5.8.11

රණ විරුවෙකු වැටී සිටි ළිඳකින් දිය නෑවෙමි .



               පහුගිය දොහේ සිදුවුනු බොහොමයක් කතා හිතේ බොහොමයක් තිබුණත් . ලියන්න ගියාම දහසක් දේ හිතට ඇවිදින් හිත අවුල් වෙන නිසාම මම මාසෙකට කියන්නේ කතා හතයි .. මේ ලියන කතාව මට වෙච්ච තවත් අප්‍රසන්නම සිදුවීමක් ගැන .. කියවන අයට මේක කියැවීමෙන් රසයක් දැනේද නැද්ද මම දන්නෑ . මම මේක ලියලම ඒ ගැන හිතන්න කැමතියි . . . .

කාලෙකට කලින් මම වැඩ කරපු ආයතනය තුලදී මම විහින් ඇති කරගත්තු ගැටලු කීපයක් නිසා . මගේ බොස් මාව පුනුරුත්ථාපනය කරන්න කියලා හිතාගෙන මාව අපේම ආයතනයේ ඈත පළාතක ශාඛාවට මාරු කරා . ඔන්න ඔය කාල වකවානුවේදී තමයි මෙන්න මේ සිදුවීම මම අත් වින්ඳේ ..!

දවසක්දා හිමිදිරි පාන්දරම පැය කීපයක දිගු ගමනකින් පස්සේ. ඈත පළාතේ ඉන්ස්ටිටියුට් එකට මාව අත ඇරපු බොස් . "සඳරු එහෙනම් මෙතනවත් වැඩේ හරියට කරගෙන පරිස්සමෙන් ඉන්න " කියලා කාර් එකත් පණ ගන්වාගෙන ආපහු යන්න ගියා .. උරහිසේ එල්ලං හිටපු රෙදි මල්ලත් එක්ක මම ඒ පාළු පළාතේ තනි වුණා ..

මාව පිළිගන්න මුලින්ම ආවේ ඒ ඉන්ස්ටිටියුට් එකේ මැනේජර් . "අනිල්”

"ඉතින් කොහොමද සඳරු ?” .. කියලා බොස් ඉදිරියේදී හොඳින් කතාබහ කරපු මැනේජර් මහතා , බොස් පිටවෙලා ගියාට පස්සේ අමුතුම කතාවක් කිවුවා ..

"ඒ බ්‍රාන්ච් එකේ වගේ මෙහේදී අයියා මල්ලී කියලා කතා කරන්න එපා ඔයා මට සර් කියන්න ..!”

අප්පට සිරි මුගේ ගනං බලකෝ මම .. "හරි මම ඔයාට අනිල් සර් කියන්නම් . ඔයත් මට සඳරු සර් කියන්න එතකොට හරි නේ" ..මමත් කටට ආපු උත්තරේ දුන්නා ..මේ ආයතන ජාලයේ පරණම සේවකයා වෙච්ච මට එහෙම දෙයක් කියන්න අයිතියක් තිබුණා .!. කොහොම හරි එතනින් පස්සේ "සර්" කෙරුවාව අහවර වුණා ..

ඒ ඔය කියන බ්‍රාන්ච් එක පටන්ගත්තු මුල් අවධිය .. ඒ වෙනකොට ළමයි ඒ ඉන්ස්ටිටියුට් එකේ රෙජිස්ටර් වෙන්න ආවා ගියා විතරයි . අපි පන්ති පටන්ගන්න හිතලාවත් තිබුණේ නෑ මුලු Institute එකටම මමත් , ඒ බ්‍රාන්ච් එකේ මැනේජර් කාරයත් , අතුපතු ගාන කොලුවත් ඇරුණම . ඉතිරි වෙලා තිබුණේ පරිගණක කීපයකුත් හිස් පුටු බංකු කීපයකුත් විතරමයි .

උගන්වන්න ළමයිනුත් නැති නිසා මට කියලා අමුතුවෙන් කරන්න වැඩක් තිබුණේ නෑ . ඉඳ හිට තිබුණු Individual කෝස් එකක් දෙකක් ඇරුණාම දවසේ පැය ගණනාවක් මම නිකං පුටු රත් කරමින් වාඩිවෙලා හිටියා .. ඔය තමයි මගේ බ්ලොග් එක පටන්ගත්තු මුල් අවදිය .. බ්ලොග් කියවමින් කමෙන්ට් කොටමින් හිටිය නිසා යම් තරමකින් මට තිබුණු පාළුව අඩු වෙලා ගියා ..

මම නැවතිලා හිටියෙත් මම ඒ වැඩකරපු ඉන්ස්ටිටියුට් එකෙ ඇතුළෙමයි .හිස් මේසෙයක් උඩට බෙඩ් ශීට් එකක් එළාගෙන මගේ කොට්ටෙත් හරස් කරගත්තාම මට සනීපෙට නින්ද ගියා . බෝඩිමක් හම්බෙනකම් .. මට මෙහෙම ටික දවසක් ගත කරන්න වෙන බව මගේ බොස් මට කලින්ම කියලයි තිබුණේ .. ඒක නිසා මමත් අවුලක් නැතිව ඒ ඉන්ස්ටිටියුට් එක ඇතුළේම රැයවල් පහක් ගත කලා ..

පස් වෙනි දවසේ අන්තිමේදී බොස් මට බෝඩිමක් හොයලා දෙන්න සමත් වුණා .කාමර කුලිය ඔෆිස් එක ගානේ

"සඳරු ඔන්න ඔයාට අලුත් බෝඩිමක් හොයාගත්තා . අද ඉඳන් ඔය මේස උඩ නිදන්න ඕන නෑ . ගිහින් ඒ කාමරේ රෑට බුදියගන්න .. ආ …. තව දෙයක් . ඔයාටයි ඔහේ මැනේජර් අනිල්ටයි දෙන්නටම ඒකේ ඉන්න පුළුවන් .. එයා දැන් ඉන්න ගෙදර කුලිය වැඩියි ඒක නිසා එයත් ඔයත් එක්ක ඉඳපුදෙන් !”

ඔන්න ඉතින් මට වෙච්ච වැඩේ !. බෝඩිමක් නම් ලැබුණා ඒත් ඒකේ ඉන්න වෙන්නේ තව එකෙකුත් එක්ක . මම කොහොමත් කැමති මගේ ටයිප් එකේ එවුං එක්ක ඉන්න . මට හරියන එවුන් 100 හිටියත් මට ඉන්න පුළුවන් අවුලක් නෑ.! ඒත් මගේ ටයිප් එකට පිටින් ගිය එකෙක් එක්ක මට ඉන්න කොහෙත්ම බෑ .මේ මැනේජර් කාරයා මට වඩා වසර හතරක් වැඩිමල් . ඒ මදිවට .ඒකා බොන මිනිස්සුන්ට පොඩ්ඩක්වත් කැමති නෑ .

ඉතින් ඔය වගේ තත්වයක් මැද මම සහ මැනේජර් දෙන්නා අලුත් බෝඩිමට යන්න සූදානම් වුණා .!
මම ඉන්ස්ටිටියුට් එක ඇතුළේ වනලා තිබුණු මගේ රෙදි සේරම එකතුකරලා මල්ලට දාගත්තා . පරිගණක උඩ වනලා තිබුණු මගේ කමිස , කලිසම් , තුවා බැනියම් , යට ඇඳුම් ආදිය එකතු කරගන්නම මට විනාඩි පහලවක් විතර ගියා .. පරිගණක වල උණුසුම නිසා රෙදි ඉක්මනට වේලෙනවා . ඒක නිසා මම සාමාන්‍යයෙන් යාන්තම් තෙත රෙදි පරිගණක අසලින් වනනවා ..

මැනේජර් ගොයියා ළඟ කඩේකින් සාම්බ්‍රානි පැකට් එකක් ගත්තා ..! අලුත් බෝඩිමට දුං ගහන්න ..! මම අහිතකර බීම බාගෙකුයි , දුං කූරු හතරකුයි ගත්තා ..! දැන් ඉතින් ඉන්නේ බෝඩිමක නිසා . කාගෙන්වත් අහන්න දෙයක් නෑ ආයතනය ඇතුළේ බීවා කියලා බැණුම් අහන්න ඕනත් නෑ .. මම මගේ පාඩුවේ එළියට වෙලා මගේ විදිහට වැඩේ කරගන්නවා මම එහෙම හිතාගත්තා .. . . . .

අපි ඒ බෝඩිමට යද්දී වෙලාව හවස හය හමාරට විතර ඇති .. බෝඩිම තිබුණේ ඉන්ස්ටිටියුට් එක අසලම පයින් යන දුරක වුණත් .බඩු පැක්කරගන්න වෙලා ගිය නිසා හිතගන්න බැරි විදිහට පමා වුණා ..

ඒ බෝඩිම ගැන කීවොත් ඒක ලොකු ගෙයක් . ඒ ගෙදර හිටියේ විශ්‍රාමික කපල් එකක් .ගෙදරට පිටින් එළියෙන් පිහිටලා තිබුණු කාමරයක් තමයි අපිට නවතින්න පුළුවන් විදිහට ලෑස්ති කරලා තිබුණේ ..

ඒ පැන්ෂන් ගිය අංකල් අපේ කාමරේ යතුර අපට දීලා .. "මෙන්න පුතාලා කාමරේ.! මොනා හරි ඕන වුණොත් මට කතා කරන්න !..ඒ වගේමයි පුතාලා අර ටැප් එකෙන් තමයි වතුර ගන්න තියෙන්නේ .එතකොට අර තමයි කක්කුස්සිය , අර තියෙන්නේ . අල්ලපු ගෙදර , එතකොට මේ පැත්තෙන් තමා ඉර බහින්නේ" ඔය වගේ කන් කලු හෑල්ලක් කියලා අපිට කාමරේ යතුරින් දොර ඇරලා දුන්නා ..

කාමරේ නම් වරදක් නෑ නියමයි .. බඩු පැක්කරගෙන එහෙම අපි ඇඟපත හෝදගන්න එළියට ආවා .. මට නම් ඕනෑ වුණේ නාගන්න .. නෑම ගැන කියද්දී මම දැකපු දැකපු එක දෙයක් තමයි මමත් එක්ක හිටි මගේ මේ මැනේජර් කාරයාට ඇඟපත හෝදන වැඩවලට වතුර වීදුරුවක් හොඳටම ප්‍රමාණවත් බව ..

ටැප් එක ළඟට ගිය මැනේජර් කාරයා . යන්තම් අතයි බෙල්ලයි මූණයි හෝදගෙන අඩියට දෙකට කාමරේට රිංගුවා .."මුගේ නෑම මේක නම් මූ ලැට් ගිහිල්ලා ඉවර වෙලා පස්ස හෝදන්නේ නැතුව ඇති" මට එහෙම හිතුණා .

ඉස්න්ටිටියුට් එකේදී නම් මම බේසමට වතුර එකක්ම පුරවාගෙන පුංචි කෝප්පෙන් පැය භාගයක් විතර යනකම් හෙමීට නෑවා . මෙහේදී බේසමක් නැති නිසා ඒ වැඩේ කරන්න බෑ .. ඉතින් මම එළියේ වාඩිවෙලා විටක් කකා හිටපු අංකල් ගෙන් බේසමක් ඉල්ලුවා .

"අංකල් මට නාගන්න බේසමක් දෙන්න පුළුවන්ද ?”

"ආ ඇයි පුතා අර මහත්තයා දැන් යසට ඇඟපත හෝදගෙන ගියේ ..”

"නෑ අංකල් එයාට වගේ නම් මට යන්තම් ඇඟහෝදන්න බෑ ..”

අංකල් බුලත් හපේ කටේ තියාගෙනම මෙහෙම කීවා . "පුතා වතුර අපි දෙන්නේ නිකම්. කාමර කුලිය විතරයි අපි ලොකු මහත්තයාගෙන් ගත්තේ .! ලයිට් එක දානවාටවත් අපි සල්ලි ගන්නේ නෑ කියලා තමයි කතා වුණේ .. ඉතින් වැඩිය වතුර ඉහිරවන්නත් එපා .. හෙහ් හෙහ් ..

මේ බලපල්ලකෝ මේ කතාව ! දවසෙම වැඩ කරලා ගඳ ගගහා ඉන්න පුළුවන්ද ? මටනම් හැන්දෑවට නාන එක අනිවා කරන්නම ඕන නැත්තම් නිදාගන්නවත් බොරු ..

"හරි අංකල් මම සල්ලි දෙන්නම් ඔයාට කියක් ඕනද ? මම නානවාට මම සල්ලි ගෙවන්නම්කෝ ..වැඩේ ඉවරයිනේ ..” මම මහ ලොකු සල්ලි කාරයෙක් නොවුණත් . නොනා බැරි නිසා මම එහෙම කීවා

පුතා කොරහ ඇරෙන්න ගෙදර ලොකු භාජන මොකුත් නෑ .. හ්..ම් .. ඔයා මෙහෙම කරන්න . අර තියන පොදු ළිඳෙන් නම් නාගත හැකි .. ජල පෙරේත අංකල් එහෙම කීවා ..

ළිඳක් ? ඒක කොයිතරම් හොඳ දෙයක්ද . කාන්තාරයේ අතරමං වෙලා වතුර නැතුව මාස ගාණක් පකීර් වෙලා හිටපු ඔටුවෙකුට දැනුණ හැඟීම මටත් දැනෙන්න ඇති ..

කෝ අංකල් කෝ කොහෙද ළිඳ ?

"පුත අර ඈත .. බලනු ..” අංකල් ක්‍ෂිතිජය දිහාවට ඇඟිල්ල දික් කලා ..

අර තෙල පෙනෙන සීමාවෙන් ඔබ්බට ගොස් දකුණට හැරුණ විට නුඹට ළිඳ හමුවෙනු ඇත ..

මමත් තුවාය , සබන් කෑලි , කමීස, කලිසම් , හෝදන රෙදි . මේ සේරම එක්කහු කරගත්තා !.බාගෙට නාපු මැනේජර් ලොක්කා ඇඳ උඩ පත්තරයක් බලනවා . උගේ ඇගෙන් හමන හම්පඩ ගඳ මගේ නාස්පුඩු අතරින් රිංගන්න ප්‍රබල උත්සාහයක යෙදෙනවා .. මම ඉක්මනට ළිඳ ගාවට යන්න පිටත් වුණා ..

විනාඩි හතරක විතර කෙටි ගමනකින් පස්සේ .. මම ළිඳ ගාවට කිට්ටු වුණා. මගේ චීන ෆෝන් එකේ ටෝච් එක මට හොඳ එළියක් දීලා පාර පෙන්නුවා ..

ඒක මහ පාළු තැනක තිබුණු ළිඳක් . හතර වටේම සරුවට වැවුණු තණකොළ පඳුරු . ඒ වගේම ලොකු පුවක් ගස් , මාර ගස් වලින් මේ ළිඳ වට වෙලා . ඒ ලිඳ රාජ්‍ය නොවන සංවිධානයකින් හදපු පොදු ළිඳක් බව ඒ ලිං ගැට්ටේ ගහලා තිබ්නු සමරු ඵලකයේ සඳන් වෙලා තිබුණා ..

මමත් බාල්දිය අදිමින් එලටම නෑවා .. රෙදිත් හේදුවා .. හරිම සනීපෙට නාගත්තා . කරුවල වැඩි නිසාම ළිඳේ වතුර වල පාටවත් මට බලන්න බැරි වුණා .යහමින් පායලා තිබුණු හඳ එළියටත් ලොකු මාර ගස් වල අතුපතර නිසා සඳරුට උදවු කරන්න බැරි වුණා .. "වතුර නේ තියෙන්නේ" මම ඔහේ නාගත්තා ..

මම නාලා රෙදි හෝදගෙන ආපහු යන්න හැරුණා .ආපු පාරෙන්ම ටිකක් දුර යනකොට මාව පහු කරගෙන ගියපු පුස් බයිසිකල් කාරයෙක් ආයෙමත් හරවගෙන මා ගාවට ඇවිල්ලා නැවතුණා ..

මල්ලි කොහේද ?

මම කොහේ වුණාම උඹට මොකද ඩෝ ! මගේ ගමේදී මමත් එක්ක තව කීපදෙනෙක් හිටියොත් නම් මම එහෙමයි අහන්නේ.. ඒත් මෙහේ වෙනස් මම තනියම අනික මේ මනුස්සයා ඇහුවේ කාරුණිකව ..

"මචං..! මම අර අහවල් පළාතේ ..මම වැඩ කරන්නේ අර අහවල් හන්දියේ තියන කොම්පියුටර් පන්තියේ . නැතිලා ඉන්නේ අර අහවල් අයගේ ගෙදර ..”

මල්ලී ඔයා නෑවේ අර අතන තියන ළිඳෙන්ද ?

ඔවු මචං ඇයි ..? මගේ පපුවත් ඔටෝමැටිකලි ගැහෙන්න ගත්තා ..

"මල්ලී ඔය ළිඳට දැන් මාසෙකට විතර උඩදී සිවිල් ආරක්‍ෂක කෙනෙක් වැටිලා මැරිලා හිටියා බොඩිය හොයාගත්තේ පැය දහයකට විතර පස්සේ .. ඔය ළිඳ ඊට පස්සේ කිසිම කෙනෙක් පාවිච්චියට ගත්තේ නෑ”

මගේ ඇඟ හීතල වෙලා ගියා . ඇත්තටම කීවොත් මගේ කකුල් පණ නැති වුණා . උගුර කට වේලිලා මට දාඩිය දාන්නගත්ත

"බලන්නකෝ අයියේ අර ගෙදර අංකල් මට මේ ළිඳ පෙන්නුවේ නාන්න කියලා ..”

"ඔය මිනිහා මහ කුනා මල්ලී . ඔය එහා පැත්තේ තියන මගේ ඉඩමකුත් බලෙන් අල්ලගෙන ඉන්න මිනිහෙක් .. මල්ලි යමු අපේ ගෙදර අපි ආයෙමත් නාගමු .. නගින්න සයිකලේට ..”

"නෑ අයියේ මම ආයේ ඔයාගේ ඇඟේ ගෑවෙන්න ඕන නෑ මම පයින් එන්නම්" .. ඒ නියම මනුස්සයා මට කොතරම් පෙරැත්ත කළත් මම පයින්ම ඒ කෙනාගේ ගෙදරට ගිහින් පැයක්ම නාගත්තා .. මගේ ලයිෆ් බෝයි කෑල්ල ඉවර වෙනකම් නෑවා ..

මම හිටියේ පුදුම අවුලෙන් .. මගේ නාගැනීම අහලා අහල පහළ ගෙවල් වල අයත් මාව බලන්න වට වුණා . "අනේ බලන්න අර මනුස්සයා කරලා තියන වැඩක් .ඕකා හැඳිගෑවෙයං මේ අසරණ කොල්ලට කරපු වැඩේට !" .. ගොඩ දෙනෙක් මං වෙනුවෙන් දුක් වුණා .ඒත් හිත බිඳෙන්න එක පොඩි දෙයක් ඇති .එක පජාත මිනිහෙක් නිසා මට මේ පැත්ත පළාතම එපා වුණා . ..!

අන්තිමේදී මම ඒ කාරුණික මනුස්සයා සහ තව කීප දෙනෙකුගේ ටෝච් එළි මැද්දෙන් ආයෙමත් බෝඩිමට ආවේ . පැන්ෂන් ගිය මැන්ටලේට හොඳ දෙකක් කියන්න හිතාගෙන ..

මම ගේට්ටුවෙන් ඇතුළුවෙච්ච හැටියෙම අංකල් කාරයා මං දිහාට ආවා .. "පුතා මොකෝ පරක්කු අපි මේ බලන්න යන්න හැදුවේ ..”

මම කතා කරන්න කලින් මට හමුවෙච්ච මනුස්සයා .. ඉස්සර වුණා .(මට එදා ඒ මනුස්සයාගේ නමවත් අහගන්න බැරි වුණා .)

"මොනාද ධර්මෙ අංකල් කැත වැඩ කරන්නේ..! මිනිස්සුන්ට ඔහොමද සලකන්නේ..? ඔයා එදා හොඳටම දැක්කා අර ළිඳේ ගම්බට්ටෙක් වැටිලා මැරිලා ඉන්න හැටි..! ඔයා ඒක දැන දැන නේද මේ මල්ලිව ඒ ළිඳට යැවුවේ . වතුර ටිකකට ඔය තරම් ලෝභ වෙන්න එපා ලොක්කා ! “

අංකලුත් සරම කරේ තියාගෙන කෑ ගැහුවා .. රිදිලා උන්නු මමත් ගමේ උන්ගේ හයිය අරගෙන අංකල්ට බැන්නා අමු සිංහලෙන්ම ..

"අංකල් මාව මිනිහෙක් මැරිච්ච ළිඳකට නාන්න යැවුවට තමුසේ ලබන ආත්මේ දියබරියෙක්ම වෙලා උපදිනවා සුවර් ..! ලෝබෙයා !”

ඔන්න මගේ බැණුම අතරේ එක පාරටම ෆෝම් වෙච්ච අංකල් මට අමතක නොවෙන උත්තරයක් දුන්නා ..

අයිසේ ඔය ළිඳට වැටුණේ රට ජාතිය වෙනුවෙන් සටන් කරපු රණවිරුවෙක් නේද ? තමුසෙලා ලැජ්ජා වෙන්න ඕන ඒ වගේ මිනිහෙක්ව අප්පිරියා කරනවට .. තු:හ් උඹලා වගේ මිනිස්සු .

"ධර්මේ මහත්තයා එහෙනම් ඔයාවත් අපි ඒ ළිඳට එක්ක ගිහින් නාවන්නද ? පාරේ අයිනේ මට සප් එක දෙන්න හිටපු තව කෙනෙක් කිවුවා ..”

අංකල් ගිහිං මගේ බඩු මුට්ටු එළියට දාන්නයි සූදානම .. එයාව ඒකට මහන්සි නොකර මම කෙළින්ම ගිහිං මගේ බඩු මුට්ටු ටික ගත්තා ..මම බෑග් එකත් අරගෙන ආයෙමත් ඉන්ස්ටිටියුට් එකට යන්න පිටත් වුණා . මගේ අලුත් යාළුවෝ ටිකත් මා එක්කම මාව ඇරලවන්න ආවා ..

මම ආයෙමත් ඇවිදින් මගේ පරණ පුරුදු මේසේ උඩ ඇලවුණත් නින්ද මගේ අහලකටවත් ආවේ නෑ .! නිදාගන්නත් මම බයවුණා . ලයිට් සේරම දාගෙන පරිගණකයක් ගාවට වෙලා හිටියත් මගේ හිතේ ගැස්ම යන්තමින්වත් අඩු වුණේ නෑ .. මම හොල්මං වලට අවතාර වලට කොහෙත්ම බය නෑ .. ඒත් මේ සිදුවීම නිසා මගේ හිත ගැස්සුණා .එදා මම මගේම හෙවනැල්ලටත් බය වුණා .. ඇඟපත කසනවා වාගේ හැඟීමක් දැනෙන්නත් වුණා ..ජනේලෙන් එපිට පේන කළුපාට හෙවණැලි වලට මගේ බය වැඩි වුණා

කොහොමටත් ඒ ළිඳේ විෂබීජ පිරිලා ඇති මට මොන ලෙඩේ හැදේවිද මන්දා . ඔන්න ඔය හැඟීම නිසාම මම හිතෙන් ලෙඩ වුණා . උණ ගතියක් දැනෙන්නත් වුණා .

ඔන්න ඔය වෙලාවේදී තමයි මට බෝතලේ මතක් වුණේ .. මම බාගේ බෝතලෙන් ටිකක් වීදුරුවකට අරං මගේ ඔළුවෙයි අතපයෙයි ගාගත්තා .. වසක් විසක් තියේ නම් එතකොට යන්නැතෑ . . . අමුවෙන්ම දෙකක් බඩටත් දාගෙන ටික වෙලාවකින් ටැප් එක ළඟට ගිහින් ආයේ නාගත්තා. . . වෙලාව පාන්දර එකට විතර ඇති ..මට නින්ද ගියා ..

උදේ අවදි වෙනකොට නම් මම යන්තම් හොඳ තත්වයේ හිටියා 

මනුස්සකම කියන දේ කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා . මම ඒක අත් වින්ඳේ ඔය කියන ගමේදී . මට වතුර ටිකක් දෙන්න ලෝභ වෙච්ච බෝඩිමේ අංකල්ට වඩා මාව ජීවිතේටවත් නොදැක්ක මිනිස්සු කීපදෙනෙක් මට වචන වලින් උදවු කරපු හැටි මැරෙනකම්ම මගේ මතකයේ තියේවි ..

ඉතින්..! රණ විරුවෙක් වැටිලා මැරිච්ච ලිඳකින් නාපු නිසා ඇතිවෙච්ච ජාත්‍යාල හැඟීම මතක් වෙන මේ මොහොතේ පවා මගේ ඇඟේ හිරිගඬු පිපිනවා .අදටත් ඒ අඳුරු ලිඳ මතක් වෙනකොටත් මාව වෙවුලන්න ගන්නවා .මම කීප වතාවක්ම හීනෙන් බය වුණා ..අදටත් මහ රෑක තට්ට තනියම පාරේ එද්දී මම ඉතිපිසෝ ගාථාව හිතින් මුමුනන්නේ එදා ලිඳෙන් නාගත්ත ජාත්‍යාලය තවමත් මගේ හිතේ නොමැකෙන්නම තැන්පත් වෙලා තියන නිසාම වෙන්නැති ..

අපේ අනිල් මැනේජර් මහත්තයා ගැන කියනවා නම් ඉන්ස්ටිටියුට් එකේ සල්ලි වගේකුත් යටි මඩි ගහගෙන පෙඹරවාරි මාසේදී මිනිහා පැනලා ගියා . . .

picture From [ http://www.dailymail.co.uk/news/article-2018819/Denise-Brooks-65-clings-rope-90-minutes-falling-WELL.html ]

68 comments:

පූසා said...

අර අංකලයට දෙසන්න තිබ්බේ සුද්ද සිංහලෙන් උන්දැගේ රෙදි ගැලවෙන්න....

පිස්සා පලාමල්ල said...

රෙදි වේලන්න මරු මෙතඩ් එකනේ.... හික් හික්... ඇයි බන් ඔය පළාතේ රස්නෙට වේලෙන්නෙ නැද්ද ?

යකෝ මට ඔහොම උනානම් සතියක් එක දිගට නානව ඒක අනිවා... ඒත් හිතේ බයට මොන ලෙඩක් එයිද මන්ද... හැබැයි අර්ක්කුත් හොඳ විශ බීජ නාශකේ නේ බන්...හපොයි උබටත් වෙන වැඩ...

අනිවා දවසක සැට් වෙන්න ඕනි බෝතලේකට උබත් එක්ක.

Sampath Sri Sitinamaluwa said...

හෆොයි... අහනකොට බඩවැල් ඉබේටම කනපිට ගැහෙනවා... පහුගිය කාලේ මතකද ස්ටාර් එකකට සොල්දාදු උන්නැහේ කෙනෙක් හොර SMS ගහලා, බිල ගෙවන්න කිවුවම මිනිහගෙ නංගි කියනවලු "අපේ අයියා රණවිරුවෙක්, පුලුවන්නම් අපෙන් සල්ලි අරන් පෙන්නනවා" කියල... මෝඩ හැත්ත හිතං ඉන්නෙ හැම සොල්දාදුවම "රණවිරුවෙක්" කියල.

සංකල්ප said...

හොද වෙලාවට මේත් වතුර ටික කලින්ම ලෑස්ති කරගෙන හිටියේ. නැත්නම් එදා නාපු එකට උන ගන්නවා. අම්මෝ මෙහෙමත් කුනෙක්. ඒකෙන් මේකෙන් හිතාගත්තෑකි ගෙදර උන්ගෙත් තියෙන්නේ කපුටු නෑමක් ය කියලා.

ඔය බෝඩිම අනිල් 'සර්ට' නම් ගැලපෙනවා. මොකද පොරගෙත් තියෙන්නේ ඔය ජාතියේම නෑමක් නේ. මල්ලිලාගේ පැත්තේ ඉන්නකොට අනිවා නාන්න ඕනා. මොකද මාරම දේශගුණයක් නේ තියෙන්නේ.

ඒක නෙමේ මල්ලි. ඊට පාස්සේ අර ගම්බට්ටා ගොඩ ගත්තේ නෑලු ද ?

මැරා... said...

ඔහොම දෙවල් වෙනවා සහො හිතන එපා.......අපිට හොදක් කරන්න ගිහින් මැරැණු මනුස්සයෙක්ගෙන් කරදරයක් වෙන එකක් නෑ කියලවත් හිතන්න පුලුවන්නේ.....අපේ පැත්තේ ආමි එකේ අයියා කෙනෙකුත් ලිදකට වැටිලා මැරැණා ඔයාගේ ගම් පාලතෙදි......

AUTOArena said...

හැඳිගෑවිලා පලයං කියලා දෙකක් ඇනලා අර ළිදෙන්ම නාවන්නනෙ තිබ්බෙ...... :D :D

Praසන්ன said...

හප්පේ සඳරුවටත් වෙලා තියෙන දේවල්.
කොහොමහරි ගමේ සෙට්එක මල්ලිත් එක්ක ෆිට් විච්ච නිසා හොඳයි.

අරක්කු ඇගේ ගාපුවාම විෂබීජ නැතිවෙනවයි කියන එක අලුත් සොයාගැනීමක්‍ වෙන්න ඇති.

නදී said...

අම්මප මෙහෙමත් මිනිස්සු!

පොත් ගුල්ලා said...

සඳරු මල්ලිගේ ලිපි වලට කමෙන්ට් නොකලට හැමදාම බොහොම ආසාවෙන් කියවනවා. අද ලියමනත් හරිම අපූරුයි.
වැඩේ කියන්නේ ඔක්කොම වෙන්නේ සඳරුවටමනේ!
ඔක්කොම වෙන්නේ හොඳටයි කියන්නේ ඕක තමා. නැත්තන් ඉතින් ඔහොම බ්ලොග් පෝස්ට් ලියවෙන්නෙ නැහැනේ.

පිස්සු පුසා said...

අප්පා මට ඔයවගේ දෙයක් කලා නම් මම වැඩිහිටියෙක් කියලා නම් බලන්නේ නැහැ.අම්මපා වතුර බාල්දියක් උස්ස්සන් ඇවිත් ඌව නාවනවා නාවනවා මයි.

ලකී සිරි said...

වැඩේට නම් හරි දුකයි සඳ රූ..ඒත් මනුස්සකම තියන මිනිස්සු ටිකක් මුණ ගැහුන එක ගැන නම් සතුටුයි...ධර්මෙ කියන්න අර මිනිහගෙ ඇත්ත නමද ? නමට ම ගැලපෙන්න වැඩ....හික්ස්

~ChAnDiKa~ said...

ඔය කපුටු නෑම නාන උන් අපේ හොස්ටල් වලත් ඉන්නවා. ළඟින් යද්දිත් පිලී ගඳයි බන්. හිරිකිතේ බෑ. කොහොම ඉන්නවද මන්දා.

දැං එතකොට උඔ වැඩකරන්නෙ එතන නෙමේද?

පිණිබිඳු... said...

විසබීජ මරන්න අරක්කු හොඳ ඇති තමා. ඇයි අර ඉංග්‍රීසි පිච්චර් වල පාතාලෙ උන්ට වෙඩි වැදුනම අරක්කු වීදුරුවක අඬු ටික ඔබලා ජීවාණුහරණය කරලා ගන්නෙ. ඇයි අර සරුන්ගල් පිච්චර් එකෙත් (Kites) එහෙමනෙ කරේ.

Weni said...

මැරිල පැය දහයක් බොඩි එක ලිඳේ තිබ්බට එච්චර විශබීජ නම් එකතු වෙන්න බැහැ.. බොඩි එක නරක් වෙන්න තරම් වෙලාවක් නැති නිසා නේද ? ඒත් සිදුවීම අප්‍රසන්න නිසා.. කාලයක් යනතුරාවටම ඕක හිතේ පැලපදියම් වෙලා තියෙයි..

හසී said...

හෆොයි.............

Kasun said...

"හරි මම ඔයාට අනිල් සර් කියන්නම් . ඔයත් මට සඳරු සර් කියන්න එතකොට හරි නේ"

බලාපන්කො මුගේ ලයින් එක. :P කියන්න තියන දේ කියල එක මොහොතක් වත් ඉන්නෙ නැතුව ආපු එක තමයි හොඳම වැඩේ.

Anonymous said...

අම්මප නාවන්න තිබ්බේ ඒකවත් ඕකෙන්ම

Anonymous said...

අනේ අම්මෝ..මට එහෙමනන් නුල් හත අටක් බදින්න වෙනවා..ෂුවර්..නාවන්න තිබ්බේ අන්කල්වත්...ලෝභකම යන්න..

අර විෂභිජ නාශකේ මරුනේ යාලු..හික්ස්..

තාරා said...

බුදු අම්මෝ.... සඳරුටත් වෙලා තියෙන දේවල්... මගෙත් ඇඟ හිරිවැටුනා වගේ...

ඕවා ගනන් ගන්නෙපා දැන්.. අමතක කරලා දාන්න...

ජීවිතේ මල් said...

බුදු අම්මේ... !!!!! :-)

Podi Kumarihami said...

ඔයාගේ කතාවටත් වඩා භාෂා විලාසයත්, අවශ්‍ය තැන්වලදි ඔයා භාෂාව හසුරවන අයුරුත් හරිම අපූරුයි. හිතේ තියනදේ ඒ විදියටම රසිකයන්ට, දෙන කෙනෙක් ඔයා...බ්ලොග් ලියන අනෙක් අයට වඩා ඔයාගේ මම දකින ලොකුම වෙනස ඒකයි.

තව ලස්සන කතා ලියන්ට...:D

කැමීලියා said...

මරු වැඩේ නේද වෙලා තියන්නේ. එහෙම තමයි මල්ලි සමහර ඔය වගේ සිද්ධි ජීවිතේටම අමතක වෙන්නේ නෑ.
බය වෙන්න එපා ෆිට් එකේ ඉන්න...

Anonymous said...

මිනිස්සු එක එක විදියයි බං. අපි දැනගන්න ඕනේ උංට අදාල විදියට වෙනස් වෙන්න...

Bindi said...

අර කිව්වා වගේ එච්චර විෂ බීජයක් හැදෙන්න කාලයක් නම් නැහැ . හිතේ ගැස්ම මිසක් . බය වෙන්න එපා මලේ . බය වෙන්න ඕන අන්කල් වගේ පන තියෙන උන්ට මිසක් මැරුණ මිනිස්සුන්ට නෙමේ . මොනවා වුනත් පුදුම අත්දැකීම් තමයි . අරක්කු විෂ බිජ නාශකයක් තමයි. ඇල්කොහොල් නේ . සර්ජිකල් ස්පිරිට් කියන්නෙත් ඇල්කොහොල් වර්ගයක් http://en.wikipedia.org/wiki/Rubbing_alcohol

කවදාවත් එපාවෙන්නේ නැති ලිවීමේ කලාව ==සඳරු

Akhila said...

පිස්සු හැදෙනවා !!

"අංකල් මාව මිනිහෙක් මැරිච්ච ළිඳකට නාන්න යැවුවට තමුසේ ලබන ආත්මේ දියබරියෙක්ම වෙලා උපදිනවා සුවර් ..! ලෝබෙයා !"

සිරාවටම මෙහෙම කිවුවද?
ධර්මෙ ගංගානම් ග‍‍‍ඟේ දියබරියෙක් වෙලා ඉපදෙයිද දන්නෑ..

jhothishalanka said...

බෝඩිං කාරයෝ ගාව ඔය වගේ තිරිසන් ගති තියෙනවා.පුදුම වැඩේ කියන්නේ බෝඩිං අයිතිකාරයෝ හැමෝම ඔය වගේ.මැනේජර් අනිලුත් හරි මිනිහ තමයි නේද?

Gayan Rupasinghe said...

අඩේ උබටත් වෙන්නෙ මහ පජාත වැඩ මචන්. හෙහ් හෙහ් ඔයින් ගියා ඇති..

ජය....

දුමී said...

සඳරු මල්ලි, මේක කියවගෙන යනකොට නිකං ඇක්ෂන් ෆිල්ම් එකක් බලනවා වගේ තමයි මට නම් හිතුනේ. උඹ නියමෙට කතාව ලියලා තියෙනවා.

අපේ කළුබෝවිල ගෙදර නම් ලිඳක් නෑ. (අපි පොඩි කාලේ තිබුනා, දැන් ඒ කෑල්ලෙ ඉන්නේ අපේ නැන්ද කෙනෙක්), හැබැයි ගෙදර වතුර ටැංකියට හිටපු ගමන් පූසෝ, කපුටෝ, මයිනෝ වගේ එවුන් වැටිලා මැරිලා ඒ වතුරෙන් නම් නාලා තියෙනවා.

Anonymous said...

"හරි මම ඔයාට අනිල් සර් කියන්නම් . ඔයත් මට සඳරු සර් කියන්න එතකොට හරි නේ"

Niyama kathawa! :-)

said...

විසබීජ නාසකයක් හැටියට අරක්කු පාවිච්චි කරපු එකෙක් ගැන ඇහුවමයි :-D

උඹලෑ බොස් දන්නේ නැද්ද බන් බලු වලිගේ උණ පුරුකේ දාලවත් ඇද අරින බැරි බව.
උඹව පුනුරුත්තාපනය කරනන් දුර පලාතකට යැව්වේ :-D

සත්තු වැටුන ලින් වලින් පස්සේ නාල තිබුනට මිනිහෙක් වැටිලා මැරිච්ච ලිඳකින් නාලා නැති නිසා උඹ ඔච්චර අවුල් උනේ ඇයි කියන එක තේරෙන්නේ නැහැ

Beetle said...

අවුලක් නෑ සදරු... ළිදේ මිනී දහයක් තිබුණත් ඒකෙන් නාපු උඹ අනිල් සර්ට වඩා පිරිසිදු ඇති... :D

MUHUDU said...

පොර ඕව මැරෙන කොට අරගෙන යන්න වෙන්නැති. ගණන් ගන්න එපා!

Unknown said...

හපොයි....

Anonymous said...

//මම කොහොමත් කැමති මගේ ටයිප් එකේ එවුං එක්ක ඉන්න . මට හරියන එවුන් 100 හිටියත් මට ඉන්න පුළුවන් අවුලක් නෑ.! ඒත් මගේ ටයිප් එකට පිටින් ගිය එකෙක් එක්ක මට ඉන්න කොහෙත්ම බෑ .//

ම්ම්ම්..ම්හු... මලේ.. ලෝකය උඹ වගේ එවුවන්ගෙන්ම පිරිල තිබුනනම් ඒකෙ මෙලෝ රහක් නැතිවෙනව...සඳරුල එකෙක් හිටියාම ඇති..

ලෝකෙ විවිධාකාර මිනිස්සුන්ගෙන් පිරිච්ච තැනක්... අපිට ලෝකය දකින්නනම් ඒ වෙනස්කම් කැමැත්තෙන් දරාගන්න පුළුවන් වෙන්න ඕන...මාත් එක්ක බලු මස් කන පිල්ලො... මස් මාංශ තියා පොලොව යට හැදෙන අල ලූනු වත් කන්නෙ නැති ඉන්දියන් බ්‍රාහ්මින් ල... වගේ අහසට පොලොව වගේ උන් ඉන්නව.. ඒත් මම උන් හැමෝටම එක විදිහට සලකන්නෙ ඒ වගේම උන්ටත් එකට හොඳින් ඉන්න උගන්නල තියෙන්නෙ එහෙම නැතුව අද ලෝකෙ ජීවත් වෙන්න බෑ...

නිකම් හිතපන්.. මගෙ සේල්ස් ටීම් එකේ ලමයි විසිහතරයි ඉන්නෙ.. ඉන්දියන්, නේපාලි,ලංකාවෙ, භූතානි,පිලිපීන්,කෙන්යන්,ඊජිප්තු... ඔය ඔක්කොම ඉන්නව.. එක්සත් ජාතීන්ගෙ සංවිධානය වගේ.....

BLOG ගඩොල් said...

හපොයි! අරක්කු විෂබීජ නාශකයක් විදිහට හොඳයි තමයි. බයවෙන්න එපා මචෝ! උඹට විෂබීජ එන්න විදිහක් නෑ ඔය කියලා තියෙන විදිහට.

අර යකාට දේශප්‍රේමය මතක්වෙලා තියෙන්නෙ මාර වෙලාවක තමයි.

නචියා said...

හපොයි සදරූ මලේ උඹටත් වෙන කෙලි. මොනා කරන්නද බන් දන්නෙ අදුනන්නෙ නැති පැති වලට ගියාම ඔහොම දේවල් වෙනවා. අර ලොක්කට දෙකක් නෙලලාම එන්නනෙ තිබ්බෙ.

Anonymous said...

ha ha patta katawa ape bodime ganith patta lobai magen me lagadi aha gatta hodawain..unta salli dila inne api pu.. amaruwakatai tawa tika dawasakin denna yanne set ekak genath mun okkatama bada kata perenna .

Anonymous said...

කිව්වත් වගේ බෙහෙත් වතුර ලඟ තිබුණ නිසා හොඳයි.. නැත්නම් රෑට නින්ද යන එකකුත් නෑ

අනුරාධ said...

අංකල් දීපු උත්ත‍රෙත් බලන් ගියාම හ‍රි හැබැයි. හික් හික්

ඔනන් දැන් මගෙන් අහන්න එපා තෝවත් එක්ක ගිහින් නාවන්නද කියලා. :D

හිස් අහස said...

@පූසා = අඩේ පිට ගමක ගිහිං ගහ ගන්න බෑ ගමේ උං මොනා වුණ්ත් ගමේ එවුංගේ පැත්ත ගන්නවා .
.............................................................................................................................
@පිස්සා පලාමල්ල = ඒ පලාත නම් රස්නෙයි බං ඒත් මම නාන්නේ හතට විතර අනිත් පහුවදාට අඳින්නත් එපෑය ඒක නිසා පරිගණක අසල රෙදි වනනවා
.............................................................................................................................
@Sampath Sri Sitinamaluwa = අනේද බං කියන්නේ ඔන්න ඔය වගේ දේවල් වලින් තමයි රණ විරුවාට තියන ගරුත්වය මිනිස්සු අතින් ගිලිහිලා යන්නේ
.............................................................................................................................
@මධුරංග = මම ඉතින් කෝකටත් තෛලේ කියලා ඔවුවා රෙඩි කරගෙන තමයි දවස අරඹන්නේ .ගම්බා ව පැය 10 පස්සේ ගොඩ අරගෙන
.............................................................................................................................
@මැරා = මචං මේ ලීවේ මගේ ගම ගැන නෙවේ .මගේ ගමට කිලෝමීටර 100 විතර දුරකින් තියන ගමක් ගැන . "මො" යන්නෙන් පටන්ගන්නේ
.............................................................................................................................
@සුදු කොල්ලා = බෑ කොල්ලෝ ඒකා නාකියෙක් .. එකක් ගැහුවානම් මැරෙන සයිස් . පවු
.............................................................................................................................
@Praසන්ன = මම තව කීවේ නෑ මචං මට වෙච්ච දේවල් . තව දේවල් එමටයි .. ඇයි ඉදිරියට වෙන්න තියන දේවල් ..? එවුවත් දෙන්නම්
.............................................................................................................................
@නදී = උල තියන්න ඕන
.............................................................................................................................
@පොත් ගුල්ලා = මේ මට වෙච්ච එවුවගෙන් පොඩ්ඩක් විතරයි ලියන්න බැරි ඒවා තව එමට තියනවා . හිතුනොත් යාලුවෙක්ට වෙච්ච දෙයක් වගේ මම ඒවත් ලියන්න හිතාන ඉන්නේ
.............................................................................................................................
@පිස්සු පූසා = බෑ පූස් . ගමේ උන් මගේ පැත්ත ගත් නිසා මට මැර පාට් එක දාන්න බෑ එතකොට උං ගමේ එකාගේ පැත්ත ගන්නවා නේ

හිස් අහස said...

@Luckey = නෑ ඒ නමට ටිකක් ලඟින් යන නමක් තමා තියෙන්නේ .අර පෝයට ගන්නේ අන්න ඒ නම තමා තියෙන්නේ
.............................................................................................................................
@..ChAnDiKa = අනේ බං මගෙත් යාලුවෙක් හිටියා දැං නම් ඌ මා එක්ක නෑ . උගේ ඇඟේ ගෑවුණාම අපේ ඇඟ කසන්න ගන්නවා ඒතරම් ඌ ක්ලීන් . නෑ නෑ ඔය සිදුවීම වුණේ මම අර පොඩි කෙල්ලක් එක්ක ලවු කරලා බොසාට මාට්ටු වෙලා . මාව ඈත පලාතට යවපු දා .දැන් මම පුරුදු තැනමයි ඉන්නේ .
.............................................................................................................................
@පිණිබිඳු = මමත් ඕක දැනගත්තේ රම්බෝ ෆිල්ම් එක බලලා .ඔයා හරි
.............................................................................................................................
@Weni = මම හිතුවේ අම්බානෙට විසබීජ ඇති කියලා .ඒත් අනේ මිනිහෙක් මැරුන ලිඳකින් නෑවා කීවම ! අනික මිනිස්සු මාසයක් විතර නාලත් නැති ලිඳක් කීවම ..
.............................................................................................................................
@හසී = අනිච්චේ දුක්කේ !
.............................................................................................................................
@Kasun = නැත්තං බං මමයි මේකේ පරණම සේවකයා . ඉතින් මට බැරිද එහෙම කියන්න .
.............................................................................................................................
@sithuwam = මිනිහා නාකියි බං . පවු කියලා හිතුනා
.............................................................................................................................
@අසනි = මදු පාන කියන්නේ කෝකටත් හරියන අමෘත්තය බඳු පානයක් අනේ
.............................................................................................................................
@තාරා = දැන්නම් ඒවා මතක නෑ . ඒත් ලිඳක් දැක්කම ඒක මට මතකෙට එනවා නිකම්ම
.............................................................................................................................
@ජීවිතේ මල් = ඔයා නෑවානම් ඒ ලිඳෙන් කොහොමද ?
.............................................................................................................................
@Podi Kumarihami = ස්තූතියි කුමාරි අක්කේ මට වෙච්ච කතාවක් පමනයි මට ලියන්න පුලුවන් අනික් අයට වෙච්ච දේ මට ලියන්න බෑ වගේ .. ඇයිද මන්දා අප්පා !
.............................................................................................................................
@කැමීලියා = සඳරු ඕල්වේස් ෆිට් ..කීපින් ටච්
.............................................................................................................................
@prasanna86k = ඒකියන්නේ මම ලිඳෙන් නාන්න ඕනද ?
.............................................................................................................................
@Bindi = ස්තූතියි අක්කන්ඩි . මමත් දැන් දන්නවා විසක් නෑ කියලා ඒත් එදා නම් හිතේ බයටද මන්දා උණ හැදුනා ගිනියම් වෙන්න . අනික් පහුවදා බඩ රිදෙනවා නන්ස්ටොප් . මම හිතන්නේ මොකක් නමුත් විසක් තිබ්බා ..
.............................................................................................................................
@Akhila = අඩේ එහෙම කීවේ නෑ බං මම ඌට දියබරියා වෙනුවට කුනු හරපයක් ආදේශ කරලයි බැන්නේ . ඔය දාලා තියෙන්නේ ටිකක් ශිෂ්ඨ සම්පන්නව
.............................................................................................................................
@JHOTHISHALANKA = අනිල් කියන්නේ අමු කුනෙක් ඌ රුපියල් බර ගානක් හොරකම් කලා ඊටපස්සේ පලා ගියා .
.............................................................................................................................
@Gayan Rupasinghe = මම මැරුන්නැතුව ඔයින් ගියා මදෑ
.............................................................................................................................
@දුමී = ඇයි අයියේ මම හූනෙක් වැටිච්ච තේකක් බීලා තියනවා .ඊට පස්සේ තේ දකිනකොට මට බඩ දඟලනවා .ඔය කීවට මට තාම සුවර් නෑ අර බොඩිය දවස් කීයක් තිබ්බද කියලා ලිඳ ඇතුලේ ! ස්තූතියි දොරේ !!

හිස් අහස said...

@u4j10 = ඌ හිතන්න ඇති මචං මම ඌට යටින් තියාගන්න මම තමයිමේ ආයතනයේ පරණම සේවකයා ඉතින් මට සර් කියන්න ඕන ඒකා .. නැද්ද බං
.............................................................................................................................
@ම = මචං බොස් දන්නවා මම හරි නිහතමානී අවංක කොල්ලා බව ආයේ මම වාගේ එකෙක් දාහකින් හොයන්න බෑ කියලත් දන්නවා ඉතින් කොහොම හරි මාව හදාගන්න තමා බොස්ට ඕන .ඒකයි මාව දුර බැහැරට යවුවේ ඊට පස්සේ මම බයික් ඇක්සිඩන්ට් එකක් වුණා එහේදී ඊටපස්සේ මම ගම් රට ආවා
.............................................................................................................................
@Beetle =සහතික ඇත්ත මගේ හිත පිරිසිදුයි බං ..
.............................................................................................................................
@මුහුදු කොල්ලකාරයා = සමහරු හිතන්නේ උං නොමැරෙන මිනිස්සු කියලා මචං
.............................................................................................................................
@ChammA = මටත් එහෙම කියවුණා ..
.............................................................................................................................
@සපතේරු උන්නැහේ =ඔයා හිතන ලියන විදිහ මාරම වෙනස් ඒත් මොකද දැන් නිහඬ ? මම ඇත්තටම අද්දැකීමෙන් දැක්ක දෙයක් තමයි අදහස් වලින් ආකල්ප වලින් මගෙත් එක්ක පෑහෙන්න බැරි වෙච්ච අය එක්ක තමයි මම වලිදාගත්තේ වැඩිපුරම .මගෙත් එක්ක ෆිටේ ෆිට් ව හිටි උන් අදත් එලටම මා එක්ක ඉන්නවා .. අන්න ඒකයි මම එහෙම කීවේ !
.............................................................................................................................
@blog gadol = ඒකත් මාර දේස ප්‍රේමයක් තමයි බං ! සමහරවිට අරක්කු නිසා එදා මම බේරුණා වෙන්නැති නේද ?
.............................................................................................................................
@නචියා = නචියෝ ඌ වයසයි බං මම දෙකක් ඇන්නොත් ඌ මැරෙනවා . අන්තිමට මම හිරේ !
.............................................................................................................................
@Anonymous = බෝඩිම් ලයිෆ් එක ඔහොමයි බං . මමත් නුවරදී ඔය දුක අනන්ත විඳලා තියනවා . මම පිනුම් වෙච්ච කෑම පවා බඩ ගින්න නිසා බෝඩිමේදී කලා තියනවා .
.............................................................................................................................
@විසිතුරු = ඒ බෙහෙත නැත්තම් අද මම මැරිලා අනේ
.............................................................................................................................
@අනුරාධ = ආ ලොකා ! කොහොමද ? අඩේ උඹත් අංකල්ගේ පැත්ත . එතකොට මමයි වැරදි ! උඹව මචං මම ඒලිඳෙන් නාවන්නෑ .. මම අහනවා "මචං අනුරාධ අපි ඒ ලිඳෙන් දියදෝතක් බොමුද කියලා ? " අපි කීවට උඹ විතරයි ඈ

Anonymous said...

ඔය හොරු මගෝඩියෝ ඉන්නව නේද? එයාල හරි කැමැති අනුන් ලවා තමන්ට සර් කියව ගන්න.....

duliponline said...

උඹට ගැරඬි, මීයො,ක‍ටුස්සො වැටිල . . . . මැරිල . . . . කුනුවෙලා . . . . දියවෙලා . . . . ගියපු කෂිය ගහන්න පුලුවං . . . . මිනිහෙක් වැටිල මැරුන ලිඳකිං නාන්න තමා බැරි . . . . ‍තෝ මට අහුවිය කවද හරි මූදෙ නාල . . . . .

කොම්පියුටර් වලිං රෙදි වේලන එකත් සිරා වැඩක් තමයි . . . . මම වැඩ කරපු එක කොම්පැනියක තියනව ක්වාටස් එකක් . . . ඒකෙ නතර වෙලා ඉන්නෙ ඇසිස්ටන්ට් එකවුන්ටන්ට් මලය . . . . ඌ ජොක්කු වේලන්නෙ ඉන්කම් ටැක්ස් වංචාකරන්න කොම්පැනිය පාවිච්චි කරන ඒ ක්වාටස් එකේ තියන කොම්පියුටරේ මොනිටරේ උඩ . . . .

චතුර.... said...

ඔහොම කුම්මැහියෝ ඉන්නව, මම නම් කරන්නේ අරූව උස්සල ගිහින් ළිඳට දාන එක ඕක මට කළා නම්..

networkdisa said...

මචෝ අංකලය බනිද්දි කියපු කතාව නම් ඇත්ත.ඒත් ඌ උඹට කරපු වැඩේනම් කැතයි ආ.....අංකලයටත් අර බොතලෙන් ෂොට් එකක් දුන්න නම් දෙන්නටම ශේප් එකේ ඉන්න තිබුනනෙ බං......

Anonymous said...

අයියෝ සඳරු අයියේ දියබරියා කිව්වේ මොකද අප්පා..ඔහොමද දෙවියනේ බනින්නේ..මට උනා නම් ඔහෝම එකක් තියන් නැ සත්තයි මම අන්කල්ව..මහා උරු ගෙම්බෙක් නේ අප්ප..ශික්..හිතක් නැති මහා බුරු යකෙක්..ඔයාට පිස්සු හැදුන් නැති එකම හොදයි..මට නම් කියවද්දි මැවිලා පෙනුනා..අපෝ ඕකට නම් බිලා මදි ඇල්කොහොල් වලින් නාන්න වෙන්නේ ...

Anith Kona said...

omg ! මේ බ්ලොග් එකේ තිබ්බ කතා ගොඩක් කියෙව්වා, ඒවා සැබෑ ජීවිත අත්දැකීම් නිසා මට හිතුනේ "අනෙ අම්මෝ එක මනුස්සයෙක්ට මෙච්චර කරදර ! කොහොම දරාගන්නද කියලා" කියවන්නට හැකි ලෙස ලියා තිබෙන ආකාරයත් අපූරුයි.

කතන්දර Kathandara said...

රණවිරුවා කියන වචනේ තරම් ගණිකා වෘත්තියේ යොදවන තවත් වචනයක් නූතන ලංකාවේ නැහැ.

ඔයිට කලින් තිබුණා ධර්මිෂ්ඨ සමාජය කියලා එකක්. ඒක පස්සේ අල වෙලා ගියා.

දැන් කාලේ සුභ අනාගතයක් කියලා උපන්දනේට සුභ පතන්නත් බෑනේ. කට්ටියක් එක් අයිති කරං ට්රේඩ් මාක් එකක් කරගෙන.

Anonymous said...

ගණන් ගන්න එපා සඳරු, මං කුරුනෑගල බෝඩිමක ඉන්න කාලේ , නෑව විතරක් විතරක් නෙමේ, කෑවෙ බිව්වෙ ඔක්කොම කලේ, එකම ලිඳෙන් පොම්ප කරපු වතුරෙන් තමය්. දවසක් හිටපු බෝඩිමේ එකෙක් කියනව වතුර ගඳය් කියල නාල එහෙම ඉවර වෙලා. කෝකටත් ලිඳ චෙක් කරලා බැලුව...ම්හු ...මුකුත් අප්සෙට් එකක් නැහැ, ඒ පාර එකෙක් වතුර ටැංකියට ගොඩවෙලා බැලුව. නිකම් මීයෙක් මැරිලා කුණුවෙලා උරුමීයෙක් සයිස් එකට ඉදිමිලා. කී දවසක් ටැංකියේ මී කුණ තිබුනද දන්නැහැ.

එකෙකුටවත් ඉහෙන් බහින රෝගයක් හැදුන් නැහැ, ඒ කාලෙ කස්ටියම හවසට කෑමට පෙර හීනියට සොට් එකක් දාගන්න හින්දද දන්නැහැ.

``` Outsider``` said...

උඹටත් වෙන්නෙම මේ වගේ ඇබැද්දිමයි නේද? අම්මෝ..

රවින් said...

උඹ ඊට පස්සේ බෝඩිමක් හොයා ගත්තද බං??? මට ආපු ලොකුම ප්‍රශ්නේ ඒක.. අර අන්කලයට තව 2-ක් කියලාම ගියා නම් තමයි හොඳ මචං.. උඹ කන කටු නම් කියල වැඩක නෑ... හික්ස්ස්ස්

දිනුක said...

උඹට කිසිම ලෙඩක්නං හැදෙන්න නැතුව ඇති.මොකද උඹ කෝකටත් තෛලෙං දෙකක්ම දාගත්තනෙ.හෙහ් හෙහ්.

hare :-) said...

හෙ හේ... උඹේ හැටියට අංකල් කාරයට දුන්න උත්තරේ සැර මදි වගේ... ඇත්ත උත්තරේ මේකෙ දාන්නත් බැරිව ඇති නේ...

මොනව වුණත් අරක්කුවලින් සබන් බිස්නස් එකක් කරගන්නත් බැරි වෙන එකක් නෑ සංයෝගෙ හොයාගත්තොත්... ;-)

Charmi said...

කතන්දර කිව්වා වගේ ජාත්‍යාලයත් හොඳ කෑල්ලක් තමයි. මොකෙක්හරි ඕක දැම්මොත් සීයට අසූවක් ඒක පිටිපස්සෙ මොකක් හරි කුපාඩිකමක් තියෙනවා.

Anonymous said...

"ජල පෙරේත අංකල්"
කොහෙන් එන වචනද බන්.
අදත් කතාව නියමයි.
JH

Buru Babe said...

සඳරුව කියවලා ගියාට කොමන්ට් කලෙ නම් නෑ වෙන්න ඕනෙ.
ලියන ස්ටයිල් එකට නම් බොහොම මනාපයි මම. ඔයාගේ කතා අස්සේ තියෙන රළු බව වුනත් අන්තිමට හිනාවක් ගේන්නේ ඒක හින්දම වෙන්න ඕනේ. බලාගෙන ගියාම ඔක්කොම අකරතැබ්බ වෙන්නේ සඳරුටමනේ.

ayesha said...

අපොයි!

පිසාචයා said...

අනේ අපොයි......!!!

හිස් අහස said...

@සොඳුරු සිත = අක්කා හරි අක්කා ..!
.............................................................................................................................
@ඕනයා = මචං මේ පැත්තේ මම දන්න කියන එක කාසියා කම්හලයි තියෙන්නේ ඒක තමයි මම දැකපු හොඳම පිරිසිදු තැන උඩට උඩු වියන් සහ පයට අරවා දාලා තමයි කස්ටිය වැඩකරන්නේ
.............................................................................................................................
@චතුර = මගේ ගමේ නම් මචං දනී කරන දේ
.............................................................................................................................
@Networkදිසා = කලින් මතක් වුනේ නෑ නේ බං ෂෙහ් අඩිය දාලා දෙන්නටම නාන්න තිබුනා
.............................................................................................................................
@නිම්ශා = අනේ බෑ මෙතන ලියන්න බෑ අපේ වලිය ඇදුනු හැටි ගෑනු ළමයි එන නිසා මම ටිකක් සංවර වදන් ටිකක් තමා ආදේශ කලේ
.............................................................................................................................
@Anithkona = ඔවුවාට එහා දේවල් ඔයාලටත් වෙලා ඇති. ටිකක් මතක් කරලා බලන්න අනේ .. මම පාරාදයි එතකොට
.............................................................................................................................
@කතන්දර Kathandara = අනිවා අනිවා සුබ අනාගතයක් කීව ගමන් බඩු පැකට් . ඇයි ඉස්සර ! සහෝදරයා , සහෝදරී කීවොත් . පොලීසි ගිහිං ලාච්ච්චුවේ දාගෙන එතෑකි
.............................................................................................................................
@Observer = ඔයාට කියන්න මම හූනෙක් මැරිච්ච තේකක් බීලා තියනවා . අප්පා සසර කලකිරේ
.............................................................................................................................
@Outsider = මම අන්ලකී කොල්ලෙක් මචං
.............................................................................................................................
@රවින් = නෑ මම එහෙම්ම මාසයක් හිටියා ඊටපස්සේ මාව ඇක්සිඩන්ට් වුණා මම ආයේ එන්න ආවා . ආයේ යැවුවේ නෑ මාව .. මගේ පරණ සටහන් වල ඒ කතා එහෙම්ම ඇති
.............................................................................................................................
@දිනුක ජයකොඩි = ඒ බේත නිසා තමා මම අද යහතින් ඉන්නේ !
.............................................................................................................................
@hare :-) = ඇත්ත උත්තරේ දැම්මොත් මාව සින්ඩි වලින් එලවනවා .මචං
.............................................................................................................................
@Charmi = ඔතනදී තමා ජාති ආලේ අල වෙන්නේ
.............................................................................................................................
@JH = හැමදාමත් වගේ අදත් තෑන්කුයි මචා ..!
.............................................................................................................................
@Il mondo di una povera pazza = බොහොම ස්තූතියි මටමමනේ වෙන්නේ . එන්න දිගටම තව ඉස්සරහට මට මොනා වේවිද
.............................................................................................................................
@ayesha = අපොයි !
.............................................................................................................................
@පිසාචයා = අනේ අපොයි මම

කස්ස said...

ඇඟේ ගෑවෙන ජරාවට වඩා හිතේ ගෑවෙන ජරාව වැඩී මචන්.අරවයින් ටිකක් දාගත්ත නිසා හොඳට ගියා.ඔය බෙහෙත ඕනේම ලෙඩකට ඔට්ටුයි නේ.

පැණි දොඩම් said...

මට තියෙන එකම ප්‍රශ්නේ ඇයි උඹල අර ගෝතයට කුදලං ගිහින් ළිඳෙන් නෑව්වෙ නැත්තෙ කියලයි. ඔයවගේ එවුන්ට ඔහොම කරලත් මදි මල්ලී..

සරත් ලංකාප්‍රිය said...

දන්නවද හුඟක් ඉස්සර කොළඹට වතුරදෙන ටැංකියක මිනිහෙක් මරිට්ල ඉඳල හොයාගත්ත කියල.. කොලේ වහල ශේප් කලාට මිනිස්සු බීල තියෙන්නේ ඔය විටමින් සහිත වතුරණේ. ඉතින් හිත හදා ගනින් කොල්ලෝ .. (උඹ මගේ බ්ලොග් එක පැත්තේ නේන එකට හොඳ දඬුවම!!)

චතුවා said...

"නාන්න පෙර සොයාබලනු"
"සඳරු ළිදෙන් නෑවා වගේ" වැනි වදන් සිංහලයට එකතු වුන කතාවක්! හෆොයි..!

පන්සල් හංදිය said...

මට ඇති වෙන්න හිනා ගියා මේ ටිකට ....

“අංකල් මාව මිනිහෙක් මැරිච්ච ළිඳකට නාන්න යැවුවට තමුසේ ලබන ආත්මේ දියබරියෙක්ම වෙලා උපදිනවා සුවර් ..! ලෝබෙයා !”

මහ සවුතු යකෙක්නෙ ඒ අංකල් කාරයා ෂිහ් ......

මාධව විදුරංග said...

maara katu thamai kanne! uba welawata game minihata hodin katha kale! mmm balapan! raththaran minissu tika! mmm :) un qwee naththan uba thaama naanawa ee liden!

Hashan Kaveesha Thalgasduwa said...

Manager Horata Inpasse una deyak dannawada ayye?Ara nakiyatath?Oka Labana athme diyabariyek wela nemai.Itath anthaye upadinne.

Anonymous said...

post eken dala aurudu 3 passe commene ent karana eka nam amuthui.bording karayo godak ohoma thama.math campus yana kale hitiya gedaraka achchi kenek oya wage.bordin karayo kiyanne mahansi novi salli hamba karanna hadana minissu nisa thma mata hithhenne un ohoma wenne(Raviya)

Post a Comment

තැන්කූ බං