26.2.12

කිතුලට යන මාමණ්ඩියේ



බිමෙන් නැඟ අහසට
උසස් රැකියාවට
උරුම කී ඔබ තමා
මගේ සුදු මාමණ්ඩි

විඳවලා ඇති පමණ
මල් තලා රොන් රැගෙන
පැසවලා රා ලෙසින
විකුණලා දිවි ගෙවන

ගහේ බැඳි ගැට වලට
ඔහේ පය තබ තබා
මල් තලන, රා පෙරන
මගේ සුදු මාමණ්ඩි

අතේ රැඳි මන්නයෙන්
මගේ ගෙල සිඳලන්න
කලින් අහපන් ඉතින්
මගෙ කථාවත් සොඳින්

නුඹ මදින කිතුල් මල
වගෙයි මගෙ හිත් මලත්
උඹේ කෙළි පොඩිත්තත්
මට මලක් වගේමයි

ඇගේ සිත නොම තලා
හෙමින් මම රොන් උරමි
මලින් මල පියඹලා
ඇයව නොම රිදවමි

ධන බලය නැණ බලය
ඈ සතුව නැති වුණත්
නුඹගෙ දූ සිඟිත්තට
පෙම් කරමි මම හුඟක්

කිතුල් රා මුට්ටියට
කෑදරව වහ වැටුණ
උගුඩුවෙක් කියා මට
එපා නුඹ අමතන්න

නුඹේ දුව නම් ඉතින්
නැවුම් රා මුට්ටියක්
එසේ ගෙන බැලුවොතින්
ඇත්ත මා උගුඩුවෙක් !

කිතුල් ගහ පොල් ගහත්
මගේ දෑතට හුරුයි
මන්නයත් ගස් කඳත්
මටත් කදිමට හුරුයි

නුඹෙ දුවව සරන ගමි
පවුල් බර කරට ගමි
නුඹට මගෙ සහය දෙමි
රා පොඩිත්තකුත් බොමි

නුඹේ පොඩි පැල් කොටේ
මම බින්න බහින්නම්
අරං නුඹෙ පිහි කොටේ
මමත් මල් තලන්නම්

කිතුල් මල් තලන්නම්
මමත් රා පෙරන්නම්
නුඹ කියන දෙයට මම
හැමදාම නැවෙන්නම්

දිවිය ඇති තුරාවට
මගේ පණ දෙවැනි කොට
නුඹෙ දුවව රැක ගනිමි
මගේ පණ වුව පුදමි

ඉතින් සැක දුරු කරන්
මුලු හදින් සුබ පතන්
මන්නෙ අහකට කරන්
නුඹෙ දෝණි මට දියන්



තවත් කිතුල් කයියක් මෙතනින් බලන්ට

80 comments:

ප්‍රදී said...

මේ මගේ පලවෙනි කොමෙන්ටුව හිස් අහසට දාන.අද මම එක...!!!
කවි ටික නම් වෙනද වගේම උපරිමයි සදරු මලේ....මාමන්ඩි යුද්ද ප්‍රකාශ කරලද?
ඉස්සරහටත් හොද නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා...!!! :)

Abeetha Edirisinghe said...

නොදකින් බේබද්දෝ... අපි වගේ ඉදපියව්කො සුරා සූදුවෙන් තොරව...

මහිම මදුරංග said...

මොකෝ සදරු මලේ මාමණ්ඩි කේස් ද?

ඉන්දික උපශාන්ත said...

උඹ ඔය නොකිය කියන්නෙ තෙලිජ්ජ ජුංඩක් බොන්න දෙන්න කියල නේද බොල?

Podi Kumarihami said...

සඳරූගේ අලුත් රැකියාවට සුබ පතමු. :D:D:D

``` Outsider``` said...

බලාගෙන මල් කපන පිහියෙන් කපයි බොටුව.

ලහිරු said...

හෆෝයි දුන්නා නේද මාමණ්ඩියාගේ රා මුට්ටියට පාර... ඵල ඵල හිතේ හැටියට මත්වෙලා ඇත්තේ නේද දැන්!

ගැමියාගේ පත් ඉරුව said...

මාමණ්ඩි ඇත්තටම කේස් එකක් දැම්මද අයියේ.....??? මරු කවි ටික හිනාවෙවි කියෙව්වේ බොසාට වගේ මාමණ්ඩිටත් බටර් ගාලා මොකාටද මේ එන්න හදන්නේ...

නුඹේ දෝණිත් අරන්
රා ටිකකටත් විදන්
නුඹේ පැල මගෙ කරන්
හැමදාම හිඳින්නන්

ජය වේවා සඳරු අයියේ... කවදද බඳින්නේ???

කිරිපුතා said...

ජයවේවා. මේ පින්තූරෙ ඉන්නෙ මාමණ්ඩිද බං.

මකුළුවා..... said...

අලේ මේක නම් මරු....මම මේහෙම කවියක් ඇහුවමයි මචං....ස්තූතියි බෙදා ගත්තට....කිතුල් මල් මදින මනුස්සයෙක්ගේ ජීවිතය ලස්සනට තියෙනවා.....මේක සිරාවටම ජන කවි විශේෂයක්ද?

Unknown said...

මම මේ දන්නේ නැති නිසා අහන්නේ බඹර කපන්න වගේ කිතුලට යනකොට මොකක් හරි නැදෑකම් බලපානවද සදරු මචෝ....

පුබුදු said...

ලස්සන කවි පොඩ්ඩ :) (මගේ පලවෙනි කමෙන්ටුව)

Bindi said...

තෙලිජ්ජ මුට්ටියට වහ වැටිලා මාමණ්ඩි තරහ වෙලා වත්ද . මොනවා වුනත් සඳරුගේ කලාව ලස්සනයි

Praසන්ன said...

හැබැයි කොල්ලො මදින මදින රා ටික උඹ බිව්වොත්නං උඹත් ඉවරයි, කෙල්ලත් ඉවරයි, මාමණ්ඩිට අබ සරණයි.
කවි ටිකනං ලස්සනයි.

බට්ටා said...

බලාගෙනයි සඳරු අයියේ පවුල් බර කරට ගන්නේ කොන්ද කඩල යයි. මට මැවිල පේනව අඳරු අයියට පුංචි එව්වො වඳින හැටි බුදු තාත්තෙ බොන්න එපා රා කිය කිය.

MUHUDU said...

සඳරුව කන්න වගේ යන්නෙ. අනේ අයියෝ අපිට කියවන්න තිබ්බ හොඳ බ්ලොග් එකක් නැතුව යයි ද මන්ද :D

පැණි දොඩම් said...

බලාගෙන පුතේ මල් පිහිය බොහොම මුවහත්. වැරදි තැනක ගැවුණත් ඇති.

ItalyDilan said...

සික් මොනාද බන් උබලා කසාදෙටත් ඉස්සල්ලා මාමන්ඩියා එක්ක බොන්නම නේ කතාව

Buddhi said...

පොරට තේරුනාද ඕක..... නැත්තං කිසි ගාලා ඇදලා දායි. කෝ තාම පිහිය බෙල්ල ගාවද?

Miyuru said...

මොකෝ සඳරු මේ.... මාමණ්ඩි කෙල්ල දෙන්න බෑ කියනවද දැන්.. එහෙමත් නැත්නම් මාමණ්ඩිගෙ තෙලිජ්ජ මුට්ටියට වැඩේ දෙන්න ගිහින් අහුවුණා වත්ද...? :D

මොනව උනත් අගේ ඇති කවි පන්තිය මලේ...

රැඩිකල් අපි said...

මොක නැතත් ගමේ බඩු රහයි බොල...

පූසා said...

අන්න මාමලා! බොන්න පුළුවං ඇති පදම! :D

Anonymous said...

නියමයි අප්පා ෆට්ට කවි ටික. මාමාණ්ඩියාගෙන්ම යැපෙන්ඩ හදනවා වගේ වගේ. බොටුව කපයි කියලා බයේ බැරුවා.
හැම වෙලේම නැමෙන්ඩ එපෝ. බැරි වෙලාවත් මාමට බොලාගෙ මල තලන්ඩ හිතුණොත්

Unknown said...

රා බීපු වෙලාවට
පෙනෙනවා සුරඟනන්
ලෙසින් උව කළු යකුන්
නිතර සැරිසරයි නම්
ඉඟි බිඟිද කරයි නම්
රොන් උරාපන් හොරෙන්
පෙති කඩා නොතලමින්

රයිටර් said...

හපොයි.... මාමණ්ඩිගේ බඩ ගෝස්තරෙටත් කෙල වෙන්නයි යන්නේ.
සිරාවටම මේ පින්තුරේ ඉන්නේ සඳරුවගේ මාමණ්ඩිමද ?

oditha said...

රා බීමෙන් සැනසීම ලැබේ...ජය වේවා

Anonymous said...

hahahahah...... :D

duliponline said...

බලං හිටු . . . දෙනකං තෝ වගේ උගුඩුවෙක්ට ඒ කෙල්ලව

පිස්සා පලාමල්ල said...

Kaalekin kavi set ekak uben... Sadaruwo mal thalanne parissamata :D :D

ක්සැන්ඩරයා said...

බොලා මාමණ්ඩියාට ගාන්නේ ඔබා මාමාට කියල ගෙනාපු ඕස්ට්‍රේලියන් බටර් වෙන්ටෑ.. යකෝ... ඔය මනුස්සය වරපොට ලිස්සල වැටෙයි..

රත්නේ said...

නුඹේ දුව නම් ඉතින්
නැවුම් රා මුට්ටියක්
එසේ ගෙන බැලුවොතින්
ඇත්ත මා උගුඩුවෙක් !

පට්ට කවිය මචං..

මාතලන් said...

දැන් උඹ යන්නේ රා බොන්නද... එහෙම නැත්නම් කෙල්ල ගන්නද...

neel said...

වැඩෙී හරි ගියෙිත් ඉස්සරහට වැඩිපුර ලිපි ටිකක් බලන්න පුළුවන් වෙයි වගේ (මමා අනුග්‍රාහකත්වය දරාවිනේ)

අසරණයා said...

අම්මේ මෙහෙම මාමල ලබන්න පින් කරලා තියෙන්න ඕනේ.රා වලතියෙන්න පුදුම රසයක් නේ.හොරෙන් බොද්දි ඒක තවත් වැඩි.

Anonymous said...

මල් තලන මාමා Vs මල් කඩන බෑනා
බෑනා නම් කියයි. දූට වෙන්නේ හැමදාම රා ගුබ්බෑයමේම ඉන්න තමා

ලකී සිරි said...

රස වෑහෙන රා කවිය මලේ.....නියමයි..
උඹ රා බොන්ට පුරුදු වෙලා දුව නං නැතත් කමක් නෑ මාමණ්ඩියෙ කියයිද දන්නෙ නෑ

හිතුවක්කාර කෙල්ල said...

කවි ටිකනම් සුපිරියි අයියණ්ඩි...:D
//දිවිය ඇති තුරාවට
මගේ පණ දෙවැනි කොට
නුඹෙ දුවව රැක ගනිමි
මගේ පණ වුව පුදමි//

පොරොන්දු දුන්නා වගේම රැකීම හොඳ පුරුද්දක්.. මම අඅසයි ඒ කවියට.හික්ස්ස්..

ප.ලි- අර පින්තූරෙ ඉන්නෙ හැබෑවටම කවුද අයියේ???

Harshana said...

බලන් ඉඳපන් .....
දුවත් දීලා , රස්සාවටත් විදලා .....
මූ තව බින්න බහින්නත් කල්පනාව .....

එල කවි ටික ..... හැබැයි උඹ ට්‍රයි කරලා බලනවා නෙවෙයි ....

ජිංජි බිරිස් said...

අනේ රාමුට්ටිය
බිඳුවක් නොහෙලා බිම
වැටියන් මුගේ කටටම
සුර්වීබිම වැටෙන ලෙස

පුබුදු said...

සදරු මලේ, මාමණ්ඩිට අර සින්දුව කියපන්...
කාපු බීපු වේලාවට - පු0චි විහිලුවක් කෙරුවට....
රාළහාමිලා වගේ අය - ගණන් ගන්නෙ ඇයි ද සුලු දෙය.....

මකුළු පැංචි (මංචි) said...

නුඹේ දුව නම් ඉතින්
නැවුම් රා මුට්ටියක්
එසේ ගෙන බැලුවොතින්
ඇත්ත මා උගුඩුවෙක් !


හිකිස්.... :D

Dinesh said...

සදරුවටම හරියන මාමණ්ඩි... අනේ වාසනාවන්...

Nishan de siva said...

මාමණ්ඩියත් කිව්ව දේ දැම්ම නම්

Rasika Kariyawasam said...

රහයි කයිය !

පොඩි මෑන් said...

ඔය එක එක කයියවල් පටේ දානව එහෙම නෙවෙයි කෙලීගෙ....

geeth said...

අප්පෙ මෙ දුව වෙනුවෙන් සදරු මල්ලි ගෙදර දර ටිකත් පලලා උයල පිහලත් දෙයි වගේ.

මාරයාගේ හෝරාව said...

රා මුට්ටියට කෙල..හලා හලා ඉන්නවා..
ඒ අතරෙ කෙල්ලටත් වහ වැටී ඉන්නවා..
මාමාගේ කිතුලටත් කෙලින්නට සිතනවා..
අනේ මෙහෙමත් එකෙක්කවි පදත් ලියනවා...

හිස් අහස said...

@හිරු =හැබෑමයි මුලින්ම දාපු කමෙන්ට් එක එක වෙලා නේද . මේ නිකම් හිතට ආපු දෙයක් නිකම් ලියා දැම්මා විතරයි . වැඩි දෙයක් නෑ . ස්තූතියි හිරූ
.............................................................................................................................
අභීත= ඇති යන්තම් උඹට මගේ බ්ලොග් එක පැත්තේ එන්න පාර මතක් වුණා .
.............................................................................................................................
@මහිම මදුරංග = නෑ අයියන්ඩි මේ නිකම් කයියක් ලියලා දාන්ඩ හිත දුන්නා ඒකයි
.............................................................................................................................
@ඉන්දික උපශාන්ත = දුන්නොත් උඹත් නොබී ඉඳියි .
.............................................................................................................................
@Praveena Palipana= තෑන්කුයි මේ පැත්තේ ආපු වෙලාවක එන්ට රාකට්ටක් ගසලා යන්ට
.............................................................................................................................
@Outsider=හුටා ! එහෙම කරාවිද ?
.............................................................................................................................
@ලහිරු = තාම රා මුට්ටියට මම කිට්ටු වුණේවත් නෑ මචෝ
.............................................................................................................................
@ගැමියාගේ පත් ඉරුව = මේ දවස් වල ජීවන වියදම වැඩි නිසා මම දැන්ම බඳින්න හිතක් නෑ . ඉඳහල්ලකෝ උඹලටත් කියලා තමා මම අමාරුවේ වැටෙන්නේ
.............................................................................................................................
@කිරිපුතා = නෑ බං මේ ඉන්නේ ඉස්සර සුද්දාගේ කාලේ රා කපාපු දිරිය මිනිහෙක්
.............................................................................................................................
@මකුළුවා = ඇත්තටම මෙවුවා ජන කවි නෙවෙයි පවුල් කවි කියලා කියන්න පුලුවන්
.............................................................................................................................
@ChammA = බඹර කපද්දී දිග ලණුවක එල්ලිලා හෙලට බහින පුද්ගලයා ඉහල කඹය ගාව ආරක්‍ෂාවට තියන්නේ තමන්ගේ මස්සිනාව . ඒ තරම් විස්වාසයක් ඒ දේට ඕනෙලු . ඒත් මේ කිතුල් ගහේ බඩ ගාන්න එහෙම දෙයක් නෑ මචෝ
.............................................................................................................................
@W.පුබුදු = ඉතින් පලවෙනි කමෙන්ටුවට බොහොම ස්තූතියි .
.............................................................................................................................
@Bindi= කලාවක් නැතත් මම ඔයා දුන්න ප්‍රසංසාව ඉහලින්ම අගය කරනවා
.............................................................................................................................
@Praසන්ன = ඒ මොකෝ අපි මැද්දොත් බේරෙන්නේ තෙලිජ්ජ නෙවෙයිද ? ආ
.............................................................................................................................
@බට්ටා= බට්ටා වගේ ඉඳගෙන කියන කතා නම් එල .ලස්සන කමෙන්ටුව කියෝලා හිනා වුණා
.............................................................................................................................
@මුහුදු කොල්ලකාරයා= අවුලක් නෑ බං මම පවුල් පංසල් වුණත් මාසෙකට එකක් හරි ලියන්නම් .
.............................................................................................................................
@පැණි දොඩම් = කොන කැපෙයිද අයියණ්ඩි ?
.............................................................................................................................
@ItalyDilan= මේ කවියක් විතරයි බොලේ ..අනේ අම්මපා මුං මාව මේකට ආදේශ කොරලා නෙව

හිස් අහස said...

@බුද්ධි = නෑ ඕං දැං ටිහකට කලින් යාන්තම් අහක් කොලා
.............................................................................................................................
@Miyuru= මොන කවිද අනේ ඔහෙන් මෙහෙන් පද කෑලි ගහලා යකා දත් සැට් එක සවි කලා වාගේ තිවුවා .
.............................................................................................................................
@රැඩිකල් අපි = ආයෙත් අහලා . සුද්දගේ බීම කැලේ
.............................................................................................................................
@පූසා = ඒත් පරිස්සම් වීම නුවනට හුරුයි
.............................................................................................................................
@Anonymous= හුටා ! ඒකත් වෙන්න පුලුවන් ආයේ වැඩිය නැමෙන්න හොඳ නෑ මාමා වුණත් කෙලින් ඉන්න ඕනෙ
.............................................................................................................................
@Jayan Ratnayake= නාලාගිරි ඇතා පවා ට්‍රැක් පැන්නේ රා කියන බීමේ බලය නිසා නේන්නම්
.............................................................................................................................
@පැතුම් [සිතුම් පැතුම්]= අනෙ අම්මෝ නෑ මේක මේ මම ජාලෙන් හියලා ගත්ත රූපයක්
.............................................................................................................................
@oditha= ජයම වේවා !!
.............................................................................................................................
@mothagamanaya = සන්තෝසයි !!
.............................................................................................................................
@ඕනෙයා = මම අරං පෙන්නවුවොත් ?
.............................................................................................................................
@පිස්සා පලා මල්ල = අනිවා තලාගෙන තලාගෙන යද්දී මගෙත් කොහේ හරි තැලෙන්න බැරි කමක් නෑ නේද ?
.............................................................................................................................
@ක්සැන්ඩර් = ඈ මචෝ මම වස් කවියක් කීවයෑ ? මේක සෙත් කවියක් නෙව
.............................................................................................................................
රත්නේ = තෑන්ක්ස් රත්නේ
.............................................................................................................................
@මාතලන් = කෙල්ල ගත්තාම ෆ්‍රී රා ලැබෙනවා !
.............................................................................................................................
@neel= වැඩේ හරි ගියොත් බ්ලොග් අවකාසේ හැමෝම ගෙන්නලා රා කෝප්ප එක බැගින් නොමිලේ ලබා දෙනවා
.............................................................................................................................
@Anonymous = දූට මාලිගාවක් හදලා දෙන්නයි මම හිතාන ඉන්නේ (රා විකුනලා)

හිස් අහස said...

ලකී සිරි= ඒක නම් මට දැනුත් හිතට එනවා අයියණ්ඩි !
.............................................................................................................................
@හිතුවක්කාරි= මම හිතන්නේ නඟා ඔයි රූපේ ඉන්නේ සුද්දා මේ රට ආක්‍රමණය කල සංදියේ ලංකාවේ රා කපාපු ගස් බඩගාපු දිරිය මිනිහෙක් .
.............................................................................................................................
@Harshana= උඹත් වරෙං දවසක බින්නත් බැහැලා රා පාරකුත් ඇදලා යන්ට අපේ පැත්තේ
.............................................................................................................................
@ජිංජිබිරිස්= ඔන්න ඉතින් ජිංජි බිරිස් වස් කවියක් කීවා !
.............................................................................................................................
@පුබුදු = අන්න නියම කමෙන්ට් එක . පට්ටයි ඈ ඒක තමා මට කියන්න තියෙන්නේ දැන්
.............................................................................................................................
@මකුළු පැංචි = කෙල්ලෝ ඉදිරියෝ කොල්ලෝ කෝමත් උගුඩුවෝ තමා අනේ
.............................................................................................................................
@Dinesh = ස්තූතියි අයියණ්ඩි
.............................................................................................................................
@මඩිස්සලේ නිශාන්= මගේ බ්ලොග් එක සීන්ඩි වලින් අහක් කොරයි බං එහෙම කලෝතින් නම්
.............................................................................................................................
@Rasika Kariyawasam=කයිය රස විඳලා මත් වුණාය ?
.............................................................................................................................
@පොඩි මෑන් = මොකේ දානවා කීවා ?
.............................................................................................................................
@geeth=ආයේ මොණාද ගෙදර මුට්ටි ගැන විසේස අවධානයක් යිමු කරලා ඒවා හිස් කරදීම මම කරනු ලැබේ
.............................................................................................................................
@මාරයාගේ හෝරාව = අනේ ඉතින් මේ මං හිතට ආපු පජාත හිතිවිල්ල අකුරු කොලා බං

අනූ said...

අනෙ අම්මෝ මන්නේ අයින් කරන්න කියන එක නම් ඇඟට ගුණයි අය්යා... නැත්නම් රා පොඩිත්ත කෙසේ වෙතත් දූ පොඩිත්ත ගැන ආසාව අත හැර ගන්ටයි වෙන්නෙ මන්නේ උරුක් කරගෙන ආවොත්....

Pisakkaatuwa said...

අපි නම් දන්නේ තෙලිජ්ජ මුට්ටිය ලිපේ තියල ජුංඩක් හැඳි ගාපුවම පැණි හැදෙනවා, තව ජුංඩක් හැඳි ගාපුවම හකුරු හැදෙනවා කියල විතරයි ඕන්.

Unknown said...

පරිස්සමින් මචෝ අපේ මාතර ගෙවල් පැත්තේ එක ගමක් තියෙනවා බඩ කපන ගම කියන්නේ..ඕන වලියකදී කරන්නේ මල් පිහියෙන් බඩ කපන එක...මේ බන්ඩාරය නං ඒ ගමේ ගිහිල්ලා මල් තලලා රොන් බීලා ආවා දන්න කියන උං ඉන්න නිසා.....

Observer said...

රා බෝං බෝං
පලයං බං

Anonymous said...

නුඹේ සුදු මාමණ්ඩි
මල තලන වෙලාවට
උඩ බලන්, කට ඇරන්
පලයන්කො ගහ යටට

මල් පියලි

දිනේෂ් තරංග said...

නියම කවිය සඳරු මලේ...මාමන්ඩි නියම පොරක්නෙ බං...උඹටම ගැලපෙන මාමන්ඩි කෙනෙක් ලැබිල තියෙන්නේ..කොකටත් දූ සිඟිත්තව පරිස්සම් කරපං... නැත්නම් මල් කපන් පිහිපාරක් කන්න වේවි..හික් හික්...

ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව. said...

මම නං ආසා අවසාන ඵලයටයි. ඒ කියන්නෙ" කිතුල් හකුරු"

අලුත් කොල්ලා | The New Guy said...

මරු කවි ටික සඳරුවෝ..........

Anonymous said...

බොට පොවන්න මාමජ්ජට තව ගස් දුසිමක්වත් මදින්න වෙයි වගේ.අපිට වැඩියන්ම ඕනේ දේවලින් ස්ව්‍යන්පොෂිත පවුලකට සෙට් වෙන්න try එක උඹ අනාගතේ ගැන හිතල වෙන්න ඇති මයේ හිතේ.
කවි ටිකනම් කිතුල් රා වගේම මරු.
ප .ලි කෝකටත් ගස් වයරින් කරන පාටමලාවක් හදාරපන් ප්‍රසන්න (වත්තල )

සිත්රූ සිහින said...

උගුඩුවෙක්.. :D:D

පරිකල්පන said...

කවි ටික පංකාදුයි... බොක්කෙන්ම ලියල තියෙනව... හැබැයි උගුඩුව වගේ තෙලිජ්ජ මුට්ටියට වහවැටෙන එක තමයි අවුල.

හිතහොඳ පිස්සා said...

අම්මප රා තමයි රා.........චණ්ඩි බණ්ඩි වලට රා යද්දි කදිමයි අප්ප....සඳරු අයියගෙ කවි හැකියාව දැක්කමයි.

දිනුක said...

අනේ උඹ වගේ රත්තරං බෑනෙක් ලබන්න පිං කොරලා තියෙද්දිත් මාමණ්ඩියා ලෙඩේ අදිනවද බං.අනේ මන්දා මේ මිනිස්සු අතට එන වාසනාවට පිහිපාර දෙන්න බලං ඉන්න හැටි.

අසරණයා said...

මොකද බං මගේ කමෙන්ට් එක අතහැරලා අනිත් ඒවාට විතරක් රිප්ලයි කලේ.

Anonymous said...

මැක්සා....

ගැමියාගේ පත් ඉරුව said...

මේ කාලේ බැන්දොත් තමයි නැත්තම් කසාද බඳින්නත් ආණ්ඩුවට ගෙවන්න වෙයි හොඳේ කලින් උපන් එකේ වාසිය ගන්න...ඉදිරියෙදි ජීවන වියදම අඩුවෙයිද දන්නේ නෑ

කස්ස said...

අමුතුවෙන් කියන්න දෙයක් නෑ වාසි කවිය

දුශ් said...

කිතුල් ගහ පොල් ගහත්
මගේ දෑතට හුරුයි
මන්නයත් ගස් කඳත්
මටත් කදිමට හුරුයි

මේ නම් කියන්නේ රා ගැන වෙන්න බෑ... හික් හික්..

සුදීක said...

මේ කවිය කෙලීට ඇහිල අප්පුච්චාට මෙහෙම කිව්වලු

උඩ බලන් ඉඳලා
අවුරුදු දහ පහලොවක්
මගෙ බෙල්ල රිදෙනවා
මට දියං වෙන එකෙක්

වර්ණා said...

පින්තුරේ ට හිනා ගියා.. නියම කවි ටික

Anonymous said...

Supiri kavi tika. Umba nam haba daksayek...!!

Anu

Anonymous said...

අනේ මේකාටත් හිතෙන ඒවා....යස කවි පෙළ යාලූ....

Anonymous said...

කවි ටික එල සඳරු මලේ...

polwattacom

නවම් said...

යකෝ මාම පෙරනව බෑන බොනව. දෙන්න තකට තකනෙව. කේන්දර පොරොන්දං නොගැලපුනත් මොකෝ බං එහෙනං. හෙහ් හෙහ්...

Weni said...

මාමා දෝනිව දෙයිද කියල නම් මට පොඩියක් සැකයි. මොකද මාමගේ තෙලිජ්ජ මුට්ටියට කෙලවෙන්ඩයි යන්නෙ කියලා සැක හිතුනොත් එහෙම

janakanet said...

මේ ඇත්තටම උඹෙ මාමන්ඩියාද? මේ මචං පොඩි උදවුවක් කරපන්. උන්දැගෙන් රා කලයක් ඉල්ලලා දීපන් ඒ වෙනුවෙන් මම උඹ ඉල්ලන ඕනම දෙයක් දෙන්නං.

සංකල්ප said...

මාමණ්ඩිගේ රාමුට්ටියට විඳින්න වගේ යන්නේ !
ඒකත් හොදා තමා. මාත් කාලෙකින් කිතුල් රා ටිකක් බීවේ නෑ නෙව. ඔන්න ඔහේ මටත් ටිකක් තියහන් මලේ.

samadhi said...

නියමයි සඳරු..

සෙන්නා said...

නෙළුම් විල පැත්තෙන් ආරංචි උනා අසනිය කුසුම සම්මානේ ලැබුනා කියලා.. බොක්කෙන්ම සුබ පැතුම් සඳරුවෝ..

හිස් අහස, තරු වියනක් වේවා !!!!

සෝරෝ said...

සික්... කොයි වෙලෙත් ‍බී ගත්ත ගමන්මයි... :D

Post a Comment

තැන්කූ බං