20.2.12

පොලීසියෙන් වහං වෙච්චි හොර ගෙඩියෙක් කනප්පුවකින් ඇල්ලූ හැටි

පලමු කොටසට

ගෙවල් කිට්ටුව චූටික්කු අයියලෑගේ ගෙදර හොරකමක් වෙලා සති ගාණක් ගත වුණා . පොලීසියත් අපරාධ කරුවන් සුවඳින් අල්ලාගන්ට දක්‍ෂකම් පෑ පොලිස් බල්ලනුත් ඇවිදින් ගම මුනිං අතට පෙරළලා වැරදි කරුවන් හෙවුවත් අබමල් රේණුවක තරම්වත් හෝඩුවාවක් හොයාගන්ඩ බැරි වුණා .

මේ සිද්ධ වුණ හොරකම නිසා ගමේ උන්නු අපි පොලිස් බල්ලෙන්ව අපේ ඇස් වලින් දැකගත්තා. මීට ඉස්සර නම් පත්තර වල ටීවී එකේ ඉඳලා හිටලා මේ අති දක්‍ෂ පොලිස් බල්ලන්ව අපි දැකලා තිබුණත් හැබෑවටම උං දකින්න ලැබේවි කියලා මම වගේම මගේ ගමේ බොහොමයක් දෙනා හීනෙකින්වත් නොහිතන්න ඇති .

යකා කියන තරම් කළු නැතෙයිලු , බුරන බල්ලෝ හපන්නේ නැතෙයිලු ! ගමේ සිදුවුණු මේ හොරකම පොලිස් බල්ලන්ටත් අල්ලන්ඩ බැරි වුණාට පස්සේ ඔය අපේ ගමේ නිතර භාවිතා වුණ උපැහැරණ අතරට අළුත් උපහැරණයකුත් එකතු වුණා .

"
පොලිස් බල්ලන්ටත් වරදිනවා !”

 
ඔන්න ඕකයි අපේ ගමේ කට්ටිය අලුතෙන්ම හදාගත්තු උපැහැරනේ . ඇත්තටම එදා චූටික්කු අයියලාගේ ගෙවල් බින්ඳ හොරාගේ ඉව පාරේ ගියපු පොලිස් බල්ලෝ දෙදෙනා හොරා කියලා අල්ලගත්තේ ගමේ හිටපු බොහොම අහිංසක මිනිහෙක් වෙච්ච ගුණේ මාමව .

ගුණේ මාමා අහිංසකයා කියලා අද මම කට පුරෝලා කීවට . එදා නම් එහෙම කියන්න මගේ හිත වගේම දිවත් නම්මගන්න මට බැරි වුණා . මගේ හිතත් කීවේ "මේ පොලිස් බල්ලෝ ටක්කෙටම හරි ! මේ ගුණේ කාරයා තමයි හොර ගෙඩියා" කියලයි .

මම විතරක් නම් මදෑ ගමේ එවුං ගෙන් බාගයක්ම එදා ගුණේ මාමා දිහා බැලුවේ ගමේ ඉන්න තුච්චම කුපාඩියා දිහා බලන විදිහටයි .මම ඒ බව සිකුරටම දැනකියාගත්තේ ඔය සිදුවීම වෙච්ච සන්දියේ දවසක පාං භාගයක් ගේන්න කොනේ කඩේට ගිය මොහොතෙයි .

මම පාං භාගය ගෙදරින් අරගෙන ආපු ඉටි මල්ලක දාගෙන එතන තිබුණු බංකුව උඩ පොඩ්ඩක් වාඩි ගත්තේ ගෙදර ඉඳලා කඩේට ආපු ගමන් මහන්සියට හෙම නෙවි කඩේට හැන්දෑවට ගොඩ වෙන ගමේ මහදැන මුත්තෝ කට්ටිය කතාවෙන දේවල් උන්ගේ කටපල්ලෙන් අහං ඉඳලා පුරුද්දක් මට ඒ කාලේ ඉඳලාම පිහිටලා තිබුණු නිසයි .

"
ගුණෙයා තමයි ගේ බින්ඳ හොරා" .

ඉස්කෝලේ මුර කරන රතු මාමා එහෙම කියද්දී ගමේ උන් කීප දෙනෙක්ම ඒකට පෝර දාන්න එකතු වුණා. . . . !

"
මටත් එහෙම හිතෙනවා ඒකා කඩේටත් රුපියල් හාරසිය ගාණක් ණයයි ! මම ඕකට ණය ගෙවන්න කියලා පහුගිය ටිකේ පොඩ්ඩක් කෑගැහුවා. ඒක තමා එහෙනම් මිනිහා මේ සුද්දේ දීලා තියෙන්නේ.

කඩේ මුදලාලි මාමත් කතා කලේ වෙච්චි දේ නිකං බලා උන්නා වාගේ .ඔන්න ඔය අතරේ මගෙ ලොකු සීයා කඩේට ගොඩ වුණා .

"
දැන් උඹලට ගමේ එකාට වඩා පොලිස් බල්ලෙක් විශ්වාසයි නේ ?”
 
මයෙ ලොකු සීයා එහෙම අහගෙනම මුදලාලිගේ මේසේ උඩ තිබුණු බෝතල් අතරින් එකක් ඇරලා සීනි නාරං බිකි කීපයක් අරගෙන මගේ දෝතට දැම්මා.

"
උඹ ඔයික කාපං මම නංඟිට තව ටිකක් ගිහින් දෙන්නම්" එහෙම කියාපු ලොකු සීයා සීනි නාරං බිකි වලට සල්ලි ගෙවුවා .

"
නෑ නෑ තැපැල් මහත්තයෝ ! එක බල්ලෙක් නම් බැරියෑ බල්ලෝ දෙන්නම ඉව කරගෙන උගෙ ගෙදෙට්ටම ගියා නෙව ඉතින් කෝමද අපි කියන්නේ ඌ හොරෙක් නෙවිය කියලා ?

කඩේ මුදලාලි එහෙම කියද්දී මම ආයෙමත් ලොකු සීයගේ මූණ දිහා බැලුවා . මට දැන් මේක විවාද තරඟයකටත් වඩා අල්ලලා ගිහිල්ලා , "අනේ ලොකු සීයා දිනන්න ඕනෙ" මම එතකොට පොඩි එකා නිසා ඒ විදිහට හිතින් මිමිනුවා ! .

"
උඹලෑ ඇස් පොට්ටද ? එක බල්ලයි බං බොලවු ඉව කරගෙන ගියේ අනික් එකා ගියේ මුලිං යන එකාගේ පුක පස්සෙන්නේ උඹලට තේරෙන්නේ නැද්ද උං බල්ලෝ කියලා ?” 

ලොකු සීයා එහම කියද්දි තමයි මටත් එදා සිද්ධිය ආයෙමත් මතකෙට ආවේ . ඇත්තටම එක බල්ලයි තමයි ඉව පාරේ ගියේ අනික් බල්ලා කලේ නිකම් ඔහේ ඉදිරියෙන් යන බලු රාළගේ පිටුපසින් ඇවිදගෙන ගියපු එක විතරමයි ! ලොකු සීයා මේ බව කියාපු ගමන්ම කඩේ මෙච්චර වෙලා කියව කියව හිටි ජූරි සභිකයන්ගේ කටවල් වලට අගුල් වැටුණා .

ඔහොම සතියක් විතර ගත වුණා . පොලීසියත් මේ සිදුවීම ලේසියෙන් අතෑරලා දාන්න සූදානම් වුණේ නෑ . පොලීසියේ රාලහාමිලා ගමේ හැම ගෙයක් ගානෙම ගිහින් එක එක්කෙනාගෙන් ප්‍රශ්න කලා . ඉතින් ඔය කියන කාලේ මගේ ගම උන්නු මිනිස්සු තරමක් වෙනස් වුණා, එකාට එකෙක් නැති ගානට වැටුණා . කෙනෙකුගේ ගෙදරට පොලීස් රාළහාමි කෙනෙක් වතුර උගුරක් බොන්න ගියත් ගමේ උං ඒ ගෙදර එකාව සැක කලා .මේ සිදුවීම මුල් කරගෙන ගමේ තැන් තැන් වල ගෝරි කීපයකුත් ඒ දවස් වල ඇති වුණ හැටි මට තාම මතකයි .

හොර කම වෙන්න කලින් එකමුතුවට උන්නු මිනිස්සු හොරකමට පස්සේ වෙනස් වෙච්ච හැටි පුදුමෙනුත් පුදුමයි . චූටික්කු අයියාගේ ගේ බින්ඳ හොරා ගමේ මිනිසුන්ගේ එකමුතු කමත් හොරකම් කරං ගිහිං තිබුනු විත්තිය මට වැටහුනේ ගොඩක් පහුවුණාමයි .

එක දවසක් හැන්දෑවේ තුම්මං හන්දියේ ඉස්සර තිබුණු ලොකු සියඹලා ගහ යටට අමුත්තෙක් ආවා . සුදු පාට සරමක් ඇඳන් ඉණ වටේ රතු පටියක් ගැටගහගෙන උන්නු එයා . කට්ටඬියෙක් හෝ ගුරෙක් කියලා එක මම එක බැල්මකින්ම තේරුම්ගත්තා .

මගේ හිතිවිල්ල හරියටම හරි ඒ ඇවිදින් උන්නේ ගුරුන්නාන්සේ කෙනෙක් . ! මමත් හනි හනිකට ඇඟ වැහෙන්න ඇඳුමක් කැඩුමක් දාගෙන ඒ පැත්තට පැද්දුවේ පුදුම උනන්දුවකින් . මම යනවිටත් ගමේ අයගෙන් වැඩි දෙනෙක් හනි හනිකට තම තමන්ගේ වැඩ කටයුතු නතර කර දාලා එතනට එකතු වෙන හැටි මම දැක්කා . එතනට එකතු වුණ අයගෙන් වැඩි දෙනා මේ මගේ වයසේ කොල්ලෝ කුරුට්ටෝ කොල්ලෝ බවත් නොකියාම බෑ .

අද වගේ තමයි ඒ කාලෙත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් , අංගම් ඉස්මුදුනින්ම විශ්වාස කරන අය වගේම නොකරන අයත් හිටියා . ඒත් ඒ විශ්වාස නොකරන උදවිය උන්නෝ බොහෝම ටික දෙනෙක් විතරමයි

අපි සියඹලා ගහ යටට එකතු වෙනකොටම ගුරුන්නාන්සේ එයාගේ කටහඬ අවදි කලා . ගුරෙකුටම ඔබින ගොරහැඩි ඒත් හොඳ පැහැදිලි කටහඬකින් ගුරා මෙන්න මේ වගේ කතාවක් කීවා .

"
මාව මෙහෙට ගෙන්නුවේ . පල්ලමේ ගෙදර උදවිය . ඒ අයගේ ගෙදර කඩපු හොරුන්ව අල්ලගඩයි මම ආවේ .”
ගුරා එහෙම කියනකොට ගමේ උදවිය මූණෙන් මූණ බලාගත්තා . පල්ලමේ ගෙදර කීවේ මීට දින ගණනකට උඩදී හොරකමක් වෙච්ච අපේ චූටික්කු අයියලෑ ගෙදරට

පොලීසිය දවස් ගාණක් උත්සාහ කළත් හොරු කවුද කියලා අල්ලගන්න බැරි වුණ නිසා චූටික්කුලෑ ගෙදර උදවිය කෙම් පාරේ ගිහිං හොරු අල්ලන්ඩ හිතන්නැති ! . ගමේ උදවියගෙන් බොහෝ දෙනා මේ වැඩේ කෙළින්ම අනුමත කළා .

"
ඔය පොලීසියට කියන්න කලින් අඳුනක් බැළෙවුවා නම් ඉවරයිනේ !”

"
අංගමක් පිම්ඹානම් හොරා දුවගෙන එයි නාහෙන් කටින් ලේ දමාගෙනම ,”

"
දැන්නම් ඉතින් පමා වැඩියි සක්කරයටවත් ආයේ හොරාව අල්ලන්ඩ බෑ "
 
ඔන්න ඔය වගේ කතා බහ එදා අපේ ගමේ උදවිය එදා කතා වුණු හැටි මට අද වගේ මතකයි

එතනට එකතු වුණු ගමේ ගෑනු මිනිස්සුන් අහපු ප්‍රශ්න සේරෝටම කෙළින් උත්තර දීපු ගුරුන්නාන්සේ හොරකම වෙච්ච චූටික්කු අයියලෑ ගෙවල් පැත්තට යන්ඩද කොහෙද පල්ලම් බැස්සා . මමත් මගේ වයසේ කොල්ලෝ කුරුට්ටෝ කට්ටියත් හෙමිහිට ඒ පැත්තට ගෑටුවේ හවස පහට ටීවී එකේ යන කාටුන් එක බලන්ඩ නොහැකි වීම ගැන දෙගිඩියාවෙන් . ඒත් අදනම් මම මේ සිද්ධිය වෙච්ච ස්ථානයට ගිහින් මගේ ඇස් දෙකෙන්ම මේ සිද්ධිය බලාගන්න හැකි වීම ගැන අනේක වාරයක් සතුටු වෙනවා.

චූටික්කූ අයියලාගේ සාලේ මැද කකුල් තුනේ කනප්පුවක් හිටෝලා තිබුණා . ඒක මම ඔබ නිතර දකින ජාතියේ කනප්පුවක් නෙවෙයි .බොහෝම පැරණි මෝස්තරේක කනප්පුවක් . ඒ අසලම තෙල් පුරෝලා තිරයක් දාලා හදාපු පහනක් සහ මල් වර්ග කීපයක් සහිත මල් බුලත් තට්ටුවක් හදලා තිබුණා . දුම් ඇල්ලීම සඳහා ගිනියම් වෙච්ච පොල්කටු අඟුරු දාපු අඟුරු කබලකුත් ඒ ළඟම දිලිසි දිලිසි තිබුණා .

"
දැන් මෙතන ගමේ උදවිය හැමෝම වාගේ ඉන්නවා නේද ?”
 
ගුරුන්නාන්සේ ඉන වටේ තිබ්බ රතු පාට රෙදි කෑල්ල ආයෙමත් තදකරලා ගැටගහගන්න අතරේ එහෙම ඇහුවා .

"
හැමෝම නම් මෙතන නෑ . උදයපාල ඉස්කෝලෙ මහත්තයල නෑ , සරුවත් සිල්වා මල්ලිලා නෑ , රජේ රස්සා කරන ගොඩක් දෙනා මෙතන නෑ .” 

ගමේ කටකාරි වෙච්ච චිත්‍රා නැන්දා එහෙම උත්තර දුන්නා .

"
හා හා කමක් නෑ අහල පහළ ගොඩ දෙනෙක් මෙතන ඉන්නවා නේ ? දැන් මම මේ කනප්පුවට මතුරනවා . එතකොට කනප්පුවට යක්‍ෂයෙක් ආරූඪ වෙනවා . ඒ යකා අපිව හොරාව ටක්කෙටම පෙන්නා දේවි “
 
ගමේ හිටි වැඩිහිටි මාමලා දෙන්නෙකුට කතා කල ගුරා උන් දෙන්නට කනප්පුව දෙපසින් අල්ලගන්ඩ කීවා. ඊළඟට මල් බුලත් තට්ටුව පිළියෙල කරලා කනප්පුවට දුම් අල්ලන ගමන් තේරෙන නොතේරෙන භාෂාවෙන් ගුරා මන්ත්‍ර වගයක් ජප කරන්න වුණා . මොහොතක් ගියත් කනප්පුව හෙලවුනේවත් නෑ . වටේ පිටේ හිටි උදවිය කසුකුසුවක් පටන්ගත්තා .ඔය අතරේ කනප්පුව වටේ වටයක් දෙකක් කැරකැවිච්චි ගුරුන්නාන්සේ දකුණු පැත්තෙන් කනප්පුව අල්ලාගෙන සිටි පාල මාමා ගාවට ආවා .

"
මේ උන්නැහේ ඔය කනේ තියන බීඩි කොටේ විහික් කොරලා ඉන්නවද ?” 
 
ගුරුන්නාන්සේ ටිකක් තදින් එහෙම කියනකොට වටේ පිටේ හිටිය අපිටත් තැන නොතැන අමතක වෙලා බකස් ගාලා හිනා ගියා . ලැජ්ජාවෙන් වගේ කනේ තිබුණු බීඩි කොටේ අහකට විසි කොරපු පාල මාමා ආයෙත් කනප්පුව අල්ලගත්තා . ගුරා ආයෙමත් මන්ත්‍ර ජප කරන්න පටන්ගත්තා .

මොහොතකින් කනප්පුව හෙල වුණා . ඒ එක්කම ඒ කනප්පුව ගෙදර ඉස්සරහා දොරින් පිට වෙලා වත්තට බැස්සා . වත්තට බැහැපු කනප්පුව හෙමිහිට ගියේ කඩුල්ල ගාවට ගමේ එකක් හනි හනිකට කඩුල්ලේ තිබුණු උණ ලී ටික අහකට දමපු හැටියෙම කනප්පුව ඒ කඩුල්ලෙන් එළියට බැහැලා . ඇල පාරට හැරුණා .

කනප්පුව වරෙක වමට බර වුණා , වරෙක දකුණට බර වුණා . එහෙට මෙහෙට බර වෙවී කනප්පුව ඇල පාර දිගේ ගොඩක් දුර ගියා . ඔහොම පාර දිගේ ගිය කනප්පුව තුම්මං හන්දියටත් සේන්දු වුණා . තුම්මං හන්දියේ තත්පර කීපයක් නතර වෙලා උන්නු කනප්පුව ගං සභා පාරට හැරුණා . ඉතින් ඔන්න ඔය මොහොතේ තමයි අපේ කථාවේ අවසාන ජවනිකාව සිද්ධ වුණේ

කනප්පුව ගං සභා පාරෙන් හැරිලා ටිකක් දුර හෙමිහිට ඉදිරියට යන අතරේ . කනප්පුව පිටුපසින් අපේ ගමේ තිහක හතළික විතර කාණ්ඩයක් ගමන් කරමින් උන්නා . ඒත් ඔහොම ටික දුරක් යනකොට අපේ කාණ්ඩේ උන්නු ජයතිස්ස මාමා හෙමිහිට පාරෙන් එහාට මාරු වෙලා කැලෑව පැත්තට මාරුවක් දාන හැටි කවුරුන්හෝ කෙනෙකුගේ ඇහැට අහුවෙලා තිබුණා . ඇස් දෙකකට වැලි ගැහුවට ඇස් ගොඩකට වැලි ගහන එක ලේසි නෑ ! ඉතින් ජයතිස්ස මාමට ලේසියෙන් ලෙස්සලා යන්ඩ බැරි වුණා.

"
ජයතිස්සයියා . . !! උඹ කොයිබද ඔය කැලේ පද්දන්නේ ?”
 
එකෙක් එහෙම කෑගහද්දී මුලු කාණ්ඩෙම ගමන නවත්තලා ඒ දිහාවේ බැලුවා

"
.. . . . මම මෙ . . . මෙ. . . . මේ වැස්සි කැ . . ලේ පැනලා ඒකිව හොයාන එන්ඩ .. . කි . කි යලා
 
ඒ වෙවුලන කහඬත් බයෙන් මිරිකුණු මුහුණත් ජයතිස්ස මාමගේ හොර කමේ රහස එළිකලා .ගමේ ලොකු එවුන් කීප දෙනෙක් අඩියට දෙකට ජයතිස්ස මාමා ළඟට දුවද්දී ඌ කැලේ කඩාගෙන දුවන්න ගත්තා . ගමේ පිරිමි කීප දෙනෙකුත් ඒ පිටුපසින් එළෙවුවා .

"
ජනා වරෙං වරෙං

මමත් මගේ මිත්තරයට අඬගහන ගමන් කැලේ දිහාවට දුවන්න අඩිය ඉක්මන් කලා . ඒත් ඒ එක්කම කවුදෝ මගේ අතකින් තදින් අල්ලගත්තා . දෙවියනේ ඒ මගේ නැන්දා ! මට තිබුණු කුතුහලේට හදිසියට මට මගේ නැන්දා මේ පිරිස අතරේ ඉන්න විත්තිය යාන්තමටවත් සිහියට නැඟුණේ නෑ .

ඉතින් මම කපෝතියි !!

"
තෝ කොහේද දුවන්නෙ ? තෝ පල ගෙදර !

"චටස් පටස්" ගාලා කස පුපුරන හඬින් කෝටු පාරවල් දෙකක් මගේ තට්ටමට වැදුණා හතර විලි ලැජ්ජාවයි ! කොල්ලෝ සෙට් එක බකස් ගාලා හිනාවක් තිවුවා ! හොරෙක් කියලා ඔප්පු වෙච්ච ජයතිස්ස මාමට දැනුණ ලැජ්ජවම ඔන්න ඔහොම වෙනත් විදිහකින් මටත් ලැබුණා .

කනප්පුව තමන්ගේ රාජකාරිය තිතටම ඉටු කලා ! කනප්පුවට ආයෙමත් මන්ත්‍ර මතුරාපු ගුරුන්නාන්සේ කනප්පුව නතර කලා . ඉතින් පොලිස් බල්ලන්ගේ තියුණු ඉවට අහු නොවිච්චි හොර ගෙඩියෙක් හිත් පිත් නැති කනප්පුවක් අල්ලගත්තේ මෙන්න මේ විදිහටයි.

කනප්පුව හරි පාර දිගේ තමන්ගේ ගෙවල් දෙසට යනකොට තමන් සිකුරටම අහුවෙන බව දැනගත්ත ජයතිස්ස මාමා හෙමිහිට මාරු වෙලා ගමෙන් පැනලා යන්න උත්සහ කළත් එයා ගමේ එවුන්ගේ අතටම අහුවුණා . කනප්පුව නොනැවතී ඉදිරියටම ගියා නම් ඒ පාර කෙළවර තිබුණු ජයතිස්ස මාමලාගේ ගෙදරටම ගිහින් නවතින බව ගමෝ ගොඩ දෙනෙක් කීවා . ඒ විතරක් නෙවි කනප්පුව ගමනාන්තයටම ගියා නම් මමත් නොපෙනෙන බලවේග ගැන ඉහළින්ම විශ්වාස කරන්න පෙළඹෙන්න තිබ්බා .

කනප්පුවක් ඇවිද්ද බව කියාපු ගමන් සමහරවිට කෙනෙකුට ඒක වීශ්වාස කරන්න බොහොම අමාරු වේවි . මේ මොන කෝලමක්ද ? කියලා සමහරවිට හිනහා වේවි . ඇත්තටම මේ සිදුවීම ඇස් දෙකටම දැක්ක මමත් විශ්වාසයත් අවිශ්වාසයත් අතර හිර වෙලා . කොහොම වෙතත් මම මේ ගමේ ගත කරාපු අරුවුදු 23 කාලය ඇතුළේ විස්තර කරන්න බැරි අමුතු සිදුවීම් කිහිපයක් මම අත්විඳලා තියනවා . ඉතින් කනප්පුවක් කල මේ වික්‍රමය මම කවදාකවත් විකාරයක් විදියට සලකන්නේ නෑ .


පින්තූරේ නම් මගේ එකක් නෙවෙයි පින්තූරේ අයිති මෙතැනට 
http://my.opera.com/MYLANKA/albums/showpic.dml?album=6376481&picture=97202351

119 comments:

පූසා said...

උඹ දන්නවනේ ඉතිං මං ඕවා විස්වාස නොකරන විත්තිය. උඹ කතාවේ අවසානය වෙනකම් කියවන කෙනාගේ කුතුහලය රඳවගෙන තියෙන විදිහනම් අපූරුයි!

Miyuru said...

මට හරිම සන්තෝසයි මේ බ්ලොග් අවකාශෙ ඉන්න තවත් කෙනෙක් මේ වගේ දෙයක් ඇත්තටම දැකපු එක ගැන.... මොකද මාත් පුංචිකාලෙ මෙහෙම එකක් දැකලා තියෙනවා යාළුවෙකුගෙ ගෙදර ගිහින් ඉන්නකොට... එයාලගෙ ගේ තිබුනෙ බස් යන පාරක් අයිනෙ.... එකපාරටම පාරෙන් ලොකු සද්දයක් එනකොට අපි දුවගෙන ගිහින් බැලුවා.... බලනකොට මේ පින්තූරෙ තියෙනවා වගේම කළුපාට කනප්පුවක් යනවා පාරෙ.... පිටිපස්සෙන් කට්ටඬියෙක් මතුර මතුර කට්ටකුමච්චල් (හරිද මන්දා වචනෙ ) පුච්ච පුච්චා, දුම් ගහ ගහ යනවා.... මුළු ගමක් ඒ පස්සෙන් වැටිලා... අපිත් යන්න පාරට බහිනකොට යාළුවගෙ අම්ම බැනලා අපිව නවත්තගත්තා....

පස්සෙ ආරංචි වෙච්චි විදියට ඒ ගිහින් තියෙන්නෙත් හොරෙක්ව අල්ලන්න.... කනප්පුව ගිහින් නතරවෙලා ගෙයක් ගාව... ඒ ගෙදර කුලියට දීලා තිබ්බ ගෙදරක්.... ඒ වෙනකොට කුලී කාරයො ගේ අතහැරලා ගිහින්.... ඒ උනාට අයිතිකාරයා ඒ වෙලාවෙම ගේ ඇරලා හොඳට සෝදිසි කරලා බලනකොට හොර බඩු වලින් කිහිපයක් අහු මුළුවල ගහලා තිබිලා අහුවෙලා තියෙනවා.... ඊට පස්සෙ නම් මොනවා උනාද දන්නෙ නෑ...
ඒත් මේ වගේ දෙයක් මගේ ඇස් දෙකටම නොදැක තිබ්බ නම් මං උනත් මේ කතාව විශ්වාස කරන එකක් නෑ... ඒත් බොලේ මාත් ඇස් දෙකටම දැක්කනෙ....

දිනේෂ් තරංග said...

"..නියම කතාව සඳරු මලේ.... ඔක්කොටම වඩා නැන්දාට අහු වෙලා ගුටි කාපු එක තමා මරු ..." තෝ කොහෙද දුවන්නේ..? තෝ ගෙදර පල...! " මට තාම හිනාව නතර කරගන්න බෑ සහෝ... අද කතාව ටිකක් හදිස්සියෙන් ලියපු ගතියක් පේන්නේ... කොම්පීතරේ තාම අවුල් ඇති මයේ හිතේ...මම කියන්නද වැඩක්...මාමණ්ඩිට දඩයක් දාල අළුත් ලැපක් ගමුද...? හික් හික් ... කතාව හැමදාම වගේ මරු මගේ සහෝදරය....තව ලියපං...ජීවිතේ දැනුනු හැමදේම...දැනෙන්නේ නැති එවුන්ට දැනෙන්නත් එක්ක... බුදු සරණයි උඹට මලේ...."

පැන්ඩා said...

උඹලගෙ ගමේ නම් එන්නම ඕනි සඳරුවො..එත් කොහෙද දිගාමඩුල්ලෙ ඇත්තට දැන් අපිව මතක නැනෙ..
ඒක නෙවෙ ප්‍රෙමය එහෙම නැගල යනවැයි..අපිත් තව මාසකින් විතර බදුල්ලෙන් ආපහු යනව ගම් පලාතට..

Asanka Udayanga said...

ඔය කනප්පු ඇවිද්දවන එක අපේ ගම් පලාතෙත් කරලා තියන්වා ,මේ මෑතකත් කරාලා තියන්වා,මම නම් ඇස් දෙකෙන් දෙක්කේ නෑ මොකද මම කොළඹ ජීවත් වෙන නිසා,නමුත් එහි සත්ය තාවයක් තියෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ,අපේ පංච ඉන්ද්‍රින්ට සංවේදී නොවන අනන්ත වු රහස් අප අතරම පවතින්න පුලුවන්,අපට ගෝචර නොවු පමනින් ඒවා නොපවතී යෑයි කියන්න බෑ,අනික අවුරුදු දහස් ගනනක් මේ ගුරුකන් ශාෂ්ත්‍ර පෑවතුනේ මෙහි යම් සතය තාවයක් පවතින නිසා කියලයි මටනම් හිතෙන්නේ

සුමේද said...

මේ වගේ දෙවල් විශ්වාස නොකරන අයත් ඉන්නවා තමයි.නමුත් ඈත අතිතයෙ ඉදල මේ වගේ දෙවල් පෑවත එන්නේ යම් ඈත්තක් තියන නිසා කියලයි මට හිතෙන්නේ.හොද කතාවක්...

Gimhani said...

මේ කනප්පුවෙන් හොරු අල්ලන කතාව අහල තිබුනට ඈහින් දුටු සාක්ෂියක් මේ ඈහුවයි . හරි අපූරු විස්තරය .

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

එකල මෙවැනි සිදුවීම බහුලයි. මනෝ විද්‍යාවේදී "සයිකො ඩ්‍රාමා" ලෙස හැදින්වෙනවා. මේවායින් ලබාගත හැකි ප්‍රයෝජන බොහෝමයි. මම නම් හිතන්නේ අර කනප්පුව අල්ලන් ඉන්න අයට මේ මතුරනකොට යම් මානසික බලපෑමක් වෙනවා. ඒ නිසා එයාල කනප්පුවත් සමගම හෙමින් ඇවිදිනවා. එවිට කනප්පුව ඉදිරියට යනවා. මේ ගමන මුළු ගම පුරාවටම සිදු වෙනවා. හැම පාරකම. තමන්ගේ පාරට. එහෙමත් නැත්නම් තමන්ගේ ඉසව්වට මේක එනකොටම මේ ගැන ඇති අධික විශ්වාසය නිසා සොරාට ඉතා විශාල මානසික පීඩනයක් එල්ලවෙනවා. එතැනදි ඔහු කරන කියන දේවල් අනුව සිහියෙන් ඉන්න අයට හොරා අදුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. මේවැනි ක්‍රම ගැන පූර්ණ විශ්වාසය ඇති මිනිසුන්ට විනා දැන් ඉන්නා ජාත්‍යන්තර හොරුන්ට ඕක හරියන්නේ නැහැ. හැබැයි මේවා ඉතාමත් වටිනවා.

හරී said...

"කනප්පුව ගමනාන්තයටම ගියා නම් මමත් නොපෙනෙන බලවේග ගැන ඉහළින්ම විශ්වාස කරන්න පෙළඹෙන්න තිබ්බා . "

ගමනාන්තයට නොගියත් කනප්පුව යනවා කියන එකම පුදුමයක්නෙ...පණ නැති කනප්පුවක් කොහොමද ඇවිදින්නේ...

දැන් කනප්පුවෙන් හොරු අල්ලනවා කියන්නේ ඇත්තක් කියලා අපි වෙන අයට කිව්වට කමක් නැද්ද මචෝ..

පුබුදු said...

මරැ කනප්පුව.ජයතිස්ස මාමට මොකද උනේ ඊට පස්සෙ?

සරත් ලංකාප්‍රිය said...

අනේ මන්දා. එහෙනම් ඔය ඔක්කොම හොරකම් අල්ලන්න බැරිය කනප්පු වලට.. අර යකා බය නුනා නම් කවදාවත් අල්ලන්න වෙන්නේ නැහැ කියලයි මට හිතෙන්නේ. එහෙම නැත්නම් මේ වෙනකොට කවුරුහරි හොරාව දැනගෙන ඉඳලා තියෙනවා.

Dude said...

ඔය ජයතිස්ස වරද පිළිඅරන් පාපෝච්චාරනය කලාද හොරකම කල බවට? එතකොට කලින් චෝදනාවට අහුවුන අහිංසකයාට පොලිසියෙන් මොකද කලේ? ප්‍රශ්ණ ගොඩයි.

henryblogwalker the Dude

Unknown said...

Niyamai

සාතන් said...

ඔය අනිත් වැඩ ගැන මොකුත් කියන්න දන්නෙ ‍නැතුවට කනප්පු කේස් එක නම් බොරුව කියල දන්නව... ඕකෙදි කරන්නෙ මිනිස්සුන්ගෙ හිතේ තියෙන බයෙන් ප්‍රයෝජන ගන්න එක විතරයි... එදා ජයතිස්ස මාම කියන පුද්ගලය ඕක බලන්න ඇවිත් නො‍හිටියනම් හොරා අල්ලල ඉවරයි... :)

neel said...

..මමත්ඔය ගැන අහලනම් තියෙනවා මීට වසර ගණනකට කලින් එක් රූපවාහිණි නාලිකාවක ප්‍රවෘත්ති වලට පෙන්නුවා කනප්පුවක් ඇවිදවනවා..ඒත් මටනම් පෙනුනේ ඒක අතින් කරකවමින් මාරුවෙන් මාරුවට කකුල් බිමට වද්දමින් ගෙනියනවා වගෙයි...කොහොම වුනත් අපේ පැරනි අය අතර යන්ත්‍ර මන්ත්‍ර වැඩ වලට දක්ෂ අය සිටිය බවනම් පිළිගන්නවා

Unknown said...

අපේ පැත්තෙත් එක පාරක් මාලයක් නැතිවෙලා ඒ ගෙදරට කනප්පුවක් ගෙනෑල්ලා හොරා ඇල්ලුවා....වැඩේ කියන්නේ ඒ ඇන්ටිගේ නංගි...පස්සේ වැ‍රැද්ද පිලිගත්තා...උගස් කරපු මාලෙත් හොයාගත්තා...

රැඩිකල් කොල්ලා said...

ඔය කනප්පු කේස් එක මාත් දැකලා තියෙනො.. මං කිව්වනෙ ගමේම එකෙක් තමයි කියලා.. හැමදාම වගේ එල තමයි..

ඉන්ද්‍රජිත් said...

මරු

Buddhi said...

කනප්පු කතා අහලා තියෙනවා. මේකත් ඒ වගේ කතාවක්...

යක්ෂයෝ, දෙවියො, සහ ඔවුන් තුල ඇති මෙවැනි දේ කිරීමේ හැකියාවන් ගැන ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේගෙ "අපට නොපෙනෙන බලවේග(නම හරියටම මතක නෑ)" කියන පොතේ විස්තර කියලා තියෙනවා.

නැතත් බුදු වදන තුලත් මේ ගැන පැහැදිලිව තියෙනවනේ... හොයලා බැලුවොත් සඳරුගෙ ඔය විශ්වාසයත් අවිශ්වාසයත් අතර හිර වෙලා ඉන්න ගතිය නැති වෙලා යයි.
............

කතාවේ මං කැමති තැනක් ගැන කිව්වොත් අර කාටුන් බලන්න යන්ඩ බැරි වෙයි කියලා හිතන කොටසට මම කැමතියි. ඇත්තටම හිතලා බලද්දි දැං අපි තමා කාටුන් බලන්නෙ.. පොඩි උං පන්ති වලනෙ...

ලකී සිරි said...

මේවයෙ විද්‍යාත්මක පැත්ත මොනව වුනත්, ලැබෙන අවසාන ප්‍රතිපලය දිහා බැලුවම මිනිස්සු මේ වගේ ක්‍රම ගැන විශ්වාස කරන එක පුදුමයකුත් නෙවෙයි.
හැමදාමත් වගේම සුපිරියි සදරූ....ජය

Harshana said...

කතාව නම් එල සදරුවෝ .... !
කනප්පුව ගිය හැටි වෙලාවක උඹෙන් අහගන්නම්කො ....

Nishi said...

හැමදාම වගේ මල්ලිගෙ ලිවීමේ හැකියාව නන් සුපිරි ............ ජය වේවා මලයො !

Pisakkaatuwa said...

වෙනදා වගේම ලිවීම සුපිරි. සිද්ඩිය මැවිලා පේනවා. උඹ පවු බං. මොනාකරන්න ගියත් අන්තිමට උඹමනේ අමාරුවේ වැටෙන්නේ. කනප්පුව ගමන නතර කරන්න ඇත්තෙත් ෂුවර් එකටම උඹලගේ නැන්දට බයේ.

ගොඩයා said...

මම නම් ලෝකේ විශ්වාස කරන්න අමාරු ඒ වගේම තේරුම් ගන්න අමාරු දේවල් තියනවා කියලා පිළිගන්නවා. ඇත්ත නැත්ත කෙසේ වෙතත් එහෙම දේවල් මේ ලෝකේ තියනවා සඳරුවෝ....

Anonymous said...

කනප්පුවද ඇවිද්දෙ අල්ලං හිටිය අයද..? සුපිරි ලිවිල්ල..... ඕක ඉතින් අලුත් දෙයක් නෙමෙයිනෙ....හැමදාම සුපිරි පිරි ඉතිරි...

X-Porter

හරී said...

කනප්පුව ඉබේ යනවද? කවුරුහරි ඒක අල්ලන්ද යන්නෙ..

පන්සල් හංදිය said...

අනේ මන්දා, මම නං තාම ඔය වගේ සීන් එකක් දැකලා නැහැ, සමහර දේවල් අපි කැමති උනත් අකමැති උනත් පිලිගන්න වෙන වෙලාවල් තියනවා ........

මාතලන් said...

තෑන්ක්ස්... රසම රසයි.. හැබැයි පුතෝ ඕක පට්ට පල් බොරුවක්. මමත් දැක්කා දවසක්. ඔය ගුරා මුළු ගමටම කතාකරන්නේ, බොහෝ වෙලාවට ගම් වල හොරකම් කරන්නේ ගමේ එකෙක්මයි. කනප්පුව තනියෙන් යන්නේ නෑ. අල්ලන් ඉන්න එකා තමයි කනප්පුව ගෙනියන්නේ. ගුරා කරන්නේ ඌව මෝහනය කරනවා. එතකොට ඌ හොරා කියලා හිතන එකාගේ ගේ පැත්තට ඌ කනප්පුව පද්ද පද්ද ගෙනියනවා. අපේ ගමෙත් මරු වැඩක් උනා. පස්සේ වෙලාවක ලියන්නම්. ඕක මානසික ගේම් එකක්..

Anonymous said...

මොනවා උනත් මම මේ වගේ හොල්මන් කතා කියවන්ඩ නම් හරීම ආසයි....

Sumith Niriella said...

පූසයි සාතනුයි නියන එක තමා මාත් කියන්නෙ...(මලෙය තරහා නෑනෙ)
මේක ඇවිල්ලා "පුහුල් හොරා කරෙන් දැනේ" සීන් කෝන් එකම තමා
හොරාගෙන්ම තමයි ඉගිය හම්බවෙන්නෙ.
දුම් ගස්සන්නෙ කනප්පුවට නෙවෙයි,ඒක අල්ලගෙන ඉන්න මෝහනයට ලක්වුනු මිනිස්සු දෙන්නට...
මමත් ඇක්කා දවසක් කනප්පුවහන්සෙ රත්තපුරේ මහජන බැංකුවට වැඩම කරනවා...බැංකුවෙන් පොලීසියට කතාකළා, පොලීසියෙන් ඇවිත් ගුරාට දෙකක් ඇන්නම "හොරා චේන් එක බැංකුවේ තියන්න ඇති කියල හිතුව" කියලා ගුරා කිව්වා.
මිනිස්සු 500ක් විතර ඉස්සරහා ගුරා නිකන් පච වුනා.

Anonymous said...

MAMATH OHOMA EKAK DEKALA THIYENAWA, MATA PUDUMAI E GENA.....

අලුත් කොල්ලා | The New Guy said...

වෙද මහත්තයා කිව්ව ඒව බොහොම වැදගත්. මාත් අහල තියෙන්නෙ විද්‍යාත්මකව එච්චරම දියුණු නොවෙච්ච මිනිස්සුන්ගෙ බය හෝ මානසික ඇඟවුම් වලින් තමයි ඔය තොවිල් පේන කියන දේවල් සහ කනප්පු වගේ දේවල් සාර්ථක වෙන්නෙ කියලා. කමක් නෑ ඒක යකාට ගියාවෙකො.

කතාව නම් මරු සඳරුවෝ...

ලොකු පුතා said...

මමත් මේ වගේ දේවල් හිස් මුදුනින් පිළි නොගත්තත් ඒවායේ ඇත්ත නැත්ත හරියට දන්නේ නැති නිසා ඒවාට ගරහන්නේ නැහැ...
අපි නොදන්නා නිසා ඒ දේවල් බොරු කියන්නත් බැහැනේ
කොහොම නමුත් කනප්පුවක් නිසා නියම හොරාව අල්ල ගත්තු එකම මදෑ
හැමදාම වගේ කතාව ලස්සනට ලියල තියෙනවා

පොඩි කාලේ ඉඳලා නැන්දගෙන් ගුටි කාල තියෙන කෑමට උඹ තාමත් එයාට බයෙන් ඉන්න එක ගැනනම් කිසිම වැරද්දක් කියන්න බැහැ.... :))

දුකා said...

මේ කනප්පුව ඇවිදින සීන් එකක් බලන්න වීඩියෝ එකක් හොයා ගන්න නැද්ද බන්

මාධව විදුරංග said...

හොර කම වෙන්න කලින් එකමුතුවට උන්නු මිනිස්සු හොරකමට පස්සේ වෙනස් වෙච්ච හැටි පුදුමෙනුත් පුදුමයි . චූටික්කු අයියාගේ ගේ බින්ඳ හොරා ගමේ මිනිසුන්ගේ එකමුතු කමත් හොරකම් කරං ගිහිං තිබුනු විත්තිය මට වැටහුනේ ගොඩක් පහුවුණාමයි .

- මාර ටෝක් එක සදරු! ඒ වගේම කතාවත් මාරයි! වෙලාවට මෙතන මහ වෙදනා අයියා හිටියේ! නැත්තන් මගෙ ඔලුවෙ වැඩ කරපු ප්‍රශ්න වලට උත්තර නෑ!

“ කල මෙවැනි සිදුවීම බහුලයි. මනෝ විද්‍යාවේදී "සයිකො ඩ්‍රාමා" ලෙස හැදින්වෙනවා. මේවායින් ලබාගත හැකි ප්‍රයෝජන බොහෝමයි. මම නම් හිතන්නේ අර කනප්පුව අල්ලන් ඉන්න අයට මේ මතුරනකොට යම් මානසික බලපෑමක් වෙනවා. ඒ නිසා එයාල කනප්පුවත් සමගම හෙමින් ඇවිදිනවා. එවිට කනප්පුව ඉදිරියට යනවා. මේ ගමන මුළු ගම පුරාවටම සිදු වෙනවා. හැම පාරකම. තමන්ගේ පාරට. එහෙමත් නැත්නම් තමන්ගේ ඉසව්වට මේක එනකොටම මේ ගැන ඇති අධික විශ්වාසය නිසා සොරාට ඉතා විශාල මානසික පීඩනයක් එල්ලවෙනවා. එතැනදි ඔහු කරන කියන දේවල් අනුව සිහියෙන් ඉන්න අයට හොරා අදුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. මේවැනි ක්‍රම ගැන පූර්ණ විශ්වාසය ඇති මිනිසුන්ට විනා දැන් ඉන්නා ජාත්‍යන්තර හොරුන්ට ඕක හරියන්නේ නැහැ. හැබැයි මේවා ඉතාමත් වටිනවා. “

ස්තූතියි වෙද ගෙදර මහ වෙදනා අයියා ඔයා මේ ගැන පැහැදිලි කරලා දැම්මට! මට තිබ්බ ප්‍රශ්නෙ කනප්පුව ඇවිද්දේ කොහොමද කියලයි!

කස්ස said...

මමත් ඔය කනප්පු සීන් එක දැකල තියනව.හැබැයි ගොඩක් දෙනෙක් මේව විස්වාස කරන්නෙ නෑ දැන්.ඒක ඉතින් දකින්නම ඕනෙ.

Unknown said...

කනප්පුව ඇවිද්දෙ කොහොමද මල්ලි?? මිනිහෙක් ඇවිදිනවා වගේ ඇවිදින්නත් බෑ නෙ.කකුල් මාරු කර කර යන්න බෑ නෙ.දැන ගන්න ආස නිසයි අහන්නෙ.

මොනවා වුනත් අහිංසකයෙක් බේරුනානෙ ඒ මදෑ.

mekuwi said...

ඇත්තටම මන් ඔය කනප්පු කතාවක් ඇහාව්වමය් මල්ලි.. ඒ උනාට කියල තියෙන විදියට කතාව මැවිලා පේනවා , ඉතින් විස්වාස නොකර බෑ. අපි කොළඹ ආසන්නව හැදුන නිසා මේ වගේ දේවල වින්ද නොගත්තට මගේ තාත්ත නුවර පළාතේ, තාත්තගේ සීය ඉස්සර ඔය වැඩ දන්නවලු , තාත්ත ඉන්න කලේ නිතරම කිව්වා සීයට කරදර කරන්න එවපු පිල්ල්යක කථාවකුඉ කළු බල්ලෙක්ගෙ කථාවකුඉ , තාත්ත එක දැකල තිබ්බ..ඉතින් එක මාත් විස්වාස කළා..බොහොම ස්තුති මල්ලි මේ වගේ අත්දැකීමක් බෙදාගත්තට..

බට්ටා said...

ඇත්තට ම අද තමා කනප්පුවක් දැක්කෙ සඳරු අයියට පිං සිද්ධවෙන්න. කනප්පුව පාවිච්චි කරන්නේ මොකටෙයි සඳරු අයියේ? වෙද මහත්තයා නං අපූරු අදහසක් දීල තිබුනා සිද්ධිය ගැන. මං හිතන්නෙ ගොඩක් දුරට ඒක හරි වෙන්න ඕනෙ.

MUHUDU said...

මිනිස්සු කඩු ගිලින, ප්ලේන් අතුරු දහන් කරන ඇස් බැන්දුම් තියෙන ලෝකේ කනප්පුවක් අවිද්දයි කියන එක හිතා ගන්න අමාරු නෑ, හැබැයි අර පටන් ගන්න කලින් ගමේ හැමෝම මෙතන ඉන්නවද කියල අහපු ප්‍රශ්නෙයි, හොරා ඇල්ලීමයි අතර ලොකු සම්බන්ද කමක් තියෙනව කියල මට හිතෙනව.

Weni said...

කතාව ලිවිල්ල නම් වෙනදා වගේම සුපිරි..හෆොයි නැන්දාගෙ කෝටු පාර ගැන නම් දුකයි.. වෙදනගේ පැහැදිලි කිරීම ට එකඟයි ..ඔය සිද්ධියෙදි ඒක තමයි වෙන්නෙ..ඩිජිටල් කැමරා ආපුම කාලෙ මන් ගත්තා එකක්..යම් තැනකදි ඒක ඉස්සුවා..මන් පොලිසි යනවා කිව්වා..හම්බ වුනේ නෑ..මන් ප්‍රචාරයක් යැව්වා අපේ මාමා මාතර ගත්ත එකා විතරක් නෙවෙයි මුළු පවුලටම පල දෙන විදියට කරනවා හොඳ වැඩක් කියලා..අපි ගත්තයි කියලා වැඩියෙන්ම සැක කරපු එකාගෙ නෝනට පොඩි ඇබැද්දියක් වුනා ඔය අතරෙදි, සති 3කට පස්සෙ මෙන්න කැමරාව හම්බ වුනා පරන ෆයිල් ගොඩක් අස්සෙ තිබිලා.. එතන ඉස්සෙල්ලා බැලුවා..තිබුනෙ නෑ

Dinesh said...

මමත් මෙහෙම දෙයක් ඇත්තටම දැකලා නෑ.. ඒ නිසාම මේ වගේ දේවල් ගැන ලොකු විස්වාසයක් නෑ.. ඒත් මේ වගේම කනප්පුවේ කතාවක් මම නිවුස් වලටත් දැක්කා කාලෙකට ඉස්සර.. මෙතන ඉතින් ගෙදරටට් කනප්පුව යන්න කලින්ම හොරා මගදි අහු වෙලා..

Anonymous said...

ඇවිදින කනප්පුව මම අල්ලගෙන ගිහින් තියනවා වැඩේ ඇත්ත. බඩු බනිස්, හොරා මාට්ටු, ( බලවේගේ මොකක්ද දන්නේ නෑ) prasanna

දිනුක said...

මේ මචං ඕක ග්‍රීස් යක්කු අල්ලන්න පාවිච්චි කරන්න බැරිද? අපේ පැත්තෙ තවම එකෙක් ඉන්නවා.

කිරිපුතා said...

මේවගේ සිද්දි වෙලා තියෙනවා කියල ආච්චිලාගෙන් සීයලාගෙන් අහල තිබුනට ඇහැටම දැකපු එකෙක් කියපු කතාවක් කියෙව්වෙ අද. ඒක හින්ද මේ ගැන අවිශ්වාසයක් හිතේ තිබ්බනම් ඒක ටිකක් අඩු කරගන්න වෙනවා. ස්තූතියි මචං.

පරිකල්පන said...

"බළල මැටියෙන් උනත් කමක් නෑ මීයො අල්ලනවනං" කියල කතාවක් තියෙනවනෙ. කනප්පුවෙන් හරි කමක් නෑ ඇත්තටම හොරකම කරපු මනුස්සය අහුඋනානං.

Anonymous said...

අපේ සමජයේ සෝපාහාසයෙන් බැහර කරන මෙවන් සිදුවිම්("සයිකො ඩ්‍රාමා")දියුණු රටවල පරීක්ෂණ මට්ටමේ පවතින අතර එම සිද්ධාන්තයන් විද්‍යාත්මකව විග්‍රහ කරමින් පවතී. කුතුහලය දනවලා අපේ දේවල වටිනාකම අපට මතක් කර දෙන ඔබට තුති සදරූ!

-අම්බි

සුදීක said...

අපේ ගමෙත් මේ වගේ කනප්පුවක් ගෙනියන ආරංචියක් ඇවිත් මම යන්න හැදුවට යන්න දුන්නේ නෑ. ගෙවල් ලඟට ආවම බලා ගන්න කිව්වා. මමත් පාර අයිනට වෙලා දාඩිය පොල්ලක් දාගෙන බලං හිටියා.ආවේ නෑ. අන්තිමට මට තේරුණේ අපේ අම්මලා මාව අන්දලා කියලා. මම හිතාගෙන හිටියේ පෙරහැරක් වගේ එකක් කියලා. අපේ ගෙවල් ලඟටත් එයි කියලා. ඒකෙත් හොරා අහු වුනාද කියලා හරියටම දන්නෑ. අව්වේ ඉඳල ඇති වෙච්ච පාරට මම ඊට එහා හොයන්න ගියේ නෑ.

නන්ඳු said...

දැකලා නැතිවුණත් මං පුංචි කාලෙ ගෙදර අය මේ ගැන නිතරම කියනවා අහලා තියෙනවා.. කාටවත් හොයාගන්න බැරිවුණ මිනීමැරුමක මිනියත් කල කෙනත් කනප්පුවෙන් හොයාගෙන තිබුණලු..

ItalyDilan said...

මමත් ඔය කනප්පු ඇවිදින එක දැකලා නෑ,ඒත් යම්කිසි ඇසට නොපෙනෙන බලවේග මේ ලෝකේ තියනවා කියන එක මම නම් විශ්වාස කරනවා,හැබැයි මේ කනප්පුවේ නම් වෙලා තියෙන්නේ පුහුල් හොරා කරෙන් දැනේ වගේ වැඩක්...

Anonymous said...

ඉක්මනටම මේ කොටසත් දැම්ම එක නම් මරු.....

අහින්සක.

සෙන්නා said...

මම්ත් ඔය ගැන අහලා තිබුනට දැකලනම් නැහැ.. හැබැයි දැන් මෙතනම ඇසින් දුටු සාක්ශිකාරයො දෙන්නෙක්ම ඉන්නවා.. ඉතින් බොරු කියලා හිතන්ඩ බෑ...

මචන්.. කනප්පුව තනියමම ඇවිදිනවද නැත්නම් කව්රු හරි අතින් අල්ලන් යනවද.. ?

පොටෝ කෑල්ලක් එහෙම නැතුව ඇති නේද ..?

අපේ ඉපැරණි ක්‍රම මාරයි නේද ? ඕවයේ ක්‍රියාත්මක වෙන බලවේග ඔප්පු කරන්ඩ මේ නවීන විද්‍යාවට තව සෑහෙන්ඩ දගලන්ඩ වෙයි වගේ..

saumiya said...

ඉතින් හොරකම් කරපු බඩු හම්බ උනේ නැද්ද?

duliponline said...

අඩේ . . පුලුවංනං හොයාන දාපංකො මචෝ කනප්පුවක් ඇවිද්දෝන වීඩියෝ එකක් . . .

ක්සැන්ඩරයා said...

මහා වෙදනායි බුද්ධියි කිව්ව කතා දෙකට එකඟයි. අපිට නොපෙනෙන බලවේග ගැන මම විශ්වාස කරනවා. විද්‍යාවට ඒ දේවල් ඔප්පු කරන්න පුළුවන් සීමාවල් තියනවා. ඒ කොහොම වෙතත් ලියවිල්ල නම් සුපිරියි. මම මේ පොස්ට් එක එනකම් බලාගන හිටියේ කනප්පු සීන් එක අහගන්න,

Anonymous said...

mama nam oka aththa kiyala dannawa.mokada oya wage wadak ape gameth una.

රන් සමනළියක් said...

ගොඩක් ඔය වගේ දේවල් විශ්වාස නොකරනවා...මම නම් කනප්පු ඇවිදිනවා දැකලා නම් නැ..එත් භුත ආත්ම මිනිස්සුන්ගේ ඇගට ඇතුල් වෙලා කතා කරනවා නම් මම දැකලා තියෙනවා.

Ru_Sirini said...

මේ වගේ කනප්පු සීන් එකක් නම් මාත් ටීවී එකේ දැකලා තියනවා..කොහොම වුනත් මේ වගේ හොරකමක් නිසා ගමේ අයගෙ එකමුතුව නැතිවෙලා ගිය එක නම් අපරාදෙ...

විමුක්ති said...

වැඩේ දැකල නැතිඋනාට මමත් ගොඩක්ඔයගැන අහල තියේ..හැබැයි දැන්නම් ඔයදේවල් අඩුයිනේද?

Anonymous said...

අනේ අප්පේ ඒ කාලේ ඉඳලාම මලයා හොඳ රිපෝටර් කෙනෙක්නේ. එසැනින් පුවත් වාර්තාකරණය ගිය මල්ලි වගේ මාද්දිය වේදියෙකුට (නැන්දාගේ) පහර දීම හෙලා දකිමු!

රයිටර් said...

අඩේ... මාරයිනේ සඳරු අයියේ. ෂික් කනපුවක් ඇවිදිනවා බලන්න නෑනේ.

Anonymous said...

මෙතන කොමෙන්ට් කොටන අයියලා කියන විද්‍යාවට පැහැදිලි කොරන්ට බැරි බලවේග. හොහ් හොහ් මට අහවල් තැනිනුත් හිනා යනවා බොලන්.
සඳරු කොලුවගේ කතාව කියෙව්වනකම් ඒකේ තියෙන අපූර්වත්වය විඳපල්ලා විද්‍යාවට තහවුරු කරන්න බැරි අහවල් බලවේග ගැන නොදන්න රෙද්දවල් කතා නොකර.
ඒ ගමන්ම නිකාඉන්න ඇහිල්ලක ඔය බොලා කියන අහවල් බලවේග ගැන ලියවෙච්ච පොත් පත් ටිකක් හොයාන කියවපල්ලා. කරුමේ කියන්නේ බොලව් ඒවා බොහොමයක් තියෙන්නේ ඉංගිරිස් වලින් නොවැ. හෙලයෙන් ලියවෙච්ච දෙක තුනකුත් තියනවා ඕං.

සිත් අහස said...

මරු සඳරු.. මටත් මාර ආසයි ඔය වගේ දෙයක් බලාගන්න. අහලා තිබුනට කවදාවත් දැකලා නෑනේ.. :(

Anonymous said...

ඕං මලේ මට ආව ප්රස්නෙ තමා ඔය් කනප්පු වලින් අල්ලන්ඩ හැකි ගමේ අහල පහල පයින් ගාටන හොරු විතරද? කියන එක.
වාහන වලින් ඇවිත් ගේම දෙන එවුන් අල්ලන්ඩ පස්සෙන් ගියොතින් ඇවිදලා ඇවිදලා කනප්පුවාගේ පු....ක දක්වාම ගෙවෙන්ඩ බැරි නැත (හික් හික්)
ගෙර හොඩියට ඊට පස්සෙ මක් උනාද?
.....සුද්දා

හසී said...

ම්ම්ම්ම්.... විස්වාසයත් අවිස්වාසයත් අතර මැද මම ඉන්නේ ඔය දේවල් ගැනනම්... කොහොම උනත් සඳරු නැන්දාගෙන් ගුටි කාපු එකනම් පව්....

Unknown said...

අනේ සදරුවෝ... මම ඔය කනප්පු කතාව නමි එචිචර විශ්වාස කොරන්නේනමි නැහැ. මොකද මයේ හිතේ ඔවා ගැන එචිචර විශ්වාසයක් නැති නිසා. අනිත් එක නමි උඹෙි කතාවනමි පටිට වටීනවා...!!!

ජයවෙිවා මචෝ...!!!

Bindi said...

ඇත්තටම කනප්පුව ඇවිදන් ගියාද . විශ්වාස කරන්නද එපාද ..මොනවා වුනත් මලය පන පිහිටුවල කියද්දී ඔන්න ඔහේ ඇත්ත වෙන්න ඇති

දුමී said...

උඹ නම් අති දක්ෂ කතා කාරයෙක්. මැවිලා පේන්න දෙනවා නියමෙට.

ඕවායේ මොකක් හරි ඇත්තක් නැති වෙන්න බෑ....!

මෙන්න තියෙනවා දෙනියාය පැත්තේ කනප්පුවක් ඇවිද්ද හැටි...

http://www.youtube.com/watch?v=ZbY7w6ruyFk

Nishan de siva said...

කනප්පු කතාව නම් ඔය අල්ලන යන ගුරාගේ අතේ දස්සකමක්ලුනේ.ඒක අරණ යද්දී හොරා බය වුන හින්දා තමා පොර මාට්ටු වුනේ

අසරණයා said...

මමත් දැකල තියෙනවා කනප්පුව ඇවිදිනවා.අපේ ගමේ වතුර මෝටරයක් නැති වෙලා.ඒ හොරා ගියපු හැම තැනකම කනප්පුව ගිහෙල්ල හොරාගේ ගෙදර ළිඳ ළඟ නවතුවේ.වතුර මොටරේ ලිඳට හයිකරලා.

හිස් අහස said...

@පූසා =පූස් උඹේ ජීවිතෙත් මේ පලාතේ මාස හයක් හතක් ගෙවුනා නම් උඹත් සමහර විට අද මගෙත් එක්ක මේ කතාවලට හූමිටි තියාවි ..
.............................................................................................................................
@Miyuru = මටත් ඒක මාර සතුටක් මම හිතාන උන්නේ කනප්පු සීන් එකත් එක්ක මම අන්තර්ජාලේ තනිවෙලා කියලා දැන් මේබව දැකපු තවත් කෙනෙක් ඉන්න නිසා මට තනියක් නෑ කියලා දැනෙනවා . ඔයා මොකද කියන්නේ ඒ කතාව විස්වාස කරනවාද ?
.............................................................................................................................
@දිනේෂ් තරංග = ටිකක් නෙවේ ගොඩක් හදිසියෙන් ලියාපු කතාවක් මේක මචෝ මගේ පරිගණකේ රත් වෙනකොට ලෙඩ දෙනවා ඉතින් හනි හනිකට මම ලියනවා . ලැප් එකක් අපි ලබන ආත්මේ පඩියෙන් ගන්ටයි බං හිතාන ඉන්නේ .:) මාමන්ඩිය මට දෙයි ඉඳා ලැප් ගනිං කියලා මනී හිකි හිකි
.............................................................................................................................
@පැන්ඩා = බදුල්ලේ ආපු එකේ ආපහු මම ඉන්න පලාතටත් එනඩ තිබුනා නෙව ගාටලා යන්ට . ආයේ ඇස්වාක් කටවාක් නෑ අයියා ලවු එක නම් නැග නැග යනවා .. උඹලෑ ආසිරිවාදේ තමා ඕං
.............................................................................................................................
@අසංක = ඒ කතාවත් ඇත්ත වෙන්න ඕනෙ මොකෝ කීවොත් මගේ මුත්තා කල වැඩ වල හැටියට මේවා වැඩ නෙවේ කියලයි අපේ සීයා එහම කියන්නේ . අනේ මමත් මේ කනප්පු සීන් එක ගැන නම් දෙගිඩියාවෙන් ඉන්නේ බං මේ ගැන තිබ්බ විස්වාසේ පෝස්ට් එක දැම්ම ගමන් අඩු වෙලා ගියා .
.............................................................................................................................
@සුමේධ = ඉස්සර කාලේ උන්න මිනිස්සු මේවා පටන්ගත්තේ මේවා හොයාගත්තේ මේවා භාවිත කලේ බොහොම විස්වාසෙන් ඒ වගේම ඒ වටිනා සාස්තරේ දැන් තරමක් අඩු වෙලා ගිහින් දැන් ඒවා බොහොමයක් නිකං මැජික් බවට පත් වෙලා ඉවරයි . ඒත් තවම මේවගේ දේවල් වලින් එකක්වත් ඇත්ත වෙන්න බැරිද ?
.............................................................................................................................
@Gimhani= ඔන්න ඇසින් දුටුවෙක් ඉන්නවා උඩ කමෙන්ට් එකක් දාලා Miyuru තමා ඒ අනික් ඇසින් දුටු කෙනා
.............................................................................................................................
@වෙද ගෙදර මහ වෙදනා = වෙද මාමා ගැන හිතද්දී මට අපේ අප්පචිව මතක් වෙනවා . ඔයා හරි වෙන්න ගොඩාක් ඉඩ තියනවා . කොවූර් ගේ පොත් කියවද්දී මහේ හිතත් සලිත වෙලා ගියා මගේ ඇස් පනාපිටම වෙච්ච සමහරක් දේ මගේ මනසේ ඇඳුනු මායාවන්ද කියලා මට හිතුනා . මේ පෝස්ට් එක දාන්න කලියෙන් මම හිටියේ දෙගිඩියාවකමත් නෙවෙයි . මම විස්වාස කලා මේ කනප්පු සිද්දිය සහමුලින්ම ඇත්ත කියලා ඒත් ඔයාගේ කමෙන්ට් එක මගේ විස්වාසේ අඩු කලා . ඕනෙම දෙයක් ගැන අන්ධ විස්වාසය තබා ගැනීම වැරදී තමා වෙද මාමේ . ඔයා හරි නියම පැහැදිලි කිරීමක් වෙද මාමේ !...
.............................................................................................................................
@හරී = කනප්පුව තනියම ඇවිද්දේ නෑ . අර මාමලා දෙන්නා කනප්පුවට යන්තම් දෑත තියාන උන්නා . කනප්පුව වැනි වැනී කැරකී කැරකී ගම පුරා ඇවිද්දා . කමක් නෑ මචෝ ඕනෙ කෙනෙක්ට කියාපං මම තව සාක්කි හමුවූ ගමන් බ්ලොගේ දාන්නම් ඒවා
.............................................................................................................................
@පුබුදු = බුවා කාලයක් හිරෙන් නිදහස් වෙලා ඇවිත් උන්නා ගමට උඹලට කියන්න ඩයල් එක තවම ඉන්නවා අපේ ගමේ ඊයේ පෙරේදා මට බස් එකේදිත් හමු වුණා .

හිස් අහස said...

@සරත් ලංකාප්‍රිය = අනේ මන්දා මචෝ ඒත් හොරා ගාවටම ගිහින් හොරාගේ දෙපයය ගාව නතර වෙච්ච කනප්පු පවා තිබිලා තියනවා කියලා මම අහලා තියනවා
.............................................................................................................................
@Dude =ජයේ චෝදනාව පිලිගන්ට ඇති අර ගුණේ මාමා නම් උදේ පොලීසි ගෙනිහිං අනික් පහුදා ආපහු ගෙනද්දාලා තිබුනා . ගුනේ හිරේ ඉඳලා ආයේ ගමේ ආවේ ලැජ්ජාවක් නෑ ඌට
.............................................................................................................................
@saman priyantha = තෑන්ක්ස් වේවා !!
.............................................................................................................................
@සාතන් = අන්න ඒකයි මමත් අද දෙපැත්තට වැනෙන්නේ ඒත් මචං මම අහලා තියනවා හරි ඉල්ලකෙටම ගිය කනප්පු ගැන හොරාව බෙල්ලෙන්ම අල්ලා දීපු කනප්පු ගැනත් .
.............................................................................................................................
@neel = ඇත්ත බලා ඉන්න කෙනෙකුට කෙලින්ම පේන්නේ කරකවමින් ගෙනියනවා වාගේ තමා අපි පොඩ්ඩක් කනප්පුව ගාවට ගිහින් ඒක කරකවන්න ට්‍රයි කලා නම් අපිට බඩත් යනවා බං ඒ තරම් අමාරුයි ඒවා කරකන්න
.............................................................................................................................
@රැඩිකල් කොල්ලා = අන්න ඉතින් අපිටම කැපෙන රැඩිකල් බුවෙක් .. තෑන්ක්ස් මචං !!
.............................................................................................................................
@ඉන්ද්‍රජිත් = එල කිරි ඉන්ද්‍රේ !!!
.............................................................................................................................
@බුද්ධි= මම ඔයා කියන පොත හොයාගන්න ට්‍රයි එකක් දෙන්න ඕනෙ . අනික මගේ සීයා ඔය දේවල් තරයේ විස්වාස කරන කෙනෙක්.එයා නිසා මම කවදාකවත් මේ දේවල් බැහැර කරන එකක් නෑ . කාටුන් ගැන කියනවා නම් කලුසුදු ටීවී එකකින් කාටුන් බලලා කාටුන් පිස්සෙක් වෙච්ච එකක් බං මම .
.............................................................................................................................
@ලකී සිරි = කතාව ඇත්ත අවිස්වාසයෙන් බැහැර කරන්න පුලුවන් දේවල් මමත් කෙලින්ම පෙන්නා දීලා තියනවා සමහර දේවල් මම අදහලා තියනවා කනප්පු සීන් එක ගැන මම දෙගිඩියාවෙන් . ස්තූතියි අයියා ‍‍
.............................................................................................................................
@Harshana = ඕසෙට්‍රේලියාව සිහියට ගනිං මචෝ .. හිකි හිකි
.............................................................................................................................
@Nishi = තෑන්කුයි අයියා සප් එක දුන්නාට
.............................................................................................................................
Pisakkaatuwa = සමහරවිට කතාව ඇත්ත වෙන්නැති කනප්පුවේ බූතයා නැන්දා දැකලා බය වෙලා දිවුවද දන්නේ නෑ . අපේ නැන්දා එහම කෙනෙක් .
.............................................................................................................................
@ගොඩයා = කතාව ඇත්ත බං මේ ලෝකේ අපි තවම දැනගෙන තියෙන්නේ වැලි ඇටයක් තරම් කුඩා දේවල් ටිකක් විතරයි .
.............................................................................................................................
@X-Porter= කෙනෙකුට එහෙම තර්ක කරන්නත් පුලුවන් . ඒත් කනප්පුව ඇඟිලි වලින් ස්පර්ශ කරන් උන්නා විතරයි ග්‍රහණය කරං උන්නේ නෑ කියලා ටක්කෙටම කිව හැකි
.............................................................................................................................
@හරී = අල්ලං උන්නේ බං දෙන්නෙක් යාන්තමට

හිස් අහස said...

@පංසල් හන්දිය = අයියා මම කීවටම පිලිගන්ට එපා අයියා දවසක උඹගේ ඇස් දෙකෙන් මේවගේ දෙයක් දැක්කොත් උඹ හිතේ තිබුනු දාහක් නියමයන් විහික් කොල්ලා දාලා ඇහින් දුටු දේ පිලිගනීවි .
.............................................................................................................................
@මාතලන් =ඔයාගේ ඒ කතාව අනිවා ලියැවෙන්ඩ ඕනෙ . මාතලන් අයියා .අනිවා ලියැවෙන්ඩ ඕනෙ අනේ මට උඹලා ඉස්සරහා කනප්පුවක් යවලා පෙන්නඩ නෑනේ . ඉඳහල්ලා මම පුලුවන් වුණොත් මේ ගුරුන්නාන්සේ හියාන ගිහිං මේක වීඩියෝ කරගෙන සාක්කි 100ක් අරං ආයේ ලිපියක් දානවා .. මමත් මේක විස්වාස කරන්න 100% කැමති නෑ බං මොකෝ කීවොත් එදා මේ සිද්දිය සම්පූර්ණ උනේ නැති නිසා. එල කමෙන්ටුව ඈ
.............................................................................................................................
@Anonymous= දෙන්නම්කෝ හොල්මං කතා නම් ගමෙන් එකක්
.............................................................................................................................
@Sumith Niriella= අඩේ එහෙමත් සීකෝන් එකක් වුණාද බොල . හප්පා මටත් එක්ක ලැජ්ජයි ! අඩෝ ඒ කතාව නම් පංකාදුයි . ගොඩ දෙනෙක් මෙහෙම කියනවා නම් තමා . මමත් මේ ගැන ගමේ මිනිස්සු කතා වෙද්දී මේ සිද්දිය ඇත්ත කියලා හිතනවා උඹලා කරුණු ගෙනහැර පාලා කියද්දී මටත් උඹලා හරි කියලා හිතෙනවා .
.............................................................................................................................
@Anonymous =පුදුම හිතෙන සීන් එකක් අපි දැක්කාම ඒක ඇත්තයි කියලා අපේ හිත කොච්චර අපිට කියනවාද ඔයා වගේම මමත් මේ දැක්ක සිදුවීම ගැන පුදුමයෙන්
.............................................................................................................................
@අලුත් කොල්ලා= ගොඩ කාලෙකින් වගේ ? කතාව මරු කියලා උඹලා කියනවා නම් මට ඒකම මදෑ බං සන්තෝසවෙන්න . ස්තූතියි මචෝ .
.............................................................................................................................
@ලොකු පුතා = නැන්දානම් මචං තරහා ගියාම යකින්නක් තමා උඹට කියන්න උඹ දැන් මම පොඩි කාලේ ගුටි කාපුවා මතක් කරද්දී මට දැනුත් හිනා යනවා ලැජ්ජා හිතෙනවා . ඔන්න ඉතින් එයා මට දුන්නු ගින්දර .
.............................................................................................................................
@දුකා = ඒ කාලේ මට තබා ගමේවත් කැමරාවක් තිබුන්නෑ බං මම මේක ආයේ කරවන්න ට්‍රයි එකක් දෙන්න ජදන්නේ වැඩේ ගොඩ ගියෝතින් හරි උඹ වෙනුවෙන් තමා ඒ වීඩියෝව .
.............................................................................................................................
@මාධව = කනප්පුව ඇවිද්දේ මචං දෙපස උන්නු දෙදෙනෙකුගේ ආධාරය ඇතිව. වෙදනාගේ කමෙන්ට් එක නම් මගේ ප්‍රශ්න ගොඩකට උත්තර වුණා බං
.............................................................................................................................
@කස්ස = මමත් එදා තමා මේ සිද්දිය පලමු හා අවසාන වතාවට දැක්කේ බං ආයේ මම හිතන්නේ නෑ මේ වගේ අවස්ථාවක් ඒවිය කියලා මට
.............................................................................................................................
@නිසුපා = ඔය ෆොටෝ එක දිහා බලන්ඩ ඒ අල්ලං ඉන්න දෙන්නා එක්ක කනප්පුව ගමන් කරනවා යාළු .. පුදුමයි ඒත් ඇත්තයි
.............................................................................................................................
@mekuwi= මගේ මුත්තා ඉස්සර හොඳ මන්තර කරුවෙක් . එයා ගෙන් මමත් මේ දේවල් බොහොමයක් දැකබලාගෙන තියනවා පූරුවේ කරුමෙකට මට ඒවා ඉගන ගන්න නම් බැරි වුණා
.............................................................................................................................
@බට්ටා = කනප්පුව ඉතින් යූස් කරන්නේ මචං ඔය පොඩි පොඩි දේවල් තියන්ඩ තමා . බොහෝ වේලාවට කනපුව උඩ බුලත් හෙප්පුව වගේ දේවල් තියන සිරිතක් ඉස්සර තිබුනා

හිස් අහස said...

@මුහුදු කොල්ලකාරයා= මටත් ඒ ගමේ හැමෝම ඉන්නවාද කියලා අහපු සීන් එක හොඳට මතකේ තිබුනා . ඉතින් ඒක නොසලකා හරින්නම බැරි නිසා මම ඒක ලියා දැම්මා
.............................................................................................................................
@Weni= මට හිතෙන්නේ උඹගේ කටේ පවර් එක තමා අර අසරන ගෑනු කෙනාව ලෙඩ කලේ හිකි හිකි අනේ වදින්නම් අයියා මට නම් එහෙම කරදරයක් වෙන්ඩ කියලා පතන්ඩ එපා බං
.............................................................................................................................
@Dinesh = මේක නම් කනප්පුව සුපිරි වැඩක් දාපු කතාවක් නෙවෙයි . කනප්පුව මගක් යද්දී හොරා එලියට පැන්න කතාවක් ඒක නිසා අයියා මේකේ වටිනාකම ටිකක් අඩුයි
.............................................................................................................................
@ප්‍රසන්න= මෙන්න සාක්කි ! අඩෝ උඹත් මගේ පැත්තට උන්න එක මට හයියක්
.............................................................................................................................
@දිනුක = මචං ඌ එනකම් ඉඳලා කනප්පුවකින් ගහපං හුදකලා වෙන්ඩම ඊට පස්සේ පැන්න ගමන් අල්ලගනිං (ග්‍රීස් ටික හෝදලා) හිකි හිකි
.............................................................................................................................
@කිරිපුතා = මචං මම කීවටම විස්වාස කරන්ඩෙපා සමාරවිට දවසක උඹ ඇහින් මේක දකීවි එතකොට උඹ කවුරු කීවත් මේක අවිස්වාස කරන එකක් නෑ
.............................................................................................................................
@පරිකල්පන = අන්න කතාව හොරා අහුවුණා නම් එක නම් අපිට කියලාවත් කරගන්න බැරි වෙච්ච තරම් ලොකු වැඩක්
.............................................................................................................................
@අම්බි = මමත් මේ දේවල් ඉස්මුදුනිං විස්වාස කරන්න පෙලඹුනේ මගේ මුත්තා නිසයි එයා මේ දේවල් කවදාකවත් බැහැරකලේ නෑ . මටත් ඒ පුරුද්ද එහෙම්ම පිහිටලා තියනවා . ස්තූතියි අම්බි
.............................................................................................................................
@ඇවිද්ද පය= අඩේ අවුලක් නෑ බං කකුල් දෙකට ඔය වගේ පොඩි වියා යාමයක් දීලා හිටං උන්නට ගානක් නෑ . මම හිතන්නේ උඹට ඔය නම වැටුනේ ඒක වෙන්ටැ ? අපේ ගමේ නම් පෙරහැරක් වගේ සෙනග කනප්පුව පස්සෙන් දිවුවා
.............................................................................................................................
@නන්දු =එහෙම දෙයක් නම් මමත් අහලා තියනවා . අපේ ඉස්සර හාමුදුරු නාමක් හිටියා මේවා හරියටම කරන ඒත් මම නම් කවදාකවත් ඒවා දැකලා තිබුනේ නෑ . අපිට හිතන්ඩවත් බැරි දේවල් සමහර අය කරනවා අපිට ඒවා දැක්කම පුදුමයි
.............................................................................................................................
@ItalyDilan= මටත් හිතෙන්නෙම පුහුල් හොරා කරෙන් දැනිලා වගේ දෙයක් වෙලා කියලයි . ඒත් මම කනප්පුව ගමන් කල එක තවම විස්වාස කරන්න කැමතියි
.............................................................................................................................
@අහින්සක.= උඹලා කියවන්ඩ එන නිසා නේන්නම් මචෝ මේක ලීවේ තෑන්ක්ස් වේවා!!

හිස් අහස said...

@Senna= අඩේ ඒකාලේ මට තබා මගේ ගමේවත් කැමරාවක් තිබුනේ නෑ ඉතින් කැම් එකක් තිබ්බා නම් අද මම කෝම හරි පොටෝ ටික දානවා
.............................................................................................................................
@saumiya= බාගයක් හම්බුනාලු බාගයක් එහා ගමේ එකෙක් ගාව උකසට තියලා දෙන්නම් කූඩුවේ උන්නා කාලයක්
.............................................................................................................................
@ඕනෙයා= මම ට්‍රයි එකක් දෙනවා . මේ පැත්තේ තවම ඔය වගේ වැඩට දක්‍ෂ මාමෙක් ඉන්නවා ඩයල් එකව කැමති කරවා ගත්තොතින් මීට වටා සෙල වැඩක් කල හැකියි
.............................................................................................................................
@ක්සැන්ඩර්= ස්තූතියි මචෝ . උඹලා කැමැත්තෙන් කියවන නිසා තමයි කනප්පු කතාව විජහට දැම්මේ
.............................................................................................................................
@Anonymous = ඇහින් දැක්ක දෙයක් අපි කවදාකවත් බැහැර කරන්නේ නෑ . මමත් එහමයි මචෝ
.............................................................................................................................
@රන් සමනළියක්= ඒව නම් මමත් තුන් හතර වතාවක් දැකලා තියනවා . පුදුමයි නේද ?
.............................................................................................................................
@රූ = හොරා හමු වුණත් එක්ක එකමුතු කමත් ආයේ අපිව හොයාගෙන ආවා . තාම ඒ එකමුතු කමෙ කොටසක් අපිත් එක්ක ඉන්නවා රූ
.............................................................................................................................
@ව්මුක්ති = දැන් නම් මිත්‍රයා මේ වගේ දේවල් නැති තරම්
.............................................................................................................................
@Anonymous= අනිවා අනිවා එහෙම කරන්න පුලුවන්ද මාද්‍ය නිදහස කියලා දෙයක් තියෙන්ඩ එපෑය
.............................................................................................................................
@පැතුම් [සිතුම් පැතුම්]= ආයේ මේවගේ කනප්පුවකට මතුරලා මේක වීඩය‍ඕ කරන්න ට්‍රයි එකක් දෙන්නම් මචෝ

හිස් අහස said...

@Anonymous= ඇත්තටම මම නම් මේ සිද්දිය ඇසින් දැක්ක නිසා බොහෝ දුරට මේක පිලිගන්න කැමතියි . ඒ වගේමයි මගේ ගමෙත් ඉන්නවා බෝම පරණ මිනිස්සු මේ වගේ දෙයක් ඇත්තයි කියලා ඔප්පු කරන්න පන වුණත් දෙන්න සූදානමින් . ඉතින් අදහසට ස්තූතියි මචෝ
.............................................................................................................................
@ප්‍රාර්ථනා = මම මේ වගේ දෙයක් නැවත නිර්මාණය කරලා වීඩියෝවක් දාන්න උත්සාහයක් දෙන්නම් .
.............................................................................................................................
@සුද්දා= හොර ගෙඩියා මාසයක් විතර හිරේ උන්නා . ඊට පස්සේ ගමටා ආයේ ආවා තාම බුවා ගමේ යහතින් ඉන්නවා . සැපෙන්
.............................................................................................................................
@හසී= අනේ බං අක්කේ මට එහෙම කියන්න එපා ලැජ්ජාවේ බෑ
.............................................................................................................................
@Nadun Shiwantha= කතාවට උඹ කැමති නම් මටත් ඒකම මදෑ බං සතුටු වෙන්ඩ . දවසක උඹටත් ඔය වගේ දෙයක් දැකගන්ඩ ලැබේවා කියලා මම පතනවා ඕං
.............................................................................................................................
@Bindi= අනේ ඉතින් අක්කන්ඩිලාට කතාව හිතට ඇල්ලුවා නම් මට හැපී ආයේ ඉතින් විස්වාස කලත් නැතත් මම සතුටෙන් නෙව .. දවසක මේ පැත්තේ ආවොත් කනප්පුවක් පෙන්වන්න පුලුවන් ඕං !
.............................................................................................................................
@දුමී = තෑන්ක්ස් මචෝ මේ වීඩියෝව දැම්මට . මමත් මේක බලන්ඩ ඕනෙ මේ කමෙන්ට් ටිකට උත්තර දිලා අවසන් වෙලාම . ඉතින් අයියන්ඩි උඹ වගේ දක්‍ෂයෙක් නම් නෙවේ මම . ඔය නිකං ලියාදාන එකෙක්
.............................................................................................................................
@මඩිස්සලේ නිශාන් = ඇත්ත තමා බොහොම දෙනෙක් එහෙම කියනවා . ඒත් කනප්පු ගෙවල් වලටම ගිහින් හොරාව පෙන්නා දීපු අවස්ථා මම අහලා තියනවා
.............................................................................................................................
@අසරණයා=අඩේ මෙන්න තවත් ඇසින් දුටු සාක්කියක් ඉතින් අපිට මේ කතාව ලේසියෙන් බැහැර කරන්ඩ පුලුවන්ද බං .. තෑන්කුයි බොස් මේ කතාව කීවට

Sindu said...

මල්ලි,මම ආසයි මේ වගේ දේවල් වල ඇත්ත නැත්ත හොයන්න යනවාට වඩා, ඒවා එහෙම්මම තියෙන්න ඉඩ ඇරලා ඔයා ලියන විදියට.

මෙ වගේ දේවල් ඇත්තම ඇත්ත කියලා කියනවා ට වඩා ,එහෙම නැත්නම් මේක විද්‍යාත්මකව පහදන්න පුළුවන් කියනවා ට වඩා, මෙහෙම කුතුහලයක් ඉතුරු කරන එකේ මාර ලස්සනක් තියනවා... (අනිත් අයගෙ අදහස් හෙලා දකිනවා නෙමේ)

පැණි දොඩම් said...

මේ පාර නං වෙලා තියෙන්නේ අර හොරාගේ ඉරටුකෑල්ල දික්වෙනව වගේ සීන් එකක්.
කනප්පුවට අත තියන්නෙ නැතුව ඇවිද්දෙව්වනං තමයි විශ්වාස කරන්න පුළුවන් වෙන්නෙ. මොකද ඔතන වෙන්නෙ කනප්පුව අල්ලං ඉන්න මනුස්සයයින්ගෙ හිත වැඩ කරන විදියට. යටිහිතේ කනප්පුව ඇවිදිනවාමයි කියල හිතේ තියෙනකොට ඒක ඇත්තටම සිද්ධ කරවන්න ඒ අය පෙළඹෙනවා.

Miyuru said...

ඇත්තටම සඳරු මට ඒක මොකක්ද කියලා හරියටම කියන්න පුළුවන් වෙයි මං කනප්පුවට අත තියාගෙන හිටියා නම්... ඒත් ඒකට අත තියන් හිටිය මනුස්සයා මට පෙනුනෙ බොහොම සැහැල්ලුවෙන් අත තියන් හිටපු බවක්.... පෙනුනු විදියට ඔය උස කනප්පුවක් සෑහෙන බරයි.... ඒ නිසා ඒ ගිය විදියට නම් එක මිනිහෙකුට තනි අතකින් කිසිම වෙර ගැනීමක් නැතුව එහෙම අඬු තිය තියා ඇවිද්දෙව්වා කියලා හිතන්න අමාරුයි... මට නම් ඒ වෙලාවෙ හිතුනෙ ඒකෙ මොකක් හරි ඇත්තක් තියෙන්න ඕන කියලා... ඇත්තටම මට ඇස් දෙක දහා ගන්න බැරුව ගියා ඒක දකිනකොට.....

Anonymous said...

සිරා අත්දැකීමක්.....

Observer said...

කනප්පු කතා මාත් අහල තියෙනව. අද්භූත දේවල් විශ්වාශ කරන්න නං මන් කැමතිම නෑ. වෙද මහත්මයා, බුද්ධි සහ තව කීප දෙනෙක් මේ සිද්ධිය විග්‍රහ කරන්න උත්සාහ කල හැටි හරි කියල තමා මට නං හිතුනේ.

කොහොම වුනත් ලියල තියෙන විධිය නං හිතට අල්ලලම ගියා.

kumaraya said...

මමත් ඔය වැඩේ දැකල තිබුනෙ නැති වුනාට විශ්වාස කරනවා..
මොකද බොහොම දක්ෂ..... මන්ත්‍ර ගැන හොඳට දන්න ටික දෙනෙක් හරි ලංකාවෙ ඉන්න බව දන්න නිසා ..

Anonymous said...

අද තමයි ඉස්සෙල්ලම කොමෙන්ට් එකක් දාන්නෙ. මේ කතාව වගේ සීන් එකක් මම දෑකල තියෙනව. කුල්ලක සීන් එකක්. ඒක කෑරකෙනව වටේට. ඔය සීන්නම් මම හිතන විදිහට ඈත්ත.

දේව් ගේ අඩවිය said...

මමත් ඔය දේවල් 100%ක් ම විශ්වාස කරන්නේ නම් නැ... ඒත් ඔය වගේ දේවල් තනිකර බොරු කියලා අයින් කරන්නේත් නම් නැ මල්ලෝ... කොහොම උනත් ඔය කනප්පු කථාවේ ගුරාගේ අත ඔය කනප්පුව උඩින් අයින් කරලා ඒක ඇවිදලා පෙන්නුවොත් නම් පිලි ගන්න පුලුවන් වෙයි..

අරුන්දතී said...

මමත් මේ කනප්පුවෙන් හොරු අල්ලන හැටි පුංචි කාලෙ අපේ අම්මලාගෙ ගමේදි දැකලා තියෙනවා.හැබැයි ගමනාන්තයටම යන්ට අපේ වැඩිහිටියො අපිට ඉඩ දුන්නෙ නෑ. කනප්පුව තනියම නෙවෙයි යන්නෙ.දෙපැත්තෙන් අත තියන් ඉන්න දෙන්නා අත් තියන් ඉද්දිමයි කැරකි කැරකි යන්නෙ....
ඒ විතරක් නෙවෙයි මම දැකලා තියෙනවා නැට්ට තියෙන අමු පොල් ගෙඩියක් උඩ කවුරුහරි පුද්ගලයෙක් නග්ගලා මතුරලා ඒ මාර්ගෙන් හොරු අල්ලන හැටිත්. ඒවා එදා හරියටම හරි ගියා කියලයි ගමේ මිනිස්සු නම් කියන්නෙත්...
අනේ මන්දා.. ඕක අර කියනවත් වගේ මෝහනයේ බලපෑම වෙන්ටත් පුළුවන්. ඒත්... හරි හැටි නොදන්න නිසා මම ඒ ගැන මොකුත් කියන්ට යන්නෙ නෑ. අපිට විස්වාස කරන්ට බැරි හැම දේම බොරුත් නෙවෙයිනේ....

Beetle said...

උඹ පැත්තක් ගන්නේ නැතුව මේ කතාව ලියලා තියන විදිය ගොඩක් අගය කරනවා... ආයේ දෙකක් නෑ ජයතිස්ස තමයි හොරා... :) ගුරුන්නාසේ ඒ වැඩේට හොඳ දක්ශයෙක් ඒකෙත් දෙකක් නෑ... :)

හැබැයි මේක මන්තර වලින් කරන, ලංකාවට විතරක් ආවේනික දෙයක් නෙමෙයි මචන්... මන්තර මොකුත් නැතුව කනප්පු ඇවිද්දවන්න පුළුවන්...

ගුරුන්නාන්සේ වැඩේ හංගනවනම් මේ පොත ගත්තනම් හරි..:)

වැඩි විස්තර සඳහා "Table Tipping" කියලා ගූගල් කරන්න...

සයුරි said...

දුමී දාලා තියන වීඩියෝ එකේ හැටියට කනප්පුව අවිද්දවනේ මිනිහා වෙන්න බැහැ නේද? ඒ විදියට අත තියාගෙන බර කනප්පුවක් අවිද්දවන්න පුලුවන්ද? අනේ මන්දා.

Praසන්ன said...

කට්ටඩියෙකුට බලපෑම් කරන්න බීඩි කොටේකට පුලුවං එහෙනං.
කතාව නං නියමයි.

manu fonseka said...

මාත් ඔය කනප්පු ඇවිදින කතාව ටීවි එකෙන් දැකලා තියනවා.මතක විදියට ස්වර්ණවාහිනියෙ නිව්ස් වලට.වෙනදා වලගේම ලස්සනට ලියලා තියෙනවා.

Lishan Puwakovitage said...

මමත් එක පාරක් දැක්කා කණප්පුවක් ඇවිදිනවා.., සමහරු කියනවා මේක ඇස් බැන්දුමක් ලු. ඒත් හිත ඒක ඇස්බැන්දුමක් කියලා හිතන්න තරම් පහලට වැටෙන්නේ නේ.., අනේ මන්දා..,
මට හිතෙන්නේ මම මිත්‍යාදෘෂ්ඨිකයි.!

Janaranga Dewasurendra said...

කනප්පුවට අත තියන්න තෝරාගන්න පුද්ගලයන් දෙදෙනාට ඒ මොහොතේම පුංචි පරීක්ෂණයක් කරනවා.මම දන්න විදියට බල්ලන් විසින් සපාකාපු,ඌරු මස් අනුභව කරන අය මෙයට තෝරාගන්නේ නෑ.ස්ත්‍රෝත්‍ර ජප කරද්දි කනප්පුව ක්‍රියාත්මක වෙන්නේ නියම පුද්ගලයන් දෙදෙනෙක් එයට අත තැබූ විටයි. හැබැයි හේතුවාදීන් ඔප්පු කරලා තියනවා මෙහිදී මෝහනය වැනි හිස්ටීරියා තත්තවයකට මේ කනප්පුව අල්ලන් යන පුද්ගලයින් දෙදෙනා පත්වෙනවා කියලා.නමුත් මෙහි අර්ධ සත්‍යයකුත් තිබෙනවා

රවින් said...

"ඒ එක්කම ඒ කනප්පුව ගෙදර ඉස්සරහා දොරින් පිට වෙලා වත්තට බැස්සා"

මේක තේරුම් ගන්න බැරුව මම දෙතුන් පාරක්ම කියෙව්වා මචන්.. හික්ස්. මොකද මම මීට කලින් කනප්පුවක් ඇවිදින කතාවක් අහල තිබ්බේ නැති නිසා.. මගේ නම් අවිශ්වාසයක් නෑ ඕව ගැන..

Anu said...

කතාව මරු සඳරු...

ලහිරු said...

මමත් ඕවා විශ්වාස කරන්නෙ නම් නෑ, සමහරු නම් කියනවා අල්ලගෙන ඉන්න දෙන්නට ඕන හැටියටයි ඕක යන්නේ කියලා...ඒත් අනේ මන්දා!

Gayani Imbulana said...

http://www.youtube.com/watch?v=jiBfZlbADsU&feature=related

menna thiyenawa horu allana video ekak

ගැමියාගේ පත් ඉරුව said...

මමත් මේ ගැන අහලා දැකලා තියෙනවා ස්වර්ණවාහිනියෙත් පෙන්නුවා කනප්පු ඇවිදින වීඩියෝ එකක්... බලන කෙනෙක්ට පේන්නේ කිසිම බාහිර බලපෑමකින් තොරව කනප්පුව කකුලෙන් කකුලට කැරකි කැරකි යන හැටි... වෙද ගෙදර කතාවකුත් මතක් වුනා හොරකමක් ගැන ඒ වෙද මහත්තයාගේ ගෙදර හොරකම් කරපු හොරෙක්ට මතුරපු කේස් එකක් හොරා අන්තිමට හොර බඩුත් අරන් දවස් දෙකක් වෙද මහත්තයාගේ ගේ වටේ ඇවිදලා

අනූ said...

මෙහෙම කතාවක් ඇහුවමයි... ඉතිං බීඩි බීවම කනප්පුව ඇවිදින්නෙ නැත්තෙ ඇයි අයියෙ..?

පිස්සා පලාමල්ල said...

කනප්පුව ගියා කියන්නෙ බන්... අහල තිබ්බට ඕක දැකලම නෑ... කොහොමද බන් ඕක යන්නෙ ?? ලියවිල්ල නම් ආයෙ නෑ එතන හිටිය වගේ දැනෙන්න තියෙනවා

Soda ගුනේ said...

මචන් ඔය කනප්පු සීන් එක නම් පට්ට පල් බොරුවක්... වතාවක් අපේ ගමෙත් ඔය වැඩේ කළා (මාතර රදම්පල)... ඒත් අපි දෙන්නෙක්ට ඔකේ මොකක් හරි අවුලක් දැනුන අපි ගුරාගෙන් ගේම ඉල්ලුව කනප්පුව අපිට දෙන්න කියල. අනිත් හැම එකාම අල්ලගත්තම කනප්පුව යනව ඒත් අපි දෙන්නගෙන් එකෙක් අල්ලගත්ත ගමන් බඩු නවතිනවා... ගුරා නම් කිව්වේ වැඩේ කරන්න නම් වැඩේ ගැන විස්වාසේ තියෙන්නේ ඕන කියල.... කොහොම උනත් කතාව ගොඩනගපු විදිය නම් නියමයි...

kasun said...

පට්ට..!!!!

ස්කූබි ඩූ. said...

හෑ..මම කනප්පුවක් දැකලත් නෑ....මොකො සහො කියන්නේ පොලිස් බල්ලො එලොලා පොලිස් කනප්පු බස්සමුද ක්‍රිමිනල් කෙස් වලට..(හිතමින්:-හැබෑවටම ඔය කියන කනප්පුව රවුම්ද ඈ...o.O
…)

Anonymous said...

සඳරු මලේ මේ පොස්ට් එකත් ඉතින් අනික් ඒවා වගේම එල. මම දැකල තියෙනවා කනප්පුව ඇවිදිනවා. හැබැයි මතකේ හැටියට 1985 වගේ වෙන්න ඕන.

polwattacom

පොඩි මෑන් said...

මමත් දැකල තියෙනවා ඔය කියන වැඩේ... හැබයි හොරු ඇල්ලුවද නැද්ද කියලනං දන්නෙ නෑ.... උබේ කතාව කියෙවුවාම මටත් කතා වක් දෙකක මතක වෙනවා.. ලියලම දාන්නම් වෙලාවක... :)

compbuwa said...

ඕකෙදි මම හිතන්නෙ මෙන්න මේකයි වෙලා තියෙන්නෙ බල්ලට වැරදිලා නෙමෙයි හොරා හොරා හොරකමට එද්දි අර අහින්සක මනුස්සයගෙ සරම අරගන එන්නඇති වැලක වනල තියනව දැකල ඊට පස්සෙ හොරකම ඉ‍වරවෙලා යද්දි එ සරම දාල යන්න ඇති අර අහින්සක මනුස්සයව හොරකමට අහුවෙන්න මොකද පොලිස් බල්ලො ඉ‍ව අල්ලන්නෙ අර සරමෙ තියන සුවදෙන් මිසක් හොරාගෙ සුවදක් කියල විසේස දැනුමකින් නෙමේනෙ...

සොඳුරු සඳවතී said...

කනප්පුවක් ඇවිදිනවා කියලා අදහාගනන්ත් අමාරුයි. ඒත් මේ කාතාව කියෙව්වවම් ඒක විශ්වාස නොකරත් බෑ.

හිතහොඳ පිස්සා said...

නියම කතාව සඳරු අයියෙ....මම හැබෑවට ඔහොම දෙයක් දැකල නෑ....

වර්ණා said...

අම්මෝ බය හිතෙනවා

පුංචි said...

ඕවා ඇත්තමද..පිලිගන්න අමාරුයි...ඒත් ඇත්තක් නැති වෙන්නමත් බෑ තමයි...

ayesha said...

මොනා වුනත් වෙනද වගේම හරි අපූරුවට ලියලා තියෙනවා

Anonymous said...

මේ කනප්පු සිද්ධිය ගැන ඒබ්‍රහම් ටී. කොවුර් මහතා මීට දශක කිහිපයකට පෙර පර්යේෂණ කළා කියල මම අහල තියනව. එතුමා විවෘත අභියෝගයක් කරල තියනව (ඒ කාලෙ හැටියට) විශාල මුදල් ඔට්ටුවකුත් සමඟ, පුළුවන් නම් මේ විධියට කනප්පුව තනියම (අල්ලගෙන යන මිනිස්සු දෙන්න නැතුව) යවන්න කියල. දැනටත් වැඩිය කට්ටඬියො හිටිය ඒ කාලෙ කව්රුවත් ඉදිරිපත්වෙල නෑ මම දන්න හැටියට. එතුමගේ නිගමනයත් මෙහි කිසිම ගුරුකමක්, හාස්කමක් නැති බවත් එය හුදෙක් මානසික ක්‍රියාවලියක් බවත්.
DST...

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

කනප්පුව ගැන නම් කොවුර් මහත්තයගේ විග්‍රහය තමයි මාත් පිලිගන්නේ ,කොහොම වුනත් ලස්සන කථාව මලේ , උඹල ලියන විදිහට ෆැන්ටසි ෆිල්ම් එකක් බලනවා වගෙ රසයක් එනවා විශ්වාස නොකරන දෙයක් ගැන වුනත්

මාරයාගේ හෝරාව said...

මාත් එකම පාරයි ඔය සීන් එක දැක්කේ...හැබැයි එදාත් ඔය වගේම වැඩේ අතර මගදී අතෑරලා දාන්න උනා..එහෙම උනේ මොකද කියලා මට හරියටම මතක නැහැ..හැබැයි ඒ පස්සේ ගිය අපි හැමෝටම පට්ට දුකක් දුන්නා..කැළැ ගානේ ගෙනිහිල්ලා...

හැබැයි ඔය දුමී අයියා දාලා තියෙන වීඩියෝ එකේ වගේ නෙවෙයි මේකට දෙන්නෙක් දෙපැත්තෙන් අත තියනවා...හැබැයි ඒකට අත ගැහුව දෙන්නම කිව්වා නාහන සයිස් එකේ උන් දෙන්නෙක්..උන් ඒකට අත ගැහුවෙම වැඩේ පච කරන්න බලාගෙන..ඒත් පල වෙනි පාරම කනප්පුව ගැස්සිලා ඉස්සරහට පනිනකොට අර දෙන්‍නගෙන් එකෙකුත් ගැස්සිලා බය වෙලා පස්සට පැන්නා... ඌ බය වෙන්නේ නැහැ ඕක ඇත්තටම වැඩ කලේ නැතිනම් කියන එකනං හිතන්න පුළුවන්...

ඔය වගේම කේස් එකක් තමා කාසියේ භූතයා..ඒකනං මාත් කරලා තියේ දෙතුන් වතාවක්ම... මොන මගුලක්ද මංදා කාසියනං දුවනවා...අනිත් පැත්තේ හිටියේ මගේ දහම් පාසලේ ගෝලයෝ වගයක්...උන්ට බොරුවක් කරන්න තරං හේතුවක් තිබුනේ නැහැ..ඒත් එයින් එක ලමයෙක් ඔයින් පස්සේ අසනීප වෙන්නයි හීනෙන් බය වෙන්නයි ගත්තට පස්සේ ඇප නූලා දාලයි යන්තං ෂේප් උනේ...

හැම දේම විද්‍යාවෙන්ම දකින ලෝකෙක ඔව්වා ගැන කතා කරනකොට එහෙම කතා කරන උන් මෝඩයෝ ගානට වැටෙන හින්දා හුග දෙනෙක් ඔහොම කේස් වලදී සද්දේ වහලා නිකං ඉන්නවා..දැක්ක තැන පෙරලගෙන ගහන්නේ නැතිව පුළුවන් විදියකට පරීක්ෂණ කරලා ඒ පැත්ත ගැනත් මීට වඩා වැදගත් විදියට හොයා බලනවනං මෙයිට වඩා යමක් ඒ සාත්තර වලිනුත් ගන්න පුළුවන් වෙයි කියන එකයි මගේ කල්පනාවනං...ඒත් මුල හිටංම එයිට විරුද්ධවම හිතන අයත් එක්ක එහෙම දේකට අත ගහන එකත් තේරුමක් නැති වැඩක්..කෝකත් මැදහත්ව හිතනවනං එහෙම කරන පරීක්ෂණ අහක යන එකක්ම නැහැ...

නියමෙට ලියලා තියේ මලයා...

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

අමුතුවෙන් පරීක්ෂන කරන්න දෙයක් නෑ , කොවුර් මහත්තයා අවුරුදු ගානක් ලංකාවේ තැනින් තැන පර්යේෂන කරල තමයි අභියෝග ඉදිරිපත් කලේ . මෙතනදි නම් ඉතාම සරල කාරනය , කනප්පුව හොරා අල්ලනවා නම් තනියම ගිහින් අල්ලන්න ඕනි , වෙන කෙනෙක් අල්ලගෙන යනවා නම් ඒක කනප්පුවෙන් හොරු ඇල්ලිලක් නෙවෙයි

සංකල්ප said...

ඔය කනප්පු සීන් එක නම් මාත් ඇත්තයි කියලා පිලිගන්නවා. මොකද මාත් එහෙම එවුවා දැකලා තියෙනවා. මොනා උනත් අර අහිංසක මනුස්සයා බේරුන එක නම් හොදා !

නිලංක said...

"මොහොතකින් කනප්පුව හෙල වුණා . ඒ එක්කම ඒ කනප්පුව ගෙදර ඉස්සරහා දොරින් පිට වෙලා වත්තට බැස්සා."

මල්ලී ඔයාගේ බ්ලොග් එක නම් බොහොම අගෙයි. ඒත් මලේ මිථ්‍යා විශ්වාස වලට තව තවත් පිහාටු දෙන්න නම් එපා. මොකද මෙහෙම කියන්නේ ඔයාගේ පෝස්ට් කිහිපයකම මේ ලිපියෙන් කියවෙන ප්‍රධාන කාරණය වන කනප්පුවක් මාර්ගයෙන් හොරු ඇල්ලීම වගේ මිත්‍යා දේවල් ගැන අනවශ්‍ය වර්ණනාවන් එක් කරලා තිබුණ නිසයි. සමහර විට මේ වගේ මාතෘකා නිසා හිට්ස් වැඩි වෙනවා නම් ඇති. ඒත් මලේ උඹ වපුරන්නේ මිථ්‍යාවක්. ඔය කනප්පු යැවිල්ල මාත් ඇස් දෙකෙන්ම දැකලා තියෙන නිසයි මෙහෙම කියන්නේ.

කනප්පුව දක්කන එකාගේ අල්ලෙන් හරි ඇගිලි වලින් හරි යොදන පීඩනය නිසයි කනප්පුව ඉස්සරහට යන්නේ. සමහර වෙලාවට එකෙක් මදිවට දෙන්නෙක් එකතු වෙලා මේ කාර්යය කරන අවස්ථාත් මම දැකල තියෙනවා. කනප්පුව ගමන් කරන්නේ උඹ මේ පෝස්ට් එකේ කියන විදියට ඉබේ නෙවෙයි. ඒක නිවැරදි කරපන්. මේ තියෙන වීඩීයෝ මේ ගැන යම් කුකුසක් තියෙන කෙනෙක්ට තමන්ගේ මිත්‍යා විශ්වාශය දුරලා ගන්න උදව් උපකාර වේවි.

http://www.youtube.com/watch?v=ZbY7w6ruyFk
http://www.youtube.com/watch?v=UirMlggmKQ8
http://www.youtube.com/watch?v=YaghnX3iOR0

harsha said...

අද තමයි ඉස්සල්ලාම මේ පැත්තට ආවේ. කතාව නම් ලස්සනයි... පරන ඒවත් හිමිහිට කියවන්න ඕනෙ.

කනප්පුව හොරාගෙ පස්සෙන් ගිය කාතාව එක්වරම පිලිගන්න මම කැමති නෑ මොකද අපි විද්‍යාත්මක යුගයක ජීවත් වෙන්නෙ හැමදේකම හේතු සාධක හොයන. හැබැයි ඒක මිත්‍යාවක් කියල කියන්නත් කිසිම විදියකින් මම ඉදිරිපත් වෙන්නෙ නෑ මොකද එහෙම කියන්න තරම් සාම්ප්‍රදායික ඥානය ගැන දැනුමක් මට නැතිනිසා..

ඉතින් ඕවා බොරු මිත්‍යා කියල කියන අය එහෙම කියන්න කලින් එවැන්නක් කියන්න තමන්ට තියන සුදුසුකම මොකක්ද කියල හිතුවනම් හොඳයි කියලයි මටනම් හිතෙන්නෙ. අඩුම ගානෙ research එකක් වත් කරල හිටියනම්...

ඩී කොවුර් ගැන කියනවනම් ඔහු බෞද්ධ භාවනවත් මිත්‍යාවක් කියල කියපු භොතීක වාදියෙක්... මම දන්නෑ ඔහු හරිද වැරදිද කියල හැබැයි ජොතිෂය යන්ත්‍ර මන්ත්‍ර වල සත්‍ය සහ මිත්‍යාව කියල දෙකක් තියනව කියලනම් මම දන්නව.

ආයෙත් මේ පැත්තට ඇවිල්ල යන්න එන්නම්.. ජයවේවා...

සෝරෝ said...

ඇස් දෙකට දකිනකං ඕවා විස්වාස නෑ මට....

කව්වා said...

මල්ලිගෙ කථා ශෛලියනම් බොහොම ආකර්ශණීයයි. ඔයාගෙ බ්ලොග් එක ගැන දැනගත්තෙ සති අන්ත පත්තරේක ගිය ලිපියකින්. හරිම සන්තෝශයි මේ කොංම්පියුටර් යුගයෙත් දක්ෂ කතා කාරයො ඉන්න එක ගැන.

මමත් ගම් පළාතක හැදුන වැඩුණ කෙනෙක් විදිහට කනප්පු කරකවන එක ගැන ඕනෑ තරම් කතා අහල තියනව. ඒත් ඉතින් ගෙදර වැඩිහිටියන්ට පින් සිද්දවෙන්න කනප්පුවක් කරකෝන හැටි බලනව තියා පළාතකටවත් යන්න දුන්නෙ නෑ. (වැරදිලාවත් මගේ ලගට එයි කියල වෙන්න ඇති).

මටත් හිතෙන විදිහටනම් ඔතන තියෙන්නෙ හොරාව දැඩි මානසික පීඩනයකට ලක් කරල එයාටම තමුන් මේ හොරකම කළා කියල පිළිගන්න සලස්වන එක තමයි.

අර කවුද කියල තිබුණ වගේ දැං ඉන්නෙ ඇදන් ඉන්න උඩ ඇදුම ඉතිරි කරල යට ඇදුමට ගේමක් දෙන්න පුලුවන් ජාතියෙ අයියල. උන්ටනම් මේ වැඩේ හරියයිද දන්නෑ.

වර්ණ said...

මම කොළඹ.ඒත් කනප්පු කරකැවිල්ල දෙපාරක්ම දැකලා තියනවා.ස්සමහරුනම් කියන්නෙ ගුරුන්නාන්සෙගෙ අත තියාගෙන ඉන්න හැටියට කනප්පුව යනවා කියලා.ඒත් මං ඔය කථාව විශ්වාස කරනවා.මොකද මන්තර වලින් කරපු වැඩ කීපයක්ම මම ඇස් දෙකට දැකලා තියන හින්දා.

Post a Comment

තැන්කූ බං