30.9.11

කසිප්පු කවි




නිර්ධන පන්තියේ අපෙ අත් පා වලට
ජීවන බර දැනෙයි මහතුනි උපරිමට
සතියේ දින හතම වෙහෙසිය යුතු කලට
මත් පැන් පොදක් නම් නැතුවම බෑ අපට

ආතල් ගන්ට අපි කිසිදා බිවුවෙ නැති
බිවුත් නොබිවු ගානට ඉන්නයි කැමතී
ඇඟපත වේදනා දුරු කරගන්ට සිතී
කසිප්පු බොන අපි දුප්පත් ගැමියො වෙතී

පිටරට බෝතලය ගන්නට සල්ලි නැත
සැන්ඩි කරලන්ට කෝලා, සෝඩ නැත
බීගෙන ලගින්නට රෙස් ටූ රන්ට් නොමැත
ගමේ අපිට කසිප්පු පමනකි සැපත

නගරේ මහතුනේ ඔබටත් ඇහෙනවද ?
පිටරට බීම ඔබ හට රස ඇති නේද ?
"කසිප්පු" යන වචනය අහලා ඇත්ද ?
ඒවා පෙරන සොයුරන් ගැන දන්නැද්ද ?

හිල් වූ සරම ඉණ වටකර දවටගෙන
දැලි පිහියක් බඳ පටියේ ගසාගෙන
පතරොම් තුවක්කුව අතකින් දරාගෙන
කසිප්පු පෙරති ගැමියන් දුක් ගෙවාගෙන

හිරු රැස් නොවැටෙනා මහ ගන වනේ මැද
ගහගෙන වාඩියක් රුදු වන සතුන් මැද
ආතල් නොදන්නා නීතියෙ රැහැන් මැද
උන් කල් ගෙවයි දිවියත් මරණයත් මැද

රතු වූ ඇසින් පොලීසියට මරම බයෙන්
නිදි මරමින් කැලේ මැද මදුරුවො තලමින්
උන් වගුරද්දී ලේ කඳුලැලි රට වෙනුවෙන්
පිට රට බීම බොයි ඔබ ඉඳගෙන හෙළුවෙන්

සුදු රෙද්දෙන් තැනූ උඩු වියනක් බැඳලා
විල්ලුද පාවඩක් ගෙන පොළවට දමලා
සඳුන් දර දමා පතුලෙන් ගිනි දාලා
කසිප්පු පෙරයි ඉහළම ප්‍රමිතින් යොදලා

තරු හතරේ පහේ හෝටල වල වැදිලා
පිට රටකින් ගෙනා බෝතලයක් කඩලා
මොනර සල්ලි කොළ සුද්දන් හට කවලා
ලොකු අය ඉඳියි රුපියල බල්ලට දාලා

ගමේ දේට ගැමියන් කවදත් ළැදිය
රටේ සල්ලි පිට රට නොයැවිය යුතුය
කසිප්පු පෙරීමට අතහිත දිය යුතුය
ෆුඩ් සිටි වලත් කසිප්පු විකිණිය යුතුය

කසිප්පු බොන අය නිරෝගි වෙනවාය
පිරිමි හිතට සවි බල ගෙන දෙනවාය
අපේ පැරැන්නන් මේ ලක් දෙරණේය
මහ වැවු තැනුවේ කසිප්පු වල සවියෙන්ය

  

ප/ලි : ලියන්නා කෙසේ ලීවත් බලන්නා ..................................................

 Image = http://lankagazette.com/security/cavsf-busts-illicit-liquor-den-in-gin-oya/

74 comments:

Gayan Rupasinghe said...

අම්මා ගහයි බැට ඒකෙන කිව්වලු... අනේ අනේ සදරුවෝ.. කවි ටික නම් ලෙසට තියෙනව ඇ.....

ජය..

Weni said...

කසිප්පු වරුණ.. ලෙසටම ලියල තියේ..ඈ සඳරුවො ඔය ෆොටෝ කෑල්ලෙ ඉන්නෙ බොලා නේද ???

ගිහාන් said...

පිස්සු හැදෙනවා.. මරු කවි ටික..

Bindi said...

අනේද කියන්නේ සඳරු තමයි දවසකටවත් මිනිහා . මේකේ ඇත්තකුත් නැත්තේ නැහැ . හැබැයි මත් පැන් මත්ද්‍රව්‍ය ප්‍රචාරණයට මන් විරුද්ධ වුනත් මේ අවංක අදහසට මොකවත් කියන්න බැහැ. ඔන්න පොලිසියෙන් අල්ලයි බලාගෙන . පින්තුරේ ඉන්නේ සඳරු නෙමේ නේද .

ඔව්ව බිල ගෙවල් වල මිනිස්සුන්ට නේද කරදර .

Rasika Kariyawasam said...

අදහස කොයි හැටි වෙතත්
කයිය නම් මල් හතයි !!

Test Profile said...

නියමයි බංගග උදේම මරු...

Chanaka Aruna Munasinghe said...

ආයෙත් මුල්ල පටස් ගැහුව නේද ?

Anonymous said...

මටත් හිතෙනවා උඹ කියන දේ හරිය
පොඩි මිනිහටත් එහෙම දෙයක් ඇවැසිමය
මතට තිතෙන් මොකවත් කරනට බැරිය
ආණ්ඩුවෙන් මේකට ඉඩ දිය යුතුය
(ජීවිත් පලවෙනි පාරට බං කවියක් වගේ එකක් ලිව්වේ)

සිහින said...

බෝතල් කටු කම්බි දගර සමග හැපී
ගෝණුසු නයි කබර පැටවු හැලියෙ වැටී
පැසවා එන නලය ගඟ දිය මතින් ඇදී
බිදෙන් බිදට බූලිය පිරෙනවා නිතී

සිලි කවරයේ මුල්ලක් අල්ලා තදට
පටස් ගාල කඩලා බොමු පිලිවලට
සීල් කරල තිබුනට බෝතල් යසට
සියරට දේ සිරිසැප දේ නොවැ අපට

මැණික් - සුදු මැණිකේ said...

//ෆුඩ් සිටි වලත් කසිප්පු විකිණිය යුතුය//

හි හී

කවි ටිකනම් එලම තමයි අයියේ............

ජය වේවා.......!!!

BLOG ගඩොල් said...

“හිල් වූ සරම ඉණ වටකර දවටගෙන
දැලි පිහියක් බඳ පටියේ ගසාගෙන
පතරොම් තුවක්කුව අතකින් දරාගෙන
කසිප්පු පෙරති ගැමියන් දුක් ගෙවාගෙන“

මගෙ අම්මියෝ, උඹලයෙ පැත්තෙ ඉන්නෙ කසිප්පු ත්‍රස්තවාදියොද බං?

හික් හික්!! සිය රට දේ සිරි සැප දේ කිව්වලුනේ. ඒත් බං කසිප්පු බොන මිනිස්සු රට බීම බොන මිනිස්සුන්ට වඩා ඉක්මනට මැරෙනවා. මොකද කසිප්පු පෙරද්දි ඕකට එතිල් ඇල්කොහොල් වලට අමතරව උග්‍ර විෂක් වෙන මෙතිල් ඇල්කොහොලුත් එකතු වෙනවා. ඒත් රට බීම තියෙන්නෙ එතිල් ඇල්කොහොල් විතරයි.

උඹේ කවි ටිකනං උපරිමයි. මූණුපොතේ ඔරිජිනල් එකවුන්ට් එකෙන්ම දාන්න ඕනෙ.

hare :-) said...

රට්ටු කියයි කට ඇරියොත් නොයෙක් කතා
එනමුත් මලේ මේ කවි ඇත උසින් ගොතා
කසියා හෝ සීල් කොයිකත් එක බෙහෙතා
කොයිකෙත් පමණ දැන ගත්තොත් වේය සෙතා

Praසන්ன said...

උඹලයි පැත්තෙ දැන් එක සඳුන් ගහක්වත් ඉතිරිවෙලා නැතිව ඇති නේද කසිප්පු පෙරලම.
කවි ටිකනං උපරිමයි මලේ.

duliponline said...

ජොනියල ජැකාලා හිටියට උඩ රාක්කයේ
ඇස්ටා ඉස්පැසොල් පමනයි පිහිටට හිටියේ
ඒකත් ගන්න සල්ලිය නැති පාසල් දිවියේ
කසියා නොමැත අප අතහැර යන්න ගියේ

Raj said...

සඳරු...සහෝ..නියම පදටික...
අපේ ගමෙත් ඔය පෙරිල්ල..ජයටම කෙරුනා....ඇත්ත..ගමේ ඉන්න එදා වෙල හොයාගෙන කන මිනිස්සුන්ට රට අරක්කු අරන් බොන්ඩ තරම් හයියක් නැනේ...හැබෑ මගේ අදහස කසිප්පු පෙරිල්ලත් සල්ලි හම්බකොරන්ඩම කියලා නොකර ටිකක් හරි හොඳට කරනවනං ඔය ඉක්මනටම වලපල්ලට යන..මාටින්ලා...සුටින්ලා....බන්ඩලා...තවටිකකලක් ජීවත්වෙයි....
බොරු මොටෑ අපිත් ඔකේ රහ බලලා නැතුවෑ මචෝ......

පිස්සු පුසා said...

"ෆුඩ් සිටි වලත් කසිප්පු විකිණිය යුතුය"
සිරාවට සදර්වෝ..උබ ඔය කියපු එකේ ඇත්තක් නැත්තෙමත් නැහැ."අපි හදමු අපිම බොමු"නේ..???

Anonymous said...

එ් කියන්නෙ කසිප්පු පෙරීමත් රටේ සල්ලි රටට ඉතුරු කරන ක්‍රමයක්! ............

මම අහල තියනව කසිප්පු පෙරණ තැං වලට පොලිසියෙං පනින්නෙ කසිප්පු පෙරණ අය බදු ගෙවන්නැති නිසා කියල, අැත්තද බොරුද දන්නෑ!

Anonymous said...

මල්ලියෙ උමේ කවි ටික නං අපූරුය
පද ගලපලා ලියනා හැටි මල් හතය
මේ ලියලා ඇත්තෙ නං නරකක් ගැනය
එහෙමයි කියල අහක දාන්ඩත් බැරිය

විටෙක වෙච්ච අකරතැබ්බයක් ගැනය
විටෙක කරපු අණ්ඩපාල වැඩ ගැනය
රස කර ලියන්නේ අතිනුත් දමාලය
බ්ලොග් ලොව රසියකන්ගේ හුරතලාය

ගැමිකම හදවතේ පිරි ඉතිරී යාය
කියවන හැමට සිය ගමරට සිහි වේය
මගෙ කවි පිදුම හිස් අහසේ සඳරුටය
සයිබර අවකාසෙ අපි කවුරුත් යටය

ඇස්වහ කටවහ හෝවහ සේරෝම
දූරු වෙලා යන්ට හිරු දුටු පිණි සේම
ලඟක හිටිය නං මං උයලා කැවුම
යහමිං තවනවා උඹෙ අත් පොඩි දෙකම

ayesha said...

ඒවා බිලාද මේක ලිව්වේ ?
කොහොම උනත් අපූරු කවි ටික

Abeetha Edirisinghe said...

ආතල් නොදන්නා නීතියෙ රැහැන් මැද

මේක තමයි මම ආසම පදය

පිණිබිඳු... said...

සිය රට දේ නොවැ.දේශීය දේවල් අගය කරනු වස් ලියවුණු කවියක් සේ පෙනී යයි.

දිල් said...

කවි ටික හොඳ උනාට කසිප්පු කියන්නෙ හොඳ දෙයකටද සඳරුවෝ....මගේ කැම්පස් එකේ ඉඳන් ඉන්න බෙස්ට් ෆෙඩා වෙන්නප්පුව පැත්තේ..ඒ පැත්ත ඉස්සර කසිප්පු වලට නම් දරාපු පැත්තක්නෙ....කැම්පස් ඉන්න කාලේදි යාලුවාගෙ ගෙදර ගියාම එක එක නරක ආරංචි ලැබෙනවා...මේ කසිප්පු කෙරුවාව හින්දා....

මොනම දෙයකින් වත් මත් පැන් බීම හොඳයි කියලා අනුමත් කරන්න පුළුවන්ද ?

ශානි said...

නරක පුරුදු අත්හරිනු ළමයා

නදී said...

අපූ ඕවට කසුට්ටො,නයි එහෙමත් වැටෙනවලු ඇයි කැලේනේ හදන්නෙ.ඊයා.......

``` Outsider``` said...

ඕවට ගමේ බඩු කිව්වට නගරෙත් ඇති පදම් තියෙනව බං

Unknown said...

නියම කවි ටික. ටිකක් විතර ඇත්තදත් මන්දා.:))))

පබලු said...

කවි ටික ගැන නම් ඉතින් කියල වැඩක් නැ.නියමයි..

අර අවසාන පේලිය ගැන නම් මගේ එතරම් මනාපයක් නැ ඕන්

Buru Babe said...

සඳුන් දර දමා පතුලෙන් ගිනි දාලා
කසිප්පු පෙරයි ඉහළම ප්‍රමිතින් යොදලා

සඳරු ඒකටද එහෙනම් මේ මිනිස්සු සඳුන් ගස් ඔක්කොම හොරෙන් කපලා විකුන ගන්නේ?

මාතලන් said...

කියලා වැඩක් නැත, අගය කළ යුතුමය. උඹේ ෆොටෝ එකත් ලස්සනයි.

uwiniran said...

යකෝ මම මෙච්චරකල් හිතන් හිටියෙ අපේ පැරණි මින්න්සු මහ වැව් හැදුවෙ හීනටිහාලෙ බත්, කුරහන් තලප, ඔය වගේ කෑම කාලා කියලනෙ...............
බැලින්නං ඒක නෙමෙයි ඇත්ත සීන් එක...

Anonymous said...

ඒක ෂොට්ඨන් දුර් ඝන්ධං
ධ්වි ෂොට්ඨන් මහා ත්‍රිලං
තීන ෂොට්ඨන් ශීර්ෂ භ්‍රමනං
සුනක ගමන් අසික්කිතං...

මේක නේද ඔයාගේ වන්දනා ගීය...(අසනි දන්න දේවල් නේ...)
අනෙ හැබෑටම මෙහෙම කොල්ලෙක්...කවියක් ලිවුවත් පානෙ ගැනම තමා...

දුශ් said...

අනේ බන් උබ නම් හැදෙන එකෙක් නෙමෙයි නේ.. මේවා බීල නේද? උබේ ඇහැක් වපර වෙලා ජාත්‍යන්තර ජිල් බෝල කරුවන්ගේ සංගමෙන් ඉල්ලා අස් වෙන්න උනේ..

සංකල්ප said...

කාලෙකට පස්සේ මුල්ල පටස් ලිපියක්. මල්ලිව අදුන ගත්තෙත් මුල්ල පටස් ලිපියෙන්. සදුන් දර දාලා හදනවා නම් අනිවාර්යෙන් ප්‍රමිති ගැන කතා කරලා වැඩක් නෑ. උපරිම ප්‍රමිති !!!

Observer said...

අන්තිම පේලියේ http://tlr.thelastrow.net/ කතා පබ්ලිෂ් කරන්නෙකු සහ සිංහල බ්ලොග් වල කොමෙන්ට් කරුවෙකු වන "බුරතෙනෝ" ගේ පියාණන් පරලෝ සැපත් වී ඇති බව රන්දිල් ගේ බ්ලොග් අඩවියේ පෝස්ට් එකකින් දැනුම් දී ඇත. බුරාගේ පියාණන්ට නිවන් සුව පතමු.

Anonymous said...

සීනි පැහි පැහී මධු විත සෑදෙනවා
මදුරු දඟර මී පැටවුන් තැම්බෙනවා
අපේ සඳරු මේවට ඇබ්බැහි වෙනවා
බලාගෙනයි මූණෙ වලවල් එනවා

Gimhani said...

සඳරුවගෙ කසිප්පු කවි ටික දැකලා..
ගිම්හානිටත් මේවා බොන්නට හිතිලා...

Grey said...

කස්සිප්පු වල අගයත්
එහි ඇති මනා ගුණයත්
බොන ගැමියෝ මිසක්
නොබොන අනුවන නුවරු නොදනිත්

කිව්වලු..

තරිඳු said...

එල එල මටත් මොන්න ආසා හිතුනා...බොන්න මෙහෙ ඔවා නෑ බන් එක තමයි තියන අවුල එවන්න බැරිද පොඩ්ඩක් ලියා පදින්චි තැපෑලෙන්වත්........

DragonD said...

එල එල
කියෝනකොට මතක් උනේ , ඊයෙ අපේ පතලකින් අඩි 5ක් විතර යටින් කොට උඩ තියපු කසිප්පු බැරල් එකක් හම්බුනා.
පතල කපන අයටත් පට්ට ආතල්
බැරල් එක ගොඩට ගන්නත් කලින් කසිප්පු ටික විකුනල බඩු අරන් හිස් බැරල් එක හෝදලා එකෙ වතුර පුරෝල නාන හැටිත් කට්ටිය ප්ලෑන් කරල ඉවරයි.
ඒත් අන්තිමට බලනකොට බැරල් එකේන් පස් එකයි
පතලෙ ගලකුත් නෑ එදා

kasun said...

ගමේ දේට ගැමියන් කවදත් ළැදිය
රටේ සල්ලි පිට රට නොයැවිය යුතුය
කසිප්පු පෙරීමට අතහිත දිය යුතුය
ෆුඩ් සිටි වලත් කසිප්පු විකිණිය යුතුය

අනිව අනිව..හී හී..

Observer said...

සඳරු, නියම කවි ටික බං
මං කවියෙක් නං නෙමේ, ඒත් හිතුන කවි පංතියෙ වෙනස් තැන් වල තියෙන මේ පද පේලි චුට්ටක් පහල තියෙන විදියට වෙනස් වුනා නං කියල

කෂියා පෙරති ගැමියන් දුක් ගෙවාගෙන
කෂියා පෙරය් ඉහළම ප්‍රමිතින් යොදලා
කෂියා පෙරීමට අතහිත දිය යුතුය
ෆුඩ් සිටි වලත් කෂියා විකිණිය යුතුය

"දේශීය නිෂ්පාදනයට අත හිත දෙමු"
"මුල්ල පටස් දිනේවා"

මේ කවි ටික අච්චු ගහල නොමිලේ බෙදා හරීන්ද වටිනව.

Anonymous said...

එග්සෙලන්ට්!!!!!

සාතන් said...

පට්ට කවි සෙට් එක මචෝ... හැබැයි කොළඹ ලොකු ලොකු පුද්ගලයොත් ගෙවල් වල පාටි තියෙන කොට මේ වැඩේ කරනව.. හැබැයි ඉතිං පළතුරු වලින්... පළතුරු කසිප්පු... :)

Ru_Sirini said...

//කසිප්පු බොන අය නිරෝගි වෙනවාය
පිරිමි හිතට සවි බල ගෙන දෙනවාය
අපේ පැරැන්නන් මේ ලක් දෙරණේය
මහ වැවු තැනුවේ කසිප්පු වල සවියෙන්ය//

අනේ මන්දා...මේ ඇත්තද?
මේවා බීල සමහරු අතේ පයේ හිරි ඇරගන්න එන රහස සඳරු කියනකම් තේරුනේ නෑනේ..

Anonymous said...

හැමදාම වගේ නියමෙට ලියලාය. වැව් බැම්මෙ සිහිනෙ වගෙ නැගලාම යනවාය.
අර මුල්ල පටස් කියන්නෙත් මේකමද බන්?
කාරිය බහුල වෙලා පහුගිය ලිපි දෙකක් මිස් වුනා බන් අද තමයි මේ පැත්තෙ ආවෙ. ප.ලි. කෑල්ල දැම්මෙ හොඳ වෙලාවට. නැත්නම් ඉතින් බැනුම් අහල ඉවරයක් නැතිවෙයි. ජය වේවා මචෝ.
JH

සීතල අයියා said...

අඩඩා.... අදමයි මෙහෙම කවි පද ඇහුවෙ....
දෙන්නා සමාගමක් හදාගෙන හදමුද?
( අපේ සර් කියලා දුන්නා හදන හැටි)

Dinesh said...

මල්ලියේ කියවද්දි නුඹේ කවි පේලිය
ආවා මේ අදහස මගෙ හිත තුලට
කසිප්පුත් අරක්කුත් අතරෙහි වෙනස
නුඹ පෙන්නූ හැටි අපූරුයි අපට..

ඇත්තයි දෙකම මත් වෙනවා බිව්වාම
ඒත් ලොකු පරතරයක් මේ දෙක අතර
බීලා වැඩිවෙලා ඉන්නා විට මහ මගක
කොහොම කියන්නද ඒ කසිප්පුද අරක්කුද යන්න..

කවි පෙලනම් හරිම අපූරුයි මලයා... අර ෆොටෝ එකට එබිලා බැලුවා උඹද ඉන්නේ කියලා... මොකෝ කියන්නේ බිස්නස් එක පටන් ගමුද??

චීටා said...

සඳරු මල්ලි කවි ටික නම් රටක් වටී
වැඩි වෙලාද පෙරන තැනම ගඟට වැටී
කොළඹ උනුත් දැන් ඕවට වහම වැටී
රටින් ගේන උන් ඉන්නේ පිස්සු වැටී

කසිප්පු වියාපාරය හොඳ රැකියාවක්
විරැකියාව නැති කරන්න මරු ක්‍රමයක්
ලියාපදිංචිය ගත්තොත් නැහැ ගේමක්
කලකට ඉහත කිව්වා එක ඇමති බුවෙක්

එත් අනේ රටේම හාමුදුරුවරුන්
ඕකට විරුද්ධව පොලු කැති මුගුරු අරන්
බැස්සලු මගට මහ සෙනගක් පෙරටු කරන්
යෝජනාව එහෙමම චක බ්ලාස් ඉතින්

හිස් අහස said...

@Gayan Rupasinghe = තැන්කුයි සිංහයෝ
.............................................................................................................................
@Weni= අපොයි නෑ ඒ පොලිස් මාමා කෙනෙක් වැටලීමක !
.............................................................................................................................
@ගිහාන් =බැලුවම මෙහෙම නම් බීවනම් කොහොමද ?
.............................................................................................................................
@Bindi= බිය වෙන්නට කාරි නැත ඒ රූපේ ඉන්නේ කෙනා වැටලීමකට උදවු දෙනවා . ඒ පොලීසියේ කෙනෙක්මද දන්නෑ . ඕවා බීවාම සල්ලි ඉතුරුයි ඉතින් කොහෙද කරදර ? (නිකම් කවියක් විතරයි අක්කන්ඩි මම මේ සිතිවිලි මෙතන නොලියා කොහේ ලියන්නද ? )
.............................................................................................................................
@Rasika Kariyawasam = තෑන්ක්ස් මචා ! කාටවත් අනුබල දෙන්න නෙවේ . නිකම් හිතට ආපු නිකම්ම ලියැවුනු කවියක්
.............................................................................................................................
@Prasanna = උඹ නම් ඉතින් රා කට්ට නේ උදේට ගහන්නේ !
.............................................................................................................................
@Chanaka Aruna Munasinghe = ඇෂ් දෙක පල්ල !
.............................................................................................................................
@මලික් = අනේද කියන්නේ අඩෝ මලික් අයියා උඹත් ඒනම් කවි ලීවා ඈ ඔය ලීවේ ගජරාමෙට . ඒකනේ මේකෙන් කෙනෙක් කවියක් හරි ලීවනේ ! මට හැපී
.............................................................................................................................
@සිහින = ඉරිසියාවේ බෑ බං මගේ කවි වලට වඩා තෝ ලියාපු කවි ඉදිරියෙන් .. පට්ටයි ඈ
.............................................................................................................................
@සුදු මැණිකේ(මැණික්)= ජයම වේවා සුදූ !
.............................................................................................................................
@BLOG ගඩොල් = ඕක තමා බං කසිප්පු පොට් එකේ නිල ඇඳුම . කෝ එවාපංකෝ ඇත්ත මූනත් . ඇත්ත තමයි බං මම ඕව නැවැත්තුවේ ඕකක් විස වෙලා මගේ ඇහේ වපරයක් ආවට පස්සේ .
.............................................................................................................................
@hare :-)= සහතික ඇත්ත මගෙ ලොකු අයියා ! සහතික ඇත්ත . ඕනම දෙයක් ඕනවාට වැඩිය ඕනම නෑ !
.............................................................................................................................
@Praසන්ன = අප්පා අපේ පැත්තේ ගෑස් බලය පවා භාවිතා කරලා ඉතාම දියුනු ක්‍රම වලින් තමා මේවා සකසන්නේ . දවසක එන්ඩ බලලා යන්ඩ
.............................................................................................................................
@ඕනයා = ඒක නේ කියන්නේ යන්තම් ඇති අද මූ කට කැඩිච්ච කතාවක් නොකියා ගිහිල්ලා හිතට සනීපයි . අනික් පෝස්ට් වල කමෙන්ට් දිහා බලන්න බයයි උඹ නිසා
.............................................................................................................................
@Raj = ඔව බහින්නේ බලල්ලු මලු වලින් එලියට . අප්පා මචං මේවුවා බීල දවසක් මට අන්තිම වුණා .එදා ඉඳන් අද වෙනතුරු මම මෙවුවා කට තිබ්බේ නෑ . මේක නිකම් හිතේ ඇඳුනු කවියක් විතරයි .
.............................................................................................................................
@පිස්සු පුසා = ඒකනේ කියන්නේ ! අපේ දේ අපිට වටින්නැතුවෑ
.............................................................................................................................
@තනි අලියා = මමත් හිතන්නේ ඒක ඇත්ත ඇයි මේ දේසීය දේවල් වලට බදු දාන්නේ ?
.............................................................................................................................
@hansakinkini = අප්පේ ලඟ හිටියානම් කකුල් දෙක ගාව පෙරලිලා මම ඔයැයිට වඳිනවා අක්කේ . මගෙ බොක්කටත් එහා වැදුණා මේ කවිය . ලස්සනයි බොලේ මං වෙනුවෙන් ලියාපු මේ කවිය කොපි කරලා තියාගන්න ඕන . තෑන්ක්ස් ඈ . හැපි මංගලම් ඈ !

හිස් අහස said...

@ayesha = අපෝ ! මම කටේ තියන්නෑ
.............................................................................................................................
@අභීත = නීතිය කවදද ලොකු අයියේ අතල් ගත්තේ !
.............................................................................................................................
@පිණිබිඳු= අපේ දේ අපිට අගයක් නෑ නේ සහෝදරී
.............................................................................................................................
@දිල් = ගනං ගන්න එපා මයෙ අක්කන්ඩි . මගේ හිතේ ඇඳිච්ච අදහස් ලියන්න මට තියෙන්නේ මෙතන විතර නෙව . මම වෙන කොහේ ගිහින් මේ කවි කියන්නද ? මමත් දනී මේවාගේ ඇති නරක . මාව දවසක හම්බුනොත් මගේ වම් ඇස දිහා බලන්න .
.............................................................................................................................
@ශානු = කවි ලියන එක වැරදියි ලු :(
.............................................................................................................................
@Outsider= ඔය එන්නේ රහ දන්න නගරේ ඇත්තෝ !
.............................................................................................................................
@නිසුපා = ෆුල් ඇත්ත සහතික ඇත්ත . එන්ඩකෝ දවසක් අප ගමේ
.............................................................................................................................
@පබලු = අනේ මම නිකං ජෝක් පාරක් දැම්මේ අක්කා . ඔයා සීරියස් අරං
.............................................................................................................................
@Il mondo di una povera pazza= අන්න හරි අක්කා ! ඔයාට තේරුණා සමහරු නම් කලුවර දැවත් දානවා මේකට
.............................................................................................................................
@මාතලන් = ඒ මම නොවේය . ගිං ගඟ පෙදෙසේ වාඩියක් වැටලීමට ගිය පොලිස් නිල දරුවෙක්ය. තැන්කුවු මා !
.............................................................................................................................
@uwiniran = හ්ම් මචං ඒ අය කුරහන් තලපත් කෑවා හැබැයි මේවා ගත්තට . පස්සේ .
.............................................................................................................................
@අසනි = අනේ දරුවෝ ඔය ගල් බෝතලේට වඳින කවිය නෙව . හික් හික් .
.............................................................................................................................
@මධුරංග = අයියා එන්ඩකෝ දවසක අපේ ගම් පැත්තේ !
.............................................................................................................................
@සොඳුරු සිත = ආ අක්කා කාලෙකින් වගේ . අපෝ මට තියේ එල නිකැලැල් මූනක්
.............................................................................................................................
@Gimhani = කස්ටිය කෑගසාවි මම මත් පැනට ගිම්හානිව පුරුදු කලාය කියලා . බොන්න එපා අක්කේ ! මට පොරොන්දු වෙන්න අක්කේ ! අනේ ! අයියෝ

හිස් අහස said...

@Grey= ඔබ තුමා නම් නියම ගැමියෙක් වගේ මෙවුවා ගහලා ඇති බවයි පේන්නෙ
.............................................................................................................................
@තරිඳු = ඉල්ලා අස් කරගනු ඔය වචනේ ! නැත්තං මට මෙතන ඉන්න හම්බෙන එකක් නෑ උඹලට බොන්න පුරුදු කලා කියලා
.............................................................................................................................
DragonD = හප්පා ඔය බූලි වලලන කේස් එකත් මෙහේ පලාතේ අම්බානෙට තියනවා සමහරුන්ට මචං වලදැම්මට පස්සේ මතක නෑ බඩු පිට නෙව වලේ දාලා දුවන්නේ හෙක් හෙක් . විකුනන්නත් ප්ලෑන් කරලා . උඹලා පතල් කපනවද බං ?
.............................................................................................................................
@චතූ = තෑන්ක්ස් මචං !
.............................................................................................................................
@Observer= සෙහ් ඇත්තට මුල්ල පටස් වචනේ මේකට රිංගවන්න තිබ්බා නේද ? කමන් නෑ මම ඒ ගැන වෙනම කවියක් ලියන්නයි ඉන්නේ . අපේ පැත්තේ කෂියා කියන වර්ඩ් එක භාවිතයට ගැනෙනවා අඩුයි .ඒකයි මම මෙහෙම ලීවේ තෑන්ක්ස් ආ . බුර්ූආගේ පියා ගැන දැවුවත් කල එකට ස්තූතියි අයියේ
.............................................................................................................................
@Anonymous = චියර්ස් මචෝ !
.............................................................................................................................
@සාතන් = පෘට් කසිප්පුත් තියේදෑ ? රසදෑ
.............................................................................................................................
@රූ.. =ගහපු ගමන් ඕන කෙනෙක්ට සවි සක්තිය නම් නොඅඩුව ලැබෙනවා . පස්සේ තමයි පොඩ්ඩ පොඩ්ඩ ක්‍ෂයවෙලා යන්නේ
.............................................................................................................................
@JH = අප්පා දැක්ක කල් . ඉතින් බොහොම ස්තූතියි ඈ JH මචං පලි කැල්ල නැත්තං කස්ටිය මගෙන් පලි ගනීවි නේද
.............................................................................................................................
@සීතල අයියා = සමාගමක් දාගෙන හදමු ලාබේ පිප්ටි පිප්ටි බෙදාගම්මු
.............................................................................................................................
@Dinesh = බිස්නස් ! මචෝ මාව ප්ලෝසියට නතු කරන්නද යන්නේ ? ඔය පොටෝ එකේ ඉන්නේ පොලිස් නිලදරුවෙක් ලු
.............................................................................................................................
@චීටා = අනේ අපරාදේ . චීටා පුතේ නියමම කවි සෙට් එක ඈ . ඕක සිරා කතාවක්ද මචෝ ?

Ravi said...

/ කසිප්පු බොන අය නිරෝගි වෙනවාය
පිරිමි හිතට සවි බල ගෙන දෙනවාය
අපේ පැරැන්නන් මේ ලක් දෙරණේය
මහ වැවු තැනුවේ කසිප්පු වල සවියෙන්ය /

හපොයි...සඳරු මලේ.....වරෙං බොලේ කිට්ටුවට උම්මා එකක් දෙන්ට.......හෙහ්, හෙහ්.....මයෙ හිතේ බොහොම කාලෙක ඉඳල තිබ්බ අදහසක් උඹ ඉස්තිර කලා,

ඒ කිව්වෙ අපෙ මුතුංමිත්තො ඔය වැව් දාගැබ් කාරිය බැන්දෙ අමුවෙන්නං වෙන්ට බෑ කියන එක.....අනිවාර්යයෙන් තුංකුදාර් වෙන්ට ගහල වෙන්ට ඕන....

අනික උඹ දන්නවය මහා වංසෙත් ඔය ගැන කියල තියනව නෙව....

එකල්හි දුටු ගැමුණු මහ රජානෝ මෙසේ කල්පනා කලාහුය " මේ රුවන් මැලි සෑ කර්මාන්තයෙහි යෙදෙන කිසිවෙකුත් නොමිලේ එහි නොයෙදිය යුතුය....කෑම් පීම් යනාදිය නිතොර සපයා දිය යුතුය...එසේම දෙහෝරාවෙකට වරක් මුද්‍රික පානය කලං දෙසියයෙක ප්‍රමානය සෑම කම්කරුවෙකුටම වැඩ බිමෙටම නොමිලේ සැපයිය යුතුය" මෙසේ සිතා තම සැපයුම් කටයුතු ඇමැත්තා බණවා " එම්බල මහ සෑ වැඩ බිමෙට ඇවැසි පමණ මුද්‍රික පානය අනලස්වැ සැපයීමට වග බලා ගනුව" යැයි නියෝග කොට වදාලහුය.

දැන් මොකක්ද මේ මුද්‍රික පානයෙයි කියන්නෙ......මොකවත් නෙවෙයි කසිප්පු...කසිප්පු......හෙහ්, හෙහ්........වෙන මක්කෙයි?

අනෙ අම්මප උඹට දෙන්ට වටිනව සම්මානයක්.....අර කාටද හාමුදුරුවෙක්ට දීල තියෙන්නෙ පුරාවිද්‍යා චක්කර වර්තී කියල ඒ වගෙ බොට දෙන්ට වටිනව පුරා විද්දියා මුද්‍රික පාන විශාරද......ගවුරවාර්හ දුරන්දර.......ස......ඳ.....රූ....ඌ...ඌ...ඌ.....ඔන්න ඔහොම.....කොහොමද නරකම නෑ නෙවද?

සයුරි said...

කවි ටික නම් ඉස්තරං
බොරුවක් නම් නැති තරං
ප්‍රමිතියකුත් දැම්මනං
මුල්ල පටස් රත්තරං

හැබැයි ඉතින් ප්‍රමිතියක් දානකන් නොබී හිටියනම් තමයි හොඳ :)

Anonymous said...

සඳරු..... කසිප්පු විස වෙලා මැරෙන්නෙ , ගම් පිටින් අස් අන්ධ වෙන්නෙ ඒ අහිංසක මිනිස්සුම තමයි. ඒකයි කසිප්පු නීති විරෝධී. ඊට වැඩිය හොඳයි බන් රා බොන එක.

පවනි said...

නෑ නෑ....
ගන්න අපේ දේ...
තල් රා, කිතුල් රා, මී රා.....
ඔය මොන කස්ට එන්නත් කලින් අගට පතට ගුණදායක එකම දේ....
අපේ රා!!!
බොලවු අපි රා බිවුවෙ සුද්ද වැද්ද කාලෙ... ඒ කාලෙ උන් පෙරන්න වත් ඉගෙනගෙන නෑ!!!

හිස් අහස said...

දුශ් = දුශ් ගේ කමෙන්ට් එක ස්පෑම් ගොඩේ තිබුනේ ඇයිදන්නෑ මම දැන් දැක්කේ ! අන්න හරි ඒවා බීල වෙච්ච දෙයක් තමා ඒක . දැන් නම් මම හැදිලා ඉන්නේ

@Ravi = ඔන්න රවියා සක්කිත් ගෙනල්ලා මුද්‍රික පානය කියලා හැඳින්වුවාට ඉතින් බඩු ගමේ එවුවා නෙව . ඉතින් අපේ කස්ටියත් එලාර සමග ෆයිට් කරන්න ඇත්තේ ගානට පදම් වෙලා එහෙම නේද .කලං දෙසීයක් කියන්නේ කොච්චරක්ද දන්නෑ නේද ! කෝප්ප හත අටක් වෙන්නැත්‍වි නේද ඉස්සර හිටි අයගේ ඇඟ පතේ හැටියට දෙන්න එපෑ බීම

@Sayuri = දැන් කස්ටියම මුල්ල පටස් ගැන දන්නවා වගේ .හික් හික් ස්තූතියි ඈ

@විසිතුරු = මටත් අන්තිම වුණා දවසක් ඔවුවා බීලා මේක නිකම් කවියක් විතරයි . මම මෙවුවා ආයේ කටේ තියන්නෑ

@පවනි = ඇත්ත වෙන්නැති . රාවලට පස්ට ඉතිහාසයක් නෙව තියෙන්නේ .ඔයා බීල තියනවද මම නම් වරක් බීවා මට එපාම වුණා . මගේ බඩ බුරුල් වෙනවා රා බීවම

networkdisa said...

පට්ටම පට්ට ෂොට් එකක් දාලම බලන්න ඕන අන්තිම පේලිය ඇත්තද කියල ඕන්....

Anonymous said...

ඇත්තද සීයේ....
බලහල්ලකෝ...ඒ වගේ එව්වා මෙයැයි ආදරෙන් කියා දෙන අපූරුව...හික්ස්...

මට ඕවගෙ වෙනස තෙරෙන් නෑ අනේ...

rawana said...

මල් 7 හතයි බන් කවි ටික .උඹ යකෝ දේශයේ කවි පියා වගේ කොල්ලෙක් නේ ඇ....

මාධව විදුරංග said...

siya rata dee siri sapa dee! ganna apee dee! :)

Anonymous said...

සුරාවේ ඇති ගුණයත්
එහි ඇති මනා සුවයත්
බොන සුදනෝ දනිත්
නොබොන දුදනෝ නොදනිත්.....

කස්ස said...

මේ වගේ අදහසක් එන්නේ කසිප්පු දිව ගෑව එකෙකුටම තමයි

දිනුක said...

අනිවා මචං ලොකු ඈයො බිව්වත් පොඩි ඈයො බිව්වත් එකම තමයි අන්තිමට ඇල්කොහොල් නෙ.මමත් කියන්නෙ ඔය රටිං ගේන ඉලව් තහනං කරලා කසිප්පුවට තැන දෙන්නෝනෙ කියලා.'සිය රට දේ සිරි සැප දේ' කියලනෙ කියන්නෙ.කොහොමද 'මුල්ල පටස්' පැකට් එකේ 'සූර්ය සිංහ' ලාංඡනේ එහෙම ගහලා පොෂ් තැංවල විකුණන්න තියෙන කොට.පිට රටවලට යන අපේ සල්ලි නවත්තන්ඩ පුළුවං ඔය වගේ ඒවයිං තමයි.....එළ කොල්ලෝ උඹලවත් මේවට පෙරමුණ ගන්න ඕනෙ.............

පූසා said...

අභාග කාලේ බලන්න උන නැති නිසා ඕං දැන් තමයි බැලුවේ!
පට්ටයි මචං...
උඹට කතාවල හාත්ස්‍ය රසය ගන්න තියෙන්නෙ පුදුම හැකියාවක්!

රාජ් said...

ඇල අයිනේ ඇති බැරලේ පැහෙන්නේ...
ඇලට දැමූ බටේ දිගේ පෙරෙන්නේ..
දෙක දාගත්තමයි දෙව්ලොව යැවෙන්නේ...
පොඩ්ඩ වැරදුන කල පරලොව වඩින්නේ..

පවනි said...

අම්මහ්....
සුපිරි!!!
අන්න සෙට් වෙන එක.. ගඳත් නෑ වැඩිය....
හීනියට හකුරු බෑ දෙක තුනකුයි කොච්චි සම්බෝල එක්ක මඤ්ඤොක්ක ටිකකුත් එක්ක තිබුන නම්... ආයෙ කියලා වැඩක් නෑ!!!

නචියා said...

පට්ට මචං..... අදයි මේ පැත්තෙ එන්න වෙලාවක් ලැබුනෙ...

Anonymous said...

පිස්සු haduna මචන්

පන්සල් හංදිය said...

ඔන්න දැන් කසිප්පුත් පනතකින් නීතිගත කරන්න යනවලු ....

පෙදරේරුවා නොහොත් මේසන් බාස් said...

මත්පැන් විදිහට අපි බොන්නේ එතිල් ඇල්කොහොල්. ඒත් ඔය අතරේ ශරීරයට විෂ මෙතිල් ඇල්කොහොල් ටිකක් විතර හැදිලා තියෙන්නත් පුළුවන්. හැබැයි එතිල් වගේ නෙමෙයි මෙතිල් බරින් අඩුයි. ඒ නිසාම ආසවනයේදි ඉස්සරලාම එලියට එන්නේ ශරීරයට විෂ, බරින් අඩු, මෙතිල් ඇල්කොහොල් තමයි. ඉතින් මුල් කොටස ඉවත්කලානම් පිරිසිදු එතිල් ඇල්කොහොල් ලබාගන්න පුළුවන්. කසිප්පු පෙරද්දී මුල්ම පංගුව සුරායකාට කියලා වෙන්කර ඉවත්කරනු ලබනවා. තාක්ෂණිකව ඒ සම්ප්‍රදාය 100% නිවැරදියි. මොකද එයින් නිපදවීඇති විෂ ඉවත් කෙරෙන නිසා. ඒත් ගැටළුව වානිජ ලෝකේ සුරායකාගේ පිදේනිය ටොනික් පියනක ප්‍රමාණයටත් වඩා කුඩා කොට තිබීමය.


ජයවේවා...

ඉස්සො කොටුවේ ලාලිත්‍ර said...

කසිප්පු ජුන්ඩක් බීල .. වසන්ති අක්කගේ ගෙවල් පැත්තෙත් ගොඩවෙලා ... ඇලෙන් හොඳට නාගෙන ඇවිත් කට්ට සම්බෝලේ එක්ක මය්යෝක්ක කැල්ලක් දෙකක් කාල උණු කහට එකක් බීල.. ටිකක් රැ උනාම සුජීවය එක්ක වෙල අය්නට වෙලා සුස්තියක්‌ ඇදල ගොයම්ගස් හුළඟට වැනෙනවා හද එළියේ බලා ඉන්නවා තරම් සැපතක් වෙන කොහෙද මස්සිනා.. විස්ස විද්දීයාලේ ඇවිත් කොක්ක ගැහුවා ගැහුවමය් .. දන ඉතින් කාපන්කෝ කටු.. මොර්ගේජ් කියය් .. කාර් ලෝන් කියය .. මොන කරුමයක්ද අප්පා මේ..

සුරා යකා said...

ඔන්න අපේ පෙදරේරු උන්නැහේට තේරිලා මට කරන කෙනහිලිකම් ... මට කසිප්පු මුඩියක් දීල හොද ටික උන් බොනවා ....අනේ ඉතින් මේ දුක කාට කියන්නද මලේ ...........

Unknown said...

මහ වැවු තැනුවේ කසිප්පු වල සවියෙන්ය ,,

Anonymous said...

සුදු රෙද්දෙන් තැනූ උඩු වියනක් බැඳලා
විල්ලුද පාවඩක් ගෙන පොළවට දමලා
සඳුන් දර දමා පතුලෙන් ගිනි දාලා
කසිප්පු පෙරයි ඉහළම ප්‍රමිතින් යොදලා
meka thma ban mama asama kaviya(Raviya)

Post a Comment

තැන්කූ බං