22.8.11

මිනී වළක් අසල රැයක් තනි රැක්කෙමි.




              අතුල තුන්වෙනි පාරටත් වමනේ කරනවා ! මම මූට කොයිතරම් කීවද "ළඟ නවන්න එපා ලිමිට් තියාගෙන බීපන්" කියලා ! ඒත් ඌ කනකට ගත්තේ නෑ පැණි බෝතලේට වහ වැටුණු ඇඹලයා වගේ බෝතලෙන් බාගයක්ම තනියම බිවුවා .. !සැන්ඩි නෑ , බයිට් නෑ අමුවෙන්ම ..! කරටි කැඩෙන්න ගහලා මූ වල ගාව දපලා බුදිය ගනීවි මම එපෑය එළිය වැටෙනකම් නිදිමරන්න .

කතාවට මැදින් වැටුණේ ආරම්භයක් කොතනින් තියන්නද කියලා හිතාගන්න බැරි නිසාමයි . සක්කුවෙ දාගෙන ආපු පරණ කඩදහි කීපයක මගේ කටු කම්බි අකුරෙන් මේ මොහොත ගැන ලියන දැන් වෙලාව රෑ 11.37යි .. එළිවෙන්න තව පැය ගණනාවක් තියනවා ..! වෙලාව ගතවෙන්නෙත් බොහෝම හෙමීට .

මගේ කකුල් දෙක ළඟ තියන සොපින් බෑග් එකේ ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එකකුයි ගල් බෝතල් බාගෙකුයි , සිගරට් පැකට් එකකුයි තියනවා .. මම හිතනවා අද මේ නොනිදන රැය පහන් කරගන්න ගන්න මේ දේවල් මට ලොකු උදවුවක් වේවි කියලා ..!

කෙටියෙන්ම කීවොත් මම මේ මොහොතේ ඉන්නේ සොහොන් බිමක් මැද. ඔවු ! අපේ ගමේ සොහොන් බිම මැද ..
හිතට නිදහස ගේන මෙහෙම සන්සුන් තැනක් මම මීට කලින් කවදාවත් දැකලා නැතිව ඇති ! ඒත් ඇත්තම කීවොත් මම මේ මහ රෑ කැරකොප්පුව මැද අලුත පස් දාලා ගොඩ කරපු මිනී වළක් ළඟ බිම ඉඳගෙන ඉන්නේ නම් හිතට නිදහස ගන්න හිතාගෙන නෙවෙයි .. මගේ මවුපස නෑදෑයෙක් වෙච්ච සයිමන් මාමා හදිසියේම මිය ගිය නිසාමයි. ඉතින් මම මේ මහ රෑ තව එකෙකුත් එක්ක මිනී වළ ළඟ තනි රකිනවා . ඇත්තෙන්ම කීවොත් මම මල මිනියකට තනි රකිනවා !

කෙනෙක් මැරුණහම දවස් දෙක තුනක් මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරලා . නරක් වෙන්න ළංවෙද්දී කැරකොප්පුවට ගිහිං දාලා , වළක් කපලා , වළේ දාලා ,පස් දාලා , වහලා දාලා , හිනහවක් දාලා යන එක අද කාලේ අපේ අයගේ හැටියක් මම වුණත් එහෙමයි.!

ඒත් මල සිරුර සොහොන් බිමේ වළක තැන්පත් කළාට විතරක් මදි .. ඒ මිනී වල අසල කීප දෙනෙක් පළමු රාත්‍රිය විතරක් තනි රකින්න ඕන ..! එහෙම නැත්තම් .. මල ගිය පරාණ කාරයා තනිකම ඉවසාගන්න බැරිව ආපහු තමන් හිටි ගෙදර හොයාගෙන එනවාලු ! ඔය කථාවේ ඇත්ත නැත්ත මම දන්නෑ . ඒත් මගේ ගමේ උදවිය කතා වෙන්නේ එහෙමයි ..

මම මෙතන ඉන්නේ තනියම නෙවෙයි ..! ලස්ස ගණං වස්තු දෙනවා කීවත් මම කවදාවත් මේ වාගේ ගමනක් තනියම එන්න හිතන්නෑ ..! මගේ තනියට කන පැලෙන්න බීපු අතුල සහ වටේම ගිලගත්තු කලුවරත් , මදුරු හෝහපුටෝ සේනාවත් ඉන්න නිසා මට තනි නෑ ..! පැට්‍රොල් ලාම්පුවේ එළියත් විහිදෙන නිසා මට එළියෙන් අඩුවකුත් නෑ !

මට හොල්මං අවතාර ලොකු විශ්වාසයක් නෑ ! ඒත් මම පොඩි කාලේ ඉඳන් ජීවත් වෙච්ව මේ පලාතේදී මම අමුතුයි කියලා කියන්න පුළුවන් දේවල් අනන්ත අප්‍රමාණ අහලා දැකලා තියනවා .දවසක්දා ඇල ළඟ පුහු කොස් ගහ ගාවදී .. මමත් මගේ යාළුවෝ හතර දෙනෙකුත් දවසක් අමුතුම දෙයක් දැක්කා ! ඒක නම් මට හැමදාම මතක් වේවි මේ මොහොතේ පවා මගේ ඇඟේ හිරිගඬු පිපිනවා ! ..අන්න එදා මම මේ අද්භූත දේවල් විශ්වාස කරන්න පටන්ගත්තා ..! ඒත් යම් තරමකට

බය කියන සිතිවිල්ලට පහසුවෙන්ම මනුස්සයෙක්ව යටත් කරගන්න අද වගේ දවසකදී බොහෝම ලේසියෙන් පුළුවන් ඒත් අද මම කිසිම හොල්මනකට අවතාරෙකට බය වෙන එකක් නෑ ! මොකද කීවොත් සොහොන් පිට්ටනිය මායිමේ ගෙවල් දෙකක් තියනවා ! ..මගේ ගාව තනියට මිතුරෙකුත් ඉන්නවා .ඉතින් මගේ හිතේ වැඩි බයක් නෑ !

අතුල මට "ගුඩ් නයිට්" කියලා ඉටි කොලේ එළාගෙන වෙරි පිටම බුදියන්නයි හදන්නේ ..! ඒත් මම ඇහැරලා ඉන්න ඕන .. ඇස් දෙකට අත තියාගෙන හරි ඇස් දෙක පියවෙන්න නොදී තියාගන්න ඕන . තනි රකින්න අපු අයත් නිදියගත්තොත් මේ ආපු ගමනෙන් කිසිම වැඩක් නැහැනේ ! ..

දුඹුරුපාට බෝතලෙන් වීදුරුවක් බොන්නත් ආසයි ..! ඒත් අද මම කොහොමටවත් නොබී ඉන්නයි හිත හදාගෙන ඉවරයි .. මම බිවුවානම් අද මේ ලියවිල්ල ලියවෙන එකක් නෑ ..

"හිත දුර්වල වුණොත් අමනුෂ්‍යයන්ට ලෙහෙසියෙන්ම අපේ හිතට බලපෑම් කරන්න ලේසියි !

අම්මා මම ගෙදරින් පිටවෙන්න කලින් මට කියපු කාරණයක් මගේ හිතේ තැම්පත් වෙලා ! …ඒ විතරක් නෙවේ අම්මා මට තව දෙයක් කීවා

"පොරොන්දු පුතා වෙන්න අද ඔතනට ගිහිං ඔයා බොන්නේ නෑ කියලා .. මේ තාත්තගේ ෆොටෝ එකේ අත තියලා පොරොන්දු වෙන්න ..!” මම මේ ගමන එන්න කලියෙන් අම්මා මගෙන් පොරොන්දුවක් ගත්තා !

ඉතින් මට ඒ පොරොන්දුව ඉටු කරන්නම වෙනවා .. මම පොරොන්දු ඉටුකරන කෙනෙක් නම් නෙවේ ඒත් .මට මේ පොරොන්දුව කඩන්න කොහොමටවත් හිතක් නෑ .. මොකද කීවොත් මගේ තාත්තගේ සොහොනත් තියෙන්නේ මේ සොහොන් බිමේමයි ! මට හිතෙනවා තාත්තා මගේ දිහා බලං ඇති කියලා ..! සමහර විට මේ සොහොන් බිමේ ගත කරන නිසාම ඇතිවෙච්ච හිතලුවක් වෙන්නැති ..

මම යන්තම් ඉස්සිලා තාත්තගේ සොහොන තිබුණු පැත්තට පොඩි බැල්මක් හෙළුවා ..! ඒත් උසට උසේ වැවුණු මානා ඉලුක් නිසා මට තාත්තගේ සොහොන යන්තම්වත් පෙනුණේ නෑ. කමක් නෑ පහුගිය අතීතය වැළලිලාම යන්න ඉඩ දෙන එක හොඳයි . සමහර මතකයන් වැළලිලාම තිබුණම දුක අඩුයි .

ඒත් ඉතින් මම අම්මට සිගරට් බොන්නෑ කියලා පොරොන්දු වෙලා නෑ ! ඉතින් මට ඒ නිදහස තියනවා.

මම දුම් වැටියක් දල්වා ගත්තේ මදුරුවෝ එළවන්නත් හිතාගෙනමයි ! ඇත්තෙන්ම මම මේ ලියන මොහොතේ පවා මගේ මූණ මදුරුවන්ගේ ටාගට් එක බවට පත්වෙලා .. අත් දිගටම දාපු ටීෂර්ට් එකයි , කකුල් දෙකටම ඇඳි ඩෙනිමයි නිසා මදුරුවන්ට මගේ අත් කකුල් වලට කිට්ටු කරන්න බෑ ..! ඉතින් උන් මගේ මූණට සහ කන් දෙකට කෙළින්ම පහර දෙනවා ..සොහොන් පිටියක මේ තරම් මදුරුවෝ ඇයි ? ඒකට බොහොම ලස්සන හේතුවක් තියනවා ..

මියගිය කෙනෙක්ව වල දාලා අපි එයාව සිහි වෙන්න ඒ වල උඩ ස්මාරකයක් බඳිනවා !. ඉස්සර සමහරු ඔය ස්මාරකය හැදුවේ වැහි වතුර එකතුවෙන විදිහට ..සතෙකුට සීපාවෙකුට ඒ පිරෙන වතුර බොන්න පුළුවන් "ඒ වතුර පොදෙන් මිය ගිය කෙනාට පිනක් ලැබේවි .”. ඔන්න ඔහොම හිතලා තමයි ගොඩක් අය වතුර එකතුවෙන විදිහට සොහොන බැන්ඳේ ..ඉතින් ඒ වතුර පිරුණු සොහොන් කොත් අද මදුරුවන්ගේ රජදහන් වෙලා ! දවාලට පවා සොහොන් බිමකට එන්න බැරි තරමට මදුරුවෝ පිරිලා ..

පිටිපස්සෙන් ඇහුණු සර සර සද්දයක් නිසා මම ඒ හඬ ආපු දිහාවට හැරුණා .. ඒ සද්ද කළේ හාවෙක් . හාවා දාපු සද්දෙට නිදං උන්නු අතුළත් ඇහෑරුණා

මොකද්ද බං ඒ ..?

හාවෙක් බං .. හාවෙක් !

උඹ තව ටිකක් වෙලා ඇහෑරලා ඉන්නව නේ ?

ඔවුවොවු !

උඹ මෙතනත් ඇවිල්ලා ලියනවද ?

එහෙනම් මම ගෙදර ගිහිං ලියන්නද ?

නෑ නෑ බං මම නිකං කීවේ උඹ තව ටිකක් ඉඳපන් මම 1.ට විතර අහරින්නම් උඹ එතකොට බුදියගනින් ..!

හා බං !

ඔන්න අතුල ආයෙමත් දපලා නිදි ..

හඳ එලියත් යන්තමට සොහොන් බිමට වැටිලා ..! සිගරට් එකේ අළු මගේ කකුල් දෙක මුල වැටිලා .! සීනි කැට වගේ යාන්තමට වැටෙන පින්නට මම මෙ ලියන කොලේ යාන්තමට තෙත් වෙනවා.! මේ ජීවිතේ විඳින්න ඕන . මේ වගේ සිදුවීම් අපේ ජීවිතේ අමතක නොවෙන මතකසටහන් ඇතිකරවනවා ..

හෙට වැඩට නොයා නිවාඩුවක් දාන්න ඕන එළිවෙනකම් නිදි මැරුවම ආයේ කොහොමද ගිහිං වැඩක් කරන්නේ ?

මම ඉදිරියෙන් තියන මේ පස් ගොඩට යටින් සයිමන් මාමා සැතපිලා ඉන්නවා .! ජීවත් වෙලා ඉන්න කාලේ මම සයිමන් මාමට බය වුණේ නෑ ඉතින් මම මේ මැරිච්ච සයිමන් මාමට කොහොමත් බය නෑ. ඉතින් හෙටින් පස්සේ සයිමන් මාමගේ මතකයත් මේ වගේම වැළලිලා යාවි .. ..!

ඉතින් මම මේ ලියවිල්ල අවසන් කරනවා ..ෆෝන් එකේ සල්ලි තියන නිසා මලක් කඩමින් මට වෙලාව ගතකරගන්න හැකිවේවි , සිගරට් පැකට් එක මගේ නිදිමත නැතිකරලා දාවි ..ඉතිරි අරක්කු බාගේ මම අහකට හලනවා ..නැත්තම් අතුල හෙටත් මෙතනම නිදාගනීවි ..

මගේ තාත්තගේ තාත්තා ..තාත්තගේ අයියා . තාත්තගේ මල්ලි , මේ හැමෝම අන්තිමට සැතපුනේ මේ සොහොන් බිමේ ..මමත් කවදා හරි දවසක කාගේ හරි කරමතින් ඇවිදින් මේ සොහොන්ම බිමේ පස් අතරේ මිහිදන් වේවි ..! කවදා හරි අන්තිමට යනකොට මට ගෙනියන්න ඉතිරි වෙන්නේ මේ මතකය විතරමයි නේ !! ඉතින් කැරකොප්පුවේ ගත කරාපු මේ රැය හැමදාකම මගේ ජීවිත පොතේ ලියැවිලා තියේවි ..


:ලි – මට පෙරේත බැල්මක් හරි පිසාච කුයිලක් හරි නොවැදුණොත් මම මේ ලියවිල්ල හෙට වෙද්දී හැමෝටම කියවන්න ලැබේවි ..

:ලි ( උදේ ලියමි ) - ඔබත් ජීවිතය විඳීමට කැමතිනම් බෝට්ටු පැදීම , කඳු නැගීම , කැලයේ ගමන් කිරීම ආදී ඒකාකාරී ක්‍රියාවන් අතහැර .. මිනී වළක් අසල රැයක් තනි රකින්න. මාව විශ්වාස කරන්න ..ඒක අමුතුම අත්දැකීමක්ම වේවි ..


73 comments:

Dakshina said...

එළය... සඳුදා උදේ පාන්දරම බොහොම අමුතු රසවත් ලිපියක් ගෙන ආවාට උඹට බොහොම ස්තූතියි බං.

Observer said...

//මිනී වළක් අසල රැයක් තනි රකින්න.ඒක අමුතුම අත්දැකීමක්ම වේවි//

බාගයක් නං මදි අඩුම ගානෙ තුන් කාලක් වත් ඕනෙ වැඩේට.
අහල ඇතිනෙ,
"කාලක් ගහපු එකා කාලකන්නිය
බාගයක් ගහපු එකා භාග්‍යවන්තය
තුන් කාලක් ගහපු එකා තුන් ලෝකෙට අධිපති"
කියල.

Asanka Udayanga said...

හප්පට සිරි මචන් මේ උඹ ඇත්තටම මේවිදියට රෑයක් පහන් කලාද...හප්පා පිස්සු හෑදෙනවා..කාලෙකට පස්සේ මේ පෑත්තේ ආවේ.....සිරාවට මොකවත් හොල්මන් හෙම දෑක්කේ නෑද්ද....

unknown said...

මොකක් උනත් නියම අත්දැකිමක්... හැමොටම ඔය වගේ අත්දැකිම් ලැබෙන්නේ නැ.

Gizaa said...

මචන් සදරු මම ඔය ඈහුවමයි මිනියක් වලලලා එකට තනිරකිනව කියල
මොනව උනත් බන් උබ රටට ගමට වෑඩක් ඈති එකෙක් නත්නම් මොකද බන් මල්ලි මහ රෑ මිනි වලක් මුරකරන්න කෑමෑත්තෙන් ඉදිරිපත් වෙන්නේ
එකන් අද උබට නිවාඩුවක් ලෑබුන නේද? :D

Anonymous said...

අනේ මන්ද? කියවද්දිත් බය හිතෙනව මල්ලි...ඔයාට නං පුදුම අත්දැකීම් තමයි තියෙන්නෙ...

Praසන්ன said...

ඔබටත් මෙවැනි ත්‍රාසජනක අත්දැකීමක් සමග රැයක් ගතකිරීමට අවශ්‍ය නම් විමසන්න - සඳරු

Amila Chathuranga said...

අපරාදෙ පිරිත් පොත අරන් යන්න තිබුනෙ ගිහිං කියෙව්වනම් යක්කු ඕෆ්...

Anonymous said...

සඳරු, මම ඔබගේ ලිපි බොහොමයක් කියවා තිබුනත් සටහනක් තබන්නේ පළමු වතාවටයි.

සිංහල බ්ලොග් අවකාශය තුල මා දුටු නිර්ව්‍යාජතම බ්ලොග් අඩවිය මෙයයි. නගරයෙන් ඈත දුෂ්කර ප්‍රදේශ වල සිටින අපේම මිනිසුන් මුහුණදෙන සුන්දර අත්දැකීම් මෙන්ම දුක් කම්කටොලු ඔබ තරම් විවෘතව හා "නිරායාසයෙන්" ප්‍රකාශ කරන්නෙකු තවත් සිටීදැයි මම නොදනිමි. ඔබේ ලිපිවල මතුපිටින් කියන කතාවලටත් වඩා පසුබිමේ සැඟව ඇති සුන්දරත්වය, දුක, වේදනාවට මම ප්‍රිය කරමි.

අපේ අධ්‍යාපන ක්‍රමය හා සමහර ගුරුවරුන්ගේ මානසිකත්වයන් හැඩ ගැසී ඇත්තේ සිසුන්ගේ සැඟවුනු නිර්මාණශීලීත්වයන් ඔප් නැංවීමට නොව මොට කිරීමට බැවින් පාසලේදී ඔබව නිසි ඇගයීමකට ලක් නොවුනු බව මම සිතමි.

සඳරු, ඔබ අනිවාර්යෙන්ම බ්ලොග් කරනයෙන් ඔබ්බට යායුතු ලේඛකයෙකි.

Anonymous said...

සිරා ඇති බං... අපේ පැත්තේ මිනිවලවල් ඉස්සර තිවුනා බං. දැන් නං නෑ... ගොඩක් මිනී පුච්චන එක තමා කරන්නේ...

සරත් ලංකාප්‍රිය said...

සඳරු. මේක මම අද වෙනකම් කියවපු සටහන් අතුරෙන් වඩාත්ම මගෙ හිතට කාවැදුණු සටහන..දාඩියදාගෙන ලොකු වැඩක් කරලා ගහක් යට ඉඳන් හීතල බියර් එකක් බොනකොට පලවෙනි උගුරුටික වගෙයි.. මම උඹ කියන කතාව විස්වාස කරනවා. එක රැයක් කරකොප්පුවේ නැගිටලා ඉන්න එක හොඳ අත්දැකීමක් තමයි. මිනිස්සු මැරෙන බව සිහිකරනවා නම මේ ලෝකේ මීට වඩා දහස් ගුණයක් හොඳ තැනක් වේවි..

duliponline said...

මිනී වලකට තනි රකිද්දි කැරකොප්පු මායිමේ ගෙයක් දෙකක් තියනව නං හිතට මාර ගටක් එන්නෙ.

ප.ලි.
අඩෝ . . . උඹ ඔය "උ.ලි." කෑල්ලෙං අබේපාල මාමට බඩේ පාර ගහල නේද ???

ප.ප.ලි.
උඹ නයිට ගහපු විදිය හිතද්දි මට මතක් උනේ "සාජන්ට් නල්ලතම්බි"
"මමයි කනත්තේ බෘංගයා . . . . මේ ආවා . . . මේ ආවා . . . ."

රස්තියාදු කාරය.. said...

මොචෝ මම උබේ බ්ලොග් එකම කියෙව්වා. අද තම අලුත් පොස්ට් එකකට comment එකක් දන පලවෙනේ වතාව..
උබ නම් සිරාම dial එකක් බන්. උබ වගේ එකෙක් දැකල නැ.. සිරාවටම එලි වෙනකන් හිටියද? පට්ට මචන්..
සිරාවටම හිටිය නම් පට්ට මචන්.

ඔබත් ජීවිතය විඳීමට කැමතිනම් බෝට්ටු පැදීම , කඳු නැගීම , කැලයේ ගමන් කිරීම ආදී ඒකාකාරී ක්‍රියාවන් අතහැර .. මිනී වළක් අසල රැයක් තනි රකින්න. මාව විශ්වාස කරන්න ..ඒක අමුතුම අත්දැකීමක්ම වේවි ..

කතාව ඇත්ත.. පොරවල් වෙන්න advencher කරන උන්ට පුළුවන් නම් ට්‍රය් කරලා බලන්න කියපන්..

සිත්රූ සිහින said...

මම නම් හිතුවෙ ඔයා අවතාරයකට බය වෙන්න ඇති කියල..එහෙම වෙලා නැහැනෙ..

මම නම් තාම මලගෙදරකටවත් යන්නෙ නැහැ..බයයි.. :)

දිනුක said...

රෑ එළිවෙනකං ඉඳලානං නෑ.ඒත් මමත් කනතුවල ටිකක් රෑ වෙනකන් ඉඳලා තියෙනවා.පට්ට ආතල් එකක් තමයි තියෙන්නෙ.හරි මූසල මුස්පේන්තු මුඩුම ඒත් නිකං හිරිවැටිලා යන කිති කැවිලා යන ආතල් එකක්.එළ එළ මචං.ලෙසටම ලියලා තියෙනවා අදත්.

පූසා said...

මෙහෙනම් ඔහොම සීන් එකක් නෑ බං!
මේ ළඟදී අපේ පැත්තේ මළ ගෙයක් තිබ්බා මිණිය වල දාලා ආව දවසේ රෑ ගෙදර කට්ටිය ලයිට් හිට නිවලා, ගෙදර දොරවල් ජනෙල් වහලා හොඳට බුදී...
මහේ භූතයොත් බිසී බං....

පිණිබිඳු... said...

අර පුහු කොස් ගහ ලඟදි දැක්කා කිව්වෙ මොකද්ද. ඒකත් කියහංකො.

BLOG ගඩොල් said...

උ.ලි - හික් හික් මේකනං පට්ටම සිරා බං.

කතාව ගැන ඉතිං මට වෙනම ලියන්න දෙයක් නෑ. උඩින් කියපු දේවල්ම තමයි කියන්න තියෙන්නෙ. වෙනදා වගේම සුපිරි ලිවීමක්

Abeetha Edirisinghe said...

මම දවස් දෙකක් මේ අත්දැකීම විඳලා තියෙනවා.. ඒත් මළමිනියකට තනි රැකලා නෙමෙයි මචන්... අද දාමු ඒ කතාව මගේ බ්ලොග් එකේ... ස්තූතියි කථාව මතක් කලාට...

ayesha said...

අනේ අම්මෝ ඔයා නම් මාර කෙනෙක්නේ

Unknown said...

අපොයි......මෙයාටත් කරන්න වෙන වැඩ...:O

Podi Kumarihami said...

දවල් කාලෙට ගිහින් සොහොන්කොත් දිහා බලලා, ඒවා යට ඉන්න උදවිය මේ වගේ වෙන්න ඇති කියලා හිතන්ට මම ආසයි. ඒත් රෑ තිස්සේ ඔය කියන විදියේ වැඩ කරන්ට නම් කිසිම ආසාවක් නෑ....

වැඩියෙන් මදුරුවෝ තලන්ට....:D

මාලන් said...

මේක තමයි ඔබ මෙතෙක් ලියු සටහන් වලින් මම කැමතිම සටහන.

මමත් හිතනවා සඳරු තුළ සැඟවී ඉන්න විශිෂ්ට ලේඛකයා බ්ලොග් වලින් එළියට ආ යුතු කාලය ඇවිත් කියලා [බ්ලොග් එක නවත්වන්න කියල නෙමෙයි මේ කියන්නේ]. ඒ ගැනත් හිතල බලන්න.

මැරා... said...

මම රෑදෙගොඩ යමේ ඔන තරම් සොහොන මැදින් ගිහින් තියෙනවා එත් දවාලක මිස රෑක නම් සොහොනක ඉදල නෑ...එත් මගේ යලුවෙක් ඉන්නවා උගේ ගෙදර තියෙන්නේ සොහොනේ ගෙදරට යන්න ඔන සොහොන මැදින් වලවල් උඩින් පැනගෙන..............
"දවසක්දා ඇල ළඟ පුහු කොස් ගහ ගාවදී .. මමත් මගේ යාළුවෝ හතර දෙනෙකුත් දවසක් අමුතුම දෙයක් දැක්කා"
ඊලග පොස්ට් එකට ඔන්න හොද පොයින් එකක්.....කියපන් හොදේ..........

මැරා... said...

කැරකොප්පුව කියන්නේ මොකද්ද බන් එහෙම එකක් අපේ සොහොනේ නෑනේ

චරිත said...

මොකද්ද අර බය හිතෙන සීන් එක. ඒකත් ලියන්න. (අර යාලුවො 4 දෙනෙක් එක්ක දැක්කා කිව්වේ)

කැමීලියා said...

නියමයිනේ...
මට පුදුම බෝතලයක් ලඟ තියන් ඔයා ඒක කටේ හලා ගන්නැතුව හිටපු එකට. ඔයා හොඳ පුතෙක් සඳරු මල්ලි.

Unknown said...

අම්මෝ අහනකොටත් බය හිතෙනවා.කොහොම හිටියද මන්දා.

පන්සල් හංදිය said...

අපේ පැත්තෙ නම් ඔය මිනී වලට තනි රකින සීන් එක නැහැ. අඩියක් පුඩියක් ගැහුවට පස්සෙ නම් බං මහසෝනා ආවත් ගානක් නැහැ ......

උඹ මලයා ලොකු දෙයක් අම්මගේ පොරොන්දුව රැක්ක එක ...

“පිසාච කුයිලක්“ කියන්නෙ මොකක්ද බං ....

Anonymous said...

භූමිදාන කරාට පස්සේ වල රකින්න ඕන කියලා මන් දන්නේ අද..අම්මෝ මටනන් හිතා ගන්නවත් බෑ..රෑට ගේ ඇතුලේ ඉන්නෙත් පන බයේ අප්පා...ඔයාටනන් මාර අද්දැකීම් තියෙන්නේ.."සිගරට් ශරිරයට අහිත කරයි"

මාධව විදුරංග said...

මම සමහර දවස් වල රෑ වෙලා ගෙදර එන්නෙ කෙටි පාරකින්. ඒක පුද්ගලික සෙහොන් පිට්ටනියක්. මං කවදාවත් බය වෙලා නෑ. බය වෙන එකකුත් නෑ. කෙහොම උනත් උඔ ඔය කියන්න වගේ හැගීමක් මටත් දැනිලා තියනවා. මොකද මාත් එක දවසක අපේ ආච්චිගේ මිනී වල ලග රෑ දානේ තියන්න ගිහින් ටිකක් වෙලා ඉදපු නිසා.... ඇත්තටම ඒ හැගීම මාර ගුප්තයි කියලා මට හිතෙනව.. ඉතිං සමහර දවස් වලට අර වල ලගින් එද්දි මං ටිකක් වෙලා ඉන්නවා මට ඒ හැගීම ආයෙත් දැනෙයිද බලන්න... මං ඒ හැගීමට ආස කරනවා නෙමෙයි. ඒත් ඒක අමුතුයි බං!

කතන්දර Kathandara said...

අපි අබේපාල මාමා ට කියලා ඇඩ්වෙන්චර් ටුවරිසම් පැකේජ් එකක් හදමු රැයක් සුසානේ ගතකරන්න!

රාජ් said...

කියන්න වචන නෑ මල්ලී.

හසී said...

"දවසක්දා ඇල ළඟ පුහු කොස් ගහ ගාවදී .. මමත් මගේ යාළුවෝ හතර දෙනෙකුත් දවසක් අමුතුම දෙයක් දැක්කා !"

මේ ගැනත් ලියන්න සඳරු.. හම්මෝ මම නම් කනත්ත ලඟින් යන්නත් බයයි...

Anonymous said...

@ කතන්දර

ඔය ඉතිං, කියන්න හිතාගෙන පල්ලෙහාට එනකොට හිතාපු දේ ලියලනෙව.

pissi said...

අපෝ දැන් මේකට එන්නත් බයයි :P

සාගර said...

කනත්තේ රැයක් ගත කලාටත් වඩා ලොකු වැඩේ තමා බාගයක් ලග තියාගන නොබී හිටපු එක.

හිස් අහස said...

Dakshina = මුල්ම කමෙට් එක දුන්නට ස්තූතියි මචං
.............................................................................................................................
Observer = හප්පා මම ඔය සීන් එක දනං හිටියේ නෑ නේ ! මේ කෙමෙන්ට් එක කියෝලා මට විනාඩි පහක් විතර හිනහා ගියා ඇත්තටම මමත් භාග්‍යවන්තයි එහෙනම් ඈ ?
.............................................................................................................................
@අසංක = සහතික ඇත්ත මචං ..අපේ මාමා කෙනෙක් නෙවෙ මලේ ! ඉතින් මම මේ දවස් ටිකේම මල ගෙදර බැහැලා වැඩ ..
.............................................................................................................................
@unknown = ජීවිතේ හැම තත්පරයකදීම කප්පරක් අද්දැකීම් ලැබෙනවා !
.............................................................................................................................
@Gizaa=මම හිතුවේ අයියේ ඒක හැම පලාතෙම සිදුවෙන දෙයක් කියලා .. අපේ පලාතේ නම් අනිවා වල ගාව රැයක් ඉන්න එක කරනවා ඒක නිකම් චාරිත්‍රයක් වගේ ! අපොයි අද දවල් වෙලා වැඩට ගියා ! දැනුයි ආවේ
.............................................................................................................................
@hansakinkini = මම අද්දැකීම් හම්බ කරගන්නවා අක්කන්ඩි
.............................................................................................................................
@Praසන්ன = ගමේ එවුන් කීප දෙනෙක්ව මරන්න වෙයි වගේ මචං !!
.............................................................................................................................
@mahodara= බොහොම ස්තූතියි අද කමෙන්ට් එකක් දැම්මට මම ඉතින් වෙච්චෙ දේ අඩු නැතිව ඔහේ කියාගෙන යන නිසා ඔයාට එහෙම හිතෙනවත් ඇති . ඇත්තටම කීවොත් මම ඉස්කෝලේ යන කාලේ මට ආදරේ කලේ සිංහල ගුරුවරයා විතරයි ..අනික් අයට මාව පේන්න බෑ ..බොහොම ස්තූතියි දිරිමත් කලාට
.............................................................................................................................
@prasanna86k= අපේ පැත්තේ ආදාහනාගාරයක් නෑ මචං හෙන ඈත එකක් තියනවා ඒක නිසා හැමෝම කැරකොප්පුවට තමයි ගිහිං දාන්නේ
.............................................................................................................................
@සරත් ලංකාප්‍රිය = එහෙමද ? බොහොම ස්තූතියි කීවා ඕං ඇත්තටම මම මීට කලින් එක වතාවකුත් මෙහෙම දෙයක් කරලා තියනවා .. වල කපන්න සෙට් වෙලා තියනවා .එදා වල කපනකොට අපිට පරන ඇට සැකිලි වගයක් හමු වුණා අපේ උන් වල කැපිල්ල පැත්තක තියලා ආපහු ගෙදර දිවුවා ..
.............................................................................................................................
@ඕනයා = ඒ ගෙවල් දෙකේම ඉන්නේ මගේ නෑදෑයෝ කියලා දැනෙනකොට ගට ඩබල් වෙනවා :) .. අබේ මාමගේ කාඩ් එක බලාගෙන තමයි උ:ලි කෑල්ල දැම්මේ ..හික්
.............................................................................................................................
@රස්තියාදු කාරය =අඩේ මම කීයටවත් මෙහෙවු දෙයක් කරන්නෑ .. අපේ මාමා එක්ක ගමේ ගොඩක් උන් ඇරියස් ඉතින් මචං මටයි මගේ යාලුවාටයි විතරයි වල ගාව තනි රකින්න වුනේ . මොනවා කරන්නද බං මලටත් මගේ මාමා නෙව ..දුරින් මාමා
.............................................................................................................................
@සිත්රූ සිහින = පිස්සුද සහෝදරී මම ඔය කියන අවතාර දැකලම නෑ .. ඒත් අමුතු දෙයක් දැකලා තියේ ..අපෝ එහෙනම් මම මැරුනත් එන එකක් නෑ
.............................................................................................................................
@දිනුක ජයකොඩි = මචං එලි වෙනකම් හිටියා ඒතරම් ගානක් නෑ ..හාවෙක් දෙන්නෙක් ඇරෙන්න බල්ලෙක්වත් නෑ බං ..බොහොම ස්තූතියි ඈ
.............................................................................................................................
පූසා= මෙහේ තාම ගමනේ ! ඒක නිසා බූතයෝ තාම ඉන්නවා ..ඔහේ එවුනුත් මෙහේ ඇවිල්ලා වගේ
.............................................................................................................................
පිණිබිඳු = දවසක කියන්නම් අක්කන්ඩි ..ඔයා බයවෙයිද මන්දා
.............................................................................................................................
@blog gadol= ස්තූතියි මචා ලා !!

හිස් අහස said...

@අභීත = අන්න වැඩේ උඹට වුණානම් ඉතින් රජ වැඩක් වෙන්නැති ! බලමු එහෙනම් .අද රෑ වෙලා අභීතගේ කතාව
.............................................................................................................................
@ayesha = මාර ගහේ මල් පිපිලා අලෝ
.............................................................................................................................
@නිසූපා = මම වැඩකරු නේ සහෝදරී
.............................................................................................................................
@Podi Kumarihami =ගෑනු ළමයින්ව කවුද අනේ මිනී වලලවල් ගාව තියන්නේ ! අපෝ අපේ පැත්තේ නම් කෙල්ලක් හවස හයෙන් පස්සේ නාන්න වත් යන්න්නේ නෑ ගමේ උන් නරක නිසා නෙවේ ..අමනුශ්‍ය බැල්ම වැටෙනවා
.............................................................................................................................
@මාලන් = බොහොම ස්තූතියි මාලන් ..ඔබ වාගේ කියවන්නන් ඉන්න එක ඇත්තටම බ්ලොග් ලියන්නන්ට හයියක් ..මම හිතන්නෑ මචෝ මට බ්ලොග් එකෙන් පිට මොනවත් ලියන්න හැකියාවක් ඇතෙයි කියලා ..ඒත් උඹලා දීපු මේ සප් එක මට මට වටිනවා
.............................................................................................................................
@මැරා = කෝමද කොල්ලෝ විභාගේ ? කැරකොප්පුව කියන්නේ මචෝ කනත්තටම තමා ! පුසු කොස් ගහ ගාව වෙච්ච කතාව මම දවසක ලියන්නම් ..
.............................................................................................................................
@චරිත = ඒක ලියන්න වේවි වගේ ! මම දවසක ඒකත් ලියන්නම්කෝ
.............................................................................................................................
@කැමීලියා =අනේ ඉතින් අම්මා මට කියලා ප්‍රභල පොරොන්දුවක් ගත්තා නෙව ..ඉතින් බී කියාගන්න බෑ නේ
.............................................................................................................................
@rmpmcreation = තව එකෙක් මා ගාව හිට් නිසා බියක් නෑ අනික ගමේ කෙල්ලන්ව ඉම්ප්‍රෙස් කරන්නත් පුලුවන් මම මේ ගමන ගිහිං ආවාම ..හික්ස්
.............................................................................................................................
@පන්සල් හන්දිය = මචං අපේ පැත්තේ නම් අනිවා ඕක කරනවා ..එහෙම කලේ නැත්තම් වස් වදිනවා කියලත් කියනවා ..පිසාච කුයිලක් කියන්නේ අමනුෂ්‍යයෙක් අපේ පිටුපස ඇවිත් ගෙදරට අරක් ගැනීමයි !
.............................................................................................................................
@අසනි = මම හිතුවේ ඒක හැමෝම දන්න සිද්දියක් කියලා ඒකයි ඒක කෙලින්ම දැම්මේ බලද්දී මේක ගොඩක් පැතිවල නැති සීන් එකක් නෙව
.............................................................................................................................
@" මාධව - மாதவ - Madhawa "= මල ගෙදර වැඩ නිසා උඹ ලියාපු ලොලීටා කතාව බලන්නත් බැරි වුණා මේ දවස් වල මම ආසාවෙන්ම කියවන්නේ ඒක .ඇත්තටම අමුතු හැඟීමක් මේ සිද්දියේදී නම් ආවේ නෑ ඒත් සමහර තැන් වලදී ඇවිල්ලා තියනවා ..හිත තමයි බං
.............................................................................................................................
කතන්දර = අබේ පාල මාමා සුසානයක් මිලයට ගනීවිද මන්දා මේක දැකලා ..
.............................................................................................................................
රාජ් ==ස්තූතියි රාජ් අයියා
.............................................................................................................................
@හසී = ඒක ලීවොත් ඔයා බය වෙනවා සුවර් ..තෙල් මතුරන්නත් වේවි
.............................................................................................................................
@නවම් = ඒක තමා වැඩේ .. මට ආව එකම මදෑ

දිල් said...

මගෙ අම්මෝ.... සොහොනක රැයක්....හික්ස්

මම සොහොනක් ලඟින් යද්දිත් ඇස් වහ ගන්නවා.....

මාරයාගේ හෝරාව said...

අඩේ උඹලගේ පැත්තේ වැලළුවට පස්සෙද වල මුර කරන්නේ..අපේ පැත්තෙනං වල කපලා ඉවර උනාට පස්සේ වල තනි කරන්නේ නැහැ...

මාත් එක දවසක් ඔය වල මුර‍ කෙරිල්ලට අහු වෙලා අනිත් උන් ටික කසිප්පු ඉවර වෙලා එකා එකා කනත්ත පල්ලමේ ලොක්කලගේ ගෙවල් පැත්තට ඇදුනට පස්සේ ගෙනත් තිබුන පැදුරු කඩමාල්ලක් එළාගෙන වල ඇතුලට වෙලා එලි වෙනකල් දොයිය ගත්තා.. කනත්තේ උඩ හුළග ඉන්දා හීතල උනාට මොකද වල ඇතුලේ සෝක් රස්නේ ගතියක් තියේ..සැප නින්ද..

හිස් අහස said...

pissi = අපිත් හොල්මං කියලා හිතුනද පිස්සි ! ..අපි මල් වගේ ඈ
......................................
@සාගර = අන්න ඒක තමා කේස් එක මට දුකේ බෑ බං පිනා චාන්ස් එකක් ගිලිහුනා
......................................

දිල් = ඇයි අනේ මැරිච්ච අයට බය ජීවත් වෙලා ඉන්න අයටනේ බය වෙන්න ඕන .. ඔයා මාව දැක්කොත් ?
......................................

@මාරයාගේ හෝරාව = අනිවා මල කැපුවාට පස්සේ තනි කරන්නෙත් නෑ පලමු රාත්‍රිය තනි කරන්නෙත් නෑ .. වල ගාව ඉන්න අයට බීම සැපයීම නම් අනිවාර්‍යයි ..ඔයා ඉතින් මාරයා නේ ! ඔයා ඕක කලාට මම පුදුම වෙන්නෑ

පිස්සු පුසා said...

උබ නම් සිරා ඩයල් එකක් බන්.මමත් ඔය හොල්මන් කතා සත පහකට ගනන් ගන්නේ නැහැ..උබ ලස්සනට ලියනවා මචන්

hare :-) said...

ජීවිතේ අත්දැකීම් වලින් පිරෙන්න පිරෙන්න ඒව ගැන ලියන්න පුළුවන් එකෙක් පන්නරය ලබනවා. ඒ සම්බන්ධව උඹ ගැන කියන්න දෙයක් නෑ... කොහොමත් මැරුණ මිනිස්සුන්ට ජීවත් වෙලා ඉන්න උන්ට තරම් බය වෙන්න ඕන නෑ.

Bindi said...

කියන්න වචන නැහැ මල්ලි . සංවේගය සතුට ,ත්‍රාසය , අනිත්‍ය සේරම එකතු වෙච්ච කතාවක් . බණක් අහනවට වඩා හිතන්න ගොඩක් දේ තියෙන කතාවක් . අපේ ගෙදරට යන පාරෙත් කනත්තක් පහු කරන්න ඕන . ඉස්සර පන්ති ඇරිලා රෑ වෙලා සමහර දාට තනියම යන්නත් වෙනවා . හොඳට එලිමහනක් වෙච්ච ඒ කනත්ත ලගින් යනකොට පොඩ්ඩක් වත් බය නැහැ . කනත්ත නැති හරියේදී තමයි බය . මොකද මැරිච්ච මිනිහ විශ්වාස කළහැකි . පණපිටින් ඉන්න අයට වඩා . හැබැයි කනත්තක රැයක් ගත කරන්න ..අපෝ පිස්සු කතා කරන්න එපා .

මේ කතන්දර අපි ටික දෙනෙක් කියවල සැඟවිලා යන එක අපරාදේ නේද .

පැණි දොඩම් said...

සඳරුවෝ මේ පැත්තෙ නම් නෑ බං ඔය තනි රැකිල්ල....
ෂික් තාම මට හොල්මනක් තියා හොල්මනක හෙවනැල්ලක්වත් සෙට්වෙලා නෑ බං. මම හෙන ආසාවෙන් ඉන්නේ බලා ගන්න. ඇත්තටම.
ඒක හන්දා ඔව ගැන කිසිම විශ්වාසයකුත් නැහැ.

සාතන් said...

අඩේ සිරාවටම ඔහොම නයිටක් ගහනවද බන්... එලනෙ... ආපහු ඔහොම නයිටක් ගහන්න සෙට් වෙනව වගේ නම් කලින් පෝස්ට් එකක් දාපන්... බැරි වෙලාවත් සෙට් වෙන්න පුළුවන් උනොත් ;)

හැබැයි අර ඔබා අයිය කිව්ව වගේ තුන්ලෝකෙටම අධිපති මූඩ් එකේ ගියා නම් තමයි මරු.. :)

networkdisa said...

ඇත්තටම ඔහොම සිරිතක් උබලගෙ පැත්තෙ තියෙනවද බං.

උඔ දිව්රලත් තියෙන එකේ මම විෂ්වාස කරනම්කෝ.මොනව උනත් හිකට වදින පට්ට කතාවක්.
මේ කෑල්ලට තමා මම ගොඩක් ආස:ඒත් ඉතින් මම අම්මට සිගරට් බොන්නෑ කියලා පොරොන්දු වෙලා නෑ ! ඉතින් මට ඒ නිදහස තියනවා.

Gayan Rupasinghe said...

අඩේ සදරුවෝ. වැඩ වැඩි නිසා මේ පැත්තේ එන්න බැරි උනා. අහපන්. මමත් ඔය හොල්මන් විස්වාස කරනවා. වෙන මොකුට් නිසා නෙවෙයි මම දැල තියෙන නිසා. ඔයිට සමාන අත් දැකීමකට මුහුන දුන්න කෙනෙක් මම. ඔය උබලැයි පැත්තෙ තියෙන පිලි ගැනීම වගේ නුවර අපේ අම්මලගෙ ගමේ පිලිගැනීමක් තිබුනා මිනී අලු සොහොපිටියේම කලින් වෙන්කරවාගත් තැනක තියන්න ඔනේ කියල. ඔය වැඩෙට ගියේ මමඉ තව දෙන්නෙකුයි. ඒත් පට්ට රෑක.. මේ කැරකොප්පුව තියෙන්නෙ රේල් පාර අයිනේ. බොහොම අත්භුත දෙවල් වෙලා තියෙන තැනක් කියල තමයි ආරන්චි උනේ.. කොහොම හරි අපි කට්ටිය ගිහින් වැඩෙත් කරලා ආපහු එන්න හැරෙනකොට අපේ එකෙක්ගෙ කකුලෙන් කවුරහි ඇදල තිබ්බ. ඒ කොල්ලො දෙන්න ගමෙ උන් දෙන්නෙක්, මට වඩා ටිකක් උන් දෙන්න බය වෙලා. පස්සෙ මන්තර දන්න කෙනෙක් ගෙනල්ල මතුරල තමයි අර කොල්ලගෙ බය ඇරුනෙ..

ජය..

මුදී said...

අමුතුම අද්දේකිමක්‌ වෙනවාට කිසිම සැකයක්‌ නැ...කනත්තේ බෘංගය...

Beetle said...

කැරකෝප්පුවල පුළුටු කකා බොන්න එපා බන්... විපරීත ඩයල් රෑට ගෙදරට එනවා හොයාගෙන...

දුකා said...

ම් ම් ම් ම් සඳරුවෝ . . .

දැන් වෙලාව රෑ 12යි. මේ ටිකේ මගේ සොඳුරු ත්‍රස්තවාදියයි ගෙදර උන්දැයි නිවාඩුවකට මගේ ලඟට ඇවිත් (කලින් අපි ඔක්කෝම හිටියේ එකට ඒත් දැන් මාස හතරකට කලින් ගිය ගමන් දිගටම ලංකාවේ ඉන්නම් කියලා නතර උනාට පස්සේ කොල්ලගේ නර්සරියේ අගෝස්තු නිවඩුවට මාසෙකට ගෙන්න ගත්තා)

මේ ටිකේ නිදහස නෑ බන් . .

කතාව කියෙව්වා. මේ ඔක්කෝම ටිකට තව සති දෙකහින් විතර නිවාඩු පාඩුවේ අදහස් දක්වන්නම් . . තරහා නෑ නේ . .

(මේ පනිවිඩේ උඹට විතරක් නෙමෙයි උඹේ බ්ලොග් එකට හැමෝම එන නිසා පනිවිඩේ හැමෝටම )

Anonymous said...

සඳරු මල්ලි..

අර කොස්ගහ ගාවදි දැකපු කේස් එකත් ඉක්මනට ලියන්න...

මල්ලිගෙ අම්මට පණිවිඩයක් යවාගන්න විදිහක් නැතුවා... උඹ එලියට බහින ගානෙ අර පොරොන්දුව ගන්න කියල..

- said...

ෂා මාර ලිපියක්නේ! කල්පනා කරලා බලන්න ඕන හුගක් දේවල් තියෙනවා! ඇත්තටම සුපිරියි අය්යේ!

Prasenajith said...

ගොඩ දෙනෙක්ට වගේ මටත් අර ඇල ළඟ පුහු කොස් ගහ ගාවදී මොකද වුනේ කියලා දැනගන්න මාර කුතුහලයක් ආවා. එලටම ලියලා තියෙනවා. හැබැයි මට නම් අර Bindi කියන විදිහට මේ කතන්දර ටික දෙනයි කියවන්නෙ කියලා හිතෙන්නේ නෑ. Comment නොකලාට ගොඩ දෙනෙක් කියවනවා ඇති..

සංකල්ප said...

අපටත් කවදහරි අත්වෙන්නේ ඔය ඉරණම තමයි මල්ලි. කවදහරි මේ පොළවට මිහිදන් වෙනවා එක්කෝ අළු ගොඩක් බවට පත් වෙනවා.

බොන්න එපා කියපු එකා මිනිවල ගාවට ගිහින් බීලා. මම් පොඩි කාලේ අහලා තියෙනවා බීපු එවුන් ගාවට යක්කු උන්ත් කිට්ටු වෙන්නේ නෑ කියලා.

ඒ නිසා මලිට යක්කුන්ගෙන් කරදරයක් වෙන්න නැතුවැදි. ඒකනෙමේ මල්ලි මොකද්ද අර කොලයක් අරගෙන ලියන්න ගත්තේ. අර ගෑනු ළමයට ලියුමක්වත් ද.

විභාග කාලේ නිසයි කියවන්න එන්න පරක්කු උනේ. ඒකට සොරි යෑ.

ජීවිතේ මල් said...

බුදු අම්මේ... කඳු නෑග්ගත් , බෝට්ටු පෑද්දත් ඔය මිනි වලවල් ගාව නම් ඉන්නෙ නෑතෝ...
සඳරුවා... සෝයි ලිපිය ඈ... :-)

රත්ගමයා said...

මූට හොල්මනක් ගහලා වලවල් අස්සේ ඉන්න ගිහිල්ලා..හැබැයි මේකත් මරු විනෝදකාමී ක්‍රීඩාවක් තමා...අම්පාර පැත්තේ වලවල් දැනටමත් බුක් වෙලාලු රැයක් ගත කරන්න..

Ravi said...

අඩේ,මල්ලි ඔය මිනීවලට තනි රකින කතාව මම ඔය ඇහුවමයි......උඹේ අතේ රෝලක්ද මන්දා.......හෙහ්, හෙහ්,......ඒත් කමක් නෑ.....අපූරුයි.......

සිත් අහස said...

කවුරු හරි ලඟ ඉන්නවනම් සොහොනක වුනත් ඉන්න බැරි කමක් නෑ. හැබැයි ඉඳලා ගෙදර ගියාට පස්සෙත් දවස් දෙක තුනක් යනකන් කාට හරි මගේ පස්සෙන් එන්න වෙයි තනි රකින්න. :)

තරු said...

සඳරු මල්ලි..

// අර කොස්ගහ ගාවදි දැකපු කේස් එකත් ඉක්මනට ලියන්න...//
සඳරූ කොස් වලට කොහොමත් බයයිනෙ.
අර පෝස්ට් එකකුත් දාලා තිබුනෙ කිරිකොස් කියපු ගමන් හෙල්මට් එකත් දාලා දීවා කියල.

මචන් ඒක නෙමේ ඔය සොහොන් පිට්ටනියෙ ඉන්න කොට , එක පාරටම සීතල සුල0 අස්සෙන් රස්නෙ හුල0 පාරක් දෙකක් එහෙම මුනට , කනට එහෙම වැදුනෙ නැද්ද?(හරියට මූන ගාවින් අයන් එකක් අරන් ගියා වගේ)
ඒ ‍යන්නෙ අමනුස්ස ආත්මලු, ඩෙ0ගු වගෙ හැදිලා මැරිච්ච එවුන් වෙන්න ඇති , ඔච්චර රස්නෙ. :-D.

මට නම් එහෙම වෙලා තියනවා, මට නම් මදුරුවො කනවට වඩා , අර මල්වඩම් වල ගඳ.. තමයි ඉවසන්න බැරි.

Dasun said...

ඔන්න අද තමයි බං මේ පැත්තේ එන්න පුලුවන්වුනේ.. හැමදාම කියනවා වගේ අදත් උඹේ ලියවිල්ලනම් උපරිමයි..

Deeps said...

ඇත්තටම හිටියද සොහොනේ?

හා පැටික්කි (MS) said...

ඇහ්..... මං නම් ඇහුවමයි ඔය කතාව......
ඒක නෙමෙයි හිටියේ නැද්ද ලස්සන මෝහිනීලා එහෙම?? හික්ස්....

අර ඇඩ්වෙන්චර් සීන් එක මමත් කියන්න හිටියේ අපරාදේ.......

``` Outsider``` said...

සොහොන් බිමක රැයක් ගත කරන එක හොඳ අත්දැකීමක් වෙයි තමයි. ඒත් කොහෙද බං මේ පැතිවල නෑනෙ ඔය සිරිත. අනෙක සොහොන් බිම්වල නයිට් ගහන එක ලේසි නෑ මේ පැතිවල. මොකද ඒව රෑට අයිතිකරගෙන ඉන්නෙ මහම අපතයෝ. නයිට් ගහන්න ගියොත් කලිසමත් ගලවගෙන විකුණයි උං

හිස් අහස said...

Dakshina = මුල්ම කමෙට් එක දුන්නට ස්තූතියි මචං
.............................................................................................................................
පිස්සු පුසා = මමත් ඔය සාමාන්‍ය මිනිහෙක් මචං ස්තූතියි ඈ මම හොල්මං විස්වාස කරන්නෑ ඒත් අවිස්වාස කරන්නෙත් නෑ
.............................................................................................................................
@hare :-) = මට වෙච්ච වැඩේ තමයි මම වින්ද අද්දැකීම් මට නැවත නැවත සිහි වීම ඉතින් මචං මම ඒව අකුරු කරන්න ට්‍රයි කරනවා ..
.............................................................................................................................
@Bindi = මටත් හොල්මං අවරතාර මතක් වෙන්නේ තනියම ඉන්නකොට විතරමයි සහෝදරී මමත් තනියම ඉන්නකොට බිය වෙනවා ටිකක් විතර
.............................................................................................................................
@පැණි දොඩම් - [නුවන් කුමාරනායක] = මම දන්න කියන කාලේ ඉඳලා මේ පැත්තේ ඔය සිරිත තියනවා .. මල ගෙදරදී පවා මිනිය තනි කරන්නේ නෑ කට්ටිය කීප දෙනෙක් මිනිය වටේ ඉන්නවා .. වලලලා ඉවර වෙලා දවසක් තනියට ඉන්නවා ..ඊට පස්සේ මියගිය ගෙදරට පිරිත් පැන් ඉහිනවා ඉහිනවා ..
.............................................................................................................................
@සාතන් =තුන් ලෝකෙටම ලොක්කා වෙලා ගියානම් සාතන් මච මම අද ලොවෙත් නෑ
.............................................................................................................................
@Networkදිසා = සහතික ඇත්ත මචං මම හිතාන උන්නේ මේක මේ හැම තැනකම තියන දෙයක් කියලා .ඔය පැණි දොඩම්ට දීපු කමෙන්ට් එක බලපන් ටිකක් ..
.............................................................................................................................
@Gayan Rupasinghe= මමත් ඔය වගේ අමුතු දේවල් කීපයකට මුහුනදීලා තියනවා ඒත් මට එයින් සමහරක් අද වෙනකොට විස්වාස නෑ ඒත් සමහරක් ගැන මම තවම හිතනවා
.............................................................................................................................
@මුදී = අනිවා ඩෙෆා
.............................................................................................................................
@Beetle= අපෝ පුලුටක් අහලකටවත් ගෙනිච්චේ නෑ .. අපි කෑවේ ක්‍රීම් කැකර් විතරයි
.............................................................................................................................
@දුකා = කමක් නෑ දුකා අයියා ඉතින් නිවාඩුව සතුටෙන් ගත කරන්නත් එපෑය පවුලේ එවුං එක්ක සතුටින් ඉන්නවාට වඩා තවත් මොනාද .. ඔයා මගේ බ්ලොගේ අදහසක් දීලා ගිය එකම මදෑ ස්තූතියි ඈ
.............................................................................................................................
@සපතේරු උන්නැහේ = ඒකත් ඉක්මනටම ලියන්නම් මේ දවස් වල වැඩ කෝටියයි බං දැන් මම බීවට අම්මා දැන් වැඩිය දෝස් මුරේ දාන්නේ නෑ :)
.............................................................................................................................
@කතන්දර මාමා = ස්තූතියි මලේ
.............................................................................................................................
@Prasenajith = අනිවා ඒක ලියනවා ..දහ දෙනෙක් කියෙවුවත් මට ඇති මචං මම ලියනවා ..අලුත් මූනක් වගේ !

හිස් අහස said...

@මධුරංග = මම ලීවේ මේ පෝස්ට් එක බොලේ !! විභාගෙට මගෙන් සුබ පැතුම් අයියන්ඩි .. එක්සෑම ගොඩ ගිහිං උපාධි දාරියෙක් වෙලා මිසක් මෙහේ එන්නෑ ඕං
.............................................................................................................................
@ජීවිතේ මල් = අනේ මට ලැජ්ජ හිතුනා !!
.............................................................................................................................
@රත් ගමයා = මලේ වරෙං දවසක සොහොනක් කාලා එමු .. මම අරක හදමින්
.............................................................................................................................
@Ravi= පික්සුද අයියන්ඩි ..මේක මගේ උපන්න ගම මගේ පියා මියගිය දවසෙත් මගේ මමලා දෙන්නා තනි රැකලා ආවා ...ඔය පැණි දොඩම් අයියට දීපු උත්තරේ ටිකක් බලාන්ට ..මෙහේ මිනිය ගෙන යද්දී පාවාඩ පවා දානවා ..
.............................................................................................................................
@ප්‍රාර්ථනා = ගෑනු ළමයෙක් ගාව තනි රකින්න කවුද අලෝ අකමැති .. :) මම නම් එක පයින්ම
.............................................................................................................................
@Tharu= පික්සුද අයියා අපේ සෝනේ මල් වඩම් නෑ .. අපේ සයිමන් මාමාගේ මල ගෙදරට මල් වඩම් තිබේ එකයි ඒකත් එදා වල ගාව තිවුනේ නෑ ..අර කොස් ගහ ගාව කතාව මම ලියනවා මේ මාසේ ඇතුලත .
.............................................................................................................................
@නිර්මල = ස්තූතියි මචෝ උඹට මොනාද බං ඔය හැටි වැඩ ?
.............................................................................................................................
@deeps = මගේ ඇස් දෙක දිහා බලන්න අක්කන්ඩි..! ඔයාට හිතෙන්නේ මම බොරු කියනවා කියලද ? .. හරි ජෝක් ඉවරයි ..සහතික ඇත්ත අක්කේ මේක අපේ පලාතෙම සිරිතක් ලු මම ආයෙත් හොයලා බැලුවා කතාව ඇත්ත ..සමහර පැති වල මේවා තියනවා ..
.............................................................................................................................
@හා පැටික්කි = ඒකනේ කියන්නේ ! ඔයාලා ටීවී බලනවා විතරයි මෙවුවා ගැන දැනීමක් නෑ නාගරික හාවි ..
.............................................................................................................................
@Outsider= හප්පා කලිසං නෙවේ ෂර්ට් එක නැතුව රෑ හයෙන් පස්සේ ගෙදරින් පිට යනවා බොරු ගුටි කාලා මැරෙන්න වෙනවා !! ග්‍රීස් යක්කු බය හැම තැනම

නදී said...

කොයි මල්ලි අර ගහ ලගදී දැක්කා කිව්ව එක,ඒකත් ලියන්නකො.හැබෑට අපේ පැත්තේ ඔහොම තනි රකින එකක් නම් වෙන්නෙ නෑ.ඔයා පොඩි එකෙක්නේ, මම් නම් යන්න දෙන්නෙ නෑ(අම්ම උනා නම්).හිත ගැස්සිලා බය උනා නම් අම්මේ!!!

මම් මිනීවලට තනි රකින්න නම් ගිහින් නෑ.අපේ අත්තම්මා මැරිලා පිච්චුවා,ඒක නම් බලලා තියනව.අහල තියනවද පිච්චිද්දි ඉදගන්නව කියල මිනිය?අත්වල ඇගිලි විකෘති වෙලා ගිනි ඇවිලෙනව මම් හොදට දැක්කා.එතකොට 7 වසරේ විතර.අය්යලත් එක්ක උඩ නැගලා බැලුවේ.දැන් නම් මට බයක් හිතෙන්නෙ නෑ.

පිස්සා පලාමල්ල said...

අඩෙ එහෙම සීන් එකක්නම් කලින් අහල තිබ්බෙ නෑ නේ මම... මිනී වලවල් ලග තනි රැකීමක් ගැන... අඩෝ බීල වැඩි උනු යාලුවෙකුයි ගල් භාගෙකුයි ජෝන් සීයයි නම් මදි මට ඔය හපන් කමට... තව 3 -4 ක් ඉන්න ඕනි...

හැබැයි සඳරුවෝ ඔන්න බලපන් හෙට අනිද්දට අබේපාල මාම පැකේජ් එකක් දාන්නෙ නැද්ද කියල මිනී වලක් ලා සිට තනි රැකීමේ වීර ක්‍රියාවට...

Anonymous said...

ඔබ්සවර් අයියට එකතු කරන්න පොඩි කෑල්ලක් තියනව...
කාලක් නං කාලකන්නි - බාගයක් නං භාග්යවන්ත
තුන් කාලක් නං තුං ලොවට අදිපති - බෝතලයක් නං බෝදිසත්ව.... :)

සංජිව said...

උඹගේ කතාව කියවද්දි මටත් මගේ මතකයක් ඇවිස්සුනා.. කනත්තක නයිටක් ගහලා නැ උඹ වගේ.. එත් ගංජා පොඩ්ඩක් පුච්චන්න පොලිය එන්නේ නැති තැනකට මේ කොලොම්පුරේ තියෙන්නේ කනත්ත විතරයි.. ඉතිං ජිවිතේ මුල්ම හා අන්තිම පාරට කනත්ක පැය 5ක් ගෙව්වා.. ඇත්තටම එතැන අමුතු සුන්දරත්වයක් තියෙනවා.. මම එදා හොල්මනක් දැක්කේ නැත්තං තාමත් මට සුන්දරම තැන රාර්‍ත්‍ර කනත්ත තමයි..

shaminda srinath said...

හි හි .....මචන් මම අහුවමයි ඔය මිනියක් වල දැම්මහම තනි රකින කතාවේ.......හැබැයි මිනී පිටියක ඉදන් අඩ්ය නම් ගහල තියනවා.එක සිරාවටම අමුතු ආතල් 1ක්

දනු... said...

මචන් උබ විශ්වාස කරයිද මන්දා බන්,උබේ හැම පොස්ට් එකක්ම මන් එක රෑකින් කියවල ඉවර කරා..හරිම ආසයි බන් උබේ පෝස්ට් කියවන්න..උබේ බාශාව ලස්සනයි..දිගටම ලියපන් . උබට ජය...

Post a Comment

තැන්කූ බං