16.7.11

දෙකඩ වීමෙන් පසු .

    


          ජීවිතේ හරිම පුදුමාකාරයිලු . ඒක හරියට ගලාගෙන යන ගඟක් වගේමයිලු . කවියෝ නවකථා කාරයෝ දාර්ශනිකයෝ ජීවිතය ගැන නානාප්‍රකාර දේවල් ලියනවා. ඒත් ! ඒ ලියන කියන දේවල් වලින් අපේ ජීවිත යන්තමින්වත් වෙනස් වෙන්නේ නෑ . ඇත්තටම කීවොත් අපේ ජීවිතය කියන පොත ලියන්නේ මහා බ්‍රහ්මයා . පෑන තියෙන්නේ මිනිහගේ අතේ . පොර ලියන්නේ තමන්ට ඕන දේ මිසක් අපිට ඕන දේ නෙවෙයි . ඒකයි ඇත්ත.

කාලෙකට කලින් මම නිල් ඇස් තිබුන කෙල්ලෙකුට බොක්කෙන්ම ලවු කරා . කන්න ගියත් බොන්න ගියත් නිදාගන්න ගියත් .අරකට ගියත් මම ඒ කෙල්ල ගැනම විතරක් තුන්තිස් පැයේම හිතුවා . බැරිම තැන බ්ලොග් එකේ ලිවුවා . ඒත් බැරි වුණාම අඩිය දැම්මා . (හීනිවට )

ඒකි දුප්පත් කමේ අඩියටම වැටිච්ච කෙල්ලක් . ලාඩං වගේ ගෙවිච්චි කාන්තා සෙරෙප්පු දෙකයි , පාට පිච්චිලා නන ගැලැවුණු කුඩෙයි , නිල ඇඳුම වගේ හැමදාකමත් එකම ඇඳුමයි ඇන්ඳට මම ඒකිට ආදරේ කලා. කැත නැතුවම . බොළඳ ආදර කථාවක හැඩහුරුකම් මගේ ආදරෙත් තිබුණා ! කෙල්ල දුප්පත් , කොල්ලා ...හ්ම්..හ්ම් . ඌත් හැබැයි ටිකක් විතර දුප්පත් .. !

නිල් ඇස් වල අයිතිකාර ඒකි කොයිතරම් දුප්පත් වුණත් . ඒකිගේ මූණට වැටෙන අවුල් කෙහෙරැල්ලට මම පුදුම වීදිහට ආසා කලා , ඒකිගේ හීනි කටහඬට . ඒ ගැස්සිල්ලට ඒ පැද්දිල්ලට.. හප්පා ඒ පැද්දිල්ල තමා පැද්දිල්ල . . . . . කොහොම හරි. ඔය ඔකෝටම වඩා ඒ නිල් ඇස් දෙකට මම ආදරේ කලා . පැල් බැඳගෙන ආදරේ කලා . !

පරණ බයික්කේ විකුණලා දැමිමේ . ඒකිට පේන්න අලුත් බයික් එකක් ගන්න හිතාගෙනමයි . බයික්කේ නැති මම ඒකි යන බස් එක එනකම් බස් හෝල්ට් ගානේ වින්ද දුක ! ඒ දුක දන්නේ මගේ කෙට්ටු කකුල් දෙකයි .ජෙන්ටා සපත්තු දෙකයි විතරයි .තැපලා තැපලා බස් එක නැතිව ලොරියක ට්‍රැක්ටරේක නැගලා ගෙදර යද්දී වෙලාව රෑ නවයයි දහයයි !.. කට්ට කෑවා මම උපරිමෙන් ..ඒත් ඒකයි ආදරේ !

ඒත් අවසානේදී මට ඇතිවුණා . හොඳටම ඇතිවුණා .

පස්සෙන් බඩගාලම එපා වෙච්චි තැන මම ඒකිගෙන් මෙහෙම ඇහුවා .

" කෙල්ලේ උඹ මට කැමතිද ? උඹ මට කැමති වුණොත් මම උඹට මගේ ජීවිතයටත් වඩා ආදරේ කරනවා.. සත්තයි බං .! උඹගේ ඔය ලස්සන නිල් ඇස් දෙක දකින තුරාවට මට දුකක් දැනෙන එකක් නෑ බං .. මට ආදරේ දීපන් කෙල්ලේ ! මේ කාලකන්නී ජීවිතය හදාගන්න එක අවස්ථාවක් දියං කෙල්ලේ ! “

කෙල්ල මගේ දිහා මොහොතක් බලාන හිටියා . මමත් ඒකිගේ නිල්පාට ඇස් දෙක දිහාම බලං හිටියා . වශී වෙලා බලං හිටියා . ඒකිගේ නිල්පාට ජිල් බෝල ඇස් දෙක දිහා මම බලාන හිටියේ නිකම් ගංජා ගහපු කොල්ලෙක් සන්සුන්ව හඳ දිහා බලාන ඉන්නවා වාගේ . මගේ බැල්මේ වැරැද්දක්ද නැත්තම් මගේ චරිතේ වැරැද්දක්ද , අනේ මන්දා . ඒකි බිම බලාගෙන යන්න ගියා . .. ඊට වඩා මොන දඬුවමක්ද මට ?

ඇයි ඒකි මට බෑ කීවේ නැත්තේ ? . පල ***** යන්න කීවේ නැත්තේ ?. ගෙදර එවුන්ට කියලා මට සද්දේ දැම්මේ නැත්තේ .? ඒකි මට ආදරෙයිද , නැද්ද ? .ඕක හිතේ තියාගෙන මම සෑහෙන කාලයක් විඳවාවි .සමහර විට මැරෙනකම් , මොනා කරන්නද ? ඕක තමා මගේ දෛවය ..

පොඩි කාලේ ඉඳලාම මගේ ජීවිතේට කිසිම අරමුණක් තිබුණේ නෑ . මම ඔළුව හැරුණු අතේ ගියා .මට තිබ්බ ප්‍රශ්න තමයි උදේට කන්නේ මොනවයි ? දවල්ට , රෑට කන්නේ මොනවයි ? .එච්චරයි මට තිබුණු ප්‍රශ්න . ඒත් නිල් ඇස් තිබිච්ච කෙල්ල මගේ ජීවිතේට ආව දවසේ ඉඳලා මට මොකද්දෝ මන්දා අරමුණක් තිබුණා . අරමුණක් වෙනුවෙන්ම සටන් කරලා . ඒ අරමුණ ඉටු කරගන්න බැරිව ගිහින් ඇති වුණාම ජීවත් වෙන්න අරමුණක් නැතිවෙනවලු ..ජීවිතේ ගැන ආසාවකුත් නැතිවෙනවලු . ඒත් මටනම් එහෙම නෑ මම මැරෙන්න පට්ටම බයයි

නිල්පාට ඇස් දෙක පස්සේ ගිහින් වෙහෙස වෙච්ච දාට මම කළේ දකින දකින කෙල්ලට ලයින් දාපු එක . ඔය අතරේ .මම දැක්කා දුඹුරු පාට ඇස් දෙකක් .. .. . . . . . . . .. ! පුරුද්දට වගේ මම ඒ ඇස් දෙකටත් ලං වුණා .. නොහිතපු විදිහට ඒ දුඹුරු ඇස්වල අයිතිකාරි . මට අයිතිවුණා .

ඒ ඇස්වල අයිතිකාරිය තමයි "අනූ"

පෙරේදා ඒ කීවේ 14 වෙනිදා රෑ 11:15 ට විතර අනූ ගේ ආදරේ මට අයිති වුණා . මම හිතාගත්තා නිල් ඇස් ගැන මතකය . මගේ හිතේ ඉපදිච්ච ඒ අවංකම අවංක ආදරය මගේ හිත ඇතුලෙම වළලලා දාලනවා , මගේ හිත සම්පූර්ණයෙන්ම අනූට විතරක් වෙන් කරනවා කියලා මම මටම පොරොන්දු වුණා .!

ඉතින් අද උදේ හතේ ඉඳන් . අට හමාර වෙනකම් අනූ එක්ක කතාබහ කලා .අපි දෙන්නා රු 15ක බොම්බයි මොටයි කෑවා . මම අනූ ගේ හීතල අතින් ඇල්ලුවා , ආදර කතා කිවුවා . ආයෙත් වැඩට ගියා ..

ජීවිතේ හැටි . . . අද පුදුම දවසක් ! . වෙලාව පහයි දහයට විතර . ෆෝන් එකට ආවේ කෝල් එකක් .

"මචං සඳරුවා ! අන්න නිල් පාට කෙල්ල වලංපුර බස් එකට නැග්ගා ! . අද සෙගත් අඩුයි . පලයං ඉක්මනට "

අනූට වෙච්ච පොරොන්දු කිවුව . ආදර කතා . ඒ සේරම මට අමතක වුණේ ඇසිල්ලකින් ! . විනාඩි පහකින් මම වලංපුර බස් එකේ . නිල් ඇස් කාරි පිටි පස්සෙම සීට් එකේ .. ජනේලෙන් ඉවත බලාගෙන ගල් කැට වැලි කැට ගනිනවා . .

එක පාරක් බලපං මං දිහා ! එකම එක පාරක්

කොහෙද ! ඒකි යන්තම්වත් ඔළුව ඉස්සුවේ නෑ . . . . . .මම බහින තැන ළඟයි ..! පිටිපස්ස දොරෙන් මම බිමට බහින අතරේ නිකමට හැරිලා බැලුවා . ඒ නිල් ඇස් දෙක මගේ දිහා බලාගෙන . මමත් බිමට බහින්නේ නැතුවම බලාගෙන හිටියා . ගල් වෙලා බලාන හිටියා . බස් එක යන්න හදන නිසාම බිමට බැස්සා .. නැත්තම් මම තවමත් බලාගෙන ඉන්නවා .

අනූ මට ගොඩාක් ආදරෙයි . මමත් ඒකිට මයෙ ගෙදර උන්ට තරම්ම ආදරෙයි . ඒත් නිල් ඇස් තමයි මගේ අරමුණ, මගේ හැබෑ ආදරේ . මම කොයිතරම් මගේ හිත තද කරගත්තත් වැඩක් නෑ . ඒ නිල් ඇස් වල එක බැල්මක් ඇති මාව පුච්චලා දාන්න . දැන් ආයේ හැරීමක් නෑ . මම තෝරගත්තු පාරේ යන්නම වෙනවා . සමහරවිට ජීවිත කාලෙම අනූ එක්ක ජීවත් වෙන්න වේවි ! .අපොයි නිල් ඇස් මාව නොමරා මරාවි !

වෙනදා ලිපියක් ලියද්දී පිටු හතරක් එකදිගට ලීවත් . අනූ මගේ ෆෝන් එකට නොකඩවා එවන කෙටි පණිවිඩ වලට උත්තර බඳින්නත් ඕන නිසා . මේ පිටු එක හමාරට පැය හතරක් විතර දැනටමත් ගිහිල්ලා ඉවරයි .

"ඔයා බදාදා අපේ ගෙදර එන්න . මම අම්මට ඔයා ගැන සේරම විස්තර කියලයි තියෙන්නේ , තාත්තට පස්සේ කියනවා.. ඔයා එනවා නේද ?අනූ අහද්දී .. මමත් හ්ම් කීවා ..

මම ආයෙමත් නිල් ඇස් පස්සෙන් එළවන්නේ නෑ..! ආයේ පස්සෙන් යන්නෙත් නෑ ..! මම උපරිම උත්සාහ කරනවා . ඒ නිල් ඇස් වලින් ඈත් වෙලා ඉන්න .. ඒත් .. මට මාව තවමත් විශ්වාස නෑ .. මම අද දැනගත්තා . මගේ හිත මම හිතුව තරම් සවිමත් නෑ කියලා . මම අද දැනගත්තා මම හිතුව තරම් පොරකුත් නෙවේ කියලා . .. ! . මගේ ජීවිතේ යන අතකට යාපුදෙන් . ගමේ ඉන්න බැරි වුණොත් ඔන්න ඔහේ වෙන කොහාට හරි මාරුවක් දානවා . . මට මේ මොනවත් වෙනස් කරන්න බෑ මම උපදිනකොට මහා බ්‍රහ්මයා ලියාපු දෛවයට එරෙහි වෙන්න මට බෑ .. කාටවත් බෑ වෙන්න තියනදේ වේවි .

මමත් උඹලා වගේම මනුස්සයෙක්..! උදේ හවා මම ලියන වයිට්බෝඩ් මාකර් එකෙන් මගේ දෛවය අලුතින් ලියන්න මට පුළුවන් වුණා නම්, මගේ ජීවිතය කියන ෆිල්ම් එකේ ඩිරෙක්ටර් වෙන්න මට පුළුවන් වුනානම් .. අද මම මීට වඩා සතුටෙන් ..


/ලි = ස්තූතියි කතන්දර කාරයා.. දුන්නු උපදෙස් වලට ! .. අභීත ලොකුඅයියා ! අඬබෙර ගැහුවට උඹටත් ස්තූතියි.. අපිට සුබ පැතුව උඹලා හැමෝටමත් ස්තූතියි ("උඹලා" කීවේ මගේ කමට මිසක් ලොකු කමට නෙවේ ) ..

Picture =   http://www.andrenaphoto.com/DWF2007/son_01.jpg










82 comments:

Charmi said...

//ඒකිගේ නිල්පාට ජිල් බෝල ඇස් දෙක........//
ඔය සේරම එකම ෂේප් ජිල්බෝල... පාට තමා වෙනස්... නිල් මොකද දුඹුරු මොකද?

Hasitha Gunasinghe said...

සුභ පැතුම් මචං. මූණු පොතෙන් මුලින්ම සුභ පැතුවා වගේම ඔන්න දැනුත් මම සුභ පතනවා. කිරි පැණි ඉතිරේවා නව යුවළට :)

Anonymous said...

මට මගේ අතීතය මතක් වුනා.

ඔයා වගේම මමත් ජිවිතේ එක්තරා මොහොතක (ඉස්කෝලේ යන කාලේ) වැට උඩ හිටියා. මම ආදරය කරන කෙනා වෙනුවෙන් ඉන්නවද මට ආදරය කරන කෙනා වෙනුවෙන් ඉන්නවද කියලා.
"එක් පෙති මලක් විය ඔබ මගේ අත් දෙකට"
මමනම් කර ගත්තේ අන්තිමේ දෙන්නම නැති කර ගත්ත එක. මම ඔයාට කියන්නේ බුද්ධියෙන් වැඩ කරන්න කියලා.

මොකද ආදරේට බ්‍රේක් නැහැ, ජීවිතේට රිවස් නැහැ.

හරි තීරණයක් ගත්තේ නැතිනම් වෙන්නේ පස්සේ කාලෙක ඒ ගැන හිත හිත දුක් වෙන්න විතරයි.

මල්ලි, ඔයා උපමා සහ රූපක සහ පින්තූර පාවිච්චි කරන හැටි මාරයි. ඒක ඔයා උපතින්ම ගෙනාපු දෙයක්. දිගටම ලියන්න. සතතාභ්‍යාසයද මොකක්ද කියන්නේ, අන්න ඒක කරන්න.

උණුසුම් සුබ පැතුම්!!!

Anonymous said...

hikiz sadaru mallige thawath adara kathawak wage.suba pathum male!!

(mama blog kiyawana habai blog liyanne nathi oyage blog eka digatama kiyawapu akka kenek.meka thamai mage first comment eka :) )

Anonymous said...

දෙයියම්පා මල්ලියේ උඹ වගේ විවෘත මිනිහෙක් මගේ ජීවිතේටම දැකල නෑ...

කතන්දර Kathandara said...

සදරූ,
සතුටුයි අවංකවම.

හැබැයි මං දුන්නු මෙන්න මේ දෙවෙනි අවවාදය ගැනත් පොඩ්ඩක් හිතන්න.

ලව් කිරීමට කොල්ලන් ට උපදෙස් - පාඩම් අංක 2

Anonymous said...

අනේ පොඩි එකෝ ඕක වත් හරියට කරගෙන පලයන්. මුලින්ම හිතට වදින කෙනා බැන්ඳපු එවුන් කීයෙන් කී දෙනාද බන් මේ ලෝකෙ ඉන්නෙ. තමන් ආසම කෙනා නෙමෙයි බන් වැදගත් තමන්ට ආදරේ කරන කෙනා හොයාගන්න එකයි වටින්නෙ.
කොහොම උනත් නව යුවලට සුබ පැතුම්.
JH

කතන්දර Kathandara said...

අනික කොල්ලෝ මේක අහස දෙකඩ වීමක් වෙන්නේ කොහොමද බොල?
මේක හිස් අහසට නව සඳ පැයීමක් නේ!

Anonymous said...

" ලාඩං වගේ ගෙවිච්චි කාන්තා සෙරෙප්පු දෙකයි , පාට පිච්චිලා නන ගැලැවුණු කුඩෙයි , නිල ඇඳුම වගේ හැමදාකමත් එකම ඇඳුමයි ඇන්ඳට මම ඒකිට ආදරේ කලා"
පට්ට ලිවිල්ලක් බන් මේක නම්. කලාතුරකින් පිහිටන ටැලන්‍ටුවක්. ජය වේවා.
JH

Podi Kumarihami said...

මෙන්න පොඩ්ඩිගෙන් හද පුරා සුබ පැතුම්...'හිස් අහස' දෙකඩ වීමෙන් පසු නෙමේ, 'හිස් අහසට සඳ පෑයු පසු' කියලා දාන්ට තිබුනේ.

අපොයි දැන් ඉතින් අපට ප්‍රේම ගීත අහ, අහා ඉන්ට වෙයිද දන්නේ නෑනේ.

දිල් said...

ආදරේ කියන්නෙ ඉස්පිල්ලක් පාපිල්ලක් ඇලපිල්ලක් අඩු නැතුවම දෙන දෙයක් මිසක් ලබාගන්න ඕන දෙයක් නෙමේ. අපි අඩු නැතුව ආදරේ දෙද්දී අඩු නැතුවම අපිට ආදරේ ලැබෙනවා.

මගෙන් සුබ පැතුම් මල්ලි.....!

ආ.. තව දෙයක්..කිසිම දෙයක් අපි හිතන තරම් සුන්දර නෑ. ආදරේ උනත් එහෙමයි. වෙලාවකට මේ මොන කරුමයක්ද කියලා හිතෙන තරමට.....

ඒත් බැඳීම ගැඹුරු නම් ආදරේ මොනම දෙයකින්වත් සෙලවෙන්නෙත් නෑ. සොලවන්නත් බෑ. ඒ තමා ආදරේ..... ඔය ආදරේ ඔය විදියටම අරගෙන යමු

Anonymous said...

සිරාවටම උබ ගැන ඉරිසියි බන් !!!

Buratino said...

මං මේ උඹට දාන පලමුවෙනි කමෙන්ට් එක මං හිතන්නෙ.. කොල්ලා, මෙච්චරයි කියන්න තියෙන්නෙ.. හැමදෙයක් ගැනම ඕනෑවට වඩා හිතන්න යන්න එපා.. අපට දෙයක් ලැබෙන්න තියෙනවනං ඒක අනිවා ලැබෙනවා, නොලැබෙන්න තියෙන දෙයක්නං කොච්චර ඉරාගෙන ට්‍රයි කලත් ඒක ලබාගන්න බෑ.. ඔය යන විදියට පලයං මචං.. අද දවසේ මහා ලොකු ප්‍රශ්න කියලා අපට හිතෙන දේවල් කාලයත් එක්ක බොහෝම පුංචි දේවල් වෙනවා.. උඹට ජය.!!

Anonymous said...

ඇති යන්තං සඳරුවෝ.... අපිට කේක් කෑල්ලක් කන්න පුළුවන් වෙන දවසක් ඉක්මනට කියපං.

නිල් ඇස් දෙක අමතක කරලා දැන් තියෙන ඇස් දෙකත් එක්ක සතුටින් හිටපං.

කස්ස said...

මචන් අපිට ලැබිච්ච දේ ගැන විතරක් සන්තෝස වෙයන්.නොලැබිච්ච දෙයක් ගැන බලාපොරොත්තුවක් වත් තියාගන්න එපා.එතකොට විදවීම අඩුවෙනව.මෙ ජීවිතේ "ආදරය" කියන දේදි තමන් ආදරේ කරල කෙල්ලව ලැබිල තියෙන්නේ ගොඩක් කලාතුරකින් එකෙකුට.බොරු නම් අහල බලපන් උඹෙ යාලුවන් ගෙන්.
"ජීවිතෙන් ආදරේ කරපන් හැබැයි ආදරෙන් ජීවත් වෙන්න එපා!"
මොකද ආදරෙ නැති උනොත් උඹට ජීවිතේ නැතිවෙයි.

Dasun said...

මුලින්ම මගෙන් "සදරුටයි අනුටයි" සුභ පැතුම්!
සදරු,
අපි කොච්චර ආදරේ උනත් වැඩක් නෑ ඒ කෙනා අපිට ආදරේ නැත්නම්. ඒ වගේම තමයි අපි අදුරගන්න ඕන අපිට ආදරෙ කවුද කියලා.....

වැප් said...

හා හා සුබ පැතුම් ............. ඔහොම යමන් දවසක උබම ලියයි වයිට් බෝඩ් එකේ උබේ දෛවය :DDDD

සංකල්ප said...

මම ඒත් බැලුවා අභීතයියා බොරුවක්වත් කියලද කියලා ඊයේ අභීත අයියගේ පෝස්ට් එකක් කියවද්දි දැක්කා මල්ලි අනූ කියලා ගෑනු ලමේක්ගෙන් අනූ නමයෙන් ගොඩ ගියා කියලා.

බලාගෙන ගියාම කතාව ඇත්ත. මල්ලි ගොඩ ගිහින්. අපිට සතුටුයි. ලංකාවේ කොහේ හිටියත් කොල්ලෙක්ට හරි ගිහින්. ඒ නිසා අපි ඒ සතුට භුක්ති විඳිමු !!!!

සයිබර් අවකාශයේ ලස්සනම ආදර කතාව තිබ්බේ කාටද ? උත්තරය හරි සරලයි. හිස් අහසේ සදරු මල්ලිටනේ. ඒවගේ ආදරයක් ලබන්න මල්ලි ගොඩක් පින් කරලා තිබ්බා. මේ ආදර කතාවත් සයිබර් අවකාශයේ සුන්දරම අදර කතාව වේවා !!!!

මේ ආදරය විවාහයක් දක්වාම ගෙනියන්න වාසනා මහිමය ලැබෙන්න කියලා එකසිතින්ම පතනවා.ගොඩක් සතුටුයි මල්ලි.

අද එහෙනම් බොන්න තියෙන්නේ. මම අරක්කු නම් බොන්නේ නෑ ඔන්න බියර් එකක් එහෙම තියෙනවනම් ගෝල්ඩ් ෆිශ් අයියත් එක්ක බෙදාගෙන බොන්න පුලුවන්. !!!

නැවත වතාවක් මල්ලිගේයි අනූගෙයි ආදර කතාවට මම සුබ පතනවා !!!!

අකීකරු හිත said...

මගෙන් සුබ පැතුම් මල්ලි

පූසා said...

බොක්කෙන්ම සුභ පතනවා මචං උඹට.....
දැන් ඉතිං පරණ ඒවා අමතක කරලා දාලා අනූත් එක්ක සතුටින් හිටපන් :)

සාතන් said...

ඔන්න ලොක්ක උණුසුම් සුභ පැතුම්!... ඒ වගේම උඹට මට වඩා ශක්තිය ධෛර්ය ලැබේවා කියලත් කියනව...

මට නම් අමතක කරන්න බැරිවෙලා තියෙන්නෙ නිල් ඇස් නෙමෙයි... මුවෙක්ගෙ වගේ ටොම්බ ඇස් දෙකක්... මොන මගුලකට මම ඒකට ලව් කරනවද මන්ද...

Anonymous said...

නිල් ඇස් දෙක ගැන මතකය නැතිවෙන එකක් නෑ. ඒත් දුඹුරු ඇස් දෙක සඳරු අයියා දිහා බලාන් ඉන්නවා නොවැ. ඒ ඇස් පරිස්සමෙන් බලාගන්න.

Anonymous said...

ඔන්න අයියේ මගෙනුත් සුභ පැතුම්....
…ලඟදීම කේක් කෑල්ලක් කන්ට පුලුව්න වෙයිනේ අපිට.

duliponline said...

ෂුබ ෆැ‍ටුම් මලයා. . . . . ඔහොම කරගෙන යං . . . . .

තරු said...

මේකට හිස් අහස දෙකඩ වීම කියන හෙඩින් එක ගැලපෙනවා , මොකද දැන් හිස් අහසෙ හඳවල් දෙකක් පායලා..එකක් බැස යන සඳ, අනෙක නැග එන සඳ.
අහස දෙකට බෙදිලා..එක පැත්තක් බැස යන සඳ ආයෙත් ලන් කර ගන්න හදනවා..
තව පැත්තක් නැග එන සඳ රැක ගන්න බලනවා..කොහොම කරත් අවසානයේ ඉතුරු වෙන්න ඕන එක සඳයි.

හොඳම උපදේශය මේකයි....
"දුවන මුවන් දැක නොදමවු නෙලූ පළා..."
ඔය දෙකඩ වෙච්ච අහසට අලුත් හඳ ලස්සනට පායලා.. හැමදාම ලස්සනට තියෙන්න කියල මම පතනවා..

ඔය හිස් අහසෙ කවදාවත් කඳුලු වැහි නොදකින්නයි අපේ පැතුම.

මට හිතා ගන්න බැරි මේ කෙල්ලොන්ට ඇයි එක පාරටම වචනයක් දෙන්න බැරි.. කටට හෙන ගහනවද? යකෝ මගේ පස්සෙන් එන්න එපා මට කොල්ලෙක් ඉන්නවා...short & sweet :-D

රත්ගමයා said...

අඩෝ මේ.....මම ඇවිල්ලා ඕකිව උස්සනවා....අම්මපා හොදේ..
එතකොටවහ් සැනසිල්ලේ ඉන්න ඇහැකි නේ...
ගොන් වස්සා...ලව් කරන්න ඕන තමන්ට ආදරේ අරන කෙල්ලට මිසක් තමන් ආදරේ කරන කෙල්ලට නෙමේ....
ඒක නිසා කුනුහබ්බ ඉදින්..
අම්මපා මේක කඩාකප්පල් කරගත්තොත් ෆෝන් එක ගෙනත් දෙන්නේ නෑ මම

මාරයාගේ හෝරාව said...

මේක උපදේසයක්වත් සුභ පැතුමක්වත් නෙවෙයි...
දුඹුරු ඇස් දෙක උඹව බලා ගනීවි..උඹත් ඔහේ ඇඳගෙන යයි.. ඒත් නිල් ඇස් උඹව හැමදාම මරාවි...

ලෝකෙට හොඳ වෙන්නයි..අපේ හිත් සනසන්නයි දෙකක් කරන්න හරි අමාරුයි බං...

ආ මම ළගදිම ඔය පැත්තේ එන්න හිතං ඉන්නවා..වේල පහ කිව්වේ අලි රැල ගාල් කරලා..පාර ක්ලියර් කරලා..තොරන් බැඳලා..රබන් රත් කරලා තියහං..මල් මාල එපා..:D

Beetle said...

ඇස් වල පාට මොනා වුනාම මොකද බං... හැන්දෑවට වැව් බන්ට් එක උඩ වාඩිවෙලා වැවෙන් එහා පැත්තේ වතුර බොන්න එන වල් අලින්ට හූ කියන්න උඹත් එක්ක සෙට් වෙන කෙල්ලෙක්ද බලපන්...

``` Outsider``` said...

මල්ලි උඹේ ලිවිල්ලෙ මම හැමදාම ආශා කල දේ තමයි අවංකකම. මේක පුරාත් තියෙන්නෙ ඒ අවංකකම. ඉතින් මම හිතන්නෙ නෑ ඒ අවංකකම උඹේ ජීවිතේ අලුත් දේටත් අදාල කරගන්න බැරිවෙයි කියල. කොයි ඇස් දෙකත් එකයි බං අන්තිමට බලද්දි.

Kasun said...

සුභ පැතුම් සඳරුවෝ!

BLOG ගඩොල් said...

මුලින්ම උඹට මගෙන් පට්ටම සුභපැතුම් බං! ඊළගට පොඩ්ඩක් වගකීමෙන් වැඩ කරපං. දුඹුරු පාට ඇස් දෙක උඹට ඇත්තටම ආදරේනං එයත් එක්ක ඉන්න එක තමා උඹට වැඩිය ගැලපෙන දේ.

Praසන්ன said...

නිල් පාට ඇස් වලට වඩා උඹට ලැබෙන්න යන කෙල්ල ගතිගුන අතින් යහපත් වෙන්න පුලුවන්.
සඳරු මල්ලියේ උඹට මම හදවතින්ම සුබ පතනවා !

කේක් කෑල්ලක් මේල් කරල හරි එවපං :D

නදී said...

සුබම සුබ පැතුම් අනූටයි සදරුටයි.

Anonymous said...

apitath cake oneeeeeeee............. nil pata as amathaka karahan aiye... uda cmments wla tyenwa wge thaman adare karana kenama thamata labenne godak kalathurakin..nil pata as wlata wada duburu pata as deke aithikari oyata aththatama adare karawi...oya dn hithanna ona eya gna.. me adare hamadatama tyenna ona kyala suba pathanawa.... ane aiya men kiwwa..oya anu akkata ehma me blog eka paththe enna denwa ehma neme..ehma awith meke tyena oyage love seen tika kyewwoth kella edama oayawa dala yai..itapasse awith methana nahen adanawa ehma neme..hariya?? (joke..) :-DD

දිනිත් said...

අභීතගෙ පෝස්ට් එකෙන් පස්සෙ උඹෙන් වැටෙයි කියල බලාපොරොත්තු උනේනං බල්ටි, විසිල් එක්ක කොල්ල උද්දාමයෙන් ලියපු ලියමනක්...ඒත් මොකද මේ වැටක් උඩ ?

මමත් අයිශ්වර්යා රායිගෙ නිල් ඇස් වලට හරි ආසයි, ඒ උනාට ඒකි මට ආදරේ නැති නිසා මම වෙන කසාදයක් කර ගත්ත.....උඹට කරන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි. කසාද බැඳල, (අර අභීත කිව්ව වගේ) ගෙදර ලමයි පොරකනකොට උඹට ඔය වෙන ඇස් ගැන හිතන්න වෙලාවක් හිටින්නෙ නැහැ....ඒ හින්ද මේ ටික දවසෙ හිත හයිය කරගෙන ඉඳිං....90 (අනූ ව) පරිස්සමෙන් ‍රැක ගනිං...හැමදේම හොඳ විදියට විසඳේවි....ජය !

pissi said...

සුභ පැතුම්! මිරිගුවකට අහින්සක කෙල්ලෙක් ගෙ හිත රිද්දන්න එපා :)

The තරුවා said...

හම්මියෝ..සෑහෙන දවසකින් හිතට සතුට ගෙනාපු දෙයක් කියෙව්වා....
ඔයාගේ ඔය දුඹුරු ඇස් 2 විතරක් නෙවෙයි ඒ ඇස් අයිති හදවතත් ඇස් 2 වගේම බලාගන්න..
සුබ පැතුම දෙන්නටම...

Unknown said...

සුභ පැතුම සඳරුවෝ... හැබැයි දිනිත් කිව්වා වගේ අභීතගේ පෝස්ට් එක කියවලා උඹෙන් බලාපොරොත්තු උනේ මේ වගේ පෝස්ට් එකක් නෙමෙයි. මට පේන්නේ උඹ ඉක්මන් වෙලා වැඩියි වගේ. කකාගේ ක්‍රමේ ට්‍රයි කරලා බැලුවට ඒක මෙච්චර ඉක්මනට හරියයි කියලා උඹ හිතන්න නැතුව ඇති සමහරවිට. ඔයවගේ ලඟින් යන දේවල් මටත් වෙලා තියෙනවා බන් හැබැයි පිස්සෙක් වගේ වැඩකරලා මම කලේ දෙන්නම නැතිකරගත්ත එක. කරන දෙයක් හොඳට හිතලා බලලා කරපන්. උඹට ජය...!!!

DragonD said...

අනේ මන්ඳා..
දුඹුරු ඇස්වල අයිතිකාරිව මාසයක් දෙකක් ආශ්‍රය කරල බලන්න තියෙන්නෙ .. එයා ආදරේ කරනකොට ඔයාට හෙමින් හෙමින් අමතක වෙලා යයි
පුලුවන් තරම් නිල් ඇස්වල අයිතිකාරි ව මඟ හරින්න තියෙන්නෙ...අත් දැකීමෙන් මම දන්න දෙයක් තමයි දකින් කොට ආයෙ ඕනි වෙනව කියන එක.
කොච්චර උත්සාහ කලත් නිල් ඇස්වල අයිතිකාරි ව අමතක කරන්න බැරිනම් දුඹුරු ඇස්වල අයිතිකාරි ව පව් කියල නොනවත්වන්න එපා මම නම් කියන්නෙ.නවත්තන්න.නැත්නම් ප්‍රශ්නයක් ආපු ගමන් ඔයා දුක්වෙයි ඇයි මම මේකිට කැමති උනේ කියල.
එහෙම උනොත් නිල් ඇස්වල අයිතිකාරි ටම උත්සාහ කරන්න.එහෙම කරල හා හරි බෑ හරි උත්තරයක් ගන්න.හා කියල පස්සෙ ඕකට කෙල උනත් ඔයාට දුක හිතෙන එකක් නෑ.අඩු ගානෙ උත්සාහ කලානෙ.
අනේ මන්ඳා...
සුබ පතනවා ඔයාට.

හසී said...

මගෙනුයි සුදු පුංචාගෙනුයි සුබ පැතුම් සඳරු :)හැමදාම සතුටින් ආදරෙන් ඉන්න :)

Gizaa said...

සදරු මල්ලිගේ මේ ආදර කථාව විවාහයෙන්ම කෙලවර වි දරු මල්ලන් දුසිමක් දෙකක් ලබා සතුටින් සෑපෙන් ඉදිරියට යන්න ලෑබේවා කියලා ප්‍රාර්ථනා කරනව...

එක නෙමේයි බන් මල්ලි දෑන් කවදද පාටිය දෙන්නේ අපිට :D

දෑන් නම් හිස් අහස නිල් අහස කරන්න කාලය හරි වගේ .ඒ වගෙම තමා උබට කෙල්ලෙක් කෑමති උනා කියල ලව් කරන්න තියනව කියල අපිට කියවන්න තියන එලකිරි බ්ලොග් එක එහෙම ලියන එක මග අරින්න එහෙම නේමේයි හරිය :)

jhothishalanka said...

බොහොම හොදයි. අපේ කොල්ලට සතුටු නම් අපිටත් සතුටුයි.ජය වේවා!

ඉන්දික උපශාන්ත said...

මල්ලි, බොහොම ගොඩක් අත් කකුල් දැකීම් වලින් එක උපදෙසක් දෙන්නං උඹට. කවදහරි කසාද බඳින්න ඕන උඹ වැඩියෙන්ම ආදරේ කරන කෙනා නෙමෙයි උඹට වැඩිපුරම ආදරේ කෙනාවයි.

දුකා said...

මඩේ හිටෝපු ඉන්නක් වගේ වෙන්නේ නැතුව එක හිතුන් හිටු . . .

Unknown said...

ජය වේවා සඳරුවෝ.... ඒත් උඹට තිබ්බා නිකමට මේ ගැන කියලා මැසේජ් එකක් එවන්ඩ. කොහොම උනත් ජයම වේවා කොල්ලෝ.. ඊ ලඟ පාර ගමේ ආවාම පාටියක් ඕනිමයි ඕං.

ItalyDilan said...

උබට ආදරේ කරන්න ගත්තු කෙනාට උබ ආදරේ කරපන් හිත කෙලින් තියාගෙන...ජයවේවා උබලා දෙන්නටම

හිස් අහස said...

@Charmi = මම නිල් පාටට ආසයි ඒ ඇස් මාව ජීවත් කරවනවා !
.............................................................................................................................
@Hasitha = ස්තූතියි හසිත .. මම දැක්කා මූනුපොතේ සුබ පැතුමත් ..ස්තූතියි .
.............................................................................................................................
@malansamarawickrama = ඒක නම් මාරම සින්දුව . මම අදයි ඒක මුල් වතාවට ඇහැවුවේ .බොහොම ස්තුතියි මචං හරි තීරණයක් මම කවදාකවත් ගන්න එකක් නෑ මීටකලින් මම කවාදකවත් හරි තීරණයක් අ අරගෙනත් නෑ .මොනාහරි වෙන්නැතෑ
.............................................................................................................................
@Anonymous = අක්කන්ඩි ඔයාට බොහෝම ස්තූතියි අදහසක් දුන්නට . සඳරු මල්ලිගේ අති සාර්ථක ලවු ස්ටෝරියක් තමයි ඔයා මේ කියෙවුවේ .. කමෙන්ට් නොකරට කමක් නෑ අක්කේ . ඔයාල යන එන බව මට පේනවා දැනෙනවා .. ස්තූතියි ඔයාලට ..
.............................................................................................................................
@සපතේරු උන්නැහේ = කතාව ඇත්තනේ ! අපි තවම මීට් වෙලා නෑ නේ ! :)
.............................................................................................................................
@කතන්දර Kathandara = දෙවනි අවවාදයත් මම මුලදීම කියෙවුවා . කතන්දර බ්ලොග් එකට මම ණයයිද ? සමහරවිට ණය ඇති . කවුද හිතුවේ කකා ගේ බ්ලොග් පෝස්ට් එකක් මාව වෙනස් කරයි කියලා ..
.............................................................................................................................
@JH = මම මට ආදරේ කරන කෙනාව නම් හොයාගත්තා . ඒත් ඇයි මට කිසිම සතුටක් නැත්තේ ? ස්තූතියි බං .කමෙන්ට් දෙකටම ස්තූතියි . උඹලාගේ අදහස් මට වටින තරම් ..
.............................................................................................................................
@Podi Kumarihami = මම හිතන්නේ නෑ අක්කේ මම ප්‍රේමනීය සත්වයෙක් නෙවේ . හැබෑ ආදරේ මම වැඩිය අඳුනන්නේ නෑ . කෑදරේ ගැනනම් මම හොඳට දන්නවා .
.............................................................................................................................
@දිල් = ඉතින් සුප්‍රසිද්ධ දිල් මාවත් බලලා යන්න ආවා එහෙනම් .සුබ පැතුමට ස්තූතියි අක්කේ .කිසිම දෙයක් සුන්දර නෑ ඒත් අපි ආස කරන්නේ සුන්දරත්වයටම විතරයි මමත් ඒ වගේ . මෙච්චර ලොකු දෙයක් ලැබිලත් මොකද මන්දා මට සතුටු නැත්තේ . ඔයාගේ අදහස මට රටක් වටී .
.............................................................................................................................
@Anonymous = මට සිරාවටම ලැජ්ජයි ! ඊයා
.............................................................................................................................
@Buratheno = ඉතින් බුරා අයියා අපේ දිහාත් ආවට ස්තූතියි .මමත් හිතනවා කාලයත් එක්ක හිත නිවේවි කියලා . ප්‍රශ්න නැතිවෙලා හිනාවක් විතරක් ලැබේවි කියලා .බලමු යන අතකට යන්න ඇරලා
.............................................................................................................................
@prasanna86k = ස්තූතියි බං . උඹ ඉතින් එදා ඉඳම්ම මගේ බොක ෆිට් එක නේ

හිස් අහස said...

@කස්සා = ස්තූතුතියි කස්සා . මට ආදරේ කරන එකීව නම් මට ලැබුනා .ඒත් ! හිතට තවම හරි මදි .මම ආදරේ කරන එකීත් මට ආදරේ දුන්නානම් අද මමත් මිනිහෙක් . අද බ්ලොග් එක ලියන්නේ හිනාවෙලා .
.............................................................................................................................
@නිර්මල = එදා ඉඳන් අද වෙනකම් මාත් එක්ක හිටපු එකෙක් තමා උඹ . ඉතින් උඹ දුන්නු උපදේසෙටත් ස්තූතියි නිර්මල . සුබ පැතුමටත් ස්තූතියි
.............................................................................................................................
@වැප් = එදා උදා වෙනකම් මම බලාන ඉන්නවා ..වෙන මොනවා කරන්නද ?
.............................................................................................................................
@මධුරංග = අබේ පාල මාමා තමයි දවසකටත් මිනිහා . පොරට වැරදිලාවත් යමක් කියන්න එපා .ආයේ ඉතින් වසලා හමාරයි කාඩ් කුඩුමල චාටර් . . ඉතින් අයියත් බියරයකින් පදම් වෙලා සේප් වෙන්ඩකෝ ..ස්තූතියි මචෝ
.............................................................................................................................
@අකීකරු හිත = ස්තූතියි අක්කේ
.............................................................................................................................
@පූසා = උඹටත් ස්තූතියි පූස් .
.............................................................................................................................
@සාතන් - අනේද කියන්නේ බං . පැල් බැඳගෙන ආදරේ කරනවා . ඒත් අපිම දන්නෑ මොකට එහෙම කරනවාද කියලා ..උඹයි මමයි එකම නැවේද ?
.............................................................................................................................
@විසිතුරු = මමත් එහෙම විසිතුරු සිහිනයක් දකිනවා මේ දිනවල . ඔයාට ස්තූතියි
.............................................................................................................................
@බීටා = පාං කියාගන්න බැරිව ඉන්න අතරේ මොන කේක්ද මල්ලී ?
.............................................................................................................................
@ඕනයා =අම්මෝ ගැටුම් නම් එපා අයියා . ස්තූතියි
.............................................................................................................................
@Tharu = අනේ මන්දා සහෝදරී මට එක පාරක් බෑ කීවානම් මම ආයේ එන්නේ නෑ (නෑ එනවා ) මාව නොමරා මරන්න ඒකිට ඕනද කොහෙද . හිස් අහස අන්තිමට කඳුලු හැලුවේ මීට වසර 6 කලින් ඊට පස්සේම ඇස් ලෙඩකින් ඇරෙන්න මම හලලාම නෑ .කඳුලු නුහුරුයි මගේ ඇහැට .
.............................................................................................................................
@රත් ගමයා = උඹ කෙල්ලව උස්සන්න හදනකොට මම අරයයිට කියනවා මේං මූ කෙල්ලෝ උස්සනවා කියලා . ඊටපස්සේ උඹට ආයේ බ්ලොග් එක වහලා අයියෝ කියමින් ඔරු කඳ උඩ අඬන්න වේවි . කැමරාව නම් ඕනමයි ඉඳින් මම පඩි ගන්නකම් .
.............................................................................................................................
@මාරයාගේ හෝරාව = උඹ එනවා නම් මාරේ අයියේ ගම වනසලා තියන්නම් උඹ වෙනුවෙන් . උඹව දකින්න පට්ට ආසයි බං සිරාවටද කියන්නේ . ඔන්න ඔහේ ඇවිල්ලා යමු . ඔය කට්ටියක් ඇවිල්ලා ගියා වගේම උඹත් දවසක් දෙකක් ඉඳලා යන්න වරෙං බං .
.............................................................................................................................
@Beetle = ඔවු ඒ ටයිප් එකේ කෙල්ලෙක් ඒත් . මට තේරෙන්නෙ නැති මොකද්දෝ අමුත්තක් එතන තියනවා මම ඒ අමුත්ත මොකද්ද කියලා තාම හොයනවා ..
.............................................................................................................................
@``` Outsider``` = ඉස්සරහට නම් මට අවංක වෙන්න බැරිවේවි මචං . දැන් මාව ගොඩක් අය දන්නවා . මට ගමේ ඉන්නත් ඕන නිසා මම ටිකක් විතර වංකත් වෙන්නම් මචං . උඹගේ බ්ලොග් එකෙන් මම ලිවීම ගැන ගොඩක් ඉගන ගත්තා ඒක කියන්න ලැජ්ජාවක් නෑ බං මට
.............................................................................................................................
@Kasun = ස්තූතියි ෆෙරෙඩා ..

හිස් අහස said...

@blog gadol = උත්සහ කරන්නම් මචං .. ස්තූතියි . වගකීම කියන වචනේ මම දන්නෙත් නෑ බං :) ඒක දන්නවානම් මමත් අද උඹලා ඉන්න තැන (විස්ස විජලේ )
.............................................................................................................................
@Praසන්ன = ගති ගුන අතින් නම් ඒකි ලෝකයක් වටිනවා . ඉතින් මම සතුටු වෙන්නම් උඹලා ඔඅට ඔච්චර කියන එකේ. මේල් කරන්න බෑ කේක් එක කම්ප්‍රෙස් වෙනවා . ඔයා ආවොත් ගම්පලාතේ කේක් කවුවලා යවන්නම් අමතක නොවෙන්නම . ස්තූතියි බං සුබ පැතුමට
.............................................................................................................................
@ගලායන ජීවිතය = ස්තූතියි අක්කේ ..
.............................................................................................................................
@Anonymous = ඇත්තටම නෑ . මම අනූට මේ බ්ලොග් එක ගැන දැන්ම කටක් ඇරලා කියන්නේ නෑ . කාලයක් ගියාම එයා තේරුම් ගනීවී මේ හැමදෙයක්ම . මම අනූව අත අරින්නේ නෑ . බලමු වෙන දෙයක් වෙද්දෙන් කියලා මම බලාගෙන ඉන්නවා විතරයි . ස්තූතියි ඔයාට . කවුරු වුණත්
.............................................................................................................................
@දිනිත් = ස්තූතියි දිනිත් . බල්ටි ගහන්න තිබුනා බෙල්ල ගැලවෙන්න තරම් සතුටින් මම මැරීගෙන ලවු කරපු ඒ ඇස් දෙක මගේ වුණා නම් ඒත් කමක් නෑ පෙරලුනු පිට හොඳා . ස්තූතියි මචං
.............................................................................................................................
@pissi = එහෙම කරන්නෑ පිස්සි ස්තූතියි ඔයාට
.............................................................................................................................
@තරූගේ ලෝකය = ස්තූතියි තරූ
.............................................................................................................................
@නිශාචරයා = කීයටවත් හිතුවේ නෑ බං ඒක වැඩ කරයි කියලා .ඒත් දැන් මම ටිකක් පසු තැවෙනවා . මොනවා කරන්නද ආපහු හැරීමක් නෑ මට
.............................................................................................................................
@DragonD = හිතා ගන්න බෑ මොනවා කරන්නද කියලා .ඇත්ත කියන්නත් බෑ දැං කෙල්ල ගෙවල් වලටත් කියලා ඉවරයි . ගම හැරදා සිදාදියට පයින්න තමා වෙන්නේ .ස්තූතියි මචං
.............................................................................................................................
@හසී = ස්තූතියි හසී අක්කේ
.............................................................................................................................
@Gizaa = මම මලොත් මිසක් මේක ලියවෙන එක නවතින එකක් නෑ කියලා මට හිතෙනවා .ගිසා අපේ දිහා එන්නම ඕන නැත්තං කොහොමෙයි පාටි දෙන්නේ ?
.............................................................................................................................
@JHOTHISHALANKA = ස්තූතියි මෙන්න මෙයා ෆොටෝ එකක් දාලා
.............................................................................................................................
@ඉන්දික උපශාන්ත = අන්න ඒ වචනේ බොක්කටම වැදුනා ..ස්තූතියි බං
.............................................................................................................................
@දුකා = ආදරේදී ගලුත් උනු වෙනවාලු අයියේ . ඉතින් මම වැනෙන එක අහන්නත් දෙයක්ද ?
.............................................................................................................................
@මිත්‍යාදෘෂ්ටිකයා = ගමේ ආවාම උඹලා මට පාටියක් දියවු . මොකෝ දැන් නිහඬ
.............................................................................................................................
@ItalyDilan = ස්තූතියි මචං . මෙහේ ඉන්න බැරි වුණොත් මම ඉතාලි පයිනවා . උඹ මට උදවු කරපන් ඈ

මහිම මදුරංග said...

මල්ලි ගොඩ ගිහින්. අපිට සතුටුයි. ලංකාවේ කොහේ හිටියත් කොල්ලෙක්ට හරි ගිහින්. ඒ නිසා අපි ඒ සතුට භුක්ති විඳිමු !!!!

ayesha said...

තමන් ආදරේ කරන කෙනාට වඩා තමන්ට ආදරේ කරන කෙනෙක් එක්ක ඉන්න ලබෙන එක හොඳයි. ඔයාට මගෙන් සුභපැතුම් යාළු

දේව් ගේ අඩවිය said...

සහෝ මම සුභ පතන්න ගොඩාක් ලේට් වෙලා නේද???? ඇත්තටම උබ මගේ සහෝ ම තමා.... ඔන්න හදවතින්ම සුභ පතනවා මල්ලියෝ...

දැන් මේකට හිස් අහස කියන එක වැරදියි නේද???

උපදෙස් ටිකක් මගෙන් නම් නෙමේ ඊයේ පෙර්දා ඔය හොල් වල ගියපු ‍ෆිල්ම් එකකින්

කෙල්ලගේ ගෙදර යනකොට කෙල්ල බලනවලු කකුල් දෙක පිහදාගෙනද ගෙට එන්නේ කියලා...

ලයිට් ගියහම ‍ෆියුස් දා ගන්න පුලුවන්ද කියලා....

ඕවා මට නම් අදාල වුනේ නැ.. මොකෝ ‍ෆිල්ම් එක ආවේ ඊයේ පෙරෙදා නේ...

ආයෙත් සුභ පතලාම අදට කැපෙනවා

සෝරෝ said...

පිස්සු කෙලින්නේ නැතුව නිල් ඇස් ගැන අමතක කරලා දුඹුරු ඇස් ගැන හිතපං.. නැත්තං මම උඹලගෙ අම්ම​ට කෝල් එකක් දීල කියනවා විස්තරේ.. :D

චතුවා said...

මේ බං සඳරු අයියේ.. මටත් හිතෙනවා මටත් වෙලා තියෙන්නේ මේකම තමා කියලා.. කෙල්ලෙක්ට ආදරේ කලා.. නැති වෙන්නම. ඒ තමා මං ‍ආදරේ කල පළවෙනි වතාව. ඒත් උඹට වගේ මට ඒ ආදරේ ඉල්ලන්නවත් අවස්ථාවක් ලැබුණේ නෑ. ලැබුණේ නෑ නෙවේ මට ඉල්ලන්න පුලුවන් කමක් තිබුණේ නෑ. ඒවා දිග කතා..

කෝම කෝම හරි මං ඒ කෙල්ලව අමතක කරනවාමයි කියලා හිතාගෙන වෙන කෙල්ලෙක්ට ලං වුනා. මට දැන් කොච්චර කලත් මං පලවෙනියට ආදරේ කල කෙල්ලමයි ඕනි. කොච්චර හිතට පොරොන්දු වුනත් පලවෙනි කෙල්ල ගැන හිතන්නේ නෑ කියලා.. මට තාමත් ඒක කරගන්න බැරි වුනා. තත්පරයක් නෑර මං ඒක කරන්න උත්සාහ කරනවා. බලමු බලමු..

‍මගේ කතාවකුත් මෙතන දැම්ම එක අවුල් නම් සමාවෙයන්. මේ මගුල කාට හරි කොහේ හරි කියලා හිත නිදහස් කරගන්න ඕනිකමක් තිබුණ. මේක කියෙවුවාම මෙතනම කියලා දාන්න හිතුනා..

චතුවා said...

ආ අනික.. කෝම හරි මං නම් ප්‍රාර්ථනා කරනවා නිල්පාට ඇස්වල හිමිකාරයා වෙන්න ලැබෙන්න කියලා. මොකද මං දන්නවා මට දැනෙන දේම උඹටත් දැනෙනවා ඇති කියලා. ඒත් ඉතින් දුඹුරුපාට ඇස් ගැන හිතන්න පුලුවන්නම් තියෙන තත්වේ හැටිය‍ට හොඳයි නේ?

සුබපැතුම් දුඹුරුපාට ඇස්වල හිමිකාරයා වෙන්න ලැබුණු එක ගැන :D

පිටකොටුව said...

පළවෙනි සිංහල බ්ලොග් එක පටන් ගත්ත කාලේ ඉඳන් සිංහල බ්ලොග් කියවපු මං දැක්ක වඩාත්ම නිර්මාණශීලී බ්ලොග් රචකයා උඹ කියලා තමයි මං හිතන්නේ !!!!!! උඹේ බස හැසිරවීමට සිංහල බ්ලොග් ලෝකයේදි අසමසමයි !!!!!! භාෂාවෙන් තවත් සෙල්ලම් දාපන් !!!!!! උඹේ ඒ ප්‍රතිභාව දවසක උඹව වෙනස්ම තැනකට ඔසවා තබාවි !!!!! නැත්නම් උඹ කියනවා වගේ වෙන්න තියෙන දෙයක් වේවි !!!!!!!!! දිගටම ලියපන් !!!!!!!!! කණ පැලෙන්න ලියපන් !!!!!!!! ජීවිතේ එක්ස්පෙරිමන්ට් කරපන් !!!!!!!!! අද හිතනවා වගේ හෙටත් හිතපන් !!!!!!!!! උඹට හිතෙන විදියට ජීවිතේ ගෙවපන් !!!!!!!! ජයවේවා !!!!!!

චතුර.... said...

මේක නම් වැරදි වැඩක් බන්..

නදුන් උයන said...

ඇත්තටම සන්තෝසයි ගොඩාක්... ඔන්න මයෙ සුභ පැතුම්... !!!

ඔයාගෙ බ්ලොග් එකේ මම දැක්කෙ ගොඩක් විරහව... ඒක ලස්සනට ලියල තිබුන... දැන් ඉතින් ආදර කතා ලියාවිනේද?

එවත් කියවන්න ආසාවෙන් ඉන්නව අපි හැමොම... !!!

පැන්ඩා said...

දුඹුරු ඇස් හිමි කාරිට නරකක් වෙන්න දෙන්න එපා..නිල් ඇස් වලට දැන් සමු දීපන්.. තො ඒක පස්සෙ ආයෙත් ගියොත් අර ඔල්ඩ් අරක්කු බොතලයක් ගෙනහල බොලාගෙ ගෙදර කොස් ගහ යට ඉදන් උඹ එක්ක බීල එකෙන් උඹෙ ඔලු ගෙඩියට නෙලනව නිකං කුංපු පැන්ඩා වගේම

Anonymous said...

niyamai!

Hishan de Silva said...

නෝමල් එකේ ඕක කරගෙන පලයං. නිල් නෙතු අමතක කරපං(ටික දවසකින් අමතක වේවි). අත්දැකීමෙන් කියන්නෙ :)

සරත් ලංකාප්‍රිය said...

මම දැනගත්ත වෙන හදිය රුපියල් 15 ක බොම්බයි මොටයි කාව කිවුවම. මොන බොම්බයි මොටයිද රුපියල පහලවට කන්න පුළුවන් අපේ පුංචි රටේ ? තේ හඬක් විතර වෙන්න ඇති.. ඔන්න ආදරේ දිග පළල.. හික්
බොහොම අපූරුයි සඳරු.. කියවාගෙන කියවගෙන යන්න පුළුවන් එක හුස්මට

පොත් ගුල්ලා said...

කමෙන්ට් ගොඩක්, අදහස් රැසක්.
මට කියන්ඩ තියෙන්නෙ කතාව ඇත්ත උනත් නැති උනත් ලියපු දේ හරි රසවත් කියල තමා.

හිස් අහස said...

@mahima = ඒත් ඇයි මට සතුටක් නැත්තේ ? තවම හිතනවා ඒ ගැන .
.............................................................................................................................
@ayesha = ස්තූතියි යාළු
.............................................................................................................................
@දේවා ගේ අඩවිය = මම තවම හිස් බං . මගේ අහසේ හිස් බව මේ කපේදී නැති කරගන්න බැරිවේවි , මොකද්ද මචං ඒ ෆිල්ම් එක ?
.............................................................................................................................
@සෝරෝ = හූ හූ . අම්මා දන්නවා බං විස්තරේ . (ඒවුණාට කියන්නෙපා) උඹ මගේ බොක්කනේ
.............................................................................................................................
@චතුවා (ළමයා) = උඹගේ සාරාංස කරපු කතාව කියවලා . මගෙත් බඩ පපුව දාලා ගියා බං අපිට කවදාවත් සතුටින් ඉන්න පුලුවන් වේවිද බං ? හිතේ කොස්සක් තියාගෙන මටනම් මොහොතක්වත් ඉන්න බෑ ඒත් දැන් නම් මම පට්ට විදිහට හිරවෙලා .උඹගේ කමෙන්ට් එක කියෙවුවාමා පිස්සු ඩබල් වුණා මගේ
.............................................................................................................................
@පිටකොටුව = බොහොම ස්තූතියි සහෝදරයා . මම ඉතින් ලොකු ලියන්නෙක් නෙවේ . දන්න විදිහට දන්න බාසාවෙන් ලියන්නෙක් . මම පිටකොටුවටත් ඇවිල්ලා තියනවා . ඒකත් නියම බ්ලොග් එකක් .
.............................................................................................................................
@චතුර. = ඉක්මනට වරද හදන්න ඕන මචං
.............................................................................................................................
@නදුන් උයන = ස්තූතියි මම පටන්ගත්තේ තාක්‍ෂනික ලිපි වලින් ඊටපස්සේ ආදර කතාවකින් අන්තිමේට . කොහෙන් කෙලවර වේවිද මන්දා ? මමවත් දන්නෑ අනේ
.............................................................................................................................
@පැන්ඩා = අඩේ කුංෆු ෆැන්ඩා කියලා එකෙකුත් ඉන්නවා කියලා මට දැනුයි මතක් වුණේ .. අයියා කුංෆු දන්නවද ? බෝතලේ ගේන කතාවටනම් මම ලයික්
.............................................................................................................................
@Anonymous = ස්තූතියි ..
.............................................................................................................................
@Hishan Melanga = බලමු මමත් හිතාගෙන ඉන්නේ ඒ විදිහට හරි නිල් ඇස් අමතක කරලා දාන්න ..
.............................................................................................................................
@සරත් ලංකාප්‍රිය = අයියේ බොම්බයි මොටයි නැත්තම් සීයාගේ රැවුල කියා හඳුන්වන ඒවා රු 5 ඉඳන් තියනවා . රු 15 ගොඩක් කෑ හැකි වැඩිය කන්න හොඳ නෑ ඒවාගේ සීනී වැඩියි දිය වැඩියාව හැදෙනවා . ස්තූතියි ආවට මචං .
.............................................................................................................................
@පොත් ගුල්ලා = ස්තූතියි මචං කතාව බොරුවක් වුණා නම් කොයිතරම් හොඳද කියලා මාත් අනංත හිතනවා ..

පුතා said...

සුභ පැතුම් සඳරු.. නිලුයි දුඹුරුයි කලවම් වුනාමත් පොඩි ගතියක් එයි.. :)
සිරාවටම හැමදාම කියනවා වගේ උඹේ ලිවිල්ලනම් මාරයි මචං..

රවින් said...

මචන් පරෙස්සම් වෙයන්....

නවම් said...

සඳරු..... උඹ කොච්චර ලිව්වත්, කොච්චර කිව්වත් අපි කාටවත් නොකියන උඹට ගලපගන්න තේරෙන්නෙ නැති ලොකුම ලොකු කතාවක් හැංගිලා තියනව. සමහරවිට උඹත් ඒ ගැන නොදන්නව ඇති. එහෙමත් නැත්නම් ඒ ගැන හිතන්න අකමැති ඇති.

සමාවෙයං මෙහෙම කියනවට, උඹ මේ පෝස්ට් එකේ ලියල තියෙන්නෙ සීයට සීයක්ම උඹේ හිත නෙමෙයි. ඒකෙන් සීයට විස්සක් විතර උඹ හංගගෙන. ඒ හංගාපු සීයට විස්සෙ තියන දේ එලියට නො ඒවා කියල තමයි මගේ පැතුම. මොකද උඹ දුඹුරු ඇස් වලට වඩා නිල් ඇස්වලට ආදරෙයි. කවදාහරි උඹ උඹට විතරක්ම වග කියන දවසක් ආවොත් උඹ ආයෙමත් නිල් ඇස් ගැන අපිට කියයි.

උඹ සන්තෝසෙන් නම් දුඹුරු ඇස්වලට ආදරේ කරහං මලේ. උඹට වගේම අපි හැමෝටමත් අන්තිමට ඉතිරුවෙන්නෙ හිතේ සතුට විතරමයි තනියට.

දුඹුරුයි නිලුයි මික්ස් උනාම එන්නෙ ග්‍රේ [අළු] කලර් එකක් බං. ඒ අපි හැමෝගෙම ජීවිතවල පාට.

මට උණ, ඒ විකාරෙන් ලියවෙච්චද මංද මේ කමෙන්ට් එක !

නචියා said...

බොක්කෙන්ම සුභ පතනවා සදරුවෝ... ලස්සන කූඩුවක් හදාගනින්.. අපිට ලැබෙන්න තියන දේවල් ඇරෙන්න අපි බලාපොරොත්තු වෙන දේවල් අපට ලැබෙන්නේ නෑ.. ලැබෙන දේත් එක්ක සතුටු වෙයන්.

මේකෙ කොහෙද බන් දෙකඩ වීමක්. නම වෙනස් කරලා අලුත් ආදරේ ගැන ලියන්න ගනින්...

බදාදා අනුගෙ ගෙදර යනවද ?.....

තරු said...

****@Tharu = අනේ මන්දා සහෝදරී මට එක පාරක් බෑ කීවානම් මම ආයේ එන්නේ නෑ****

මේ මොකද බන්.. උඹ මගේ ලි0ගය මාරු කරලා...

මම සහෝදරී නෙමෙය්.... සහෝදරයෙක් ...
නිල් ඇස් ගැනම බලන් ඉඳලා මොළේ කචල් ද???

හිස් අහස said...

Tharu = සමාවෙයන් මගෙ මචෝ .. මම පොඩ්ඩක් දලා තමා කමෙන්ට් ලීවේ මට අමතක වෙලා වගේ සමාව දියං මයෙ දෙයියෝ

තරු said...

එල... එල... දෙයියොත් කියපු නිසා.. සමාව නොදී කොහොමද?? හිකිස්...

Anonymous said...

මගේ අම්මේ!!! මට තාමත් අදහගන්ඩ බෑ මේක!!
හද පිරි සුබ පැතුම් මලයො!! ඊට වඩා දෙයක් මේ වෙලාවෙ කියන්ඩ බෑ බං!!!

නිශ් said...

සුබ පැතුම් සඳරුවො ...................

ජය බදාදා අනූ ගෙ ගෙදර යන එක නම්..... හ්ම්ම්ම්

සිතුවිලි නිහඬයි said...

සුභ පැතුම් සඳරු.....බණ කියලනම් හිතන්න එපා. අපි කැප වෙන්න ඕන ආදරේ කරන්න ඕන අපිට ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් මිසක්, අපි ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් නෙමේ.....අනු එක්ක පටන් ගත්ත මේ අලුත් ජීවිතේට තුන්වෙනියෙක් ගාවගෙන නාස්ති කරගන්න එපා...එකෙන් ඔයාට වගේම ඔයාගේ ජීවිතේට ලං වෙච්ච ඒ ආදරේටත් දරන්න බැරි වේවි...සිහියෙන් වැඩ කරන්න.....ඔයාගේ ජීවිතෙත් ඇතුළුව ජිවිත දෙකක් එක්ක සෙල්ලම් කරන්න එපා.....

පිණිබිඳු... said...

අම්මෝ සඳරු හදවතින්ම සුභපතනවා මල්ලි. මාර සතුටුයි ඇත්තටම. අභීත අයියගෙ පෝස්ට් එකෙන් පොඩි ක්ලූ එකක් හම්බුණා තමා ඇත්තටම ආරංචිය දැනුයි දැනගත්තෙ. ජීවිතේ එක පාරක් දෙපාරක් වැරදුනා කියලා තුන්වෙනි පාර හරි නිඔගිහින් ඉන්නෙ නෑ මලේ. අපි උනත් එක පාරකින් ආදරේ හම්බෙච්ච මිනිස්සු නෙමෙයි. මේ දුඹුරු ඇස් දෙකත් එක්ක දිග ගමනක් පලයන් මල්ලි.

හීනියට.... said...

වැල්පීගෙන ඔකඳ වෙවී හිටියේ ඔය සැන්තෑසියට නොවැ....දැන් හරි....

උඹට ජයෙන් ජය සහෝ......

කිඩෝ said...

ශුබ පැතුම් සදරු අයියා.... මේ පාරනං වෙඩිම සුවර් උබට ජය....

kasun said...

සදරු අයියේ ඕන්න මාත් උබට සුභපතනවා හදවතින්ම....
පට්ට ලිවිල්ල බන්....

අලුත් කොල්ලා | The New Guy said...

ආ මලයා සන්තෝසයි බං ආරංචිය අහන්ඩ ලැබුණු දවසෙ පාල මාමගෙ පෝස්ට් එකෙන්. පොඩ්ඩක් පරක්කු උණ බ්ලොග් ටික කියවත්දි. සුබ පැතුම් කොල්ලෝ..

Gayan Rupasinghe said...

අඩේ ඔන්න උබටත් හරි ගිය එහෙනම් .. ජයා වේව.. යකෝ මම නැති දවස් ටිකට මුන් මාර වැඩනේ කොරල තියෙන්නෙ. එල එල....

පිස්සා පලාමල්ල said...

අඩේ මේක මම දැක්කෙ දැන්නේ... අභියා මොකක්දෝ ලියල තිබ්බ තමා ඒත් මේ පැත්තෙ ඇවිත් බලන්න උනේ නැ.. එහෙනම් ඉතින් සුබ පැතුම් මගෙනුත් මල්ලියෝ.... සතුටින් ඉදපන් කෙල්ල එක්ක... පිස්සු අඩු කරල පොඩ්ඩක් ජීවිතේ ගැන වගකීමෙන් බරක් පතලක් ඇතුව හිතල... ජය උබල දෙන්නට

Anonymous said...

Ane me.nil as wala respect balanne natiwa dumburu as deka parissamin bala ganin...harak wada karala dumburu as deka nati karaganna epaaa

Post a Comment

තැන්කූ බං