18.10.11

හිස් අහසට අවුරුද්දක්. ඉතින් මේ සැලියුට් එක ඔබටයි !


       මේ යන්තම් වදින හිරිකඩ එදත් තිබුණා මතකයි . ජනේලෙන් එහා වැටෙන වැහි වතුර බින්ඳු දිහා බලාගෙන මම පරිගණකය ගාව වාඩි වුණත් මට මතකයි . ජීවිතේ හැටි.....! වෙනදා වගේම පුරුදු විදිහට එදත් බ්ලොග් කියවමින් යන අතරර මටත් හිතුණා බ්ලොග් එකක් ලියන්න නිකම්ම නෙවේ. අමු සිංහලෙන්ම.

ඉස්කෝලේ යන කාලේ මොන විෂයට මම අකමැති වුණත් සිංහල විෂයට නම් මම ඉහළින්ම කැමතියි . සිංහල උගන්වපු අශෝක ගුරුතුමාගේ හුරතලා වෙච්ච මම සිංහල පීරියඩ් එකේදී පන්තියේ රජ වෙනවා !. මොන විෂයට ලකුණු අඩු කරගත්තත්, කිසි දවසක ගෙදරදී පාඩම් නොකළත් මම සිංහල වලට නම් ඉහළ ලකුණු අරගන්නවා .ඒක මම නිරායාසයෙන්ම කල දෙයක් .!

ගෙදර වැඩ කරන්නේ නැතිව අනික් පීරියඩ් වලදී පන්තියෙන් හැමදාමත් පන්තියෙන් එළියට විසික් වෙච්ච මම සිංහල පීරියඩ් එකේදී නම් අනිවාර්යයෙන්ම පන්තියේ රැඳුණා .මම ගෙදර වැඩ නොකරන බව හොඳටම දන්න සිංහල උගන්වන අශෝක සර් "ඇයි සඳරු වැඩ නොකළේ ?කියන ප්‍රශ්නය මගෙන් වැඩිය අහන්නේ නැති බවත් මම දැනගෙන හිට්යා .

ඉස්කෝලේ කොට බිත්තියට උඩින් නිතරම පියාඹලා එළියට විසික් වෙන මගේ ගණිතය පොතත් ඉංග්‍රීසි පොතත් බලන්න අප්පිරියයි .ඒත් මගේ සිංහල පොත නම් කියවන්න ආසා හිතෙන විදිහට පැහැදිලිව තිබුණා .ඒකට හේතුව කෙල්ලෙක් විසින් හැමදාම ඒ පොතේ නෝට් සම්පූර්ණ කරපු හින්දම නොවුණත් . ඒ පොතට මම හදවතින්ම ආදර කරපු නිසා වෙන්නැති . !

වසන්ත කාලේ හැමදාම නෑ

අශෝක සර් එයාගේ දුෂ්කර කාලය අවසන් කරලා එයාගේ ගමේ ඉස්කෝලෙකට මාරුවක් හදාගෙන යන්න ගියා . ඊට පස්සේ දුෂ්කර කාලය ආවේ මට. අපිට සිංහල උගන්වන්න භාරවුණේ වැනිලා මිසීට.එත් ඒ මිසී මගෙත් එක්ක පුදුම විදිහට අමනාපයි !

වැනිලා මිසීගේ පුතා ඉස්කෝලේ ශිෂය නායකයෙක් ! මගේ වයසමයි .ඒත් අපි දෙන්නා අතර ලොකු කෝනතරයක් තිබුණා .

කිසිම දවසක පාසලට සපත්තු දාගෙන ගියපු නැති මම හැමදාමත් පාසල් ගියේ සෙරෙප්පු කුට්ටමක් දමාගෙන. කොතරම් ගුරුවරු බැන්නත්, ගැහුවත් මම නෙවේ හැදුණේ !. සපත්තු ගන්න බැරි තරමට මම දුප්පතෙක් නොවුණත් අස්ප ලාඩම් වගේ ගෙවිච්ච බාටා දෙකකින් කකුල් වලට දැනෙන සනීපය සපත්තු දෙකකින් මට කවදාවත් විඳගන්න බැරි වුණා. කූඬැල්ලව කොහොමෙයි මෙට්ටේ උඩ තියන්නේ ?.අලුත් සපත්තු දෙක ගෙදර තියාගෙන බාටා දෙක දාගෙන මම ඉස්කෝලේ යන්න හේතුව ඒකයි !

දවසක් දා උදයක ඉස්කෝලේ ගේට්ටුව ළඟදී මගේ සෙරෙප්පු දෙකට විරෝධයක් පල කරපු වැනිලා මිසීගේ පුතන්ඩියා සහ මම අතරේ පොඩි ගැටුමක් ඇති වුණා .ඒ ගැටුම අවසන් වුණේ මිසීගේ පුතා තොල පලාගැනීමෙන් සහ මම ඇහැක් තලා ගැනීමෙන් .! ඔන්න ඔය සිදුවීම වෙච්ච දවසේ ඉඳලා වැනිලා මිස් මගෙත් එක්ක කිසිම දවසක කතා කළේ නෑ . මාව දැක්ක තැන "රස්තියාදු කාරයා" කියමින් මට බැණ වැදුණා .! ඉතින් එයා මගේ ප්‍රියතම විෂය භාර ගැනීමත් එක්ක මගේ පාසල් ජීවිතේ එපාම කරපු කාල සීමාව ආරම්භ වුණා !

අශෝක සර් ගෙන් වෙනදා ප්‍රසන්සා හිමිවෙච්ච මගේ රචනාවට මගේ විචාරයට වැනිලා මිසීගෙන් නම් ලැබුණේ අමුතුම ප්‍රතිචාරයක්

"
මොනාධ යඛෝ මේ ලියාලා ථියෙන්නේ ?”
 
ඊට පස්සේ මම ලියන රචනාව මම ලියන විචාර සුවහසක් කෙල්ලෝ කොල්ලොන්ගේ ප්‍රතිචාර සහ ඔල්වරසන් හඬ මැද උඩු ගුවනේ පාවෙන්නත් පටන්ගත්තා . සිංහල පීරියඩ් එක වෙලාවෙත් මට එළියේ තපින්න සිද්ධ වුණා . ජීවිතේ එපාවටම එපා වුණා !

"
ජීවිතේ තිත්තයි දරුවෝ !” 
 
අශෝක සර් මාරු වෙලා යන්න කලින් මගේ සිංහල පොතේ පිටුපස ලියලා තිබුණු පුංචි රුවන් වැකිය දකින් දකින වාරයක් ගානේ මගේ බඩ පපුව දාලා ගියා .ඇස් වලින් කඳුළු නොහළා මම හදවතින් සියක් වාරයක් සිංහලෙන් ඇඬුවා .

ඇත්ත. ජීවිතේ තිත්තයි ! ඒත් මේතරම් තිත්තක් ? මෙහෙම තිත්ත රහක් මම කිසිම දවසක බලාපොරොත්තු වුණේ නෑ . අද රචනාවට හොඳක් කියයි ! ,හෙට හොඳක් කියයි, අද මගේ විචාරයට ලකුණක් වැටෙයි, හෙට ලකුණක් වැටෙයි කියලා මම මාස කීයක් බලාන ඉන්න ඇත්ද ?

අන්තිමේදී ජීවිතේ තිත්ත නොවුණත් මට සිංහල තිත්ත වුණා ! එදා ඉඳන් ඉකෝලෙන් ඉවත් වෙනකම්ම මම නෙවෙයි සිංහල පොත යන්තම්වත් කියෙවුවේ .සමහර විට මගේ විචාර මහ පල් එවුවා වෙන්නැති. එහෙමත් නැතිනම් මම පුතන්ඩියාට ගහපු තරහා නිසා වැනිලා මිස් මගෙන් පළි ගන්න එහෙම කරන්නැති . කොහෙන් බැලුවත් වරද තිබුණේ මගේම අතේ . අන්තිමේදී උසස්පෙළ විභාගෙදී මම සිංහල විෂයට ගන්න පුළුවන් ඉහළම සාමාර්තේ අරගත්තා ..හැබැයි අනෙක් විෂයන් දෙක උඩින්ම අසමත් වුණා .ඉතින් සමස්තයක් වශයෙන් ගත්කල මම විභාගේ ෆේල් .

දැන් ඒ සේරම අතීතෙට එකතු වෙලා වැළලිලා ගිහින් ඉවරයි ..! 

පිස්සා ලියන "පලාමල්ල" බ්ලොග් එක පළමු වතාවට කියවපු මම අන්තර්ජාලේ සිංහල මිනිස්සුන්ට ඉඩකුත් තියන වග දවසක්දා තේරුම් ගත්තා .ඉංගිරීසිය බැරි නිසාම දන්න සිංහලේට පෙම් බැන්ඳ මට ඒක මහ මෙරක් තරම් . ඉතින් ආයෙමත් මම සිංහලේට ආදරේ කළා .හරිම ආසාවෙන් සිංහල බ්ලොග් කියවන්නත් මම පටන්ගත්තා .එදා ඉඳන් ඩොංගල් එකේ සල්ලි ඉවර වෙනවා දැනුනෙම නෑ. මම හරිම ආසාවෙන් බ්ලොග් පස්සේ ගියා. වෙනදා රුපියල් 100 කාඩ් එකකින් දවස් හතර පහක් අදින්න පුළුවන් වුණත් සිංහල් බ්ලොග් තියන බව දැනගත්තාට පස්සේ දවසින් දවසට දෙකට සල්ලි ඉවර වෙලා ගියා .

මාස ගාණක් බ්ලොග් කියෙවුවත් මම කවදාවත් හිතුවේ නෑ මම බ්ලොග් එකක් ලියාවි කියලා . ඒත් එක වැහි බර දවසක මමත් ඒ තීරණය ගත්තා . කාලෙකට ඉස්සර හදාපු පරණ බ්ලොගර් එකවුන්ට් එකට පොඩි තීම් එකකුත් දාලා හිස් අහස කියලා නමකුත් දුන්නා. . . "සභාවෙන් අවසරයි" කියලා මුල්ම ලිපියත් ලිවුවා ඊට පස්සේ හැමදාම හිතට එන දේ අකුරු වලට පෙරළන්න ගත්තා . ඉතින් ඒ පළමු පෝස්ට් එක ලියලා අදට අවුරුද්දක්ම ගත වෙලා ..!

ඉතින් හිස් අහස බ්ලොග් එකට අවුරුද්දයි .. 

මුලින්ම මම ඒතරම් උවමනාවෙන් ලිවුවේ නෑ. පැයෙන් දෙකෙන් ලිපියක් ලියලා පබ්ලිශ් කරලා දැම්මා .අකුරු වල හරි වැරදි අඩු පාඩු කිසිම දෙයක් ගැන හෙවිල්ලක් බැලිල්ලක් මුලදී තිබුණේ නෑ . ඒත් අද තත්වය නම් හාත්පසිනම වෙනස් . ලියාපු ලිපියක් කීප විටක් බලලා හරි වැරදි හොයලා මිසක්ක ඒක මම පබ්ලිශ් කරන්නේ නම් නෑ ..තව ඉදිරියට ලිවීමෙන් වෙන වැරදි අඩු වේවි මම තවම හෙමිහිට ඉගන ගන්නවා .

අවුරුද්දක් නම් ගෙවුණා. මටම පුදුමයි. මම බ්ලොග් එක පටගන්නකොට මට මම ගැන කිසිම විශ්වාසයක් තිබුණේ නෑ මම හිතුවා හැම වැඩේම අතරමග නතර කරන මට මේ බ්ලොග් එකත් තවත් එක පොට්ට කාසියක්ම වේවිය කියලා .ඒත් මම මේ බ්ලොග් එක නතර කරන්න කිසිම දවසක හිතලා නෑ . කිසිම දෙයක් ස්ථීර නොවන ලෝකේ මේ බ්ලොග් එකත් දවසක නතරවෙලා යාවි .. පුළුවන් දවසක් එනකම් කියවන්න අයත් එනකම් මම ලියන්නම් ..!

අවුරුද්දක් බ්ලොග් එක එක්ක ජීවත් වුණත් මට තවම මට ලිපි සීයක් ලියාගන්න බැරි වුණා ! කමක් නෑ. එකත් හෙමීට ලියවේවි .තත්පරයෙන් තත්පරේ අවසන් වෙන ජීවිතේ මම මුහුණ දෙන සමහර සිදුවීම් මේ හිස් අහසේ පාවේවි .ඒත් සමහර සිදුවීම් කලු කුහරයක් ඇතුළට ඇදිලා යන ආලෝක කදම්බයක් වගේ මගේ ජීවිතේ ඇතුළේ හැංගිලා යාවි හැමදාටම හැම දේම ලියන්නත් බෑනේ !

මම මුලදී බ්ලොග් එකෙන් මගෙ ගමේ කතා බහ කරන බස් වහර , ගමේ සිදුවීම් එළියට දාන්න පුදුම විදිහට ලැජ්ජා වුණා. ඒකට හේතුව නම්. උසස් පෙළ පන්ති වලට මහනුවරට ගිය කාලේ නුවර කොල්ලෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් .

"
මචං උඹගේ ගෙවල් කොහෙද ? කොලේජ් එක කොහේද ?

"
මම අහවල් දිහෑවේ ! කොලේජියක් නෑ අහවල් මහ විද්දියාලේ ගියේ"

"
අපෝ බං ඒ වන්නියක්නේ එහේ කොටි ත්‍රස්තවාදීනුත් ඉන්නවාලු නේද ? උඹ ගිය ඉස්කෝලේ නම නම් මම අහලාවත් නෑ !”

මහනුවරින් එනතුරුම මම ආයේ මගේ ගම් පළාත ගැන කියන්න කැමති වුණේ නෑ කාටවත්ම. මේ බ්ලොග් එකේ අනන්‍යතාව මම හංගන්න හේතුවක් වුණෙත් ඒකයි. ඒත් මේ බ්ලොග් ලියන අයියලත් එක්ක මොන හැංගිලිද ? මුං මාව එළියට ඇදලා ගත්තා . දැං මමත් ආයේ ගුලට රිංගන මීයා වගේ හැංගෙන්න උත්සහ කරන්නේ නෑ . දුර ප්‍රශ්නේ නිසා ප්‍රසිද්ධ හමුවීම් වලට සහභාගි වෙලත් නෑ . මම හෙමිහිට මේ පිටිසර පළාතේ ජීවත් වෙනවා . මම දැන් මේ ගෙවෙන ජීවිතේ ගැන ආඩම්බර වෙනවා .

හිස් අහස ලියන මේ මම ටිකක් රස්තියාදු කාරයෙක්, පොඩි කළා කාරයෙක් , යන්තම් ආඩම්බර කාරයෙක් ,සිඟිති ලැජ්ජා කාරයෙක් ,සුන්දර සෝබන කාරයෙක්, වගේම අමු ඩෝප් කාරයෙක් ! අනන්ත අප්‍රමාණ දුක් විඳලා තියන ඒ දුක දරාගන්න තරම් හදවතකුත් තියන වයස අවුරුදු 11 දී අන්තිම වරට අඬපු හිත හයිය දල කාරයෙක් වගේම දකුණු අතේ පච්චයක් ඇඳ ගත්තු සොමි බර පච්ච කාරයෙක් කියලත් හඳුන්වන්න පුළුවන් .! .

ඒත් මම බොරු කාරයෙක් නෙවෙයි ! .. සත්තයි !! . 

පොළවේ පයගහලා ඉන්න අපිට වැලේ වැල් නැති වුණාම, අතේ සතේ නැති වුණාම, හිතේ සතුට නැති වුණාම ,ජීවිතේ එපා වුණාම . අන්තිමට බලන්න ඉතිරි වෙන්නේ එකම තැනයි දුක කියන්න තියන්නේ එකම තැනයි ..ඒ තමයි හිස් අහස .පොළව උඹලව දාලා ගියත් අහස කවදාවත් එහෙම කරන්නෑ නේ!!

හිස් අහසට අරක්ගත්තු සඳරු මෙච්ච මම මෙතෙක් කල් මේ බ්ලොග් එකට ආපු ඔබ තමුන්නාන්සේලා හැමෝටම ස්තූති කරනවා .ඒ ස්තුතිය නිකම්ම නිකම් වචනයක් විතරක්ම නෙවෙයි හදවතින්ම පුදන ස්තූතියක් .

හිට් කවුන්ටර් කරකවන්න, අනුගාමික ලැයිතුව පුරුවන්න . හිස් අහසට ගොඩ වැදුණු නිහඬ බ්ලොග් කියවන්නෝ හැමෝටම ස්තූතියි .අපේ ගමේ ගෙදරකට කෙනෙක් හිස් අතින් ආවත් බත් කටක් නොදී යවන්නේ නෑ ! ඉතින් කමෙන්ට් එකක් මට ලොකු නෑ. ඇවිල්ලා කියවලා ඕනෙනම් කොපිත් කරගෙන පලයල්ලා මගෙ හිතේ තරහ නෑ..!!

"
වරෙල්ලා", "පලයල්ලා", "උඹලා" කීවට හිතක් හිතන්නෙපා..! මගේ කමටයි එහෙම කීවේ ඔයා මෙයා කියලා සීනි බෝල පැඟිරි වදන් කියන්න මගේ බොක්ක හැඩගැහිලා නෑ ..! 

බ්ලොග් එක පටන්ගත්ත දවසේ ඉඳලා ටිකෙන් ටික මගේ වටේ පොඩි පිරිසක් එකතු වෙලා ඉන්න බව මම දන්නවා ඒත් මම කොහොමද උඹලා ඔකෝටම ස්තූති කරන්නේ ? කීව නොකීව හැමෝටම ස්තූතියි . ඉතින් බ්ලොග් එකේ පළවෙනි කමෙන්ට් එක තෑගි දීපු "ගීත්" ටත් , දෙවනි කමෙන්ට් එක දුන්නු "මාරයාටත්" . පළවෙනි අනිගාමිකයා වෙච්ච "හැක්‍රිෂ්ටත්" ස්තූතියි . බ්ලොග් ලියන්න පාර පෙන්නපු "පිස්සා" උඹටත් ස්තූතියි .

දවස ගානේ ඇවිදිල්ලා අමාරුවෙන් කමෙන්ට් එකක් දාලා වටිනා කාලෙන් තත්පරයක් කාගෙන කමෙන්ට් කරලා යන බ්ලොග් ලියන නොලියන හැමෝටම ස්තූතියි සමාවෙයල්ලා මම කෝමද ඔය නම් සේරම ලියන්නේ . දවසක උඹලා අපි හැමෝම හම්බවේවි .එදාට මම මූණටම මුණගැහිලා ස්තූතියි කියන්නම් උඹලා හැමෝටම..!

ඉතින් එතකම් සැලියුට් එක ඔබටයි !

සඳරු//

174 comments:

Unknown said...

හෙමින් හෙමින් යන ගමන ස්ථිරයි කියනවනේ..අවුරුද්දකට කලින් පටන් ගත්තු මේ ගමන උබ ලොකු ගමනක් ඇවිත් තියෙනවා මචං..උබ ලියල තියෙන දේවල් කොල්ලෝ , කෙල්ලෝ කී දෙනෙක් ගේ හිතට වැදෙන්න ඇත්ද..
උබ ලියපු දේවල් උන්ගේම අත්දැකීම නේද කියලා උන් උන් කීපාරක්‌ හිතින් හිතන් ඇද්ද..
කාටවත් කියාගන්න බැරි උන දේවල් උබ කිව්වා කියලා උන් උබට අනේක වාරයක් පින් දීලා ඇති...
මේ අවුරුද්දක් ගියපු වෙලාවේ මම සුභ පතන්නේ තව තවත් ලස්සනට ලියන්න පුළුවන් වෙන්න කියලයි...

පූසා said...

මුලින්ම අවුරුද්දට සුභ පැතුම් මචං!
තව අවුරුදු 100ක් වත් මේක ලියාගෙන පලයන්!

බලපන් මුලින් හැංගි හැංගි බ්ලොග් ලිව්ව උඹ දැන් කොච්චර වෙනස් වෙලාද කියලා.... දැන් උඹ පෝස්ට් වලට උඹේ පොටෝ එකත් දානවා. මම ඒ දවස් වල උඹව මුණ ගැහුණු කතාව කාටවත් කියන්න එපා කිව්ව උඹ අද හැමෝවම මූණ ගැහෙන්න බලාගෙන ඉන්නවා....

ලිපි ගාණ වැඩක් නෑ කියන එක බ්ලොග් අවකාශෙට පෙන්නපු එකෙක් උඹ. ලිපි ගාන නෙමෙයි ලියන ලිපියේ අන්තර්ගතයයි වටින්නේ කියලා බ්ලොග් අවකාශෙට ඔප්පු කරලා පෙන්නපු එකෙක් උඹ...
ජය වේවා මචං!

පැන්ඩා said...

අඩේ අවුරුද්දක් ගියා දැනුනෙත් නැ..මම මේක අවංකම කියන්නෙ බ්ලොග‍්ර ඩැශ් බොර්ඩ් එකෙ උඹ පොස්ට් එකක් ලියල කියල වැටුන බොහො වෙලාවට පස්සෙ බලන්නම් කියල මම මඟ ඇරිය නැති බ්ලොග් එකක් තමයි උඹෙ බ්ලොග් එක..
තව තවත් බ්ලොග් ලියන්න බ්ලොග් එක දියුනු වෙන්න විතරක් නෙවෙ උඹෙ ජිවිතෙ දියුනු වෙන්න සාර්ථක වෙන්න ඒ සාර්ථක මං කඩ වල් ගැන පොස්ට් කියවන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනව

ශ්‍රී said...

හිස් අහසට මගෙන් සුභ පැතුම්!!!

සඳරුවෝ උඹට හැමදාම මේ වගේ රසවත්ව ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ඕං මං ප්‍රාර්ථනා කරනවා...

Anonymous said...

Good luck

රාජ් said...

මෙන්න ඉස්සෙල්ලම සැලියුට් පාර.

Raj said...

දිගටම ලියපං සඳරු....හිතට එන හැමදේම පුලුවං විදිහට ලියපං...උඹ ලියන ඒවා බොහො රසවත්...මේ ගෙන්දගං පොලොවේ කරක් ගහන අපීව..සුන්දර ගමට එක්කං යන උඹට ස්තූතී සහෝ...ජය.........

Podi Kumarihami said...

ඔයාගේ ලස්සන සිංහලවලින් කතා ලියලා, ඔයාගේ මුලින් නම කියන්ටත් අකැමති උන ගම ගැන විස්තර කරලා, අපිව එහාට ගෙන්නන්න උනත් සමත් ඔයාගේ බ්ලොගයට අවුරුද්දක් පිරීම ගැන මගේ සතුට.

අපේ ආචාරයත් ඔබට...:D

පින්තූරේ ටිකක් කලුවර ඇයි?

ගිහාන් said...

දිගටම ලියන්න.. මොන වැඩ තිබුනත් අපි එනවා කියවන්න.. ජය!!!

පිස්සා පලාමල්ල said...

සඳරුවො බ්ලොග් අවකාශෙ මම කැමතිම බ්ලොග් එක මොකක්ද ඇහුවොත්.. ඒ හිස් අහස... එඊකෙ තියෙන නිර්ව්‍යාජ කමට මම හරිම ආසයි බන්.. මම මුලින්ම උබේ බ්ලොග් එක බැලුවෙ කවද්ද මට මතක නෑ බන්.. ඒත් ඒ අර අවුරුදු 14 කෙල්ලගෙයි පුංචි සර් ගෙයි කතන්දරෙන් කියල මතකයි... මුල්ල පටස් එකත් ඒ අතරෙම තිබ්බ මතකයි...

උබ හැමදාමත් බ්ලොග් ලියන්න ගත්තෙ මගේ බ්ලොගේ හරහා කියලා කියනවා... උබ එදා ඒක බස් රේඩියෝවෙත් කිව්ව මම අහගෙන... මට වැඩියම සතුටු අද මේ බ්ලොග් අවකාශේ තියෙන බ්ලොග් වලින් අර බෙස්ට් ඔෆ් බෙස්ට් තත්වයේ බ්ලොග් එකක් වීම නිසා උබේ හිස් අහස....

උබේ අර අයිය දිනුවම මල්ලි ට ලැබෙන බෙනිෆිට් සීන් එක පත්තරේ ගිය වෙලේ මට සිරාවටම මාර සතුටක් ආවෙ.. එවෙලෙම මම උබට කෝල් කලා මතකද...

උබේ ලිවීම සුපිරියි සඳරු.. උබට බ්ලොග් වලින් එහාට ගිය යමක් ඒ තුලින් කරන්න පුළුවන්.. ඒක අනිවා. ඒ දේ ගැනත් හිතපන්...

උබට ජය... අනිවාර්යෙන් දවසක හම්බු වෙමු...

පිස්සා පලාමල්ල said...

යකෝ පොඩ්ඩක් හිනා වෙයන්කො.. නොදන්න එකෙක් දැක්කොත් බය වෙනවා පාතලේ ඩයල් එකක්ද කියල මූ... ඊ ගාල හිනා වෙයන්... හික් හික්...

Unknown said...

සුභ පැතුම් මල්ලිද අයියාද කියලානම් දන්නෙ නෑ. බ්ලොග් එක පටන් ගන්න කලින් ඉදන්ම කියවපු බ්ලොග් වලින් එකක් තමයි මේක.

ඔය ගමේ කමට,බස් වහරට මම නම් කැමතියි. ඔයා මෙයා කියනවට වඩා උඹ කියන එකත් හදවතට සමීපයි.

radika said...

congrets aiya...
kadden liwwata tharaha yaida manda?????


oya 4to eke inne oyada?

පන්සල් හංදිය said...

ඇති යන්තං ...... ඔන්න මලයා අද තමයි මේ පැත්තේ එන්න වෙලාවක් ලැබුනෙ. ඔන්න මගෙන් උණුසුම් සුබ පැතුම් .....

මේ කමෙන්ට් එක දාන්නෙ කියවන්න ඉස්සෙල්ලා, කියවලා ආයිත් කමෙන්ට් කරන්නම් ......

Gimhani said...

සඳරූ,,ඔබට හිමි තැන අද ඔබට ලැබී තියනවා . ඒ ගැන සතුටු වන්න .. මමනම් ඔබගේ ඔය සරල ගැ…මි වහරට ගොඩාක් ප්‍රිය කරනවා . ඇත්ත ඇති සැටියෙන් එලි දැක්වීම මා නම් හරි අගේ කරනවා ..
…ජය පතනවා ඔබට ...ඉදිරියේදීත් හොද නිර්මාණ ලැබේවි කියා සිතනවා ...

Test Profile said...

jaya wewa sandaru....

රාජ් said...

මම මේ බ්ලොග්එකට ඉස්සෙල්ලම ගොඩවැදිලා ඒ මේ අත බලනකොට දැක්ක මෙන්න මේ ටික තමයි මට මේ බ්ලොග්එක කියවන්න ආසාව ඇතිකලේ
//මේ බ්ලොග් එකේ ලියවෙන දේවල් කාට හරි අවශ්‍ය නම් .. කොපි කරගත්තාට මගේ අමනාපයක් නෑ ..! මොකෝ අපි මෙවුවා යනකොට ගෙනියනවයෑ ? කොපි කරගනිද්දී යුතුකමක් විදිහට මගේ බ්ලොග් එකේ ලිපිනයත් දානවානම් ඒක මට ලොකු උදවුවක් වේවි ..ලිපිනය දැම්මේ නැතෙයි කියලා මම සරම උස්සං වලියට එන්නෙත් නෑ හැබැයි !//
මේවගේ දිගටම ලියන්න හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනවා.

Praසන්ன said...

උඹට සිංහල උගන්නපු අශෝක සර්ටත් සිංහල එපා කරපු වැනිල මිස්ටත් ස්තුතිවන්ත වෙන්න ඕන මේ වගේ බ්ලොග් එකක් කරන්න උඹට මග පෙන්නුවට.
මොකක් හරි දෙයක් බිහිවෙන්න මොකක් හරි දෙයක් වරදින්න එපැයි.
ඒ කොහොම උනත් හිස් අහස හිස් නොවී තව දිගුකාලයක් සඳ හිරු තරු වලින් පුරවන්න හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා සඳරු මල්ලි.

උඹ අර ෆොටෝ එක ගහනකොට ලයිට් තිබුණෙ නැද්ද?

හිරණ්‍ය said...

මගෙන් සුබ පැතුම් සඳරු! උඹට ජය!!

ලකී සිරි said...

//..රස්තියාදු කාරයෙක්, පොඩි කළා කාරයෙක් , යන්තම් ආඩම්බර කාරයෙක් ,සිඟිති ලැජ්ජා කාරයෙක් ,සුන්දර සෝබන කාරයෙක්, වගේම අමු ඩෝප් කාරයෙක් ..//

මේ ටිකට හිත හොඳ පොළවෙ පය ගහල ඉන්න නිහතමානී කොල්ලෙක් කියලත් මම එකතු කරනවා මල්ලි....අපි කොච්චර හුළං ගැහුවත් උඹ කවදාවත් උඩ ගියේ නෑ මල්ලි..ඒක තමයි උඹගෙ වටිනාකම..
ඔන්න උඹට වැලි කතරෙන් තවත් සැලියුට් එකක්..ජයම වේවා !

සංකල්ප said...

මොකෑ බොල අර මිස් ට වැනිලා මිස් කියන්නේ ???

මල්ලිගේ බ්ලොග් කරණයේ පලමු වසරට මම් එක හිතින්ම සුබ පතනවා. ඒ වගේම මල්ලි ලියන ස්ටයිල් එකත් සුපිරි. බොක්කටම වදින ලිපි තියෙන්නේ. එදා මෙදාතුර දාපු ඔක්කොම ලිපි මම් කියවලා තියෙනවා !!!!

ජය වේවා !!!

Gayan Rupasinghe said...

අම්මා.. සදරු මලේ.... ජය වේවා කිව්වා.. ඒ වගේම තව ගොඩාක් රසවත් නිර්මාණ අපිට ඉස්සරහටත් දෙබගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.. ඔය උඩ තියෙන්නේ උබේ පින්තුරයක් ද.. එල කොල්ලෙක් නේ,,, ඔකධ වෙනවා ඔයි,.. හික්... එලස් මල්ලි.. උබේ බ්ලොගේ මේ තරම් කාලෙකට.. අහක යන ලිපියක් පල වෙලා නෑ මට නම්... බලපාන් ආසාවේ බෑ.... මේ කොහොමද අර සීන් එකේ අලුත්ම තත්වේ,,,

ජය..

Charmi said...

නිතර කමෙන්්ට් නොකලත් අනිවා කියවනවා. අව්‍යාජ මිනිස් සංවේදනා කවදත් වටිනවා. දිගටම ලියමු.
සුබපැතුම් සඳරූ....

නිශ් said...

ජය වේවා..............!

අඩේ උඹ ලියන්න අරන් අවුරුද්දකුත් වෙලා නේ......!

ස්තූතියි උඹට පහුනු අවුරුද්ද පුරාවටම කියවන්න පුලුවන් බ්ලොග් පෝස්ට් ටිකක් අපිට තිලින කරාට.

Weni said...

සුභ පැතුම් අවුරුද්ද පිරුනු එකට ! ඔය බොක්කෙන්ම ලියන විදිය තමයි මට නම් නැවත නැවතත් මේ ලිපි කියවන්න අළුත් පෝස්ට් එකක් දැම්මහම දුවගෙන ඇවිල්ලා බලන්න හිත දෙන්නෙ.. අතීතය පොහොර කර ගනිමින් වර්තමානය හරහා ගොඩ නැගෙන අනාගතය කොච්චර දුක් කම්කටොළු තිබ්බත් සොඳුරුයි ! මල්ලි ඒ සොඳුරු බව අපිට ලබා දෙන්න ස්වභාවධර්මය අනේක උත්සාහ දරනවා.. මොන දේ වැරදුනා කියල හිතුවත් අපිට ලැබිලා තියෙන දේ ! බ්ලොග් කියවන, ලියන අයගෙන් කාගෙන් ඇහුවත් හොඳම බ්ලොග් එක මොකද්ද කියලා අනිවා ඔලුවට එන්නෙ "හිස් අහස" තමයි. හැබැයි ඒ හිස් අහස දිහා බලා ඉන්න අය අද පිරිලා ඉතිරිලා ගිහින්..

Anonymous said...

සුබ පැතුම්!!!

දුකා said...

සිංහල බ්ලොග් අවකාශය සුන්දර තැනක් කරපු උඹට මගෙන් සැලුයුට් එකක් සඳරුවෝ . . .

ලඟදී දවසක් චානක වත්තේගම මූනු පොතේ දාලා තිබ්බා සඳරු නැති නම් සිංහල බ්ලොග් අවකාශය හරිම බෝරින් තැනක් වේවී කියලා . .

මම කොමෙන්ටුවක් දැම්මා ඔව් ඔව් සඳරු සහ දුමී දෙන්නම කියලා . .

දිගටම අපිට මේ සුන්දරත්වය ලබා දේවී කියලා බලාපොරොත්තු වෙනවා කොල්ලෝ . .

උඹට ජය . .

charitha said...

සඳරූ මුලින්ම මම උඔට සුභ පතනවා. එ වගේම මම කලින් කියපු එකත් මතක තියා ගනින්. උඹේ ඔය ලිවීමේ හැකියාව විශිෂ්ඨයි. පොතක් ලියපන් බන්.

sri said...

පෝස්ට් ඔක්කෝම දෙපාර ගානේ කියෙව්වා.. ගොඩක් ආසාවෙන්..සමහර පෝස්ට් වලට හිනා වුනා සමහර ඒවට දුකත් හිතුනා.. කොහොම වුනත් ඔබේ ලිවීම ඉතාම රසවත්... දිගටම ලියන්න.. ජය...

Anonymous said...

හිස් අහස ලියන මේ මම ටිකක් රස්තියාදු කාරයෙක්, පොඩි කළා කාරයෙක් , යන්තම් ආඩම්බර කාරයෙක් ,සිඟිති ලැජ්ජා කාරයෙක් ,සුන්දර සෝබන කාරයෙක්, වගේම අමු ඩෝප් කාරයෙක් !

මේ තමයි සඳරු....

සඳරු මල්ලි... ඇයි බොල අර හැමදාම කරපු හොර වැඩේ ලියල නැහැ නේ..හිහි.

අවුරුදු වලින් කෙනෙක් ගෙ හැකියාව මනින්න බැහැ දරුවෝ. ඒකට ඔයා ලියපු ලිපි දෙක තුනක් කියෙවුවනම් හොඳටෝම ඇති....උඹ තවම පුංචි වයසෙ.තව සෑහෙන කාලයක් මේ බ්ලොග් එක මේ විදිහටම සමහර විට මීටත් වඩා හොඳට ( මීටත් වඩා හොඳට කිවට මේ හොඳටම හොඳයි.. ) ලියන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

ඒ වගේම සඳරුගෙ හිත යට ගුලි වෙලා තියෙන පුංචිම පුංචි දුකත් නැති වෙලා ගිහින් හිත සතුටින් පිරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

ස්කෝල ටීචර් කෙනෙක්ගෙ නොසලකා හැරීමක් නිසාම සිංහල එපා වුන කෙනෙක් හිටියෙ මම විතරයි කියලයි මම හිතුවේ...

ජය සඳරු ...ජයෙන් ජය ....

හසී said...

සුබ පැතුම් සඳරුවෝ... දවසක මුණ ගැහිලා කතා කරන්න බලාගෙන ඉන්නවා... උබව මට තාම හම්බවෙලා නෑනේ... :)

Anonymous said...

All the best machng.

මාරයාගේ හෝරාව said...

එළ කිරිස්... අයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ උඹ දස්සයා...

මං මේ බ්ලොග්වලට කැමති මෙතනදී හුගාක් දුරට හැකියාව තියෙන එකාට තැනක් හම්බ වෙන නිසයි... ගමේදී..ඉස්කෝලේදී..සමාජයේදී තරම් මෙතනදී හැකියාව බාල්දු වෙන්නේ නැහැ. ඉඳ හිට තව එකෙක්ගේ දියුණව දරා ගන්න බැරි ඊරිසියාකාරයෙක් දෙන්නෙක් හිටියා උනත් සමස්තයක් හැටියට එහෙම උන්ව මෙතනදී හැලෙනවා මිස වැඩකාරයාට හැමදාමත් තැන තියෙනවා... උඹ ඒ වයිනාකමෙන් උපරිම ප්‍රයෝජන ගන්න කොල්ලෙක්...

අද උඹ අම්පාරේ ඈත ගමක ඉඳන් ලියනවා කියලවත්..මං ගම්පහ වගේ ටිකක් කොළඹට කිට්ටුව ඉඳගෙන ලියනවා කියලවත්... රංගයා කොළඹට වෙලා ලියනව කියලවත්.. දුමී/දුකා අරාබියේ ඉඳන් ලියනව කියලවත්.. කතන්දර/ඔබා ඕස්ට්‍රේලියාවට වෙලා ඉඳන් ලියනව කියලවත්.. මෙතනදී වෙනසක් නැහැ... කවුරුත් ලියනවා..කවුරුත් කියවනවා.. කොහේ කොතැන කොහොම හිටියත් ඒ මනුස්සයගේ සමාජ තත්වය නම්බු නාම පට්ටං ගැන නොසලකා හැකියාවට විතරක් හිස නමන මෙහෙම තැනක් එළියේදී අපිට දකින්න ලේසි නැහැ.

ඉතිං ඒ වගේ තැනක ඉඳගෙන ලොකේ වටාම මිනිස්සු සුළු මොහොතකට හරි තමන්ගේ ගම්මානෙට ගෙනල්ලා ඒ ගමේ විත්ති බෙදා දීලා ගමත් එක්ක මොහොතක් හරි ඇඳ බැඳ තබා ගන්න උඹ කරන මෙහෙය හරියට වටිනවා මලේ... ඔහොම යං... ඒ වගේම අර උඹේ ආසාව වගේ ගමෙන් පනින්න නොලැබී ගමේම ඉඳගෙන ඔළුව උස්සලා ජීවත් වෙන්න ලැබේවා කියන්නත් මං කැමතියි... උඹ ලස්සන ගම ඇතුලේ ඉන්නකොට මිසක් ඕකෙන් එළීයට ආවොත් නෙවෙයි... ඔහොමම යං...

Anonymous said...

සඳරු මල්ලියේ, ඔබට ජයෙන් ජය පතනවා. ඇනෝ කොමෙන්ට් එකක් දැම්මට අමනාප නොවෙන්. මම හැමදා ඔබේ බ්ලොග් රසිකයෙක්. උඔ මේ ලි‍‍‍විල්ලට හරිම හපනෙක් බං. අපිට රහ කර කර කියවන්න, හෙමි හෙමින්, මේ හිස් අහසට තරු එකින් එක අමුණපං. අපි ඉවසිල්ලේ බලා ඉන්නවා හෙමි හෙමින් තරු පායනකල්...

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

මොනවා කියන්නද මට හිතා ගන්න බැහැ. ඔබ නම් විශාල හැකියාවක් ඇත්තෙක්. මෙවැනි අය දෙතුන් දෙනයි බ්ලොග් අවකාශයේ සිටින්නේ. ආත්ම කථනය වැනි ඉතාම අසීරු ඉසව්වක් ජය ගන්න මහා හැකියාවක් අවශ්‍යයි. ඒක පිහිටලා තියනවා ඔබට ඔබත් මාරයාත් කියන්නේ ඉතාම ඉහලින් බ්ලොග් අවකාශයේ රැදෙන දෙදෙනෙක්. ඔබට සුභ පතනවා. කෙදිනක හෝ රටම ජය ගන්නා ලේඛකයෙක් ඔබෙන් බිහි වේවා!!

සීතල අයියා said...

ඔන්න එහෙනම් අපෙනුත් සුබ පැතුම්!! තවත් ලියන්න. කියවන්න අපි ඉන්නවානෙ හැමදාමත් ;)

MUHUDU said...

තාම අවුරුද්දද ? මේක මතක ඇති කාලෙ ඉඳන් කියෙව්ව වගේනෙ මතක. තව චිරාත් කාලයක් බ්ලොග් ලියන්න සුබ පැතුම්. අර පිස්සා කියල තියෙනව වගේ විරිත්තන් ඉන්න ෆොටෝ එකක් තිබ්බෙම නැතෙයි? හික් හික් !

Abeetha Edirisinghe said...

සුභ පැතුම් සඳරූ... උඹ මගේ ජීවිතේ හම්බුන සිරා කොල්ලෙක්...

Mayya said...

adenawa !!!

Anonymous said...

සඳරු ෆො​ටෝ එකත් මැක්සා මචං...

Chanaka Aruna Munasinghe said...

සඳරුවෝ මෙන්න මගෙනුත් සැලියුට්ටක්. දිගටම ලියපන්.

නඟා said...

ඇඩේ... ගොඩක් කල් ගිහින් නේ අප්පා... හිකිස්‌.. දැනට මාස ගානකට කලින් අමාරුවෙන් ඉමේල්ලුවක් හොයාගෙන බුකියේ නම හොයාගෙන කවුදෝ එකෙක්ට මං බණක් කියුවාලු... ඔහොම බොන්න උපා උලමෝ කියලා.. කල් ගිය ඉක්මන... සුභ ගමන ලොකු අයියේ.... දෙවෙනි අවුරුද්දෙත් මේ වගේම හම්බෙමු....

දිල් said...

මගෙන් සුබ පැතුම් සඳ රූ !
ඔය හෙමින් යන ගමන හරිම සාර්ථකයි....ඒකෙ ආයෙ කතා දෙකක් නෑ...ඔහොම් යන් ඔහොම යන්...

unknown said...

මගේ උනුසුම් සුබ පැතුම්.

මෙච්චර කාලේකට කියවපු බ්ලොග් වලින් හිතට වැදුන හොදම එක හිස් අහස.

දිගින් දිගටම ලියන්න හැකිවෙවා කියලා ප්‍රර්ථනා කරනවා.

ක්සැන්ඩරයා said...

මං මේ බ්ලොගේට මාරම කැමති.. එකක් ඒ බ්ලොගේ සරල, නිර්ව්‍යාජ, ගමේකම තියන ගැමියෙක් ලියන බ්ලොගක් හින්ද.. උඹට ගැමියෙක් කිව්වට තරහ වෙන්න එපා ඕන්.. එක එක බ්ලොග් රෝල් වල ලින්ක් දිගේ යන ගමන් මං මේ බ්ලොගේ පැත්තේ ඇවිත් මේකේ තිබ්බ පෙම්වතියගේ නිවසට ගොස් පච උනෙමි ලිපිය කියෙව්වා. ඉන්පස්සේ තිබ්බ ලිපි සේරම වගේ කියෙව්වා එක සතියක් තිස්සෙම. ලක්බිමේ අර අයිය දින්නම මල්ලිට ලැබෙන බෙනිෆිට් ලිපිය මම පත්තරෙන් කියෙව්වට මං එදා දැනන් හිටියේ නෑ මේ බ්ලොගේ ගැන. ඒ තියා මං එදා ඒ ලින්ක් ඒක හරහා ආවේත් නෑ. නමුත් පස්සේ දවසක ඒ ලිපිය කියවද්දිත්, ඊටපස්සේ ඒක ආපහු දකිද්දීත් මං මේ බ්ලොගේ රසිකයෙක් වෙලා හමාරයි..
උඹේ ලිපි ලියන විදියට මං හරිම ආසයි සඳරු.. ඒ වගේම, ඒ බස් වහරට.. අදට අවුරුද්දක් පිරෙන මේ බ්ලොගේට මගේ සුබපැතුම් පිලිගනින්.. කවදාවත් උඹේ අහස හිස් නෑ.. ජයෙන් ජය..

අකීකරු හිත said...

සුබ පැතුම් මල්ලියේ....මම මුණු පොතේ ඔයාව හොයන්න පටන් ගත්තේ මේ බ්ලොග් එක කියවපු මුල් දවස්වල...ඒත් හොයා ගත්තේ ලගදි...ඇත්තටම සතුටුයි ඔයා ගැන....

Dinesh said...

සදරුවෝ ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්... තව සෑහෙන කාලයක් මේ බ්ලොග් එක ලියාගෙන යන්න පුළුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.. උඹ මට මගේ සහෝදරයෙක් වගේ.. උඹත් එක්ක දිගටම මම ඉන්නවා..

Anonymous said...

Good luck Sadaru !!!

LA

Suresh said...

මචන් සඳරු,, උඹේ පොස්ට් එකක් එළකිරි එකේ තිබිල බැලුව දවසක් (අර කෙල්ලෙක්ගෙ අතින් අල්ලන් දුවන්නේ පොඩි කලේ) දාපු එකා ලෙසටම උඹේ බ්ලොග් එකේ name එකත් දල තිබ්බ. අන්න එදා මම උඹේ බ්ලොග් එකට ඇවිත් (විශ්වාස කරපන් මචන් මම වැඩ කරන්නේ ගොඩක් busy තැනක එත්) ඔක්කොම පොස්ට් බැලුව. දැන් හැමදාම අපුගමන් බලන්නේ උඹ අලුතෙන් මොනවත් දාලද කියල. පිස්සු කොර මචන් හදල දන ඒවාට වඩා ඇත්තටම වෙච්ච දේවල් ගමේ ක්‍රමේට ඔතල දෙද්දී බොක්කෙන්ම හිනා යනවා, දුක හිතෙනවා.

මචන් උඹේ පව්ද්ගලික ජීවිතේට (වගේම උඹේ අම්මටත් නංගිටත් ) සහ මේ බ්ලොග් එකටත් මගේ උණුසුම් සුබ පැතුම් එක කරනවා. දවසක කොහෙන් hari හම්බුනොත් අපි අහක බලන් යාවි නොදන්නා නිසා. නමුත් නොදක ඇතිවුණු මේ ෆිට් ඒක ජීවිතේටම තියේවි.

උඹට සහ බ්ලොගට ජය!

මාතලන් said...

ජය වේවා.. හැපි ඇනිවසරි....!!!
උබ ලියන ක්‍රමේට මම කැමතියි...

පිණිබිඳු... said...

සුභපැතුම් මල්ලි. බ්ලොග් රීඩර් එක ස්ක්‍රොල් කරලා හිස් අහස බ්ලොග් එකේ පෝස්ට් එකක් තියෙනවා නම් හැම එකකටම කලින් මේක කියවන්නයි එන්නෙ. ඒ තරමටම උඹ ලියන වචන වලට මම හරි කැමතියි. පුන්චි දේවල් වෙන්න පුලුවන්. ඒත් උඹ ඒක ලියන්නෙ උඹටම ආවේණික ශෛලියකට. ඒක කවදාවත් නැති කරගන්න එපා බං. කාලෙකින් ගමේ නොගියත් මේ ගල් වෙච්ච මිනිස්සු අතර රැඳුනත් හිතට කා වැදිච්ච ගමේ කම මේ පෝස්ට් කියවද්දි හිතට ආපහු දැනෙනවා.

Chandy VIC said...

ඇත්තට උඹ ගැන හරිම ආඩම්බරයි මල්ලි. මේ තරම් අවංකව ලියන්න පුළුවන් කෙනෙක් හමු වෙන්නේ හුගක් කලාතුරකින්. බ්ලොග් එක වගේම ජීවිතේ හැම දෙයක්ම හිත්නවටත් වඩා හොදින් කරගන්ඩ ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

Theekshana said...

මමත් උබගෙ blog 1ක බලන්නෙ ගොඩක් කල් ඉදන් comment කරන්නෙ නෑ තමා. :D පුලුවන් කාලයක් ලියපන්.

``` Outsider``` said...

එළ එළ.
තව අවුරුදු බර ගාණක් ලියන්න ශක්තිය ලැබෙන්න ඕනි.

සංකල්ප said...

අප්පටසිරි අර ෆොටෝ එකේ ඉන්නේ මල්ලි නේද ? මම් දැන කමෙන්ට් එක වැටිලද කියලා බලන්න ආවම දැක්කේ.

Anonymous said...

ජයවේවා සඳරු මැතිතුමා! :)

Knowledge Boost said...

උඹගේ වචනයෙන්ම ජය වේවා කොලුවො, දිගටම ලියමු.

Anonymous said...

උණුසුම් සුබපැතුම් පිළිගන්න!
මසකට ලිපි 7 ගානේ දානවා කියලා තමන්විසින්ම තහංචි දාන් ඉන්න සඳරු කොහොමද මාස 12න් ලිපි 100 ක් සම්පුර්ණකරන්නේ නේද?
මොනවා උනත් මල්ලෝ පාඨක ජනයාගේ හිතසුව පිණිස ඔබ මසකට පළකරණ ලිපි ගණන වැඩිකරනවානම් එය තමයි ඔබෙන් අපිට වන ලොකුම සේවාව. :)
ඔබේ බස්වහර හැසිරීමේ කුසලතාවයට මගෙන් පෙරළා සැලුයුට් එයිකක් ඔබට!
-අම්බි

තරිඳු said...

එල එල ඔන්න මගෙනුත් අත්පුඩිය...උබට..........

ශශී said...

සුභ උපන්දිනයක් වේවා හිස් අහසට ...උඹ ලියපං සඳරු දිගටම. දවසක උඹ පොතක්ම ලියපන්. කවුරු නැතත් අපි ඉන්නවා..බොක්කෙන්ම සප් එක දෙන්න .

Grey said...

ජයවේවා මචන්...
උබ තරම් හොදින් සිංහලෙන් බ්ලොග් ලියන උන් ඉන්නේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන් කියල තමයි මට හිතෙන්නේ.. (මට නම් කොහෙත්ම ඔච්චර සරලව ලස්සනට ලියන්න බෑ)
උබ ලිපි සීයක් ලියල නැති එක ගැන දුක් වෙන්න එපා බන්.. අවුරුදු 5 ක් තිස්සේ බ්ලොග් ලියන මමත් තාම ලිපි 100 ක් ලියල නෑ. :)
දිගටම ලියපන් ලිපි 100 ක් නෙවෙයි 1000 ත් පහුකරන් පලයන්..

duliponline said...

මොනව කියන්නද ??? සුභ පතනව මිසක්ක . ...
ඔය බොරුවට පොස් වෙච්චි ගොබිලො මොනා කීවත් තමංගෙ ගමේ ගතිය . . . ගමේ වහර අතරින්න එපා බං . . . . අපි හැමෝම කොහෙ වැජඹිලා හිටියත් අපි හැමෝගෙම මුදුං මුල් බැහැල තියෙන්නෙ උපං ගමේ . . . ඒ ගමේකම අතාරින එකා ගුනමකුවෙක් . . . .

Anonymous said...

බොක්කෙන්ම සුභ පැතුම් සදරුවෝ,

බොලාගේ ගම ගැන කියන්න කොයි වෙලාවෙවත් බය වෙන්න එපා බන්, මම මේ කොළඹ 07 ට ඉතාම ආසන්න පැත්තක ඉන්නේ අපෙ පැත්ත ගැන කිව්වොත් අහන එවුන් ඔලුවෙ අත ගහ ගන්නවා. ඒ තරමට මැරකම් අපේ පැත්තට ආවේණිකයි. ඕනම වලියකදි ''අඩෝ උඹ කොහෙද ?'' කියලා අහන එකට උත්තරේ දුන්නම වලිය එතනම ශේප්. නමුත් ඔය වැදග්ත් කියලා හිතන අය නම් අපේ පැත්ත වැඩිය ගණන් ගන්නේ නැහැ. ( මම ගොඩක් සෙට් බැහැලා වලි දාගෙනත් නැහැ නමුත් මගේ ගම මට ලොකුයි හැමදාම.)

හරි බයිලා වැඩක් නැහැ උඹට දිගටම් ලියන්න අතටයි හිතටයි සවිය ලැබේවා කියලා පතනවා

අහින්සක - අ.පේළිය.

Unknown said...

his ahasata suba upandinayak

Gizaa said...

සදරු මල්ලි මම දවසකුත් මෙක කමේන්ට් එකක දෑම්ම උබ පොත් ලියපන් බන් උබට් ඒ හෑකියාව තියනවා ඔනවටත් වඩා .
ඒ මොනව උනත් බන් මෙ ලියන බ්ලොග් එක නම් නවත්වන්න එපා වෑඩිපුර කමේන්ට් නොදෑම්මට හෑමදාමත් බ්ලොග් කියවන්න ගන්නකොට ඉස්සර වේලාම යන්නේ උබේ බ්ලොග් පිටුවට ගිහින් බලන්නෙ අලුත් බ්ලොග් තියනවද කියලා.
එකක් කියන්න තියනවා අර උබ කියපු විදිහට අමු ඩෝප් කාරයෙක් ! කියලා උබ උබවම අමන්ත්‍රනය කල විදිහ ඉක්මනටම වෙනස් වේවා කියල ප්‍රර්ථනා කරනවා.

උදාර said...

දිගටම ලියපන්... ජයවේවා!!

දුමී said...

සඳරු මල්ලි, උඹව මම මුල ඉඳන්ම කියෙව්වා. සමහර විට සමහර ලිපියක් දෙකක් මග හැරෙන්නත් ඇති. උඹ පටන් ගත් තැන ඉඳන් අද ඉන්න තැන ගැන මට හරි සතුටුයි. උඹ හරිම ශූර ලියන්නෙක් කියලා ඔප්පු කරලා හමාරයි. උඹ ලියපු කිසිම නීරස ලිපියක් මට හමු වෙලා නෑ.

උඹ ඉස්කෝලේ වැඩ වලට අදක්ශයෙක් කියලා උඹේ ලිපි වල දැම්මට මට ඒක විශ්වාස කරන්න අමාරු උනා. උඹට මෙච්චර දක්ශ රචනා ශෛල්‍යයක් තිබුන නම් උඹ කොහොමද අදක්ශයෙක් වෙන්නෙ...?

අවුරුද්දේ උපන්දිනයට මගෙන් උණුසුම් සුභ පැතුම්....! උඹ බ්ලොගයට හිස් අහස කියලා දැම්මත් අපිට නම් මේ අහස මන්දාරමින් බර සිසිල ගෙන එන මහඟු සම්පතක්....!

Anonymous said...

මම මේකට ගොඩවුනේ පට්ට අහම්බෙන්. පටන් ගත්තෙ පවුකාර ආදරේ සීරීස් එකෙන් මට මතක විදිහට.
උඔ මහන්සි වෙලා කැප වෙලා බ්ලොග් එක ලියනව වගේම අපි ලියන හැම කොමෙන්ට් එකකටම උඔ නොවැරදීම උත්තර ලියනවා. ඒක තමයි උඔ වටේ මෙච්චර පිරිසක් එකතුවෙන්න හේතුවත්. (හැම දාම ඔය නිහත මානීකම තියා ගනී කියල හිතනවා).
මාරය දාල තියෙන කොමෙන්‍ටුවට මාත් සම්පූර්න එකඟයි. උඔ සුපිරි වැඩකරුවෙක්. ඒකෙ ආයෙ කතාදෙකක් නැහැ. මොන ඉස්කෝලෙට ගියත්, මොන උපාධිය කලත්, මොන රටක හිටියත් මොන රස්සාව කලත් මෙතෙන්ට ආවම මේ ටැලන්ට් එක තියෙන්න ඕනෙ නැත්නම් පැවැත්මක් නැහැ.
උඔට ජය පතනව බොක්කෙන්ම.
JH

Observer said...

"හිස් අහස" ට සුභ උපන් දිනක්.

සිංහල බ්ලොග් කියවන්න, එතකොට ෆේස් බුක් එක වගේ දේට, මම නවකයෙක් සඳරු.

මගෙ ෆේස් බුක් පිටුවට ආපු මැසේජ් දෙකක්, මම මකන් නැතුව තියන් ඉන්නව. එකක් දිලුම්ගේ. දිලුම් හමුවෙලා දවසකින් දෙකකින් අපිව අත හැරල ගියා, දිලුම් එවූ අන්තිම පණිවිඩේ මම දිලුම්ව මතක් වෙන්නය්, ජීවිතේ අනියත බව සිහි වෙන්නය්, තියාගෙන ඉන්නවා, සමහර වෙලාවට බොළඳ ක්‍රියාවක් වගේ හිතෙන්නත් ඉඩ තියෙනව.

අනිත් මැසේජ් එක සඳරුගෙ. මම ඊගාව වතාවෙ ලංකාවට ආවම සඳරුව බලන්න එන්න හිතාගෙන ඉන්නව.

මම අන්තිමට අම්පාර පැත්තට ආවෙ මට මතක විදියට එක්දහස් නමසිය අසු ගණන් වල මුල හරියෙ, ගංවතුර ආධාර අරගෙන. මම ඒ කාලෙ මාහෝ ඩිපෝවෙ වැඩ කලේ. මාහෝ අවට ගම් වලින් ලවුඩ්ස්පීකර් බැඳ ගෙන ගිහින් වෙනත් ආධාර එක්ක, සෑහෙන වියපු පොල් අතු තොගේකුත් එකතු කරගෙන ඒව ලංගම ලොරි, ආපදා රථ, බස්, වල පටෝගෙන ගෙනිහින් අම්පාර අවට ගම් වල බෙදල දුන්න තාම මතකය්.

ලබන අප්‍රියෙල් දිහා හමු වෙමු.

Kush කුෂ් said...

මල්ලි උඹේ හැකියවේ ජනප්‍රියත්වයේ රහස උඹේ නිර්ව්‍යාජත්වයයි. ඒත් තවම මට සැකයි ඒ අතිශෝක්තියක් ද කියලත්... බ්ලොග් කියවන්න ගොඩාක් කැමති ඒත් කොමෙන්ට් කරන්න කම්මැලි මම මෙතෙන්දි මොනාත් නොකිය යන එක හොඳ නෑ කියන එක උඹේ දක්ෂකමට කරන අගරුවක් කියල හිතුණ නිසායි මේ ටික හරි කියලා යන්නේ...

උඹට ජය වේවා... දුකා අයියගේ කොමෙන්ට් එකට ++++++ කියාගෙන යන්නම්....

කුෂාන්....

දිනුක said...

එළ එළ සඳරුවෝ.....අවුරුද්දෙ උපන්දිනේට මගෙන් සුභ පැතුම්.දිගටම ලියපන්.මම දිගටම කියවන්නං.මගෙ බ්ලොග පටංගත්ත මුල්ම දවස්වල කිසි හිරිකිතක් නැතුව ඇවිත් ෆලෝවර් කෙනෙක් වෙලා කොමෙන්ට් දාලා මාව දිරිමත් කරපු උඹව අමතක වෙන්නෑ මචං.ඔන්න දැංනං පාරෙදි දැක්කත් අඳුරගත්තෑකි.ඇත්තට ඔය කට්ටිය කියලා තියෙනවා වගේ ෆොටෝ එකට ටිකක් හිනා උනානං නේද හොඳ.....

පන්සල් හංදිය said...

ඔන්න මලයා මුලු පෝස්ට එකම කියෙව්වා .....
චිරාත් කාලයක් බ්ලොග් ලියන්න වාසනාව ලැබේවා ......

මම ඉස්සෙල්ලා කමෙන්ට් එකක් දැම්මා ඒක ආවද නැද්ද දන්නෙ නැහැ ......

මාධව විදුරංග said...

සුභ පැතුම් මචෝ! උඹ ගමේ එකෙක් කියන එකට ලැජ්ජා වෙන්නේ ඇයි? කීයටවත් එහෙම වෙන්න ඕනි නෑ බං! ගමේ තියන මනුස්සකම් ඔය ලොකු ලොකු ටවුන් වල නෑ! ගමේ තියන නිවිච්ච ජීවිතේ රේස් එකක් දුවන මහා නගර වල නෑ බං! උඹ නියම ගමේ එකෙක්! ලැජ්ජා වෙන්න එපා! ආඩම්බර වෙයන්! නිදහසේ පිරිසිදු හුස්ම පොදක් පපුව පුරාම ඇදගන්න පුලුවන් ගම ගැන!


ඊ ළගට මචෝ අවුරුද්දක් ගෙවුන එකට සුභ පැතුම්! බොක්කෙන්ම! දිගටම හිස් අහසේ තියන හිස් බව නැති වෙනකල්ම ලියපං!! පුලුවන් වෙලාවට පුරවපං! ඒ හැම කතාවක්ම අපි ගොඩක් ආසාවෙන් බළනවා මචෝ! නියමයි! දිගටම ලියමු! ජීවිතේ තියනකල්ම! ඇගිලි වල අන්තිම පණ කෙන්ද වෙනකල්ම!

සුභ පැතුම්!

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ලිපි කොටි ගාණක් ලිව්වත් පලක් නැ මචෝ රහක් නැතුව , උඹේ ලියමන් ප්‍රාමාණය කියවපු මිනිස්සු , ප්‍රතිචාර දක්වපු උඹේ ලියමන් වල රහට සාක්ෂි දරනවා ඇති , ජයෙන් ජයම වේවා !!!

කතන්දර Kathandara said...

නුවර කොල්ලා ගේ කතාව නං මට අවුලක් නෑ, තම තමන් දන්න විදියනේ.

හැබැයි තමන් ගැන අවතක්සේරු කර ගැනීම,
තමන් පහත් කොට සිතීම,
තමන් ගැන ඇත්ත නොකියා සිටීම
හෝ
ෂෝ එකට බොරු කීම නං කරන්න එපා.

ඒක පරාභවයට මුල (බුද්ධාගම පාඩම් පොතත් බිත්තියෙන් එලියට විසි වුණු එකක්ද?)

cjgayan said...

මුලින්ම මචං සුභ පැතුම් ඇනිවසරියට..
ඇත්තටම ලියන්න දෙයක් හිතා ගන්න බෑ බං මොකද හිතට එන හැමදේම ලිව්වොත් මේක පෝස්ට් එකක් වගෙ වේවි.

ItalyDilan said...

මුගේ පොටෝ එක තමා පොටෝ එක,,ඔන්න මමත් ගැහුවා ඩබල් සැලියුට් එකක්,,මේක තමා බන් නියම තැන අපිට ඉන්න පුලුවන් අපිට ලොකු තනතුරු තාන්න මාන්නනැතු උනාට අපිව දෙකේ කොලේට දාලා නෑ මෙතනදී...කොහොමත් උබ පටන් ගත්තු දවස්වලම මට හිතුනා උබ හරි ඉක්මනින් බ්ලොග් අවකාශේ සෑහෙන තැනක් ගනී කියලා,,,උබේ ගමන් හිමින් උනත් උබ වගේ ආපු අනිත් උන් වගේ හැලුනේ නෑ,,,උබ උබේ ගමන් හ්මින් යනවා,,ඉස්සරහටත් යමන්,,ජයවේවා!!!

Anonymous said...

උබ මුළු අම්පාරටම ආඩම්බරයක් බන් .. උගේ බ්ලොග් එකට සුබ උපන්දිනයක් ..අම්පාරේ ලස්සන බලන්න මේ ලින්ක් එකට යන්න ..

http://harshithanish.wordpress.com/2010/11/05/eheliphant-buddangalasri-lanka/

Anonymous said...

පරක්කු වෙලා ආවත්, හිතේ පිරිච්ච ලොකු ලෙංගතු කමකින්..හිස් අහසේ අවුරුද්දක් පිරුණු නිමිත්තට සුබ පතනවා..

දිගු කාලයක් යෙහෙන් වැජබෙන්න සඳරු යාලු....අපි ඉන්නවා ඔයා එක්ක...පුංචි සර්...

පුතා said...

සුභ පැතුම් මචං.. මේ දවස්වල කමෙන්ට් එකක්වත් දාන්ට තරම්වත් හිතේ නිදහසක් නැති හන්දා කමෙන්ට් නොකලත් උඹේ පෝස්ට් එකක් වැටුනොත් මොන වැඩේ තිබුනත් කියවනවමයි..
මම හිතන්නේ මේක කලින් බ්ලොග් ගඩොල් ලියන පුරුපුරුත් කියල තිබුන මම දැක්කා.. ටැබූට පස්සේ බ්ලොග් අවකාශයේ දැකපු හොඳම ලියන්නා උඹයි..
තවත් අවුරුදු ගාණකට බ්ලොග් අවකාශය උඹේ අත්දැකීම්වලින් පුරවන්ට ලැබෙන්ට කියල ජයපතනවා..

කස්ස said...

උඹේ කතාව කියෙවුවම මට උඹට සැලියුට් කරන්න හිතුන.අපි එක බෝට්ටුවල කට්ටිය.
මොනදේ උනත් ඔලුව කෙලින් තියං ජීවත් වෙයං

තරු said...

මචන්... සඳරූ,

මුලින්ම හද පිරි සුභ පැතුම්,
වසරක් පිරුනෙ නොදැනුවත්වම.

උඹගෙ පෝස්ට්ස්.. හිට් වෙන්නෙ ඇයි..?

1) සරළයි.
2) රසවත් .
3) හදවතට සමීපයි
4) වැදගත්ම දේ තමයි... අව්‍යාජයි..
තමන්ගෙ ප්‍රතිරූපය වර්ධනය කරගැනීම තමය් ගොඩක් බ්ලොග් වල අරමුන, ඒත් උඹගෙ පෝස්ට් කියෙවුවම එහෙම දෙයක් තුන් හිතකවත් නැහැ කියල තේරෙනවා..

මළයා උඹට ජයෙන් ජය. පෝස්ට් 1000ක් සම්පූර්ණ කරන එක උඹට කජ්ජක්.

Bindi said...

කියන්න වචනනැහැ මල්ලි . පොස්ට් එක විතරයි අදනම් කියෙව්වේ . ඇයි වදේ කමෙන්ට් අසු ගානක් කියවන්න පුලුවන්ද . ගුරුවරුයි , ගුරුහොරුයි දෙගොල්ලම ඉන්නවා මේ ලෝකේ . උඹට ජය .අපි මේ බ්ලොග් එක කියවන්න ආසයි . ඊට වඩා සහතිකයක් තියේද

ජීවිතේ මල් said...

සඳරුවා... මල්ලි මට උභ බ්ලොග් එක හම්බ වුනෙ ලඟදි මුලුමනින්ම කියවන්න. ඒත් එදා සිට අද වෙනතුරු ලිපි එකක් නෑර පන්නමින් කියෙව්වා. ඒකට තිබ්බෙ එක සරල හේතුවයි. අව්‍යාජ සිනහව මැවීමේ උභට තියෙන සහජ හැකියාව.

මේ බ්ලොග් අවකාශෙ මගෙ ප්‍රියතම බ්ලොග් දෙකින් එකක් නුභේ... :-)
ජය .. මේක පොට්ට කාසියක් වෙන්නෙ නෑ. සහතිකයි. ඉදිරියටම යා !

මහජන මුත්තා said...

ආඩම්බරයි!

Unknown said...

jaya wewa machan.... ubath ekka katha karath nokarath me awuruddama ube blog post 1k naara kiyawala tyenawa machan. jayama wewa ayemath.

හිස් අහස said...

කමෙන්ට් කරපු නොකරපු ආපු ගියපු උඹලා හැමෝටම ස්තූතියි උඹලගෙන් සමහරක් දෙනා මම කවදාවත් දැකලා නෑ. වුණත් මේ කමෙන්ට් එක්ක උඹලා දෙන අමුතු ලෙංගතු කම මට හරිම හුරු පුරුදුයි .සීය දාහ සියක් දාහ ලියන්න පුළුවන් වුණත් මගේ හැසිරීමේ කිසි වෙනසක් වෙන එකක් නෑ . අදත් හෙටත් කවදත් උඹලව මට වටිනවා ..

ඉතින් ආපු , ගියපු ,එන , යන උඹලා හැමෝටම

තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි.!!!

Anonymous said...

ජයෙන් ජය...............!!! - P.I

ලොකු පුතා said...

හිස් අහසට මගේ උණුසුම් සුබ පැතුම්........

ඉස්කෝල ගැන කිව්වහම ගොඩ දෙනෙක්ට ගුරුවරු නිසාවෙන් ජීවිතේට අමිහිරි මතක එකතු වෙනවා තමයි
ඒ ගොඩක් අමිහිරි මතක වලට හේතුව ගුරුවරියෝ, ගුරුවරු ගොඩක් වෙලාවට ළමයෙකුට එහෙම කරන්නේ නැහැ
මොකද ගුරුවරියන්ට එයාලගේ දරුවන්ව අනිත් ළමයින්ට වැඩිය උස්සල තියන්න ඕනේ වෙනවා
ඒ නිසා එයාල බොහොම ඉක්මනට අනිත් ළමයින්ගේ හිත් තලනවා

BLOG ගඩොල් said...

machan, me dawaswala mata godak busy eke inne. sinhalen type karannawath widihak ne. eth den ubata suba pathanne nethuwa hitiyoth eka ube talent ekata karana madi kamak. magenuth unusum suba pathum macho. Jayawewa....!!!!!

Anonymous said...

machan umbe liwilla supiri.1st class.suba patum idiriyatath..

දිනිත් said...

ඔන්න එහෙනං කාන්තරෙං තවත් සැලියුට් එකක්...

සිංහල බ්ලොග් කලාවේ නොමැකෙන නමක් එක අවුරුද්දකදි හදාගෙන උඹ මේ යන ගමන දිහා ආසාවෙන් බලා ඉන්න තවත් කෙනෙක් මම......ඔහොමම යං කොල්ලො...

miuranga said...

කමෙන්ට නොදැම්මට හැමදාම රීඩර් එකේ උඹේ පෝස්ට් එකක් තිබ්බොත් ඒක තමා ඉස්සෙල්ලාම කියවන්නේ.. ජයම වේවා. එලම වේවා.. දිගටම ලියපන්න් නවත්තන්නනම් එපා

පවනි said...

සුභපැතුම් මචෝ....
මගෙ බොක්කෙ තියෙන ටික මේ අකුරු ටිකෙන් නම් කියන්න බෑ මචො...
වෙන කියන්න විදියකුත් නැහැනෙ ඒ උනාට....
මමත් කොයි තරම් බ්ලොග් කියෙවුවත් මට සෙට් උන පළවෙනිම පට්ට සිංහල බ්ලොග් එක මේක...
මමත් ගොඩක් කලින් බ්ලොග් ලියල...පස්සෙ ඒව මකලම දැම්ම ඒවට කිසි ප්‍රතිචාරයක් ආවෙ නැති නිසා...
(www.japan-japaninfo.blogspot.com & www.crcudu.blogspot.com )

ඒත් දැන් නම් මම මගේ බ්ලොග් එක(www.mathakawasthuwa.blogspot.com) ගැන, සයිබර් අවකාශෙ තියෙන අනිත් සිංහල බ්ලොග් ගැන මාර සැටිස්!!!
කොහොම උනත් බ්ලොග් කියවන්න, මටම සිංහල බ්ලොග් එකක් ලියන්න මූලික අත්තිවාරම වෙච්ච උඹව නම් මට කවදාවත්ම අමතක වෙන එකක් නෑ....
ඒකත් උඹගෙ ජයග්‍රහණයක් කියල තමයි මමත් හිතන්නෙ...

Anonymous said...

ජය වේවා !!

Niගම්බූ කොලුවා said...

මගෙනුත් උණුසුම් සුභපැතුම් ඕන්. . . . . :D :D
මාසෙකට ලියන කතා ගාන වැඩි කරනවා නම් මමත් කැමතියි

Buru Babe said...

matath sinhala ne ada.
mamath bohoma asaven kiyavana blog ekak thamayi sandharu. comment kale nethi unata lipiyen lipiyata kiyavanava. oyage pette avoth kavada hari aliyoyi oyavayi balanna ennath hithagena innava.

congrtz boy

පරිකල්පන said...

හදවතින්ම සුභ පතනවා! බ්ලොග් පෝස්ට් බොහෝ වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා!

ප. ලි.
මේ ගෙන්දගං පොළොවෙ ඉන්න බහුතරය ගමේ උදවිය තමයි. ඒක තේරෙන්න ඔය අවුරුදු නිවාඩුවට වගේ කොළඹ ඉඳල බලන්න ඕනි.

මහිම මදුරංග said...

මගෙනුත් උණුසුම් සුභපැතුම් මචං දිගටම ලියපන්
උබට සමාන කරන්න පුළුවන් අය ඉන්නේ දෙතුන් දෙනයි

Anonymous said...

සුභ උපන් දිනයක් වේවා! හිස් අහසට ! ඒ වගේම උඹේ ලේඛක දිවියේ ඉකුත් වුනු වසර ඉතාම සාර්ථක එකක්. ඒ ගැන හිතලවත් සතුටු වෙයන්.

Anonymous said...

machan mamath ube blog eka kiyawana "nihada patakayek".hitha hoda dial walata kawadawath waradinne na machan kawada hari goda yanawa.....

wish you all the best brother...!!

දුශ් said...

සදරු,
ටැබූගෙන් පස්සේ බ්ලොග් කියවිල්ල අතරල හිටපු මම අයෙමත් බ්ලොග් කියවන්න ගත්තේ උබ නිසා, එකට උබට පින්...
මම උබේ කටහඩයි රුපෙයි ගලපන්න බැලුව, හ්ම්ම්... ඒ උබ තමයි, උබට විතරයි එහෙම ලියන්න පුළුවන්, උබට විතරයි එහෙම කියන්න පුළුවන්, උබට විතරයි ඔහොම ඉන්න පුළුවන්... උබ හරි
පොළවේ පයගහලා ඉන්න අපිට වැලේ වැල් නැති වුණාම, අතේ සතේ නැති වුණාම, හිතේ සතුට නැති වුණාම ,ජීවිතේ එපා වුණාම . අන්තිමට බලන්න ඉතිරි වෙන්නේ එකම තැනයි දුක කියන්න තියන්නේ එකම තැනයි ..ඒ තමයි හිස් අහස .පොළව උඹලව දාලා ගියත් අහස කවදාවත් එහෙම කරන්නෑ නේ!
උබ හරි ජීවිතේ තිත්තයි... ඇත්ත තිත්තයි, සත්‍යට මුහුණ දෙනකොට ජීවිතේ තිත්තයි. දුවිලි පැගෙන්න පොලවේ පයගහල, ඉරේ රස්නේ දැනෙන්න මේ අහස යට ඉන්න උබට මට අපිට ජීවිතේ උණුහුම හොදට දැනෙනවා... එක අහසක් යට ඉන්න අපි ආගන්තුකයෝ නෙමෙයි... පේනවනේ දැන්..හිස් අහස හිස් නැ..
ජය වේවා..

DragonD said...

එල එල සඳරු අය්යා
දිගටම ලියන්න
සුබ පැතුම් !!!

Salinda C said...

ඇත්තටම සදරැ අයියෙ,මගෙ ‍ගොඩ‍ක් ආසම blog අතරින් හිස් අහස
number 1....හිස් අහසට සුබ පතනවා....ඔයා කියනව වගෙ මම ත් comment කලේ නැති උනත්.ඔයාගෙ නිහඩ රසිකයෙක්..(මට සිංහල type කරන්න අමාරැයි)ඔයාගෙ ඡිවිතේ මම හිස් අහසින් දැක්කා..

ඇනෝපිලිස් said...

හැමදාම බැලුවත් හැමදාම කොමෙන්ට් නොකලත් අපි උඹ එක්ක ඉන්නවා..... දිගටම ලියපන්....... ජය වේවා...!!!!!!!!!!!

Prabhath said...

අඩෝ සඳරුවා....
උඹ දුර අමතක කරල ඊලඟවතාවෙවත් වරෙං බං හම්බෙලා ජොගියක් දාල යන්න... අපි අපිනෙ බං.
උඹට හරි අපූරු කලා හැකියාවක් තියෙනවා. ඒක කියවන අපිට තේරෙනවා. අර වැනිලා මිසි අරම කරල තියෙන්නෙ තරහටම තමයි. නැත්තම් අශෝක සර්ට අච්චර රසවත් වුන දේවල්, අපිට මෙච්චර රසවත් දේවල් විඳගන්න බැරි ලෙඩක් එයෑයිට තිබිල :P
දිගටම ලියපන් මචං... සුභ පැතුම් :) :)

චීටා said...

සඳරු.. . මම උඹේ එක පොස්ට් එකක් වත් මග ඇරලා නම් නැහැ. හැබැයි මම උඹට මීට කලින් දාල තියෙන්නේ කොමෙන්ටු දෙකයි. ඒ වෙන මොකක්වත් නිසා නෙවයි. උඹේ ලිවිල්ල නිසා මට ලියන්න වචන නැති වෙනවා. ඒ තරමට සුපිරියි. මං ඉපදුනෙත් කොළඹ. ඉගෙනගත්තෙත් කොළඹ ලොකුයි කියන අධ්‍යාපනේ සුපිරිමයි කියන ඉස්කෝලෙක. හැබැයි මම ඊට වඩා ගොඩක් ආඩම්බරෙන් කියන්නේ මං උඹේ බ්ලොග් රසිකයෙක් කියල. ජයෙන් ජයම පතනවා. හැමදාම අපි උඹ එක්ක ඉන්නවා.

වැසි දැරිය - The Rain Girl said...

keep up..

Beetle said...

ආර්. කේ. නාරායන්ගේ මල්ගුඩිදවස වගේ, උඹගේ ගමත් ඒ චරිතත් කවදාවත් අමතක නොවෙන විදියට හිතේ ඇඳිලා ඉවරයි... ඒ උඹේ හැකියාව නිසාමයි... උඩින් කමෙන්ට් කරලා තියෙන හැම කෙනෙක්ම උඹේ ඒ හැකියාවට සාක්කි...

බ්ලොග්ලෝකයෙත් සැබෑලෝකයෙත් දෙකේම සාර්ථකත්වයේ ඉහලටම යන්නට මගෙනුත් සුභපැතුම්..!

ඔබ නොදු‍ටු ලොවක්..... said...

ජය වේවා !!!!

Rachintha Jayawardhana said...

ජය වේවා මචං!

Suhani said...

මේ මම ආසම කරන බ්ලොග් එකක්... ඔබට ජය.....!!!

Anonymous said...

මගෙනුත් උණුසුම් සුබ පැතුම් සඳරු අයියේ! හිස් අහස තමයි මම ආසාවෙන්ම කියවන බ්ලොග් සටහන. ඔය ලියන විදිය අනාගතයේ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක්ගේ නොවරදින පෙර නිමිති! ලියන්න දිගටම ලියන්න......
මේ අත්දැකීම් අරගෙන බ්ලොග් අවකාශයෙනුත් එහාට දුර ගමනක් යන්න. ජය වේවා!

Unknown said...

අඩේ... ඔයාට අවුරුද්දද? මරු........ සඳරුවො.... සුබපැතුම් ගොඩාක්....... මම උඹගෙ හැකියාවට මාර ආසයි... ඇත්තමයි!!!

මැණික් - සුදු මැණිකේ said...

හිස් අහස තරු පිරුණු අහසක් වෙලා දිගු කලක් වැජඹෙන්න හදවතින්ම සුභ පැතුම්.......!!

ජයම වේවා අයියේ..............!!

මාතරේ said...

වැඩි වචන ඕනේ නෑ. ජය වේවා!!!

සිත්රූ සිහින said...

ඔන්න මගෙනුත් හිස් අහසට උණුසුම් සුබ පැතුම් ..... :-)

Buddhi said...

කතා නොකරන හදවතක් තුල, කොයි තරම් නම් කතන්දර වේද...!

මං කැමතිම වැකිය....සුබ පැතුම්!

Anonymous said...

මෙච්චර කාලේකට කියවපු බ්ලොග් වලින් හිතට වැදුන හොදම එක හිස් අහස,හිස් අහසට සුබ පතනවා.

දිගින් දිගටම ලියන්න හැකිවෙවා කියලා ප්‍රර්ථනා කරනවා.

සිතුවිලි නිහඬයි said...

සුභ පැතුම් සඳරු.....මේ වගේම ඉස්සරහටත් අව්‍යාජත්වයෙන් පිරුණ කතන්දර ගොඩක් අපිට කියවන්න ලැබේවා කියලා පතනවා.....

ජයෙන් ජය!!!!

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

හිස් අහසට අපේ ප්‍රණාමය !!! සඳරු සහෝ... හැමදාමත් වගේ ඉදිරියටත් උඹේ ඔබ අවංක හිත තියාගනින්... උඹේ වචන පිටිපස්සේ තියෙන හෘද සාක්ෂිය ගැන කියන්න මෙම් බ්ලොග් එක පරිස්සම් කරගනින්...! අවුරුද්දක් ලියපුවා වගේ ඉස්සරහටත් ලියන්න තව කථා ඉතුරු කරගනින්... නැතිම නම් කථාවක් හදා ගනින්...!

හිස් අහසක එක එක ජාතියේ වළාකුළු පාවෙනවා... හිටපු ගමන් කළු වෙනවා... හිනහෙනවා... ජීවිතෙත් ඒ වගේ තමා... ඒ ජීවිත කථන්දරේ අපිත් එක්ක බෙදා ගත්තට උඹට අපේ ආචාරය...

හිස් අහස සමග සඳරුට දිගු ගමනකට ආසිරි... ජයවේවා !!!

Anonymous said...

මල්ලී.. මම උඹට කියන්න තියෙන දේවල් කලිනුත් කියල තියෙනව... උඹ ටැලන්ට් එක උපතින් අරගෙන ආපු එකෙක්... උඹ ට මේ වගේ වයසකදි බ්ලොග් ලෝකය අහුවුනේත් උඹේම හොඳට කියල හිතන්න... පුළුවන් හැම වෙලාවකම කියවල ජීවිතේට ගන්න තියෙන දේවල් ගන්න... උඹ ජීවිතේ රන් එක දෙන වේගෙ හොඳටම මදි උඹේ හැටියට... මේ දවස්වල අරුණි අක්කව කියෝනවද... තේරෙන්නෙ නැති දෙයක් එයාගෙන් අහන්න... උඹට පොඩි මොරාල් තල්ලුවක් විතරයි ඕන... ඒක උඹටම කරගන්න පුලුවන්... අනිවා..

බ්ලොග් එක ගැන ඉතින් කියන්න දෙයක් නෑ... පට්ට...

Anonymous said...

සඳරු ඇනො කොමෙන්ට් එකට මුලින්ම සමා වෙයන්. මම කවදාවත් උබෙ බ්ලොග් එකට කොමෙන්ට් කරලත් නෑ. ඒත් උබේ පොස්ට් හැම එකම වගේ කියෙව්වා. ඉස්සරහටත් එහෙමයි. ලන්කාවෙන් දුර ඈත රටක ඉන්නකොට අපේ ඇත්ත මුල් මතක් කරල දෙන්නෙ උබලගෙ බ්ලොග් තමයි. උබ කරන හිතුවක්කාර වැඩ කියෙව්වම පොඩ්ඩක් තරහ යන්නෙ උබේ වයසට කිට්ටු මල්ලි කෙනෙක් ඉන්න නිසා. උබේ ඉක්මන් කොපයය් බීමය් අඩු කරලා බ්ලොග් ලොකයේ චිරාත් කාලයක් වැජබේවා කියල පතනවා.
මටත් සින්හල බ්ලොග් එකක් ලියන්න හිතෙනවා බොල .දැනට තියෙන එක ඉන්ග්‍රීසි ටෙක්නිකල් බ්ලොග් එකක්.

දිනූශ

Rasika Kariyawasam said...

හිස් අහස පිරෙන්න තව ලියන්න !!

හිතුවක්කාර කෙල්ල said...

සඳරු අයියගෙ මේ තාක් දුර ආපු ගමනට මම හද්වතින්ම සුභ ප්‍රර්ථනා කරනවා. ඒ වගේම අයියා ලියන අවංක, අව්‍යාජ ශෛලියට හුගාක් ගරු කරනවා.මේ බ්ලොග් කලාව තුළිනුත්, ජීවිත්නුත්, හුගාක් දුර යන්න ශක්තිය ධෛර්‍ය ලැබෙන්න කියලා සුභ අතනවා...ජය වේවා

Sanjaya සිතුවිලි said...

සුබපැතුම් සදරු ....

සිත් අහස said...

ජයවේවා සඳරු.. ඔයාගේ ලිවීමේ කලාව නියමයි.. අවුරුද්දක් ඇතුලත ආපු දුරත් පොඩි නෑනේ..
ජය වේවා... දිගටම ලියන්න..

සයුරි said...

මගෙත් සුබ පැතුම් හිස් අහසට...මම බ්ලොග් ලියන්න ඇවිත් මාසයක් වත් නැති උනත් අවුරුද්දකට කිට්ටු කාලෙක ඉඳලා මම හිස් අහස කියවනවා.

මම වැඩිපුරම කැමති උනේ ඔයා මුලින් හංගන්න හැදුවා කියපු ඒ "අව්‍යාජ" කමට තමයි...හිස් අහස තරු අහසක් වෙන්නම ලියන්න මල්ලි....

widanarala said...

කලු කපුටා සුදු වෙන තුරු
මෝල් ගහේ දලු ලන තුරු
කොල්ලො සරං අඳිනා තුරු
සඳරු බ්ලොගේ රජ වේවා

ප . ලි - කෙල්ලෝ කම්බාය අත ඇරියාට කොල්ලෝ සරම කිසි දාක අත අරින්නේ නැත...

ගලයා said...

මේ හිස් අහස යටට අපු පලවෙනි දවස අද...ඒත් මේක හිස් නෑනේ...මරුවටම පිරිලා තියෙන්නේ....සුබ පැතුම් මගෙන් ඔයාට..ඉතුරු ටිකත් පුරවන්න ලියන්න සදා ජය

හිස් අහස said...

ආයෙම ස්තූතියි . නමක් ඇතත් නමක් නැතත් ඔය දුන්නු අදහස මට හයියක් ..කමෙන්ට් කල නොකල හැමෝටම ස්තූතියි ..

Anonymous said...

malli mama oyage blog eka kiyavanna patan gathhe mage hoda yaluwek vechha rangagage mage lokaya haraha.saththai mama dakina hodama nirvyaja sundara blog ekak meka,ube samahara deval mata magema athethaya kiyala danuna.malli me lassana loke lassana deval ekka idala api hemihita atheethyata ekk wevi.ubata puluvan kal liyapan.meka sundara blog ekak,jaya weva,,,mama prabath

සුශාන් ප්‍රියනාත් රත්නායක said...

සුබ පැතුම් සහෝදරයා . . .

saumiya said...

Mage unusum subapathuma sandaruwooooooo.... umbata jayen jayama wewa !!!

Anonymous said...

සඳරු පුතේ, මගේ සුබපැතුම්.! හැම පොස්ට් එකක්ම කියෙව්වත් මේ මුල්ම කමෙන්ට් එක.
දවසක් ඊතලයක්නම් එව්වා.රිප්ලයි කරලා තිබුනෙ අය්යේ කියලා උනාට මම බවලත්. හැම පොස්ට් එකක්ම නොවරදීම බලනවා. පුතේ කිව්වේ, නමට මගේ තියෙන නෑකම නිසා.
ජයෙන් ජය...
-සුභා-

ravinumal said...

ඉඩක් ලැබුන හැටියෙ බ්ලොග් අවකාශෙ පැත්තෙ කරක් ගැහුවොත් "හිස් අහසට" ගොඩ නොවී ගිය දවසක් නම් නැති තරම්. උණු උණුවෙම කියවන්න බැරි උනත් ආපු හැටියෙ ලිපියක් නෑර කියවනව. කියවන්නො ඇඳ බැඳ තබාගැනීමේ ඒ අපූරු හැකියව නම් හරිම විශිෂ්ඨයි. සඳරු උඹට ජය !!!

Anonymous said...

සමා වෙයං මලයො.. පරක්කු වුණා සුබ පතන්ඩ එන්ඩ...උඹේ ලියවිල්ල ගැන ඉතිං ආයෙ කියන්ඩ දෙයක් නෑනෙ..පෙලවහක් වෙලා දරුමල්ලො නලවල උං උඹ වගේම ඔය උඹලගෙ ගංකරේම ලොකුමහත් වෙලා දීග තලග ගිය කාලෙකත් උඹ මේ බ්ලොග් එක ලියයි කිලය මට හිතෙනව....!!! මං සුබපතන්නෙ බ්ලොග් එකට විතරක් නෙවෙයි උඹටයි උඹේ හිතටයි,අත් දෙකටයි
සුබ ම සුබ අනාගතයක් සඳරු මල්ලියෙ!!!

ayesha said...

පරක්කු උනා මේ පැත්තට එන්න. මගෙනුත් සුභ පැතුම්!යාළු..දිගටම ලියන්න ලැබේවා.මේ4to 1 ඉන්නේ ඔයා නේ? හොඳට බලා ගත්තා. මේ පුන්චි රටේ කොහේදිහරි දැක්කොත් කතා කරන්න පුළුවන්නේ.

Anonymous said...

mamat godak kematie oyage blogs blanna,hariyata katandarayak kiyawagana yanawa wage,hita pirenawa,mamat sadaruta subapatanawa,hama deyakm hodin wenna kiyala.

Kasun said...

අඩේ ඕනම පෝස්ට් එකට කමෙන්ට් කරන්න මම පරක්කු වුනානේ. මගේ ලැපීගෙ පොඩි අවුලක්, ඒකයි. පරක්කු වුනාට කමක් නෑ, මගේ සුභ පැතුමත් පිලිගනින්. උඹේ ලිවිල්ල ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ. උඹේ හැකියාවයි අව්‍යාජකමයි එකතු වුනාම ලොවෙත් නැති නිර්මාණ බිහි වෙනවා. තව චිරාත් කාලයක් මේ විදියට ලියන්න පුලුවන් වෙන්න කියලයි අපි ප්‍රාර්ථනා කරන්නෙ.

දේව් ගේ අඩවිය said...

අදත් හොදටම ලේට්... මය් ටිකේ නෙට් ලොග් උනේ නැ මල්ලෝ.. එත් ඉතින් මම හිතනවා උබ දන්නවානේ මගේ උබ ගැන තියන හැගිම කොහොම එකක්ද කියලා... ඒක ගැන මගේ පරන කමෙන්ට් සාක්ෂි...

හදවතින්ම සුභ පතනවා සදරුවෝ.. චිරාත් කාලයක් වැජබෙන්න සියලු දෙවිදේවතාවුන්ගේ ආරක්ෂාවයි

Anonymous said...

සඳරු ඔබට ජය! ඇයි මාගේ කමෙන්ටු පල වුනේ නැත්තේ?? ඉහි...ඉහි...

සරෝජා

emailkavikaari said...

දිගටම ලියන්න හැකිවෙවා කියලා ප්‍රර්ථනා කරනවා.

පොත් ගුල්ලා said...

අව්රුද්දක් ඇතුලත සඳරු සෑහෙන දෙයක් කරලා තියෙනවා.
සඳරු ලියපු දේවල් කියවල බොහෝ විට අපෙත් ලේ පිරිසිදු උනා. ඒකත් පිනක්! ඒ පින ඔබටමයි.
සඳරු අවුරුද්දක් ඇතුලත සිංහල බ්ලොග් ලෝකයේ පතාක යෝධයෙක් වෙලා ඉවරයි. බ්ලොග් කියවන්න හුරු වුනු කිසිම කෙනෙක් සඳරුගේ හිස් අහස නොකියවා අත අරින්නෙ නං නැහැ. මමත් කොච්චර කාර්ය බහුල උනත් හිස් අහසේ අලුත් ලිපියක් දැක්කොත් ඒක කියවන්න කාලය කොහොම හරි සොයා ගන්නවා. නොකියෙව්වොත් නිකන් පාඩුවක් වෙයි වගේ හැගීමක් දැනෙනවා.

ඉතින් හිස් අහසට ජය වේවා!
චින්තක සඳරුවන් ජයවික්‍රම සිංහල සාහිත අඹරේ දිදුලන තරුවක් වේවා!

ප.ලි. සම්පූර්ණ නම පලවෙනවාට අකමැති නම් එය සඳරු ලෙස වෙනස් කර පල කලාට අහිතක් නොසිතමි. පැතුවේ මුළු හදින්මයි.

Anonymous said...

මල්ලි උඹට මතකද දන්නේ නැහැ, මම ලියපු එක පෝස්ට් එකක මම ලිව්වා;

"මම අහලා තියෙනවා සඳරු වගේම සයිමන් නවගත්තේගමත් ගමේ බයියෙක් කියලා"

මම දන්නේ නැහැ සඳරු "ගමේ බයියා" කියන යෙදුම කොහොමද තේරුම් ගත්තේ කියලා. මොකද මගේ අරමුණ වුනේ මල්ලිව පහත් කීරීමනම් නොවෙයි.

[කොහොමවුනත් සයිමන් නවගත්තේගම කියන "ගමේ බයියා" ගැන දන්න මිනිස්සුනම් දන්නවා එයා පටන් ගත්තේ කොතනින්ද අන්තිමේ නැවතුනේ කොතනින්ද කියලා.]

සුබ පැතුම් මල්ලි..!

සරත් ලංකාප්‍රිය said...

සඳරු
මාත් උඹ වගේ ගමේ උපන් කොල්ලෙක් ගියෙත් අප්‍රසිද්ද ඉස්කෝලෙකට තමයි..
අවුරුද්දකට ඉස්සර උඹ හිස් අහසක් ඇඳලා එකේ ඉර හඳ තරු පොකුරු පිටින් ඇඳගෙන ඉන්නකොටයි මං අහසට එබුනේ.. උඹ වගේම උඹේ හිස් අහසත් හඳ තරු වලින් පිරිලා පුතා. හිත සැහැල්ලුවෙන් එබෙන්න ඕනෑම අහසක් වෙලා. ලියන රටාව වගේම ලියන දේවලුත් නිර්ව්යාජයි .. එවුව අස්සෙන් මට දන්නෙන් ගැමි ජීවිතේ මතක සුවඳයි.. මට නම් උඹේ බ්ලොග් එක ලියන විදිහේ කිසි වෙනසක් ඕන කියල හිතෙන්නේ නැහැ.. ඒ මොකද එකෙන් එන්නේ උඹේ අව්‍යාජ වැට කඩොලු වලින් නොඇහිරිච්ච අමු අදහස් . එවුව ඒ විදිහට රසයි බන්.. ඔන්න කිවුවා. දිගටම ලියපන්.... පණපිටින් ..ජන්ජාලෙට එබෙන්න හත්තිය තියෙනකල් මං එනවා කියවන්නයි වල් පල් ලියන්නයි..

Niroshan said...

සුබ පැතුම් සදරු....කොමෙන්ට් නොකලට මමත් හැමදාම හිස් අහස කියවන කෙනෙක්...

ඔයාගේ ලිවීමේ හැකියාවනං උපරිමයි......

Nishantha Lakmal said...

වර්ෂ පූර්ණයට ඉත සිතින් සුබ පැතුම් සඳරු....ඒ වගේම ජීවිතයේ සියළු බාදක වලට ශක්තිමත්ව මුහුණ දීමට තව තවත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා....

Nishantha Lakmal said...

තව දෙයක් අහන්න හිතුනා, මේ සඳරුගෙ පොටෝ එකක්ද දාලා තියෙන්නේ.....

Anith Kona said...

සුභ පැතුම් . ඉඳහිට කමෙන්ට් කරත් පුළුවන් වෙලාවට මේවා කියවනවා. දිගටම ලියන්න.

තාරක Dilsh@n said...

මචං උඹ වයසට ගිය දවසක, ගහක් යට ඉඳගෙන උඹේ පච්චේ දිහා බලාගෙන අතීතය මතක් කරන ගමන්, අමතක වෙච්ච දෙයක් මතක් කරගන්න හිස් අහසටම ගොඩ වුනාම ඒකේ තියෙන බ්ලොග් පොස්ට් 1000+ අතරමං නොවේවා කියල පතන්නම්...

komuaika said...

Comment නොකල කියල තරහ වෙන්න එපා.Comment නොකලට
මමත් හැමදාම blog 1 කියවල යන‍ව. ‍පට්ටම ‍පට්ට.......ආයෙ කියල වැඩක්නෑ..........උඹ සිරාවටම ලියනව
මම blog ගැන දැනගත්‍‍තෙත් හිස් අහසෙන් තමා. මුලින්ම කියෙවුව දවසෙ ඉදල ඉඩතියන හැමදාම hisahasa කියවනව.
අවුරුදු 1 උ‍පන්දිනේට උනුසුම් සුබපැතුම්.........................
(komuaika)

MaRLaN said...

ලොවෙත් නෑ
ඔන්න මගෙනුත් සුභ පැතුම් කිවුවා පරක්කු උනාට පොඩ්ඩක් සමාව වේවා...

මන්තරකාරි said...

ජය වේවා!!! සැලියුට් එකත් එක්ක පොඩි හිනාවකුත් දියන් මලේ රවාගෙනම ඉන්නෙ නැතුව...

priyantha said...

සඳරුවෝ ...
පළමුව එන්න ප්‍රමාද උන එක ගැන බලවත් කණගාටුව පළ කරනවා.
කවුරු මොනවා කීවත්, මොන විචාර දුන්නත් උඹ ලියන දේ හොඳ නරක මේ බ්ලොග් එකට වැටෙන කමෙන්ට් වලින්ම පේනවනේ. උඹේ හැකියාව සයිබරය අවුරුද්දක් දැක්කා. ඒත් අපිට ඒක නම් හොඳටම මදි. කාටවත් ඕනි විධියට නැතිව, කවුරුවත් කරන විධියට නැතිව තමන්ට ආවේණික, තමන්ගේ ක්‍රමයට ලියන මල්ලි සයිබරයට සුවිශේෂයි. කවදාවත් දෙයක් කරල මේ සමාජයෙන් හොඳක් ඇහන්න බෑ. මල් නෙවෙයි ගල් මයි එන්නේ. එහෙම සමාජයක ලියන මේ සටහන් උඹේ වදනෙන්ම කීවොත් බොක්කටම වදිනවා. අවුරුද්දෙන් නොනැවතී සයිබරය පවතිනා තාක් කල් ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා..!!!
ජය ශ්‍රී..!!!!

Anonymous said...

සුභ පැතුම් සඳරුවො. උඹෙ ලිවිල්ල හරිම අපූරුයි, වෙනස්. ආදරයක් පැරදුනත්, ගුටි කෑවත්, බීල චා උනත් අහවල් වැඩේ කරත් උඹ ලියන විදිය අනිත් හැමෝටම වඩා වෙනස්. ඒ වෙනස් තමයි උඹව මෙච්චර දුරක් අරං ඇවිල්ල තියෙන්නෙ. උඹේ වෙනස් කම වෙනස කරගන්න එපා. ඔහොම යං. උඹට ජය මලේ.

නචියා said...

සුභ පැතුම් සඳරු..!!!!

ඇත්තටම උඹ ගොඩාක් දක්ෂයි මචෝ. දිගටම උඹට කතා ලියන්න ලැබේවා කියලා පතනවා.

ජය....!!!!

Buddy --බඩී said...

සදරුවෝ ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්...

buma said...

suba pathum.......

Anonymous said...

Sanadaru ayye,

Oyage me try eka godak hoda uthsahayak. digatama karagena yanna. meka loku deyak api vage rataval vala jivath wena ayata. sinhala deyak kiyavanna nathuwa man puduma dukak vinda sinhala nava kathavak hoya ganna.
hamadama mehema deval liyanna. api kiyavanava oyage hama kathavakma.
jivithe hamadama waradenne na, hamadama duk vidinna wenne na. mulinma oya bona eka navattanna.. ita passe jivithe hadaganna margayak hamba wey ayye oyata

jhothishalanka said...

මේ ලිපිය දැක්කේ අද ඔන්න මගෙනුත් සැලියුට් පාරක්.මොනා වුනත් අනිත් අයගෙන් සැලියුට් වදින විදියට ලියන ඔයා හරි හපනෙක්.මමත් ඔයාගේ බ්ලොග් එක හරි ආසාවෙන් කියවනවා. ඔයාගේ අර වල් අලියා පෝස්ට් එකෙන් පස්සේ තමයි මම දිගටම ඔයාගේ ලිපි කියෙව්වේ.ඉදිරියටත් හොදට ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා.

Anonymous said...

මම මේ බ්ලොග් එක අහම්බෙන් වගේ දැක්කේ අදයි. අද දවසේ මම ගොඩක් කතා කියවල ඉවර කර. එක ඇතුලේ ගොඩක්ම අව්‍යජත්වයක් තිබ්බ. එකයි කතාවෙන් කතාවට එක දිගටම කියවගෙන යන්න අපිට ආසා හිතෙන්නේ. මවාපෑම් බොරුව ලොකු කම නැති මේ බ්ලොග් එක අවුරුද්දක් කරගෙන ආපු සඳරු ඔබට සුබ පතනවා තවත් කාලාන්තරයක් මේ බ්ලොග් එක කරගෙන යන්න හැකි වේවා කියල. අවන්කවම කියනවනම් උඹ එළකිරි කොල්ලෙක්. උඹ කිව්වේ හිතට ෆිට් වෙච්ච හින්දයි.

Anonymous said...

මගෙන් සුභ පැතුම් ....
මං මේ බ්ලොග් 1 කියවපු පලවෙනි දවස තමයි අද .. මං මේකේ ලිපි දෙක තුනකුත් කියෙව්වා ,ඔයාගේ ප්රෝෆිලේ එකත් බැලුවා ඔයාට ගොඩාක් හොදට ලියන්න පුළුවන් මීට වඩා ලොකු දෙයක් ඔයාට කරන්න පුළුවන්, එත් ඔයාගේ සිතුවිලි (thoughts) හරිම ඍණ, (negative) වලින් පිරිලා , ඔය ඔයා ගැනම ධනාත්මකව (positive) හොදට හිතන්න, ඒ සිතුවිලි ඔය දැන් ඉන්න තැනට වඩා ගොඩාක් හොද තැනකට ගෙනියවී. ඔයා හුගාක් දුක් විදලා ඇති එත් (past is gone close the door)එත් දැන් ඉදන් අපේ අනාගතේ අපිට හොදට ගොඩ නගා ගන්න පුළුවන්. positive thinking poth aran hodata kiyawanna(sinhala or english) මං මේ වගේ බ්ලොග්ස් කියෙව්වට වැඩිය (comment) කරන්නේ නැහැ එත් මට හිතුන ඔයාට මේක කියන්න .....

Isha .....

kasun said...

සුබ පැතුම් සදරු අයියේ..අදයි බලන්න උනේ...
තව ලියන්න..ඔයා ලියන විදියේ අමුතුම ලස්සනක් තියේ..සිරා..!!!!

Charith Samarakoon said...

//හිට් කවුන්ටර් කරකවන්න, අනුගාමික ලැයිතුව පුරුවන්න . හිස් අහසට ගොඩ වැදුණු නිහඬ බ්ලොග් කියවන්නෝ හැමෝටම ස්තූතියි .අපේ ගමේ ගෙදරකට කෙනෙක් හිස් අතින් ආවත් බත් කටක් නොදී යවන්නේ නෑ ! ඉතින් කමෙන්ට් එකක් මට ලොකු නෑ. ඇවිල්ලා කියවලා ඕනෙනම් කොපිත් කරගෙන පලයල්ලා මගෙ හිතේ තරහ නෑ..!!//

හිස් අහස දැක්කේ අහම්බෙන්,හැබැයි දැන්නම් මමත් හිස් අහසෙ තරුවක්... බ්ලොග් කියවන්න ආසාවනම් වැඩිඋනේ උඹේ පෝස්ට් වලින් සඳරු අයියෙ... මේ උඩින් තියෙන වචන ටික ඇති හිස් අහස තේරුම් ගන්න... මං හිස් අහසෙ තරුවක් වෙන්න ලොකුම හේතුවත් ඔය අමුවෙන්ම තියෙන අවංකකම... හැබැයි පුතො බීල බීල හිස් අහසෙන් චුත වෙන්නනම් එපා,මොකද සඳ නැති අහසෙ තරු තිබිල ඇති වැඩේ මොකක්ද...

උඹට ජය!

J B L නොහොත් ජයේ said...

මේ හෙල බස දන්න එකෙක්ට කව්දාවත් වරදින්නේ නෑ... කවදා හරි ඌත් වැඩක් මේ පොලොවට කරලා යනවා.හැබැයි ඌ දිහා වපර ඇහින් බලන එක මේ කුහක සමාජයේ හැටි.මොනා උනත් මම උඹේ පෝස්ට් එකට කැමති උනේ එකේ තිබ්බ අවංකකම නිසා....ජය වේවා !

හා පැටික්කි (MS) said...

අවසානෙට ඇවිත් හරි සුභ පතලා යනවා..... පරණ ලිපි ටික බලන ගමන්. ඒත් අනික්වට කමෙන්ට් නොදැම්මත් මේකට නොදා යන්න බැහැ.

දිගටම මේ වගේ ලිපි රාශියක් ලියන්න ශක්තිය ධෛර්‍ය ප්‍රාර්ථනා කරනවා අපිත් මුළු හදින්ම......!!!!!

දන්නවනේ සඳරුට හා ගෙදරින්ම තමා පැතුම.......

Anonymous said...

suba wewa

sachi said...

#galaya: qwa wagema sadaru aiyage ahasa his naha... mama ada thamai mulinma me blog 1ta awe.mn ada puluwan tharam post kiyawanawa... digatama liyanna aiye... wish u all the best.

Anonymous said...

man wena rataka idalath mechchara busy job ekak karalath,ude pandarama ara ganne ube bolg eka......... uba kiyana dewal walin mawath atheetheta adala yanwa.....mokada mamath ube wayase oya athalma gatta kollek............ man mulinma kiyewwe sirage post,passe podi man,lagadi dawasaka uba gana wistarayak thibba........sira dala tibbe......anna eda idan......me dawas tika athulatha....noiwasillen me post tika kiyawanne........... ampare awoth aniwa set wenawama tama uba ekka........jaya wewa............ budusaranai......parissmata.........

meeta....... ARA........

Unknown said...

sandaru don't worry bro you are great.your friends who are comment you are most greatful.
they are pure hearted friends, money you can earn
but nobody can earn friends like your readers.
sorry I don't have Sinhala fonts.ill get it soon
(Ronald hettige don)

Unknown said...

Excellent , niyamai sadaru aiya , digatama liyanna , wish you all the best

Nilanga said...

සදරුවො උබෙ පොස්ට් යට ඉදන් උඩට කියවන් එන ගමන් උන්නෙ එත් එක post එකක්වත් comment නොදාපු මට මෙකට comment එකක් නොදා බරි උනා. මම Blog කියවන එකෙක් නෙවේ එත් මගෙ යාලුවෙක් (උ උබෙත් යලුවෙක් වෙනවා) මට බල කලා උබෙ මේ Blog කියවන්න කියලා ඒ නිස මාත් කියවන්න ගත්තා. වැඩෙනම් සුපිරි. උබව ලගදිම අරු සෙට් කරන්නම් කිව්වා.. එතකොට බලා ගන්ඩ පුලුවන් උබ කව්ද කියලා. ජය වෙවා

Anonymous said...

උබේ "හිස් අහසට" අවුරුද්දක් පිරිලාත් අවුරුදු හයක් විතර පස්සෙ මං උබේ බ්ලොග් කියවන්න පටන් ගත්තේ බං. මේ අහස හිස් නෑ බං... මේ සතියකතත් අඩු කාලයක් ඇතුලත මං අගම පෝස්ට් එකේ ඉදං මුලට කියවන් යන ගමන්... ගමක ඉපදුන උබේ ජීවිත කතා අපේ කතා වලට වඩ ගොඩක් ලස්සනයි බං... මං මේකේ මුලටම කියවල ඉවර උනාම මං මොකෝ බං කරන්නෙ...???? උබ අලුත් පෝස්ට් එකක් දාන පාටක් වත් නෑ නේ... උබේ ඔය දාහක් වැඩ අස්සේ හිස් අහසෙ පාලුව මකල පලයං...
උබට ජය වේවා සහෝ...

Post a Comment

තැන්කූ බං