16.8.11

පෘෂ්ටිමත් කෙල්ලෙකුට පෙම් කළෙමි.

 
මම මේ බ්ලොග් පිටුව ඇතුළේ මගේ ආදර කතා බොහොමයකට ලියැවෙන්න ඇරලා තියනවා . පළමු ආදර කතාව ඇරෙන්න අනෙක් හැම ආදර කතාවක්ම වාගේ දැන් මේකේ ලියැවිලා ඉවරයි . මේ ලියන්න යන්නේ මගේ තවත් එක් කතාවක් .. කෙල්ලෙකුත් සම්බන්ධයි ..ටිකක් බියකරුයි .. බිහිසුණුයි ! ඒත් නියම ආදර කතාවක් නෙවෙයි .!.ඇත්තටම කීවොත් මේක ඒක පාර්ශික ආදර කතාවක් ..ටිකක් විතර බරෙන් වැඩි ආදර කතාවක් ..

ඒ මම එකොළහ වසරේ ඉගනගන්න කාලේ ..

මම ගියේ මිශ්‍ර පාසලකට . ඒක නිසා ඉගන ගන්නවාට වඩා ආතල් ගැනීමේ වාසනා මහිමය මට උපරිමේටම ලැබිලා තිබුණා ..! හැබැයි ඉතින් ඒ ලබාපු වාසනා මහිමය නිසා මම අද විඳවනවා ..

දවසක්දා පන්තියේ ඕෆ් පීරියඩ් එකක් වෙලාවේ .මම සහ මගේ යාළු හිත මිත්‍රාදීන් කීප දෙනෙක් බර සාකච්ඡාවකට වැටිලා හිටියා .. අපේ මාතෘකාව වුණේ අපේ පාසැලේම දොළහ වසරේ ඉගනගත්තු ඇන්ටන් කියලා ලොකු සහෝදරයෙක්ව.. ඇන්ටන්ගේ වීර ක්‍රියා ගැන අපි හැමෝටම විස්තර කරමින් හිටියේ මගේ පුංචි කාලේ ඉඳන් හොඳම මිතුරෙක් වෙච්ච කිතුලා ..!

"මස්සිනා ලා .. උඹලට කියන්ඩ ඔය ඇන්ටන් අයියා ඉන්නවා නේද ..?

"හ්ම්" .. අපිත් බකමූනෝ වෙලා !

"ඌ එක්ක සෙට් වෙන්න කෙල්ලෝ පොරකනවා බං ! අනික උගේ ලවු හුටපට කීයක් තිබ්බත් ටීචැර් ලා සෑර් ලා මූට මොකුත් කියන්නේ නෑ නේ .. බලන්න එපෑ ඒකට අපි කෙල්ලෙක් දිහා බැලුවත් ඇති උන්ට මල ලෝඩ් වෙන්න !”

ඔය අතරේ මම මැදට පැන්නා ..

"ඉතින් බං ඇන්ටන් කියන්නේ . මපට් කෙනෙක් ..(ශිෂ්‍ය නායකයෙක් ) අනික ඌ බෑන්ඩ් එකේදී පොල්ල වනමින් යන එකා . අනික ඌ සුද්දෙක් වගේ හැන්ඩියා ! ඉතින් ඌට ටීචර්ලා පවා ට්‍රයි බං ! ඔවූ !!”

"ඒක නේ බං අපිට කොහෙන්ද එහෙම චාන්ස් එකක් ! අපි පට්ට කළුයිනේ බං ! ..සඳරු උඹනම් ටිකක් සුදුයි .ඒත් ඉතින් කෙල්ලෝ උඹ දැක්කාම දුවන්න ගන්නවානේ !” 

ඇත්තටම උගේ කථාවත් සාධාරණයි ..මගෙත් එක්ක මූණ පිරෙන්න කෙල්ලෝ හිනා වුණාට .හිත පිරෙන්න කතා කළාට . මම නැති තැන උන් මට කියන දේවල් මට කියන්නේ මගේ යාළුවෝ තමයි ! හ්ම් .. මම ඉගන ගන්න අදක්‍ෂ නිසා . මාත් එක්ක යාළු වෙන්න කෙල්ලෝ හරිම අකමැතියි

"අපෝ ඕකත් එක්ක යන්න වුණොත් කන්න වෙන්නේ ගොම් පස් තමයි !” .. මම ගැන කෙල්ලෙක් කියපු වචනයක් මට අද වෙනකම් මතකයි .. (ඒ වචනේ තේරුම මොකද්ද ? මම අද වෙනකම් හිතනවා )

.මම මේ වයසේදී කීප විටක්ම මම කෙල්ලොන්ගෙන් වචනේ ඉල්ලුවත් මතකයි ..

ඒත් "අනේ විභාගේ ඉවර වෙලා බලමු" . අපෝ අහු වුණොත් ඉස්කෝලෙන් අස් කරයි" ඔන්න ඔය වගේ වදන් දීලා කෙල්ලෝ ලිස්සලා ගියා .. මට විතරක් නෙවේ මුලු එකොළහ වසර පන්ති හතරෙම කොල්ලොන්ට මේ සෙතේම තමයි ..මොකද කීවොත් මේ අපේ පළාතේ ඒ වෙනකොට රජ කළේ කැලෑ නීතිය !

ආදර සම්බන්ධයක් = ඉස්කෝලෙන් ඉවත් කිරීම + ගමේ ලොකු උන්ගෙන් පද අසා ගැනීම
 
ඔය කියන සූත්‍රය සඳුදා රැස්වීමේදී අපිට විදුහල්පති තුමා විසින් හැමදාමත් සිහිපත් කරවලා දෙනවා ඒක නිසා ඔය කියන ඇන්ටන් ඇරෙන්න පාසලේ කිසිම කෙනෙක් ලවු කරන්න උත්සහ කළේ නෑ .. .

"මෙහෙම වේලි වේලි ඉඳලා හරියන්නෑ ඩෝව් !! ..අපිත් බඩුවක් දාගමු !” ..කිතුලා එක පාරටම ඩෙස්ක් එකට පයින් ගහලා සද්දෙන් කීවා .. දකුණු පේළියේ පැත්තේ හිටපු කෙල්ලොන්ට "බකස්" ගාලා හිනාවක් ගියා ..

කිතුලා කියාපු දේ ගැන අපි සෙට් එක ගෙදර යන අතරතුරේදිත් . දිගටම කතා වුණා ..! ඉස්කෝලෙන් පැන්නුවත් . ගමේ උන්ගෙන් කැත කතා අහන්න වුණත් කෙල්ලෙක් හිටියම දැනෙන කික් එක ඉදිරියේ ඒ හැම දුකක්ම පැණි රසයි ..මට එදා හිතුණා ..

අන්තිමේදී අපි හැමෝම තීරණයක් ගත්තා . ඒ තමයි "අපි ගැන් එකම කෙල්ලෝ සෙට් කරත්තානම් මාට්ටු වුණත් අවුලක් නෑ මොකද එක පාර සෙට් එකක්ම ඉස්කෝලෙන් අස් කරන්නේ නැතිවෙයි .." අපි එහෙම හිතුවා ..අවසානෙදී කට කපලා සෙනග පටෝපු බස් එකක නැගලා අපි හැමෝම ගෙවල් බලා ගියේ හෙට ඉඳන් ජීවිතේ අලුත් කරගන්න බවට අපිටම පොරොන්දු වෙමිනුයි ..!

එදා මම ගෙදර ගිහිල්ලත් මේ ගැන ගොඩක් හිතුවා .. අන්තිමට මම තීරණය කළා .. අනිත් හැමෝටම කලින් මම කෙල්ලෙක් සෙට් කරගෙන මගේ පොරත්වය ලොවටම පෙන්වනවා කියලා .ඕං මගේ හිතිවිල්ල !

පහුවදා මම ඉස්කෝලේ හියේ නාලා , පවුඩර් ගාලා , සපත්දෙක මැදලා , මගේ හොඳම ඉස්කූල් කිටද මරලා ! .
මේ වෙනකොට අපේ පාසල නිවාසාන්තර ක්‍රීඩා උළෙලට සූදානම් වෙමිනුයි තිබුණේ . ක්‍රීඩා උළෙලට ඉතිරිවෙලා තිබුණේ හරියටම දවස් හතරයි !. ඉතින් නිවාස හදනවා , පුහුණුවීම් කරනවා එක කෙලියයි . ඒක නිසා ගුරුවරුත් ළමයි ගැන හොයා බලන එක මොහොතකට නතර කරලා තිබුණා ..!


ඉස්කෝලේ ඇතුළේ ඉබාගාතේ ඇවිදපු මගේ ඇස් දෙක මුලින්ම හැරුණේ එහා පන්තියේ රූප සුන්දරියක් වෙතට .. ඒකි නම් ටිකක් ලස්සනයි ..! මහ බබා ඒකිගේ මූණ අඹද්දී බොක්කෙන්ම අඹලා තියනවා ..හරිම ලස්සන මූණු ඩිංග ..ඒත් ඉතින් මම මේ තරම් කාලයක් මේකිට ට්‍රයි නොකළේ ඇයි ? .. මගේ පන්තියේ උන් කිසිවෙක් මේකිට ට්‍රයි නොකළේ ඇයි ? ඒකට හොඳ හේතුවක් තියනවා.

ඒකට හේතුව තමයි මහා බ්‍රහ්මයා මේ කෙල්ලව මවද්දී මොකක් හරි ලොකූ ගැටලුවකට මුහුණපාලා තියනවා .. මූණ හරිය ලස්සනටම නෙලා ගෙන එද්දී මහා බ්‍රහ්මයාට මහා තදියමක් ඇවිදින් මූණෙන් පහළ ටික ලබ්බට කෝටු ගැහුවා වාගේ අජූත විදිහට නෙලලා ! අනේ ඉතින් කාට කියන්නද මේ දුක ?

මේ කෙල්ලගේ නම “#### “ අපි හැමෝම එයාව හැඳින්වුවේ ඩෝරා කියන සුරතල් නමින් ..නමට හරියන ඇඟ පසඟ නිකම් ආමි එකේ ඩෝරා යාත්‍රාවක් කෙළින් කරා හා සමානයි .අන්න ඒකයි අපි මේ සුන්දරීට ඩෝරා කියලා කීවේ ..

ඒ කෙල්ලව දැකපු මොහොතේ මම මොහොතක් හිතුවා ..!

"මේකිව වත් සෙට් කරගත්තොත් මම ගැන්සියේ මුලින්ම කෙල්ලක් සෙට් කරගත්ත එකා වෙනවා . ඒක නිසා මේකිට ලයින් එක දාලා බලන්න ඕන ..මම එහෙම හිතුවා . ඇත්තම කියන්නම් මගේ තුන්හිතකවත් ආදර හැඟීමක් තිබුණේ නෑ .! මම මේ වගේ තීරණයක් එකපාරටම ගන්න ඇත්තේ වයසේ වැරැද්ද නිසා වෙන්න ඇති.

ඩෝරා පන්තිය ඉස්සරහා මිදුල අතුගානවා .. මමත් හෙම්හිට කිට්ටු වුණා ! ..

"ඒ ඩෝරා !! ඒ මගේ මේ පිටේ මොකෙද්ද ඉන්නවා වගේ පොඩ්ඩක් එළවලා දාපංකෝ !” මම අලි මුසාවක් ඇද්දා !

"කෝ කෝ බලමු බලමු !ඉබ්බි වතුරේ දැම්ම්මාම හූ කීවලු ! මෙන්න මේකිත් අඩියට දෙකට දුවගෙන ආවා ..

"කෝ සඳරු බං දෙඹරෙක්ද දන්නෑ නේද ..?

"අනේ මම දන්නෑ මගේ පිටට ඇස් තියනවයැ මම හිතන්නේ වන්දෙක් !”

මේකිත් හෙමීට මගේ පිටට තට්ටු බට්ටු දෙකක් දාලා "මොකෙක්වත් නෑ වගේ" කියලා කීවා ..

"මම නිසා ඔයාගේ අතුගෑමත් පමා වුණානේ . ඉඳපන්කෝ මම අතුගාන්න ..”

"නෑ නෑ සඳරු ඕන්නෑ !

"නෑ මෙහෙ දියං ඔය ඉදල !”

මමත් බලෙන්ම ඉදල උදුරගෙන අතුගෑවා ..මම අතගාන අතරේ කෙල්ල මිදුලේ වැටිච්ච කොළ ඇහිලුවා. බැරිවෙලාවත් එදා මම අතුගාන හැටි මගේ නැන්දා දැක්කා නම් එයා එතනම සිහි මුර්ජා වෙනවා සුවර් ! .මොකද කීවොත් මම මතක ඇති කාලෙක ඉදලක් කොස්සක් අල්ලපු කෙනෙක් නෙවේ

ඔන්න ඔය විදිහට මම ඩෝරා එක්ක දවස් දෙකක් අතුගෑවා ..ඊළඟට දවස අපේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලට පෙර දවසයි. ඉස්කෝලෙම කඩි ගුලක් වගේ . එකෙක්වත් පන්තිවල නෑ ..හැමෝම පිට්ටනියට බැහැලා ගිනි අවුවෙම දඟලනවා ..

ඔය අතරේදී මට ටැප් එක ළඟට වතුර බොන්න ආපු ඩෝරාව තනියම හම්බවුණා ..

"ඒ ඩෝරා .. මටත් වතුර ටිකක් දියංකෝ !”

කෙල්ල ප්ලාස්ටික් බෝතලේට වතුර පුරුවලා මගේ අතට දුන්නා ..

මම වතුර බීලා බෝතලේ ආයෙමත් ඩෝරා දිහාට දිගු කළා ..ඒත් ඩෝරා බෝතලේ ගන්න හැදුවත් මම බෝතලේ තදින් අල්ලං හිටි නිසා ඒකි පුදුම වෙලා මගේ මූණ දිහා බැලුවා ..

"දියංකෝ බං බෝතලේ !”

"බෑ දෙන් නෑ"

"අනේ !”

"බෑ"

"අනේ බං මට යන්නූනි ! පැක්ටිස් වෙන්න තියේ" කෙල්ල තොඳොල් වෙනවා

"ඩෝරා මම ඔයාගෙන් පොඩි බඩුවක් අහන්නද ?මම කෙළින්ම කතාවට ආවා

"හ්ම් මොකද්ද ?"

"මේ මේ අපි දෙන්නා යාළු වෙමුකෝ !”

"සඳරු !!!! අනේ බං වීලු කරන්නෙපා !” තවත් තොඳොල් වෙනවා

"අනේ අපි ලාලු වෙමුකෝ බං මමත් තොඳොල් වුණා !”

කෙල්ල මොහොතක් බිම බලාගෙන හිටියා ..

"ඇත්තටමද සඳරු අහන්නේ ?”

"ඔවු දැන් ඔයා ගිහිල්ලා විනය භාර ටීචැර්ට කියයි මම දන්නවා.! කෙල්ලෝ ඔකෝම එකයි"

"අනේ නෑ නෑ ! මොකටද එහෙමකරන්නේ ?”

"එහෙනම් මට "හා" ?”

"හ්ම්..”

"හ්ම් කියන්නේ ඇයි ඔයා බස්සියෙක්ද ?”

"ඔවු ! ..අනේ මට බයයි සඳරු කවුරු හරි දකී මම යන්නද හෙට හම්බුවෙමු..!”

"හ්ම්"

ඉතින් ඒකි පාවෙලා ගියා .. සීතල වෙලා හිටපු මම ලොකූ හුස්මක් අරං ටැප් එකට කට තියාගෙන වතුර බීගෙන බීගෙන ගියා.. . අන්තිමට බිත්තියට හේත්තු වුණා .."හ්ම් ඒ කියන්නේ වැඩේ හරි වගේ .

දැන් ඉතින් මට හිනා වෙන්න එපා ! මෙහෙමද කෙල්ලෙකුගෙන් ආදරයක් ඉල්ලන්නේ කියලා අහන්නත් එපා..! එදා සිදුවුණ දෙබස් අද වෙනකොට හරියටම මතක නැති වුණාට මම ඇහැවුවේ මේ ටිකම තමයි.. එතකොට මම පොඩි එකා ඉතින් මේ අහපු වචන ටික ඉහටත් උඩින් ..

ඔන්න ඉතින් මමත් හිත සතුටින් මගේ මිත්‍රයෝ හමුවට ගියා .ඒත් මම මේ ගැන කිසිම දෙයක් උන්ට කීවේ නෑ .. හෙටම කියනවා කියලා හිතාගෙනයි මම හිටියේ ..!

පහුවදා උදේ ඉර උදාවුණේ නැගෙනහිර පැත්තෙන්..! මමත් මූණ කට හෝදගෙන පාට කිටක් දාලා ලක ලැහැත්ති වුණේ නිවාසාන්තර උළෙලට සහභාගී වෙන්න හිතාගෙන . උදේට උඩින් පල්ලෙන් කාලා දුවගෙන ගිහිං බස් එකේ එල්ලුණා .! මොහොතකින් මම හිටියේ ඉස්කෝලේ ඇතුළේ ..

ඉස්කෝලේ ඇතුළේ බිම ඉටි රෙදි එළාගෙන මිනිස්සු බඩු විකුණනවා .සාරවිට කාරයෝ , බැලුන් කාරයෝ රටකජු කාරයෝ , ඇයි පකඩේ කාරයෝ !

පකඩේ කියන්නේ නිකම් බැදපු කඩල වගේ ජතියක් ඒ වෙනකොට රුපියලකට පකඩේ දෙකක් හම්බවෙනවා ..මමත් මගේ සෙට් එකත් පකඩේ කමින් තැන් තැන් වල ඇවිද්දා ..ඔහොම ඇවිදන් යද්දී එක දසුනක් ඉදිරියේ මගේ ඇස් දෙකම එළියට පැනලා නැවතුණා ..

හත්තිලවුවේ !!! ඩෝරා කලිසමක් ගහලා ! ..

මම ආයිමත් බැලුවා .. "බුදු අම්මෝ ! ඩෝරා කලිසමක් ගහලා !” මම ආයෙමත් හිතෙන් කීවා .ඒ ඇඳන් හිටි රතු පාට කලිසමත් හීනි ටීෂර්ට් එකත් නිසා ඩෝරාගේ තරබාරු සිරුර මම එදා ටිකක් වෙනස් විදිහකට දැක්කා ..! වරදවා හිතන්න එපා කැත දෑසින් බැලුවා කියලා ! එවේලේ ඩෝරාව දැක්ක ගමන් මගේ හිතේ ඇතිවුණේ සුංගාර හැඟුමන් නම් නෙවේ .. මගේ හිතේ ඇතිවුණේ බයක් !

ඇත්තෙන්ම කීවොත් ඩෝරාට තිබුණේ අයෝමය සිරුරක්.. ඒකිගේ ඇඟ පුරාම සරීරේ !! .ඒ අත් වලින් පාරක් කෑවොතින් නම් කුඩා බඩවැල් කටින් එයි ! . ඒ පයින් පාරක් කෑවොතින් අනාගතයම අඳුරු වෙයි ..

"දෙවියනේ මම මේ වචනේ ඉල්ලගෙන තියෙන්නේ කාගෙන්ද ? ඇයි මම මේතරම් මෝඩ වුණේ ? .”

මගේ හිත ඇතුළේ බුර බුරා නැගුණු ගිනි දැල් අතරින් එක්ක මම මේ බෙර කඳක් වගේ තබ්බදෝරු සරීරය දිහා බලාන හිටියා ..ඒකි පවු ඇයි මම ඒකිගෙන් ඇහැවුවේ අපි දෙන්නා සෙට් වුණොත් හදිස්සියකට මේකිව මට උස්සගෙන දුවන්නවත් පුළුවනිද ?.. අපරාදේ මට වචනේ ඉල්ලා අස් කරගන්න තිබුණා නම් හිතේ දුකට මට පිස්සු හැද්දෙන්න ලං වෙලා ..

ඔය අතරේ ලවුස්කීපරෙන් එනවුන්ස් කරපු දෙයක් මගේ කන්දෙකට වැටුණා ..

"ඔවු ! මීළඟට එළඹ තිබෙන්නේ අවු 18 පහළ බාලිකා යගුලිය වීසි කිරීමේ ඉසවුවයි .!. තරඟ කාරියන් හැකි ඉක්මනින් අදාළ ස්ථානයට වාර්තා කරන්න .. සහභාගී වන තරඟ කාරියන් වන්නේ සොබනි , හංසමාලා , උකටලී , සහ ඩෝරා !!”

මට ලෝකේ කැරකෙනවා වගේ දැනුණා ..

ආයේ නෑ , බෑ කියන්න ගියොත් මට මේ සද්දන්ත අත් වලින් මුශ්ඨි ප්‍රහාරයක් ලැබේවිද මදි නොකියන්න ..? අනික මේකිගේ කට සේරටම හපන් ..මට මගේ යාළුවෝ ඉස්සරහා කුණු හරපෙන් බැන්නොත් ? හප්පා මගේ නම්බුව සේරම ඉවරයි .

ඔන්න ඔය අතරේ තමයි ඩෝරා යගුලිය වීසිකලේ ! බෙල්ල මුලට තියලා තදකරගත්තු යකඩ බෝලේ "බුස්" ගාලා ගුවනට වීසි කරපු හැටි මම කට ඇරගෙන බලන් හිටියා ! .. "මම වැරදිලාවත් මේකිව බැන්ඳොත් මටත් වෙන්නේ අර යකඩ බෝලෙට වෙච්ච සෙතේම තමයි" ..කඳුළු අතරින් මම හිතාගත්තා ..පරක්කු වෙලා බෑ දැන්ම මම ක්‍රියාත්මක වෙන්න ඕන .මම හිත දැඩි කරගත්තා ..

මම දවල් වරුවේ ඩෝරා හම්බවෙන්න කීප වතාවක්ම උත්සාහ කළත් ඒකි වටේ පිරිලා හිටපු මහිලාවෝ ගැන්සිය නිසා මම කීපවතාවක්ම ලෙස්සලා ගියා .. කොහොම හරි කැන්ටිම ළඟදී මට ආයේ ඩෝරා මුණ ගැහුණා ..

"සඳරු මම හෙට ඔයාට කෑමක් ගේන්නම්" ඩෝරා හිනාවෙලා කිවුවා ..හදවත පාරගෙන ගියා ඒ වචන !! ඒත් ..

කෙල්ලෙකුගෙන් කැමැත්ත ඉල්ලන්න ලේසියි ..! ආදරය අරගන්න ලේසියි ..! ඒත් ඒ කෙල්ලව ප්‍රතික්ෂේප කරන එක තමයි අමාරුම වැඩේ .. සමහරවිට කම්මුල් පාරක් ලැබේවි .නැතිනම් බැනුම් වරුසාවක් වැටේවි . මම ඔය කොයිකටත් සූදානම් සරීරෙන් තමයි හිටියේ .."ඕන දෙයක් වෙච්චදෙන් මගේ හිත හයියයි ..”

"ඩෝරා සොරි බං මම උඹට වි වි වීහිළුවට බං අ අරම කීවේ ..!” ‍

මම හිතුවේ අත පුරෝලා වදින සොට් එකකින් මගේ අක්මාව බඩඩ වැටේවි හෝ මගේ හක්ක පනීවි ය කියලා ..ඒත් ..මම මොහොතකින් දැක්කේ ඩෝරාගේ කම්මුල් දෙක දිගේ කඳුළු බේරෙන හැටි ..ඒකිගේ මූණ රතු වෙලා ..මට ඒ වැටෙන කඳුළු පිහිදලා පැන්න ගමං ඒකිව බදාගෙන "අඬන්න එපා කෙල්ලේ" කියලා සනසන්න හිතුණත් මම හිත දැඩි කරගත්තා ..! මම හිතක් පපුවක් නැති එකෙක් වගේ අහක බලාන හිටියා ..

"යන්නං ..”

ඒකි මට කීවේ එච්චරයි …

ඇඟ පත කොයිතරම් හැඩි වුණත් ඒකිත් කෙල්ලෙක් බව මට මොහොතකට අමතක වුණා ..මම සතියක් විතර යනකම් සෑහෙන්න දුක් වුණා . වතුර ගහලා , කහඹිලියා ගාලා , ඒ වගේම බැනලා මම කොතෙකුත් කෙල්ලෝ අඬවලා තියනවා .. ඒත් මට දුකක් දැනිලා නෑ ඒත් මට ඩෝරා ගැන පොඩි පහේ දුකක් දැනුණ බව නම් නොකියාම බෑ ..

හැමදේම වෙන්නේ හොඳටලු ..

පස්සේ කාලෙකදී ඩෝරා මගේ හොඳම මිතුරෙක් එක්ක සෙට් වුණා ..උන් දෙන්නා අදත් මට පාරෙ තොටේදී හමු වෙනවා ..ඒත් මම එදා දැක්කාම බය වෙන සිරුරක් තිබුණු ඩෝරා නම් අද දකින්න නෑ .. අද ඉන්නේ බොහෝම ලස්සන සිරුරක් සහිත..එදා සීදේවි මූනම තවත් රෝස පාටට හැරිච්ච ..ලස්සනම ලස්සන කෙල්ලෙක් .. ඉතින් ආයේ ඒකිට මම කිසිම දවසක ඩෝරා කියලා නම් කීවේ නෑ …ඒත් මම දවසක්දා "කෝ බං අර ඉස්සර තිබුනු වංගෙඩි සරීරේ ?” කියලා ඇහැවුවම ..අනේ පලයං යන්න ..! කියලා ලැජ්ජාවෙන් බිම බලාගත බවනම් මට තාම මතකයි.

මම කෙල්ලෙකුගෙන් මුලින්ම වචනයක් ගත්ත කතාව මේක වුණත් .. මේ මගේ පළවෙනි ආදර කතාව නම් නෙවේ ..මෙතන කිසිම ආදරයක් තිබුණේ නෑ ..තිබුණේ වයස අවුරුදු 16ක කොල්ලෙක් තමන්ගේ ජීවිතයේදී ඉක්මන් තීරණයක් අරගත්ත තවත් එක තැනක් විතරමයි ..

දවසක් දා ඒ ලස්සන පෘෂ්ටිමත් කෙල්ල මට සමාව දුන්නා ..! ඒකි හරි හොඳ කෙල්ල ඒකිගේ ලොකු හිතේ කහටක් නෑ ..කවදාවත් ..!



91 comments:

සංකල්ප said...

අම්මෝ මේ කතාව කියවනකොට බයත් හිතෙනවා. කොහොමද පුෂ්ටිමත් කෙල්ලෙක්ගෙ පාරක් කන්න තිබ්බා නම්... ඒ ගන නම් හිතන්නවත් හොද නෑ. ක්තාව කියවගෙන යනකොට නම් හිනාත් යනවා ඒත්. ඩෝරා පවු කියලා හිතේනවා. මොක්ද ඒකිත් කාත් එක්ක හරි යාල්;උ වෙන්න එපැයි. මොකද ඒකිත් කෙල්ලෙක් නේ.

මල්ලිලාගේ ඉස්කෝලේ ඉන්නේ පුදුම නම් තියෙන කෙල්ලෝනේ. උකටලි,සොබනි... හික්ස් :)
නම් ටික ඇහුවමත් හිනා යනවා.

ඒ කාලේ ඔහොම දේව තිබ්බේ නත්නම් ගතියකුත් නෑ මල්ලි. මාත් ඒ කාලේ කෙල්ලෝ කීයකට නම් ට්‍රයි කලාද. ඒත් එකෙක්වත් හරි ගියෑ නෑනේ.

මොනා උනත් ඩෝරා කියලා කියන්නේ හරි හිත හොද කෙල්ලෙක් !!!! අන්තිම වතාවට මට හිතුනේ එහෙමයි !!!!!

Anonymous said...

මගෙ අම්මේ මූ හදන්නෙ අපේ රස්සාවත් නැති කරන්ඩ තමා.... උදේ පාන්දර තනියම හිනාවෙද්දි ඔපිස් එකේ එව්වො බලනව මේ මොකෑ මට වැහිල තියෙන අවතාරෙ කියල...

හැමදාමත් කියනව වගේ ඔයාගෙ ලියවිල්ල නං මං වෙන කාගෙංවත් දැකල නෑ මල්ලි..... කවද හරි ඔයාට මේව මුද්‍රිත මාධ්‍යයෙන් පබ්ලිෂ් කරන්ඩ හිතුණොත් හෙම මං කණ කර බඩුවක් හරි උගස් කරල උඹට කීයක් හරි දෙනව....

Anonymous said...

ඔය වගේ අවලං වැඩ මමත් කරලා තියනවා...හැබැයි ඒ සදරු වගේ අවුරුදු 16දි....ඒ පිරිමි ලමයා අදටත් මුන ගැහුනාම මම එකාට කරපු අලුගුත්තේරු වැඩේ මතක් වුනාම මටම ලැජ්ජයි....හැබැම ආදරේ යි ඔය වයසේ වැරද්දට ඇති වෙන හැගිම අතර මාර වෙනසක් තියනවා.අත්දැකිම් එක්ක අපි ඔය වගේ හැගිම් ගැන තේරුම් ගන්නවා.
සදරුට වුනත් ඒ වයසේ හැටියට ඕක මහ ලොකු වැරද්දක් නෙමේ.හැබැයි පුතෝ ඕක මේ වයසේදි එහෙම කලොත් උල තියන්න වටිනවා.....

Anonymous said...

අවසානයේ දී හෘද සාක්ෂියට දුක හිතුන නිසා , සඳරුගේ ඉක්මන් දඟ වැඩේට සමාව දෙමු.... කොහොම වුනත් මට සඳරු අද ඉන්න තත්ත්වය ගැන හිතේ බයකුත් තියෙනවා.කාට කාටත් හරියන කෙනා , හොයා ගන්න ක්‍රමයක් අර මහාබකමූණට මවන්න බැරි වුනා නෙව.

කොල්ලන් කෙල්ලන්ගෙ මුහුණ ශරීරය දැකල ආදරයෙන් බැඳුනත් , ඇගේ හදවත දකින්නෙ අන්තිම සුනංගුවේ දී.. . . . . බොහෝ විට ඒ වෙන කොට පරක්කු වැඩී....

නියමයි සඳරු ........... හැමදාමත් වගේ නැති , ටිකක් වෙනස් කතාවක්... සරල සුගම බසින් , හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරන හැටි අපූරුයි ලොක්කා.....

සාතන් said...

උඹ කෙල්ලගෙ කැමැත්ත ගන්න ගිහින් තියෙන්නෙ අමුතුම ලයින් එකකින්නෙ බන්... මිදුලත් අතුගාල... ;)

හැබැයි පුතා උඹට දුක හිතුනත් කියන්න ඕන කරපු වැඩේ නම් කැතයි....

සීතල අයියා said...

උඹට මතකද උඹ මගේ පෝස්ට් එකකට දාපු මුල්ම කමෙන්ට් එක. ඒකෙන් නොවැ මම උඹව දැනත් ගත්තෙ. අක්ෂර "ඇයි මේ?" කියන පොස්ට් එකෙන් නේ...ඒකත් මේ කතාවට හොදට ගැලපෙනවා.


අපරාදෙ මචං. සමහර කෙල්ලො ඉන්නවා ගතිං රළු උනාට මෙලෙක් සිත් තියෙන අය. දැන් යාලු වෙලා ඉන්න ඔයාගෙ යාලුවට එහෙම ගහලා තියෙනවද? මම නම් හිතන්නෙ නෑ. එහෙම කෙල්ලො අඩුයි මේ ලෝකෙ.සමහර කෙල්ලො ඉන්නවා මාර ලස්සනයි, ඒ උනාට චංඩි.ඇත්තටම මට උඹ ගැන දුකයි බං.අපරාදෙ. එහෙම කෙල්ලො ලබන්න පිං කරන්න ඕන. :(

Praසන්ன said...

ඒ අතින් පාරක් කන්න උනානං මේ කතාව කියන්න අද සඳරුවෙක් මෙතන ඉතුරු වෙන එකක් නෑ. :D
උඹේ ෆස්ට් ලවු එක ගැනත් දාහංකො.

networkdisa said...

හෆොයි මොනා කියන්නද?
නිල් ඇස්, රතු ඇස්, බලල් ඇස් ඒ අතර තඩි ඩෝරාවක්
ඕකට තමයි විවිධත්වය කියන්නෙ සදරුවෝ

චතුර.... said...

ඩෝරා පව්..

Kasun said...

උඹත් ලෝක ඩයල් එකක් නෙ. ඇත්තටම ඔය කාලෙ හිතල බලල වැඩක් කලේම නැද්ද? :D පව් බං ඒ කෙල්ල.

"ඇඟ පත කොයිතරම් හැඩි වුණත් ඒකිත් කෙල්ලෙක් බව මට මොහොතකට අමතක වුණා"

ඒ කතාව නම් බොක්කටම වදිනව.

BLOG ගඩොල් said...

වෙනදා වගේම සිරා කතාව මචං! ඉස්සර කැලෑ නීතිය කිව්වේ දැන් ලව් කළාට ශේප්ද උඹලගෙ පැත්තේ?

හික්ස්...උඹට ඩෝරාගෙන් පාරක් කෑවනං ඉස්පිරිතාලෙ තමයි ඉන්න තිබුනෙ

මන්තරකාරි said...

මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ. රූපෙන්, හැසිරීමෙන්, කතාවෙන් මැන්නට හැම කෙල්ලටම තියෙන්නෙ ගෑණු හිත්....

කතාව අස්සෙන් දාලා සඳරු කොහොම හරි සුදුයි කියලා කියා ගත්ත නේද... :)

පිණිබිඳු... said...

ඔය කාලෙ හුඟක් කොල්ලො සීරියස් ගන්නෙ නැති උනාට හිඟක් කෙල්ලො කොල්ලෙක් බැලුවත් සීරියස් ගන්න කාලයක්. අර කතා කරපු වචන දෙක තුනෙන් ඒ කෙල්ල සෑහෙන්න බලාපොරොත්තු තියාගන්න ඇති. පව් ඉතින්. ආදරේ නෙමෙයි තමා. අර කාගෙ හරි අවධානයකට ලක් උනානෙ කියන හැඟීම බලවත්. මොනා කරන්නද බං. අපි කාගෙ කාගෙත් ඉස්කෝලෙ කාලෙ ඔහොම තමා.

සාටර් said...

ඔවොව්..මූ කොහොම හරි කියා ගත්ත මූ සුදුයි කියල..එල කතාව :)

හසී said...

"මම වැරදිලාවත් මේකිව බැන්ඳොත් මටත් වෙන්නේ අර යකඩ බෝලෙට වෙච්ච සෙතේම තමයි" හෆොයි සඳරුවෝ..... මෙයාත් අනේ මන්දා හිකිස්‌ :)

හා පැටික්කි (MS) said...

හුම්ම්ම්ම්ම්ම්ම්ම්.................. ඉතින්.......

පැන්ඩා said...

මට ඉරිසියයි බං උඹෙ ජිවිතේ සිද්දි වලින් පිරිලා...ඒත් අපේ එව ඔහේ මෙලො රහක් නැ..එකම අච්චුවෙ දුවනව..

Anonymous said...

සඳරුවා...

බොට කෙල්ලො පිහිටන් නැත්තෙ ඒ කෙල්ලට දුන්නු බයිට් එක පල දීල වෙන්න ඇති... :D

හැමදාම කියනව ..ලිවිල්ල උපරිමයි...

රත්ගමයා said...

මම කියන්නේ උඹ කෙල්ලෙක්ගෙන්ම කන්න ඕන..මේකිගෙන්ම කෑව නම් ඔන්ද ස්පොට් සෙත්ත පෝච්චි...ආයේ ලව් කොර කොර ඇවිදින්නෙන් නෑ..ඩෝරා බොල්ඩෝසරයක් වගේ ඇග උඩින් ගියා නම්...
හත්වලාමේ....චැක්...එහෙම උනේ නෑ නේ :/

Podi Kumarihami said...

ඔයා අර ගෑනු ලමයා යාලු කරගත්තු විදියට පිරිමි ලමයෙක් යාලු කරගන්ට පුලුවන්වෙයිද කල්පනා කරන්නේ. පිරිමි 'ඩෝරෙක්' නම් එපා. මොන වගේ කෙනෙක්ද කියලා කලින් හොඳට හොයලා බලලා, ලඟට ගිහින් ටැප් එක ඇරියා නම් හරිනේ...:D

වෙනදා වගේම කතාව ලස්සනයි සඳරූ. අර 'උකටලීට' මොකද උනේ???

මහිම මදුරංග said...

පහුවදා උදේ ඉර උදාවුණේ නැගෙනහිර පැත්තෙන්..!

තාරා said...

සඳරු කතා ලියන ශයිලියට මමත් ගොඩක් කැමතියි... ඔයාගෙ අනික් ප්‍රේම කතාවත් අහන්න බලාගෙන ඉන්නවා..
ඩෝරා ගැන දුකයි....

Weni said...

පවු බන්z ඩෝරා.. උඹට තිබුනෙ.. ඔන්න ඔහෙ යාලු වෙන්න..

මැරා... said...

අපේ පැත්තේ හිටියා මහදැන මුත්තා කියල බුවෙක් උ දවසක් මෙහෙම කිවුවා ..........'ආදරය අන්ධයි'....අඩො සඳරැව ආදරය අන්ධයි මචන්...........එකනේ උබ ඔහොම එකකට සෙට් උනේ.......

Grey said...

"ඒකිගේ ඇඟ පුරාම සරීරේ"
lol.. :D

ayesha said...

ම්..ම් අපූරුවට ගළපලා තියෙනවා කතාව

Dasun said...

අනේ මන්දා බං උඹ මාර පොරක්නේ. පෘෂ්ටිමත් කෙල්ලෝ, නිල් ඇස් තියෙන කෙල්ලො... උඹ මොන විදිහේ කෙල්ලොන්ටද කියපන් ට්‍රයි කරලා නැත්තේ?

Anonymous said...

දිට්ඨ ධම්ම වේදනීය කම්ම කියන්නෙ ඊට පස්සෙ උඔට වෙච්ච දේවල් වලට (සඳරුගේ ඇන සීරීස් එක)වෙන්ඩ ඇති. හොඳ වැඩේ උඔට ඒ අහින්සක චූටි පොඩි ඩෝරා කෙල්ලට දීපු ගින්දරට.

උඔ අන්තර් ජාතික ලේඛකයෙක් බන්. රටවල් කීයක ඉන්න සින්හල මිනිස්සු මේවා කියවලා හිනාවෙලා ලේ පිරිසිදු කරගන්නවද?. අදත් ලිවිල්ල නම් ෆට්ටයි. ජයෙන් ජය.
JH

දිනුක said...

ඒකි උඹට කැමති වෙන්න ඇත්තෙ උඹ මිදුල අතුගාපු එකෙන් වෙන්නැති.කෙල්ලො ඔව්වා තමයි කොල්ලංගෙ බලන්නෙ සෙට් වෙද්දි.මොනවා උනත් වැඩේනං කැතයි මචං.ඒකි ගෙදර ගිහිං දාහක් හීන මවං එන්න ඇත්තෙ.පව්

හිම හංසි said...

අපෝ පව් අර අක්ක.කොහොමත් පොඩි කාලෙදි ආදරෙ ගෑන තේරුම්ක් නෑති වයසෙදි කරන දේවල් ටිකක් ලොකු වෙනකොට වෑරදි බව තේරෙනවා.

Anonymous said...

ඩෝරා පව්. එයා හීන ගොඩක් මවාගෙන ඉන්න ඇති.........................

Test Profile said...

අනේ මන්දා බං උඹ ඉතිං ඔකඳ වෙනවනේ... හ්ම් හ්ම් එහෙනම් ඒකත් ඉවර එකේ තව එකක් ලියපං බලන්න.

මාරයාගේ හෝරාව said...

මොනවා කියන්නද මංදා බං...

පූසා said...

ඔය කාලේ හැටිද කොහෙද බං...
උඹට කියන්න වෙන ඉස්කෝලෙක හිටිය මගේ හොඳම යාළුවෙක් මට කිව්ව නිසා මම මගේ පංතියේ කෙල්ලෙක්ව ඌට සෙට් කළා. එතකොට අපි 10 වසරේ. ඌ ඒකිව මුණගැහිලා කතා කරපු පළවෙනි දවසෙම ඇවිත් මට කිව්වේ නැතෑ "අපෝ බං ඒකි හරියන්නේ නෑ. ඒකිව හලාගන්න උදව් කරපං" කියලා. මදැයි අන්තිමේදේ ඒ වැඩෙන් නෝන්ඩි උනේ මාවයි :D

Bindi said...

ඩෝරාට මන් නම් පව් කියන්නේ නැහැ . ඒකිගේ ග්‍රහය මාරු වෙලා . මේකත් එක්ක යාලු වුනා නම් අපිට කෝ ලව් කතා සිරිස් එකක් . කතා තියා සඳරු වෙක්වත් ඉඳීද . එහෙම වෙච්ච එක හොඳයි . ලිවීමේ හැකියාව ගැන ඉතින් අදත් කියන්න ඕනය . වෙනද වගේමයි .

Anonymous said...

"සඳරු උඹනම් ටිකක් සුදුයි"මේන් මෙයා සුදුයිලූ..හික්ස්

මම ඩෝරානන් ඔයා එක්ක තරහා වෙනවා වෙනවාමයි..පව් එයා... සඳරු ඔයානන් මහා පුදුම කොල්ලෙක්..යාලු..ප්‍රේම කුමාරයෙක්නේ...

හිස් අහස said...

@මධුරංග = අයියන්ඩි පෘෂ්ටිමත් කෙල්ලෙකුගෙන් කෑව,අ කොහොමද කියලා දැනගන්න ඕනෑම නම් .. කාලා බලන්නම ඕන නැතුව ඒ ආතල් එක විඳගන්න බෑ ..අපේ ඉස්කෝලේ හිටියා අයියේ කෙල්ලක් ඒකිගේ නම "හංස මාලා පියාසලා "
.............................................................................................................................
@hansakinkini= ඇයි අක්කන්ඩි මම මෙතන හිනාවෙන්න මොනවැයි කීවේ ? මෙවුවා ඉතින් මං ලබා උපන් හැටි නේ ..ස්තූතියි ඈ ..කනකර බඩු උකස් කරන්න එපා ඔයාගේපෙම්බරයා මට අල්ලං දෙයි ජල ගුටි !!
.............................................................................................................................
@Anonymous = අම්මෝ මේ වයසේදී නම් මම එවුවා කරන්න යන්නෑ . අනික මේ වයසේදී ඔහොම දෙයක් වුනොත් කෙල්ලෝ අපිව ලේසියෙන් අතාරින්නෙත් නෑ ..දැන් කෙල්ලෝ බයානකයි සහෝදරී ..තැන්කුයි ඈ
.............................................................................................................................
@සොඳුරු සිත = අනේ ලොකු දෙයක් ලොක්කී ..මමත් මේ කතාව මේතරම් කාලයක් නොලියා උන්නේ මේක කියෝලා මට කාන්තා සංවිධාන වලින් තර්ජන එල්ලවේවි කියලා .ඒත් කාන්තා සමිතියේ නායිකාව මට සමාව දුන්න එක කොයිතරම් දෙයක්ද ?
.............................................................................................................................
@සාතන්= ආයෙත් අහලා ..පොල් කඩලා , ගාලා දෙන්නම් , රෙදි සෝදා වෙල්ලා දෙන්නම් . අහලා නැද්ද තියරිය .? මොක්ද්ද බං සොරි කියා කීවනේ මම
.............................................................................................................................
@සීතල අයියා = මට මතකයි මචං මට මතකයි .ඇයි උඹ අර මගේ කමෙන්ට් එකට ඔරොප්පු උනේ ! පස්සේ මම ඒක ආයේ නිවැරදි කලේ ..ඒකි මට නැති උනාට මට දුක නෑ බං මොකද මට වැඩිය ගොඩක් හොඳ කෙනෙක් එයාට හම්බ වුණා නේ ..
.............................................................................................................................
@Praසන්ன =ඒ සද්දන්ත අතින් පාරක් කෑවානම් අද මම මැරිච්ච තැන් වල පසුත් නෑ . ෆ්‍රස්ට් ලව නම් අයියන්ඩි .. කොටස් 20කින් වත් ලියා හමාර කරන්න බැරිවේවි.. ඔයා කීව නිසා ඕං ලියනවා !!
.............................................................................................................................
@Networkදිසා =සිරා කතාව මචං ඕවුවට කියන්නේ ජෛව විවිධත්වය .. :)
.............................................................................................................................
@චතුර = එහෙනම් උඹ සෙට් කරගනිං ..! (විහිලුවට කීවේ ඈ ..)
.............................................................................................................................
@Kasun =මචං ඒකි හිත හොඳ කෙල්ලක් නොවුණා නම් මගේ බොක්ක හොයන්ඩවත් වෙන්නෑ .
.............................................................................................................................
@බ්ලොග් ගඩොල් = පිස්සුද ..? දැන් යන්තම සේප් ඒත් බං මෙහේ ලවු කරොත් ගෙදරින් පන්නනවා කොල්ලන්ව කෙල්ලන්ව ..
.............................................................................................................................
@මන්තරකාරි = ඒවුණාට නපුරු කාන්තාවෝ ඉන්නවා මට එකියක් දවසක් බස් එකේදී ගැහුවා ..තාම රිදෙනවා . ආ මම කොහොමත් සුදුයි ඈ ඔයා දැක්කේ නැද්ද මාව .. ඉරිසියා කාරි :)
.............................................................................................................................
@පිණිබිඳු = අනේ මන්දා අක්කේ ඒකි මගේ නොවී අද වෙන කෙනෙක් එක්ක ඉන්න එකම ඒකි ලබාපු ජයක් නෙවේද මගෙත් එක්ක හිටියානම් අද නන්නත්තාරයි .
.............................................................................................................................
@සාටර් = අඩොව් අපි සුදුයි ඈ ..කොන්ඩේ සහ තව තැනක් විතරයි කලු .
.............................................................................................................................
@හසී = මටත් එහෙනම් වෙන්නේ උඩින් ගිහිං විසික්කා වෙන්න
.............................................................................................................................
@හා පැටික්කි (MS)=ඉතින් ඊට පස්සේ මම මැරුණා නෙව
.............................................................................................................................
@පැන්ඩා = නෑ අයියා නෑ ඔයත් කල්පනා කරලා බලන්න හැමෝගෙම ජීවිත මේවගේ තමයි

හිස් අහස said...

@සපතේරු උන්නැහේ = ඉස්සරනම් එහෙම හිතුවේ නෑ ඒත් දැන් මට එහෙම හිතෙනවා .
.............................................................................................................................
@රත්ගමයා = ඩෝරා ඇඟ උඩින් ගියත් මේ සඳරු කෙලින් . අරිද මල්ලී මම පාරට බෑලා ඌ කීවොත් සීයක් අමාරක් වට වෙනවා පොලුත් අරං අරිද !
.............................................................................................................................
@Podi Kumarihami = උකටලී කැම්පස් ගියා අක්කේ .බලන්න මගේ ක්‍රම භාවිතා කරලා කොලුවෙක් අල්ලා ගන්න බැරිවෙන එකක් නෑ
.............................................................................................................................
@mahima=අන්න ඒකයි මේක ඇදේ ගියේ
.............................................................................................................................
@තාරා = ස්තූතියි තාරා අනික ලියන්න තාම හිතලා නෑ ..ඒත් බලමු මේ යන හැටියට මොනා වේවිද කියලා
.............................................................................................................................
@Weni= උඹලටත් ඉතින් මම ගල් රෝලකට යටවෙනවා බලන්න ආසා ඇති ඒකයි ඔහොම කියන්නේ
.............................................................................................................................
@මැරා = මේ මචං අරක හෙට දවල් වෙද්දී දාන්නම් ඈ සුවර් .. ආදරේ අන්දයි ගොලුයි බීරියි
.............................................................................................................................
@Grey = සත්තයි අයියේ ..
.............................................................................................................................
@ayesha = තැන්කුයි .
.............................................................................................................................
@නිර්මල = මචං මම වියපත් කෙල්ලෙකුට ට්‍රයි කරලා නෑ ..ඒකත් කරලා බලන්න ආසයි :)
.............................................................................................................................
@JH = උවු JH මම හිතන්නේ අන්න එතන වැරදුනාට පස්සේ මට හැමතැනම වරදින්න ගත්තා . අනේ මම මේ නිකං ගූ බ්ලොග් ලියන හද්ද පදිරි පට්ට හාල් පොරක් විතරයි බං ..හික් හික් .. උඹලා ඉතින් මගේ එවුවා කියවනවා දකිද්දී මට හැපී නම් ගොඩයි ජයම වේවා !!
.............................................................................................................................
@දිනුක ජයකොඩි = මමත් හිතන්නේ අන්න ඒකයි . මම ඒක හිතලා නෙවේ නොහිතාමයි කලේ කොහොත් ඒකීට කොල්ලෝ වැඩිය ට්‍රයි කලේ නෑ බං ඒක නිසා මම අහපු ගමං මට හාකියන්න ඇති .
.............................................................................................................................
@හිම හංසි = පවු වෙන්නේ කොහොමද හංසි ? එයා දැන් මගේ මිතුරෙක් එක්ක හොඳට පවුල් කනවා . මට ඉරිසියයිත් එක්ක
.............................................................................................................................
මහී = ආ ඔයාද මේ මහී ? කොහොමත් ඩෝඔරාට හොඳක් වුණා මහී මම එක්ක උන්නා නම් අද දුකෙන් ඉන්න වේවි
.............................................................................................................................
@Prasanna=මෙදා ඔකඳ වුණේ නෑ මචං මම මේ වතාවේ කෙල්ල ඔකඳ වුණා
.............................................................................................................................
@මාරයාගේ හෝරාව = මට එක්කෝ බැනපං එක්කෝ හොඳයි කියපන් උඹගෙන් ලද වචනයක් මට කෝටියක් වටිනවා නොවෑ අයියන්ඩි !
.............................................................................................................................
@පූසා = අද මාත් එක්ක ඒකි හිටියානම් අද මම මැරිලා .ඒකි මට දරාගන්න අමාරුයි බං හදිසියකට උස්සන්නවත් බෑ බං
.............................................................................................................................
@Bindi=ඩෝරා මාත් එක්ක යාලු වුණාට වැඩිය සතුටෙන් ඉන්නවා අද මගේ යාලුවත් එක්ක යාලු වුණ නිසා .ස්තූතියි අක්කේ මෙහේ ආවට ගියාට ..
.............................................................................................................................
@අසනි = කින්ඩි එපා නංගී ! මම කෝමත් සුදුයි ඈ ..අනේ නෑ අසනි මගේ ආදර සම්බන්ධකම් ගොඩක්ම කැඩිලා ගියා .

පොත් ගුල්ලා said...

අනේ මල්ලියේ, ඩෝරට කරපු වැඩේ නං සවුත්තුයි. ඒ වුනත් ඉතිං ඒකිගෙත් හිතේ ඕව දැන් නැතුව ඇති.

Anonymous said...

ජීවිතේ කියන්නේ ඕකට සදරු..ආදරේ කියන්නේ..ලැබෙනවට වඩා නොලැබෙන දෙයක්..ලැබෙන දේත් එක්ක ජීවිතේ ජීවත් කරවන්න උත්සහා කරන්න.. අත් හැරුනු කිසිම දෙයක් ආයේ ඒ තරම් සුන්දරව ලන් වෙන් නෑ..ඒ විතරක් නෙමේ..ආදරයක් ලබන්න පින් පුරලා තියෙන්න ඕනා...නැත්තන් ආදරේත් විදවීමක් විතරයි..ජීවිතේ නාස්ති වෙන්න නොදි රැක ගන්න..ඔයාගේ හව් හරණ ඕනා කෙනෙක් මේ ලෝකේ කොහේ හරි ඇති..ඒ වෙනුවෙන් ජීවිතේ ලස්සන කර ගන්න..

පැණි දොඩම් said...

අඩෝ සඳරුවා.. උඹත් කරල තියෙන වැඩ. පව් බං ඒ කෙල්ල.
මොනා කරන්නද ඉතින්.......

Anonymous said...

ලංකාව ලවු තහනම් කලාපයක් වෙන්න කලින් සඳරුලගේ පැත්ත ලවු තහනම් කලාපයක් වෙලා තිබිලා තියනවා නොවැ.

සීතල අයියා said...

මම ඔරොප්පු උනේ නෑ බං. මට එහෙම මූලක්ගායක් නෑ :P

Buru Babe said...

අහන්න දෙයක්ද සඳරුවෝ උඹට කෙල්ලො සෙට් වෙයිද ඉතින්... හික්ස්...

DragonD said...

පව් ඕයි...
මම දන්න එකෙක් හෙම ඔහොම වැඩක් කලා නම් දත් ටික හැලෙන්න එකක් ගහනවා
අන්තිමට එයා හොඳින් ඉන්නවා කියල කිව්වෙ නැත්නම් හෙම ඔයා ගැන තිබ්බ කාඩ් එක කුඩු පට්ටම් වෙන්න තිබ්බා
හෙහ් හී...මාර ලිවිල්ලක් ආ..පිස්සු හැදෙනවා කියන විදිහට..
ෆිල්ම් එකකට හරි මෙගා එකකට හරි ස්ක්‍රිප්ට් එකක් ලියල බලන්න
පොඩියට එකක් ලියල යවල බලන්න..ගොඩක් ඉස්සරහට යන්න පුලුවන් වෙයි

Enemy said...

"පහුවදා උදේ ඉර උදාවුණේ නැගෙනහිර පැත්තෙන්..! "
Max.........

jhothishalanka said...

ආසාවෙන් කියවපු තවත් ලස්සන ලිපියක්.ඔයාට මේකේ රසය මතුකරන වචන කොහෙන් එනවාද කියලා හිතා ගන්න බැරිව මම ටිකක් වෙලා කල්පනා කළා.

ශශී said...

"ඇඟ පත ๧ක๟ය๢තර໦ හ๠ຌ ව๤ණත๞ ඒක๢ත๞ ๧කල๞๧ලක๞ බව මට ๧ම๟๧හ๟තකට අමතක ව๤ණ๟"

D.G.M බස්සා said...

//"ඩෝරා සොරි බං මම උඹට වි වි වීහිළුවට බං අ අරම කීවේ ..!” ‍//
//"යන්නං ..”.ඒකි මට කීවේ එච්චරයි ….ඇඟ පත කොයිතරම් හැඩි වුණත් ඒකිත් කෙල්ලෙක් බව මට මොහොතකට අමතක වුණා//
//.ඒත් මම එදා දැක්කාම බය වෙන සිරුරක් තිබුණු ඩෝරා නම් අද දකින්න නෑ .. අද ඉන්නේ බොහෝම ලස්සන සිරුරක් සහිත..එදා සීදේවි මූනම තවත් රෝස පාටට හැරිච්ච ..ලස්සනම ලස්සන කෙල්ලෙක්//
//දවසක් දා ඒ ලස්සන පෘෂ්ටිමත් කෙල්ල මට සමාව දුන්නා ..! ඒකි හරි හොඳ කෙල්ල ඒකිගේ ලොකු හිතේ කහටක් නෑ ..කවදාවත් ..//

අපරාධය සහ දඩුවම. මේ මොන බණ කිව්වත් අපිත් සෝවාන වෙලා නැති පෘතක්ජන මිනිස්සු. අපටත් පරාණ බය තියනවා, එහෙම බලන කොට, ඔයා එහෙම කලේ ඇයි කියලා මට තේරෙනවා

මොනවා උනත්, බොක්කටම වදින්න ලස්සනට ලියලා තියනවා

Observer said...

පෝස්ට් එක වෙනද වගේම නියමය්.

රුපියලට පකඩ කාලි දෙකය් කීවම මතක් වුනේ වයස පරතරය. මං ඉස්කෝලෙ යන කාලෙ සත පහට හරි දහයට හරි පකඩ හුන්ඩුවක් විතර හම්බ වුනා. අඩියක් එහෙම ගහන්න පටන් ගත්ත කාලෙ "මොලෑසස්" (ගල්) බෝතලයක් රු/= 8 ය්, කොකාකෝල බෝතලයක් සත විසි පහය්, සෝඩා බෝතලයක් මට මතක විදියට සත දහයය්.

Unknown said...

මචන් මේ සිරාවටම උබ ඩෝරා ගෙන් පාරක් කෑවනම් තමයි පට්ටම සීන් එක වෙන්න....අම්බෝ අතිශයින්ම බිහිසුණුයි...

තරු said...

ඩෝරා පවු, ඊට වැඩිය උඹ පවු. උඹට බොක්කෙ පින නැහැනෙ.
අපේ O/L Class එකෙත් හිටියා
ඩෝරා වගෙ අල ගෙඩියක්. පස්සෙ කාලෙකදි ඒ කෙල්ලව දැක්කා.ඇඬෙනවා බන්.
Sri Lankan air Lines වැඩ කරන්නෙ Mega Bottle වගේ තිබ්බ ඇඟ ,දැන් Coca Cola Bottle වගේ. :-(

nawam said...

සඳරුවෝ... වෙනදා වගේම උපරිමයි, සරළයි, ගැඹුරුයි ! ඩෝරා ගොම් පස් කන්න හරි උඹත් එක්ක යාළු උනේ ඒකිගෙ හිතේ තිබිච්ච පාළුවටම නෙවෙයි කියලයි මටනම් හිතෙන්නෙ.

Ravi said...

/ පෘෂ්ටිමත් කෙල්ලෙකුට පෙම් කලෙමි. /

හරි වචනෙ මල්ලි පුෂ්ටිමත්.....

/ නිකම් ආමි එකේ ඩෝරා යාත්‍රාවක් /

ආමි එකේ කොහෙද බං ඩෝරා......

උඹේ ඔකඳ වෙන එකේ සීමාවක් නැහැ නෙව සඳරු මල්ලි.........හෙහ්, හෙහ්,.....ඔහොම තමයි ඒ කාලෙ........ලස්සනයි මල්ලි හැමදාම වගේම...

සිත්රූ සිහින said...

මූනේ ලස්සනින් ඇගේ පාටින් උස මහතින් කෙල්ලෙක්ගෙ මහමෙරක් තරම් හිතක් මනින්න බැහැ යාලු..

පව් ඩෝරා..

කැමීලියා said...

අත්දැකීම් ජීවිතේට වටිනවා. ඒත් ඩෝරා පව්.
මින් ඉදිරියට රෑපෙ අඳුන ගන්න වැයවෙන කාලෙදි කෙල්ලෙක්ගේ අපූරු හිතක් අඳුන ගත්තොත් ඉක්මනට ඔය ආදර අසනීපය සනීප වෙයි.
කට කොහොම වෙතත් හූ.. හූ.. බය ගුල්ලා..

හිස් අහස said...

පොත් ගුල්ලා = මගෙත් එක්ක හිටියානම් අද ඩෝරා දුකෙන් ..ඒත් එල ජොබ් එකක් තියන මගේ මිතුරෙක් එක්ක එයා ඉන්න එක මට සතුටක් ගුල්ලෝ !
.............................................................................................................................
@අසනි= අපේ කරන කියන හැම දෙයක්ම දෛවයට අනුව සිදුවෙනවා කියලයි මම හිතන්නේ බලන්න ඉතින් කොහොම හරි ඩෝරට නරකක් වුණේ නෑ නේ අද හොඳින් ඉන්නවා නේ බලමු මගේ ලයිෆ් එකත් ලස්සන වේවි දවසක
.............................................................................................................................
@පැණි දොඩම් - [නුවන් කුමාරනායක] = ඒකිගෙන් පාරක් කෑවානම් මමත් පවු අයියේ මං ගැනත් හිතපල්ලා
.............................................................................................................................
@sithuwilimandiya =අපොයි ඒකාලේ කෙල්ලෙකුට ඔයා කියන්නත් තහනම් .පොතක් ඉල්ලගන්නත් තහනම් කැලෑ නීතිය
.............................................................................................................................
@සීතල අයියා=හරි මචං මම නිකං ජොලියට කීවේ උඹ ඉතින් ආයේ ඔරොප්පු වෙලා ! සොරි බං
.............................................................................................................................
@Il mondo di una povera pazza = මට කෙල්ලෙක් සැට් වුණා නේ මේ ඊයේ පෙරේදා
.............................................................................................................................
DragonD=ඇත්තටම ඩෝරා සතුටින් සොම්නසින් ඉන්නවා මාත් එක්ක එන්නැතුව මගේ යාලුවත් එක්ක ගිය එකෙන් එයා අද ගොඩක් සතුටින් ..අනේ ඉතින් මට එහෙවු හැකියාවක් නෑ බං ..ස්තූතියි ඈ
.............................................................................................................................
@Enemy = අන්න ඒකයි මේ හැමදේකටම මුල ඉරපෑවුවේ නැගෙනහිරෙන්
.............................................................................................................................
@JHOTHISHALANKA=බොහොම ස්තූතියි මචෝ නිතරම ඇවිදින් මගේ ලිපි කියවලා යන ඔබට ස්තූතියි .
.............................................................................................................................
@ශශී= මොකෝ බං කොටු කොටු
.............................................................................................................................
@D.G.M බස්සා= ස්තුතියි බස්සෝ අපේ ජීවිත වල හැටි ඉතින් මෙහෙම තමා ගත්තු තීරණයක් ඉක්මනට වෙනස් නොකලොත් සෑහෙන කාලයක් විඳවන්න වෙනවා මම ඉතින් ටිකක් ඉක්මන් වුණා වැඩි ..
.............................................................................................................................
Observer= මාත් කල්පනා කලේ වයස් පරතරේ කොයිතරම්ද කියලා . ඇති යන්තම් පකඩේ කාපු කෙනෙක් හම්බවුණා .අතීතයට යන්න ලැබුනොත් කොයිතරම් හොඳඳ පකඩේ කාලා ගල් ගැහුවහැකි ! ලාබෙට
.............................................................................................................................
@ChammA =එහෙම පාරක් කෑවානම් මේ කතාව ලියන්න අද මම මෙතන නෑ මචං
.............................................................................................................................
@Tharu=ඇත්තටම කෙල්ලෝ කෙල්ලෝ කාලයක් යද්දී හිතාගන්න බැරි තරමට වෙන්ස් වෙනවා මට ඩෝරාව අද දැක්කාම ඇඬෙනවා බං .උඹකීව කෙල්ල ගුවන් සේවිකාවක් කීවා ? හප්පේ !
.............................................................................................................................
@nawam= මට හිතෙන්නේ ඒකාලේ ඒකි තරබාරු නිසා කොල්ලෝ වැඩිය ඒකි දිහා බැලුවේ නෑ ඒනිසා වෙන්නැති .මාත් එක්ක සැට් වෙන්න ඇත්තේ
.............................................................................................................................
@Ravi =නෑ පුෂ්ටිමත්ද මචනේ චෙහ් .. මචං වරද පෙන්වන්න උඹ පමා වැඩියි මට ඕක මුලදීම කීවානම් කොයිතරම් හොඳද ..කමක් නෑ ස්තූතියි අයියේ
.............................................................................................................................
@සිත්රූ සිහින= ඇයි කෙට්ටුම කෙට්ටු මම පවු නැද්ද ?
.............................................................................................................................
@කැමීලියා =ආ අපි බය නෑ හරිද ! මම කෙල්ලෙක්ව සැට කරගත්තා එයානම් කෙට්ටු කෙල්ලෙක් . ආයේ බය වෙන්න දෙයක් නෑ ..ආයෙත් කියමි මම බය නෑ !

ජීවිතේ මල් said...

අඩෙ අද කියවල නම් දුක තමා හිතුනෙම... ඒකි ගෑන නෙමෙයි මෑට්ටො... උබ ගෑන ...හිකිස්..

අන්තිම චෙදෙ කියෙව්වම නම් කියන්න වෙන්නෙ , 'අපරාදෙ සඳරු මලේ'....

අනාගත උපදෙසකට දෙන්න තියෙන්නෙ - ඔය පුස්ටිමත් කෙලි පොඩ්ඩො අවුරුදු 20 වගෙ වෙද්දි හරි ලස්සනට කෙට්ටු වෙලා ස්වීට් වෙනව... අත්දුටුවක් ... අපෙ ග්‍රේඩ් එකෙ හිටිය ඔය වගෙම යගුලිය විසිකල කෙල්ලෙ, මූන බෝනික්කෙක් වගෙ, විසාලයි.. ඒත් එයා අද එයාහොස්ටස් කෙනෙක්..කෙට්ටුයි මාර ලස්සනයි .. දන්නවද.... :)

ශෝක් කතාව සඳරුවෝ... :)

priyantha said...

අපරාදේ බන් සඳරුවෝ....

Anonymous said...

ඇග පතෙන් ශරිරෙන් ආදරේ මනින්න පුලුවන් නම් මොකද සඳරු අයියේ..ආයේ නම් එහෙම වැරැද්දක් කරන්න එපා..පව්.

BAWANTHA said...

හැමදාමත් වගේ කතාව නම් එල ඈ
හැබැයි අපරාදේ කෙල්ලව අත ඇරියේ

Lalit Udawela said...

කිව්වත් වගේ හිනා යනව ඇහුව විදියට..ඒ වුනාට කෙලින්ම ඇහුවනෙ වාත වෙන්නෙ නැතිව..ඒ මදෑ..

Unknown said...

එලටම බොක්කටම වදින්න කියලා තියෙනවා.අපිත් ඒ වයසට චුට්ට්යි වයස වැඩි ඒත් අපිනම් ඔහොම වැඩ කරන්නෙම නෑ ;පී

Gayan Rupasinghe said...

සදරු.. කෙල්ල හොද නිසා උබ බෙරුනා. නැත්නම් තාම ගුටි කනවා හෙහ් හෙහ්

ජය...

සරත් ලංකාප්‍රිය said...

සඳරුවෝ මට නම් උඹ ගැන බයයි.. උඹ කරන්නෙම ඔය වගේ හදිසි වැඩනේ.. බය මොකද දන්නවද උඹත් හරියටම ඒ කාලේ මං වගෙයි..

පන්සල් හංදිය said...

ලෙසටම ලියලා තියනවා .....

අනේ බොට හම්බ උනේ නැහැනෙ කන පැලෙන්න, ආයි ඔය වගේ වැඩ නොකරන්න .....

අනුරාධ said...

අඩේ බන් ඒකි මහතටම හිටියත් උඹට පාඩුවක් වෙන්නෙ නෑනේ. මෙට්ටයක් ගන්න යන සල්ලි ටික හරි ඉතුරු වෙනවනේ. :D

කස්ස said...

මචන් කෙල්ලගෙ සරීරේ වගේම ඒකිගෙ හිතත් ලොකු එකක් ,ඒකනේ ඇඬුනෙ.හැබැයි මචෝ උඹ කරපු වැඩෙ වැරදි,ශුවර් එකට පස්සෙ කාලෙක උඹට ඕකට රිටන් එකක් සෙට් වෙන්න ඇති අනිවා...

සිත් අහස said...

හපොයි, මරු වැඩේ තමයි කරලා තියෙන්නේ.. කොහොම වුනත් පව් ඒ කෙල්ලත්.. ආදරේකදි කෙල්ලෙක්ගේ හිත හරිම බොලඳයි.. සරීරේ හැටියෙන් හිත ගැන කියන්න බෑනේ..

Anonymous said...

karapu wade nam waradiy... kolukamata karana ewane ithin.... eth doraden parak waduna nam ehma..............(paw appa ape sandaru aiya):-D

ශ්‍රී said...

එල එල සිරාවට ලියලා තියෙනවා... ඔය වයසෙදි ඇතිවෙන හැඟීම් සහ ඒවායේ ප්‍රතික්‍රියා ගැන හොඳ ලියවිල්ලක්!

ඕවයින් යමක් ඉගෙනගත්තානේ, ඒ ඇති...

මොනව වුනත් කෙල්ල පවු කියලා හිතෙන එක වලක්වන්න බෑ...

- said...

මම ‍මේ හිස් අහස පැත්තේ ආවමයි! හැබැයි සදරු අයියා ගැන නම් මීට කලින් අහලා තිබ්බා

මාර කතාව ඈ!අනිත් සීරීස් ඔක්කොම වගේ එක හුස්මට ලියා ගෙන ගියා

අයියට මාරෙට ලියන්න පුලුවන්නේ!කවදහරි දවසක මේ සේරම මුදුණය කරලා තියාගන්න.අපිට බැරිවුණු කාලෙක දී කවුරුත් නැති වුණු කාලෙක දි ජීවත් වෙන්න අපිත් එක්ක ඉතිරි වෙන්නේ අපි කරපු කියපු දේවල දතකයන් ලියාපු කියාපු දේවල් විතරයි!

දේව් ගේ අඩවිය said...

හැමදාමත් වගේ මල්ලි සුපර් කියලා කියන්න පුලුවන්.. සිරාවටමයි කියන්නේ අපි පොතක් ගහමු පුලුවන් හැම සපොට් එකක්ම මමත් දෙන්නම්.. බ්ලොග් ලියන කියවන අය වගේම උබට ගොඩාක් මිනිස්සු ආදරේ කරායි
ජය වේවා

ප්‍රසංග said...

ඔය ඉතිං වයසෙ වැරැද්ද නේ.... කොහොම උනත් උබ දිනුම් ඇයි සෙට් එකෙන් ඉස්සෙල්ලම කෙල්ලෙක් දාගත්තෙ උබනේ...

දුමී said...

උඹේ කතා මාර ඩ්‍රැමටික් මල්ලි.

කියවනකොට උඹේ ඉස්කෝලේ, පන්ති කාමරේ, පිට්ටනිය, ඩෝරව, උඹව, උඹල මිදුල අතුගාන හැටි, උඹ ඒකිගෙන් අහන හැටි ඔය ඔක්කොම රූප මැවිලා පේනවා.

සිරා කතාව, අන්තිමට දුක් සීන් එකක් තමයි. මොනව උනත් පතාගෙන ආපු හැටියට තමයි කොල්ලෝ ඔතාගෙන යන්න වෙන්නෙ.......!

මාධව විදුරංග said...

එළ කතාව බං! උඹ ඒක දැනෙන්න ලියලා තියනවා......

"පවනි" said...

අනේ බං... මම උඹ ලියන ඒව කියවන්න ගත්තෙ ඊයෙ....
ඒ තරම් ග්‍රාමීය නොවුනත් මගෙත් තියෙන්නෙ ඔය වගේ ස්ටෝරියක්ම තමයි බං....
මම ලියන එක ගොඩක් කලින්ම නැවැත්තුව...
ඒත් මම ලියපුව ටිකක් තියෙනව...
මට තවමත් ලියන්න පුලුවන් කියලත් මම දන්නව.....
තරහ නැතුව මටත් ටිකක් උදවු කරහංකො....

Unknown said...

හෙ: හෙ: කුස රජ්ජුරුවෝ වලනුත් හේදුවාලු...
මම එකගයි පැන්ඩා එක්ක.......

පිස්සා පලාමල්ල said...

"මෙහෙම වේලි වේලි ඉඳලා හරියන්නෑ ඩෝව් !! ..අපිත් බඩුවක් දාගමු !”

සිරාම මොරාල් ඩයල් එකක්...

අනික උබ තමයි උබ.. යකෝ අරහෙම ආදරේ ඉල්ලනවද... පට්ටයි බන් උබ නම්...

" කෙල්ලෙකුගෙන් කැමැත්ත ඉල්ලන්න ලේසියි ..! ආදරය අරගන්න ලේසියි ..! ඒත් ඒ කෙල්ලව ප්‍රතික්ෂේප කරන එක තමයි අමාරුම වැඩේ .. "

මේක නම් සහතික ඇත්ත මචන්... ඒ ගැන හොඳ අත්දැකීම් සතුයි මටත්...

Anonymous said...

"යන්නං ..”

ඒකි මට කීවේ එච්චරයි …
***************
මේ තනි වචනයේ මහා බරක් තියෙනවා කියලා මටනම් හිතෙන්නෙ....
sanath

said...

මට නම් ජීවිතේ හම්බ වෙච්චඔය දඩ සයිස් කෙල්ලෝ හැමෝගේම වගේ හිත හරිම හොඳයි අනික් අයට වඩා :-)

මාධව විදුරංග said...

thawa comment 1k danna hithuna bn! man ube adara katha seerama baluwee ada! uba dannawada man lolleta kathawe liwweth ee wage punchi kellek gana bN! man me lagadi danagaththe eeki O/L kala kiyala! mata dan 23i! eekita dan wayasa 17i! eeki mata wada aurudu 6k withara baalai bn! hithapan! uba pawkaarai qwa adaree paw kaara na! eekath man lolletata karapu adaree wageemai! ube katha niyamai bN! uba maarata danenna eewa liyanawa! ube katha kiyawaddi danenawa uba saba looke paya gahala inna ekek kiyala bng! :)

Travel Sri Lanka said...

lassana kathaawa..

Warsha said...

හැමදාම කමෙන්ට් නොකළත් සදරු අය්යගෙ හිස් අහසට නෑවිත් යන දවස් තියෙන්නෙ කලාතුරකින්.. මගේ කසින් කෙනෙක් ඉන්නවා එයා අපේ ගෙදර ආපු දවසට හිස් අහසට ඇවිත් හුස්ම හිර වෙනකං හිනා වෙනවා.එයා අද මේ පෝස්ට් එක කියවලා කදුළු එනකම් හිනා වුණා.ඒකයි කමෙන්ට් එකක් දාන්න හිතුණේ.
ඒ වුණාට මට නම්ඩෝරාට කරපු දේ ගැන සෑහෙන්න දුකයි.ඒ ළමයාට කොච්චර ලැජ්ජ හිතෙන්න ඇතිද?

(ඔයාගේ මත්ද්‍රව්‍ය පාවිච්චිය නෙවෙයි නං හිස් අහස තමයි මගෙ ආසම බ්ලොග් එක වෙන්නෙ.)

Anonymous said...

hmm.... ane manda hebei malayo guti kanna thama thibbe aparade :P

Anonymous said...

මට ඇත්තටම අන්තිම හරිය කියවද්දි දුක හිතුනා..

Ganaka said...

තේරුම් ගන්න හරිම අමාරුම දේ

Anonymous said...

mama ada thamayi issellama me his ahasa blog eka kiyewwe... oya harima lassanata liyanawa.. suba pathum...

(oyata wayasa 22 yi kiwwata... wenna be... oyata dan wayasa 22 yi nam.. me siddiya wune 16 di nam...e kale pakada rupiyalakata dekak hamba wenna widiyak ne.. he he..)

Anonymous said...

adare kiyana eka maha puduma deyak eke nathi unamai eka adare kiyala danenne

ලකී වික්‍රමසිංහ said...

සඳරු, ඔයාගෙ ලේඛන ශෛලිය නම් අපූරුයි. (ඕක ඉතින් කියන්නත් දෙයැක්යැ නේද?)
හැබැයි සහෝ මේ ලිපිය කියෙව්වම මට දුක හිතුණා. ඒ ඇයි කියන්න උඹ දන්නෙ නෑ.මං කියන්නෙත් නෑ.
කොහොම වෙතත් හැමෝම එක විදියට ඉන්නෙ නෑ වගේම, කොච්චර ගල් කියලා හිතාගත්තත් හැම කෙල්ලෙක්ගෙම හිතේ පොදු සාධකයක් තියෙන බව මම දැනගත්තෙත් මෑතදි.
ගිහින් එන්නම්.

සරදියෙල් said...

අය්යේ මම දැන් පැය ගානක ඉදන් ඔයගේ පෝස්ට් කියව කියව හිටියෙ.තව කියවන්නත් ගොඩාක් දෙවල් තියෙනවා.මම බ්ලොග් වලට සෙට් උනේ අපොසට ඉස්කොලෙට බාර දෙන්න ඕනෙ ප්‍රොජෙක්ට් එක නිසයි.මේ පෝස්ට් එක නම් අමුතුම එකක්.හිතට හොදටම වැදුනා. හේතු තියෙනවා එහෙම වෙන්න මට. කොහොම උනත් ඔයා වගේ කෙනෙක්ව දකින්න ලැබුනට හරිම සංතෝසයි. ජය වේවා!

Post a Comment

තැන්කූ බං