31.12.11

අයුක්තියට අසාධාරණයට එරෙහි අපේ ගමේ කැට් වුමන් " රම්‍යා අක්කා "




රම්‍යා අක්කා !

ඒකිව මම දැන ඇඳිනගෙන උන්නේ පොඩි කාලේ ඉඳන්මයි .රම්‍යා අක්කා ගමේ හෝල් හන්දියේ හයිරං පාපු බණ්ඩක්කෙයා ගේ පස්සට උඩ පැනලා පයින් පාරක් ගහනවා දුටුදා පටන් මට ඒකිව අමතක කරන්න බෑ . ඒකි ඒ ගහපු පා පහර මට තවමත් මැවි මැවී පේනවා . මම හොඳටම දන්නවා මට කිසිම දවසක ඒක අමතක වෙන්නේ නෑ කියලා . මම මේ වෙනකොට සියක් දහස් වාරයක් ඒ පා පහර හිතෙන් මෙනෙහි කරමින් රස විඳලා ඇති යාළු මිත්‍රයෝ සෙට් එකත් එක්ක කියලා ඇති .

කාටුන් වල, චිත්‍රපටි වල හිටි වීරයෝ වෙන එවුන්ගේ ළමා ලෝකේ කොඩි දාන අතරේ මගේ ලෝකේ වීරවරිය වුණේ රම්‍යා අක්කා . අක්කා කීවට ඒකි මට වඩා අවුරුදු පහළොවක්ද කොහෙද වයසින් වැඩියි . ඒ වුණත් මගෙ ගමේ හිටි චණ්ඩි , ගංජා කාරයෝ , කෂියා කාරයෝ , ගල් කාරයෝ , රා ගුඩ්ඩො අතරේ , රම්‍යා අක්කට නම් වෙන් වෙලා තිබුණේ බොහෝම උසස් ස්ථානයක්.

නිතරම සායයි හැට්ටෙයි අඳින රම්‍යා අක්කා කාලෙකට ඉහත ගාමන්ට් පැක්ටේරියක සුපවයිසර් වෙලා හිටියා . ඉතින් එතනින් පටන් ගත්තු චණ්ඩිකම් රම්‍යා අක්කා ගමටත් අරගෙන ආවා . ගෑනුන්ට දාර ටෝක් දාගෙන අග්‍ර ශක්‍රයෝ වගේ හිටපු ගමේ චණ්ඩි එකෙක්වවත් රම්‍යා අක්කණ්ඩි නම් කොහෙන්දෝ ගිය පඩෙයක් තරම්වත් ගණං ගත්තේ නෑ . කිසිම වැඩකින් පිරිමියෙකුට නොදෙවනි වෙච්ච ඒකි නිතරම ගමන් බිමන් ගියෙත් ඩිස්කවර් බයික් එකක නැඟිලයි .

මට මතකයි ඉස්සර ඒකි මාසෙ පඩි දවස අල්ලලා සීට්ටු දානවා . ඒ බොහෝමයක් සීට්ටු සල්ලි වලට අලාපු ඒවා නම් නෙවෙයි . කළගෙඩි සීට්ටු , වලං සීට්ටු , හාල් පරිප්පු වලට දාපු සීට්ටු අතරේ ඔන්න ඔය ඉඳලා හිටලා නම් රුපියල් පන්සීයේ දාහේ සල්ලි සීට්ටුත් ඇල්ලුවා . කවම කවදාකවත් ඒ සීටුවලින් රම්‍යා අක්කා ඇන ගත්තේ නම් නෑ . ඒකිගේ හැටි දන්න නිසාම කොයි එකාත් කලට වේලාවට සීට්ටුව බේරන්න තරම් බුද්ධිමත් වුණා . ඒත් ඔය අතරේ සීට්ටු මුදල් බේරන්න පොඩිත්තක් පමා වුණු බණ්ඩක්කයාට වෙච්ච දේ නම් මෙතනදී නොකියාම බෑ .

රම්‍යා අක්කන්ඩිත් එක්ක සල්ලි සීට්ටුවකට එක්කාසු වෙච්ච බණ්ඩක්කයා කියන්නේ අපේ ගම් පළාතේ හිටපු උන්ගෙන් ටිකක් විතර චණ්ඩියෙක් . කාලෙකට ඉස්සර පොර බයික්කේ නැගලා යන ගමන්ම මගදී හමුවෙච්ච එල්ටිටීඊ කාරයකුට කැරකිලා හරහා වැටෙන්න කනේ පාරක් ගැහුවාය කියලා ගමේ ගොඩේ කසිටිය නිතර කතා වුණා . ඉතින් ඒ කතාව නිසාම කොයි කවුරුත් බණ්ඩක්කයාට ටිකක් විතර බයයි බොරු කියන්නේ මොකටද ? මමත් ඌට බයයි ! . සමහරු නම් උගේ ළඟ වැඳ වටෙනවත් එක්ක . ඒත් උගේ මේ අමුතු මාන්නේ රම්‍යා අක්කා එක පා පහරකින් කඩලා දැම්මේ මෙන්න මේ විදියටයි .

බණ්ඩක්කෙයා කියන්නේ හොඳින් හෝ නරකින් ඕනම දේකට එකතු වෙන එකෙක් . ගමේ කොල්ලෝ ක්‍රිකට් මැච් එකක් ගගහා ඉන්නවා දැක්කොත් ඌ බලෙන් ඒකට රිංගනවා . ඉතින් ඒ බලෙන් කඩා පනින බණ්ඩක්කයා දවසක්දා රම්‍යා අක්කගේ සීට්ටුවකටත් බලෙන්ම එක්කාසු වෙලා තිබුණා . "කමක් නෑ වරෙං" කියලා රම්‍යා අක්කත් බණ්ඩක්කයාව තමන්ගේ සීට්ටුවට එක්කාසු කරගෙන තිබුණා .

ගහෙන් ගහට කොට කොටා ගියත් කෙහෙල් ගහට කොටාපු දාට තමයි කොට්ටෝරුවාටත් කෙලවෙන්නේ. ඉතින් එහෙට බෙහෙට බලෙන් රිංගමින් උන්නු බණ්ඩක්කයාටත් අත් වුණේ ඔය කියන ආනිසංසෙමයි .

සීට්ටුවේ පළවෙනි දෙවනි වාරික හරියට පියවාපු බණ්ඩක්කෙයා කොහොම හරි දෙවනි සීට්ටුව දිනාගෙන තිබුණා . ඉතින් ඊට පස්සේ තමයි ඌ ආයේ කිසිම දාක රම්‍යා අක්කලාගේ සීට්ටුව ගැන වචනයක්වත් නොකියා ඒකිට ගෙවන්න ඕනෙ මුදලත් පැහැර හැරලා තමන්ගේ පාඩුවේ ගමේ ඇවිද ඇවිද හිටියේ ..

"මම වගේ පොරකට ගෑනියෙක් මොනවා කොරන්නද ?බණ්ඩක්කෙයා එහෙමයි හිතාන ඉන්නැත්තේ

ඇත්තටම බණ්ඩක්කෙයා විතරක් නෙවෙයි අපි වුණත් හිතාන හිටියේ කවමදාකවත් බණ්ඩක්කෙයා මේ රම්‍යා අක්කන්ඩිගෙන් ගත්තු සල්ලි ආයේ පියවන එකක් නෑ කියලයි .

දවසක් ගුණපාල බේකරියෙන් බලෙන්ම උදුරගත්ත උණු උණු පාං ගෙඩියක් අමුවෙන්ම ගිලදදා හිටි බණ්ඩක්කයා ගාවට රම්‍යා අක්කා ඇවිදගෙන යන හැටි මම පුන්සිරිගේ වීඩියෝ සෙන්ටර් එකේ ඉඳලා බලාන හිටියා . මම නම් ඒ වෙලාවේ හිතුවේ රම්‍යා අක්කා බණ්ඩක්කෙයා ගෙන් කනේ පාරක් කාලා එතනින් පැනලා හූ කිය කිය දුවයි කියලා . ඒත් මම හිතුවා වැරදියි ...!

"බණ්ඩයියා උඹ සීට්ටුවේ වාරිකේ ගෙවුවේ නෑ"

"අනෙ පලයං බං ගෑනියෙ යන්ඩ ආවද මගෙන් සල්ලි ඉල්ලන්න ?

"හොඳින් කීවේ බණ්ඩයියේ..! මගෙ සල්ලි දියන්" රම්‍යක්කා ඇඟිල්ල උරුක් කරලා කීවත් බණ්ඩක්කයා නෙවෙයි සැලුණේ !

"උඹට දෙන්න මා ගාව සල්ලි නෑ රම්‍යා ඒ වෙනුවට මගේ අහවල් එක ගනිං ඉඳා !”

ඔහොම කියලා බණ්ඩක්කෙයා පොඩි අසැබි දසුනක් විදහා පාන්න උත්සහ කළා . එතකොටම හිතාගන්නවත් බැරි දෙයක් සිද්ධ වුණා .

රම්‍යා අක්කා දුන්නු පා පාරක් බණ්ඩක්කෙයා ගේ අහවල් ස්ථානයට තදින් වැදුණා. ඊට ඌ එතන අල්ලගෙන බිම වැතිරෙන්න හදනකොට උගේ කමිස කරෙන් අල්ලගත්ත රම්‍යක්කා ඌට තව දෙක තුනක් පහර පිට පහර දුන්නේ බේකරිය ඉස්සරහ හිටපු හැමෝවම අමන්දානන්දයට පත් කරවමිනුයි .

දෙක වදිනකොට බණ්ඩක්කෙයා ගේ චණ්ඩි කම් බැස්සා .ඌ ගෑනියෙකුටවත් ගහගන්න බැරි තරමේ එකක් බව මුලු ගමම දැක්කා . ඒ අතරේ උගේ ඉනේ සරොම් වාටියේ තිබිලා දාහේ කොළ කීපයක් බිමට වැටුණා . එතන බලාන හිටි උන් එතකොටම හෙණ හූවක් දෙන්නත් පටන්ගත්තා ....!

සීට්ටුවේ සම්පූර්ණ වාරික ටික එක්කාසු කරගත්ත රම්‍යා අක්කා එතනින් ඉවත් වෙලා ආපහු ගෙදර ගියේ සිංහ ධේනුවක් වගේ..! . තෙමිච්චි පූස් පැටියෙක් වගේ බණ්ඩක්කයා එයාගේ අසවල් ස්ථානය අල්ලාගෙන බිම වැතිරිලා හිටියා උගේ දකුණු අත පැත්තේ අඩක් කා හමාර කල පාන් ගෙඩියත් ,චීන හෑන්ඩ් ෆෝන් එකකුත් වැටිලා තිබුණා.

ඔන්න ඔහොමයි ගමේ හිටිය සිංහයෙක්ව එක දවසකින් පූසෙක් බවට පත් කරන්න අපේ ගමේ දිරිය කාන්තාවකට හැකි වුණේ .

පහුවදා ගම පුරාම පැතිරුණේ අමුතු කතාවක් !

"රම්‍යා අක්කා බණ්ඩක්කෙයාගේ පු*ට පයිං ගහද්දි උගේ පු*න් දාහේ කොළ මිටියක් විසි වුණා..!” කියලයි

.කථාවේ ඇත්ත නැත්ත දැනං උන්නේ ඒ සිද්ධිය ඇසි දුටු අපිම විතරක්ම වුණත් කට කතා වලට තටු තියන නිසා එක වරුවකින් මේ කතාව අහල ගම්මාන හතකටත් එහා පැතිරුණා .

ඒ වසර කිහිපයකට එහා සිද්ධ වුණු අතීත කතාවක්

. රම්‍යා අක්කා මට ගොඩක්ම ලං වුණේ මගේ මිතුරෙකුගේ ආදර ගැටලුවකදී මට උපකාර කරන්න එකෙන්ම ඉදිරිපත් වුණු හින්දාමයි . ගමේ වගේම මගේ හදවතේ වීරවරිය වෙච්ච මේ ගෑනිට කරන උපකාරයක් විදිහට මේ කොටස නම් මම අනිවා ලියන්නම ඕනෙ .

රන්දික කියන මගෙ මිත්‍රයා පොඩි කාලේ ඉඳම කෙල්ලො වැඩිය ඇසුරු කල කෙනෙක් නෙවෙයි .ඉතින් ඉස්කෝලෙන් අස් වෙනකල්ම ඌට කවදාකවත් කෙල්ලෙක් උන්නේ නෑ . ඒත් මේ පහුගිය දවසක ඌට මාළු මාකට් එකේ මුදලාලි කෙනෙකුගේ දුවෙක් සෙට් වෙලා තිබුණා . කාලෙකින් ආදර සුව වින්ඳ ඌ වතුර හොයාගෙන දුවන මීමෙක් වගේ ඒ කෙල්ල පස්සේ දුවමින් හිටියා . ඒත් ඒ ආදරෙන් ඔකඳ වෙච්ච රන්දිකගේ මොළේට නොතේරුණු තිත්ත ඇත්ත තමයි කෙල්ලගේ පියා ඇවිල්ලා පළාතේ ඉන්න නොම්මර එකේ දාමරිකයෙක් බව .

"ඔය කෙල්ලත් එක්ක තියන ගනු දෙනුව නතර කරපං ! , නතර කරපං " කියලා අපි කට්ටියම කොයිතරම් වාර ගණනක් රන්දිකට කියලා ඇතිද ? . වැඩක් වුණේ නෑ .. අඳ , ගොළු , බිහිරි ආදරයක් ඉස්සරා හිටපු ඌට මේ කිසිම දෙයක් ඇහුණේ, පෙනුණේ , දැනුණේ නෑ . ඉතින් ඌට දවසක් සබ්බුව හම්බුනා ..

අපි හන්දියේ පොඩි කඩේට වෙලා තේ උගුරක් බිබී ඉන්න අතරේදී . අපිට ආපු ආරංචිය තමයි . අපේ ආදරවන්ත කොල්ලා රන්දික, උගේ කෙල්ලගේ ගෙදෙට්ට රිංගන්න ගිහින් තාත්තට අතේ මාට්ටු වෙලා විත්තිය . මාට්ටු වෙලා විතරක් නම් මදෑ ! . ඌ ගෙදරට රිංගපු කේන්තියට කෙල්ලගේ තාත්තා ඌට තදින් නෙලලා බලු දං වැලකින් කකුල් ගැටගහලා ඉබි යතුරු දමලා තියනවාය කියලත් ඒ ආරංචිය මගින් කියැවුණා .

අපේ එකෙක් ගුටි කනවා කියලා ආරංචි වුණාම අපි කාගෙ කාගෙත් හිත් උණු වෙන්න පටන් ගත්තා . ඇඟේ ලේ රත් වෙලා නටන අතරේ අතට අහුවුණ අහුවුණු අවි ආවුද අරගෙන අපි රන්දිකව බේරගන්න දිවුවේ අවසන් සටනෙදී යුද පෙරමුණට ගිය සෙබළු වගේ . ඒත් වැඩි දුරක් යන්න කලින් වාසනාවකට අපිට මගදී රම්‍යා අක්කව හමු වුණා ...

"මල්ලිලා කොහෙද මේ ?” .. බයික්කේ නතර කරලා අක්ක අපෙන් එහෙම අහද්දී අපි ඇත්තම කීවා .

"අක්කේ අපි මේ වලියකටයි යන්නේ !” .. අපි එදා එහෙම කීවේ රම්‍යා අක්කා නිසා ..ඒත් වෙන අක්කා කෙනෙක් ඒ ප්‍රශ්නේ අපෙන් ඇහැවුවානම් "මේ පන්සලට යනවා " “අපි මේ ළඟට යනවා" කියලා අපි එතනින් බොරුවක් කියලා ලෙස්සලා යන බවනම් මට හොඳටම විශ්වාසයි .

"උඹලා දෙන්නා දැන් කාට ගහන්නද ඔය යන්නේ ?

"මාළු මාකට් එකේ රංජි මාමට !”

මගෙත් එක්ක හිටි පැට්ටා එහෙම කියනකොට රම්‍යා අක්කා පුදුමයෙන් පුදුමයට පත් වුණු හැටි මම එයාගේ මූණෙන් දැක්කා ..

"රංජිට ගහන්න යනවා ?, තොපි දෙන්නා ?

ඒ අහපු ප්‍රශ්න දෙකට මොනා කියන්නද කියලා පැට්ටා කට ඇරගෙන කල්පනා කරද්දී මම රම්‍යා අක්කට සිද්ධිය අකුරක් නෑරම කියලා දැම්මා .

"පලයල්ලා තොපි දෙන්නගේ කෑලි ගෝනියකට තමා අහුලන්න වෙන්නේ ..! ඉඳපල්ලකෝ මමත් එනකම් .”

රම්‍යා අක්කා එහෙම කියනකොට මගේ හිතේ පුදුම ධෛර්‍යක් ඉපදුනා . ගෑනියක් පෙරටු කරගෙන වලියකට යද්දී එහෙම දිරියක් ඇතිවෙන එක ගැන ඇත්තටම ලැජ්ජා වෙන්න ඕනෙ . හ්ම් .. මම අද නම් ටිකක් ටිකක් විතර ඒ ගැන ලැජ්ජා වෙනවා ..

රම්‍යා ආක්කා සෙල් පෝන් එක අරං කෝල් දෙක තුනක් ගත්තා . විනාඩි දහයකින් විතර ත්‍රීවීලර් කීපයක් අපි හිටපු තැනට වට වුණා . ඒ ත්‍රීවීලර් වල හිටියේ උඩහ ගාමන්ට් එකේ වැඩකරන කොල්ලෝ රැළක් .

"මගේ යාළුවෙකුට එකෙක් ගහනවාලු අනේ මල්ලිලා උඹලත් යමල්ලා මං එක්ක ..

රම්‍යා අක්කා එහෙම කියනකොට එකෙක්වත් නෝක්කඩු කීවේ "නෑ" , "බෑ" ගෑවේ නෑ පොල්ලෙන් ඇදලා වීල් ස්ටාර්ට් කරගෙන වෙඩි උණ්ඩ වගේ මාකට් එක පැත්තට ඉඟිල්ලුණා .

අපි ළගට කිට්ටු වෙනකොට දැක්කා අපේ මිත්‍රයා රන්දික පුටුවක වාඩි වෙලා ඉන්න හැටි . හොඳ ලොකු වටකුරු තැලුම් පාරවල් කීපයක් උගේ මූණ පුරා තියන හැටිත් .

"අඩෝව් කවුද අපේ මල්ලියෙක්ට අත උස්සන තරම් හයිකාර මාළු කාරයා . ?

රම්‍යා අක්කගේ හඬ මාළු මාකට් එක පුරා ගිගුම් දුන්නා !!!!

"මමයි මූට ගැහුවේ ?” මාළු විකුණන රංජිත් මාමා කඩෙයක් අස්සේ ඉඳන් එළියට ආවේ සරම කැහැපට ගහගන්නා අතරෙයි ..

"උඹලෑ අම්ම ගෑනිද ඩෝ ?”

එහෙම අහපු රම්‍යා අක්කා එකවරම ඉදිරියට පැන්නා .. රම්‍යා අක්කගේ පිරිවරත් අපිව පෙරළාගෙන ඉදිරියට පැන්නා . තෝරු මෝරු අස්සේ රිංගලා නිකං පච වෙන්න ඕන්නැති නිසාම අපි පොඩ්ඩක් සයිඩ් ගහගෙන බලාන හිටියා ..

කාගේ හරි වෙලාව හොඳ නිසා එදා එතන රණ්ඩුවක් සිද්දවුණේ නෑ. කට්ටිය ඇති වෙනකම් බැනගෙන අපේ ගුටි කාපු එකාව වත් එල්ලගෙන ආපහු සතුටින් සෙමෙන් ආයෙත් ගෙවල් බලා යන්න පිටත් වුණා . කාන්තාවක් පෙරටු කොටගෙන සටනකට ගිහින් ජය අරගෙන ආපු ඒ දවස කවම දාකවත් අමතක නොවෙන විදිහට මගේ මතකයේ රැඳිලා තියේවි .

"අක්කේ කොහොමද බං උඹ මිනිස්සුන්ට ඔච්චර හයිරං දාන්නේ ?දවසක් මම එහම අහාපුහාම ඒකි මට දුන්නේ මෙන්න මෙහෙම උත්තරයක් .

"මල්ලි.. මම ඉස්සර වැඩ කල ඔෆිස් එකේ නංඟි කෙනෙක්ට දවසක්දා රෑ ඒ එකේම සිකුරුටි කෙනෙක් බලෙන්ම කළුවරකට ඇදගෙන දුවන හැටි මම උඩ තට්ටුවේ ඉඳලා බලාන හිටියා . ඒකිගේ කෑගැහිල්ල ඇහුණේ මට විතරයි . ඉතින් රීප්ප පටියකුත් ගලෝගෙන මම කළුවරේම එතනට දුවලා සිකුරුටියට ගහලා එලෝලා මම ඒ කෙල්ලව බේරගත්තා . එදා ඉඳන් ඉතින් මම ඔය පිරිමි එකෙක්ට වත් බය නෑ බං . මම කිත්සිරි මාස්ටර්ගෙන් කරාටිත් ඉගනගෙනයි ඉන්නේ . ඕනෙ එකෙක් එක්ක මට හොඳට ඕට්ටු වුණ හැකි .

තත්පරෙන් තත්පරේ ගෙවෙන මේ ජීවිතේදී මට හමුවුණු අමුතු මිනිස්සු අතරේ මම මේ රම්‍යා අක්කටත් මගේ හදවතේ පොඩි තැනක් වෙන් කරන්න කැමතියි . කාන්තාවක් සතු සුකොමාල බව, ළඳ බොළඳ බව ඇත්තටම කාන්තාවකට ආභරණයක් . අතින් පයින් වැඩ කිඩ පෙන්වන කාන්තාවකට පිරිමි ටිකක් ළංවෙන්න අකමැතියි . ඒක නිසා වෙන්නැති රම්‍යා අක්කා තවමත් තනිකඩ .

තනිකඩ ගෑනියක්ට සමාජයේ මොන මොන කතා හැඳුනත් අපේ රම්‍යා අක්කට නම් එහෙම කතා කියන්න කිසිම් කෙනෙක් නෑ .. එහෙවු එකක් තියා ඒකිගේ මූණ දිහා එක එල්ලේ බලන්න තරම් එඩිතර මිනිහෙකුත් මම දන්න තරමට මේ අහල ගම් හතකවත් නෑ ..

රම්‍යා අක්කා කරපු වීර වැඩ ගැන තව ලියන්න නම් දේවල් නම්.. එමටයි එවුණත් ලියන්න කලින් ඒ සමහරක් දේ ගැන නැවත සිය පාරක් හිතා බලන්න ඕනෙ නිසාම මම ඒ අනික් දේවල් නොකියා ඉන්නම්

රම්‍යා අක්කා දකිනකොට මගේ හිතේ මැවෙන්නේ කාලෙකට ඉහත බලාපු ඉංගිරිසි චිත්තරපටියක හිටි කැට් වුමන් කියන චරිතය .අසාධාරණේට එහෙහිර පිරිමි සීයක් එක්ක වුණත් සටන් වදින්න තරම් එඩිතර හිතක් ඇති කැට් වුමන් සහ අපේ ගමේ කොනක ජීවත් වෙන රම්‍යා අක්කා අතර වැඩි වෙනසක් නෑ .. මතුපිටින් පිටින් පේන පැහැදිලි වෙනසකට කියලා තියෙන්නේ ඉතින් පැහැයේ වෙනස විතරයි ...

94 comments:

ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව. said...

පත්තරෙං දැක්කෝ........

ඉඳුනිල් said...

ඔය ගැමුණුලා , රොමාලා එක්ක උඹලගේ රම්‍යා අක්කාව සසඳලා බැලුවොත් අරුන්ට මොක්කු කියලද කියන්න වෙන්නේ?

Unknown said...

හප්පේ රම්‍යා අක්ක මාරයිනේ....ඇහුවට මොකුත් හිතන්න එපා එයා කොන්ත්‍රාත් වැඩ ගන්නවද....

uwiniran said...

උඹ දන්නවද මචං,
ගෑනු කොහොමත් පිරිමින්ට වඩා ධෛර්ර්‍‍යවන්තයි.

Podi Kumarihami said...

නියම ගමක්. අපරාදේ රම්‍යා අක්කා බැන්දේ නැත්තේ. ඒවගේ ලමයි ටිකක් හදාගන්ට තිබුනා. හැබෑටම ඔය ගමේ ඒ වැඩේ කරන්ට තරම් එඩිතර පිරිමියෙක් හිටියෙම නැද්ද? :D:D

සයුරි said...

රම්‍යා අක්කට ජය වේවා...මමත් පොඩි කාලේ මාර ආසාවෙන් හිටියේ ඔය රම්‍යා අක්කා වගේ කෙනෙක් වෙන්න..හී හී.

Anonymous said...

රම්‍යා අක්කාව පසසා කමෙන්ට් එකක් වත් දමන්නට මේ ජීවිතයේදී හැකි වීම ගැන සතුටු වෙමි. මෙවන් ගෑනු අවශ්‍ය වී තිබේ. නැත්තං පිරිමි දඩාවතේ යාම වැලැක්විය නොහැකි වනු අැත!

පූසා said...

අන්න ගෑණු!

ඉඳුනිල් said...

"Champika Prasanna @ Facebook
ශ්‍රී ලාංකික බ්ලොග් කලාව වෙනුවෙන් ඉරිදා ලක්බිම පුවත්පතේ පිටුවක් වෙන් කළ 'මායා රංජන්ලාගේ පරපුරේ අලුත්ම ලේඛකයා' නොහොත් හිස් අහස ලියන අපේ සඳරු සහෝදරයාට මගේ සුබ පැතුම්."

ජය වේවා මචෝ..

Praසන්ன said...

සඳරුත් කිත්සිරි මාස්ටර්ගෙන් කරාටෙ ඉගෙනගත්තෙ නැද්ද.

අන්න ඉරිද ලක්බිමේ මලය ගැන විස්තරයක් තියෙනව.

Anonymous said...

කතාව සුපිරියි සහෝ .... මේ බ්ලොග් එකේ තියෙන ඔක්කොම කතා මන් කියවෙලා තියෙනවා.. එත් ඉස්සෙරලම comment කරන්නේ අද . හිස් අහසට ජයවේව!!!!!!!

~සදිෂ~

Test Profile said...

නියමයි සඳරු නියමයි....

cjgayan said...

උඹලට වලියෙදි කරන්න දෙයක් තිබුනෙම නැද්ද.. බකං නිලාගෙන ඉන්නවා මිසක..ෂික් අපරාදේ..

Mithuru said...

ඔය පැත්තේ මාර කට්ටියනේ අයියේ ඉන්නේ.
කොහොමත් සමහර එවුන් කියෙව්වට උන්ට කරන්න පුළුවන් මගුලක් නෑ.
පොඩ්ඩක් හිතලා බලන්න අයියේ මට තේරුණු විදියට නම් රම්‍යා අක්කා අනිත් මිනිස්සුන්ට මාර ආදරෙයි. නැත්තං වලියකට යනවා කිව්වම කොච්චර හිතේ හයිය තිබුනත් එන්නේ නෑ.උඹලා ගැන ඇතිවෙච්ච අනුකම්පාවට අනුව මට හිතෙන්නේම එහෙමයි.
අද කතාව නම් මටත් මැවි මැවී පේනවා. ජය වේවා!

samadhi said...

රම්‍යා අක්කට ජය වේවා!!

මුදිත ඒකනායක said...

පට්ට ඇ

සෙන්නා said...

රම්‍යා අක්කට ජය වේවා !!!!!!!

Nelum said...

අපේ කාලේ වීර වරියෙක් නේ!හැබයි මගේ හිතේ මැවුනේ 'කැට් වුමන්' නෙවෙයි 'ශී හල්ක්' වගේ කෙනෙක්ව!

පැණි දොඩම් said...

ඇඬෙනවා තනි ඇහැට.. ඔන්න ගෑණු...

රත්ගමයා said...

"ශ්‍රී ලාංකික බ්ලොග් කලාව වෙනුවෙන් ඉරිදා ලක්බිම පුවත්පතේ පිටුවක් වෙන් කළ 'මායා රංජන්ලාගේ පරපුරේ අලුත්ම ලේඛකයා' නොහොත් හිස් අහස ලියන අපේ සඳරු සහෝදරයාට මගේ සුබ පැතුම් ! "

මම කියවන්න ආසම බ්ලොග් අතරේ උඩින්ම තියන බ්ලොග් එක 'හිස් අහස'....
හදකුත් නැති තරුත් නැති ඒ හිස් අහසට උඹ ඉරක් වෙලා සදරු අයියේ....!!!
හැමදාම කමෙන්ට් කරලා යනකොට උඹ ලියනව නේ ජය වේවා කියලා...
ඔන්න උඹට මගෙන් ජය වේවා!! පාරක්..... දිග ගමනක් පලයන්....
ජය වේවා!!!

අකීකරු හිත said...

සදරුලාගේ ගමේ ඉන්නේ මාර වීරයොනේ අප්පා.... ඒක නෙවෙයි මලේ අද උදේ ස්වර්ණවාහිනියේ මුල් පිටුවේ සදරුගේ හිස් අහස ගැන කියනවා මම අහගෙන..මාර සතුටුයි මලේ...

පැට්ටා said...

මේ අප්‍රේල් වල ඔය පැත්තෙ අපි එනවා.... රම්‍යා අක්කවත් ඉන්ටඩියුස් කොරල දෙන්ට ඈ..... අම්මප අදහන්න වටින ගැහැණියක්..

Unknown said...

අන්න ගෑණු....

miuranga said...

මායා රංජන්ලාගේ පරපුරේ අලුත්ම ලේඛකයා උඹ ගැන සිරාවටම් අපිට ආඩම්බරයි...!!
ජයම වේවා.. සුභම සුභ 2012 ක් වේවා උඹටත් හිස් අහසටත්...

Charith Yashoda said...

ලස්සන post එකක් අය්යේ
රත්ගමය අයය Statues එකක් දාල තිබ්බ අයය ලංකාදීපේ මොකක්ද එකක් හම්බවෙලා කියල

ඔබට ජය

Raj said...

ආං මචන් මිනිස්සු...මේ සමාජේ පඩත්තර කං කරන ගැනු එක්ක බලාපුවාම..රම්‍යා අක්කා හොඳ ආදර්ශයක් මචං

Weni said...

රම්‍යා අක්කලා වගේ චරිත අදට ඕනි එදාට වඩා..නැත්නම් මේ යන කාම අපරාධ රැල්ල නවත්තන්න නීතියටවත්, නීතිය රකින මිනිස්සුන්ටත් බැරි වෙයි හැමදාම හැමතැනම ! මල් වගේ ඉන්නත් උවමනාම මොහොතේදී ගල් වගේ හයි වෙන්නත් නොහැකි මල් වලට වෙන දේ පෙනෙනවනේ මාධ්‍ය වල !

ප.ලි. ලක්බිම පත්තරෙ කියෙව්වා..සතුටුයි බොහොමත්ම !

ItalyDilan said...

සුභ පැතුම් බන් සදරු..
අද කාලේ හැටියට ඔය වගේ ගෑණු ඕනා බන්,,, අපේ රටේ උන්ට පිස්සු හැදිලා ඉන්නේ,,, එහෙම උන් ඉස්සරහා මේ වගේ ගෑනු ඕනා

Gimhani said...

බොහෝ වෙලාවට මේ රම්යා අක්කා වගේ චරිත කසාද බඳින්නේ නැ . බැන්දත් බඳින්නෙ ඊට හාත් පසින්ම වෙනස් ගති ගුණ ඇති කෙනෙක්.ගැහැණියකට දැන්නම් මලක් වගේ හිටියොත් විනාසයි තමයි.

සඳරූ, සුභ පැතුම් මල්ලී . පත්තරේ අද අරගන්නම් ඔයාගේ ලිපිය බලන්න.

ලකී සිරි said...

රම්‍යා අක්කාට ජය..

සුභ නව වසරක් වේවා සඳරූ..

උඹගෙ ලියමන් ගැන නම් මම කියන්න යන්නෙ නැහැ..ඒත් ලැබෙන පැසසුම් ගෞරව වලින් උඩ යන්නෙ නැතිව පොළවෙ පය ගහගන ඉන්න දන්න නිහතමානී කොල්ලෙක් හැටියටයි මම උඹව දකින්නෙ..

Dee said...

'ගෑනියක් පෙරටු කරගෙන වලියකට යද්දී එහෙම දිරියක් ඇතිවෙන එක ගැන ඇත්තටම ලැජ්ජා වෙන්න ඕනෙ . හ්ම් .. මම අද නම් ටිකක් ටිකක් විතර ඒ ගැන ලැජ්ජා වෙනවා .. '
ඔහොම ලියපු නිසා ඔන්න මම ලැජ්ජා වෙනවා ඔයා ගැන.. ඕකට හොඳම උදාහරණයක් මට ඔයාලා අතරින්ම දෙන්න පුලුවන්.. සමහරු පවු නිසා කියන්නෙ නැහැ..!
situation එකේ හැටියට lead කරන්න ඕනෙ ඒකට සුදුසුම කෙනා.. ගෑණු පිරිමි කම් ඒකට අදාල නැහැ...

Unknown said...

හිස් අහස පත්තරේට ගියා කියන්නේ ආයේ කියන්න දෙයක් නෑනේ....පට්ට. ජයෙන් ජය

පොඩි මෑන් said...

උඹ තියපු පියවර බ්ලොග් අවකාශයටම ආඩම්බරයක්..

ජය... !!!

මේ.... උඹ මේල් බලන්නෙ නැද්ද.... මේල් එකක් එවුව බලාපිය...

රාජ් said...

මොකක්ද ලක්බිමේ සිද්ධිය. දැන්ම බලන්න ඕන.

හා පැටික්කි (MS) said...

රම්‍ය අක්කා ඔය කොච්චර උනත් මට නම් හිනේ කවදාහරි බැන්දොත් හොඳ බිරිඳක් වෙයි කියලා...........

අපිත් පත්තරේ දැක්කෝ.......... සුභ පැතුම් සඳරු.......

චීටා said...

සඳරු මල්ලි..උඹ අලුතින් පොස්ට් එකක් දැම්ම හැටියේ මොන වැඩේ තිබුනත් චීට ඒක කියවන්නේ බොහොම ආසාවෙන්. රම්‍යා අක්කට ජය පතන අතරේම මායා රන්ජන් පරපුරේ අලුත්ම ලේඛකයාටත් අලුත් අවුරුද්දෙම සුභ පතන්න්නේ බොක්කෙන්මයි.

Hashan Kaveesha Thalgasduwa said...

Best of best ayya.One of the best stories I've read.This is my first day that I read your blogs.I found this from the newspaper-"Lakbima". Ela kiri ayya!!!!!

වර්ණා said...

ගැහැනුන්ට ආදර්ශයක් //
කාටද ආඩම්බර :)))

Hashan Kaveesha Thalgasduwa said...

Ela ayye.

Unknown said...

හැමදාම වගේ අදත් මෙි ලෝකේ ඉන්න තවත් එක් අපුරු මිනිස් චරිතයක් ගැන විස්තර කලාට ගොඩාක් ස්තුතියි. මචං රම්‍යා අක්කලා වගේ අයත් මෙි සමාජයේ ඉන්න ඔින. නැත්නමි කිසි ගතියක් නැහැ නේද? ඒ වගේම සදරු නුඹටත් මෙි හිස් අහස කියවන අනෙකුත් සියළුම සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවු 2012 වසර සුභම සුභ නව වසරක් වෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා...!!!!

Red Riding Hood said...

නියම වීර කාන්තාවක්.. ජය වේවා..!! :D

මහිම මදුරංග said...

ශ්‍රී ලාංකික බ්ලොග් කලාව වෙනුවෙන් ඉරිදා ලක්බිම පුවත්පතේ පිටුවක් වෙන් කළ 'මායා රංජන්ලාගේ පරපුරේ අලුත්ම ලේඛකයා' නොහොත් හිස් අහස ලියන අපේ සඳරු සහෝදරයාට මගේ සුබ පැතුම්."

පිස්සා පලාමල්ල said...

අම්මට හුඩු... රම්‍ය අක්ක නිකන් සුපිරි චරිතයක් වගේ.. සිරාවටම උබට මුන ගැහෙන්නෙ සුපිරිම චරිත.

අද මූනු පොතට ගොඩ වැදුන ගමන් දැක්කෙ උබේ මූනත් තඩුවයි ලක්බිම විස්තරෙයි...
මූනු පොතේ දාපු කමෙන්ටුව මේම්ම අතාරින්නම්...


" අඩෝ සඳරුවො මට පට්ට සන්තෝසයි බන්... උබේ අර " අයිය දිනුවම මල්ලිට ලැබෙන බෙනිෆිට් " පෝස්ට් එක පත්තරේ දැක්කට වඩා සතුටුයි මූනු පොතට ගොඩ වැදුන ගමන් දැක්ක මේ පින්තූරෙ දැක්කම.. කොල්ලගෙ මූනත් තහඩුව එක්කම දාල නේ පත්තරේ... සිරාවටම මගේ ඇස් දෙකට කඳුලුත් ආව බන්... ලොවෙත් නැති චාටර් නිවස් අහන දකින් මේ දවස් වල මෙහෙම එකක් දැක්කම.. සිරාවටම ඇස් දෙක තෙත් උනා... සඳරුවො... උබට ජයෙන් ජය. "

Anonymous said...

හිස් අහසත් එක්ක මෙච්චර කල් හිටියත් නම් දාල තියෙන්නෙ අතේ අගිලි ගන තරම් Ano comments ගානක්.
එත් අද එකක් නොදැම්මොත් එක ලොකු අඩුවක් වෙනව මචෝ..

dewani paratath uba paththare innawa dakala
godak sathutu hithuna...!!!

හිස් අහසට Cheerz ...... !!!!

-Ranga-

Unknown said...

http://ahasgawaa.blogspot.com/2011/12/blog-post_5235.html

දුමී said...

හැමදාමත් වගේ නියම කතාවක් සඳරු මල්ලි.

පත්තරේ ආටිකල් එක කියෙව්වා..... මගෙන් උණුසුම් සුභ පැතුම්.....!

sameera said...

මල්ලි ඔන්න මං අද ඉදන් ලක්බිම ගන්නවා...... රම්‍යා අක්කටයි උඹටයි දෙන්නටම ජයවේවා කිව්වා.......
සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා කිව්වා ඕන් .........
ලබන අවුරුද්දෙ හමුවෙමු.

ගැමියාගේ පත් ඉරුව said...

ජය වේවා සදරු අයියේ අන්න පත්තරේ ඔයා ගැන ලොකු විස්තරයක් වැටිලා හැබැයි අයියේ බොසා බ්ලොග් එක බලන දවස වැඩි ඈතක නෑ...

බොසාට ලියපු කවි සම්පූර්ණයෙන්ම කියවන්න කියලා බොසාට කිව්වොත් ඇගට ගුණ වෙයි වගේ

බ්ලොග් ලියන්න ඔයාට තව තවත් හැකියාව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...ඒ වගේම මේ මාසෙට 7ක් දායි කියලා අන්තිම මොහොත වෙනකන්ම බලං ඉන්නවා...ජයවේවා සදරු අයියේ මේ ගත්තු ජයග්‍රහනයට....

අයියාගේ සිතුම් පැතුම් ඉටුවෙන ප්‍රීතිමත් සුභ නව වසරක් කියලා ප්‍රාර්ථනා කරනවා.උසස්වීමක් ලැබේවායිත් පතනවා.....

Hashan Kaveesha Thalgasduwa said...

A best woman.Actually they should stay in our society.A very big thank you to you to write about her and a Happy New year-To-Ramya Akka and Our BLOG HERO Sandaru Ayya-and all the others who read these blogs

ගල්මල්-Coral said...

හිස් අහස හැමදාමත් ගැඹුරුයි

නුඹට සුබ පැතුම සඳරු මලේ

අසරණයා said...

අපේ ගමෙත් ඉන්නවා පුෂ්පා කියල අක්ක කෙනෙක් ටිකක් චන්ඩි හැබැයි ඔයතරම් නැහැ.

ජයවේව!!

අනූ said...

මමත් අද ලක්බිම පත්තරේ බලලයි හිස අහස පැත්තට ආවේ.. සඳරු අයියාට මගෙන් සුභ පැතුම්.. 2012 සුභ නැව වසරක් වේවා කියලත් මම ප්‍රර්ථනා කරනවා.. ජය වේවා..!

Beetle said...

මූණුපොතේ දැම්ම කමෙන්ට් එකම දානවා...

නියමායි...!!! ඔකඳ වෙනෝ...!!! මම අවුරුදුගානකින් ඉරිදා පත්තරයක් අරන් නෑ... හැබැයි අද ගන්නවා.. :D

Anwar Al Madina Est. Al Khafji said...

සදරු ලොක්කා,
බොක්කෙන්ම බ්ලොග ලියන උබට ජය වේවා..අඩෝ මචන් මමත් ගමෙන් ආපු එකෙක් නිසා උබ මේ ටෝක් දානකොට අතීතයට නිකන්ම යනවා බන් ..පිස්සු හැදෙනවා මචන්..

මේ ලින්ක් එකේ ස්වර්ණවාහිනී උබේ සීන් 1 තියෙනව.
http://www.col3negmovies.tv/video/swarnavahini-mul-pituwa/දෙක

ජිල් බුවා

සංකල්ප said...

රම්‍යා අක්කා කියන්නේ සුපිරි ගෑනියෙක් නෙව. මරු. මට මැවි මැවි පේනවා රම්‍යා අක්කා බණ්ඩක්කයාට ගහලා බයික්කේ නැගලා යනවා. බලාගෙන ගියහම බණ්ඩක්කයා කියලා කියන්නේ කාඩ් බෝඩ් වීරයෙක්ට නේ. හික්ස් :)

මල්ලි පත්තරෙත් හිටියා කියලා අපේ අම්මා කිව්වා. :)

ලොකු පුතා said...

හැමදාම වගේ එල කතාව මචං.
රම්‍ය අක්කට ජය වේවා
අර ලක්බිම පත්තරේ තිබුන ලිපිය බලන්න ලින්ක් එකක් එහෙම නැද්ද

සඳරුට සහ මුළු පවුලටම සුබ නව වසරක් වේවා...!!

Anonymous said...

ශ්‍රී ලාංකික බ්ලොග් කලාව වෙනුවෙන් ඉරිදා ලක්බිම පුවත්පතේ පිටුවක් වෙන් කළ 'මායා රංජන්ලාගේ පරපුරේ අලුත්ම ලේඛකයා' නොහොත් හිස් අහස ලියන අපේ සඳරු සහෝදරයාට

මගෙනුත් උණුසුම් සුබ පැතුම්!

බ්ලොග් අවකාශයෙන් එහාට යන්න. ඔබට දුර ගමනක් යන්න තියෙනවා අයියේ! ජය වේවා!

Buratino said...

ලක්බිමේ ආර්ටිකල් එක දැක්කහම මාර සන්තෝසයක් ආවා කොල්ලො, පට්ටම පට්ටයි, උපරිමයි.. උඹට ජය.!!

පලි: කිවුවත් වගේ පත්තරේ උඹෙ මූණත් තහඩුව වැටුනට පස්සෙ දැන් ඉතිං හැංගිලා ලියන්න බෑ පුතේ.. පත්තරේ බලපු ගමේ කට්ටිය මොනවැයි කිවුවෙ..??

මාරයාගේ හෝරාව said...

රම්‍යා අක්කා වගේ රළු ඇවතුම් පැවතුම් ඇති කාන්තාවෝ ඉඳ හිට සමාජයේ දකින්න ලැබෙනවා..ඒත් ඇත්තටම ඒ අයගේ ජීවිතවල අපි නොදකින අඳුරු පැති තියෙනවා..එයින් එකක් තමා අර කිව්ව විවාහය සම්බන්ධ දේවල්..ඒ වගේම තමන්ගේ පවුලේ අයත් සමහර විට ඈත් වෙන්න බලන ගතිය... මටත් ඔහොම අය කිහිපදෙනෙක්ම හමුවෙලා තියෙනවා..පිටතින් බැළුවම ආකර්ෂණීය පෞර්ෂයක් තියෙනවා උනත් සෑහෙන්න ප්‍රශ්න වලටත් මුහුණ පානවා..මොකද අපේ මිනිස්සු පවතින තත්වයට පිටින් යන ගෑණූන්නට හරි අකමැතියි සහ ඇත්තටම ඔවුන්ට බයයි කියන කාරණාව නිසා..

මොනවා උනත් බොට රම්‍යා අක්කාගේ පිහිටයි ආරස්සාවයි..!

පත්තරේ ෂීන් එක දැක්කා..එක අතකින් උපරිම සතුටුයි.. ඒත් ඒ වගේම ඒක උඹට කොහොම බලපායිද කියන කාරණාව නොදන්න හින්දා ඊට එහා දැන්ම මොනවත්ම කියන්න විදියක් නැහැ.මොකද උඹලා අපි ලියන්නේ අපේම ජීවිතය වීම නිසා හා ඒ ජීවිත වටා බැඳුන හුගාක් චරිත තියෙන නිසා...කොහොම උනත් හැම දේම හොඳ අතටම කැරකේවා...

හිස් අහස said...

@ඊ මේල් කවිකාරි - ස්තූතියි අක්කඩි
.............................................................................................................................
@ඉඳුනිල් = කොක්කු කියලා කියමුද ? :)
.............................................................................................................................
@ඔබ නොදුටු ලොවක් = අපෝ නෑ එයා පෝයට සිල් ගන්නවත් එක්ක
.............................................................................................................................
@uwiniran =ඇත්ත තමයි බං අපි ඒක නොදන්න ගානට ඉමු නැත්තං නෝන්ඩි
.............................................................................................................................
@Podi Kumarihami= කොයි පිරිමියාද අක්කේ කැමති ගුටිකාලා මැරෙන්ඩ ?
.............................................................................................................................
@සයුරි = අපෝ එහෙනම් ඔයාට තවම තනිකඩව ඉන්න වෙන්නේ
.............................................................................................................................
@තනි අලියා = ඔය වගේ කාන්තාවෝ උන්නොතින් අපිට වැලේ වැල් නෑ බං පික්ෂුද උඹට ?
.............................................................................................................................
@පූසා = අම්මපා !
.............................................................................................................................
@ඉඳුනිල් = ස්තූතියි මස්සිනා . මමත් ඒක දැක්කේ අද උදේ දැක්කේ ඒක දැන්නුවාට ස්තූතියි .
.............................................................................................................................
@Praසන්ன = ඒ ගැන මූනු පොතේ දැම්මාට ස්තුතියි අයියා . මට මුල්ම කෝල් එක ගත්තේ බොසා පොරට හෙනම හැපී .
.............................................................................................................................
@සදිෂ = වෙල්කම් සහෝදරයා අපේ හිස් අහසට ! ඉතින් කමෙන්ට් නැතත් උඹලා කියවලා යන එක මට මහමෙරක් තරම්
.............................................................................................................................
@ගෝල්ඩ් ෆිෂ් = ස්තූතියි අයියන්ඩි
.............................................................................................................................
@cjgayan= තෝරු මෝරු මැද්දේ අපි හාල් මැස්සො නේ බං
.............................................................................................................................
@Mithuru = ඔයත් මෙහේ ආවොත් මම රම්‍යා අක්කඩිව මුනගස්සලා දෙන්නම් ..ස්තූතියි සහෝදරී
.............................................................................................................................
@samadhi= ඒකි ඉන්න්ස නිසා ඉතින් අපිට හැමදාම ජය
.............................................................................................................................
@Muditha Ekanayake = තෑන්ස්ක් ඈ
.............................................................................................................................
@Senna = මගේ ගානේ උඹටත් ජය වේවා මචා
.............................................................................................................................
@Nelum= අක්කා ඒතරම් මහත නැති නිසා හල්ක්ට වඩා කැට් තමා හොඳ
.............................................................................................................................
@පැණි දොඩම් = සත්තයි බං උඹ එයාව දැක්කා නම් ඕකම කියනවා ආයෙ වතාවක්
.............................................................................................................................
@රත්ගමයා = මල්ලියා කාලෙකින් උඹ මේ පැත්තේ ආවට මට හෙනම හැපී . උඹල තමයි මට ඉස්සර ඉඳන් හයියට හිටියේ
.............................................................................................................................
@අකීකරු හිත = ඔයත් ඒක ඇහුවද අනේ මාස සන්තෝසයි මට

හිස් අහස said...

@අවංක පැට්ටා = අඩ්ඩා නියමයි මොනා හරි බොන්න ගෙනෙල්ලා නිකම්ම එන්ඩ ඒම එපා ඕං
.............................................................................................................................
@නිසූපා = දීකිරිට පූසොත් සාක්කිලු
.............................................................................................................................
@miuranga=ස්තූතියි මචෝ උඹටත් 2012 සුබම සුබ වෙන්ඩ කියලා මම පතනවා
.............................................................................................................................
@චරිත් යශෝද = ජයම වේවා ඔයාටත් නෑ මලයා මා ගැන පොඩි ආටිකල් එකක් දාලා ලක්බිමේ ඒකයි මේ
.............................................................................................................................
@Raj = ඒක ඇත්ත බං රම්‍යා අක්කා ඉදිරියේ අපෙත් ඔලුව පාත් වෙන්නේ ඒකි කාගෙං වත් කැත කතාවක් අහගන්නේ නැතුව මෙතෙක්කල් සූර වීර කම් තියාන ඉඳපු නිසයි
.............................................................................................................................
@Weni= ස්තූතියි අයියා උඹත් මූනු පොතේ දාලා තිබ්බ කමෙන්ට් එක සහ ස්ටේටස් එක මම දුටුවා
.............................................................................................................................
@ItalyDilan= හැබැයි ඔහොම ගෑනු උන්නොත් අපේ පිරිමි කම කම්මුතුයි මස්සිනේ !!
.............................................................................................................................
@Gimhani = ස්තූතියි අක්කේ ඔයාලා හැමෝම ඒ ලිපිය බලන එක මට හෙනම සතුටක් .
.............................................................................................................................
@ලකී= මම එදා ඉඳන්ම දැනං උන්නා මම මේ ලියන දේවල් වල ලොකු බක්කක් නැති බව අනික බං මම එදා වේල කාලා ඉන්න මිනිහා නෙව ස්තූතියි බං ලකී අයියා උඹට
.............................................................................................................................
@Dee= රම්‍යා අක්කව සිහියට එද්දී මට ඊලඟට මුලින්ම සිහිවුණේ කාව කියලද බං අක්කේ උඹ හිතන්නේ ? උඹව අක්කේ මම දැක්ක යකඩ ගෑනු අතරින් උඹත් එක්කෙන්ක් . උඹව මට හමු වුණ එකටත් මම හෙනම ආඩම්බරයි
.............................................................................................................................
@Asanka Hendahewa= ඒකනෙව කියන්නේ ස්තූතියි මගෙ මිත්‍රයා ඔබට
.............................................................................................................................
@පොඩ් මෑන් = අදත් මම වැඩ නේ පොඩ්ඩෝ උඹ මට මේල්ලුවක් දාලා නැතුවා මම බැලුවා මේ දැන් ..
.............................................................................................................................
@රාජ් = බලන්ඩකෝ අයියා හෙමිහිට

හිස් අහස said...

@හාවි = ස්තූතියි හාවි උඹ එදා එදා ඉඳන් ඉතින් මාව කමෙන්ට් වලින් දිරිමත් කලා නෙව .
.............................................................................................................................
@චීටා = ස්තූතියි චීටා මටත් හෙනම සන්තෝසයි ඒ ගැන නම් . උඹලා එන යන නිසා නේද මම තාම ලියන්නේ
.............................................................................................................................
@Hashan Thalgasduwa(Jelliya) =ස්තූතියි මිත්‍රයා . මමත් උදේම පත්තරේ බැලුවා ඊට පස්සේ මටත් හිතාගන්න බැරි ලෙස ඒ ආටිකල් එක තියනවා දැක්කා . ඉතින් ඒක කියෝපු මේක කියෝපු ඔබට ස්තූතියි
.............................................................................................................................
@වර්ණා = වෙන කාටද ඉතින් ඔබ තුමියන්ට මිසක්ක
.............................................................................................................................
@Sihina = ස්තූතියි මචෝ උඹටත් මේ අලුත් අවුරුද්ද හැම සතුටක්ම ලැබෙන්න වාසනාව ලැබේවා කියලා මමත් පතන්නම් . මම එන්නම් උඹගේ ලිංක් එක පැත්තේ
.............................................................................................................................
@Red Riding Hood = අනුලා බිසව වගේ නේද ?
.............................................................................................................................
@මහිම මදුරංග= ස්තූතියි මිත්‍රයා මගේ බ්ලොග් එක කියෝලා යන ඔබ හැම නිසා නේද අද මම මේ තරම් වල් පල් ලියන්නේ .. ස්තූතියි හදවතින්ම
.............................................................................................................................
@පිස්සා පලා මල්ල = ඒ හැම දේකම ගෞරවය හිමි වෙන්න ඕනෙ උඹට නේද ? උඹ නේද උඹගේ බ්ලොග් එක හරහා මට බ්ලොග් ලියන්න ආසාව ඇති කලේ ? උඹට හදවතින්ම ස්තූතියි බං මැරෙන්න කලියෙන් දවසක අපි අනිවා සෙට් වෙමු
.............................................................................................................................
@Ranga= මට වටින්නේ උඹලා කියවලා යන එකයි මසිනා කමෙන්ට් දැම්මොත් මම ඒකත් සතුටින් බාරගන්නම් . ඉතින් කමෙන්ට් කරන්න වෙලාවක් හැමෝටම නැති බව මම හොඳටම දන්නවා . ඉතින් මචං උඹට ස්තූතියි මට සුබ පැතුවාට
.............................................................................................................................
@දුමී = ස්තූතියි දුමී අයියා මට උඹගේ සුබ පැතුම් වලට වඩා උඹව එක වතාවක් මූනට මුන ගැහෙන්න තියනවා නම් රටක් වටිනවා ඊලඟ වතාවේ මම එනවා උඹව බලන්න උඹ ආවේ නෑ නේ
.............................................................................................................................
@sameera = අනිවා ඊලඟ වසරේදී අපි මීටත් වඩා ජොලියෙන් ඉඳීවා කියලා පතමින් ආයේ හමු වෙමු

හිස් අහස said...

@ගැමියාගේ පත් ඉරුව= මම ඒක දැක්කා මට ඒ ගැන මුලින්ම කීවෙත් මගේ බොසා තමයි පොර මට බනියි කියලා හිතුනත් එයා එහෙම කලේ නෑ මිනිහා හිත හොඳ ඩයල් එකක් . හත තවම ලියමින් ඉන්නේ මස්සිනේ ..
.............................................................................................................................
@Hashan Thalgasduw= හප්පෝ මට ඉංගිරිස් බෑ බොලං
.............................................................................................................................
@ගල්මල්-Coral = ස්තූතියි අයියේ උඹගේ ඒ අවංක සුබ පැතීම මට කොච්චර හයියක්ද
.............................................................................................................................
@අසරණයා = දෙනව එක්කසු කලා නම් ලෝකෙ හොල්ලයි
.............................................................................................................................
@Shani = ඔයාටත් මේ වසර බොහෝම සන්තෝසෙන් ගෙවන්න හැකි වෙන්ඩ කියලා මම පතනවා සහෝදරී
.............................................................................................................................
@Beetle =උඹ ඉතින් මට කවදත් ගුරුහරුකම් දුන්න මගේම එකෙක් නෙව
.............................................................................................................................
@Anwar Al Madina Est. Al Khafji= උඹට ස්තූති කරන්න වචන නෑ බං අපිට ස්වර්නවාහිනි අහුවෙන්නේ යාන්තමට මේ ලිංක් එක හරහා ගොස් වීඩියෝව මගේ අම්මට පෙන්නුවාම ඒකි ගොඩක් ඇඬුවා සතුටට . ඉතින් ඒ දුන් සතුටට මම උඹට ස්තූති කරනවා මචෝ
.............................................................................................................................
@මධුරංග = ඔවු අයියේ මගේ ගැන විස්තරයක් දලා තිබුනා
.............................................................................................................................
@ලොකු පුතා = මම හොයලා බලලා දාන්නම්කෝ . මචෝ උඹටත් මේ වසර බොහෝම සන්තෝසෙන් ගෙවන්න හැකි වෙන්ඩ කියලා මම පතනවා
.............................................................................................................................
@විසිතුරු = ස්තූතියි යාලු . මේ ජීවිතේ අපිව කොහේ ගිහින් අතාරියිද කියලා කියන්න අපිවත් දන්නේ නෑ .. බලමු අපි කොහේ යාවිද කියලා
.............................................................................................................................
@බුරතීනෝ = ගමේ උන් නම් ඉතින් හවස ගෙදර ආවට පස්සේ ගොඩක් ප්‍රසංසා කලා ඒත් බං වැඩි අවුලක් නෑ අපේ ගමේ ගොඩක් උන් බ්ලොග් බලනේ නෑ සිංහල බ්ලොග් ගැන වැඩි දැනීමකුත් නෑ . එයාලා හිතන්නේ මම මොකක් හරි පොතක් ලියලා කියලයි
.............................................................................................................................
@මාරයාගේ හෝරාව = පත්තරේ සීන් එක මට මුලින්ම කීවේ මගේ බොසා මිනිහා හෙනම සතුටෙන් තමා ඒ කතාව මට කීවේ මගේ පත්තර පිටුව නෝටීස් බෝඩ් එකෙත් දැම්මා එයා . ගමේ උදවියට නම් මේක ඒ හැටි මීටර් නෑ බං . මට ඉතින් අල්ලපු ගෙදර රමයා අක්කා හැමදාමත් ඉන්නවා සවියට නිරතුරුවම . ස්තූතියි බං අයියේ

Hashan Kaveesha Thalgasduwa said...

Ok.Ehenam Mama Singlish walin comment karannam.Thanks Ayya.Me Lipiya witharak neme,mama thava lipi 10-15 withara kiyewwa.Niyamai.

Abeetha Edirisinghe said...

මේ සිද්ධ වෙලා තියෙන දේ ගැන මම උඹට අනාවැකි කිව්වේ ඇලේ බන්ට් එකේ ගුවන් ගත වෙද්දි.... මගේ උණුසුම් සුභ පැතුම් මලේ.....

සුභ නව වසරක් වේවා....

මගේ කැට් වුමන් ගැන ලඟදීම එලියට....

Hashan Kaveesha Thalgasduwa said...

Ayyata engish bari bawa oya lipiyakinmai danagatthe.Ayyage Blog lekana diviyata magen Subapathum

ayesha said...

ඔන්න හුඟාක් පහු වෙලා මේ පැත්තේ ආවේ. ඔයාව පත්තරේ දැක්කම හරිම සන්තෝසයක් දැනුනා. සුභපතුම් යාළු!!

කතන්දර Kathandara said...

චානුක ලියූ ලිපිය හෙටයි බලන්න වෙන්නේ. හමුවෙමු.
සුභ පැතුම්.
මේ මාසේ හත වෙනුවට ජනවාරියේ අටක් ගහමු!

Dinesh said...

රම්‍යා අක්කා කියන්නේ නියම ගෑණියෙක්නේ බං.. අසාධාරණයට විරුද්දව නැගිටින අය දැං අඩු එකේ කාන්තාවක් හරි එහෙම ඉන්න එක සතුටක්...

Anonymous said...

jayawewa sandaruwo, ae wagema suba nawa wasarak wewa, wadi wadiyen lipi liyanna labewa! ;)

Hawkprincess : said...

මමත් ඉතාම ආසාවෙන් බලන බ්ලොග් එකක්! අද තමයි මුලින්ම කමෙන්ට් එකක් නම් දාන්නේ. සුභ පෑතුම්!

Hashan Kaveesha Thalgasduwa said...

Thank you very much ayya.Kalekata passe iskole nivaduwa ivara wenna kalin madi nokiyanna kiyawanna honda katha tikak labuna.ada 1.00pm patan gattha kiyavilla 8.58pm ta ivara kale.Me wage thawa katha liyanna ayyata thawa thawa adahas ha athdakeem wadi wadiyen hetin udawana aluth avuruddhedi labewa kiyala saha Suba nawa wasarak wewa kiyala mama prarthana karanawa.

රත්ගමයා said...

ඇවිල්ලා බ්ලොග් එක කියවලා ගියාට කමෙන්ට් කරන්න විදිහක් නෑ...හොස්ටල් එකට සිග්නල් නෑ..සිග්නල් අල්ලන්න උඩම තට්ටුවට ලැප උස්සන් දුවන්න ඕන... :)

Anonymous said...

මෙහෙමනෙ බං.. අපි ඔහොම කෙනෙක්ට බය වෙන්න ඔ්න ුපි වෙන කෙනෙක්ට කරදරයක් වෙනවනං නෙ බං, අපි අපේ වැඩ කරං අපේ පාඩුවෙ ඉන්නවනං අවුලක් නෑනෙ බං! :D

තීර්ථ යාත්‍රිකයා said...

ජය වේවා මචෝ..

Pramudi said...

සඳරු අයියේ,
අයියගේ blog 1 මම දැක්කේ අද උදේ අහම්බෙන්.ඒත් මම මේකේ තියෙන හැම කතාවක්ම කවියක්ම කියවලා ඉවර කලා.ගොඩක් ලස්සනයි අයියගේ අදහස්.හිතට දැනෙනවා ගොඩාක්.ඊළඟ post 1 දකිනකල් ඉවසිල්ලක් නෑ මට.
තව තවත් ලියන්න අයියට ශක්තිය,වාසනාව ලැබෙන්න ඕනි.
සුබ අළුත් අවුරුද්දක් වේවා..!

ලහිරු said...

පට්ටයි..ආයේ කියන්න වචන නෑ, ඔහොම අය හරි හිඟයි සහෝ! එහෙනම් සුබ අලුත් අවුරුද්දකුත් වේවා කිව්වා!

Anonymous said...

සුභ නව වසරක් වේවායි පතනවා..මගේ යාළු..!

Anonymous said...

දැන් ඉතින් කොල්ලා බොසාට හොරෙන් බ්ලොග් ලියල ඉවරයි වගේ...
දැන් ඉතින් දැන ගත්තානේ පත්තරෙන්ම

Ishara said...

සඳරු, සුභ පැතුම් මල්ලියේ. ඇත්තටම සතුටක් අපේ එකෙක් නෙ කියලා. දිගාමඩුල්ල කියන්නෙ මමත් ටිකක් කාලයක් කරක් ගහපු පැත්තක්. ඉතින් එහෙන් එකෙක් කිව්වම තවත් සතුටුයි. ජයවේවා

BLOG ගඩොල් said...

උණුසුම් සුබපැතුම් මචෝ. කට්ටියගෙ කොමෙන්ට් වලින් උඹ ගැන පත්තරේ ලිපියක් පළවෙලා ඇති බව දැනගත්තා. ඒක බලන්න ලින්ක් එකක් දාන්න පුලුවන්ද?

ලැබුවා වූ 2012 නව වසරටත් මගෙන් ආසිරි!!!!!!!!

මන්තරකාරි said...

සිරානේ... මටත් එහෙම කාටහරි ගහන්න ආසයි...
මමත් මුල්පිටුවෙ දැක්කා සඳරු ගැන පත්තරේ තියෙනවා. මං අපේ අම්මටත් පෙන්නුවා මං කියන්නෙ මෙන්න මෙයා ලියපු කතා තමයි කියලා... :) පත්තරේ ගන්න බැරි උනා.ඒක ඔන්ලයින් කියවන්න පුලුවන්නම් කවුරුහරි පිංවතෙක් ලින්ක් එක දානවද??

හසී said...

නියම කතාවක්,, හි හි ජයවේවා සඳරු...!

පවනි said...

රම්‍යා අක්කා තවම තනිකඩ ද?
මට නම් හිතෙන්නෙ මාව හදාගන්න පුලුවන් සුදුසුම සහකාරියන්ගෙ ලිස්ට් එකේ දෙවෙනි තැන දෙන්න පුලුවන් එයාට....
ඒත් කොහෙද.... ඒකි මට වඩා වැඩිමල් නෙ!!
ලොල්!!

ජනක රත්නායක said...

මායා රංජන්ලාගේ පරපුරේ අලුත්ම ලේඛකයා උඹ ගැන සිරාවටම් අපිට ආඩම්බරයි...!!මම දැන් තමා එක බැලුවෙ ජයවේවා සඳරු...!

The තරුවා said...

හිකිස්......පට්ට පට පට...ජයවේවා රම්‍ය අක්කා....මට නම් දකින්නත් ආසයි එයාව...

කෝඩුකාරයා said...

පුළුවන්නම් ඊළඟ පෝස්ට් එකක රම්‍යා අක්කගෙ Photo එකක් දාන්නකෝ.....මට බලන්න ආසයි...

ශශී said...

ඔන්න ඔය වගේ ගෑණු අදට ගොඩාක් වටිනවා නේද සඳරුවෝ?

පැට්ටා said...

ලක්බිම පත්තරේ සීන් එක කලින්ම දැක්කට අද තමා ඒක ඩවුන්ලෝඩ් කරගෙන ආටිකල් එක කියෙව්වෙ... එළම කිරි සඳරුවො.. පට්ටම සංතෝසයි...

අඩේ එහෙම නිකන් එන සිරිතක් තියෙනව යැ? ඒකත් මචෝ උඹව බලන්න එද්දි ..... හික් හික් හික්....

gallen avith said...

thank you kiyala kiyannama one ad 1k neme eth nokiya ba, balika pasalakata giya mata kollo harima amuthu jathiyak.thaththa hasirena vidiyenwath mata wada avrudu bara ganak wadimal ayyagen wath kollo gana hitha ganna ba.mama hamadama kalpana kala kollo kohomada me loke dakinne kiyala. oya mata hoda chance 1k deela thiyanawa. mama oyage blogs digata baluwa kiwwoth boru Lakbima paththare oya gana dakala thai baluwe. danta kiyawapu blogs walin samahara ewa ape ammatath ahenna kiyewwa. digatama dewal liyanna puluwan wei neda? 4k hari kamak na 1n sahennan.

Observer said...

මට මේ පෝස්ට් එක මිස් වෙලා තිබ්බෙ, අදයි කියෙව්වෙ.
නියමයි බොලේ රම්‍ය අක්කගේ වැඩ ...හෙහ්...හෙහ්...

duliponline said...

@වෙනී:
//රම්‍යා අක්කලා වගේ චරිත අදට ඕනි එදාට වඩා..නැත්නම් මේ යන කාම අපරාධ රැල්ල නවත්තන්න නීතියටවත්, නීතිය රකින මිනිස්සුන්ටත් බැරි වෙයි //

උඹේ කර අඹලම ඉස්ටාට් එක ගත්තනං හරි . . . .

Anonymous said...

ඒකිව මම දැන ඇඳිනගෙන උන්නේ පොඩි කාලේ ඉඳන්මයි .රම්‍යා අක්කා ගමේ හෝල් හන්දියේ හයිරං පාපු බණ්ඩක්කෙයා ගේ පස්සට උඩ පැනලා පයින් පාරක් ගහනවා දුටුදා පටන් මට ඒකිව අමතක කරන්න බෑ . ඒකි ඒ ගහපු පා පහර මට තවමත් මැවි මැවී පේනවා
umba kohomada yako mehema liyanne.hina kala merenava umba liyana style ekata.digatama liyapan.api hemadama his ahasa ekka.

උණු උණු පාං ගෙඩියක් අමුවෙන්ම ගිලදදා හිටි බණ්ඩක්ක
ee yako pan kohomada amuven kanne...?

Isuru Sampath (ඉසුරු) said...

එල ආ සදරු අය්යෙ
කතාවත් මරු..
රම්‍යා අක්කත් මරු.......
ඇත්ත්ටම අපේ පලාතේ මරු මරු ඈයෝ නෙහ් ඉන්නේ........

Post a Comment

තැන්කූ බං