9.6.11

ආදරබර Network එක හෙවත් ගල් කොරියේ ලවු එක. 2.අවසාන කොටස


කතාව ඉක්මනටම ලියලා දාලා හිත නිදහස් කරගන්න හිතුවත් .බ්ලොගර් වල විටින් විට මතුවෙච්ච ගැටලු හින්දා ලියපු කතාව ප්‍රසිද්ධ කරගන්න මට බැරිව ගියා .අද තමයි යන්තම් ඒකට ඉඩක් ලැබුණේ !

මගේ ගල් කොරියේ ආදර කථාවේ මුල් කොටස ඔයා නොබැලුවානම් ඒකත් බලලම මේ අන්තිම කොටසට එක් වෙන්න ..

ඔන්න ඉතින් කට්ටියටම මතක ඇති මම එදා ගල් කොරියේ මොනවද කලේ කියලා...
මම බයික් එකත් පණ ගන්වාගෙන ..දෙවනි ගල් කොරිය බලා පිටත් උනා . මගේ රාජකාරිය අවසාන වෙන්න නම් . මේ ගල්කොරි දෙකේම පරිගණක ජාලය නිවැරදිව ක්‍රියාත්මක වෙන්න ඕන ..මම පළවෙනි ගල් කොරියේ නෙට්වර්ක් එක නම් පුදුම වෙහෙසක් දරලා දාඩිය පෙරාගෙන හදලා අවසන් කරා. ඊට පස්සේ මම සැර අවුකූටකේ මැදින් දෙවනි ගල් කොරියටත් ළඟා වුනා .


මම ඒ ආපු කිලෝමීටර 10 ම මග දිගටම මට අර මහත කෙල්ලව නිතරම මතකෙට ආවා . ඒකිගේ ඩිජිටල් වොයිස් එක . ඒ බෝල ඇඟිලි තුඩුවල ස්පර්ශය . ඒ හැම දෙයක්ම මගේ හිතේ නොමැකෙන්නම තැන්පත් වෙලා තිබුණා .ඉතින් මම දිගින් දිගටම ඒ මහත කෙල්ල ගැන හිතුවා .


ඔය විදිහට මහත කෙල්ල ගැන හීන දකිමින් මම දෙවනි ගල් කොරියට ඇතුළු වුනා ! .හැම ගල් කොරියකටම ආවේණික සුපුරුදු ගල් කුඩු සුවඳ සමගින් හමාගෙන එන දූවිලි සුළඟ එතනදීත් මම හද පුරාම විඳගත්තා . ඇස් දෙකම දැවිල්ල ගන්නත්. මුළු ඇඟම කසන්නත් පටන්ගත්තා .! ඒත් බාරගත්ත වැඩේ අවසානයක් වෙනකල්ම මට විවේක ගන්න බෑ . මම ඉතින් ගාට ගාට ගිහින් එතන තිබුණු ඔෆිස් එකට ඇතුළු උනා ..දොර ලඟම සිකුරුටි මහත්තයෙක් !

" මම ආවේ ඔයාලගේ කම්පියුටර් ටික සෙට් කරලා දෙන්න මම අනිත් ගල් කොරියේ නම් කම්පියුටර් ටික හරිගස්සලයි ආවේ" ..මම මගේ අයිඩී එක එතන ආරක්‍ෂක නිලධාරියාට පෙන්වන ගමන් කීවා !

" ! මහත්තයා යන්න ඇතුළට .. ප්ලාස්ටික් වලින් නිමවාපු වටිනා කියන දොරක් ඇරලා එයා මට ඇතුළු වෙන්න ඉඩ දුන්නා !


මම නැවත වැඩ පටන්ගත්තා . කාඩ්බෝඩ් පෙට්ටිවලට වෛර බඳින ගමන් . මම ඒවයේ තිබ්බ පරිගණක එළියට ගත්තා .මේසවල යට හිටපු මකුළුවන්ට කුණුහරපෙන් බනින ගමන් .වයර් හයිකරන්න බිම දිගේ මේස යට බඩගෑවා ..කිලෝ ගණං බර CRT මොනිටර උස්සාගෙන මම කාමරෙන් කාමරේට ගියා ..අන්තිමටම .නෙට්වර්ක් කේබල් ටික සවිකරලා මම මොහොතකට සැනසුම් සුසුමක් හෙළුවා . ඒත් මොහොතකටම විතරයි.

ඊළඟට මම මේ නෙට්වර්ක් කරපු ආයතන දෙක එකට සම්බන්ධ කරන්න උත්සාහ කලා .ඒත් ..!! ඇත්තමයි ඒ මොහොතේ මට තරු පෙනුණා !!

මම කලින් නෙට්වර්ක් එක හදලා ආපු ගල් කොරියෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ . කිහිප වතාවක්ම උත්සාහ කළත් මට ඒ නෙට්වර්ක් එක සම්බන්ධ කරගන්න බැරි උනා ..ඉතින් මම තීරණය කලා මේ පරිගණක ටික මෙහෙම්ම තියෙන්න ඇරලා . ආයෙමත් කලින් නෙට්වර්ක් එක හදාපු ආයතනය වෙත යන්න ..මොකක්ද චරද කියලා හොයලා බලන්න .


ආයෙමත් ගිනි කූටක අවුවේ පිච්චෙමින් ගල්කුඩු සුවඳ විඳිමින් මට ආයෙමත් දහ දුක් විඳින්න වෙනවා . ඒත් ඒ සේරම දුක් ගින්දර අමතක වෙනවා එතන ඉන්න අර ඩිජිටල් කටහඬ සහිත මහත කෙල්ලව මතකෙට එනවිට .ඉතින් මම දූවිලි පිහදාගෙන යන්න සූදනම් වුනා !

"මේ පරිගණක එකක්වත් ඕෆ් කරන්න එපා මම ආයෙම එනවා !

එතන හිටි එකම පුද්ගලයා වෙච්ච ආරක්‍ෂක නිලධාරියාට මම අවවාද කලා !
බයික් එකට නැගිලා නැවතත් පළමු ගල් කොරිය බලා පිටත් උනා ..වෙලාව දවල් එකට විතර ඇති . ඉර හරියටම මගේ ඔළුවට උඩින් ..හෙල්මට් එක දාගෙන හිටියත් බයික් එකේ ගමන් කරමින් හිටියත් මගේ කම්මුල් දිගේ දාඩිය බේරෙන්න පටන්ගත්තා .හමාගෙන එන හුළඟත් ගින්දර වගේ රස්නෙයි ..තවත් මට ඉවසන්න බෑ ..


මම උදේ එනකොට පාර අයිනේ හිටපු හරක් දැන් බඩ පිරින්න කාලා ගස් හෙවන් වල දිග ඇදිලා . උනුත් මම තරම් මෝඩ නෑ ! ඒකටත් එක්ක මම ! මේ මහ අවුවේ වැඩ කරන්න තරම් මම මෝඩයෙක් !. ඒත් රැකියාවට ආපු මුල් කාලේ ඕව මට පෙනුණේ නෑ ..ජොබ් එක ඔළුවේ තියාගෙනයි මම වැඩ කලේ.

පාරේ අයිනේ කුඹුක් ගහක් යට බයිසිකලය නතර කරගෙන තැඹිලි විකුනන අංකල් කෙනෙක්ව දැක්කත් ..තැඹිලි ගෙඩියක් බොන්නවත් සල්ලි එදා මගේ පර්ස් එකේ තිබුණේ නෑ . මම දුප්පත් නිසා නම් නෙවෙයි .වෙන මොනවා හෝ හේතුවක් හින්දා එදා මා ගාව සල්ලි තිබුණේ නෑ ..අහක බලාගෙන යනවා ඇරෙන්න මට වෙන කරන්න කිසිම දෙයක් තිබුනෙම නෑ ..


මම ආයෙමත් පළමු ගල් කොරියට ආවා ..මේ වතාවේ නම් කලින් තරම් හුස්ම ගන්න අපහසුවක් තිබුණේ නෑ .කල් කුඩු දූවිල්ලත් ගොඩක් දුරට අඩුවෙලා තිබුණා ..මමත් ආසාවෙන් ඇතුළේ තිබුණු ඔෆිස් එක වෙතට ගියා ..


මම බලාපොරොත්තු වෙච්ච කෙනා ඒ විදිහටම එතන හිටියා .. මම අර කියපු ඩිජිටල් කඩහඬක් තිබ්බ කෙල්ල ..ඔවු බොලවු ! ඒ මහත කෙල්ල.

"දැන් සේරම හරිද සර්"

හිතයි තවත් තැනකුයි හිරිවට්ටලා යන තරම් සුරතල් කටහඬකින් ඒකි මගෙන් ඇහුවා !

"නෑ මෙහේ මොකක් හරි අවුලක් ..

ඇඟේ පතේ තිබ්බ අමාරුවටයි අවු කූටකේ ඇවිල්ලා මට දැනෙන මහන්සියයි හින්දා වෙන්න ඇති මම පුටුවක ඉඳගත්තා .

"සර්ට මම බොන්න මොනා හරි ගේන්නද ?

"නෑ කමක් නෑ

දිව ගිලෙන්න තරම් තිබහක් තිබුණත් ඒකිව එළියට යවන්න මට හිතුණෙම නෑ ..

"මිස් ඔයාගේ නම මොකක්ද ? ඒ මම

"සර් මගේ නම .චම්පිකා ! සර් ගේ නම ?

"සඳරු"

ඔය විදිහට මම එයාගේ නම දැනගත්තා .... තවමත් මගේ ඉහින් කණින් දාඩිය බේරෙනවා.

"අනේ සර් ෆෑන් එකවත් නෑ නේ ! ඔහොම පොඩ්ඩක් ඉන්න ..

එයා මේසේ උඩ තිබුණු ෆයිල් කවරක් අරගෙන මට පවන් සැලුවා ..

උඹලා හිතනවා ඇති මම මේ බයිලා ගහනවා කියලා නෑ බොලවු නෑ ! ඒකි මට පවන් සැලුවා ඇත්තටම ! මටත් මුලදී නිකම් විචිකිච්චාවක් වගේ ඇතිවුනත් මම කාගෙන හිටියා .මොහොතක් යනතුරු ..

"ඔයා මොන අවුරුද්දෙද ..?

"මම 1987 අවුරුද්දේ සර් !"
  මොහොතේ මට මොනවා හිතෙන්න ඇත්ද ? මේ කෙල්ල මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් .!! ඒත් ඒ බව මූණෙන් කියන්න බෑ . බෝල ගෙඩියක් වගේ මහත සුදුම සුදු මේ කෙල්ල මට වඩා වැඩිමල් කියලා මගේ මෝඩ හිතට ඒත්තු ගන්වන්න මොහොතක් කල් ගතවුණා මොහොතකින් පස්සේ මම හිත හදා ගත්තා. ආයේ මම එයාගෙන් ආදරයක් පතන්නේ නෑ . මගේ හිතේ තිබුණු සේරම හඟීම් අතුරුදහන් උනා .

මම ආයෙමත් වැඩ පටන් ගන්න උන් තැනින් නැගිට්ටා .

"සර් මම කාරණයක් කියන්නම් සර් අමනාප වෙන්න එපා !

මට හීන් දාඩිය දැම්මා ආයෙමත් !!

මේකි මට ආදරෙයි කියන්නවත් යනවද ? "අප්පට සිරි එහෙමනම් මම මේකිව පන්නගෙන යනවා . වයස කීය උණත් කමක් නෑ" මම එහෙම හිතාගෙන දත කට මැදගෙන රෙඩි උනා
" මේ ඔෆිස් එක කම්පියුටර් කරාම මට මෙහෙන් යන්න වෙනවා සර් .මහේ වැඩකරන්න මාව ගත්තේ මාස පහකින් කම්පියුටර් පුරුදු වෙන්න කියලා . ඒත් මට තවම ඉගනගන්න බැරි උනා . ඉතින් මාව හෙට අනිද්දාම අස්කරාවි මම විතරක් නෙවේ අපේ ඔෆිස් එකේ ඉන්න ගොඩ දෙනෙක්ව අයින් කරාවි . මෙහේට කම්පියුටර් පුළුවන් අය අලුතින් ගන්නවා කියලා ලියන මහත්තයා අපිට කිවුවා . මට පුළුවන් පොතේ ලකුණු කරන වැඩ විතරයි සර්" ..

මම ගල් ඉබ්බෙක් වගේ බලාගෙන හිටියා !. මොකුත්ම හිතාගන්න බැරිව ! මේසේ උඩ පෑන් ඉරි අඳිමින් අහගෙන හිටියා..
"අනේ සර් මට බනින්න එපා ! ඉස්සල්ලා සර් මෙහෙන් ගිය ගමන් මම අර ස්විච් එක නිවුවා ! සර්ගේ බයික් එකේ සද්දේ ඇහෙනකොටම මම ආපහු ඒක දැම්මා . දැන් මට සර් මෙච්චර අවුවේ මහන්සි වෙනකොට ආයේ ඒ වැඩේ කරන්න බෑ


රවුටර් එක දිහාට අත දික්කරන ගමන් චම්පිකා කියාගෙන ගියා . එහෙනම් ඒකයි නෙට්වර්ක් එක වැඩ නොකලේ ! ..මම ආයෙමත් පරීක්‍ෂා කළා .දැන් සේරම තිතට වැඩ ..ඒත් මේ කෙල්ලගේ ඉල්ලීම ! මම ඒකට මොකද්ද කරන්නේ .?


මේ දවස් වල මමත් මගේ රැකියාවට පණ දීගෙනයි හිටියේ .මට ඒකත් ඕන . මේ කෙල්ලගේ වචනේ අහක දාන්නත් බෑ ...මමත් ඒකිත් දෙන්නම අසරණයි.
මම පරිගණක සේරම නිවලා දාලා වචනයක්වත් කතා නොකර එළියට බැස්සා ..මට ඒ මොහොතේ කෙල්ලට වැඩිය රැකියාව ලොකුයි. මාස ගාණක් මහන්සි වෙලා හදාපු මෘදුකාංගය අමතක කර දාන්න මට නම් බෑ .ජොබ් එකට ආව අලුතම ලොක්කාගෙන් බැණුම් අහගන්නත් බෑ .මගේ යන්තම් පඩිය නැති කරගන්නත් බෑ . ඉතින් මම මගේ පැත්ත ගැන හිතුවා . චම්පිකා ගැන අමතක කලා ...
අනික් පහුවදා මමත් මගේ ලොක්කත් දෙන්නම ආපහු මේ ගල් කොරියට ආවා . අද ගොඩ දෙනෙක් වැඩ .මමත් මගේ ලොක්කත් . අපිට ලැබෙන්න තිබුණු චෙක් එක ගේනකම් බලාන හිටියා .ඇත්ත අපි ඉල්ලපු ගණන අඩු නැතිවම බින්දු ගණනාවක් යොදපු චෙක් එකක් අපිට ලැබුණා බොස්ට නම් සතුටුයි !! . මොහොතේම බාටා සෙරෙප්පු දෙකක් දාගෙන කොළපාට ගවුමකින් සැරසුණු මහත කෙල්ලක් "චටස් පටස් " ගාමින් එතනින් ඇවිදලා ගියා . ඒ ගියේ චම්පිකා ..


සාක්කුවේ තිබුණු ෆෝන් එක බොරුවට රිං කරපු මම ෆෝන් එකත් කනේ ගහගෙන ලොක්කට සැක නොහිතෙන්න එළියට පැනගත්තා . චම්පිකා එළියේ තිබුණු ටැප් එකකින් මූණ හෝදනවා . මම දැනගත්තා ඒ මූණ හෝදන්නේ මොකටද කියලා . එයා උත්සහ කළේ ඇස්වලින් ගලාපු කඳුළු මගෙන් හංගන්නයි . ඒත් වතුර බින්දුයි , කඳුළු බින්දුයි , චෙක් එකේ තිබුණු බින්දුයි අතර වෙනස මම හොඳට අඳුරනවා ...මට පුදුම දුකක් දැනුණා .එච්චරයි .

"මම ලබන සතියේ අයින් වෙනවා සර්" එයා කියපු දේවල් වලින් අද මට මතක එච්චරයි ..
සතියකින් පස්සේ එයා රැකියාවෙන් ඉවත් වෙලා ගියාලු ..ඒත් ඊටපස්සේ එයාට වෙච්චදේ මට ඉඳලා හිටලා මතකෙට එනවා .. එහෙම දෙයක් වෙයි කියලා හිතෙනවා නම් මම ගත්ත තීරණය වෙනස් වෙන්න තිබුණා ..


මම මේ කතාව මෙතනින් නතර කරනවා . මේ කතාව මග නවත්තලා මෙතනින් එහාට වෙච්ච දේවල් ඔයාලගෙන් වහං කරාට සමාවෙන්න. එහෙම කලේ හේතුවක් ඇතුවයි .යම්කිසි දවසක මගේ ගමේ කෙනෙක් මේ බ්ලොග් එක ගැන දැගත්තොත් එදාට චම්පිකා කියලා මම බොරු නමකින් හඳුන්වාපු මේ කෙල්ලව අඳුරගන්නත් එයාලට පුළුවන් වේවි.. මම දන්න කියන කීපදෙනෙක්ම මේ කතාව ලියන්න එපා කියලා මට බල කලා ..ඒත් මේ තාක් දුරට මම මේක ලිවුවා ..


ඊටපස්සේ මොකද උණේ කියලා මගෙන් අහන්න එපා ! මම කීවේ මේ කථාවේ මම සම්බන්ධ වෙච්ච කොටස විතරයි . අහින්සක කෙල්ලෙකුගේ අඳුරු ජීවිතයක් ආයෙමත් එළියට ඇදලා ගන්න මට ඕන කමක් නෑ . මට තවමත් උදේ හවා මුන ගැහෙන චම්පිකා ගැන මට ටිකක් දුකයි

.දවසක මට හිතුණොත් ආයෙත් මේක ලියන්න.. සත්තයි !! බෙල්ල ගහලා ගියත් මම මේක ලියනවා ..

සඳරු //


Image - http://www.clmartinandsons.com/blastingrockwork.html

64 comments:

hare :-) said...

පික්සු හැදෙයි කිව්වලු. මම හිතුවෙ උඹ ඒ කෙල්ලව කසාද බැඳගනියි කියලා :P ඔය වගේ පොඩි පොඩි ප්‍රේම කතා හැම එකාගෙම ජීවිත අස්සෙ තිබුණට ඒක මේ වගේ ලියන්න නම් හැමෝටම බෑ... උඹේ ලිවිල්ලෙ ගතිය තමයි උඹට දැණෙන දේ වැල්වටාරම් නැතිව අමුවෙන්ම ලියන එක.

අපේ ඔෆිස් එකටත් කොම්පියුටර් ට්‍රේනිං නංගිල එකව හැම මාස 6කටම වතාවක්. ඒක එයාල කෝස් එක කරන ටෙක්නිකල් කොලේජ් වලින් එයාලට ‍ඉගෙන ගන්න දෙන අවස්ථාවක්. උන්ගෙන් සමහරු අපිත් එක්ක හෙනට ෆිට් වෙනවා. ඒත් ඉතිං මාස 6 කින් යනවා...

සුපිරි ප්‍රේම කතාව බං!

කෙල්ල ගැන නම් දුකයි තමයි...

සූර සරදියල් said...

අඩේ ... මොකද?? උනේ ර්‍රට පස්සේ... කියපන්කෝ.. හරි හිත හෑදුනම ලියපන් කෝ

Dinesh said...

ඇත්තමයි සදරුවෝ මෙහෙම අවසානයක් නම් මම හිතුවෙම නෑ.. පව් ඒ අහිංසක කෙල්ල.. ඒත් මලයගේ අතෙත් වරදක් නෑ.. අන්තිමට මල්ලිගේ ආදරෙත් නෑ කෙල්ලගෙ රස්සාවත් නෑ..

Yasantha Hennayake said...

එන්ඩින් එක නම් දුකයි සදරු අයියේ.. ඒ කෙල්ලට සපොර්ට් එකක් දෙන්න තිබ්බා ඔයාට.. හොද යාලුවෙක් විදියට වත්.. අනේ මංදා.. හිතට දැනෙනවා කතාව අසම්පුර්ණයි වගේ..

පන්සල් හංදිය said...

මලයා ඔයා ඔය වැඩේ නොකලත් ඒ අය කාට හරි කියලා ඔය වැඩේ කර ගනියි ....

ඔයා කල දේ හරි ........
දුක් වෙන්න එපා මලයා ....
ඔන්න අද මම පලවෙනියටම ආවා කියලා හිතනවා .........

Anonymous said...

එල එල. දිගටම ලියන්න මල්ලි අපි කියවනවා.
JH-Aust

Hishan de Silva said...

ඔව් බං අනුන්ට හානි වෙන දේවල් ලියන්න තමන්ට අයිතියක් නැහැ. හැබැයි වැදගත් කාරනා වලට විතරයි හොදේ...

"ආයේ මම එයාගෙන් ආදරයක් පතන්නේ නෑ" මේ මොකෝ බං මේ. උඹ යන යන තැන කෙල්ලන්ගෙන් ආදරේ පතනවද? හිකි හිකි...

සරත් ලංකාප්‍රිය said...

කතාවත් හොඳයි.. ගොඩනගල අවසාන කරපු විදිහත් හොඳයි.. එත් ඇත්ත කතාවක් වීම හොඳයි කියල කියන්නේ කොහොමද ?. මේ ගැන දුක් වීමෙන් පලක් නැහැ.. වෙනස් වෙන ලෝකෙත් එක්ක වෙනස් වෙන්න බැරි කෙනා විසිවෙලා යන ලෝකයක් මේක.. කොහොමටත් ඔයාට වැඩිමල් කෙල්ලෙක් එක්ක හාද නොවීම හොඳයි.. එකට හේතු ඕන නම් මගේ බ්ලොග් එකට ඔයාගේ ඒ මේල් එක දාන්න මම උත්තරයක් එවන්නම්...

සාතන් said...

පොඩි කුප්පි‍යක් දෙකක් දැම්ම නම්... උඹේ රස්සාවත් ගොඩ... ඒකිගෙ රස්සාවත් ගොඩ... දැන් ඉතිං කරන්න දෙයක් නෑනෙ බන්...

තම තමන්ගෙ ජීවිත වල වෙන දේවල් වලට වැරදි තමුන්මයි... ඒ කෙල්ලගෙ ජීවිතේට මොනව වුනත් ඒකට උඹ වැරදිකාරයෙක් නෙමෙයි මචන්...

Anonymous said...

hmm....aiyo... e lv ekath close neda?...paw e grl..aiyath weradi na ithin...ayemath me kathawa sampurnayen liwimata sadaru aiyata sithak pahala wewaaaaa.....................

Dakshina said...

මචං... උඹට ඔතනදී කිසිම වරදක් කියන්න බැහැ. මොකද අපි හුඟක් වෙලාවට බලන්නේ අපිව ආරක්ෂා කරන්න. ඒක මනුස්ස ස්වභාවය. මම වුනත් ඔය තැන හිටියානම් කරන්නේ ඒක තමයි. හැබැයි මචං මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා.

කම්පියුටර ඉගෙන ගන්න උඹට ඒකිට උදවුවක් කරන්න විදිහක් තිබු‍ණේ නැත්ද? මං අහන දේ ප්‍රායෝගික නොවෙන්න පුලුවන්. ඒත් ඒ කෙල්ලට පොඩ්ඩක් ඒ උදවුව කරානම් රස්සාවත් බේරිලා අවශ්‍ය දැනුමත් ලබා ගන්නවා නේද? මම දන්නෑ මේක උඹේ පැත්තෙන් කරන්න පුලුවන් දෙයක්ද කියලා.

නචියා said...

සිරා කතාව මචං.... උඹට කරන්න දේකුත් නෑනෙ ඉතින්.. උඹගේ ජොබ් එක රැක ගන්නත් ඕනෙනෙ. උබ කරපු දේ හරි.. පව් ඒ කෙල්ල.. ඒත් කරන්න දෙයක් නෑනේ..

උඹට හිතුනොත් විතරක් ඉතුරු ටික ලියපන්. නොලිව්වත් අවුලක් නෑ..

ජය වේවා...!!!

කේෂාන් De சில்வா said...

​අපි ඡිවත් වෙන ලෝකෙ කොච්චර විෂමයිද???? කෙනෙක් සතුටු වෙනකොට ඒක නිසාම තවත් කෙනෙකුට දුක් වෙන්න වෙනව....

උඔට තිබුනනෙ බං ඒ කෙල්ලට උගන්නල Job එක සෙට්කරල දෙන්න.. මම වැරදිද මන්ද?? මගේ මොඩ මොලේට ආපු දෙයක් කිවුවෙ...

නදී said...

අසාධාරණයි,අවසානය බලන්න නේද අපි මෙච්චර කල් බලාගන හිටියෙ,කුතුහලය ඇතිකරල කතාව නිමා කරල.:(

Bindi said...

ඉඳගෙන ඉන්න පුටුවෙනුත් උස්සලා පොලවේ ගහන ගතියක් තියෙනවා මේ කතාවේ . මොනවා කියන්නද මන්දා . ටිකක් කලබලෙන් මේ ලියන්නේ . හවසට දිග කමෙන්ටුවක් දෙනකන්

Anonymous said...

ඔයාගේ පැත්තෙන් ඔයා වරදක් කරලා නැහැ. ඒත් ඒ කෙල්ලනම් පව් තමයි. ඒත් ඉතින් මොනව කියලා කරන්නද.....

පිණිබිඳු... said...

ඔයාගෙ වැරැද්දක් නෑ සඳරු. ඒත් දුකයි කතාව කියවගෙන යද්දි. අවසානය වෙනස් උනා නම්. ඒ කියන්නෙ කෙල්ලගෙ රස්සාව නැතත් පරස්තාව හරි.

රන් සමනළියක් said...

මේ සදරු ඔයා ඒ ළමයට කම්පියුටර් ඉගැන්නුවා නම් ඉවරයි නේ.එතකොට මෙහෙම දෙයක් වෙන්නේ නැනේ.ලොකු දෙයක් නෙමේ නේ.ඔෆිස් පැකේජ් එකනේ.අපි කොච්චර කිවුවත් තාම අපේ රටේ හැමෝටම සමාන විදියට පහසුකම් දෙනවා නම් මෙහෙම වෙන්නේ නැනේ.ඉස්කෝල වලදි හැමෝටම පරිඝනක උගන්නනවා නම් ඉවරයිනේ.

හා පැටික්කි (MS) said...

අනේ මංදා සඳරු.......
එයාට තිබුනා ඕක ගැන දන්නවනම් පොඩ්ඩක් හරි කම්පියුටර් ඉගෙන ගන්න උත්සාහයක් දරන්න. අනේ මංදා..... ඔයා කලදේ හරි. ඔයා කලේ ඔයාට පැවරුන වගකීම.

සංකල්ප said...

අප්පච්චියේ මාරම දුක සීන් එකක් නේ. ඒ ගෑනු ළමයට කම්පියුටර් ඉගෙන ගන්න එච්චරම අමාරු උනේ මොකද ? පව් අප්පා.

මේක ආදර කතාවකට වැඩිය හිතන්න තියෙන කතාවක්.

(අර ගෑමු ළමයා 87හේ කියලා නේද කිව්වේ ? මගේ ඉහේ මලක් පිපුනා වගේ.... :))

රත්ගමයා said...

ඊට පස්සේ මොකෝ උනේ..මැදෑ නතර කරානේ...
ඔහොම තමා ඉතින්..වැඩ පුලුවන් අයටනේ රස්සා දෙන්නේ..බැරි අයට දෙන්නේ නෑ නේ./..
සදරු අයියට තිබ්බේ ටිකක් ටෝක් කරලා කෙල්ලට ( නෑ නෑ...අක්කට..) කොම්පියුටර් උගන්නන්න...ගෙදරට එහෙම එන්න කියලා පොඩ්ඩක් කියලා දූන්න නම් හරි නේ

මකුළුවා..... said...

කරන්න දෙයක් නෑ මචං...සමහර තැන් වල අමාරු තෝරා ගැනීම් සිද්ධ කරන්න වෙනවා.උඹේ වැරැද්දක් නෑ.අනික ඒ කෙල්ල උඹ හොඳටම දන්න කෙනෙක් නම් උදව්වක් කරත් අවුලක් නෑ.උඹ එදා ඔය නෙට්වර්ක් එක නොහැදුවා නම් වෙන කවුරු හරි ඕක කරනවා.එදාටත් ඒ කෙල්ලට ජොබ් එකෙන් යන්න වෙනවා....ජීවිතේ ඔහොමයි.....

Praසන්ன said...

කතාවනං උපරිම විදියට ලියල තියෙනව සඳරු මලේ.
දුකයි තමයි ඉතිං උඹ ඒ කෙල්ල අරං ගියත් ඒ කෙල්ලට කන්න අඳින්න දෙන්න රස්සාවක් තියෙන්න එපැයි. එහෙම නැතිඋනොත් එදාට ඔය කෙල්ල ඔයාට පවං ගහන්න එන එකක් නෑ.

සමනළී... said...

මොනා කියන්නද කියල හිතා ගන්න බෑ....දුකය්...:(

හසී said...

හ්ම්ම්ම්.......... :(

ලකී සිරි said...

අනේ අපොයි..වෙච්චි දේට ඉතින් දැන් මොනවා කරන්න ද?
දැන් දුක ඔය ගෑනු දරුවා ඔය කතාව ඔයාට කිව්ව නිසානෙ...අපි නොදැන අපි අතින් මොන තරම් දේවල් වෙනවද ? ඒවා හරිද වැරදිද කියලා මනින්න ක්‍රමයක් නැහැ කියලයි මට හිතෙන්නෙ...

කිඩෝ said...

කතාවෙනං වරදක් නෑ වෙන කෙනෙක්ගෙ පෞද්ගලිකත්වයට හානියක් වෙනවනං ඉතුරුටික නොදැම්මත් අවුලක් නෑ ඒත් අර බොස් ඉස්පංචියක් කන්න කියලා දීපු සල්ලි වලට මොකක්ද කලේ?

රවින් said...

අයියෝ දුක හිතෙන අවසානයක්නේ.. මොනවා කරන්නද සඳරූ (මම අද තමයි වයස දැන ගත්තේ උඹේ.. ඉතින් මචං කිව්වට අව්ලක් නෑ නේ.) ගොඩාක් අය කමෙන්ට් කරා වගේ ඕක උඹ කරේ නැත්තන් වෙන එකෙක් කරනවා. උඹේ වැරද්දක් නෑ.. මේ ලෝකේ හැම දෙයක්ම අපට වෙනස් කරන්න බෑ බං.. කතාව දැන ගන්න ආසයි, ඒත් අන්තිම හරියේ උඹ ලියලා තියෙන දේවල් වල හැටියට මේකට ගොඩාක් දුක්බර අවසානයක් තියෙනවා වගේ..

තාරක Dilsh@n said...

උඹ ඕක හදල නොදුන්නට තව කවුරු හරි හඳල දෙනවනේ. එතොකොට කොහොමත් කෙල්ලට ජොබ් එක නැතුව යනවා. එහෙම නොකලොත් ඊට කලින් සඳරුගෙ ජොබ් එක නැති වෙන්න තිබ්බා..

හීනියට.... said...

ලව්...ඉලව්...හම්බුවෙන එවුන් රිලව් කිව්වලු.......
මේකා ගමෙන් බාගෙකටම ප්‍රේම ජවනිකා දාල වගේ නේ....

මනුසත් said...

හරිම දුක හිතෙන කතාවක් මචන්. හිතට මාර විදිහට වැදුනා. ලොකු දුකක් දැනුනා. උඹත් අසරණයි ඒ කෙල්ලත් අසරණයි. කවුද වැරදිකාරයා මචන්?

කතන්දර Kathandara said...

වෙනස් වෙන පරිසරයට අනුරුපව වෙනස් විය නොහැකි ජීවියෙකුට පැවැත්මක් නෑ!

jhothishalanka said...

කතාව කියවපුවහම මටත් හරි දුක හිතුනා.කෙල්ල පවන් ගැහුවැයි කියන කතාව මටනම් විශ්වාස නැහැ.සදරුගෙ බ්ලොග් එකේ විශ්වාස කරන්න බැරි එකම තැන කෙල්ල සදරුට පවන් ගහපු කතාව තමයි.එයා ඒ වගේ දෙයක් කළා නම් ගෑනු ළමයින්ට දැක්ක ගමන් හිත යන ලස්සන රූපයක් සදරුට තියෙන්න ඕන

networkdisa said...

හෆ්‍ෆා මාර සීන් එකනෙ. උබ හොද නෑ බං. කෙල්ලට Network එක Administrate කරන්න උගන්වල (ඕක ඉතින් එච්චර දෙයැක්යැ)උබත් එතන network එක ගහල ආවනම් ඉවරයිනෙ.කෙල්ලට ජොබ් එකත් තියනව,උබට ලව් එකත් තියෙනව.

Technical problem: මට කියහන්කො කොහොමද උබ ගල් කොරි දෙක එකට කනෙක්ට් කලේ කියල.

හිස් අහස said...

@hare :-)= අපෝ මචං ඒ වගේ වයස වැඩි කෙල්ලෙක්ව බැන්ඳොත් මගේ නන්දා මාව ගහ ගහ පන්නයි .අපේ නැන්දා මචං හෙන තද හිත් ඇති ගෑනි .බිහිම ස්තූතියි උඹ වගේ මගේ ප්‍රියතම බ්ලොග් ලියන්නෙක් දීපු ප්‍රසන්සාවට ..මම එක සැරරයක් උඹ වගේ ලියන්න ට්‍රයි කලා ඒත් මට බැරි උනා ..
......................................................................................................................................................
@සූර සරදියල් = ඊට පස්සේ වෙච්ච දේවල් ...හ්ම්..ටික දවසක් දියල්ලකෝ කට්ටියට මේ ඌස්නේ අමතක වෙලා ගියාම හෙමීට කියන්නම් ..
......................................................................................................................................................
@Dinesh = මම නැතත් ඒකිගේ ජොබ නැතිවෙනවා අයියේ .මොනා කරන්නද මේක නෙවෙයි අවසානය .ඒක ලියන එක හරි මදි ..
......................................................................................................................................................
@චතූ = කතාව අසම්පූර්නයි මල්ලි ..ඒත් ඒක සම්පූර්ණ කරන්න ගියොත් මගේ ගමේ මිනී දෙකතුනකුත් මැරෙන්න බැරි නෑ ..කවුද දන්නේ මේක ගමේ කවුරුහරි කියෙවුවොත් ..!
......................................................................................................................................................
@කල්හාර දිසානායක = ඔයා හරි මම නැත්තං මුං මගේ බොසාටම කියලා වැඩේ කරනවා ..ඔයා පස් වෙනියා මචෝ !!
......................................................................................................................................................
@JH-Aust = මේ ඔයාගේ නමද ? මම ලියන්නම් බොහොම ස්තූතියි මෙහේ එනවට ..
......................................................................................................................................................
@Hishan Melanga = අනේ මන්දා බං මටනම් ලස්සන කෙල්ලෙක් දැක්ක තැන ආදරේ හිතෙනවා !!වයසේ වැරැද්ද වෙන්න ඇති ගනං ගන්න එපා බං ..මේක ලියන එක හරි මදි බං ..මොනවා හරි උනොත් අරකෙල්ලට ගමට මූන දෙන්න බැරි වේවි .
......................................................................................................................................................
@සරත් ලංකාප්‍රිය = මම ඊමේල් එක දෙන්නම් මචං ..වැඩිමල් කෙනෙක් එක්ක හාද උනොත් මගේ නැන්දා මාව ගහ ගහ පන්නනවා සිකුරුයි එයා තමා මාව පාලනය කරන්නේ ..
......................................................................................................................................................
@සාතන් =මට ඒ කාලේ ඒක හිතුනේ නෑ බං . හැබැයි ඉතින් මට ඊටපස්සේ නිතරම එයාව හමු උනා .දැනටත් ඉන්නේ මම වැඩ කරන තැනට මීටර කිහිපයක් එහායින් .මම වැරදි නෑ ..මමත් ඒක දන්නවා මචං .ඔන්න ඔහේ ඉතිරියත් ලියා දාන්න හිතෙනවා ..ඒත් ..
......................................................................................................................................................
@Anonymous = අනේ ආයේ ලියන්න බැ බෑ වගේ .මොකද කීවොත් ඔයාලත් මමත් අහන්න අකමැර්ති දෙයක් තමයි ඒකේ තියෙන්නේ .මම වෙන මොනා හරි ලියන්නම් ..ස්තූතියි .
......................................................................................................................................................
@Dakshina = උදවු කරන්න තිබ්බා ..ඒත් මට ඒක යන්තමටවත් කල්පනාවට ආවේ නෑ , අනික බං අපේ බොස් උගන්වනවට සල්ලි ඉල්ලනවා . මම ගාව සල්ලිත් නෑ .අනික ජොබට ගිය අළුත බොසා එහෙම දැනගත්තොත් මාව ගහලා පන්නවි කියලා හිතුනා .ඒක මගේ පැත්තෙන් කරන්න පුලුවන් කම තිබුනා ..ඒත් බෑ කියලා හිතුනා .
......................................................................................................................................................
@නචියා = ස්තූතියි මච්ං .ආයේ ලියලා දාලා බ්ලොගේ හිට්ස් වැඩි කරගන්න පුලුවන් කම තිබ්බට ඒකෙල්ලගේ ගැනත් අවදානමක් ගන්න බෑ . එනින් එහාට වෙච්ච දේවල් මම ලීවොත් උඹලා මටත් බනීවි . පලු ගැලවෙන්න ..ඇයි ලීවේ කියලා ..ජය වේවෝ!!
......................................................................................................................................................
@කේෂාන් De சில்வா= අනේ කේෂාන් මචං ඒකිට ජොබ් සෙට් කරන්න තියා මට තාම ජොබක් හොයාගන්න බැරිව ගියා !හැබැයි බං ඒකි ජොබක් හොයාගත්තා . මම වැඩ කරන තැනට ලඟින්ම .ඒත් ඉතින් මොනා කරන්නද ? උඹගේ අදහස මටත් එදා ආවා ඒ අදහස කොහෙද බං මෝඩ ?..අපරාදේ දැන් වගේ නම් මම මොනාම හරි කරනවා .

හිස් අහස said...

@නදී = සොරි නදී මම මොනවා කරන්නද .. ඒ බෝල ගෙඩියක් වගේ කෙල්ලට ලොකු කරදරයක් උනා ඒක මම ලියුවොත් ඔයා මට බනීවි ඇයි ලිවුවේ කියලා ..
......................................................................................................................................................
@Bindi= දිග කමෙන්ටුවක් නැතත් මම අමනාප නෑ බින්දි .ඔයාල යන එන බව කමෙන්ට් නොකරත් මට පේනවා . ඔයා මට ලියාපු කවිය නම් පට්ටයි ඈ .පුටු කඩන්න එපා !! අපරාදේ
......................................................................................................................................................
@කොට ජීවිතේ = අනේ කාලේ වනේ වාසේ නේද අක්කේ .? කෙල්ල නම් පවු අප්පා ! බෝල ගෙඩිය වගේ !
......................................................................................................................................................
@පිණිබිඳු. = අනේ ඒ කෙල්ල මට සැට් උනානම්..! අනේ මන්දා මට නිකම් අක්කා කෙනෙක් එක්ක ප්‍රේම කරන්න නිකං මේ අර මේ අර...ලැජ්ජයි වගේ .. අපෝ බෑ !
......................................................................................................................................................
@රන් සමනළියක් = ඒකිට පරිගණක උගන්වන්න ගියොත් බොසා සැක හිතනවා රැකියාවට ආපු මුල් දවස් වලම කාඩ් කුඩු කරගන්න මට ලැජ්ජයි අනේ .ඒක නිසා මම බෑ කීවා . අනික මම උගන්වන්න ගියේ නැති එකම තමයි හොඳ නැත්තම් මෙලහකට දරු මල්ලොත් මට ඉන්නවා .
......................................................................................................................................................
@හා පැටික්කි = මම එයාට උගන්වන්න ගියානම් එතන ඉගනීමට වඩා ආදර අන්දරයක් ගිහිල්ලා මම ඒ මහත කෙල්ලට යටවෙලා මාව චප්ප වෙලා .අද හිස් අහස කියලා බ්ලොග් එකක් නැති වෙලා . එයා වැන්දබු වෙලා මම මැරිච්ච තැන් වල ගසුත් නැති වෙන්න ඉඩ තිබ්බා ..හාවි
......................................................................................................................................................
@මධුරංග = ගෑනු මොලේ හැන්දේ සයිස් කියනවා නේ අයියේ . අපේ ගමේ කෙල්ලන්ට පරිගණක ඉගනගන්න බෑ පෙවුවත් බෑ උන්ට පුලුවන් උයන්න පිහන්න පමනයි .හි හි .. කෙල්ල අසූ හතේ බං ..උඹට කියන්න බෝල ගෙඩියක් වගේ මහතයි ..පට්ට සුදුයි .මාර බරයි ! සීදේවි කෙලි පොඩ්ඩ ..උඹ දැන් පමා වැඩියි මගෙ අයියේ !
......................................................................................................................................................
@රත්ගමයා = ඊටපස්සේ මොකෑ උනේ කියලා කියන්න බෑ බං ... මම ඒ අක්කිට පරිගණක උගන්වන්න ගියානම් අද මට දරු පවුලක් ඉන්නවා .! මට එහෙනම් මේ වෙනකොට පවුල් බර දැනිලා .මම මියගිහිං ..ඇයි බං ඒකි තරබාරුයි නේ ..
......................................................................................................................................................
@ශාන් = ජීවිතේ හැටි ..මම හිතලා මතලා කරපු දෙයක් නෙවේ බං අනේ මන්දාඅ ඒ සේරම නිකං ඔටෝ මැටිකලි තමයි උනේ .මම වැඩේ නොකලා නම් බොසා හිතන්නේ මම කැඳයෙක් කියලා .බොසා තනියම හරි ගෙහිල්ලා වැඩේ කරලා එනවා .
......................................................................................................................................................
@Praසන්ன = ඔයාගෙන් ලැබෙන ප්‍රථිචාරය මට රටක් වටිනවා .මොකද දාහක් වදන් එක වචනෙකින් දෙකකින් කියන කෙනෙක් තමා ඔයා ! ..ඒ බතල කෙල්ලට කන්න දෙන්න මම දැන් ගන්න පඩියෙනුත් බැරිවෙයි අයියේ ..ඒකි මාර තරබාරුයි ! හැබැයි අනේ සීදේවි

හිස් අහස said...

@තටු සිඳුනු සමනළියක් = මම කියන්නද වැඩක් ..කන් දෙක වහගෙන "හූ" කියන්න :)
......................................................................................................................................................
@හසී = බස්සි ..ආ මේ.. සුදු පුංචා මතක් කලා කියන්න
......................................................................................................................................................
@Luckey = මට දුකක් නම් නෑ මචං ඒ දවස් වල නම් ටිකක් දුක හිතුනා ..ඒත් ඒක දවසකින් දෙකෙන් පහ වෙලා ගියා ..ඒකිගේ සියාවන්ත මූන පෙන්නලා මාව දැලේ දාගන්න ගියාදෝ කියලත් මට හිතුනා ..නෑ එහෙම නෑ ඒකි අහින්සකයි ..අනේ මන්දා කෙල්ලෝ නම් ..
......................................................................................................................................................
@කිඩෝ = ඒ කාලේ මම සිගරට් බොනවා නහුතෙට .මම ඒ සල්ලි වලට ඉස්පන්චි කෑවේ නෑ . මම සිගා ගැහුවා ..දැන්නම් ඒවා අවසන් ..! උඹට විතරයි ඒක මීටර් උනේ ..!
......................................................................................................................................................
@රවීන් = අඩෝව්..! මචං කියාලා කීවොත් කට කපනවා .. නෑ නෑ බං ඒක විහිලුවක් .. උඹලා මට ඕනා දෙයක් කියලා කතා කරපල්ලා ..මම 89 යේ ..කතාව මචං දුක් බර නෙවෙයි අමානුෂිකයි කියලා තමයි කියන්න වෙන්නේ . ඒවුනාට දැන් ඒවා ආයේ ලියට අදින්න මට අයිතියක් නෑ වගේ .. බලමු හිත්නොත් අම්මපා ලියනවා හැඳි ගෑවිලා යන්නම් කියලා ....ස්තූතියි මචං ආව ගියාට ..
......................................................................................................................................................
@තාරකDilsh@n = නොකරොත් අපරාදේ මහන්සිය .අනික බොසා මාව කැඳයෙකුගේ ගානට දානවා .මම කරන ජොබ් එක එදා මම නැති කරගත්තා නම් අද මම අමු IRC කාරයෙක් වේවි කියලා අම්මා කියනවා
......................................................................................................................................................
@Heeniyata = අපෝ නෑ බං මට හිත ගියේ හතර දෙනෙකුට විතරයි අනික අයට ඇතිවුනේ නිකම් ආසාව විතරයි . ..මම පුදුම අයින්සක කොල්ලෙක් .සත්තයි..
......................................................................................................................................................
@මනුසත් = ඔයාව එහෙනම් ආයුබෝං කියලා පිලිගන්නවා ..මම දන්නේ නෑ බං සමහරවිට වරද මගේ අතේම වෙන්න ඇති ..මම කොහොමත් කතාව ලියද්දී මම අතින් වෙච්ච පොඩි වරදක්වත් ලියන්නේ නෑ බං ..ස්තූතියි අදහසට /
......................................................................................................................................................
@කතන්දර කාරයා = අදහස් ගොන්නකට ප්‍රථිචාර දැක්වූවත් ඔයාගේ අදහසට මොනා කියන්නද කියලා ම තවම හිතනවා ..ඔයාගේ බ්ලොගෙන් මගේ බ්ලොගේ වෙත ආපු සෙනග අදනම් අති විසාලයි ..
......................................................................................................................................................
@JHOTHISHALANKA = නෑ නෑ සත්තයි මට ඒකි පවන් ගැහුවා ..මම කොහොමත් සුදුම සුදු ලස්සන කොල්ලෙක් .හරිද කෙල්ලෝ මාව දාගන්න පොරකනවා මට පාරක බැහැලා යන්න බෑ කෙලෝ සහ උන්ගේ අම්මලා ආච්චිලා මාව වැලඳ ගන්න දිව එනවා ..මොනා කරන්නද බං ...නෑනැ සිරාවට මම හැන්ඩියා ලු ..කට්ටිය එහෙමයි කතා වෙන්නේ .. මමත් එහෙමයි හිතං ඉන්නේ
......................................................................................................................................................
@Networkදිසා = නෑ නෑ බං මම ලොකූ නෙට්වර්ක් එකක් නෙවේ ගැහුවේ .නිකම් පරිගණක ටික ෂෙයා කරලා අපේ සෙෆ්ට් වෙයාර් එක දානවා . ඊටපස්සේ ඒකෙන්ම පුලුන් ඒකයි මේකයි සම්බන්ධ කරගන්න ..මම නෙවේ සොෆ්ට් එක හැදුවේ මගේ බොසා ..මම බොසා පරද්දලා යන්න තමයි උඹගෙන් නෙට්වර්ක් ඉගනගන්නේ ..ඕං පුතෝ පාඩම නවත්වන්න නම් එපා !!

Anonymous said...

මචං උමට තිබුනා බං ඒ කෙල්ලගේ අගේ එතෙන අයට කියලා දීලා... අඩුම ගානේ පොඩි පුහුණුවක් දීලා හරි ඒකිට රස්සාව කරගන්න දෙන්න.

වෙලාවකට උඹ මහ ආත්මාර්ථකාමීයි බං. මතක තියා ගනින් අපි කෙනෙකුට දුකක් දුන්නොත් ඒ සීන් එක අදාල කෙනාට වැඩිය අපිට වද දෙනවා කියලා....

දේව් ගේ අඩවිය said...

කතාවේ ඉතුරු කොටස ලියනකන් බලාන උන්නට සදරු මෙහෙම වෙලා ඇති කියලා නිකමටවත් හිතුනේ නැනේ මට... දිගටම ලියන්න මල්ලි... ඇත්තටම මම එදා කරපු දේ ගොඩාක් හරි කියලා හිතෙනවා.. හැමොටම එහෙම වෙන්න බැ ඔයා වගේ

මහිම මදුරංග said...

kiyanna deyak nee kollo ube liyamana genanam edaa kiyapu ekama thamai kiyanna thiyenne

තිශ් said...

මචං සඳරු, උඹගේ ජීවිතේ සුන්දර නෑ කියල මම මේ බ්ලොග් එක කියවන මුල් දවසේ ඉඳං දන්නව.රස්සාවක් වෙනුවෙන් උඹ මුල් කාලේ විඳපු දුක දැන්නම් ඒ තරම්ම නැතුව ඇති.බොසාගේ දෙමුහුන් රථයෙන් යද්දී උනත් උඹට අමතක වෙන එකක් නෑ ඔය ටික.අම්මෝ බං උඹේ ජීවිතේට හම්බ වෙලා තියන චරිත ගොඩ.. ඔය හැම එකක්ම මතක තියාගෙන ඉන්න උඹ External Mind එකක්වත් පාවිච්චි කරනවද?මොනවා උනත් කතාව පට්ට.. හැමෝම කියනවා වගේ උඹ ලියන විදිය වෙනස්.කියවන්න කම්මැලි නෑ අකුරු පොඩි උනත්,කොච්චර දිග උනත්.. උඹට අවුලක් නැත්තන් අක්කගේ චම්පිකාගේ ජීවිතේ ඉතුරු හරියත් දාපන්.. මොනවා උනත් ඒකි පවු...

Podi Kumarihami said...

මේ කතාවේ පිටුපසින් පෙනෙනා දෙයක් තමයි සඳරූ ඉක්මනට ආදරේට පෙළඹෙන කෙනෙක් බව. විශේෂයෙන් ලස්සන කෙල්ලක් දුටු තැන.

යන, යන තැන කෙල්ලෝ කීවොත් සැර වැඩී නේද?:D මොනවා කරන්ටද ඔහොම තමයි මාර හැන්ඩියෝ උනාම...කතාව ලස්සනට ලියලා තියනවා සඳරූ...

Bindi said...

ඔන්න මන් ආයිත් ආවා . කොවුර්ගේ පොත් කියවල අන්තිම මිත්‍යා දෘෂ්ටිකයෙක් වුනාට කසාදෙට නම් අර ''දයිවය''ද මොකක්ද එක බලපානවාමයි කියල තරයේ විශ්වාස කරනවා. ''අහසේ ..පොලවේ...වතුරේ මොන ලෝකේ හිටියත් වෙලාව ආවම ගැලවෙන්නනම් බැහැ මයි මලේ.''මට නම් හිතා ගත්ත හැකි ඉතුරු හරිය. ඔහොම තමා ජීවිතය . පව් කියනවා හැර ඔයාටත් කරන්න දෙයක් නැහැ. මේකත් අර අලි ප්‍රශ්නේ වගේම තමයි. විසදුමක් නැහැ.
ගම පළාතේ කෙල්ලන්ට කොම්පියුටර බැහැ උයන්න විතරයි කියන කතාවට නම් මගේ තදබල විරෝධය . මෙහෙ ගොඩක් ගෘහ සේවිකාවෝ ..රෙස්ටුරන්ට් වල ඉන්න ළමයි පාට් ටයිම් ඉගෙන ගන්න අය. ඒ රැකියාව දිහා වපර ඇහින් නොබලන නිසා. අපිටත් ඒ ආකල්ප අවශ්‍යයි . එහෙම වුනා නම් චම්පිකාට වුනත් උදේට ගෙදරක උදවු කරලාහරි හොයන පඩියෙන් හවසට ඔයාගේ කොම්පියුටර ඉගෙන ගන්න තිබ්බා.
[ලස්සන හීනයක් නේද . ඩයට් ප්ලැන් එකක් දාලා කෙට්ටු කර ගන්නත් තිබුනා ]

Unknown said...

උබ නම් එලකිරි කොල්ලෙක්

දුකා said...

මොකක් කියන්නද කියලා හිත ගන්න බෑ සඳරු.
ඔයා වැරදිත් නෑ. ඒ කෙල්ලත් පව්.
සමාජයේ මේ ඇති නැති පරතරේ වෙනස් වෙන දවසක් එනකම් හීන මවනවා ඇර අපි වෙන මොනව කරන්නද මල්ලී.
උඩුගංබලා පීනන එක ලේසි නෑ . . පීනනවනම් මැරෙන්න හරි බලාගෙන කරන්න ඕන. ඒකත් කරන්න පුලුවන්ද? අනෙක් අය හින්ඳවත් අපි ජීවත් වෙන්න ඕන නේද? හරිම ඛේදවාචකයක් සඳරු. අහ් ලස්සනට ලියල තියෙනවා කියලත් කියන්න ඕන

Ravi said...

උඹ හොඳම කෙටිකතා කාරයෙක් මල්ලි,දක්ෂ කෙටිකතා කරුවෙකුගෙ ලක්ෂණ තමයි, ඉතාම නොවැදගත් කියල අපිට බැලූ බැල්මට හිතෙන සුලු සිද්ධියකින් හදවතට කතාකරන නිර්මාණයක් කරන එක.

දැන් මෙතන බැලුවොත් උඹ රාජකාරියකට ගල්කොරියට ගියා. කෙල්ලෙක් හම්බ උනා. පොඩි කුමාරිහාමි කිව්ව වගෙ දකින දකින කෙල්ලට ඉස්සෙල්ලම උඹ කරන්නෙ ආදරය කරන එක නිසා හරි වෙන මොකක් හරි හේතුවකින් උඹෙ හිතේ ආදරයක් ඉපදුනා.

පස්සෙ ඒ කෙල්ල ඒකිගෙ රස්සාව නැතිවෙන එක ගැන කිව්ව.ඒත් උඹට කරන්න දෙයක් තිබුනෙ නෑ. වැඩේ එතනින් ක්ලෝස්.

ඒත් උඹ මල්ලි ඒ සිද්ධියෙන් සංවේදී කතාවක් ගොඩ නැඟුව. අන්න ඒකයි මලේ උඹෙ දක්ෂකම, හැකියාව....

උඹේ ලිවීමේ හැකියාව උපරිමයි කියල හැමදාම කියල මට නම් දැන් එපාම වෙලයි තියෙන්නෙ....හෙහ්, හෙහ්,....... උඹටත් ඒක අහලම එපා වෙලා ඇති මයෙ හිතේ, ඒත් කොරන්ට දෙයක් නෑ, ආයෙම ඒකම කියන්ට තමයි වෙන්නෙ.....

හිරණ්‍ය said...

අර පවන්සලන කොටස හරි නාට්‍යාකාර යි. ඒ වගේම හාස්‍ය ජනකයි.
ඉතින් අර ගැණු ළමය කම්පියුටර් ඉගෙන ගත්තද?
කොහොම උනත් කතාව ලස්සනයි, හැමදාම වගේම.

Anonymous said...

දුක්වෙන්න කේන්තිගන්න දෙයක් නෑ බං මල්ලි. සිස්ටර්ම් එකට අනුගතවෙන්න බැරිනම් ඉබේම හැලෙනව. ඒකට පිකට් කරලවත් උපවස කරලවත් අඬලවත් හරියන්නෙ නෑ බං. ඕක හැමෝටම පොදුයි. ඒත් ඒ ඇත්ත සමහරක් වෙලාවට දරාගන්න බෑ තමයි.

හිස් අහස said...

@prasanna86k = කෙල්ලගේ අගේ කියලා දෙන්න ගියානම් අයියේ උං මට ගහන්නේ ගල් වලින් ..
....................................................................................................................................................
@දේවා ගේ අඩවිය = ඔයා ලියන තාක්‍ෂනික ලිපිත් ඉතින් අපි ආසාවෙන් බලනවා ඔයා වෙනයි මම වෙනයි මට කවදාකවත් හැකිද ඒවගේ තාක්‍ෂනික ලිපි ලියන්න ..
....................................................................................................................................................
@mahima = ස්තූතියි ඇවිත් ගියාට ..ස්තූතියි එදා කියපු දේටත් ..එදා මට බැන්නේ නෑ නේද ?
....................................................................................................................................................
@තිශ් = අකුරු පොඩිද බං ? ඉඳහන්කෝ මම ඊගාව එකේ ඉඳලා හදන්නම් . මගේ ජීවිතේ අසුන්දරමත් නෑ ඒත් සුන්දරමත් නෑ ඔය දෙක මැද ..තව තව චරිත තියනවා මගේ ගම ඇතුලේ හැංගිලා . මතක් වෙච්ච වෙලාවට මම එයාලවත් එලියට ගන්නම් .ස්තූතියි මචං අදහසට .
....................................................................................................................................................
@Podi Kumarihami = මම ඉතින් ආයේ උපන් ගෙයි හැන්ඩියා ! ඒත් මම ආදරේට පට ගාලා පෙලඹෙන්නේ නෑ . මට ආදරේ ආවේ දෙපාරයි .. ඔය ඇතිවෙලා තියෙන්නේ වෙන දෙයක් ..
....................................................................................................................................................
@Bindi = පුටු කඩා දාලා බින්දි ආපසු ඇවිල්ලා .ඔයාට කියන්න ගමේ අයට පරුගණක කියලා දෙන්න මම විඳින දුක දන්නේ මම විතරයි ..ඔයා දන්නවද අක්කා . මම එක මිස් කෙනෙකුට පැයක් යනකම්ම ඩබල් ක්ලික් කරන්න කියලා දුන්නා කියලා ..ඩයට් කරන්න නම් එයාට බෑ ..ඒක මට හොඳටම සුවර් . ඒ කෙල්ලගේ ලස්සන තිබුනේ ඒමහත හින්දා
....................................................................................................................................................
@නුවන් සම්පත් කුමාර = ස්තූතියි මචාං !!
....................................................................................................................................................
@දුකා = ඔයා දුන්න අදහස් 8ටම ස්තූතියි දුකා අයියේ . බ්ලොග් ලෝකේ පතාක කොල්ලෙක් අපිට අදහසක් දීලා ගියාම තියන සතුට කොයිතරම්ද අප්පා ! වැඩි වැඩියෙන් ලැබිච්චාවේ අයියේ උඹට ..
....................................................................................................................................................
@Ravi = මගේ ලිවිල්ල හොඳයි කියලා නිතරම කියහං අයියේ .. එතකොට මට නිකං අරමේ අර මේ අර .. මේ ..මොකද්ද වගේ හිතෙනවා .. මම ඉතින් වෙච්ච සිද්දිය එහෙම්ම ලීවා අයියේ . මම මේ ලියන එක ගැන ගොඩක් දේවල් ඔයාගේ රංබන්ඩා කතාවෙන් ඉගනගත්තා ..ස්තූතියි ඒකට .
....................................................................................................................................................
@හිරණ්‍ය = කොහේ ඉගන ගන්නද මචං එයාට වෙන ජොබ් එකක් සෙට් උනා ඊටපස්සේ සිදුවීම් ගැන ලියන්න මට අවසර නෑ මචං..
....................................................................................................................................................
@nawammawatha = දුක් උනේ නෑ අයියේ මට යන්තමටවත් දුකක් නෑ . ඒ කෙල්ලටනම් දුක ඇති මට ආව එකම දුක කෙල්ල මටවඩා වැඩිමල් වෙච්ච එකයි ..ස්තූතියි අදහසට මොකෝ මේ දවස් වල නිහඬ ..

priyantha said...

සඳරූට කරන්න දෙයක් නෑ. ඔයා ඒදේ නොකලනම් බොස් වෙන කෙනෙක් දාල ඒක කරනවා. ඒ බොස්ලගේ හැටි. එහෙම උනානම් දෙන්නෙක්ගේ රස්සා නැති වෙනවා. ඔය වගේ ප්‍රශ්ණ එක්ක මිනිස්සු අසරණ වෙනවා තමා. ඒත් ඒවාට කරන්න පුළුවන් දේ සීමිතයි.

Hasitha Gunasinghe said...

හැමෝමව හැම තිස්සෙම සතුටු කරන්න අපිට බැහැ සහෝ.........

සීතල අයියා said...

කීමට වචන නැත.දුක්බරයි. :(

නලිනි චන්දිමා said...

එක පාරටම උඩකින් පහළට අතෑරියා වගේ. මම අනුමාන කළා කෙල්ල පරිගණක ටික නිවන්න ඇති කියලා. ඒත් මම හිතුවෙ අත් වැරදීමකින් එහෙම වෙන්න ඇති කියලා.
ජීවිතේ සමහර දේවලදි අපට කරන්න දෙයක් නෑ; හිතේ වරදකාරී හැඟීමක් ඇති වුණත්, ඒ අවස්ථාවලදි වෙන කරන්න දෙයක් නෑ. ඔයාගෙනම් කොහෙත්ම වරදක් නැහැ. ගල්කොරියෙ අයිතිකාරයින්ටත් වරදක් කියන්න අමාරුයි, මාස 6ක් කල් දුන්නු නිසා. සේවකයන්ට පුහුණුවක් දෙනවනම් ඒ වගකීම තිබුණෙ අයිතිකාරයො අතේ.
කතාවෙ තේමාව තදින් හිතට වදින විදිහට ලියලා තියෙනවා. ජය!

සුපර් මාරියෝ said...

අයියාගෙ තවත් ආතල් කතාවක් කියල හිතාගෙනයි කියෙව්වේ..
සොවුල් චටින් ස්ටෝරියක් නේ... අවසානය දුකයි වගේ.. :(

අපරාජිතයා :::: Aparajithaya said...

මට හිතා ගත්ත හැකි අවසානය කොහොමද කියලා... මොනවා කරන්නද මචං හැමෝම පතාගෙන ආපු කරුම ගෙවනවා ජීවිතයේ..... එහෙම තමයි බං හැටි... උඹ කලේ හරි දේ...ඒත් අපිට ‍රැවුලයි කැඳයි දෙකම බේරගන්න බැහැ....

දුමී said...

බොක්කටම වැදුනා මල්ලි..... මොනව උනත් උඹ කල දේ හරි. උඹට තව ටිකක් ඉස්සරහට යනකොට තේරේවි, අපිට සමහර වෙලාවට හරිම දුෂ්කර තීරණ ගන්න වෙනවා අපි රාජකාරි කරන කොට....!

ayesha said...

ඔයා හරිම අපූරුවට ලියලා තියෙනවා යාළු. කාලෙකින් එන්නත් බැරි වුනා. අද තමා පරන ඒවා ඔක්කොම බැලුවේ

පූසා said...

මේ ලිපියත් මට අප්ඩේට් වෙලා නෑ. අද තමයි කියෙව්වේ.
ඔහොම තමයි බං ජීවිතේ සමහර අවස්ථා වලදී අපිට ආත්මාට්ථකාමී වෙන්න වෙනවා. හිතපන් උඹ එදා ඒ වැඩේ හරියට නොකළනම් අද උඹේ ජොබ් එක නෑ නේද?

පැන්ඩා said...

ඔහොම තමයි බං ජිවිතේ..මෙහෙමයි රස්සාව නැතුව ටික දවසක් දුක් විදින්න ඇති,ඒත් පස්සෙ ජොබ් එකක් හරි ගියා නේ..සමහර විට අර ගල් කොරියෙන් ගියේ එයාගෙම හොදට වෙන්න ඇති ,..ඒකෙ දිගටම ඉඳල ගල් කුඩු ගිහින් වෙන ලෙඩක් හැදෙන එක දැන් වැළකුනා නෙ..ඒතකොට ඒ කෙල්ලගෙ නිරොගි කම රැකුනෙ කවුරු නිසා ද..මේ හිස් අහසෙ සඳරු පුතා නිසා නේ..

ඕක තමයි පැරණි සිංහලය කිව්වෙ every story have two sides කියල

Anonymous said...

සඳරු මලේ ( පුතේද මන්ද....)

මිනිස්සුන්ට ඔහොම දේවල් වෙනව....

ඔයා කරපු රාජකාරිය නිසා අතුරු ඵලයක් හැටියට ඒ මනුස්සයට රස්සාව නැති වුනා...මම කරන රස්සාවෙ හැටියට මිනිස්සුන්ව රස්සාවෙන් අස් කරල යවන්න වෙනව...
ඒක තමා මම හිතන්නෙ රස්සාවක තියෙන අමාරුම දේ... එත් මොකද කරන්නෙ....

ආයතනයක වෙනස් වෙන උවමනාවන්ට අනුව යවත්කාලීන වෙන්න බැරිවුනොත් මේ ක්‍රමයෙ හැටියට ඉතින් ඉවත් වීම තමා තියෙන්නෙ....

කතාව තදින් හිතට වැදුන ....

Grey said...

මචන් සදරු,
උබේ බ්ලොග් එකට අද තමා අවේ. ගොඩක් ඒවා වෙලාව ලැබෙන විදිහට කියෙව්වා.
ඇත්තටම දුක හිතුන ඒ මහත කෙල්ල ගැන. අපි ගොඩක් වෙලාවට කරන වැඩ වලින් අන්තිමට වෙන්නේ කවුරු හරි ගෙදර යන එක තමා. එක නවත්වන්න අමාරුයි තමයි.
හැබැයි ඉතින් එක දෙයක් කරන්න තිබ්බ මේ කතාවේ හැටියට. ඔතන වැඩ කරන්න අලුතෙන් කට්ටිය ගන්නවලුනේ. ඉතින් එයාලව අලුතෙන් ගන්නවා කියන්නේ මචන් උන්ට උබලගේ සිස්ටම් එකට පුරුදු වෙන්නයි, ගල් කොරියේ වැඩ වලට පුරුදු වෙන්නයි දෙකක් තියෙනවා. නමුත් අර කෙල්ල ගල් කොරියේ වැඩ වෙන විදිහ දන්නවා. එක ට්‍රේනින් එකෙන් සිස්ටම් එකයි කොම්පුටර් ගැනයි කියල දෙන්න තිබ්බා.
උබ ඔය පොයින්ට් එක ඇද්දනම් සමහරවිට ගොඩ යන්න තිබ්බා.
ගොඩක් කලමනකාරයෝ කරන මෝඩ වැඩක් තමා එකක් දන්නේ නෑ කියල මිනිස්සුන්ව හලලා එක දන්නා උන්ව ගන්න එක. උන් තේරුම් ගන්නේ නෑ අර මනුස්සය නොදන්නේ එකයි, සමහර විට දන්නේ ගොඩයි කියල.

එනිවේ මොනවා කරන්නද බන්...උබ නෙවෙයිනේ ලොක්ක, ඔතන තීරණ ගන්න.

පිස්සා පලාමල්ල said...

ජීවිතෙ හැටි කියන්න තමයි මලයො වෙන්නේ.... ලියවිල්ල නම් උපරිමයි උබේ

ටීම් ට්‍රැවලර්ස් said...

උඹේ ග්ලොග් එකේ මෙතුවල් කල් උඹ කියපු කතා වලින් දෙවනිය්ට මගේ කැමතිම කතාව මේක සඳරුවෝ.

සමහර විට නෙට්වර්කිං මගේ බඩ වියත රකින රස්සාව නිසා වෙන්නත් ඇති.

නවෝ!

වර්ණ said...

හිතට අකමැති කොච්චර දේවල් ජීවිතේ කරන්න සිද්ධ වෙනවද සඳරුවෝ,ලබා උපන් හැටිද මන්දා

Post a Comment

තැන්කූ බං