21.7.11

පොඩි එකාගේ බීඩි මිටිය



සෙනසුරාදා ..!
    ඒ තමයි සතියේ මම අකමැතිම දවස . මට වැඩ වැඩිම දවස . අනික් මිනිස්සු හොඳට ගුලිවෙලා
නිදා ගන්න , ඉරිදාටත් , සෙනසුරාදාටත් උදෙන්ම මට නැගිටින්න වෙනවා . බස් අඩු සෙනසුරාදා , ඉරිදා දවස්වලදිත් මට බස් පොළේ වේලෙන්න වෙනවා . ඒ විතරක් නම් මදෑ..! උදේ අට හමාරේ ඉඳන් හවස පහ හමාර වෙනකම් උගන්වන්නත් වෙනවා .. මොනවා කරන්නද ? ලබා උපන් හැටි ..

එදා සෙනසුරාදා දවසක්. මම වැඩට ආවේ ටිකක් පමා වෙලා, අටයි හතළිහට පටන්ගත්තු පන්තියක් . දහයයි තිස්පහට අවසන් වුණා .! ඊළඟට දහය හමාර දොළහ හමාර පන්තිය .ඒකත් මටයි පැටවිලා තියෙන්නේ . හුස්මක් කටක් ගන්න හිතලා මම යන්තම් එළියට ආවා .. . . . . ඔය අතරේ මම යමක් දැක්කා..

එළියේ අඹ ගහ යට මොකද්ද මන්දා කාලගෝට්ටියක් .. පූංචි පහේ ගෝරියක් .! පරිගණක පන්තියට ආපු හත වසරේ දෙන්නෙක් ශක්තිමත් වචන භාවිතා කරමින් විවාදයක් පවත්වනවා . අනිත් කොල්ලෝ කෙල්ලෝ සේරම වට වෙලා මේ පුංචි ගෝරිය දිහා ආසාවෙන් බලං ඉන්නවා . සමහරු චියර් කරනවා ..

"දීපිය පරයා ඕක මට ..!”

"අනේ පලයං බං යන්න මම උඹලෑ ****”

"අනේ යකෝ
..! උඹ දන්නෑ අපේ අප්පුච්චා කවුද කියලා .. “

ඒ චූටි දරු පැටවුන්ගේ මල් වගේ ශ්‍රී මුඛයෙන් නිකුත්‍ වෙච , සිංහල වචන මාලාවේ උපරිම ශක්තිමත් ඒ වචන ටික අහන්න , ළඟපාත ඉන්න ඕනම කෙනෙකුට ආසා හිතෙනවා . දවසම වුණත් මේ පොඩි එවුන් කතා කරන දේවල් දිහා බලං ඉන්න එක , අහං ඉන්න එක හිතකට කොයිතරම් සුවයක් ගෙනෙනවාද ? .. අපොයි මටත් පොඩි එකෙක් හිටියානම්. . . . . . !

මම අඩියට දෙකට පොඩි එවුන්ගේ ගෝරිය ළඟට කිට්ටු වුණේ . අහල පහළ මිනිස්සු මේ වචන අහලා අපේ ආයතනය ගැන වැරදි වැටහීමක් ඇති කරගනීවිය කියන බය නිසාමයි . රජයේ ලියාපදිංචි වුණ අපේ පරිගණක පන්තියේ ලියාපදිංචිය අහෝසි කරන්න මේ වගේ එක සිදුවීමක් වුණත් ඇති . මම වැඩිපුරම බය වුණේ ඒකයි ..

"මොකද යකෝ තොපි මෙතන ගහ මරා ගන්නේ .? අහල පහළ ගෙවල් වල ගෑනු මිනිස්සු .මේ සෙනසුරාදා දවසේ වත් ආතල් එකේ ඉන්න කැමති ඇති නේද ? උඹලා කුණු හරපෙන් බැනගෙන මොකටද. මේ අපේ ඉන්ස්ටිටියුට් එකේ නම කන්න හදන්නේ . ? මොකද්ද වලිය ..?”

මමත් පුළුවන් තරම් කරුණාවන්තව පොඩි එවුන්ගෙන් විමසුවා...පුංචි එවුන්ගේ මල් වගේ හිත් තලන්න හොඳ නෑ ඒක අනාගතයට බලපානවා .. අනාගතේදී මේ ලෝකය වගේම ගමේ බජාර් එක බාර ගන්න ඉන්න මේ පොඩි එවුන්ට බනින එක කොහෙත්ම ඇඟට පතට ගුණ දායක නෑ ..

"සර් .. මේ මේ මේ. . . “

වලි කාරයෝ දෙන්නගෙන් එකෙක් වචන අහුලනවා. මම මුංගේ සර් හින්දම හොඳයි නැත්ම් ඉතින් මේ වගේ එවුන් එක්ක කතා කරන්න ගිහිං නිකං පච වෙන්න වෙන කිසිම කෙනෙක් කැමති නෑ . අපේ පැත්තේ පොඩි එකා වුණත් එක විදිහක් . "අඩෝ" නම් "මොකෝ අඩෝ !!"කියන තරම් දාර සයිස් .

"මොකද ගොත ගහන්නේ මොකටද දෙන්නා බැණ ගත්තේ ? කියමු බලන්න !”

"සර් මෙන්න මූ සාක්කුවේ බීඩි මිටියක් තියාගෙන ඉන්නවා ..!”

මම ප්‍රශ්නේ අහපු එකාට කලින් මෙතන වලිය බලාගෙන හිටපු කොල්ලෙක් පැනලා උත්තර දුන්නා ..
ඒ පොඩි කොල්ලගේ නම සුගත් (බොරු නමක් ) කාරණේ එලි වුණාට පස්සේ සුගත් කොල්ලගේ ඇස් රතු වෙලා කඳුළු පිරිලා බිමට නැවිලා තිබුණා . සෙරෙප්පුවක් නැති කකුලකින් පොළවේ වළක් හාරනවා ..පොඩි එකාට ලැජ්ජා හිතෙන්න ඇති ..

"සුගා .. පොඩ්ඩක් එන්න මාත් එක්ක ..” මම ඒ පොඩි කොල්ලාගේ සාක්කුවට අත දාලා බීඩි මිටිය හොයන්න ගියේ නෑ .. මම එයාවත් එක්කගෙන පොඩ්ඩක් ඉන්ස්ටිටියුට් එක ඇතුළට ගියා ..

"මොකටද මල්ලි බීඩි මිටි පිටින් සාක්කුවේ තියං ඉන්නේ ? .. කෝ ගන්න බලන්න ඒක එළියට .”

පොඩි කොල්ලා කොට කලිසමේ සාක්කුවකට අත දාලා එක පාරම බීඩි මිටිය මට දුන්නා ..
හ්ම්..හ්ම්..ඒක දේවිකා බීඩි මිටියක් ..සුදු පාට නූලකින් ගැට ගහපු මිටියේ බීඩි 20ක් 25 වගේ තියෙන්න ඇති . මම නම් කවදාවත් බීඩි බීලා නෑ ..අපේ පැත්තේ එවුං කියන්නේ "බීඩි යනු..! දර කපන මිනිසාගේ සහ නාටාඹි ගොයියන්ගේ.. පානයයි" කියලයි ..

"සර් ඕක අපේ අප්පච්චි මට එනගමන් ගේන්න කීවේ .. මම කලින්ම අරගෙන පන්තියට ආවා ..!”

කොල්ලගේ වචනේ නිසා මට පොඩි දුකක් දැනුණා . මම මේ පොඩි එකාව මොකට බය කරනවද ? අනික අපේ පැත්තේ ගෙවල් වල තාත්තලා පුතාට කියලා ගෝල් ලීප්පුවක්, බ්‍රිස්ටෑල්ලුවක් , තීරෝස් පාරක් , බීඩියක් වගේ ගෙන්වා ගැනීම සාමාන්‍ය දෙයක් ..මෙහේ තාත්තලා පොඩි එකාට කියලා ගෙන්වා ගන්නේ නැත්තේ ජොයින්ට් එක විතරයි ..

"ආ කමක් නෑ මම මේක හංගලා තියාගන්නම් . මල්ලි යනකොට මගෙන් ඉල්ලගන්න . නැත්තම් අනික් ළමයි අරවා මේවා කියයි .. කමක් නෑ නේද ?”

"කමක් නෑ සර්"

"හ්ම්.. එහෙනම් යමුකෝ එළියට" .. මම එහෙම කියලා පොඩි කොල්ලා සුගත් වත් එක්කරගෙන එළියට ආවා .! . කොල්ලෝ කෙල්ලෝ සේරම අඹ ගහ යට බලං ඉන්නවා . උං හිතන්න ඇති මම මේ කොල්ලට දඬුවම් කරනවා ඇති කියලා ..

"කෝ මෙයාගේ සාක්කුවේ එහෙම දෙයක් තිබුණේ නෑ නේ .. ආයේ එහෙම නිකම් බොරුවට රංඩු වෙනවා එහෙම නෙවේ .. රණ්ඩු වෙච්ච එකා කෙළින්ම පන්තියෙන් අහක් කරලා දානවා හරිද !”

මම පොඩි සද්දෙකුත් දාලා මගේ ඊළඟ පන්තියට උගන්වන්න ගියා.. මේ බීඩි මිටියක ප්‍රශ්නයකට මැදි වුණ අතරේ වෙලාව ගියා දැනුණේ වත් නෑ . දහය හමාරේ පන්තියට විනාඩි දහයක්ම පමා වෙලා මමත් ඉකමනට පන්තියට ගිහිං උගන්වන්න පටන්ගත්තා … ඒත් …. මට එක දෙයක් අමතක වුණා .. ඒ තමයි බීඩි මිටිය .. ඒක මගේ වම් පැත්තේ කලිසම් සාක්කුවේ තනිවෙලා ..!

වෙලාව ගියේ පුදුම ඉක්මනින් .. දොළහ හමාර වෙද්දී ඒ පන්තිය ඉවර වුණා . මටත් පැයක විවේකයක් ලැබුණා .. තව පන්ති කීපයකටම ආපු ළමයින් ගෙන් , දෙමවුපියන්ගෙන් ඉන්ස්ටිටියුට් එක පිරිලා .. ඔය අතරේ ශෝයි ගෑනු ළමයෙක්ව අලුතෙන්ම එක්කරගෙන තාත්තා කෙනෙක් අපේ ඉන්ස්ටිටියුට් එකට ආවා. . . . . ගෑනු ළමයට නම් වයස 20 ක් වගේ ඇති ...

"හලෝ මිස්ටර් අසෝක ! එන්න එන්න .." මගේ බොස් එකපාරටම අතට අත දීලා අලුත් ළමයාගේ තාත්තව පිළිගත්තා .

හ්ම් මේ බොස් අඳුරන කෙනෙක්ගේ ළමයෙක් ..කෙල්ල නම් ...ම්ම් ම්ම් .. අනේ මන්දා ? ..මගේ හිත ඔකඳ වේගෙන ගියා වෙනදා වගේම ..බොස් සහ ඒ තාත්තා කතා කරන අතරේ මමත් හෙමීට ගෑනු ළමයට .. හිනාවක් දැම්මා .. මගේ අයිඩී එකත් ටිකක් පේන්නම . සාක්කුවෙන් එළියට අරං එල්ලගත්තා ..කෙල්ලත් මට පුංචි මල් හිනාවක් දැම්මා ..මගේ හිතට ගතට මාර ෆිට් ..

"මේ...! සඳරු පොඩ්ඩක් මෙහාට එන්න .. ,” බොස් මට කතා කරනවා .. මමත් කොණ්ඩේ අතින් හදාගෙනම ඒ පැත්තට ඇද්දුවා ..

"සඳරු මේ ඉන්නේ මගේ කැම්පස් එකේ එකට ඉගන ගත්ත යාළුවෙක්.. මේ ඉන්නේ එයාගේ දුව.. .එතකොට මිස්ටර් අසෝක මේ ඉන්නේ සඳරු මෙයා තමයි දූගේ ක්ලාස් එකට උගන්වන්නේ .. මෙයා බොහොම දක්‍ෂ අපේ පරණම ලෙක්චර කෙනෙක් ..! ..මෙයා අර අහවල් කෝස් එකත් කරලා ඉන්නේ ..”

බොස් මාවත් මට එයාලාවත් හඳුන්වා දුන්නා .. කෙල්ල ඉස්සරහා මට ෆුල් ලකුණු ..!

"ආ සර් ද පන්තියට උගන්වන්නේ..?" ..

ඒ ගෑනු ළමයාගේ තාත්තා මට දකුණු අත දික්කරා .. අතට අත දීලා මට කොහේ තියන පුරුද්දක්ද ?. මම දන්නේ අත දික්කරලා ඉල්ලන්න විතරයි.. මමත් වම් අත දෙන්නම ගිහිල්ලා යන්තම් මතක්වෙලා දකුණු අත දික්කරා ..

අත අත දුන්නේ කාලෙකින් නිසා වෙන්න ඇති .. මට දාඩියක් දැම්මා ..මම සාක්කුවෙන් ලේන්සුව ඇදලා අරං මූණ පිහගත්තා. . . . ඒත්. . . ඒත් එතකොටම වටේ පුටු වල වාඩිවෙලා හිටි දෙමවුපියෝ සහ පොඩි ළමයි මුමුණන සද්දයක් ඇහුණා , බොස් බීරාන්ත වෙලා බලාන ඉන්න හැටිත් , බොස්ගේ යාළුවා කට අයාගෙන ඉන්න හැටිත් , අලුතෙන් ආපු කෙල්ල යටි තොල හපාගෙන හිනාවෙන හැටිත් . ලේන්සුව මුහුණෙන් ඉවත් වෙන කොට මම දැක්කා . . .. . මම වට පිට බැලුවා .. අපොයි !

හත්තිලවුවේ !!... ඒ වෙච්ච වැඩේ නම් මට කවදාකවත් අමතක කරන්න බැරි දෙයක් වේවි . මගේ සාක්කුවේ තිබුණු ලේන්සුව එළියට අදින අතරේ ඒ සාක්කුවේම නිදන් ගත වෙලා තිබුණු බීඩි මිටිය එළියට ඇවිල්ලා නූල ගැලවිලා බීඩි සී සී කඩ ගිහිලා ..විසිරිලා . . . විසිරුණු දේවිකා බීඩි වලින් අපේ ඉන්ස්ටිටියුට් එකේ පිළිගැනීමේ මේසය ළඟ බිම එළලා තිබුණු කාපට් එක මත නේකවිධ රටා මවලා තිබුණා .. හරිම ලස්සනයි ..කියන්න බැරි තරම් ලස්සනයි ..

මම ඉක්මනට බිමට නැවිලා බීඩි අහුලන්න පටන් ගත්තා .. අපේ ආයතනයේ වැඩ කරන reception අක්කත් බීඩි අහුලන්න මාත් එක්ක එකතු වුණා .. ඒකි කොහොමත් මට ආදරෙයි ..

"ඉරේෂා ඔයා අහුලන්න ඕන නෑ සඳරු ඔය ටික අහුලයි ඔයා ඇතුළට යන්න" .. බොස් ගේ කාරුණික කටහඬ මට හීනෙන් වගේ ඇහුණා . අක්කා ඇතුල්ට ගියා .. මම තනිවුණා ..

මම වාඩිවෙලා හිටපු දෙමවුපියන්ගේ කකුල් අතරේ බඩගාමින් බීඩි ඇහින්දා .. සමහරු නම් මට එයාලා ගාව තිබුණු බීඩි අහුලලා දුන්නා .. මම ඉක්මනට බිඩි ටිකත් දෝතින් අරං එළියට යන්න උත්සහ කලා .. ඒත් ඒ අතරේ පොඩි එකෙක් .. "සේර්..සේර් මෙන්න තව බීඩියක් ..මෙතන ..” කියලා මට කතා කරන්නත් ගත්තා .. මම කාගෙන ගිහිං ඒකත් ඇහිඳලා එළියට පැනගත්තා ..

විනාඩි දහයක පස්සේ බොස් මාට කතාකලා . . . හොඳටම දෙහි කැපුවා .


"බලන්න සඳරු . ඔයාට දැන් මෙතන එපාද ? , ඔයා මෙතන ගහ ගත්තා . මෙතන බීඩි මිටි අරං ඇවිත් නාඩගමක් නැටුවා . ඔයාම දන්නවා නේද අපි මේ ආයතනය හොඳ තැනකට ගේන්න විඳින දුක ..?බොස් හයියෙන් මේසෙට ගහලා . මට තව ටිකක් තදින් බැනලා .. ගහන්න අතත් උස්සලා .. නොගහා යන්න ගියා ..! ..ඉතින් අහක හිටි මම බීඩි කාරයෙක් වුණා ..

ඒ සිදු වුණ හැම සිදුවීමක්ම නිකම් නූලකින් එකට බැඳලා තිබුණා වාගේ ! .. මම ගෙදරින් ආවේ පමා වෙලා , ඒක නිසා උදේ පන්තිය පටන්ගත්තෙත් පමා වෙලා , අවසන් කලෙත් පමා වෙලා . ඒක නිසා මට පොඩි අයගේ ගැටුමට මැදිහත් වෙන්න සිදුවුණා .. බීඩි මිටියක් මගේ සාක්කුවට වැටුණා . ලස්සන කෙල්ලක්ව දැක්කා .. බීඩි මිටිය එළියට පැනලා ඒ හැම දේම අවුල් කලා . . . . . ! මේ හැම සිදුවීමක්ම එකට බැඳිලා පිළිවෙළට තිබුණා . හරියට බීඩි මිටියේ බීඩි එකට බැඳලා තියෙද්දී වගේම .. ඒත් මේ හැමදෙයක්ම තත්පර ගණනකදී ගැස්සිලා විසිරිලා ගියා .!

මොනවා කරන්නද … නොහිතන විදිහට .. සෙන්ටි මීටර ගණනකින් ගැස්සිලා යන .. ආයෙත් එකතුවෙන . මේ හැම සිදුවීමකම එකතුව තමයි ජීවිතේ. . . . !

මිනිසාටයි හැම දේ වෙන්නේ
නොසිතු දෙයක්මයි සිදුවෙන්නේ
//

ඉස්සර කාලේ ටීවී එකේ ඇහිච්ච පරණ සින්දු කෑල්ලක් .. මගේ මතකයට ආවා ..ඒකත් කියන ගමන් ඉතුරු වෙලා තිබුණු බීඩියක් පත්තු කරගෙන මම කෙහෙල් ගහක් යටින් ඉඳගත්තා .. දැන් ඉතින් මම බීඩි කාරයෙක් වෙලා ඉවරයිනේ . ඇදලාම බලමු බීඩි උගුරක් .. එක උගුරයි ඇද්දේ මහ ජරා කොස් කොළ රහක් එන්න පටන් ගත්තා .."ෂිහ් බීඩි කියන්නේ මහ පට්ට ජරාවක් !! ..”

බීඩි සේරම කාණුවකට දාලා. මම ටැප් එක ළඟට ගිහිං කට හෝද ගත්තා .. 


Image - http://media.agriculturesource.com/product/imgage/Agriculture/2010080800/40702164e1f2f9cdbce8b156bec2f25c.jpg

95 comments:

සාතන් said...

උඹ අර පොඩි එකාගෙ බීඩි මිටිය ආපහු දුන්නෙ නෑ නේද?... පව් බන් ඌ...

බීඩියත් මහ අමුතුම බඩුවක් බන්... ඕක බොන උන් නිවෙන්නෙ නැතුව තියාගන්නෙ කොහොමද දන්නෙ නෑ...

චතුර.... said...

සඳරුවට බීඩි මිටියකුත් කොරපු දෙයක්..

මකුළු පැංචි (මංචි) said...

හපොයි බොහොම නරක විදිහට දවස චා වෙලා ගිහින් වගෙයි... :((
කොහොම වුනත් එක දෙයකුත් හරිම තදේට හිතට වැදුණා..ඔය බීඩි මිටිය නිසා වැඩිහිටියෙක් වුණු සඳරු සහෝට ඔය තරම් ලැජ්ජාවක් හිතුනනම්...තාත්තට ගත්ත බීඩී මිටිය සාක්කුවෙ තිබිලා යාලුවන්ට අහු වුනාම සුගාට දැනුණු ලැජ්ජාව ඒ පොඩි එකා කොහොම දරාගන්න ඇද්ද..ඔන්න ඔහොමයි මකුළු පැංචිට නම් හිතුණේ.... :))))

මාතලන් said...

ඒක වෙනම ආතල් එකක්.. අත්‍යාවශ්‍ය වෙන අවස්ථාවල් අනන්තවත් තියෙන්ව. මම ගියා ගලෙන්බිදුනවැව මළ ගෙදරක මිනීය වලලපු දවසෙ නයිට ගහන්න ගියේ. සිගරට් ඔක්කොම ඉවරයි. නිදි මරන්නත් ඕන. කොරන්න දෙයක් නෑ. ගමේ කශ්ටියත් එක්ක සැට් උනා මොනවටෙයි, වැටේ සුදා, බීඩී, බුලත් විට සහ මල්..... ඊළග දවසේ උදේ ඇලෙන් නාලා, කට්ට සම්බල් එක්ක අල ජාතී ඔක්කොම කෑව මළ ගෙදරින් නෙමේ රෑ සෙට් වෙච්චි ලොක්කෙක්ගේ ගෙදරින්, ඉහෙන් බහින අමාරුවක් නෑ...

Anonymous said...

හික් හික්..ඔයාටත් වෙන දේවල්..

හිනා වුනාට මොකද ඒ කතාවේ ගන්න ලොකු හරයක් තියෙනවා..ගොඩක් දෙමව්පියෝ ඔය වැරැද්ද කරනවා..ඒත් ඒක වැරදි කියලා දැනෙන්නේ තමන්ගේ දරුවා ඒ දේවලට ඇබ්බැහි වුනු දාට..එදාට පෙරහැර ගිහිල්ලා නම් ඉවරයි..එදාට අඩලා දොඩලා පලක් නෑ කියලා දෙමව්පියෝ තේරුන් ගන්නවනම් තමයි නේද හොද..

"මිනිසාටයි හැම දේ වෙන්නේ
නොසිතු දෙයක්මයි සිදුවෙන්නේ"
මේකනන් සහතික ඇත්ත යාලුවේ..

Anonymous said...

හෆොයි..... වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා.....ඔහොම දෙයක්.....

nice writing style sandaru.....as usual.....

Dee said...

ඒ තිබ්බෙ බීඩිමයි නේද..? උඹටමයි වෙන්නෙ...!

පොතේ ගුරා said...

මරු කතාව.. :)

Anonymous said...

අනේ මල්ලි,කාලෙකින් ඇවිල්ල ඔයාගෙ ලිපි ටික සේරම කියවන ගමන් මේ...මේක ඔයා ලියල තියෙන විදියට ඇත්තටම මට හිනා ගියා...
ඒත් පස්සෙ මටම දුකයි ඔයා ගැන...හරිම අව්‍යාජ විදියට ඔයා ලියනව... අම්පාරෙ ආව දවසක මං එනව ඔයාව බලල යන්ඩ...අලුත් ඇස් දෙකත් එක්ක සන්තෝසෙන් ඉන්ඩ ලැබෙන්ඩ කියල සුබ පතනව!!!

said...

බීඩි කියන්නේ නම් මල ජරාවක් තමා බන් ඕක කොහොම බොනවද මන්දා. ඒත් මොකද්ද හේතුව මන් දන්නේ නැහැ වෙන කෙනෙක් සිගරට් බොනකොට ගඳක් ආවට බීඩි බොනකොට එන සුවඳට මන් කැමතියි

උඹ බොරුව දාලා පොඩි එකාගේ බීඩි මිටියට විද්දා නේද?

සංකල්ප said...

මාර සීන් එකක් නේ මල්ලි. අනුන්ව බේරගන්න ගිහින් තමන්ට වලේ වැටෙන්න උනා. ඔහොම තමා මල්ලි ගොඩක් වෙලාවට වෙන්නේ. බොස්ට ඇත්තම සීන් විස්තරේ කිව්වද? ඊට පස්සේ බොස් මොකෑ කිව්වේ ?

බීඩී කිව්වම මතක් උනේ. අපේ කැම්පස් එකේ එවුන් ට්‍රේනින් රිපොර්ට් ගහන දවස්වල රෑ ඇහැරන් ඉන්න බීඩී ගැහුවා !!!
එක බීඩී මිටියයි. රිපොර්ට් එක ඉවරයි !!!!!

ඒ අතින් බීඩී කියන්නේ සුපිරි භාණ්ඩයක්ද මන්දා !!!

පිණිබිඳු... said...

ඇයි බොල උඹ ඒ බීඩි ටික බීල හරියනවද. අප පොඩි එකා ගෙදර ගියාම උගෙ තාත්තා ඌව උල තියයි බීඩි ගෙනාවෙ නෑ කියලා.

"මට බස් පොළේ වේලෙන්න වෙනවා" ඈ බොල කෝ බයික් එක.

ශානි said...

අෆොයි ඉල්ලන් කාලද මන්දා

Sabith said...

ජරා සීන් කෝන් එක!

Praසන්ன said...

අර පොඩි එකාගෙ බීඩි මිටිය ගල් කරාට බොට ඔහොම වෙලා මදි.
ඉතිං ඊටපස්සෙ අර කෙල්ල ඔයත් එක්ක කතා කළේ නැද්ද.

කොහොම උනත් කතාවනං උපරිමයි මල්ලි.

Thanuja said...

'වඳින්න ගිය දේවාලේ ගොනා ඇන්න කියන්නේ ' ඕවට තමා :-)

Buratino said...

අඩෝ පොඩ්ඩක් පොසිටිව් විදියට හිතපිය.. කොහොමද බීඩි නැතුව මල් පැට්ටො 4-5ක් සාක්කුවෙන් එලියට පැන්නනං.. එහෙම හිතලවත් හිත හදාගනින්.. :)

පිස්සු පුසා said...

පට්ට සීන් කෝන් තමා වෙන්නෙ නේ lol

Gizaa said...

යකෝ මල්ලි උබටත් මාරම වෑඩතමා වෙන්නේ ඔක තමා කියන්නේ බන් අපි නෑග්ගොත් පුවක් ගහෙත් දෙබලක් තොප්පි කඩයක් දෑම්මොත් ඉපදෙන්නේ ඔලු නෑති උන් අපරාදේ නේද අර කෙල්ල දෑකල ඔකද උන උබෙ හිත අර කෙල්ල ඉස්සරාම හෙන ගහපු පොල් කරටියක් වගේ කඩාගෙන වෙටුන එක...

ඔහොම තමා බන් ජීවිතේ උබ කරන්න ගියේ හොද වෙඩක්නේ නෑත්නම් අර පොඩි එකා කොච්චර අපහසුතාවයකට පත් වෙනවද ඒ වේලාවේ.
බොසාට මොනව උනත් අත්තම විස්තරේ කියන්න තිබුනා

තීර්ථ යාත්‍රිකයා said...

ඔහොම තමයි මලයා.හිත හදාගන යමන් ඉස්සරහට.

Kasun said...

උඹේ නම් ග්‍රහචාරෙ අවුලක් තියෙන්නෙ බං. නරකද වෙලාව බලාගත්තොත්?

හැඹැයි අර පොඩි එකාට බීඩි ටික ආපහු දීපු නැති එක නම් කැත වැඩේ. :)

මකුලු පැංචිගෙයි අසනිගෙයි කතාවට මාත් සම්පූර්ණයෙන්ම එකඟයි.

Anonymous said...

මම නම් හිතන්නේ සඳරු... ඔයා ලග කවුරු හරි භූතාත්මයක් සරනව ද කොහෙ ද? ඒකනෙව කෙල්ලෙක්ට හිත ගිය පමණින්, ලස්සනට ගලාගෙන යන සිද්ධිය, හිටිගමන් සෙන්ටි මීටරයෙන් නැහැ මයික්‍රොමීටරයෙන් එහා මෙහා වෙලා මහා කලබගෑනියක් සිද්ධ වෙනව නෙව....

සඳරුට ආදරයෙන් කවුරු හරි ගැහැණු ආත්මයක් ළඟට වෙලා ඉන්නව ද මන්ද?

කොයි දේ වෙන්නෙත් හොඳට නෙව සඳරු...( සදරුගෙ ද අර අනිත් පුංචි කෙල්ලන්ගෙ හොඳට ද මන්දා)

ඔන්න ඉතින් දැන් නිකරුනේ තොයිල් නටන්න එපා...භුතයො ඉන්නේ පණ පිටින් මේ අපි වටේමයි හෙහ් හෙහ්

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

හයියෝ... නානවා... මට නම් හරිම දුකයි කොලුවෝ... ඒ වෙලාවේ අර කෙල්ලට මොනවා හිතෙන්න ඇත්ද ? මේ බීඩිකාරයගෙන් ඉගෙන ගන්නේ කොහොමද කියලා හිතෙන්නනත් ඇති. පවු අප්පා සඳරු මලයා...

Rock B said...

මචන්..හැම දෙකින්ම සතුටු වෙන්න බලමු.

හිතපන්..අර පොඩි එවුන් ටික condom එකකට එහෙම රන්ඩු වුනනම්, උඹෙ සක්කුවෙන් වටෙන්නෙ condom එකක් නෙද?

එක නිසා ගනන් ගන්න එපා බ0..

BAWANTHA said...

ඕවා ගනන් ගන්න එපා බං. ලංකාවෙ ඉන්නෙ එක කෙල්ලද? එකක් වැරදෙනකොට තව එකක් හරියනවා. ඒක තමා බං ඇත්ත. ඕක අමතක කරලා දාපං.

sameera said...

අනේ මන්ද බං උබ නාන්නෙ අනුන්ට උදවු කරන්න ගිහිල්ලා ( යකඩ බජාර් එකෙත් ඔය වගේ දෙයක් නෙ උනේ ) පොඩ්ඩක් සිහිබුද්ධියෙන් වැඩ කොරපන් , අනික ඔය වගේ ප්‍රරයිවට් ඉන්ස්ටිටුයුට් වල උගන්නනකොට ආයතනයෙන් පිට සිදුවන සිදුවීම වලට ඇගිලි ගහන්න යන්න එපා ඒවා ආයතනය ඇතුලට ආවොත් විතරක් බලන්න . මාරයට හරි ජෝතිශ ලන්කා ට හරි දීලා උබේ කෙන්දරේ පොඩ්ඩක් බලා ගනිං එන පොට එච්චර හොද නෑ කොල්ලෝ

Anonymous said...

අර දුඹුරු ඇස් කෙල්ල හා කියල තියෙද්දි ඔකඳ වෙන්න යනවට බොට හොඳ වැඩේ... :D

ඔය බීඩි ඩුබායි වලත් හොරට විකුනනව... සමහර කේරල කාරයො ඉන්නව මොන සිගරට් තිබුනත් බීඩි නැතුව හරියන්නෙ නෑ...

ඉන්දියාවෙ ප්‍රසිද්ධ ප්‍රකෝටිපතියෙක් ඉන්නව... මුල් කාලෙ පේමන්ට් බිස්නස් කරපු පොරක්... කෝටිපතිය වුනත් තාම බොන්නෙ බීඩිලු...

``` Outsider``` said...

මේක කියවද්දි හිනා ගියා බං ඇතිවෙන්න.
ඒත් මට හිනා ගියාට ඔයා පත්වුණු අපහසුතාවය පස්සෙ තේරුම් ගියා.

චරිත said...

නියම කතාව. ඔය නියමෙට ලියනවා. මීට කලින් ලියපු double click කතාවත් මරු. මගේ සුභ පැතුම්.

Pitakotuwa said...

ලොවෙත් නෑ. බාගයක් ගහපන්.

පූසා said...

මාර සිද්ධි තමයි උඹටත් වෙන්නේ.... :D
කොතනක හරි කෙල්ලෙක් හිටියොත් උඹට මොකක් හරි ඇබැද්දියක් තමයි :D

Gayan Tharaka said...

හෆ්ෆා සදරුටත් වෙන දේවල්..

සුමින්ද said...

මේ බ්ලොග් එකට නිතරම එනවා. ඒත් අද තමා කමෙන්ට් එකක් දාන්නෙ. ඔයා ලියන විදිය හරිම අපූරුයි.
මේක ඇත්තටම වුන සිද්ධියක්ද?

pissi said...

හෆොයි අය්යා ඇදගෙනම නාලා!!

සීතල අයියා said...

හෆොයි!!!!! මමනම් පොළව පලං මැරෙනවා...

වන්නි said...

අම්මපා මට නං මැවිලා පෙනුනා උඹ බීඩි අහුලන හැටි මේසේ අස්සේ රිංග රිංග... හික් හික්...
අර කෙල්ලව ඊට පස්සේ උඹේ ක්ලාස් එකට එව්වාද????

දුමී said...

අන්න හරි මල්ලි, කරන්න පුළුවන් හොඳම දේ තමයි, බීඩි ඔක්කොම කාණුවට දාල මූණ කට හෝදගෙන ආයෙමත් ජීවිතේ විඳින එක තමයි...!

තාරක Dilsh@n said...

අයියෝ බන්..

ඇත්තටම උඹ බයික් එකත් සෙනසුරාදට නිවාඩු ගන්නවද??

Amila Chathuranga said...

අපරාදෙ අර තාත්තගෙන් බිඩි නැතුව ගුටි කන්න ඇති කොල්ල..

Darshana said...

දුක තමයි.ගනන් ගන්න එපා. පුලුවන්නම් ‍‍බොස්ට ඇත්තම කියලා බලන්න.

DragonD said...

පෙම්වතියක් තියාගෙන නේද මේ වෙනින් කෑලි වලට කෙල හලන්න යන්නෙ ? නැත්නම් මේක ගොඩක් පරන කතාවක් වෙන්න ඇතිනෙහ්..
හැමෝටම ඔහොම තමයි සහෝ , මම දන්න හැමෝම නගින නගින ගස් වල දෙබල්..
ඒ නිසා හැමෝටම මෙහෙම කෙල වෙනවා , තමන්ට විතරක් නෙමේ කියන එක තේරුම් අරන් ඉන්න එක තමා හොඳම වැඩේ....
ඔයාගෙ බොස් මේ බ්ලොග කියෙව්ව දවසක හොඳ ප්‍රොමෝශන් එකක් දෙයි :)

සොඳුරු ආගන්තුකයා said...

ඔකඳ වෙන්න ගිහින් මදැයි වෙච්ච දෙයක්!! කොහොම උනත් බොස් නම් බොට සෑහෙන කැමතියි වගේ! වෙන තැනක එහෙම ඔහොම උනා නම් බීඩි මිටිය බොස් අරන් උඹ කෙලින්ම දොට්ට....

රවින් said...

උඹට ඔහොම වෙලා මදි.. දකින දකින කෙල්ල නිසා ඔකඳ වෙන්නේ නැතුව හිටු... නැත්තන් උඹේ දුඹුරු ඇස්ට ඕව දකිනකොට දුක හිතෙයි... අත්දැකීමෙන් කියන්නේ මචන්...උඹ නම්!!!! තව එකක් මචන්.. ඇස්වහක් කටවහක්‌ නෑ , උඹේ ලියන විදිය, වචන නම් සුපිරිම සුපිරි... මාරයි බං..

රත්ගමයා said...

නොදකින් බීඩියා...කාඩ් එකකුත් වදින්න ඇති..
විලි ලැජ්ජාවේ සංතෝශේ බෑ අර කෙල්ල ඉස්සරහා...
බීඩියා

නචියා said...

හපොයි සදරුවො උඹටත් වෙන කෙලි. පොඩි එකාගෙ බීඩි මිටියට කෙලියා නේද උඹ. පවු බන් පොඩි එකාගෙ අප්පොච්චි කොල්ලට නොසෑහෙන්ට තලන්න ඇති.

මාත් ඔය බීඩී බීලා තියනවා ඒ කාලෙ. ඒකෙත් පොඩි ගතියක් තියනවා බන්......

මහිම මදුරංග said...

ubatath wena weda :-)

Beetle said...

මට මැවිලා පේනවා උඹ දණ ගගා බීඩි ඈහිඳිනවා...

දැන් මොනා කරන්නද, අඩුමගානේ මේ බ්ලොග් පෝස්ට් එකේ ප්‍රින්ට් අවුට් එකක් අරන් ඉන්ස්ටිටියුට් එකේ නෝටිස් බෝඩ් එකේවත් ගහපන්... එදා එතන හිටපු උන් ඇත්ත දැනගනීවි...

(හිටපු නැති උන්ටත් එතකොට චාටර් වෙන්නැතෑ :P)

මකුළුවා..... said...

මචං නරකද තොවිලයක් ව‍ගේ මොකක් හරි කොර ගත්තොත්....ඕක මහ අපලයක් වගේ බං....කෙල්ලෙක් දැක්ක ගමන් මොකක් හරි බාල්දියක් නේ පාත් වෙන්නේ....

උඹත් සර් පාට් එක දාලා අර පොඩි එකාගේ බීඩි මිටියට විද්දා නේද?.... ;)(හිනා ගොඩයි)

දිනුක said...

සිගරැට් බීඩිවලටත් පන්ති බේද නේද සඳරුවො......

නදී said...

හෙහෙ බීඩි අහුලන හැටි මැවි මැවී පේනව මට.මතත් කරලා අර ලමයටම දෙන්නනේ තිබ්බෙ අරන් යන්න.

Hishan de Silva said...

උඹලට නම් කෙල්ලන්ගෙන් අඩුවක් නෑනෙ. අපට නම් batch එකටම ඉන්නෙ කෙල්ලො විස්සයි... :(

Anonymous said...

උඹට පුදුම අබිලික් වැඩ නොවැ වෙලා තියෙන්නෙ.
වෙන එකෙක්ට වුන දෙයක් වගේ ගානට ලියලා තියනවා.
ජය වේවා.
JH

Nimapri said...

කොයි දේ වෙන්නෙත් හොදටයි කියලා කියනවනේ...
පොඩි පොඩි අකරතැබ්බ වෙන්නෙ පස්සෙ ලොකු හොද දෙයක් වෙන්න තියන නිසයි...

Dasun said...

අනේ බං උඹටත් වෙන දේවල්...උඹට කෙල්ලෝ සීන් අපලයි. කෙල්ලෙක් ළං වුනොත් මොකක් හරි කෙළියක්....

හිස් අහස said...

@සාතන් = දුකයි බං ඒත් පොඩි එකා ආයේ ඒක ඉල්ලුවේ නෑ නේ බං .. යටි අතට අල්ලං හිටියම නිවෙන්නෑ .
.............................................................................................................................
@චතුර = අනේද බං කියන්නේ !
.............................................................................................................................
@මකුළු පැංචි = දවසම හාල් වුණා මකුලු පැංචි , මටනම් වැඩිය ලැජ්ජාවක් දැනුනේ නෑ පැයකට විතර පස්සේ මට ඔය සේරම මතක වෙලා ගියා .පොඩි එකා පවු අප්පා
.............................................................................................................................
@මාතලන් = බීඩියත් අමුතුම ආතල් එකක් ඒකනම් ඇත්ත අපේ පැත්තේ මැදි විය පන්නපු අයට බීඩිය නැතුවම බෑ මොන තරම් හොඳ සිගා තිබ්බත් බීඩිය නැතුව එලි බහින්නත් බැරි උදවිය මම දන්නවා මචං .. මාතල් කියන්නෙත් කන බොන චරිතයක් වගේ ?
.............................................................................................................................
@අසනි = දෙමාපියෝ ගොඩක් දෙනා එහෙම සිගරට් වගේ දේවල් පොඩි එකාට කියලා ගෙන්න ගන්නේ නොදැනුවත් කමට තමයි . ඔය පද පේලි දෙක ඉස්සරම ඉස්සර අයි ටී එන් එකේ ගියා වගේ මතකයි අසනි .
.............................................................................................................................
@Anonymous 1 = මට එහෙම වුණානේ බං ..තැන්කුයි මචං අගය කිරීම
.............................................................................................................................
@Dee = රසට අනුවනම් ඒ බීඩිම තමයි ..ඔරිජිනල් බීඩි
.............................................................................................................................
@පොතේ ගුරා = තැන්කුයි මචං
.............................................................................................................................
@hansakinkini = එන්ඩ එන්ඩ අපි බලාන ඉන්නවා . කොහෙද මෙච්චර කල් ගිහිං හිටියේ . ඇස් ගැනනම් කියන්න තියෙන්නේ දුක හිතෙන ඉස්ටයක්
.............................................................................................................................
@ම = පිස්සුද මරේ . බීඩි මිටියක්ම රු විස්සක් විතර වෙන්නේ . අඩේ මමත් බොන්න අකමැති වුණාට ඒ සුවඳට කැමතියි හැබැයි බං මොනා කලත් බීඩි ගහපුහාම විනාඩි විසක් විතර යනකම් සුවඳනම් හතර අතේ විහිදෙනවා .
.............................................................................................................................
@මධුරංග = අයියා මම බොස්ට මෙලව දෙයක් කියන්න ගියේ නෑ මම ගොනා වගේ හිටියා . බීඩිනම් මට දිරවන්නෙම නෑ ,
.............................................................................................................................
@පිණිබිඳු = බයික්කේ වික්කා අක්කන්ඩි ..දුකේ බෑ දැං ඉතිං බස් පිහිට තමයි
.............................................................................................................................
@ශානු = කෑවද කියලත් අහනවා .
.............................................................................................................................
@Sabith = එපා වෙනවා බං !
.............................................................................................................................
@Praසන්ன = ඒකි මුල් දවසේ පන්තියට හිටියා දෙවනි දවසෙත් හිටිය මම බලා පොරොත්තු වෙනවා ඊලඟ සෙනසුරාදත් ඒකි ඒවිය කියලා .. ස්තූතියි අයියන්ඩි ..ඒක මට හයියක්
.............................................................................................................................
@රඹා = අලුත් පාඨකයෙක්ද බං . සිරා කතාව "වඳින්න ගිය දේවාලේ ගොනා ඇන්න" අඩේ මම එහෙම එකක් දන්නේ අද නේ :)
.............................................................................................................................
@Buratheno =මල් පැට්ටෝ පැන්නානම් අද මේ කතාව මම මීට වඩා වෙනස් විදිහට හිරේ ඉඳන් ලියාවි . අනික මල් නම් මම සාක්කුවේ තියාගන්නෑ .. අස්සේ ගහගෙන යනවා :)

හිස් අහස said...

@පිස්සු පුසා = සිරා කතාව දුං පිට වුණා එදා !
.............................................................................................................................
@Gizaa = ඒක එහෙම වෙච්ච එකමයි හොඳ ඒ කෙල්ල කොයි වෙලේත් ෆෝන් එක කනේ තියාගත්ත ගමන්මයි . ඒකියන්නේ කුමාරයෙක් ඇති . මම මුලින්ම චා වෙච්ච එක හොඳයි නැත්තම් නිකම් බොරුවට මගේ හිත කඩා වැටෙන එක විතරමයි වෙන්නේ .අප්පා මගේ බොසා මාව සත පහකට විස්වාස කරන්නේ නෑ
.............................................................................................................................
@තීර්ථ යාත්‍රිකයා = වෙන මොනා කරන්නද ? අයියේ . යමු බලන්න
.............................................................................................................................
@Kasun = වෙලාව බලන්න වොච් එකක් ගන්න ඕන බං මේ දවස් වල හිඳිලා ඉන්නේ . පොඩි එකා ආපහු ඉල්ලුවානම් මම සල්ලි දෙනවා ඒත් ආයේ ඉල්ලුවෙත් නෑ මටත් මීටර් නැතිව ගියා සීන් එක
.............................................................................................................................
@සොඳුරු සිත = ඇත්ත කතාව . කවුද දන්නේ මගේ හැම දෙයක්ම රුවිතෙට වෙන්නේ ඒ හේතුව නිසාද කියලා .ගෑනු ආත්මයක් නම් මට බැල්ම දාගෙන දැන් ටික දවසක් වෙනවා .ඒත් මගේ බැල්ම තියෙන්නේ වෙන කෙල්ලෙකුට .
.............................................................................................................................
@චතුරංග පෙරේරා = අඩෝ ඔහොම කඩන්න එපා බං මට බ්ලොග් එපා වෙනවා ! සිරාවට කෙල්ල එහෙම හිතුවද දන්නෑනේද ?
.............................................................................................................................
@Rock B = අම්මට සිරි මට ඒක කල්පනාවට ආවේ නෑ නේ ! . එහෙම වුණා නම් මම අද දිවං ගත වෙලා !
.............................................................................................................................
@BAWANTHA = මට මේ ලඟදී කෙල්ලක් සෙට් වුණා බං ..දැං ඒවා අමතකයි බං
.............................................................................................................................
@sameera = සහතික ඇත්ත බං මට බීඩි සීන් එක ඒතරම් මීටර් වුණේ නෑ මම හිතුවා ඒක ඔය මේසයක් යටින් තියලා යනකොට දෙනවා කියලා මට සහමුලින්ම මතක නැති වුණා නේ . මගේ කේන්දරේ බලන එකාටත් අපලයක් වේවි මචං
.............................................................................................................................
@සපතේරු උන්නැහේ =රස හඳුනන්නෝ බීඩිම බොන්නෝ කීවලු . ඩුබායි වල ඇයි බීඩි හොරට විකුනන්නේ තහනම්ද .?
.............................................................................................................................
@Outsider = ඕක මොකද්ද බං අපේ අම්මත් මේක අහලා මට බැන්නලා ආයේ හිනා වුණා .
.............................................................................................................................
@චරිත = ඔයාලගේ ප්‍රතිචාර නිසා තමයි ඉතින් අපිත් ලියන්නේ ..ස්තූතියි මචා
.............................................................................................................................
@Pitakotuwa = බාගයයි කාලක් ගැහුවා එදා රෑ මම කට් වුණා ..එතනම
.............................................................................................................................
@පූසා = මගේ ග්‍රහයා කුජීත වෙලා මචං ..
.............................................................................................................................
@ගයාන් තාරක = ලොවෙත් නෑ නේ ..?
.............................................................................................................................
@සුමින්ද = ඇත්තටම වෙච්ච දෙයක් දෙයියෝ . සත්තයි ..!
.............................................................................................................................
@පිස්සි = ඇදගෙනනේ නෑවේ නංගා
.............................................................................................................................
@සීතල අයියා = ඔහොම කියන්න එපා බං ! මට වලදාගන්න හිතෙනවා ..
.............................................................................................................................
@වන්නි = අඩේ අවුලක් වුණේ නෑ කෙල්ල පන්ති ආවා දැන් සති දෙකක්ම ආවා .. තුන් වන සතියෙන් නවතීවිද දන්නෑ .. ඒකි ෆෝන් මේනියාවෙන් පෙලෙන කෙල්ලක් .

හිස් අහස said...

@දුමී = හිනාවෙලා අමතක කරලා දැම්මා දුමී අයියේ . ජීවිතේ නම් විඳින්න දෙයක් නෑ බං . පදිරියි එපා වෙලා !
.............................................................................................................................
@තාරක = අඩේ බයික් කට්ට වික්කා බං ! ඇඬෙනවා
.............................................................................................................................
@indi= පවු අප්පා , මම හිතන්නේ කොල්ලා ආයෙමත් බීඩි මිටියක් අරගන්න ඇති කඩෙන්
.............................................................................................................................
@D.T = බොසා මාව සත 5කට විස්වාස කරන්නේ නෑ මචෝ . ආ අලුතෙන් වගේ ?
.............................................................................................................................
@DragonD = පෙම්වතිය ලැබෙන්න දවස් දෙකකට විතර කලින් වෙච්ච දෙයක් තමයි මේක අනික බං පෙම්වතිය හිටියට බැකප් පෙම් වතියකුත් ඉන්න එපෑය .බොසා දවසක් මේක බැලුවා කියලා මට යාලුවෙක් කීවා . ඒත් දැන්නම් පොර බ්ලොග් බලන්නේ නෑ ..
.............................................................................................................................
@ආගන්තුකයා = මම ඉතින් පරනම සේවකයා නේ බං ඒක නිසා මට පිලි ගැනීම ටිකක් වැඩියි . පවු ලොක්ක්කා හරි හොඳ මෑන් !
.............................................................................................................................
@රවීන් = අඩේ එහෙම කියන්න එපා බං දකින දකින කෙල්ලට ඔකඳ වීම මගේ පරම්පරාවෙන්ම එන ගතියක් ලු .ස්තූතියි උඹලෑ අගය කිරීමට . උඹලා එන යන නිසා නෙව අපි ලියන්නේ
.............................................................................................................................
@රත්ගමයා = නෑ මට තවම කාඩ් වැදිලා නෑ . අඩෝ බීඩිත් දැං ටිකක් ගනං හරී ! අපිත් සල්ලි කාරයෝ සද්ද නම් එපා උඹව සල්ලිවලට්‍ ගන්නවා .!
.............................................................................................................................
@නචියා = කොල්ලා අලුත් එකක් ගන්න ඇති බං මගේ හිතේ මෙවුව එකට මම ඒ බීඩි වීසි කරා . ගතියක් මට දැනෙම නෑ බං . උඹ බීලා තියේ නේ ද
.............................................................................................................................
@mahima = අනේ අම්මපල්ල බං ! මටමනේ වෙන්නේ
.............................................................................................................................
@Beetle = මචං මම ඇන තියාගෙන හෙමීට ඇහිලුවේ . උඹලා මාව තවත් වල් කරන්න හදන්නේ .අනේ එහෙම කරන්න එපා බං .
.............................................................................................................................
@මකුළුවා. = අනේ නෑ බං මම බීඩි වලට පොඩ්ඩක්වත් මනාප නෑ . මම මනාප රත්තරන් කොලේට නේ !
.............................................................................................................................
@දිනුක ජයකොඩි = ගෝල් ලිප් . ධනපති පන්තිය , බ්‍රිස්ටල් මධම පන්තිය , එතකොට තීරෝස් , නිර්ධන පන්තිය , බීඩි පෑගෙන පන්තිය :)
.............................................................................................................................
@නදී = මම එලියට යනකොට ඒ ළමයාගේ පන්තිය ඉවර වෙලා එයා ගෙදර ගිහිං "සර් අර බීඩි මිටිය දෙන්න කියන්න බැ නේ ලැජ්ජයි නේ "
.............................................................................................................................
@Hishan Melanga = අඩේ උඹල පවු බං මට දුකයි උඹලා වේලෙනවා ඇති නේද ?
.............................................................................................................................
@JH = මීට හපන් වැඩ මට වෙලා තියේ . මම තාම එවුවා ලියලා නෑ ජය වේවා මචෝ !!
.............................................................................................................................
@Nimapri = බලමු මට මොකක් හරි ලොකූ ලොතරැයියක්වත් ඇදේවිද කියලා .ඔන්න ඔයා කියපු නිසා මම ඒ ගැන විස්වාස කරං ඉන්නවා
.............................................................................................................................
@නිර්මල = කෙල්ලෝ කියන්නේ ගිනි කිකිළියෝ නේ බං , ඉතින් ගිනි කෙලි පටන් ගන්නවා !

සමනළී... said...

පවු අප්ප පොඩිඑකා...

නාකියා said...

හොද වෙලාවට සුරුට්ටු තිබ්බෙ නැත්තෙ. මොක වුනත් හෙන විකාරයි නොවැ වෙලා තියෙන වැඩේ.

duliponline said...

අඩෝ සඳරුවෝ . . . . .
දැනගනිං බීඩි කියන්නෙ නරක දෙයක් නෙමේ . . . එහෙම්පිටිංම විටමින් පානයක්.
බීඩි වල "විටමින් B" සහ "විටමින් D" අඩංගුයි . . .. . හොඳට මතක තියාගනින් . . . . ඒනිසාම තමයි බිඩි වලට ඒ නම ලැබිල තියෙන්නෙත්

ශශී said...

"සේර් සේර් මෙන්න තව බීඩියක්" !!!!!!!
පට්ටයි සඳරුවො කතාව. :D
මටත් ගෑනියෙක් හැතැම්මක් දුරින් ගියත් අපල වෙන කාලයක් තිබ්බ බං (යක් මූණ )

පුතා said...

බීඩිත් නරකම නෑ මොකුත් නැති වෙලාවට.. ඒ වුනාට ගඳ තමයි ආසම...
දැන් එකක් ගොඩ ගියා නේද බන්.. ඒත් තවමත් උඹට ඔකඳ වෙන සීන් එක ඇරිලා නෑනේ.. :)

සිහින said...

පට්ට කතාව බං සදරුවො.අපි හවස කට්ටිය කතා උනත් එක්ක මේකනම් ඇත්තටම මූට උන දෙයක් වෙන ඇති කියල.මේකේ කොයි ටිකද උඹ අතින් දැම්මේ.අර ඉස්කෝලේ ප්‍රින්සිපල් සෑර් කිරි උගුර බිව්වා වගේ "සේර්..සේර් මෙන්න තව බීඩියක් ..මෙතන.." කෑල්ලත් අතින් දැම්මනේ... මොනව උනත් උඹ වගේ ලියන්න කාටවත් බෑ බං.බ්ලොග් සඳරු ල එක්කෙනයි ඉන්නේ.උඹට බං එක කොස් ගෙඩියක් ඇති නෙ පිටු ගානක් ලියන්න.තව මොන කතාද....කොහොමද ඕනයියගේ විග්‍රහය.අම්මප B.D. එකක් ගහලම බලන්නේ ඕනේ..

Podi Kumarihami said...

කොහොමද සඳරූ ඔයාටම මෙහෙම ඒවා වෙන්නේ? කොහොම උනත් පව් වැඩේ ඔයාටයි අර පොඩි එකාටයි දෙන්නටම. එයා අප්පච්චිගෙන් ගුටි කෑවද දන්නෙත් නෑ.

ඒක නෙමේ ඔයාගේ 'වැව් බැම්ම මතදී දුටු සිහිනය' ඔන්න ඔස්ට්‍රේලියාවේ ඊතල පණිවිඩවලින් එහාට මෙහාට යනවා. ඒ අය බ්ලොග් බලන අයත් නෙමේ.

මම හදන්නේ ඒක ඇමරිකාව පැත්තටත් යවන්ටයි......:D

වන්නි said...

ඕනයා ඕනයා ඕනයා...
සිරාවට මං දැනං හිටියේ නෑනේ බං ඒක... සීරියස් නේද උඹ කියන්නේ?

අඩේ ඕනයෝ...
ඒකනේ මං කියන්නේ උඹ කෝකටත් රක්සනය වෙයං කියලා. ඔය ධාරිතාවට කෙල වුනොත් දවසක් රිකවර් කරගන්න හරි සල්ලි හම්බෙයි බං...!!!
අම්මපා මචෝ ආයේ ඔළුව නං හප්ප ගන්න එපා. උඹ ගාව අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා හරිය...

අපරාජිතයා :::: Aparajithaya said...

මම හැමදාමත් කියනවා වගේ
ඉ‍ටුකොට කල යුතු යුතුකම්
ලැබුනත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුලුවන්නම්
නුඹයි මගේ පුතා උතුම්
කියන ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි කියපු එක මතක තියාගනින්....

μ said...

මම මේ බ්ලොග් එක සම්පූර්ණයෙන්ම කියෙවුවා.මම කාලයක් ලියල වෙලාව නැති නිසා දැනට අතරමහ නතර කරලා තියන මගේ බ්ලොග් එකත් ලියන්න හිතුනා.මමත් සඳරූ ඉපදුන අවුරුද්දේම ඉපදුන කෙනෙක් මගේ ජීවිතෙත් ඔයාට වගේ ගොඩක් දේවල අත්විඳලා තියනවා (ඒත් ඔයා තරම් නැ) මේ කිසිම දෙයක් ගැන දුක් වෙන්න එපා මේ අත්දැකීම් වලින් ඔයාට පුලුවන් ලස්සන ජීවිතයක් ගොඩනගා ගන්න. මගෙත් ජීවිතේ සිදුවෙච්ච අමිහිරිම සිදුවීම තමයි මගේ ජීවිතේ මේ මට්ටමට ගෙනත් තියෙන්නේ.මම මගෙ ජීවිතේ ගැන ගොඩක් සතුටු වෙනවා මම හිතනවා ඔයාටත් ජීවිතේ දුක් වෙන්න කිසිම හේතුවක් නැ කියලා. අඩුම තරමේ මට වුනු කිසිම දේකින් සැලුනේ නැ කියල කවදක හරි සතුටු වෙන්න පුලුවන්.

Observer said...

ඔස්ට්‍රේලියාවෙ "ස්මෝක් ෂොප් " වලත් ඉන්දියන් බීඩි තියෙනව කියන්නෙ, සුද්දොත් ගහන දුමක් නං අපි ගැහුවට මක් වෙය්ද? ගොටුකොලෙත් ලොකුවට හැදුනම "රට ගොටුකොල" කියන අපිට, පිටරට කෂ්ටිය කොරන ඕනෙ දෙයක් හොඳය්නෙ.

Unknown said...

නියමයි සඳරුවෝ හෙහ් හෙහ්!! ඉතිං ඉතුරු බීඩි ටික විසි කරාය කියන කතාවනම් අමූලික බොරුවක්. ඔය ටික උඹේ කැඩිච්ච ප්‍රින්ටරේ අස්සේ නේ? මල් ටිකත් එක්ක?? ලොල්. එල මචන් මට තවම හිතා ගන්ඩ බෑ මේ තරම් ලස්සනට කොහොම ලියනවද කියලා. සුපිරියි ජයවේවා!!

හිස් අහස said...

@තටු සිඳුනු සමනළියක් = එතකොට අපි පවු නැද්ද අනේ ?
.............................................................................................................................
@නාකියා = සීයේ සුරුට්ටු තිබ්බා නම් මම එවේලෙම නිවාඩු දාලා ගෙදර ගිහිං ඒ ටික විඳිනවා . එවුවා ආයේ වැටෙන්නේ නෑ එහෙනම්
.............................................................................................................................
@ඕනයා = අප්පට සිරි සෑර් මට ඒක හාංකවිසියක්වත් මතක නැතිව ගියා නෙව . ! උඹ නම් බං හැම දෙයක් ගැනම එක්පර්ට් වගේ ඈ ? අපි නොදන්න වීටමින් පානයක්
.............................................................................................................................
@ශශී = හැම වෙලාවෙම නැත්ත මට ගෑනුංගෙන් මොකක් හරි අපලයක් තියනවා . මගේ කේන්දරේ ගෑනු දෙන්නෙක් ගැන ලියැවිලා තියනවාය කියන්නේ
.............................................................................................................................
@පුතා = එහෙම තමයි පුතේ ! ආයේ අපිත් මිනිස්සු නේ ! ඔකඳ වෙන එක ඇරෙන එකක් නෑ මැරෙන තුරාවට
.............................................................................................................................
@සිහින = ඇත්තටම මචං "සෑර් තව බීඩියක්" කියලා නොකීවට "මෙන්න සර් තව එකක් මෙතන " කියලා පොඩි එකෙක් කිවුවා බං ! සත්තයි ඒක නම් ඇත්ත .
.............................................................................................................................
@Podi Kumarihami = නෑ මාර ආඩම්බරයි අක්කන්ඩි ! මගේ නම නැතුව වෙන්නැති යන්නේ නේද ? මටත් ඔය මේල් එක කෙනෙක් එවලා තිබුනා . කමක් නෑ මට ආඩම්බරයි ඔයා යවන්නකෝ යූ එස් ඒ වලට ..
.............................................................................................................................
@වන්නි = ඕනයා යනු අමර බුවෙකි !
.............................................................................................................................
@අපරාජිතයා = අඩේ මම යුතුකම් ඉටු කරන්න ගිහිං අම්බානෙට පච වෙලා තියනවා .! ඒත් ඉතින් දැන් පච වෙන එක පුරුද්දට ගිහිං . මොකෝ කාලෙකින් ලීවේ නැත්තේ ?
.............................................................................................................................
@μ = අපි හැමෝම එක එක ආකාර වල අද්දැකීම් විඳලා තියනවා . ඒවා විවිධාකාරයි . මම වැඩිය කතා නොකරන කෙනෙක් නිසා ඒවා මගේ හිතේ කොනක හැමදාමත් හැංගිලා තිබුනා . ඉතින් මගේ අද්දැකීම් මට හොඳට මතකයි . ඔයාටත් මට අන්ත අද්දැකීම් ලැබිලා ඇති . හොඳට මතක් කරලා පෙල ගස්වලා බලන්න ..!
.............................................................................................................................
@Observer= මමත් බීඩි ගහන්න ආසාවෙන් හිටියේ ඒත් බීඩ් එකක් ඇදලා බලපු ගමන් මට එපා වුණා . සිරාවට අයියේ කොස් කොල රහක් ඒකෙන් එන්නේ . ! සමහර විට බ්‍රෑන්ඩ් එක වෙනස් කරලා ආයේ බලන්න ඕන
.............................................................................................................................
@මිත්‍යාදෘෂ්ටිකයා = උඹ ඉතින් එදා ඉඳන් මගේ ලඟ හිටපු එකා නෙව . මචං උඹලෑ අයියයි මමයි දෙන්නත් වතාවක් අර මලක් ඇදලා තියනවා උඹට හොරෙන් ! හි හි :

ජීවිතේ මල් said...

අනේ සන්සාරේ.. සන්දුක්කේ... ඈත්තම ඈත්ත කතාවක්ම වගෙමයි කියල හිතෙනවා...
හෆා... දුකේ බෑහෑ අප්පා.. කෝකට දුක් වෙන්න කියල හරියට හිතා ගන්ඩත් බෑ...
ඒත් හිනා යනවනේ...
මේක මාර වෑඩක්නේ...
සඳරුවෝ කොහොඅද මේ හිනා ගස්ස ගස්සා දුක හිතවන්නේ ???? මාරයි අප්ප... :-)

චතුවා said...

හෆොයි!! ඉල්ලන් කෑමක්නේ බලාගෙන ගියාම...

(මාත් එකම එක දවසක් බීඩියක් බීලා තියෙනවා.. අෆෝ ආයිනම් ඕනිම නෑ..)

පන්සල් හංදිය said...

ඔන් මාත් ආවා පරක්කු වෙලා හරි, මාත් අපේ ආතගේ බීඩි හොරෙන් බීලා තියනවා අවුරුදු හතර පහේදි, දැන් නං මොන රහද කියලා කියන්න මතක නැහැ .........

මොනා කලත් බොසා මලයට ආදරෙයි වගේ ............

පබලු said...

හිනාවෙවි අඩමි..
සඳරුගේ ලිවිල්ල සජීවියි..මේ දැන් වුනා වගේ..
ජයවේවා!!!

හරී - පිණිපළස said...

හතුරෙකුටවත් මෙහෙම නං වෙන්න එපා දෙයියනේ :'(

නදුන් උයන said...

හැමදාම වගේ අදත් ආව සඳරු බලල යන්න...
යකඩෝ.... මේ යකාට වෙන දේවල්.... දුකේ බැරුවාය...

මටනම් තෙරෙන්නෙ මේක මේ සඳරුට බීඩි පොවන්න කරපු අධිරාජ්යවාදී කුමන්ත්‍රනයක් කියල...

අන්තිමට අපේ අහින්සක සඳරු එකටත් අහු උනා ...

Yasantha Hennayake said...

නියමයි අයියා.. කියන්න වචන නෑ.. ඇත්තටම මරු.. ඔයාට වෙන්නෙ මාර මාර සිද්දිනෙ.. බඩ පැලෙනකන් හිනා උනා

Gayan Rupasinghe said...

අඩේ මචෝ. බොටත් මාර එවා නොවැ වෙන්නෙ. එකක් යත්දි තව එකක්. කාලෙකින් බං ආවේ. මට පොඩි අවුල් වගයක් උන බං. වරෙකො බ්ලොග් එක පැත්තෙ. සීන් එක දාල තියෙන්නෙ. ජය වේවා මචං..

හීනියට.... said...

ඈ බොල කොලුවෝ තවමත් ඔකඳ වෙනවද.....

හෙනම චා සිනාරියෝ එක නේද? හැබැයි සුදු බීඩි ටිකක් ශේප් මම හිතන්නේ....

Anonymous said...

මාර වැඩ තමයි කොල්ලෝ උඹටත් වෙන්නේ... වෙනදා වගේම අපූරුවට ලියලා තියෙනවා..

මගේ පුද්ගලික මතය විදියට නම්, මේ බ්ලොග් එක තමයි සිංහල බ්ලොග් අවකාශයේ තියෙන හොඳම බ්ලොග් එක..

BLOG ගඩොල් said...

sirama kathawak saho! sinhalen type karanna widihak ne. jayawewa!!!

ayesha said...

අනේ ඉතින් ඔයාටමයි මෙහෙම දේව්ල් වෙන්නේ

හිස් අහස said...

නෙට් කචල් එකක් ඇවිල්ලා යාලුවනේ .. මට බොහොම අමාරුවෙන් තමයි නෙට් එන්න වෙන්නේ .. එක එක්කෙනාට උත්තර දෙන්න පුලුවන් වෙයි බොහෝ දුරට අනිද්දාට .. අලුත් පෝස්ට් එකක් ලියා තිබ්බත් පබිලිස් කරගන්න නෙට් නැතුව දඟලමින් ඉන්න මොහොතක් මේක ..

Anonymous said...

නෙට් කචල් දුරුවී අලුත් පෝස්‍ටුව පබිලිස් වේවා.
JH

කිඩෝ said...

සිකේ සදරුවටමනේ වෙන්නේ... උබේ මොකක් හරි අවුලක් තියනවා ලස්සන කෙල්ලෙක් දැක්ක ගමන් ඔකද වෙන ඔය හිතේ අයිති කාරයා කෙල්ලොම ඉස්සරහා ලෙසටම ඇනගන්නේ මොකද කියලා දැන්ම හොයලා බලපන් :D

ප.ප්‍ර.

ආ ‍මේ උබට කෙල්ලෙක් සෙට්වුනා කිව්වා නේද ? එහෙම වෙලත් මොකද බොල මේ වෙන කෙල්ලො දැක්කාම බොගේ හිත ඔකද වෙන්නේ.... මේ සීන් එක කෙල්ල සෙට් වෙන්න කලින් වෙච්ච එකක්ද?

Anonymous said...

අම්මපා තෝ කරගන්න වැඩ....

පිස්සා පලාමල්ල said...

තොට හොඳ වැඩේ බීඩි මිටියට කෙලියට.... හික් හික්... ඈ බන් උබට ඊට පස්සෙ කාර්ඩ් එකක් එහෙම වැටුනෙ නැද්ද ??

මට නොතේරෙන්නෙ බ්න් ඔය බීඩිය නිවෙන්නෙ නැති වෙන්න බොන හැටි ? අපේ සීය නම් කලු සුරුට්ටු බිව්වා... හපොයි ගඳ...

Anonymous said...

"සේර්..සේර් මෙන්න තව බීඩියක් ..මෙතන ..”

මාධව විදුරංග said...

mata nam uba gana dukak hithunata wada duka hithune ara podi ekai uge thaththai gana! eekath kamak naa! rata mavila thibba eka! hiki hiki ! maree maru! :D :D hina ekai!

Didi said...

අයියේ උඹ කොස් කොළ රහ දන්නේ කොහොමෙයි???

Charith Samarakoon said...

හික්! හයියෝ සඳරු!

ටීම් ට්‍රැවලර්ස් said...

අපොයි......
සදරුවෝ උඹටත් වෙන වැඩ
:ලොල්: :ලොල්: :ලොල්:

Anonymous said...

මරු කතාව.....ඈ...අපිත් එක්ක ඉන්න කොල්ලෙක්ටත් ඔහොම උනා...උ දවසක් උන්ගේ ලොකු අයියගේ කලිසමකුත් ඇඳගෙන පන්ති ආව...බස් ඒකට සල්ලි දෙන්න සාක්කුවට ඇත දානකොට බීඩි කැලි බස් ඒක පුරාම ගියා..ඌට නම් ගානක් නෑ..ඌ ඔක්කොටම පයින් ගගහ එලියට දැම්ම..

Saiiyaa said...

සඳරු අයියේ තරහවෙන්න එපා ඇත්තම කිවුවට ? දැන්නම් යටි බඩත් රිදෙනවා හිනාවෙලා.. හූ හූ හූ !!!!

Unknown said...

සර් මෙන්න තවත් බීඩියක්

Post a Comment

තැන්කූ බං