24.11.11

වල් ඌරෙක් කියූ කතාවක්

 
 සුද්දප්පු මාමලෑ ගෙවල් තිබුණේ අපේ ගම මායිමේ කෙළවරටම වෙනඩ . පොඩි එකා කාලේ පටන්ම නිතර දෙවේලේ හමුවෙන මනුස්සයා වුණාට සුද්දප්පු මාමා එක්ක මුලදී නම් මයෙ වැඩි ඇයි හොඳයියක් තිබුණේ නෑ . ඒ වුණත් ඉතින් සුද්දප්පු මාමාගේ ලොකු පුතා රත්නසිරියා නම් මගෙ හොඳ ගජයෙක්. ඒක නිසා කාලයත් එක්ක සුද්දප්පුවා මට උගේ පුතෙකුට වගේ සලකන්න පටන්ගත්තා .මමත් ඒ මිනිහට මයෙ නෑයෙකුට වගේම ගරු සැලකිලි අඩුවක් නැතිවම දුන්නා .

සුද්ද මාමා පණ ගැට ගහගන්න කළේ හේන් ගොයිතැන . අද වෙනකොට අපේ පළාතේ ඕනෑවටත් වඩා කුඹුරු ගොයිතැන සිද්ධ වුණත් ගොඩක්ම ඉස්සරනම් මේ පළාතේ මිනිස්සු පුරුදු වෙලා උන්නේ හේන් ගොයිතැනට . කාලෙත් එක්ක මනුස්සයාගේ දිවට දැනෙන රස, කන බොන දේවල් , උවමනා එපාකම් වෙනස් වෙච්ච නිසා අපේ පළාතෙත් හේන් ගොයිතැන් කිරීම බලාන ඉන්ඳෙද්දි අඩු වෙලාම ගියා .

ගමේ මුල්ලටම වෙලා හිටපු හන්දත් , ඇළ මායිමෙන් එපිට හිටපු හන්දත් සුද්දා මාමට කුඹුරු ගොයිතැන් කරන්න කොහෙත්ම හැකියාවක් තිබුණේ නෑ .කාටත් ඔළුව නමන මනුස්සයෙක් නොවුන සුද්දප්පු මාමා කාගේවත් කුඹුරක් අඳේට කරන්නත් කොහොමටවත් කැමැත්තක් දැක්කුවේ නෑ .ඔන්න ඔය හේතු කාරණා නිසා හේන් ගොයිතැන මිනිහට හොඳටෝම අල්ලලා ගිහින් තිබුණා .

හේනක් කොටාගෙන ජීවත් වෙනවා කියන එක කොහෙත්ම ලේසි පාසු වැඩක් නෙවෙයි. ඇස්වහක් කටවහක් නෑ පරම්පරාවෙන්ම ලැබිලා තිබුණු අත් ගුණේ හින්දාමද කොහෙද මේ මම ලියන මොහොත වෙනකොටත් සුද්දප්පුවාගේ හේන නම් සාර සුබාවට වැඩිලා තියනවා .

මංඤ්ඤොක්කා , බතල , දන්දින , වගේ අල වර්ගත් කවුපි වගේ ඇට වර්ගත් අළුපුහුල් , වට්ටක්කා වගේ එළවලුත් සුද්දපුවාගේ හේනේ නිතරම දකින්න ලැබුණා. .
හේන මැදට වෙන්ඩ මෝඩ ගඩොළු වලින් හදාපු පුංචි ගේ කෑල්ලට පිටුපස සමහර කාලෙක බඩ ඉරිඟු වවලා තිබුණා .මානා ඉලුක් හෙවිලි කරපු ඒ පුංචි පැල් කොටේ වහලත් දිය ලබු වැලකින් වැහිලයි තිබුණේ . වහල පුරාම පිරිලා තිබුණ නොයෙක් ප්‍රමාණයේ ලොකු පොඩි ලබු ගෙඩි ඒ පුංචි පැල් කොටේට ගෙනාවේ අමුතුම දිස්නයක් !

හේන සාර සුබාවට හැදිලා වැඩිලා තිබුණත් අලගෙඩියක් , දියලබ්බක් විකුණලා මිනිහෙක් කෝමද පවුලක් නඩත්තු කරන්නේ ? . ඉතින් ඒක නිසා දවස ගෙවාගන්න තරම් ආදායම් යන්තම් ආදයමක් විතරක් හේන් පොඩ්ඩේන් ලැබෙනවා කියලයි රත්නසිරියා නම් මට නිතරම කීවේ .

රත්නෙ මගෙ යාළුවා.! ඒක නිසා ගෙදෙට්ට ආපු වෙලාවක ඌට බත් කටක් දෙකක් කව්වන එකනම් මම නිතරම වාගේ කෙරුවා . ඌත් එහෙම්ම තමයි. මම උංගේ ගෙදෙට්ට ගිය දාකට මටත් අතක් පිරෙන්න එළෝළු මල්ලක් දෙනවා "ගෙදර ගෙනියපං" කියලා ! සමහර දාට වදෙන් පොරෙන් රුපියල් සීයක් උගේ ගේ ඇතුළට විසික් කරලා මම ඒ මල්ල ගෙදර ගෙනාවත් බොහොමයක් දාට ඌ මම දුන් සල්ලි ආපහු මගේ සාක්කුවටම ගුළිකරලා දැම්මා. ජීවිතේ දුප්පත් වුණාට උංගේ පපුව ගොඩක් පෝසත් !

පහුගිය සතියේ දවසක මම ආයෙමත් වතාවක් සුද්දප්පු මාමලෑ හේන දිහෑවේ ගියේ මයෙ නෑදෑ ගෙදරක තිබුණු පිංකං කටයුත්තකට ඇඹුල් කෙහෙල් කැනක් අරගෙන එන්න හිතාගෙන . යාළුවෙක් අඬගහගෙන ත්‍රීවීලර් එහෙක නැගිලා සුද්දප්පු මාමලෑ ගෙවල් ගාවට මම යද්දී වෙලාව හවස හතරට විතර ඇති .මම යන විටත් සුද්දප්පු මාමයි, රත්නසිරියි, උගෙ මලයයි හෝ හෝ ගාලා පොළවත් එක්ක ඔට්ටු වෙනවා . මාව දැක්ක තැන සුද්දප්පු මාමා කර කර උන්නු වැඩේ නවත්තලා මයෙ දිහාවට ඉක්මනින්ම ආවා..

"සඳරු කොල්ලා මොකෝ මේ ආටා එකක හදිසියක් වත්ද ?

"නෑ මාමේ මේ ඇඹුල් කැනක් අරං යන්ඩ කියලා අපෙ පුංචම්මලෑ ගෙදර කිරි අම්මා දානෙට.

"ඉතින් මට කෝල් එකක් දුන්නා නම් මම හවසට ගෙනල්ලා දෙනවා නෙව. මම කෝමත් ඒ පැත්තේ එන්ඩයි හිතං හිටියේ..”

සුද්දප්පු මාමා හේන් කොටාගෙන එදා වේල හොයං කාලා ජීවත් වෙන ගැමියෙක් වුණාට උගේ ඉණ වටේ එතිලා තියන මුහන්දිරම් බඳ පටියේ පොකැට් එකේ තියන චීන ෆෝන් එක නම් ඉස්තරම්ම වර්ගයේ එකක් ඒකේ. ටීවී බලන්නත් පුළුවනි.

හොඳට පැහිලා තිබුණු ඇඹුල් කැනක් කපලා ත්‍රී වීලර් එකට පටෝගෙන, ගණං හිලවු බේරලා, මම යන්න සූදානම් වෙද්දී සුද්දප්පු මාමා ආයේ මාව හොයාන දුවගෙන ආවා .

"පුතා මේ අද හැන්දෑවට පොඩ්ඩක් අපේ දිහෑ ඇවිදින් යන්ඩ එන්න .

"මොකෝ සුද්ද මාමේ ඒ ?

"අද මයෙ උපන්දිනේ බොල ! හික් හික් !

මාමා උගේ සුදු පාට දත් සැට් එක පෙන්නලා හිනා වුණා . වෙන මිනිස්සු බුලත් කාලා කට වන කරගෙන උන්නත් සුද්දප්පුවා නම් කවදාවත් බුලත් හපනවා මම දැකලා නෑ . මිනිහා බුලත් වෙනුවට නිතර භාවිතා කළේ වෙන දෙයක්. ඉතින් ඒක නිසා සුද්දගේ දත් සුදෝ සුදු වෙච්ච එකේ ඒ තරම් අරුමයකුත් මට දැනුණේ නෑ .

"අප්පා මාමා හැපී බර්ත් ඩේම වේවා !!”

"හෙක් හෙක් හෙක් ..හෙනං අද රෑ වෙලා වරෙං පුතේ මොනා හරි හපලා යන්න .

"හොඳයි මම එන්නං මාමේ .

ආපහු ගෙදර ආපු මම බැරල් එකකට කෙහෙල් කැන දාලා කාබයිට් කෑල්ලක් ඇල් වතුරේ පොඟලා අරගෙන ඒකේ අස්සට දාලා පියන උඩින් බරකුත් තියලා වහ දාලා . නාලා කරලා එහෙම සුද්දප්පු මාමලෑ ගෙවල් පැත්තේ යන්න පිටත් වුණා . උපන්දිනේකට හිස් අතින් යන්න බැරි නිසාම මම සුද්දා මාමට තෑගි විදියට බටා සෙරෙප්පූ ජෝඩුවකුයි ජම්බෝ කජු ඇට පැකට් එකකුයි අරගෙන හත හමාර අට විතර වෙද්දී මම උන්නේ සුද්දපු මාමගේ ගෙදර පිලේ ගැට්ට උඩ වාඩිගෙනයි .

ගේ ඇතුළේ බැඳුම් බැදෙන හඬ, පිඟන් වීදුරු එකට ගැටෙන හඬ සමග කැටි වුණ සිනා හඬ අතරේ යාන්තමට කුණු හරපත් ඇහෙනවා .ගේ ඇතුළේ කතා බහට මම කන් දෙන එක හොඳ නෑ කියලා මගෙ හිතට දැනුණේ ඔන්න ඔය අතරෙදියි .පිලේ කොට බිච්චිය උඩින් බිමට බැහැපු මම ඊට ටිකක් එහා තිබුණු රුක් අත්තන ගහ යට තිබුණු බංකුව උඩින් ඉඳගත්තා .

තරමක වැහිබර ගතියක් තිබුණු නිසා වෙන්නැති වෙනදාට දකින පැහැදිලි හිස් අහස එදානම් හොඳටම කළුවරයි . හඳ එළියක්, තරු එළියක් පේන්නවත් නෑ . මම සුද්ද මාමගේ හේන පුරාවටම ඇහැ යැවුවා . හේනට දකුණු පැත්තෙන් විතරක් ඇදලා තිබුණු කටු කම්බි වැටේ කම්බි ගේ ඇතුළේ ඉඳලා විහිදුණු ලයිට් එළිය වැදිලා රිදී පාටට දිස්නේ දුන්නා .

මොහොතකින් සුද්දප්පු මාමාගේ උපන්දින සාදය එළිපත්තට ඇදගත්ත ලෑලි මේසෙය උඩදී ආරම්ඹ වුණා . රාජ භෝජන නොතිබුණත් ඒ තිබුණු හරිය අපිට නම් හොඳටෝම ඇති .

මමත්, සුද්දප්පු මාමත් , රත්නසිරිත් , ඉස්කෝලෙ කඩේ සිරි අයියත් . කලු බාසුන්නැහේ මාමත් ඒ හතරැස් ලෑලි මේසේ වටේ ඉඳගෙන හිටියා. මේසේ මැදක තිබුණු, මිනිස් සිරුරට අහිතකර තේ කහට වල පැහැය ගත් දියර වර්ගය රැඳි බෝතලය කාගෙ කාගෙත් සිත් ගත්තා .

තත්පරෙන් තත්පරය ගත වුණා . කට්ටියගේ හදවත් වල හිරවෙලා තිබුණු වදන් කටවල් දෙබෑ කරමින් එළියට එන්න පටන්ගෙන කරපු වීර කම්, චන්ඩි කම් හැමෝම කියවන්න පටන් අරං. වාචාලයෝ වාගේ කියවන සමහරුන්ගේ කතා වලට මම යන්තම්වත් හිත යොමු නොකළත් සුද්දප්පු මාමා කියාපු එක කතාවක් මගේ හිතේ ඇතුළේ තැම්පත් වුණා . ඒක බොහොම පුංචි කතාවක් . සුද්දප්පු මාමගේ වචනෙන්ම මම ඒ පුංචි කතාව ලියා දාන්නම් .

මම ගෙනාව ජම්බෝ කජු ඇටයක් හපලා සුද්දප්පු මාමා කතාවකට කට සූදානම් කරගත්තා . ෆෝන් එකේ රේඩියෝ එකත් හිමිහිට ධාවනය වෙන්න ඉඩ හැරලා මිනිහා ඒ අමුතුම අමුතු, ජොළිම ජොලි කතාව කියන්න ගත්තා බොහෝම සන්සුන්ව .

"මට අවුරුදු 21 දී විතර තමයි බොලවු අපෙ අප්පච්චි මට තුවක්කුව හුරු කළේ . ඒ කාලේ අපෙ ගෙදර තිබුණා බේත් කොටන තුවක්කුවක් . අපි ඒ කාලේ දඩ මස් කන්න බොහොම රුසියෝ . අපෙ අප්පච්චිටත් ඒ කාලේ මස් කෑල්ලක් නැතුං බත් කටක් කන්නම බෑ . ඉතින් අපෙ වැඩේ දවස් දෙහෙකට වතාවක් දඩයමේ යන එක . ඒ කාලේ ඔය නීතිත් නෑ නේ බං .

සුද්ද මාමා කියන කතාව අහං ඉඳපු මම දඩයම කියන වචනෙටත් අකමැතියි !! ඒත් ඒ කාලේ මිනිස්සු එහෙම දඩයම් කරපු එකේ වරදක් මම දකින්නෙත් නෑ . කැමති අකමැති කම් හිතෙන් අයින් කරලා ආයේ මම කතාවට කන් දුන්නා .

දවසක් ඔන්න අප්පච්චියි මමයි තුවක්කුවට බේත් වෙඩිල්ලකුත් කොටාගෙන සමණබැද්ද කොරිය ගාවින් කැලේට රිංගුවා එතකොට ඔය පාරවල් එහෙම මාර කැලෑ අද වාගේ තාර දාලා නෑ . හැබැයි බස් ලොරි එහෙම නම් නිතර එහා මෙහා ගියා .

කැලේ ඇතුළේ පැය ගාණක් කරක් ගැහුවට අපිට එදා එක සතෙක්වත් දකින්න හම්බුනේ නෑ . ඉතින් අපි ටිකක් කැලේ ඇතුළටම ගියා . මග දිගට කොළ අතු කඩා දාලා ආව නිසා ආපහු යන්න කිසි බයක් තිබුණෙත් නෑ .

අමාරුවෙන් වීදුරුවක් ඇදලා දාපු මාමා ආයෙ කතාවට එකතු වුණා 

"ඔන්න අපි දැක්කා හෙන උස ගහක ගොඩබෝවෙක් (ලොකු කුරුලු වර්ගයක්) වහලා ඉන්නවා . ඉතින් අප්පච්චි තුවක්කුව හොඳට මානලා ඌට වෙඩිල්ලක් තිබ්බා . අපෙ අප්පච්චි තුවක්කුවට හොඳ පුරුදු කාරයා . ! ඉලක්කෙ තිතටම හරි !. ඉතින් මම ගිහින් ගහ පල්ලේ වැටිලා පන ගගහ හිටි ගොඩබෝව අල්ලගෙන ආවා .ඊට පස්සේ අපි ආයෙ ගෙදර එන්න හැරුණා . තුවක්කුවේ තිබුණේ එක වෙඩිල්ලයිනේ ඒක ඉවර වුණාම ආයේ කැලේ කොලේ කරක් ගහන එක මෝඩ වැඩක්. ඒක නිසා තමයි අපි ඉක්මනින් ආයේ එන්න හැරුණේ .

"ඉතින් උඹලා පරිස්සමෙන් ආවද ?

මෙච්චර වෙලා නාහේ ඇඟිලි ගගහ හිටපු සිරි අයියා අහපි !

"අහපල්ලකෝ ඉතින් ..! ටිකක් දුර එනකොට හෙණ මඩ ගොඩක් මැද්දේ වල් ඌරෝ දෙන්නෙක් අපේ මූණටම හමු වුණා නේ . ඔතන පිරිමි එකා හෙණ පත දල එහෙම තියන එකෙක්"

නෑ !! 

"නෑ නෙවෙ බොලවු ඔවු. අපි හැතැප්මක් දුරින් එනකොට වෙන්නැති උන්ට අපේ ඉව දැනෙන්න ඇත්තේ . ඉතින් ආයේ කැලේදී වල් ඌරෙක් මුණ ගැහුණොත් දුවලා බේරෙනවා බොරු !

ඉතින් මොකෝ උණේ

 
"අප්පච්චියා මට දුවපියෝ කියලා කෑ ගහලා ඌත් දුවන්න ගත්තා.. ඌරා ඉඳන් පන්නන්න ගත්තා ! මමත් දිවුවා ඔළුව හැරුණු අතේ . ටික දුරක් දුවද්දී . ඌරා මගෙ පිටි පස්ස කකුලට දල පාරක් දුන්නා . මම එතනම මුනිං අතට බිම වැටුණා . මේං බලපල්ලකෝ දල පාර !

මාමා වම් කකුල උස්සලා ඒ කකුලේ තිබුණු තුවාල කැළලක් අපිට පෙන්නුවේ කතාව ඇත්ත කියලා අපට ඒත්තු ගන්වන්න වෙන්නැති .

"මුනිං වැටුණට මට හොඳට සිහිය තිබුණා . ඒත් මම ඇස් අරින්නේ නැතුව ටිකක් වෙලා හිටියා බය හින්දම. ඔය අතරේ මට කටහඬක් ඇහෙන්න ගත්තා . නිකං හරිම අමුතු කටහඬක් ..මමත් ටිකක් ඇහුං කන් දුන්නා ..

" ආයේ කවදාවත් මේ කැලේ පැත්ත පළාතේ එන්න එපා .!! අද මම උඹට යන්න දෙනවා . ඒත් ආයේ මේ කැලේ සීමාවට ආවොත් එදාට උඹ පණපිටින් නම් යන්නේ නෑ .උඹගේ අත් ගුනේ හොඳ හේනක් කොටන්නයි..! උඹ හේනක් කරපං උඹ රජෙක් වගේ ජීවත් වෙයි”

"ඔන්න ඔහොම කටහඬක් මට ඇහුණා”

"
කවුද මාමේ එහෙම කීවේ ? කවුද එහෙම කතා කෙරුවේ ?

"උඹලා කීවට විශ්වාසකරන්නෑ කියලා වැඩක් නෑ අපි ඔයි කතාව අල්ලා දාමු"

"නෑ නෑ කියන්ඩකෝ මොකද්ද කියලා . මමත් පුළුවන් වැඩ කෑල්ල දාලා අන්තිම වෙච්ච දේ අහගන්න ට්‍රයි එකක් දුන්නා . “

"ඒ කතා කළේ වල් ඌරා යකෝ .. මම මේ ඇස් දෙකෙන්ම දැක්කා"

"එහෙමද ? ඉතින් මාමා කීවේ ඇස් දෙක වහං හිටියේ කියලා!

"ඒ වුණාට කට හඬ ඇහෙනකොට මම ආයේ ඇස් ඇරලා බැලුවා , ඊට පස්සේ මම හෙමීට නැගිට්ටා .එතකොටයි මට තේරුණේ මම කැලේ මැද අතරමං වෙලයි හිටියේ යන්න ඕන දිහාවක් මම කොහොමටවත් දැනං උන්නේ නෑ . ඒත් බං ඒ වල් ඌරා හෙමින් හෙමින් මාව පාර ගාවටම එක්කරගෙන ගියා ..මම ගෙදර යනකොට තාත්තා මග බලාගෙන ඉන්නවා මං එනතුරු.. ඕං ඕකයි කතාව ..”

කතාව අහපු මගෙ මූණේ පොඩි හිනාවක් ඇඳුණා

"මං හිතුවා...! උඹලට මාව අබමල් රේණුවකටවත් විශ්වාස නෑ .. එහම නේද ?” සුද්දපු මාමගේ මූණෙ පොඩි තරහවක ලකුණු පේනවා 

බීලා ඉන්න මනුස්සයෙක්ට එහෙහිව කතා කිරීමේ පල විපාක මම හොඳටෝම දන්නවා . ඒ විතරක් නෙවේ බීපු මනුස්සයෙක්ගේ හිත මලක් වගේ මෙළෙක් කියලත් මම දන්නවා . ඒක නිසා වැඩිය මුකුත් නොකියලා හිත යටින් හිනා වේවී මේ කතාව කවදා හරි ලියා දාන්න ඕන කියලා හිතේ සටහන් කරගන්න අතරේ ..

"මට නම් මාමගෙ කතාව හොඳටම සුවර්" කියලා මම කීවා 

"එදයින් පස්සේ තමයි මම මේ හේන කොටන්න ගත්තේ . කොහොමහරි එදයින් පස්සේ මම ආයේ දඩයෙමේ ගියේ නෑ . හේනට කොයිතරම් ඌරෝ පැනලා මංඤ්ඤොක්කා , බතල , ටික හාරලා කාලා ගස් පෙරලලා දැම්මත් මම උන්ට හක්ක පටස් තියන්න කවදාවත් හිතුවේ නෑ . ඒකයි බොලවු මම මේ හේන කරගෙන අද රජෙක් වගේ ජීවත් වෙන්නේ . එදා අර වල් ඌරා කියපු දේ අහන්නැතුව ආයෙ වතාවක් දඩයමේ ගියා නම් අද මට උඹලා එක්ක එකට ඉඳන් මේ වගේ උපන්දිනයක් ගන්න වෙන්නේ නෑ. මයෙ වැදූ අම්මපල්ල !!”

ඔන්න ඔහොම සුද්දප්පු මාමාට වල් ඌරෙක් කීව කතාව අවසාන වුණා .

කාපු බීපු තැන් වල සතා සරුපයාවත් වැඩි වේලා ගැවසෙන්නේ නැතෙයි කියනවානේ ඒක නිසා මමත් අනික් කීපදෙනාත් සුද්ද මාමට සුබ පතලා . අපේ ෆෝන් වලින් විහිදුණු සුදු පාට එළියෙන් ගෙවල් බලා පිටත් වුණා .

ඔහොම ටික දුරක් පිට යනකොට මගෙත් එක්ක ආපු කලු බාසුන්නැගේ මාමා ගෙන් මම මෙහම ඇහුවා

"කලු මාමෙ බලහං සුද්දපුමාමා කීව කෙප්පෙ ...අර ඌර කතා කරපු සීන් එක .? ඌරා කීව දේ අහලා හේන් කොටන්න ගත්තා කියන එක ?

"හ්ම්...මට හිතෙන්නෙම සඳරු පුතේ ඒක ඇත්ත !”

"මොකක් !

"එදා ඔය කළේ ඇතුළේ මොන දේවල් වෙන්න ඇතිද බං අපි කෝමද මෙහෙ ඉඳන් ඒවයෙ ඇත්ත නැත්ත කියන්නේ ..?

"ඒකත් එහමද එතකොට ඌරෙක් කතා කළා ? ඒකත් අමු සිංහලෙන්

"නෑ නෑ පුතා මම කියන්නේ ඌරා කතා කරපු සිද්දියක් ගැන නෙවේ"

"එහෙනං"

"ඌරා නිසා සුද්දප්පු හේන් කොටන්න ගත්ත එක ඇත්තක් කියලයි මම කියන්නේ දැක්කෙනේ උඹ උගේ කකුලේ තිබ්බ දළ පාර ?

"මට තේරුන්නෑ මාමේ"

"බං...! දැං සුද්දප්පු බිම වැටුණේ පස්ස උඩට හිටින්න මුනිං අතටෙයි කියනවා නේ .!

"ඔවු"

"ඌරා සුද්දප්පුට වෙන මොනවා හරි අසික්කිත වැඩක් කරන්න ඇති ඔය කැලේ ගමන එපා වෙන්නම . . ඔහොම දෙයක් උනාම දඩ මස් එපා වෙන එක අහන්නත් දෙයක්ද බං ? එදා ඉඳන් ඌරන්ට බය ඒක වෙන්නැති .. අනික ඌරා කියන්නේ ලේසි පාසු සතෙක්යැ බං !

කඳුළු එනතුරු හිනා වෙවී මම ගෙවල් ගාවටම ආවා

මේ පළාතේ මිනිස්සුන්ගේ හපන්කම්, පුරසාරම් , මගෝඩි වැඩ මට අවුරුද්දක් ගියත් කියලා ඉවර කරන්න බැරි වේවි .මේ වගේ ජොලි කතා අහමින්, ගමේ අමුතු අමුතු ඩයල් ඇසුරු කරමින් මේ පැත්තේ මම ගෙවන්නේ කොයිතරම් ජොලි ජීවිතයක්ද ?

කාලෙකට පස්සේ මට හිතුණා මම මාරම වාසනාවන්තයි කියලා ..

මම අහපු මේ කතාව ඇතුලේ මහා ලොකු දෙයක් නැතත්. මේ කතාව හෙමිහිට ලියාල දාන්න හිතාගෙනම මම ඇඳට වැටුණා .



/ලි ...
සමාවෙයං මාමේ උඹ මට දෙයියෙක් !! .. මම උඹගේ ඇත්ත නම මේ කතාවේ ලියලා නෑ නේ ! අනික උඹත් මේ ගමේ කවුරුවත් බ්ලොග් කියවන්නේ නෑ කියලත් මම දන්නවා .. ඒක නිසා මේක ලීව එක ඒතරම් වරදක් නෙවේ .මේ ලිපියෙන් උඹට කවදාවත් හානියකුත් නෑ .. ඉතින් වරදක් වුණානම් සිය දහස් වාරයක් සමාවෙයං .

96 comments:

සිත් අහස said...

ඇත්තටම සඳරු ඔයා නම් හරිම වාසනාවන්තයි තමයි,. මට නම් මේ කොළඹ ගෙවන ජීවිතේ එපා වෙලා,. ගහක් වැලක් නෑ,. මනුස්ස ගති තියෙන මිනිස්සු හොයාගන්න හරිම අමාරුයි,. නිවාඩුවක් ලැබුන ගමන් ගමේ දුවන්න තමයි මමත් බලාගෙන ඉන්නේ,.
සුද්දප්පු මාම කොහොම වුනත් හොඳ කථිකයෙක්. ආසා හිතෙන විදියට ඔය වගේ කථාවක් ගොතන්නත් හැකියාවක් තියෙන්න ඕනෙනේ,. :)
ලියන රටාව නම් හැමදාම වගේ, උපරිමයි සඳරු,.

Anonymous said...

උඹලගේ ගමේ තියෙන්නේ දැන් නගරේ තියෙන කැත විහිළු නෙමේ බං.... හොඳට විඳින්න පුළුවන් අහිංසක විහිළු... මරු මචං...

උඹට කියන්න දැන් කොළඹ ඉන්න හිඟන්නෝ ගාවත් මොබයිල් ෆෝන් තියෙනවා බං. ගතමනාව එකතු කරගෙන ගෙදර යන්න කලින් මොනාද ගෙදරට ඕනේ අඩුම කුඩුම කියල පාරේ ඉඳන්ම ෆෝන් එකෙන් අහලා ඒවත් අරගෙනයි යන්නේ...!

කස්ස said...

මම හිතන්නෙ නම් ඌර මොනවම් හරි කරන්න ඇතයි

සුශාන් ප්‍රියනාත් රත්නායක said...

කතාකරන වල් ඌරගේ ඇත්ත නැත්ත කෙසේවෙතත් ඔය මනුස්සයට පවුකාර වැඩ වලින් ඈත්වෙලා දියුණුවෙන්න ඔය විදියට දොරටු විවර වුණු එකම ලොකුදෙයක්නොවැ . කොහොමත් කෙහෙල් අත්තක් මහ රෑක හෙලවෙනවා දැක්කත් ඒක අපේ හිතින් හොල්මනක් කරගන්න එකේ වල් ඌරෙක් පස්සෙන් පන්නද්දි දැනෙන මර බියට වල් ඌරා කතා කළා නෙවෙයි ඊට වඩා වැඩි දෙයක් වුණත් වුණා වෙන්න බැරි නම් නෑ නේද . . . ජය

Gimhani said...

සඳරූ , මේ වගේ ගැමි කතා හරිම රසවත් . ඒත් දැන් අපිට මේව ඇහෙනව හරි අඩුයි . ඔයාවත් ලියන්නකෝ.

miuranga said...

"කාලෙකට පස්සේ මට හිතුණා මම මාරම වාසනාවන්තයි කියලා"
හරියටම හරි බන්. කොලඹ බෝඩින් වෙලා ඉන්න එක මහ දුකක් තම්යි බන්. මීට වඩා හොඳයි ගෙදරට වෙලා ඉඳන් හේනක් කොටන එක කියල මටත් අම්බානෙක හිතිල තියනවා.

ඕකට වල් ඌරා කියන්නේ ඔය වල්කම හින්ද වෙන්න ඇති මයෙ හිතේ.. :D :D

Anonymous said...

ela katawa machan

මාතලන් said...

"ගේ" කතාවලට එකතු වෙච්ච ක්‍රමේ නම් මාර ලස්සනයි. ඌ ගේ ඌරෙක්, වැඩෙ කලායින් පස්සේ මමා ගැන දුක හිතෙන්න ඇති. අපේ නෝනා කොළඹ කෙසෙල් ගෙඩි වලට කාබයිට් දාලා කියලා. දුර පලාතක ගිහින් එන කොට කෙසෙල් ගෙඩි එතනම කාලා. අරගෙනත් එනවා. මීට පස්සේ ඒකත් ඉවරයි. මොකක්ද බන් ගමේ ඉඳලත් ජම්බෝ පීනට්ස් එක්ක අර ප්ලේන්ටි පාට වතුර බොන්නේ. මෙහෙ වරෙන්කෝ. අපි නම් වල් ඌරෙක් හරි, හැඬැල්ලෝ හරි, නිවිති කොළ්යක් එක්ක හරි එවා බොන්නේ. අර මාමා බුලත් වෙනුවට කන්නේ මොනවද කියලා. රහසෙන් කනට කරල කියහංකෝ.

පූසා said...

ඔය වගේ මිනිස්සුන්ව හරි මඟට ගන්න වල් ඌරෝ දැන් හරි අඩුයි :D

Anonymous said...

එ් කියන්නෙ උෟර කියන සතා අපි හිතනවට වඩා භයානකයි! :D :D

cjgayan said...

! සමහර දාට වදෙන් පොරෙන් රුපියල් සීයක් උගේ ගේ ඇතුළට විසික් කරලා මම ඒ මල්ල ගෙදර ගෙනාවත් බොහොමයක් දාට ඌ මම දුන් සල්ලි ආපහු මගේ සාක්කුවටම ගුළිකරලා දැම්මා. ජීවිතේ දුප්පත් වුණාට උංගේ පපුව ගොඩක් පෝසත් !

උඹ හරි සඳරු මේ කොළඹ නැති ගොඩක් මනුස්සකම් තාම ගම් වල තියෙනවා

කතාවත් සුපිරියි..

Dee said...

සරලයි.. අව්‍යාජයි..

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

ඔබ විශ්වාස කරන එකක් නැහැ මම කියන දේ. මම නම් සුද්දප්පුවව විශ්වාස කරනවා. ඔබ දන්නවද ඒ කථ කලේ කවුද කියලා. ඒ තමයි සුද්දප්පුගේ යටි හිත . ඔන්න ඔහු හරිම වාසනාවන්ත මනුස්සයෙක්. හැම මිනිහෙක්ටම යටි හිත දෙනවා නියෝගයක් දිනකදී, කොහේදි හරි, අන්න ඒක තමයි ඔහුගේ ඉරනම. මට ඕක ලැබුනේ මම විද්‍යාවේදී උපාධිය කරමින් ඉන්න අතර. " උඹට ගැලපෙන්නේ මේක නෙමෙයි උඹ පලයන් ආයූර්වේදෙට" අපේ පරම්පරාවකවත් එකෙක් නොකරපු හරුපයක්. ඒත් මම ඒක තෝරා ගත්තා. අද මම මොන තරම් ඉහලින්ද ඉන්නේ. විද්‍යාවේදී කළා නම් මම අද බොහෝ දුරට ගුරුවරයෙක්.
ලස්සනයි මලේ හරිඅම් වැදගත් කථාවක්.

සිහින said...

උඹත් දැං හෙන සල්ලි කාරය වෙලා... කෙහෙල් කැන ගේන්න ආට එකේ යන දුර රෑට පයිං... ඕක කරේ තියං එන්න තිබ්බනෙ බං... ෆෝන් ගැනනං කවර කතාද. අපේ පැත්තෙවත් නැති සොෆ්ලොජික් උඹලෑ ගෙට එහා පැත්තෙ !!!

රාජ් said...

ඇත්තටම ඌරා අරවගේ අසමජ්ජාති වැඩක් කලාවත්ද? :D

Unknown said...

ඔබ දැන් වල් ඌරෙක්...වල් ඌරෙක් !!! :D
සිරාවාට ඔයාලගේ පැත්ත නම් නියමයි..මට මේ කොළඹ ඉන්න එකත දැන් එපා වෙලා තියෙන්නේ :(

Praසන්ன said...

ඇත්තටම ඔය වගේ පැත්තක ජීවත් වෙන උඹල ටවුන් වල ජීවත්වෙන අයට වැඩිය වාසනාවන්තයි.

ඈ බං සඳරු ඔය සුද්දප්පු මාම ගාව තියෙන ‍ෆෝන් එකෙන් බ්ලොග් බලන්න බැරිද?

Unknown said...

හැබෑටම එහෙම එකක් වුනාද දන්නෙ නෑ.අර යු ටියුබ් එකේ තිබුනෙ කුලූ හරකෙක්ද කොහෙද බිම වැටුන ගෑණූ කෙනෙක්ට වැඩේ දෙන්න ට්‍රයි කරනවා. :D

Harshana said...

හොද වෙලාවට උබලගේ මාමා ගිහින් උන වැඩක් උනේ ඕක.
බැරිවෙලාවත් උබට උනානම්... ;)

උබට ඕක නොඋන නිසා ලස්සනට ලියල තියනව .... :D
තව කතාවක් ආයේ අහගෙන අපිටත් කියන්න එහෙනම්...

Anonymous said...

kalu mama kiuwa kathawa patta machng.Haha.

Raj said...

මොනා උනත් දඩයම නැවතුන එකනම් ලොකු දෙයක්...අර ඌරා තමා ඌරා..බැරිවෙලාවත් මාමට ශරිරක්කෘත්තිය කොරන අවයවේට ඌරා දලේ බැස්සුවනම් තමා වැඩේ ..D

Weni said...

\\දුප්පත් උනාට උන්ගේ පපුව හරිම පෝසත් ...කාලෙකට පස්සෙ මට හිතුනා මාරම වාසනාවන්තයි කියලා..\\

තව වෙන මොනවද සඳරූ ජීවිතේට ඕන වෙන්නෙ ? අපි මෙහෙ අපිම පටලවා ගත්ත ඒවා ලිහා ගන්න දත කනවා.. පොඩි පහේ ඉරිසියාවක් නැත්තේම නැහැ උඹලා ගැන..

Podi Kumarihami said...

අනේ ගම්වල ඉන්න මිනිස්සුන්ගේ විශ්වාස වැරදී කියලා අපට කියන්ට බෑනේ. මොන විදියකින් හරි සුද්දප්පු මාමට හේන කොටාගන , පවුල රැක ගන්ට ඌරෙක් හරි උදව් උනානම් නම් මොකෝ නේද?

අම්මෝ ඔයාගේ ගම සඳරූ....:)

sameera said...

කවුද දන්නෙ මිනිහා ඇත්තම කිව්වද කියලා ඒ වෙලාවෙ ඇතිවෙච්ච මර බයට එහෙම දෙයක් ඇහුනද කියලා මිනිහගෙ යටි හිතෙන් ම ........ එහෙම දේවල් වෙනවා......

saumiya said...

ela kathawa sanaduwo....... oya katha serama daapan ban apita balanda... api hari asai umbe katha ahanda...
jaya wewa !!!

මාරයාගේ හෝරාව said...

අපේ මිනිස්සු මහ පුදුම ජාතියක් බං..ඇත්තක් කිව්වත් පිළීගන්නේ නැහැ..ඒත් බොරුවක් රහ කරලා කිව්වනං ඉහ මුදුනින් පිළිගන්නේ...

සුද්දප්පුයි උරූ නාම්බයි ගැන කතාව බොහෝම අගෙයි සඳරුවෝ...

ඔබ නොදු‍ටු ලොවක්..... said...

අතීතෙට ඇදිලා ගියා හිත මටත් හොරා...දන්තීන අල කෑවා මාතර ඉන්න කාලේ පොල් එක්ක ඇති වෙන්න..ඔය කෙසෙල්කැන් නං ඉදෙව්වේ අපි දුං ගහලා...ගමේ විස්තරේ අපිට මැවිලා පේන්නම කථාව ලියලා...එළ....

Anonymous said...

කවදත් මිනිස්සු යහමින් ගැවසෙන..අරුමෝසම් ලෝකෙට වඩා ගම්මානෙට ආසා කරන්නේ මන් පුන්චි කාලේ ඉදන්..ඒත් අවාසනාවට මාව ඇදිලා යන්නෙම..නාගරිකත්වයේ හිනිපෙත්තට මිසක්,ඔයා ඔය කියන නිදහස් ජීවිතේට නෙමේ...ගමේ උයන කෑම ටිකක් කාලා එන්න තියේනම්...ම්ම්ම් ඔය පැත්තේ එන්ට තියෙනන් කොච්චර අපූරුද...(කාබයිට් ගහපු ඇබුල් කෙසෙල්නම් මට අප්‍රසන්නයි හැබැයි ඕන්..ගහේම පැහුනු පලතුරු වල රසට කටේ කෙලත් උනනවා..යාලු )

වසිලිස්සා said...

මටනම් සඳරු සුරංගනා කතා වගේ කතාව මැවිලා පෙනුන,ඒ වගේම ලස්සනට ඔය ලියල තියනවා..තමන්ගේම ගමේ ඉපදිච්ච දා ඉදන් දන්නා කියන අයත් එක්ක ගෙවන ජිවිතේ සතුට වෙන කොහෙවත් නෑ සඳරු.ඔය ඇත්තටම වාසනාවන්තයි තමා.

නචියා said...

සුද්දප්පු මාමා බුලත් වෙනුවට හැපුවෙ මොනාද කියපන්කො බන්....

කලු මාමගෙ කතාව තමයි කතාව.........:)

මාරයාගේ හෝරාව said...

@නිසුපා...

ඔයත් බලන එව්වා..:P

චතුරිකා ජයංගනී කස්තුරිඅාරච්චි said...

ඔයාගෙ ගම නම් නියමයි මල්ලී!!!!!!!!!!!!!!!

Anonymous said...

මට මේවා දැක්කම උඹ ජීවත් වෙන ගමට ඇවිල්ල යන්න හිතෙනවා....

සරත් ලංකාප්‍රිය said...

ආන්න ආන්න උඹ ගමේ එකා වෙලත් කෙහෙල්කන ඉදවන්න කාබයිඩ් ගැහුවා ..යකෝ ඕවා විසයි.. අපි කරන්නේ ඕක කැප්පෙටිය අතු පැපොල් කොළ අතරේ හොඳට ඔතල වලකට දාල උඩින් ලාලි දාල පස් වලින් වහල පැත්තකින් හිලක් හදල දුම් පිඹින එක.. එක මාර ආතල් වැඩේ.. දවසක් යනකොට පැත්තකින් හිලක් හාරලා ඉදිලනම් ගෙඩි කඩාගෙන කනවා !

දුකා said...

හෆොයි . . .
සුද්දප්පු මාමා දන්නවනම් බොලා මේ කතාව මෙහෙම ලිව්ව කියලා, කලු බාසුන්නැහේ අර කිව්ව ජාතියේ නොසන්ඩාල වැඩේ සුද්දප්පු මාමා බොට කොරන එක කොරනවමයි කියලා මට සුවර් ඕන් . . .

Sachith said...

අද තමයි මගේ මුල්ම කමෙන්ට් එක....මම මුලින්ම හිස් අහසට ආවෙ ගිය සතියෙ.. අර ගාමණී චිත්‍රපටිය ගැන දාලා තිබුන එක කියවන්න..එත් ඒක කියෙව්වම අනිත් ටිකත් කියවන්න හිතුන එදා ඉදන් අද වෙනකන් බ්ලොග් එක මුල ඉදලම කියවගෙන අවා දැන් තමයි ඉවර උනේ..බ්ලොග් එක ගැනනම් කියන්න දෙයක් නෑ උපරිමයි...මේකත් එක්ක ගත්තම අපි වෙනදා කියවන කතන්දර මොනවද කියල හිතෙනවා මචන්...ලියන විදියනම් පට්ට ලස්සනයි මචෝ..මගේ වයසෙම ඉන්න කෙනෙක් මෙහෙම ලියනවා කිව්වම මටනම් ටිකක් හිතාගන්නත් අමාරුයි...කොහොම උනත් මම කියවපු බ්ලොග් වලින් හොදම එක කිව්වට වරදක් නෑ...දිගටම ලියන්න...ජය වේවා..!

Anonymous said...

අනේ බන් වැඳල කියන්නෙ සඳරුවො ඔය හේන් ගානෙ එහෙම උඔනම් යන්න එපා.උඔ මුනින් අතට වැ‍ටුනොත් අපට මේ බ්ලොග් එක කියවිල්ලත් නැතිවෙනවා.හැබැයි සමහරවිට ඊට පස්සෙ ඌරා හේන් කොටන්න පටන් ගන්නත් පුලුවන්.එක්කො උඔගෙ කැමැත්තක් කරපන්.


මරු කතාව බන්. අදත් හොඳටම ලියලා තියෙනවා.
ජය වේවා.
JH

නවම් said...

හෙහ් හෙහ් ඈ බං ඌරෙක් හදි කොලාට පස්සෙ ගෝව මලක් වගේ වෙන්න ඇති නෙව.

Dinesh said...

මටත් හිතෙන්නේ අර කලු මාමා කිවුවා වගේ දෙයක් තමයි වෙන්න ඇත්තේ.. මොනවා උනත් කතාව නම් රසවත්..

Buru Babe said...

සඳරුගේ ගමේ එන ආශාවෙන් ඔකඳ වී සිටිමි.

දුශ් said...

මම දැන් හිතන්නේ මෙහෙමයි.. තමන් ඉන්නේ සතුටෙන් නම් කොහේ හිටියත් එකයි.. මම ගමට යන්න try කර බැරි උනා, දැන් එහෙ ඉන්න උන් සේරම මෙහාට ගෙන්න තම try එක.. හේ හේ.. ගෙදර ඉන්න උන් සේරම මෙහෙට ගේනවා.. දැන් අපි හැපී.. අපේ කියල හැගෙන මිනිස්සු ටිකක් ලග ඉන්නවා නම් කොහේ හිටියම මොකෝ?

samadhi said...

ඈ සඳරු, අර ටී.ව් බලන්න පුලුවන් ෆෝන් එකෙන් මාම බ්ලොග් එක බැලුවොත්! කපටියා ඒක තමය් ප.ලි කෑල්ල දැම්මේ. නේද?

අසරණයා said...

//ගේ ඇතුළේ බදුන් බැඳෙන හඩ පිගන් විදුරු එකට වදින හඩ සමග සිනා හඩ අතරේ යන්තම් ඇහෙන කුණුහරුපත් ඇහුනා// මාර කතාවක් තම. සුද්දපුවගේ පුතාවත් බ්ලොග් කියවන්නේ නැද්ද

හිතුවක්කාර කෙල්ල said...

"දුප්පත් උනාට උන්ගේ පපුව හරිම පෝසත් " ඇත්ත කතාව අයියෙ..මේ නගරෙ ඉන්න අරුමෝසම් සල්ලිකාර ලොකු මිනිසුන්ට වඩා,ගමේ ඉන්න අහිංසක,දුප්පත් මිනිස්සු ලග හරි ලස්සනට මනුස්සකම පිරිලා ඉතිරිලා යන්න තියෙනවා..
අයියා මේක හරිම ලස්සනට ලියලා තිබුනා.හිතේ චිත්‍ර මැවිලා පෙනුනා මට හේනක ඇවිදින්න ආස හිතුනා.:)
හික්ස්ස්...ඌරාගෙ විස්තරේ තමා නියම..:D

duliponline said...

හික් හික් . . . සඳරුවා ගේ ‍රැල්ලට එකතු උන වගයි . . . පට්ට ගේ ප්‍රවිෂ්ඨය මචං . . .

ප.ලි.
ඕකට "වල්" ඌරා කියන්නෙ නිකංද , . . .??? නැත්තං "වන " ඌරා කියන්න තිබුනනෙ

Anonymous said...

මටත් සෙට් වෙනවා ඔය වගේ කතා කියන පොරක් bar එකේදී මිනිහ නම් මහ බෝට්ටුවක skipper කෙනෙක් පොර නම් කියන්නේ ගොඩක් ම මූදු හොල්මන් කතා තමයි. එල එල ලෙසටම ලියල තියෙනවා

Observer said...

Hikis....හදිසි වැඩක් ආයේ එන්නම් තව පාරක් කියවන්න.....හෙහ්...හෙහ්...හෙහ්...

Ice (අයේෂා කුලතුංග) said...

ඒක නිකන් අර යාලුවෝ දෙන්නෙක්ට වලහෙක් හම්බවෙලා කිව්වා කතාව වගේ..
සමහරවිට ඒ වෙලාවේ සුදප්පුවා මාමගේ හිතේ ඇතිවුනු බයටම තමන්ගේ හෘද සාක්ෂිය ඇහෙන්න ඇත්තේ වල් ඌරා කතා කර වගේ වෙන්න ඇති... :) :)

සිත් අහස said...

හප්පා,.. අද මම පළවෙනියා, මේ හිස් අහසේ පළවෙනියට කමෙන්ට් එකක් දානවමයිද කොහෙදෝ,.. ජය වේවා,.. :)

widanarala said...

කාබයිඩ් ගහලා ඉදවන කතාව කියද්දියි මතක් උනේ, සරත් ලංකාප්‍රිය මිත්‍රයා කිව්ව විදිය පාවිච්චි කරලා අපේ මිත්‍රයෙක් අලුත් නිෂ්පාදනයක් කලා,ඒ තම්යි කන්න පුලුවන් සිගරට් එකක්!
අලුත් අවුරුද්දට දවසක් දෙකක් විතර තියෙද්දි අපේ මිත්‍රයාට ඔහුගේ අම්මා වැඩක් බාර දුන්නා , ඒ තමයි කෙසෙල් කැන ඉදවන එක,ඩයල් එක දවසට පස් හය වතාවක් දුං ගහලා කහ පාටට ලස්සනට ඉදුනු කෙහෙල් කැනක් නිර්මානය කරා, ඒ වුනාට ඒක කන්න පුලුවන් උනේ දුම් බොන අයට විතරයි...

වර්ණා said...

ගැමි කතාවක් අහන්නත් ආසයි.. හ්ම්ම්ම්... ලස්සනයි..

Beetle said...

කළු බාස්සුන්නැහේ මාමා කිව්ව සීන් එක මම නම් විශ්වාස කරන්නේ නෑ... ඒහෙම සීන් එකක් වුණා නම් ඌරා කියන්නේ;

"පව් කාගේ වුණත් දරුවෙක් නේ...මේ සත පණහා තියාගන්න මල්ලි... හෙටත් මේ පාරෙන්ම එන්න පුතාආආආ..." කියලා...

ක්සැන්ඩරයා said...

ලස්සන කතාවක් සඳරුවෝ.. වෙනද වගේ උපරිමෙන්ම තියෙන්නේ. එත් අර දුකා කියන්න වගේ ඇයි බං ඕකට කාබයිට් ගැහුවේ ඉදවන්න?

හිස් අහස said...

@ප්‍රාර්ථනා - අද ඔයා තමා පලමුවෙනියා . ස්තූතියි හලෝ හනි හනිකට ඇවිදින් කියෙවුවට . සුද්ද මාමා තව වැඩ වලට දක්‍ෂයි . කොළඹ මතක් කරන්නෙපා හලෝ මට ඇඬෙනවා ..
.............................................................................................................................
@prasanna86k= උඹ හරි බං මේ පැත්තේ එවුං බොහොම නෝමල් .ඒත් ඉස්සර තරම්ම නෑ දැං බං මෙහේ ආච්චම්මලාට හිටන් ෆෝන් තියේ
.............................................................................................................................
@කස්සා = මටත් හිතෙන්නේ එහෙම්ම තමා බං සෙල්ලංද බං ඌරෙක් කීවම
.............................................................................................................................
@සුශාන් ප්‍රියනාත් = මටත් හිතෙන්නෙම එහෙමයි . මර බයට හිතේ මොන මොන දේවල් මැවිලා පෙනුනද කනට ඇහුනද කියලා දන්නේ ඒ මාමා විතරමයි . ජයෙන් ජය මිත්‍රයා
.............................................................................................................................
@ගිම්හානි = එහෙමයි අක්කන්ඩි ලියන්න නම් තියේ මෙවුවා ගමකට ..ඔයාල ආසයි නම් මේං කොල්ලා ලීවා
.............................................................................................................................
@miuranga= නැතුව නැතුව ඌරා කොහොමත් සත්තු අතරත් ප්‍රසිද්ද වල් කම් කරන එකෙක් විදිහටලු .
.............................................................................................................................
@Anonymous= තෑන්ක්ස් වේවා
.............................................................................................................................
@මාතලන් = අම්මපා මට ඔය ගේ සීන් එක මතකෙට ආවෙන නෑ නෙව . යකෝ එකත් එකටම ඌ ගේ ඌරෙක් නේන්නම් . ඔය ගේ කියන වචනය ඉගන ගත්තෙ මේ බ්ලොග් කියවලාම තමයි බොලං අයියේ , සුද්දා මාමා නිතරම උඩ තල්ලේ තියාන උරච්චි කරන්නේ පොඩි බෝලයක් වගේ බඩ්ඩක් . දැං උඹට හිතා ගතැහැකි නේද ?
.............................................................................................................................
@පූසා = දැං කාලේ ඉන්නේ ඌරොත් නරක් කරන ජාතියෙ එවුන් නේ බං
.............................................................................................................................
@තනි අලියා = අති බයානකයි අනික ඌ මාර වලා
.............................................................................................................................
@cjgayan = බොහොම ස්තූතියි සහෝදරයා .අද වෙනකොට ගමේ වුණත් ඔය මනුස්සකම් නම් තියෙන්නේ බොහෝම අඩුවෙන්
.............................................................................................................................
@Dee = මම ස්තූතියි කියන්නම් ඔයාට
.............................................................................................................................
@වෙද ගෙදර මහ වෙදනා = ඌරෙක් කතා කලා කියන එක වෙද මහත්තයෝ මාව සක්වල ගලේ ගහලා පිළිගනිං කීවත් මම නෙවේ පිළිගන්නේ . මටත් හිතෙන්නෙම ඔබ ඔය කියන දේම තමයි යටි හිත කියාපු දේ මර බයෙන් හිටි මාමා පිළිගන්නැති .. එහෙම නැත්තම් මාමා බීලා පොර ටෝකක් මට දුන්නා වෙන්නත් ඇති .
.............................................................................................................................
@සිහින = කෝමද මචා කෙහෙල් කැනක් කර තියාගෙන එන්නේ ? මට දැන් බයික්කෙත් නෑ නෙව ඒකයි ආටා එකේ ගියේ .අපේ ගෙට එහා පැත්තේ තියෙන්නේ සීඕ කෝටස් එක උඹ ඔය දැක්කේ අපේ සීයලාගේ ගෙට එහා පැත්ත .. හිකි හිකි .
.............................................................................................................................
@රාජ් = වෙන්නැති බං ඌ වල් ඌරෙක් නේ
.............................................................................................................................
@ChammA =සූර පප්පා මතකෙට ආවා . හිතන තරම් අපේ පැත්තත් සුන්දර නෑ අයුබෝං .

හිස් අහස said...

@Praසන්ன = දැං ඉතින් අපිත් ටික ටික නාගරිකත්වය බදා ගන්නවා අයියා. උගේ ගාව තියන ෆෝන් එකෙන් බ්ලොග් බලන්න හැකි ඒත් සිංහල බ්ලොග් බෑ කොටු කොටු තාමා වැටෙන්නේ . අනික බං ඌ ඒ ෆෝන් එක පාවිච්චි කරන්නේ කෝල් ගන්න විතරයි ඌ ඔය ජීපීආර් ඇස් කියන මෙලව මලදානයක් දන්නේ නෑ
.............................................................................................................................
@නිසූ = අන්න මාරයා ඔයාට කින්ඩියක් පාස් කරලා උඩ බලන්න . සිරාවට ඔයා එහෙම එකක් දැක්කද ? අනේ අක්කන්ඩි ලිංක් එක දාමුකෝ බලන්න මේ පාතින් . :)
.............................................................................................................................
@Harshana= මට ලං වුණා නම් මම ඌරව කකුල් කෙටි දෙකෙන් අල්ලලා ඔලුව වටේ වට දෙකක් කරකෝලා පර සක්වලේ වදින්න වීසි කරනවා මචෝ
.............................................................................................................................
@u4j10 = අපෙ කලු මාමා සිරා ඩයල් එක
.............................................................................................................................
@Raj= අප්පා උඹ හිතලා තියන දුරක් එහෙම දෙයක් කලා නම් අද සරීර කෘත්‍ය කරන්න මෑන්ට වෙනම අවයවයක් හදන්න වෙනවා
.............................................................................................................................
@Weni= ඒතරම් දුක් වෙන්ඩ එපා වෙනී . අපිත් දැන් නාගරිකයෝ වීමට ආසන්නයි මම කවදත් ආසා කලේ සද්ද බද්ද වැඩි නාගරික පරිසරයකට .
.............................................................................................................................
@Podi Kumarihami= ඌරා ඒ කල වැඩේට නම් ඌරට සුද්දා මාමගේ පවුල පින් දෙනවා ඇති .අපේ ගම මරුය අක්කේ
.............................................................................................................................
@සමීර = කතා දෙකක් නෑ සහෝ මාමා කාරයා මර බයේ ඉද්දි ඇහුනු දෙයක් තමා අපට රස කරලා කීවේ
.............................................................................................................................
@saumiya = උඹලා කියවන්න ආසනම් මට ලියන එක මහ වැඩක් නෙවේ අනිවා ලියන්නම් හෙමිහිට උඹලා ඇවිදින් හෙමිහිට බලලා යන්ඩ . බොහොම ස්තූතියි මචා
.............................................................................................................................
@මාරයාගේ හෝරාව = කතාව පචයක්ද නැත්තං උගෙ හිතේ ඇඳුන කතාවක්ද කියන්න මම නම් දන්නෙම නෑ මාරේ අයියේ . තැන්කුයි ඉතින් අයිඩියාවට
.............................................................................................................................
@ඔබ නොදුටු ලොවක් = ඔය දන්දින අල නම් අපේ ගෙදර තියනවා ලොකූ වැලක පුදුමේ කියන්නේ ඔයි වැලේ උඩත් අල හැදෙනවා නෙව ! ඔයාට මතකද ?
.............................................................................................................................
@අසනි = ඉස්සර නම් දුම් ගහලා කෙසෙල් ඉදෙවුවා අපි . ඒත් දැන් තාක්‍ෂනේ දියුනුවත් එක්ක අපිත් මොඩ් වෙලා කාබයිට් පාර දීලා සුටුස් ගාලා කෙහෙල් කැන ඉදවනවා . අලුත් අලුත් දෑ නොසිතන ජාතිය ලොව පිරිහේ කියලා කියමනක් අහලා ඇති නේද සහෝදරී .
.............................................................................................................................
@වලිස්සා = ස්තූතියි වලී . ඒත් අනේ දැං ටික ටික ගම නගරේ වීගෙන එනවා . අපිත් ඒ වෙනස නම් මාර ආසාවෙන් විඳගන්න බලාන ඉන්නේ . තව වසර ගානකින් ගමක් නම් මෙතන නැති වේවි
.............................................................................................................................
@නචියා = තල්ලේ තියාන උරන පොඩි බේත් ගුලියක් බොලං දන්නවා ඇති නේ දැන් ..හික් හික්
.............................................................................................................................
@මාරේ = අනේද කියන්නේ
.............................................................................................................................
@දඟ මල්ල = තෑන්කුයි යාළු
.............................................................................................................................
@Anonymous = ඉතින් යාළු එමුකෝ දවසක

හිස් අහස said...

@සරත් ලංකාප්‍රිය = ඉස්සර නම් අපේ තාත්තා කෙහෙල් බිස්නස් එකක් පවා කලා ඒ කාලේ හෙන ලොකු වලක් කපලා පැත්තක හිල් කල මුට්ටියක් තියලා ඒකේ පොල් කොහු ඔබලා ගිනි තියලා පින්බා මට මතකයි ඒත් බං දැං මම ඉන්නේ අපේ ගෙදර නෙවේ අපෙ සියාලාගේ ගෙදර එහේ බිම වලවල් කපන්න ගියොත් සීයා මට ගහයි පොල්ලක් කඩං ඒකයි කාබයිට් පාර ගැහුවේ
.............................................................................................................................
@දුකා = උඹට කියන්න දුකා අයියා මට හොඳටම විස්වාසයි මේ බ්ලොග් එක අපෙ ගමේ එක බුවෙක්වත් තව වසර ගානකට කියවන්නේ නැති බවට . කියෙවුවත් උං කෝමද මේක මගේ කියලා ඔප්පු කරන්නේ හිකි හිකි . ඌ ඒවට ආවොත් නම් මම ඌව කකුල් කෙටි දෙකෙන් අල්ලලා ඔලුව වටේ කරකෝලා පර සක්වලෙන් එහාට වීසි කරනවා හරිය හික් හික් ..
.............................................................................................................................
@Sachith =අයෝ බෝං කියලා ඔන්න පිලිගත්තා මේ පැත්තට . අමුතු ලස්සනක් දැම්මේ නෑ මචං ඉතින් ඔය හිතට එන දේ කෙලින්ම අමුවෙන්ම ලියලා දාන එක තමයි මම කරන්නේ ඉතින් උඹලා එන යන නිසා තමයි මමත් දිගටම ලියන්නේ . අප්පා උඹත් මයෙ වයසෙද ? හෙහ් හෙහ් ..ජය වේවා කීවා ඒනම්
.............................................................................................................................
@JH =අප්පා මම නම් ඔය හැන්දෑ ජාමෙට ගොම්මං කාලෙට කැලේ කොලේ පයගහන්න යන්නේ නෑ අයියා . ඌරා බ්ලොග් ලියන්න ගනීවිද මන්දා නේද ? එලම කිරි ඈ ජයෙන් ජය ස්තූතියි ඈ
.............................................................................................................................
@නවම් = මොකද්ද අයියේ ගෝවා මල වගේ වෙන්නේ ? :)
.............................................................................................................................
@Dinesh= ස්තූතියි අයියා
.............................................................................................................................
@Il mondo di una povera pazza = ඔබව පිලිගැනීමට එදාට මම සැදී පැහැදී සිටින්නම් .ඒත් ඔය නම තමා මට උච්චාරනය කරගන්න බැරි වෙන්නේ හික් හික් ..
.............................................................................................................................
@දුශ් = තව ටික කාලෙකින් බං ආයේ ගම්මාන හොයන්න වෙන්නේ නෑ හැම ගමක්ම දැන් දියුනු වෙලා නාගරික වෙමින් යනවා ඒක නිසා තව ටික කාලෙකින් ඔය පරතරේ හොයන්ඩවත් නෑ
.............................................................................................................................
@samadhi = මාමා දන්නේ කෝල් ගන්න විතරයි යාළු .එයා දන්න බ්ලොග්
.............................................................................................................................
@අසරණයා = ඌ දන්නේ මචා බ්ලොග් ගල් ගැන විතරමයි . මෙහේ වැඩී දෙනෙක් පරිගණක භාවිතයට ඒ තරම් කැමති නෑ බං
.............................................................................................................................
@හිතුවක්කාරි = බෝම ස්තූතියි සහෝදරී . ඌරාගේ සේරම විස්තරේ මම මෙතන ලියලා නෑ අනේ ඒවා ලීවා නම් ඔයා මට අද බැන බැන යන්නේ

හිස් අහස said...

@ඕනෙයා = "සඳරුවාගේ රැල්ල "ඒ මොකද්ද බං ? ගින්නක් නැතුං දුමක් එන්නේ නෑ මචා වල් කියලා ඕකට මිනිස්සු කියන්නේ ඕකගේ තියන මොකක් හරි වල් ගතියක් නිසා තමයි .
.............................................................................................................................
@මලික්= බීවාම සමහරු පොරවල් , සමහරු සාන්තුවරු . තව අය කථිකයෝ ඉතින් බලහං අයියේ බීමෙන් ලැබෙන තිලිණයන් කොයිතරම්ද කියලා
.............................................................................................................................
@Observer s= කමෙන්ට් නැතුවට මම තරහවෙන්නේ නෑ අයියා . ඔයා කියෝලා යන්න ඒ ඇති
.............................................................................................................................
@Ice (අයේෂා කුලතුංග) = ඒකම තමා සහෝදරී වෙන්න ඇත්තේ මිනිස්සු බය වුණු වෙලාවට පොඩි එවුන්ං වගේ ඒක නිසා ඔහොම දේවල් හිතට එන එක සාමාන්‍යයි . එහෙම නේද ?
.............................................................................................................................
@ප්‍රාර්ථනා = ඔන්න ඔයාට මම උඩින්ම ස්තූතියි කීවා
.............................................................................................................................
@widanarala = දැං අපේ සරත් මහත්තයා ඒ කෙහෙල් කැන් වලට දුම් ගැහුවේ මොකෙන්ද හැබෑට . මට හිතෙන්නෙම එයා සිගරට් දුම් පාරවල් ඇදලා අරින්නැති එහෙම නේද ?
.............................................................................................................................
@වර්ණා = ස්තූතියි සහෝදරී
.............................................................................................................................
@බීටල් = හිනා ගියා විනාඩි දෙකක් විතර ඒ කාලේ සත පනහක් කියන්නේ හෙන ලොකු ගානක් නෙවෙ එහෙම දෙයක් ඌරා කලා නම් අද මාමා හේන් කොටන්නේ නෑ කීයටවත්
.............................................................................................................................
@ක්සැන්ඩර් = මොනා කරන්නද බං උඹ චුට්ටක් සරත් ලංකාතිලක අයියට දීපු උත්තරේ බලහංකෝ . ඒකේ ඇති සේරම විස්තරේ . ඔන්න ඕකයි අපි කාබයිට් ගහන්න හේතුව .

Charith Samarakoon said...

ෂා... තවත් හිට් එකක්...
||ජීවිතේ දුප්පත් වුණාට උංගේ පපුව ගොඩක් පෝසත්||
මේ කෑල්ල මගේ හිතට තදින් වැදුනා...ඒක ඇත්ත...

දුකා අයියගෙ කමෙන්ට් එකටත් මොකුත් නොකිය යන්න හිතෙන්නෑ... කියන්න තියෙන්නෙ මෙච්චරයි "මල් හතයි"

මාධව විදුරංග said...

math gamata aasai bn! math gama gana post 1k liyala thiyanawa! dannam ikmanata! mmm! colombo or kandy or wena taumakata yaddi mage hitha mahaa paluwakin pirenawa bN! eeth game gode awida awida innakota maara fun bN! gama raththaran!

ලොකු පුතා said...

සන්දරුවෝ, මේකනම් උඹ ලියපු සිරාම කතාවක්...
මමත් ගමක හැදිච්ච එකෙක් නිසා ගමක තියෙන රසේ දන්නවා බං
ඒත් ඉතින් දැන් අපේ ගමේ අපි පොඩි කාලේ තිබ්බ අව්‍යාජ ගතිය ටිකක් අඩුවෙලා ගිහින්
ඒත් තාමත් මගේ ගම ටවුමට වැඩිය දහස් වාරයක් හොඳයි

සුද්දප්පු මාමට ඇහෙන්න ඇත්තේ තමන්ගේ හෘදසාක්ෂිය කතා කරපු එකක් වෙන්න ඇති බං :)

Anonymous said...

මේකේ කොමෙන්ට් කරන පලවෙනි වතාව...මටත් පොඩි ඌරු කතාවක් කියන්න හිතුන..මම අලුත් ගම හොටෙල් එකක වැඩ කරන කාලෙ මතුගම පැත්තෙ ඉදල ආපු අපේ යාඵවෙක් හිටිය මෑන්ට හවසට අනිවා බාගයක් ඕනමයි.දවසක් උදේම මෑන් කට්ටියට කියනවා ..මම ඊයේ හවස වල් ඌරෙක් පන පිටින් අල්ලලා ගෙදර බැදල තියෙන්නෙ ..වල් ඌරු මස් ඕන නම් සල්ලි දීපල්ල.. හෙට මම බඩු අරන් එනවා..වල් ඌරු මස් කිව්වම කස්ටිය හොරෙන් හොරෙන් සල්ලි දෙන්නෙ..ඉතින් මූ පහුවදා එනව කිසිම ගානක් නැතිව.සල්ලි දීපු උන් අහනවා..කෝ..බඩු.මෑන් කියනවා..ඌර පැනල ගිහිල්ල බ0..තොපි වගේ මෝඩයෝ..කාටද බ0 වල් ඌරෙක්ව අල්ලලා බැදල තියාගන්න පුලුව0

කුරුම්නියා

සංකල්ප said...

"මිනිස් සිරුරට අහිතකර තේ කහට වල පැහැය ගත් දියර වර්ගය රැඳි බෝතලය කාගෙ කාගෙත් සිත් ගත්තා . "

මෙහෙම කියලා සෙට් උනේ කට්ටිය බිව්වේ නැද්ද බොල :)

ඒක නෙමේ මලේ අර කිව්වත් වගේ වල් ඌරා අසික්කිත වැඩක් කලාද දන්නේ නෑ. ඌරා උනත් වල් නේ !!!

Ravi said...

සඳරු,

මරු කතාව කොල්ලො..ඒත් බොල ටීවී එහෙමත් තියන ෆෝන් පාවිච්චි කරන උඹලයෙ ගමේ උන් බ්ලොග් ගැන දන්නෙ නැද්ද බං?

හසී said...

අපේ ජිවිත යාන්ත්‍රික වෙලා හෆ්ෆේ.. එපා වෙනවා කොන්ක්‍රීට් දැක දැක ඉන්නවා හැම වෙලාවේම... :(

දිනුක said...

මට ඉතිං කතාව ගැන කියන්න කිසිම දෙයක් අනිත් කොමෙන්ට් කරාපු ඈයො ඉතුරු කොරලා නෑනෙ.මට එකක් අහන්ඩ තියෙනවා.
"නාලා කරලා......"කියන කොට නාන එක හරි, ඒත් කරන්නෙ මොකක්ද???

Unknown said...

සදරුවෝ, හැමදාම වගේ අදත් කතාව නමි මචං එලකිරි. මෙි කොළඹට වෙලා කටු කන ජිවිතයට වඩා උඹලගේ ගමෙි ඇවිත් දවසක් ඉන්න තියනවානමි මරු මචං. හැබැයි පුතෝ කැලේ යන්නනමි බැරියෝ....හික්ස්!!!!

Anonymous said...

දැක්කා නේද අයියේ...කොළඹ බොරු සෝබන කතා වලට වඩා ඔන් ඔහේ කතා වල අපුරුව...

සුද්දප්පු මාමත් මරු කතා හදන්නෙක් නේ. :D

ශශී said...

දුප්පත් උනාට උන්ගෙ පපුව පෝසත් .....
එළ සඳරුවො නියමම නියමයි

Anonymous said...

ඌරා සුද්දා මාමට වලත්තකමක් නොකලැයි කියලා මට සුවර් බO. මොකද එහෙම උනානම් උන්දැට පවුල් කන්ට වෙන්නේ ඌරත් එක්කම තමයි. නැද්ද හා ?

අහින්සක අ.පේ.

ItalyDilan said...

අපේ ගම් වලත් ඉන්නවා බන් ඔහොම කතා කියන උන් ඕන තරම්,,,උන් ඔහොම කෙප්ප කිවුවට උන්ගේ හිත හොදයි,,

පිස්සා පලාමල්ල said...

"කාලෙකට පස්සේ මට හිතුණා මම මාරම වාසනාවන්තයි කියලා"

ඔව් බන්... සිරාවට.

ඒ උනාට මොනාද බන්... කාබයිට් දාල ද කෙසෙල් ඉදවන්නෙ උබල... ඒක කමක් නෑ.. ජම්බො පීනට් එක්ක බොන්නෙ... නැද්ද කං කුං පාරක් වත්... මට මතක විදියට උබ මස් මාලු නොකයි.. හරිද

මන්තරකාරි said...

මට හරිම ආසයි සඳරුගේ ගම බලන්න... සඳරු ඇත්තටම කොයිතරම් වාසනාවන්තද... නාගරීයත් නොවුන අතිශයින් ග්‍රාමියත් නොවුන අපේ ගමේ ඔය අව්‍යාජත්වය නෑ...

ක්සැන්ඩරයා said...

අර ලංකාප්‍රිය අයිය කිව්ව ක්‍රමේ තමා අපේ පැත්තේ සිස්ටම් එක. කාබයිට් ගහන්නේ නැතුව එහෙම එකක් කරානම් තමා හොඳ. හැබැයි පදම දැනගෙන දුම් ගහන්න ඕනේ. නැත්තන් ඒක කනවා බොරු.

Anonymous said...

මමත් හරිම ආසයි ගමක ජීවත් වෙන්න. එත් අසාවකටවත් නැයෙක් වත් නැහැනේ. ඔයාගේ කතා නිසා ඒ කැමැත්ත තවත් වැඩි වෙනවා. ඔයාගේ කතා ගැන නම් කියල වැඩක් නැ මල්ලි . බොහොම ලස්සනයි.

Anonymous said...

//ජීවිතේ දුප්පත් වුණාට උංගේ පපුව ගොඩක් පෝසත් ! //

සහතික ඇත්ත. මේ වාක්‍යය හිත ට ගොඩක් දැනුණා.....

කතාව නම් හැමදාම වගේ ලස්සන ට ලියලා තියෙනවා. ගැමි කතාවල ට මං ගොඩක් ආසයි.... :)))))

Janaka Rathnayaka said...

උඹේ කතානම් එළ සදරුවො.......

Observer said...

ආයෙමත් ඇවිල්ල මුල ඉඳල කියෙව්ව, වැඩි කාලයක් යන්නෙ නැතුව සඳරුට නිමාඩු නිකේතනයක් විවෘත කරන්න වෙනව කියලයි මට හිතෙන්නෙ. අභීත, දේශීය සහ විදේශීය, සංචාරකයන්ට ටුවර් පැකේජ් එකක් ළඟදීම ඉදිරිපත් කරන එක නං ෂුවර්.

අසේල said...

අපි කිව්වනම් නිකන් කතාව විතරයි....
මේක කියවද්දි නිකන් අපි එතන හිටියා වගේ දැනෙනවා....

නෙලාන් said...

Mama sandaruge blog eka kiyawanne godak kal idala.E unata ada thamai comment ekak danne. e ara oya liyala thiyenawane game(allapu) kawruwath meka kiyawanne na kiyala. onna ekkenek innawa. niymata liyanawa. digatama liyanna.

ඹාලු ෆිට් එක said...

69 වෙනි කොමෙන්ටුව තමා මට උරුම...
වාර විභාගේ කොරපු අභාගේ....
අපිත් ඉතිං ඔය වන්නිය පැත්තේ කරක් ගැහුවට ඔහොම කතා නං අහල නෑ ඔන්ට.. මරු...
ලංකාවේ ඔය පැත්තෙ ඉන්න මනුස්සයොන්ගේ “ දුප්පත් වුනාට පෝසත් “ පපු කැවුතු ගැන අමුතුවෙන් කියන්ට ඕනෙ නෑ...
ඒවා මනුස්සකමිං පිරිල...
සදා ජය වෙන්ටයි!..

පිස්සු පුසා said...

වෙනදා වගේ කතාව හිතේ මැවෙන්නම උබ ලියලා තියෙනවා

මම ආසම දුප්පත් උනාට උන්ගෙ පපුව පෝසත් කියන වචනෙට

මාතරේ said...

අම්මටහුදු ඌරෙක් ළඟින්වත් යන්නෑ ආයේ! ඌරන්ට ඔච්චර අසික්කිත වැඩ කොරන්ඩ පුලුවනිද?

ලහිරු said...

චිකේ... හරිම අභ්‍යාසයි..... ඵල ඵල පට්ට කතාව!

kasun said...

වෙනද වගේම තමා ඉතින්..
සුපිරී සදරු අයියේ..!!!

Judy said...

මමත් වෙදනාගෙ කතාවට එකඟයි.
මොනතරම් ගැමිකමට ජීවත් උනත් අද තාක්ෂණේ හැම අස්සක් මුල්ලක්ම ආක්‍රමණය කරලා තියෙන හැටි.

පැට්ටා said...

ඒ කියන්නෙ වල් ඌරා සුද්දප්පු මාමට කාබයිට් ගැහුවා..... හෙක් හෙක් හෙක්... පට්ට.

ayesha said...

ෂා අපූරු කතාව

සෙන්නා said...

අපේ කමෙන්ට්ස් කලුද බන් ඒවා දාන්නැත්තේ.

Hasitha Gunasinghe said...

කතාව නම් සුපිරියි ලොක්කා. මට තාම හිනාව නවත්තගන්නත් බැහැ. වල් ඌරා තමා වල් ඌරා කිව්වලු :))

Anonymous said...

ඔයා වල් ඌරෙක්. ඔයා වල් ඌරා...

Anonymous said...

ඇත්තටම සදරු මල්ලි මේ මතු කරපු සිද්ධිය අපි කාටත් වැදගත් කියලා මං හිතනවා. මේක මගේ පෞද්ගලික අත්දැකීමක්. එක දවසක් මගේ නැන්දා කෙනෙක්ගේ ගෙදර හරක් පට්ටියක් බලන්න ගියාම එතන හිටියා වහු පැටියෙක්. මෙන්න මූ දිගේලි කරලා තිබ්බට ලගට ඇවිත් ඇගේ පැලෙනවා. ඉතින් ටිකක් වෙල ගියාම එකපාරට මූ උඩ පැනලා උරහිසට කකුල් දෙක තියාගන්න හැදුවේ නැතැයි. මං ඒ වෙලාවේ උගේ බරට බිම වැටිලා ඒ ගමන්ම ආපහු නැගිටල ඇතට උනා. ඉතින් ඒකාලේ මට වයස 12ක් 14ක් ඇති. ගෙදර අය බණී කියන බයට ගෙදර කාටවත් කිව්වෙ නෑ. හැබැයි ඉස්කෝලෙදි යාලුවො සෙට්එකත් එක්ක කයිය ගහද්දී ඕක එලියට ආවා. අම්මට හුඩු. මෙන්න අපෙ උන්ටික හිනාවෙනවා බිම පෙරලි පෙරලි.. මල නෝන්ඩියයි. උන් මට ‍වඩා දැනුවත් වැ‍ඩේ ගැන. අවලං වහුපැටියා.
එදත් චාටර් වෙලා හිටියත් පස්සේ පස්සේ මං කොහොම කොහොම හරි මේන් මේ වීඩි‍යෝ එක දැක්කම කොහොම බේරිල්ලක්ද බේරුනේ කියලා හිතෙනවා. තව පොඩ්ඩෙන් මටත් වහු පැටියෙක් ....

http://www.youtube.com/watch?v=lKSNFu24Tos

මේ කථාවේ රසය උපරිමයි. ඒවගේම සැගවුන අර්ථයකුත් මං දකිනවා. මේවගේ සිදුවීම් අපේ සමාජයෙ එලියට එන ආකාරය හරිම විකෘත්තියි. ඒ අපේ සද්ගුණවත් සමාජයේ හැටි. නමුත් පිටරටක උන්න නම් මේව ප්‍රසිද්ධියේ පිලිගෙන වෙන එවුන්වත් ඒකෙන් බේරගන්න බලනවා. මේ කථාව විතරයි මේවගේ දෙයක් එලියටගත්ත එකක් හැටියට මං දැකලා තියෙන්නේ.
මේකෙන් කියවෙන්නෙ කවුරු උනත් මේ සත්තුන්ගෙන් ටිකක් පරිස්සම් විය යුතුයි කියන එකයි. ගෑණු පිරිමි දෙගොල්ලම. වල් ඌරා කියන්නේ නිකං වෙන්න බෑනේ.. නේද?

Anonymous said...

නියමයි බන් අයියෙ එලටම ලියලා තියනවා හැමදාම වගේ.



rosa.italy

කිඩෝ said...

හැක් හැක් දැන් ඉතිං අලුතින් උපමාවක් හදමු වල් ඌරෙක් ** *** වගේ කියලා :D :D

Pathum Herath said...

ලස්සන කතාව මල්ලී...

වර්ණ said...

ඌරා වල් තමා

Unknown said...

ගොඩක් ලස්සනයි..

Post a Comment

තැන්කූ බං