23.1.12

බලු කූඩුවක පැයක් ගත කළෙමි.

රමක් මල බැඳුණු යකඩ කූරු අතරින් වදින සැර එළියට ඇස් දෙක පොඩ්ඩක් විතර හුරු වෙලා . නොකඩවාම ඇහෙන පණිවිඩ හුවමාරු යන්ත්‍රවලින් නැගෙන ගොරැහැඩි යාන්ත්‍රික හඬ දැන් කන් දෙකටත් තරමක් හුරුයි . මොහොතකට කලින් නහහය දිගේ ගමන් කරමින් මගේ බොකු බඩවැල් අඹරවලා දමාපු වමනේ ගන්ධස්සාරෙත් දැන් නාහෙට නොදැනෙන ගානයි. ඒත් එකම එක දෙයක් මට තාම නුහුරුයි . මම දැන් ලැගලා ඉන්න මේ බලු කූඩුව නම් මට පුරුදු නෑ ..

පරම්පරාවේ නම ගෙනියන්න කොලු පැටියෙක් ලැබුණාය කියලා මම උපන්න දවසේ මගේ නෑදෑ පරපුරම සෑහෙන්න සතුටු වුනාලු . එදා සතුටු වුණු මගෙ නෑදෑ සහනුරේ කවමදාකවත් නොහිතන්න ඇති මම පොලීසියේ හිර මැදිරියක තත්පරයක් වත් ගතකරාවි කියලා . උන් මේ ගැන දන්නවා නම් හරි වැරදි ගැන කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මාව පවුලෙන් නෙරපලා දමාවි . ඒ ගැන හිතෙනකොට මේ යකඩ දොරේ කම්බි කූරු අඹරවලා දාලා මෙතනින් පැනලා යන්න තරමේ ආවේගයක් මගේ හිතට දැනුණා .

වෙලාව රෑ 9 විතර ඇති . ඇඟට දැනෙන්නේ පුදුම කෙඩෙත්තු ගතියක් .ගෙදර මතක් වෙලා හිත ඇතුළේ ඇවිලෙන ගින්දර කඳ නිසා වෙන්නැති මගෙ මහන්සිය දෙගුණ තෙගුණ වෙලා දැනෙන්නේ . කැලතෙන හිත සන්සුන් කරගන්න හිතලා මම හිර කූඩුව වටේටම ඇහැ යැවුවා . ඒක සාමාන්‍ය හිර කූඩුවක් . හිර කූඩුවේ වම් පසට වෙන්න සිමෙන්තියෙන් හදාපු කණ්ඩියක් තියනවා. මගෝඩි වැඩක් කරහම පොලීසියට ගෙන එන මදාවියෙකුට ඉඳගෙන ඉන්න හරි වැතිරිලා නිදාගෙන ඉන්න හරි එතන පාවිච්චි කරතහැකි . මමත් දැන් මදාවියෙක් , නීතිය ඉදිරියේ වැරදි කාරයෙක් දැන් ඉතින් මමත් එතන ඉඳගත්තට වරදක් නෑ . සිමෙන්ති කණ්ඩිය උඩ ඉඳගත්තු මම මට වෙච්ච සිදුවීම ටිකෙන් ටික ආයෙමත් ආවජනය කරන්න පටන්ගත්තා .

මේ අලුත් අවුරුද්දේදී නම් කිසිම කඩප්පුලි වැඩකට සම්මාදම් වෙලා වරිගේ නහගන්නේ නැතෙයි කියලා හිතාගෙන බීමත් කමටයි දුම් වැටියටයි දෙකටම ආයුබෝවං කියාපු මට දෛවය දුන්නේ මහ අරුම පුදුම දඬුවමක් . මේ සේරම සිද්ධ වුණේ හරියටම 2012 ජනවාරි 1වැනිදා ඉර බැහැගෙන යන හැන්දෑ වරුවකදී.

ඉඳලා හිටලා යාළු මිත්‍රයෙක් එක්ක පොඩ්ඩක් වීදි සංචාරයක නිරත වෙන එක පොඩි එකා සන්දියේ ඉඳලාම මගේ ගාව තිබුණු පුරුද්දක් . පොඩි එකා කාලේදී නම් ගෙදරින් මගේ මේ වීදී සංචාරයට තදබල විරෝධතා මතුවුණත් ටිකෙන් ටික මගේ කර දඬු උස් මහත් වෙනවත් එක්ක්ම ඒ විරෝධයන් නිකම්ම දියවෙලා ගියා .

ගෙදරින් එල්ලවෙච්ච විරෝධයන් වියැකී යන අතරේ අපි ගාල කඩාගත්ත හරක් වගේ ගම පුරාම අයිලේ යන්න පටන්ගත්තා . ජීවිතේ ඔන්න ඔය අයුරින් කාලකණ්ණි විදිහට ගෙවෙමින් යන අතරේ මගේ පූරුවේ වාසනාවකටද කොහෙද මට රැකියාවක් ලැබුණා .රැකියාව ලැබිච්චි මම අයාලේ ගිය ජීවිතයට පොඩ්ඩක් නැවතීමේ තිත තියලා කාර්‍ය බහුල ජීවිතයකට මුල පිරුවා. ඒත් මගේ පරණ මිතුරු සේනාව නම් රැකියාවක් ගැන ඒතරම් නොහිතා ගමේ පාරවල් අයිනේ බඩවැටි ගානේ , වැවු බැමි උඩ ආදී තැන් වල ජීවිතේ වටිනා කාලේ දියකරලා දමමින් හිටියා .

දවසේ වැඩ නිමා කරලා "පාං" කියාගන්නවත් බැරිව ගෙදරට ගාටන මට උන් ගෙවන නිදහස් ජීවිතේ ගැන මොහොතකට ඉරිසියයි !. ඒත් මට පහු පහු වෙද්දී ටිකෙන් ටික තේරුම් ගියා මුං මේ ගෙවන්නේ නිදහස් ජීවිතයක් නෙවෙයි දුකින්, අග හිඟ කමින් පිරුණු ජීවිතයක් බව .

"
උඹ ජොබක් කරන එක හොඳයි සඳරුවා නැත්නම් උඹත් අපි වගේ කාලකණ්ණි වෙනවා'

නිවාඩු දවසක මගේ අතිජාත මිතුරු කැල හමුවෙන්න ගිය මොහොතක මෙන්න මේ වදන් පෙළ නම් අනිවා එක මිතුරෙකුගේ කටකින් එළියට ගාටනවා.

"මොනවා කළත් මුං එදා ඉඳන් මගේ යාළුවෝ ! මම ජොබක් කළා කියලා මුංව අමතක කරන්න ඕනෙද ? නෑ නෑ මම එදා හිටපු ඒ පරණ අවලම් කොල්ලම තමයි . මම කවදාකවත් මුංව අමතක කරන්න හොඳනෑ" මගේ යටි හිත මට ඔහොම උපදෙස් දුන්නු නිසාම මම කවමදාකවත් මගේ ජීවිතේට ළඟින් උන්නු කිසිම මිතුරෙකුව අමතක කළේ නෑ . මමත් උන්ට මට හැකි පමණින් උදවු පදවු කළා . උනුත් හැමදාම මා එක්ක හිටියා . හැන්දෑ වරුවක මල්පැණි උගුරකට සෙට් වෙන මොහොතක , හොරෙන් පොල්වල්ලක් බාන්න යන මොහොතකත් , මාළු බාන්න වැවට යන වෙලාවකත් උන් මාව අමතක කළේ නෑ ..

"
සඳරුවා අද අපි ටිකක් එකමුතු වෙන්නයි හදන්නේ උඹත් එනවද ? “

පරිගණක පන්තියක් මැද උගන්වමින් ඉන්න අවස්ථාවක මට ලැබෙන මෙන්න මේ තාලයේ දුරකථන ඇමතුම් වලට මම හදවතින්ම වෛර කළා . මේ ජොබ් එක දමලා ගහලා ගිහින් උන් එක්ක එක්කාසු වෙලා ඉන්න ඇත්නම් කියලා මම හීන දැක්කා, සුසුම්ලෑවා . ඒත් සුසුම් වලින් , හීන වලින් පලක් නොවූ තැන මම හිතේ උපදින දාහක් හමාරක් දුක් ගින්දර මැද ඒ යෝජනාවන් ප්‍රතික්‍ෂේප කළා .

"
මට බෑ බං මට අදත් කප්පරක් වැඩ !”

"
අරි ඒනම් අවුලක් නෑ මචා උඹගේ කොටහා අපි උඹලෑ ගේ පිටිපස්සේ කෙහෙල් පඳුර අස්සේ හංඟලා යන්නම් .. “

"
එලම කිරි බං‍‍"

"
බොක්ක තමා"

ඔන්න ඔය විදිහට නිමා වෙන දුරකථන සංවාදයකින් පස්සේ මට ආපහු මම ඉස්සර ඇලිලා උන්නු ආදරණීය රස්තියාදු ජීවිතේ සුවඳ දැනෙන්න ගන්නවා. ඉන් පස්සේ යලටත් නැති මහටත් නැති කුඹුරක් වගේ මගේ හිතත් පුරන් වෙලා යනවා .. ඉතින් එදා මුලු දවසම කරන හැම වැඩක්ම පුදුම විදිහට මස්තයි.

හැමදාකම මේ විදියට යාළුවෝ කාණ්ඩෙ මාව අමතනකොට මාව මැදි කරගෙන උන්නු දාහක් වැඩ රාජකාරි මට යන්න නොදී මාව බදලා අල්ලා ගෙන උන්නා . ඒත් එක දවසක මට ලැබුණු ආරාධනාවක් ප්‍රතික්‍ෂේප කරන්න නම් මගේ හිත කොහොමටවත් මට ඉඩ දුන්නේ නෑ .

"
මචං හෙට අපේ කට්ටිය අලුත් අවුරුද්දට පොඩ්ඩක් එක්සේසත් වෙනවා උඹත් පොඩ්ඩක් ඒ පැත්තේ පද්දලා යන්න වරෙංකෝ !”

ඒ වෙනකොටත් මම මල්පැණි බීම සදහටම අවසන් කරලා දාන්න හිත හදාගෙන ඉවරයි . ඉඳලා හිටලා බීපු බීර ටින් එකක් ඇරෙන්න ඇත්තටම මම ඒ වෙනකොටත් මතින් දුමින් ඈත් වෙලා ඉවරයි .

"
මම දැන් අඩිය දාන එක නම් නතර කළා බං ..”

"
හා හා කමක් නෑ නිකං අපි එක්ක සැටිස්පයි වෙලාවත් යන්න වරෙන්කෝ !!”

"
මම එන්නම් ..”

ඔන්න ඔහොමයි මම සෑහෙන කාලෙකට පස්සේ මගේ මිතුරු සේනාවත් එක්ක ආයෙමත් එකතු වුණේ . ඒත් කවුද හිතුවේ එදා මගේ ජීවිතයේ මාරකයක් පනින්න තියනවාය කියලා !, කවුද හිතුවේ මට කූඩුවක ලගින්න වේවිය කියලා . ජීවිතේ හැටි එහෙමයි හැම දේම වෙන්නේ මිනිස්සුන්ට , මොන තරම් කරණම් ගැහුවත් මේ ජීවිත දුවන්නේ අපිට ඕනෙ විදිහට නෙවෙයි දෛවයේ ලියවිලා තියන විදිහට .

තම්පලාවත්තේ මලිත් කියන්නේ මගේ හොඳ මිත්‍රයෙක් . අම්මා අප්පා වුණත් කියන කිසිම දෙයක් නාහෙට අහන්නේ නැති ඒකා අමු හිතුවක්කාරයෙක් . හැබැයි ඉතින් අපිට නම් ඌ සොමි බර මිත්‍රයෙක්. . ඉතින් ජනවාරි පළමුවැනිදා හවස තුනට විතර මගේ ආදරණීය බොස්ට ගල් පැළෙන බොරුවක් ඇදබාලා ඔෆිස් එකෙන් පැනලා මම කෙළින්ම ගියේ මලිත්ලෑ දිහාට .

මලිත් මාව දැක්ක හැටියෙම බුලත් විටක් එහෙම සප්පායම් වෙන්න දීලා ඇල පාරේ උණ ගස් ලන්ද අසල පැවැත් වීමට නියමිත වෙලා තිබුණු අපේ ගමේ මිත්‍රයින්ගේ සාදය සඳහා යන්න සූදානමින් බාටා සෙරෙප්පු ජෝඩුවකුත් ඇඳගෙන ලක ලැහැත්ති වුණා . මම බුලත් විටේ සෑහෙන දුරට හපනකල්ම ඌ ලැහැත්ති වෙන්න වෙලා අරගත්තේ හරියට නිකම් කෙල්ලෙක් බලන්ඩ යන්න වගේ .

හවස පහයි දහයට විතර අපි දෙන්නා කකුල් දෙකේ තිබුණු බාටා සෙරෙප්පු දෙක වැලි පාරේ අතුල්ල අතුල්ල උණ ගස් ලන්ද පැත්තට හෙමිහිට කිට්ටු වුණා . ඔහොම ටික දුරක් ගාටනකොට ඇනිකට් එක ගාවදී දැක්ක පුංචිම පුංචි සිදුවීමක් තමයි මේ හැම දෙයකටම මුල් වුණේ..

!ඇලේ ඇනිකට් එක ගාව වතුර පාර තරමක් සැරයි ! ඒත් කෙනෙක් ගහගෙන යන්න තරමට නම් සැර නෑ . වෙනදා හැන්දෑවට සෙනග පිරිලා ඉන්න ඇනිකට් එකේ ඒ මොහොතේ නම් උන්නේ උස හීන්දෑරි කෙල්ලෝ දෙන්නෙක් විතරයි . ඇල තියෙන්නේ පාරට තරමක් පාතින් නිසා පාරේ යන කෙනෙක් යාන්තමට ඔළුව හැරෙවුවානම් ඇලේ නාන සොඳුරු යුවතියන් දෙතුන් දෙනෙක් බලා කියාගන්න එක කොහෙත්ම අපහසු නෑ .

"
අඩේ අර බලහංකෝ බං .. “

මලිත් එකවරම මට යමක් පෙන්වන්න උත්සහ කල නිසා ලොකු කල්පනාවක හිටි මම මොහොතකට ඒ කල්පනාවෙන් මිදුණා .

"
කෝ ? මොකද්ද ?, කොහෙද ? , කිඹුලෙක්ද බං ?”

"
කිඹුලෙක් නෙවෙයි බං අර බලහංකෝ අර නාන කෙල්ල දිහා . අපෙ අප්පේ ඉතින් ....... !!!! “

මලිත් උගේ අතේ දබරැඟිල්ල ඒ කෙල්ලෝ දෙන්න දිහාට දිගු කරලා මට පෙන්වන්න උත්සහ කළා ..

"
ඇඟිල්ල දික් කරන්න එපා යකෝ !”

මට ගන දෙවි නුවන තිබුණ නිසා මලිත් හනිකට උගේ ඇඟිල්ල පහතට දැම්මා . මමත් මලිත් පෙන්නාපු කෙල්ලෝ දෙන්නා දිහා නිකමට වගේ බැලුවා . හ්ම් . තරමක් කලු වුණත් ඒ කෙල්ලෝ දෙන්නගේ අමුත්තක් තිබුණා. උන් දෙන්නා අපේ ගමේ කෙල්ලෝ දෙන්නෙක් නම් නෙවෙයි. ඒත් ඒ ඇඟටම ඇලිච්ච දියරෙද්දෙන් එළියට මතුවෙලා පේන සුන්දරත්වය මගේ නේත්‍රා යුගලයෙන් ඇතුළට රිංගලා මගේ හිත මොහොතකට ඔකඳ කළා .දිය බේරෙන්න කඩා දාපු තෙත කොණ්ඩයත් ඇල මායිමේ සැඩ හුළඟට යාන්තමට හෙලවෙනකොට ඒ දිහාවේ බලං හිටපු මගේ කුඩා බඩවැල් පවා ඇඹරිලා ගියා .

හපෝ කෙල්ලෝ නම් ඕනෙම නෑ

මම මගේ හිත තද කරගෙන කලිසමේ සාක්කු දෙකට මගෙ අත් දෙකම තදින් ඔබාගෙන සන්සුන් ගමනින් ඉදිරිය බලාගෙන මගේ ගමන යන්න පිටත් වුණා . ඒත් මම නොදැක්ක දෙයක් තමයි මලිත් තවමත් කෙළ බේරන මුවින් යුතුව අර කෙල්ලෝ දිහා බලාගෙන ගමන් කරන බව .. !

"
මොනාද තමුසේ බලන්නේ ?”

ඇලේ දිය නාමින් හිටි එක කෙල්ලෙක් එකවරම අපේ දිහා බලලා කෝපයෙන් පිපිරෙමින් අහද්දී තමයි මම දැනගත්තේ මලිත් තවමත් කෙල්ලෝ දිහාවේ බලාගෙන අනිමිස ලෝචනයේ යෙදිමින් ඉන්නවාය කියලා .

"
වරෙං බං යන්ඩ "

මම මලින්ත්ගේ අතින් ඇදගෙන එතනින් යන්න උත්සහ කළා .මලිත් මගේ අණට කීකරු වුණා නම් හැම දේම හොඳින් අවසන් වෙන්න තිබුණා . ඒත් ඌ වීසි කල එක කට කැටිච්ච පිළිතුරක් නිසා හැම දෙයක්ම වෙනස් වුණා .

"
අක්කේ ඕම නැවෙන්ඩ එපා අප්පා අපේ හැඟීම් ඇවිශ්ශෙනවා “.

ඒ පිළිතුර දීලා අපි දෙන්නම ඇල පාර දිගේ තරමක් වේගෙන් ඉදිරියට ගියා . මමත් වැඩිය ඒ සිදුවීම ගැන නොහිතුවේ . ඒ කාන්තාවෝ දෙන්නා මීට කලින් අපේ ගමේදී දැකලා නැති නිසයි . "කොහෙන් හරි ආපු කෙල්ලෝ දෙනෙක් වෙන්නැති" එහෙම හිතමින් මමත් සිනාමුසු මුහුණින් හෙමිහිට අඩි තියමින් උන්නා .

ඔන්න ඔය අතරේ තමයි වේගයෙන් ආපු තුන් සක් රියක් අපිව පහු කරලා නැවැත්තුවේ . ඒ තුන් සක් රිය නතර කරනකොටම මම ඉදිරියට වෙන්න යන දේ හිතෙන් මවා ගත්තා . ඒ තුන් සක් රියේ ඉඳලා එළියට බැස්සේ හොඳට කාපු තරබාරු මිනිස්සු හතර දෙනෙක් . මම නම් මීට කලින් උන් හතර දෙනාව උපන්තේකට කවදාකවත් දැකලා නෑ .

"
තොපි දෙන්නගේ හෙණට හැඟීම් ඇවිස්සෙනවා නේද ?”

තුන්සක් රියෙන් එළියට බැහැපු එක තරබාරු පුද්ගලයෙක් අපෙන් එහෙම අහද්දී මටත් ඌරු ජුවල් නැංඟා . පිටගං කාරයෝ කොහොමද අපෙන් එහෙම අහනේ ?.මේ ගම අපේ , ඇල අපේ , පාර අපේ අපි අපේ , ඉතින් අපිට ඉහළින් මේ ගමේ යන්නේ කාක්කෝ විතරයි ඒත් මේ තරබාරු මිනිහා .අපිව බය ගන්නන්න හදනවා !

"
ඔයාලා කොහේද ? ඔයාල දන්නවද මේ ඉන්නේ කොහේද කියලා . ? නිකම් ප්‍රශ්න දාගන්න ඔන්නෑ නේ අයියා. පිට ගමකට ඇවිදිල්ලා කේස් දාගන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න “

මගේ වාග් මාලාව වැදිලා තරබාරු මිනිසුන් හතර දෙනාගේ බල මොහොතකට බිඳිලා ගියා . ඉතින් ඒ සම්පූර්ණ ප්‍රශ්නෙම එතනින් අවසන් වෙන්න තිබුණා . ඒත් මලිත්ගේ ශ්‍රී මුඛයෙන් එළියට පැන්න එක ගොං වාග් මාලාවක් නිසා හැම දෙයක්ම ආයෙමත් වෙනස් වුණා .

"
ඇඩෝව් ! මට එක හූවකින් කොල්ලෝ සීයක් මෙතනට ගෙන්නන්න පුළුවන් .. !”

මලිත් උජාරුවෙන් එහෙම කීවේ අර තරබාරු මිනිස්සු හතර දෙනා බයේ පහුබැහැලා යාවි කියලා හිතලා වෙන්නැති .

මලිත් කීවේ බොරු ! මෙතන අපි ගිරිය කඩාගෙන හූ කිවුවත් එකෙක්වත් එන්නේ නෑ . අපි මෙතන හූ කීවොතින් අපේ ගමේ එවුන් නරි ඇවිදිල්ලාය කියලා හිතලා ගල් කැබලි මේ පැත්තට එවන්නත් බැරි නෑ .

"
ආ එහෙමද.? එහෙන් උඹ හූ කියපං .!”

තරබාරු පුද්ගලයෙක් මලිත්ගේ බෙල්ලෙං අල්ලලා මුහුණට වේගවත් පාරක් එල්ල කළා . මම එතනට වේගයෙන් පැන්නේ මලිත්ව බේරගන්නයි . ඔන්න එතකොටම ලොකු ගුටි කෙළියක් ආරම්ඹ වුණා .

මම දකුණු අත උස්සලා වේගවත් පාරක් දෙන්න හදනකොටම නා කපන වැස්සක් වගේ මගේ ඔළුවට මුහුණට ගුටි වදින්න පටන් ගත්තා . මම ඇස් ඇරලා බලද්දී තුන්සක් රිය නොපෙනී ගිහින් . මලිත් ඇල පල්ලමේ නිදිකුම්බා ගාලක ඉඳලා නැගිට්ටා . මගේ නහයෙන් නොකඩවා ලේ ගලනවා . මලිත්ගේ කම්මුල තුවාල වෙලා .

තරබාරු පුද්ගලයින් හතර දෙනෙකු විසින් අපිට තඩිබාපු පුවත මොහොතකින් ගමේ හැම අස්සක් මුල්ලක් නෑරම විදුලි වේගයෙන් පැතිරිලා ගිහින් තිබුණා . සිරිපාල අයියලා , රොමියෙල් මාමලා , ලැම්බට් අයියලා ආදී ගමේ ගණංකාරයෝ හැම දෙනෙක්ම හතර වටින්ම වැටිලා තිබුණු බිං කලුවරත් නොතකා අතට අහුවුණු අවි ආවුදත් අරගෙන කාණ්ඩ හතරකට බෙදිලා ගමේ හැම ගහක් ගලක් ගානෙම පීරමින් තරබාරු මිනිසුන් හතර දෙනා සොයමින් හිටියා .

"
උං පිට ගං කාරයෝ වගයක් උන්ට එහෙම මේ ගමේ වැඩ දාන්න දෙන්න බෑ"

හැම කෙනාගෙම මුවින් පිට වුණේ අපිව දිරිමත් කරවන වදන් විතරමයි . මමත් ලේ පෙරෙන නහයට පුළුන් කෑල්ලක් තියලා තදකරගෙන වමතින් ගිනිසීරිය කෝට්ටකුත් දරාගෙන ගමේ උදවියත් එක්ක සතුරන් සොයමින් උන්නා .

මට නාදුනන පිරිසක් පහරදුන් වග මගේ ප්‍රියාවියට ආරංචි වෙලා තිබුණේ ඔන්න අතරෙයි . එයා නොනවත්වාම හඬා වැටෙන අතරේ මගේ මාමණ්ඩි දුම්මල වරම අතින් ගත් කට්ටඬියෙක් වාගේ පරල වෙලා යකඩ ඉන්නකුත් අරගෙන මට පහරදුන් උදවිය සොයමින් ගේ ඇතුළේ සිට ඒක පුද්ගල මෙහෙයුමක් දියත් කරලා තිබුණා .

පැයක් පමණ දිගු දුර මෙයෙයුමකින් පස්සේ . උඩහ පාරේ කුමාරි නැන්දලාගේ ගෙදර වත්තේ ඉඳපු එක තරබාරු පුද්ගලයෙක්ව අපි දැක්කා . කාණ්ඩ හතරම එකවරම වත්තට කඩා වැදුණේ සතුරු බලකොටුවක් ආක්‍රමණය කරන්න සති ගාණක් බලාන උන්නු බල සේනාවක් වගේ .

"
අනේ මයෙ ලොකු නැන්දගේ පුතාට ගහන්න එපෝ ..!”

කුමාරි නැන්දා විලාප තියන්න ගත්තා . එතකොට තමයි අපි දැනං උන්නේ මේ උදවිය කුමාරි නැන්දලාගේ ගමේ නෑදෑයෝ විත්තිය . ගේ ඇතුලේ ජනේලයකින් එබිකං කරමින් බයෙන් වෙවුලමින් මුවැත්තියන් දෙන්නෙක් වාගේ අර ඇලේ නාපු කෙල්ලෝ දෙන්නත් බලාන උන්නා .

පවු.! උන් මේ තරබාරු පුද්ගලයන්ගේ බිරින්දෑවරු වෙන්නැති . කුමාරි නැන්දගේ මූණ බලාගෙන දැන් ඉතින් මුන්ට ගහන්න බෑ .අලුත් අවුරුද්දේ මේ හැම දේම අමතක කරලා දාන එකයි නුවනට හුරු . මම එහෙම කියලා අපේ කට්ටියව ආපහු යන්න හරව ගත්තා . ඉතින් ඒ විදිහට අපි ආපහු හැරිලා ගියා නම් මේ මොහොත වෙනවිට බොහොමයක් දේ සාමාන්‍ය විදියට සිද්ධ වෙන්න තිබුණා . ඒත් මලිත් ආයෙත් උගේ හැකර කටේ හිරි ඇරගත්තා ..

"
මෙච්චර දුර ඇවිල්ලත් අපි නිකං ගියොත් මුං හිතාවි අපි පොන්** කියලා . අඩෝව් අපි මුන්ට නෙලමූ !!”

මලිත් එහෙම කෑගැහුවාට පස්සේ කීප දෙනෙක් ආයෙමත් ආවේශ වුණා . එතන තත්වය ටිකෙන් ටික උණුසුම් වෙන්න පටන්ගත්තා .

ඔන්න ඔය අතරේදී තමයි කවුරුන් හෝ නීති ගරුක අසල්වැසියෙක් එකයි එකයි නවය අමතලා දැහැමෙන් සෙමෙන් ආතල් එකක් අරගෙන තිබුණේ .. ගේට්ටුව ළඟ පොලිස් ජීප්පුවක් නවත්තනවා දුටු හැටියේම අපේ ගමේ චණ්ඩි සෙට් එක බිම ඉහිරිච්චි ආප්ට සේවු දියර බිඳුවක් වාගේ වාෂ්ප වෙලා ගියා .කකුල් වල වේදනාව නිසා දුවගන්න බැරිව ඉතිරි වුණේ මමත් මලිතුත් විතරයි .

එතනින් එහාට වෙච්ච දේ තමයි කථාවේ මුල් කොටසේ සඳහන් වෙලා තියෙන්නේ .

ඔවු අපි පොලීසියේ කූඩුවේ හිරවුණා !.

මම ආයේ හැරිලා බැලුවා මලිත් කකුල් දෙක අස්සේ උගේ මූණ සඟවාගෙන හිර මැදිරියේ බිම බුදියන්න උත්සහ ගන්නවා .ඌට පයින් එකක් දීලා මගේ තරහා පිරිමහගන්න හිතුවත් මේ අල්ලපු අඩවුව හොඳටම ඇති නිසා මම ආයෙත් නිසොල්මන් වුණා .

මම ආයෙමත් සිමෙන්ති බංකුවේ ඉඳගෙන කල්පනාවට වැටුණා . ගුටි කාපු එකා කූඩුවේ !, ගහපු එවුන් සතුටින් නිදැල්ලේ .

මේ පොලීසිය මට නුහුරු තැනක් නෙවෙයි . මොකද කීවොත් මම තමා මේ පොලීසියේ ඇතුළේ පරිගණක පන්තිය කළේ . ඉතින් ඒ පරිගණක පන්තියට සහභාගී වෙච්ච බොහොමයක් නිලධාරින් මම හොඳින් අඳුනනවා . මම කූඩුවෙන් එළියට නෙත් යොමාගෙන බලාපොරොත්තුවෙන් උන්නේ මම දන්න කියන නිලධාරී තුමෙක් එනතුරු .

වෙලාව රෑ දහයයි හතළිස් පහට විතර ඇති . මම හිතන්නේ මට නින්ද යන්න ඇති . මොහොතකින් කූඩුවේ යකඩ කූරු වලට කෙනෙක් තට්ටු කරනවා දැනිලා මම උඩ ගිහින් ඇහැරුණා .

"
සඳරු මල්ලී මේ මොකෝ මේ..? හද් දෙයියනේ . ! සිරිලෝ..!! සාජන් අතුල..!! කොල්ලනේ ඇරපියවු මේ කූඩුව. යකෝ මේ අපේ කොම්පීතර ඉන්ස්ට්‍රක්ටර් මලයා .. !!" 

දෙයියොම බලන්ඩ ඕනෙ !. ඒ ඇවිදින් උන්නේ අයි පී ගුණතිලක මහත්තයා උන්නාන්සේ මගේ පරිගණක පන්තියේ ඉදිරිපස පේළියේ දීප්තිමත් සිසුවෙක් ඉතින් අන්තිමේදී ඒ උත්තමයාට පින්සිද්ද වෙන්න මම නිදොස් වුණා . ඊට පස්සේ එතුමාගේ මග පෙන්විම මත මම පොලිස් පොතේ පැමිණිල්ලකුත් ලීවා . දින කිහිපයකට පස්සේ අදාල පුද්ගලයන් මා හමුවට පැමිණ හඬා වැටීම නිසා පසුව ඒ පැමිනිල්ල ඉල්ලා අස් කරගත්තා .

කොහොමින් කොහොම හරි ජනවාරි පළමුවෙනිදා පොලිස් කූඩුවක ලගින්න තරම් මම අවාසනාවන්ත වුණා , නාහේ උඩ නොමැකෙන කැළලක් හදාගන්න තරම් මම අවාසනාවන්ත වුණා .

"
මේ කූඩුව තියෙන්නේ බලු වැඩ කරන එවුන්ට මල්ලී. උඹ මොකටද මේක අස්සේ රිංගන වැඩ වලට සම්මාදම් වෙන්න ගියේ .? “

අයි පී ගුණතිලක මහත්තයා මගෙන් එහෙම අහද්දී මට දෙන්න උත්තරයක් ඒ මොහොතේ කල්පනාවට ආවේ නෑ ! . ඒත් මට හොඳටම වැටහුණා එතුමා මට හිමිහිට හින්ට් එකක් පාස් කල විත්තිය .

අපි හරියට සත් ගුණවත්ව හිටියා කියලා අපිට හැමදා යහතින් ඉන්න ලැබෙන්නේ නෑ . කරදර අපිව පන්නගෙන එනවා . මගේ හෘද සාක්‍ෂියට එකඟව මම හොඳටම දන්නවා මම මේ සිදුවීමේදී වැරදි කාරයෙක් නොවන වග . කෙටියෙන්ම කීවොත් වැරදි වෙලාවේදී වැරදි තැනක හිටියාටයි මට මේ විදිහට දඬුවම් ලැබුණේ .

ජීවිතේ හැටි ඔහොමයි කියලා හිතාගෙන මම හිත හදාගත්තා. ! 

මෙම සිදුවීම විදෙස් සිත්තරා දුටු ආකාරය දැක බලා ගැනීමට මෙතනින් සයිබර් යායට හැරෙන්න ! 

නම් ගම් මනංකල්පිතයි

107 comments:

අසරණයා said...

මටත් ඔය විදියට කුඩුවේ ලගින්න වුනා පැය 18 ක්.එත් කොහෙවත් යන ගොන් කොල්ලෙක් නිසා.

Pisakkaatuwa said...

ඔය ජනවාරි 1 වෙනිදාම වැඩ අල්ලලා තියෙන්නේ. පොලිසියේ ගෝලයෝ හිටිය හින්ද හොඳට ගියා. අර දහමෙන් සෙමෙන් අතල් එක ගත්ත පොරට පස්සේ හීනියට අතල් එකක් දුන්නට නම් කමක් නැ.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ඔය මලිත් කියන එකා රට හරකෙක් නේ බන් , සෙට් එකත් එක්ක ගිහින් පස්සේ වෙලාවක අල්ලගෙන ගහන එක වෙනම කථාවක් , ඒත් දෙන්නෙක්ට හතර දෙනෙකුට ගහන්න ඇහැක් වෙන්න නම් අංගම් පොර හරි චීන හටන් හරි දැනන් ඉන්න ඕනි නෙව !

Miyuru said...

අළුත් අවුරුද්දෙ ඉසිස්සෙල්ලම වෙච්චි දේ ගැන කණගාටුයි සඳරු මලයෝ.... සමහරුන්ට වැරදි තැන, වැරදි වෙලාවට ඉන්න වෙන එකෙන් ජීවිත පවා නැතිවෙලා තියෙනවනෙ.... මොනව උනත් ජනවාරි පළමුවෙනිදා සඳරුට ජීවිතේ තවත් පාඩමක් කියා දීලා....
අපේ තාත්ත අපි පුංචි කාලෙ නිකම් කට තියාගෙන ඉන්න බැරුව එක එක ලෙඩ දාගත්තම කියනව, 'කටත් එක වාජ්ජමක් පුතේ...' කියල... මටත් කියන්න තියෙන්නෙ ඒකමයි....
මොන විදියට හරි ගුරුවරයෙක් උනාම පේනව නේද තියෙන වාසි... ගෝලබාලයො හැමතැනම.... :D

ඒත් අර මතයි, දුම් වැටියයි අතහරින්න ගත්තු තීරණය නම් වෙනස් කරන්න එපා....

Anonymous said...

ගනන් ගන්න එපා සහෝදරයා , ඔවා ඔහොම තමයි .
පොලිස් කුඩුවට දාන්නේ වැරදි කාරයෝම විතරක් නෙමෙයි නෙහේ .
සැකකරයොත් දාන්න වෙනවනේ ...

දන්න කියන අය වටින්නේ මේ වෙලාවට තමය.
- P.I -

Unknown said...

වලියකට යන්ට ඕනේ මචෝ ඒ වගේ සෙට් එකක් එක්ක...ඔය වගේ උං එක්ක ගියාම අනිවාරෙන් ප්‍රථිපලේ ඕක තමා....

sAm (සෑම්) said...

නියමයි සදරුවෝ, අරුන් කෙලින්න තිබ්බේ ඉල කැඩෙන්න.

සෑමා ගිය බර්ත් ඩේ එකට හිටියේ පොලෝසියේ දඩ කොලයක් ගෙවන්න ගිහින්.

ලහිරු said...

ඇති ඔයින් ගියා, පොලෝසියේ ගෝලයෝ රොත්තක් හිටිය හින්දා හොඳා! නැත්තම් උසාවි ගිහිනුත් එන්න තිබ්බා!

මාතලන් said...

අර කුඩා බඩවැල කිව්වේ මොකකටද.. මගෙත් ප්‍රියතම එකක් තමයි දිය රෙද්ද ඇඳලා නාන ශරීර බලන එක. කතරගම් යනකොට තිස්ස වැව ළඟදි සිත පිරිසිඳු කරගෙන යන්න අදටත් වාසනාව තියෙනවා.. අපේ ගම දැන් වෙනස් වෙලානේ..

පවනි said...

ඒ වුනාට ඔය අත්දැකීම හරිම වටිනව සඳරුවෝ....

මට ඔය වගේ අත්දැකීම් දෙක තුනක්ම තියෙනව... ඒත් ඒක දන්න අය අඩුයි.... ඒත් ඒ අත්දැකීම් දෙක තුන නිසා මම ගොඩක් දේවල් ඉගෙනගත්ත....
මම හිතන්නෙ උඹටත් ඒ වගේ දේවල් දැන් තේරුම් ගන්න පුලුවන් වෙන්ට ඇති...

සයුරි said...

අයියෝ මේ ළමයටත් වෙන වැඩ...මොන ග්‍රහයෙක්ගෙන් ඉපදිලා ද මන්දා. ඔව් ඔව් වැරදි වෙලාවේ වැරදි තැන හිටපු එක තමයි ප්‍රස්නේ...ඒ මදිවට බෝක්කු කටක් තියන යාළුවෙකුත් එක්කනේ ඉඳල තියෙන්නේ :)

Janaka Rathnayaka said...

උබ ජනවාරි 1 වෙනිදාම හොද නැකතකින් වැඩ අල්ලලා තියෙන්නේ ඔව ඔහොම තමා බන් සැලෙන්න එපා ඔකට හැමෝටම යන්න බැ උබට පොඩි චාන්ස් එකක් සෙට් වෙලා...

cjgayan said...

අනේ මන්දා බන් උඹටමනෙ වෙන්නෙ.. ඔයින් ගියා මදැයි..

Sumith Niriella said...

අයියෝ....! ඔහොම අත්දැකීමක් නැත්නම් ජීවිතේ මෙලෝ රහක් නෑ.
මම මාස 4ක් විතර ඔය බලු කූඩුවේ ලැගලා තියෙනවා. තනියෙම නෙවෙයි 16 දෙනෙක්

එක්ක....දෙන්නෙක් හිටියෙ කක්කුස්සියේ....නිදාගන්නෙ ෂිෆ්ට් ක්‍රමයට....හිතාගන්න

පුළුවන්නෙ... කොහොම ආතල් එකක් ගන්න ඇද්ද කියලා.
වැඩේ එතනින් නතර වුනේ නෑ. තවත් අවුරුදු 4හමාරක් රැඳවුම් කඳවුරුවලයි...මැගසින්

බන්ධනාගාරයෙයි ලැගලා තමයි එළියට ආවෙ.
අහුවෙනකොට නිරෝගී කඩවසම් තරුණයෙක් වෙච්චි මම එළියට ආවෙ සදාකාලික

ශ්‍රව්‍යාබාධිතයෙක් විධියට....ඒත් මලයට වෙලා තියෙන්නෙ ආත්මාභිමානයට වෙච්ච

කැළලක් විතරනෙ..

saumiya said...

මදැයි කොලා...
දැන්වත් හොදට දුර දිග බලලා වැඩ කරපන් මචං... හැම දෙයක් ගෙනම හොද අවධානයෙන් හිටපන්... අපිට කෙල වෙනකන් අපිම දන්නේ නැ...
පරෙස්සමෙන් හිටපන්... ජය වේවා...

Praසන්ன said...

ගණන් ගන්න එපා බං. පොලෝසි තියෙන්නෙත් මිනිස්සුන්ට යන්නනෙ.

පූසා said...

ජීවිතේ හැටි ඔහොමයි! ;)

දිනෙෂ් තරංග said...

මැක්ස කතාව මලයා...අවුලක් නෑ කොල්ලො වුනාම ඔය වගේ පෝරියල් එකක් සෙට් උනේ නැත්නම් වැඩක් නෑනෙ බං...අපරාදෙ උන්ට සමාව දුන්නේ...ආයිත් ඕකුන් ගමට ආපු වෙලාවකවත් සෙට් වෙලා දීපන් බීපු කිරි මතක් වෙන්න...අත අරින්න එපා බං...වෙන ගමකට ගිහින් කේස් එකක් දා ගෙන කෑවත් කමක් නෑ..උබලගෙ ගමේදිම කාපු එකටනම් මට මැක්සම අවුල් සහෝ.....කෝකටත් පරිස්සමෙන් ඉදපන්... ලියපං සහෝ දිගටම ...බුදු සරණයි...

ඉෂාර ගුනවර්ධන said...

මමත් අම්පාරෙ කූඩුවෙ ලැගලා ඉඳලා තියෙනවා රැයක් එළි වෙනකම්ම. හිබැයි එදා උඹට වගේ හිත උණු වෙන අයි පී කෙනෙක් නම් හිටියෙ නෑ. එදා හිටියා අපේ ප්‍රෙන්තෙක් අයි පී මහේෂ්. දැන් නම් ඌ ඉන්නවද දන්නෙ නෑ. ඌටත් මුකුත් කර ගන්න බැරි වුණාා.
ගනන් ගන්න එපා බන්. අපිට වඩා ලොකු මිනිස්සුත් ඔය ලගින්නෙ බං. ආ මම අම්පාරෙ ආපුවහම උඹව බලන්න එන්නම්කො

නදී said...

ඉතින් ගුටි කාපු උන්දෙන්න කූඩූවෙ දැම්මෙ මොකෑ.

සංජිව said...

එ මචං උඹ දන්නවාද? මේ ලෝකේ හොද අනාගතයක් හිමි කරගත්ත හැම ලේකකයෙක්ම ඔය කුඩුව ඇතුලට ගිහිං තියෙනවා බං.... එක හිංදා මේ ලැබෙන විවරණ උඹගේ ජිවිතයට වාසනාවක්... එ වගේම උඹගේ ලිපිවලට ආදරය කරන අපිටත් වසනාවක්...

මම ගියේ කුඩුවේ නම්.. උඩ ඉදන් පහලට කුරැ 7 ක් තිබුනා.. හරියටම මැදින් ගිය ලොකු බාර් එකක් තිබුනා.. තව උඩ වම් පැත්තේ කොනේ ඉදන් මැද තිබුන දකුනු පැත්තේ කොනේට ගිය තවත් කුරක් තිබුනා.. මැද දකුණු කොනේ ඉදන් පහලම වම් පැත්ත කොනට ගිය තවත් කුරක් තිබුනා.. උඩ ඉදන් දකුණු පැත්තේ තිබුන කුරේ අගල් 2ක් විතර පහලින් G අකුරයි I අකුරයි තිබුනා... සමහර විට මේ කුඩුවට ආපු ආදරවන්තයො 2න්නෙක් වෙන්න ඇති... අවංකවම මම එදානම් කුරැ ගනන් කලා...

ඉඳුනිල් said...

මලිත් ට මේ දවස් වල හැගීම් ඇති නොවන තරම් වෙන්න ඇති.

පෙදරේරුවා නොහොත් මේසන් බාස් said...

ඕව තමයි නියම මයිසූර් පරිප්පු. උබේ යාළුවා උඹට හොදට අනලා කවලා තියෙනවා.

ඒත් ඕවා ඔක්කොම මේ කෙටි ජීවිත කාලේ ලබන්න පුළුවන් වටිනා අත්දැකීම් තමා.

Unknown said...

hummmmmmmmmmm im really sorry about u sandaru dont worry every thing will be fine

පිණිබිඳු... said...

/*වමතින් ගිනිසීරිය කෝට්ටකුත් දරාගෙන ගමේ උදවියත් එක්ක සතුරන් සොයමින් උන්නා*/
ඈ බං සර්පයෙක්ද හෙව්වෙ

Anonymous said...

හෙහ්... ඔයින් ගියා මදෑ මල්ලී. දැං ඕං ඒ අත්දැකීමත් හරි..තව මක්කයි ඉතුරු ? :)

පැට්ටා said...

අඩේ ජනවාරි පලවෙනිදා දවල් අපි කට්ටියක් සෙට් වෙලා ඉඳිද්දි නෙ අභීත උඹට කෝල් කරේ.... එදාද මේක උනේ?

Unknown said...

සදරුවෝ... මොනවා කියන්නද කියලා මටවත් හිතා ගන්න බැහැ. ඒ උනත් මිට වඩා ටිකක් හරි ඉවසන්න අනෙක් යාළුවත් පුරුදු උනානමි කිසි කේස් එකක් නැතුව වැඩෙි ගොඩ දාගන්න තිබිබා. කමක් නැහැ බං මොනවා කරන්නද? මිනියක් මරලා නෙමෙයි නේ ඔික ඇතුලට ගියේ... හිතේ සතුටින් ඉදපන්. ගිය දේවල් ගැන හිතලා දුක් වෙන්න එපා මචං...

Anonymous said...

ඔය හොදයි බන් , 2006 දි විතර දවසක් රෑ බෑන්ඩ් එකත් එක්ක වෙඩිමකට සන්ගීතය සපයලා එද්දි මෙලෝ වැරැද්දක් නැතිව බීලා හිටියැයි කියලා බෑන්ඩ් එකේ 8 දෙනාවම දැම්මා කූඩුවට. යන්තම් උදේ දන්න DIG කෙනෙක්ට කියලා එළියට ආවේ. හොදම වැඩේ උනේ අපේ එකෙක්වත් එදා බීලා හිටියෙ නැහැ ඒත් අපිව අරන් යන්න ආව ජීප් එකේ හිටපු ඔක්කොම කුඩු වෙන්න ගහලා හිටියෙ.
ඔය කූඩුව ගොඩක් අය සුළු වෙලාවකට හරි හිටපු තැනක්. රටේ ලොකුම මිනිස්සු පවා.

අහින්සක අ.පේ

වර්ණා said...

අනේ අපේ සදරු අයියා පව්. මට තරහා අර කෙල්ලෝ දෙන්නා එක්ක. උන් ඔක්කොම එළියේ දාගෙන නාලා තව උන්ගේ මිනිස්සුන්ටත් කියෝලා මේ අසරණයෝ දෙන්නාට ගහලා නෙව.. :/

Sajith Lab said...

එළ එළ..... අලුත් අවුරැද්දේ හා හා පුරා කියලා හොද තැනකින් කාලා තියෙන්නේ....

ඕක ආදර්ශෙට අරන් මේ අවුරැද්දේවත් වලියකට සෙට් නොවී ඉන්න වරම් ලැබේවා.... නැත්නම් අපිට comment දාන්න සදරැ කෙනෙක් නැති වෙයි.

Buddhi said...

සඳරුවා උපමා උපමේය නං පට්ට නවීනයි. උඔලා වලි කිව්වට එව්වයෙ වැඩි හරියක් ඉවර වෙන්නෙ බොලාම ගුටි කාලනේ.....:D

ලොකු පුතා said...

මාවත් දවසක් ගෙදරටම ඇවිත් එක්කගෙන ගියා
(මම කරපු වැරැද්දකට නෙමෙයි, අපේ මස්සිනා වෙනුවට ඇපේට
ඒකත් පොඩි වලි සීන් එකක්)

ඒ කාලේ මම ඒ ලෙවල් කරන කාලේ
පොඩි එකා නිසා වෙන්න ඇති, මාවනම් කුඩුගත කලේ නැහැ :))
බත් කනවද කියල එහෙම අහල, මම බැහැ කිව්වට පස්සේ බලන්න ටීවී එකකුත් දාල දුන්නා
අන්න නියම පොලිස් මාමලා

geeth said...

අපොයි මෙ නගාලා දෙන්නෙක්‌ගෙ නෑමක්‌ හින්දා මල්ලිලා නාපු නෑමක්‌.
ආයෙ මෙවන් කරදර සඳරූ මල්ලිට නොවේව !

ජය වේවා!

සිස්ටම් චේන්ජ් said...

හ්ම්ම්ම්ම් අපේ ජීවිතේ අපිට යහළුවන් නිසා කෙල වෙන වර අනන්තයි ......................................මචන් එකට කරන්න තියෙන්නේ යහළුවන්ගෙන් ඈත් වෙන එක එත් එක කරන්න අමාරුම වැඩවලින් එකක් ...................මටත් ඕක කරගන්න බරුවි ඉන්නේ :D

නිශ් said...

සාධාරනේ කතා කරන්න ගිහිල්ල මමත් ඕකේ පැයක් ලැගලා තියෙනවා...

හ්ම්ම්ම් ඒකත් ජීවිතේ තවත් එක් ඇත්දැකීමක්...
පුදුමාකාර චරිත ටිකක් ඒ පැයට මට හම්බ උනා.....

ඉන්ද්‍රජිත් said...

ඔව ඔහොම තමා.

පුංචි said...

හැම රණ්ඩුවකට මුල වෙන්නේ කාන්තා ප්‍රශ්න නේද. ඇතුවත් බැරි නැතුවත් බැරි කියල පිරිමි අය කියන්නේ එක නිසා වෙන්න ඇති. අය්යෝ සඳරු ගුටි කාපු එකට නම් දුකයි

Observer said...

උඹල ඔකඳ වුනේ දිය රෙදි දැකල. හෙහ්..හෙහ්...දැන් ලංකාවට ආවම ගම් වල හිටන් බිකිනිත් දකින්න තියෙනව.

රාජ් said...

උඹ එකෙකුට දෙන්නෙකුට ගහපු පෝස්ටු මේකෙ නැද්ද මලයා.

නෙලාන් said...

මැදෑ ඔයින් ගියා‍‍.... මාරම වැඩ තමයි මලයට වෙන්නෙ...

අනූ said...

අයියෝ, සඳරු අයියටත් වෙන වැඩ... අර කිව්වත් වගේ ගුටි කාපු උන්ව කූඩුවේ දැම්මේ අහවල් එකකටද අෆ්ෆා, ඔක්කොටම හපන් අර කෙල්ලො දෙන්නා.. මොනා උනත් දෙයියනේ කියල අවුරුද්දෙ පළවෙනිදම හොඳ එක්ස්පීරියන්ස් එකක් නොවැ ලබල තියෙන්නෙ

සෙන්නා said...

ගනන් ගන්ඩ එපා.. ඕවා ජීවිතේට අත්දැකීම්... හොරකම්, මැරකම් කරලා ගියා නෙමේනේ... හැබැයි ඔය මලිත් කියන බූතයව ජීවිතෙන් ඈත් කලොත් හොඳයි.. ඌ තැන තොතැන බලලා හැසිරෙන්ඩ දන්නැති මුග්දයෙක්..

uwiniran said...

ෂාහ්.... හරි ශෝක්නේ....
ඔච්චරයි අඩුවට තිබ්බේ දැන් ඒකත් හරි...!!
හැබැයි පුතෝ ඔය බීම නම් අත්හරින්න එපා.......

ඉඳලා හිටලා පොඩි අඩියක් ගහන්න ඕනේ බං....

Unknown said...

අම්මෝ ඔයින් ගියා මදැයි.ලමයි ටිකක් පොලීසියෙ හිටිය නිසා බේරුනා..

ස්කූබි ඩූ. said...

හික් හික් මාර විදිහට අළුත් අවුරුද්දට වැඩ අල්ලල තියෙන්නේ මරේ මරු...

Anonymous said...

අරුන් දෙන්නට හොඳට ටිකක් ඇනලා කූඩු ගියා නම් අවුලක් නෑ.....
මොනවා උනත් ඕවා ඔහොමින් ඉවර වෙන එක හොඳා.....

තීර්ථ යාත්‍රිකයා said...

නපුරු කලට වට් ටු ඩූ මලයා...

කතන්දර Kathandara said...

සඳරුවා කොම්පීටර් ජිල්මාට් එකකින් නිදහස් වුණු බවයි.....!!!

Anonymous said...

කොච්චර කලත් හදන්න බැරි යාලුවෝ අතාරපන් !

kumaraya said...

ඕවා ඔහොම තමයි මලයා ...
මමත් එක රැයක් පොලීසියෙ ඉඳලා තියෙනවා. හැබැයි කූඩුවෙ නෙවේ .. අර ලී බංකුවෙ.[ඒක කූඩුවට හපන්] හොඳ වෙලාවට ඇත්ත හොරා එදා රෑම අල්ලගත්තු නිසා මට උදේ ගෙදර යන්න හම්බවුනා.

@ නිරිඇල්ල..
මලයා මට සමාවෙන්න ඕන .. එදා ගාලු ට්‍රිප් එකේදි හරියකට කතා කරගන්නවත් බැරි වුනා. මම හිතුවේ කණේ ආබාධය ස්වාභාවික එකක් ය කියලයි.
එහෙනම් ඒකත් පොලිස් කේස් එකක්.

Dinesh said...

හොද වෙලාවට සදරුවා උඹ පොලීසියේ අය අදුනගෙන හිටියේ.. අන්තිමේ ගුටි කාපු එකාම හිරේ.. උන්ට පාරක්වත් ගහලානම් කමක් නෑ..

මොනවා උනත් වෙන්න දෙයක් තියෙනවනම් ඒක කීයටවත් නවත්තන්න බෑ.. ඔක ඔහොම ගිය එක හොදයි..

Anonymous said...

මච ඔහොම තමා බ0 ජීවිතෙ ගනන් ගන්න එපා බුදු සරණයි!!!!!!!!!!!!!!!!!!!!

පිස්සා පලාමල්ල said...

එහෙනම් තෝ එදා කිව්වෙ මේ කෙලිය ගැන නේ.... උබ ඒ උනාට කූඩු වෙ කතාව කිව්වෙ නෑනේ... උබටත් වෙන දේවල්. ලොක්ක අදුරන නිසා ඔයින් ගොඩ ගියා...

මතට තිත තිබ්බ එක ගැන නම් සතුටුයි... අපි එන ගමන් එහෙනම් බීලම එන්නම්... :D

Harshana said...

උබට ඉතින් ඔය වගේ කේස් නම් අඩුවක් නෑනේ ...... දැන්වත් ටිකක් ඉන්න හිටින තැන ගැන බලලා කටයුතු කරපන්

චතුරිකා ජයංගනී කස්තුරිඅාරච්චි said...

අනේ මලයො අම්මට කියලා කෙන්දරේ බලව ගන්ට.. ඔයාගෙ කල දසාව හරි නෑ වගේ.නැත්තම් ඉතින් මෙච්චර දැහැමෙන් සෙමෙන් ජීවත් වෙන ඔයාට මේ වගෙ දේවල් වෙයිද? මං හිතුවෙ මාමන්ඩියට සීන් එක ආරංචි වෙලා මල්ලිගෙ ටිකට් එක ආයෙත් කැපිල කියලා.. ඔයින් ගියා මදැයි..

ක්සැන්ඩරයා said...

උදේ පොස්ට් එක බාගෙට කියෙව්වට දැන් තමා හරියට කියෙව්වේ.. මං මෙහෙම කියන්නම්, බුද්ධාගමේ තියනවා නේ අසේවනාච බාලානං පණ්ඩිතානන්ච සේවනා කියල. ඒ දේ හරියට පිලිපැදපන් මලේ. යාලුවෝ ආශ්‍රේ කරපන් එත් සීමාව දැන. ඔයවගේ උන් එක්ක ඉන්න ගියාම ඔහොම වෙනවා.

Shaggy said...

බල්ලොත් එක්ක දොයිය ගත්ත්ම නැගිටින්න වෙන්නෙ මැක්කො මල්ලිලා එක්කලු...

ගැමියාගේ පත් ඉරුව said...

සන්තෝසයි අයියේ ගොඩාක් සන්තෝසයි හැබැයි හිරේ ගියපු එකට නම් නෙමෙයි මත්පැන් දුම්වැටි නැවැත්වීම පිළිබඳ ඒකට ජය වේවා...අයියේ යාළුවෝ ගොඩක් ඉන්න එක හොඳයි ඒත් එයාලා අප්සට් නම් අතාරින එක නෙමේ කාරිය හදන්න පුළුවන්නම් හදන එක ඒත් ඒක ලේසි නෑ අමු මැට්ටෙක්නම් අතෑරලා දාන්න වෙනවා හැබැයි....මම හිතුවා මාමණ්ඩිත් මේ අස්සේ බාල්දි පෙරලයි කියලා...අපි හොඳින් හිටියට මදි අයියේ මෙහෙම දේවල් නොවෙන්න සමාජෙම හොඳ වෙන්න ඕන...හරියට අර හොඳට නීතිගරුකව වාහන එලවන මිනිහෙක්ව බීපු මගෝඩියෙක් ඇවිල්ලා හප්පන් මැරුණා වගේ තමයි....

duliponline said...

ආන්න බලන්න කොච්චර විප්ලවීය විදියටද ඔයා 2012 අවුරුද්ද පිලි අරං තියෙන්නෙ කියල . . . .

ItalyDilan said...

බලපන් උබේ අත්දැකීම් ගොන්නට තවත් එක ලස්සන අත්දැකීමක්,,බලපන් අපිට ඕවගේ අත්දැකීම් ගන්න බෑ කලොත් අනිවා නොමිලේ ලංකාවට ගුවන් ටිකට් පතක් දිනා ගන්න පුලුවන් ආයේ එන්න බැරි වෙන්නම

samadhi said...

අනේ අනේ අව්රුද්දටම හරියන්න වැඩ ඇල්ලුවා නේද?දැන් වත් ඉතින් පාඩමක් ඉගනගත්තොත් හොදයි වගේ නේද මලයෝ..

Charith Samarakoon said...

අයියෝ සඳරු! දුක තමා...ආයෙ නොයන්න වාසනාව ලැබේවා...

Charith Samarakoon said...

ඒහ් තලගොයිත් මරන් වර්න්...හික්ස්... :D

Asa said...

සඳරැ අයියා හොඳ වැඩක් තමා කරලා තියෙන්නෙ.මං කියන්නෙ අර හැඟීම් ආව සීන් එක නෙමේ හරිය.බොන එක නැවැත්තුව හින්දා සෑහෙන කාලයක් තව යහතින් ඉදියි.

ඔය වුනා වගේ සීන් වෙන්නෙත් නෑනෙ ඔය ටිකත් නැවැත්තුවනම්. අපි කොච්චර කිව්වත් මේවා නාහන එකා ඕක කරනවා.

කතාව කියවන්නනෙ ආවෙ උපදෙස් දෙන්න නෙවේනෙ නේද.ඒත් ඉතින් කියන්න තියන දෙයක් කියලම යන එන හොඳා.

කතාව වෙනදා වගේම ලස්සනට ලියලා තියනවා සඳරැ අයියේ..

Randika Sedara said...

ඩිලාන් අයිය කිව්ව වගේ මේකත් තව එක අත්දැකීමක් මිත්‍රයා .. ඒ එක අත්දැකීමක් වත් මගහැරෙන්න දෙන්න එපා .. ජීවිතේ අමුතුයි.. ඒත් මරු !

හිතුවක්කාර කෙල්ල said...

හෆ්ෆෝච්චියේ අපේ සදරු අයියාටත් වෙන වැඩ..:D ජීවිතේට ඔව්වා හොඳ අත්දැකීම් හැබැයි..මගෙත් යාළුවෙක්ට ළගක්දි ඔහොම දෙයක් වුනා. වෙනමම කේස් එහෙකට.. :)

සඳරු අයියා මේක ලියලා තියෙන විදියනම් ඉතින් නියමයි!!! කෙළ හල හල කියවන්න ලියල තියෙන්නෙ..:D

//දිය බේරෙන්න කඩා දාපු තෙත කොණ්ඩයත් ඇල මායිමේ සැඩ හුළඟට යාන්තමට හෙලවෙනකොට ඒ දිහාවේ බලං හිටපු මගේ කුඩා බඩවැල් පවා ඇඹරිලා ගියා .//
හික්ස්ස්.. මේ ටික කියවද්දි මට හිනා ගිහිල්ලම මගේ බඩවැලත් ඇඹරිලා ගියා.. හිකි හිකි

Unknown said...

සහෝදරයටත් වෙන්නෙ මාර වැඩනෙ.http://sithama.blogspot.com/

හිස් අහස said...

@අසරණයා = අන්න ඒකම තමා මටත් වුනේ ඉතින් අපි ලියමුද ඒක ?
.............................................................................................................................
@Pisakkaatuwa= හොයාගන්න බෑ කවුද ඒ සිඟිති ආතල් එකට සැට් වුණ අසල්වැසියා කියලා දන්නවා නම් මම උන්දැට..
.............................................................................................................................
@බුවාගේ සිතුවිලි = මගේ ජීවිතේ මම වලි ගොඩකට ගිහින් තියනවා බුවා .ඉතින් සෙට් එකක් එක්ක තනියම ගහ ගන්න වගේ වැඩකට නම් මයෙ ජීවිතේට ගිහින් නෑ මොකද උඹ කීව කතාව මාත් දැනං උන්නා . මම ජැකී චූන් නෙවෙයිනේ .
.............................................................................................................................
@Miyuru = මගෙත් මුලදී නම් හෙන ලොකු කනගාටුවක් තිබුනා පොලීසියේ පොතේ නම ලියවුන නිසා ඒත් ඒක දැන් වැඩි කේස් එකක් නොවුන හන්දා දැන් ඒක මතක් කරලා මම හිනා වෙනවා . මතට තිත
.............................................................................................................................
@P.I = ඒක ඇත්ත P.I මෙතනදී මම කොහෙත්ම වැරදි කාරයෙක් නෙවෙයි. ඒක නෙවේ මේ පැත්තට ආයුබෝං කීවා
.............................................................................................................................
@ඔබ නොදු‍ටු ලොවක් = අඳබාලයෝ සමග ගමන නරකයි කියලා මට කුඩා කල නෑසියෝ කියලා දිලා තිබුණා බං මම ඒත් ඒක ඇහුවේ නෑ
.............................................................................................................................
@සෑම් = මචෝ පොලීසියේ මාමලා කේක් ගෙඩියක් කපලා උඹට සුබ පැතුවැයි ?
.............................................................................................................................
@ලහිරු = උසාවි ගියා නම් ගෙදරට චා වෙලා ගමටමත් චා වෙනවා
.............................................................................................................................
@මාතලන් = මාතලන් ලොක්කගේ අලුත් බ්ලොග් එක බැලුවාමත් ඔය කුඩා බඩවැල් කටින් එන්න ට්‍රයි එකක් දෙන වේලාවල් තියනවා . සුපිරි ඈ
.............................................................................................................................
@පවනි = සිද්ද වෙන හැම නරක සුබ දෙයක්ම අද්දැකීමක් තමා බොලේ මට තේරුම් ගන්න බැරුව නිකම් යකඩේ ගිල්ලා වගේ හිටියා දවස් කීපයක් ඒත් දැන් අන්ඩස් ටෑන්
.............................................................................................................................
@සයුරි = දෛවය තමා සයුරි මේ හැම දෙයක්ම අපි කොහොමද ඒක වෙනස් කරන්නේ ?
.............................................................................................................................
@Janaka Rathnayaka = චාන්ස් එකක් කීවා ? කොහොමද මචෝ මම ඔය චෑන්ස් එක ටිකක් වැඩි කරගෙන ගල් පල්ලියේ නතර වෙන්නත් වුණා එහෙම නම් .. ගොඩම තමා

හිස් අහස said...

@cjgayan= සිරාවටම බං මෙයිං නැවතුනා මදෑ
.............................................................................................................................
@Sumith Niriella =උඹගේ සිද්දිය බැලුවාම පුදුම දුකක් ඇති වුණා බං අපිනම් මේ පොඩිම පොඩි දුකක් විඳලා දුක් වෙනවා ඒත් බං උඹ ?
.............................................................................................................................
@saumiya = අන්න ඒකයි බං නිහිතන තැනදී අපිට කෙලවෙනවා අපි හඳේ හිටියත් ඒක වෙනවාම තමයි දෛවය වෙනස් කරන්න බෑ මචෝ
.............................................................................................................................
@Praසන්ன = ඒකනම් ඇත්ත ඒත් මට නිකම් මෙවුවා මෙවුවා වාගේ ඒකේ ඇතුලට යන්ඩ
.............................................................................................................................
@පූසා = දුක සැප නිති පෙරලෙනවා නෙව
.............................................................................................................................
@දිනේෂ් තරංග = අන්න ඒක තමා සීන් එක අපේ ගමට පිටින් ඇවිල්ලා අපිටත් ගාලා අපිවත් කූඩුවේ දාලා කස්ටිය යාතින් ඉන්ඩ එවුවා කොහේද මම දාපු පැමිනිල්ල ඉල්ලා අස් කරගන්න කියලා උන් හතරදෙනා ඇවිදින් වැඳවැටුනා මා ගාව
.............................................................................................................................
@ඉෂාර ගුනවර්ධන = එහෙනම් උඹත් මේ කියන්නේ මම හිටි සේම් කූඩුව ගැන තමයි අඩෝ උඹ වගේ කූඩුවේ ලැග්ග ඩයල් එකක් අඳුනා ගැනීම සතුටක් අපි දෙන්නා සෙට් වෙලා ඇමරිකාවේ බැංකුවක් කඩමුද ? අනිවා වරෙං ආපු වෙලාවක
.............................................................................................................................
@න දී = ගලායන ජීවිතේ හැටි තමයි කෙල්ලේ
.............................................................................................................................
@සංජිව = සැහ් බං මට බැරි වුණා නේ කූඩුවේ කූරු ටික ගැනගන්න . ඒක නෙවෙයි බොලේ කෙලයි කොල්ලයි දෙන්නවම එක කූඩුවේ දාන්නේ නෑ නේද ?
.............................................................................................................................
@ඉඳුනිල් = අපෝ නෑ ඌ කොයි වෙලෙත් හැඟීම් ඇති කරගත්ත ගමන්මයි ඉන්නේ
.............................................................................................................................
@පෙදරේරුවා නොහොත් මේසන් බාස් = සිරාවටම මම එහෙම පරිප්පුවක් කාලා නෑ මයෙ ජීවිතේට .
.............................................................................................................................
@Neranjana Bandara = අවුලක් නෑ බං දැන් ඉතින් ඔවුවා අමතක කරලා දාලා සතුටෙන් ඉන්නේ මම
.............................................................................................................................
@පිණිබිඳු = මේකිට කොහෙන් හරි ඇදයක් පේනවා . මම ඒ වෙලාවේ මගෙ අතට අහුවුනු බඩ්ඩ අරං තමා හටනට ගියේ (අනික මම ආවුද ගෙනිච්චයි කියලා ලීවොත් මාව ආයේ කූඩු කරාවි)
.............................................................................................................................
@nawammawatha = දැං ඉතින් අයියේ මෙහෙම ඉඳලා බෑ හොඳ සුද්දයක් දෙන්නඕනෙ (බඩට)
.............................................................................................................................
@අවංක පැට්ටා = උඹලා කෝල් කරලා පැය දෙහෙකට තුනකට පස්සේ තමා මේක වුණේ
.............................................................................................................................
@Sihina= අවුලක් නෑ මගේ හිත දන්නවා බං මම ඇයි ඇතුලට ගියේ කියලා ඒක නිසා මම ඔයි ගැන හිතන්නේ නෑ
.............................................................................................................................
@අහින්සක අන්තිම පේලිය = ඒ විදියට බැලුවෝතින් නම් මචෝ මම ලකී නේද ඇයි මේ රටේ ලොකු ලොක්කෝ බොහෝ දෙනෙක් හිරේ විලංගුවේ වැටුනු අයනෙව ..උඹ මගේ හිත හැදුවා ආසයි තව වතාවක් ඒකේ සිරි නරඹන්න

@වර්ණා = ඒකනේ නඟා කියන්නේ .මොකෝ අපි කැත හිතකින් උන් දිහා බැලුවයැ :)
.............................................................................................................................
@Sajith Lab = කොල්ලනේ මම මලත් උඹලට දැනගන්න වෙන්නේ මාස ගානක් ගියාට පස්සේ මොකෝ කීවොත් වැඩි දෙනෙක් අපේ පලාතේ අය මේ බ්ලොග් ගැන දන්නේ නෑ .. උඹ හරි උපරිම ට්‍රයි එකදීලා ටිකක් පැත්තට වෙලා ඉන්ඩෝන
.............................................................................................................................
@බුද්ධි = තෑන්කියූ බුද්ධි . අපි එහෙම තමා ගුටි කාලා පස්සේ තමා ගාන්නේ
.............................................................................................................................
@ලොකු පුතා = අඩේ මගෙන් කනවද කියලා ඇහුවේ නෑ කාල ඉන්න බව පේනවා කීවා . ටීවී බලන්න දුන්නෙත් නෑ මොනාද ඩෝ බලන්නේ කියලා ඇහුවා ඔන්න අපේ පොලීසිය
.............................................................................................................................
@geeth =නඟාලා කොතනද එතන වලියක් අයියා . ඉතින් ජයම වේවා ගීත් අයියා
.............................................................................................................................
@නොසිතු අයෙක් = දුකක් කරදරයක් වුණාම මචෝ ඉතින් යාලුවෝ නැතිව බෑ අනිවා ඕනෙ වෙනවා යාලුවෝ නැති වුණාම කස්ටිය අපේ ඇඟට එනවා වැඩියි
.............................................................................................................................
@නිශ් = සාධාරනේ ගැන කතා කරද්දී ඒකට තියන හොඳම තැන නේද අපේ පොලෝසිය ? ඈ බං උඹ මේ කියන්නේ ලංකාවේ පොලෝසියක් ගැන වෙන්ඩ බෑ . ඔය නිකරගුවාව පැත්තේ තියන පොලෝසියක් නේද ?
.............................................................................................................................
@ඉද්‍රජිත් = ජයවේවා ඉන්ද්‍රේ
.............................................................................................................................
@පුංචි කුමාරිහාමි = කාන්තාව කොතනද එතන වලියක්. පිරිමි 100 උනත් එකට හිටි හැකි සියක් වසරක් එතනට කෙල්ලක් නොඑනතුරු
.............................................................................................................................
@Observer =ලොකු අයියේ බිකිනි දැක්කානම් අද මම මහ උලු ගෙදර
.............................................................................................................................
@රාජ් = ගැහුවම මොකෝ ගහන්න හැදුවාම මොකෝ දෙකම එකයිනේ අයියා
.............................................................................................................................
@නෙලාන් = හැමෝම කියන්නේ ඕක තමා බං මාර වැඩ තමා මට වෙන්නේ
.............................................................................................................................
@Shani = අනේ මන්දා අර කෙල්ලෝ දෙන්නා තමා කෙල්ලෝ දෙන්නා මට උන් දෙන්නව මතක් වෙද්දිත් මේ .. මේවගේ එක්ස් පීරියන්ස් ඔයාලට නෑ හූ හූ
.............................................................................................................................
@Senna = පොඩි කාලේ නම් මේ මේතරම් මුග්ධ නෑ මේ ලඟඳී ඉඳන් මොනා නමුත් උගේ අමුත්තක් තියනවා බං
.............................................................................................................................
@uwiniran = සිරා කතාව මෙච්චරයි මට අඩුවකට තිබ්බේ අනේ දෙයියනේ මට හැම දේම ලැබෙනවා ප්‍රී
.............................................................................................................................
@නිසූපා = පොලිස් ළමයින් සෙට් තමා සෙට් එක අන්න නියම ස්ටුඩන්ට්ලා

@ස්කූබි ඩූ = පලවෙනිදා එහෙම වුණ නිසා වසර පුරාවටම මේක ආයේ ආයේ වේවිද ?
.............................................................................................................................
@බීටා = ආ මල්ලීයේ කාලෙකින් මේ පැත්තේ . අර රෝසපාට කෙලී සනීපෙන්ද මචෝ
.............................................................................................................................
@තීථ යාත්‍රිකයා = වට්ටුඩූ අයියා කරන්න දෙයක් නෑ ඇත්තෙම නෑ දෛවයේ සරදමක් මේක
.............................................................................................................................
@කතන්දර = කොහෙන් ගියත් අයියා මට කොම්පීතරේ සහය නම් නොඅඩුව ලැබෙනවා
.............................................................................................................................
@Anonymous =අඩේ දුකයි බං එදා ඉඳන් පිස්සු නටාපු එවුන්ව දාලා යන්ඩ
.............................................................................................................................
@kumaraya = අම්මපා උඹව කූඩුවේ දාලා නෑ මාව දැම්මා මම මේ කේස් එක ආයේ අදිනවා උඹව කොහොම හරි කූඩුවට දාලයි මම පස්ස බලන්නේ අරී :) අඩේ කින්ඩි එපා අපිට ගැවුවේ නෑ කවුරුවත් අපි චන්ඩි
.............................................................................................................................
@Dinesh= මම එක පාරක්වත් ගැහුවේ නම් නෑ ඒත් ගහන්න අත ඉස්සුවා අයියේ ඒ මදිද ?
.............................................................................................................................
@Anonymous = බුදු සරණයි මචෝ
.............................................................................................................................
@පිස්සා පලා මල්ල = හරී අපි තිත අයින් කරලා මදක් බීලා ආයේ තිත තියමු තිත් ඉතින් කොහොම තියාගන්න බැරිද ?
.............................................................................................................................
@Harshana = උඹ ඉතින් කමෙන්ට් නොදැම්මත් මම දන්නවා උඹ කියන දේ
.............................................................................................................................
@දඟ මල්ල = මාමන්ඩි තමා සිරා පොර එයා හිටියා නම් හතර දෙනාටම වනනවා
.............................................................................................................................
@ක්සැන්ඩර් = ඒක නම් ඇත්ත බං පොර කියලා හිතාන ඉන්න එකෙක් එක්ක ජීවත් වෙන්න ගියාම අපිත් ඉල්ලං කා ගන්නවා . ඒත් දුකයි බං උං දාලා යන්ඩ
.............................................................................................................................
@Shaggy = මට පොලිස් මාමා කෙනෙකුත් ඕක කිවා මචෝ

හිස් අහස said...

@ගැමියාගේ පත් ඉරුව = මිනිසාටයි හැම දේ වෙන්නේ නොසිතු දෙයක්මයි සිදු වෙන්නේ . ඔන්න ඔය සින්දුව මතකේ තියන නිසා මම මොන දේ වුණත් වැඩිය ගනං ගන්නෙ නෑ මචෝ
.............................................................................................................................
@ඕනෙයා = මම මහ උලු ගෙදර ලැග්ගත් උඹ ඕකම කියාවි !
.............................................................................................................................
@ItalyDilan = ඉතාලිය කියන්නේ ඉතින් වලි එහෙම නැති සාමෙට බර රටක් නේද අයියේ
.............................................................................................................................
@samadhi =මේව හොඳ පාඩම් අපිට
.............................................................................................................................
@චරිත් = ආයේ නොයන්ඩයි හිතං ඉන්නේ ගියොත් තලගොයි දඩයමෙත් යනවා අනිවා
.............................................................................................................................
@අපි වගේ = ඔයා නම් මේ පැත්තට අලුත් වගේ මොනා කලත් යාලු අපිට වෙන්ඩ තියන දේ වෙනවා ගේ ඇතුලේ හැංඟිලා උන්නත් මොනා හරි වෙනවා . ස්තූතියි යාළු
.............................................................................................................................
@සහෝධරයා = ජීවිතේ හැම තත්පරයක්ම අපිට අද්දැකීම් ගොන්නක් ලබා දෙනවා ඔය අතරේ අමතක නොවන අද්දැකීම් අපි මැරෙනකල්ම අපිත් එක්ක රැඳෙනවා මේකත් එහෙම එකක් සහෝ
.............................................................................................................................
@හිතුවක්කාරි = මගේ යාලුවත් හරිම හිතුවක්කාරයෙක් අයියෝ කොච්චර කීවත් කරන්නෙම මේ වගේ කඩප්පුලි වැඩ
.............................................................................................................................
@නිර්මාල් = මේ මාර වැඩ අතරින් පොඩිම පොඩි එකක් විතරයි නිර්මාල්

Anonymous said...

හත් දෙයියනේ! වෙන දේවල්! කොහොම උනත් සැලෙන්ඩ නරකයි. ආයේ මේ වගේ සිදුවීම් සඳරුට නොම වේවා!

අසරණයා said...

@සඳරු.මං ඒක ලිවුවා.දන්සලෙන් පොලිසියට කියල පොස්ට් එකේ..

සුදීක said...

හොඳට බ්ලොග් ලියන කෙනෙකුට උන නිසා අපිත් එක්ක අත්දැකීම් බෙදා ගත්තා. තමන්ගේ අදහස් ප්‍රකාශ කර ගන්න බැරි අය කොයි තරම් නම් ඉන්නවාද අපූරු අත්දැකීම් විඳපු. අපේ වාසනාවට මේක සඳරුට උනේ. ඒත් දුකයි අපිටත්.

The තරුවා said...

එක අතකින් ඉතින් අළුත් අවුරුද්ද පටන් ගන්න කොටම ආයිත් ඔය වගේ ගොන් වැඩ වලට හවුල් නොවෙන්න ඉගන ගත්ත හොද පාඩමක්...

සුදීක said...

හොඳට බ්ලොග් ලියන කෙනෙකුට උන නිසා අපිත් එක්ක අත්දැකීම් බෙදා ගත්තා. තමන්ගේ අදහස් ප්‍රකාශ කර ගන්න බැරි අය කොයි තරම් නම් ඉන්නවාද අපූරු අත්දැකීම් විඳපු. අපේ වාසනාවට මේක සඳරුට උනේ. ඒත් දුකයි අපිටත්.

සරත් ලංකාප්‍රිය said...

ඔයින් ගියා ඇති කොල්ලෝ.. හිරේ ඉන්නෙත් වැඩි හරියක්.. අහිංසකයෝ.. හොරු ෂපාන් එකේ ඉන්න කාලෙක ගැහුවත් නොවැදුන තාලෙට ඉන්නයි වෙලාතියෙන්නේ..

මාධව විදුරංග said...

ගණන් ගන්න එපා බං! දන්නවද! ඒකෙනුත් උඹට තව ජීවිත අත්දැකීමක් + උනානේ බං! අපිට පට්ට කතන්දරේකුත් අහන්න ලැබුනා! හැබැයි උඹ හිරේ ගියේ වැරැද්දක් නැතුව කියලා හිතෙද්දි දුකයි! වෙන මොනා කියන්නද! මේක කියවද්දි අපිත් හිරේ ඉන්නවා වගේ දැනුනා බං! මේන්න මේ ටික නිසා!

තරමක් මල බැඳුණු යකඩ කූරු අතරින් වදින සැර එළියට ඇස් දෙක පොඩ්ඩක් විතර හුරු වෙලා . නොකඩවාම ඇහෙන පණිවිඩ හුවමාරු යන්ත්‍රවලින් නැගෙන ගොරැහැඩි යාන්ත්‍රික හඬ දැන් කන් දෙකටත් තරමක් හුරුයි . මොහොතකට කලින් නහහය දිගේ ගමන් කරමින් මගේ බොකු බඩවැල් අඹරවලා දමාපු වමනේ ගන්ධස්සාරෙත් දැන් නාහෙට නොදැනෙන ගානයි. ඒත් එකම එක දෙයක් මට තාම නුහුරුයි . මම දැන් ලැගලා ඉන්න මේ බලු කූඩුව නම් මට පුරුදු නෑ ..

Chinthaka_tc said...

" තරමක් කලු වුණත් ඒ කෙල්ලෝ දෙන්නගේ අමුත්තක් තිබුණා. උන් දෙන්නා අපේ ගමේ කෙල්ලෝ දෙන්නෙක් නම් නෙවෙයි. ඒත් ඒ ඇඟටම ඇලිච්ච දියරෙද්දෙන් එළියට මතුවෙලා පේන සුන්දරත්වය මගේ නේත්‍රා යුගලයෙන් ඇතුළට රිංගලා මගේ හිත මොහොතකට ඔකඳ කළා .දිය බේරෙන්න කඩා දාපු තෙත කොණ්ඩයත් ඇල මායිමේ සැඩ හුළඟට යාන්තමට හෙලවෙනකොට ඒ දිහාවේ බලං හිටපු මගේ කුඩා බඩවැල් පවා ඇඹරිලා ගියා . "

hkiz...........

Anonymous said...

නරක එවුන් කොහෙද නැත්තේ. මම ජොබ් කරන තැන ඉන්නවා එකෙක්, ඌ තනිකර අම්පාරෙ නෙවෙයි. උගෙ මව්ගෙ ගම මෙහෙ. ( ජනපද ඉඩම් හම්බවෙලා එහේ ගිහින්) ඌට අපේ ලොක්කා බයයි. ලොක්කා දේශපා.. පන්දමෙක්. ඌ තමා මෙහෙට ගෙනාවෙ. ඒකා ලොක්කාව අල්ලෙ නටවනවා. මේ අවු.7 ටම දවස් 2යි වැඩ කරනවා දැක්කේ. වැඩ නොකරන ඌට ප්‍රමෝෂන්. අපට බැනුම්. දෙන්නා හෙනට පගා ගහනවා. කට්ටිය යදිනවා. ලොක්කට පල දෙනවා. ඒත් අරූට පල දෙන් නෑ. ඔය පැත්තෙන් රහස් බේත්, යන්තර මන්තර, වසී එහෙම කරගෙනද දන්නෑ.

Weni said...

ඔව්වා ඔහොම තමයි.. වැරදි කරන්නම ඕනි නෑ.. ඔය වගේ තැන් වලට යන්න මල්ලි, ත්‍රස්ථවාදී කලබල කාලෙ, මාව පොලිසි අරන් ගියේ.. මගේ පෙනුම දෙමල වගේ නිසා..කරුමෙට එදා අයිඩෙන්ටිය තිබ්බෙ නෑ ළඟ.. අඳුරන පොලිස් කෙනෙක් නිසා ගෙදර ආවා !

Anonymous said...

ගණන් ගන්න එපා මචන් ඔක්කොම වෙන්නේ මිනිස්සුන්ට. තමන් දන්නවනේ හරිද වැරදිද කියල. ඕකත් හොද අත්දැකීමක් නේ. Think Possitive ~ සධිෂ ~

ස්කූබි ඩූ. said...

අනිවා..පරිස්සමින් හිට මචො...කියන්න බෑ අපිට නැති කූඩු උබලට සෙට් වෙනකොට පස්ට දුකයි අවංකෙන්ම...

ප්‍රාර්ථනා තෙන්නකෝන් ( පොඩි එකී ) said...

දී නෑ ලඳුන් හට ඔච්චම් කරන්නට.
පිට බඹරුන්ට බැහැ මල් මී පුදන්නට.
තම වතු තියෙත් දී මල් ඵල නෙලන්නට.
ගියේ මොටද අනුන්ගේ වතු බලන්නට?

මිතුරු කමට සිය පන නල දෙවැනි වුණි.
වලියට ගියත් කොල්ලගේ ගුණ බොහෝ ඇති.
සඳරු සොයුර හට එක් රැය සෙවන දුනි.
බලු කුඩුවත් දැන් නම් පන්සලක් මෙනි.

නව වසරේ නව නව දේ සිදු වේවා!
නැවි නැවි නොවේ, කෙලින් කටට පන ඒවා!
Blog පිටු පුරා රසබර දේ හමු වේවා!
"හිස් අහසෙන්" අපේ හිස්කම දුරු වේවා!

Anonymous said...

ඔවා ගනන් ගන්න එපා සදරැ... බලු කුඩුවේ හිටියත් ඔය දන්නවනේ ඔයා නිවැරදි කාරයෙක් කියලා. ලිපිය කියවපු අපිත් ඒක දන්නවා.. එ නිසා ඔක ගැන හිතන්න එපා.. ඔක තමයි කියන්නේ කොච්චර බොක්කක් උනත් ඔය වගේ අයගෙන් ඇත් වෙලා ඉන්න මං කියන්නෑ මග අරින්න කියලා. මතක තියා ගන්න ඇත් වෙල ඉන්න...!

හිතහොඳ පිස්සා said...

අලුත් අවුරුද්ද අමුතු විදියට පටන් ගත්ත නිසා මේ අවුරුද්ද හොඳ වේවි සඳරු අයියට...

Chandi said...

සඳරු මල්ලිටත් වෙන වැඩ. මොනව උනත් අලුතින් ජීවිතේට අත්දැකීම් සම්භාරයක් එකතු උනා කියල හිත හදා ගන්න. ජයෙන් ජයම වේවා!

නචියා said...

මොනා කරන්නද බන්. උඹගෙ වැරැද්දක් නෑනෙ, අනික බන් පොලිසියෙ කූඩුව දන්නෙ නෑ උඹ වැරදි කාරයෙක් නෙවේ කියලා, වැරදි කරන්නම ඕනෙ නෑ කූඩුවට යන්න.....

මේ අවුරුද්ද උඹගෙ ජීවිතේ හොඳම අවුරුද්ද වෙයි...........

ජය...!!!

Anonymous said...

ඔව්වා ඔහොම තමා බං. ඇත්තටම උඹගේ ජීවිතේ හොඳම අවුරුද්ද මේක වෙයි බං...

Loku John said...

ඒඋනාට ඕවැයෙ ඉන්නෙ වැරදි කරන එවුවොම නෙමෙයි. සමහර වෙලාවට දඩුවම් ලැබෙන්නෙ වැරදි කරන කෙනාටම නෙමෙයි.

Anonymous said...

අහ්හ්.. අපොයි!!! ජනවාරි පළවෙනිදා ම වැඩ අල්ලලා තියෙන්නේ...

ඔහොම තමයි ජීවිතේ. අපි නොහිතන විදිහ ට ගලාගෙන යනවා. ඒ හැමදේ ම ජීවිතය ට හොඳ පාඩම්...

'මාළුවා නහින්නේ කට නිසා ලු' මේක කියෙව්ව ම මට මතක් වුණේ ඒක...

මොනවා වුණත්, මේ අලුත් අවුරුද්දේදී නම් කිසිම කඩප්පුලි වැඩකට සම්මාදම් වෙලා වරිගේ නහගන්නේ නැතෙයි කියලා හිතාගෙන බීමත් කමටයි දුම් වැටියටයි දෙකටම ආයුබෝවං කියලා ගත්තු අධිශ්ඨානය ඒ විදිහ ට ආරක්ෂා කරයි කරොත් හොඳයි. .....

දිනුක said...

යාළුවංගෙ ඔක්කොම හොඳයි ඔහොම වලි හොයාගෙන යන උංව තමයි මට දිරවන්නෙම නැත්තෙ.වලි ඉල්ලගෙන ඌ තනියම කන්නෙ නැතුව අනිත් උංවත් සෙට් කරගන්නවනෙ බෙදාගෙන කන්න.

මුතුපබලු said...

සඳරු අද තමයි ඔයාට COMMENT එකක් දාන්නේ ...ඔයාගේ බ්ලොග් එක හරිම අව්‍යාජ ගමේ සුවඳ හිත පුරා දැනෙන තැනක්..තව තවත් ලියන්න හැකිවේවා..ජනවාරි 1 වෙනිදාට එහෙම උනාට..මුළු වසරම ජයෙන් ජය වේ වා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන්නවා

Anonymous said...

අනේ මන්දා බන්!පිස්සු හැදිල ආයි හැදෙනවා.අල්ලල දාපන්.මාත් සතේක වැ‍රැද්දක් නැතුව වරු දෙකක් පොලිසියෙ ලැග්ග පොරක්

දුකා said...

අනේ මන්දා බන් . .

ක්ලබ් එකකට යන්න බෑ මන්ත්‍රී - ඇමති පුත්තු බීලා අනෙක් උන්ට ගහනවා . . .

පාරේ යන්නත් බෑ පොඩ්ඩක් හරි බලයක් තියෙන එකා අහිංසකයෙක්ට නෙලනවා . . .

ආන්ඩුවේ ඔෆිස් එකකට යන්න බෑ පියන්ගේ ඉඳන් ලොකු එකා වෙනකම් උන් අනෙක් උන්ව කන්න හදනවා .. .

කොටින්ම දුබලයෙක්ව බයිට් එකට ගන්න එක අපේ මිනිස්සුන්ගේ ප්‍රධානම විනෝධාංසේ වෙලා . .

ලංකාවේ සාමකාමී ජනතාවට මොන හෙනයක් වැදිලද මන්දා බන් ..

කොහොම නමුත් කට පරිස්සම් කර ගන්න බැරි බෝඩ යාලුවන්ගෙන් ඈත් වෙලා ඉන්න දැන් වත් හිතට ගනින් සඳරුවෝ . .

Udara S.C. Wilathgamuwa said...

ඇත්තටම හොඳයි.උඹ හිරේ ගිය එක නෙමෙයි.ලියලා තියෙන එක.

දුමී said...

අරුන් සෙට් එකට රිටර්න් එකක් දෙන්න තිබුනු චාන්ස් එකේ උඹ නැති කරගෙන කියලා හිතට තරහක් (උඹට ගහපු උන් ගැන ) ඇති උනත්, තුවාලේ වේදනාව දන්නෙ තුවාලේ තියෙන එකා නිසා ඔයින් ගියා මදැයි කියලා ලොකු හුස්මක් අරගෙන අර තරහව දියකරලා අරිනවා....!

අරුණ හෙට්ටිආරච්චි said...

පැයකට හරි කුඩුවේ ලැග්ග එකෙන් උඹේ තිබ්බ වස් දොස් ඔක්කොම ටික හේදිලා ගියා කියලා හිතා ගනින් සදරුවෝ. පරණ අවුරුද්දේ කරපු ඔක්කොම වැරදි වැඩ නවත්තලා මේ අලුත් අවුරුද්දේ උඹේ ආදර කෙල්ලවත් ගෙදරට කැන්දාගන ඇවිල්ලා ආතල් ලයිෆ් එකක් ගත කරන්න සෙට් වේවා කියලා මමත් උඹට සුභ පැතුවා එහෙනම්.

සාතන් said...

මේ පැත්තෙ එන්න බැරිවුන ටික දොහට මූ අල්ලල තියෙන අඩව්වක තරම.. ;)

පොඩි මෑන් said...

ඔය කූඩු හොද ඇක්ස්පීරියන්ස් බං... මමනං මහ උලු ගෙදරම දවස් 5ක් ඉදියා....

ලියන්න ඕනෙ වෙලාවක..

Anonymous said...

සෑහෙන කාලෙකට කලින් ඔයාගෙ blog එක දැක්කත් පිස්සු නටන පිස්සු කොල්ලෙක් ගෙ කතා කියලා ඔයාගෙ blog එක කියවන එක මං අත ඇරලා දාලයි තිබ්බෙ..ඒත්, පහුගිය ටිකේ අලුත් office එකේ වැඩි වැඩක් තිබ්බෙ නැ ති නිසා ආයෙම මුල ඉදන් ම හිස් අහස කියවන්න ගත්තා..එතකොටයි තේරුණේ ඔයා කොයි තරම් නිර්ව්යාැජව ඔයාගෙ හිත මුළු ලෝකෙටම දිග ඇරලා පෙන්නලාද කියලා...

හැමෝටම ඔයා වගේ තමන්ගෙ අවංක සිතුවිලි ඔය තරම් පැහැදිලිව කියන්න තරම් හයියක් නෑ මල්ලි..blog එකක් නොලිව්වට මං අවුරුදු 3ක් විතර තිස්සෙ blogs කියවනවා..ඉදහිට comments දැම්මත් ඒ දාන්නෙ ඇනෝ..ඒ කියවන සෑහෙන ගාණක් blogs අතර ඔයාගෙ blog එක විශේෂයි..

ඉතින්..ඔයාට ජය පතනවා...දිගටම ලියන්න..සුබ අනාගතයක්..

(සෑහෙන කාලෙකින් මොනාත් නොලිව්වෙ ඇයි..? අපි දවස ගානෙම මේ පැත්තෙ ඇවිත් බලනවා :) )

පිස්සා පලාමල්ල said...

සඳරුවො... 4 ක් කිව්වට 3 නේ දුන්නෙ මේ පාර

සංකල්ප said...

ගුටිකාපු උන්ව කූඩුවේ දාලා ගහපු එවුන්ව එලියට දාලා. කොහෙත් වෙන්නේ ඕකයි මල්ලි. අසරණයටමයි හැමෝම කෙලින්න එන්නේ !!!

dostharanona said...

malliya ube blog eka balanna kiyala mama mage podiekatath kiwwa uuta thama 13. hoda sinhala hithata ena adahas thawa kata hari dannenna liyana ekai dassakama. eeka ubalaga uparimai.dawasak niwadu daala ube blog eka kiyewwa.wiswasa karapan male mama dan sahenna wenaswuna hodata sinhalen igenagena dan ingirisiyen weda karanne.rassawe hatiyata. uba maawa mage lookayata adaladamma .hama deema liyapan male ubata jaya

Anonymous said...

ඔය බලු කූඩුවෙ ලැග්ගේ නැති ජිවිතයෙන් වැඩක් නැ.ඔවා හදලා තියෙන්නේ අපිට ඉන්ඩ තමයි.ජිවිතයේ තිබුනු අඩුවක් සර්‍මපුර්න උනා කියලා හිත හදා ගනින්

Post a Comment

තැන්කූ බං