එදා බදාදා දවසක් ! මම නැගිට්ටේ උදේ හතට විතර .
සතියටම ලැබෙන එකම එක නිවාඩු දිනය වෙච්ච බදාදා දවසට මම පුදුම විදිහට ආදරෙයි .! වෙන බදාදා දින වල නම් මම දවල් 12 විතර වෙනකම් නිදාගන්නවා . ඒත් ඊයේ රෑ ඉඳලම පපුවේ ඇතුළේ කැලතෙමින් තිබුණු එක කාලකණ්ණි සිදුවීමක් නිතර නිතර මතකයට ආපු නිසා මම නිඳාගත්තේ කිසිම පිරියකින් නෙවෙයි . රෑ තිස්සේ ඒ ගැන හිතමින් ඇඳේ එහාට මෙහාට පෙරළෙමින් හිටි මට යන්තමට නින්ද ගියේ පාන්දර ජාමේ කිට්ටුවෙනකොට ..
මොකද මගේ නින්දට වෙලා තියෙන්නේ ? වෙලා තියන දේ නම් මම හොඳටම දන්නවා ..! මගේ නින්ද කෙල්ලක් විසින් අරගෙන ගිහිල්ලා ..දැන් ඉතින් නිදහසේ ලිය ලියා හිටපු කාලේ ඉවරයි.!
ෆෝන් එකට කොයි මොහොතෙත් එන කෙටි පණිවිඩ , ඒ අතරේ වදින මිස් කෝල් ,ඇහෙන ආදර වදන්, නාහෙන් ඇඬිලි මේ සේරම මට නිකම් මල වදයක් වගේ !! .."ආයෙත් අර නිදහස් තනිකඩ ජීවිතය හොයාගෙන යමුද ?” කියලා හිත මගෙන් කීප වතාවක්ම ඇහුවත් අයේ හැරීමක් නෑනේ හැමදාම තනියම ඉන්නත් බෑනේ ..!
ඇඳේ බාගෙට හාන්සි වෙලා ඉන්න ගමන්ම මම මේ කතාව හිත ඇතුළෙන් එලියට ගන්න පටන් ගත්තා ..
පහුගිය දවසක හැන්දෑවේ හය හමාරට විතර මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා ..එහා පැත්තෙන් කතා කෙරුවේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ..
"හලෝ සඳරු ..”
"ඇයි මයෙ අම්ම ..?”
"හලෝ හලෝ සඳරු ..මට ඇහෙන්නැ !!”
"ඇයි බං !!! ?”
"ඔයා හරි නරකයි මට බං කීවා !”
"ඉතින් මම ඉස්කෝලේ යන කාලෙ ඉඳලානේ ඔයාට බං කීවේ ..!”
"ඒ වුණාට දැන් වෙනස් ..ආයේ මට උඹ බං බොලං කියලා කතා කරන්න එපා ඔන්න ..”
"හ්ම් ..”
ඊට පස්සේ එයා ලොකූ හුස්මක් ඉහලට ගත්තා .!

මම කෙල්ලෝ ගැන හොඳට දන්නවා. කෙල්ලෙක් ලොකු හුස්මක් ගත්තා කියන්නේ කොල්ලට මොනවා හරි දුකක් ගින්දරක් දෙන්නයි ඒ හදන්නේ !
"සඳරු ඔයා හෙට අපේ ගෙදර එන්න ඕනි ..”
" එහෙනම් ෂුවර් එකට හෙට ගෙදර අය කවුරුත් නැතුව ඇති”
"නෑ මෝඩයෝ .නෑ..! ගෙදර හැමෝම ඉන්නවා හෙට ..”
"එහෙනම් මොන කෙංගෙඩියකටද මට කතා කළේ ?”
"මම ඔයා ගැන ගෙදර හැමෝටම කිවුවා අපේ ගෙදර අයට ඔයාව බලන්න ඔනලු ! ඔයා එක්ක කතා කරලා තීරණයක් ගන්න ඕනලු ..!”
"අපෝ මට බෑ. මම ඕන නම් අම්මව එවන්නම් ..!”
"ඔයා ආවේ නැත්තම් ආයේ මගෙත් එක්ක කතා කරන්න එපා ..”
බීප්....බීප් බීප්...........ෆෝන් එක කට් වුණා ..

ඔය කෝල් එක ඉවර වුණාට පස්සේ මගේ යටි බඩ රිදෙන්න ගත්තා .මම අත්දැකීමෙන්ම දන්න දෙයක් තමයි මම හොඳටම කලබල වුණාම, බය වුණාම මගේ යටි බඩ හොඳටම රිදෙන්න ගන්න බව .
ආදරේ හිඟා කකා කෙල්ලෙකුගේ පස්සෙන් බඩ ගාලා පදිරි වෙන එක මට ගේමක් නෑ.!, අන්තිමේට කෙල්ලව මූණටම මුරිච්චි වෙලා "කෙල්ලේ මම උඹට ආදරෙයි " කියලා කියන්නත් මම පොඩ්ඩක්වත් බය නෑ . ඒත් පළවෙනි වතාවට කෙල්ලගේ ගෙදර යන්න මම බයද ? ඔවු..! කෙල්ලගේ ගෙදර යන්න නම් මම ගූ බයයි ..!
මුල් වතාවට කෙල්ලගේ ගෙදර යාම කොයි කාට ලේසි වුණත් මට නම් මේක සෑහෙන ලොකු අභියෝගයක් .හරි හමං ජොබක් තිබ්බා නම්, කෙල්ලගේ ගෙදර යන්න වාහනයක් තිබ්බා නම්,මගේ මේ ඔළුව උඩත් උපාධි තොප්පියක් තිබ්බා නම් ..! හ්ම් එහෙනම් මමත් පොරක් !.. එහෙනම් දෙවියනේ කෙල්ලගේ ගෙදර මංගච්චන එක මටත් මහ වැඩක් නෙවේ ..
හ්ම්... ඔය කියාපු දේවල් වලින් එකක් හරි මගේ ගාව තිබුණා නම් කෙල්ලගේ ගෙදරට යනකොට මගේ පා දෝවනය කරලා , සුදු පාවඩ එළලා , මාව ගේ ඇතුළට එක්කර ගෙන යන කෙල්ලගේ දෙමවුපියෝ "මෙන්න පුතේ ඉඳා ගනිං" කියලා කෙල්ලගේ අත මට සින්නකරේටම ලියලා දේවි ..ඒත් අත පය හතරයි යන්තම් ජුංඩි ජොබ් කෑල්ලකුයි හිමි මට කෙල්ලව බිලි දෙන්න ඒ දෙමවුපියෝ කැමති වේවිද ?
මට ආපහු හැරෙන්න බෑ ..! කොහොම හරි කෙල්ලගේ ගෙදරට යන්නම වෙනවා .නොගියොත් . කෙල්ල මා එක්ක තරහා වෙනවා , ගියොත් කෙල්ලව සුවර් එකටම මට නැති වෙනවා .ලෝක කුසලාන අවසාන තරඟේ පටන් ගන්න කලින් කුමාර් සංගක්කාර මුහුන දීලා හිටියේ එක්කෝ දිනන්න , එක්කෝ පරදින්න . ඒත් මම ? ගියත් පරාදයි නැතත් පරාදයි ..
"පුතා උඹට හරියන්නේ දෑතේ දෙපයේ වැඩ විතරමයි”
.කිරි ගහට ඇන්නා වාගේ සාස්තර කියන රොබට් අංකල් දවසක් මයෙ අත බලලා කියාපු සාස්තරේ මට ආයේ ආයේ මතකෙට ආවා .
"දෑතෙ දෙපයේ වැඩ..? ඒ කියන්නේ කුලී වැඩද ? .”
මම එහෙම අහපු වෙලාවේ රොබට් අංකල් බුලත් කෙළ පාරක් අහකට ගහලා මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නැතිව ආපහු හැරිලා යන්න ගියා .එදා ඉඳන් මම මේ ගැන දහස් වාරයක් හිතුවා .අද වෙනකොට මට හිතෙනවා රොබට් අංකල්ගේ සාස්තරේ හරි යාගෙන එනවා කියලා ..
ඊළඟ බදාදා මම උදෙන්ම අවදි වෙලා .දුම් වැදිච්ච දත් කූට්ටම මදින්න ගත්තේ බුරුසුවට ටිකක් වැඩිපුර දන්තාලේපත් එකතු කරලයි ..ටිකක් වැඩිපුර සබන් ටිකකුත් මූණේ ගාලා මම වෙනදාට වඩා හොඳට රැවුලත් කපා ගත්තා .
මම යන ගමන දැනගෙන හිටපු මගේ නැන්දා . මට ගෙයිං එළියට බහින්න සුබ වෙලාවකුත් බලාගෙන ඇවිල්ලා තිබුණා. ඒ විතරක් නෙවේ නැන්දා වත්ත පහළට ගිහිං පරණ වැසිකිළි වළේ අයිනක වැවිලා තිබුණු වතුසුදු මල් ගහෙන් ලොකු මල් වගයක් කඩලා වතුර වීරුවකට දාලා මම එළියට බහිනකොටම පොවන්නත් රෙඩි වෙලා හිටියා ..

අම්මා රෑ තිස්සේ පොල් තෙල් පාරක් ගාලා ඔප දමලා තිබුණු සපත්තු දෙක මම මගේ කකුල් දෙකටම දාගන්න අතරේදී නැන්දා මට කෙල්ලගේ දෙමවුපියෝ ඉදිරියේ හැසිරෙන්න ඕන ක්‍රම ගැන පැහැදිලි කරන්න පටන්ගත්තා ..
"සඳරු උඹ කෙල්ලගේ ගෙදෙට්ට පය ගහපු ගමන්ම ..පොඩ්ඩක් ෆ්ෆ්.! ගාල ෂර්ට් එක ඇතුළට පිඹහන් නිකං රස්නෙයි වගේ පෙන්වන්න ඕන එතකොට ඒ ගෙදර ලොකු උන් හිතනවා උඹ හොඳ සැප පවුලක හැදුණු එකෙක් කියලා ..”
"සඳරු උඹ කෙල්ලගේ ගෙදෙට්ට පය ගහපු ගමන්ම ..පොඩ්ඩක් ෆ්ෆ්.! ගාල ෂර්ට් එක ඇතුළට පිඹහන් නිකං රස්නෙයි වගේ පෙන්වන්න ඕන එතකොට ඒ ගෙදර ලොකු උන් හිතනවා උඹ හොඳ සැප පවුලක හැදුණු එකෙක් කියලා ..”
හා නැන්දි මම එහෙම කරන්නම් ..!
"කෙල්ලගේ තාත්තා උඹගෙන් අහන උත්තර වලට බොහෝම පරිස්සමෙන් උත්තර දියං ..! උඹගේ කොලිපිකේසන් ගැන ඇහැවුවොත් උඹ කියාපන් . මම කැම්පස් තේරුණා අම්මයි නංගිවයි තනියෙන් දාලා යන්න බැරි නිසා නොගිහිං හිටියා කියලා ..! හරිද ?”
ඒක නම් කරන්න බෑ නැන්දි ..!
"ඇයි බැරි ..?”
"කෙල්ල හිටියේ මගේ පන්තියේ නේ .. අනික මාව ඉස්කෝලෙන් දොට්ට දාපු විත්තියත් ඒකි දන්නවා නේ. ඉතින් ඒකි ඉස්සරහා පච කෙළින්න මට ලැජ්ජයි නැන්දි..”
"ඒකත් එහෙමද ? එහෙනම් උඹ කියාපන් උඹ බාහිරව කොම්පීතර උපාධියක් කලා කියලා ..වැඩේ ඉවරයි .”
"හා නැන්දි මම ඒහෙම කියන්නම් .”
"උඹට ගොඩිං අක්කර පනහයි මඩින් අක්කර පනහයි තියනවා කියපන් ..තව .මේ ලොකු ගෙදරත් ලියවෙන්නේ උඹගේ නමට කියලා කියපන් ..මොකද උඹ හිනා වෙන්නේ ?”
නැන්දා කියාපු දේවල් ඇහිලා මට තනියම හිනහා ගියා ..මටවත් අයිති නැති මගේ සීයගේ පුංචි ගෙදර එයාට සාගරයක් වගේලු .කූඹියෙකුට වතුර බින්ඳුවත් මහා සාගරයක් වගේ කියලා කියනවා නේ ..!
නැන්දා ආයෙමත් උපදෙස් මාලාව ඉදිරිපත් කරන්න පටන්ගත්තා ..
"සඳරු කෙල්ලගේ ගෙදර මහ මිනිස්සු උඹට දවල්ට කාලා යන්න ඉන්න කීවොත් .. බෑ බෑ කියන්න එපා එතකොට ලොකු කම කියලා හිතයි . හැබැයි පුතෝ..! උඹ ගෙදරදී කනවා වාගේ මහා අලි බත් පතක් කන්න ලේස්ති වෙනවා එහෙම නෙවේ ! උඹ කන්නේ බත් හැන්දයි ..දෙවනි ඇඟිලි පුරුකට උඩින් බත් ඇටයක් වත් ගෑවෙන්න බෑ හරිද ?”
ඔවු නැන්දි ඕ.. ඕ
නැන්දා කියන දේවල් වලට මට හිනහා යන්න ආවත් මම පුදුම අමාරුවකින් ඒ හිනහව නවත්තගෙන හිටියා .මගේ යහපත ගැන හිතන මේ ගෑනිව අමනාප කරගෙන බෑ නේ ..!
සපත්තු දෙකම දාලා කොණ්ඩේ පීරලා කේක් ගෙඩියකුත් අරගෙන මමත් වැදගත් මනුස්සයෙක් වගේ කෙල්ලගේ ගෙදර බලා යන්න එළියට බැස්සා ..
"සඳරු ඔහොම ඉන්නවා !!”
නැන්දාගේ කටහඬට මම උඩ විසි වුණා ..
"බලහං උඹගේ තොල් වල කලු.! උඹ කරන කියන දේවල් හරි අපූරුවට උඹගේ මූණෙන් පේනවා ..ඔහොම ඉඳින් මම පොඩි එකීගේ ලිපිස්ටික් එක ගෙනල්ලා උඹගේ තොල් රතු පාට කරනකම් .”
එහෙම කියාපු නැන්දා ගේ ඇතුළට රිංගුවේ නඟාගේ මේකප් සැට් එක ගේන්න හිතාගෙන ..ඒත් ඊට කලින් මම ඉස්සර වුණා . වේගයෙන් පාරට දුවපු මම නතර වුණේ බස් හෝල්ට එක ළඟටම ගියාට පස්සෙයි .. ඈතින් බස් එකක් එනවා ..
පැය භාගයක විතර බස් ගමනකින් පස්සේ මම හිටියේ මගේ කෙළි පොඩ්ඩගේ ගෙදර ඉස්සරහා මිදුලේ. අපරාදේ කියන්න බෑ කඩුල්ල ලඟ ඉඳන් කෝල් එකක් දුන්නාම කෙල්ල කඩිමුඩියේ නින්දෙන් නැගිටලා නයිටිය පිටින්ම දුවගෙන ආවා ..ඒත් ඒ දුවගෙන ආවේ මාව පිළිගන්න නොවන වග මට තේරුණේ මොහොතක් ගියාට පස්සෙ .
"අනේ තෑගිත් ගෙනල්ලා..! ඇයි මේ තෑගි උස්සං ආවේ ?
අප්පෝ කේක්ද ?” එහෙම කියලා නාහේ අකුල ගන්න ගමන් එයා එපා වාහෙට හොදි බෙදන්නා වාගේ කඩුල්ලේ පොලු එකින් එක අයින් කලා .. මමත් මගේ ඇඟේ පතේ තිබුණු සේරම හයිය කකුල් දෙකට දීලා කෙල්ලගේ පිටිපස්සෙන් ගේ ඇතුළට ගමන් කලා .
කඩුල්ල ළඟ ඉඳලා ගේ ඇතුළට යන්න තිබුණු ඒ මීටර කීපය මම ගමන් කළේ මාස ගාණක් කෑම නොකා හාමත් වෙලා දුරුවල වෙච්ච වයසක මිනිහෙක් සිරීපාදේ කන්ද තරණය කරනවා වගේමයි ..ගේ ඇතුළට ගියාම මේ දෙමවුපිය යුවළ මාව කොයි විදිහට ඉන්ටවු කරාවිද ? මම පළමු වටයෙන්ම ඉවතට විසිවේවිද ?

"ආ එන්න පුතා ඇතුළට..! වාඩි වෙන්න..! දූ ගිහිං අප්පච්චිට එන්න කියන්න ..”
මාව මුලින්ම දැක්කේ කෙල්ලගේ අම්මණ්ඩිව ..ටිකක් කෙට්ටු, ගැමි පෙනුමක් තිබිච්ච සාමාන්‍ය ගෑනු කෙනෙක් .වැඩිය සැර පරුස පෙනුමක් නම් එයාගෙන් දිස් වුණේ නෑ !
"නැන්දම්මා නම් අවුලක් නෑ වගේ..!” මමත් ඉතින් හිත හදා ගත්තා ..!
කෙල්ලගේ තාත්තා මගෙත් එක්ක පැයක් විතර රටේ ලෝකේ සිද්ධ වෙන දේවල් ගැන කතා කලා .! අලි ප්රශ්නය, කුඹුරු වැඩ , පෑවිල්ල , දූවිල්ල , උද්ධමනය, භෞමික අඛණ්ඩතාවය. මෙන්න මේ වගේ වැදගත් මාතෘකා කීපයක් අපි කතා කරමින් හිටියා .මගෙත් හිතට සතුටුයි .මම හිතාපු තරම් වැඩේ නරක වුණේ නෑ නෙව.! අන්තිමේදී බත් කටකුත් කාලම මම මගේ කෙල්ලගේ ගෙදරින් පිටවෙලා යන්න එළියට බැස්සා ..!
ඔන්න ඔය වෙලාවේදී කෙල්ලගේ අප්පචි මහ අමුතුම කතාවක් කිවුවා ..!
"පුතා ඔයා ගැන ගොඩක් විස්තර මම හොයලයි තියෙන්නේ ? ඔයා ගැන මිනිස්සු බොහොම ලස්සන කතන්දර ටිකක් කිවුවා .වැඩි හරියක්ම කීවේ ඔයාගේ වැරදි .මිනිස්සු වැරදි කරනවා තමයි ඒත් හැමදාම වැරදි කර කරම ඉන්න ඕන නෑ නේ. තමන්ගේ වැරදි හදාගන්න .මගේ දුව කීයටවත් මගේ වචනෙට පිටින් යන්නේ නෑ ..! ඔයා ඕන වෙලාවක මෙහේ ඇවිත් යන්න . නමුත් ඔයාට මගේ දුවව දෙන්න කලින් මම නිතරම ඔයා ගැන හොයා බලනවා ..මම ඔයාට ටික කාලයක් දෙන්නම් හැදෙන්න. බලන්න ! වයස 22ක කොල්ලෙකුට ජීවිතේ හදාගන්න තව ඕන තරම් කල් තියනවා නේද ? ”
මමත් වැඩිය කතා බතා වලට නොගිහින් ඔළුව වනලා හෙමිහිට ගෙයින් එළියට බැස්සා .මේක මම බලා පොරොත්තුවෙන් හිටි දෙයක්. ඒක නිසා මේ වගේ දෙයක් සිදු වුණු එක ගැන මගේ හිතේ යන්තම්වත් දුකක් වේදනාවක් නෑ . ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මම හැදෙන්නේ කොහොමද කියන එක .ඒක මම වත් දන්නෑ .කොහොම වෙතත් කෙල්ලගේ මහ උන්දෑගේ කතාව මගේ බොක්කටම වැදුණා කලින් දවසේ පිරිලා තිබුණු මගේ හිත දැන් ඉතින් මහා ලොකු අඳුරකින් යට වෙලා .
එදා හැන්දෑවේ හයට විතර කුණු ඇල ළඟ සියඹලා ගහ යටට වෙලා කූල් බියර් ටින් එකක රස බලන ගමන් මම කල්පනා කලේ මොනවද මම කරලා තියන වැරදි කියලයි .පැයක් විතර මට නොදැනීම ගෙවිලා ගියත් බියර් ටින් එක හිස් වෙලා චප්ප වෙලා ගියත් මට ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න නම් බැරි වුණා .
කුණු ඇල ගාව මදුරු සේනාව මාව වට කරගත්තු නිසා මම ආයෙමත් ගෙවල් පැත්තට ගෑටුවා . ඔන්න ඔය අතරේ මගේ ෆෝන් එක දෙදරන්න පටන්ගත්තා ..!
"හලෝ ..!”
"සඳරු ඔයා තාත්ති කියාපු ඒවට මගෙත් එක්ක තරහද ?”
"න්න්..නෑ ..!”
"නැති වෙන්න බෑ !”
"ඔයා මගෙත් එක්ක පැනලා එන්න වුණත් කැමතිද ?” හිතේ තිබුණු එකම ප්‍රශ්නේ මම පරක්කු නොකරම එළියට දැම්මා
ලොකු නිහැඬියාවකට පස්සේ. . . . . . . . . . . ."හ්ම්....”
"එහෙනම් එච්චරයි මම ඔයාගේ අප්පච්චි කියපුවා අබමල් රේණුවක තරම්වත් හිතට ගන්නෑ ..!”
මම ෆෝන් එක කට් කලා ..!
ප.ලි . මදෑ සිංහල බ්ලොග් කාරයෝ සේරටෝටම කියලා වෙඩිමක් කන්න හිටියා ..!
142 comments:
මොනා උනත් කෙල්ල කැමති නම් ඉතින් එච්චරයිනේ...
පැනල ගියත් ඉතින් වෙඩිමක් දෙනව නම් දෙන්න බැරිත් නෑ සදරු අයියේ..හී..!!!
මදැයි මගුලක් කන්න හිටපු චාන්ස් එක...:(
පොඩ් ප්‍රශ්නයක් තියෙනවා අන්තිමට අහපු ප්‍රශ්නෙට දීපු උත්තරේ එක්ක ලොකු හුස්මක් ගත්තද කියන එක ?
යකෝ.. මේ ටික දවසට උඹ කරල තියෙන දේවල්...
ෆට්ටයි ඈ......
උඹේ ලිවිල්ල තමයි බන් ලිවිල්ල...
මුලින්ම තිබුන දෙබස නිකන් මතකයි මතකයි වගේ... අර බන් කියන්න එපා එක... ඔය විදිහටම මාත් ඔය දෙබස් ටික රගපෑවද කොහෙද.. ;)
කොහොමත් මිනිස්සු අපි වගේ උන් ගැන ලස්සන කතන්දර තමයි කියන්නෙ... ඕව ගනන් ගන්න එපා...
හැබැයි පුතෝ පැනල යන එක හරි කියපන්...
මේ මේ සඳරු කොල්ලෝ.... ඔය "හ්ම්" කියන උත්තරේ එච්චර සිරාවට ගන්නවා හෙම නෙවෙයි! කෙල්ලෝ කියනකොට නං ඔහොමයි, කරනකොට තමයි බලන්න ඕනෑ...
මචං සඳරූ.. උඹ ඉන්නෙ ජීවිතේ සංධිස්තානයක. මට හොදටම තේරෙනවා මාමණ්ඩි කියපු දේ. කෙල්ලගෙ තීරනේ ගැන සතුටුයි. ඒත් මචං වෙන කරන්නම දෙයක් නැත්නම් විතරක් ඒ ගැන හිතපන්.
මම මෙහෙම කියන්නම්කො. උඹට තාම 22යි. මට 29 යි. මට තේරෙන දවසෙ ඉදන් මමත් ගොඩක් වැරදි කරලා තියෙනවා. ඒත් මචෝ කරන්න පුලුවන් කාලයක් තියනවා. දවසක ඒවා සීමා කරන්න වෙනවා. උඹ අද ඉන්නෙ එතන. මට වඩා ගොඩක් වයසින් අඩු කාලෙකදි උඹ එතනට ඇවිත්.
උඹට කරන්න කියලා ලොකු දෙයක් නෑ. තැන් තැන් වල බීලා චාටර් වෙන්නේ නැතුව වලි දාගන්නෙ නැතුව වගකීම් ගොඩක් බාරගන්න ඉන්නෙ කියලා හිතට අරන් වැඩ කරපන්.....
ජය..!!!
අනේ සඳරූ මගෙත් ඔය යටි බඩ රිදිල්ල හරියට තියනවා. මොනවා හරි අප්සෙට් එකක් ගිය හැටිය මගේ යටි බඩ අප්සෙට්. ඇත්තටම ආදරේ කරන කෙනෙක්ගේ අත, පය හය්ය තිබුනාම හොඳටම ඇති. ඒවායින් එකක්වත් අඩු උනොත් තමා අනික් මොනා තිබුනත් වැඩක් නැතිවෙන්නේ...:)
වෙන්දා වගේම ලස්සනට ලියලා තියනවා. හැබැයි අර 'හ්ම්' කීව එකේ තේරුම කලින්ම අහලා ඉන්ටවෙයි......:D
ඔය නරක කියාපු මිනිස්සු ටිකව අහ ගත්තා නම් වැරදි ටික හොයාගෙන හදාගන්න තිබ්බා සඳරු. සුවර් එකටම ඇස් වල පොල් පරාල තියන මිනිස්සු වෙන්නැති ඔයාගේ ඇහේ රොඩු හෙව්වේ. අනික ඉතින් නංගි පිළිවෙලක් වෙනකම් අයියා පොඩ්ඩ ඉවසන්න එපායැ.
අර වැරදි වලින් බොන වැරැද්ද තව ටිකක් අඩු කරගන්න. එතකොට අනික් වැරදිත් සමහර විට හැදේවි.........:D
පැනලා ගියත් වෙඩින් එකට හා පවුල ප්‍රසන්ට්..... හික්ස්......
පැනලා යන එක නෙමෙයිනේ මල්ලි විසඳුම ඔයා ගැන ආරංචි වෙලා තියෙන වැරදි හදාගෙන ආයෙම එව්වා නොකර මාමන්ඩිට හොඳ කෙනෙක් උනා කියලා පෙන්නන්න මුලින්ම ඔය බීමයි , සිගරට් බීමයි නතර කළා නම් ඉතුරු වැරදි ටික නිකන්ම හරියනවා :D
ලැට් වලක් ගාව හැදිච්ච ගහක වතුසුදු මල් දාපු වතුර බීල ගිහිල්ල ඔහොම ශේප් උනා මදැයි.
හැබැයි කොල්ලො අර නවිය කියල තියෙනව වගේ ටිකක් හිතට අරන් වැඩ කළොත් මාමන්ඩි උඹට අකමැති වෙන එකක් නෑ.
හැබැයි උඹ පැනල යනවනං පස්සෙ හරි පාටියක් දියං. මොකද මෙහේ එකෙක් කෙල්ලෙක් පන්නගන ඇවිල්ල අවුරුදු 10 කට පස්සෙයි පාටිය දුන්නෙ.
මචං හිතට එකගව වැඩ කරහන් .. උබට හරි කියල හිතෙනවා නම් එක අනිවාර්යෙන් කරහන්
මචං සඳරුව,
කෙල්ලෙක් කොහොම කිව්වත් උන් හිතින් ආසයි පෝරුවක නැගල මාලයක් බැඳල නෑදෑයො ටිකට පේන්න පුංචියට හරි වෙඩිමක් ගන්න.ඒක උඹේ කෙල්ලටත් අදාලයි මචං.ඉතින් ඒ ආසාව නැති කරන්න එපා.උඹට කාලෙ දීල තියනව.උඹට මාමණ්ඩි මේකට කැමති නෑ කියල කිව්වෙ නෑනෙ.අනික බං දැන් උඹ කවි ලියන්නෙත් දවල්ටනෙ.ඔය මාමණ්ඩිට ගිහින් තියන්නෙ උඹේ පරණ රිපෝට් එක.හදිස්සි නොවී තව ටික කාලයක් ඔහොම හිටපන්.
බලපන් ලස්සන වෙඩිමක් ගත්තොත් ඒක කවර් කරන්නම හෙන මීඩියා සැට් එකක් ඉන්නවනෙ බංඅපේම උන්.හෝටල් අභිය ගානෙ.බෝතල් දුමිය ගානෙ.පොටෝ පණුව,බනිය,සෝරෝ,අංශු අක්ක.. තව ඉන්නව මතක් වෙන්නෙ නෑ හදිස්සියට. කාර් එක වැපා ගානෙ.පොඩි කුමාරිහාමි කරත්තෙකුත් දෙයි බොල.මේ පිස්සු කෙලින්න එපා.අපි තමයි හට් ගහන්නෙ.වලවල් කපන්නෙ.කොටින්ම අර කොස් ගස් ටිකට ලයිට් දාන්නෙත් අපි.පැනලනම් යන්න එපා සඳරුවො....
ජය වේවා !!
ෆුල් ට්‍රය් කොරල, තව ටිකක් ට්‍රය් කොරල කොහොම හරි අමාරුවෙ වැටියන්.....හෙහ්...හෙහ්...හෙහ්...
වැඩේ පොසිටිව් පේන හැටියට නම්..ඉතින් ...අප්පොච්චා එහෙම කිව්වනම් කියල ඇත්තෙ සඳරූ ගෙ වැඩ ආරන්චි වෙලානෙ.. ඒත් අවුලක් නැහැ කියන්නෙ ඉතින් වැඩේ ගොඩ තමයි.. ආයි සෙට් වෙනකොට ආරන්චි නොවෙන්න !
ලිවීමේ කලාව නම් අති විශිෂ්ඨයි සඳරුවො..
ඔනේ දෙමවුපියෙයෙක් කැමතියිනේ තමන්ගේ දරුවෝ සතුටින් සැපෙන් ඉන්නවට. ඒකයි ඒ තාත්තා එහෙම කියන්නඇත්තේ. ඔයා අවුරුදු 22 ක කොල්ලෙක් නේ...ඉතින් ඔයා ගාව තියෙන හොඳ නරක තේරුම්ගන්න ඔයාට පුළුවන්නේ.හැමදෙයක්ම හොඳින් සිද්ධවේවේවි!
මුලින්ම ඔහොම තමයි බන්... ජපානෙ එහෙම මුලින්ම කෙල්ලගෙ දෙමව්පියන්ගෙ කැමැත්ත ගන්න ගියහම ගත් කටටම "කැමති නෑ" කියල කියන එක සිරිතක්ලු.
පස්සෙ හරි යයි.
Meet the parents කියල ෆිල්ම් එකක් බැලුව ගිය සතියෙ. ඒකෙ තියෙන්නෙත් කෙල්ලගෙ අම්මල තාත්තල බලන්ඩ යන කොල්ලෙක්ට වෙන (වනේ වන සතුරෙකුටවත් නොවිය යුතු ) දේවල්..
පොඩි කුමාරිගේ අවවාදය වැදගත්!
(ඇත්තටම)
පැනල යන එක නෙමේ මල්ලි හපන්කම.ඔයාට තව කල් තියනව හොදටම,හොදට හිතලා මතලා තීරණගන්න.පිස්සු නටන්න ඕනේ තමා.ඒත් ජීවිතේට වගකීමක් ගන්න ඕනේ කාලෙ ඒ ගැනත් ටිකක් හිතන්න.එහෙම උනොත් පැනල යන්න ඕනේ නෑ,උජාරුවෙන් ගිහින් කෙල්ලව කැන්දන් එන්න පුලුවන්.එතකොට කාටද ආඩම්බර :)
මටත් මතක් උනා අය්ය ඉස්සර වෙලාම අපේ ගෙදර ආව දවස.එයා ජීවිතේට කිරි බොන්නෙ නෑ.තේ විතරයි බොන්නෙ,අම්ම ඒත් හදල තිබ්බෙ කට කපල කිරි කෝප්පයක්.ඉතින් කිසිම හාවක් හූවක් නැතුව තඩි කේක් කෑල්ලකුත් කාල කිරි කෝප්පෙත් ගහල දැම්ම හික්z.
01.//හරි හමං ජොබක් තිබ්බා නම්, කෙල්ලගේ ගෙදර යන්න වාහනයක් තිබ්බා නම්,මගේ මේ ඔළුව උඩත් උපාධි තොප්පියක් තිබ්බා නම් ..! හ්ම් එහෙනම් මමත් පොරක් !.. එහෙනම් දෙවියනේ කෙල්ලගේ ගෙදර මංගච්චන එක මටත් මහ වැඩක් නෙවේ ..// උඹ මෙන්න මෙහෙම හිතන්න ගියොත් නං කවදාවත් බදින්න වෙන්නෑ. ටිකක් විතර ධනාත්මක වුනාට කමක් නෑ.
02.//උඹ කරන කියන දේවල් හරි අපූරුවට උඹගේ මූණෙන් පේනවා ..ඔහොම ඉඳින් මම පොඩි එකීගේ ලිපිස්ටික් එක ගෙනල්ලා උඹගේ තොල් රතු පාට කරනකම්// ඒක නං මාරයි. මට හතෙන්නෙ නැන්දටත් මාර අයිඩියාස් එන්නෙ. බැරිද බ්ලොග් එකක් වත් අටෝල දෙන්න.එතකොට උඹට මිස්වෙනටික නැන්දගෙ බ්ලොග් එකෙන් බලාගත්තෑකිනෙ.
03.තවත් ට්‍රික්ස් ටිකක් මෙන්න.
කෙල්ලගෙ තාත්තට අම්මට කටපුරා තාත්තෙ අම්මෙ කියපන්. ඒ දෙන්නට වැදපන්. හැබැයි ටික කාලෙකට වත් යහපත් කල්ක්‍රියාව වැදගත්. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි! වැරදුනොත් මුදල් ආපසු.
අන්තිමට අහපු ප්‍රශ්නෙ මාත් කෙල්ලගෙන් අහපු ප්‍රශ්නයක්. මටත් දැනගන්න ඕන උනා ඔය ප්‍රශ්නෙට උත්තරේ.
මසන් උඹට සුයිප් එකක් ඇදෙන්න යන්නේ. මේ කාලේ මගුල් කනවා කියන එක සෙල්ලමක් නෙමෙයි ඊට වඩා ඔය පැනලා යන එක හෙන වාසිදායක වැඩක් :-D
අප්පා අපේ සඳරු මලයටත් වෙලා තියෙන දෙයක්.බය වෙන්න එපා.ඔයාට තාම 22නේ. හැදෙන්න තව ඔයාට කල් තියෙනවානෙ.
ඇත්ටම අර හ්ම්... එකේනම් තේරුම දැන ගන්න එක හොදයි. නැත්නම් පස්සෙ කියයි මං හා කිව්වෙ නෑනෙ කියලා.
තැන් තැන්වල බිබී චාටර් නොවී හීතේ වගකීමෙන් වැඩකරපන් බන්. ඔය බිවුව කියල මොනාද ලැබෙන්නේ බං? අතේ තියන තුට්ටු දෙකට කෙලවෙනවායි පහුවදාට ඔලුවෙ කැක්කුමයි ලැජ්ජාවයි විතරයි.
මමනම් හිතන්නෙ නැහැ උඹ බොනවට ඒකි කැමති ඇති කියලා. අර කිවුවත් වගේ පිලිවෙලකට මනුස්සයෙක් වෙන්න බලපං දැං ඉතින්. එහෙමත් නැත්තං අර උඹ ඇතුලෙ ඉන්න මෝඩ යකාව එලියට දාලා පිස්සුවක් නටලා හැමදේම නැතිකරගං. උඹ තීරනේ කරහං මොකක්ද හොඳ දේ කියලා. ඔය මගුල් ජරාව බොන එක නැවැත්වීමම උඹට යන්න පාරක් පෙන්නාවි. ටික දවසක් කරලා බලපන්.... වෙනසක් නැහැ වගේනම් ආයෙ බීපන්.... අතේ මිටේ කාසි තියෙනකම් බෝතලේට ලොලේ උඹේ වටේ සේනාව මැස්සෝ වගේ වහයි. වැරදුන දාට කවුරැත් නැහැ මල්ලි.....
කසාද බඳින්න උඹ තාම පොඩි වැඩියි කොල්ලෝ උඹල ඉන්නේ තම love කරන වයසේ ඉක්මන් තීරණ ගන්න එපා ඒ කිව්වේ පැනල නම් යන්න එපා කියල. පස්සේ කලෙක කෙල්ලගේ අම්මලාව නම් ඕනෙම වෙන වෙලාවක් එනවා ඒවා ගැනත් හිතල වැඩ කරපන් දැනට ඔය උඹ ඉන්න විදිය හොඳයි බන්...... ඔය බොනවා බොනවා කිව්වට උඹ ගොඩක් බොන්නෙත් නැ කියලයි මම හිතන්නේ ... ජය වේවා ..
මචන් මොනා හරි කරලා හැදෙන්න බලපන්..
කෙල්ලට දුකක් දෙන්න නම් ගෙන්න එපා
නිකං මෝඩ වැඩ කරන්න විතරක් එපා උබට තවම බදින්න කල් තියන්වා හදිසි වෙන්න ඕනෙ නෑ නෙ . අර වෙන්ඩ මාමා දීපු අවවාදෙ ගැන හිතලා බැලුවනං හොදයි මොකද උබ බැන්දත් තවත් අමාරුවෙ වැටෙන 1 ක විතරයි වෙන්නෙ නේද පොඩ්ඩක් හිතලා බලපං ..... අනික තනියම නෙවේ තව කෙල්ලෙකුත් එක්ක...........
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙන බව මාමණ්ඩිට පෙන්නන්න .
හැබෑට මොනවද සඳරුගෙ වැරදි ? ඒක හිතල තියෙන්නෙත් බියර් බිබීනෙ .
නොබී හොඳ සිහියෙන් ඉන්න වෙලාවක පොඩ්ඩක් හිතා බලන්න මොනවද සඳරුගෙ වැරදි ? කියල
හෆොයි මදැයි, බයිට් එකට අලි බෙට්ටක් කාල මුල්ලපටස් ශොට් එකක් ගහල උබේ මගුලට එන්න හිතාගෙන හිටිය.දැන් ඉතින් සේරම ඉවරනේ.තව්රු මොනව කිව්වත් කමක් නෑ උබ කෙල්ලගෙ තාත්ත කියපු විදියට වැඩේ කරගනින් හරිය...
සඳරු අයියේ....
කෙල්ල හම්ම්...කියපු එක නම් මටත් ඇල්ලුවෙ නැ.
කෝකටත් පරිස්සමින්......
ලස්සනට කතාව ගලාගෙන ගියා....
ලියවිල්ල ඉස්තරම් . කාරනාව නම් ටික බරපතලයි . හැබැයි ඔය මිනිස්සු ඒ තරම් නරක නැති බවයි පෙන්නේ .අවවාදයක්නේ දීල තියෙන්නේ . ඒකට එච්චර සැලෙන්න එපා .කසාදයක් කියන්නේ සෙල්ලමක් නෙමේ මල්ලි. හදිසි වෙලා පැනල යනවා හෙම නෙමේ ඔන්න .22 කියන්නේ බඳින වයසක් නෙමේ .තව ටිකක් ආශ්‍රය කරලා බලන්න . අනික උඹ තව කීපාරක් ඔකඳ වෙයිද කව්ද දන්නේ ..වැරදි නම් ඉතින් අපි නොදනී. දුම්පානය ..ගමේ අතන මෙතන බොන එක ඔයාගේ බ්ලොග් එකට ලස්සන පාට ගෑවට කෙල්ලගේ දෙමාපියන්ට ඕව විහිලු නෙමේ .දෑතේ හැකියාව නම් මේ ලිවීමේ හැකියාව තමයි..අනික කෙල්ලෙක් ඉන්න ඕන කියල ආදරේ බලෙන් පටවගන්න එපා .
නැන්දිගෙ කතා ටිකට නම් පන යන්න හිනා . වැසිකිලි වලේ වැවුණු මල් ගහේ මල් දාපු වතුර ....කොහෙන් එනවද මේ ලස්සන අදහස් . තමන් ගැන අඩු තක්සේරුවක් කරගන්න එපා . ඔය වගේ ලිවීමේ හැකියාවක් ..පරිගණක දැනුමක් ..ඇයි කඩවසම් පෙනුමක් හැමෝටම නැහැ .
හෙහ්....හෙහ්, කෙල්ලගෙ ගෙදර මුලින්ය යන දවසෙ කාටත් ඔය සෙතේ තමයි බං........ඔව්ව ගනන් ගන්න එපා.....මාමල පොඩි පොඩි කොකු දානව.......ඒවයෙ හැටි එහෙම තමයි.....
පොඩි කුමාරිහාමිගෙ කතාවට මාත් එකඟයි........
/ ඔයා මගෙත් එක්ක පැනලා එන්න වුණත් කැමතිද ?” හිතේ තිබුණු එකම ප්‍රශ්නේ මම පරක්කු නොකරම එළියට දැම්මා /
/ ලොකු නිහැඬියාවකට පස්සේ. . . . . . . . . . . ."හ්ම්....” /
"ලොකු නිහැඬියාවකට පස්සෙ"............ආන්න මලේ ඉතාම වැදගත් කොටස.......ඉස්සෙල්ල හොයල බලාපන් මොකක්ද ඒ ලොකු නිහැඬියාවට හේතුව කියාල...........
අනික ඔය වගෙ ප්‍රශ්නෙකට උත්තරේ .....නිකම්ම "හ්ම්"?...........හ්ම් කියල තමයි මටත් කියන්න වෙන්නෙ.......
කිව්වත් වගේ "හ්ම්ම්" කියපු එකේ තේරුම නම් කලින්ම අහගන්න වෙයි. කොහොම උනත් මටත් හිතෙන විදිහට ගෙදරින් එහෙම තද අකමැත්තක් නැහැනේ. ඒක නිසා දැම්මම පැනලා යන එක ගැන හිතන්න එපා. දැන් හිතන්න ගන්න කවද හරි කසාද බඳිනවනම් කොහොමද පවුලක් නඩත්තු කරන්නේ කියලා. ඔයාට තාම වයස තියෙනවනේ. ඉතින් වැරදි තියෙනවනම් ඒවා හදා ගන්න කල් තියෙනවා.
පැනලා යන්න හරි, කසාද බඳින්න හරි ලේසියි. ඒත් ඊට පස්සේ ජීවත් වෙන එක තමයි අමාරු. ඒක නිසා හොඳට හිතලා බලලා තව ඉස්සරහට තමන්ගේ අඩුපාඩු තියෙනවනම් ඒවා හදා ගන්න. ඔයා හිත හොඳ කෙනෙක්. ඒක නිසා ඔයාට ජීවිතේ ලස්සන කර ගන්න බැරි කමක් නැහැ. ටිකක් මහන්සි වෙන්න වෙයි.
ඔයාගේ ලිවීමේ හැකියාවනම් උපරිමයි. හරිම ලස්සනට ලියලා තියෙනවා.
කොට ජීවිතේ
මේක සඳරුවා ගල් බෝතලේකින් දෙකකින් මගුල ෂේප් කරන්න ගහපු ගැටයක් වෙන්න ඕනි ෂුවර් එකටම..
සිහිනගේ කතාව තමයි කියන්න තියෙන්නේ
මචං බුදු සඳරු අයියේ දීල තියන කාලෙන් උපරිම ප්‍රයෝජන අරන් මාමන්ඩිගේ හිත ගන්න එතකොට වැඩේ ඉවරයිනේ අකමැති කියලත් නෑනේ... ජය වේවා ඔන්න
කිව්වත් වගේ සඳරුවෝ . .
ගෑනු ළමයි හ්ම්ම්ම් කියලා නෙමෙයි හා හා වස්තුවේ ඔයා එක්ක අපායට හරි යන්න එනවා කියලා පරසක්වල ගහලා දිවුරුවත් විස්වාස කොරන්නේ නම් පරිස්සමින් . .
හරිද කොළුවෝ . . ..
සඳරු මල්ලි ඔය 'දෑත දෙපයේ වැඩ' කතාව ගැන දුක් වෙන්න එපා. ඉතින් දෙයියනේ කොයි වැඩේ කරන්නත් දෑත හරි දෙපය හරි, දෙකම හරි ඕන නේන්නම්. :)
ඔයා මේ ලියන විදියෙන්ම ඔයාගේ නිර්මානාත්මක හැකියාව පේනවා. ජය වේවා!
ප ලි : අර මාමණ්ඩි කිව්ව දේ ගැන ටිකක් හිතන එකේ වැරැද්දක් නැහැ නේද
එහම කරන්න එපා බොල හිස් අහස සිස් වෙයි බොල............
නචියායි සිහිනයි කියන දේ සම්පූර්ණ ඇත්ත. ඔය ආරංචි වෙලා තියන්නේ නම් පරණ කතා වෙන්න ඕන. දැන් අපේ සඳරු මල්ලි හොඳ වෙලානේ නේද? (ඔයා දන්නවනේ ඔය බීමට නම් මම කොහොමත් කැමති නෑ කියලා.) ඒත් මලයො හාවා යන එක නම් ඒ තරම් හොඳ නෑ. දැන් හ්ම් කිව්වට පස්සේ ඕවට කෙල්ලම කොකු දායි. ඒ නිසා දුක් විඳලා හරි ආරම්භය හරියට දා ගන්න. එතකොට ජීවිතේ දිග ගමනක් යන්න පුළුවං වේවි. සුභ පැතුම් මලයො.
සඳරු මල්ලි, මට නම් පේන විදිහට මාමණ්ඩියා උඹට වඩා අණ්ඩයෙක් වගේ. ඔහොම උඹව කන්ඩෙම් කරලා කතා කරහම උඹ කෙල්ලව අරන් පැන්නොත් ඔය ගොඩ ඉඩම්, මඩ ඉඩම් හරක බාන උඹට දෙන්න වෙන්නෙ නෑනේ. උඹ එහම කෙල්ලව අරගෙන පැන්නොත් උඹට දෑවද්දත් නෑ අපිට කේකුත් නෑ....! ඒ නිසා මෙහෙම හරපන්.
ඉස්සෙල්ලාම නැඳම්මව ෂේප් කර ගනින්. හොඳට හොයලා බලපන් නැන්දම්මා කැමති මොනවටද කියලා.නැන්දම්මට හොඳ ගවුම් රෙදි කෑල්ලක්, නැතිනම් යාළුවෙක් පිට රට ඉඳන් එව්වා කියලා සාරියක් එහෙම අරගෙන පලයන්. නැන්දම්ම උයන පිහන වෙලාවට පොඩ්ඩක් කුස්සියට ඔළුව දාලා පොල් ටිකක් ගාල දෙන්න, බෝංචි වල නූල් අරින්න වගේ පොඩි පොඩි වැඩ ටිකක් කරලා දීපන්. ඒ අතරේ ඔය නැන්දම්මගේ පොඩි ඕප දූප ටිකකට හූ මිටි තියාගෙන හවුල් වෙයන්. එතකොට නැන්දම්ම හිතනවා "මේකා නම නියම බෑනා පොඩ්ඩක් තමයි" කියලා.
නැන්දම්මවා අල්ල ගත්ත කියන්නේ මමණ්ඩි නිකන්ම ෂේප් වෙනවා.... අපිට කේක් කන්නත් ලැබෙනවා...!
ගුටි නොකා ආපු එකම මදෑ බං. ඇත්තට ඔය මත්ද්‍රව්‍ය වලින් ටිකක් ඈත් වෙයන්. එතකොට ඔක්කොම හරි යාවි. අනේ උඹේ ලිවිල්ල නම් කියල වැඩක් නෑ බං.
"කඩුල්ල ළඟ ඉඳලා ගේ ඇතුළට යන්න තිබුණු ඒ මීටර කීපය මම ගමන් කළේ මාස ගාණක් කෑම නොකා හාමත් වෙලා දුරුවල වෙච්ච වයසක මිනිහෙක් සිරීපාදේ කන්ද තරණය කරනවා වගේමයි."
ඒක නම් ලොවෙත් නැති උපමාව. :D
තාත්තලා දුවලට ආදරෙයිනේ බං! මොන තාත්තද කැමති දුවට නරකක් වෙනවා දකින්න! ඒ නිසා උඹෙන් නෙමෙයි කාගෙන් උනත් ඔය ප්‍රශ්න අහනවා! ඒක එහෙම තමයි! උඹ ඕවට සැලෙන්න එපා බං! වැඩේ ගොඩ යයි.....! උඹේ කෙල්ල බ්ලොග් බලනවද? මං ඒක දැන ගන්නම ඕනි
හැදෙන්නනං එපා කොළුවෝ ඔහොම නෙවෙයි කොහොම කිව්වත්... අනික මොකාද කියන්නේ උඹ දැන් හැදිලා නැහැයි කියලා... කන බොන දේවල් ඇගට අල්ලන්නේ නැතිව පස්ස මැස්සෝ බිව්වා වගේ උනාට බං උඹත් දැන් සෑහෙන්න හැදිච්ච කොල්ලෙක්නේ.. ඔය එක එකා කියන ඒවට රැවටිලා උඹ එහෙම වෙනස් වෙන්න යන්න එපා.. උස්සමු කෙල්ලව.. මොන මඟුල්ද..? සතියකින් විතර ගෙදර අපි දාමු ලොකුවයින් පාටියක්... අපි එන්නං මෙහෙ ඉඳින්ම...(අපිට වෙන්න ඕන එච්චරයි)
"හ්ම්" කියන වචනෙනං මට ඇල්ලුවේ නැහැ බං..
@සිහින.. යකෝ තෝ වලවල් කපන්න හදන්නේ මොකටද..?
වෙඩිමක් නැතත් ට්‍රීට් එකක් වත් දෙනවනම්.....
ඒක නෙමේ මල්ලි උබ ආයේ මේ තනිකඩ ජීවිතය ගන හිතනවා එහෙම නෙමේ. මල්ලි පොඩ්ඩක් උත්සහ කරන්න අර කිව්වා වගේ හැදෙන්න. මොකද එතකොට කෙල්ලගේ දෙමව්පියන්ගේ ආශිර්වාදේ එක්කම ගෙයින් පිට වෙන්න පුලුවන් නේ.
හ්ම්ම්,,, කියන්න දෙයක් එක පාරට හිතට එන්නෙත් නෑ. අනිත් එක දැනටමත් සෑහෙන්න උපදෙස් ලැබිලනේ තියෙන්නේ. පෞද්ගලිකව මම නම් ඔය වගේ අවස්ථාවක කරන්නේ තවත් උත්සහ කරන එකයි. ප්‍රශ්න සමහරක් කාලයත් එක්ක ලේසියෙන් විසඳෙනවා. කලබයට වඩා ඉවසීම වඩා ගුණදායකයි. උඹට ජය!!!
හ්ම් ... හොඳටම ලියලා තියෙනවානෙ කොල්ලො.
මේක ඇත්තටම වුන දෙයක්ද .. නැතිනම් උඹ ගොතල ලියපු එකක්ද ..?
[මම හ්ම් .. කිව්වෙ වෙන තේරුමකින් .. හරිය.]
මාමණ්ඩි කිව්වා ඒක හිතට අරන් වැඩ කරොත් හොඳා :)
පැනල යන්න... අනේ මන්ද :/
අඩේ අර අපේ අයියණ්ඩි කොරපු දේම නේද මේ උඹත් කරන්න යන්නේ? කමක් නෑ බං දෙන්නට දෙන්නා කැමතිනම් එච්චරයි..
ඒක නෙමෙයි උඹ යොදාගෙන තියන එක උපමාවක් වැරදියි.
"ලෝක කුසලාන අවසාන තරඟේ පටන් ගන්න කලින් කුමාර් සංගක්කාර මුහුන දීලා හිටියේ එක්කෝ දිනන්න , එක්කෝ පරදින්න"
ඔන්න ඕක වැරදියි එදා සංගත් මුනුණ දීලා හිටියේ උඹේ තත්වෙටමයි ඒකිව්වේ "කොහොමත් පරාදයි" තත්වයක :D
ආ.. ප*&#@#.. උඹ හදන්නෙ දැන්මම මර්සියක් ගහල හොරෙන් මගුල් කන්න නේද???
මල්ලි..
Meet the Parents , Meet the Fockers කියන චිත්‍රපටි දෙක බලල තියෙනවද... නැත්නම් හොයාගෙන බලන්න... උඹට උනේ මොන ටොයිස් වැඩක්ද කියල හිතෙයි..
බොලාට විසි දෙකයි කිව්ව නේද කොලුවෝ?
මේව මේ විසි දෙකේ කතා විතරයි.
තව අවුරුදි කිහිපෙකින් ඕවා කියන්න හිතෙන එකක් නෑ.
සඳරුගේ ලිවීම් තමයි ඉතින් ......
සිහින මල්ලි, නචියා අයියා කියපු කතාව තමා මන් දකින යථාර්තය.....චාමෙට හරි මගුලක් අරන් තමන් ආදරේ කරන කෙනා එක්ක යන්නයි හැම කෙල්ලම ප්‍රර්ථනා කරන්නේ......ඒ දේ තමා කෙල්ලෙක්ගෙ හීනෙ.....ඒ හීනෙ ඇතුලේ තියෙන්නේ මේ මගේ මහත්තයා කියන එක මුළු හැමෝටම පෙන්නන එක.....ටිකක් ගැහැණු ළමයාගේ පැත්තෙනුත් හිතන්න.....අනික ඔයාට හදාගන්න බැරි වැරදි නැනේ...ඔය බොන එකයි, සිගරට් බොන එකයි අඩු කර ගන්න...ඉබෙමේ හොඳම දේ සිද්ද වෙයි...අනික ඒ තාත්ත ඔයාට අකමැතියි කිවෙවත් දුව දෙන්න බෑ කිවෙවත් නැනේ...ඔයාට අවස්ථාවකුයි දුන්නේ......ඒ අවස්ථාව නැතිකරගන්න එපා.....
ජයෙන් ජය !
පැනල ගියත් වෙඩින් පාටියක් දෙන්න පුළුවන් බන්...:D D D
බලමු බලමු...
මගේ නම් අප්සෙට් එකක් ගිය ගමන් කොන්ද රිදෙනවා..
සඳරුවෝ, ඕනේ ඉටිගෙඩියක් කියලා උඹ පැනලා පලයන්. මඟුලට යන සල්ලිත් ඉතුරුයිනේ. අනුන්ට කන්න බොන්න දෙන එකේ ඒ සල්ලි ටික ගනින් උඹලගේ උවමනාවල් වලට.
තාත්තට උඹ ගැන ගිහිල්ල තියෙන්නෙ අමූලික නරක රිපෝර්ට් එකක් නෙමෙයි..."වලට බර, හැබැයි හදා ගන්න පුලුවන් හොඳ කොල්ලෙක්" වගේ ප්‍රතිරූපයක් තමයි උඹ ගැන තියෙන්නෙ මට තේරෙන හැටියට...එහෙම නැත්නං උඹට ගෙදර එන්න කියන්නෙවත්, ඔය උපදේසෙ දෙන්නෙවත් නැහැ...
දැන් ඉතින් මේ පරිවාස කාලෙ ටිකක් පරිස්සමෙන් ඉඳහං...ඔය පැනල යන කතා එහෙම තාත්තට ආරංචි උනොත් බඩුම තමයි...
පුදුමයි. උබ, බං, බොලං නොකියන කෙල්ලෙක් සෙට් වෙලා....ඕව උන්ගෙ කටට අවිත් තියෙන්නෙ උප්පත්තියෙන්....
"නැන්දා වත්ත පහළට ගිහිං පරණ වැසිකිළි වළේ අයිනක වැවිලා තිබුණු වතුසුදු මල් ගහෙන් ලොකු මල් වගයක්"
අඩෝ උඹේ ලිවීමේ හැකියාව මැක්ස්....
ඕක ගනන් ගන්නෙපා බන්.ඔහොම තමා.හැබැයි හ්ම් කියපු එකේ තේරුම අහල ඉදපන්.(මේ මොනව කලත් කට්ටියටම කියපන්.)
මාමණ්ඩි කියන දේ අහපං... පැනලා යන අදහස පැත්තක දාලා...
පැනලා යන්නද කල්පනාව....මාමණ්ඩි කිව්ව දේ හිතට ගනින් කොල්ලෝ....ඇත්තනේ කිව්වේ....පැනලා යන්නම ඕනනන්..කසාද එහෙම බැදලා වෙඩිමක් අරන්ම පැනලා යන්ඩෝ...හික්ස්
උඹේ ලිවිල්ල උපරිමයි.....!!
මාමණ්ඩියා කියපු දේවල් හිතට අරන්, ඔය නරක පුරුදු වලින් මිදෙන්න බලපන්. කොයි තාත්තත් බලන්නෙ තමන්ගෙ දුව හොද මිනිහෙකුට දෙන්න. (උඹ නරකයි කියනවා නෙවේ)
පුලුවන්නම් මේක පිලිපැදපං.. කවදාවත් කෙල්ලෙක් එක්ක පැනල යන්න හිතන්න එපා. කසාදයක් කියන්නෙ ජීවිතේටම එක පාරක් කරගන්න දෙයක්. ඒක හැමෝගෙම ආශිර්වාදය ඇතුව කරගනිං. පැනල යන එක ලේසියි. ඒත් අපරාදෙ පැනල ආවෙ කියල හිතුනොත්..... 'undo' කරන්න බෑ!!!
මේකත් මතක තියාගනිං..
"ආදරේට බ්රේක් නෑ...! ජීවිතේට රිවස් නෑ.....!!"
කෙල්ල කැමතියි කිව්ව්වනේ මලේ.. ඒ මදැයි.. ඒත් අර දිගු නිහැඩියාව ගැන ටිකක් කල්පනාවෙන්.. මමත් ඉස්සෙල්ලම පූජාලගේ ගෙදර ගිය වෙලේ ඔහොමයි.. කොහොම උනත් උඹලගේ නැන්දානම් සෑහෙන සපෝට් වගේ..
පැනලා ගියත් කමක් නෑ අපි හොද වෙඩිමක් ගමු.....
ඒකට සඳරු අපේ මාමා... ඉස්සෙල්ලම ඇහුවේ පුතා බොනවද කියලා...
"හලෝ සඳරු ..”
"ඇයි මයෙ අම්ම ..?”
බලපන්කො මූ රොමෑන්ටික් වෙලා තියෙන තරම
වෙනදා වගේම ටිකක් වෙලා කල්පනා කළා.මේ විදියට ලියන්නේ කොහොමද කියලා.ඔයා පිළිගනීද දන්නේ නැහැ ඒ වුනාට මම කියන්නේ අවංකව ඔයා ලියන විදියට අපි හැමෝම කැමතියි සදරු.ඔයාට ජය මල්ලී.
මල්ලී උඹ හරිහමං වෙඩිමක් ගැන ඔක්කොම බලාපොරොත්තු අතඇරලා තියෙන්නේ මොකද කියලා මට තේරෙන්නෙ නෑ. උඹ උඹට තියෙන අඩුපාඩු ගැන හිත හිත ස්වයං අනුකම්පාවක් ඇති කරන් ඒක රස විඳින එකද කරන්නේ? මාමණ්ඩි කතා කරපු විදිය නම් පොඩ්ඩක්වත් වැරදි නෑ. වටේ පිටේ මිනිස්සුන්ගෙන් උඹ ගැන අහපු වැරදි උඹට මූණට නොකියා කොලේ වහලා උඹව කපලා දැම්මෙ නැහැනේ. නවියා කියපු එක සහතික ඇත්ත. අපි ඉන්න සමාජේ කවුරුත් සාන්තුවරු නැහැ. ඒත් තැන තැන බීලා චාටර් නොවෙන, වලි දාගන්නෙ නැති වයිට් කොලර් මිනිස්සු "වැදගත්" කියලා ගණන් ගන්නවා. එච්චරයි. උඹට අමුතුවෙන් හැදෙන්න දෙයක් නෑ.
අඩේ සඳරැ මලයා පැනල යන්න නම් එපා මේ බ්ලොග් ලියන කට්ටිය එකතු කරගෙන ගිහිල්ල හරි මාමණ්ඩිගෙන අවසර අරගෙන දෙන්නම් (පස්සට කොහු උනොත් හරිද) දැනට වැඩෙ ගොඩනේ. පටිවාස කාලේ උපාසක වගේ හිටියොත් වරදින්න විදියක් නැ
උබේ මාමණ්ඩිය හොද පොරක් වගේ බන්. සැහෙන්න දැනුම් තේරුම් තියන මනුස්සයෙක් වගේ පෙන්නේ..
පොරත් එක්ක සෙට් වෙයන්.. උබට වරදින එකක් නැ.. කෙල්ලෝ නම ඉතින් ඔහොම තමා.. කෙල්ලගේ වැරද්දක් පෙන්න නැ..
උබට degree එක කරගනින් පස්සේ ජොබ් එක change කරපන්... තමා ඉගන ගන්න නිසා ඔය රස්සාව ඉහටත් උඩින්.
car නම් මොනාද මල්ලි..? එකක් මතක තියාගනින් car එක්ක එන කෙල්ලෝ car එක්කම යනවා.. එක නිසා පොලවේ පයගහල ඉන්න පුළුවන් කෙල්ලෙක් හම්බෙච්ච එක ගැන සතුටු වෙයන්...
යකෝ බොට තාම විසි දෙකද. එහෙනං ඉවසල හිටු.. ආව මෙතන බඳින්න... තව හිටපං අවුරුදු පහක් විතර.
එකත් එකටම මේකා මේ අපිට මඟුල් කියන්න වෙනවට ගහපු තඩි කෙප්පයක්ද කොහේද. අර පලියෙන්ම තේරෙනවනෙ ගොනා පොල් පැලේ කයි කියල. අනේ බොල !
සඳරු, මාමණ්ඩි උඹට තාම අකමැති කියලා නෑනේ? අනිත් එක උඹ තරහ වෙන්න එපා මේක කිව්වට මාමණ්ඩි කියපුදේ ඇත්ත කියලයි මමත් හිතන්නේ. උඹට තාම 22යි, මාමණ්ඩි කිව්වා වගේ උඹට ජීවිතේ අලුත් විදිහට හැඩගැහෙන්න තාම කල් තියෙනවා. ඒ නිසා ඒ ගැන තව හිතල බලපන්.
ඒ වගේම පැනලා යන්න කතා කලහම කෙල්ල "හ්ම්" කිවට මම නම් හිතන්නේ ඒ කෙල්ල ඒකට එකඟ වුනා නෙමෙයි කියලා.
හැබැයි කොල්ලො පැනලා ගියාට කමක් නෑ අපිට පාටියක් දීල පැනලා පලයන් හරිද ?
අනේ මන්දා.. කෙල්ලගේ තාත්තා කියන කතාවත් හරි, අවුරුදු 22 කොල්ලෙක්ට ජීවිතේ හදාගන්න තව ඕනේ තරම් කල් තියෙනවා සඳරු..
කෙල්ල අරන් පැනලා ගියත් අඟ හිඟ කම් ඉස්සරහ දොරින් එබිලා බලනකොට ආදරේ පෑල දොරින් පැනලා යනවා කියලා කථාවක් තියෙනවනේ.. ඒක කාට වුනත් පොදුයි.. ජීවිතේ හදාගන්න බලන්න. බොන එක නවත්තලා මිනිහෙක් වගේ අනාගතේට මූණ දෙන්න. අරක්කු වලින් බියර් වලින් කරන්නේ කරදර දුක් එක මොහොතකට අමතක කරවන එක.. ඒවට ඔයාගේ ජීවිතේ පාලනය කරන්න දෙන්න එපා..
චතූ = අලුත් මිත්‍රයෙක් වගේ ? සහතික ඇත්ත බොලේ කෙල්ල කැමති නම් ඉතින් ආයේ කවුරුද මාව වලක්වන්නේ ඒත් පැනලා යන්න තව කල් තියනවා ..
.............................................................................................................................
@ChammA = හ්ම්...ඔවු ඇත්තටම එතැනදී එයා ලොකු හුස්මක් ගත්තා තමයි .අවුලක් වෙයිද මන්දා ..
.............................................................................................................................
@පැණි දොඩම්= දැන් ටික දවසක් වෙනවා අයියේ . මම ඉතින් අහිංසකයා නේ
.............................................................................................................................
@සාතන් =අ තෑන්ක්ස් සා ! ..ඒකීවේ උඹත් මේ කොටහ ලියා තිබුනද අනේ ඒනම් සමාවෙයං මම වෙච්ච දේ නොවැ ලීවේ . මචෝ පැනලා යන්න තව වසර දෙකක්වත් ඉන්න ඕන උඹට අනිවා කියනවා .
.............................................................................................................................
@ගීතක = අඩේ කතාව ඇත්ත මටත් දැන් තමා මීටර වුණේ අවුලක් වෙයිද අයියන්ඩි ?
.............................................................................................................................
@නචියා = තව කල් තියනවා අයියා . මම ඒතරම් හදිස්සියේ තීරණ ගන්නෑ මොකද කෙල්ලව ගෙනල්ලා මට තියන්න තැනක් නෑ මම ඉන්නෙත් සීයලෑ දිහා නෙව .ඇත්තටම මම දැන් බොනවා හරිම අඩුයි මාසෙකට දෙපාරක්වත් නෑ . වලියක් දාගත්ත කාලයක් මතකත් නෑ දැන් මම ටිකක් වෙනස් වගේ මචං
.............................................................................................................................
@පොඩි කුමාරීහාමි =මම හිතන්නේ ඔයාට අජීරණයක් ! අසමෝදගම් පාරක් බෝලා බලන්න අක්කා .හ්ම් කියන්නේ හා කියන එක වෙන්ටැ
.............................................................................................................................
@හා පැටික්කි = ඇත්ත තමයිමම පැනලා ගියොත් ඉතින් නඟාට චාටර් නේ මට ඒක දැනුයි කල්පනාවට ආවේ .කොහොමත් තව වසර දෙකකින් විතර තමා මම පවුල් පන්සල් වෙන්නේ
.............................................................................................................................
@ශානු= ඒකත් ඇත්ත තමා ඇත්තටම ඒ වැරදි දෙක දැන් ටික ටික නිවැරදි වේගෙන එනවා .තව ටික දවසකින් ඒවා මටත් හොරෙන් අමතක වෙලා යාවි
.............................................................................................................................
@Praසන්ன = ඒකනේ කියන්නේ ලැට් මල් වතුර බීලා ඔහොම ගියා මදැයි .ඇත්තට මම බඳින දාට මුලු බ්ලොග් අවකාසේ ඉන්න හැමෝම ගෙන්නලා දෙනවා රජ පාටියක් එකෙක්ටවත් නැගිටින්න බැරිවෙන්නම
.............................................................................................................................
@Ishan Gihantha = තීරණයක් ගත්තා මචෝ බලමු ඒක ක්‍රියාත්මක කරන්න තව කල් තියනවා .
.............................................................................................................................
@සිහින = ඇත්ත තමයි බං උඹලා ඔය කියන එවුවා දෙනවා නම් මම දැන් උනත් බඳින්නම් කෝ ..නෑ බං කොහොමත් මම මේ තීරණය ක්රියාවර නඟන්න ඉක්මන් වෙන්නෑ බලමු කොහොමත් තව වසර දෙකකින් වගේ මාමන්ඩියාගේ හිත ගන්න බැරි වුණොත් මම කෙල්ල එක්කං එනවා මගේ ගෙදර
.............................................................................................................................
@Observer = අනේ අම්මපා මම මේට්රයි කරන්නේ හිරේ විලංගුවේ වැටෙන්න නේද ?
.............................................................................................................................
@Weni = කෙල්ල ගේ දෙවනත් වෙන්න අඩාපු නිසා තමයි අනේ අප්පුච්චා ඔහොම හරි වචනේ දුන්නේ කෙල්ල සති ගානක් අඬලා අඬලා තමයි මට ගෙදර එවුන් කැමති කරගෙන තියෙන්නේ .
.............................................................................................................................
@අයේශා = විසි හය වෙන්න කලින් මම බඳින්න ඕන . සල්ලි වලින් සතුටක් දෙන්න බැරි වුණත් මට කෙල්ලට ආදරේ දෙන්න පුලුවන් ගමකට .
.............................................................................................................................
@චමිල = අඩේ මාමන්ඩියා ජපනෙක්ද මන්දා . ඇත්තටම ජපානේ වැඩි හරියක් ඈයෝ පැනලාද යන්නේ ? ඔය ෆිල්ම් එක මාත් බලන්න ඕන
@කතන්දර = ඔබතුමා අවවාදයක් දෙන්නෑ ?
.............................................................................................................................
@නදී = ඔයා දන්නවනේ අක්කේ මට කෙල්ලෝ හරියන්නේ නෑ වැඩිය ඉතින් මේ කෙල්ල තමා ටිකක් හරි මගේ බොක්කට දැනෙන්න මට ආදරේ කරාපු කෙල්ල මේකිව මාමා කාරයා වෙන එකෙකුට දිලා දැම්මොත් ? අන්න ඒ බය නිසා මම ටිකක් කලබලයි .ඔයාගේ අයියා තමා අයියා
.............................................................................................................................
@රාජ් = අම්මා කියලා නම් කීව හැකි ඒත් බං අවුරුදු ගානකිං තාත්තා කියාපු නැති නිසා මට ඒ වචනේ කියන්න දිව හදා ගන්න බෑ නිකං මොකද්ද වගේ . අපෝ අපේ නැන්දා ලියන බ්ලොග් ..එයා අයිඩියා කෝටියක් හිමි කාන්තාවක් මදර් ඉන්ඩියා ටයිප් එකේ .
.............................................................................................................................
@ම = ඒත් බං අද කාලේ වෙඩිමක් කරනවා කියන්නේ ලාබෙකුත් තියනවා ඇයි ලියුම් කවර හම්බුවෙනවා නේ .. හික් හික් ..
.............................................................................................................................
@නිසුපා = මම අදත් ඇහැවුවා එයා ගත්කටටම "හා" කිවුවා පන්නං ඇවිල්ලා තියන්න තැනක් හදන්න ඕන සේරටම කලින් .
.............................................................................................................................
@..ChAnDiKa = මෙන්න මූ මට බයිනවා .ඇත්තටම මම දැන් බොන එකෙක් නෙවේ දැන් මාසෙකට දෙපාරක් විතරක් බොන එකෙක් දැන් මගේ වැරදි ගොඩක් මටත් හොරෙන් අඩු වෙලා .ඉදිරියට තවත් අඩුවේවි .
.............................................................................................................................
මලික් = ඇත්ත තමා කොහොමත් මම මේ තීරණය ක්‍රියාවට නඟන්න ඉන්නේ තව වසර දෙකක් පමන ගියයිං පස්සේ .සහතික ඇත්ත මම ගිය මාසෙටම බීවේ එකම එක පාරයි මේ මාසෙට තාම බියර් එකක් විතරමයි .
.............................................................................................................................
@Anonymous= නමක් නැතත් මම උඹලා කියන දේ අහක දාන්නේ නෑ කොල්ලනේ .කෙල්ලට දුකක් දෙන්න මම හීනෙකින් වත් හිතන්නෑ
.............................................................................................................................
@sameera = දැන් මේ කරදර අස්සේ බැන්ඳොත් මම නාහේ ලඟටම එරෙනවා මචෝ මේක කරන්නේ තව වසර දෙකකින් පමන
.............................................................................................................................
@Chanaka Aruna Munasinghe = මම දැන් හොඳ සිහියෙන් ඒත් මට මගේ වැරදි පේන්නේ නෑ මකරෝ .ඒ මගේ හැටි බං මට කවදාවත් මගේ වැරදි පේන්නේ නෑ නමත් පෙනුවූවොත් නම් තේරෙනවා
.............................................................................................................................
@Networkදිසා = තව කල් තියනවා නෙව මම උඹලට එන්න කියනවා අනිවා . මුල්ල පටස් නම් දැන් නෑ වෙන ජාතියක් දෙන්නම් යන්න බැරි වෙන්නම .
.............................................................................................................................
@පිසාචයා = ඒකි ගිය ආත්මේ බස්සියක්ද කොහෙද මලේ .ස්තූතියි මචං වෙන්නං පරෙස්සං
@බින්දි = අඩේ ඔයා මට කඩවසං කීවා මට මාර ලැජ්ජයි .මෙච්චර බ්ලොග් එක කියවන කෙල්ලෝ ආවා එකෙක් කීවද මට කඩවසම් කියලා නෑ මෙන්න බලහං ඒකට බින්දි අක්කා . උඹට ජාති ජාතිත් ආදරේ ලැබේවා අඩු නැතිව .ඔයාගේ යෝජනා වලට මම ලයික්
.............................................................................................................................
@රවී අයියා .= ඔවු බං උන්ට මහ ඇම්ම උං ලවු කරේ නැද්ද මන්දා ? හැබැයි මම අනාගතේදී පොඩි දුවෙක් හදාගත්තොත් මමත් එහෙම වෙයිද බං..? නෑ ඒක තමා ප්‍රශ්නේ මොකටද ඔයි තරම් හිතුවේ . මම අදත් කෝල් කරලා ඇහැවුවා එක පයිම්ම හා කීවා .
.............................................................................................................................
@කින්නරාවි = පැනලා ගිහින් මට ඒකිවට කන්න බොන්න දෙන්න දේවල් නෑ අක්කේ ඒක නිසා තව වසර දෙකක්වත් ගිහිං මම ගොඩ ගියාම තමා මේ හැම දේකටම මුල් ගල තියන්න හිතාන ඉන්නේ . ඉස්තූතී කොටී
.............................................................................................................................
@Outsider= අපෝ නෑ මයෙ දෙයියෝ . එවුවට මම ලැදියි නෙව .
.............................................................................................................................
@වැප් = ඇත්ත උගේ කතාව මගෙත් හිතට වැදුනා
.............................................................................................................................
@MaRLaN = ජය වේවා මලේ මාමා මට ගැටයක් ගහන්න හදනවාද මන්දා
.............................................................................................................................
@දුකා = සහතික ඇත්ත මට මීට වඩා බොක්ක දීපු කෙල්ලක් හිටියා ඒකි දැන් වෙන එකෙක් එක්ක ඉඳලා දැන් තව එකෙක් එක්ක බලහං ඉතින් නේද ? කාලා බලලා වත් මුංව විස්වාස කරන්න බෑ
.............................................................................................................................
@niroshini= යකෝ ඇත්ත නේන්නං මේ රොබට් කාරයා මාව අන්දලා ? මාමන්ඩි කපටියි අක්කේ . කෙල්ලව වෙන එකෙකුට දෙන්නවත් යනවද මන්දා .. ඔයාව මම කොහේදී හරි දැකලා තියනවා .
.............................................................................................................................
@තරිඳු = ඒක හිස් වෙලා සෑහෙන කල් මචෝ .
.............................................................................................................................
@කැමීලියා = අපෝ මම ආයේ වැරදිලාවත් කෙල්ලගේ ගෙදෙට්ට යන්නෑ . දිගටම යන්න ගියාම ඒක වාතයක් වෙනවා අපේ නැන්දිත් ඔය කතාවම කීවා නෙව
.............................................................................................................................
@දුමී = අනේ අයියේ මම කෙල්ලට මෙහෙමත් කීවා "මට උඹගෙන් සතපහක දෑ වැද්දක් එපා ! මට දෑවැද්ද විදිහට තාත්තා කෙනෙක් ලැබුනා නම් ඇති කියලා ." එහෙවු කියපු මට මුං දාපු ලොකු කැටයම බලාපං ඉතින් . නැන්දම්මා වුණත් මට වැඩිය ජීර්ණය කරගන්න බෑ බං හොඳ මූන දැම්මට ඒකිත් කෙල්ලට බයිනවලු .
.............................................................................................................................
කසුන් =මගෙ ජීවිතේට මම මත්ද්‍රවය කටේ තියලා නෑ .ඔය මල් පැන් පොදක් යන්තම් බීවා විතරයි . මම ගාව තව උපමා තියේ ගමකට
@මාධව = කෙල්ල දන්නෙවත් නෑ මගේ බ්ලොග් එක ගැන ඇයි බං මේක පෙන්වන්න්නේ කොහොමද ? මගේ හාල් සිද්දි ඔකෝම තියෙන්නේ මේක ඇතුලේ නෙව .
.............................................................................................................................
@මාරයාගේ හෝරාව = අනේ බං මාව හදන්න බෑ ඉස්කෝලෙන් මාව පැන්නුවෙත් ඔයි කතාවම කියලා තමා . උඹලා මට සප් එකට ඉන්නවා නම් මම කෙල්ලව දැන් එක්කං එනවා . උස්සන්නෑ එක්කං එනවා . නැත්තං පොලීසියෙන් මගේ බ්ලොග් එක සීල් තියාවි .හ්ම් තමා අවුල . පස්සේ කියාවිද දන්නෑ මම කවදද හා කීවේ කියලා .
.............................................................................................................................
මධුරංග = උඹලා කස්ටියටම දෙනවා ඔකඳ වෙලා යන්න පාටියක් සල්ලි සල්ලි කියලා බලන්නෑ ඉස්තරම් කෑම බීම වලින් දෙනවා දුම් වීසිවෙන්න .ඔයාලා ලිවුං කවර අරං එන්න එනකොට
.............................................................................................................................
@හිරණ්‍ය = මමත් කලබල වෙන්නෑ මචං මම තව වසර තුනක් විතර ඉවසනවා .
.............................................................................................................................
@kumaraya = ඔය සමහර දේවල් නම් අතින් දැම්මා ඒත් සමස්තයක් වශයෙන් ගත්තාම මේක මට වෙච්ච පච සීන් එකක් සත්තයි .
.............................................................................................................................
@dishanrajapaksha= උඹලා මම හිටි තැන හිටියා නම් මට ඕම කියන්නෑ කොල්ලනේ
.............................................................................................................................
@පූසා = මම එදා හිතුවේ උඹලෑ අයියා මෝඩයි කියලා අද මම කියනවා ඌ නියම ඩයල් එකක් කියලා සංගා එහෙම තත්වයක හිටියැයි මචං සිරාවට ..
.............................................................................................................................
@uwiniran= උඹ ඉතින් බොල අද නෙව ආවේ . දිගටම ආවොතින් උඹටත් මම එන්න කියනවා මගේ මෙවුවා එකට වෙඩිමට
.............................................................................................................................
@සපතේරු උන්නැහේ = ඔය එකක්වත් බලලා නෑ අයියා හෙට ඔපීසියට ගිය සැනිං එකක් බෑ වෙන්න දාන්න ඕන . හොඳයි වගේ ඔයි ෆිල්ම් දෙක
.............................................................................................................................
@Il mondo di una povera pazza = තව වසර දෙකක් තියනවා නේ මම ඉවසලා බලනවා ඉක්මන් වෙන්නෙත් නෑ . මේ ලීවේ අපි අතර වෙච්ච දෙබසක් විතරයි .
.............................................................................................................................
@සිතුවිලි නිහඬයි = අක්කේ මම ඉතින් කොහොමත් මගේ නඟා බඳිනකම් බඳින්නේ නැතිව ඉන්නයි හිතුවේ ඒත් ඉතින් මේතරම් ආදරේ කරාපු කෙල්ල වෙන තැනකට දෙන්න මාමන්ඩියා තීරණය කරලා නම් මම ඉක්මන් වෙන එක වරදක් නෑ නේද ? බලමු මම පසු තැවෙන්න කැමති නෑ
.............................................................................................................................
@ප්‍රියන්ත = අනිවා මම උඹටනම් අයියා ඔහාට ඇවිල්ලා හරි මොනා හරි දීලා යනවා . කොන්දේ අමාරුව අන්න තව ලෙඩක් .
.............................................................................................................................
@ගොඩයා = ඒත් මචං වෙඩිමක් කද්දී කස්ටිය ලිවුංකවර දෙන එක ගැන මොකද කියන්නේ අද කාලේ වෙඩිමක් කියන්නේ බිස්නස් එකක්
.............................................................................................................................
@දිනිත් = කෙල්ල සතියක්ම අඬලා තමා මචං අප්පුච්චගේ හිත හදාගෙන තියෙන්නේ .ඒකයි මට ඔහොම කතා කලේ ඒක නිසා පොඩි අවුලක් නැතිවාමත් නෙවේ . මේදවස් වල වැඩ සාමකාමිව
.............................................................................................................................
@කස්සා = ස්තූතියි බං කක්කුස්සි වල ගාව තිබුනේ ගැට පිච්ච මල් වැලක් මම වතු සුද්ද කලේ නිකම් ජොලියට වගේ .
@කල් = අනිවා කියනවා රජ පාට්යක් දීලා තමයි සඳරුවා පස්ස බලන්නේ .
.............................................................................................................................
@සෝරෝ = උඹත් පැනලා ගියා නම් අද අර වෙන කෙනෙක් බැන්ඳ කෙල්ල උඹගේ නේද ? උඹට තිබුනා කෙල්ල එක්ක පයින්න
.............................................................................................................................
@අසනි = මොනා කරන්නත් තව වසර දෙකක්වත් ඉන්න තමා මම හිතා ඉන්නේ .හදිසිසියේ ලීවාට මම මෙවුවා ක්‍රියාවට නංවන්නේ පරිස්සමෙන් .
.............................................................................................................................
@Anonymous = උඹ නමක් නැතිව ඇව්දින් මට කීව දේ බොක්කට වැඳුනා බං . කසාද බඳින්න පුලුවන් එක පාරයි නේද .ඒක ඇත්ත .කොහොමත් කලබල නැතිව වැඩේ ගොඩින් බේරගන්න බලනවා ."ආදරේට බ්රේක් නෑ...! ජීවිතේට රිවස් නෑ ඒක සහතික ඇත්ත
.............................................................................................................................
@දිනේශ් = පූජාගේ අප්පුච්චා ඔයාට මොකද කීවේ අයියේ ? දැන් නම් පනින්න නිකං මොකද්ද වගේ
.............................................................................................................................
@අභීත = උඹ ඉතින් කියන්නැති "බොනවා නම් බොමු මාමේ " එහෙම කීවා නේද .?
.............................................................................................................................
@පිණිබිඳු =මම රොමැන්ටික් වෙන්නෑ අක්කා මම ඔකඳ වෙනවා ..හික් හික්
.............................................................................................................................
@JHOTHISHALANKA = ස්තූතියි අයියේ .ඔයාලගේ අදහස් නිසා මට ලියන්න හිත දෙනවා
.............................................................................................................................
@Sampath Sri Sitinamaluwa = මම කවදාවත් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවේ අයියේ . මගේ අම්මාගෙන් වුණත් මම අනුකම්පාවක් පතන්නේ නෑ .ඉස්කෝලෙන් මාව අස් කල වෙලේ මම ආයේ ඒක කරන්න එපා කිය කිය කනලවු කරන්න ගියේ නෑ කා ලඟටවත් .මගේ හිත කියනවා මම ඒදේ ලියනවා ඒක වැරදිද මචං . ඔයා කියන දේ හරි ඒත් මම නොලීව දේ මොකද්ද දන්නවාද ? කෙල්ල සතියක් අඬලා තමයි මාව බලන්න ඒ දෙමාපියන්ව කැමති කරං තියෙන්නේ .
.............................................................................................................................
@cjgayan = අඩේ අන්න උදවුව .සීයක විතර සෙට් එකක් ගියානම් මාමා කොර .උඹගේ කටේ පොඩි සල්ලි දාන්න වටිනවා
.............................................................................................................................
@දුශ් = ටිකකට Sampath Sri Sitinamaluwa කියන අයියට දීපු උත්තරෙත් බලන්න මයෙ මචෝ . පොර නරක නෑ ඒත් හිතන තරම් හිත තෙතත් නෑ .ඇත්ත තමා සල්ලි වලට කැමති කෙල්ලෝ මට නම් එපා මයි
.............................................................................................................................
@nawammawatha = ඒ ඇයි ඔයා හිතුවේ මට කියයි කියලද ? අඩේ එහම නෑ මම බැඳොත් උඹලා හැමෝටම නිකම් හරි ආරාධනා කරනවා තව වසර දෙකක් පැනලා තමයි මොන මගුලත් කරනනේ
.............................................................................................................................
@නිර්මල = ඇයි බං මාව බය කරන්නේ ? කෙල්ල හ්ම් කිව එකට නම් මටත් අවුල් .ඒත් පස්සේ කෝල් පාරක් දුන්නාම කට පුරෝලා හා කීවා උඹත් ටිකකට Sampath Sri Sitinamaluwa උත්තරේ අග බලහං මයෙ බොක්ක
.............................................................................................................................
@ප්‍රාර්ථනා = මාමා හදන්නේ මට කොලේ වහලා කෙල්ලව වෙන කාටහරි දෙන්නද කියලා මට සැකයක් තියනවා ඒකයි මම පැනලා යන්න එන්න කීවේ දැන් නම් හිතෙනවා පන්නං ඇවිල්ලා තියන්නේ කොහේද ඒකිව කියලා .බීම අඩු කරලා දැන් ගොඩක් කල් අක්කේ තව ටික දවසකින් මම නිදහස් .
@ sandaru > හ්ම්ම්ම්, කරාට පස්සේ පසුතැවිලි වෙන්නේ නැති තීරණයක් ගන්න :)
අඩෝ මචන් උබත් මම වගේමයිනේ බං....සිරාවට ලියලා තියෙනවා වෙනදා වගේම.
කමෙන්ට් කරන්න පරක්ක උනේ තත්පරෙත් බේරගන්න හින්ද නෙවෙයි! ලියන්න ඔ්න එක වචන බවට පත් කරන්න අසමත් වෙච්ච නිසා! ගැඹුරු අදහසක් තියන කතාවක්!
සඳරුවෝ..
මේක උභට වුන ඈත්ත කතාවක්ද නෑද්ද මම දන්නෙ නෑ. මොනා උනත් උභෙ මාමණ්ඩි සාදාරන පහෙ පුද්ගලයෙක් නේද?
හරි සමබර ලෙස කතා කරල තියෙන්නේ
මේක උබට ඈත්තටම උන එකක්නම්,
දුකත් හිතුන අප්ප...
අනේ මන්ද....
@සඳරු
සඳරු මම කිව්වදේ වැරදියට තේරුම් ගන්න එපා මචං. මම උඹව බය කරන්න කිව්වා නෙමෙයි. මම කිව්වේ කෙල්ල උඹ අහපුදේට "හ්ම්" කීමෙන් හරි උත්තරයක් ඒ වෙලාවේ නොදුන් බව විතරයි.කෙල්ල "හ්ම්" කීමෙන් අදහස් කලේ ඒ ගැන තව හිතන්න ඕන කියන එක බවයි මගේ අදහස. කෙල්ල පස්සේ ඒකට කට පුරෝලා හා කිව්වනම් ඒ කියන්න ඇත්තේ ඒක ගැන හොඳට හිතලා. ඒහෙම හිතලා මතලා "හා" කියපු එක කලින් උඹ අහපු වෙලාවෙම "හා" කියලා කියනවට වැඩිය ස්ථිරයි කියන එකයි මම හිතන්නේ. මොකද අර වෙලාවෙ හිතේ ආවේගෙට හා කියනවට වැඩිය පස්සේ හා කියන්නේ එයා හොදට හිතලා මතලා තමයි තීරණේ අරන් තියෙන්නෙ.
අනික් කාරණේ තමයි මම උඹ කියපු විදිහට Sampath Sri Sitinamaluwa දාපු කමෙන්ට් එකත් එයාට උඹ දීපු උත්තරෙත් මම බැලුවා. මමත් එකඟයි එයා කියලා තියෙන දේවල් වලට. උඹ කියන විදියට කෙල්ල බොහොම අමාරුවෙන් තාත්තව කැමති කරවගෙන තියෙන්නේ උඹව හම්බවෙන්න. ඉතිං මාමණ්ඩිට තිබුනා උඹ ගැන වැරදි ආරංචි ලැබිච්ච ගමන්ම උඹව කපලා දන්න. නමුත් එයා එහෙම නොකර උඹට අවවාදයක් දීලා උඹට අවස්ථාවකුත් දීලා තියෙනවා. ඉතිං මම හිතන්නේ උඹ ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕන කියලා.
මාත් දැන් අවුරුද්දකට විතර කලින් අපේ එක්කෙනාව ගෙදර ගෙන්න ගත්තා. ඒ මතකයත් එක්ක මේ කතාව ගලපනවා නම් මෙහෙමයි : කෙල්ල අයියාව ගෙදරට පෙන්නන්න මහන්සි වුනේ එයා ඔයාට ඇත්තටම ආදරේ නිසා සහ දෙමව්පියන්ගේ අවසරය/ සුභ පැතුම් මැද විවාහ වෙන්න එයා ආසා නිසා. අර හ්ම්ම් එකේ තේරුම සමහර විට "මම මෙච්චරක් මහන්සි වෙලා අම්මලාට මේකව පෙන්නුවා, මූ දැන් කතා කරනවා පැනලා යන්න" වගේ දෙයක් වෙන්නත් පුළුවන්.
ඒක නිසා පැනලා යන්න නම් හිතන්න එපා.
තාත්තා කතා කරපු විදිය මට නම් අවුලක් නැහැ. ඕනෙම තාත්තා කෙනෙක් කැමතියි දුවව දෙන්න හොද කෙනෙක්ට. ගොඩක් තාත්තලා බොන බෑණලාට කැමති නැහැ. කැමති අයත් ඉන්න පුළුවන්. ඔය තාත්තා වැරදියි කියලා කියන්නේ මොනවටද කියන ඒක හොයාගෙන ඒ දේවල් නොකර හිටියොත් හොඳයි කියලා හිතෙනවා.
කෙල්ලෙක්ගෙ ගෙදර එන්න කිව්වම කොල්ලෙක්ට ඇතිවන සිතිවිලි ටික නම් නියමෙට එලියට දාලා තියනවා. දැන් තමා තේරෙන්නේ පිට තැන්වලදී ඉවරයක් නැතිව මාත් එක්ක රණ්ඩු (විහිලුවට)වෙන, කියවගන්න කෙනා අපේ ගෙදර ආවම මී පැටියා වගේ ඉන්නේ ඇයි කියලා :)
තව දෙයක්. බ්ලොග් වල වටිනාකම වැඩි වෙන්නේ මෙන්න මේ වගේ ලිපි වලින්. දැන් බලන්න සඳරු (22 යි නම් මම ඔයාට අක්කා කෙනෙක් ) මල්ලිගේ ජීවිතේ තියන එක්තරා ගැටළුවක් විසඳගන්න / ඒ දිහා වෙනස් විදියට බලන්න කී දෙනෙක් සහභාගී වෙලාද කියලා?
ජය වේවා!! ලේඛන හැකියාව සහ ජීවිතය යන දෙකේම දිග ගමනක් යන්න පුළුවන් ඔයාට. ඔහොමම යමු!
කියන්න ඕන දේවල් කට්ටියම කියලානේ.. ඔන්න ඔහේ ටිකක් ඉවසලා ලස්සන වෙඩිමක් ගමු සඳරුවෝ.. හසී එනවා අනිවා වෙඩිමට :)
ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න try කොලේ කූල් බියර් ටින් එකක රස බලන ගමන් ද ? hikiz :)
හිස් අහස දෙස බැලූවන්, 200,000 පැනලා ...ජය වේවා !!
උඹේ ලිවීමේ හැකියාව තමයි ඉතින් ...... ෆට්ටයි ඈ......
නියමයි හිමින් හිමින් වැරදි හදාගෙන හොඳ පවුල් ජීවතයක් ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...:)
මමනම් කියන්නේ ඔය කිව්ව වැරදි ටික හදාගන්න කියලා. එතකොට මාමණ්ඩියා සේප් වෙයි.. පුද්ගලික අත්දැකීමක් කියනවනම්, එහෙම සේප් කරගත්තම ඕන වෙලාවක කෙල්ල මීට් වෙන්න සහ etc. අවසර ලැබෙනවා ජලය වගේ.
වැරැද්දක් හදාගත්තා කියලා පාඩු වෙන්නේ නැතිවෙයි එතකොට.
මලේ අර මාම කියපු දෑතේ හැකියාව උබේ ලිවීමේ හැකියාව වෙන්ඩැති බං නරක්ද පොතක් කාරිය ලීවොත් ( බින්දි කියපු දේ හරි වගේ බොල ) බ්ලොග් අවකශයේ ඉන්න සෙට් එක අහක බලන එකක් නෑ,
කියන්න ඕනෙ දේවල් කට්ටියම කියලනෙ බං..මමත් ඔය බොන එක නවත්තපන් කියන කට්ටියගෙ පැත්තෙම තමා...ලිවිල්ල නම් ලෙසටම තියෙනවා....මචං සඳරු උඹ බීම නවත්තල, වල බහින එක පොඩ්ඩක් අඩු කරලා ඩීසන් කොල්ලෙක් වෙයන්... එතකොට මාමණ්ඩිලා ව අල්ලෙ නැටෙව්වහැකි බං....කොහොම උනත් මාමණ්ඩියා එල කොල්ලෙක්.සාධාරණ බුවෙක්.....
අනේ මල්ලියෝ ඔය වගේ අවස්ථාවකට උපදෙස් දෙන්න මට නං අත් දැකීම් නෑ.
ඒත් එක අදහසක් දුන්නහැකි.
මේ බ්ලොග් එක මාමණ්ඩියට පෙන්නල බලන්ඩ.
අපි අඳුන ගත්ත වගේ ඔයාගේ නිහතමානීබවයි, අවංක කමයි මාමණ්ඩිය අඳුන ගත්තොත් කැමති වෙයි.
නැත්තන් කෙලවෙයි. මොනව උනත් හිතේ දෙගිඩියාව පහ වෙලා දෙකින් එකක් තීරණය වෙයි.
හැබැයි මං කිව්වට කරන්ඩ යන්ඩ එපා. හොඳට හිතල බලන්ඩ.
හැමදාම වගේ අදත් මම හොදටම ලේට්... එත් ඔයාට කියලා තියන දේවල් එක්ක බැලුවහම සිහිනත් හරි... ඒ වගේම මාරයා කියන දේත් අවුලක් නැ නේද?? කොහොමහරි ජිවිතේ උබේනේ..... ඔන්න හැබැයි මොන විදිහට වෙඩිම ගත්තත් එදාට බ්ලොග් කාරයෝ ඔක්කෝම එතනට ගෙන්නනම වෙනවා (පැනලා ගියත්)
මලයා එක අතකට උඹ වාසනාවන්තයි.. මොකද මම කෙල්ලගෙන් අහන්නත් කලින්ම ගෙදර ගියේ.. මොකද අපේ නංගී පූජගේ හොදම යාළුවෙක් නිසා මම අහන්න කලින්ම හැමදේම එයාලා දන්නවා.. ඒත් මම එහේ ගිය දවසේ මට කිව්වේ පුතේ පූජා අසනීපයක් තියෙන ළමයෙක්.. එයාගේ ජීවිතේ කෙටියි කියලා..
ඒ අතින් මලයා වාසනාවන්තයි.. ඔය කියන විදිහේ අඩුපාඩු මලයා ලග තියෙනවනම් ඒවා හදාගෙන හොද පෙම්වතෙක් වෙන්න.. ආදරයට ආදරේ කරන්න...
මල්ලිගෙ බ්ලොග් එකට ඇවිල්ල ඉස් ඉස්සෙල්ලම කියෙව්වෙ අර කෙල්ලෝ 48ක් ඉස්සරහ වැටුනු සීන් එක. එදා මම කොමෙන්ට් එක දාල තිබුනේ ඇනෝ විදිහට... මගෙ කොමෙන්ට් එක තමා "27 October 2010 12:54" ට තියෙන්නේ. මේ ලඟදි උඹේ බීම ගැනත් මම ඉල්ලීමක් කලා මතක ඇතිනේ.. (අර ලොකු සර් ගේ සීන් එකේදි ) .
සඳරුගේ ලිපියට ඕනෑවටත් වඩා උපදෙස් නම් ලැබී ඇති බව පේනව. මම තවත් උපදෙස් ලියන්න යන්නේ නෑ...
උඹේ බ්ලොග් එක හරියට ලයිව් ටෙලි නාට්ටියක් වගේ....
අද මට පරක්කුවෙලානේ හිස් අහසට එන්න සැට් උනේ ......
කතාවනම් ලොවෙත් නෑ අය්යේ ... සිරාවටම තියෙනවා ...... අපිටනම් කෙල්ලෝ හිටියත් දැම්මම කෙල්ලන්ගේ ගෙවල් අස්සේ යන්නේ නෑ .... මොකෝ ඉතින් බදින්න වයසක් තියේ යෑ ......
නෑ නෑ මචෝ මම ලියපු කිසි දෙයක් උඹ ලියල නෑ... මම කිව්වෙ මගේ හිටපු පාදපරිචාරිකාවත් ඒකිට බන් කියන්න එපා කියල මාත් එක්ක හුරතල් වෙන්න ආව කියන එක... ;)
ගෑනු ඔය කියන එව්වානං සත පහකට විස්වාස කරන්න එපා.ඔවුන් කියන තරමක් කියන්නෙ බොරු.අනික ඔහොම පැනලා යන්න ආවත් ඉතිං දිගටම ඤරු ඤුරු ගාන එක අහං ඉන්න තමයි වෙන්නෙ."තාත්ත අපිට බොහොම සැප දීලා හැදුවෙ, මූත් එක්ක ආවත් හරි කිසි වගතුවක් නෑ" කියලා කියන එක ජීවිත කාලෙම අහං ඉන්න උනෝතිං ජීවත් වෙලා වැඩක් නැතුව යනවනෙ බං.ඔය වගේ ලොකු තීරණ ගන්නකොට පරිස්සමෙං හොඳේ............
එයි සඳරුවා. උඹේ කතාව කියවනකොට මට මතක් උනේ ඉස්සර නරලොව හොල්මන් කතාව ලියපු චන්ද්‍ර අනගිරත්නගේ කතා.. ඒ වගේම අනර්ගයි.. පොතක් දෙකක් ලියාපන් හොඳට විකිනෙයි.. දවසක උඹ බලන්න එන්න ඕනා කවදාද කියල නම් නිච්චියක් නැහැ..
අය්යෙ ඔයා නම් පට්ට ඈ.............
මම ඔයාගේ පෝස්ට්ස් ගොඩක් කියෙව්වා.ආයි වචන නෑ.මමනම් අද තමයි මුලින්ම ඔයාගෙ බ්ලොග් එකට ආවෙ.මෙච්චර වෙලා ඒ ටික කියව කියව තම හිටියේ.එල ඈ.
සදරු, අප්පච්චි නැති ඔයාට අප්පච්චියෙක් වෙන්න ඉන්න කෙනාට දුකක් දෙන්න හිතන්න එපා.
ඔයාගේ අප්පච්චි හිටියනම් ඔයාගේ නංගිව ඔයාගේ වගේ චරිතයක් තියෙන කෙනෙකුට කිසි අවවාදයක් නොදී බාර කරයිද?
වැඩිහිටියෝ බදින්න කලින් බෑ කියන්නේ ප්‍රශ්නයක් ආවහම ඔයාලදෙන්නා එම ප්‍රශ්නේ මොන විදියට විසදයිද බලන්නයි. එහෙම වෙලාවට ඉවසීම වැදගත්.
මමත් බදින්න අවසර ගන්න අප්පච්චිගෙන් ඇහුවේ අප්‍රේල් මාසේ. අවසර ලැබුනේ නෑ. අවසර ලැබුනේ දෙසැම්බර් මාසයේ. එයත් අප්පච්චි ගෙනා මංගල යෝජනා බලා ප්‍රතික්ෂේප කිරීමෙන් පසු. අන්තිමේදී 'තවම එයිගැනද හිතන්නේ එහෙනම් එන්න කියන්න බලන්න' කීවා පමණි. මුලදී අකමැති වචනයක් දෙකක් කී පමණින් අප්පච්චි සමග අමනාප නොවන්න.
සුභ අනාගතයක් !
-අම්බි
http://www.youtube.com/watch?v=5uA1ZW0-vhw
මම උඹේ බොන එක ඇර වෙන අඩුපාඩුවක්නං දන්නෙ නෑ සහෝ. මොනවා වුණත් මොළේ කල්පනාකරලා වැඩ කරපං. 22 කියන්නෙ කසාද බඳින එක ගැන හිතන වයසක් නෙවෙයිනෙ. මම කෙල්ල ගැන හරියට දන්නෙත් නැති නිසා පැනලා යන එක ගැන උපදෙස් දෙන්න යන්නෙ නෑ
සඳරුවො,
ත්‍රී වීල් එකක් හයර් කොරගෙන පල්ලෙහාට බැස්සෙ, යන ගමං කොමෙන්ට් දෙක තුනක් කියෙව්ව. මට හිතුනේ දැකපු ඒවායින් "කෝච්චිය" කියපු ටික වැදගත් කියල. මං එක පාරක් වහෙන් ඔරෝ වගේ කිව්ව, මාත් බොන කන එකා හින්ද අත්දැකීමෙන් කිව්වෙ කියල,නාකියගෙ වචනෙ ගැනත් චුට්ටක් විතර හිතහන් පුතා...
@dishanrajapaksha = තීරණයක් ගත්තා මචං ඒත් ඒක ක්‍රියාත්මක කරන්න තව ඉවසන්න ඕන
.............................................................................................................................
@පිස්සු පුසා = මමත් නොබර් එකේ පිස්සෙක් තමා බං .. හික්
.............................................................................................................................
@තනි අලියා = ඇයි බං තනි ලියා කියලා නමක් දාගත්තේ . හිනා කෝටියයි .ස්තූතියි ආ
.............................................................................................................................
@ජීවිතේ මල් = අක්කා මේ කතාව ඇත්ත ටිකක් සැර අඩු කරලා ලීයපු සත්‍ය කතාවක් බොලේ
.............................................................................................................................
@නිර්මල = මම උඹලා කියන දේවල් වැරදි ඇහැකින් බලන්නෑ කොල්ලෝ උඹ ඉතින් එදා ඉඳන්ම මගේ බොක්ක වගේ එකෙක් නේ .දැන් ඉතින් මට වෙච්ච දේවල් ආයේ ලියන්න විදිහක් නෑ බං මට වෙච්ච ගොඩක් දේවල් දැන් මේකේ ලියවිලා ඉවරයි . දැන් ආයේ වෙන්න තියන දේවල් තමා මට ලියන්න වෙන්නේ
.............................................................................................................................
@deeps = මට අක්කේ මෙන්න මේක නොකියාම බෑ මම ඔයාගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දැම්මා දවසක් අනේ අපොයි මෙන්න මගේ රියල් ඊමේල් ලිපිනයයි මගේ මූනයි සේරම ඒකේ . මට ඒකේ කමන්ට් ආසයි බයයි . බැරිම තැනක් වුණොත් පැනලා යනවා ඒත් මේක නිකං ලීවට මම මේදේවල් කරන්න පෙර සිය පාරක් හිතනවා .ඔයා හරි සෑහෙන දෙනක් මට උපදෙන් දෙන්න ආවා නෙව .ස්තූතියි අක්කා .
.............................................................................................................................
@හසී = දැන් ඔයා නේද පැනලා යන්න හිටියේ හූ හූ
.............................................................................................................................
@සාගර = අනේ මචෝ කෙනෙක් ඇවිල්ලා රීප්‍රෙශ් කලත් හිටක් වැටෙනවා ඒක නිසා ඔවුවා හිතන්න හොඳ නෑ . උඹට ස්තූතියි . බීර විතරයි දැන් බොන්නේ මම .
.............................................................................................................................
@මලිති = බලමු මගේ ජීවිතේ කොහේට පාවෙලා යාවිද කියලා මමවත් දන්නේ නෑ මලිති
.............................................................................................................................
@ලහියා= මමත් මේ දවස් වල හැදෙන්න ට්‍රයි කරමින් .මචං ස්තූතියි ආවට සහ රත්තරන් අදහසට
.............................................................................................................................
@sameera= අනේ මචෝ මට එහෙම හැකියාවක් නෑ කොල්ලෝ මම මේ යන්තම් වෙච්ච දෙයක් ලියලා පෝස්ට් කරන එකා . උඹලා මං ගැන එහම හිතාපු එකම මට ඇති .
.............................................................................................................................
@ශශී = අඩේ අයියා උඹටත් මාමා එල කොල්ලෙක් ලු එහෙනම් ඈ .හැබැයි මාමා කෙල්ලව වෙන එකෙකුට දුන්නොත් මම උඹව හොයාගෙන එනවා . :)
.............................................................................................................................
@පොත් ගුල්ලා = මේක ගැන ගොඩ දෙනෙක් දන්නෑ මගේ ගමෙන් තුන් දෙනයි මේ බ්ලොග් එක ගැන දන්නේ . අප්පා මේක පෙන්නවුවොත් මට ජල ගුටි ලැබේවි
@දේවා ගේ අඩවිය = අඩේ මේ පලාතට බ්ලොග් කාරයෝ ගෙනල්ලා මම උන්ට කොහේද ඉන්න දෙන්නේ ? අන්න පුරස්නේ . හතර දෙනෙක්ට නම් යන්තම් ඉන්න තැනක් දුන්න හැකි බං .
.............................................................................................................................
@Dinesh = සමාවෙයං අයියා මම ඕන නැති දේවල් අහලා උඹව රිද්දුවා නම් .
.............................................................................................................................
@නදුන් උයන = මට මතකයි මට මතකයි . ස්තූතියි ඔයා දීපු පලවෙනි කමෙන්ට් එක මට හෙනම හයියක් වුණා .
.............................................................................................................................
@pasindu mihiranga = මමත් ගියේ බැරිම තැන කෙල්ලෙග්න් බේරිලා ඉන්න බැරි වුණා මට
.............................................................................................................................
@සාතන් = කෙල්ලෝ එහෙම තමයි බං කැත වචනයක් කියවුණොත් චීයා කියනවා ඒත් එහෙම කියන්නේ හිතකින් නෙවේ
.............................................................................................................................
@දිනුක ජයකොඩි= මගේ එකිත් එහෙම කියන ජාතියේ එකියක් බව මට හොඳටම සුවර් .එහෙනම් ඔයා තාත්තා ලඟට යන්න මම රට යනවා කියලා මම දුවනවා එතකොට . වැඩේ ගොඩ .
.............................................................................................................................
@සරත් ලංකාප්‍රිය = අපි සෙට් වෙමු ලොකු අයියා ලගදීම දවසක . මම උඹව හොයාගෙන එන්නම් එදාට .
.............................................................................................................................
@කොත්තු බාස් = අඩේ කොත්තු බාස් කෙනෙකුත් ඇවිදිං . හික් හික් ..ස්තූතියි මලයෝ
.............................................................................................................................
@අම්බි = ඒ කතාව නම් ඇත්ත . මම වුණත් එහෙම තමා ඒත් මට සැකයි මාමා කෙල්ලව වෙන දුර ඈතකට පිටුවහල් කරාවි කියලා . මාමා සමග අමනාප නැත . ස්තූතියි අම්බි
.............................................................................................................................
@පිස්සි = පැනලා යන්න එපා වුණා ඒක දැක්කම
.............................................................................................................................
@blog gadol = කෝමත් ගෙදරින් ඒකිව මට දුන්නැත්තං මට කරන්න ඉතිරි වෙන්නේ එච්චරයි මචෝ .
.............................................................................................................................
@Observer = මම ඔබා අයියගේ වචන අහක දානවද ? නෑ මම හැදෙන්න කොහොමද කියලා නම් මම තාම දන්නෑ අයියා . මටත් හොරෙන් මගේ බීම නැවතිලා දැන් බියර් එකක් මාසෙකට එක පාරක් දෙපාරක් බොනවා ඇරෙන්න ආයේ බීමක් නෑ .ඉගන ගැනීම නම් මට ආයේ කරන්න කල් නෑ අයියේ ඉතින් මම දැනටමත් හැදිලා දැන් රස්තියාදුවත් නෑ ජොබටම දවස ගෙවෙනවා . මම හැදිලා මචං .. උඹ කොහේද අයියේ නාකි උඹ අපේ එකා
උස්සන් ආව වගේ නෙවෙයි බං... ඊට පස්සෙ තමයි ලෙඩේ... ගෑනුන්ට අඩුම අඳින්න දීලවත් පිරිමහන්න පුලුවන්ද? හොඳ ජොබ් කට්ටක් හොයාගනින් ඔක්කොටම කලින්... මොකා මොනව කිව්වත් සල්ලි නැතුව අද කාලෙ ලැට් යන්නවත් බෑ...
සදරුවෝ. වෙඩිමක් ඕනෙ නෑ මචන්.. ඒත් කෙල්ලව උස්සන් පනින්න කලින් දෙපාරක් හිතන ඒකිව ගෙනල්ල පෝශනය කරන ඒක.. හිතා තරම් ලේසි නෑ කොල්ලො. අහපන්.. කෙල්ලව අරන් පනිනවට වඩා අර තාත්තා කිව්ව විදිහට "හැදියන්". මෙහෙමයි මචන්.. උබ කරල කියල තියෙන එව්ව පැත්තකට දාපන්..හැදෙන්න කියන්නෙ මහ ලොකු මගුලක් නෙවෙයි මචන්. සිගරට් ගහන එක අඩු කරල නවත්තල දාපන්.. දැන් උබට කෙල්ලෙක් ඉන්නව නෙ. ඒ නිස්ඩ උබේ අනාගතය ගැන හිතල කීයක් හරි ඉතුරු කරහන්. යාලුවො එක්ක , උන්ටත් එක්ක බොන්න අරන් දෙන එක අඩු කරහන්.. පස්සෙ අපි හැමොටම කියල පට්ට මගුලක් කමු මචො... එලzz
ජය වේවා..
අප්පට සිරි!!! සඳරුට තවම අවුරුදු 22යිද? මං හිතන් හිටියෙ ඊට වඩා ගොඩක් නාකි ඇති කියලා... එහෙනම් ඔය වැඩිත් එක්ක කල් තියෙන්නෙ හොඳ ළමයෙක් වෙන්න.
හරි හමං ජොබක්, කෙල්ලගේ ගෙදර යන්න වාහනයක්,ඔළුව උඩ උපාධි තොප්පියක් තිබ්බත් ඕනම තාත්තෙක් දුවව දෙන්න ලෝබයි.
ගර්ල් "හ්ම්" කිව්වට එයා පව්නෙ. ආදරේට එහෙම කිව්වට ඕනම ගෑණු ළමයෙක් කැමතියි ලස්සනට තමන්ගෙ මඟුල ගන්න... එයත් එහෙම හීනයක් මවාගෙන ඇති. ඔය බීම ටිකක් අඩු කරන්නකෝ. එතකොට මාමණ්ඩි උඩින්ම කැමති වෙයි ලොකු ඩවුරියකුත් එක්කම දූ දෙන්න...
මොකද බං මේ පච වුනා කියන්නේ??? කිසි අවුලක් නැතුව ඇවිල්ලනේ උඹ...
@සඳරූ
මචන්, කෙල්ලගෙ තාත්තා කියපු දේ හරියට හරි.
මොකද මම ඒක දන්නවා මමත් තාත්තා කෙනෙක් නිසා.
හොඳයි උඹ කැමතිද? හැම තිස්සෙම බෝතලේ කටේ තියාගත්ත , කොල්ලෝ එක්ක හැම තිස්සෙම වලි දාගන්න පොරකට උඹේ දූව බන්දලා දෙන්න.?
මල්ලී,ඔයා ගොඩක් ලස්සනට ලියනවා.ඒ දේවල් හරිම අව්‍යාජයි.මම ඔයාගෙ බ්ලොග් එක අහම්බෙන් වගේ දැක්කෙ දැන් සති දෙකකට විතර කලින්.ඇත්තමයි එදා මම සේරම පෝස්ට් ටික එක හුස්මට කියවල ඉවර කරා.ඒ තරම් ලස්සනයි.ජීවිතේ ඔයාට ගොඩාක් දුර තව යන්න තියෙනවා.කාලය විසින් බොහොමයක් දේවල් විසදනවා උත්සාහයෙන් වැඩ කළොත්.ජීවිතේ පළවෙනි වතාවට අද තමයි මම සිංහල කමෙන්ට් එකක් දාන්නෙ.ඒ තරමටම ඔයාගෙ පෝස්ට් හිතට දැනුනා.ඔබට සදා ජය!
යකෝ මෙහෙම මාමණ්ඩිලා දාහෙන් සම්පතයිනේ. හැදියන් කියලත් කියලානේ බන්. උඹේම හොඳ වෙලාවකට තමයි මෙහෙම මාමණ්ඩියෙක් සෙට්වෙලා තියෙන්නේ. සුභ පැතුම් ලොක්කා. වැඩේ එලකිරි වගේ නැගලා යන්න කියලා බොක්කෙන්ම විෂ් කරනවා
දැන්වත් හැදියන් මලේ... අපිත් ආසයි බං උඹ කිව්වත් වගේ ඔය පැත්තේ ඇවිල්ලා යන්න...
comment ekak danna enakota comment 110 kma watilaa. noliya yannath hithalaa liyanna hithuwe kaawa hari goda ganna thiyanawanam eka loku deyak nisaa
1.Biyar bona eka nawaththanna
2. dum bonawana raha mera bonawanam ewath nawaththanna
3.kollo ekka rasthi gahanawanam ewath nawaththanna
mama kellage gedarin ahanakota mata rassakak thibune naha, training hitiye. mama aththa kiwwa. habayi e wenakota oyata wagema matath upaadiyak thibune naha. waahanayak thibune naha. demawpiyo kamathiyi ewa thiyena ayata thamange duwawa denna. oyaa e ayata pennanna oayata ilakkayak thiyanawaa kiyalaa.
1.ada hetama baahira upaadiyakata ayadum karanna.
2.karana anawashya wiyadamak dekak kapalaa danata karana rakiyaawenuth keeyak hari daalaa geweeme kramayata hari bike ekak wath ganna
SMART charithayak wenna uthsaaha karanna.
සඳරු,
උඹගේ හිස් අහසේ පෝස්ට් ඔක්කොම මම බැලුවා....
ඒ උනාට මටනම් හිතෙන්නේ උඹේ අහස හිස් එකෙක් නෙමෙයි කියලා තමයි....
ඒක බොහොම හොඳට ඉර හඳ තරු පිරිච්ච අහසක්
උඹ මේ බ්ලොග් අවකාශේ විතරක් හිර වෙලා ඉන්නේ නැතුව උඹේ ලිවීම පුලුවන්නම් තව පුළුල් කරපන්
උඹට තියෙන්නේ කලාතුරකින් මනුස්සයෙකුට පිහිටන හැකියාවක්
ඒ වගේම දැන් ඉස්සර වගේ නෙමෙයි උඹත් ටිකක් හැදිලා කියලා උඹම කියල තියෙනවනේ
මෙහෙම ටික ටික වෙනස් වෙන එක හොඳ දෙයක්
එක පාරටම වෙනස් වෙන්න යන්න එපා
එතකොට ඒක උඹගේ මනසටම දරා ගන්න අමාරු වෙනවා...
එහෙම උනාම අපහු පරණ පුරුදු තැනටම යන්න හිතේවි
ඔහොම තව ටිකක් පලයන්... එතකොට මාමණ්ඩි වුනත් තේරුම් ගනියිනේ මේ වෙනස...
ජය වේවා...!
klm
මචන් සදරු අයියේ... මටත් හෙට ඕකම වෙයිද දන්නේ නැ.. කෙල්ලගේ තාත්තා කතා කරලා කියනවා හෙට එන්නලු එයාලගේ ගෙදරට.. මචන් සදරු අයියේ කෙල්ල
11 වාසරේ මම 12 වසරේ .... මාව මරයිද මන්ද.. මන් කෙල්ලට සිරාවටමයි බං ආදරේ කරේ.... මං බය නැ මචන් ඕන මගුලක් වෙච්ච දෙන් කියල යනවා.
බොට පිස්සු මලයො.... ඒ මනුස්සය කිව්වෙ වැරදි හදා ගන්න කියල... ඔන්න අවස්ථාව... වැරදි තියෙන ඒව හදා ගනින්... 22 නේ උබට.. යකෝ තව වුරුදු 5 ක් වත් ඉදපන් නොබැද... ඒ කාලේ ඇතුලත උබට තේරෙයි ඔය " හ්ම් " එකේ තේරුමත්...
ඔය කිව්වට කොයි කෙල්ලත් කැමති බන් පෝරුවක නැගල පොඩියට හරි මගුලක් කන්න.. කොල්ලො අපි වගේ නෙමෙයි.
උබ ඔය බොන එව්ව එහෙම අඩු කරපන්... සඳරුවො.. ගෙරි මස් කෑව කියල ඒක කරේ එල්ලන් කන්න ඕනි නෑනෙ... තේරෙනවනේ...
උබට ජය කොල්ලො...
ලිවිල්ලනම් සුපිරියි.
මචන් උඹට අවුලක් වෙන්නේ නෑ.. අපේ ගමේ උඹට වඩා හොද බෑනෙක් හොයනවට වඩා ලේසියිවලක් නැති පාරක් හොයාගන්න එක. ඒ හින්දා බය නැතුව හිටු මාමා පස්සෙන් පන්නලා හරි දුව උඹට දෙනවා ඒක ෂුවර්.
ඔයා නියමෙට ලියනවා. හොඳ ලේඛකයෙක් වෙන්න උත්සහා ගන්න. එතකොට අර සාත්තර කාරයා කියපු අතේ පයේ වැඩ හරි.
අප්පට සිරි අර ඔබා අය්යාගේ වීල් එක පස්සෙන්ම වගේ වීල් එකක් අරගෙන මමත් පල්ලෙහට ආවේ, මලයෝ උඹේ අහස හිස්නම් නෑ අර කිව්වත් වගේ.. උඹට දිග ගමනක් යන්න පුළුවන්. ඔලුවට උඩින් ඩිග්‍රී තොප්පි නැතිඋන් මේ ලෝකේ කොච්චර ලොකු තැන්වල ඉන්නවද? පිස්සු කෙලින්නේ නැතිව ඉස්සරහ බලාගන මගුල් ප්ලෑන් වලට දින වෙන් කරන්නේ නැතුව දියුණු වෙයන්. මමත් ඉස්සරවෙලාම යාලු උනේ 21 දී. බඳින්න 27 වෙනකම්ම ඉන්න උනේ එකට හරියන ආර්ථික සාමාජයීය තත්වේ හදාගන්නකම්.
අදහස් දීපු හැමෝටම ස්තූතියි!!
මේ දවස් වල අසනීප වෙලා ලියන එක ස්ලෝ වෙලා .. හෙට අලුත් කතාවක් බලා පොරොත්තුවන්න
අඩෝ පැනලා යන්නේ මොකටද? හැදෙන්න බලහන්.
මාමණ්ඩි කියපු විදිහට හරිද?
මමනම් දන්න ඔහොම මාමණ්ඩි කෙනෙක් කසාදෙ කෙරුනට පස්සේ බෑනා එක්ක එකට සෙට්වෙනවා.කාලයට ඉඩ දියන් ,ඔය උඹ දැන් ඉන්නවා කිව්ව විදියේ කොල්ලෙක්ට මොකෝ කෙල්ලෙක් දෙන්න බැරි.
මලේ . . . . මාමන්ඩි කියන කතාව හරි . . . . ඒත් උඹ ඒ වෙනුවෙන්ම කැප වෙන්න එපා . . . . මොකද එතනදිම උඹ යටවෙලා ඉවරවෙන නිසා . . . . හැබැයි හිතල බලපං හොඳටම . . . ඒ මනුස්සය කියන කතාවෙ ඇත්තක් තියනව නේද කියන එක . . . . උඹේ බ්ලොග කියවන ගොඩක් අය කොහොම කිවුවත් "බේබද්දෙක්" විදියට මම දන්නව උඹේ බීම බීමක් නෙමේ කියල (දැං උඹ කලර්ස් පෙන්නන්න බොන්න හදන්න එපා) . . . . වැරැද්ද තියෙන්නෙ උඹේ බීමෙවත්, රස්තියදු ගැහිල්ලෙවත් නෙමෙයි . . . . . උඹේ ගමේ උඹ ගැන හැදිල තියන නමෙයි . . . . ආන්න ඒ නම ක්ලියර් කරගන්න බලපං.
මම කසාද බැන්දෙ අවුරුදු 31දි . . . . ඒකත් මට හිතෙන විදියට කලින් වැඩියි . . . එහෙම කියල මම උඹට කියන්නෙ නෑ නාකි වෙන්න කියල කසාදයක් නොබැඳම . . . . . "හොඳට මතක තියාගනින් පුතෝ . . . . . .දික්කසාදෙ කියන්නෙ මහම මහ පජාති සොලූෂන් එකක්"
ප.ලි.:
අපි මේ ගැන පස්සෙ වෙලාවක සෙට් වෙලාම කතා කරමු . . . . (බොන්න කලිං)
@මාරයා:
"ලොකු වයින්" කීවෙ . . . . ???
@සරත් ලංකාප්‍රිය:
මූ දෙසැම්බර් 10 කොළඹ එනවා . . . . .
ආ අවුලක් නෑ අවුලක් නෑ.. පැනලා ගියාට පස්සේ අපි පොඩිවට පාටි එකක් දාමු..! ;-)
අපරාදෙ අපේ තාරක අයියා වගේ....ස්කූල් බෑග් එකක් අරන් ආවෙ නැද්ද? ..... පාටියක් දාන්න නම් බැරියෑ...
මං මේ බ්ලොගේට මාරම කැමති.. එකක් ඒ බ්ලොගේ සරල, නිර්ව්‍යාජ, ගමේකම තියන ගැමියෙක් ලියන බ්ලොගක් හින්ද.. උඹට ගැමියෙක් කිව්වට තරහ වෙන්න එපා ඕන්.. එක එක බ්ලොග් රෝල් වල ලින්ක් දිගේ යන ගමන් මං මේ බ්ලොගේ පැත්තේ ඇවිත් මේකේ තිබ්බ පෙම්වතියගේ නිවසට ගොස් පච උනෙමි ලිපිය කියෙව්වා. ඉන්පස්සේ තිබ්බ ලිපි සේරම වගේ කියෙව්වා එක සතියක් තිස්සෙම. ලක්බිමේ අර අයිය දින්නම මල්ලිට ලැබෙන බෙනිෆිට් ලිපිය මම පත්තරෙන් කියෙව්වට මං එදා දැනන් හිටියේ නෑ මේ බ්ලොගේ ගැන. ඒ තියා මං එදා ඒ ලින්ක් ඒක හරහා ආවේත් නෑ. නමුත් පස්සේ දවසක ඒ ලිපිය කියවද්දිත්, ඊටපස්සේ ඒක ආපහු දකිද්දීත් මං මේ බ්ලොගේ රසිකයෙක් වෙලා හමාරයි..
උඹේ ලිපි ලියන විදියට මං හරිම ආසයි සඳරු.. ඒ වගේම, ඒ බස් වහරට.. අදට අවුරුද්දක් පිරෙන මේ බ්ලොගේට මගේ සුබපැතුම් පිලිගනින්.. කවදාවත් උඹේ අහස හිස් නෑ.. ජයෙන් ජය..
මේ කොමෙන්ට් එකත් ඒ වගේම ඊට කලින් මම දාපු කොමෙන්ට් එකත් මකපන් මලේ.. එක දාන්න ඕනේ පොස්ට් එකේ නෙවෙයි නේ මම දාල තියෙන්නේ.. හික්..
උඹේ කෙල්ල උඹත් එක්ක පැනලා එන්න කැමතියි සදරූ! ඒ අතින් උඹ ගොඩක් ලකී! ඒත් මගේ කෙල්ල ඒකිගේ අම්මලා ගැන හිතලා මගෙන් ඈතට ගිහින්! මං උඹ වගේ ලකී නෑ බං! මොනා කරන්නද! වෙන දෙයක් කියලා මාත් මගේ පාඩුවේ ඉන්නවා දැන්! මේ කතාව කියද්දි මට කමෙන්ට් එකකින් මගේ කතාව දාන්නම හිතුනේ හිතේ දුක වැඩිකමටයි බං! හම්ම්ම්!
Mage kathaawath මාධවge kthaawama thamai, eath kella kemathiunath kellage gedaraun mata kemathi ne, mokada kella campus, mama karanne magema rassawak...meka hinda api denna 3 paarak tharahauna, eka seraya awrudu 2k tharahawela hitiya, eath ekita maawa nethuwa be, aayeth mawa hoyan aawa, tika kaalekin aayeth tharahauna, den sath 2ka kata udadi aayeth yaalu una, eki novmber 2ka gedara enwa, aawama ammagen ahanam kiwwa, mama dannawa uththare..eath mata ekiwa athaarinna be, eki gedarata horen math ekka ennath kemthi ne...mata ithagannabe mokada karanne kiyala...
දැන්වත් හැදියන් බොල............
හප්පා බං ළඟදිම මටත් ඔය කට්ට කන්න වෙනවනෙ... හැබැයි ඉතින් කැරැක්ටරේ අවුලක්නම් නෑ වෙලාවට... :) මගෙත් බඩ දඟලනව දැන් ඉඳන්ම! :)
තැන්කියු කලින්ම වැඩේ ගැන කියුවට!
පැනලා ගියාම වෙඩින් දෙන්න බෑ කියල කවුද කියන්නේ!හික්ස්
මමනම් බොලොග් කළාවට ටිකක් අලුත්.අලුත් කියන්නේ හරියටම දවස් 2යි ඔන්න.මේ දවස්වල ඔපිස් 1 ඇවිල්ලත් කරන්නේ දිගට හරහට බොලොග් කියවන 1 තමයි...Wow...සදරු මේ හිස් අහස නම් නියමයි...
Malli...
Oyage blog kiyawanna asai... we weddi nam adareta badha nahene neda?
mama aluthma blog rasikaviya.
ඔව් ඈ හැදියන්,,, මමත් උබේම මොඩල් එකක් තමා.. මාත් මේ දතකන්නෙ උබ කර්න්ඩ යන එකටම තමා..
මම මේ බ්ලොග් එකට අළුතෙන් ආවේ. ගොඩක් වැදගත් ලිපි තියනවා වගේ. මේක තමයි ඉස්සෙල්ලාම කියෙව්වේ.ඉතුරු ටිකත් කියවන්න ඕනෙ. මමත් බ්ලොග් ලියන්න එකතු වෙන්නයි හදන්නෙ. ඔන්න උදව්වක් එහෙම ඕනි වුනොත් කථා කරනවා හොඳේ .
umba maru kollek ban api set vemuda ?
එල එල යාළුවා. මටත් ඔයිට හපන් පීචං වැඩ කරලා තියෙනවා කෙල්ලගේ අම්මා
ලස්සනට ලියනවා.නියමයි
මාමන්ඩි හොඳ කෙනෙක් වගෙයි, එත් කෙල්ලව 100%ක් විස්වාස කරන්න එපා.... කෙල්ලො "ම්හ්" ගාන්නෙ හිටහංකො මම හොඳවැඩක් කරන්න කියලා හිතනකොට... ඔබට ජය....
ඈ බන් මගේ කෙල්ලත් පැනල යන්න එනවා කිවුවා ඒත් එයි කියල සුවර්ද ම්,.,.,
තාම 22යි නේ. පැනලා යන්න තව වයස තියෙනවා. අඩුම ගානෙ තව අවුරුදු 2 ක් වත් ඉවසලා මාමණ්ඩියා කියන විදිහට "හොඳ ළමයෙක්" වෙන්න බලන්න. අනික දැන් කාළේ සිගරට් අරක්කු බොන අයට ටිකක් තියෙන ප්ලේස් අඩුයි. ඒ දෙක නතර කරගත්තොත් සුපිරි
මේක දැක්කම අපේ එක්කෙනත් මාව බලන්න ගෙදර ආපු දවස මතක් උනා.....
POST A COMMENT තැන ලියල තියන එක දැක්කම ලස්සන කතාව කියවලා හොර ගෙඩියා වගේ මාරුවෙන්න හදපු මගේ හිත වෙනස් උනා. ඔන්න එහෙනං කොමෙන්ට් කොලා... ලස්සන කතාවක්...
අදයි මේක දැක්කෙ.
//මගේ ජීවිතයේ ජය කෙසේ වෙතත් පරාජය නම් මට නොඅඩුව ලැබෙනවා //
සිරාවට මටත් එහෙමැයි බං
දැං මොකෑ උඹේ තත්තෙ පෙලවහක් හෙම කොර ගත්තැයි?
Post a Comment
තැන්කූ බං