31.8.11

පෙම්වතියගෙ සල්ලි බලේ





තනිකඩ ජීවිතය මගේ දෙකඩ කරපු පෙම්වතී
මේ දුප්පත් මගේ හිතට දුක් දුන්නා දැන් ඇතී
අපි දෙන්නගෙ කතාව අද ලොවටම කීමට සිතී
කවියක් ලෙස ගලපන්නෙමි පදවැල් වල එති එතී

මතකයි මට අද වාගේ අප හමු වුණ මුල් දිනේ
ඇයයි මමයි හමු වුයේ තාර පාර මැද අනේ
එදා දැනුණු ආදර කඳ උපරිමේට ගිය තැනේ
එකතු වුණා අපි දෙන්නම පෙම් යුවලක් විලසිනේ

හදවත ලස්සන හින්දා මුලදී ඇයට ලං වුණා
පසුව ඇයට සල්ලි බාගෙ ඇති බව මට වැටහුණා
මම අල්ලපු ලොකුම අත්ත අත හරින්ට බැරි වුණා
මටත් හොරෙන් මම ඇයගේ සල්ලි වලට යට වුණා

සල්ලිකාර පෙම්වතියක් දෙවියන් මට ගිෆ්ට් කලා
එදින පටන් මම හිටියේ ඇයගෙන් දත ගලවලා
දාහෙ,සීයෙ කොළ ඇය මගේ අතේ මිටේ ගුලි කලා
ඇගේ මුදල් වලට ඉතින් මම තව තව පෙම් කලා

"තාත්ත උස් තැනක තමයි ජොබ් එක නම් කරන්නේ"
"අම්ම කළා කෘති හදමින් කාලය ගත කරන්නේ"
"අපේ ගෙදර තට්ටු හතයි" කෙල්ල ඉඳන් කියන්නේ
මේව ඇහෙනකොට කෝමද ඔකඳ නොවී සිටින්නේ ?

කෙල්ලගෙ මල් හිනාව මගෙ හද කුල්මත් කලා
හිඟන්නෙකුව සිටිය මාව රජෙක් බවට පත් කලා
ඇගෙන් ලැබෙන දීමනාව බෝතලේට වෙන් කලා
කාණු පල්ලෙ වැටි වැටි මම ජීවිතෙ සැලසුම් කලා

තුන් ලොවටම පෙනෙන ලෙසට මම කසාද බඳිනවා
ගලදාරී හෝටලයේ මගේ වෙඩිම ගන්නවා
හනිමුන් එක එංගලන්තෙ ජයටම සෙට් කරනවා
කාණු පල්ලෙ වැතිරීගෙන මමත් හීන මවනවා

සල්ලි කඳක් වුණත් එයා චාම් ලෙසයි ඉඳින්නේ
කාර් බාර් තිබ්බත් බස් එකේ තමයි අදින්නේ
ඇයට උරුම හැම දෙයක්ම මගෙ නමටලු ලියන්නේ
අම්ම අප්ප මට උඩින්ම කැමති බවත් කියන්නේ

කාර් බාර් හෙලිකොප්ටර් මගෙ කෙල්ලට තියනවා
සිගප්පුරුවෙ හන්දියෙ හෝටලයක් තියනවා
ඇයව බැන්ඳ දා මට ඔය සේරම ටික ලැබෙනවා
මම ඉඳගෙන මිතුරන් ළඟ පම්පෝරිය ගහනවා

සල්ලි නිසා අපෙ ආදරෙ ජයටම නැගලා ගියා
නැඟල ගියපු ඉක්මනටම ආයෙත් බැහැලා ගියා
අද බෑ හෙට යමු කියමින් මගේ හිතේ සැක තියා
ගෙවල් පැත්තෙ යං කීවම කෙල්ල ලිස්සලා ගියා

කෙල්ලගෙ නිවහන බලන්න මට දවසක් සිත් වුණා
ඇගෙ හැඳුනුම්පතේ තිබී ගෙදර ලිපිනෙ හමු වුණා
කේක් ගෙඩියකුත් අරගෙන මම ඉතින් පිටත් වුණා
ඇගෙ ගෙදරදි දුටුව දෙයින් මට නම් තරු විසි වුණා

මාමණ්ඩිය අමුඩෙ ගහං කිතුල් මලක් මදිනවා
නැන්දාම්මා මැටි අන අන කළගෙඩියක් අඹනවා
ගරා වැටුණු ගේ පොඩියක් අනේ එතන තියනවා
මගේ කෙල්ල බිම ඉඳගෙන පොල් අත්තක් වියනවා

තාත්ත රා මදින එකයි ජොබ් එකකට කරන්නේ
අම්ම වලං හදන ගමං ගඩොල් කැටත් කපන්නේ
පොල් අතු විකුණලාද මේ කෙල්ල සල්ලි හොයන්නේ.?
මේව දැක්ක මම කෝමද ජීවත් වී ඉඳින්නේ .?

දුප්පත් කෙල්ලකගෙ ලණුව මම කෑ බව වැටහිලා
මම හිටියා පිස්සෙක් වගේ විනාඩියක් ගල් වෙලා
මම තනාපු හීන ලෝකේ මාළිගාව සුන් වෙලා
මට ඇඬුණා අසරණ මගෙ අනාගතය සිහි වෙලා

මාව දැක්ක තැන කෙල්ලගෙ දෑස් බිමට බර වුණා
පැන්න ගමං කනේ පාර දෙන්නට මට සිත් වුණා
මාමණ්ඩිගෙ රා මුට්ටිය දෙස මගෙ නෙත් යොමු වුණා
රාකට්ටක් තොල ගාගෙන මම එතනින් විසි වුණා

පහුවදාට එළි වූ කල මට දෙවියන් සිහි වෙලා
හිඟන කෙල්ල සමග තිබුණු ලවු එක අමතක කලා
ගිය සතියේ පාර මැද්දෙ සෙනඟ හිටිය වට වෙලා
මම යන විට කෙල්ල එතන වහ බීලා මියැදිලා






අත්දැකීමක් නොව සිතිවිල්ලක් පමණි ..!

Image - http://www.itmightbelove.com/2008/07/23/money-in-relationships/

88 comments:

නචියා said...

"අත්දැකීමක් නොව සිතිවිල්ලක් පමණි ..!"

අත්දැකීමක් උනානම් හොද පෝස්ට් එකක් බලාගන්න තිබුණා. එළ එළ පට්ට කවි ටික.

ජය !!!!

pasindu mihiranga said...

ලොවෙත් නෑ අය්යේ ..... සිරාවට මාර ගති .... මටනම් කවියක් තියා වාක්යක් වත් ලියාගන්න බෑ :( ඒකට ඔයා කවිපෙල ලස්සනට හරි ගස්සලා තියෙනවා ...... මම ඔයාගේ පෝස්ට් ඔක්කොම කියෙව්වා ... ඔක්කොම ගති ......

පුංචි සුරංගනාවි said...

සාදු සාදු කෙල්ලන්ගේ සල්ලි වලට ලව් කරන කොල්ලන් ටත් හොද වැඩේ.ඒ වගේම කොල්ලන්ව රවට්ටන්න බොරු පම්පෝරි කියන කෙල්ලන්ටත් හොද වැඩේ.මම හිතුවා හැම සැරේම වගේ මේ පාරත් ඇත්තම ලව් එක කෙලවෙලා කියලා.කොහොම වුනත් නියමයි.

නදී said...

අහ් කෙල්ල පොල් අතුවියලා හම්බ ක‍රන සල්ලි වලට බිව්ව එහෙනම් ඈ... නියම කවිපෙළ!

Praසන්ன said...

කොහොම හරි උඹ මාමන්ඩිගෙ රා කළේටත් වැඩක් දුන්න නේද මල්ලි.
මාමණ්ඩිගෙයි, නැන්දම්මගෙයි ජොබ් නං හරි ඒත් ගේ තට්ටු හතක් උනේ කොහොමද?

කවි ටිකනං උපරිමයි මලේ.

Anonymous said...

පවු අසරණ කෙල්ල.. කවිය නම් ලස්සනට ලියලා තියෙනවා.. දිගටම ලියන්න.. සුබ අනාගතයක්ම වේවා!!!!!!!!!!

මහිම මදුරංග said...

සිරා බං
ගින්දර කියන්න වදන් නැ

ලකී සිරි said...

කාසිවාසී නොදැක නේද ඇගෙ හිත හොරකම් කලේ
උඹහට ඇති ආදරේට වෙන්නැති ඇය බොරු කලේ
තට්ටු හතේ මාලිගාව නුඹ වෙනුවෙනි ඉදි කලේ
අඟහිග අඩුපාඩු දැකල ඇයි ඇය අමතක කලේ

මේක සිතිවිල්ලක්ම හින්දම හොඳයි...නැත්තම් උඹට සෑහෙන්න බොන්න වෙනවා

Anonymous said...

අනේ යකෝ!! කෙල්ලට බැන බැන ගෙදර ගිය එක දවසට මාමණ්ඩියගෙ රා කළේටත් විදල තව කවිත් ලියනව නේද???

වැප් said...

//කාණු පල්ලෙ වැටි වැටි මම ජීවිතෙ සැලසුම් කලා\\

ෆට්ටයෑ ...

ජයවේවා මේ මාසෙත් 7 යි

පන්සල් හංදිය said...

බොල සඳරු දෙයක් ලියනකොට,
“අත්දැකීමක් නොව සිතිවිල්ලක් පමණි ..!“

කියන එක මුලින් දාපං, බලපං ඕක කියවනකං මම හෙන අප්සෙට් එකෙන් උඹ ගැන හිටියෙ ........

මැණික් - සුදු මැණිකේ said...

නියම කවි පෙළ අයියා. කියෙව්වම හිනා ගියා. ඒ අස්සෙත් අයියා රා පොල්කට්ටට වැඩේ දීලනේ. හි හී.


අයියා ගොඩක් ලස්සනට බ්ලොග් එක ලියලා තියෙනවා. මම මුල ඉඳන් පෝස්ට් ටික කියවගෙන එන ගමන්....:D

Anonymous said...

සිතිවිල්ලක් උනත් සිරාම මාමණ්ඩියෙක් තමා බොටත් සෙට් වෙලා තියෙන්නෙ.

දුමී said...

මෙහෙම සිතිවිල්ලක් එන්න නම් මොකක් හරි අත්දැකීමක් නැති වෙන්න ඹා... නියම කවි සෙට් එක්ක සඳරු.....!

දේව් ගේ අඩවිය said...

සිරාවටම සිතුවිල්ලක් විතරක් උන එක ගැන සතු‍ටුයි... නැත්නම් මේ මොනවද මේ කියවන්නේ කියලා කල්පනා කලේ අන්තිමට එනකල්ම...

එලම තමා

රස්තියාදු කාරය.. said...

පට්ට මචන්, එත් මම හිතුව මේකත් උබට වෙච්ච එකක්ද කියල? දැන් love එක කොහොමද නැගල යනවද? උබ කෙල්ල ගානේ බීපු එක නම් හොද නැ.. හික් හික්
මේ එක නමෙයි, මගේ ලැප් එක අපේ උන්දැ ගාව එයට වෙලා තියන වෙලාවට බ්ලොග් එක ලියන්නම් කිව්වා.. තැන්ක්ස් මචෝ... comment එකට.. වෙලාවක ලියන්නම්..

Podi Kumarihami said...

ඔය ඔක්කොටම මුල තාර පාර මැද හමුවීම. තාර හොඳට උනු වෙලා තියෙන්ට ඇති. ඒ උනුසුම හදවත දක්වා විහිදිලා හදවත් දෙකම ඔකඳ වෙන්ට ඇති...:D

මොනා උනත් කෙල්ල දිවි නහගත්තේ අපරාදේ. අනෙක කාණු පල්ලේ වැටිලා හීන දකින කෙනෙක් වෙනුවෙන්....:)

ඒ උනාට කවි ටික ලස්සනයි සඳරූ....!

පිසාචයා said...

ශා....මාර ලස්සනට ලියල, තියෙනව අයියේ....!!

පිස්සා පලාමල්ල said...

සඳරුවො කවි සැට් එකනම් පට්ට.... හොඳම සීන් එක තමා මාන්ඩියගේ රා කලේටත් කෙලියනේ... හික් හික්... උබ වගේ බෑනෙක්...

Ravi said...

දාහෙ සීයෙ කොළ උඹගේ අතේ මිටේ ගුලි කලේ,
ආදරේ නිසාම නොවෙද නැද්ද මලේ තේරුණේ?,
මාම එක්ක රා කට්ටක් ගහලා ආතල් එකේ,
ඉන්ඩ තිබුනෙ අපොයි සඳරු මොනවද මේ උඹ කොලේ?,

හෙහ්...හෙහ්....නියමයි සඳරු!!!!

Roshanherath said...

කෙල්ල බොරු කරලා තිබුනත් ඇත්තටම කෙල්ලට ආදරය කරලා තිබුනානම් ඇත්ත දැනගත් වෙලාවෙ එයාව අතඅරින්නෙ නෑ නේද?

Bindi said...

මාරයිනේ . රබානක් අරගෙන බස් එකකට නැග්ග නම් මල්ලි ගොඩ . නෑමයි කිව්වට අර රා කට්ට දැක්ක ගමන් කෙල්ලත් අමතක වෙච්ච හින්දා අපිට නම් සැකයි මේක සන්දරුටම වෙච්ච එකක්ද කියල . මොනවා වුනත් අංක එකේ කවි පෙළ ක් මල්ලි ..ජය වේවා

BLOG ගඩොල් said...

නියම කවි ටික මචෝ! හොඳ වෙලාවට අන්තිමට කියලා තියෙන්නෙ අත්දැකීමක් නෙවෙයි කියලා. නැත්තං හිතෙන්නෙම අත්දැකිමක් කියලා.

බිගුසර said...

හොද නිර්මාණයක්.....

priyantha said...

ආදරේ වෙනුවෙන්ලු කෙල්ල බොරු ගොතලා කියන්නේ...
වෙහෙස දරා ඉපයු මුදල් ගෙනැවිත් ඔබ අත තබන්නේ...
ඒ මුදලින් නේද මිතුර ඔබේ සිහින මැදුරු සතක් සදන්නේ...
ආදරේ මුදලට යට කල නිසා නේද අද ඔබ මෙහි තැවෙන්නේ...

ලස්සනයි සඳරූ...

Kasun said...

වෙලාවට ඕක සිතිවිල්ලක් විතරක් උනේ. නැත්තන් උඹව තියන්නෙ වටින්නෙ නෑ.

ඒ පව් බං, අර කෙල්ල අමාරුවෙන් හම්බ කරන සල්ලි වලින් උඹ බිව්ව නේද? උඹ හරි නරක සමනලයෙක්.

Anonymous said...

"කාණු පල්ලෙ වැටි වැටි මම ජීවිතෙ සැලසුම් කලා" මරුම කෑල්ල එක තමයි කොහෙන්ද බං ඕව උඹේ ඔලු ගෙඩියට ඇතුල් වෙන්නේ සිරාම කවි ටික මචෝ

ප්‍රසංග said...

නියමයි.... ලස්සනට ලියල තියනවා....

Observer said...

මං හිතුවෙ හීනයක් කියල.
ගස් නගින්න චාර්ජ් කොරන ගාන, මැටි වලං හට්ටි මුට්ටි වල මිල, සහ වියපු පොල් අත්තක ගාන දිහෑ බැලුවම කෙල්ල සීයෙ දාහෙ කොළ මිට මොලෝපු හැටි ගැන නං පුදුම වෙන්න දෙයක් නැහැ....හෙහ්...හෙහ්..හෙහ්...

sameera said...

කෙල්ල ආදරේ නිසානෙ මාලිගා මැව්වෙ , පොල් අතු වියපු සල්ලි ත් ගෙනත් දුන්න නං තවත් මොනවද ?
නියම සන්කල්පය .

සංකල්ප said...

තාමත් ඔය කෙල්ලෙක් දකින කොට ඔකද වෙන සීන් එක තියෙනවා මයේ හිතේ.

මේක ඇත්තම සීන් එකක් ද මල්ලි. පවු බං ඒ කෙල්ල. ඒකි හිතන්නැති කොල්ලෙක් අල්ලගන්න සල්ලි බාගේ යහමින් තියෙන්නෙ ඕනේ කියලා. මේක මට උනා නම් අනිවා මම් මේ කෙල්ලව බඳිනවා.

Unknown said...

පස්ටෑය

කතන්දර Kathandara said...

පොල් අතු වියන එක හොඳ ජොබක් වගේ, දාහේ සීයේ කොල කොල්ලන්ගේ අතමිට ගුලිකරන්ණ තරම් සල්ලි?

networkdisa said...

මොනාද බං කැත වැඩ. කේල්ල මහන්සියෙන් පොල් අතු වියල හම්බකරපුවටත් බීල, මාමාජ්ජගෙ රා මුට්ටියටත් ආයෙ විදින්න ලැජ්ජනැද්ද බං උබට.

සිතුවිල්ලක් හින්ද හොදා ඉතින්.....

දිනුක said...

යකෝ ඒකි පොල් අතු වියලා දාහෙ සීයෙ කොල කොල්ලට දුන්නනං ඒකි එළ කෙල්ලෙක්නෙ බං.අපරාදෙ අතෑරියෙ.කෙල්ල බැඳගෙන වියපු පොල් අතු බිස්නස් එකක් පටං ගත්තනං තට්ටු හතේ ගෙයක් ගහන්ඩ තිබ්බ ෂුවර් එකටම.මාමා ගානෙ බොන්න හම්බෙන හින්දා ඒකට වියදමක් යන්නෙත් නෑනෙ.ඔක්කොම සල්ලි ඉතුරුයි.පට්ට කවිය බං.ඇඬෙනවා.

DarkLight said...

එල කියන්නෙ ආය එලම තමා කියගන්න වචන නෑ,ඔයන0 best

Lahiru Siriwardhana said...

මචන් උඹ ඒකියන විදියකට සල්ලි තියලනවානම් තාරපීප්පයක් උනත් ෙගාඩ දානවා.උඹේ හොදවෙලාවට මේක ඇත්ත නොවුනේ

තරු said...

කට්ටිය විහිලුවට ගත්තට , ඔය හා සමාන ඇත්ත සිද්දියක් මම දන්නවා බන්..
මට නම් ගොඩක් දුකයි මේක දැක්කම..
ඒ කෙල්ල හිතන්න ඇත්තෙ උඹත් බර අත්තක් කියලා..
කවදාවත් දුප්පත් කෙල්ලෙක් , දුප්පත් කොල්ලෙක් ව දැන දැනම රවට්ටන්නෙ නැහැ.

Anonymous said...

බොට රා කට්ට දැක්ක ගමන් ඔකඳ වෙච්ච ඒව සේරම අමතක වුනා නේද බොල .. :D

මල්ලියා..
//ඇයයි මම හමු වුයේ තාර පාර මැද අනේ// මෙන්න මේක

"ඇයයි මමයි හමු වුයේ තාර පාර මැද අනේ" කියල වෙනස් කරමු.. මාත්‍රා ගාන සැට් වෙන්න..

තාරක Dilsh@n said...

එදා රා කලේට විදපු විදියට කෙල්ල බය වෙන්න ඇති, මූ හිටියොත් නම් තාත්තා රා විකුණනවා බොරු කියලා...

සීතල අයියා said...

හෆොයි!! නෝන්ඩි ගොඩායි...

Anonymous said...

වෙනදානම් කවියකින් පිළිතුරු දුන්නට මොකද...අදනම් එහෙම කරන්න හිතක් නෑ..ඒ තරන් හිතට දැනුනා ඇත්තක් වගේ...ඇත්තටම ඔහොම ජීවිත නැති වෙලා යනවා ඇති අවාසනාවන්ත විදියට..ආදරයයි සල්ලි කියන්නේ ජිවිතේ නැමැති කාසියේ දෙපැත්තද..?කියලා මට හිතුනා..

සිහින said...

මම හිතුව පරක්කු වෙද්දී මේ සැරේනම් කවියකින්ම හත ගහයි කියල.එල මචං.මොකද බං අර උබේ Word එක "ඔකඳ" පාට වෙනස් නොකර දැම්මේ.යකෝ ඔකඳ කියන්නේ උබේ ට්‍රේඩ් මාක් එකනේ.

මොනවා උනත් සල්ලි හින්දා අහිංසකයෙකුගේ,අහිංසකියකුගේ හිත බිඳින කෙල්ලෙක්ට හෝ කොල්ලෙක්ට ජීවිතේ කවද හරි ඒක විඳවන්න වෙනවා..

Unknown said...

හොද වෙලවාට අත්දැකීමක් නොවන බය කියලා තියෙන්නේ ;)

දිල් said...

මොනවා උනත් නියම පද පෙළ

හා පැටික්කි (MS) said...

අ‍නේ අ‍‍පොයි සඳරුවා
සිත නැඟි කව් පද ලියා
වැටුනු අමාරුව ‍සොදා
‍කොල්ලා දැන් ඔහු ‍වෙලා

ඇත්තට ඔය ‍කෙල්ල අතට ගුලිකර
දුන්න මුදල් එක්කර තැනුවානම් මාළිඟ
තට්ටු 7යි ‍ගෙයි උස සිමින් පූල් හැමටම
‍හ‍පොයි මුට්ටි දුටු කල වැට‍‍නෙ නැද්ද සිහියට

පවනි said...

පෝස්ට් එක නම් හොඳයි තමයි...
ඒ උනාට සල්ලි නිසා එහෙම කරන එක නම් ඒ තරම් හොඳ වැඩක් නෙමෙයි...
දිට්ඨධම්මවේදනීය කර්ම වෙනව....
:)

හැබැයි කවි ටික නම් "පට්ට"...

හිස් අහස said...

නචියා = අපෝ මචං මම නිසා කවදාවත් කෙල්ලක් වස බොන්නෑ මම නැති වුණ දාට උන් පාටි දානවා .. මේක මෙවුව එකක් පමනයි
.............................................................................................................................
@pasindu mihiranga =මෙවුව මේ සරල ගී බං ඔහේ වදන් අමුනලා තේරුමක් නැතිව ගහපු කවියක් මචං ස්තූතියි ඈ ගති කියලා කීවට
.............................................................................................................................
@පුංචි සුරංගනාවි = අප්පචියේ මේක මේ කවි සිතිවිල්ලක් සහෝදරී ස්තූතියි ඕං
.............................................................................................................................
@නදී = කවුද අප්පා දන්නේ මේ කොල්ලා දැනං ඉඳලා නෑ ඒ බවක් .
.............................................................................................................................
@Praසන්ன = ඒ මම නෙවෙයි අයියන්ඩි .. මේ වෙන තරුණයෙක් !
.............................................................................................................................
@Anonymous = කවියක් පමනයි ඇනෝ..ජයම වේවා කියලා ඔන්න මමත් පතනවා
.............................................................................................................................
@mahima = පිච්චියෙයිද බං ? ස්තූතියි ඈ
.............................................................................................................................
@Luckey = අපේ නැන්දා සැරයි නෙව එයා කැමති නෑ දුප්පත් කෙල්ලක් මම ගෙදරට ගේනවාට .. මේක කවියක් විතරයි ඕං .. හික්
.............................................................................................................................
@hansakinkini= මේං වැන්දා බුදු අක්කන්ඩි මේක කවියක් විතරයි මයෙ අම්මා !!
.............................................................................................................................
@වැප් = මම හත ගහන්නටම උපන්නෙමි ..! ස්තූතියි බස් පියානනි
.............................................................................................................................
@පන්සල් හංදිය = බෑ බැ ඒක දාන්නේ අන්තිමට උඹලට සොක් එක ගේන එකට මම කැමතියි මචං .. හිකිස්
.............................................................................................................................
@නවම් මාවත = එහෙම මාමෙක් මට එපා බං කොල්ලෝ හූ කියාවි !
.............................................................................................................................
@දුමී = හික් උඹට දිවැස් දියේද මන්දා බං . අපරාදේ මට පාටියට එන්න බැරි වුණා නෙව
.............................................................................................................................
@දේවාගේ අඩවිය = ස්තූතියි මචාං ..සොක් එක ආවද
.............................................................................................................................
@රස්තියාදු කාරයා = ලවු එක ආයේ බූස් ගාල යනවා .. ආදරේට බ්‍රේක් නෑ ජීවිතේට රිවස් නෑ !!
.............................................................................................................................
@Podi Kumarihami= තැන්කුයි අක්කේ අපි හමු වුණ තාර මැදම එයැයි මලා !! මේක අද්දැකීමක් විතරමයි අනේ
.............................................................................................................................
@පිසාචයා = ස්තූතියි මලේ
.............................................................................................................................
@පිස්සා පලාමල්ල = බෑනා වුණාම බෑ නොකියා ඉන්න එපෑය අයියන්ඩි ! වැරදුනා "සර්"
.............................................................................................................................
@Ravi = අපේ නැන්ද සැරයි ! ඒක නිසා මේවගේ දෙයක් මට ඇත්තටම වුණා එහෙම නම් මම කීයටවත් ගෙදර යන්නෑ මමයි වස බොන්නේ මචං
.............................................................................................................................
@RoshanHerath = ඒක නම් ඇත්ත මචං ..මේක චූටි කවියක් විතරයි

හිස් අහස said...

@බින්දි = ඒපාර මාව රබන් කාරයෙකුගේ තත්වෙට දාලා ! ..අප්පා මේක මට වෙච්ච එකක් නෙවි ! මේක අමුම අමු කවියක්
.............................................................................................................................
@බ්ලොග් ගඩොල් = ස්තූතියි මචං අමු කවියක් මේක
.............................................................................................................................
@බිගුසර = මේ මචං උඹ අම්පාරේ කොහේද බං ?
.............................................................................................................................
@priyantha = ප්‍රියාගේ කවියත් පට්ට ..ස්තූතියි මචං
.............................................................................................................................
@Kasun = අපොයි එහෙනම් මෙලහට මම පොලෝසියේ ! මම සමනලෙක් ඇඩෝව් අපි සිංහ පැට්ටු ! .(දැන් මුං මොනා අහයිද මන්දා )
.............................................................................................................................
@මලික් = ආ මලික් අයියා ! අඔන්න ඔහේ බස් එකේ එද්දී හිතට ආවා ගෙදර ඇවිදින් ලියා දැම්මා ස්තූතියි මචං
.............................................................................................................................
@ප්‍රසංග = ස්තූතියි ප්‍රසංග
.............................................................................................................................
@ඔබ්සර්වර් අයියා = අද කාලේ නැගලා යන බිස්නස් තමා එවුවා නේද අයියා ..ස්තූතියි ආවා ගියාට
.............................................................................................................................
@sameera = ස්තූතියි අයියා !
.............................................................................................................................
@මධුරංග = බුදු සන්තෝ මේක කවියක් විතරයි මට පොලීසි යන්න බෑ ..මෙහෙම දෙයක් මට වුණා නම් මම මැරෙනවා !
.............................................................................................................................
@වැම්පයර් = අම්මපා !! ස්තූතියි මචා
.............................................................................................................................
@කතන්දර = හෙක් හෙක් .. ටිකකට ඔබ්සර්වර් අයියන්ඩිගේ අදහස බලන්න මයෙ දෙයියා !
.............................................................................................................................
@Networkදිසා = අඩේ ඇත්ත එකක් ලීවා නම් උඹලා මාව හොයාන ඇවිත් මට ගහයි නේද ?
.............................................................................................................................
@දිනුක ජයකොඩි = අනේ මන්දා මචාලා උඹලා හිතුවද මන්දා මේක මගේ කුප්ප වැඩක් කියලා අපෝ නැතුවා ..මේක නිකං කවි ඩිංගක් .. ඉතින් ස්තූතියි ඇඬුවට ඈ
.............................................................................................................................
@DarkLight = ඔබට සැපනම් මට සතුටුයි !! මගේ මිත්‍රයා !! ඔය වචන මට හයියක්
.............................................................................................................................
@Lahiru Udayanga = මේක ටොම් පචයක් අයියා .. ජුංඩි කවියක් .
.............................................................................................................................
@Tharu = අඩේ මේක සිතිවිල්ලක් පමනයි ඔය කවියේ කොල්ලා නම් දුප්පත් සඳරු නම් මාර පෝසතා !! සල්ලිද යාන වාහනද සඳරුට අඩු නැතිව .. ආ මට පූල් එකකුත් තියේ ..ස්තූතියි මචං
.............................................................................................................................
@සපතේරු උන්නැහේ = අප්පා ඒක වැරදීමක් අයියා මමත් එහෙම තමා ලියන්න හිතාන හිටියේ වැරදිලා මයන්න මිස් වෙලා ස්තූතියි උපරිමෙන්ම තැන්කුයි උඩින්ම ..
.............................................................................................................................
@තාරක Dilsh@n= හැබැයි ඔක කවියේ කොල්ලා කොච්චර බීවත් වැටෙන්නෑ මචං

හිස් අහස said...

@සීතල අයියා = එහෙම කියන්ඩ එපා අයියේ !!
.............................................................................................................................
@අසනි = සල්ලි කොතනද අසනි එතන තියේ ආදරේ .. ආදරේ ලොකු වුණේ ඒකාලේ අද කාලේ වෙනස්
.............................................................................................................................
@සිහින = අඩේ මට අමතක වෙලා උන්නේ ඔන්න උඹ මතක් කලාට පස්සේ ඒක හරි ගැස්සුවා . ස්තූතියි ඈ ..
.............................................................................................................................
@ChammA = නැත්තං මුං මට හොයං ඇවිල්ලා ගහලා යාවි
.............................................................................................................................
@දිල් = ඔයා ලියන පස්ට් කවිත් එක්ක මේක සරල ගීයක් විතරයි අක්කා
.............................................................................................................................
@හා පැටික්කි = ආ හා පැටික්කි කවියක් ලියලා තියෙන්නේ .ඔය දීපු සල්ලි වලට මේ කවියේ උන්නු කොල්ලා බීලා අරක්කු ! බලහං ඉතින් නේද ? ඔන්න මම තීරණය කලා ඔයා කියාපු විදිහට අරමෙවුවා එකට ඉදිරිපත් වෙන්න .. මම දින්නොත් ගෞරවය ඔබටයි සහෝදරී
.............................................................................................................................
@පවනී= ඔය දිද්දිය මට වුණා නම් මම මැරෙනවා වහ කාලා සත්තයි අනේ ..ස්තූතියි ඔයාට

Dasun said...

පට්ටම කවි ටික සඳරු..හැමදාම වගේ උඹේ අදහසනම් උපරිමයි...

හා පැටික්කි (MS) said...

ඒවට මට අයිතියක් නෑ සඳරු. ඔයා ඉඳිරිපත් ‍නොවු‍නොත් අපි හැ‍මෝටම පාඩුවක්. අනික ඔයා‍ගේ ඉදිරිපත් ‍නොවීම ගැන උනත් කට්ටිය දුක් ‍වෙයි. ඒ නිසා ‍හොඳ තීරණයක්.......

‍මෙච්චර ‍හොඳට ලියන්න පුලුවන් ‍කෙ‍නෙක් ‍වෙලත් හැ‍මෝම ආද‍රේ කරන යන එන තැනක් ‍වෙලත් හැංගිලා ඉන්න එපා සඳරු.....

‍ඩෝන්ට් පබිලිස් ඇ. මට ඔයා‍ගේ ‍මේලක් නෑ‍නේ ඉතින් කියන්න තියන හැම උලව්වම ‍මෙතන ලියලා ‍ඩෝන් ‍ඩෝන් ගානවා. :D

හිස් අහස said...

@නිර්මල = ජය වේවා මචං .. උඹ ඉතින් කවදත් මම ලියන ඒවා බලලා මට හයියක් වෙන එකා නේ

@පබිලිස් නොකල කමෙන්ටුව = මෙන්න මගේ ඊ තැපෑල hisahasa@gmail.com

Lalit Udawela said...

කොහොමද අන්තිම කවි 2 මෙහෙම උනානම්..හික්..හික්..


මාව දැක්ක තැන කෙල්ලට හුස්ම ටිකත් හිර වුණී..
කපා හෙලපු ගසක් ලෙසට ඇය මිදුලේ ඇද වැටුණී..
මාමන්ඩිගෙ රා මුට්ටිය ගහ උඩ සිට අත හැරිණී..
මේ ඔක්කොම දැක ඉන්නව මං තුෂ්නිම් භූත වී..

ආපු ගමන් ඇදට වැටුන හිතමින් හෙට දවස..
පහුවදාම පාන්දරින් ගොඩ වුන පොඩි ගෙපැලට..
එක්ක ගියා මගේ පැලට වේල් නැතුව මනමාලී..
උත්සහයෙන් අපි හදුවා කොම්පියුටර් පංතියක්..

කැස්පර් said...

meka aththa seen ekakda ?

Unknown said...

නියම කවි ටික.....

cjgayan said...

පට්ට කවි ටික, මොනා උනත් අන්තිම්ට හරි දුක්බරයි. මෙක ඇත්ත සිදුවිමක් නොවුනට මෙහෙම ඒව නොවෙනවා නෙමෙයි. කොහොම උනත් දිගටම ලියන්න සුභ පැතුම්.

කැමීලියා said...

සිතුවිල්ලක් කිව්වට මොකද මට නම් ෂුවර් නෑ..
මොකද රා කට්ටටත් විදලනේ..
මොනා වුනත් පට්ටයි සඳරු නියම පද ගැලපීම.

Abeetha Edirisinghe said...

වහ බීපු කථාව විතරනෙ මල්ලි වැරදි.. නේද පැටියෝ...

ජීවිතේ මල් said...

:-) සඳරුවෝ... උපරිමයි කවි ටික...

නියම ලිවීමේ දක්ශයෙක් උභ නම් !!!!!!!!!!

ජය !

තරු said...

///@පොඩි කුමාරිහාමි = තැන්කුයි අක්කේ අපි හමු වුණ තාර මැදම එයැයි මලා !! මේක අද්දැකීමක් විතරමයි අනේ ///

මේ මොකක්ද බන්...අත්දැකීමක් කියන්නෙ ඇත්තටම වෙච්ච දෙයක් නෙ.

තරිඳු said...

එල එල........

චතුවා said...

හොඳ වෙලාවට සිතුවිල්ලක් වුනේ.. නැත්තං බඩුම තමා.. :D

පිණිබිඳු... said...

"ඇයයි මමයි හමු වුයේ තාර පාර මැද අනේ"
ඈ බං තාර පාර මැද්දෙ අහවල් එකක් කරාද බොල. වාහනයක් ආව නම් ස්ටිකර් වෙලා ඉඳියි මුන් දෙන්නම අත් අල්ලගෙන.

සිතුවිලි නිහඬයි said...

අම්මේ...සඳරු..කවි ටිකනම් ඇත්තටම වෙච්ච දෙයක් වගේ...තරහවෙ බැරුව හිටියේ ඔය කොල්ල එක්ක....මොන උනත් කෙල්ල පොල් අතු වියලා හම්බ කරන තුට්ටු දෙකනේ ඔය කොල්ල අතට ගෙනත් දුන්නේ.....එහෙව් කරපු කෙල්ලව, තත්වේ දැක්ක ගමන් අමතක කරන්න හැදුවේ ඇත්තටම ආදරේ නොකළ නිසානේ....
පව් වැඩේ

Anonymous said...

"තාත්ත උස් තැනක තමයි ජොබ් එක නම් කරන්නේ"
"අම්ම කළා කෘති හදමින් කාලය ගත කරන්නේ"

කෙල්ල ඇත්ත කියලා තියෙනවා නේ..... අත ඇරිය එක වැරදී. අපරාදේ තරුණ ජීවිතේ..........

ලස්සනට ලියලා තියෙනවා. හිතට දැනෙන කවි ටික....

පවනි said...

අන්න ඒකනෙ බං.... අපිට කවදාවත්ම ඔහොම වෙන්න නෑනෙ බං.... අපෙත් චුට්ටක් විතර show off එක තිබුනට ඔය තරම් නැහැනෙ බං...

පොත් ගුල්ලා said...

හරි අපූරුයි!
අනේ අන්තිමට ඛේදවාචකයක්නේ!
බොහොම විනෝද ජනක විදිහට කතාව කියල අවසානයට හිතන්ඩ දේකුත් ඉතුරු කළා.
සඳරු මල්ලි බොහොම දක්ෂයි.

Dinesh said...

සදරුවෝ කවි ටිකනම් උපරිමයි... කියන්න වචන නෑ.. හොද වෙලාවට අන්තිමට " සිතිවිල්ලක් පමණි " කියලා දැම්මේ.. නැත්තන් ඇත්තමයි මම හිතුවේ මලයට ආයෙත් උන අකරතැබ්බයක් කියලා.. සල්ලි තියෙන මෙහෙම කෙල්ලෙක් යාළු කර ගන්නවට වඩා හොදයි බං තනිකඩව මැරෙනවා...

පැණි දොඩම් said...

ෆට්ටම තමයි සඳරුවෝ... ඒත් අපරාදෙ බං කෙල්ලව මරල දැම්මෙ.

සරත් ලංකාප්‍රිය said...

ඔහොම උනුත් ඇති හැබය් ඒ උඹ නම් වෙන්න බැහැ..

රස්තියාදු කාරය.. said...

@පවනි පට්ට බං.. හික් හික්.. ඇයි බං උබ මේ අහිංසකයට බං බොලන් කියන්නේ බං...
උබ නම් මර කෙල්ලෙක් බං...!
අපේ පයලයන් බං... යන්න බං.. හික් හික්
ජොලියට කිව්වේ බං.. ගණන් ගන්න එපා බං..!
මොඅනවා උනත් උබ එල කිරි බං..

චතුර.... said...

ආ වෙලාවට, මන් හිතුවා උඹ ආයෙත් ඔකඳ වෙලා කියලා වෙනදා වගේ..

හිස් අහස said...

@Lalit Udawela = පට්ට කවි ටික ඒත් ඕක ලියලා මේ බ්ලොග් එක බොසාට අහුවුණා නම් එහෙම මාව ජොබ් එකෙන් දොට්ට දානවා මචං . "කොම්පීතර ප්න්ති දාන්න තෝ කොහෙද මාත් එක්ක" කියල
.............................................................................................................................
@නිසුපා = තැන්කුයි නිසූ
.............................................................................................................................
@cjgayan = ස්තූතියි මචං මේවගේ දෙයක් ලෝකේ කොහේ හරි වෙලා ඇති නේද ?
.............................................................................................................................
@කැමීලියා = නෑ නෑ මේක අසත්‍යයි සත්තම් පල්ල !!
.............................................................................................................................
@අභීත = පිලිතුරු දීමෙන් වැලකී සිටිමි ..!
.............................................................................................................................
@ජීවිතේ මල් = ස්තූතියි අක්කඩි ..ඔයා තරම් දක්‍ෂ නැත මම
.............................................................................................................................
@Tharu = වැරදුණා වැරදුණා සිතිවිල්ලක් විතරයි අනේ
.............................................................................................................................
@tk Photos = ස්තූතියි මචෝ
.............................................................................................................................
@චතුවා (ළමයා) = ඇත්තටම වුණා නම් බඩු බනිස්
.............................................................................................................................
@පිණිබිඳු= හිකිස් ..ඔයා හිතලා තියන දුර මගේ ඇඟේ හැප්පෙන්න වාහනත් බයයි .
.............................................................................................................................
@සිතුවිලි නිහඬයි = සහතික ඇත්ත ඔය කවියේ කොල්ලා මම නම් මම කෙල්ලව බඳිනවා හනි මුන් එකට පසු දින රාත්‍රියේ මම දිවි නසා ගන්නවා ..
.............................................................................................................................
@මහි = ඒවුණාට මහී කොල්ලා හිතලා තියෙන්නේ හෙන පෝසත් ෆැමිලිය කීයාලා නෙව . ඌට සොක් එක වගේ එන්ඩැති
.............................................................................................................................
@පවනි = සෝ ඕෆ් එක කීවේ ? මගේ කඩ්ඩ මදි
.............................................................................................................................
@පොත් ගුල්ලා = ස්තූතියි අයියා මම දක්‍ෂයි කියලා අම්මා විතරයි කියන්නේ
.............................................................................................................................
@Dinesh = අයියා සල්ලි කොතනද හැම දෙයක්ම එතනයි ! ආදරයත් සල්ලි වලට ගතහෑකි ..මම නෙවේ මගේ බොස් කියන්නේ එහෙම
.............................................................................................................................
@පැණි දොඩම් = මම මැරුවේ නෑ ඒකි ජීවිතේ නැති කරගත්තා නෙව අයියා !
.............................................................................................................................
@සරත් ලංකාප්‍රිය = අන්න මගේ බොක්ක උඹ දන්නවා නේ මං ගැන
.............................................................................................................................
@රස්තියාදු කාරය = අනේද කීන්නේ
.............................................................................................................................
@චතුර = නෑ මේ වෙන බුවෙක් ඔකඳ වෙලා !!

Gimhani said...

නියම කවි ටික. අන්තිමේ කෙල්ල වහ බීපු එක තමයි දුක

``` Outsider``` said...

මමත් හිතන් ඉන්නෙ පොල් අතු වියන්න යන්න. :)

කවි ටික‍ ෂෝක්...

Anonymous said...

සිරා මචං....

සාතන් said...

අද තමයි මේ පැත්තට එන්න නිවාඩුවක් ලැබුනෙ... මම මේ පෝස්ටුව ගැන මොකුත්ම කියන්නෙ නෑ ඕන්... :)

ශශී said...

ලෙසටම ලියලා තියෙනවා බං

Nishantha Lakmal said...

ඇත්තටම කවි ටික නම් මාරම ලස්සනයි. එළිසමය එහෙම හොදට ගලපලා තියෙනවා. ඇත්තට ඔයාට මාර හැකියාවක් තියෙනවා සදරු...ඒකෙන් අනිත් අයට හොද රසාස්වාදයක් දෙන්නත් ඔයා හරිම දක්ෂයි....සතුටුයි මිත්‍රයා....

දුකා said...

පික්සු හැදෙනවා බන් . .. . පට්ට සුපිරි . . .

TG said...

Never Marry a Woman for Money :)
It is Always Cheap to get a Bank Loan :)

සිත්රූ සිහින said...

කෙල්ල පොල් අතුවියලා හම්බ ක‍රන සල්ලි කොල්ලට දුන්නෙ කොල්ලට තියෙන ආදරේ නිසා.ඒක තේරුම් ගන්න බැරි වුන කොල්ලා තමයි වැරදි..ඒ කෙල්ලගෙ දුප්පත් කම ලග ඇයි එච්චර මහාලොකූ ආදරයක් අමතක වුනේ..පව් ඒ කෙල්ල..

අලුත් කොල්ලා | The New Guy said...

සඳරුවා මරු කවි ටික ඈ

පවනි said...

ෂෝ ඕෆ් කිවුවෙ පුරාජේරුව බං...
හීනියට ස්ට්‍රෝන්ග් ටින් එකක් ගහල පොඩ්ඩක් බොක්ක එලියට දාල කතා කොලාට බං ඔය කෙල්ල කළා වගේ දෙයක් අපි නම් කවදාවත්ම කරන්නෙ නැහැනෙ බං...
:)

Hasitha Gunasinghe said...

කොල්ලා හැම මාසෙම posts 7 යි නේද ලියන්නේ :))

Unknown said...

එළ කවි ටික ඈ....අත්දැකීමක් වගේ නිකං...

Anonymous said...

parana sinduwak mathak una ban.'mage pasal kalaya sihiwenawane hama dine......end;Kumari marilaya athu pale' (Raviya)

Post a Comment

තැන්කූ බං