13.1.12

සැඟව ගිය මවු සෙනෙහසක් සොයා ගිය ඇත්තම කතාවක්

 
මේ පින්තූරේ ඉන්නේ අපේ කිතුලා
සුරනි අක්කලාගේ ගෙට පිටිපස්සේ තියන ලොකු සියඹලා ගහ ගාවට ආවම හවස ඉර බැහැගෙන යන හැටි බෝම ලස්සනට බලාන හිටිය හැකි . ඒ ළඟම තියන කුණු ඇලේ කොළපාට වතුර මත්තේ පීනන දියකාවෝ, වල් තාරාවෝ, ගං කබරයෝ ආදී සාටර් සත්තුත් බලන්න හැකි නිසා කෙනෙකුට තනියක් නැතිව එතන පැය ගාණක් වුණත් කල් මැරුව හැකි . ඕනම අබල දුබල ජංගම දුරකථනයකට වුණත් මේ ලොකු සියඹලා ගහ යටට හොඳට සිග්නල් වැටෙන නිසාම ඒකාලේ ඉඳලා මෙතන ගමේ කොල්ලෝ සෙට් මෝල් වෙන ගජ පොට් එකක් . තැන තැන විසිවුණු හිස් බීර කෑන් , දුම්වැටි වල අලබට (ෆිල්ටරේ), නිවී ගිය ගිනිකූරු, භාවිතා කල ෆෝන් කාඩ් මේ බවට සාක්කි ..

එදා හවස් වරුවේ නම් එතන ඉඳගෙන උන්නේ මම විතරමයි . ගමේ කවුරුහරි ගෑනියෙක් මාව දැක්කා නම් මම තවත් කෙල්ලක් එක්ක තනිපංගලමේ එතන උන්නාය කියලා අනිවා කටකතාවක් හදාවි . ගෑනුන්ට කුද ගහගන්න කියලා මම එතනම බිම දිගේ කුණු ඇල පැත්තට ඇදිලා ගිහින් තිබුණු සියඹලා ගහේ ලොකු මුලක ඉඳගත්තා . වෙලාව හතරයි හතළිහට විතර . මොහොතකින් කුඹුරු යායට එහා පහළ පාර දිගේ බයිසිකලයක් පාගමින් එන පුද්ගලයෙක් මම දැක්කා . ඒ තමයි මම බලාපොරොත්තුවෙන් හිටපු මගේ මිතුරා .

"කිතුලා "

නියර දිගේ කෙළින්ම ආවා නම් ඌට මෙතනට එන්න ගතවෙන්නේ විනාඩි දෙකක් විතර පොඩි කාලයක් . ඒත් බයිසිකලෙන් එන නිසා පහළ ගං සබා පාර දිගේම ඇවිදින් ලොකු වටයකුත් දාලා තමයි මම ඉන්න තැනට ඌට එන්න වෙන්නේ . ඉතින් කිතුලාට මෙතනට එන්න තව විනාඩි දහයක්වත් යනවා සිකුරුයි !.

මම උන් තැනින් නැගිට්ටේ ඌ එන පෙර මග බලාන ඉන්න තරම් මම ලොකු නොයිවසිල්ලකින් උන්න නිසාමයි . එදා දවල් ඌ කෝල් කරලා මට කීවේ බෝම වැදගත් කාරණයක් මට කියන්න තියනවා කියලයි . ඉතින් මමත් මගෙ හිත කුලප්පු කරගෙන කිතුලා එන පෙර මග බලං උන්නේ ඒ වැදගත් කාරණේ මොකද්ද කියලා දැනගන්න තිබුණු කුතුහලේ නිසාමයි .

කිතුලා තමා මට උන්න හොඳම මිත්‍රයා .

මගේ අත මිට සරු සැප කාලවලදී වගේම මම නැත්තටම නැතිවෙන්නම කෙළවගෙන හොම්බ බිම ඇනගෙන උන්න කාල වලදී පවා ඌ මගේ ළඟ හෙවනැල්ලක් වගේ හිටියා. මම වලියක පැටළුණොත් හරි වැරැද්ද මොක වුණත් ඌ මම වෙනුවෙන් ඒකට බැස්සා . වචනයේ පරිසමාප්ත අරුතෙන්ම ඌ නම් නියම මිත්‍රයෙක් .

තරමක් පොඩි සිරුරක් තිබුණට කිතුලා බොහොම ශක්ති සම්පන්නයි . පොල්ගස් බඩගාලා , වගේම දෑතේ වැඩ හොඳින් කරලා උගේ ඇඟපත යකඩෙන් වාත්තු කළා වාගේ සවිමත් . හිතත් එහෙම්ම තමා , ඒ ඔක්කෝමත් හරි ගූ මුට්ටියට පොල්ලෙන් ගැහුවා වාගේ ටිකක් විතර වාචාල කටකුත් ඌට පිහිටලා තිබුණා . තැන නොතැන නොබලා සුද්ද සිංහලේ වදන් නිතර භාවිතා කල උගෙත් එක්ක මම වුණත් කතා කළේ බෝම පරිස්සමෙන් . ඉතින් මගේ මිතුරා මාව හමුවෙලා කියන්න යන්නේ මොනවද කියලා මම මෙතනට ආපු මොහොතේ පටන් නිමක් නැතිව කල්පනා කරමින් උන්නා .

"සමහර විට ඌ අලුත් කෙල්ලෙකුට ට්‍රයි කරනවා ඇති - නෑ නෑ කලින් එක නැවතුණේ මේ ලඟඳිනේ”

"සල්ලි කීයක්වත් උවමනා වෙලාවත්ද
? වෙන්න බෑ ඌ මේ දවස් ටිකේ වැඩ වගයක් කලා නෙව"

"උඩහ ගමේ බුවාලත් එක්ක කොක්කක් වත් දාගෙනද
? කියන්න බෑ ඌ කට හොඳ නැති එකා නේ"

හිතේ නැඟෙන මේ වගේ නිමක් නැති ප්‍රශ්න වලට මමම උත්තර බඳින අතරේ වංගුවෙන් මතුවුණේ කිතුලාගේ පුට්සයිකල් එක .ලොකු වටයක් බයිසිකලේ පාග පාග ආවත් ඌට යන්තම්වත් දාඩිය පොල්ලක් දාලා තිබුණේ නෑ . තරමක් වේගෙන් ආපු බයිසිකලේ මගෙ ගාව නතර වුණේ "කීස්" ගාලා සද්දයකුත් එක්ක.

"උඹ ඇවිදින් ගොඩක් වෙලාද ?”

"නෑ දැං ආවේ "

"එහෙනම් මෙහෙං පොඩ්ඩක් වාඩිගනිංකෝ මට උඹට පොඩි කතාවක් කියන්ඩ තියනවා .”

කිතුලා කෙළින් කතා කරන එකෙක් උගෙ ළඟ වහෙංඔරෝ නෑ . ඉතින් මූ වටේ පිටේ නොයා කතාව කෙළින්ම කියාදාන වග මම හොඳටම දැනං උන්නා . ඉතින් මමත් එතන ඉඳගත්තේ ඕන කෙංගෙඩියක් වෙච්චාවේ කියලා හිතන ගමන්මයි

"මම අම්මව හොයාගත්තා බං !”

කිතුලා එහෙම කියනකොට මට දැනුණේ කියන්න බැරි තරමේ සතුටක් . ඒ එක්කම මගේ මතකය අවුරුදු ගාණක් ආපස්සට ගියා .

මම මොන්ටිසෝරි යන පොඩි කාලේ පවා කිතුලා මේ ගමේ ජීවත් වුණාට උගේ උපන් ගම මෙහේ නෙවෙයි . ඌ ගාල්ලේ . පොඩි කාලේදී කිතුලාව සහ උගේ මල්ලිව එක්කරගෙන කිතුලගේ තාත්තා මෙහේට ඇවිදිල්ලා තිබුණා .එදා ඉඳන් ඌ ජීවත් වුණේ මේ ගිනිගහන අවුකූටකේ සැර දැනෙන නැගෙනහිර හිස් අහස යට .

සීයාගේ වඩු මඩුවට වෙලා ඒකේ වැඩ පල වලට අත් උදවු දෙමින් ඉස්කෝලෙත් ආපු කිතුලා ඉන් පස්සේ මගේ හොඳම මිත්‍රයෙක් බවට පත් වුණා . ඉස්කෝලෙන් අස් වුණාට පස්සේ කිතුලාගේ මූලික බලාපොරොත්තුව වුණේ තමන්ගේ අම්මව හොයාගන්න එක . ඒත් ඒක කොහෙත්ම ලේසි වැඩක් නම් වුණේ නෑ . ඇස් දෙකට දැකලා නැති කෙනෙක්ව මේ රට ඇතුළේ කොහොම හොයන්නද ? ඒත් කිතුලා නෙවයි උත්සාහේ අතහැරියේ .

"ඉතින් කෝමද බං අම්මව හොයාගත්තේ ? කොහේද එයා උන්නේ ? “

"ඉඳපන් මම උඹට කතාව මුල ඉඳන්ම කියලා දාන්න"

ඒ ලොකු සියඹලා ගහ යට ඉඳන් කිතුලා දිග කතාවකට මුල පිරුවා .

"මචං මම ඒ ලෙවල් කරලා ඉවර වුණාම තීරණය කළා අම්මව හොයාගෙන යන්න . ඒත් මම දැනං උන්නේ නෑ එයා කොයි ලෝකේ ඉන්නවද කියලා . අනික තමයි බං මගේ අතේ ඒ කාලේ සල්ලි සතපහක්වත් නෑ උඹ දන්නවා ඇති නේ බං මම යැපුනේ නෑදෑයන්ගෙන් . ඉතින් මම කෝමද උන්දැලාගේන් සල්ලි ඉල්ලන්නේ .? කොහොමින් කොහොම හරි මම ඔය පොඩි පොඩි වැඩ ටිකක් කරලා රුපියල් 1500 හොයාගත්තා . සුදු මාමාගේ ගෙදර තීන්ත ගාලා තමයි බං මම ඒක හොයාගත්තේ . “

"ඉතින් උඹට ඒ සල්ලි ඇති වුණාද බං ? “

"ඒ සල්ලි ජුංඩෙන් මොනා කරන්නද බං ?. ඒ වුණත් මම ඒක ගණං ගත්තේ නෑ මේ තියන සල්ලි ටිකෙන් අම්මව හොයාන යනවා කියලා මගේ නෑදෑයොන්ට කීවා . ඒත් බං ඒ කිසිම කෙනෙක් මට අම්මව හොයාන යන්න ඉඩ දුන්නේ නෑ හැමෝම එක පයින්ම විරුද්ධ වුණා . ඒත් බං හැමෝම විරුද්ධ වෙද්දී මගේ පුංචි අම්මා මට ඒ අය ඉදිරියේදීම රු 500ක් ගෙනල්ලා දුන්නා බං අම්මව හොයාගන්ඩය කියලා . මට ඒක පුදුම හයියක් වුණා .”

"ඉතින් උඹ එහෙනම් අම්මව හොයාන ගියා . මේ අපිටත් නොකියම .”

"ඔවුවා කිය කිය කරන්න හැකි වැඩද බං අනික. අම්මා ඉන්න තැන මම දැනගත්තේ නොහිතපු විදියට . “

"ඒ කෝමද ? “

"උඹට මතකයි නේද මම ඒලෙවල් කල සන්දියේ සුගර් එක පැත්තේ කෙල්ලක් එක්ක යාළු වෙලා හිටියා .”

"මට මතකයි . “

"මම ඉතින් බං ඉඳලා හිටලා ඒ ගෙදර ඇද්දා . ඇද්දා කීවේ ඉතින් මේ ගෙදරට ගිහින් ඒකි එක්ක කතා බහ කරලා ආවා විතරයි . ඔන්න ඉතින් දවසක් මම එහේ යද්දී ඒ ගෙදර ඇතිකළ හරකෙක් නැති වෙලා ඒ ගැන පේනයක් බලන්න සාස්තර කාරයෙක් ගෙන්නලා තිබුණා . ගෙදර උදවිය හරකා ඉන්න තැන සාස්තර කාරයා ගෙන් අහන හැටි දැකපු මටත් හිතුණා අම්මා ඉන්න තැන ගැන පේණක් බලන්න .”

"ඉතින් . උඹ ඇහුවා ?”

"නෑ බං පුදුමේ කීයන්නේ මම ඒ ගැන අහන්න සාස්තර කාරයා ගාවට කිට්ටු වෙනකොටම එකවරම ඌ ආවේශ වුණා ඉන්පස්සේ ඌ ඇහුවා නෙව මහ අමුතු ප්‍රශ්නයක් !”

"මොකක්ද ?”

"මෙතන ඉන්නවා නේද මවු කෙනෙක් ගැන අහන්න ආපු කෙනෙක්..? "

"මිනිහා එක පාරටම එහෙම ඇහුවා . ඉතින් මමත් ඉස්සරහට ගිහින් මම ආපු කාරණාව කෙළින්ම උන්දැට කියලා දැම්මා . ඉතින් ඒ සාස්තර කාරයා ආවේශයෙන්ම කියවන්න ගත්තා. ඌ කියාපු කිසිම වචනයක් මට නම් හරියට තේරුණේ නෑ. මට යන්තම්වත් ඇහුණේ තලාඩි සත්‍ය දේවස්ථානම් කියන ටික විතරයි . ඔහොම කියවලා කියවලා අන්තිමේට මිනිහා අම්මා ඉන්නවා කියන ගමේ නම කොළේක ලියාගෙන ගියා කීප විටක්ම එකම නම ලියාගෙන ගියා . අන්තිමේදී කිවුවා අම්මා හොයන්ඩ දකුණට යන්ඩ කලියෙන් ආයෙමත් ඇවිදින් උපදෙසක් අරගෙන යන්ඩ කියලා . ඒවුණත් මම ඌට හොරෙන් ගාල්ලේ ගියා . උඹට මතකද බං ගැමුණුපුර ඉසුරුවා ?”

"මට මතකයි ඉතින් ?”

"ඌ ඒ දවස් වල උන්නේ ගාල්ලේ ඉතින් මම ඌට කෝල් කරලා කීවා මම අම්මව හොයාන ගල්ලේ එනවා මට නවතින්න තැනක් සෙට් කරපන් කියලා .”

"ඌ හිත හොඳ එකා නේ බං ඌ තැනක් අනිවා සෙට් කරන්න ඇති . !”

"හිත හොඳ බව නම් ඇත්ත ඒ වුණත් බං මම ඌට කෝල් කළාම ඌ කීවා ඌ ඉන්නේ කොළඹ කියලා ! ඉතින් මම හෙවුවා දකුණේ තව කොතනද මට නවතින්න තියෙන්නේ කියලා . අන්තීමේට මට අපේ ආච්චි කෙනෙක් ඒ පළාතේ ඉන්නවා කියලා දැනගන්න ලැබුණා . මම ඉතින් කෙළින්ම එහේ යන්න බස් එහෙක නැංගා .”

"උඹ ගෙදරට කීවද දකුණේ යනවා කියලා ?”

"ඔවු මම ගෙදර අයට ඇත්තම කීවා මම අම්මව හොයාන එන්ඩයි යන්නේ කියලා .ඉතින් මම මෙහෙන් පහයි තිහට තිබුණු අම්බලන්ගොඩ බස් එකේ නැගිලා ආච්චිලාගේ ගෙදර ගියා .ආච්චිලා හිටියේ එහේ කුමාර කන්ද කියන ගමේ . “

අපිට පිටිපස්සෙන් තැපැල් නයින්ටි බයික් එකෙක් දූවිලි අවුස්සගෙන කඟවේනේක් වගේ ඉදිරියට ගිය නිසා අපි දෙන්නට මොහොතකට හුස්ම ගන්න අපහසු වුණා . බයික් කාරයාට අමු තිත්ත කුණුහරුප වැලකින් සංග්‍රහ කරපු කිතුලාටයි මටයි කතාව මතක් වුණේ විනාඩි කිහිපයකට පස්සෙයි.


/ලි = කිතුලා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ "එරන්ද ලක්මාල්" නැමති මාගේ මිත්‍රයාගෙන් මෙම කතාව, පින්තූර සහ නම් ගම් ආදිය පළකිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ අවසරය ලබාගත් බවත් දන්වා සිටිමි .

82 comments:

නුවන් said...

අද තමයි මුලින්ම හිස් අහසට සෙට් උණේ!
අපරාදේ කලින් දන්නවනම් අපේ ගෙදර සෙට් කරනවනේ නවතින්න!

ඉඳුනිල් said...

"මම උන් තැනින් නැගිට්ටේ ඌ එන පෙර මග බලාන ඉන්න තරම් මම ලොකු නොයිවසිල්ලකින් උන්න නිසාමයි . එදා දවල් ඌ කෝල් කරලා මට කීවේ බෝම වැදගත් කාරණයක් මට කියන්න තියනවා කියලයි . ඉතින් මමත් මගෙ හිත කුලප්පු කරගෙන කිතුලා එන පෙර මග බලං උන්නේ ඒ වැදගත් කාරණේ මොකද්ද කියලා දැනගන්න තිබුණු කුතුහලේ නිසාමයි ."

අන්න ඒ කුතුහලේ දැන් අපිටත් තියෙනවා ඉතිරිය දැන ගන්න.

Raj said...

තවත් අපුරු...ජීවිත කතාන්දරයක මුල...උඹ වගේ අපිත් මග බලන් ඉන්නේ නොයිවසිල්ලේන්..ආ තව එකක් තො අප්‍රියෙල් 22 කොලඹ ආවේ නැත්නම්....ගෙදෙට්ට ඇවිත් හමගහනව..හරිය...

ශානි said...

සික් මෙගා කොරන්න යනවද

සිත් අහස said...

කුමාරකන්ද,. මාත් දන්න පැත්තක් නේ,. අපිත් ගාල්ලේ හරිය,.

අනේ මන්ඳා සඳරුවෝ,. මට නම් මේ බ්ලොග් එක ගැන කියන්න වචන නෑ,. කාර්යබහුල නිසා කමෙන්ටුවක් දාන්න වෙලාවක් නැති වුනත් මාස ගානක් කියවන්න බැරි වුනත් , ආයේ ආපු දවසට බලන්න මඟ ඇරුන ඔක්කොම පෝස්ට් බලලයි මම නතර කරන්නේ,.

කොටින්ම කිව්වොත් මේ බ්ලොග් එක පට්ටයි,. :)

නචියා said...

ඉතුරු ටිකත් බලලම කමෙන්ට් එකක් දාමු.....

ලහිරු said...

ම්ම්ම්...බලාගෙන යද්දි තවත් මෙගා සීරීස් එකක් වගේ... එහෙනම් හෙට උදේ දානවනෙ ඉතිරි ටික? දැම්මේ නැත්තම් එහෙමනේ!!!!!!! ඵල ඵල ...

Gimhani said...

එක හුස්මට කතාව කියවගෙන ගියා . ආසයි ඉතිරියත් කියවන්න .
…මේ කිතුලා ගැන මීට පෙරත් සඳහන් කලා මතකයි .

රාජ් said...

හා මං බැලුව මොකද උඹ පරක්කු කියලා. ආතතිය හැදුනවත්ද? ඉස්සරහට කතා ලියනකොට "ඌ කවදාවත් බ්ලොග්එක කියවනඑකක් නෑ" කියල හිතල ලියන්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා අවසර ඇතුව දානඑක හොදයි.

Anonymous said...

ඉතුරු ටිකත් දාන්ඩෝ... කියවන්ට බලාන ඉන්නේ....
ඒ පැත්තෙත් ඇවිල්ලා යනට එන්ට හරිය....

පොඩ්ඩා said...

අපිත් ඩෙෆා හෙට උදෙ 7 සෙට් වෙනො ඉතුරු ටික බලන්න ..!!

cjgayan said...

මෙහෙම කෑලි කඩනවට මම් විරුද්දයි හරිය.. ඒත් උඹ පුලුවන් හැටියට එපැයි කොරන්න..
ඔන්න ගෙට්ටුවේ දවස නිදහසේ තියාගනිං හරිය..

saumiya said...

ikmanata dapan machan anith kotasa...

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

ඇත්තමයි. කලින් කියන්න එපැයි අපි දන්නෙ නැති තැනක්ද ගාල්ල මාතර, කොටින්ම දකුන. කිව්වනම් අපිත් ඕනෙ දෙයක් කරනවනේ. දැන් කට්ටියම එන්න. කෑම නවතින්න දෙන්නම්. බීම නැහැ. කථාව ගැන හෙට කියන්නම්.

Gayan Rupasinghe said...

ඉතුරු ටිකත් දාමු මචන්,,,

ජය.

පිස්සා පලාමල්ල said...

උබෙන් කතාවක් එනකල් බලන් හිටියේ... උබ එදා කතා කල විදියට මම අවුලෙනුත් හිටියෙ උබ..

ඉතිරියත් දාපන් සඳරුවො... පහුගිය දවසක ඇනෝ කමෙන්ට් එකක් දැකල උබට පනින්ඩයක් ගහන්න් ඉද්දි උබේ පිලිතුර දැක්ක නිසා බලාන හිටියේ... ඒ ඇනෝ කමෙන්ට් එක හරි බන්... දිගටම පලයන් මේ ගමන...

පන්සල් හංදිය said...

නියම පැත්තකනෙ මලේ උඹ ඉන්නෙ, අර වෙල් යායයි නිසංසල පරිසරෙයි දැක්කාම ආසාවේ බෑ .......

බලමු කතාවේ ඉතුරු ටිකත් .......

priyantha said...

හොඳ කාතවක් වගේ ලියන්න යන්නේ. බලමු ඇත්ත කතාවක්නේ. ඔන්න කාලෙකට පස්සේ මම ආයිම හිස් අහසට ගොඩවැදුනා....

ගිහාන් said...

කිව්ව වගේම අද නම් පෝස්ට් එකක් දාල.. හිකිස්..
බ්ලොග් එක බලලා බොස්ගේ ප්‍රතිචාර කොහොමද?

Ama said...

ඔන්න අදත් හොදම හරියෙන් නැවැත්තුවා....හ්ම්ම්ම්ම් හැකි ඉක්මණින් ඉතුරු ටික දැම්මනම් හොදයි..අපේ ඉවසීමේ සීමාව පන්නන්නේ නැතුව

ගිහාන් චින්තක said...

අඩේ... දැන් 9.20ස බන්....

Anonymous said...

malli oya me year eke katawak danakan bala bala hitie

පිණිබිඳු... said...

එහෙනම් ඉතුරු ටික ඉක්මනට දාන්ඩෝ..

Unknown said...

සදරුවෝ....
ඊලග පෝස්ටි එක දාන්න කලිං මෙි ටිකත් කියන්නමි... මම හිතනවා අපේ කිතුල් මල්ලිට එයාගේ අමිමාව මුනගැහුනා කියලා.... එත් ඉතිං ඉවසලාම බලමු මොකද වෙන්නේ කියලා...

Harshana said...

කතාව නිකන් අහනවට වඩා ..... උබ ඒක ලියුවාම මාර රසයක් තියනවා ......

එල එල ...

ගිහාන් චින්තක said...

හෆ්ෆා..... මේක අද උදේනේ දාගා තියෙන්නේ... දැන් ඉතින් හෙට වෙනකන් ඉන්න වෙනවනේ... :දුක්සීන් :දුක්සීන්

Podi Kumarihami said...

ලස්සන කතාවක්!!!

මේ ඔයාගේ ඔය උපමා කොහෙන්ද අනේ එන්නේ? අර උඩින් තියනවා හොඳ එකක් ...:D

Anonymous said...

මල්ලි උඹගේ බ්ලොග් එක කියවද්දී රුසියන් නවකතාවක වගේ ගද, සුවද ,ලෙන්ගතුකම පිරිලා තියනවා.මම හිස් අහස කියවල මගේ අතීතයට යනවා , සුන්දරයි සදරු මලේ // උඹට ජය ශ්‍රී _ප්‍රසන්න ( වත්තල )

Janaka Rathnayaka said...

මේක නම් හිතට වදින කතාවක් වගේ. ඉතුරු ටිකත් ඉක්මනට දාපන් අපි මග බලන් ඉන්නේ නොයිවසිල්ලේන්.

Praසන්ன said...

දැන්ම මොකුත් කියන්න බෑනෙ බං. ඉතුරු ටිකත් බලල මොනව හරි කියන්නං.

ඉන්ද්‍රජිත් said...

මරු කතාවක් වගෙ.හෙටම comment කරන්නම්.

බට්ටා said...

සති දෙකක් බොගේ බ්ලොග රිප්‍රෙස් කොරලා ම සසර කළකිරුනෙමි. යාන්තං ඇති සඳරු අයියා නින්දෙන් නැගිටලා ය. මෙව්වා එකකුත් දාලාය.

සෙන්නා said...

කෝ බන් ඉතුරු කොටස? දැන් දහයටත් කිට්ටුයි... :-)

නදී said...

ikmanata dannako ithuru tikath.

Kasun said...

ලොකු ගේමක් ගිහින් කියල නම් තේරෙනවා බං. බලමුකෝ මොකද වෙන්නේ කියලා.

Yasantha Hennayake said...

හලේ.. හෙට 7 වෙනකන් හි‍ටුකෝ දැන්.. :(((

Asa said...

කිතුල් අයියට මගෙන් සුභ පැතුම් කියන්න සඳරැ අයියේ..අනිවා කියන්න හරී..
කතාවෙ ඉතිරිය බලලම අදහස් කියන්නම්.

ශානු කියන්නා වගේ මෙගා කරන්නවත් යනවද?

Unknown said...

දැං ඉතින් හෙට වෙනකං ඉන්න එපැයි ඉතුරු ටික බලන්න.....

දිල් said...

කුමාර කන්ද තියෙන්නෙ කළුතර පැත්තෙ නේද ? මට මතක විදියටනම් දොඩම් ගොඩින් හැරිලා යද්දී....මගෙ අම්මෝ...කිතුලට කොච්චර සතුටු හිතෙන්න ඇතිද ...ඉතිරි ටිකෙන් ඒ ගැන බලමුකෝ..

ItalyDilan said...

මේ විදිහට එක පාරටම බලාපොරොත්තු නොවෙන වෙලාවක පෝස්ට් එද්දී තමා මරු බන්,,බකමු ඉතුරු එකත්

tharurasi said...

සදරැ මල්ලී....
ලක්බිමේ ගිය ඔයා ගැන ලිපිය බලල මමත් බ්ලොග් කියවන්න ගත්තා..
ඔයාගේ මේ කතාවත් ආශාවෙන් බැලුවා... ඔයා ලියන විදිය ලස්සනයි... මටත් දැන් නම් ආසයි බ්ලොග් ලියන්න... ඒ ආශාව ඇති උණේ ඔයා නිසයි...

ස්තුතියි මල්ලී...

Anonymous said...

කතාව නන් පුල් ඉන්ටරෙස්ටින්.. ඇහුවට අමනාප වෙන්ඩ එපා. එතකොට හෙට එකත් එක්ක කතා 4 න් 2ක් ඉවරද? එහෙමනම් කැතයි වැඩේ සඳරු - පොල්වත්තේ ලපන්

Observer said...

ෆොටෝ එකේ හැටියට කිතුල හොඳ හැන්ඩ්සම් කොල්ලෙක්නෙ

[ මේක ඌට කෙල්ලෙක් සෙට් කොරන්න ගෙනියන ව්‍යාපාරයක් නෙමේ නේද? ]

සරත් ලංකාප්‍රිය said...

හැමදාම වගේ අපුරු කතාවක්.. එත් මම අනවශ්‍ය ප්‍රශ්නයක් අහනවා. කොහොමද ඔය තාරාවෝ 'වල් ' උනේ ? ඔබාගෙ බ්ලොග් එකවත් කියවනවද උන්ට ඇහෙන්න සඳරු ඔය ගහ යටට වෙලා ?

sAm (සෑම්) said...

ඉතිරි ටික එනකල් ඉන්නේ.. අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ.. සුන්දරයි !

Anonymous said...

මාව හිස් වෙලා බං..අනිත් කෑල්ලත් කියලම ඉන්නව

ගැමියාගේ පත් ඉරුව said...

හෙට වෙකන් ඉන්න වෙනවානේ දැන් ඉතින් කතාවේ හොදම හරියට ඇවිල්ලා තියෙද්දි ඉතුරු ටික කියවනකන් ඉවසිල්ලක් නෑ.මේ මාසෙට කතා 4යි නේ ඒ කියන්නේ හෙටින් පස්සේ තව පෝස්ට් එකක් වැටෙනකල් සෑහෙන්න බලං ඉන්න වෙනවා අයියෝ.....හැමදාමත් කියන්නා වගේ ලියන ස්ටයිල් එක උපරිමයි

බට්ටි said...

ඉතුරු ටික එනතුරු දෑස අයා බලා සිටිමි. අනේ දෑස රිදෙන තුරුම නම් ඉන්න දෙන්න එපා හොදද?

Anonymous said...

කුමාරකන්ද කියන්නේ අපේ අල්ලපු ගමනේ අය්යෝ . කිතුල යය කියල ආනම් ෆුල්ල් බුච්කෙට් අක දෙනවනේ. 3 කම් නෑ. කුමාරකන්ද තියෙන්නේ ගාල්ලේ ඉදන් කොළබ යනකොට හම්බෙන්නේ. හික්කඩුවට ගොඩක්ම ලග . මොනවා උනත් අහන්න සතුටුය් කිතුල යයට මගේ සුබ පැතුම් හොදේ . අපේ ගම පැත්තේ අව කියන්නේ වරදෙන්නා. මේක මගේ 1st කොමෙන්ටුව . පත්තරේ සරු යය ගැන ගියාම තමි සෙට් උනේ . ඒ උනාට හැම පොස්ට් එකක්ම කියෙව්වා . මගේ සුබ පැතුම් හිස් අහසට.

ජය වේවා !!!
මහේල - හික්කඩුව

Ice (අයේෂා කුලතුංග) said...

හත කියන්නේ හත.. හයයි පනස් නමයවත්, හතයි එකවත් නෙමෙයි හරිය?? :)

සිතුවිලි නිහඬයි said...

ඇ සඳරු...ඔහෙන් අම්බලන්ගොඩ බස් එකක් තියනවද කෙලින්ම....මෙච්ච මේ ඉන්නවා ඒක දනනේ නැනේ....

කුතුහලය අවුස්සලා දැන් කියනවා හෙට වෙනකම් ඉන්නළු...ඉන්න එපැ ඉතින් කොහොමත් වුණ දේ දැනගන්න....

හරියට වෙලාවට ඔන ඉතිරිය....

uwiniran said...

ඉතිරි ටිකත් දාපන් ,
කිතුලා උඹේ ජීවිතේට ගොඩක් කිට්ටු යාලුවෙක් බව මට කලින්ම තේරුනා...

Anonymous said...

ඉතිරි ටික කියවන්න මග බලගෙන ඉන්නව ඕන්..

- Chinthaka_tc

Mithuru said...

ඇයි දෙයියනේ ඔච්චර ෆිට් එකේ ඉන්න යාළුවටවත් කියලා ගියේ නැත්තේ?
කිව්වනම් පොඩි හරි හෙල්පක් දෙන්න තිබුණනේ.

The තරුවා said...

ෂ: මාරයිනේ...දැන් ඉතින් ඉතුරු ටික කියවනකන් නින්ද යන්නෑ...

අසරණයා said...

ඇයි මේ හැමෝම හරිය හරිය කියන්නේ.එක හරි නෑ.. හරිය.

කතාවනම් කුතුහලේ අවුස්සන විදියට ලියල තියෙනවා.හෙට දවස එනකන් කල්පයක් වගේ දැනේවි.

කතන්දර Kathandara said...

// මගේ අත මිට සරු සැප කාලවලදී වගේම මම නැත්තටම නැතිවෙන්නම කෙළවගෙන හොම්බ බිම ඇනගෙන උන්න කාල වලදී පවා ඌ මගේ ළඟ හෙවනැල්ලක් වගේ හිටියා. මම වලියක පැටළුණොත් හරි වැරැද්ද මොක වුණත් ඌ මම වෙනුවෙන් ඒකට බැස්සා . වචනයේ පරිසමාප්ත අරුතෙන්ම ඌ නම් නියම මිත්‍රයෙක් . //

මේ කියන්නේ සමාන සුඛ දුක්ඛ කියන කල්‍යාණ මිත්‍රයා ගැනයි.

අපාය සහාය කියන පාප මිත්‍රයා කරන්නේ අපායට යන්න කෙටි ගමන් මාර්ග සදා දීමයි!

Anonymous said...

තව කී දෙනෙක් ඔහොම කට්ටිය ඇතිද

කස්ස said...

ඉතුරු ටිකත් ඉක්මනටම ලියමු සඳරුවෝ

මහිම මදුරංග said...

ඉතුරු ටිකත් දාපං මලේ
ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේනේ නවත්තලා තියෙන්නේ

Anonymous said...

එල එල

MUHUDU said...

ඔය කොටස් දෙක එකපාරට පබ්ලිෂ් කලා නං ගෙවෙනවද මං අහන්නෙ? :D

Dinesh said...

හෙට අනිවා ඉතුරු කොටස කියවන්න්න එනවා.. කිතුලා කියන්නේ උඹට හම්බුන හොද යාළුවෙක් කියලා උඹේ කතාවෙන් තේරෙනවා.. එහෙම යාළුවෝ හරි අඩුයි බං..

හිතුවක්කාර කෙල්ල said...

අයියා අපිට ගණන් උස්සලා.. අවසාන කොටස එනකම් හිටුකො දැන්....:( :( නියමෙටම ලියලා.. හැමදාම වගේ කතාව මනසේ ඇදේනවා...:)

ප.ලි- මගේ බුකියේ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කලාට ස්තූත්යි අයියේ !!!! අයියා වගේ ශ්‍රේෂ්ඨ උත්තමයෝ ඇසුරු කරන්න ලැබීම සතුටක්..:D

Anonymous said...

කුමාරකන්ද කිට්ටුව තමයි මමත් ඉන්නේ..කතාව යනකොට බලමු කොහෙද කියලා යලුවගේ අම්මා ඉන්නේ...:)

හිස් අහස said...

@Nuwan Tharaka = එහෙනම් ඉතින් මිත්‍රයාව වෙල්කම් කියලා පිලිගන්නවා මේ පැත්තට . ඒ දවස් වල දන්නවා නම් මමත් එනවා ඔයාලෑ දිහා
.............................................................................................................................
@ඉඳුනිල් = ගිය වතාවෙත් දෙවනි කමෙන්ට් එක දැම්මේ ඔයා . හෙට වෙනකං ඉදින් මගෙ මිත්‍රයා ටිකක් ඉවසලා
.............................................................................................................................
@Raj = මම එන්න උත්සහ කරන්නම් ඒත් බං අප්‍රේල් කියන්නේ මට වැඩ ගොඩ ගැහෙන මාසයක් මගේ සියාගේ පලතුරු කඩේට බිස්නස් වැඩිම මාසේ තමා අප්‍රේල් ඉතින් එයාට පොඩි සප් එකක් දෙන්නත් ඕනෙ . කෝමහරි මම උපරිම ට්‍රයි එක දෙන්නම් මගේ
මචෝ .
.............................................................................................................................
@ශානු = අපොයි නෑ හෙටින් ඉවරයි
.............................................................................................................................
@ප්‍රාර්ථනා = අප්පා අපි ඉතින් ඔවුවා දන්නේ නෑ නෙව අපි ඉතින් නැගෙනහිරනේ . ස්තූතියි ප්‍රාර්ථනා . ඔයාලගේ හයිය තමා මේ අකුරු වෙන්නේ . දවසක එන්න ඕනෙ ඔයාලගේ ගෙවල් පැත්තේ
.............................................................................................................................
@නචියා = හෙට දිහාට මෙහේ එන්ඩ නචියෝ
.............................................................................................................................
@ලහිරු= මචෝ සඳරුවා කවද්ද මෙගා දුන්නේ මම ලියාපු දිගම සීරිස් එකත් කොටස් තුනයි . මේක හෙටින් අහවරයි
.............................................................................................................................
@ගිම්හානි = කිතුලා ගැන මම මීට පෙර කීප වතාවක්ම ලියලා ඇති ඌ මගේ හොඳම යාළුවා නෙව
.............................................................................................................................
@රාජ් = කිතුලට දැන් ලැප් එකකුයි ඩොංගල් එහෙකුයි තියනවා ඉතින් මගේ මග පෙන්වීම යටතේ ඌ දැන් බ්ලොග් කියවනවා .
.............................................................................................................................
@බීටා = හෙට දිහාට මෙහේ මංදො කරහංකෝ බීටා මලයන්ඩි
.............................................................................................................................
@පොඩ්ඩා = වරෙං පොඩි එකෝ අපි මග බලං ඉන්නේ
.............................................................................................................................
@cjgayan= මොනා කරන්නද බොලේ ලියන්න තියන ටයිම් එකත් ටිකක් විතර අඩුයි නෙව ඒකයි .
.............................................................................................................................
@saumiya = හෙට උදේ හතයි හතට පබ්ලිශ් වීමට සියල්ල සූදානම්ව පවතී

හිස් අහස said...

@වෙද ගෙදර මහ වෙදනා = වෙද මාමා දකුනේ ඉන්න කෙනෙක් බව මම දන්නේ ඊයේ පෙරේදා නෙව අනේ ඉතින් මම ඊගාව කොටසෙන් කිතුලාව හඳුන්වලා දෙන්නම් එයාව ඔය පාරේ තොටේදී හමු වුනෝතින් අඳුරගන්න එහෙනම් වෙද මාමේ .
.............................................................................................................................
@ගයාන් = එලම තමා හෙට එන්ඩ
.............................................................................................................................
@පිස්සා පලාමල්ල = මම බ්ලොග් එක නවත්තන්න තවම යන්තම්වත් හිතලා නෑ අයියා උඹ නිසා පටන්ගත්ත ලිවිල්ල නවත්තනවා නම් මුලින්ම කියන්නෙත් උඹට තමා
.............................................................................................................................
@පන්සල් හන්දිය = ඉස්සර මීට වඩා ලස්සනයි අපේ පැත්ත බං දවසක වරෙං මේ පැත්තේ
.............................................................................................................................
@ප්‍රියන්ත = කොහේද අප්පා ගිහින් හිටියේ ? හෙට එන්ඩ ඉතිරිය බලා යන්ඩ
.............................................................................................................................
@ගිහාන් = බොස් මොකුත් කීවේ නෑ පත්තරේ මූන දාගත්ත එක ගැන නම් මට ගොඩක් ප්‍රශංසා කලා
.............................................................................................................................
@Ama =සමාවෙන්ඩ අමා . හෙට උදැහැනැක්කෙම ලියා දාන්නම්කොයි
.............................................................................................................................
@වලාකුලක් ගැන සිතුවිලි = එහෙමද ? මම කීවේ හෙට උදේ කියලයි . හිකි හිකි එයා රැවටිලා
.............................................................................................................................
@Anonymous = සමාවෙන්ඩ යාලු . මේ ඉයර් එක මට ටිකක් වැඩ අධිකයි ඒක නිසා ටිකක් ස්ලෝ වුණා දැන් ආයෙම ලියන්ඩ ආවා
.............................................................................................................................
@පිණිබින්ඳු = බෑ බෑ
.............................................................................................................................
@Sihina = ඇත්තටම මුන ගැහුණා ඔයා හෙට දිහෑට ඇවිදිල්ලා බල්න්ඩකෝ මොකෝ වුණේ කියලා
.............................................................................................................................
@Harshana = මම ඉතින් මේක උඹට මුලින්ම කීව නෙව
.............................................................................................................................
@Podi Kumarihami = උපමා එන්නේ මගේ ඔක්ඳ වූ හද පතුලෙන් නෙව අක්කේ
.............................................................................................................................
@ප්‍රසන්න ( වත්තල ) = ප්‍රසන්න අයියා . ඉතින් මේ පැත්තට වෙල්කම් කීවා . අනේ ඉතින් ඔය හිතෙන දේ වෙච්ච දේ එහෙම්ම ලියා දානව මම වැඩිය හිතන්නේ මතන්නේ නම් නෑ ඒත් ඉතින් උඹලාට ඒක රසවත් නම් මටත් හැපී . ඉතින් දිගටම එන්ඩ මේ පැත්තේ
.............................................................................................................................
@Janaka Rathnayaka = හෙට දිහාට එන්ඩ ලාස්ට් කොටහ බලන්ඩ
.............................................................................................................................
@Praසන්ன =හෙට උදේම කතාව දාන්නම් මචෝ
.............................................................................................................................
@ඉන්ද්‍රජිත් = ඕකේ පුතා !!
.............................................................................................................................
@බට්ටා = සොරි බට්ටේ . මට අම්බානෙට වැඩ තිබුණා ඒ අස්සේ පොඩි මුදල් හතල් ප්‍රශ්නයකටත් යට වුණා . ඔන්න ඉතින් ආයේ ලියන්ඩ ආවා
.............................................................................................................................
@Senna = යකෝ මේක ලීවේ අද, ඉතිරිය බලන්ඩ හෙට එන්ඩ .
.............................................................................................................................
@න දී = ඒම කෝමද බෑ බෑ දන්නෙම නෑ

හිස් අහස said...

@Kasun = බලා ඉදහන්කෝ හෙට තමා අන්තිම කොටහ
.............................................................................................................................
@යසයා = ඉඳහන් බොක්ක ඉවසලා
.............................................................................................................................
@අපි අපි වගේ = මෙගා නොවේ මචෝ හෙට තමා අන්තිම කොටහ
.............................................................................................................................
@ඔබ නොදු‍ටු ලොවක් = මොනා කරන්නද මචෝ ලියන්ඩ කම්මැලියි නෙව
.............................................................................................................................
@දිල් = මම ඉතින් ඔය පැත්ත ගැන දන්නේ නෑ අක්කේ කිතුලා තමා කීවේ . හෙට බලන්ඩ ලාස්ට් කොටහ
.............................................................................................................................
@ItalyDilan = බලාන ඉඳහන් මිත්‍රයා . හෙට වෙනකම්
.............................................................................................................................
@tharurasi = එහෙනම් ආසාව තියාන ඉන්ඩ එපා ඔයත් බ්ලොග් එකක් පටන්ගන්න . අපි ඉන්නවා නේ ඕන හෙල්ප් එකක් ඉල්ලන්ඩ ඔය දකුනු පැත්තේ පාත මගේ ඊ තැපැල් ලිපිනය ඇති පටන් ගත්තම මටත් කියන්න
.............................................................................................................................
@ඔබ්සර්වර් අයියා= . ඔතන තව හැන්ඩ්සම් බුවෙක් හිටියා ඌ තමා ෆොටෝ එක ගත්තේ . කෙල්ලක් සෙට් වෙනවා නම් ඉතින් අපි එපා කියයි .
.............................................................................................................................
@සරත් ලංකාප්‍රිය = අපේ ගමේ උං කියන වල් කතා අහලද මන්දා උං වල් වුණේ . මම හිතන්නේ උං වනේ හිටි නිසා වෙන්ටැ
.............................................................................................................................
@sAm sRi = ස්තූතියි මිත්‍රයා . හෙට දාන්නම් ෆයිනල් එක
.............................................................................................................................
@nawammawatha= හිස් වෙලා නම් අපි දෙන්නා බොමුද ?
.............................................................................................................................
@ගැමියාගේ පත් ඉරුව = ස්තූතියි මචෝ මේ මාසේ කතා හතරම ලියන්නම් ඒක පෝස්ට් වලින් කඩන්නේ නෑ මම .
.............................................................................................................................
@බට්ටි = පික්සුද බට්ටියෙ . හෙට උදේ හතයි හතට මම පෝස්ට් එක පල වෙන්ඩ සියල්ල සූදානම් කරලා ඉවරයි
.............................................................................................................................
@මහේල - හික්කඩුව = මහේල මිත්‍රයා . මම නම් කවදාවත් දකුනේ ඇවිදිල්ලා නෑ මම හෙට කොටසින් කිතුලා දැන් ඉන්න පලාත ගැන ලියන්නම් සමහර විට උඹලට ඌව හම්බ වේවි .ඉතින් ආයුබෝං කීවා මගේ පොඩි බ්ලොග් එකට . ස්තූතියි දුන්න අදහස් ගොන්නට
.............................................................................................................................
@Ice (අයේෂා කුලතුංග) = හතයි හතට පෝස්ට් එක දාන්නම්
.............................................................................................................................
@සිතුවිලි නිහඬයි = ඔවු තියනවාලු කිතුලා තමයි මට ඒක කීවේ මම නම් ඉතින් දකුනේ පය ගහපු කෙනෙක් නෙවෙයිනේ . හෙට දෙන්නම් ඉතිරිය
.............................................................................................................................
@uwiniran = මගෙ බොක ෆිට් එක තමා බං ඌ
.............................................................................................................................
@Chinthaka_tc = ඉන්නකෝ යාලු එහෙට දෙන්නම් ෆයිනල් කොටස

හිස් අහස said...

@Mithuru = ඒක තමා කියන්නේ මූ මටත් හොරෙන් තමා ගිහින් තියෙන්නේ
.............................................................................................................................
@තරූගේ ලෝකය = හෙට උදේ වෙනකම් ඇහැරලා ඉන්නද යාලු හදන්නේ
.............................................................................................................................
@අසරණයා =ඔයාටත් ස්තූතියි හරිය ! හරිය කියන්නේ මොකද්ද කියලා අපි දන්නෙත් නෑ ඒත් අපිත් හරිය කීවා
.............................................................................................................................
@කතන්දර = මම ඔය වචන සෙට් එක හොය හොය තමා උන්නේ ඒත් මට ඒක අමතක වුණ නිසා නිකම්ම යාලුවෙක් කියලා දැම්මා . ස්තූතියි කතන්දර
.............................................................................................................................
@sithuwam = ගොඩ දෙනෙක් ඇති අම්මලා දැක නැති
.............................................................................................................................
@කස්ස = හෙට උදේම දෙන්නම් කස්සෝ
.............................................................................................................................
@මහිම්ම මදුරංග = හෙට උදේ හතයි හත වෙද්දී මචං අන්තිම කතාව ලැබිලා ඇති
.............................................................................................................................
@Anonymous = තෑන්ක්ස් මචෝ
.............................................................................................................................
@මුහුදු කොල්ලකාරයා = අත රිදෙනවා බං ටයිප් කරලම ඒකයි කොටස් දෙහෙකට කැඩුවේ
.............................................................................................................................
@Dinesh = කියලා වැඩක් නෑ බං එහෙම යාලුවෝ ඉන්නේ එක අතක ඇඟිලි ගානටයි
.............................................................................................................................
@හිතුවක්කාරි = යකෝ මට ශේෂ්ථ මොකෙක් කීවා . මගේ නංගියත් මට කතා කරන්නේ මෙහෙ වරෙං අයියේ කියලා . අනේ බං නඟේ මට ඔය පට්ටම් එපා මට අඩෝ කියලා කතා කලත් මට ෆන් . රික්වෙස්ට් එකක් ඇස්පට් කරන එක අතින් පයින් යන වැඩක්ද බං ස්තූතියි ඉතින් අපිට ඉන්වයිට් කලාට
.............................................................................................................................
@Anonymous = යාලුවාගේ අම්මා උන්නේ කුමාර කන්ද ගමේ නම් නෙවෙයි ඊට ටිකක් ඈත තැනක බලහං මගෙ මිත්‍රයා හෙට අන්තිම කොටස . එහෙනම් අපි ගියා ..

පැණි දොඩම් said...

ඔක්කොම කියවලාම කමෙන්ට් එකක් දාන්නයි ඉන්නේ..

පැන්ඩා said...

දැන් ඉතින් තොරු මොරු අස්සෙ අපි ගහන් කමෙන්ට් පේන්වද මන්ද..ඔන්න ඔහෙ කොකටත් පුරුද්දට උඹට මුකුත් කියලම යනව..
එක්කො පොස්ට් එක ගැන නෙවෙ මම කියන්නම් උබට පේනයක්

අම්පාර පැත්තෙන් ගිහින් ඔය නුවර පාර සන්ධියට වෙන්න බලාගෙන යනකොට මට පේනවා ගුරු පාරක්,... අලි ගහන කැලේ මැද්දෙන් මේ ගුරු පාර දිගේ යනකොට හම්බු වෙයි ගෙයක්..කොස් ගහක් ඇති ඉඩමේ..

ඔය ගෙදර බෙහොම පින්වන්ත අම්ම කෙනෙක්ට දාව පුත්තන්ඩියෙක් ඉන්නව.කොල්ල ලිවීමට බොහොම දස්සයි..කොල්ල ලියන කරන එව්වා ගමේ මිනිස්සුන්ට කියවන්ට ඉඩ ප්‍රස්ථාව අඩු වුනාට මුලු ලොකේම ඉන්න සිංහල දන්න ඕනි එකෙක්ට පුලුවන්..ඔහොම වාත වේවි ලිය ලිය ඉන්නකොට කොල්ලගෙ මේ හැකියාව දැකපු තවත් පොරක් මේ හැකියාවෙන් ඉස්සරහට යන්න පොට හදල දෙනව..හිත හොද කොල්ලෙක් නිසා ඌට වරදින්නෙ නැ..බොහොම දියුනු වෙනව..ගමට අලොකයක් වෙනව..කොල්ලට සද්ද දාපු ඉස්කොලේ වසවර්ති ගුරු අම්මන්ඩිලට කවදහරි මල් මාලයක් දාල මේ ආදි ශිශ්‍යය පිලිගන්ට වෙනව..

බුලත් කොලේක රුපියල් 100ක් ඔතල තිබ්බම හොදටොම ඇති මේ විස්තරේට...

සෙන්නා said...

නොඉවසිල්ල මචන්.. නොඉවසිල්ල..

අඩේ බ්ලොගර් කාරයා උබත් එක්ක ඔරොප්පුද ? ඌ උබට රිප්ලයි ඔප්ෂන් එක දීලා නෑනේ..!

Anonymous said...

මල්ලි සදරැ මම අලුතෙන් ඔයා‍ෙග් බ්ලොග් කියවන්නෙක්, බ්ලොග කියන්නෙ මොනවද කියල වත් දන්නෙ නැහැ. පත්තරේ දැකල ආවෙ. මම අජිය.

duliponline said...

@වෙද මහත්තයා:
බීම නැති උනාට කමක්නෑ . . . සැන්ඩි, බයිට් තියනවනෙ

ලොකු පුතා said...

උඹ මාසෙට දානවා කියපු පෝස්ට් 4 න් 2 ක් මේ විදිහට දාපු එකනම් වැරදියි කොල්ලෝ...
හෙට උදේ වෙද්දී කිතුලගේ කතාවට කමෙන්ට් කරන්නම්
හැබැයි ඉතින් මම නැගිටිද්දී උඹලගේ වේලාවෙන් අඩුම ගානේ 11:00 වත් වෙයි :(
කමක් නැහැ, නැගිට්ට ගමන් ලැප ඔන් කරලා හිස් අහසට ගොඩ වදින්න ඕනේ

සයුරි said...

දෙකට කැඩුවාට අපගේ තදබල විරෝධය !!!!

krish said...

ei ban tika tika danne.. ekapara kiyala dapanako.. wedata nogihin innat hitai heta ithuru tika balanakan iwasillak neti nisa.. eth uba den tikak ganan ussala nisa nodemmot kiyalath hitai... ela ela ohoma yan....

ayesha said...

තව පොඩි වෙලාවකින් ඉතුරු ටික දැන ගන්න පුළුවන් වෙයිනේ

පන්සල් හංදිය said...

@හිස් අහස,
අනිවා මලේ, මේ පැත්තෙ වරෙන් කියපු වචනෙ රත්තරන් වටිනවා ...
පුලුවන් වෙලේක එනවා ෂුවර් .........

Ravi said...

ඒයි සඳරු...මොකෝ මලේ ඕකට කිතුලයි කියන්නෙ හැබෑටම?......

Hashan Kaveesha Thalgasduwa said...

Mu nam puduma dial ekkakne.Mona unath hoda uthsahawanthaya.Labenna Athi ne uta uge ammawa ayye.

සංකල්ප said...

හුග දවසකට පස්සේ තමා මල්ලිගේ පෝස්ට් එකක් කියවන්න ලැබුනේ.
කිතුලා ගැන ඉහින් කනින් කලින් පෝස්ට් වල අහලා තිබුනට මේක තමයි මම් හිතන විදිහට කිතුලා ගැනම ලියවුන එකම පෝස්ට් එක.

අනිත් පෝස්ට් එකත් කියවලාම එන්නම්.

ප.ලි. - මායාරංජන් පරපුරේ නවතම ලේඛකයා (එහෙම තමා පත්තරේ මල්ලිව හදුන්නලා තිබ්බේ.)

Post a Comment

තැන්කූ බං