29.11.11

උපන් ගෙයිම මියැදුණු මගේ ඉංග්‍රීසි ඉගනීමේ සිහිනය


"හපෝ එහෙමත් භාෂාවක් !

ඔය වචනේ මගේ කටින් සිය වරකට වඩා පිට වෙලා ඇති, දහස් වාරයක් හිතෙන් කියලත් ඇති . ඒත් මම තවම මෙතන වැතිරිලා . ඉංගිරීසි කියන ටොන් ගානක බර මගේ කර මත පැටවිලා . මට කිසිම දවසක මේ ඉංගිරිසිය හරිගස්සා ගන්නේ නැතිව නැගිට ගන්න බැරි වේවි . එහෙම හිතෙන වාරයක් පාසා

"හපෝ එහෙමත් භාෂාවක් !කියලා මට නිකම්ම කියැවෙනවා .

අපිට ඉංග්‍රීසි උගන්වන්න පටන්ගත්තේ තුන වසරේදී . දවසක්දා අපි තුන වසර පන්තියේ ඉගෙන ගන්න දවසක පන්තිභාර ටීචර් ඩබල් රූල් පොතක් ගෙන්න කීවේ මේ අරුම භාෂාව උගන්වන්න කියලා මම දැනං උන්නේ නෑ . එදා කලු ලෑල්ලේ තිබුණු “A “ අකුර අපි පිටුවක් පිරෙන්න ලියුවා. එදා පටන් මගෙ ජීවිතේ තිත්ත වෙන්න පටන්ගත්තා .

ඉස්කෝලේ දහය, එකොළහ වසර වල ඉගන ගද්දී ඉංගිරිසිය නොදැන සිටීම මම ඇතුළු මගෙ පසු පස පේළියේ සෙට් එකටම දැඩි දඩුවමක් වුණා . මේ අද වගේ මතකයි මගෙ හොඳම මිතුරා කිතුලා "දෙවියො ඉන්නවා නම් ඉංග්‍රීසි ටීචර් අද නොපැමිනේවා !!කියලා දෙවියන්ට කන්නලවු කරන හැටි . හිතෙන් භාර හාර වෙන හැටි .

අන්තිම පේළියේ හෙළයො වෙච්ච අපි "ඉංගිරිසි ටීචර්ට එන්න නොලැබේවා !!කියලා දෙවියන්ට කන්නලවු කරන අතරේ ඉදිරිපස පේළියේ ගොඩ සුද්දෝ සෙට් එක නම් ටීචර් මොහොතක් පමා වුණත් ගිහින් එක්කං එන්න පවා උත්සහ කරනවා . අපිට ඒ කාලේ උන්ව පෙනුණේ අපේ හතුරෝ වගේ .ඒත් ඉංග්‍රීසිය බැරිව අද දුක් විඳිනකොට නම් එදා කරපු දේවල් වල රඟේ අද මට හොඳට තේරෙනවා .

මම වැඩ කරන පරිගණක ඉන්ස්ටිටියුට් එකේ උගන්වන්න ගිය අලුත ඉංගිරීසි ඉගන නැතුව සිංහලෙන් වැඩ දාන්න මම කොතෙකුත් උත්සාහ කලා . ඒත් ඒක බොහොම අසාර්ථක උත්සාහයක් . පරිගණකය කියන්නේ තනිකරම ඉංගිරි එක්ක බැඳුණු දෙයක් හරියට ලිපට ගින්දර වගේ . ඉතින් රස්සාව එපා වෙන තරමටම ඉංගිරිසිය මට කුරිරුකම් කරන්න පටන්ගත්තා . අන්තිමේදී මමත් තීරණේ කලා තනියෙම්ම හරි ඉංගිරීසි පන්තියකට එකතු වෙන්න ඕනෙයි කියලා

අපෙ ගම්පළාතේ ඉංගිරිසි සර්ලා ඕන තරම් හිටියා . ඔය හැමෝම අතුරින් වතුර වගේ ඉගිරීසි විදින්න උගන්වන ගුරු උතුමෝ හිටියේ කීප දෙනයි . ඒ අය අතුරිනුත් යුරෝපීය ක්‍රමේට අඳින පළඳින කතාබහ කරන ස්වභාවික ඉංග්‍රීසි ගුරුවරු හිටියේ කීපම දෙනයි . ඒ අයත් අතුරින් හොයලා තෝරලා බේරලා ගත්තාම අපිට උගන්වන්න හැකි වේලාවක් තිබුණේ එකම එක ගුරුවයෙක් ළඟ විතරමයි .

ඩේවිඩ් සර් (අයියා)

ඇත්තටම අපේ පැත්තේ හිටපු හොඳම, තරුණ, ජව සම්පන්න, ඉංගිරීසි වතුර ලෙස කතා කරවන, සුපිරි , නිර්ලජ්ජිත , රැකියා විරහිත ගුරුතුමෙක් තමයි ඩේවිඩ් සර්.

මතට පෙම් බැඳි, දුමට හද බැඳි . එහෙම සර් කෙනෙක් මේ උතුරු වැවුගම් පත්තුවටම හිටියේ නෑ . අනික මිනිහා තනිකඩයා ඒ නිසා පවුල් බරකුත් නෑ. අනේ ඉතින් බොහොම පොඩි ගාණක් අතේ මිටේ ගුලි කළාම , කුප්පමේනිය මුලට දැපනේ වැටුණු බලලා වාගේ ඩේවිඩ් සර් ඉංගිරිසි උගන්වන්න ඕනම තැනකට එන්න සූදානම් වුණා .

දක්‍සයාට මේ ලෝකේ කොතනත් තැනක් නෑ . ඉතින් අපේ ඩේවිඩ් සර්ටත් ඉස්කෝලේ ගුරුතුමෙක් හෝ වෙනයම් තැනක රැකියාවක් ලබා දෙන්න තරම් දෛවය කාරුණික වෙලා තිබුණේ නෑ ඒකට එක් හේතුවක් තමයි ඩේවිඩ් සර්ට හරිට පුළුවන් වුණේ ඉංගිරිසි විතරක්ම පමණක් වීම . ගණිතය, විද්‍යාව වගේ විෂයන් අසමත් වෙලා ඉංගිරිසියෙන් විතරක්ම වැඩ කිඩ පෑව ඩේවිඩ් සර් ළඟට ගිහින් ඉගිරිස් පන්තියක් සූදානම් කරගන්න මමත් ලහි ලහියේ සූදානම් වුණා .

මොන්ටි සෝරියට මාව ගිහින් දාලා අතහැරපු දා පටන්ම මගෙ හොඳම මිත්‍රයා වුණේ මම කවදත් කියන කිතුලා. ඉතින් මට මොනාහරි දෙයක් වෙනකොට ඒ දේම අඩු නැතිව ඌටත් සිද්ධවෙනවා . ඉතින් සාපෙ විභාගෙදී මම මල් ඇදලාඉංග්‍රීසි ලියලා ඉංගිරීසි වලට ඉහළින්ම F අකුරක් අරගද්දී මගෙ මිත්තරයා කිතුලත් F අකුරක්ම අරගෙන තිබුණා . ඉතින් මේ ඉංගිරීසි පන්තියට කිතුලා සමග තවත් මම වගේම ඉංග්‍රීසියට හිත නැති කිහිපදෙනෙක් සහභාගි කරගන්නත් මම තීරණය කලා .

එක බදාදා උදෑසනක අපි දෙන්නා ඩේවිඩ් සර්ව හොයාගෙන ගියේ අපිටම කියලා ඉංග්‍රීසි පන්තියක් අපේම තැනක සකස් කරගැනීමේ අදහසත් හිතේ තද කරගෙනයි . පාර පුරාම පුට් සයිකලෙන් කරක්ගහමින් පැය ගාණක් ඩේවිඩ් සර්ව හෙවුවත් මිනිහා නම් අපෙ ඇහැකටවත් දැක ගන්න බැරි වුණා . ඒත් මොහොතකින් අපිට ලැබුණු තොරතුරකින් කියවුණේ ඩේවිඩ් ගුරුතුමා හන්දියේ පච කඩේ පිටුපස සැඟවිලා දුම් වැටික පහස ලබමින් ඉන්න බව . ඉතින් අපි දෙන්නත් ඊයක වේගෙන් පිඹගෙන ගිහින් නතර වුණේ පච කඩේ පිටුපස .

කඩේ පිටුපසට යද්දී එතන පිරිලා තිබුණු සිරුරට අහිතකර දුම් වළාවන් මැදින් මම ඩේවිඩ් සර් ගේ මූණ දැක්කා . මිල කරන්න බැරි දියමන්ති හැදෙන්නෙත් ගල් අඟුරු පතල් ඇතුළේ ! . ඒවගේමයි වටිනා කියන උගත් බුද්ධිමත් මිනිස්සුත් හමුවෙන්නේ රජ මැදුරු ඇතුළෙන් නෙවේ . උං ඉන්නේ ලෝකෙන් වහං වෙලා . උංව හොයාගන්න අපේ පින් බලයත් තියෙන්න ඕන .

"හේයි ගායිස් වට් කැනායි ඩූ ෆොයූ ?

ඩේවිඩ් ගෙන් නොහිතාපු විදිහට අපිට එල්ලවුණු කඩු ප්‍රහාරය හමුවේ අපි පොඩ්ඩක් විතර පසු බැස්සා. ඉදිරියෙන් හිටි කිතුලා මගෙ පිටුපසට වුණා .

"උඹ කතා කරපං"

ඌ එහෙම කියමින් මාව හෙමිහිට ඉදිරියට තල්ලු කලා .

මේ ඩේවිඩ් අයියේ . මම සඳරු දන්නවනේ අර සුනීත නැන්දලාගේ ගෙට උඩහින් ඇළට පහළින් .....! මම දන්න සිංහල පාවිච්චි කලා .

"අයිනෝවු අයි නෝවු .. ඒත් මචං මගෙත් එක්ක කතා කරනවා නම් ඉංග්ලිෂ් වලින් කතා කරන්න . එතකොට ඔයියාලගෙ අරවත් පොලිෂ් වෙනවා නේ !. වැරදුනාට කමන්නෑ මම හූ කියනවයෑ ! ඕකේ ට්‍රයි නවු ඉන් ඉංග්ලිෂ්. මොකටද ආවේ ?

මම බය වුණේ නෑ හිතේ දිරිය කටට අරං මූණ දිගේ වැගිරුණු දාඩිය මුගුරු පිහිදලා මම ජීවිතේ පළමුවෙනි වතාවට ඉංග්‍රීසියෙන් දිග වාක්‍යක් කතා කලා .

(අයියේ අපිට ඉංග්‍රීසි පන්තියක් දාගන්න ඕනෙ ඔයාට කියලා , නිකම් නෙවේ ගාණක් දෙනවා ) මම ඔන්න ඔය වාක්‍ය ඉංග්‍රීසියෙන් කීවේ මෙන්න මෙහෙමයි

"බ්‍රදර් වී වෝන්ටු ඉස්ටාට් ඉග්ලිෂ් ක්ලාස් ඔෆ් යූ. නොට් නතින් වී ගෙටිං සම්තිං ෆො යූ"

මම ඉංග්‍රීසියෙන් කතා කරන දිහෑ පච කඩේට ආ හුඟදෙනෙක් බලාන හිටියා .

"මොකක්ද බං ඒ කීව අලි කුණුහබ්බේ ? කමන්නෑ කියාපියවු සිංහලෙන්ම “. ඩේවිඩ් ඔළුවේ අත ගහගෙන එහෙම කීවා .

"ඒකනේ බං කියන්නේ ඉඊංග්‍රීසි දන්නවා නම් උඹව හොයං එන්නේ නෑ නේ .‍” වැරදීම නිසා ඇති වෙච්ච ලැජ්ජාව නිසාම මට ටිකක් කේන්ති ගියා .”

 
කොහොම හරි අපි ආපු කාරණාව කෙටියෙන්ම ඩේවිඩ් සර්ට කියලා ඉංග්‍රීසි පන්තියට දිනයක් සහ වේලාවක් වෙන් කරගන්නත් අපි සමත් වුණා . හිතේ බය අඩු වෙලා ගිහින් හීන් සැනසුම් සුසුමක් පිට කරලා පපුව සැහැල්ලු කරගන්න මට පුළුවන් වුණේ ඊට පස්සෙයි .

කෙටියෙන්ම කීවොතින් 2011 සාපෙ විභාගෙට පුද්ගලිකව පෙනී ඉඳලා ඉංග්‍රීසි වලට C සමාර්ථයක් අරගන්න බොහොම ලොකු උවමනාවක් මගෙත් කිතුලා ගෙත් හිත් වල රැඳිලා තිබුණා . ඒත් මේ දැනට තියන තත්වේ අනුව C තබා S එකක්වත් අපිට ගන්න බැරි බව මම හොඳින්ම දැනගෙන හිටියා . ඉතින් ඉංගිරීසි ටියුෂන් පන්තියක වටිනාකම මට හොඳින්ම තේරුම් ගියේ ඔන්න ඔය හේතුව නිසාමයි.

එක සඳුඳා දවසක හැන්දෑවේ හයට අපේම මිත්‍රයෙකුගේ නිවසේ ඉස්සරහ පිලේ ඉංග්‍රීසි පන්තිය ආරම්භ කරන්නට සියලූම වැඩ කටයුතු සූදානම් වුණා . මමත් මගෙ මිත්‍රයා කිතුලත් ඇතුළුව තවත් මිතුරන් තුන් දෙනෙක් මේ ඉංග්‍රීසි පන්තියට සහභාගි වෙලා හිටියත් ඒ හතර දෙනාටම මටත් කිතුලාටත් තරම් ඉංග්‍රීසි ඉගනීමේ ලොකු අවශ්‍යතාවයක් තිබුණේ නෑ . ඒක නිසා අපේ වදෙන් බේරෙන්න වාගේ උන් හතර දෙනා පන්තියට ඇවිදින් ඉඳගෙන උන්නා .

ඔය මිතුරන් හතර දෙනා මැද ඉඳපු රණසිංහ කියන මිත්‍රයාගේ නිවසේ තමයි අපේ පන්තිය සූදානම් වෙලා තිබුණේ . වමේ ඉඳගෙන හිටපු චන්ද්‍රපාල අයියා නම් ගණිත විෂයට අති දක්‍ෂයෙක් ! ඒත් ඉංග්‍රීසි වලට අන්ත දුර්වලයයෙක්. එයා රැකියාව ලෙස කලේ කේන්දර බලන එක . ඊළඟ උන්නු තිලක් කියන මිත්‍රයා නගර සභාවේ ටැක්ටරේ සේවය කලා කාලයක පටන්ම ඉතින් එයැයිට ඉංග්‍රීසි මොකට උවමනා වෙනවාද කියන්න අපි දැනං හිටියේ නම් නෑ . ඉතින් මෙන්න මේ කියන චරිත තුනත් මමත් කිතුලත් ඇතුළුව අපෙ ඉංග්‍රීසි පන්තියේ සිසුන් සේරම ගණන පහක් .

ටිකෙන් ටික වෙලාව ගත වුණා . පන්තිය පටන්ගන්න නියමිත වෙලා තිබුණේ හවස හයයි හමාරට . ඒ වෙනකොට වෙලාව හයයි කාලට විතර ඇති . මුලු පන්තියම වෙලාගෙන තිබුණ නිහඬ බව බිඳලා චන්ද්‍ර පාල අයියා කටහඬ අවදි කලා ..

"මේ මල්ලී ඔය ඩේවිඩ් කියන මිනිහගේ ඉසිපෝකන් ඉග්‍රීසි ඉගැන්වීම ඒ තරම් හොඳ නැල්ලු නේද ?


ඒ ප්‍රශ්නේ අහපු එකට මම චන්ද්‍රපාලයියට හිතෙන් සාප කලා ! මොකද කීවොත් ඒ ප්‍රශ්නෙන් පස්සේ පන්තිය පුරාම කුටු කුටුවක් පැතිරෙන්න ගත් නිසා . ඒ මදිවට චන්ද්‍රපාලගේ කටින් පිටවුණු ප්‍රශ්නෙත්
එක්ක මධුපාන සුගන්ධයක් පන්තිය පුරාම පැතිරෙන්නත් පටන්ගත්තා .

"උඹ බීලද අයියේ ආවේ ?

"හේ ...මේ මල්ලියෙ පොඩ්ඩක් වෙන්ඩ .

ඔන්න එතකොටම වේගයෙන් ඇවිත් නවත්තාපු යතුරු පැදියකින් බැහැලා අපෙ ඩේවිඩ් සර් පන්තියට ආවා . වෙලාව හවස හය පැනලා බිම් කළුවර වැටිලා තිබුණත් ඩේවිඩ් ලොක්කා පන්තියට ආවේ කලු අවු කණ්ණාඩි යුගලයකුත් පැළඳගෙනයි . ඒ අවු කණ්ණාඩි දෙක මේසය මත තියලා පන්තිය පුරාම විහිදිලා යන බැල්මක් දාලා එයා බොහෝම හෙමින් ඉංග්‍රීසි පන්තිය ආරම්භ කලා .

ඩේවිඩ් අපිට උගන්වාපු මුල්ම ඉංග්‍රීසි වචනයෙන් අපෙ හිත් ඉංග්‍රීසියෙන් තෙත බරිත වෙලා ගියේ මහ පුදුමාකාර විදිහට .

බෝඩ් එකේ ලියා තිබුණු Cigarette කියන වචනේ දෙස අත දිගු කල අපේ සර් අපිට මෙහෙම කීවා

"හොඳයි ළමයි මෙන්න මේ වචනේ මම කියන විදිහට හඬ නගා කියන්න බලන්න ! .සිගා රෙට්ටෙ

"සිගා රෙට්ටෙ . !!”

අපිත් පුළුවන් තරම් හයියෙන් හඬ නගා කීවා .

"දැන් එහෙනම් ඔය විදිහට හිතෙන් සද්ද කරන ගමන් ඔය වචනේ අකුරු ගළපලා ලියන්ඩ බලන්න. “
කවදා කාපු ටකරන්ද ? අපිත් ඉංගිරීසියෙන් අකුරු ලියන්ඩ වුණා . නිතර පරිගණකය සමග ගැටෙන මට නම් පරිගණක ආශ්‍රිත ඉංග්‍රීසි වදන් බොහෝදුරට කියවන්න තේරුම්ගන්න හැකියි , ඒත් හරියට ලියන්ඩ සහ කතා කරන්න කොහොමටවත් නොහැකියි ! . ඉතින් හරිම පුදුමයි හිතෙන් කතා කරමින් අපි බොහොමයක් ඉංග්‍රීසි වදන් හරියටම ලියන්ඩ වුණා . මම දසමෙන් දසමේ ඉංග්‍රීසියට ආදරේ කරන්නත් වුණා .

කාලය ගෙවිලා ගියේ බොහොම ඉක්මනින් අනික් අයට කොහොම වෙතත් මටනම් පන්තිය ඉවර වෙනවා දැනුනේවත් නෑ . මේ විදිහට ඉගන ගත්තා නම් මට ඉංග්‍රීසි වලට ඉහළම සමාර්ථයක් අරගන්න හැකිවෙන බවට මට ලොකූ විශ්වාසයක් ඒ වෙනකොට ඇති වෙලයි තිබුණේ ! ඒත් ඒ විශ්වාසය මාවත් ටරකරගෙන තළාගෙන ඉස්සරහට ගමන් කළේ හැමදාකම වගේ මගේ අවාසනාවන්ත කම එලියට ඉස්මතු කරවමිනුයි .

"හොඳයි අදට ක්ලාස් එක පිනිස් . ඒනම් අපි ලබන සතියේ නියමිත ටයිම් ටේබල් එකකට අනුව වැඩේ කරමු .

"ටයිම් ටේබල් , ටයිම් ටේබල් ...මේ දිව අග තියනවා !” 

ඔන්න එතකොටම කවුදෝ කෙනෙක් මුමනන හඬ පන්තියේ අතර මැඳින් ඇහෙන්න ගත්තා . මමත් හෙමිහිට ඔළුව හරෝලා කවුද මේ ටයිම් ටේබල් කියන එකේ තේරුමවත් නොදන්නා ගොබ්බයා කියලා බලන්න උත්සාහ කලා . මම දැක්කා ටයිම් ටේබල් කියන එකේ තේරුම හොයමින් හිටියේ අපේ පන්තියේ බීමත් සිසු දරුවා වෙච්ච චන්ද්‍රපාල අයියා . ඩේවිඩ් අයියා චන්ද්‍රපාල අයියා ගාවට හෙමිහිට කිට්ටු වුණා

"මොකද චන්ද්‍රෙ ටයිම් ටේබල් කියන එකේ තේරුම අමතකද මම කියන්නද ?”

"නෑ නෑ නෑ උයා කියන්ඩ ඕන්නෑ !! ඉන්න මේ දිව අග තියනවා !” චන්ද්‍රපාලයියා ආයෙත් තටමන්න ගත්තා . ඊට පස්සේ එයා මෙන්න මෙහෙම ටයිම් ටේබල් කියන වචනය අර්ථකථනය කලා

"ටයිම් කියන්නේ වේලාව + ටේබල් කියන්නේ මේසය..! වෙලා මේසය වත්ද ?”

ඒ උත්තරේ ඇහුණ ගමන් අපි හැමෝම හූ කියලා හිනා වුණේ අපිත් මේ තත්වේ නේද ඉන්නේ කියන එක අමතක කරවමිනුයි .

ඩෙවිඩ් සර් ගේ සිංහ නාදය අපේ කං අසලින් ඇහෙන කොටම අපි හිනාවත් හූ හඬත් නතර කලා .

"යකෝ ජේසු තුමා කියලා තියනවා පවු කාරයෙකුට ගල් ගහනවා නම් එක පවවක්වත් නොකරපු එකෙක් ගහන්න කියලා . දැන් උඹලා කවදාවත් වචනයක් වරද්දලා නැද්ද ? මොකටද මේ චන්ද්‍රපාල වැරැද්දුව වචනෙට හිනා වුණේ . ?”

හැම දේම බොහෝම ලස්සනට නූලට තිතට අවසන් වෙන්න තිබුණා . ඒත් අපි නොහිතපු විදිහේ දෙයක් එතන සිද්ද වුණා . මෙච්චර වෙලා වැරැද්දුවාට ලැජ්ජාවේ කට වහගෙන හිටපු බීමත් චන්ද්‍රපාලයියා කට ඇරියා

"මේ ඕයි ඩේවිඩ් ! කවුද කියන්නේ මම කියපු වචනේ වැරදියි කියලා . ? ටයිම් ටේබල් කියන එකේ තේරුම "වෙලා මේසේ !” මේ මල මගුල් ඉංග්‍රීසියේ වචන වලින් දෙන තේරුම නෙවෙයිද යකෝ මම කීවේ ? ඉතින් මම මොකෝ වැරදි .. කියපං .. කියපිය ඉතින් !! ඉංග්‍රීසි උගන්වන අස්සේ උඹ මෙතන ක්‍රිස්තියානි ආගම පතුරුවන්න නේද යන්නේ ? ඇත්ත කියාපිය .

"මට ආගමක් පතුරුවන්න ඕන නෑ. චන්ද්‍රේ ඉංග්‍රීසි වචන එහෙම තිබ්බට අපි එහෙම වචන කඩලා සද්ද කරන්නේ නෑ . ටයිම් ටේබල් කියන්නේ කාල සටහන .”

"අනෙ පලඩෝ යන්න සටහනට කියන්නේ නෝට් උඹලෑ අම්ම දන්න රෙද්දෙ ඉංග්‍රීසි .”

චන්ද්‍ර පාලයියාගේ බඩේ තිබුණු ගල් අරක්ක්කු උඩට වැටුණු ඉංග්‍රීසි වදන් දැන් තමයි ප්‍රතික්‍රියා දක්වමින් වියෝජනය වෙන්ඩ පටන් අරන් තියෙන්නේ . ඉතින් අපිත් මේ රණ්ඩුව බලන්න ටිකක් ඈතට වෙලා සූදානම් වුණා .

"චන්ද්‍රපාල මේ ඉගන ගත්ත ඉංග්‍රීසියට අපහස කරන්නෙපා හරිද ? “

ඩේවිඩ් ලොක්කත් දෙවනි වෙන්න කැමති නෑ .

"හරි උඹගේ මහ ලොකු ඉංගිරිසිය උඹට ඔය තරම් ලොකු නම් යකෝ තොගෙ ඔය ඉග්‍රීසියෙන් මට ලියලා පෙන්නපං ඥාන පාල කියලා . !”

ඔන්න එතකොටම අපි කට්ටියට ලොකු හිනාවක් ගියා . බීමතින් උන්නත් අපෙ චන්ද්‍රේ කීවේ ඇත්ත නේන්නම් .

"දැං ඇත්තට සර් එහෙම නමක් ලියන්න බෑද ?

කොහේදෝ හිටි තවත් එකෙක් පැන්න ගමන් අහන්න පටන්ගත්තා !

"සර් කොතල හිඹුටු වලටත් ඉග්‍රීසියෙන් නමක් නෑලු නේද ?

"මෝල් ගහට මොකද්ද සර් ඉංග්‍රීසියෙන් කියන්නේ ?

"සර් පඩික්කම ?

ඔන්න ඔය වගේ ප්‍රශ්න කෝටියක් එකවරම ඩේවිඩ් අයියගේ කර මත පැටවෙන හැටි මම බලං හිටියේ හිනා මුසු මුහුණෙන් . මෙතන එවුන්ට ඕනෙ මේ චවන ගැන ඉගන ගන්න නෙවේ ආතල් එකක් ගන්න . කට්ටිය අහන දේවල් වලින් මට නම් තේරුම් ගියේ ඔන්න ඔච්චරයි .

ගෙනාපු පොත් ටිකත් එකතු කරගත්ත ඩේවිඩ් බයික්කෙට නැගලා ආවට වඩා වේගෙන් වත්තෙන් එපිටට ගියේ අලුත උපන්න අපේ ඉංග්‍රීසි පන්තිය උපන් ගෙයිම මරා දමන ගමන් .

ඉංග්‍රීසි පන්තියට ගිය අලි බබ්බු ටික කෑ කොස්සං ගහමින් පන්තියෙන් එළියට බහින අතරේ . මම කල්පනා කලේ මෙදා පාරත් ඕලෙවල් ඉංග්‍රීසි පාස් කරගන්න මට බැරි වේවි නේද කියලයි . ගෙදරට ඇඩ්මිෂන් එක ආව දාට ඒක ඉරලා ලිපේ දාන්න හිතාගෙන මම වේගෙන් ගෙවල් පැත්තට ගෑටුවා ..

"මොන දේ ඉගෙන ගන්නත් ඒක පිහිටලා තියෙන්න ඕනෙ .මම ගෙදර යන ගමන් කිතුලාට එහම කිවුවා .

/ලි : ඊයේ දිනයේදී මගේ සදාදර මිත්‍රයා කිතුලාගේ පියා කාලයක් තිස්සේ තිබුනු අසනීපයක් නිසා මියගිය වග දැනගන්න ලැබුණා . ටික දවසකට ජාලේ පැත්තේ මට එන්න යන්න බැරි වේවි මට කරන්න වැඩ ගොඩක් තියනවා

 මේ මගේ 100 වෙනි ලිපිය

86 comments:

Mahesh said...

100 ට මගේ සුබපෙතුම් !
අද මම එක.

Pisakkatuwa said...

මුල ඉඳම්ම උඹේ බ්ලොග් එක නොවරදවාම බලනවා.
ඒත් අද තමයි ඉස්සල්ලම කොමන්ට් කරන්නේ.
100 ට සුබපැතුම් !
උඹේ පොස්ට් 100 ම සිරාම සිරා.

ලකී සිරි said...

කතා ගොඩක් දුන්න කිතුලගෙ පියාට නිවන් සුව පතනවා...

100 නෙවෙයි 1000 ක් ලිව්වත් උඹ වෙනස් වෙන්න නම් එපා මලේ..සුභ පැතුම්....

Pisakkatuwa said...

කිතුලාගේ පියාට නිවන් සුව !

Weni said...

ලිපි සීයට සුභ පැතුම් !
කිතලෙගෙ පියාට නිවන් සුව ලැබේවා !
මල ගෙදරින් තව කතා ගොඩක් හොයා ගන්න ලැබේවා !

Anonymous said...

ඔබේ මිත්‍රයා ගැන නං කනගාටුයි, මමත් නිවන් සුව පතනව......

ඉංග්‍රිසි ඉගෙනගන්න ගියාම ජොලිකතා ගොඩායි! :D

cjgayan said...

"මොන දේ ඉගෙන ගන්නත් ඒක පිහිටලා තියෙන්න ඕනෙ .”

මේක බොරුවක් බං තමන්ට උවමනාව තියෙනවනම් ඕන දෙයක් ඉගෙන ගන්න පුලුවන්..එතනදි වැදගත් වෙන්නෙ එයාට කොච්චර උවමනාව තියෙනවද කියන එකයි..

SL Tech Express said...

සඳරු,
100ට සුභ පැතුම්..!

නිශ් said...

100 ට සුබ පතනවා ...........

අතාරින්න එපා බන් කොහොම හරි ලියපන්...........
උඹ ඕක ලිව්වා කියල නැති වෙන්න දෙයක් නෑ නේ.

කිතුලාගේ පියාට නිවන්සුව පතනවා.................!

දිල් said...

ඔන්න මගෙනුත් සුබ පැතුම් !

Harshana said...

ඔබගේ සියවෙනි පොස්ට් එකට මාගේ සුභ පැතුම්......

ඒත් එක්කම ඔබගේ මිතුරාගේ පියාට නිවන්සුව පතනවා.

රාජ් said...

කිතුලාගේ පියාට නිවන්සුව!
මම හිතුවෙ ඔය පන්තියෙන් පස්සෙ උඹට ඉංග්‍රීසි වතුර බොන්න වගේ ඇහැක්උනා කියල.:D.
කවුද දන්නෙ ඒක ලත් තැනම ලොප්වෙයි කියල.

Janaka Rathnayaka said...

ඔබගේ සියවෙනි පොස්ට් එකට මාගේ සුභ පැතුම්......

ඒත් එක්කම ඔබගේ මිතුරාගේ පියාට නිවන්සුව පතනවා.

Mithuru said...

ආයෙත් ඩේවිඩ් සර්ට පොඩ්ඩක් කියලා බලන්න අයියා.එයා බෑ කියන එකක් නෑ.වෙච්ච දේට සමාවෙන්න කිව්වා නම් හරි.මට නම් ඔහොම කරාම හරිගිහින් තියෙනවා.

කිතුලාගේ අප්පච්චිට නිවන් සුව!
දැන් එයාට සෑහෙන බරක් අදින්න වෙනවා නේද

100 වෙනි ලිපියට සුභ පැතුම්.
තව ගොඩා...........රියක් කතා ලියන්න ලැබේවා!

Dul said...

100ට සුභ පැතුම්..!!! =)

miuranga said...

100ට සුභ පැතුම මිත්‍රයා. තව මේවගේ සියගුනයකටත් වඩා ලියන්න ලැබේවා..
කිතුලාට අපේ කනගාටුවත් දන්වන්න. කිතුලාගේ පියාට නිවන්සුව පතනවා.!!

Unknown said...

100ට සුභ පැතුම් සඳරු.

cjgayan අයියා කියපු කතාවට එකඟයි.උනන්දුව තියෙනවානම් ඕනෙ එකක්.මං හිතන්නෙ ඔයාට උනන්දුව තියෙනවා. ඒ නිසා වැඩ කරන්න පටන් ගන්න.ඉගෙන ගන්නවානම් ශබ්ද කෝෂය ගොඩක් ප්‍රයෝජනවත් වේවි.ගොඩක් දේවල් ඒකෙන ගන්න පුලුවන් වෙයි.ඔයා කම්පුටර් සයිඩ් එකේ ඉන්න නිසා තවත් ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන්.

said...

අපොයි මටත් පෙන්නන බැරි විෂයක් තමා ඉංග්‍රීසි. මන් හිතන්නේ බන් අපේ ජාන වල නැහැ ඕක :-D

දුකා said...

කිතුලගේ පියාට නිවන් සුව අත්වේවා. . .

උඹේ ලිපි සීයට මගෙනුත් සුභ පැතුම් . . .

ඉන්ගිරිසි නම් . . . හික්ස් ඒ ගැන වෙනම පෝස්ට් එකක් දාන්න වටිනවා බන් . . .

Raj said...

අඩේ ජය වේවා කිව්ව එහේනම්..100 ට..මචො කිතුලට මගේත් කනගාටුව එක්කාසු පරපං...කිතුලගේ පියාට..නිවන්සුව අත්වේවා...
ඔය ඉංගිරිසිය උබට ඉගෙන ගන්න ඇහැකි කජුකන්නැහේ....

Jeew said...

ලඟදිම තව බිංදුවක් ඉස්සරහට දාගනින්.....

Mayya said...

100 ට ජය....අතාරින්න ඒපා මලේ....ඉංග්‍රීසිය එච්චරටම වටිනවා...

Praසන්ன said...

100 වෙනි පෝස්ට් එකට සුබ පැතුම්. මේ විදියට දිගටම ලියන්න හැකියාව ලැබේවා.
යකෝ සිගරට් එකෙන් පන්තිය පටන් ගත්ත හින්ද තමයි ඔය දැවිල ගිහිල්ල තියෙන්නෙ.

කිතුලගෙ පියාණන්ට නිවන් සුව පතනවා.

saumiya said...

100 ta jaya wewa sandaru !!!

Kithulage thattata niwan suwa labewa...

mala gedaradi wena dewal denaganna apith kamati... puluwan nam post ekak daanna...

umbata jaya

Theekshana said...

අහ් සදරුව 100 කුත් ලියුවා එහෙනම් ඈ .

Anonymous said...

උඹේ සීයේ සන්තෝසෙට මයෙ මෙව්වා එක පිළිගනිං මලේ.

Abeetha Edirisinghe said...

අනිවා සඳරූ.. අපිටත් ඉංග්‍රීසි බෑ මචන්.. ඒත් ඔය ඉන්න තත්වෙන්නම් උඩට එන්න වෙනවා.....

උඹේ 100 ලිපියට සුභ පැතුම්....

කිතුලාගේ තාත්තාට නිවන් සුව පතමු.

Chanaka Aruna Munasinghe said...

100 ට 200ක් ආයිබෝ වේවා !

" සිගා රෙට්ටෙ "

ඕක තමයි මම මුලින්ම ඉගෙන ගත්ත ක්‍රමේත්.
සුද්දො වගේ කීසි බීසි ගාන්න ඕනෙ නෑ.
අපි අපේ ක්‍රමේට යමක් ඉගෙන ගම්මු.
ඩේවිඩ් සර්ව අල්ලගෙන උඹ තනියම හරි ඉගෙන ගන්
ඉගෙනගෙන අනිත් අයට කියා දියන්

Anonymous said...

Simply, if you need to speak in English, try to think in English, then words will come automatically out of your Mouth.

Podi Kumarihami said...

ඉංග්‍රීසි මෙච්චර අමාරු භාෂාවක් බව තදින් දැනුනේ අදයි...:D:D:D

100ට සුබ පැතුම්.....

වර්ණා said...

100 වෙනි ලිපියට මුලින්ම සුබ පැතුම්. ඉංග්‍රීසි ලේසි නොවැ දරුවා. ඉක්මනින් අල්ල ගන්න පුළුවන්. ඒ නිසා බිය නොවන්න.

Sumudu said...

ඔබ๧ග๞ ස๢ය๧වන๢ ๧ප๟ස๞຀ එකට ම๟๧ග๞ ස๤භ ප๠ත๩໦......

ක๢ත๩ල๟๧ග๞ ත๟ත๞ත๟ට න๢වන๞ ස๤ව පතම๤

duliponline said...

කාරනා 4ක් . .
1. කිතුලාගේ පියානන්ට නිවන්සුව . . .!!!
2. සීයට සුභ පැතුම් . . සීය පනා වෙන්න කියල පතනව . . .
3. කඩ්ඩ නං මටත් බෑ . . මොකද මම සුද්දෙක් නෙමේනෙ . . පොඩි කාලෙ අපේ ගෙදර ඉංග්‍රීසි කතා කලෙත් නෑ . . . . හැබැයි ලා තනකොල පෙත්තාස්ල කියල තියනව . . "බෑයි කියල බෑ" කියල

4.//හරියට ලිපට ගින්දර වගේ//
මොනාද බං . . හැමෝටම තේරෙන ලස්සන උපහැරනයක් ගනිංකෝ . . .
"අඹුඩෙට පුක වගේ" වගේ ලස්සන එකක්

ηiRσ said...

//"මොන දේ ඉගෙන ගන්නත් ඒක පිහිටලා තියෙන්න ඕනෙ .”//
නැහැ. සමහර දේ නම් පිහිටලා තියෙන්න ඕනේ තමයි. නමුත් ඒ අර චිත්‍ර කලාව, සංගීතය වගේ දේවල්නේ.
ඉංග්‍රීසි පිහිටන්න දෙයක් නැහැ මල්ලි. ඒක තවත් භාෂාවක් විතරයි. ඔයා මේ බ්ලොග් එක ලියන විදියෙන් තේරෙන්නේ ඔයාට 'භාෂාව' පිහිටලා තියෙනවා කියල. ඉතින් ඔයාට බැරි වෙන්නේ නැහැ තවත් එක භාෂාවක් ඉගෙන ගන්න.
ඇඩ්මිෂන් එක ඉරන්න එපා. අනිත් අයට එපා නම් ඔයා තනියම හරි අර සර් එක්ක ඉගෙන ගන්න. බැරි දෙයක් ඉගෙන ගන්නවට වඩා ඒකට ගරහන එක අපේ අයගේ තියෙන නරක පුරුද්දක්. ඒ අය යකාට ගියාවේ. ඔයා ඉගෙන ගන්න. තමන්ගේ නිවන තමන් අවබෝධ කරන්න ඕනනේ!
ඒ අතරේ ඔයා ඉංග්‍රීසි පොත් කියවන්න. ඉංග්‍රීසි ෆිල්ම් බලන්න (හැබැයි උප සිරැසි නැතිව හොඳේ).

ඔබට ජය!

Anonymous said...

මටත් කඩ්ඩ හෙනම අවුල් මචෝ ඉස්සර. මම කඩ්ඩ පීරියඩ් එකේ සිය දහස් වතාවක් මැරි මැරි ඉපදෙනවා ඉස්කෝලෙ යන කාලෙ . සර් කාරය මගෙ දිහා බලන කොට මම අහක බලනවා. අහන කිසිම මගුලක් තේරෙන්නෙ නැහැ. හාපෝ එහෙම කාල කන්නි කාලයක්. පස්සෙ ටෙක් එකේ කෝස් එකක් කරලා එකසිය ගානට කඩ්ඩ ගොඩ දා ගත්තා. දැන්නම් දෙයියනේ කියලා යමක් කමක් කඩ්ඩෙන් කර ගන්න පුලුවන්. කවුරුත් නොදන්නවට ඒකාලෙ ටෙක් එකේ තිබුනා පට්ට සිරා ඉන්ග්‍රීසි කෝස් එකක්. සතියට දවස් හතරක් ෆුල් ටයිම් කඩ්ඩ.
කොහොම හරි කමක් නැහැ උඔගෙ පෝස්ට් සීයට ජය පතනවා. තමන් පොර කියලා හිතාගෙන ඉන්න හුඟක් බ්ලොග් කාරයොන්ට වඩා මටනම් උඔ පට්ට සිරා බ්ලොග් කාරයෙක්.

උඔගෙ පෝස්ට් සීයට ජය !!!

කිතුලාගේ පියාට නිවන්සුව !!!!

මලගෙදරට බැහැල සපෝර්ට් එකක් දීපන්. මේ කොමෙන්‍ටුවට උත්තර නැතුවට කමක් නැහැ.
JH

Chanaka Aruna Munasinghe said...

ඉංග්‍රිරිස් තනියම ඉගෙන ගන්න හොඳම ක්‍රමේ තමයි අර වානරයන්ගේ ටාසන් ඉන්ගිරිස් ඉගෙන ගත්ත ක්‍රමේ. ඉංගිරිස් අකුරු වලින් ලියපු මොකක් හරි මගුලක් , වචන සහ පින්තූර 2ම තියෙන (පත්තරයක්, වෙබ් පිටුවක් වගේ ඕනෙ මගුලක්) ඇස් දෙක ඉස්සරහින් තියන් තමන් කරන වැඩේ කරන එක. ෆිල්ම් එකක් බලනකොට සබ්ටයිටල් ඉංග්‍රීසි , සිංහල 2න්ම් පෙන්නන (එහෙම ඒවනම් දැකල නෑ. බයිස්කෝප් කණ්ඩායමට කරදර කරල එහෙම ඒව 2 3 ක් හදවමු ). ඉංග්‍රිසි අකුරු වච එවුවා ඔන්න ඔහේ තිබුණාවෙ. ඉගෙන ගැනුනොත් ඉගෙන ගැනුනාවෙ. ඉගෙන ගැනුන් නැතත් ඉතින් පාඩුවක් නෑනෙ.

මේක මාරයාගේ හෝරාවට මම දාපු කමෙන්ටුවක්. ඒක එහෙම්මම මෙතනටත් කොපි කළා
http://ctkumara.blogspot.com/2011/11/blog-post_09.html?showComment=1320886898681#c438009983047361880

මාරයාගේ හෝරාව said...

සිගාරෙට්ටේ... අඩෝ මලේ අන්න ගුරුවරු..පිහිටන එහෙකින්ම වැඩේ පටන් අරගෙනත් වැඩේ උඹලා හබක් කරංනේ...උඹට විතරක්ද බං මටත් ඔහොමයි..ඒත් බං කුරුළු හමුදාවේ ඉන්න කාලේ අපිටත් හම්බ උනා හොඳ ගුරු දෙවියෙක්..ස්වේඡාවෙන් ඉගැන්නුවේ..අපරාදේ කියන්න බැහැ ලියන අකුරේ ඉඳන් හරි ගස්සනවා...උන්නැහේගේ දක්ෂතාවය හින්දා පලවෙනි දවසේ ඉදලම කතාව ඉංගිරිසියෙන්..වැරදුනාම හිනා වෙන උන්ට දමලා අදිනවා...ඉතිං කිසි අවුලක් නැහැ මාස දෙකක් යනකොට අපිත් තතන තතනා කඩ්ඩෙන්ම කතා කරන්ටත් ගත්තා..ඒත් මොන කරුමෙකටද මංදා මාස තුනයි අපිට ඒ පංතිය කරන්න උනේ වෙන වෙන හේතු හින්දා කෝස් එක වෙනස් උනා...

එයින් පස්සේ ටික කාලෙකින් අර කතා කරපුවත් අමතතක වෙලා ගිහින් දැන් මේ ඉන්න මැටි මෝල් තත්වෙටම ආවා...අවුලක් නැහැ පස්සේ කාලෙක ඕන උනොත් ඉගෙන ගන්ට බැරියෑ...

සීයට හදවතින්ම සුභ පතනවා... කැතක් කුනක් නැතිව අපිට කියවන්න දේවල් ලියන උඹට වරදින්නේ නැහැ...

කිතුලගේ තාත්තටත් නිවන් සැප ලැබේවා..!

Anonymous said...

100 ට මගෙන් සුබ පැතුම්..!!
ලිපි දස දහස් ගාන්නක් ලියන්න..අපි ඉන්නවා හැමදාම..

sameera said...

මුලින්ම සීයට සුභ පැතුම්
තව සෙන්චරියක් කොහොම හරි ගහන්ට.............
මිත්තරයාගෙ පියාගෙ අභාවය පිලිබද කණගාටු වෙමි
ඉන්ග්‍රීසි ඉගෙන ගන්ට ඕනිම නං පුලුවන් තරං කියවන්ඩ පොත් නැත්තන් ඉන්ග්‍රීසියෙන් තියන බ්ලොග් අඩවි..........ඉරිදා පුවත්පත්

Anonymous said...

කිතුලාගේ පියාට නිවන් සුව !

මල්ලි ඉංග්‍රීසි කියන්නෙ මහ මරාලයක් නෙමෙයි... හැබැයි පුතෝ භාවිතා කරන්නම ඕන... නැතුව නම් ඉතින් තැපෑලෙන් පීනන්න ඉගෙන ගත්ත වගේ තමා...

මම උඹ කියන "රජාගෙ ඉස්කෝලෙට" ගිය එකෙක්... ගිය මුල් කාලෙ මම ඉංග්‍රීසි කතාකරනකොට.. "double past tense" කියල කතාවට කියන වරද හරියට කලා... "I did went " වගෙ... ඉතින් මම අතෑරියද... නෑනෙ...

පිණිබිඳු... said...

අපි ඉස්සර ඉංග්‍රීසි පන්තියකට ගියා ඒකෙ සිංහල වචනයක් කතා කරොත් දඩ ගහනවා. ඉංග්‍රීසියෙන්ම කතා කරන්න ඕනෙ. හෙහ් අපි සැලෙයි ඕවට අපි ඉංග්‍රීසියෙන් කතා කරේ නෑ සම්පූර්ණ කතාවම නැවැත්තුවා. පන්තිය මාර නිශ්ශබ්දයි.
සීයට සුභපැතුම් සඳුරුවෝ..

Anonymous said...

ඉංග්‍රීසි ඒක තවත් භාෂාවක් විතරයි !!!

කිතුලාගේ පියාට නිවන් සුව !

100 ට මගෙන් සුබ පැතුම්..!!

LA

ශශී said...

යම් දෙයක් ඉගෙන ගන්න ඕනෙ නම් ඒ දේට ආසා වෙන්න.
උනන්දුවට ආත්ම විශ්වාසය එකතු කර ගන්න.
අමාරු තැනකදි තනියම සටන් කරන්න.
අමාරුයි කියලා හිතෙන දේවල් වැඩිපුර පුහුණු වෙන්න.
තමන්ගෙ ජීවිතයට ඒ අවශ්‍යතාවය කාවද්දගන්න.
වැදගත්ම දේ පුහුණුව......
ඉගෙන ගත්තු දේ පුහුණු වෙන්න.
කියලා දෙන්න කවුරුත් නැත්තන් තනියම හරි.
පුහුණු වෙන්න.
පුහුණු වෙන්න.
හැම තිස්සෙම, හැමම තිස්සෙම, මුළු දවස පුරාම...........
පුහුණු වෙන්න.


උඹේ සිය වෙනි ලිපියට සුභ පැතුම්
ඒ වගේම කිතුලගෙ තාත්තට නිවන් සුව පතනවා

නදී said...

100 ta suba pathum.tawath boho kal liyanna haki wewaa.
kithulage taththata niwan suwa lebewa!

tikak mahansi unaanam OL english goda dana eka simple,try karala balannako tikak.dan papers lesi lu.

Gimhani said...

ඔන්න මගෙනුත් සුභ පැතුම් ඔබට .
කිතුලාගේ දයාබර පියාණන්ට නිවන් සුව පතනවා

Ice (අයේෂා කුලතුංග) said...

කිතුලාගේ පියාණන්ට නිවන් සුව!
ඒ වගේම 100 වෙනි ලිපියට සුබ පැතුම්..

ශිහ්..... අයියා බොක්කෙන්ම පටන් ගන්න වැඩක් එක්කෝ තිඹිරිගෙයි දීම ,නැත්තන් බස් නැවතුම්පළෙන් අහවර වෙන එකනේ පුදුම වැඩේ..

Anonymous said...

ayyo..mata sinhalen liyanna bane ane.ba nemey danne na.hamadama comment karanna try kala.eth papuwa dig dig ganawa,methana inna aya monawa kiyaida kiyala.ada nam noliyama ba.sandaru..oyage kathandara nam niyamai.hamoma kiwata oya pothak liyala balannako.

සිතුවිලි නිහඬයි said...

100 මගෙනුත් සුභ පැතුම් සඳරු....

බැයි කියලා අතහරින්නෙපා...කොහොම හරි ඉගන ගන්න....

කිතුලගේ පියාට නිවන්සුව!!!!!

කස්ස said...

ඔය යකා කියන තරම් කලු නෑ බන්.
අනේ මචං යාලුවට කියපං මමත් දුක් වුනා කියල.

ලහිරු said...

බාසාව ඉගෙන ගැනීමේ ලේසිම විදියක් තමයි පත්තර බලන එක. ඒත් ජාලෙන් තේරුමත් එක්ක ම බලන්න පුළුවන් නේ ලේසියෙන් ම! සුබ පැතුම් එක්ක ම මගේ කණගාටුව!

ක්සැන්ඩරයා said...

මලේ, කඩ්ඩ කියන්නේ දැනුමේ රන් දොරටුව විවෘත කරන යතුර. ඒ හින්ද අතාරින්න එපා. මොකද ගොඩක් පොත් පත් එහෙම සිංහලෙන් එනවට වඩා ඉක්මනින් ඉංග්‍රීසියෙන් එනවා. අනික ජාලේ? සිංහලට වඩා මේ ජාලේ තියෙන්නේ ඉංග්‍රීසි. සිංහල කතාකරන අපි සුද්දෝ නෙවෙයි. ඒ හින්ද වැරදුනාට බය වෙන්න එපා. බයවෙයන් සිංහල වැරදෙනවනම්. අතාරින්න එපා. අත ඇරියොත් පරාදයි.

කිතුලගේ අප්පච්චිට නිවන් සුව පතනවා කිව්වා කියපන්..

දිනිත් said...

අද අපි ඉන්න කාන්තාරෙට අම්බානක වහිනව...පට්ට සීතලයි. අවුරුද්දකටම එක සැරයක් නැත්නම් දෙසැරයක් විතරක් එන මේ වැස්ස දවසෙ දෙකක් නමා ගන්න හේතුවක් හොය හොය හිටියෙ.. දැන් උඹ 100 ගහපු සතුට සමරතැහැකි....දෙන්නං ජම්බු !!

. said...

සිද්ද උන දේට සමාව අරන් ඩේවිඩ් සර්ට ආයෙමත් කතා කරලා පංතිය පටන් ගන්න. අද කාලේ ඉංග්‍රීසි නැතුව බැහැ.
අතාරින්න එපා!!!!! ඔබේ උත්සහාය ඔබේ අනාගතයි.

මිතුරාගේ පියාට නිවන් සුව පතමි.

Miyuru said...

කඩ්ඩ ඉගෙන ගන්න එක නම් නවත්තන්න එපා සඳරු.... ආයෙ පොඩි චාට්ටක් දාල සර්ව ෂේප් කරගන්න බලන්න.....

සීයට සුභ පතනවා වගේම සීයට දාහක් ලියන්න ලැබේවා....

කිතුලගෙ තාත්තට නිවන් සුව පතනවා....

සීතල අයියා said...

අලේ 100ද. ජය වේවා!!!!

චතුවා said...

මුලින්ම 100 ට සුබපැතුම්..

ඉංගිරීසි ඉගෙනගන්නෝනිනම් ඉතින් ඉගෙන ගන්න ඕනි නැති උන් මොකට එල්ලගන්නවාද බොල? අර කිතුලයි උඹයි සෙට් වුනානම් වැඩේ ගොඩ දාගන්නත් තිබ්බා.. අපරාදේ!

කිතුලාගේ තාත්තාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා! 

Dinesh said...

ඉංගිරීසි නම් අපිටත් මුලදි ඔහොම තමයි බං... ඕක ඔය කට්ටිය සෙට් කර ගන්නේ නැතුව උබ එක්කො තනියම පලයං..නැත්නම් කිතුලට විතරක් එන්න කියපං.. එතකොට උඹට ඕන විදිහට ඉගෙන ගන්න පුළුවන්...

කිතුලාගේ පියාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..

උබේ 100වෙනි ලිපියටත් සුභ පැතුම්...

පරිකල්පන said...

කිතුලගෙ තාත්තට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා...

අපිට ඉංග්‍රීසි උගන්නපු සර් කියපු කතාවක් කියන්නං

1. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි කතා බහ කරද්දි පාවිච්චි වෙන වචන 300 ක් දැනගත්තම ඉංග්‍රීසි තේරුං ගන්න පුළුවන්.

2. එහෙම වචන 1000 ක් දැනගත්තම ඉංග්‍රීසි කතා කරන්න (පැටලි පැටලි හරි) පුළුවන්.

3. 2500 ක් දැනගත්තම ඉංග්‍රීසි සාමාන්‍ය මට්මමට ලියන්න පුළුවන්.

තව දෙයක්,
නිකං ඉන්න ගමන් මලලසේකර ශබ්දකෝෂය කියවන්න. ඔව්... ඔව්... නිකං පොතක් කියවනව වගේ කියවන්න. මුලදි කම්මැලි හිතෙයි. ඒත් අතාරින්න එපා.

තව පොඩ්ඩෙන් අමතක වෙනව. 100 වෙනි ලිපියට සුභපැතුම්!

අකීකරු හිත said...

100ට සුබ පැතුම් මල්ලි...ඒ වගේම කිතුලාගේ පියාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා... හැබැයි ඉංගිරිසිය ගැනනම් මොනවත් කියන්නේ නැ ඕං...(ඇත්තටම කියන්ට දෙයක් නැ ඒ ගැන)

Test Profile said...

සූභ පැතුම් මචං....

Anonymous said...

මුලින්ම කිතුලගේ පියාට නිවන් සුව !!!
ඊට පස්සේ 100 ඒ වගේ බොහෝ ගුණයකින් වැඩි වෙනකන් පෝස්ට් දන්නේ ලැබේවා.

මම නම් එන්ගිරිසි ඉගෙන ගත්තේ cartoon , බටහිර කතා ආදිය බලලා(ඒ කාලේ මම දිගට හරහට TV බැලුවා. මේ කියන්නේ අවුරුදු 5-6 සිට ).මොකද ඒ කාලේ දැන් වගේ ලේසියට සිංහලෙන් දැම්මෙත් නෑ. සිංහල හඩ කවල තිබ්බෙත් නෑ.(දැන් ඉන්න උන්ට ඒ වාසනාවත් නෑ)
ඉතින් අවුරුදු ගානක් යනකොට, ඉස්කෝලෙදි උගන්නද්දී ඉබේම පුළුවන් උනා, මොකද වචන මතකනේ.ඔය නොදන්නා බාසාවක් ඔහොම TV බලලා ඉගෙන ගන්න පුළුවන් කියන එක මම දැන ගත්තේ සැහෙන කාලෙකට පස්සේ (ඒ සර් කෙනෙක් ඒ බව කිව්වහම. ඒ විදිහට හින්දි, දෙමල ඉගෙන ගත්ත අයත් මම දන්නවා). මට ඔය grammer කියන මගුල යාන්තම් තමා පුළුවන්.

ඒ නිසා උබත් english ෆිල්ම්, ටීවී ෂෝ හෙම බලපන් :D (මරු උපදෙස් නේ). සිංහල හඩ කවල නැති, උපසිරස නැති ඒවා තමා හොද.ඒකෙන් වචන හුරු වෙයි.

ලොකු පුතා said...

100 වෙනි පෝස්ට් එකට මගෙනුත් සුභ පැතුම්...

ඒ වගේම උඹගේ කතා වලින්ම දැනඅඳුන ගත්තු කිතුලගේ තාත්තට නිවන් සුව ප්‍රර්ථනා කරනවා.....!!

ඉංගිරිසි නම් මටත් ඒ තරම්ම බැහැ
ඒත් ඕනේ දෙයක් ගොඩ දා ගන්න පුළුවන් තරමට හැකියාව තියෙනවා
(කතා කරන්න සහ ලියන්න දෙකම)
ලොකුම ලොකු පුද්ගලික හේතුවක් නිසා මටත් ඔය භාෂාව ඉගෙනගන්න ලොකු අකමැත්තක් ඇතිවෙලා තිබුනා
ඒත් දැන්නම් තවදුරටත් මේක ඉගෙනගන්න ඕනේ කියන හැගීම මටත් ඇති වෙලා තියෙනවා

පැණි දොඩම් said...

යකෝ... ඉතින් එදායින් ම ඉවරද පංතිය..... සෙන්චරියට සුභපැතුම්!!!

short.kutz said...

මුලින්ම කිතුලගේ පියාට නිවන්සුව පතල ඉන්නම්.

එක දෙයක් උඹට කියන්නම්, උඹට දැන් ඔය ඇතිවෙලා තියෙන උනන්දුව අනිවාර්යෙන්ම උඹව ගොඩ යවයි. මගේ කතාවත් කියන්නම් උඹට හිතට පොඩි ෆිට් එකක් එන්න. මම 10 වසරෙදි දකුණු පළාතේ ප්‍රසිද්ද ඉස්කෝලෙක ඉඳල ඔන්න කොළඹ ඉස්කෝලෙකට ආවෙ. ඉංග්‍රීසි සාමාන්‍ය දැනීමක් (4/10 විතර) තිබ්බත් කතා කරන්න බයයි. ඒ දවස් වල ඉතින් කොළඹ කිව්වම හිතන්නෙ මුළු කොළඹම ඉංගිරිස් කියලයි.

ඉස්කෝලෙ මාරු උනාට පස්සෙ හිතට ආපු ඔය බයත් එක්ක මාත් හොඳ ඉංගිරිස් ගුරුවරයෙක් ගාවට ගිහින් වෙනදට වඩා උනන්දුවෙන් ඉගෙන ගත්ත.10 වසරෙ ඒ ඇති උන උනන්දුව අන්තිමට කෙලවර උනේ සාමාන්‍ය පෙළට ඉංග්‍රීසි වලින් විශිෂ්ට සාමාර්ථයක් මට දෙන ගමන්.

මේකෙ විශේෂ කතාවක් තියෙනවා, මං කොළඹ ඉස්කෝලෙට මුලින්ම ගිය දවසෙ පොඩි පොඩි ඉංග්‍රීසි කෑලි දාල මගෙන් ප්‍රශ්න අහල මාව බය කරපු උන්ට අන්තිමේදී වාර විභාග වලට එහෙම ඉංග්‍රීසි කොපි කරන්න උනේ මගෙන්. හික් හික්. හැබැයි උන් එදා කරපු බලු වැඩේට පිං සිද්ධ වෙන්නයි මාත් ඉංග්‍රීසි ඉගෙන ගත්තෙ.

මුලින්ම උඹ අතීත,වර්තමාන,අනාගත කියන කාල තුනෙන් ඒක වචන බහු වචන වලට අදාලව කතා කරන්නෙ කොහොමද කියල ඉගෙන ගනින්. එතනින් එහා ව්‍යාකරණ හොයන්න එපා, වචන හොයපන්. තමන් ගාව තියෙන වචන ප්‍රමාණය වැඩි වෙන තරමට කතා කරන්න ලේසියි. ඉංග්‍රීසි ෆිල්ම් බලද්දී ඉංග්‍රීසි උපසිරැස ම දාගන්න.

බයටම ඉගෙන ගත්ත ඉංග්‍රීසි හින්ද තමයි මට මගේ පලවෙනි ජොබ් එකත හම්බ උනේ.

වැඩේ අතාරින්නෙපා , උඹට විශිෂ්ට සාමාර්තයකටම යන්න පුළුවන් වෙන්න කියල සුභපතනවා

හසී said...

සුබ පැතුම් සඳරු 100 වෙනි පොස්ට් එකට...

කිතුලාගේ පියාට නිවන්සුව පතනවා...!

Charith Samarakoon said...

කිතුලට වෙච්ච කරදරේට කණගාටුයි... කිතුලගේ පියතුමාට නිවන් සුව පතනවා

100 ට සුභ පැතුම්! ජය වේවා!

මේ දැන්වත් ඔය අමනාපෙ අහක දාල ඉගෙනගනින්.අනාගතේට වටිනව.අනික කඩුවට වඩා අපේ කැත්ත කැපෙනව,වකේ වැඩිනේ... ජාලේ කරක්ගහන්න ඉගෙනගත්ත උඹට ඕක කජ්ජක් සහෝදරය...

මොකක් උනත් උඹලට පිහිටයිද බං පටන්ගත්ත වචනෙ හැටියට... හික්... කතාව ඉතින් සුපර් ඈස් යූෂුවල්...

ItalyDilan said...

මොනා කරන්නද බන් මටත් හරුයටම ඔය කඩුව බෑ,,ඒත් මෙච්චර අමාරු භාශාවක් මම මේ කතා කරන්නේ කඩුව වගේ නෙමේ මේක පට්ට අමාරුයි

සෙන්නා said...

100 ට සුබ පැතුම් !! කිතුලගෙ පියාට නිවන් සුව !!

" මෙ මගෙ 100 වෙනි ලිපිය " මේ මුළු ලිපියෙන්ම මගෙ හිත ගත්තෙ මේ වචන ටික. උඹ කොච්චර සරල මිනිහෙක්ද කියලා මට හිතුනා.

උඹට ජය !!!!!!

ඔබ නොදු‍ටු ලොවක්..... said...

අවාසනාවට ඇත්ත කථාවක්....100ට සුභ .....ජය....

Kasun said...

මුලින්ම 100ට සුභ පැතුම් සඳරු. උඹේ පොස්ට් ගැන මම ඉතින් අමුතුවෙන් වර්ණනා කරන්න යන්නේ නෑ. දිගටම මෙහෙමම ලියපන්.

කඩ්ඩ නම් අමාරුවෙන් හරි ටිකක් හදාගන්න තරමට අපිට හොඳයි. වැඩේ අතාරින්න එපා.

සෝරෝ said...

කිතුලා කියන්නේ **** නේ ද....?

කිතුලාගේ පියානන් ට නිවන් සුව අත් වේවා...!!

Anonymous said...

මාත් සුබ පතනවා මල්ලි ඔයාගේ 100 ලිපියට.ඉංග්‍රීසි ඉගෙන ගන්න එක නවත්තන්න එපා. දිගටම ඉගෙන ගන්න.ඔයාගේ යාළුවගේ තාත්තාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.

Anonymous said...

වෙන කෙනෙක් නම් මේ 100 කියලා කොච්චර විකාරයක් කරනවාද අය්යේ,මම වඩාත්ම කැමති ඔයාගේ ඔය සරලකමට.

නචියා said...

කිතුලට ෆුල් සපෝට් එක දියන් සඳරුවො.

ඉංගිරිසි ඉගෙන ගන්න ආසාවක් නැති උන් සෙට් කරගත්ත හින්දා තමයි පන්තියට කෙල වුනේ. අපරාදෙ උඹටයි කිතුලටයි විතරක් සෙට් වෙලා ක්ලාස් එක කර ගන්න තිබ්බෙ.

"මොන දේ ඉගෙන ගන්නත් ඒක පිහිටලා තියෙන්න ඕනෙ" ඒකත් ඇත්ත තමයි..

සීයට සුභ පැතුම් මචං...

ජය...!!!!

පොඩි මෑන් said...

ඔන්න සිංහලෙන් ලියපං.... ඉංගිරීසි ඕනෙ නෑ,,,, :D

සිගා රෙට්ටෙ... :D

Anonymous said...

all the best machng!

geeth said...

සිගා රෙට්ටෙ කියන එකේ තේරුම අපේ සර් සිගා එකක් කටේ තියාගෙනම කියල දුන්නා එක මට හොදට මතකයි. ඇත්තටම අපි දන්න වචන ගොඩක් තියෙනවා ඒත් ඒ බව නොදන්න එක තමයි අවුල.... උත්සහ කරන්න.. ගෝනගල ගමේ කතාව ලෝකෙටම ඇහෙන්න කියන්න පුලුවන් කම ලැබුනොත් හොදයි නේද ?

මාධව විදුරංග said...

hmmmmm! kathawa patta! ithin oita passe uba english goda dagaththee kohomai?? :D :D

Observer said...

Enjoyed your post as always


Congratulations on your 100 th post.

May Kithula's grand dad attain nirvana.


පී.යූ.ටී. පුට්
බී යූ.ටී. බට්
යකාගේ බාසාවක් තමා මේ මගුල

අසරණයා said...

"ඇරබුමම කඳුලක් වෙලා"
ඔය භාෂාව අපිට යකෙක් කියල හිතෙන විදියට පත් කරන්නේ මුලින්ම උගන්වන ගුරුතුමා. හොඳ කෙනෙක් සෙට් උනොත් ගොඩ.මට උනෙත් එකමතම.කිතුලගේ පියාට නිවන්සුව!

හිතුවක්කාර කෙල්ල said...

100 ට සුභ පැතුම් ඔන්න මගෙනුත් අයියේ!!!!

ම්.... හිනත් ගියා මේක කියවද්දි..:D හරිම ලස්සනට ලියලා.
උනන්දුවයි, කැපවීමයි, උත්සාහය යි තියන්වනම් පුළුවන් අයියා.හැබැයි බෑ කියලම ඔළුවට කලින් ඉදන් දාගත්තොත් අමාරුයි.ඒකනම් මම හොදට බලල තියනවා

ගින්නා said...

කිතුලගේ පියා සමාදානයේ සැතපේවා !!!!

සාගර said...

සෙන්චරියට මගෙන් සුබ පැතුම්.
මාසෙකට 7 ගානේ දිගටම කොන්ටින්යු කරමු

පිස්සා පලාමල්ල said...

අඩේ.... 100ක් නේ... 100 ට එහෙනම් මගෙනුත් සුබ පැතුම් මචන්.... බ්ලොග් අවකාශෙ මගේ ප්‍රියතම බ්ලොග් එකක් කියන්න පුළුවන් උබේ බ්ලොගේ.

කිතුලගේ පියාට නිවන් සුව පතනව මලේ...

ඉන්ගිරිසිය ගැන නම් උනන්දුව තියෙනව තනියම උනත් ඉගෙන ගන්න පුළුවන් බන්. ඔය ජාලෙම ඕනි තරම් පාඩම් එහෙම තියෙන්නේ... සිරි බිරි ගාල විදින්න ඕනි නෑනෙ බන්... ඉස්සෙලම බෑ බෑ කියන එක නවත්තපන්.

පුළුවන් නම් අර පොර අල්ලන් උබයි කිතුලයි විතරක් සෙට් වෙල වැඩේ කරන් පලයන්

සංකල්ප said...

කිතුලගේ පියාට නිවන් සුව අත්වේවා !!!


මල්ලි ඉතින් ඊට පස්සේ ඉංග්‍රිසි ගොඩ දාගත්තේ කොහොමද ? මම හිතන විදිහට දැන් නම් මල්ලිට ඉංග්‍රිසි ඒ තරමටම අවුලක් නැතුවැති. ඔය කොම්පීතරේ එක්ක ඉන්නකොට ඉංග්‍රිසි චුට්ට චුට්ට කියවෙනවා නේ.

මල්ලිගේ 100වෙනි ලිපියට සුබ පැතුම් !!!

easymediafloorplan said...

umba danne netuwata ahamben mama umbe blog eka dekke..dawas 2k tulatha umbe post okkomakiyewwa..katha one ne maru post tika...

Post a Comment

තැන්කූ බං