22.9.11

සරුංගලේ




මම ඇහැවුවොතින් "ජීවිතේ සුන්දරම කාල සීමාව මතකද කියලා ..? වැඩි දෙනෙක් මට කියාවි පුංචි කාලේ තරම් සුන්දර කාල සීමාවක් තවත් නැතෙයි කියලා . මටත් එහෙමයි .පුංචි කාලේ මතක සටහන් මතක් කරකර මමත් තනියම හිනහා වෙච්ච අවස්ථා නම් ඕන තරම් . මේ ලියැවෙන්නේ ජීවිතේ සැහැල්ලු අවධියේ සිද්ධ වෙච්ච තවත් පොඩි සිදුවීමක් .

අගෝස්තු, සැප්තැම්බර් මාස දෙකේ ඔන්න කුඹුරු කැපෙන්න පටන් ගන්නවා . ලංකාවට වැඩිම වී අස්වැන්නක් බෙදන මගේ පළාත කුඹුරු කැපිලා ඉවර වුණු කාලට නිකම් ලාස් වේගස් ටවුම වගේ .ගමේ ගොවියෝ , මෝල් කාරයෝ (වී) , අත් ට්‍රැක්ටර් කාරයෝ , ලොරි කාරයෝ, මුට්ට කරගහන ඈයෝ .මුං හැමෝටම කුඹුරු කැපිලා ඉවර වුණාම මාරම ආතල් වැඩි හිටියොන්ට ආතල් එකක් ලැබෙනකොට ඒ ආතල් එක දෙකෙන් වැඩි වෙලා පොඩි එවුන්ට ලැබෙනවා .

ක්‍රිකට් ගහන්න , ජිල් ගහන්න , සරුංගල් අරින්න . මල් ගහන්න . ගමේ ඉන්න ගොඩක් කොල්ලෝ සූදානම් වෙන්නේ ඔන්න ඔය කියන නිදහස් මාස කීපයේදී තමයි .

මමත් ඉස්සර මාරම ආසාවෙන් ජිල් ගැහුවා .මම ජිල් බෝල චැම්පියන් කෙනෙක් ! . ඒත් පස්සේ කාලෙක නොබිය යුතු දෙයක් බීලා ඒක විස වෙලා ඇහැක ඇති වුණු වපරයක් හේතුවෙන් අද මම ජිල් ක්‍රීඩාවෙන් විශ්‍රාම අරගෙනයි ඉන්නේ .කොහොම හරි ඉතින් මේ සිදුවීම වුණේ නම් ටික කලකට ඉස්සර දවසක .එතකොට මම අට වසරේ ඉගන ගන්න කොල්ලා .

ඒ කාලේ අපේ ප්‍රියතම විනෝදාංශයක් තමයි සරුංගල් ඇරීම . හුළං සැරට තියන කාලෙට මහ ඇලේ බන්ටෙක ළඟට එකතු වෙන අපේ ගමේ කොල්ලෝ කුරුට්ටෝ සරුංගල් අරින හැටි බලන්න ගමෙන් බාගයක්ම එකතු වෙනවා .

මහ ඇලේ බන්ටෙක උඩට වේගෙන් හුළං හමනවා . ඒ සීමාවේ තියන සවි ශක්තිය උපරිම ගස් පවා ඒ හුළඟට පොළවේ ගෑවෙන්නම නැවෙන හැටි බලන්න ලස්සනයි . .බන්ටෙකට එන කෙල්ලෝ නම් පැත්තකට වෙලා ගවුම් කෙටි තද කරලා අල්ලගෙන එක පෙළට වාඩි වෙලා ඉන්නවා මිසක් බන්ටෙක දිගේ ඇවිදින්න නම් යන්නේ නෑ මොකද කීවොත් හුළඟ සැර නිසා ඇඳන් ඉන්න ගවුම් සරුංගල් බවට පත් වෙන නිසා..

ඔන්න ඉතින් ඔය කියන නිදහස් කාල වකවානුවේදී මම සහ මගේ මිතුරු කැල සරුංගල් අරින්න කියලා හිතාගෙන දවසක්දා හවස තුනට විතර අපි හැමදාමත් එකතු වෙන තැන වෙච්චි කුණු ඇල ගාවට එකතු වුණා .

අද කාලේ වගේ නෙවෙයි ඒ කාලේ වැඩිහිටියෝ පවා සරුංගල් අරින්න එකතු වෙනවා . අද කාලේ නම් පොඩි එවුන්ටත් සරුංගල් අරිනවාට වඩා කරන්න වැඩ ඕන තරම් තියනවා .

කොහොමින් කොහොම හරි එදා අපි කට්ටියම ගෙවල් වලින් අරගෙන ආපු සරුංගල් වලට පොඩි අලුත්වැඩියාවක් දාමින් හිටියා . සරුංගලේ අලුත් වැඩියා කරනවා කියන්නේ ඒකේ පොඩ්ඩක්කක් විතර ඉරුණු තැන්වලට පැච් දාලා ! රැළි සමබර කරලා බොක්ක පොඩ්ඩක් විතර වැඩි කරලා හදලා ගන්න එකට තමයි . ඔය මොනවා කළත් සරුංගලේ දෙපස රැළි ගණං කලෝතින් නම් සරුංගලේ කූරියා ගහනවා කියලා අපේ ගමේ කොල්ලෝ අතරේ කතාවක් තිබුණා . මාළු ටැංකියක මාළු ගණං කළොත් මාළු මැරෙනවා වගේ තව කතා ගොඩාක් අපේ කොල්ලොන්ගේ කතා පෙට්ටි වල ඒ කාලේ නිතර වාදනය වෙන කියමන් .

අපේ ගමේ ඉන්න සරුංගල් සූරයා තමයි සුරංග අයියා . එයැයි හදන බොහෝම පුංචි සරුංගලයක් වුණත් සෑහෙන්න ඉහළ නගින බව අපි හැමෝම දැකලා තිබුණා . ඒක නිසා සුරංගට කියලා සරුංගලයක් හදාගන්න ගමේ කොල්ලෝ අතරේ පුදුම තරඟයක් තිබුණා. 

ඉතින් අපිත් එදා අපේ සරුංගල් වල අඩු වැඩිය පොඩ්ඩක් හදාගෙන සරුංගලේ ටියුන් කරගන්න හිතාගෙන .සුරංග හම්බෙන්න උගේ ගෙවල් පැත්තට ගියා . මේ හුළං කාලෙට සුරංග බරටම සරුංගල් හදනවා .වටේ පිටේ ඉන්න හොටු කොල්ලෝ සේරම සුරංග ගාව බිම ඇන තියාන ඌ සරුංගලේ හදන හැටි කෙළ බේර බේර බලං ඉන්නවා .සුරංගයා නිතරම කීවේ ඌ හදන සරුංගල් ඉහළ නගින්නේ උගේ අත් ගුණේ නිසා කියලා ..

අපි සුරංග අයියගේ ගෙදර වැට මායිමට ගියා . අපිත් එක්ක හිටපු රසික සුරංට ගෙන් කෑගහලා මෙහෙම ඇහුවා

"සුරං අයියා . අපේ සරුංගලේ පොඩ්ඩක් මෙවුවා කරලා දියංකෝ .”

බිම ඇන තියාගෙන හිටි හොටු කොල්ලෝ කීපදෙනෙක් සුරංග ළඟ ඉඳන් සුරංගට මොනවාදෝ කොඳුරන්න ගත්තා . වැට මායිමේ කඩුල්ල ළඟ හිටි මට ඒ වචන ඇහුණේ නැති වුණාට ඒ කියාපු දේවල් හිතාගන්න පුළුවනි .

"අනේ අයියේ උන්ට ඉස්සරවෙලා මගේ සරුංගලේ හදලා ඉන්න " උං කියන්න ඇත්තේ ඔන්න ඔහොම වචනයක් .

ලබ්බ තිබ්බා වගේ හිටපු සුරංග නෙවේ යන්තම් වත් හෙලවුනේ .! ඉතින් අපිත් කඩුල්ලේ උණ ලී තුනට අතරින් රිංගලා සුරංගගේ වත්තට ඇතුළු වුණා .

" සරුංගල් ටික පොඩ්ඩක් හදලා දියංකෝ බං" ඒ වතාවේ වචන මගේ

"ඇයි උඹලට අත පය නැද්ද ? ගාන රුපියල් දහයයි උඹලා සල්ලි ගෙනාපල්ලා මම වැඩේ කරන්නම් .ගනිං සල්ලි ගනිං !! සල්ලි සලී , සල්ලී

සුරංගගේ කතාවට මට මල පැන්නා ඌට කුණු හරුපයක් කියාගෙනම මම ආයෙමත් කඩුල්ල පැත්තට ගියේ ආයේ කිසිම දවසක සුරංගයාට උදවුවක් කරන්නෑ කියලා හිතාගෙනම . අනික් කොල්ලෝ ටිකත් මගේ පස්සෙන් වැටුණා .

අපි පැරදිලා පාර දිගේ යන අතරේදී "අපි අලුත් සරුගලයක් හදමු" කියන අදහස මගෙන් එළියට ආවා . අනික් අයත් එකහෙළාම ඒ අදහස අනුමත කළේ සුරංගගේ සරුංගලයට වඩා උඩ යන එකක් අපිට හදන්න පුළුවන් කියන වචනෙත් එක්ක .

"අපි කස්ටියම එකතු වෙලා හදමු ලොකූ සරුංගලයක් .! සල්ලි කීයක් ගියත් කමක් නෑ එලම කිරිවට අපි සරුංගලේ හදමු" . අන්තිමට අපි හැමෝම එහම තීරණය කලා .

අපිට දවස් තුනක්ම ගතවුණා අලුත් සරුංගලේ හදාගන්න . රතු පාට සවු කොළ ගෙනල්ලා කොළ පාටින් රැළි දාලා දිග වලිගයක් දැම්මාම සරුංගලේට නියම ලුක් එකක් ඇවිදින් තිබුණා . මට මතක විදිහට ඒ සරුංගලේ හදලා ඉවර වෙනකොට . අපේ කට්ටියටම රු 20 විතර වැය වෙලා තිබුණා . අපිට මුදල් වියදම් වුණේ නම් සවු කොළ වලටයි , සන් නූල් පන්දුවටයි විතරයි . අනික් හැමදෙයක්ම අපි වටෙන් පිටෙන් හොයාගත්ත එවා .

අපි සරුංගලේ හරි මැද . පිරිත් කොටුවේ අලවනවා වගේ ලස්සන පොඩි රටාවක් කපලා ඇලෙවුවේ . ඒක උඩ ගියාම ලස්සනට පෙනෙන්න . කොහොමින් කොහොම හරි අපි හදාපු සරුංගලේට බොහොම ලස්සන පෙනුමක් ඇවිදින් තිබුණා. කට්ටියම එකතු වෙලා හදාපු නිසා වෙන්නැති .

"අපි මේක දැන්ම යවන්නැතුව හෙට යවමු . හෙට ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් අපි මේක අරගෙන ගිහින් සුරංගයට පේන්න යවමු . “සෙට් එකේ කවුරු හරි කෙනෙක් එහෙම යෝජනා කළා .

පහුවදා ඉස්කෝලේ පළවෙනි පීරියඩ් එක ඉඳලා අටවෙනි පීරියඩ් එක වෙනකම් අපි හිටියේ ඇඟිලි ගැන ගැන . ඒ කාලේ ඉස්කෝලේ අරින්නේ හවස දෙකට . ඉතින් අපි ඔරලෝසු දිහා බලමින් . සරුංගලේ ගැන පම්පෝරි ගහමින් සිහින මවමින් පන්තියට වෙලා වාඩිවෙලා හිටියා .

අපි එදා හවස සරුංගලේ අරගෙන ඇල ඉස්මත්තට එනකොට එතන තවත් විස්සක විතර කාණ්ඩයක් සරුංගල් අරින්න එකතුවෙලා හිටියා . කෙල්ලෝ කට්ටියක් වල්පල් කතා කරමින් ඇල ඉවුරේ වැවෙන කහපාට කදුරු මල් එක්ක සෙල්ලම් කරමින් සරුංගල් ඉගිලෙන දිහා බලමින් හිටියා .

අපිත් කරඬුවක් වඩම්මන්නා වාගේ බොහෝම ගෞරවයෙන් අරගෙන ආපු අපේ මහා සරුංගල් රාජයා . හෙමිහිට එළියට ගත්තා . වටේ පිටේ හිටපු හැමෝගෙම ඇස්වල බැල්ම පැහැරගන්න අපි හදාපු ලොකු සරුංගලේට පුළුවන් වුණා.

"අපොයි ඕක උඩ යන්නෑ . !!”

"බලපල්ලකෝ මෝඩයිනේ ඕකේ ලොකු , ඕකේ බොක්ක වැඩියි , අපරාදේ සල්ලි . !

ඔන්න ඔය වගේ කයි කතන්දර , ඇස්වහ කටවහ මැද අපි අපේ සරුංගලේ ගුවන් ගත කරන්න සූදානම් වුණා .

කුඹුරු පැත්තේ ඉඳලා හමාගෙන ආපු ලොකුම ලොකු සැඩ හුළඟකට අහුවෙලා සරුංගලේ උඩ ගිහින් වට දෙකක් විතර කැරකිලා ඇල ඉවුරේ තිබුණු .වරා පඳුරු ගොඩක් උඩ රැඳුණා . ! වටෙන්ම ඇහුණේ මහා හූ හඬක් !! . අපිට දැනුණේ හරියට සෙනග මැද අපේ රෙදි ගැලවුනා වාගේ හැඟීමක් .

රසික ආයෙමත් නූල ඇදං ඇල පාර දිගේ දුවන අතරේ ඔන්න දෙවියන් විසින් පිඹපු හුස්ම පොදක් වාගේ සියුමැලි හුළඟක් ආවා .! පොඩ්ඩක් අමාරුවෙන් වගේ අහසට නැගුණු සරුංගලා උඩු හුළඟට ඇහුවෙලා එකවරම ඉහළ නැඟුණා . ගොඩාක් ඉහළට ..! උපරිම ඉහළට !. අනික් හැම සරුංගලයක්ම පහු කරගනෙ ඉහළට.!

අපිට දැනුණේ වචනෙන් කියන්න බැරි තරම් අමුතු හැඟීමක් . සතුට එකතු වුණු ආත්ම ශක්තිය කැටි වුණු සල්ලි වලට ගන්න බැරි අපූරුම හැඟීමක් තමයි ඏඒක . සරුංගලේ උඩ ගියා විතරයි හැමෝම ඒක දිහා බලමින් සතුටුවෙන්න ගත්තා . ඒ ගැන කතා වෙන්න ගත්තා . කලින් අශුභවාදී අදහස් දුන්නු අයත් අපේ සරුංගලේ බලමින් සතුටු වුණා .

අපිටත් සතුටුයි .

ඒත් සතුට කොතනද එතන දුකකුත් රැඳිලා ඇති .. !

අපේ සරුංගලේ කන්ට්‍රෝල් කරේ අපි කට්ටියම මාරුවෙන් මාරුවට . අපේ කවුරුහරි කෙනෙක් සරුංගලේ යව යවා ඉන්න අතරේ අපි නොහිතපු දෙයක් සිදුවුණා .

සරුගලේ සෑහෙන්න ඉහළ ගියා . පදවන්නා අතේ තිබුණු නූල් පන්දුව ටිකෙන් ටික හිස් වෙන්න ගත්තා . සන් නූල් බෝලේ අන්තිම හරියට වෙනකම් නූල් අඩු වුණා . . . . ! ඒ සන් නූල් බෝල වල අවසානයේ ගැටයක් දාලා නෑ නූල තියෙන්නේ නිකම්ම . ඉතින් අපේ සරුංගලෙත් . නූල අරං එකවරම ඈතට ඇදිලා ගියා .

අපිට දැනුණේ හරියට අපේ ඇඟේ කෑල්ලක් අපිට නැතිව ගියා වාගේ . වටේ හිටපු වැඩිහිටියෝ ඒ සරුංගලේ පස්සේ දුවලා ඒකේ නූල අල්ලගන්න ගොඩාක් උත්සහ කළා . ඒත් ඒ සරුංගලේ අපිව දාලා යන්න ගියා . බයිසිකල් වල නැගිලා ගම වටේම සරුංගලේ හොයන්න ඇවිදපු අපිත් හවස හයට විතර බඩගිනි දැනුණ නිසාම ගෙදර ගියා .

පහුවදා නිවාඩු දවසක් .

මම උදේ පාන්දර මූණ හෝදන අතරේ .මාව හම්බවෙන්න දුවගෙන ආපු මගේ සරුංගල් මිතුරෙක් කීවේ . අල්ලපු ගමේ කොල්ලෙක් ගාව අපේ සරුංගලේ තියනවා කියලා දැනගන්න ලැබුණු බව . මමත් ඉක්මනට තේක බීලා අනික් අයත් එක්ක අල්ලපු ගම බලා බයිසිකල් වලින් පිටත් වුණා .

අපි ඒ කීව ගෙදරට යනකොටත් සරුංගලේ ඒ ගෙදර මිදුලේ ක්‍රෝටන් ගහක එල්ලි එල්ලී තිබුණා ඒ සරුංගලේ රැළි එක්ක සෙල්ලම් කරමින් හිටියේ අමු හෙළුවෙන් හිටපු පොඩි එකෙක් !! ඌ අපිව දැක්ක හැටියේ ගේ ඇතුලට දිවුවා .

සරුංගලේ දැක්කම අපිට දැනුණේ පුදුමාකාර සතුටක් .

"ගෙදර කවුද ? ගෙදර කවුද ?

අපිත් ගෙදර අයට කතා කළේ සරුගලේ ඉල්ලගෙන යන එක නොකියාම අරගෙන යනවාට වඩා හොඳ නිසා .

"..! මොකද ?

ගෙදරින් එළියට ආවේ මම කවදාවත් දැකලා නැති ටිකක් අහංකාර ගැමි බුවෙක් .!

"මාමා මේක අපේ සරුංගලේ අපි ආවේ මේක ගෙනියන්න ආවේ ගන්නද ? “

"මොකක් !! මේ මේ ළමයි මගෙන් ගුටි නොකා යනවද ? මේක මේ අපේ පොඩි එක්කෙනාට මම හදා දීපු සරුංගලේ .ආවද ඒකට අයිතිවාසිකම් කියන්න .

අපේ සෙට් එකේ රසිකට ඇඬෙන්න වගේ .

"මේ තියෙන්නේ අපි කපලා අලවාපු කැටයම් ටික එහෙම්ම මේක අපේ සරුංගලේ .” රසික කඳුළු පුරෝගෙන එහෙම කීවත් . ගෙදර මහ එකා නෙවෙයි යන්තම්වත් අපි කියන දේ පිළිගත්තේ .

"පලයවු යන්න ගුටි නොකා . !ඒ වෙනකොට අපි අටවසරේ . ඉතින් ඔළුව නමාගෙන එළියට බහින එක තමයි අපිට කරන්න තිබුණු එකම දේ .. ඒත් .. අපි කාටත් දෙවනි නෑ පොඩිකාලෙත් එහෙමයි අදත් එහෙම්මයි .

"අපි සරුංගලේ ඉරලා දුවමු බං .! " ඒ අදහස මගෙත් එක්ක හිටි මිතුරා කණිශ්කගේ .!

"රායිට්.!! අන්න එහෙම කරමු" . මමත් එක පයින්ම ඒ යෝජනාවට කැමති වුණා .

එකපාරටම සරුංගලේ ළඟට පැනපු අපි දෙන්නා . සරුගලේට මිටි ගුලි ගුස්ති පාවල් දෙකක් දුන්නා ඒක සුණේ සුන් වෙන්නම . අපි ආදරෙන් හදාපු සරුංගලේ , අපිට සතුටක් දුන්න සරුංගලේ ඔය කිසිම දෙයක් අපි ඒ මොහොතේ හිතුවේ නෑ . "අපිට නැතිනම් උඹලටත් නෑ !!” අපි හිතුවේ ඔච්චරයි .

ගෙදර පොඩි එකා කෑගහලා අඬන සද්දේ අපිට ඇහෙනවා .. අපිට ආතල් ..පට්ට ආතල්

අපි පණ කඩාගෙන දිවුවා . මුලින්ම දිවුවේ මම. මම දුවලා ගිහින් කඩුල්ලට උඩින් පැන්නා . රසිකත් පැන්නා .අනික් අයත් පැන්නා

දුවල ගියපු මම මම බයිසි කලේට නැංගේ හැටට හැටේ පාගන්නම් කියලා හිතාගෙන . ඒත් එකපාරටම "දඩාස්..!!” ගාලා සද්දයක් ඇහුණා .

කණිෂ්ක වැටේ වැදිලා කැරකිලා බිම වැටුණා .ඌට කඩුල්ල උඩින් පැනගන්න බැරි වෙලා ! . උගේ පස්සෙන් දුවගෙන ආපු ගෙදර බුවා . කණිශ්කගේ පිට මැදට අත පුරෝලා සොට් හතරක් දුන්නා . කණිෂ්ක අඬන්න ගත්තා . . . . ! උගේ කකුලෙන් ලේත් එනවා .

අපි ආපු පාරෙන්ම ගිහින් කණිශ්කගේ ගෙදර අයට මේ සිදුවීම අකුරක් නෑර කීවා . අපි දැනගෙන හිටියේ නෑ අපි ඒ කළේ කොයිතරම් වරදක්ද කියලා . අපි වාචාලයෝ වගේ . අපේ හිතේ තිබුණු දේ කියාගෙන ගියා .ඔන්න එතකොටම කණිශ්කගේ අයියලා දෙන්නා . බයික් එකට නැගලා බොහෝම වේගෙන් කණිෂ්කට ගහපු කෙනා හොයාගෙන ගියා ..

අපිත් ගෙදර ගියා .. !

පහුවදාට එළි වෙනකොට . අපේ ගෙදරට පොලීසියෙන් ඇවිත් .පොලීසියේ අය ඇවිදින් තිබුණේ මගෙන් කට උත්තරයක් ගන්න .ඒත් මගේ අම්මා පොඩ්ඩක්වත් ඒකට කැමති වුණේ නෑ මාව කාමරේට දාලා දොර වහලා අම්මා කොහොම හරි පොලීසියේ අයව පිටත් කරලා ඇරියා .

කණිශ්කගේ අයියලා දෙන්නා ගැමි බුවාට නෙලලා එන අතරේ ඒ ගමේ සෙට් එක එකතු වෙලා ආයෙමත් උන් දෙන්නට නෙලලා බයික්කේ කුඩු කරලා .!! ඊට පස්සේ අපේ ගමේ ඇයෝ සේරමල්ල ගිහින් උන් එක්ක ගහ මරාගෙන .

සරුංගලයක් ගිය දුරක් !!

ගම්මාන දෙකක් ගහ ගත්තා . බඩු මුට්ටු කඩා ගත්තා .අත පය කඩාගත්තා .පොලීසි ගියා ., උසාවි ගියා . කවුද හිතුවේ රුපියල් විස්සකට හදාපු සරුංගලයක් මේ තරම් වින්නැහියකට මුල වේවි කියලා .

හැමෝම දෝස්මුරේ දැම්මේ අපිට.

ඔය සිදුවීමෙන් පස්සේ වැඩිහිටියෝ ළමයින්ට සරුංගල් ඇරීම තහනම් කළා ! .අල්ලපු ගමට බේතක්වත් හොයාන එන්න යන එකටත් නතර කළා . මහ රෑ අලි ඇවිදින් ඒ ගමේ උන් හූ කියලා කෑගැහුවත් අපේ ගමේ උං නෙවේ යන්තම්වත් ඒ පැත්තට හැරිලාවත් බැලුවේ .. අදටත් මගේ ගමෙයි අල්ලපු ගමයි අතරේ තියෙන්නේ පුදුම වෛරයක් .ඊට පස්සේ කීප විටකදීම අපේ ගමත් ඒ අල්ලපු ගමත් අතරේ ගුටි කෙළි කීපයක්ම ඇවිලුණා මට හිතෙන විදිහට තව අවුරුදු ගණනාවකට ඒ රණ්ඩු සරුවල් නම් අවසන් වෙන එකක් නෑ . !

මේ කතාව ඇතුළේ ලොකු දෙයක් නෑ ඒත් ගම්මාන දෙකක් අමනාප කරවපු මේ සරුංගල් සෙල්ලම මට ලේසියෙන් අමතක කරන්න බැරි නිසාම මේ කතාව ලියලා දාන්න හිතුණා .. !

ආයෙමත් සරුංගලයක් යවන්න ආසයි ..! මට තවම සරුංගල් හදන විදිහත් මතකයි .ඒත් ඉතින් ආයේ නම් සරුංගල් යැවිලි නෑ මොකද කීවොතින් මම දැන් ඉන්නේ සරුංගල් යවන වයසක නොවන නිසා.

"කාලය මැවු වෙනසක අරුමේ !!

87 comments:

Weni said...

කතාව මාව අරං ගිය දුරක්...ආපහු එන්න හිතෙන්නෙ නැහැ..ඒත් දුකෙන් උනත් ලෑස්ති වෙලා ඔෆිස් යන්න එපැයි !

පිස්සා පලාමල්ල said...

සරුංගල් යවන වයසක නෙමෙයි ඉන්නේ.... ඕක තමයි නේ බන් අවුල... කාලය කියන එකත් එක්ක පට්ටම ඔරොප්පුවක් මට තියෙන්නේ.

කතාව සුපිරි... යකෝ ඔය කියන්නෙ දැන් අවුරුදු 10 ක් විතර ගම් දෙක තාඅම තරහද ?? අපේ එව්වොත් ඉතින් වලියක් ඔරොප්පුවක් දාගන්න බලාගෙනනෙ ඉන්නේ....

නරකද සාමදානයකට සෙට් උනොත් වැඩිහිටියො විදියට උබලවත්.

Podi Kumarihami said...

හොඳ පාඩම් ගොඩාක් ඉගෙනගන්ට පුලුවන් කතාවක්. ඔයාම කතාවේ ඒ ගැන සඳහන් කරලා තියන හන්දා ආයම කියන්ට ඕනි නෑ කියලා හිතනවා.

සංරුගලයක් ඇරලා සතුටුවෙන්ට වයස බලපාන්නේ නෑ. ආයම සරුංගලයක් හදලා උඩ අරින්ට. තරඟෙකට නෙමේ සන්තෝස වෙන්ට හිතාගන...:D

වෙනදා වගේම ලස්සනට ලියලා තියනවා.

Ashoka said...

Niyamayi!

sameera said...

මදැයි ඔයින් ගියා , ගමේ එවුන් ගහ ගන්න වෙන කේස් මුකුත් තිබුනෙම නැද්ද ?
වයස පරශ්නයක් නෑනෙ බං සරුන්ගල් හදන්න , ආයිත් 1 ක් හදපන්

Anonymous said...

උතුරේ ජනවාර්ගික අර්බුධය වගේ නේ මේ සීන් එකත්

සිහින said...

ඔය ඕනෙම ලොකු දෙයක් පටන් ගන්නෙ සුළු සිදුවීමකින් කියනවනෙ.කොහොමත් ඔය පොඩි උන්ගෙ ඒවට වැඩිහිටියො මැදිහත් උනාම තමයි ලොකු ලොකු ආරවුල්.මේකට වගකියන්න ඕනෙ සුරංගයා.. හික් හික්.

Praසන්ன said...

පොඩි එව්වන්ගෙ හිත්වල තියෙන දේවල ලොකු උන්ට තේරෙන්නෙ නෑ බං.

චීටා said...

එලටම ලියනවා සඳරු මල්ලි. ඔයාගේ කේන්දරේ එහෙම ඒ කාලේ අම්මල බැලෙව්වේ නැද්ද ? පොඩිකාලේ ඉඳලම වෙනසක් නෑ වගේ. සඳරු කොතනද එතන වලියකි.

සංකල්ප said...

අම්මෝ සරුංගලයක් ගිය දුරක් !!
කොහොමහරි ගම් දෙකක් ම කෙලගෙන. ඕකට ලොකුම වැරද්ද කලේ සුරංගයා. ඕකාට තිබ්බනේ සරුංගලයක් හදා දෙන්න. එතකොට උබලා ආයෙම යන්නේ නෑනේ කඩන් ගිය සරුංගලේ හොයන්න.

අපි කට්ටිය සෙට් වෙලා ගිහින් සුරංගයාට ගහමු !!!

සිතුවිලි නිහඬයි said...

හ්ම්......වෙනද වගේම කතාව නම් උපරිමේට ලියල තියනවා සඳරු........අයෙමත් සරුංගලයක් හදල යවන්න...තහනම් කලේ පොඩිවුන්ටනේ සරුංගල් යවන්නෙපා කියල....

කාලය මැව් වෙනසක අරුමේ..!! හ්ම් හ්ම් .....

මයියා said...

බටර්ෆල්යි තියරිය කියලා එකක් අහලා තියෙනවද..ඒකේ හෑටියට ලෝකේ එක් කොනක සිදුවන සමනලයෙක්ගේ තටු ගෑසීම, ලෝකේ අනිත්පැත්තේ සුලි කුණාටුවක් ඈතිවෙන්න බලපාන්න පුලුවන්....සදරූටත් පොඩ්ඩක් කල්පනා කලොත් සරුOගලේ කතාවටත් මේ වගේ තියරි එකක් ඩිව්ලොප් කරන්න පුලුවන් වෙයි :))

අකීකරු හිත said...

"ඒත් ඉතින් ආයේ නම් සරුංගල් යැවිලි නෑ මොකද කීවොතින් මම දැන් ඉන්නේ සරුංගල් යවන වයසක නොවන නිසා."
සරුංගල් යවන්න වයසක් තියේද? අනේ මම නම් මේ ළගකදිත් සරුංගල් ඇරියා...ඔන්න ඔහේ අලුත් සරුංගලයක් හදලා යවන්ට මල්ලි...ඇත්තටම ඒක මාර ජොලි වැඩක්

මාඩා said...

punchi kale hrim lassani,,, kisima deyaka brakpathalk na,,, sahallui,, saralai,, eth dan.....?????
mase padiya athata enakan inne hethe amaruwen,,, :D :D :D

ow machan KALAYA MAW WENASAKA ARUME..

Gimhani said...

එක හුස්මට කියවගෙන ගියා. හරි අපූරුයි. අන්තරගතය සන්කීර්නයි. වෙනද වගේම ලස්සනට ලියල තියනවා.

Anonymous said...

සරුංගලයක් ගිය දුරක්. මේ කතාවෙන් ගන්න පාඩම් නම් ගොඩක් තියෙනවා. වෙනදා වගේම සංවේදීව ලියලා තියෙනවා.

Anonymous said...

වෙන කියන්න දෙයක් නෑ. සඳරු අයියා මේ කතන්දරයෙන්ම හැම දේම කියවිල තියෙනවා. මම ස්කෝලෙ යන කාලෙ කිසිම වලියකදී කාටවත් ගහන්න ගිහින් නෑ. නමුත් මට ගහන්න කියලා කට්ටිය සෙට් වුන අවස්ථා 3, 4කදිම මම බයේ ගැහෙන ගමන් උන් ඉදිරියටම ගියා. මොකක්දෝ වාසනාවක් නිසා ඒ එකකදිවත් මට ගැහුවේ නෑ. ඒ ගැන මට අදටත් සතු‍ටුයි මොකද ඒ තරහාකාරයෝ හැම දෙනාම අද මගෙ යාලුවො වෙලා.මම උන්ව මග ඇරියා නම්, පස්සෙ රිටර්න් එකක් මට වැදුනා නම් ඒ යාලුකම් අද නෑ. පළි ගැනීම කියන්නෙ කිසිම තේරුමක් නැති දෙයක්. පළි නොගන්න තරමට අපේ හිත නිදහස්!

Gayan Rupasinghe said...

මල හත්තිලව්වයි කිව්වලු.. බොල මම නම් සරුංගල් හදන්න දන්නේ නෑ.. ඒත් උඩ යවන්න නම් දන්නවා. හදන්නත් දන්නවා ඒත් මම හදන්නේ ගහන පතෝල... හෙහ් හෙහ්.... අවුලක් නෑ බන්.. උබල උබලගේ සරුංගලේ කඩලා ආව එක නම් හොදයි අරුගෙ කට වැහෙන්න... ඔහොම සීන් එකක් ගියා අපේ ඉස්කෝලෙ නම්... සෙක්ශන් දෙකක් මර ගත්තා .. ඒ කොල්ලෙක්ට ගහපු නිසා,

ජය.

Unknown said...

හ්ම්..එච්චර පොඩි පොඩි දෙයක් ගිය දුරක්.

මටත් ආසා හිතුනා සරුංගලයක් යවන්න

Anonymous said...

සරුංගලයක් වගේ ලස්සන කතාවක්! :)

BLOG ගඩොල් said...

හපොයි වෙච්ච වැඩක්. උඹලා සන් නූලෙන් සරුංගල් යවන්නෙ කොහොමද බං? මේ පැත්තෙනං සන් නූලෙන් යැව්වොත් අනිවා සරුංගලේ කඩන් යනවා. අපි පාවිච්චි කරන්නෙ නයිලෝන් නූල්. අනික සරුංගල් යවන්න වයසක් නෑ බං. උඹටත් වඩා නාකි මේ මමත් සරුංගල් යවන්නෙ. හික් හික්!!

සාතන් said...

බැන්කි මූන් දන්නව නම් උඹලගෙ ගම් දෙක ගැන වෙනම පරීක්ෂන වාර්තාවක් ඉල්ලනව... හොස්ස ලගින් මැස්ස යන්න බැරි ඩයල් නෙ ඉන්නෙ... :)

ඔය විදිහටම පුන්චි කාලෙ කඩාගෙන ආපු සරුංගලයක් කුඩු කලා අපේ උන්... කොක්කක් නම් ගියෙ නෑ වෙලාවට...

සරුංගල් හදන්න නම් පුළුවන්... ළඟදි හදන්න හිතිල වැඩේ පටන් ගන්න යද්දි ඕන කරන බඩු නෑ... ඉස්සර වගේ මේ පැත්තෙ ඉරටු, බට, කිතුල් පිති හොයාගන්න නෑ බන්... බඩු හම්බුවුනොත් වයස බැලිල්ලක් නම් නෑ මගේ... :)

kasun said...

සරුංගලයක් කල හදියක්...හී හී..

Ru_Sirini said...

පෝස්ටුව හරි ලස්සනයි. ඔයාට දැනෙන විදිහ අපූරුවට ලියලා තියනවා. කොහොමද මේ මාතෘකාවෙන් නවකතාවක් ලියුවොත්?

cjgayan said...

ලිවීම නම් සුපිරි ආයෙ 2ක් නැ. සරැංගල් යවන්න වයසක් තියෙනවා කියල මමත් හිතන්නේ නැ. අනිත් අය මොනා කිව්වත් අපිට හිතේ සතුට වටිනවා , ඒක මෙ පුංචි දේකින් ලඟා කරගන්න අපි පස්ස ගහන්න ඔනෙ නැ..

දුශ් said...

මෝල් කාරයෝ (වී) හික් හික් .. මචන් උබලගේ ගමේ වී නොවන මෝල් කාරයොත් ඉන්නවා ඇති නේ..?
එළ එළ.. සුපුරුදු පරිදි වලියකින් හමාර වෙලා තියනවා. ඇති යන්තන් උබ කම්බස් නොවී බේරිලා ඒ මැද.. මේක කියෙව්වම මට ජෝෂ් හින්දි film එක මතක් උනා. බලලා නැත්තම් බලපන්.. සිරා..
මේ උබලට එහෙන් කැලි දාගන්න කැප නැද්ද මචන්?

uwiniran said...

අපි සරුංගල් අරිනවා කියලා උදේම ගෙදරින් ගිහිල්ලා කරන්නෙ වැවේ නාන එක, ඒ වැව දැන් ජරා ගොඩක් වෙලා, අපි තමයි ඒකෙන් නාපු අන්තිම පරපුර 1991 දී.
කොහොම උනත් සරුංගල් ඇරිල්ල මාර ජොලි වැඩේ, අවුලකට තියෙන්නෙ කකුල් තුවාල වෙන එක තමයි.

Unknown said...

කාලය මැවූ වෙනසක්..හ්ම්ම් හ්ම්ම්

networkdisa said...

කතාව ආතල් උනාට මාර පණිවිඩයක්නෙ උබ දීල තියෙන්නෙ.වැඩි වැඩියෙන් ලියන්න ජය!!!!!!

නචියා said...

සඳරූ, මචං කාලෙකට පස්සෙ ඒ අතීතෙ ගැන මතක් කලාට උඹට පිං. අනේ සරුංගල්. මතක් වෙද්දි හිනා යනවා ඒ කාලේ. අමාරුවෙන් හදාගත්ත සරුංගලේ අනිත් අයගෙ ඒවාට වඩා උඩට යද්දි දැනෙන සතුට කියලා නිම කරන්න බෑ බන්.

ඔය වගේ දේවල් වෙලා තිබුනට ඔච්චර දුර නම් ගිහින් නෑ. අපි හදපු එකක් අනුන්ට දීලා බලන් ඉන්න පුළුවන් කාටද බන්. මමත් ඔය වගේ සරුංගල් ඉරලා නෙවේ කඩලම තියෙනවා. ආයෙ කොහොමවත් යවන්න බැරි වෙන්නම.

අපේ තාත්තට හොඳට සරුංගල් හදන්න පුලුවන්. තාමත් ගමේ කොල්ලො මේ කාලෙට තාත්ත ගාවට ඇවිත් කෙඳිරිගානවා අනේ මාමෙ අපිටත් ලොකු සරුංගලයක් හදලා දෙන්නකො කියලා...

ජය..!!!

Observer said...

පෝස්ට් එක නියමය් සඳරු, අල්ලපු ගං දෙකේ කොල්ලො, කෙල්ලො සෙට් වෙන් නැද්ද හැබෑවටම? රෝමියෝ, ජුලියට් කතාව අලුතෙන් ලියන්න වෙය් එහෙම වුනොත්...

දිනිත් said...

කීප දෙනෙක්ම කිව්වට සුරංග වැරදියි කියල මම නං කියන්නෙ ඔය ගම් 2 ගහ ගත්ත එකට වග කියන්න ඕනෙ 'සන්' කොම්පැනිය.....උන් නූල් පන්දුවෙ අගට ගැටයක් දාල එව්ව නම් සරුංගලේ කඩං යන්නෙ නැහැනෙ....

යකෝ උඹට තවම 22යි නේද ? ඔන්න 85ක විතර කෙනෙක් කිව්ව නං කමක් නැහැ මම දැන් සරුංගල් යවන වයසක නෙමෙයි ඉන්නෙ කියල... බොරුවට හිතෙන් වයසට යන්න එපා !! (මම අහගෙන රේඩියෝ එකෙත් කියනව 'මට දැන් ඇඟ පතටත් පන නැහැ කියල)

Dakshina said...

උඹ නම් ගමේ වලියක් කොහෙද එතන ඇති. සිරාවට බං ඔච්චර වලි වලට පැටලිලා තාම යහතින් කොහොමද ඉන්නේ?

කැමීලියා said...

"කාලය මැවු වෙනසක අරුමේ !!”

ඒ අරුමේ නම් කියලා වැඩක් නෑ සඳරු මල්ලි. අපේ පුංචි කාලෙ වෙනස් කලා විතරක්ද...

නියමයි කතාව.

මාරයාගේ හෝරාව said...

අඩෝ සඳරුවා ඇත්ත කියහං.. උඹ තහනං උත්තේජක පාවිච්චි කරලා මාට්ටු වෙලා නේද උඹට ජිල් ක්‍රීඩාවෙන් අහක් වෙන්න උනේ... අහක් වෙන්න උනා නෙවයි උඹට ක්‍රීඩා තහනමක් දාලා උඹව අහක් කලා...

හිටහංකෝ හෙට අනිද්දට මාත් සරුංගලයක් හදන්ට... මාත් ඉතිං ඉස්සර ඔය සුරංගයගේ පාට් එක තමා ඇට් කොලේ ගමේ ඉන්න වංගියේ.. මතකත් ඇතිනේ අර ජුංඅලයට රුපියල් දෙකේ සරුංගලේ රුපියල් පහක් වගේ අඩු මුදලකට විකුණපු හැටි එහෙම...

ItalyDilan said...

අපේ අවට ගම් 3ක් කාලයක් එක දිගට ගහමරා ගත්තා,,ඔය වගේ පොඩි දේවල් වලට තමා,,එක්කෝ සරුංගල්,නැත්නම් පරවි....දැන් නම් ඒ වගේ ගොං වැඩ නෑ සේරම සමගියෙන් ඉන්නවා...

දිල් said...

එක හුස්මට කියවාගෙන යද්දී අපූරු රූප පෙළකුත් මැව්නා....

saumiya said...

Sarungal arinda... vinoda wenda wayasa balapaanne na sandaruwoooooooo....

අසේල said...

මට සරුංගල් හදන්න බැහැනෙ..... අපි ආස සරුංගල් කඩාගෙන යද්දි පස්සෙන් දුවන්න තමයි...........

ගොඩයා said...

අප්පා...... මටත් සරුංගල් හැදිල්ල නම් අමාරුයි. ඒත් අමාරුවෙන් මොනම දෙයක් හරි හැදුවහම තියන සන්තෝසෙ ගැන නම් කියල වැඩක් නෑ. මොකද පොඩි දවස් වල මගේ ආසවක් තිබ්බා කැරකෙන කූඩුවක් ගහන්න. හැමෝම කිවේ පුළුවන් දෙයක් කරපන් කියලා. කට්ටියක් කකුලෙන් අදිද්දි කට්ටියක් ස්පොර්ට් කලා. ඕලෙවෙල් කරනකොට කොහොමහරි කැරකෙන කූඩුවක් හැදුවා. කරන්න බෑ කියපු මිනිස්සු ඇවිල්ලා කූඩුව දිහා බලාගෙන ඉන්න්කොට පුදුම සතුටක්. මට හිතෙනව එහෙම සතුරක් සඳරුට දැනෙන්න ඇති ඔය සරුංගලේ යවන්න බෑ කියපු ඉස්සරහා ඔක්කොම සරුංගල් පහුකරගෙන උඩ යද්දී.... හැබැයි ඉතින් වලිය නම් කිසිම තේරුමක් නැති සීන් එකක්. ගොඩක් මිනිස්සු තරහ පුරෝගෙන ඉන්නේ ඔය වගේ පුංචි දේවල් නිසා. සමහරු ගහලා ඉවර වෙලානේ හේතුව හොයන්නේ. හේතුව බොහෝම පුන්චි එකක්. ඒත් එතකොට ගොඩක් පරක්කුයි. ස්කෝලේ යන කාලේ වලිත් ඔය වගේ තමයි. කාලයක් යද්දි අපිටම ලැජ්ජයි දාගත්ත වලි ගැන...........
සරුංගලයෙන් පටන් අරගෙන කතාව නැවතුන තැන.

හසී said...

මදෑ වෙච්චි දෙයක්....

ඉන්දික උපශාන්ත said...

මේකත් අර ආනන්දෙයි රෝයල් එකයි අතර තීන ජම්මාන්තර වෛරෙ ඇති උනා වගේ කතාවක්.

ඔන්න ඔහේ සාම සරුංගලයක් හදල යවහං බං මේ පාර.

චතුවා said...

අපිත් ගිය අවුරුද්ද වෙනකම් දෙසැම්බර් ව‍ල සරුංගල් යැව්වා.. අපේ ගේ පිටිපස්සේ කන්ද මුදුනේ.. ඒත් මේ අවුරුද්දේ ඉඳලා එතන සරුංගල් අරින්න වෙන්නෙ නෑ. මහ මරුමුස් පොරක් ගෙයක් හදලා කන්ද මුදුනේම.. ඒ මදිවට ගේ හදන අස්සේ පොඩි හුට්ටප්පරයක් වෙලා බස් කෙනෙක්ට අපේ යාලුවෝ දෙතුන් දෙනෙක් ගහලා, ගෙදර අයිතිකාරයාගේ වාහන වල හුලං ඇරලා පිස්සු ගොඩයි.. ඉතින් ආය එතන මොන සරුංගල් ඇරිලිද? :D

Dinesh said...

අඩේ කතාව කියවගෙන යද්දි ඒ සිද්දිය ඇස් ඉදිරියේ මැවෙනවා වගේ දැනුනා.. ඒ තරම්ම ලස්සනට ලියලා තියෙනවා...
බලපං උඹලා කරපු වැඩෙන් දෙන් ගම් දෙකේ කොල්ලෙක්ට කෙල්ලක්ට ලවු කරන්නවත් බෑනේ..

පොත් ගුල්ලා said...

සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කැවේ අපේ ළමයි
සරුංගලේ උඩ ගියදා මතක නැතේ අපේ ළමයි

කස්ස said...

උඹේ කතාවෙ ලොකු දෙයක් නෑ කිවුවට ඔය සරුංගලේ.. සරුංගලේ.. කියන තැන් වලට අදරේ කියල දැම්ම නම් ආදර කතාවලයි සරුංගල් කතාවලයි වැඩි වෙනසක් නෑ.
ගොඩක් රස වින්ද මචන්..උබට පිං

Test Profile said...

සරුංගල් යවන්න වයසක් නෑ මල්ලි... මමනම් තාමත් පුළුවන් වෙලාවට ගිහිං කා එකක් හරි සෙට් වෙනවා... ඒක උඩ ගිහිං දිලිසෙද්දී දැනෙන සතුට වචන වලට හරවන්න බෑ බං...

ayesha said...

කාලය විසින් සරුංගල් යවන වයස අරන් ගියාට දෙගොල්ල අතරේ තිබුණු අමනාපකම අරන් යන්න බැරි උනා නේද?

ශ්‍රී said...

පටන්ගත්තේ කොහෙන්ද? ඉවරවුනේ කොහෙන්ද?

මට මුලින් හිතුනේ උඹලා මහන්සිවෙලා හදපු සරුංගලේ උඩ යවලා ලබන සතුටින් කතාව අවසානයක් වෙයි කියලා... ඒ වුනාට ඊට වඩා ලොකු තැනකින් ඉවරවුනේ...

වෙනදා වගේම පට්ට!

ඒක නෙවෙයි සඳරුවො, අර ඇහැක් වපර වුනා කීවෙ මොනවා කරලද බං?

තරිඳු said...

සතුටු වෙයන් සඳරැ උබේ ඔය පලත ගැන මොකද මම ඉන්නේ........වරක පලුවක් නිසා අබ්බගාත වෙන්නම කොල්ලෙක්ව කඩු ගාපු එ හෙතුවෙන් එකම පවුලේ අයියවයි මල්ලිවයි වෙඩි තියල මරපු........කැප් එකක් නිසා කොල්ලො 22 මරපු ගමක...

හිස් අහස said...

@Weni= ඔෆිස් ගිහිල්ලත් ඔයැයි සරුංගල් අරින්න ලෑස්ති වෙයිද දන්නෑ ?
.............................................................................................................................
@පිස්සා පලාමල්ල = ඔවු තාම තරහයි සංගීත සන්දර්සනයකදී එහෙම ඔය පරණ යට ගියාව ආයෙමත් ආවර්ජය කරන්න අපේ ගම් දෙකේම තරුණ කැල ආසාවෙන් බලාන ඉන්නවා මචං සොරි..! සර් . අපි සමාදාන වෙන්ඩ !. හෙහ් උන්ට ඕන නම් සමාදාන වෙනඩ කියන්ඩ !
.............................................................................................................................
@Podi Kumarihami= මම සරුංගලයක් හදලා උඩ අරින්න හිතාගෙන ඒකත් එක්ක දිවුවොතින් ගමේ මිනිස්සු හිතාවි මට මොංගල් කියලා . දැන් අපි වැඩිලා ඉන්නේ අක්කේ ..මම දැන් ලොකුයි
.............................................................................................................................
@Ashoka = ජය වේවා !!
.............................................................................................................................
@sameera = අපොයි ඊට පස්සේ මියුසිකල් එකකදී ගහගත්තා ගම කැලඹෙන්න .දැන් ගම් දෙකේ උන්ට හොඩ්ඩ ලඟින් මැස්සා යන්න බෑ ජන්දේ කාලෙට බලන්න එපෑය !
.............................................................................................................................
@මලික් = ඊට එහා ! ඔයා හිටියානම් බලන්න තිබුණා එදා වෙච්ච දේ
.............................................................................................................................
@හිසින = සහතික ඇත්ත මේකට වග කියන්න ඕන සුරංගයා ! දැන්මම ගිහින් ඌට නෙලලා එන්න හිතයි බං .
.............................................................................................................................
@Praසන්ன = ඒකනම් ඇත්ත මචං .උන්ටත් පොඩි කාලයක් තිබුණා කියන එක අමතක වෙලා ගිහින්
.............................................................................................................................
@චීටා = චීටා අයියා කෙනෙක් වගේ ? ආයේ මොනාද සඳරු වලියට බර පොරක් .මගේ කේන්දරේ බොහෝම බයානක දෙයක් ලියැවිලා තියනවා ඒක ප්‍රසිද්ධියේ කියන්න බෑ බොලේ ඔයා හරියටම හරි
.............................................................................................................................
@මධුරංග = අපි කවදාවත් හිතුවේ නෑ අපි හදාපු සරුංගලයක් ඒතරම් වින්නෙහියක් කරාවිය කියලා .සුරංගයා පවු බං දැන් ඌට කක්කල් කැස්ස .
.............................................................................................................................
@සිතුවිලි නිහඬයි = අද කතාවේ නම් ඒතරම් රහක් නෑ වගේ අනේ .කමක් නෑ ඔයාලට හොඳ නම් ඒ ඇති .මම සරුංගල් වැඩේ පටන්ගත්තොත් ගමම එතනට එකතු වෙනවා සුවර්
.............................................................................................................................
@මයියා = මයියා මචං මම ඒතියරිය ගැන ඇහුවේ නම් අද . ඇත්තට එහෙම දෙයක් වෙන්ඩත් බැරිකමක් නෑ . හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධවෙලා නෙව තියෙන්නේ !
.............................................................................................................................
@අකීකරු හිත = වයසක් තියනවා අක්කේ . දැන් අපේ පැත්තේ උන් මම සරුංගල් යවනවා දැක්කොත් කියාවි අප්පේ මෙන්න මූට පිස්සු මූ නිකං පොඩි එකෙක් වගේ නේ කියාල .
.............................................................................................................................
@මාඩා = මාඩා මචෝ . කීවමයි මට මතක් වුණේ . මාසේ පඩිය අතට එනකම් බලා ඉන්න තමා දැන් අපිට වෙලා තියෙන්නේ ඉස්සරහටත් එහෙම වේවි ඒත් මම කැමති අර බරක් පතලක් නැතිව ගත වෙච්ච කාලෙට
.............................................................................................................................
@Gimhani= ස්තූතියි අක්කේ . ඔය වචනේ මට වටිනවා නේ
.............................................................................................................................
@කින්නරාවි = මොකෝ නම් ගම් මාරු කරලා .? මට හිතෙන්නේ උස ගිහිල්ලා
.............................................................................................................................
@විසිතුරු | visituru = වලි වලට බොහෝම ආසාවෙන් මම දායක වෙලා තියනවා .ඒත් මම වැඩියෙන් කලේ ගුටි කන එක . හැබැයි ගුටි කෑවේ තනියම . කස්ටිය ඉන්න තැන්වලදී මම අනික් එවුන්ට නොබියව ගැහුවා ඒක නිසා කස්ටිය හිතන්නේ මම වලි බුවෙක් කියලා .. හෙක් හෙක්

හිස් අහස said...

@Gayan Rupasinghe= ඒ කාලේ අපිනම් පොඩි නිසා වලියට ගියේ නෑ ඒත් අපේ වැඩිහිටියෝ කස්ටිය ගහ මරාගත්තා නිකම් බබ්බු වගේ .අන්තිමට දත් කඩාගෙන් බත් කන්න බෑ කිය කිය අඬ ඬා උන්නත් මට මතකයි .
.............................................................................................................................
@නිසුපා = එන්න අපේ දිහා යවමු එකට දහයක් . දැන් කඩේ හදාපු එවුවා තියේ බොහෝම ඩුවට අක්කේ
.............................................................................................................................
@තනි අලියා = තෑන්ක්ස් කීවලු
.............................................................................................................................
@BLOG ගඩොල් = අඩේ නයිලොන් යැවුව හැකි මූදු හුලඟ වගේ සැර හුලඟක් තියේ නම් ! ඒත් මෙහේ හුලඟ තියන විදිහට නයිලොන් බර වැඩියි ! සන් නූල තමා නියමෙට හරියන්නේ .මම කීවේ කපු එක නෙවේ . ඔය මහන මැසිමට දාන නූල් බෝලේ ගැන .හෙටම යවන්න ඕන මමත්
.............................................................................................................................
@සාතන් = මචං දැන් තියනවා චීන සරුංගල් කියලා ජාතියක් කඩවල් වල ගත්තා ෆිට් කලා යැවුවා උඩ ! අන්න බාන්ඩේ . අතින් හදන එවුවටත් වඩා උඩ යනවා . අන්න ඒක සුපර්
.............................................................................................................................
@චතූ = අනේද කියන්නේ අපිටත් කාලා ඉන්න බෑ නෙව මචෝ
.............................................................................................................................
@රූ = නව කතාවක් ලීවොත් අල වෙනවා සුවර් . ස්තුතියි රූ
.............................................................................................................................
@cjgayan = බොහොම ස්තූතියි කොලුවෝ .ආයේ සරුංගල් අරින්න ලැජ්ජයි ! අපේ පැත්තේ පොඩි එවුන්වත් දැන් ඒවා කරන්නෑ මචෝ
.............................................................................................................................
@දුශ් = අපෝ බං ගල් මෝල් කාරයෝ ඉන්නවා අපේ පැත්තේ ! . අප්පට සිරි ජෝස් බැලුවා අපේ කාන්තුමා ඉන්න එක නේ . සුපර් බං ඒක ඒකෙත් මෙහෙම කොලනි ගැටුමක් තියනවා නේද
.............................................................................................................................
@uwiniran = උඹලා නෑවට පස්සේ ආයේ කෝමද තව කෙනෙක් නාන්නේ නේද බං ? හික් හික් අන්න දවසේ කතාව
.............................................................................................................................
@ChammA = ඒකනේ කියන්නේ !
.............................................................................................................................
@Networkදිසා = ජය කිරි වේවා මචං
.............................................................................................................................
@නචියා = ඒ කලේ මච සරුංගල් එලටම හදන්න පුලුවන් එකා තමයි කොල්ලන්ගේ දෙයියා .! අපි හදාපු එකක් වෙන එකෙක් අරං බොරුවට උගේ කියලා කියනකොට අපේ ලේ කෝප වෙන තරම් දන්නේ අපි විතරයි බං . ඒකයි වලිය ගියේ .අපි නම් ඒ වලියට ගෑවුනේ වත් නෑ .ඕං
.............................................................................................................................
@Observer = නැත්තෙමත් නෑ . හැබැයි පුදුමේ කියන්නේ ඒවට කිසි අවුලක් තැවුලක් නෑ නේ මටත් දැන් තමයි ඒක මීටර් වුණේ .ආදර කත වලට ඒ හැටි බාදාවක් නෑ .
.............................................................................................................................
@දිනිත් = අන්න බලහං කවුරුත් නොදැක්ක තැන .! අපරාදේ තව පොඩ්ඩෙන් සුරංගට ගහනවා . ඔය සන් නූල් කොම්පැණිය ලංකාවේ එකක් නම් දනී කරන දේ .ඇත්තට දැන් මගේ හයිය හත්තිය පොඩ්ඩක් හීන වේගෙන එනවා බං . වට්ටු ඩූ බං
@Dakshina =කොහේද බං යහතින් හිටියේ ! මම ගූ වෙන්න කාලා තියනවා බොහෝ අවස්ථා වල

.............................................................................................................................
@කැමීලියා = මොනා කරන්නද ඒ අරුමෙට මුහුන දෙන්න එපෑය අකමැත්තෙන් හරි නේද ?
.............................................................................................................................
@මාරයාගේ හෝරාව = නෑ බං මම පොඩි පානයක් බීලා ඇහේ වපරක් ආවා තාම තියනවා ඒක .අඩේ උඹත් රජ බුවෙක් නේ ! ජුං අලයට දීපු ගැටේ මම දැනුයි කියෙවුවේ

හිස් අහස said...

@ItalyDilan= උඹ කියද්දී මතක් වුනේ ලවු බර්ඩ් ජෝඩුවකට කෙලගත්ත සිද්දියක් ඔන්න දැන් මට මතකෙට ආවා .පස්සේ උඹට මම ඒක කියන්නම්
.............................................................................................................................
@දිල් = ස්තූතියි ඇන්ඩ් තෑන්ක්‍යූ අක්කේ . ඔයාගේ බ්ලොගේ මොකෝ වහලා ..? මම ඊයේ ආවා ඒක වහලා
.............................................................................................................................
@saumiya = වයස ප්‍රශ්නයක් නැතෙයි ? එහෙනම් දැන්ම අරිනවා මම සරුංගල්
.............................................................................................................................
@සරුංගලේ = අප්පා ඒවුණාට බලන්න එපෑය මුගේ නම සරුංගලේ .. හූ හූ :)
.............................................................................................................................
@ගොඩයා = කොහොම හරි ඔය වලිට පොඩි එවුන් වෙච්ච අපි පෑහෙන්න ගියේ නෑ . අපි කලේ ගේ ඇතුලට වෙලා හැංගිලා ඉඳිච්ච එක විතරයි අපේ ගමේ උන් උදේ හවස වලියට ගිහින් ගහලා කාලා එන හැටි අපි බලාන හිටියේ යුද්දෙට ගිය සෙබලු ආපහු එනවා වගේ .
.............................................................................................................................
@හසී = අනේද කියන්නේ අක්කන්ඩි
.............................................................................................................................
@ඉන්දික උපශාන්ත = අඩේ ඒම බෑ උංගේ අතේ වරද ! උං සාම කුරුල්ලෝ ඒම එවුවොත් ගුඩු කන්නවා අරිද . ආයේ සාමේ නෑ ගේම නං ගේම ..ඒක නෙවේ මචං ඔය ලොකු පාසල් දෙක අතරේ වලිය ඇවිලුනේ කොහොමද ?
.............................................................................................................................
@චතුවා (ළමයා) = මේ කතාව අස්සේ මට පෙනී යන්නේ . සරුංගල් කියන්නේ වලිබර ක්‍රීඩා උපකරනයක් වගේ මම හිතන්නේ ඒක තහනම් කරන්න වටින බඩ්ඩක්
.............................................................................................................................
@Dinesh = අප්පට සිරි ලවු වලට කිසි අවුලක් නෑ මචං ඒවට මෙහේ කිසිම බාදාවක් නෑ එවුවා නැගලම යනවා .
.............................................................................................................................
@පොත් ගුල්ලා = ඔය කවිය සරුංගලේ උඩ ලියලා ගුවන් ගත කලා නම් තිබ්බා නේද මචං
.............................................................................................................................
@කස්සා = සරුංගලේ ලස්සන දිස්වෙන්නේ උඩු ගුවනේ විතරයි /
නූල ගැස්සුනොත් හදිස්සියෙන් හරි ඒ ලස්සන ඉවරයි
.............................................................................................................................
Prasanna = ඔයා කොහේද මචං සරුංගල් අරින්න සෙට් වෙන්නේ ? උඩ ගියාම නම් පට්ට හැපී .එතකොට අතේ තියන නූලෙන් ඒක කොන්ට්‍රෝල් කරන එක පට්ට විනෝද ජනක හැඟීමක්
.............................................................................................................................
@ayesha = සහතික ඇත්ත යාළු
.............................................................................................................................
@ගීතක ඇත්ත කතා = අපිත් හිතුවේ නෑ මේක මෙහෙම ඉවර වේවි කියලා .ඇහැක් වපර වුණේ මචං පොඩි කලවම් කල මික්ස් එකක් බීලා . ඒක ලියන්න බයයි . මාව සහ මගේ ගමේ අයව පොලීසියෙන් අල්ලං ගියෝතින් මචං .
.............................................................................................................................
@තරිඳු = හුටා මවං මම අම්බානෙට සතුටුයි එහෙනම් මේ ගම ගැන මෙහේ ඔය යන්තම් තුවාලයක් වුණාට කාටවත් මරණීය තුවාල වෙලා නෑ වලි නිසා . ඒ මොකද්ද බං ඒ කැප් සීන් එක ඒක ලියාපංකෝ

ලකී සිරි said...

ඕකනෙ සඳරූ..
ඔය වගේ දේවල් කරනකොට සුභ නැකතක් බලන්න ඕන..මම හිතන්නෙ හැදුව සරුංගලේ මොකක් හරි කේස් එකක් තිබිලා..කවුරු හරි ඉරිසියාවට කොඩිවිණයක් ගැට ගැහුවද දන්නෙ නැහැ...හික්ස්
මීට පස්සෙ සරුංගල් හදනවා නම් මාරයට කියලා හොඳ නැකතක් බලා ඔය දාන ගැට ටික කාරිය හොඳට අහගන්න.........
හැබැයි උඹ මේ කතාව අපට කියන්න තිබුනෙ මීට ගොඩක් කළින්,,,බැරිවෙලාවත් අපි ඔය පැත්තෙ ඇවිත් පාර වැරදිලා අල්ලපු ගමට ගිහින් උඹව ඇහුවොත්.....හපෝයි....?

මේ අර වපරෙ ආවේ මුල්ල පටස් වලින්ද ?

Bindi said...

මාර කතාවක්නේ . වෙනද වගේ හිනා වෙන්න නම් බැහැ. මේ ඇත්තමද මල්ලි. ළමයින්ගේ වැඩ වලට ලොකු උන් පටලවෙන එකෙන් වෙන වින්නැහි තමයි. අපි පොඩි කාලෙත් සරුංගල් කාලෙට ඔය වගේ වැඩ වුනා . මාට්ටු දානවා ..කඩන ගිය සරුංගල් අහුවුනාම හංග ගන්නවා . කැළණි ගඟ එගොඩහ ඉඳන් එවන ලොකු සරුංගලේ නුල කැඩිලා මේ පැත්තට එනකම් බලන් ඉන්නවා . ආසම කාලයක් සරුංගල් නිවාඩුව .
http://kavimuthumal.blogspot.com/2011/08/blog-post_10.html

හිතුවක්කාර කෙල්ල said...

ෂා... හුගාක් ලොකු අතාවක් කියවෙනවනෙ මේකෙන්.. ලොකු පණිවිඩයක් දෙන කතාවක්. ලස්සනටම ලියලා තියන්වා..
හ්ම්ම්ම්ම් කාලය හුගාක් දේවල් වෙනස් කරනවනෙ අයියා...
තවත් ලස්සනටම ලියන්න අයියාට ජය වේවා..!!!

Weni said...

ඔෆිස් ගිහිල්ලත් සඳරූ ගෙ සරුංගලේ කතන්දරේ ගැන හිත හිතා හිටිය !

ශශී said...

මචං සඳරුවො... අපිත් ඉස්සර බං අගෝස්තු මාසෙට තමා වැඩියෙන්ම සරුංගල් යවන්නෙ....අපි යැව්වෙ ඒ කාලෙ අපේ ගෙවල් ළඟ තිබුනු විසාල කොහු පිට්ටනියක ... අම්මපා නයි සරුංගල් හදනවා බං මීට(ර්) 5,6 දිග ඒවා.... කඩන් යන ඒවයි, කඩන් යන ඒවා කොල්ලො අරගෙන ගියහම උන්ගෙ ගෙවල් වාට ගිහින් අරගෙන එන ඒවයි, රණ්ඩුයි නිමක් නැහැ බං.... මාර ලස්සන කාලයක් ..අපි ඉරිදට තමා සරුංගල් යවන්නෙ ... අපේ බාප්පට තමා හදන්න පුළුවන් නියමටෙම... අපිට ඉතිං අරගෙන දුවන්න විතරයි පුළුවන්...හුළඟ එන වෙලාව බලලා අත ඇරියෙ නැත්තන් සරුංගලේ බාප්පගෙන් බැනුම් කෝටියයි....ඒ කලෙ අපි පොඩි උන්නෙ... මේක කියෙව්වහම ඒ කාලෙ මතක් උනා බන්..මාර දුකයි..

Anonymous said...

සරුංගල් නැති නිසාද හිස් අහස වුනේ :) මේ වගේ සුපිරියට ලියන්න පුළුවන් උඹට විතරයි සඳරූ. මට හිතෙන්නේ උඹ හරිම අවංකයි. ඒක උඹේ හැම ලිපියකම පිරෙන්න තියෙනවා. එක හුස්මට කියවතැහැකි.

මාධව විදුරංග said...

ම්ම්ම්! මට නම් කියන්න තියෙන්නේ සදරූ මේ මිනිස්සු හරි මෝඩයි කියලා තමයි! අද කතාවත් වෙනදා වගේම ලස්සනයි! ආසාවෙන් කියෙව්වේ!

``` Outsider``` said...

පොඩි කාලෙ අපිත් සරුංගල් ඇරිය. ඒත් ගහ මරාගත්තෙනම් නෑ. මොකද ඒ කාලෙත් අපි හොඳ බයගුල්ලො නිසා.
කොහොම වුණත් ගම් දෙකක් අතර තියෙන විරසකවීම් නම් දැන් වෙද්දි ගොඩක් අඩු දේවල්. ඒක දැන් යාඵ වුණානම් හරි දෙගොල්ල හොඳ පාටියක් එහෙම සෙට් කරල. අපිත් එන්නම්.(සැර ජාති බොන්නනම් බෑ ඔන්න)

තරු said...

1)ලංකාවට වැඩිම වී අස්වැන්නක් බෙදන මගේ පළාත කුඹුරු කැපිලා ඉවර වුණු කාලට නිකම් ලාස් වේගස් ටවුම වගේ ....හෙහ් හෙහ් හෙහ් වචන් ටික නම් එලම එල.

2) //ගම්මාන දෙකක් ගහ ගත්තා . බඩු මුට්ටු කඩා ගත්තා .අත පය කඩාගත්තා .පොලීසි ගියා ., උසාවි ගියා . කවුද හිතුවේ රුපියල් විස්සකට හදාපු සරුංගලයක් මේ තරම් වින්නැහියකට මුල වේවි කියලා .//

මේ සරළ වචන ටිකට යටින් ලොකු අර්ථයක් තියනවා..

මටත් සරුන්ගල් හදන්න බැහැ බන්, හැදුවොත් හොරට කිරන තරාදිය වගෙ පැත්තකට ඇලවෙලා වැටෙනවා..

Ravi said...

සඳරු.......මෙච්චර කාලයක් උඹ ලියපු කතා වලින් හොඳම එක....අනෙ අම්මප.....උඹෙ ඔය ඔකඳ වෙන කතා නරකයි කියනව එහෙම නෙවෙයි ඔන්න...හරිය, ඒත් මේ කතාවෙ යටින් දිවෙන අරුත හරිම ප්‍රබලයි.

අපි අතරෙ පරම්පරා ගානක් පවතින වෛර, තරහ මරහ වලට හේතු වෙන්නෙ මේ වගෙ බොහොම නොවැදගත් සිද්ධි, මිනිස්සුන්ගෙ හැටි එහෙමයි........හරි කවුද වැරදි කවුද හොයා බලන්නෙ නෑ......තමන්ගෙ එකා වෙනුවෙන් මරාගෙන මැරෙන්ට ඉදිරිපත් වෙනව,

ඔය තමන්ගෙ එකා වෙනුවෙන් ඉදිරිපත් විමේ ගතිය හුඟක් හොඳයි......හැබැයි ඒකෙත් තියෙන්න ඕන පොඩි හොයා බැලිල්ලක්......විචාරයක්......එහෙම නැතුව හරි වැරැද්ද මොක උනත් වෙඩි කාපු ඌරො කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව තමන්ගෙ එකා වෙනුවෙන් ඉදිරිපත් වෙන එකෙන් වෙන්නෙ ඔන්න ඔය වගෙ ආයෙ ලේසියෙන් හදා ගන්ට බැරි වැරැද්දක්,

ශානි said...

හප්පා...... මේ සඳරුවා ගම ගිනි තියලා නේද ඔය පොඩි දේවල් නිසා ලොකු ලොකු ප්‍රශ්න ඇති වෙනවා ඔය වගේ පොඩි සිද්දියක් නිසා ගම් දෙකක මිනීමැරුම් විසි ගානක් සිද්ද උනා දැනට අවුරුදු 2-3කට කලින්

කතන්දර Kathandara said...

කාලිඩ් හොසේනි (Khaled Hosseini) ගේ කයිට් රනර් (Kite Runner) මතක් වුණා.
යාළුවා වැටෙන කොට සඳරූ මොකද කලේ? ආපහු ගියාද, සයිකලෙන් පාගල ගියාද?

bashitha said...

"කාලය මැවු වෙනසක අරුමේ !!”

මේටික තමයි මගෙ හිතට ගොඩාක්ම දැනුනෙ මචො. . අද අපිට පන වගෙ තියන හැම දෙයක්ම , ඉන්න හැම කෙනෙක්ම කවද හරි නැති වෙනවනේ. හරියට ඒ සරුන්ගලේ වගේ.

Anonymous said...

සරුංගලයක් ගිය දුරක්!!!!!
කතාවෙන් දෙන ආදර්ශ නම් හුඟක් වටිනවා. නියමෙට ලියලා තියෙනවා....................

Anonymous said...

අනේ ඇයි එහෙම කියන්නේ...සරුංගල් අරින්න වයසක් තියෙනවද...??මම නම් අදටත් අඩලා අඩලා හරි සරුංගලයක් ඉදලා හිටලා උඩ අරිනවා...ඒක පුදුම මිහිරි අද්දැකීමක්...

හැබැයි පුතෝ..මෙදා සැරේ තව ගම් දෙක තුනක් තරහා වෙන සරුංගලයක් නම් උඩ ඇරියේ නැතුවට කමන් නෑ.........හික්ස්

Buru Babe said...

සඳරුගේ කතාව අස්සේ මම කියවපු පොතක් මතක් වුනා.

අනේමන්දා මල්ලි උඹලා තාම පොඩි එවුන්. නරකද අල්ලපු ගමේ කෙල්ලෙක්වත් යාළුකරගෙන සාම පියවරක් ගත්තොත්.
මට මතකයි එක්තරා අවශ්තාවක ඉඩම් හිමියෙක් මෙහෙම කිවා. නෝනා එහා ඉඩම ගන්න කලින් නෝනා ඒ ඉඩමට යන්න ඕනේ මගේ ඉඩම මැදින්. කලින් හිටපු මිනිස්සු නම් ඒක තේරුම් ගත්තේ නෑ කියලා.
ඒ වගේ ඔයාලට මොනව හරි ප්‍රශ්නයක් වුනත් කොළඹින් එන්නේ නෑනේ.... ඔන්න ඔහේ අල්ලපු ගමේ එවුන් එක්ක කතා කරලා සේෆ් වෙන්නලා.

හා පැටික්කි (MS) said...

ඕන් සුරංග උඩින් ඇවිත් ගිහින්..... හික්ස්....... මාරයියත් කරන අපරාද.... චිහ්.........

ඔය සරුංගලේ පාවෙලා යන්ට ඇරලා ඔය ගම් දෙකෙන් මඟුල් තුලාවක්වත් වෙලා නැත්ද සඳරු????????? ඒක නම් අර මොකක්ද වෛරයක් වෙන්නැ........ :)

හිස් අහස said...

@Luckey = බය වෙන්න එපා කොහේ ගම් පලාතේ ඇවිදින් අවුලක් ගියොත් මගේ නම කියන්න බඩු සුවර් ..! මුල්ල පටස් වලින්ම නම් නෙවේ .. මේ මේ අපේ පැත්තේ අක්කි කෙනෙක් පෙරන බඩ්ඩක් බීලා . ඇහැ රතුම රතු වෙලා තිබ්බා සතියක්ම අනේ සනීප වෙනකොට වපරේ
.............................................................................................................................
@Bindi= අපොයි ඔවු . ඔය කැඩිලා එන සරුංගල් අල්ලගන්න අපේ ගමෙත් හිටියා වෙනම කන්ඩායමක් එයැයිලාගේ වැඩේ කැඩුනු සරුංගල් අල්ලගන්න එක . ඔයාගේ සරුංගල් උත්සවේ පෝස්ටුව බලලා මට මේ කතාව සිහි වුණා
.............................................................................................................................
@හිතුවක්කාරි = ඉතින් හිතුවක්කාර නඟේ ස්තූතියි කියන්නම් මම ඔයාට
.............................................................................................................................
@Weni = අයිස් ගගහා ඉඳලා ඔෆිස් එකේ යුද්දයක් ඇති වුනොතින් මට නම් කියන්නෙපා ඕං
.............................................................................................................................
@ශශී = සහතික ඇත්ත මචං . සරුංගල් වලට වලි ඇවිලෙන එකේ නම් නිමක් නෑ .මේක නෙවෙයි ඔය සරුංගලේකට ගිය පලමු වලිය . තව ඕනෑ තරම් සිදුවීම් තියනවා කියන්න නම් . පොඩි කාලේ ඉතින් ඔය කොල වලින් හදාගත්ත දෙයක් වුණිත් මචං අපිට රටක් වටිනවා නේද ?
.............................................................................................................................
@dugiya = ස්තූතියි මචං . උඹලා ඇවිදින් කියවලා යන නිසා තමයි අපිත් බය නැතිව ලියන්නේ .
.............................................................................................................................
@මාධව = ගමේ අය කෝමත් පරදින්න කැමති නෑ බං . ඔවු සමහර වැඩිහිටියො පවා ටිකක් මෝඩයි තමා .. ස්තූතියි බං
.............................................................................................................................
@Outsider = පික්සිද මමත් අටේ ඉන්නකොට බය ගුල්ලා කිසිම වලියකට ගෑවුනේ නෑ . මේකේ වෙච්ච වලියට මම යන්තම් ගෑවුණා විතරයි අනික් හැම දවසකම ගෙදරට වෙලා උන්නේ !
.............................................................................................................................
@Tharu = ඒ පැත්තකට බර වෙන්නේ රැලි සමබර නැති වුණාම . ගානට රැලි සමබර කරලා ගන්න . ආ රැලි ගනං කරන්න එපා .. ඒක කෙමක්

හිස් අහස said...

@Ravi = ගොඩ කාලෙකින් මචං . ඔවු තමන්ගේ එකා වෙනුවෙන් අපේ ගම් වල එවුන් මරාගෙන වුණත් මැරෙනවා මතකද ඔයාට ගෝනගල සිද්දිය මම දන්න කෙනෙක් එතනදී මැරුනේ බලෙන්ම තම බිරිඳව බේරගන්න ගිහිල්ලා ..කැක්කුම බං කැක්කුම
.............................................................................................................................
@ශානු = මම හිතන්නේ ඒ ඔයා කියන්නේ ඔය උඩ කමෙන්ට් කරලා තියන තරිඳු කියන කතාව වෙන්නැති නේද ?
.............................................................................................................................
@කතන්දර Kathandara = නෑ අපේ එකා වැටුණාම අපිට ගිය හැකිය . අපි අයියේ දුරට වෙලා බලං හිටියා . ලඟට ගියේ නෑ අද වගේ නම් ගහනවා පොලව පැලෙන්න
.............................................................................................................................
@bashitha = ඒක නේන්නම් . කාලය කියන්නේ හුලඟක් අපි තමා සරුංගල්
.............................................................................................................................
@මහි = තෑන්කුයි මහී !
.............................................................................................................................
@අසනි = සරුංගල් පාරක් යවන්න ආසයි ඒත් බයයි .ආයි නම් සරුංගලේ කඩාගෙන ගියොත් හොයන්න නම් යන්නේ නෑ
.............................................................................................................................
@Il mondo di una povera pazza = අනේ මෙයා අපිට නිකං බාල්දු වීමක් වගේ දැනෙනවා එතකොට . අනික දැන් මේක මට බේරුම් කරන්න කෝමත් බෑ . අපේ ගමේ අයව මේ වැඩේට කැමති කරගන්න ගියෝතින් මටත් කන්න වෙනවා ජල ගුටි
.............................................................................................................................
@හා පැටික්කි = මම අර කීවත් වගේ ලවු හුටපට වලට නම් ගම් වලින් බාදාවක් නෑ . ඒවා නැගලම යනවා . සාමාන්‍යයෙන් ඔය වලිවලට බහින්නේ පිරිමි අය කාන්තාවෝ එදා වගේම ඕපෙ කතා කරමින් ඉන්නවා සතුටින්

දිනුක said...

සරුංගලෙං කරපු ටික මදෑ.උඹලට සී ප්ලේන් වගේ යවන්ඩ සෙට් උනානං තුංවෙනි ලෝක යුද්දෙ තමයි......

Anonymous said...

malliye aasawata hari kiyavanna liyahanko thota vechcha hinda vedak,, boruwak unath hari kamak ne,ane manda ban mata umbe katha kiyewwama nikan amuth hegeema enne, eka kalakireeemak nivey, vena mokadda ekaka, aasawata kiyavanna liyahan ko hodin ivara vena ekak.

හිස් අහස said...

@දිනුක ජයකොඩි = එහෙම වුණානම් මචෝ මම ලංකාවම අල්ලනවා . මොනවා කරන්නද බං අර කොහේවත් ඉඳි එකෙක් අපේ සරුංගලේට පෙම් බැඳා නෙව

@Anonymous = ඔබ කවුරු වුණත් කමක් නෑ ඔබ දුන්නේ මට කෝටිගානක් වටින අදහසක් මම මෙච්චර කල් ලීවේ පරාජිත හෝ සෝක ජනක අවසානයක් ඇති කතා විතරමයි නේද ? මට ඒක මතක් කලාට ගොඩක් ස්තූතියි මචං . මම මේ කමෙන්ට් එක දිහා බලං සෑහෙන වෙලා කල්පනා කලා ..මේ අදහස මට රටක් වටිනවා ..මම අද ඉඳන් හැපී එන්ඩිං එකක් සහිත කතාවක් ලියන්න උත්සාහ කරන්නම් .

Anonymous said...

මටත් සරුංගල් හදන්න පුළුවන්
ඒත් ඒක වැඩිය කෙරුනේ නැහැ, ඒකට හේතුව අපේ ගම කඳු වලින් වට වෙලා තිබුන නිසා හුලන් එනවා අඩු කම නිසා...
ඒත් ඒ පොඩි හුළගෙන් හරි අපි පොඩි කාලේ කීප වතාවක් සරුංගල් යවල තියෙනවා.... :(
ඒක වැඩිය හරි යන්නේ නැති වැඩක් නිසා මම කලේ සෙල්ලම් කරත්ත, තුවක්කු හදන එක තමයි
අතීතය මතක් කරගන්න පොටක් පාදල දුන්නට බොහොම ස්තුතියි... :)
J

මන්තරකාරි said...

"කාලය මැව් වෙනසක අරුමේ..." ඒක තමයි හොඳටම හිතට වැදුනේ... මටත් හැම වෙලාවෙම හිතෙන දෙයක් තමයි හැමදාම පොඩි කාලේ වගේ උනානම් කියන එක...
කැකිල්ලේ රජ්ජුරුවෝ ගෙන්නලා සුරංග කෙට්ටුනම් මහත එකෙකුට ගහලා වලිය ෂේප් කලානම් ඉවරනෙ..
ආයෙමත් සරුංගලයක් යවලා ගම් දෙක සමගි කරන්න සඳරු...

Buddhi said...

ඒත් ඉතින් ආයේ නම් සරුංගල් යැවිලි නෑ මොකද කීවොතින් මම දැන් ඉන්නේ සරුංගල් යවන වයසක නොවන නිසා.//

සදරු,
ඇයි තමන් කැමති දේවල් කරන්න වයස බලපානවද? මම නම් එහෙම හිතන්නැ. දැං විඩියෝ ගේම් ගහන්නෙ පොඩි උන් විතරද? රොලර් කොස්ටර් මෙරිගෝ රවුන්ඩ් වල යන්නෙ පොඩි උන් විතරද? ඒ වගේ තමා සරුංගල් ඇරිල්ලත්. අපි නම් ගමේ ගියාම තාම සරුංගල් අරිනවා.
සඳරු හිතන්නෙ සරුංගල් අරින කාලේ ඉවරවෙන්නෙ වයස අවුරුදු කීයෙන් කියලද?

කොහොම උනත් කතාව වෙනදා වගේම සරළයි රහයි! ඒකට මම කැමතියි

දේව් ගේ අඩවිය said...

සරුගලයක් ගිය දුර..... සරුගල් යවන වයසක නොවුනත් ඕන තරම් සරුගල් සැනකෙලි තියෙන්නේ බ්ලොගා ලා ටිකත් එකතු වෙලා තිබ්බා නම් තරගයක් මලයාගේ වැඩ ටිකත් බලා ගන්න තිබුනා

ප.ලි : අපිටත් ඉතින් ඒවා නම් ලෙසටම පුලුවන්

ප.ප.ලි : නිකමටවත් ගම් දෙක එකතු කරන්න උත්සහයක් ගත්තේ නැද්ද මල්ලි

ශානි said...

ඔව් ඔව් මම කිව්වෙත් අර තරිඳු කියලා තියෙන්නේ කැප් එකක් නිසා 22ක් මරපු කතාව තමා

පබලු said...

සරුන්ගලේ කල හදියක්..
හැමදාම වගේ සඳරු ලියන විදිය සජීවි.
කියවල ඉවර වෙනවා කියන්නේ මේ සිදුවීම බලාගෙන හිටියා වගේ.නියමයි

පොත් ගුල්ලා said...

අනේ සඳරු මලේ ඒ කවියක් නෙමෙයි, සුනිල් ආරියරත්නයන් ලියපු නන්දා මාලිනිය ගයන ගීතයක පද දෙකක්. අහල නැද්ද?
එහෙනං මෙතනින් ගිහින් අහන්නකො.
http://www.youtube.com/watch?v=2T1u6jUnyZQ

ක්සැන්ඩරයා said...

මාර කතාව. හරියට ඇස් ඉස්සරහ උණා වගේ ලියල තියනවා... මන් නම් කරේ සරුංගල් අරින එක නෙවෙයි එව්වා කඩන එක,.. මොකද මගේ සරුංගල් උන් හැම පාරම හොර ගැට දාල කඩනවා..මම ඉතින් උන්ගේ සරුංගල් අපේ කන්ද දිහාට එද්දී එස්ලෝන් බට වලට දාපු අහස්කූරු යවනවා හරියට සරුන්ගලේටම.. ස්කඩ් මිසයිල් එකක් ගැහුවා වගේ තමා.. හරියට සෙට් උනොත් උඩදීම බඩු ගිනි ගන්නවා..

ජීවිතේ මල් said...

හනේ සන්සාරේ.. !!! :)

පවනි said...

ඇඬෙනව බං......
මමත් සරුංගල් යැවුව...
අනේ තවමත් ආසයි බං... ඒත් උඹ කියනව වගෙම "මටත් දැන් ඒව කරන්න" ටිකක් අමරුයි...
අනේ අපෙන් පස්සෙ අපි කරපු දේවල් ඉදිරියට ගෙනියන්න සෙට් එකක් නෑ බං... මට ඒ ගැන නම් මාර දුකයි බං..........

duliponline said...

ටිකක් පරක්කු උනා මේ පැත්තෙ එන්න. මේ දවස්වල ජාලෙ පාවිච්චි කිරීමට එරෙහිව ගෘහස්ත ප්‍රචන්ඩත්වය නැගීහිටිනව නොවැ . . . .
දැං කොමෙන්ට් එක . . . .
මමයි මගෙ මලයයි සරුංගල් යවන කාලෙ අපි දෙන්න සතියකට එක සරුංගලයක් ගානෙ හදනව ඇයි දන්නවද . . . ??? අපි දෙන්න එක වතාවක් හදන සරුංගලේ උඩ යවන්නෙ එකපාරයි . . . . . ඩොටට යන්න නූල් දීල සරුංගලේ අතාරිනව . . . . ඒ සරුංගලේ එතනින් ඉවරයි . . . . ඊටපස්සෙ සතියක් යනකං සල්ලි එකතුකරනව අනිත් සරුංගලේ හදන්න . . . . මලයයි මායි අන්තිම සරුංගලේ හදල යැවුවෙ 1992දි . . . . .

shaminda srinath said...

යකඩෝ සරුංගල් යවන්න වයසක් ඕනද?මට 25ක් වෙලත් මම තවම ඉදල හිටලා සරුංගල් යවනවා......

Post a Comment

තැන්කූ බං