27.9.11

පාසැලක්ම ගඳ ගැස්සවූ නයා මහත්තයාගේ කිරි වීදුරුව.




"නයා මහත්තයා මේ වතාවේ අපේ ඉස්කෝලෙට එනවැයි කියන්නේ !

ඉස්කෝලේ ස්ටාෆ් රූම් එක ගාව ටකරේ ගහමින් හිටපු අපි කස්ටියට මේ කතාව ඇහුණේ ස්ටාෆ් රූම් එකේ කැඩිච්චි ජලේලෙකින් .

"එහෙනම් ගුරුවරුන්ටත් මොනවා හරි තෑගි බෝග දේවි නේද ?

"මම කොහොමද බං දන්නේ ? මම නයා මහත්තයාගේ ගෑනියැයි !”

"නරක් වෙලා හිටීවි ඒ වගේ රජෙකුගේ ගෑනි වෙන්න ලැබුනොතින් .”

අපේ ඉස්කෝලේ ටීචර්ලා කීප දෙනෙක් අතරේ වෙච්ච මේ දෙබස අපි කට්ටිය හොරෙන් අහගෙන හිටියේ අතින් කටවල් වහගෙන හොරෙන් හිනා වෙන ගමන් ..

නයා මහත්තයා තමයි මගේ පළාතට හිටිය ලොකූම ලොකු සල්ලි කාරයා .මම අහලා තිබුණ විදිහට එතුමා ලංකාවේ ඉන්න ලොකුම සල්ලි කාරයො අතරිනුත් එක්කෙනෙක් .එතුමා ගේ උපන් ගම වුණේ මම මේ ඉන්න පළාත .

ජන්දයක් අත ළඟටම එනකොට සල්ලි කාරයෝ බොහෝමයක් දෙනා ඔකඳ වෙන්න පටන්ගන්නවා . පාරේ යන එන මිනිස්සු එක්ක බලෙන්ම කතා කරන්න පටන්ගන්නවා , කැහි හොටු පෙරාගත්ත කොල්ලෝ කෙල්ලෝ දිහා දයාවෙන් පිරී ගිය දෑසින් බලමින් හිස අත ගාලා අතට ටොපියක් දෙනවා , ගමේ පන්සල අලුත් වැඩියා කරන්න පටන්ගන්නවා , තමන්ගේ මුදලින් පාර හදනවා .

ඒ දවස්වල පොඩි ජන්දේ ළංවුණා විතරයි නයා මහත්තයාටත් ඔය කියන ජනතාව වෙනුවෙන් ඔකඳ වෙන ලෙඩේ වැලඳිලා තිබුණා . මට මතකයි ඒ දවස් වල නයා මහත්තයා ප්‍රදේශවාසීන්ගේ මනාපය දිනාගන්න අනික් අපේක්‍ෂකයොන්ට වඩා වෙනස්ම ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කරපු හැටි .

තමන්ගේ බස් කීපය යොදවලා නොමිලේ ප්‍රවාහණ සේවයක් ලබා දුන්නා .. අපි වෙනුවෙන් .!

තමන්ගේ ගෝල බාලයෝ රොත්ත එකතු කරගෙන ගමේ කැඩිලා තිබුණ අලි වැට රෙපෙයාර් කරන්නත් පටන්ගත්තා .. ඒකත් කළේ අපි වෙනුවෙන් .!

ගමේ පාසල් වලට බලෙන්ම ඇවිල්ලා . පොත් පෑන් පැන්සල් පුරවාපු ලොකූ පාර්සල් බලෙන්ම ප්‍රදානය කළෙත් අපි වෙනුවෙන්ම තමයි .

නයා මහත්තයාට ඕන තරම් සල්ලි තිබුණා . දවසට ලක්‍ෂයක් වියදම් කළත් එතුමා බංකොලොත් වෙන්න අවුරුදු 70 යනවා කියලා දවසක් අපේ සීයා මට කීවා මතකයි .එතුමාගේ පෞද්ගලික ලේකම් විදිහට කාලයක් මගේ සීයා කටයුතු කල නිසා සීයට පුළුවන් වුණා නයා මහත්තයා හැරෙනකොට එතුමා ඊළඟට මොකද්ද කරන්න ඉන්නේ කියලා දැනගන්න .

වටේ පිටේ තිබුණු හැම පාසලක් වෙතටම ගිය නයා මහත්තයා ඒ ඉස්කෝල වල ළමයින්ගේ අතට කරට වෛවාරණ බඩු මුට්ටු තෑගි දීලා තිබුණු බව අපිට ආරංචි වෙලා තිබුණා . ඉතින් නයා මහත්තයා අපේ පාසලටත් එනතුරු අපිත් මග බලං හිටියා ..හබැයි අපිටත් වඩා නයා මහත්තයා එනකම් බලාන හිටියේ අපේ ගුරුවරු .

අපේ ඉස්කෝලේ වැඩිහරියක්ම හිටියේ දුප්පත් දෙමාපියන්ගේ ළමයි . පොත් පත් ගන්න අලුත් රෙදි ගන්න සපත්තු ගන්න සල්ලියබාගේ යහමින් නොතිබුණු ළමයි .! කොයි කරුවුරු හරි කමක් නෑ අපිට පිනට යමක් ගෙනල්ලා දෙනවා නම් අපිට ඒ මිනිහාව පෙනුවේ සර්ව බලධාරී දෙයියෙක් වගේ . ඉතින් පන්තිවල කොට බිත්ති වලින් එපිට බලාගෙන අපිත් නයා මහත්තයා සහ එයාගේ තෑගි මල්ල අරගන්න හීන මැවුවා .

ඔන්න ඉතින් දවසක්දා අපි බලාන හිටි දවස එළඹුණා .! සඳුදා දවසක උදේ රැස්වීමේදී කියැවුණේ තව දවස් දෙකකින් නයා මහත්තයා අපේ පාසලට වඩින බවත් , එතුමාව පිළිගන්න හැම ළමයෙක්ම සැදී පැහැදී ,නැවී බරවී සිටිය යුතු බවත් .අපේ විදුහල්පති තුමාගේ අණ පරිදි එතැන් සිට ගතවුණු දින දෙකක කාලය පාසල හා ඒ අවට පිරිසිදු කිරීමටත් . නයා මහත්තයා පිළිගන්න ගීතයක් නිර්මාණය කිරීමටත් . මකර තොරණක් ගැසීමටත් . පාසලට අවැසි බඩු මුට්ටු ලැයිස්තුවක් සැකසීම සඳහාත් ගත කළයුතු වුණා .

ඔය කාලය තුළ පිරිමි ළමුන්හට පාසැල සුද්ද බුද්ද කිරීමේ වැඩ කටයුතු භාර වුණු අතර . ගැහැණු ළමුන්ට සැරසිලි කටයුතු භාර වුණා . ගුරුවරුන්ට භාර වුණේ නයා මහත්තයාගෙන් ඉල්ල්ලා සිටීමට පාසලේ අඩු පාඩු ලැයිස්තුවක් සැකසීම. එතකොට ගුරුවරියන්ට පිළිගැනීමේ ගීතයක් ලිවීමත් නයා මහත්මයා ඉදිරියේ ඒක ගායනා කිරීමත් භාර වුණා .

දවස් දෙකක් විතර වෙහෙසිලා අපි අපේ පාසලට සුපිරි පෙනුමක් ලබා දුන්නා .! පාසලට එන පාර දෙපස මල් හබරල ගස් හිටවලා ඒවා මේ අද ඉයේ හිටවාපු බව නොපෙනෙන්න ඇළෙන් සුදු වැලි ගෙනල්ලා පාර දිගටම දැම්මා ..

දැන් හැම දේම සූදානම් . නයා මහත්තයා ආවට පස්සේ හැසිරෙන්න ඕන හැටි ගැන අපිට ගුරුවරු කීප දෙනෙක් විසින් විශේෂ පුහුණුවකුත් ලබා දුන්නා . ඒ වගේම මේ පුහුණුව පිළිබඳ කිසිම තොරතුරක් පිටතට නොයවිය යුතු බවටත් අපෙන් පොරොන්දුවක් ගත්තා . ඒක නිසා මම ඒ පුහුණුව ගැන වචනයක්වත් මෙතන සඳන් නොකර ඉන්න ප්‍රවේසම් වෙනවා ..

දවස් දෙකකට පස්සේ අපි ඇඟිලි ගනිමින් හිටි දවස උදා වුණා .! අපි හැමෝම වෙනදාටත් වඩා උදෙන්ම පාසල් ගියේ අමුතුම හැඟීමක් හිත දරාගෙන . වෙනදානම් සඳුදා දිනවල පමණක් පැවැත්වෙන උදේ රැස්වීම එදා නයා මහත්තයා වෙනුවෙන්ම සූදානම් කෙරිලා තිබුණා .

අපි පෙරමග බලාන ඉන්න අතරේ එකපාරටම පිඹගෙන ආපු මාළු පාන් ගෙඩි වගේ හුරතල් වාහන පෙළක් අපේ පාසලේ කැඩිච්ච ගේට්ටුව ගාව නතර වුණා . අපි පාරට දාපු සුදු වැලි ඒ වාහන ආපු වේගය නිසා දූවිල්ලක් ඇවිස්සුලා සුදු පාට දුමාරයක් වගේ අහසට නැග්ගා ..

මට හොඳටම මතකයි මේ අද වාගේ ! නයා මහත්තයා ඒ දූවිලි පාර මැදින් එකවරම මතුවුණු හැටි . හරියට ඇක්‍ෂන් ෆිල්ම් එකක වීරයා අන්තිම සටනට එනවා වාගේ තමයි එතුමා දූවිල්ල මැදින් මතු වුණේ . මැසින් තුවක්කුද බයිනෙත්තුද . කර පින්නාගත්ත සහායක ඩැනීලා දෙදෙනෙක් දෙපස තියාන නයා මහත්තයා අපි දිහාට ආවා ..

එතකොටම පෙරමඟට දුවලා ගියපු අපේ ටීචර්ලා කට්ටිය . පිළිගැනීමේ ගීය ගායනා කරන්න වුණා .මේ සිදුවීම වෙලා දැන් කොයිතරම් කාලයක් ගත වෙලාද ? ඉතින් මට හරියටම පිළිගැනීමේ ගීතය මතක නෑ මතක හැටිය තමා මම මේක සඳහන් කරන්නේ ..

හත් වලාමේ පාසල් පොජ්ජ අපෙ දුප්පත්ව ඇත මිරිකිලා //
ඒ අපේ දුක ගෙනියන්න එන ඔබ අපේ ගැලවුම් කරු තමා
නයා මහතුනි ඔබේ ගුණ කඳ කවියකින් ගයනෙමි මෙසේ
කවිය අසලා දෙන්න අපහට ඔබේ ආධාරය උඩින් //
උඩින් ... උඩින් //




පිළිගැනීමේ ගීතය කියලා ඉවර වෙලා ටීචර්ලා තමන්ගේ අතේ තියාගෙන හිටපු පොඩි පොඩි මල් මාලා නයා මහත්තයාගේ ගෙල වටේ දාන්න පටන්ගත්තා . එතුමාගේ නළල තෙක් ඒ මල්මාලා පිරුණා .බකස් ගාලා අපිට හිනාවක් යන්න ආවත් අපි ඒ හිනාව තදකරගෙන හිටියේ පුදුම අමාරුවකින්.

ඉස්ටේජ් එකක් වාගේ හදලා තිබුණු අපේ ගඩොල් ගොඩ උඩට නැගපු අපේ නයා මහත්තයා අපි වෙනුවෙන් කතාවක් කරන්න පටන්ගත්තා ..ඒ කතාවේ වැදගත් හරිය විතරක් මම සඳහන් කරන්නම් . මට මතක හැටියට .

විදුහල්පති තුමනි, ගුරුවරුනි, දරු දැරියනි !

"ඔබ සැම දෙනාම දන්නවා මම කවුද මොනවද කරන්නේ කියන වග . මම මේ හැම දෙයක්ම කරන්නේ ඔබලාට සැප දීමටයි . අදත් මම ආවේ ඔබ සැම දෙනාටම සැපක් දීලා යන්න . මම අද ඔබ සියලු දෙනාටම තෑගි ගොඩාරියක් පිරි නමනවා . දයාබර දුවේ පුතේ මේ වගේ තෑගි හැමදාම ඕන නම් ඔබේ අම්මට තාත්තට ගිහිං වද කරන්න . අනේ තාත්තේ , අනේ අම්මේ නයා මහත්තයාව ජන්දෙන් දිනවන්න කියලා , ගිහින් අඬන්න … කොහොම හරි මාව දිනවලා දෙන්න ..! ඉතින් ගන්න මේ තෑගි පාර්සල් දිනවන්න මාව “

පැයක් හමාරක් පැවැත්වුණු නයා මහත්තයාගේ කතාව හරිම හැඟුම් බරයි ඒ කතාවට අපි කාගෙත් නෙත් තෙමීගියා ..එතුමා දීපු පොත් පෑන් පැන්සල් අපිට රටක් වටින බව නම් නොකියාම බෑ (සිරාවට)

එතුමා ආයෙත් කතාව පටන්ගත්තා ,,

"මගේ කතාව අහගෙන මෙතන පැය ගාණක් හිටගෙන හිටි ඔය දරුවන්ට මම පොඩි සංග්‍රහයක් කරන්න කැමතියි"

එහෙමෙ කියලා නයා මහත්තයා අතින් පොඩි සිග්නල් එකක් දුන්නා . එතකොටම ලොකූ බවුසරයක් පස්සට පස්සට රිවර් කරමින් ඇවිල්ලා අපේ පාසල් වත්ත ඇතුළේ නතර වුණා ..!

"මේ යකා අපිට වතුර පොවන්නද යන්නේ ? “

මට වගේම අනික් ළමයින්ටත් ඇතිවෙච්ච ගැටලුවක් තමයි ඒක . ඒත් ප්‍රශ්නයට විනාඩියකින් උත්තර ලැබුණා .

"යන්න ළමයි පෝලිමට ගිහින් අර බවුසරන් කිරි කෝප්පයක් බොන්න ..මේ පාසල හරිම දුෂ්කර පාසලක් . කොළඹ ළමයි වගේ මේ ළමයි සැප විඳින්නේ නෑ නේ . හැමෝම කියනවා කොළඹට කිරි ගමට කැකිරි කියලා ඉතින් ඔන්න මම ඔයාලටත් කිරි ගෙනාවා යන්න දරුවනේ බොන්න ..”

අපි කොල්ලෝ සෙට් එකම ප්ලාස්ටික් කෝප්ප අරගෙන පෝලිමේ කිරි බවුසරේ ගාවට ගිහිං සමූපේ බඩු ගන්න ඉන්න ගැමියෝ වගේ පෝලිමේ තෙරෙපෙමින් හිටියා . කෙල්ලෝ ටිකත් වෙනම පෝලිමක් හදාගෙන ත්‍රීපෝස ගන්න පෝලිමේ පොදිකන අම්මන්ඩිලා වාගේ නොයිවසිල්ලෙන් බලාන හිටියා ..

චිහ් ! කොහේ ගියත් අසාධාරණේ... පීඩිත පන්තියේ එකා කොතන ගියත් තැලෙනවා !!

අපි කිරි පෝලිමේ ඉන්න අතරේ අතරේ එතන වෙච්ච අසාධාරණයක් ගැනත් නොකියාම බෑ .

ගුරුවරුන්ගේ ළමයින්ට ගුරුවරු කිරි කොප්ප දෙක තුන පොවමින් හිටියා .. "අනේ අම්මේ මට ඇති" කියද්දී පවා "බිපිය මේක ආයේ මේවා ලැබෙන්නෑ" කියමින් ගුරුවරියෝ තම දරුවන්ට බඩවල් පැලෙන්න කිරි පොවන්න ගත්තේ අනික් ළමයි පෝලිමේ වේලෙන බව අමතක කර දමමිනුයි ..

උත්සවේ ඉවරයි කිරි බවුසරෙත් ඉවරයි !. අපි අපේ තෑගි පාර්සලුත් අරගෙන පන්තියට ගියා . ඒ කාලේ හැටියට රුපියල් දාහක් විතර වටින තෑගිමල්ලක් එතන තිබුණා . මොන චේතනාවෙන් දුන්නත් ඒ තෑගි මල්ල වෙනුවෙන් අපි නයා මහත්තයාට හදවතින්ම ස්තූති කළා

විනාඩි තිහක් විතර ගත වුණා . මම හිටියේ මට හම්බුවෙච්ච අලුත් කවටු පෙට්ටියේ හැඩ බලමිනුයි .ඒත් එතකොටම මට අමුතුම හැඟීමක් දැනෙන්න පටන්ගත්තා . ඒ හැඟීම මට නිතරම දැනුනත් මේ තරම් තදට ඒ හැඟීම දැනෙන්නේ නම් කලාතුරකින් තමයි ..

කෙටියෙන්ම කීවොත් මගේ බඩ රිදෙන්න ගත්තා .මම මොහොතක් ඉවසලා බැලුවා මේ වේදනාව අඩු කරගන්න හැකි වේවිද කියලා කොහෙද ? බඩ රිදීම තත්පරෙන් තත්පරේ වැඩි වුණා විතරයි අඩු වුණේ නම් නෑ .මම වට පිට බැලුවා . මට හීන් දාඩිය දැම්මේ එතකොට

මම ඉන්නේ පන්තිය මැද මේ පන්තිය මැද්දෑවෙදී මට එළි බහින්න ඕනෑ වුණොත් ? දෙයියනේ මම මොකද කරන්නේ .. කලිසමේ මල පහ වුණොත් ? මම හිත හිතා හිටියේ නෑ . තත්පරයක්වත් පමා වුණෙත් නෑ

තනිරූල් පොතක මැද පිටු කීපයක් කඩාගත්ත මම කුරුල්ලෙක් වගේ ඉගිලුණා ළඟ තිබ්බ කැලෑ රොදට . අපේ පාසල වටේටම තිබුණේ මහා ගල් පරුවතවලින් ගහන කැලෑරොදක් . මුලු පාසලටම කියලා තිබුණේ එකම එක කක්කුස්සියක් විතරමයි . ඒකත් භාවිතා කළේ ගුරුවරුම විතරයි යතුර තිබුණේ ලොකු සෑර් ගේ අතේ .. ඉතින් ඒක නිසා මම එළි බහින්න දිවුවේ වැට මායිමේ තිබුණු කැලෑවට ..

කිසිම ප්‍රශ්නයක් නැතුව මම නිදහසේ විනාඩි පහළොවක් විතර මගේ කාරිය කරලා දැහැමෙන් සෙමෙන් ආයෙමත් පාසල වෙතට පිය මැන්නා ..මම මගේ පන්තිය වෙතට යද්දී මම වෙනදා නොදුටු වෙනසක් දුර තියාම දැකගත්තා ..

කොල්ලෝ පණ කඩාගෙන දුවනවා කෙල්ලෝ ඩෙස් එකට ඔළුව තියාගෙන අඬනවා .එතකොට මට තේරුම් ගියා මේ බඩේ ගාය වැලඳිලා තියෙන්නේ මට විතරක් නොවෙන වග . මට එකපාරම මතකෙට ආවේ වුණේ නයා මහත්තයා දුන්න කිරි කෝප්පේ !. හරි අපි හැමෝම කිරි බීවනේ දැන් කස්ටියටම බඩ යනවා නන්ස්ටොප් ..!

ගුරුවරු පේන්නවත් නෑ .. කෙල්ලොන්ට පන්තියෙන් නැගිට ගන්න බැහැ ඇඳුම් වලම ගිහිල්ලා . සමහර කොල්ලන්ගේ තත්වයත් ඒකමයි . බොහොමයක් කොල්ලෝ මම වගේ ළඟ පාත තිබුණු කැලෑවට දුවන්න ගත්තා .

ඔන්න ඔය අතරේ ආයෙමත් මගේ බඩ දෙදරවාගෙන එන්න ගත්තා .. මම ආයෙමත් ගිහින් නතර වුණේ කැලෑ රොද ඇතුළේ . ඒත් මේ වතාවේ මම හිටියේ තනියම නෙවේ අපේ පාසලේ ලොකු පොඩි කොල්ලෝ හැමෝම තැන් තැන්වල ඉඳගෙන මූණ ලේන්සුවෙන් වහගෙන හෝ ගාලා වැඩ . මොනවා කරන්නද මමත් මූණ වහගෙන හිස් තැනක් බලලා ඉඳගත්තා ..අපිට ලැජ්ජ්ජා වෙන්න කිසිම හේතුවක් තිබුණේ නෑ අපි මූණ වහගෙන නෙව හිටියේ !

පස් වතාවක් විතර කැලේට ගෑටුවාට පස්සේ මගේ බඩේ ලෙඩේ නතර වුණ .පන්තියේ ගෑනු ළමයි ගැන මම මෙතන සඳහනක් කරන්න කැමති නෑ . ඒ අයට සෑහෙන ලොකු දුකක් විඳින්න වුණු බව නම් නොකියාම බෑ . හැබැයි ඔය අතරේ සමහර කොලෝ කීප දෙනෙක් හිටියා ගානක්වත් නැතුව . උන් උපතින්ම ජරාව කාලා බඩවල් ඕන දේකට හැඩ ගස්සවාගෙන හිටපු එවුන් වෙන්න ඇති .

ඔය අතරේ බඩ ගිහිං ගිහිං අන්තිමට නැගිට ගන්නවත් බැරි කොල්ලෝ කීප දෙනෙකුත් හිටියා එයාලා තමයි අර ගුරුවරුන්ගේ දරුවෝ .එකක් කෝප්පයක් බීව මට මෙහෙම නම් අම්මලා බලෙන්ම පොවාපු කිරි කෝප්ප තුන හතරක්ම බඩට වැටුණම කොහොමට තියේවිද කියන එක මට තේරුම් ගන්න පුළුවන් වුණා මට උන් ගැන ඇත්තටම දුක හිතුණා

ඔය විදිහට මහා ඛේදවාචකයක් අවසන් වුණා . අපේ විදුහල්පති තුමා අවංකවම අපි ගැන දුක් වුණා කිරි නොබී නිසා එතුමාට කිසිම අපහසුතාවයකට ලක් වෙන්න සිදුවුනෙත් නෑ . එතුමා නයා මහත්තයාව හොයාගෙන ගිහිල්ලා අමු සිංහලෙන් බැණ වැදුණු බවත් අපිට පසුව ආරංචි වුණා .

ඇත්තටම වෙලා තිබුණේ නයා මහත්තයාගේ වරදක් නෙවෙයි . කිරි කොම්පැනිය අපිට කල් ඉකුත් වෙච්ච කිරි බවුසරයක් ලබා දීපු එකයි .කිරි කාරයන්ගේ නොසැලකිල්ලට නම් එයාලට දඬුවම් ලැබුණා නයා මහත්තයා විසින් නඩුවක් දාලා ඒ කිරි කොම්පැනි කාරයාගේ බලපත්‍රය අහෝසි කළා ..ඉතින් අපි කිසිම කෙනෙක් නයා මහත්තයා ගැන අහිතක් හිතුවේ නෑ ..මේ බඩේ ලෙඩේ පිටින් දාලා අපි දවස් ගණක් ඉස්කෝලෙ නොගිහින් ගෙදරට වෙලා ජොලියේ හිටියා .

අන්තිමට හැමෝම ඉස්කෝලේ අපු දවසක උදේ රැස්වීමේදී මේ කතාව මතක් කරලා අපිව ආයෙමත් හිනා ගස්සන්නත් අපේ ලොකු සර් අමතක කළේ නෑ ..අහල පහළ ඉස්කෝල වල කොල්ලෝ අපේ ඉස්කෝලෙට අලුත් නමකුත් පට බැන්ඳා ඒත් අපිවත් අපේ ඉස්කෝලේ ගුරුවරුවත් යන්තම්වත් දුක වුණේ නෑ .. අපිට මේ සිදුවීම මතකෙට එන එක ජොලියක්ම වුණා …!

නයා මහත්තයා ජන්දෙන් පරාද වුණේ අපි කවුරුවත් නොහිතපු විදිහට .. ඒත් නයා මහත්තයා මහ පුදුම මිනිහෙක් ජන්දෙන් පරාද වුණත් තමන්ගේ පෞද්ගලික ධනය යොදවලා ගමට පළාතට සේවය කරන්න පටන්ගත්තා . අදටත් ඒ මනුස්සයා මගේ ගමට සිදු කරන සේවයේ නම් අඩුවක් නෑ .. ජන්දෙකින් දිනන්න ඕන අන්න ඒ වගේ රත්තරන් මිනිස්සු ..

මේ සිදුවීම ටයිප් කරන අතරේ මම කී ගමනක් හිනා වෙන්න ඇත්ද ? . මම යාළුවෝ කීප දෙනෙකුටත් කෝල් කරලා මගේ පරණ මතකය අප්ඩේට් කරගෙන තමයි මේ කතාව ලීවේ . මොන දේ වුණත් මම ඒ පරණ අතීතයට ආසයි . මේ ලියැවුණේ තවත් එක පරණ පාසල් මතකයක් . පාසලේ මතකයන් නම් ඕන තරම් . එත් ලියන්න පුලුවන් තරමේ ඒවා තියෙන්නේ අතලොස්සක් විතරමයි ..



/ලි . අතින් පයින් පොඩි පොඩි දේවල් ටිකක් දාලා කතාව සමබර කළත් . මේක මම ගොතාපු කතාවක් නෙවේ මේ මම ඉස්කෝලේ දහය වසරේ ඉද්දී මුහුණ දීපු සත්‍ය සිදුවීමක් .

නම් ගම් සම්පූර්ණයෙන්ම අසත්‍ය වන අතර ..කතාව සම්පූර්ණ සත්‍යකි .



94 comments:

Anonymous said...

අපේ නැන්දා ඉන්නෙ අලව්ව පැත්තෙ. එයා ගුරුවරියක්. එක පාරක් ඒ ස්කෝලෙ එයා උගන්වපු වසරෙ ළමයි ඔක්කොමත් එක්ක අධ්‍යාපන චාරිකාවක් ගියා. දවල් කෑම කොහෙන්දෝ හෝටලේකින් ඕඩර් කරලයි තිබුනේ. ළමයි ගුරුවරු ඔක්කොම වගේ දවල්ට එතනින් බඩ පිරෙන්න කෑවා......

කතන්දරේ ඉතුරු ටික සඳරු අයියාගෙ කතාවට සමානයි ඕං!

මැණික් - සුදු මැණිකේ said...

හි හී නියම කතාව
ඡන්දෙන් දිනන්න ඕනි නම් ඒ වගේ සේවය කරන අය තමයි. මං දන්න අපේ පලාතේ මහත්මයෙකූත් ඔහොම ඡන්දේ ඉල්ලා පැරදුනත් තමන්ගේ සල්ලි වියදම් කරලා පලාත දියුණු කරනවා. මේ අපේ ලංකාවනේ. හොද මිනිස්සුන්ට තැනක් නෑ.

ජය වේවා........!!!!

Unknown said...

අම්මෙ.. පස් පාරින් ගොඩ ගියා මදැයි..

Observer said...

නයා මහත්තය එවකට තිබුන ආණ්ඩු පක්ෂේ කෙනෙක් වෙන්න ඕනේ.

"මම කවුද මොනවද කරන්නෙ" කියන පාඨය දැක්කම මතක් වුනා කාලෙකට ඉස්සෙල්ල ජනාධිපත් කෙනෙක් රට පුරා ගහපු පෝස්ටර් එකක්.

මුළු ඉස්කෝලෙකට බඩ යන්න සෙට් කොලා කියන්නේ නයාත් ලේසි පාසු නයෙක් නෙමේ....හිකිස්...

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ලංකාවේ ඉන්න ලොකුම සල්ලි කාරයෝ නම් සාමාන්‍යයෙන් ක්‍රියාකාරි දේශපාලනයේදී නිහඬයි .....

මාරම අත්දැකීමක් , අපේ පාසල් වල තිබුන තත්වයත් එක්ක ඔය වගේ තත්වයක් ඇති නොවුනත් දේශපාලකයෙක් පාසලට එනවා කිව්වාම ගුරුවරුන්ගේ තියන දැඟලිල්ල , 11 වසරෙන් උඩ එකෙක් ජීවිතේට ඔය වගේ සක්කිලි වැඩ වලට එන්නෙ නැති නිසා පොඩි උන් ලව්වා ඔක්කොම වැඩ කොරව ගන්න එක ,ඉස්කෝලේ ඉන්න ලස්සනම ගැනු ලමයි ටික පිලිගැනීම් නිලධාරීන් කරන එක , අදාල දවසේ ගුරුවරියෝ ටික දිලිසෙන සාර් ඇඳගෙන එන එක , අදාල බලවතා ඉදිරියේ දෙකට නැමීගෙන ඉන්න එක , ඌ ගාවට යන කොට බලහත්කාරයෙන් තම්න්ගෙ ලමයවත් ඉස්සර කරගන්න එක වගේ දේවල් නම් සැහෙන්න දැකල තියෙයි . පාසලේ සංගීත අංශය වෙනුවෙන් නිල කටයුතු තිබුන නිසා , ඔය සිද්දි වලට අදාල චාටර් සීන් වලට නම් අහුවුනේ නැ කවදාවත් , ඒ වගේම ඉතින් ටිකක් ලොකු පන්ති ව්ලදි අපේ පන්තිවල අනික් උන් ඔය වගේ දවස් සෙට් වෙන කොට ගත්ත ආතල් නම් මඟඇරුණා සංගීත කටයුතු නිසාම

ගුරුවරියන්ගෙ විකාර වලට දෙපැත්තෙන්ම හිනා වෙවී තමන්ගෙ ගෞරවය රැකගෙන පැත්තකට වෙලා හිටපු හිටපු ගුරුමහත්වරු නම් හිටියාය කියන එක ගෞරවයෙන් සිහිපත් කරන්නත් ඕනි

Weni said...

නයා මහත්තය හොඳ හිතින් කල දෙයක් බව පේනවා මොනව උනත්..කිරි කොම්පැනියෙ වැරැද්දනෙ..ලියල තියෙන විදියට මැවිලා පෙනෙනවා..කාට්ටිය කලිසන් උස්සගෙන කැලේට දුවන දිවිල්ල !

නදී said...

ඉතින් ඇයි ඒ මනුස්සයා එක්ස්ෆයර් වෙච්ච කිරි දුන්නෙ ලමයින්ට?පව් අහිංසක ලමයි.මට දුක හිතුන.

ඒත් මේක කියවද්දි හිනාත් ගියා...අර ගුරුවරුන්ගෙ ලමයි ගොඩක් කිරි බිව්ව නිසා සෑහෙන අපහසුතාවෙකට ලක් වෙන්න ඇති :))

ප්‍රසංග said...

ඉඳල හිටල බඩ සුද්ද කරගන්න එකත් නරකම නෑ.... හොඳ වෙලාවට නයා මහත්තයා කතාව ඉවර කරල කිරි දුන්නෙ කතාව පටන් ගන්න ඉස්සෙල්ල දුන්නනම්......

Anonymous said...

දේසපාලුවෙක් කිරි දුන්නොත් ඔහොම කිරි තමා මචන්! :D

සිහින said...

හොඳ වැඩේ ඔය ටීචලහෙ පුත්තුන්ට. මම ඉස්සර ඉඳන් උන් එක්ක පුදුම තරහක් තියන්නෙ බං.උන්ට උන වැඩේ කියවද්දි මාව ඔකඳ උනා.සිරාවටම ඔය ගොඩක් ඉස්කෝල වල වැඩි වරප්‍රසාද හම්බ වෙන්නෙ උන්ට.වෙන පංතියක ටීච කෙනෙක් නිකං පංතියට ආවත් අනේ මේ අපේ xxx ටීචගේ පුතා නේද කියල කතාවට වැටෙද්දි අපිට එන මල...

උබලගෙ අයියව දිනවපු උබට බැරි උනා ගමට/නගරෙට/ඉස්කෝලෙට ඔය තරම් සේවෙ කරපු නයා මහත්තයව දිනවන්න.....

කතාව පට්ට !!

සංකල්ප said...

එක කිරි කෝප්පයක් බීපු මල්ලිට එච්චර අමාරු නම් අච්චර කිරි ගොඩක් බීපු ටීචර්ලගේ ළමයින්ට කොච්චර නම් අමාරු වෙන්න ඇද්ද. මතක් වෙනකොටත් හිනා යනවා. ඒත් හිනා වෙන්නේ කෝම කෙනෙක්ගේ දුකකට

ඉතින් මල්ලි ඔය කියන නයා මහත්තයා කවදාවත්ම ඡන්දෙකින් දිනලා නැද්ද. ඒකා එදා ඔය කිරි දීපු ඡන්දේ විතරමද ඉල්ලුවේ. අඩේ මූ මාර සල්ලි කාරයෙක්නේ.

Anonymous said...

පිස්සුම පහරක් සඳරු ... යකෝ තදකරගෙන හිනාවෙලා හිනා වෙලා මගේ පපුවත් රිදෙන්න ගත්ත අර පිළිගැනීමේ ගීතය නම් පට්ටයි බං.

Praසන්ன said...

අම්මෝ ඉස්කෝලෙ වීරවිල කෑම්ප් එකේ ආයුධ ගඩබාව පිපුරුව වගේ තියෙන්න ඇති.
අඩුම ගානෙ බොලාට ඔය වගේ හදිස්සියකට දුවන්න කැලෑවක් හරි තියෙනව. ටවුන් එහෙක ඉස්කෝලෙකට ඔය වගේ දෙයක් උනානං දෙයියන්ගෙම පිහිටයි.
කොහොම උනත් ඡන්දෙන් පැරදුනාට පස්සෙත් නයා මහත්තය ගමට වැඩ කරානං ඒ මනුස්සය නියම මනුස්සයෙක් තමයි.

පැන්ඩා said...

එක්සැම් එක තව පැය හතරකින් ඒත් උඹ පොස්ට් එකක් ලියල කියල ටාන් ගාල වදිද්දි RSS පොශකය නොබල ඉන්නෙ කොමැයි..උපරිමයි..එක්සැම් ස්ට්‍රෙස් එකත් නැතිවුනා හරියට උඹලගෙ බඩ සුද්ද වුනා වගේ..
ගිහින් එන්නම් සඳරුවො..

පිණිබිඳු... said...

කතාවක් හැටියට ගත්තොත් නම් මරු කතාව. ඒත් මේක සත්‍ය කතාවක් නිසා එහෙම කියන්න බෑ. මොන තරම් අපහසුවක් ඔයාලා විඳින්න ඇත්ද.

cjgayan said...

කතාව නම් පට්ට.. ඉතිං ඊළඟ චන්දෙදි නයා මහත්තයා චන්දෙ ඉල්ලුවෙ නැතෙයි,,, පව් අප්පා කොල්ලො කෙල්ලො ටික උන් පස්සට අත තියගෙන කැලේට දුවන හැටි මට මැවිලා පේන්නවා...

අකීකරු හිත said...

පිළිගැනිමේ ගීතය පටන් ගෙනම තියෙන්නේ හත්වලාමේ කියලනේ..... !!

Gimhani said...

රසවත් කතාවක්. මුළින්ම නයා මහත්තය ගැන තරහක් ඇති උනත් පසුව ඇති උනේ අනුකම්පාවක්. පව් අර ගෑල්ලමයි..

Raj said...

ඔය කස්ටියට ගම මතක්වෙන්ඩ ඉතින් චන්දයක් ලංවෙන්ඩම එපෑ.....
හැබෑ තමං පොරොන්දුවෙන පොරොන්දුවලින් කීපයක් හරි ඉටුකරන මංතිරි ගොල්ලොත් කීප පොලක් ඉන්නව අද රටේ.....නේද සඳරු.....

networkdisa said...

එල එල කතාව මැද හරියෙදි බඩ යන හිනාවක් ගියා ඕන්.....

ayesha said...

අනේ අම්මෝ වෙච්ච දෙයක්... ඔයාලගෙම නරක වෙලාව...

ශානි said...

හික් හික් අපේ ඔෆිස් එකේ මිනිස්සු බලනවා මම මොකද මේ මොනිටරේ දිහා බලාගෙන තනියම හිනා වෙන්නේ කියලා

හැමදාම වගේ සඳරුගේ මේ කතාවත් පට්ටයි මලයෝ

Bindi said...

ඊට පස්සේ නයා මහත්තය ඉස්කෝලෙට වැසිකිලි හදල දුන්නද .

හිනාවෙලා මලා . මාරම කතාවක් . ඔය නිකන් දෙන කිරි ඔහොමමයි . කොළඹට කිරි දෙන කාලෙත් කිරි පැකට් නිතරම කැටි ගැහිලා . ඇයි අප්පා ළමයි කිරි වලට ඔච්චර පෙරේත . ඔය පළාතේ හොඳ කිරි එලදෙන්නු ඉන්නවනේ . ළමයින්ට කිරි ලැබෙන්නේ නැද්ද . අර පිල්ගනිමේ ගිය නම් අතේ රෝලක් නේද . ඇයි අප්පේ ඕක කියන්න ලජ්ජා නැද්ද .

නයා මහත්තය පැරදිච්ච එක හොඳා . දිනුව නම් ඔය කරන ටිකත් නැහැ

නචියා said...

කියලා වැඩක් නෑ සඳරූ කතාව හැමදාමත් වගේ සුපිරි.

අපි සෙට් එකක් (කොල්ලො 25ක් විතර) යාපනේ ගිහින් එන ගමන් ගත්ත වතුර වගයක් බීලා ඔය වගේම සිදුවීමක් උණා. කියලා වැඩක් නෑ ඒ දවස ගැන. තාමත් කට්ටිය සෙට් වුණාම ඔය ගැන කියලා හොඳට හිනා
වෙනවා.

ජය..!!!!

රාජ් said...

//..සමූපේ බඩු ගන්න ඉන්න ගැමියෝ වගේ පෝලිමේ තෙරෙපෙමින් හිටියා . කෙල්ලෝ ටිකත් වෙනම පෝලිමක් හදාගෙන ත්‍රීපෝස ගන්න පෝලිමේ පොදිකන අම්මන්ඩිලා වාගේ නොයිවසිල්ලෙන් බලාන හිටියා ..//
//..අපිට ලැජ්ජ්ජා වෙන්න කිසිම හේතුවක් තිබුණේ නෑ අපි මූණ වහගෙන නෙව හිටියේ !//
උඹේ උපහාසෙ නං නියමයි.
තවත් එකක්, මෙතනදී උඹ තමයි ඉස්සරවෙලා තියෙන්නෙ.
මුලදි නයා මහත්තය ගැන තරහක් ඇතිවුනත් ඔක්කොම කියවලා ඉවර වුනාම ඇතිවුනේ දුකක්. ඒ මණුස්සයා දීපු කිරි වීදුරුවෙන් මුළු ඉස්කෝලෙම විරේකවුනා කියල දැනගත්තම මොනව හිතෙන්න ඇද්ද.ඊටත් ඡන්ද කාලෙ?

Unknown said...

පිලිගැනීමේ ගීතය නම් මරු....

නොමිලේම බඩ සුද්ද කරලා වගේ.කොච්චර අමාරු වෙන්න ඇතිද 5පරක් ගියා කිවාම...O_o

Anonymous said...

නයා මහත්තයාගේ හාමිනේ දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්වත්ද?

සිත් අහස said...

අම්මෝ,, මගේ බඩත් රිදෙනවෝ,, හී හී.. හිනා වෙලාම මගේ බඩත් රිදෙනවා.. මරු කථාව සඳරු..

Anonymous said...

නයා මහත්තයා දයාව පාලා ගමෙන්ම තේරුනේ නැද්ද​? :)

Ano 01

Sanjaya සිතුවිලි said...

මරු වැඩේ නේද වුනේ කිරි බිල ?

ItalyDilan said...

හික්ස් තාමත් හිනාව...ඒ උනාට මොකද බන් ඔහොම උත්තමයෙක්ට උබලගේ ගමේ උන් සලකන්නේ නැත්තේ

sameera said...

" මාලු පාන් වගේ ස්වීට් වාහන " මරු උපහැරණෙ.........
ඇත්තටම බං නයා මහත්තයට කියලා ගුරුවරු ඉල්ල ගත්ත බඩු ලිස්ට් එක මොකද්ද බං ? ඔය ලිස්ට් එකේ තිබ්බෙ නැද්ද පාසලට වැසිකිලි පද්දතියක් එහෙම ..........................

jhothishalanka said...

වෙනදා වගේම හරි ආසාවෙන් කියෙව්වා.ඔයාගේ ලිපි වල තියෙන වැදගත්ම දේ තමයි කියවන්නාට උපරිම විනෝදය ලැබෙන එක.ඒ වගේම කියවනකෙට කතාව මැවිලා පේන විදියට ලියන බොහොම ටික දෙනාගෙන් කෙනෙක් ඔයා.සමහර දවස්වල හදහන් වැඩ කරලා හෙම්බත් වුනාම ජීවිතෙත් එපා වෙනවා.ඒත් සදරුගේ ලිපියක් බැලුවහම ආයිත් හොදට හිත සතුටින් වැඩ කරන්න පුළුවන්.
නයා මහත්තයාට ඒ නම ලැබුණු හැටිත් හරි රසවත් ඇති නේද?ඒ කතාවත් දැනගෙන අපිට කියනවනම් හොදයි.

``` Outsider``` said...

මේක කාටවත් දොස් කියන්න බෑ. එළදෙන්නුන්ගෙ වැරැද්ද. උන්ගෙ කුමන්ත්‍රණයක් වෙන්න ඇති.

කොහොම වුණත් හැමදේම හූරගෙන කන එවුන් එක්ක අතින් වියදම් කරල වැඩක් කරන එවුන්‍ හොඳයි. ඒ නිසාම උන්ට මිනිස්සුන්ගෙ මනාපෙ නෑ.

Anonymous said...

මම සඳරු මල්ලිගෙන් දැනටත් එක වචනයක් අලුතෙන් ඉගෙනගෙන තියෙනව.." මුල්ල පටස්"..!

අද තව එකක් ඉගෙන ගන්න යන්නෙ.. මොකක්ද මලයො "ටකරෙ ගහනව" කියන්නෙ..?

Test Profile said...

ඇයි බං සඳරු අර යකාට නයා මහත්තයා කියන්නේ?

සෝරෝ said...

අඩේ බං පස් පාරින් වැඩේ ගෙඩදාගත්තා කියන්නේ එච්චර අවුලක් වෙලා නෑ නේ..... :D

uwiniran said...

මේක කියවනකොට ආපු හිනාව නිසා මම කියෙව්වෙ කොටස් දෙකකට, අම්මපා....ඇත්ත බන්, නැත්තන් ගෙදර උන් බලයි මට පිස්සුද කියලා. මෙහෙම තනියම හිනා වෙනකොට මට නිකම්ම ඔලුව අත ගෑ වෙනවා. තාමත් හිනා යනවා බන්.
" ..අපිට ලැජ්ජ්ජා වෙන්න කිසිම හේතුවක් තිබුණේ නෑ අපි මූණ වහගෙන නෙව හිටියේ ! "

Kasun Nadeeshana said...

මැක්සා කතාව. ඕක තමා කියන්නේ නිකන් දුන්නට හැම දේම කන්න බොන්න එපා කියලා :D

ශශී said...

මොනා උනත් මේ ඉන්න දේසපාළුවො එක්ක බලද්දි නයා මහත්තය නම් නියම මහත්තයෙක්....කතාව පටන් ගද්දිම තිබ්බ ගුරුවරියන්ගෙ දෙබස මරු ......

ගොඩයා said...

අඩේ සඳරු මලේ, මොකක්ද බං අර අනිත් අහල පහල ස්කෝලවල උන් පට බැන්දයි කියන නම? පට්ටම කතාව. මොනවා වුනත් උඹේ වෙලාව හොඳයි, උඹත් කිරි කෝප්ප තුන හතරකට වගකීවා නම් දහ පහලොස් පාරකින්වත් ගොඩ ඒමක් නෑ පුතෝ.........
අර අන්තිමට කියලා තියන එකත් එකෙන්ම. ස්කෝලේ කාලේ වෙච්ච ආතල් සීන් ලියන්න තමයි ටිකක් අමාරු. තෝරලා බේරලා ලියන්න එපෑ.... ඒත් මතක් වෙද්දි හිනාවෙලා ඇඬෙනවා......

කතන්දර Kathandara said...

මගේ හිත ගත්තේ පිළිගැනීමේ ගීතයයි!
ඒ කවිය අසා බඩ නොගිය එක ද පුදුමයකි.

නලිනි චන්දිමා said...

අනේ දෙවියෙක් වගේ නයා මහත්තයා. ඉස්කෝලෙ ළමයින්ගෙ බඩවලුත් සුද්ද කරල දීලා. :D
අපූරු මතකයක්.

ක්සැන්ඩරයා said...

මාර සීන් එක... දුන්නොත් කුණක් කෑවොත් වහක් නේද?

Unknown said...

නයා ම්හත්තයාටම හරියන කිරි !!

පිස්සා පලාමල්ල said...

යකෝ මැවිලා පේනවා... ඈ බන් ගුරුවරියො ටික කෝමෙයි අර එක ටොයිලට් එක බෙදා හදා ගත්තෙ... අනේ හපොයි විනාශයක තරම. නයා මහත්තයට නම් වරදක් කියන්න බෑ..

ලොවෙත් නැති සිද්දිය බන්

BLOG ගඩොල් said...

අපිටත් කැම්පස් එකේ බැච් ට්‍රිප් එකේ ඔහොම වැඩක් වුණා. පස්සෙ වෙලාවක ඒ ගැන ලියන්න ඕනෙ. හැමදාම වගේ සුපිරි කතාවක් මචෝ

MUHUDU said...

ඇත්තටම මොකෝ ඒ මනුස්සයට නයා කියන්නෙ?

Dinesh said...

අර පිළිගැනීමේ හත්වලාමේ කියලා පටන් ගත්තයින් තමයි ෂුවර් එකටම ඕක උනේ... නයා මහත්තයාගේනම් වරදක් නැති පාටයි... ගුරුවරු තමන්ගේ ළමයින්ට පෙව්වා වගේම දෙක තුනක් අරගෙන බොන්න ඇතිනේ.. අනේ කට්ට්ය එක ටොයිලට් එක කොහොම පාවිච්චි කරාද දන්නෑ....

ඉන්දික උපශාන්ත said...

ටීචර්ලටත් උගන්නපු පොරක්නෙ බලනකොට නයා මහත්තය!

දේව් ගේ අඩවිය said...

නයා මහත්තයා කරගෙන තියෙන්නේ බොහොම පින් අතේ වැඩක්නේ..... මොකද ඉතින් ඔය බඩවල් සුද්ද කරලා ලොකු පිනක් කරගෙන තියනවා...

අම්මේ මැවිලා පෙනෙවි රුපේ........ මල්ලියා දුවන හැටි

කස්ස said...

පට්ට පිළිගැනීමේ ගීතය...
ඉස්කෝලෙ යන කාලෙ කරපුව මතක්කරාම ඉතින් ආයෙත් මොනවද?
පවු බන් අසරණ කෙල්ලො ටික...හිතාගන්න පුලුවන්

Chanaka Aruna Munasinghe said...

නයා මහත්තයාට කියා වැසිකිළි පෝලිමක් හදව ගන්න තිබ්බා :)

Abeetha Edirisinghe said...

සඳරුවා හැමදාමත් මට කථා මතක් කරනවා.... ස්තූතියි මචන්...

හොඳ වැඩේ තොපිට බඩජාරි කමට බොනවට හැම මඟුලක්ම...

Dasun said...

මරු පිලිගැනීමේ ගීතය...

හිස් අහස said...

@විසිතුරු = අපිට නම් පන කඩාගෙන දුවන්න කැලයක් හරි තිබුණා .ඔයාගේ නැන්දලාගේ පන්තියේ ළමයින්ට බස් එකේ ඉඳන් හරියට දුක් විඳින්න වෙන්නැති නේද ?
.............................................................................................................................
සුදු මැණිකේ(මැණික්) = අදටත් ඒ මනුස්සයා මගේ පලාත දියුනු කරන්න ලොකු වෙහෙසක් ගන්නවා . දිනපු අය රටේ සල්ලි කොල්ල කන්න යන අතරේ පැරදුනු කෙනා තම සල්ලි වියම් කරලා ගම දියුනු කරන එක කොයිතරම් උතුම් වැඩක්ද
.............................................................................................................................
@වැම්පයර් = තව එක පාරක් ගියානම් මචං මම ඩවුන් !
.............................................................................................................................
@Observer = ඔයා වැරදියි අයියේ එයා අනික් පැත්තේ කෙනෙක් .එයා ලේසි පාසු කෙනෙක් නෙවේ එයැයිට ඕන නම් මාව වුණත් සල්ලි වලට ගතෑකි
.............................................................................................................................
@බුවා = ඉස්කෝලේදී දේසපාලකයෙක් එනවා කීවාමා පඩේකට ගනං ගන්නැති කෙලින් කොන්ඳක් තියන ගුරුවරු මම ඕනෑ තරම් දැකලා තියනවා . බොහෝ විට ඒ අය තරුණ ගුරුවරු . ටික තලතුනා ගුරුවරු නම් දේසපාලු තුමෙක් එනවා කියපු ගමන් .වචන පවා ගොත ගැහෙනවා .ඔයා කියපු කතාව හරි මම මේ දේවල් ඇස් දෙකෙන්ම දැකලා තියනවා .
.............................................................................................................................
@Weni = ආ ! අපිනම් දීවේ නෑ කැලේට අපි හෙමිට හෙමීට ගියේ . ඔයාට වැරදිලා :)
.............................................................................................................................
@නදී = අනේ ගුරුවරුන්ගේ ළමයින්ව අන්තිමට ගෙදර ගෙන ගියේ කරේ තියාගෙන . ඇත්තටම පවු .
.............................................................................................................................
@ප්‍රසංග = කතාව පටන්ගන්න කලින් දුන්නා නම් බඩුම තමයි . ඇයි රැස් වීමේ ඉද්දී හැරෙන්නවත් බෑ නේ එතනම යනවා සුවර්
.............................................................................................................................
@තනි අලියා = මැදැයි අපිත් කිරි බොන්න ගියා මචං
.............................................................................................................................
@සිහින = අඩේ මමත් මාරම තරහයි ඔය පන්ති බේදයට . නැතුව ගුරුවරුන්ගේ ළමයින් එක්ක වැඩි අමනාපයක් නෑ ඒත් උන්ට වැඩි සැලකිල්ලක් දාද්දී මගේ ඇඟේ මාලු ඩාන්ස් කරනවා . ඔය මහත්තයා ජන්දේ ඉල්ලද්දී මට ජන්දේ නෑ බං ඉතින් කොහොමෙයි වැඩ කරන්නේ
.............................................................................................................................
@මධුරංග = සල්ලි කියන්නේ බං එහෙමත් සල්ලියක් ! . මම ඒ මිනිහගේ පින් බලේටම ලැබිච්චි සල්ලි තමා ඒවා මෑන් සතපහක්වත් අසාධාරනව හම්බු කරලත් නෑ .
.............................................................................................................................
@මලික් = පිලි ගැනීමේ ගීතය මම මේ ආතල් එකට දැම්මේ මචං .නැත්තං නියම ගීතය මට වචනයක් වත් මතක නෑ .හිනා වෙන්න හිනා වෙන්න එතකොට තර වෙනවා ලු නේද ?

හිස් අහස said...

@Praසන්ன = ටවුන් එකේ පාසලට මේක වුණානම් මචං බඩුම තමා . අපිට තිබ්බ කැලෑව එලි නොකර ඉන්න ලොකු සර් පසුව තීරණය කලෙත් ඔන්න ඔය සිදුවීම නිසා .මෑන් නියම ඩයල් එකක් ගම වෙනුවෙන් නිතරම ඉන්න එල කොල්ලෙක්
.............................................................................................................................
@පැන්ඩා = මේවා බල බලා ඉඳලා ෆේල් වෙයංකෝ විභාගේ ! . අඩේ මගේ මෙවුවා එක කියෝලා උඹට හොඳක් වුණානම් මට ඒ ඇති . ජය වේවා මචං ගුඩ් ලක් මචං !!
.............................................................................................................................
@පිණිබිඳු = ඔයත් අක්කේ අපේ පාසලේ උන්නා නම් මේ දුක විඳගන්න තිබුණා නියමෙටම
.............................................................................................................................
@cjgayan = මට මතක හැටියට නම් ඉල්ලුවේ නෑ . එයාට ජන වරම නෙවේ ඕන වුණේ පලාතට සේවයක් කරන්න .අන්න මිනිස්සු නේද ? හැබැයි මම නම් දිවුවේ නෑ සාමාන්‍ය විදිහට බර අඩි තියලා හෙමීට තමා කැලේට ගියේ
.............................................................................................................................
@අකීකරු හිත = අනේ ඒක මේ ජොලියට ලියාපු ගීතයක් අක්කේ
.............................................................................................................................
@Gimhani= එතකොට පිරිමි ළමෝ පවු නැතෙයි අක්කේ ? මමටත් ඇත්තට පවු හිතුණා ගෑනු ලමයි සෙට් එක ගැන පවු පොඩි කෙල්ලෝ ටික
.............................................................................................................................
@Raj = ඒක ඇත්ත මේ මහත්තයා දින්නා නම් .අපේ ගම නියමෙටම දියුනු වෙනවා . අද එයාගේ සල්ලි නිසා මගේ ගමේ ගොඩාක් තැන් නවීකරණය වෙලා තියනවා
.............................................................................................................................
@Networkදිසා = ඒක තමයි මට මේ කමෙන්ට් බොක්ස් එකෙන් ගඳක් ආවේ !
.............................................................................................................................
@ayesha = ආයෙත් අහලා මගේ අපලයක් ගෙවුණද කොහේද
.............................................................................................................................
@ශානු = ඔෆිස් එකේ අය ශානුව එක්කගෙන යාවිද දන්නෑ ඉස කුඩිච්චියක් දාන්න .. හික් හික් ස්තූතියි ඈ
.............................................................................................................................
@Bindi = අපෝ නෑ වැසිකිලි ටිකක් අපිම සල්ලි එක්කරගෙන හදාගත්තා . මම නිකං ආතල් එකට දාපු පිලිගැනීමේ ගීතයක් අක්කේ ඔය . ඇත්ත එකේ වචනයක්වත් මට මතක නෑ
.............................................................................................................................
@නචියා = මචං අපිට නම් කැලේ හරි තිබුණා වලක් පකාගන්න උඹලා ඔය යාපනේදී කොහේටද ගෑටුවේ පොදු වැසිකිලියක්වත් තිබුණේ නැතෙයි .? ස්තූතියි මචං උඹලා හිනා වෙලා මට පින් දීලා පලයල්ලා
.............................................................................................................................
@රාජ් = ඇත්තටම මට තමා මතක විදිහට මේක බස් ගාලා දැනුනේ . අනික් උන්ටත් දැනිලා කාගෙන හිටියාද මන්දා . කෝම හරි මම ගිහින් එනකොට කස්ටියට බැස්ටිය ස්තූතියි මචා !
.............................................................................................................................
@නිසූපා = ඒක ජොලියට හැදුව ගීතයක් නිසූ .හය පාහක් ගියානම් මම ඩවුන් වෙනවා සුවර්
.............................................................................................................................
@sithuwilimandiya =නෑ එයා ප්‍රභල සමාජ සේවිකාවක් ගමට ගොඩක් සේවේ කරනවා
.............................................................................................................................
@ප්‍රාර්ථනා = ගෑනු ළමයි ඔහොම සද්දෙට හිනා වෙනවද ඈ ?
.............................................................................................................................
@Ano 01 = මට හිතෙන්නේ ඔය ඇනෝ තුමා ඒ මහත්තයාව දන්න කෙනෙක් වගේ ?

හිස් අහස said...

@Sanjaya සිතුවිලි = ආයේ මොනා අහනවාද මචෝ මරේ මරු
.............................................................................................................................
@ItalyDilan= කොහේද බං මේ පලාතේ එවුන් පක්සේ කීවොත් ඉතින් පරම් පරාවෙන් ගෙනාපු ගතිය මුල් කරගන්නවා නේ . තාත්තා ඒ පක්සේ නම් පුතත් එහෙමයි ..අන්න ඒකයි අර වටින මනුස්සයා පැරදුනේ
.............................................................................................................................
@sameera = අන්න ඒක නම් තිබිලා නෑ ඒත් මට ආරංචියි ගුරුවරු පොඩි පොඩි පුද්ගලික දේවලුත් ඉල්ලුවාය කියලා . අපේ ලොකු සර් නම් පුස්තකාලයක් ඉල්ලුවා ඒක හම්බුණාද කොහෙද
.............................................................................................................................
@JHOTHISHALANKA = ඇත්තටම මේ ඒතුමාගේ නම නෙවෙයි මම ගොතාපු නමක් ඇත්ත නම දැම්මා නම් මචං අද මම මිසිං . ඒ තරමට ඒ තුමාගේ අත දිගයි . ආයේ එයා ගැන සඳන් නොකර ඉන්නම් මම .බයයි බං ඒකයි
.............................................................................................................................
@Outsider= ඇත්තටම එලදෙන්නු මේ වැඩේ කලාද කියලා බලන්න කමිටුවක් පත් කලා නම් හරි වෙන කෙනෙක් නම් ඒකටත් කමිටුවක් පත් කරලා .ඒත් අපේ මෑන් හෙවුවා බැලුවා දුන්නා ගේම
.............................................................................................................................
@සපතේරු උන්නැහේ = අයියේ ටකරේ ගහනවා කියන්නේ මෙන්න මේකට කස්ටිය ගොඩාක් වට වෙලා බෝලේ උඩ දාන්නවා ඒක අල්ලගත්ත එකා ලඟම එකාට බාං ගාලා ගහනවා .ඕකට අපි කියන්නේ ටකරේ කියලා
.............................................................................................................................
@Prasanna = මම උඹට කෝල් කරලම කියන්නම්කෝ ඒක ..ඇත්තට ඒ මම අතින් දාපු නමක් එයාට කියන ඇත්ත නම වෙනස්
.............................................................................................................................
@සෝරෝ = උඹට පස් පාරක් ගියානම් උඹට සේලයින් දෙන්නත් වෙනවා මම හයිය තියන් එකා නිසා හොඳයි .
.............................................................................................................................
@uwiniran = මචං එපේ එකෙක් ඉන්නවා ඌ හිනා වෙනකොට ලඟ ඉන්න එකාට පතබානවා , තව එකෙක් ඉන්නවා මවං ඌ හිනා වෙද්දී උඩ පයිනවා . ! හික් හික් .. එල එල
.............................................................................................................................
@Kasun Nadeeshana = පොඩි උන් නේ බං ඇදලා ඇරියා ඕන කිරි ජෝගුවක් කියලා !
.............................................................................................................................
@ශශී = ඒ දෙබස සම්පූර්ණ සත්‍යක් ! මට අද වගේ මතකයි ඒක .ස්තූතියි මචං නිතරම එන යනවට
.............................................................................................................................
@ගොඩයා = මචං අයියේ . ඒ නම කියන්න බෑ . එතකොට මේ සිදුවීම මගේ ගම් පලාතේ උන් දැනගන්නවා . අපි හෙමීට ඒක අමතක කරලා දාමු .ඉස්කෝලේ කාලේ වෙච්චි දේවල් ලියන්නත් ඕන ඒත් ඉස්කෝලේ පරිස්සම් කරගන්නත් ඕන
.............................................................................................................................
@කතන්දර Kathandara = කතන්දර මහත්තයෝ ඒක මම මේ ජිලියට අතින් පයින් අමුතුවෙන් දාපු පොඩි ආතල් කවියක් . සත්‍ය කවිය මට මතක නෑ එක අකුරක්වත් මතක නෑ
.............................................................................................................................
@නලිනි චන්දිමා = මතකයන් නම් තියනවා අක්කේ ඕන තරම් .ස්තූතියි මේ පැත්තේ ආවට
.............................................................................................................................
@ක්සැන්ඩර් - කියලා වැඩක් නෑ බං මම ඉපදිලා තියෙන්නේ මහ කක්කා නැකතකින්
.............................................................................................................................
@ChammA = ආයෙත් අහලා ! හෙට වෙනකොට මට බඩු හම්බෙලා තියේද මන්දා
.............................................................................................................................
@පිස්සා පලාමල්ල = ටීචර්ලා කස්ටිය වටේ පිටී ගෙවල් වලට දුවලා . ඇත්තටම මහතයාට වරදක් කියන්න බෑ එතුමා අපේ කෙනා අපේ ගමේ කෙනා .ස්තූතියි සෑර්

හිස් අහස said...

@BLOG ගඩොල් = දැන් ඉතින් ලියන්නම් කියලා බේරෙනවා බොරු උඹලා ලියන කතා බලන්න මම කෝමත් ආසයි නෙව . ලියපන් කෝම හරි
.............................................................................................................................
@මුහුදු කොල්ලකාරයා = ඒ නම මම අතින් දාපු නමක් මචෝ ඇත්ත නම දැම්මොත් මම මිසිං වෙලා තියේවි හෙට උදේට
.............................................................................................................................
@Dinesh =ගුරුවරු කස්ටිය එක ටොයිලට් එක බෙදාගන්න බැරි නිසාම වටේ පිටේ ගෙවල් වලට දුවලා අයියේ පවු නේද ?
.............................................................................................................................
@ඉන්දික උපශාන්ත = මිනිසුන් අතර දෙයියෙකි ඒ මහත්තයා . අපගේ ගැලවුම් කරුවා ඒ මහත්තයා .
.............................................................................................................................
@දේවා ගේ අඩවිය = හැබැයි අයියා අපි දීවේ නෑ . මම හෙමීට හෙමීට සන්සුන්ව තමා කැලෑ පොජ්ජට මංගැච්චුවේ !
.............................................................................................................................
@කස්සා = පිලිගැනීමේ ගීතය මම අතින් පයින් දාලා ගත්ත එකක් බං මට ඇත්ත ගීය මතක නෑ .උඹට අනේ කෙල්ලෝ ගැන තමා දුක .. හික් හික්
.............................................................................................................................
@Chanaka Aruna Munasinghe= අපි පස්සේ දවසක අපි අතින් සල්ලි දාලා වැසිකිලි හතරක්ම හැදුවා . ඒවටත් යතුරු දැම්මා නෙව අපේ ගුරුවරු
.............................................................................................................................
@අභීත = මේකතාවෙන් අභියා කුමක් කරන්න යන්නේද ? බලා සිටින්නෙමු !
.............................................................................................................................
@නිර්මල = මචං පිලි ගැනීමේ ගීය අතින් දාපු එකක් .පොඩි ආතල් එකකටත් එක්ක

හසී said...

හෆොයි... අර පිලිගැනිමේ ගීතය ත‍මා මරු..

Anonymous said...

kohama hari dan sadaru ge blog ekata tama wadima comment labenna,..oya marketing karayo kalee :D ela kathawak machan

Kasun said...

ඒක මාරම අත්දැකීමක් වෙන්න ඇති. පව් කෙල්ලෝ ටික. හැබැයි ඉතින් දඬුවම් ලැබෙන්න ඕන අයට ඒ විදියටම ලැබිල තියනවා.

ආහ් මම උඹේ ඉන්ටර්වීව් එක ඇහුවා. පොඩි එකා වගේ හිටියට හෙන බර වොයිස් එකක් නේ තියෙන්නේ.:)

Gayan Rupasinghe said...

උබ දන්නවද මේක කියවනකොට මට කෙපරක් හිනා ගියාද කියලා.. එලටම ලියල තියෙනවා..

ජය...

පිස්සු පුසා said...

අඩේ මට මැවිලා පේනවා බන් උබ කැලේට දුවපු හැටි.හික් හික්...මේ ගුරුවරු කෝමද දන්නේ නැහැ එක වැසිකිලිය බෙදා හදා ගත්තේ...මොනවා උනත් පිලිගැනීමේ ගීතය නම් මරේ මරු

මාධව විදුරංග said...

pissu ekai! mona unath uba aththa kiyala thiyanawa! uba lajja wela na thamangee iskoole aththa thaththwee kiyanna! mm meeka pattama kathawak! apitat OHOMA athdakeem thiyanawa bn!

ගොඩයා said...

එලම කිරි මචං සඳරු, ඒක ඉවරයි. එහෙම දෙයක් ගැන උඹ කීවෙත් නෑ, මම ඇහුවෙත් නෑ. ඇත්ත ඇත්ත. ජාමේ බේරගන්නත් එපැයි.................

පැණි දොඩම් said...

"අපිට ලැජ්ජ්ජා වෙන්න කිසිම හේතුවක් තිබුණේ නෑ අපි මූණ වහගෙන නෙව හිටියේ!" මේක තමයි ෆට්ටම කතාව..

නයා මහත්තයට නම වැටිච්ච හැටිත් දාපන් වෙලාවක.

Tanikada said...

නයා මහත්තය කිරි බීවේ නැතෙයි ? ....

Beetle said...

මැදපිටු ඉරුවේ නයා මහත්තයාම දුන්න තනිරූල් පොත් වලින් නෙමේද? :D :D

කිරි බීපු නැති ප්‍රින්සිපල්ටත් මම කැමති.. මේ අර සින්ක් එකේ G-ගොඩ දිහා බලාගෙන බෙඩ් ටී එක බිව්ව ප්‍රින්සිපල්ද නැත්තම් උඹලා එක්ක සෙට් වුණ ප්‍රින්සිපල්ද..?

තරු said...

//හත් වලාමේ පාසල් පොජ්ජ අපෙ දුප්පත්ව ඇත මිරිකිලා //

මේක නම් එලම කිරි මචන්.
ඇත්තටම මේ පිළිගැනීමේ ගීතයට, පොඩි නර්ථනයකුත් දැම්මා නම් තමයි එල..
සමහර වෙලාවට මඟුල් ගෙවල් වලත් ඔය වගේ ගොන් පාර්ට් තියන පිළිගැනීමේ ගීත කියනවා...

Anonymous said...

ඉස්කෝලයක්ම බඩ යවාපු නයා සබාවට නොයවපු එකනම් හරිම ගුණමකු කමක් බොලව් !

කැමීලියා said...

අනේ අනේ මලයො දහය වසරෙ ඉඳන් ලේන්සුවෙන් මූණ වහන් ඔහොම කරද්දි ලැජ්ජ හිතුනෙ එහෙම නැද්ද?
කොහොම වෙතත් ඔය බඩවල් ටික සුද්ද කරලා දුන්නට එතුමට පිං දෙන්න. ඒකත් ලේසි පාසු වැඩක්යැ.
ඇත්තටම ඔයාගෙ ජීවිතේ ලස්සන මතක ගොඩක් තියනවා නේද?

සීතල අයියා said...

හෆොයි නෝංඩි ගොඩායි...

මාරයාගේ හෝරාව said...

හපොයි ඔය නයා මහත්තයා හරියට දයාව පානවා නේද..? ගමටම ගේ කියලත් ආරංචි උනාට එහෙමමත් නැහැළු නේද..? හා හා හොඳයි..උන්දෑ සල්ලි කාරයා මං නොදන්නවැයි.. තමන්ටම කියලා අහස් යන්තරා හිටං තියෙන එකේ ලේසි පහසු පුතයෙක්යෑ...

Chanaka Aruna Munasinghe said...

මාරයා නයා මහත්තයාගේ අනන්‍යතාව එළි කරල සඳරුවත් අමාරුවෙ දාල. නයා මහත්තයා පයන්න එක්ක පෙනේ පුප්පන් ආවොත් මම නැතෝ

හා පැටික්කි (MS) said...

හප්පුච්චේ ඔය කිරි කරත්තේ කරපු වින්නැහියක්. අර ගුරුවරුන්ගේ ළමයි ගෙදර ගිහින් අම්මලට හොඳහැටි කියන්න ඇතිනේද????

මං ඔය කිරි කරත්ත එකකින්වත් බීලා නෑනොවැ. (ඇත්තම කිව්වොත් පළමු උඟුර උගුරෙන් පහළට ගියොත් දෙවෙනි එක එළියට යන සිස්ටම් එකක් ඒ කාලේ මට කිරියාත්මක වුනේ )
හැබැයි අපිට 10දි සරුවත් කසකසා දාපු කරත්තයක් ආවා හැමදාම ඔය කරත්ත පෝලිමට නොගිය නිසා පන්තියට වෙලා උන්නත් ආයේ කවදාවත් බීලා නැති නිසා ගියා. ගියාට මොකද ඊරයිලුනේ මං යද්දි........ :( තාමත් සරුවත් ඇහැට පමණක් දැක ඇත්තෙක්මි.

ජීවිතේ මල් said...

සිනා සිනා.. පෙරලි පෙරලි සිනා..
ගෑනුලමයි පව් අප්පා... එයාලටත් වෙනම හදිසි ආපදාවකදි යන්න කෑලයක් හදන්න ඕනෙ :)

Bunny said...

මට නම් හිනා ගියේ නැ මොනා උනත්..

ඒ පොරට නයා මහත්තයා කියන්නෙ මොකද ?

තරිඳු said...

මට හිතා ගන්න පුලුවන් උබ මෙතන අනිත් උන් වටෙට තියගේ රැන්න ගැටි හික් හික්...........

Anonymous said...

අපි මේ හිනාවුනාට මම මේ කල්පනා කලේ ඔය වගේ ඉස්කෝල වල ළමයි මෝනතරම්නම් දුකක් විඳිනවද කියලා.

ඔයා මේක ලියලා තියෙන විදිහට මට නිකන් ‍ෆිල්ම් එකක් වගේ සීන්ස් ටික මැවිලා පේනවා.

සිත්රූ සිහින said...

පිලිගැනීමෙ ගීතයනම් මරු..හි හි හි...
කතාවත් සුපිරි..

චතුවා said...

හෆොයි! හරි සෝක් බලු වැඩේ..! :-\ මොනා වුනත් කියවගෙන යද්දී නම් හිනා..! :D

පොත් ගුල්ලා said...

සඳරු මල්ලි අතින් පයින් පොඩියට නෙමේ සෑහෙන්න දාල තියෙනවා කියලයි මට හිතෙන්නේ. කොහොම උනත් කතාව හරි රසවත්. ලියල තියෙන විදිහ අපූරුයි. හොඳට හිනා උනා. අර උඩ තියෙන පින්තූරේ දැක්කම නං මල අප්පිරියාවක් දැනෙනවා. වමනෙට එනව වගේ.

හිස් අහස said...

කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි හෙට අලුත් කවියක් එක්ක හමු වෙනතෙක්...ජය වේවා !!

duliponline said...

නයා මහත්තයට යුතුකමක් තිබුන උඹලට කිරි බෙදන්න කලිං මුනිං අතට ගිලින්න "කොන්ඩ කැවුම"ගානෙ දෙන්න . . . . .

Anonymous said...

මචන් , ඔය නයා මහත්තය මේක දැක්කොත් නම් මරු ... උබේ පැත්තේ හිටපු මම නම් ඔය කව්ද කියල දන්නවා... හරි හොද මනුස්සය .. වටේ ඉන්න අය තමා ඔය මනුස්සයව විනාස කරන්නේ ..
හොද කතාවක් .. මම නම් ඔය මහත්තයව ටිකක් ලගින් දන්නවා දැනටත් ...

AshenTM said...

ade machan sandaru pattama pattai bn katawa. bada palenna hina yanawa oya seen 1 hite mawa gaddi. uba liyana style 1t supiri bn. wish u a good luck !

පන්සල් හංදිය said...

කිරි බවුසරයක් දීලා තියන ආතල් එක පොතෙත් නැහැ ........

Charith Samarakoon said...

හප්පා! ඔය නයා මහත්තය කියල මං හිතා ඉන්න කෙනා හරි ඇති...ඇත්ත, මොනව උනත් තාමත් ගම අමතක නැති මිනිහෙක්...ළඟදි පොඩි ජරමරේකටත් පැටළුනානෙ...මිනිහා දුක දන්නව,මොකද දුක් විඳල දිනපු මිනිහෙක්නෙ...
හැබැයි බං වැඩේ කැතයි,උඹල අඬල කරල මිනිහව දිනෙව්වෙ නෑනෙ!

Sathya said...

නියම කතාව අය්යා

ටීම් ට්‍රැවලර්ස් said...

හි හි..
හොඳ කතාව සඳරුවා.
මගේ අම්මා ගුරුවරියක්.
කොළඹ පාසලක් උනත් ගොඩාක් අන්ත දුප්පත් දරුවන් ඉන්න පාසලක්. දැක්කාම මේ කොළඹද කියලා හිතෙනවා. මම මට පුළුවන් උපරිමෙන් ඒ පාසලේ දරුවන්ට උදවු කරනවා. පුළුවන් හැම වෙලාවකම.

තවත් පට්ට ස්ටොරියක්
එලකිරි ආආආආආආආ!
නවෝ!

වර්ණ said...

සින්දුවනම් හදලද කොහෙද

Unknown said...

Naya mahaththaya kiwwe daya gamage mahaththaya da??

Unknown said...

Naya mahaththaya kiwwe daya gamage mahaththaya da??

Post a Comment

තැන්කූ බං