් ඇබුල් හදල එවන්නලු.
බලපියකෝ උබටත් කොස් නැතිඋන දවසක හොය හොය කන්නැද්ද කියල
මොනව හරි දෙයක් ඕනවට වැඩිය තියෙද්දි එකෙ අගයක් නෑ තමයි බං.

hare :-) said...

ඕක තමයි කේස් එක... මට මෙහේ බත් එපා වෙලා ඕයි...

ඒත් හොඳට කිරි දාල දිවට දැණෙන්න හදපු කොස් කරියක් එක්කනම් බත් ගිලින්න පුළුවන් උස්මුරුත්තාවටම!

Dinesh said...

"සඳරු කාපිය මේ ටිකත් . බලපං ඉතින් උඹේ පස්ස නිකං මැස්සෝ බීලා වාගේ පොඩියි..! ඔහොම ඉඳලා අපි උඹට කටයුත්තක් හොයන්නේ කොහොමද ? ටිකක් මහතට හිටපිය . හැමදාම තොට බත් ගිල්ලවන්න අපිට සල්ලි නෑ ඉඳා. කාපිය කොස් ..!”

මේ ටික නම් පට්ට.. මැරෙන්න හිනා මේක කියවලා.. අපිටනම් ඉතින් කොස් සල්ලි වලටන් ගන්න වෙලා තියෙන්නෙ.. ඉතින් තුන් වේල කෙසේ වෙතත් ඉදලා හිටලා තමයි කන්න වෙන්නේ.. සදරුවෝ නරකද ඔය කෝස් ටික කොළඹට පැටෙව්වොත්..

sameera said...

මචං උබලගෙ ගම ලස්සන්ද බං ......... , යකො මැක් ඩොනල්ඩ් හරි පීසා හරි උනත් දවස් 2 කට වඩා කන්න බෑ බං චා...... , මං කොලෙත් උබේ ජොබම තමා ඔෆිස් 1 ක තිබ්බෙ KFC 1 ක උඩ තට්ටුවෙ උබ කිව්වට විස්වාස කොරහං මට KFC CHICKEN අප්පිරියි . නිකන් දුන්නත් කන්න හිතෙන්නෙ නෑ ........

BLOG ගඩොල් said...

හික් හික්!! නියම ලිපිය මචෝ! මෙහෙත් දැන් ටික ටික කොස් ඉවෙන්න පටන් අරන්. උඹේ ලිපිය කියෙව්වට පස්සෙ තමයි මට මීටර් වුණේ. මොනවා වුණත් ගිය සතියෙ හොඳ වරකා ගෙඩියකට ගේම දුන්නා බඩ පැලෙන්න.

රවින් said...

මට නම් මචන් චූටි කාලේ ඉඳන්ම කොස කියන්නේ එච්චර අල්ලලා ගිය කෑමක් නෙවේ.. හික්ස්ස්

ලකී සිරි said...

උඹ කොස් වලට බනින කොට ඕවා මතක් වෙලා අපට කෙළ ගිලෙනවා සඳරූවො.
හුහ්...මැක්ඩොනල්ඩ් ,පීසාහට්..කාලා බලපන් සතියක් විතර....උඹට තේරෙයි පොල් ටිකක් එක්ක කොස් කන එකේ වටිනාකම. අපිත් කොස් දෙල් කාලා හැදිච්ච එවුන් මල්ලි..අපි පුරුදු වෙලා තියන රසේ ඔය එකකින්වත් අපට දෙන්නෙ නැහැ.
ඕවා කියලා වැඩක් නැහැ මලේ.....පුලුවන් නම් කොස් ගෙඩියක් ඊ මේල් කරපන්...

ඔය කොස් කිරලද විකුණන්නෙ,,,?

Charmi said...

හහ් හා...... කොස් වාරේදි ගමේ ගෑණු ආරනවා කියල කතාවකුත් තියෙනවනේ.
කොස් වලට කලින් එන්නෙ පොලොස් වාරෙ. හැබැයි ඒක නම් ඔච්චරම අල වෙන්නෙ නෑ මං හිතන්නෙ. මම නං කැමතිම හොඳ සුදුළුණු සුවඳ එන පොලොස් මැල්ලුම.

Anonymous said...

ආහ් බන් මල්ලියේ..බොට පාන් කන්න තරම් සල්ලි තිය ද? අපිටනම් රු.50ට පාන් ගන්න වට වඩා ලාබයි , හාල් ගන්න එක...

අනික කොස් කියන්නෙ මොන තරම් , රස ගුණ කෑමක් ද? වස විස නැහැ. අනික කොස් කැවම පස්සත් ලොකු වෙනවළු..හෙහ හෙහ්

අලුත්ම අත්හදා බැලීම දන්නව ද? කොස් කොත්තු .මාරම රසයි....

කොස් ඇට කන්න එපා... වාතෙට හොඳ නැහැ ...හෙහ් හෙහ් ... නියමයි සඳරු..වෙනද වගේම නියමම නියමයි...

Gimhani said...

හික්ස් බැන්දාට පස්සේ මාය්යාට කොස් කන්න දෙන්න.
ඔන්නම් කිරලත් දෙන්න.

jhothishalanka said...

කොස් වලට එතරම් ප්‍රිය නැතත් වරකා..අම්මේ මතක් කරනකොටත් කටට කෙළ උනනවා....අනේ අපේ පැත්තේ කොස් ගස් අඩුයි.අපි කොස් කන්නේ සල්ලි වලට.අපේ පැත්තේ පලා ජාති ගේන වෙළෙන්දෝ කොස් මදුළු ගලෝල අරන් එනවා විකුනන්න.මටනම් ඒව කන්න හිරිකිතයි.

නදී said...

කොස් ඇට කබලේ දාල පුච්චලා(ටිකක් පරණ ඒව නම් හොදා,එතකොට පැණි රහයි),පොතු ගලවලා,සීනියි පොලුයි දාලා වංගෙඩියෙ කොටලා ගුලි හදලා කන්නකෝ.ඉස්සර අපේ අත්තම්ම හදල දෙනව.මාර රහයි.පස්සෙ ලාවට සීනි දාල තේ එකක් බොන්න :))

ආය වී තම්බද්දි, කොස් ඇට වී තම්බන මුට්ටිය උඩට දාලා තම්බලා පොල් කෑලි එක්කත් කනව.ගොඩක් කන්න එපා.ආසාවට පොඩ්ඩක් කන්න.අමුතුම රහක් තියෙන්නෙ.

ආය කොස් ඇට කලුපොල් මාලුවත් රහයිනේ.

කොස් තම්බලා,කොලපාට හීන් කොච්චි සම්බෝලෙයි,කරවල තෙල් දාලත් රහයි.

අඩේ කෙල ගිලෙනව.අපේ ගෙදර ඉස්සරහත් කොස් ගස් දෙකක් තියනව.ගෙඩිත් තියනව,කඩාගන්න කෙනෙක් නෑනේ.හෙට බලන්න ඕනෙ

දිනුක said...

කරුමෙ තමා කොල්ලො මොනා කරන්නද? අපෙ ගෙදරත් ඔහොමම තමා.වැඩේ තියෙන්නෙ එක එක විදියට හදන්න පුළුවන්කම තියාගෙනත් තම්බලාම දෙන එකනෙ.බත් එක්ක කොස් කෑවම එක්කො බත් විතරක් කෑව වගේ, නැත්තං කොස් විතරක් කෑව වගේ.

Anonymous said...

ela ela nice writing,,,, apitanam salli walatawat kos kellak hoyaganna patta gemak denna ona... :(

පන්සල් හංදිය said...

ඈ බං මල්ලියේ උඹ දන්නවද කොස් ටිකක්වත් නැතුව අද ලංකාවෙ කී දෙනෙක් කී වේලක් බඩගින්නෙ ඉන්නවද කියලා, එහෙම එකේ කොස් ගැන උඹ කියලා තියන දේවලට මම සම්පූර්ණයෙන් විරුද්ධයි ....

හැම රටකම කොස් වැවෙන්නෙ නැහැ, එහෙව් එකේ අපිට කන්න නැති වුනත් කොස් කාලා හරි ඉන්න පුලුවන්, දෙයියනේ කියලා එහෙම වෙච්ච එක කොච්චර එකක්ද කියලා හිතාගෙන කොස් වලට දෙස් තියන්නෙ නැතුව කොස් කාලා හිටු ......

Ravi said...

/ "සඳරු කාපිය මේ ටිකත් . බලපං ඉතින් උඹේ පස්ස නිකං මැස්සෝ බීලා වාගේ පොඩියි..! ඔහොම ඉඳලා අපි උඹට කටයුත්තක් හොයන්නේ කොහොමද ? /

අඩේ බං කොහෙදෑ හැබෑටම උඹලගෙ ඔය ගම තියෙන්නෙ? ඇයි යකඩො, කොල්ලොන්ට මඟුල් හොයද්දි උන්ගෙ පස්සෙ සයිස් එකත් බලනවය කියල මම මේ ඇහුවමයි, අන්න කෙල්ලොංගෙ නම් ඔන්න තව කමක් නෑ.

උඹට කොස් කාල එපා වෙලා වගෙ මටත් දැන් එපාවෙලයි තියෙන්නෙ. මොකක්ද දන්නවද? උඹ ලියන එව්වට හැමදාම එළය, පට්ටය , මාරය කියල. ඒත් මොනව කොරන්නද බං, කලයුතු දේ කරන්ඩම එපාය. ඒ නිසා උඹ කොස් කනවා. මම වෙනද වගේම කියන්නම්. එළය. පට්ටය. මාරය........හෙහ්, හෙහ්,

Kush කුෂ් said...

සඳරු මලයෝ මෙච්චර කලක් උඹේ බ්ලොගේ බලලා සද්ද නැතිව ගියත් අද මට මේක නොකියම ඉන්න අමාරුයි..

මමත් හැමදාම නැතත් ඉඳහිට හරි කන්න පෙරේත කොස් වලට උඹ බැනපු එක පැත්තකින් තියමු.. ඒත් උඹ මේ තරම් අව්‍යාජ වෙන්නෙ කොහොමද බං මල්ලියේ... සමහරවෙලාවට මේක අතිශෝක්තියක් බොරැවක්ද කියලා හිතෙන තරමට උඹ අව්‍යාජයි... ඒත් ඒ බොරුවක් අතිශෝක්තියක් නොමෙයි කියලත් දන්නවා..

උඹ මොනා කළත්, මොනා ලිව්වත් උඹේ අවංක සිතුවිලි වලට මගේ උපහාරය....

කළුමල්ලි said...

මට නම් ඉතින් කොස් හරි මඤ්ඤොක්කා එක්ක හොඳ කරෝල හොද්දක් තියෙනවනම්.......
හැබැයි ඉතින් තුන් වේලටම නෙමෙයි....

ItalyDilan said...

අඩේ මම ලංකාවේ ඉද්දී අපේ ආච්චිලගේ ගෙදර අරුම පුදුම කොස් ගහක් තියෙන්නේ ඒකේ අවුරුද්ද පුරාම කොස්,ගමටම කන්න දෙන කොස් ගහක්,,ඉතින් බන් අපේ ආච්චී දවසක් ඇර දවසක් කොස් තියනවා බත් එකට,,අවුරුද්දෙම කොහොමද සැප, ඒත් ඉතින් ආසාවේ බෑ දැන් නම් කොස් පිගානක් කන්න

හිස් අහස said...

@ශශී= සහෝදරයා කෙට්ටුයිද ? බැන්දම ඕක හරියාවි
......................................................................................................................................................
@Hishan Melanga = කෙල්ලන්ට ඉතින් හිකි හිකිය ඇරුනාම වෙන දේවල් වැඩිය බෑ නෙව ..මොකෝ මේදවස් වල නිහඬ ?
......................................................................................................................................................
@නිර්මල = හැමදාම කන්නේ කොහොමෙයි බං ? මට දැන් ජීවිතේ එපා වෙලා !
......................................................................................................................................................
@කතන්දර Kathandara = ගෙදර ලිපිණය දෙන්න කතන්දර අයියා ! මම ගෙදරට කොස් ලෝඩ් එකක් අපනයනය කරන්නම් !
......................................................................................................................................................
@පූසා = උඹට කියන්න බං කොස්වල නූල් ඇදෙනවා දැකලා මට එපා වුනා ..! හැමදාම ඔවුවම කන්න බෑ බං හිරකාරයන්ට වගේ
......................................................................................................................................................
@කඩේ හාමිනේ = මට සුවර් කඩේ හාමිනේ තරබාරුයි !
......................................................................................................................................................
@Anonymous JH = සරලව විතරනේ බං මම ඔය ලියන්න දන්නේ ! උඹට ඉතින් ඉස්තූතියි මට කික් කරලා යනවට ! .ජයවේවා !!!
......................................................................................................................................................
@කස්සා = කොස් එපා කස්සා මාමේ මල් තිබුනොත් ඇති !
......................................................................................................................................................
@මධුරංග = මධු අයියටත් එහෙනම් බඩු බනිස් ! කාපියකෝ කොස් ..! ගෙදර කොස් ගහක් තිබුනත් ඔයවදේ විඳින්න වෙනවා මචෝ ඉවසපං අයියේ රට ජාතිය ගැන හිතලා ඉවසපං
......................................................................................................................................................
@තාරක Dilsh@n = අර මැසි කන්දරාව මැද කිරි කොස් කෑවොත් මට බඩ යාවි මචෝ නන්ස්ටොප් !
......................................................................................................................................................
@හිරණ්‍ය = අනේද කියන්නේ ?
......................................................................................................................................................
@Networkදිසා = අනේ මචෝ මමනම් ලබන ආත්මෙටත් එක්ක කොස් කාලා ඇතිවෙලා .! උඹට කියන්න අද රෑට කෑවෙත් කොස් . මම ගිය ආත්මේ කාටහරි කෑම නොදී ඉඳලා ඒකයි මට අද මේ දුක
......................................................................................................................................................
@hare :-) = ඒකනේ මචෝ කියන්නේ මට ඉතින් කරියක්වත් බත්වත් නෑ නේ . අමු අමුවේ කොස් විතරයි 100% කොස් කොහොමද බං කන්නේ ?
......................................................................................................................................................
@Dinesh = ඊට හොඳයි අයියේ අපේ නැන්දව කොළඹට පටවනවා ! මම ඒගැන හිතමින් තමා ඉන්නේ වැඩේ ගොඩ ගිහොත් අපිත් ගොඩ !
......................................................................................................................................................
@sameera = මම්.ම්.ම් මම හිතන විදිහට උඹලට ලස්සනට තියේවි .. මචං වියලි කලාපයේ ගමක් . අලි ඉන්නවා . ඉස්සර කොටි හිටියා .දන් මම ඉන්නවා .! දවසක වරෙල්ලාකෝ ගමේ !
......................................................................................................................................................
@blog gadol = පූසෝ සෙට් එක ඉතින් කන්න මනාප අය බව මම හොඳාකාරම දන්න දෙක නෙව . කෑම කොතනද අපේ පූසෝ එතන
......................................................................................................................................................
@රවින් = මට ඉතින් වූ කාලෙයි මහ කාලෙයි දෙකේම කොස් නීරසයි . කොස්සක් කාලා බුදියගන්න එක සැපයි

හිස් අහස said...

@Charmi =අප්පා කාල තියනවා ලකි අයියේ .! පොලුත් එක්කයි කිරි හොදිත් එක්කයි කොච්චි සම්බෝල එක්කයි මේ හැම විදිහකටම කාලා තියේ . ඒත් දැන් එපා වෙලා . මම හිතන්නේ කොස්ම කෑවා වැඩිය...මචං කොස් ගෙඩියම මේල් කරන්න බෑ මම කෑලිවලට කපලා කෑල්ල කෑල්ල එවන්නම් . උඹ සේප් එකේ බාගෙන කෑලි එකතු කරලා ගෙඩිය හදාගනිං මචෝ ! ..කිරලත් විකුනනවා මලුවල දාලත් විකුනනවා .
......................................................................................................................................................
@Charm = පොලොස් නම් ඒහැටි අවුලක් නෑ තමයි මම බයිට් එකටත් ගන්නේ පොලොස් !
......................................................................................................................................................
@සොඳුරු සිත = කොස් කොත්තු ? මම එවුවා නම් කාලා නෑ හැබැයි කොසු සලාද නම් කාලා තියනවා . "කොහු මිට පාර" "පොලු පාරකුත්" එක්ක එකතු වුණාම කදිමයි අක්කේ ..කොස් ඇට දැක්කත් මම දුවනවා .
......................................................................................................................................................
@Gimhani = කොස් වලට අකමැති බිසවක් සොයාගැන්මයි මගේ එකම බලා පොරොත්තුව .! ගිම්හානි
......................................................................................................................................................
@JHOTHISHALANKA = එහෙම මලු වල දාපු ඒවා පැය කීපයක් යද්දී හං වෙනවා එතකොට ඒවා නිකම් චුයිංගම් වගේ ! කොස් වැල වරකා එහෙම අලුත් පිට කන්න ඕන .. අටු කොස් විතරයි පරන කරන්නේ .. පොලුස් උනත් පරණ කරාම හොඳයි ..
......................................................................................................................................................
@නදී = කලු පොල් මාළුව නම් මට ඇලජික් . අක්කේ . මම කැමතියි අටු කොස් වලටනම් . එවුවා මාර රහයි මම අකමැති ඔය කොස් තම්බලා බත් වෙනුවට ගිලින්න වෙන එකට තමයි . ඇයිදමන්දා දෙමාපියෝ ළමයි ගැන හිතන්නැත්තේ . ? මම එන්නද කොස් කඩලා දෙන්න ?

හිස් අහස said...

@දිනුක ජයකොඩි = සහතික ඇත්ත මචෝ . හදන්න ක්‍රම රාසියක් ඇත ඒත් අම්මයි අපේ නැන්දයි කොස් හදන්නෙම තම්බලා හදලා එයාලා ගිලිනවා මම කෑම එක දිහා බලාගෙන හූල්ලනවා .අනේ අපොයි ! .කොස් ගහ කපන්න ඕන
......................................................................................................................................................
@Anonymous = තැන්කුයු මචෝ ! මේ කොස් වාරේ ඔය ලඟපාත මිතුරෙකුට කියන්න කොස් ඕන කියලා ගෙනල්ලා දෙයි ! . ලඟපාතක හිටියානම් කොස් ලොරියක් එවනවා මම
......................................................................................................................................................
@පන්සල් හන්දිය = :( අනේ ඉතින් උඹ මයෙ නැන්දට වඩා අන්තයි . හා අයියා . ! එහෙනම් මම දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාන ඉන්ටෙයි ! මට කොස් ගෑවම නින්ද යනවා අයියා ..!
......................................................................................................................................................
@Ravi = නෑ රවී ගම්මානවල පස්සෙන් තමයි කෙනෙකුගේ පර්සනැලිටි එක සහ ඇඩිටියුට් එක මනින්නේ.. පස්ස ලොකු අය අනාගත්තේදී ජීවිතය ජයගන්නවා කියලා ඔය ගමේ අය අතරේ කතාවක් තියනවා . ඔය කොස් වට්ටක්කා ආදිය කෑවම පස්ස හෙන සයිස් වෙනවා . හැමදාම උඹට තැන්කුයි කියලා නම් මට එපා වෙලා නැතුවා !
......................................................................................................................................................
@Kush = තැන්කුයි මචං Kush ඔයවගේ කෙනෙකුගේ ප්‍රථිචරය මට මාර හයියක් වේවි ... මෙතන ඉතින් බොරුවක් නෑ .මේ කොස් වාරේ , අපේ අම්මයි නැන්දයි කැමති සල්ලි ඉතුරු කරන්න . ඒක නිසා බත් නොකා කොස් කනවා . මම ඉතින් කඩෙන් කනවා .. හි හික් ..ඔයාගේ කමෙන්ට් එකට මගේ ආචාරය ..
......................................................................................................................................................
@කළුමල්ලි = ආ කලු මල්ලි ඔයා චන්ඩිද ? මඤ්ඤොක්කා එක්ක කැපෙන්නේ කොච්චි සම්බෝල සහ රා කට්ටක් ! .දවසක සෙට් වෙන්න තිබුනානම් එල නේ ?
......................................................................................................................................................
@ItalyDilan = මචා ඉතාකියේ කොස් නැද්ද . මම දැකලා තිබුනා අර ටින් කරපු සහ පිටි කල කොස් දැන් සුපිරි මාර්කට්ටු වල ගන්න තියනවා කියලා ක්ෂෙනික කොස් හිටන් තියනවා කියන්නේ . .. අප්පා අපේ ගෙදර කොස් ගස් දෙකේ මච කොස් ගෙඩි හැදිලා බිමත් එක්ක . මුල් වලත් හැදිලා . එපා වෙනවා බං ..

Anonymous said...

අනේ බොල සඳරුවො... මල්ලු කඩෙන් හැමදාම කන චුක්කයි පරාටයි කාල ඇවිත් වැටිල ඉන්න වෙලේ මේක දැක්කෙ... දැන් උඹ කොස් මතක් කරල... කෙල ගිලිලම ගැස්ට්‍රික් හැදෙන සයිස්.... බොලාලට ඉතින් කාල වැඩිවෙලා අගේ නෑ... මම මේ ලඟදි වරක මදුලු 6ක් විතර තියන පැක් එකක ගත්ත මෙහේ සුපර්මාර්කට් එකකින් ආසාවට... ඒක දිරාම් 10ක්..( රුපියල් 300 ක් විතර )... බල්ලෙකුට කන්න බෑ... එව මේ තායිලන්තෙන් ගේන දැරැහැවක්...

කස්ස said...

@සඳරු
මාමෙ කියන්නේ! අපි හොඳ තරුණ කොල්ලො.මල් නම් තියනව ඉස්තරම්ම ඒව.කොල,අතු,පොතු නැති ඉටි වගේ ඇලෙන මල්.ඒත් දෙන්නෙ කොහොමද?මෙහෙ අයට නම් තමන්ට ගහක් හිටවගන්න පුලුවන්..:)

Podi Kumarihami said...

මම නං ආසයි පොලොස් කන්ට. කොසුත් කොච්චර රසද? උයලා දුන්නොත් රස කර, කර කනවා. ලංකාවට ආවාම හොය, හොයා කන්නේ. ඔව් ඉතින් මොනවා උනත්, ගානට වැඩි උනාම එපාවෙනවා තමානේ.

අර පස්ස මහත් වෙන කතාව, ඕක බඳින්ට ඉන්න කොල්ලන්ටත් බලපානවා තමා. ඒක ඇත්ත. බොරු නම් කොස් කාලේ ඉවර උනාම බලන්ට සඳරූ දිහා කෙල්ලෝ බලන හැටි......:D

Bindi said...

ඊයේ මට කමෙන්ට් කරන්න බැරි අවුලක්. එකයි පමා . ආ බන් මල්ලියේ උඹ නම් පුදුමයි. මෙච්චර ලස්සනට අපිව හිනස්සනවට මොනවා දෙන්නද මන්දා . අපි කොස් කන්න පෙරේත කමේ මැරෙනවා . උඹේ පරම හතුරා කොස් . මෙහෙ උන් ඕන මල ජරාවක් කනවා . කොස් කන්නේ නැහැ. සයිගොන් වලනම් පොලොස් ගන්න තියෙනවා සමහර මාකට් වල . සුප් බොනවා ඇති . වරක නම් කනවා . එත් අපි වගේ නැහැ. මුන්ගේ පස්සවලුත් මැස්සෝ බිල වගේ තියෙන්නේ එකයි එහෙනම්. නැන්දට තැන්කු ඒ රහස හොයා ගත්තට . ගිය සතියේ වරක මදුළු දහයක විතර පැකට් එකක් ගෙනාවා සුපර් මාකට් එකෙන්. රුපියල් 250 කටත් වැඩියි. බොට වැඩිවෙලා . හැබැයි මෙහෙ වරක වේලලා පැකට් කරලා තියෙනවා හරි ලස්සනට . ඔන්න අපිට වැරදෙන තැන . අපිට බැනේ ඒවගේ වැඩ . මන් බොට වේලපු වරක පැකට් එකක් අරන් එන්නම්කෝ ඊළඟ පාර .

තරු said...

******"සඳරු කාපිය මේ ටිකත් . බලපං ඉතින් උඹේ පස්ස නිකං මැස්සෝ බීලා වාගේ පොඩියි..! ඔහොම ඉඳලා අපි උඹට කටයුත්තක් හොයන්නේ කොහොමද ? *****

මේක නම් මරු , පස්ස ඒ වගේ වුනාට ඉස්සරහ හොඳට ඇති මයෙ හිතේ.(නැත්නම් ඇන්ජලීනා ජොලිව් දෙපාර ගානෙ මතක් වෙන්න විදියක් නැහැනෙ )
හැබැයි නැන්දා එකක් දන්නවා... ඇනේ හරියට වදින්න නම් මිටිය ටිකක් බරට තියෙන්න ඕන කියලා... :D

Anonymous said...

සඳරු ඊළඟට මොන වාරේද බං? කොස් නම් මරු කෑම බං. කට්ට කරෝල හොද්දයි ලුනුමිරිසයි එක්ක.

මෙන්න මෙහේ වරෙන් දවසක්‍... උඹට මැක් ඩොලන්ඩ් පෙන්නන්න.

ශානි said...

අඩේ කොස් වලට අපහාස කරන්න එපා මලයෝ මගේ ආසම කෑම

Observer said...

නියමය්, එක හුස්මට කියවන ගියා.

Praසන්ன said...

අදත් නියමෙට ලියල තියෙනව සඳරු.
ඔය මැක්ඩොනල්ඩ්, KFC ටීවී වල පෙන්නන තරං රස නෑ මලේ.
උඹ කොස් බයිට් එකට එහෙම ගන්නෙ නැද්ද?

said...

කොස් විතරක් නෙමෙයි බන් අනික්වත් ඔහොම තමා
අපේ ගෙදර බන්ඩක්ක හිටෙව්වා දැන් තුන් වේලම බණ්ඩක්කා . මට දැන් බණ්ඩක්ක ගස් ටිකට වැඩක් දෙනන් ඕනේ. කොස් වගේ හැමදාම තියෙන ගස් ජාතියක් නෙමෙයි නිසා ගොඩ.

මටත් කොස් කියන්නේ පේන්න බැරි කාමක් . ගෙදර නම් කන්නේ නැහැ ඒත් මේහේ කඩවල් වල නිතරම දෙනවා ඉතින් නොකාත් බැහැ වෙන කන්න ජාතිත් අඩු නිසා

අකීකරු හිත said...

මම නම් කොස් වලට ඒ තරම් මනාපයක් නැ මල්ලියෝ....ඒත් ඒක ගුණ කෑමක්ලුනේ...මේ ලිවිල්ල නම් කියලා වැඩක් නැ මල්ලි ....කියන්න වචන නැ... ඒ ඔක්කොටම හරියන්න අපූරුයි.. නියමයි.. කියලා කියන්නම්

කේෂාන් De சில்வா said...

අපේ කැන්ටින් එකේත් මේ දවස් වල බතුයි කොසුයි... කොසුයි බතුයි... එපා වෙලා තියෙන්නෙ....

නචියා said...

කොස් කියන්නෙ සුපිරි කෑමක් මචං.. මම මාර ආස කෑමක්.. මම ඒ ලෙවල් කරලා ගෙදර ඉන්න කාලේ හිටියෙ අපෙ නැන්දලගෙ ගෙදර. නැන්දගෙ පොඩි පුතාත් කොස් කන්න මාර ආසයි.. ඒ අයියා ගෙදර ඉන්න දවසට අපි දෙන්න කොස් කඩලා සුද්ද කරලා කපලත් දෙනවා නැන්දට උයන්න. මම හරිම ආසාවෙන් කරන්නෙ බන්. උඹට එපා වෙලා තියෙන්නේ ඕක දිගටම කරන හින්ද වෙන්න ඇති..........

පුංචි සුරංගනාවි said...

අපෝයි සදරු , මැක්ඩොනල්ඩ් , පීසා හට් වගේ එවයින් කැවාම පස්සේ දුක හිතෙනවා ඒවට වියදම් කරපු සල්ලි ගැන බඩ පිරිලත් නැ අතේ තිබ්බ සල්ලි ටිකත් ඉවරයි කියලා...ඔයා ඔහොම කිවුවට මිනිස්සු කොච්චර ඉන්නවාද කොස් කන්න ආස උනත් කොස් දකින්න වත් නැති මිනිස්සු....අපි හැමොම අපිට නැති ඒවා ගැන දුක් වෙනවා.ජිවිතේ හැටි ඔහොම තමා....

Udaya Jaliyagodage said...

කොස් හොදයි බං වැඩිය කනකොට එපා වෙනව...

Anonymous said...

coss athnam bath kumatada.

Anonymous said...

අනේ බං ඔයි කොස් ගෙඩි ටිකක් ලෑන්ඩ්මාස්ටරේකවත් පටවං වරෙන් දෙල්කඳ පොල පැත්තෙ එහේ කොස් මදුලක් රුපියල් දෙකයි බං. ඒවත් ඇට අහක් කරාපුවා, ඇට විකුනන්නෙ වෙනම.

duliponline said...

//මේ ලිපිය ලියද්දිත් මගේ මේසේ යට තියන වැල ගෙඩියට එන කෝඳුරුවෝ මගේ ඇස් දෙක වටේට කැරකෙනවා .//

ජොකා නැතුව බර ඉස්සුවාම ගොඩක් වෙලාවට ඔහොම වෙනව . . . . උඹට හොඳටම ශුවර්ද මේසෙ යට තිබුනෙ එක වැල ගෙඩියයි කියල ????

ප.ලි.
ලබන හය වෙනිද උඹලැයි ගෙවල් පැත්තෙ එන සෙට් එකට දෙන්නත් කොස් ටිකක් තියාගනිං . . . . . අර බඩ මහත කලු බුවාටනං කොස් ඇට හෙම දෙන්න එපා . . . . බෝපාල් ඛේදවාචකයෙ අනිත් එක අම්පාරෙ සිද්දවෙයි . . . .

samadhi said...

නිතරම කන්න බැරි උනාට කොස් නරකම නෑ සඳරු.

සරත් ලංකාප්‍රිය said...

මේ ඕනය එකක් ලියල මගේ රස වින්දනය එහෙමපිටින්ම අබිලික් කොලානේව ! එයි සඳරු කොල්ලෝ උඹ කොච්චර කිවුවත් මට නම් කොස් එපාවේන්නේ නෑ මේ මල ඉලවු රටේ තියෙන්නේ වරක විතරයි. උන් දන්නේ නැහැනේ කොස් කන්න පුළුවන් කියල.. චික්.. අද සිකුරාදා දවසේ කොස් මතක් කරා මදිවට ..කතන්දර ගෙන පටන් අරක් ඔක්කොම කලේ රෙසිපි ලියන එක.. නදී ලිස්ට් එකක්ම ලියල.. යයි කොස් අවුරුද්දක් තිස්සේ දකින්න නැති මට හුස්ම හිර වෙනවා

හසී said...

කොස් කන්න අපිනම් ආසයි.. හෆෝ එත් ඔය වගේ හැමදාමනම් බෑ...

තරු said...

ඔන්න මම නම් දැනගත්තා.. අපේ "සඳරූ" ඉන්නෙ කොහෙද කියල..
මේ තියන comments වලින්.

පිණිබිඳු... said...

මේ දවස් වල ගමේ ගියොත් මටත් ඔය වැඩේම තමා. කොස් කන්න ආසයි. කාටද අප්පා හැමදාම කන්න පුලුවන්. ඒ මදිවට ගෙදර ගියාම පුලුවන් තරම් කන්නම කියනවා ආයෙ බෝඩිමේ මොන කොස්ද කියලා. කොස් ඇට ගැන කතා කරද්දි මට නම් මල පනින සිද්දිය තමා කොස් ඇට සුද්ද කරද්දි නියපුත්ත ඇතුලට කොස් ඇට සිවිය ඇනෙන එක. අම්මෝ. ඒ දුක නම් ඉවසන්න බෑ..

Grey said...

එකම දේ කන්න ගියාමනම් එපා වෙනවා තමා බන් කොච්චර රස උනත්.
මැක්, පිසා හට් ඔය කෝකත් එකයි. අනික මෙලෝ රහක් නැනේ කෑම වල. අඩුගානේ කොස් ඉව්වම එකේ තුනපහ, ලුණු රසවත් තියෙනවා. එකට ඉතින් මැක් එක.
උබට කොස් වගේ තමා මට මැක්. මෙහෙ මගේ ගෙදරට පාරේ එහා පැත්තේ තියෙන්නේ මැක්කෙක්. මන් ඉතින් උයන්න කම්මැලිය නිසා ඔකෙන්ම කාල ජිවත් උනා කාලයක්. එපා වෙනවා බන්..

Teena said...

අනේ අපොයි ඔය සෙතේ මයි මං ගමේ හිටි කාලෙත්. පළවෙනි දෙවනි සතියේ අවුලක් නෑ. ප්‍රධාන ආහාර වේල ඇරෙන්න අපේ ආච්චා කොස් බැදලා සීනි දාලා, එතකොට කොස් මදුළු පිටින් තම්බලා පොල් දාලා තව කොස් වේලලා උයලා ඔය වගේ එක එක සෙල්ලං දානවා..
ඒ වෙලාවට තමා කොස් ගහටත් හෙන ගහපං කියලා කියවෙන්නේ. ඒත් ගොයියෝ වරකා නම් කොච්චර කෑවත් එපා වෙන්නැති දෙයක්..

BAWANTHA said...

පෝස්ට් එකනම් හොඳයි හැබැයි කොස් වලට බැනපු එක වැරදියි කොළඹ අපි මැක්ඩොනල්ඩ් කෑම පිට්සා කන්නෙත් කිඹුලා කිරිමැට්ට ගිලිනවා වගේ තමා

අනූ said...

@සඳරු අයියා-පිස්සුද අලේ මන් කෙට්‍ටුයි,ඒ උනාට සා.පෙ කොරලා ගෙදර ඉන්න ටිකේ කාල කාල දැන් මහත් වේගෙන එනව වගෙ :(

හිස් අහස said...

@සපතේරු උන්නැහේ= අප්පට සිරි ඔයා තායිද ?ඔහේ කොස් කඳු පිටින් !? හැබැයි ඔය කොස් වගේ එවුවා පරන කරලා කන්න බෑ අටු කොස් ඇරෙන්න නික් ඒවා සේරම ගහෙන් බාපු ගමන් කන්න ඕන . නෑ නෑ අයියා අගේ උපරිමේට ! ඒත් කාලා කාලා දැන් දිවට එපා වෙලා !
......................................................................................................................................................
@කස්සා = සොරි වෙන්ඩ කස්සා . මම පොඩි මෙවුව එකක් කලේ ! අපේ ගමෙත් මල් නම් පිපෙනවා . නහුතෙට . ඒත් බං අපේ උං ඒවට බැබිල කලවං කරනවා . ඉතින් ඕක ගහපුදාට කහින්න වෙනවා හිටගෙන ! .ඔරිජිනල් එවුවා හොයන්ඩවත්නැ
......................................................................................................................................................
@Podi Kumarihami = පොලොස් නම් වරදක් නෑ මම බයිට් එකටත් කන්නේ පොලොස් . අනික ටිකක් පරණ කරලත් කන්න හැකියි . අන්න හරි ගානට වැඩි වුණාම ආයේ ජීවිතේ එපා වෙනවා . ආ..නේ යන්ඩ ! මට සුපිරි පෂ්චාත් ප්‍රදේෂයක් තියනවා . ආයේ කොස් කන්න ඕන නෑ !
......................................................................................................................................................
@Bindi = එහෙමද . මම හිතන්නේ ගූගල් මාමාගේ වරදක් ! . අනේ අක්කේ වරකා වේලලා කොහොමද කන්නේ ? යන්තම් හුලං වැදුනත් වරකා වලින් එන්නේ මහ චාටර් රසක් . සමහරවිට ඔය වෙන කොස් ප්‍රබේදයක් වෙන්නැති . වියට්නාම් කොස් වෙන්නැති . වියට්නාම් අයට පස්ස සාදා ගැනීමේ පන්තියක් දාමුද ? මම එන්නම් කොස් ලෝඩ් එකකුත් අරං !
......................................................................................................................................................
@Tharu = අඩේ මූ බලහංකෝ ! උඹ දාපු කමෙන්ට් එක දැකලා මට හොදි ඕන්නෑ ! මම කොරවෙලා ගියා ! නැන්දලා ඔව්ව දන්නවා බං . පරන උදවියනේ . ඇන්ජිව නම් මට හැමදාම මතක් වෙනවා ... අයියො..!
......................................................................................................................................................
@prasanna86k = මචං ඊ ලඟට එන්නේ බඩ ඉරිඟු වාරේ . ඉරිඟු තලපයි ඉරිඟු කේකුයි තම්බපු ඉරිඟුයි කාලා කාලා ආයෙමත් එපා වෙනවා ..මම එන්නම ඕන ..!~
......................................................................................................................................................
@ශානු = සමාව දෙන්න අනේ . හිතා මතා කී දෙයක් නෙවේ . හිතේ දුකට පිටවුණා ! ..
......................................................................................................................................................
@Observer = ඔබ් අයියේ එක හුස්මට කොස් පිඟානක් කෑව හැකිද ?
......................................................................................................................................................
Praසන්ன = කොස් ඇට නම් බයිට් එකට ගන්නවා .ආයේ පොලොස් නම් මගේ ප්‍රියතම බයිට් එක. මැක් ඩොනල් එකෙන් එක පාරක් කාලා තියේ . ඇත්ත මැක් ඩොනල් එකෙන්මද මන්දා ! ඒත් මට එදා කාපු කෑම බොක්කටම වැදුනා . හැබැයි පර්ස් එක සුද්දයි . ඔන්න මචෝ මෙහේ ආවොත් කොස්ගෙඩියක් කරගහං ගියහැකි
......................................................................................................................................................
@ ම = මරණය අයියා මොකෝ බං දැං මුනිවත රකින්නේ ? මොකුත් ලියන්නේ නැතෙයි . බන්ඩක්කා නම් ටිකක් සෙවල පාටයි ඒත් බූස් ගාලා ලිස්සලා යන නිසාම මම එවුවට ටිකක් මනාපයි . කොස් මටත් පේන්න බෑ මචං . එක එකාගේ රස දිව වෙනස් නෙව . අපි බොන හින්දා අපේ රස නහර හැලිලිද මරණේ ?
......................................................................................................................................................
@අකීකරු හිත = කොස් ගුන කෑමක් තමයි අක්කන්ඩි ඒත් අනේ ගුනේ විතරක් බෑ .රස නැත්තම් අපට අප්‍රිය වෙලා වෙන ලෙඩක් හැදෙනවා .ඉස්තූතියි අප්පේ

හිස් අහස said...

@කේෂාන් De சில்வா = කොස් එපා කියලා උද්ගෝසනයක් කරන්න ! ඊටපස්සේ උපවාසයක් කරන්න . එතකොට නිකම්ම දිනුම් !
......................................................................................................................................................
@නචියා = අන්න ඒකනේ නචියෝ ! උඹට කියන්න දැන් සති දෙකක් එකදිගට කොස් ගිල්ලා . අපේ ගෙදර අය කොස් ගහේ නිකම් කොස් තියනවා දකින්න කැමතිනෑ මේ දවස් වල හාල් ගනංලු එවුවා ඉතිරි කරගන්න . මෙහේ කොස් කපලා අපිට ගිල්ලවනවා . ඔයිට හොඳයි බං මාව කෑවනම්
......................................................................................................................................................
@පුංචි සුරංගනාවි = ඒක ඇත්ත පුංචි සුරං. ලද දෙයින් සතුටු වෙන්න අපිට බැරි හැටි . තව මාස කීපයකින් ආයෙමත් කොස් කන්න ආසයි ඒත් ආයේ ආයේ කද්දී ජීවිතේ එපා නවා .කොස් ගෙඩියක් ගිලලා මැරෙන්න හිතෙනවා ..
......................................................................................................................................................
@උදය J G = සහතික ඇත්ත කොස්වල තියන රසට දිව ඉක්මනට හුරු වෙනවා . මටත් පලමු දවස් ටිකේ කොස් නිකම් සුපර්.. පස්සේ පස්සේ තිත්තයි/
......................................................................................................................................................
@Anonymous = අපේ අම්මා තවමත් කියන්නේ එහෙම කොස් ඇත්නම් බත් ඕන නෑලු..ඒත් අනේ මේ අහිංසක මට ?
......................................................................................................................................................
@nawammawatha = ලෑන් මාස්ටරේ කොස් පටවං ඔහේ එද්දී කොස් ගෙඩි පැලවෙලා තියේවි .මදුලක් රු 2යි කීවා .. පට්ට බිස්නස් එක යකෝ මෙහේ කොස් ගෙඩියක් රු 30ටත් දුන්නා ! මෙන්න සයිස් කොස් ගෙඩිය !

හිස් අහස said...

@ඕනයා = මම නැවිලා බලද්දී තව කොස් ගෙඩියක් තිබුනා අයියන්ඩි ! බොහොම ස්තූතියි මට ඒක පෙන්නුවාට .. හය වෙනිදා එන ඇත්තන්ට ගහේ නැගලාම කොස් කඩාගන්න කියනවා .. නෑ නෑ මචෝ මට මගේ ගම වටිනවා ඒක නිසා .ඔය මහත බුවාට කොස් ඇට පේන්න තියන්නේ නෑ. පරමානු බෝම්බ වලට මුහුන දෙන්න අපිට බෑ නෙව
......................................................................................................................................................
@samadhi = කොස් කන්න ඔච්චරටම ආසද සහෝදරී ? ඔයාට වැඩි වැඩියෙන් කොස්ම ලැබේවා !!
......................................................................................................................................................
@සරත් ලංකාප්‍රිය = එන්න අයියා අපි අපේ ගමට සෙට් වෙලා කොස් කාලා ලිඳෙන් දිය බොමු ! ඇයි ඔච්චර දුකෙන් ඉන්නේ මට 100% සුවර් ඔයා කොස් කන්නේ සතියයි ඊටපස්සේ වැඳ වැටෙයි අනේ මට එපෝ කියලා ! අල්ලමුද ඔට්ටුවක්.. කොස් බෑයක් ඔට්ටුයි !
......................................................................................................................................................
@හසී = ඕනම දෙයක් ඕනවාට වැඩිය ඕනම නෑලු නේද අක්කේ . සුදු පුංචා කොස් කන්න ලයික්ද ?
......................................................................................................................................................
@Tharu = ෂ් ඒක රහසක් ! ( අනේ ..ඔය ඕනයා බොරු කියන්නේ !)
......................................................................................................................................................
@පිණිබිඳු = අන්න ඒක තමයි මම කොස් ඇට වණේ දාලා කෙටුවේ . මම කොටනකොට නැන්දා මෝල් ගහ උදුරලා මට ගැහුවා තෝ කොස් ඇට ටික පිටි කරනවද කියලා .! :(
......................................................................................................................................................
@Grey = මම කැමතියි මචං ජීවිතේ විවිධත්වයක් තියනවට .ඒවුණාට මට ලැබෙන්නෙම ඒකාකාරී දේවල් විතරයි . එකම කෑම එකම බීම . එකම කෙල්ල . එකම දේ දිගටම ලැබෙද්දී අපි කොහොමද ජීවිතය වර්ණවත් කරගන්නේ .මටත් හිතෙනවා මට මැක් කඩෙන් එකදිගටම කෑවොත් මේ වගේම හිතෙයි .ඔයාගේ කමෙන්ට් එකක් මා අතින් මැකුනා .. අනේ සොරි වෙන්ඩ බොස් !
......................................................................................................................................................
@ෆා = අප්පට සිරි මෙන්න ෆා ඇවිල්ලා ! මගේ ප්‍රියතම බ්ලොගී ! .ඔයා නේද සබ්ටයිටල් හදන්නේ බ්ලොගීගේ ඩයරිය ලියන්නේ ... ඔයා මගේ බ්ලොග් වීරවරියක් . ආඩම්බර වෙන්ඩ එපා! . වරකා කන්න එපා නිතරම අන්තිමට වරකා කාලා හැදෙන බඩේ අමාරුව මකන්න සිංහල වෙදකම් කරන්න වෙනවා . වරකා කනවානම් ලුනු ජුංඩක් ඉහගෙන කන්න .
......................................................................................................................................................
@BAWANTHA = අනේ මයෙ දෙයියා මම කොස් වලට බැන්නේ නෑ අප්පේ . මම මේ අද රෑටත් කන්නේ එවුවා තමයි .! ටිකක් දුක හිතුනා..
......................................................................................................................................................
@කඩේ හාමිනේ = අප්පට සිරි නඟා මම හිතුවේ කඩේ හාමිනේ කීවම කිලෝ 95 විතර බර තරබාරු කාන්තාවක් කියලා . යන්න සහෝදරී ජිම් එකකට .නැත්තම් ඉතින් තරබාරු වෙන්ඩ වේවි !

මාරයාගේ හෝරාව said...

නොදකින් වහුට්ටා..තොට බැරිනං මට දිය කොස්...
තූ මෙහෙම ගොන් අලියෙක්..යකෝ අර අලි බොටාලට දිය තොට ගිලින්න බැරිනං..තූ තූ මෙහෙමත් කිව්වනේ මූ...
මට එන කේන්තියට මෙතන ලිය වෙන්නේ නැහැ...

@ඔනයා...
හරියටම හරි කිව්වා බං..ඒත් මොකද මේ කෝඳුරුවෝ වහනවා කිව්වේ..?

හිස් අහස said...

@මාරේ අයියා = අර හය වෙනිදාට රට වටේ කරක් ගහන සේනාව සමග ඔයාටත් එන්න තිබුනා අපේ ගම් පැත්තේ . අම්මපා ආවනම් අයියේ මම උඹට කොස් කවනවා කරේ තියාගෙන අනේ බුදු මල්ලියේ කොස් නම් එපා කියනකම් උඹට මම කොස් ගිල්ලවනවා !. ඕකනේ බැරි චනයක් වරදින්න බෑ .! ඒපාර කෝඳුරුවෙක් අල්ලගෙන .

සංකල්ප said...

@ඕනයා :
ඇත්තටම බෝපාල් ඛේදවාචකයට වඩා වැඩි වෙයිද ?

දන්නේ නැති අයට : ලෝකයේ දනට වාර්ථා වී තිබෙන ලොකුම අනතුර සීද්ද වෙලා තියෙන්නේ ඉන්දියාවේ බෝපාල් නගරයේ තිබ්බ විස වායු කාන්දු වීමකින් ලූ. වැඩි විස්තර සදහා විකිපීඩියාව මෙතනින් බලන්න. (මාත් බැලුවේ නෑ. කඩ්ඩ අමාරුයි නේ)

duliponline said...

@මාරයා:
අවුරුදු කාලෙට නං ගෙවල් වලට කෝඳුරුවො ඇදෙනව . . . . පැනි වලටයි, තෙල් වලටයි මයෙ හිතේ . . . . .සඳරුවා ඔය කියන වැල ගෙඩියට කෝඳුරුවො ඇදුනෙ මොකටද කියන එක තමා එතකොට අපි හිතල බලන්න ඕනෙ

මාරයාගේ හෝරාව said...

මචං පැනි සහ තෙල් වලට විතරමද..?
ඇයි කිරි වලට

චතුර.... said...

අපිටනම් නිතරම කන්න කොස් නෑ ඒත් ඉඳල හිටල හම්බවෙන දාට කිරි හොඳි සහ බැඳපු කරවල සමඟ කොස් ඉතින් මැරුවැකි..

duliponline said...

@මාරයා . .
කන කනවද මයික් ටයිසන් කීවලු . . . . ඔවුනෙ බොල . . .

ඒයි සඳරුවෝ . . . . දැං උඹේ වැල ගෙඩියට කෝඳුරුවො එන්නෙ ඔය කාරනා කීපයෙං මොකක් පදනම් කරගෙනද ???

pandukabaya said...

අදත් අපේ අම්මා කොස් තමබලා තක්කාලි හොදියි, හාල්මැස්සෝ බැදලයි හදලා තිබ්බා. මම දෙපාරක් බෙදාගෙන කෑවා. මම නම් කොස් වලට හරි ආසයි. අද ලංකාවේ කන්න නැතිව ඉන්න කට්ටිය ගැන ඇහුවම බැලුවම කොස් හටි කන්න තියෙන එක ගැන සතුටු වෙන්න. කොහොම උනත් ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ කියලා කතාවක් තියෙනවානේ. කොස් උනත් තරමක වෙනස් විදිහකට හදන්න පුලුවන් නම් අපිට අවුලක් නැතුව කන්න පුලුවන්

පැන්ඩා said...

මචන් කොස් අවාරෙ ආවම කියපන් අපේ පැත්තෙ කොස් කල් තියාගන්න පොරක් ගෙන් ඉල්ලල එවන්නම්...හිකිස්...අපේ තාත්තාගෙ යලුවෙක් හිටිය පොර මරු ආතල්..පොරට බත් ටිකක් කමු කිව්වම ටිකක් අදි මදි කරල කොස් තියෙද අහනව..තියෙනව කිව්වොත් ශහ් එහෙනම් බත් ඩිගින්ත්තක් කමු කියල හොඳට ඇදලා දානව,..අනේ අයියේ කොස් නම් නැ කිව්වොත් චැහ් ඒ ජාරාව නැද්ද ? හෙනං බත් ටිකක් බෙදල ගමු කියනව.

DragonD said...

මගේ අම්මත් කොස් තියෙන කාලෙට එපා වෙනකම් කොස් හදනවා
මට පරිප්පු වගේ දෙයක් ඕනිමයි , කොසුයි පරිප්පුයි එකට හදන්න බෑනෙ
ඉතින් එදාට බත් එකට හරි...

කොස් තම්බලා , කිරිහොදි ත් එක්ක නම් මරු
ඒත් ඉතින් දිගටම කනකොට මොනව කෑවත් එපාවෙනවා

නන්ගිව බ්ලැක්මේල් කරන්න ක්‍රමයක් හොයාගත්තනම් සඳරු අය්යට කොස් සුද්ද කරන වැඩෙන් ශේප් වෙන්න තිබ්බා නේද ?

මන්තරකාරි said...

කොස් වැඩිනම් ගෙනත් දෙන්නකෝ... මහත් උනොත් කොස් අවාරෙට ඩයට් කරන්න බැරියැ...:)

මකුළුවා..... said...

ඔය කොච්චර කිව්වත් මචං තම්බපු කොස් පිඟානකුයි කරවල හොද්දකුයි තිබ්බොත් මට නම් වෙන මොකුත් ඕනේනෑ....
හැබැයි ඉතින් සති ගානක් එක දිගට කද්දී එපා වෙයිද කියලත් හිතෙනවා....මම තාම එහෙම උත්සහයක් දරලා නෑ....

@ඕනයා අයියා-හි හි....පරික්ෂණයට යොමු කරන්න ඕන කාරණාවක් නේද අයියේ.....හික්ස්...

හිස් අහස said...

@ඕනයා ...අයියේ මාව මරාගෙන කාපිය !!

චතුර.pandukabaya,පැන්ඩා DragonD මන්තරකාරි මකුළුවා.. .. ස්තූතියි ඔබ දුන් අදහස් වලට ..

මාරයාගේ හෝරාව said...

@ඕනයා...

මචං උඹ වැලමයිට් කනවද..?

කැමීලියා said...

නියම පෝස්ට් එක මල්ලි. ඔයාටත් මරු වැඩේ වෙලා තියන්නේ.

හීනියට.... said...

කළුපොල් මාලුව සහ පොලොස් මැල්ලුම.......බුදු අම්මෝ කෙල වෑස්සෙනව බොලව්...

සඳරුව නියමයි සහෝ....

කිඩෝ said...

සොරි වෙන්න ඕනේ මගේ කමෙන්ටුව වැටෙන්න පරක්කු වුනාට ඔන්න මචං මම අද මට පහුගිය ටිකේ මිස්වුන පෝස්ට් ඔක්කොම කියවන්න ගත්තා මේ ජයග්‍රාහී 53වෙනි පෝස්ට් එක
මම දන්නෑ බොගේ දුක කියවගෙන යනකොට මට හිනා යන්නේ ඇයි කියලා සමහරවිට උබ ලියලා තියන විදිහ නිසාවෙන්න ඇති මේක නං පට්ටට ලියලා තියනවා.....

duliponline said...

@සඳරු:
මට හරක්මස් ඇලජික් මලේ . . . . . සොරි වෙන්න ඕනෙ

@මාරෙ:
මොනව අහනවද මන්ද . . . .මේ ප්‍රසිද්දියෙ

Anonymous said...

පට්ටම කතාව සඳරු වෝ උඹ කොස් කාල මැරෙනවා අපි හිනා කාල මැරෙනවා

~ChAnDiKa~ said...

බලපං ඉතින් උඹේ පස්ස නිකං මැස්සෝ බීලා වාගේ පොඩියි..! ඔහොම ඉඳලා අපි උඹට කටයුත්තක් හොයන්නේ කොහොමද ?

:D :D :D :D

පිස්සා පලාමල්ල said...

ලෝකෙ ගෝලාකාරයි කියන්නෙ නිකන්ද බන්.... කොසුයි පොලුයි හොඳ සම්බෝලෙකුයි තිබ්බනම් දැන් කියල.... හප්පා... මතක් වෙද්දිත් කටට කෙළ උනනව බන්.... ඒ උනාට පිසා කෑල්ලක් බර්ගර් එකක් අනෙ ඇත්තමයි අප්පිරියයි බන්... කාල කාල නෙමේ ඒත් මට ඒව අල්ලනෙ නෑ...

හැබයි ඉතින් ඕනිම දෙයක් ඔඉනිවට වඩා ඕනිම නෑ නේ.. උබ කියන දේ තේරෙනවා....

මාධව විදුරංග said...

kauruth hithanne paththak gana liyala thiyenne bns! mmm ape paththethth ohomma thamai! habai ape nanda uyana koss nam oone welawaka kanna puluwan! suprub bn!

Anonymous said...

adnam kalekata passe hinawuna sadaru,
thankx machan

ටීම් ට්‍රැවලර්ස් said...

මට පෙන්නන්න බැරි කෑමක් කොස් කියන්නේ සඳරුවෝ... ගෙදරත් ගස් දෙකක් තියෙනවා. ගස් දෙකක් තිබිලා මට මෙහෙම වදේ නම් උඹට කොහොම වදයක් ඇතිද කියලා හිතාගතැහැකි.
මළ ජරාව!
ශික්!

නවෝ!

Post a Comment

තැන්කූ බං