9.7.11

බිසෝ මැණිකේ නෝනා ගේ ට්‍රිපල් ක්ලික් එක . අවසන් කොටස



මේ කතාවේ පළමු කොටස නොදැකපු කෙනෙක් ඉන්නවා නම් පළමු කොටසත් බළලාම කතාවට එකතුවෙන්න .. පලමු කොටස !/

දවස් තුනක් ගෙවිලා මම නොයිවසිල්ලෙන් බලාන හිටපු සිකුරාදා දවස එළඹුණා . ! . ඒ සිදුවීම මතකෙට එනකොට දැන් නම් මට . තනියම හිනහා යනවා .
වෙනදා වෙලාවටත් කලින් පන්තියට එන බිසෝ මැණිකේ මිස් එදා 10:45 වෙනකොටත් ඇවිල්ලා හිටියේ නෑ . ! ඉතින් මගේ තත්වය හිතාගන්න පුළුවන් නේද ? ඇත්තටම කීවොත් කමිසේ උඩ සාක්කුවේ ෆාම් බිත්තරයක් තියාගෙන හිටියොත් . ඒක විනාඩි දෙකෙන් ක්‍ෂෙනිකව තැම්බෙන තරමටම මගේ පපුවේ ගින්දරක් ඇවිලිලා තිබුණා ..

බිසෝ මැණිකේ මිස් ක්ලාස් එකට ඒවිද ?

එයා එක්ක ශානිකාත් ඒවිද
?

මේ ගෑනු දෙන්නම නෑවිත් ඉඳීවිද
?

ඒ තරම් ලොකු ප්‍රශ්න කන්දක් හිතේ තියාගෙන හිටි මම . වාඩිවෙලා හිටපු ප්ලාස්ටික් පුටුවේ ඇන්ද උඩ වයිට් බෝඩ් පෑනකින් කුරුටු බලි අඳින අතරේ . පාර දිහාවෙන් ඇහුණු සෙරෙප්පු අඩි සද්දයක් නිසා එකපාරම ඔළුව උස්සලා බැලුවා .. හිතට දැනුණ සතුටක තරම ..ඒ එන්නේ බිසෝ මැණිකේ මිස් සමග එයාගේ හුරුබුහුටි දූ සිඟිත්ත .

ටික කාලෙකට ඉස්සර ඉස්කෝලේ දහය පන්තියේදී ශානිකා කාලා විසී කරපු ආදර ගෙඩියක ඇටේකින්. මගේ හදවතේ පැළවුණු . පුංචි ආදර පැළයක් වතුර නැතුව මැරිලා ගිහින් කාලයක් ගතවෙලා. . . ! ඒත් නොහිතපු විදිහට වැටුණු පුංචි පොද වැස්සක් . ඒ පුංචි පැළයට ආයේ ජීවය දීලා...ඔන්න.. පරණ ආදරේ ආයෙමත් දළුලන්න හදනවා .. . ආදරෙන් හෝ කෑදරෙන් ඔකඳ වෙච්ච මගේ හිතට එහෙම හිතුණා.

ශානිකයි බිසෝ මැණිකෙයි ඉන්ස්ටිටියුට් එකේ දොර ගාවට එනකම් ආවා .. ඒත් . දොර ගාවදී මැණිකේ මිස් ගේ කනට කරලා මොනවාද මන්දා කොඳුරාපු ශානිකා . මගේ දිහා යන්තම් වත් නොබලා . ඉක්මනින්ම ආපහු හැරිලා ගියා . “කමක් නෑ.! ශානි මාව දැක්කේ නැතුව ඇති. දැන් පන්තිය ඇරෙන වෙලාවට ආයේ එනවානේ එතකොට අල්ලගමු එහෙම හිතලා මම හිත හදාගත්තා.

බිසෝ මැණිකේ මිස් ඇතුළට ඇවිල්ලා . කාඩ් එකත් ලකුණු කරගෙන පන්තියෙන් වාඩිවෙලා එයාගේ අලුත් ගුරුතුමා වෙච්ච මම එනතුරු බලාන හිටියා . මමත් තීරණයක් ගත්තා .! මම කොහොම හරි මේ වයසක ගෑනිට පරිගණක දැනුම ලබා දෙනවා .! මේ ලෝකේ ඉන්න වයසකම පරිගණක ප්‍රෝග්‍රැමරී බවට පත් කරනවා .! ඊට පස්සේ මම මෙයාව මගේ නැන්දම්මා කරගන්නවා .! පැත්ත ගියත් .මම ඒක කරනවා . අන්තිම පනකෙන්ද තියනකම් !.මගේ ඉස්න්ටිටියුට් එක පල්ලා !” මම එදා දිවුරුවා


ගුඩ් මෝනිං මිස් .

ගුඩ් මෝනිං සර් !”

බිසෝ මැණිකෙත් හිනා වෙලා මාව පිළිගත්තා . මම පරිගණක පාඩමට සූදානම්

"මිස් ඔයාට නෝට් එක ලියාගෙන කාලේ නාස්ති කරන්න ඕනෑ නෑ !. ඒක නිසා මම ඒ මුලු නෝට් එකම ප්‍රින්ට් කරා . මේ තියෙන්නේ ඒක.! මිස්ට වැදගත් තැන් පොඩ්ඩක් හයිලයිට් කරගන්න . මම පැට්‍රිකල් ටිකක් වැඩිපුර වෙන්න කියලා දෙන්නම් ..”

මගේ වෙන්ඩ නැන්දම්මා . ඔළුව හෙල්ලුවා විතරයි !

මම පරිගණකය ගැන එහි කොටස් ගැන පොඩි හැඳින්වීමක් කරලා . මිස්ගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවා . බොහොම සරල ප්‍රශ්න . ඇත්තෙන්ම කීවොත් උත්තරේ කටටම දීලා තමයි ප්‍රශ්නේ යොමු කළේ .. ඉතින් බිසෝ මැණිකෙත් හිටු කියලා ඒවට උත්තර දුන්නා . ඉතින් එයාටත් අලුත් සර් ගැන පුල් සැටිස් !

ඊළඟට අපි දෙවනි චැප්ටර් එකට ඒ කියන්නේ Operating systems කියන කොටසට ආවා . දැන් ඉතින් බිසෝ මැණිකෙට පරිගණකයක් සමග වැඩ කරන්න වෙනවා . මම පොඩි උදවුවක් කළා

"මිස් මේ තියෙන්නේ මවුස් එක ! මේක උඩ අත තියාගන්න !”

මැණිකේ මිස් අත් දෙකම මවුස් එක උඩ තියාගන්න උත්සහ කළා !!!!! ..

"නෑ නෑ තනි අතින් ! මේ බලන්න මෙන්න මෙහෙම අල්ලගන්න .. ඔය තරම් තද කරන්න එපා ! ලාවට අල්ලගන්න .”.


මමත් රටේ නැති එවුව කියමින් උපදෙස් දුන්නා බිසෝ මැණිකෙට මවුස් එක හුරු කරන්න මට විනාඩි 18 විතර යන්න ඇති .

ඊළඟට තමයි ආතල්ම මොහොත උදා වුණේ . . .

"මිස් මෙන්න මේ බට්න් එක එක ළඟ දෙවරක් ඔබනවාට කියන්නේ ඩබල් ක්ලික් කරනවාය කියල ! හරි මිස් මෙන්න මේ අයිකන් එක උඩට මවුස් එක ගෙනෙල්ලා ඩබල් ක්ලික් කරන්නකෝ බලන්න.”

මොනිටරේ හතර වටේම අයාලේ ඇවිදපු මවුස් එක . අන්තිමේදී මම පෙන්වපු තැනට ළඟා වුණා ! . කමක් නෑ අපිත් හුරු පුරුදු වෙන කාලේදී මේ වගේ තමයි . මම ආයෙමත් හිත හදා ගත්තා .

"හරි මිස් එහෙනම් ඩබල් ක්ලික් කරන්න . මතකයි නේ ! වම් බට්න් එක එක ළඟ දෙවරක් .”

දෙයි හාමුදුරුවනේ !!

බිසෝ මැණිකේ මිස් පුදුමාකාර වෙසෙසක් දැරුවා. පුටුව උඩ බාගෙට ඉඳගෙන . කට තද කරගෙන . වම් අත මිටි මොලවා ගෙන . බිසෝ මිස් ඩබල් ක්ලික් කරන්න උත්සහ කළා .. ඒත් සිංගල් ක්ලික් එකක් ඇරෙන්න ඩබල් ක්ලික් එකක්නම් එතන සිදු වුණේ නෑ ..

ඔය අතරේ මම දැක්කා මවුස් පොයින්ටර් එක ඩෙක්ස් ටොප් එක මත නළියන හැටි ! . "හ්ම් එහෙනම්. මේ වයසක උන්දෑගේ අත වෙවුලනවා ! නහින දෙහින කාලේ එනවා පරිගණක ඉගන ගන්න" . මට යටි හිතින් කේන්තියක් ආවා . ඇත්තමයි ඒක සාධාරණ කේන්තියක් .මම පැය භාගයක් උත්සහ කළා .මවුස් එකේ ඩබල් ක්ලික් වේගය අඩුම කරලා පවා උත්සහ කළා .ඒත් බැරි වුණා . යන්තම් දහ දොළොස් වතාවක් වැරදිලා වගේ ඩබල් ක්ලික් වුණත් හරි විදිහට ඩබල් ක්ලික් කරන්න මිස්ට බැරි වුණා .

ඒ වයසක උන්දෑ ගැන විටෙක දුකකුත් විටෙක මරාගෙන කන්න තරම් කේන්තියකුත් මගේ කන්ට්‍රෝල් නැති හිතේ මාරුවෙන් මාරුවට ඉපදුනා . මමත් මනුස්සයෙක් . කොයිතරම් කියාදුන්නත් වැඩක් හරියට නොකරන කොට මටත් පුදුම කේන්තියක් එනවා .! මොනවා කරන්නද ? මම මේක ඉල්ලගෙන කන කට්ටක් ! . "කුම්බලා කරවල කෑවානම් විඳවපන් සඳරුවෝ !” .. මමත් මටම කියාගනිමින් . ආයෙමත් පාඩමට බැස්සා .

පන්තිය ඉවර වෙන්න වෙලාව හරි . ඒත් දැන්ම පන්තිය ඉවර කළොත් මිස් යන්න යාවි ඒත් එක්කම එයාගේ සුදුම සුදු දෝනිත් මට නොපෙනීම යන්න යාවි .. මගේ කැත හිතේ ඉපදුණු පුංචි සිතිවිල්ලක් . මම ක්‍රියාවට යෙදෙවුවා .

"මිස් පන්තියනම් ඉවරයි ඔයා තව ටිකක් පුරුදුවෙන්න තව පැය බාගයක් විතර පුරුදුවෙන්නකෝ !..මම කියාදීපු දේවල් ටික ආයෙමත් එකින් එක කරලා බලන්න ..”

එහෙම කියාපු මම පන්ති කාමරයෙන් එළියට ආවා .! එළියට ආපු ගමන්ම මම දැක්කා ශානිකා ඉස්සරා තියන පුටුවක වාඩිවෙලා ඉන්න හැටි .එදානම් මගේ හිත පිරෙනකම් මම එයා එක්ක කතා කළා ..! ඔය කතා කරපු වචන අතරේ රත්තරන් පාටින් දිලිසෙන මෙන්න මේ වචනය මට කවදාකවත් අමතක නොවේවි ! .

"ඉතින් ශානිකා . දැන් බෝයිෆ්‍රෙන්ඩ් මහත්තයෙක් එහෙම හොයාගෙන ඇති නේද ? මොකද්ද ඒ මහත්තයා කරන ජොබ් එක ! ?”

"අපෝ පිස්සුද ?. මට එහෙම කෙනෙක් නෑ ! ..”

අනේ ඉතින් එදා මම සතුටු වෙච්ච හැටි .! අනේ අපොයි මම බලා පොරොත්තු තියාගත්ත තරම් ! . ගොබ්බයෙක් වගේ හිතින් හිනහා වෙච්ච හැටි .හිතේ සතුටට ස්ටාෆ් එකේ උන්ට අයිසිං කේක් ගෙඩියක් ගිල්ලාවාපු හැටි ! අයියෝ සල්ලි !!! කොහොම හරි ‍ඔය විදිහට සති දෙකක් විතර ගෙවුණා . ගම්බාර දෙයියන් වහන්සේ පවා මගේ පැත්තට පුදුම සහයෝගයක් දුන්නා . ශානි ගෙන් ආදරේ ඉල්ලනත් හදලා . මම කීප වතාවක්ම හිතට ආපු වචන ගිලගත්තා .!

දින සති මාස ඉක්මනටම ගෙවිලා ගියේ . මට හිතාගන්නවත් බැරි තරම් වේගෙන් . ආයෙමත් සාණි හම්බවෙන්නේ කවදද කියලා කල් බලමින් හිටි මට මාස ගෙවිලා යන හැටි යන්තමටවත් නොදැනුණු හැටි පුදුමයක් නෙවේ ..! .

එක දවසක් . බිසෝ මැණිකේ මිස් පන්තියේදී .එයාගේ අත් බෑග් එකෙන් ගත්තු බ්‍රවුන් පේපර් මල්ලක් මේසේ උඩින් තිබ්බා .!

"පුතේ මේ අපේ ගෙදර හදපු කෑම වගයක් . යාළුවොන්ටත් දීලා කන්න ..”

දැන් ඉතින් බිසෝ මැණිකේ මිසී මට "පුතා" කියලා කට පුරෝලා කියන ලස්සන . ඒ කියන්නේ මමත් මිස් කියන එක අත හැරලා "අම්මේ" කියන දවස වැඩි ඈතක නෑ වගේ ! . මම එතනම බෑග් එක ඇරලා බැලුවා .

ගෙදර හදාපු කේක් වගේකුයි . කිරි ටොපියි .වගයක් ඒ මල්ලේ තිබුණා . ශානිගේ උපන්දිනේ වත් ද ?. මමත් කේක් කෑල්ලක් අරං කන ගමන් මැණිකේ මිස් ගෙන් මෙහෙම ඇහුවා .!

"ඇයි මිස් ගෙදර මොනවා හරි උත්සවයක් හෙම තිබුණද ? “ සමහර විට මම ඒ ප්‍රශ්නේ අහන්නේ නැතුව ඉන්න තිබුණා . ඒ මෝඩ ප්‍රශ්නේ අහපු එකට මම අදත් දුක් වෙනවා .

"ශානි යාළු වෙලා ඉන්න ඒ පුතාලගේ ගෙදර අය ඊයේ අපේ ගෙදර ආවා .ඒකයි පුතේ මේවා හැදුවේ .”

මොනවා කියන්නද ? කේක් ගුලියක් මගේ උගුරේ මැද හරියට වෙන්න හිරවුණා . කාපු කේක් කෑල්ල
තූහ් තූක් කියලා කටින් වීසිකරන්න හිතුණත් .මේ වයසක ගෑනු කෙනාට එහෙම කරලා මම මොනවා ලබාගන්නද ? මම කේක් කෑල්ල්ම ගිල්ලා ! හපන්නෙත් නැතුවම ගිල්ලා

එදා මම කියලා දුන්න දේවල් වලින් මෙලව හසරක දෙයක් බිසෝ මැණිකේ මිස්ට තේරුණේ නැති බව මම දන්නවා . මට ඕන වුණේ ඉක්මනින් හිත නිදහස් කරගන්න . එදත් ශානි ආවා .ඒත් මට එයා එක්ක කතා කරන්න දෙයක් තිබුණේ නෑ . ඒයා කරපු විහිළුවකට බොරුවට මවාගත්ත හිනහවක් දීලා මම ඉක්මනටම එතනින් අයින් වුණා .

එදා හැන්දෑවේ මම වැඩ ඇරිලා ගෙදර යන්න හදනකොටම . මගේ ෆෝන් එක කෑගහන්න ගත්තා . ඒ ආවේ කෙටි පණිවිඩයක් ..

sandaru mama chanaka gana oyata nokiva nisa oya tharahada ? ane sorry

මම ඒකට ප්‍රතිචාර දෙන්නවත් කෝල් කරන්නවත් ගියේ නෑ කියෝලා බලලා ආයෙමත් ෆෝන් එක සාක්කුවට දාගත්තා .මම අමතක කරලා දානවා මේ හැමදෙයක්ම ..! .ඇත්තෙන්ම හිතට පොඩ්ඩක් අවුල් . එදා ඉඳන් අද වෙනතුරු ආයේ කෙටි පණිවිඩ ආවෙත් නෑ . .. .

කොයිතරම් අමතක කරන්න උත්සහ කළත් අමු අමුවෙන්ම නම් මේ ගැටලුවට විසඳුමක් හොයන්න බැරි වග මට තේරුම් ගියා . ඒක නිසා . හැන්දෑවේ යාළුවෝ කට්ටියත් එක්ක පොඩ්ඩක් එකමුතු වෙන්නත් සිද්ධවුණා . බාල බෝතල්වලින් ගෙනාපු සිරුරට අහිතකර බීමකුයි , කොකා බෝතලේකුයි අපේ සහයට එකතු වුණා .!

එදා ඉඳන් මගේ හොඳම යාළුවා රවීන් මේ කතාව අහගෙන ඉඳලා මෙහෙම කීවා. "ඔවුවා අමතක කරපන් මචෝ ! කෙල්ලෙකුට පදිරි වුණේ උඹ විතරක් නෙවෙයිනේ .. අල්ලලා දාපන් බං ! .”

ඒ දුඹුරු පාට සිරුරට අහිතකර දියරයෙන් මගේ වීදුරුව පිරුණා !. .. කට්ටියගේ කටවල් වලටත් අමුතු පණක් ඇවිල්ලා . මගේ හිතටත් එහෙමයි. . .

සතුටින් නිදැල්ලේ
අවසර ලද ඇසිල්ලේ
// …...........අපේ සෙට් එකේ ජනා මගේ පිටට තට්ටු කරන ගමන් පටන් ගත්තා !

මේ අඳුරින් මිදීල
ඉගිලීයන් කුරුල්ලෝ
// …..................අපිත් එකතු වුණා ..!

සත්තයි ! හිතේ තිබුණු ටොන් ගාණක් බරක් නිදහස් වුණා එක ඇසිල්ලකින් ..

ගිනි වතුරේ පිහිටෙන් හදවතට දැනුණු ඒ මෝඩ ආදර හැඟීම පුච්චලා දාගත්තු මම . ආයෙමත් පරණ පුරුදු සඳරු බවට වුණා . දැන් හිතේ දුකවත් පසු තැවීමවත් කඳුලක්වත් නෑ . ආයෙමත් ශානිකා ගැන හිතන්නෙවත් නෑ . කතාවට යන්නෙත් නෑ .

එතකොට බිසෝ මැණිකේ ? එයාට මොකද වෙන්නේ .?

තවමත් අඟහරුවාදටයි සිකුරාදටයි උදේ 10:30 ඉඳන් 12:30 වෙනකම්..අපේ දෙවනි පන්ති කාමරයෙන් . "ටික් ටික්" සද්දයක් ඇහෙනවා .. "ඔවු" .. බිසෝ මැණිකෙයි මමයි තවම ඩබල් ක්ලික් කරනවා ..මම බලෙන්ම බාර ගත්තු වැඩේ මමම ඉවරයක් කරනවා ..කොහොම හරි ..!

කතාව ඉවරයි !

නම් ගම් අසත්‍යයි .

95 comments:

දිනුක said...

එළමය......හිනාය.....ගණන් ගන්න එපා කොල්ලෝ.කෙහෙල් ගස්වලටම කොට කොට ගිහිං උඹටත් හම්බවෙයි දවසක් හොඳ ගහකටත් කොටන්න.අන්න එදාට ඇරියසුත් කවර් වෙන්න කොටපං මදි නොකියන්න.....

Charmi said...

මරු සඳරුවා. උඹ ලියන ඒවා ඉබේ කියවෙනවා. තව මොනවද?

දුකා said...

පිස්සු හැදෙනවා බන් . . .

විස්වාස කරපන් ඇස් දෙකට කඳුලු ඉනුවා . .

හැබැයි කතාව නිසා නෙමෙයි . .

උඹේ ලිවීමේ ස්ටයිල් එකේ අපූරුව නිසා . ..

නියමයි සඳරු . . . නියමයි . .

උඹ තරම් මිනිසූන්ගේ හදවත් වලට කතා කරන්න පුලුවන් අපූරුම ශෛලියකින් ලියන කෙනෙක් තාම දැක්කේ නෑ . .

ටිකක් හරි ලඟින් යන්නේ ඩොක්ටර් නලිනිගේ ලිපි . . . .

මැක්සා . . .

දිගටම ලියාගෙන යන්න කොල්ලෝ . . .

කලාවේ (බ්ලොග් කලාවේ විතරක් නෙමෙයි ලේඛන කලාවේත්)
දිගු ගමනක් යන්න උඹට වරම් ලැබේවා . . !!

සෝරෝ said...

මගුලක් කියවන්නේ නැතුව අර මගුල කරගනිං... මොකක්ද කියලා මෙතන අමුතුවෙන් කියන්න ඕන නෑ නේ... :D

ප.ලි - ඉතිං බොල උඹ බිසෝ මැණිකේ මිස්ට උගන්නන එකත් නැවැත්තුව ද...?

Hishan de Silva said...

ඉක්මන්ට කෙල්ලෙක් හොයා ගනින්. උඔගෙ සිකුරු 7 දැන් ඇත්තෙ. මට උඹ කවද හරි බැන්දට පස්සෙ වැටෙන්න තියෙන post ටික හිතා ගත්ත හැකි :)

Anonymous said...

me wage seen 2 k 3kma mata wela thiyenawa.
anthimata thamai therenne weredda apemai aneth party ekata dosak kiyanna be kiyalaa
me welawata hithata denena de therum karanna hari amarui
meka thamai jeewithe...!!!!

Anonymous said...

And i forgot to mention that your writing skills are so professional. cheers !!!

Chanaka Aruna Munasinghe said...

මේ මොකක්ද යකෝ මේ. මම දන්න ශානි කෙනෙක් නෑ. ඒකි මාත් එක්ක යාලුයි කියල සඳරුට බොරු කියල.

Chanaka Aruna Munasinghe said...

ඩබල් ක්ලික් කරන්න බැරිනම් බිසෝමැණිකට වධ දෙන්නෙ නැතුව සින්ගල් ක්ලික් එකෙන් ෆෝල්ඩර්ස් ෆයිල්ස් ඕපන් වෙන්න හදල දෙන්න එපැයි. සරල Settings එකක්නෙ

Dinesh said...

ලියන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරිම තැන මෙහෙම අහනම්..
" ඇයි සදරුවෝ උඹටම හැමදාම මෙහෙම වෙන්නේ ?"

ඇත්ත දුක් වෙන්නෙ එපා.. "හිදීවි කොතැනක හෝ හිමි කාරයා නුබේ නමින්" කියලා කියනවනේ.. ඒ හින්දා කවද හරි ඒ ආදරය මලයට මින ගැහේවි..

එහෙම නැත්නම් මම ඉතාලියේ සුදු ගෑණු ළමයෙක් එක්කන් එන්නද මල්ලිට??

ශශී said...

කචල් පැන්ටා ගහලා පැළේ මරල දැම්මා !

පුතා said...

කතාව ගැන මොනව කියන්ටද.. පට්ටයි බන්.. මොනව වුනත් උඹ පව්නේ.. ශානි උඹව රවුමේ යවල වගෙ අම්මට උගන්නගන්ට..

ItalyDilan said...

ඒ කියන්නේ උබ තාම බිසෝ මැණිකේව මේ ලෝකේ ඉන්න වයසකම පරිගණක ප්‍රෝග්‍රැමරී බවට පත් කිරීමේ මෙහෙයුම අතැරියේ නෑ,,කොහොම හරි ඩබල් ක්ලික් එක අල්ල ගත්ත ගමන් වැඩේ ගොඩ යයි...

Anonymous said...

අපි නොදන්න චෙස්. උම්බ පලවෙනි කොටස ලියද්දිම අපි දන්නව මේකත් අල වෙන බව. ගල් කොරියෙ කේස් එක, නමය වසරෙ කේස් එක එතකොට මේක එක පෙලට කචල් වුනානේ. අත අරින්න එපා බන්. සැලෙන්න එපා. දිගටම ට්‍රයි කොරපන් කවද හරි ඇරිච්ච මැරිච්ච්ච එකක් වත් සෙට් වෙයි. (අනේ බන් විහිලුවට කිව්වෙ, ඔව්වා කෙරෙන වෙලාවට කෙරෙයි. දැනටමත් ගෑනු දරුවෙක් යාලු වෙලා ඇති මයෙ හිතේ).
ජය වේවා.
JH

Anonymous said...

සතුටින් නිදැල්ලේ
ඉගිලීයන් කුරුල්ලෝ

දුමී said...

පික්සු හැදෙනවා කොල්ලෝ, සිරාම සිරා... උඹ සිරාවටම ලියනවා. බොක්කටම දැනුනා....!

දැන් බිසෝ මැනිකේ මිස්ට ඩබල් ක්ලික් පුළුවන්ද ?

Anonymous said...

අනේද කියන්නේ අයියේ උඹටත් වෙන දෙවල්,
…එක්කෝ අර අහපු වෙලාවේ කියන්නයි කොල්ලෙක් ඉන්නවා කියලා.
…ඒක නෙවෙයි තව කොච්චර කල් ඩබල් කිලික් කොරකොර ඉන්නද කල්පනාව බිසෝ මැණිකේ ඇන්ටි එක්කලා.

Anonymous said...

දුක හිතුනා සඳරු.. ඒත් ඔයා ඒ ගැන පසු තැවෙන් නැතුව ඉන්න එකයි, අර නැන්දාට ක්ලාස් එක දිගටම අහිතක් නැතුව කරපු එකයි සිරා!

කතන්දර Kathandara said...

වැඩේ ක්ලික් නොවීම ගැන මගේ කණගාටුව!

සිහින said...

මට ලාවට හිතුන උඹේ අනිත් හැම ලවු එකටම වගේ මේකටත් කෙල වෙලා ඇති කියල.උඹට කෙල්ලෝ හම්බ වෙනවා මාර විදියට.ඒත් ඒ එකෙක්වත් රැඳෙන්නේ නැති එකනේ බං කරුමේ.උඹට ඔය ප්‍රේමය හරි යන්නේ නෑ බං.කවද හරි නැන්ද හොයල දෙන එකෙකුට කැමති වෙයක්‌.

ප.ලි. : අපේ අබේ මාම ඔය පැත්තේ ආව කියල ආරංචියි මචන්.අලි දිව්වලු නේද දත් ගලෝනෝ කියල.උඹෙත් දැන් වැඩිය දත් නෑ කියල තමයි ආරංචිය.උඹට දුමී අයියගේ තෑග්ග හම්බ උනාද.. අර රත්තරන් පාට බෝතලේ...??

Angel said...

දැන් ඩබල් ක්ලික් එක පුලුවන්ද ඉතින්?

සාතන් said...

ලෙසටම ලියල තියෙනව... සිරුරට අහිතකර බීම හිතට මාරම හිතකර එකනෙ බන් ප්‍රශ්නෙ....

සතුටින් නිදැල්ලේ
අවසර ලද ඇසිල්ලේ

මේ අඳුරින් මිදීල
ඉගිලීයන් කුරුල්ලෝ :)

~ChAnDiKa~ said...

උඹ ඩබල් ක්ලික් නොකර රයිට් ක්ලික් කරානම් වැඩ දෙකම ෂෝට් කට් මෙනුවෙන් ලේසියෙන්ම කරගන්න තිබුණා බන්. දැන් ඉතින් අලුත් කොම්පියුටරයක් ගන්න වෙනවා. ;)

Theekshana said...

හ්ම්ම් ඒකත් එහෙම උනද. මචා සදරු මම උබට අද තමා comment කරන්නෙ.ගොඩාක් ලිපි කියෙවුවා ලියන විදිහ නම් නියමයි යාලුවා.

දේව් ගේ අඩවිය said...

අනේ මම හිතුවා මයලා මේ සැරේ වත් ගොඩ කියලා....
හැබැයි ඉතින් ඔය හැම දේකටම හොදම විසදුම බොතලේ කියලා දුන්නු කෙනා කවුද දන්නේ නැ.
කොහොම හරි ක්ලාස් එක ඉක්මනටම ඉවර කරගන්න ශක්තිය ලැබෙන්න කියලා විශ් කරනවා යාලුවා

Bindi said...

හොඳ වැඩේ දකින දකින කෙල්ලට හිත යනවට . දැන් ඩබල් ක්ලික් කරන්න වෙයි බිසෝ මැණිකේගේ පන තියෙනකම්. නැන්දට වත් කියල කෙල්ලෙක් හොයාගෙන කසාදයක් බැඳ ගන්න . නැත්නම් හැම පාරම ගිනි වතුර බිලා ඔයා මැරෙයි බිසෝ ට කලින්. එතකොට අපි මේවා කියවල හිනාවෙන්නේ කොහොමද

චතුර.... said...

හැමදාම අවසානය ඔතනනේ , මදැයි කලා..

hare :-) said...

හොඳ වැඩේ කුම්බලා කරවල කනවට! අපෙත් යාළුවෙක් හිටිය අවුරුදු 45කට විතර කිට්ටු. පොරටත් වතාවක් කොම්පීටර් ඉගෙනගන්න හිතිලා අපි සෙට් එකක්ම හෙන දුකක් වින්දා. පොරටත් තිබුණ ලොකුම අවුල ඔය ඩබල් ක්ලික් එක. ඒක හරියන්නෙ නැති තැන අපි දුන්න විසඳුම තමයි සිලෙක්ට් කරල එන්ටර් ඔබන්න කියන එක. දැන් අවුරුදු ගාණක් ගිහිල්ලත් තවමත් මිනිහ කරන්නෙ ඒක.

Anonymous said...

කමක් නෑ බං ඒ කෙල්ල උඹට හරියන හොඳම කෙල්ල නෙවෙයි වෙන්න ඇති.

Dasun said...

අනේ මචං, උඹටත් වෙන දේවල්....වෙනදා වගේම අදත් කථාව පට්ට.....

පූසා said...

මේ දවස් වල ටීවී එකේ ඇද් එකකුත් යන්නේ බං ඒකෙත් කියන්නේ
"ගෑණු කවදද ඇත්ත කිව්වේ?"

හසී said...

හෆොයි වෙච්චි දෙයක්.. සඳරුටමනේ වෙන්නේ.... ඔව්වා ඔහොම තමා අනේ...

දැන් ඉතින් ඉතිරි වෙච්ච දත් ටික ගැන පොස්ට් එකක් ලිව්වොත් නරකද?

අනූ said...

තවමත් අඟහරුවාදටයි සිකුරාදටයි උදේ 10:30 ඉඳන් 12:30 වෙනකම්..අපේ දෙවනි පන්ති කාමරයෙන් . "ටික් ටික්" සද්දයක් ඇහෙනවා .. "ඔවු" .. බිසෝ මැණිකෙයි මමයි තවම ඩබල් ක්ලික් කරනවා ..මම බලෙන්ම බාර ගත්තු වැඩේ මමම ඉවරයක් කරනවා ..කොහොම හරි ..!

හික්ස් මේ ටිකට තමා මං ආසම,ඇයි කියලා දන්නෑ,ඒත් ආසයි

සංකල්ප said...

මේ කෙල්ලෝ කියන ජාතිය නම් මෙලෝ වැඩක් නෑ.ඔයවගේ සීන් එකක් මටත් උනා. මල්ලි වගේ නෙමේ මම ඒ කෙල්ලගෙන් ආදරේද කියලා ඇහුවා.

කෙල්ල මොකද කිව්වේ "මට දැන්ම ඕවා ගැන හිතන්න බෑ. මම ඔයාට පස්සේ කියන්නම්. අනිත් එක අපේ අම්ම කැමති නෑ මම දැන්ම ඔයවගේ දේවල් පටන්ගන්නවට."

මාත් ටොන් ගනන් බලාපොරොත්තු පිට හිටියා. කාලේ ගත උනා.අන්තිමේදි මට මගේ යාලුවෙන්ගෙන් ආරංචි උනා මේකි ඒ ලෙවල් කාලේ ඉදලා යාලුවෙලා ඉන්න කොල්ලෙක් ඉන්නවා කියලා. මේක උනේ කැම්පස් ආපු අලුත.

ඇයි වදේ එකපාර කිව්වනම් කොල්ලෙක් ඉන්නවා කියලා මොකද වෙන්නේ.කෙල්ලෝ අපි තරම් අවංක නෑ මල්ලි. වංක යක්කු !!!!

Podi Kumarihami said...

මටත් ඉතාම වැදගත් ප්‍රශ්නයක් තියනවා අහන්ට. මේ 'Chanaka ' කියන්නේ අපේ මකරාද?

Praසන්ன said...

ඔය අඳුරින් මිදීල
ඉගිලීයන් සඳරුවෝ …

ශානිකා said...

ජීවිතේ මම ගත්ත මෝඩම තීරණේ මම අරගෙන ඉවරයි සඳරු සොරි ..

පන්සල් හංදිය said...

සැලෙන්න එපා මලයා, මූදේ ඉන්නෙ එක මාලුවද, කවදා හරි ශානිකා ඔයා ගැන හිතලා අපරාදේ කියලා පසුතැවෙනවා ඒකාන්තයි ........

තරු said...

මට නම් හිතෙන්නෙ ෂානිට උඹ ගැන මොනව හරි මෙවුවා එකක් තිබුනා..
නැත්නම් උඹ එදා Boy friend ගැන අහපු වෙලාවෙම ඒකයි කෙල්ල නැහැ කියන්න ඇත්තෙ...
අපරාදෙ උඹ හදිසි වුනා වැඩි.. එදා ඒ SMS එක ආපු වෙලාවෙ Reply කරන්න තිබුනෙ .."නෑ මම තරහ නැහැ .. අපි හොඳම යාලුවො වගේ ඉමු" කියල..
පස්සෙ ඒ යාලුකම රත් කරලා හැඩ කරල තමන්ට ඕන විදියට නවා ගන්න තිබුනා..

පස්සෙ අර චානකයව හෙමීට Recycle Bin එකට යවන්න තිබුනා..දැන් too late... :-(.

දැන් ඉතින් බිසෝ මැණිකා එක්ක Double Click කර කර හිටහන්

Anonymous said...

aiyooo....aiye....dakapu gaman kellek gana balaporothtu tyaganna epa..oya kella oyata e boy gana kiwwe natte onakaminmai...mokada etakota oya eya gana hithanawa kiyala eya dannawa...samahara kello innawa oya wage dewal karala kollage hitha riddala sathutu wena aya.,.. oyatath une e wage deyak... aiyata galapena hodama kella ikmanata hambei...ikman wenna epa..iwasanna...

අහිංසකි said...

සඳරුවාට ඉක්මනට මේ හැමදෙකින්ම හිත හදා ගන්නට කෙල්ලෙක් ලැබේවා

සුපිරි ලියවිල්ල
මම පෝස්ට් එක දැක්ක ගමන් හිතුවෙ අෆ්ෆා මේකා සැහෙන්න ලියලනේ කියලා
ඒත් කියවල ඉවර වෙනවා දැනුනෙවත් නැ
දුකා අයියා +++++++++

ජය වේවා සඳරු

Anonymous said...

අයියෝ සල්ලි!!!!

duliponline said...

සඳරුවෝ . . . . කියන්ට හිටි ටික ඔක්කොම ගිලින්න උනා සෝරොවාගෙ කොමෙන්ට් එක දැකල . . . . අම්මප මොකද්ද බං ඒ හරුපෙ තේරුම . . . . .??? සෝරොවා කියන කතාව බොරුවක් නං . . . . වරෙං මචෝ මේ පැත්තෙ . . . . . බෝපිටිය පැත්තෙං ඉටි කිරීස් වගේ කෙල්ලෙක් සැටිල් කොරල දෙන්නං . . . ."සොතමාන . . . . දොර්මක දෝන . . . ."

@සිහින:
අබේපාලය තියන කැතකමට ඒ බෝතලේ ගෙනිහිං නෑ . . . . . බලමු අද හවසට නෙලුං කොලේටවත් ගෙනෙයිද කියල . . . .

නදී said...

මමත් මුලදිම හිතුව,මේකත් හරියන එකක් නෙමේ වගේ කියල.:)

තාරා said...

කතාවෙ මුල් ටිකට නම් බඩ පැලෙන්න හිනා ගියා... ඒත් අන්තිම ටිකට මාර දුක හිතුනා. ඕවා ගනන් ගන්න එපා සඳරු.. එහෙමයි කියලා ඔය තරමට බොන එකත් හොඳ දෙයක් නෙමෙයිනේ...

``` Outsider``` said...

මරු කතන්දරේ. ඇත්තටම සිද්ධ වුණු එකක් කියල හිතෙනවා උඹටම.

මාරයාගේ හෝරාව said...

බලාගෙන ගියහම අම්මා නෙවෙයි දුවනේ ඩබල් ක්ලික් එක කරලා තියෙන්නේ..ඕක ට්‍රිපල් ක්ලික් උනේ කොහොමද බං..?

Dakshina said...

සඳරු, කමෙන්ට් එක දාන්න පරක්කු වුනාට සමා වෙයන්. ආයේ සැරයක් උඹෙන් සුපිරි තත්වයේ කතාවක්. මේක ලියන්න උඹ පාවිචිචි කරන නිර්ව්‍යාජී බස් වහර වෙන්න ඇති අපිව මේ තරම් කතාවට ඇදලා තියාගන්නේ. කියලා වැඩක් නැහැ.!!!

මිනිස්සුන්ගේ හැඟීම් ඒ ඒ අවස්ථානුකූලව පෙළ ගැසෙන හැටි බොහොම ලස්සනට ගලපලා ඉදිරිපත් කරලා තියෙනවා.

ආයෙත් මේ වගේ ලස්සන කතාවක් කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා...

Photoshop Online said...

පට්ටම තමා...........කවදා හරි උබට උබෙ ප්‍රියම්බිකාව මීට් වෙයි........

Anonymous said...

අපරාදේ සඳරුට ඩබල් ක්ලික් එක කරගන්න බැරිවුන එකට

BLOG ගඩොල් said...

හපොයි! මදෑ උඹටත් වෙච්ච වැඩක්. ළගදීම දවසක සතුටුදායක පෙම් කතාවක් ලියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

Dee said...

ඉහත සෝරෝගෙ කතාව තදින්ම (හයිලයිට් කොට) අනුමත කරමි.. අලි වැට ඔනෙ නම් ඒ මගුල කොර ගන්, හරිය...?!!

පුතා said...

@ඕනයා..
බොලා සඳරුවාටත් ඉයර්ෆෝන් සිස්ටැම් එක පුරුදු කරන්ටයි තනන්නේ...

හීනියට.... said...

මරුම මරු බං....කොමෙන්ට්ස් ඊටත් එහා නේ......

කොල්ලෝ බලාගෙන තනි පංගලමේ මහ අම්මන්ඩිත් එක්ක ඩබොල් කිලික් කොරන්නේ.....හික්

මොකක්ද මේ සෝරෝ කියන වෙඩින් එක බොල...

කළුබෝවිල වල් අලිය, වනේ අලින්ව දුටුවයි....

සංකල්ප said...

@Chanaka Aruna Munasinghe :
මකරයියා මොකද සදරු මල්ලිලෑ ගෙවල් පැත්තේ ගියේ ? දැන් හරි නේ. එහෙනම් ශානිව බැඳලා අපට කේක් එහෙම දෙන්න පුලුවන් නේ !!!

හිස් අහස said...

@දිනුක ජයකොඩි= හිනා වෙයං හිනා වෙයං . ඔහොම යනකොට දවසක මට හොඳ ගහක් ලැබේවි කොටන්න හෝ නගින්න පුලුවන් එතකොට . හැමදාම කලුවර නෑ නේ ! නැද්ද බං
..........................................................................................................................................
@Charmi = උඹලා කියවනවා නම් ඉතින් මට ඒ ඇති..! මචං. ස්තූතියි
..........................................................................................................................................
@දුකා = දුකා වගේ කෙනෙක් මට එහෙම කියාපු එකම මදෑ .අයියන්ඩි උඹලෑ කමෙන්ට් වලින් දෙන හයිය හත්තිය තමයි බං මේ අකුරු වෙලා පිටු පිරෙන්නේ . බොහොම ස්තූතියි දුකා අයියා !
..........................................................................................................................................
@සෝරෝ = කරගන්න තිබ්බා ඒකි මේ මාසේ කසාද බැඳලා නුවරට පදින්චියට නොයන්න හිතාන නොහිටියානම් .. මේ මාසෙන් ඒකි අයින් වෙනවා කොල්ලෝ . මම ආයෙමත් පරාදයි . අනික ඒකි අක්ක කෙනෙක් නේ !
..........................................................................................................................................
@Hishan Melanga = අනේ මන්දා බං මම කසාද බඳීවිද ඊට කලින් දික්කාසාද වේවිද මන්දා බං . මොකෝ උඹ දැන් මුනිවත රකින්නේ .?
..........................................................................................................................................
@Anonymous 1 = මිනිසාටයි හැම දේ වෙන්නේ .! නොසිතු දෙයක්මයි සිදුවෙන්නේ .ඔයා හරි මම පොඩි කාලේ ඉඳන් එහෙම අහලා තිබුනා . ජීවිතේ හැටි
..........................................................................................................................................
@Anonymous 2 = ස්තූතියි සහෝදරයා
..........................................................................................................................................
@Chanaka Aruna Munasinghe = අඩේ උඹ අපේ පැත්තේ ඇව්ල්ලා නෑ ! ඒ වෙන චානක කෙනෙක් මම ඌව දැකලත් නෑ . එහෙම කරන එක හරි නෑ නේද ඒක හොර වැඩක් .අනික එයාට ටයිප් කරන්නත් බෑ තවම . පවු අප්පා !
..........................................................................................................................................
@Dinesh = ඉතාලි කෙල්ලෙක් හැඩ්ල් කරන්න තරම් මට වත් කමක් නෑ මචෝ . මට හැම දේම විකුනලා තමයි ඒ කෙල්ලට කන්න අඳින්න දෙන්න වෙන්නේ . ඔන්න දවසකට දෙකකටනම් කමක් නෑ ඉතින්
..........................................................................................................................................
@ශශී = නෑ . නෑ මම ගැසුවේ .බොකු දිරාස් .එලම පානයක්
..........................................................................................................................................
@පුතා = ශානිටයි ඒ කොලුවාටයි වැඩක් දෙන්න හිතෙනවා . හිත් නොරිද්දා පොඩි වැඩක් . ඒත් මොකටද නේද පුතේ ?
..........................................................................................................................................
@ItalyDilan = ඩබල් ක්ලික් එකට පස්සේ එයාට ටයිප් කරන්න උගන්වන්න ඕන ඊටපස්සේ තව වැඩ කන්දයි ඔය ඔකෝම කරන්න මට තව වසර 10 වත් ඕන එතකොට මැණිකේ මිස්ගේ වයස කීයක් විතර වේවිද
..........................................................................................................................................
@JH= අනේ බං මට මැටිච්ච එවුං මක්කොරන්නද ? දැනටනම් ගෑනු දරුවෙක් සමග පොඩි මෙවුවා එකක් තියේ . ඒත් එයාමට දිරවන්නේ නෑ අප්පා . බලමු දවසක මමත් නාගනීචි .
..........................................................................................................................................
@Anonymous 3= සතුට පතා .. හිතා මතා . කියමි ගොතා නියම කතා //
..........................................................................................................................................
@දුමී = අනේ උඹ දුන්න බෝතලේ මට ලැබුනේ නෑ ! අයියේ .මැණිකෙට තාම ඩබල් ක්ලික් බෑ .මට නිකම් ඔල්මාදේ වගේ දැන්නම් . ස්තූතියි බං

හිස් අහස said...

@බීටා = මිසීට ඩබල් ක්ලික් කරන්න තව වසර 10 යනවා සුවර් . කෙල්ලො කියන්නේ අමුතු ජාතියක් බං
..........................................................................................................................................
@විසිතුරු = අහිතක් තියනවා ඒත් ඒක පෙන්වන්න බෑ . ඒ අහිත හිතේ හංගාගෙනම මමත් ඉතින් ඩබල් ක්ලික් කරනවා
..........................................................................................................................................
@කතන්දර Kathandara = හ්ම් .. මොනා කරන්නද ? කාලය මාව නියම තැනට ගෙනියයි
..........................................................................................................................................
@සිහින = අප්පේ බෑ නන්දලා මට ඇලජික් .අබේ පාල මාමා ආවා . අලිත් බලන්න කියලා අපි ගියා . දුමී අයියාගේ තෑග්ග මිසිං වෙලා . ඒක මට ලැබුනේ නෑ .මෙතන කුමංත්‍රනයක් ගිහිං තියනවා
..........................................................................................................................................
@StArry aNgeL = තවම බෑ සහෝදරී තව අවු 10 යනකොට අනිවා පුලුවන්
..........................................................................................................................................
@සාතන් = හිතටයි ගතටයි සැප එකවර දෙන්න අමාරුයි බං . ඒකට හොඳ ඳේ මේකට අහිතකරයි . ඒත් මොනා කරන්නද ? ජීවත් වෙලා ඉන්නත් හිත නිදහස් වෙන්න එපෑය
..........................................................................................................................................
@..ChAnDiKa = රයිට් ක්ලික් නම් එයාට එලටම පුලුවන් .බලමු මම බ්‍රෑන්ඩඩ් පරිගණකයකටම අත ගහන්නයි යන්නේ . ඒක හරි ගියොත් ගොඩ
..........................................................................................................................................
@Theekshana = ඒක තමයි මමත් උඹව දැක්කේ අද . බොහොම ස්තූතියි මචං .කමෙන්ට් එකට . ආයෙමත් ඇවිදිල්ලා යන්ඩ .
..........................................................................................................................................
@දේවා ගේ අඩවිය = අනේ මන්දා බං මේකට විසඳුම බොටල් එක කියලා මම ත්දැකීමෙන් දන්නවා . ඒත් ඒක හැමෝටම හරියන්නේ නෑ .එක එක්කෙනා හිත හදාගන්න හැටි වෙනස් . අනේ උඹගේ විශ් එකට ගොඩක් පිං .
..........................................................................................................................................
@Bindi= ඒක මගේ වරදක් නෙවේ අයියෝ ! . මම තාම පොඩී එකා ඒකයි මට දැක්ක තැන කෙල්ලොන්ට ආදරේ හිතෙන්නේ .අවුලක් නෑ අනේ මා මිය ගියහොත් මාව බලන්න එන්න මාරි පෙට්ටියකුත් අරගෙන
..........................................................................................................................................
@චතුර = ජීවිතේ දුකයි මචං ඒකයි මේ
..........................................................................................................................................
@hare :-) = අපිට එහෙම කෙටි ක්‍රම වලින් කියා දීලා වැඩේ අතාරින්න තහනම් . ඒ අනිසා මැරීගෙන ඩබල් ක්ලික් කරන්න උගන්වනවා අපි .මට තව වසර ගානකින් මේක ඉවර කරන්න හැකි වේවි
..........................................................................................................................................
@prasanna86k= දෛවය විසින් එයාව මට මුන ගස්වාවි
..........................................................................................................................................
@නිර්මල = ස්තූතියි නිර්මලා . මොනවා හරි ලියපියකෝ .උඹගේ බ්ලොග පාලු වෙලා
..........................................................................................................................................
@පූසා ="ගෑණු කවදද ඇත්ත කිව්වේ?" ඒක නම් ඇත්ත බං .
..........................................................................................................................................
@හසී = ගැල වෙච්ච දත් මම තාම ගනිනවා අක්කේ ඉවර කරගත්තු දිනට ඒ ගැන ලියන්නම් . අනේ
..........................................................................................................................................
@කඩේ හාමිනේ = බොහොම ස්තූතියි හාමිනේ . ඒ ටික ඔයා දැක්කා නම් කොහොම වේවිද ?

හිස් අහස said...

@මධුරංග = කෙල්ලෝ ගැන එහෙම හිතන එක සාදාරනයි බං . බලමු කාලයක් ගියාම අපිට අපි හොයන කෙනා මුන ගැහේවි එයා අපේ වටේම ඉන්නවා අපිට පේන්නෑ . දෛවය විසින් අපිට ඒකිව මුන ගස්වාවි
..........................................................................................................................................
@Podi Kumarihami = නෑ නෑ මේ වෙන මකරෙක්
..........................................................................................................................................
@Praසන්ன = ඉගිලෙන්නට තටු නෑ අයියන්ඩි.. තටු ගිලිහී ගිය මල මම දෝ ? .. දුකයි බං
..........................................................................................................................................
@ශානිකා = මම දන්න ශානිකාට සිංහල ටයිපින් බැරි නිසා . ඔයා වෙන ශානිකා කෙනෙක් .මටත් සොරි වෙල්කම් අනේ
..........................................................................................................................................
@පන්සල් හංදිය = ශානිකා එලට නටනවා ඇති බං ඒකිට මං ගැන වගේ වගක් නෑ .මාලු නම් එපා අයියන්ඩි මට මාලු ඇලජික් :) . ස්තූතියි බං
..........................................................................................................................................
@Tharu = ඒත් මොකටද බං ඒකි එදා ඉඳන්ම මට අකමැතියි . ඒත් බොරු කියපු එකත් වරදක් නෑ මම උනත් එහෙමයි . උඹ කීව විදිහට වැඩේ කරන්නයි තිබ්බේ ෂිහ් ! අපරාදේ මම ඉමෝසනල් වුණා
..........................................................................................................................................
@Anonymous 4 = නමක් නැතුව ආවත් මට කමක් නෑ . ඔයා දීපු උපදෙස් වගේම ඔයාගේ කමෙන්ට් එක මට ගොඩක් දේ කියා දුන්නා . ස්තූතියි . බලමු අපිත් කෙනෙක් ඉඳීවී
..........................................................................................................................................
@අහිංසකි = මම ලියද්දී හිතේ තියන ඒවා වේගෙන් එලියට එන හින්දා ලියනවා තේරෙන්නේ නෑ ඔහේ ලියනවා පිටු ගනං . බලන කෙනාටයි වදේ .ස්තූතියි . අහිංසකී
..........................................................................................................................................
@නිම්ශා = අනේද කියන්නේ
..........................................................................................................................................
@ඕනයා = සෝරෝ කියාපු කෙල්ල ලබන මාසේ තුන් වෙනදා කසාද බැඳලා නුවරට යන්නයි ඉන්නේ මගෙන් ආඒත් වෙලා . ඒකිවනම් මට ගොඩ දැම්ම හැකි ඒත් ඒකි මට වඩා වැඩිමල් බං .. අබේ පාල මාමා මට පරන බෝතලයක් ගෙනවා .ඒත් මදෑ
..........................................................................................................................................
@ගලායන ජීවිතය = ඇයි අනේ එහෙම හිතුවේ .?
..........................................................................................................................................
@තාරා = අප්පෝ නෑ දැන් මම බොන්නේ සතියකට වතාවයි . අනේ බං අක්කේ මොකටද හිනා වුණේ .
..........................................................................................................................................
@Outsider = මචං නම් ගම් ඇරෙන්න අනික්වා සත්‍යයි . බොහොම ස්තූතියි ආවට සහ අදහසට
..........................................................................................................................................
@මාරයාගේ හෝරාව = මෙහෙමයි අයියේ ඩබල් ක්ලික් එකට පසුව එන්නේ ට්‍රිපල් ක්ලික් එක නිසා මම ඒක වෙනස් කරා ජුංඩක් විතර .ඒකයි .

හිස් අහස said...

@Dakshina = උඹලා කමෙන්ට් නොකර ගියත් මම තරහා නෑ මම හැමෝගෙම බ්ලොග් කියවනවා .ඒත් මට උඹලා ඔය බොක්කෙන්ම ලියන කමෙන්ට් එකත් වටිනවා . බොහොම ස්තූතියි මචං . ආයෙමත් සමාවක් ගැන කියන්න එපා .! බොල . :)
..........................................................................................................................................
@Fx මැක්ස් = බලමු එහෙම වුණාම මම ඒකත් ලියන්නම් . මචං . ස්තූතියි .
..........................................................................................................................................
@sameerausa= අවුලක් නෑ මම ආයේ සැරයක් ගේමට බහින්නම් .එදාට ඒකත් ලියන්නම් මචෝ
..........................................................................................................................................
@blog gadol= මටත් එහෙම හිතෙනවා පූස් කොල්ලනේ .
..........................................................................................................................................
@Dee = එයා බඳින්න ඉන්නේ නුවරින්.. දී මොනවා කරන්නද ? මගේ කාලකන්නි කමට බෙහෙත් නෑ නේ .ජය වේවා අක්කන්ඩි
..........................................................................................................................................
@පුතා = මොකද්ද පුතේ ඒ සිස්ටම් එක
..........................................................................................................................................
@හීනියට = කලුබෝවිල ඇතා අපේ ගමට ආවේ නෑ මචං .සෝරෝගේ ලට පට. බලහංකෝ මම ඌට දීපු උත්තරේ

Chanaka Aruna Munasinghe said...

ඩබල් ක්ලික් කරන්න බැරිනම් සින්ගල් ක්ලික් එකෙන් වැඩේ වෙන විදිහට කරන එක හොර වැඩක් වෙන්නෙ කොහොමද . ඒක තමන්ගෙ අවශ්‍යතාව අනුව වැඩේ පහසු කර ගැනීමක්නෙ

රවින් said...

:-(... මචන් ඒකි හදල තියෙන්නේ උඹව ස්පෙයා වීල් එක වගේ තියන් ඉන්න නේද???? හපොයි... වෙලාවට බිසෝ මැණිකා උඹට කිව්වේ සිද්දිය.. නැත්තන් ඉතින් අර sms එක එන්න තව කල් යයි.. උඹේ වෙලාව හොඳයි වගේ...

jhothishalanka said...

බලාගෙන යනකොට සදරු "ප්‍රේම කුරුල්ලෙක්නේ"

Ravi said...

බිසෝ මැණිකෙ නෝනාගේ කතාව එතැන් සිට -

ඔහොම ඉතින් සෑහෙන කාලයක් ගියා. බිසෝ මැණිකෙ නෝනට තාම වැඩේ අල්ල ගන්ඩ නම් බැරිඋනා. මමත් මොකද කරන්නේ? කුම්බල මාලු කෑවනම් තුක විඳපිය පළලෝ, කියල මටම සාප කර කර ඩබල් ක්ලික් එක කියල දෙනව.

දවසක මෙන්න බිසෝ මැණිකෙ නෝන පංතිය පටන් ගන්න කලින් බෑග් එක ඇරල ගත්ත පොඩි කුප්පියක් මම ඒ දිහා බලා හිටියෙ මේ මනුස්සයට මේ ඩබල් ක්ලික් කිරිල්ල නිසා ජීවිතෙත් එක්ක එපා වෙලා වහබොන්ට වත් යනවදෝ කියන සැකෙන්.

" පුතේ මම හිතන්නෙ මට මේ වැඩේ හරියට අල්ල ගන්ට බැරි මේ වාතේ නිසා....අද මම ගෙනාව වාත තෙල් කුප්පියක්...මගෙ හොඳ පුතා වගෙ මගෙ මේ ඇඟිලිවල ගාල ටිකක් අත ගෑව නම් ඇඟිලි වලට පණ එයි."

මදෑ වෙච්චි දේ මට වාත වෙදකමත් කරන්ඩ වෙච්ච හැටි අම්මප, කරුමෙම තමයි.

" ඇයි මිස්, ශානිකාට කිව්ව නම් තෙල් ටික ගාව ගන්න තිබුනනෙ,"

මමත් අහන්නෙම මහ මෝඩ ප්‍රශ්න කියල මටම තේරෙන්නෙ ඇහුවට පස්සෙ.

" අනේ පුතේ දුව අර යාලුවෙලා ඉන්න ළමයත් එක්ක උදෙන්ම ගියානෙ ඔන්න ඔය ට්‍රිප් එකක් යනවය කියල, ගෙදර එනකොට රෑ වෙයි කිව්වෙ.දැන් ඒ කෙල්ල ගෙදර ඉන්න වෙලාවක් හොයා ගන්න වත් නෑ. කොයි වෙලාවෙත් අර ළමය එක්ක එහෙ මෙහෙ යන එකමයි වැඩේ "

මට හිතට ආපු වේගෙට බිසෝ මැණිකෙ නෝනගෙ අත මිරිකුනාද කොහෙද, ටිකක් සැරෙන්....... " ඌයි පුතේ, අනේ ටිකක් හෙමිහිට " මා දිහා බයාදු විදිහට බලල කිව්ව.

ඔන්න එදා ඉඳල 10.30 ඉඳල 11.30 වෙනකල් වාත වෙදකම් සායනය,......... ඊට පස්සෙ 11.30 ඉඳන් 12.30 වෙන කල් ඩබල් ක්ලික් පන්තිය.

ඔහොම තව කාලයක් ගියා.....ආයෙ දවසක්....බිසෝ මැණිකෙ මිස් කේක් ගෙනාවා..." .පුතේ පෙරේදා අපේ දුව බැන්දනෙ මේ මම පුතාටත් කේක් ගෙනාව...." .එදත් බිසෝ මැණිකෙ නෝන කිව්ව " අනේ පුතේ ටිකක් හෙමිහිට " කියල මම තෙල් ගානකොට.

ආයෙත් ඔන්න දවසක කැවුම්...... " පුතේ අපේ දුවට බබෙක් හම්බ උනානෙ, ඉතිං මම මේ පුතාටත් කැවිලි ඩිංගක් ගෙනාව "

එදානම් බිසෝ මැණිකෙ නෝන " අනේ පුතේ ඩිංගක් හෙමින් " කියල කිව්වෙ නෑ.

මම තාමත් අඟහරුවාදටයි සිකුරාදටයි ඔය සුපුරුදු වැඩේ කරනව.

Every Tuesday & Friday

10.30 - 11.30 - Oil Massage Clinic

11.30 - 12.30 - Double Click Class

Anonymous said...

සඳරු මලේ... උඹට සිකුර ලබල තියෙන්නෙ සෙනසුරත් කරේ තියාගෙන...

Jay said...

හ්ම්ම්.. මෙ බ්ලොග් එකට දාන පළවෙනි කමෙන්ට් එකද මන්දා මම.
කථාව නම් සුපිරි.. :D

නලිනි චන්දිමා said...

ලිපි දෙකම එක හුස්මට කියෙව්වා. හිතට කා වදින ලෙසට ලිවීමට, සිද්ධි පෙළ ගැස්වීමට, තැනට උචිත යෙදුම් යොදාගැන්මට ඔබට තියෙන්නෙ අපූරු කුසලතාවයක්.
ජය!

චතුවා said...

හයියෝ අපරාදේ බොල.. ටිකක් කලින් ක්ලික් කලානම් මෙලහට ක්ලික් වෙලා තියෙන්න ඉඩ තිබුණානේ.. :\

duliponline said...

@පුතා:
හික් හික් . . . ඇයි නරකද ????

හීනියට.... said...

http://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=5856:2011-07-10-04-30-50&catid=1:2010-11-08-15-13-52&Itemid=50

මේකත් බලහන් සඳරුවෝ.....

Ashoka said...

මේ දිනවල ටිකක් බිසී නිසා කොමෙන්ට් කරන්නන් ලැබුනෙ නැහැ, නමුත් කියෙව්වා. අන්තිම පොස්ට් කිහිපය නම් නියමය්.

බෝතල් ටිකක සල්ලි ඉතිරි කරගන්න පුලුවන් නම්, මෙහෙම දෙයකුත් සඳරුට කරන්න පුළුව්න්.

1

2

කොහොමද අදහස? හැබයි මේක හොඬ කොපි 2-3ක් ගහන්න විතරයි. ඊට වඩා ඕන නම් local press වඩා ලාබයි.

හිස් අහස said...

@Chanaka Aruna Munasinghe = ඒ කතාවත් ඇත්ත තමයි . ඒ වුණාට මූසිකය හරියට පාලනය කරගන්නවත් තවම එයාට බෑ පොඩ්ඩක්වත් කොන්ට්‍රෝල් නෑ ක්ලික් කරන්න කීවාම රයිට් ක්ලික් කරනවා ඒකයි අවුල
..........................................................................................................................................
@රවින් = නොකීවා එහෙමනම් මම හොඳ වැඩක් කරනවා .කමක් නෑ බං අපි මොකටද වාත වෙන්නේ පැත්තටක වෙලා ලාවට රත් වෙලා හිටියම ඉවරයි
..........................................................................................................................................
@JHOTHISHALANKA = මමත් කුරුල්ලෙක් ඉගිලෙන්න විතරයි අප්පා බැරි
..........................................................................................................................................
@Ravi = අප්පා මට වමනෙට ආවා රවී අයියේ ! ඔයවගේ දෙයක් කරන්න කලින් මම මගේ බෙල්ල මිරිකාගෙන මැරෙනවා බං . ඊයෑ . අම්මාපල්ල බං මට වමනෙට එනවා . අඩේ මටනම් තවත් මේ කාස් එක කරන්න බෑ .. මම හෙමීට මේක වෙන කාගෙ හරි ඇඟේ පටවනවා රවී අයියේ . උඹ තමා මගේ දෑස පෑදුවේ .
..........................................................................................................................................
@සපතේරු උන්නැහේ = අනේද කියන්නේ මගේ කේන්දරේ බලවගන්න කෙනෙක් නෑ නේ
..........................................................................................................................................
@Ansh Lucky Sri Jay = ඔවු සහෝදරී ඔයාගෙන් ආපු මුල්ම කමෙන්ටුව . බොහොම ස්තූතියි අදහසක් දුන්නට . ඔයා බ්ලොග් එකක් ලියන්නේ නැද්ද ?
..........................................................................................................................................
@නලිනි චන්දිමා = බොහොම ස්තූතියි අක්කේ . ඔයාගේ බ්ලොග් එක හොයාගන්න බැරිව හිටියේ දැන් ලිංක් එක සුරක්‍ෂිත කරගන්නම්
..........................................................................................................................................
@චතුවා (ළමයා) = එහෙනම් මෙලහකට මූසිකයේ කෑලි දෙකයි !
..........................................................................................................................................
@ඕනයා = අඩේ මම උඹව දැක්කා පාක් එකේ වාඩි වෙලා පොර ටෝක් දෙනවා . දැක්කා
..........................................................................................................................................
@හීනියට = අපේ අලින්ට ඔය වැඩේ හරියන්නේ නෑ බං අපේ අලි බුද්දිමත් . උං ඔය කොලර් එකත් ගානකට විකුනලා දායි
..........................................................................................................................................
@Ashoka = මේ ලිංක් දෙක පට්ටයි මම එකනම් බැලුවා ඒකේ සිංහල අකුරු පේන්නේ නෑ . දෙවනි එක බාගන්න ඕන හෙට උදේම ඔෆිස් එකට ගිහිල්ලා . ස්තූතියි බං මේවට

Kasun said...

කොටස් දෙකම එක දිගට කියෙවගෙන ගියා සඳරුවෝ. හිනාවෙවී මුල ටික කියෙව්වත් අන්තිම ටික කියවද්දි ඇත්තටම ඇස් දෙක තෙත් වුනා බං. උඹේ ලිවිල්ල ගැන නම් කියන්න දෙයක් නෑ, පට්ටම සුපිරියි. මට උඹට කියන්න තියෙන්නෙ, කිසිම වෙලාවක කිසිම කෙල්ලෙක් ගැන ඔච්චර ඉක්මනට බලාපොරොත්තු ඇති කරගන්න එපා කියලයි. කෙල්ලන්ගෙ හැටි තේරුම් අරන් වැඩ කරපන්. එදා බිසෝ මැණිකෙ කේක් ගෙනාවෙ නැත්තන් සමහරවිට තාමත් උඹ ඔය හීනෙ ඇතුලෙම ඉඳීවි. ඒක නිසා තීරණ ගන්නකොට පරෙස්සමින්.

නචියා said...

ආයෙත් කෙල්ලෙක් හම්බ වෙනකල් උඹ ඔහොම කිය කිය ඉදපන්කො. ඊළට උඹ දකින ලස්සන කෙල්ල කවුරු වෙයිද ?... ඒ ගැනත් කියවන්න පුලුවන් වෙයි ඉක්මනට...

අර මාමලාගෙ ගමන කොහොමද බන්. උඹගෙ දත් අඩු වුණා කියලා ආරංචියි...

Anonymous said...

හ්ම්.... බටර් කේක් නොවිකාම ගිලිනකොට උගුර හාරගෙන යනවනෙ බං.

ලිවිල්ලනම් සුපිරි කොල්ලෝ.

පිණිබිඳු... said...

එහෙනම් ඒකත් අන්තිමට සුපුරුදු පරිදි අවසන් උනා ඈ... මේ කොල්ලගෙන් කවදා අපිට සුභ ආරන්චියක් ලැබෙයිද මන්දා.

Anonymous said...

i'm anonymouse 4...me tikath kiyalama yannam aiye..kohewath inna kellek nisa hitha riddagena eka nathikaranna bona ekanam hoda deyak neme...biwwata kamak na e kella tmanta adare karapu kenek nam..ehmath nane..bona eken wenne tamange jiwithe nasthi wena ekai tmanta jiwath wenna tyena kale adu karaganna ekai witharai.. witharai..kawadahari aiyata aththatama adare karana kenek hambuna dawasata aiyata jiwitha kalema eya ekka inna ona wei...eth oya bona eka nisa aiyage jiwithe wadi kal sathutin inna labena ekak naa.. mehma kiyanwata traha wenna epa..aiyagema hodatai kiwwe...hodata hithala balanna..

කස්ස said...

ඔය ඉතින් ගැනුන්ගෙ හැටියක් නෙ මචන්.උබ පිනක් කරගත්ත කියල හිතා ගනින්.එච්චරයි

සරත් ලංකාප්‍රිය said...

මට හිතෙන්නේ මෙහෙමයි
කෙල්ල උඹට ලනුව දීගෙන හිටිය අම්මට උඹේ ෆුල් අටෙන්ෂන් එක ගන්න. තරහවෙන්න එපා කොල්ලෝ. උඹ ඔය අම්මට උදවු කරන්න ගත්තේ අනුකම්පාවට වඩා කෙල්ල ලඟට යන්න ඉනිමගක් හදන්න නිසා ඒ පව පඩිසන් දුන්න වගෙයි .. කොහොමටත් ඔහොම ලනු දෙන කෙල්ලක් මොකටද උඹට ? ඔහොම යනකොට තව නෙට්වර්ක් කරන තැනකින් තව කෙනෙක් හමබවෙයි.. එතකල් බෝසෝ මැණිකේට උගන්නලා එයට වෙනම බ්ලොග් එකකුත් හදල දෙපන්. එතකොට අපි එකට ඇවිත් උඹේ මේ පොස්ට් එකට එන්න පාර කියන්නම් හික්..

පිස්සා පලාමල්ල said...

මම මොන නැකතකින් උපන්නද මන්දා ? මට ලස්සන කෙල්ලක් දැක්ක ගමන් ආදරේ හිතෙනවා .ඒක ආදරේද ?, කෑදරේද ? කියලා කියන්න මම දන්නේ නෑ

ඕකනම් මටත් තියෙනව නේ බන්...

අඩේ කොල්ලෝ ඇත්තමයි... ඇස් දෙකට කඳුළක් ආව බන් මේක කියවල ඉවර වෙද්දි... ඇයි දන්නවද උබ හැම තිස්සෙම කියනව උබ බ්ලොග් එක පටන් ගත්තෙ මගේබ්ලොග් එක නිසා කියල... අඩෝ උබේ ලිවේල්ල සුපිරි කොල්ලො...සිරාවටම සුපිරියි. ඒ සන්තෝසෙට බන්... මතකද පත්තරේ ගිය ලිපිය ගැන මම උබට කෝල් කලා... එදාට වඩා අද සතුටුයි බන්... උබ ලියනවා සුපිරියි.

උබට මේ පැත්තෙන් දුරක් යන්න පුළුවන් මල්ලියා... උබට ජය.

කිඩෝ said...

අඩේ සදරු අයියා සොරිම සොරි වෙන්න ඕනේ මට මේ පෝස්ට් 2ම මිස්වෙලා... අද පලාමල්ල කියවනකොට තමා දැක්කේ මම කියවපු නැති පෝස්ට් එකක් තියනවා කියලා....

අඩෝ සදරු අයියා ඇයි දන්නවද උබට ඒ කෙල්ල මිස්වුනේ... කොහොද උබ කැතහිත පෙරටුකරන්නේ වැඩේ පටන්ගත්තේ දැන් ඔය ඇන්ටිට (අම්මා කියමු උබෙත් ආසාවනේ) දැන් ඔය අම්මට ඩබල් ක්ලික් කරන හැටි කියා දිදී පව් ගෙවපන්... :P ඊලග පාර කෙල්ලෙක් හොයාගන්නකොට අර අයිසිංකේක් වලට යන ගාන කාට හරි දීලා කෙල්ලගේ සියලු විස්තර හොයාගෙනම ලව් කරන්න ගනිං (එතකොට අර අන්තිමට හිත හදාගන්න බොන අරිශ්ටෙට යන ගානත් ඉතුරුයි)

කිඩෝ said...

අහ් සදරු අයියා තව ටිකෙන් අමතක වුනා අරක සිංගල් ක්ලික් විදිහට හැදුවනං හරි නැත්තං බොට මැරෙනකංම ඩබල්ක්ලික් කරන හැටි උගන්න උගන්න ඉන්න පුලුවන් :P

මකුළුවා..... said...

සඳරු කියලා වැඩක් නැත....සුපිරි බං...දැනෙන්නම ලියලා තියෙනවා...පට්ට....

Anonymous said...

“ක්ලික් “

එක ක්ලික් එකෙන් ඕපන් වෙන්න සෙටින්ස් හදල දෙන්න බැරිද.

බිසෝ මැණිකෙට විතරක් නෙමෙයි, සඳරුත් එක ක්ලික් එකෙන්ම ගොඩ යන්න හරි වරදින්න හරි අහන දෙයක් , කියන දෙයක් කරන්න ඊළඟ පාරවත්...

ලිවීම නම් හැමදාමත් වගේ හරිම අගෙයි...ඒ ගැන කියන්න වචන නැහැ සඳරු...

පුංචි සුරංගනාවි said...

අපොයි ඇති යන්තම් සිකුරා නලලටම ගහලා...........දැන් ශානිකා නමේ අනු කියන්නේ කවුද???කියමු බලන්න....

A.Wickz said...

හ......... දැං එයා ඉවරයි.අනූ ගැනත් කියන්න බලන්න.....හික්ස්

Anonymous said...

ha..ha..biso manika and eyage duwa gana kathawa pita wedak na...ikmanata kiyanna kawda anu kiyala??heta weddi e gana post ekak nodammoth balagamu hariya?? mn me hodin kiyanne... :-DD

ayesha said...

මොනව නැතත් ඔයාට පින් සිද්ද වේවී

ජීවිතේ මල් said...

උබ හෑම කතාවෙම අපිට ඉතුරු කරන ලොකුම ලොකු ප්‍රශ්නෙයක් තියනව සඳරුවෝ....

ඈත්තටම මේකට අපි හිනා වෙන්නෙ කොහොමද? අඬන්නෙ කොහොමද?

උබම පුලුවන් නම් උදව් කරපන් උත්තරයක් හොයා ගන්න අපිට/...

:-)
ජය! 1000000%%%%%%

Anonymous said...

mechchara awulakin indala me serama kathawa liwwa ekata thanks macho

ධාරණ | Dharana said...

අද තමයි මම මුලින්ම කියවන්න පටන් ගත්තෙ. මේ කථාවනම් මට වුනා වගේ හිතට දැනුනා.... කියන්න දෙයක් නෑ වගේ...මොනව කරන්නද ඉතින්.අර message එකට reply නොකරපු එකනම් හොදයි.

saumiya said...

machan sandaru,,, oyage kathawata hinath yanaw.. dukath hithenawa... monawa karandada machan... owa ohoma tamai... kollo 100k innawa nam eken 98k ma oya duka windala tiyanawa... anyway.. good luck machan...

Didi said...

මං අද උදේ ඉඳන් උඹේ කතා කියවනවා අයියණ්ඩි

සිතූ - Sithu - said...

hehehe...මම දවසක් රෑ එලි වෙනකම් හිස් අහස කියෙව්වා.. comment කරන්න බැරි වුනාට සමා වෙන්න ඕනි.. ඔයා ලියන style එක superb අයියා.! ඇත්තටම මම කියවපු හැම post එකක් ම සිරාම සිරා... Thumbs up!! :) :)

Thilina.gtr said...

හප්පුච්චියෝ... චෝයි බ්ලොග් එකක්,නෙව.
දිගටම කරන යන්න අය්යේ. සුභ පැතුම්!

Prabath said...

බොක්කටම වදින ස්ටෝරි සෙට් එක. මම මේ මුල ඉඳල උඹේ ඒවා කියවගෙන එන ගමන්. මේ ලංකාදීපයේ , මම ආසම පැත්ත තම ඔය හිස් අහස තියන පැත්ත. ඒ ඇයිද කියන්න මම දන්නේ නැ. ඉතින් ඔය පැත්ත මගේ කරගන්න මම ගැහුව්වා පට්ටම ප්ලෑන් එකක්. කොහොමහරි කෙලි පොඩ්ඩක් හොයාගත්ත හිස් අහස පැත්තෙන් , එත් මට වැඩ වැඩිමල් මාස 2 ක් විතර. ඒ උනාට කමක් නැ ඔය පැත්තට එන්න ලැබෙනවනේ මට. ඒ නිසා බොක්කෙන්ම වැඩේ කරගෙන ගියා. හැබැයි මම හිස් අහස පැත්තට නුසුදු පුද්ගලයෙක් නිසාදෝ , ඒ සබදකම නැති වෙලා යන්න වැඩ සිද්ද උනා. අදත් මම හිස් අහස තියන පැත්තට තියෙන්නේ පුදුම ලෙන්ගතු කමක්, ඒ ඇයි ද කියන්න මට තවමත් තේරෙන්නේ නැ..

Post a Comment

තැන්කූ බං