31.3.12

කිරි අම්මා ගේ ආදරය සහ ගංජා ගෝනිය 2

 

මම ආපහු අවදි වෙද්දී වෙලාව උදේ හතට විතර ඇති. එළියේ බැඳලා තිබ්බ ළිපකින් අඟුරු කෑල්ලක් අරං දත මැදගත්තු මම මූණ කට හෝදගෙන එද්දී ලොකු අම්මා තේ හදලා තිබුණා . මමත් කිරි කෑල්ලක් කාලා තේ බීවා . මම තේ බොන අතරේ ලොකු අම්මා කලින්දා රෑ ජාමේ තිබිච්චි කිරි දානේ ගැන සිංහාවලෝකනේ පටන්ගත්තා.

"
වැඩේ හොඳට තිබ්බ නේද පුතේ ?

පොල් ගස් බඩ ගෑමෙන් කකියන උරිස් දෙකෙන් නැගෙන වේදනාව යටපත් කරගත්තු මමත් බස්සෙක් වගේ "හ්ම්" ගෑවා

"
ඒක නෙවේ ඊයේ පාන්දර පොලීසියෙන් ආවා නේ"

"
ඒ මොකෝ ?" මමත් කලබලෙන් එහෙම ඇහුවා

කවුද එකෙක් කංසා වගයක් අරං එනකොට පොලීසිය දැකලා ඒත් ඌ පැනලා දුවලා . ඌ දානෙ ගෙදරට රිංගුවද බලන්නයි හීල් පාන්දර ජාමේ පොලීසිය ආවේ .

මම තේ කෝප්පේ හෝදලා එළියට ඇවිදින් යක්කු නැටුවා වාගේ තිවුණ වත්ත පිටිය ආයෙමත් සුද්ද කරන්න පටන් ගත්තා . වෙලාව ගත වුණා මට දැනුනේවත් නෑ ඔය අතරේ ගේ ඇතුළේ ඉඳන් වයසක කිරි අම්මලා දෙන්නෙක් එළියට බැස්සා. දෙන්නටම බෝම කෙඩෙත්තු පාටයි ඊයේ රෑ දානේ නිසා නිදි මරලා උදේ නින්ද යන්ඩ ඇති ඒකයි පිටත් වෙන්න පමා වෙන්න ඇත්තේ !

සඳරු පුතේ !!ආයෙමත් ලොක්අම්මා ගිල්ලාමුරේ තියන්න ගත්ත නිසා මමත් ඔළුව නමාගෙන ඒ පැත්තට ගෑටුවා .

අනේ පුතේ මේ එතනා කිරි අම්මයි , මිසි හාමි කිරි අම්මවයි බස් එකට ගිහින් දාලා වරෙංකෝ උඹට පින් සිද්ධ වෙයි .” 

ලොකු අම්මා එහෙම කීවේ ලොකු තාත්තගේ පරණ ජපං බයික්කේ යතුර මගේ අතට මිටි මොලෝන ගමන් .

දෙන්නෙක්ව කෝමද ලොක්කම්මේ බයික්කේ තියාන යන්නේ ? අනික හෙල්ම.. . . ට්

ඉතින් ගොනෝ ඇල පාරෙන් පල. මේ හීල් උදේ පොලීසිය නෑ. හදිසියේවත් ඇහුවොත් කියහං මේ වය‍සක දෙන්නෙක්ව ඇරලවන්න යනවා කියලා .” 

ලොකු අම්මත් එක්ක වාද කරලා වැඩක් නැති බව දන්න නිසාම මම බයික්කේ පණ ගන්වාගෙන පාරට ගත්තා . එතනා කිරි අම්මා මුලින්ම ඇවිදින් මයෙ කරෙන් අල්ලගෙන බයික්කේ පිටි පස්සේ අසුනේ ඉඳගනිද්දී තරමක් මහත මිසි හාමි කිරි අම්මත් ඇවිදින් ඒ අසුනෙම ඉඳගත්තා . පිටුපස අසුනේ හොඳට ඉඩ තිබුණ නිසාත් මම කෙට්ටු තරුණ හාදයා නිසාත් වැඩි අපහසුවක් නැති බව පෙනුණා.ඒත් මොහොතකින් මට තේරුම් ගියා බයික්කේ ගෙනියන්න තියෙන්නේ මේ වයසක උන්දැලා දෙන්නව විතරක්ම නෙවෙයි කියන වග .

ඔහොම ඉඳින් පුතේ අපේ පිරිකර ටික ගේනකම් පොඩියක් ඉඳින්

තව මොහොතකින් මම දැක්කා පොඩි කෙල්ලක් ප්ලාස්ටික් බේසම් දෙකකුයි තවත් මොනාදෝ මන්දා මලු දෙකකුයි උස්සාගෙන එන හැටි .

ඔවුවත් ගෙනියන්න ඕනෙද අත්තම්මේ ?” ‍

නැතුං ! උඹ බය නොවී ඉඳ අපි මෙවුවා අතේ අරගන්නං උඹ මොටෝ සයිකලේ පැදහං ?” 

අතින් කටින් බඩුත් කර පින්නාගත්තු කිරි අම්මලා දෙන්නා බයික්කේ පිටුපස අසුනේ ඉඳං ඉන්දෙද්දී මම බයික්කේ පාරට ගත්තා. තාර කඳුළක් නැති ඇල පාරට පයික් එක දාලා පැදගෙන යද්දී පාර අයින්නේ දිගේලි කරලා ඉන්න හරකුන්ගේ ඇඟේ වහන ගොං හපුටෝ මගේ ඇහැයි කටෙයි යන්න පටන් ගත්තා.හෙල්මට් නැති එකේ විපාකේ තමා .



ඔන්න ඔහොම ඇල පාරේ කිලෝමීටර දෙකක් විතර පෙරට යද්දී එකවරම දැක්ක දසුනෙන් මාව ගැස්සිලා ගියා

පොලීයේ ජිප් එකක් සමග පොලිස් මාමලා රෑනක් පාර අයිනකට වෙලා කවුදෝ එනකම් පෙරමං බලා ඉන්නවා .හොඳට හෝ නරකට මගේ අතින් බයික්කේ වේගේ වැඩි වුණා . පොලිස් මාමලා “ඒයි ඒයි” කියලා හඬ තලද්දී මම තව තවත් බයික්කේ වේගේ වැඩි කළා . .

අනේ පුතේ නවත්තහං පුතේ ! අන්න පොලීසිය පස්සෙන් එනවා නවත්තහං පුතේ .” 

එතනා කිරි අම්මා අඬන්න තියාගත්තා . මිසි හාමි අම්මා ඉතිපිසෝ ගාථාව කියන හඬ මට යාන්තමට ඇහෙනවා . සයිඩ් කණ්ණාඩියෙන් ඊට වඩා බය හිතෙන දසුනක් පේනවා . ! පොලීසියේ 119 ජීප්පුව මගේ පස්සේ එළෝනවා

වයසක උන්දැලා දෙන්නෙක්වත් තියාගෙන වළවල් පිරුණ පාරක හතළිහට වඩා වේගෙන් බයික්කෙක යනවා බොරු . ඒත් උස රෝද තියන ජීප් එකකට ඒක සුලු දෙයක් . ඉතින් මට මේ තරඟය නතර කරලා යටත් වෙන එක හොඳයි කියලා හිතුණා. වේගේ අඩු කල මම පාරේ අයිනේ කොට්ට පුළුන් ගහක් යට බයික්කේ නතර කළා විතරයි මම බයික්කේ ස්ටෑන්ඩ් එක ගහන්නත් කලියෙන් මා ගාවට දුවං ආපු උසස් පොලිස් නිලධාරි තුමෙක් මගේ දකුණු අතින් අල්ලාගත්තා . තවත් නිලධාරි තුමන්ලා රෑනක් මගේ වටේ පිරුණා.හරියටම කීවොත් ඉන්දියන් පොලීසිය වීරප්පන් කොටු කළා වාගේ.

මොකෝ නතර කරන්න කීවාම කඩාගෙන යන්නේ කං ඇහෙන්නැද්ද ?

මහත්තයා මේ . . . !

තමුසේ කොහෙද ? ඇයි මේ තුන්දෙනෙක් දාගෙන ? කවුද මේ දෙන්නා ? බයික්කේ කාගෙද ? මල්ලේ මොනාද? කෝ හෙල්මට් ?, කෝ ලයිසන් ?, අයිඩී එක ගන්නවා බලන්න . ! මොකෝ තමුසේ ඇඹරෙන්නේ ? , පැනලා දුවන්නද හදන්නේ ? ඒව වානා !

"
අනේ නෑ නෑ මහත්තයා මම මේ බිමට බහින්න යන්නේ මාව පොඩ්ඩක් අතාරින්ඩකෝ මම බැහැලා සේරෝම කියන්නං

වෙවුලන කටහඬින් මමත් උත්තර දුන්නා ඇත්තටම ඒ මොහොතේ මගේ ළඟ ෆෝන් එක ඇරෙන්න වෙන කිසිම දෙයක් තිබුණේ නෑ. අඩුම තරමේ ජාතික හැඳුනුම්පතවත් මා ගාව තිබුණේ නෑ .

"
හා කියනවා බලන්ඩ ඒත් දුවන්ඩ ලැහැත්ති වෙන්ඩ එපා වෙඩි තියනවා !”

ඒ නිලධාරි තුමන්ලා අතේ තුවක්කුවක් නැති බව මම දැක්කත් බැටන් පොල්ලෙන් හරි වෙඩි තියන්න බැරිකමක් නැති නිසා මම දුවන් නැතුං ඉන්න තීරණය කළා .

"
මහත්තයා උඩහ වංගුවේ සෝමපාල මහත්තයාගේ දිහෑ ඊයේ කිරි දානේ . මම ඉතින් ඒකට ආපු මේ වයසක කිරි අම්මලා දෙන්නව බස් එකට දාන්න කියලා එක්කං ආවා. පවුණේ පයිං යවන්ඩ බැනේ .

හ්ම් එතකොට මොනාද ඔය කලිසමේ ? ලේ නේද ?” 

මගේ කලිසමේ තවමත් පෙනෙමින් තිබ්බ බුලත් කෙළ කහට පැල්ලම දිහා බලන ගමන් පොලිස් රාළහාමි උත්තමයෙක් හරස් ප්‍රශ්නයක් දැම්මා.

"
අනේ මහත්තයෝ ඒ බුලත් කෙළ .”

"
බුලත් කෙළ තමුන්ට ගහන්න තමුන් පඩික්කමක්ද ? ඇත්ත කියනවා ඔය කොහේ රිංගලාද තුවාල කරගත්තේ ?

"
අනේ බුදු පුතේ මේ අපේ සඳරු කොල්ලා . මුගේ කිසි වරදක් නෑ අනේ ඌට කරදර කරන්න එපා .” එතනා කිරි අම්මා අඬාවැටෙන්න ගත්තා .

"
හරි හරි අම්මලා පොඩ්ඩක් කලබල නොවී මට ඔය මළුවල තියන දේවල් පෙනන්නඩ. ඔය දානෙ ගෙදර දිහාවේ ගංජා කාරයෙක් ඉඳලා තියනවා ඒකයි අපි මග රැකලා හිටියේ .

පොලිස් නිලධාරි තුමෙක් කිරි අම්මලා අතේ තිබුණු සිලි මලු කීපය පරික්‍ෂා කරන්න පටන්ගත්තා . ගැහෙන හදින් මමත් ඒ දිහා බලාන හිටියා . හ්ම් ඒ මලු දෙකේ තිබුණේ කිරිබත් කෑලියි කැවුම් සහ කිරි කෑලි වගේ කෑම ජාති විතරයි .

හොඳයි ඔය අම්මලා දෙන්නා නගින්න ජීප් එකට අපි බස් එකට ගිහින් දාන්නම් . හැබැයි කොල්ලෝ උඹට නම් පොලීසි එන්ඩම වෙනවා .”

"
අනේ පුතේ උඹලට පිං . උඹල තාම කාලත් නැතිවැති මයෙ හිතේ..? ආ මේ කැවිලි ටික කන්ඩ"
කිරි අම්මලා දෙන්නා කැවිලි මලු දෙක එතන උන්නු ලොකු පොලිස් උත්තමයා අතට දුන්නා . ඒ උත්තමයට හීල්ලුණා.

"
කමක් නැද්ද අම්මේ අපි මේව ගත්තට. ඇත්තටම ටිකක් බඩගිනියි අපි ඊයේ රෑ ඉඳලම මෙතන ?

"
අනේ කමන්නෑ දරුවෝ . ඒත් අනේ මේ පොඩි එකාව අතාරින්න . ඌ අප්ප නැති අසරණයා .” 

"මෙහෙමයි අම්මේ ගංජා ගෝනියක් කර ගහගෙන කවුදෝ එකෙක් ඔය දානෙ ගෙදර දිහාට ඇවිදින් තියනවා. අපිට ඔත්තුව ලැබෙද්දී පොඩ්ඩක් පමා වුණා ඒ ඩිංගට මූ ගංජ ගෝනිය මේ කොහේ හරි හගලා මාරු වෙලා තියනවා . අපි මේ හදන්නේ ඔය ජරාව ඉස්කෝලේ පොඩි එවුං අතට යන එක නවත්තන්න අම්මේ .”

"
ඉතින් මහත්තයෝ මේ දරුවා දානෙට උදවු කරන්ඩ ආපු එකෙක් විතරනේ අනේ ඌව ගෙදර යවන්ඩ මහත්තයෝ .පවු එතනා කිරි අම්මා මම වෙනුවෙන් වැඳ වැටෙනවා

"
හ්ම් තමා මේ අම්මලා දෙන්නා ඉස්සරහා දිවුරුවොතින් මේ ගැන දන්නේ නෑ කියලා අපි තමාව ගෙදර යවනවා .”

"
අනේ මහත්තයෝ මම කියන ඕනෙ තැනක දිවුරන්නම් .”

"
කොහෙවත් ගිහිං දිවුරන්ඩ ඕනෙ නෑ අයිෂේ මෙතන ඉඳන් දිවුරනවා .”

"
අනේ මහත්තයා මේ පොළෝ තලේ පල්ලා මම ඔය ගංජා ගෝනිය ගැන දන්නෙම නෑ" මමත් මුලු හදින්ම දිවුරුවා

"
මදි මදි . පොළොව පල්ලා කියලා දිවුරන්න කාටද මනුස්සයෝ බැරි ?

"
මයෙ වැදූ අම්මාපල්ල මම ඔයි කියන ගංජා ගෝනිය ගැන මෙලව සංසාර දෙයක් දන්නේ නෑ මහත්තයෝ .

"
ඒ ගංජා ගෝනිය ගැන නොදන්නවාය කියන්නේ තමුන් වෙන ගංජා ගෝනි ගැන දන්නවද ?
උසස් නිලධාරී උත්තමයා එවුව යෝකර් පන්දුව හමුවේ සූදානමකින් තොරව උන්නු මම කොර වුණා

"
ඔවු . ! නෑ නෑ ! මේ"

"
සාජන් අපි මූව ගෙනියමු !

"
අනේ බුදු පුතේ ඕකව ගෙනියන්ඩ එපා පුතේ එතනා අම්මා ආයෙත් අඬවැඩියාව පටන්ගත්තා .

"
ඉතින් මම ඉවරයි" නොකළ වරදට පොලීසි යන්ඩ වෙයි කියලා හිතේ ඇති වුණ බයට මට ලොකු හුස්මක් ගැනුණා . ඒ හුස්මම ලොකු සුසුමක් වෙලා එළියට පිටවුණා .

"
මොකෝ හූල්ලන්නේ ? නගිනවා ජීප්පෙකට. තමුංඟේ අහවල් එක ලාච්චුවක දාලා දෙකක් තුනක් දුන්නම යස අගේට කියයි ඇත්ත "

"
අනේ මහත්තයෝ ? මං ඔය මුකුත්ම දන්නේ නෑ

"
තමුං ගාව අයිඩී එකක්වත් තියනවද නෑනේ අයිසේ . අනික තමුන්ට දිවුරන්න කීවම ඒ දිවුරුවෙත් සැක හිතෙන විදිහට. ඒ මදිවට තමුන්ට තියෙන්නෙත් ගුටි කන මූණක් . ඉතින් කොහොමද තමුන්ව අපි රිලිස් කරලා යන්නේ ?

"
මහත්තයෝ මම තමා අහවල් පොලීසියටම පරිගණක උගන්වන කෙනා බොරුණං දැං කෝල් එකක් දීලා බලන්ඩ

කරන්නම දෙයක් නැති තැන මම අවසන් තුරුම්පුවත් ඇදලා දැම්මා .

"
ඉතින් අපේ මොකෝ ? කවුරු කළත් වරද වරදමයි. හ්ම් හ්ම් හොඳ දරුවා වගේ නගින්න අපි ඔයාව පොලීසියට ගෙනියලා ප්‍රකාශයක් සටහන් කරගෙන වරදක් නැත්තම් ගෙනද්දාන්නං . ඔන්න මං හොඳින් කීවා !” 

ඔය අතරේ පාරේ ගිය ගමේ එවුං කීප දෙනෙක් උන්ගේ ගමන් බිමන් නවතලා පොලීසියට මැදි වුණ මා දිහා උපහාසෙන් බලාන උන්නා. අඬන්න තරම් දුකක් හිතට දැනුණත්‍ මම හිත දැඩි කරගෙන යටි තොල හපාගෙන ජීප් එකේ පළමු පඩියට යාන්තම් අඩිය තිබ්බා විතරයි මෙච්චර වෙලා නිහඬ උන්නු මිසි හාමි කිරි අම්මා බිම පෙරළෙමින් අඬන්න පටන්ගත්තා.

අනේ බුදු සෑර් මේ දරුවව අතාරින්න කංස ගෝනිය ගෙනියවුවේ මයෙ ලොකු කොලුවා අජියා. ඌ ඊයේ රෑ දානෙ ගෙදර ආවේ මගෙන් රුපියල් 250ක් ඉල්ලගෙන යන්න. අනේ ඌ කංසා ගෝනිය බැද්දේ හංගන්ඩ ඇති සෑර් අනේ මේ දරුවව යවන්ඩ සෑර්. ඌ මේ මොනවත් දන්නේ නෑ ඌ මනුස්ස කමට අපිව ගෙදර ඇරලවන්න ආවේ .. “

ගිනි කන්දක් වගේ ඇවිලෙමින් තිබ්බ හිත හිම කන්දක් වගේ හීතල වෙලා නිවිලා යද්දී අඩවිය බාර පුල්ලෙයාර් දෙයියංගේ පිහිටෙන් ආනුභාවෙන් මම නිදොස් වුණා . ඒත් එතනා අම්ම ගැන මට හොඳටෝම දුක හිතුණා මම වෙනුවෙන් තමන්ගේ බඩෙන් වදාපු පුතාව පාවා දෙන්න තරම් උන්දෑ අවංක වුණා එහෙනම්.

එතනා අම්මට වරුවක් පොලීසියේ ඉඳලා එයැයිගේ පුත්තරයා ගැන ප්‍රකාශයක් දෙන්නත් සිද්ධ වුණා . ඔය අතරේ මම මුහුණ දීපු මේ සිදුවීම ගමේ හෑම අස්සක් මුල්ලක් නෑරම වෙනස් කතාවක් විදිහට පැතිරිලා ගිහින් තිබුණා . කට කතා වලට තටු තියන නිසා මට මේ වෙච්ච සිදුවීමට තව තව දේවල් එකතු වෙලා මා ගැන මහා අමන කැත කතාවක් ගමේ එවුං අතරේ පැතිරිලා තියන බවත් මම පසුව දැන කියාගත්තා .

සැපේදී වගේම දුකේදිත් මගෙත් එක්ක නිතරම ඉන්න මගේ පෙම්බරී ගේ කනටත් මේ කැත කතා බෝමයක් ගිහින් තිබුණා. මේ මුලු ගමම මට එරෙහි වුණත් ඒකි මාව විශ්වාස කළා . අන්තිමේදී මේ කතාවට මුල් වෙච්ච ගංජා ගෝනිය සහ ඒකේ සාඩම්බර හිමිකරු පොලිස් අත් අඩංගුවට පත් වුණාට පස්සේ කට කතා සේරෝම වාගේ අවසන් වුණා . මං ගැන ගතු කියමින් උන්න එවුන් ආයෙමත් මගේ ගුණ වයන්න ගත්තා . මමත් පහු ගිය දොහේ වෙච්ච මේ මරිසි සිදුවීම් අමතක කරලා ආයෙමත් ලියන්න ගත්තා.

මට මගේ ජීවිතේට අමතක නොවෙන මම මුහුණ දුන් අමිහිරිම සිදුවීම මේකයි. කොහොමින් කොහොම හරි දැන් ඒ සේරෝම ඉවරයි. ඒත් විටෙන් විට මට හිතෙනවා මේ කරදර එන්නේ මාව හොයාගෙන විතරක්ම දෝ ? කියලත් .
නිමිස් .!

ප/ලි -  රාජකීය විද්‍යාලයේ අසෙනිය කුසුම සාහිත්‍ය උලලේදී හිස් අහස බ්ලොග් කෑල්ලටත් හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය සහ හොඳම බ්ලොග් අඩවිය කියලා සම්මාන දෙකක්ම ලැබුනා නේ . ගොඩ දෙනෙක් මට සුබ පැතුවා . සුබ පැතුවේ නැති ඈයොන්ට දැන් ඉතින් සුබ පතන්ඩ බැරියැ.

කියවන අය දුන්න හයිය හත්තිය නොවෙන්න හිස් අහස බ්ලොග් එක වැහිලා යන්ඩ ඉඩ තිබුනා. ඉතින් බ්ලොග් එක කියෝලා වගේම අදහස් දීලා මට සහය දුන්න හැමෝටම ස්තුතියි !

119 comments:

අහවලා said...

හැබෑමයි... සුබ පතන්න බැරි උනා නෙ... ඔන්න මගෙනුත් උනුසුම් සුබ පැතුම්... සම්මාන වලටයි, පොලීසියෙන් බේරුනාටයි දෙකටම... ;)

පූසා said...

අපරාදේ ගෝනිය! ;)

Sandun said...

මගේ පලවෙනි කමෙන්ට් එක එක උණෝ.!

මම මුල ඉදලම කතා ටික කියෙව්වා.
උබට ජය!

Praසන්ன said...

කංස ගෝනියක් හින්ද තව පොඩ්ඩෙන් සඳරුව බැටන් පොල්ලෙන් වෙඩි කනව.
කොහොම උනත් උඹ බේරිච්ච එකනං ලොකු දෙයක්.

Unknown said...

මාර සීන් එකක් නේ...කොහොමහරි අර වයසක උන්දැ නිසා බේරුනා...ඔය පැත්තේ සුදු වෑන් නෑ මගේ හිතේ..ගමේ උන්ගේ කථා විස්වාස නොකරපු හිස් අහසේ සඳවතියටත් ප්‍රනාමය...

Hishan de Silva said...

එල. සම්මානෙටත් මගෙන් සුභ පැතුම්.

Sudara Fernando said...

ජය වේවා... මචං ප්‍රශ්නනං මොනාද? ගනන්ගන්ඩ එපා බං... අනික තමන්ගෙ ආදරේ තමං එක්ක ඉන්නවනම් ලෝකයාට අහවල් එක කරගන්ඩ කියහං... අනික මේ blog ලෝකයේ කීදෙනෙක් උඹත් එක්ක ඉන්නවද? :)

ලබපු ජයග්‍රහණයට මගෙන් උණුසුම් සුභ පැතුම්......

Stewart said...

සුබ පැතුම් සහෝදරයා...
දිගටම ලියන්න

රත්ගමයා said...

හික්ස්........ අලෝ...ගංජා

neel said...

දෙවෙනි කොටසට 1වෙනි කොමෙන්ට් මගෙන්

kasun said...

අඩේ..මාර සිද්දියනේ වෙලා තියේන්නේ සදරු අයියට..හපොයි..
මොකද අයියේ පොලිස් සෙට් එක ඉස්සරහ බය උනේ..උන් සැක හිතන්න ඇත්තේ ඒකයි..
කොහොම උනත් අපේ සදරු අයියා ආයෙත් ට්‍රැක් එකට වැටුනනේ..
ඔන්න සම්මාන වලට ආයෙත් සුබ පැතුම ...!!!!!!!!
ජයවේවා....

geeth said...

thawa tiken uba ayeth police kuduwe.aathma ganak pathagenada koheda police mahaththaru ubawama allanta enne...

Dush said...

ඔන්න සඳරු මේ පාර මම එක.. දන්නවද මාත් කැබිතිගොල්ලෙවේ කෙල්ලෙක් ඔව්ව අහද්දී මට ආසාවේ බැහැ ගමට යන්න

Unknown said...

magenuth suba pathum sahoodaraya... cmmnt kale nathi unath hama kathawama kiyonawa hamadama. jaya wewa!!

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

තව ටික දවසකින් ඔය පොලෝසියේ මහත්හොරුම උඹ පස්සෙන් එන්නෙ නැත්ද බලන්න. ඔය මහත්තැන්ලට බොහෝම ටික කාලෙකින් ඔබ මිස්ටර් සඳරුවන් වෙයි. ඔබම දන්නවනේ මම කියන්නේ මොකක් ගැනද කියලා. ඔබ බ්ලොග් ලෝකෙට විතරක් නෙමෙයි දැන් මුළු සමාජයටම අයත් කෙනෙක්. මට හරිම සතුටුයි ඔබගේ ජය ගැන. ඒ විතරක් නෙමේ ඇයි මේ කථාව කලින් නොකීවේ. කිව්වනම් අපි බලනවනේ.

Unknown said...

සුභපැතුම් මචන්, තවත් හොදට ලියන්න හැකියාව ලැබේවා, එ වගේම උදාවන්නවෝඕ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා..........

නුවන් said...

වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම කිරි අම්ම කෙනෙක් ඒ අම්ම නම්!තැනගේ පුතා ගැන කියනවා කියන්නේ වෙන කෙනෙක් බේරගන්න!
මහා අමාරු වැඩක්නේ!:-/

ලහිරු said...

හිනාවෙන්නද අඬන්නද කියලා හිතාගන්න බැරිවුණා, ඒත් අර කිරිඅම්මා තමන්ගේ දරුවා ව පාවලා දීලා උඹව බේරාගත්ත එක නම් හිතාගන්න අමාරුයි මලේ! ඒතරම් දෙයක් අම්මා කෙනෙක් පිට කෙනෙක් වෙනුවෙන් කළා කියලා හිතෙනකොටත්... අහවල් එකකටද පොලෝසිය දැකලා නැවැත්තුවෙ නැත්තෙ? තව පොඩ්ඩෙන් ලාච්චුව තමයි!!!!

හිතුවක්කාර කෙල්ල said...

ඔන්න ආයෙම වතාවක් සුභ පැතුම් !!!මේ බ්ලොග් කෑල්ල දිගින් දිගටම දිනන්න ඕනෙ!!:D

හෆ්ෆොච්චියේ!!එතනා අම්මා, අවංක වුන නිසා අයියා බේරුණා..:D මොනා වුනත් පොලීසියෙන් අයියාට ටිකක් අපලයි වගේ..;)පරිස්සමින්!!!

Anonymous said...

සදරැ කොලුවෝ මේ මගේ පලවෙනි Comment එක.මම උබේ මුලු හිස් අහසම කියවලයි තියෙන්නේ. හැබැයි ඒ මාසක් ඇතුලත. වැව් ගම්පත්තුවේ කොල්ලෙක් මේ තරම් දුරක් ආව එක ගැන මගේ හිතේ තියෙන්නේ කියන්න තේරෙනනේ නැති ලොකු සතුටක්. සුමිත්‍රා රාහුබද්ධ මිස්ගේ පොත් ඇරෙන්න අපේ කාලේ ඡනප්‍රිය නවකතා කරැවන් සේරගෙම පොත් මම කියවලා තියෙනවා. සදරැවෝ මම මේ කතාව ගොඩාක් වගකීමෙන් කන්නේ. උබ දැනටමත් අපේ කාලේ ඡනප්‍රිය නවකතා කරැවන්ට අභියෝගයක් වෙලා ඉවරයි. උබ තරම් ඒඅය සරල නැ. උබේ ඵක කතාවක් අපේ ඡිවිතේ එක දවසක් වගේ දැනෙන්නේ උබේ ඒ හැකියාව නිසයි. හිතට එන හැම කවියකම ලියපං, වෙච්ච හැම දෙයක්ම ලියපං. උබ ඉහලට යන එක නතර කරන්න උබටවත් බැරිවෙයි.බොක්කෙන්ම කියන්නේ. සයිබර් අවකාශේ උබ ලබාගත්ත විඡයග්‍රහනයට උබ ආසම ඡාතියේ තෑග්ගක් මගෙන් අද හෙටම ලැබෙනවා. කරන කියන දෙයක් පරිස්සමෙන් කරහං.විඡයග්‍රහනයට මගෙන් උණුසුම් සභපැතුම්....... ප: ලි: තැග්ග අතටම ලැබෙයි.

Sudara Fernando said...

අඩේ..... මේ Post එකේ 1 වෙච්ච අය ගොඩාක් ඉන්නවනෙ... හිකිz....

මචං මල්ලි අහන්ඩ බැරිවුනා... උඹ ගැන ඔය කථා පැතිරෙව්වෙ අර උඹේ යාළුවෙක් වෙලා හිටිය "චීත්තෙ" වෙන්ඩ ඇතිනේද?

අංජන said...

ඔය කීපද්නෙක් වගේ පලවෙනිය මම කියල හිතාන කියවල ඉවරවෙලා බලද්දි කමෙන්ට් 18යි. ලිවිල්ලට ලැබිච්ච සම්මානෙ ගැන සුභපැතුම්. අපිට කියවන්න ලියන එකට ප්‍රනාමය!
...
...
...
අයියෝ ගංජ

Sajith Lab said...

පළමුව සුභ පැතුම්....
දෙවනුවත් සුභ පැතුම්....
තෙවනුවත් සුභ පැතුම්....
ලියන්න දෙයක් හිතට ආවේ නෑ බං. වැඩ ගොඩක් අස්සේ බැලුවේ.... ජයවේවා!!!!

වැසි දැරිය - The Rain Girl said...

සුබ පැතුම් අය්යේ..
හය්යෝ ඔයාටත් වෙන වැඩ!

Weni said...

තවත් මාරකයක් පැන්නා කියලා හිත හදා ගනින් මලේ..වචන අස්සෙන් ගලන මේ උදාර මිනිස්කම් නැවත නැවත අපිට කියවන්න ලැබේවා කියලා පතන්නම් ! ඒ කිව්වෙ මලයාව පොලෝසියට ආයි අහුවෙන්ඩ කියන එක නෙවෙයි..! මේ වගේ අත්දැකීම් වචන වලට හරවන්න ධෛර්‍යය , ශක්තිය හැමදාම නොඅඩුව ලැබෙන්ඩ කියලයි..

Madri said...

සුබ පැතුම්....
මුල ටික කියවගෙන යනකොට තනියම හිනා...මැවිලා වගේ පේනවා

දුකා said...

ඔය වගේ සීන් උඹටම වෙන්නේ මේ උඹේ බ්ලොග් එක ආසාවෙන් කියෝන අපි ගැනම හිතලා වෙන්ට ඕන . . . උඹ පව් යකෝ . ..

හිතහොඳ පිස්සා said...

ඔයින් බේරුනා මදෑ....එහෙනම් දැන් හොඳ පෝස්ට් ටිකක් ඕන සඳරු අයියෙ...........

ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව. said...

නහය කැඩුවෙ නැති එක ගැන සතුටුයි.ගියපාර හටනෙං නහයට පැලැස්තර දාපු නිසා මං හිතුවා ආයෙම් එව්වගේ එකක් දෝ කියල

දම්මි said...

ඔන්න මගෙනුත් සුභ පැතුම්! සඳරු මල්ලි ගැනත්, ඒ කිරි අම්මා ගැනත් දුක හිතුනා. මාර පොලෝසියක්නේ එහෙ තියෙන්නේ....

Anonymous said...

oyata thiyenne guti kana munakda affa? hhh... lakbime dala thiwuna pinthure nam ema ne ne

Dude said...

සඳරූ, මම උඹට කලින් සුභ පැතුවා. නමුත් මෙන්න ආයෙත් උනුසුම් සුභ පැතුම් ජයග්‍රහණ දෙකටම.

තමන්ගෙ දරුව වරද කලා කියලා උඹව බෙර ගන්න පොඩි එකෝ ඒ නැන්දගෙ පුදුම පැහැදීමක් තියෙන්න ඇතිඋඹ ගැන. මනුස්සකම වෑහෙන කතාවක්.

henryblogwalker the Dude

Dude said...

මම මේ අහන්නමයි හිටියෙ. මොකක්ද මේ වෙලාවකට ගෑනු ලමය වගෙ කමෙන්ට් මොඩරේට් කරනවා. වෙලාවකට නෑ. ඔන්න දැන් ඇරලා පාර. මොකද ඒ?
henryblogwalker the Dude

Abeetha Edirisinghe said...

මිනිස්සු විශ්වාස කරන්න එපා සඳරූ..... ලෝකය අපි හිතන තරම් හොඳ නෑ.... මේ දවස්වල ඔයිට වඩා අමාරුවක මම වැටිලා ඉන්නේ...

Podi Kumarihami said...

පහුගිය දවසවල හරියට කරදර වෙලා නේද? අනේ පව් ඔයා...කමක් නෑ හැමදේම වෙන්නේ හොඳටලුනේ.

ඔන්න ආයම සුබ පැතුවා....:D

Dude said...

පිස්සු හැදෙනව සඳරුවෝ. මම එක කොමෙන්ට් එකක් දාලා තව දෙයක් මතක් වෙලා දෙවෙනි එකත් දැම්මා. මෙන්න ඒ ගමන පලවෙනි එක අතුරුදහන් වුනා. මම ඩිංක්ස් එකක් දාල හෙම නෙවෙයි ඉන්නෙ ඔන්න.

henryblogwalker the Dude

පුබුදු said...

ජයග්‍රහණයට සුබපැතුම්,
//ඒත් විටෙන් විට මට හිතෙනවා මේ කරදර එන්නේ මාව හොයාගෙන විතරක්ම දෝ ? කියලත් .//
එහෙම හිතන්නත් එපා කරදර නැති උනාමත් ජීවිතේ කිසි ගතියක් නෑ නොවැ ;)

ක්සැන්ඩරයා said...

ඉස්සරලා උඹේ ජයට මගේ හද පිරි සුභපැතුම් පිලිගනින් මලේ. මම දැක්ක බුකියේ පොටෝ එක. ඒත් වෙලාවක් තිබ්බ වෙලාවක නෙවෙයි. මම ප්ලේන් එකේ එල්ලෙන්න ඉද්දි. උඹලගේ පැත්තේ තියන ගමේ කමට මම හරි කැමතියි. ඒත් මට හිතෙන්නේ එක දැන් ටික ටික නාගරීකරණය වෙලාදෝ කියලයි.

namals said...

අසාමාන්‍ය සුපිරි ලිවීමේ හැකියාවට උඹට සම්මාන ටොන් ගණනින් ලැබේවා! අපට ඒවා කියවන්න වාසනාව ලැබේවා! ජයවේවා !!!

Anonymous said...

සුබපැතුම් සදරුවෝ සම්මාන වලට.

//ඒත් විටෙන් විට මට හිතෙනවා මේ කරදර එන්නේ මාව හොයාගෙන විතරක්ම දෝ ? කියලත් .//

එහෙමම හිතන්න එපා මචෝ.....කරදර නැත්තෙ කාටද?

ItalyDilan said...

මේ කමෙන්ට් මොඩරේට් කිරීමෙන් උබ මේක බලන්න එන උන්ව මුලා කරනවා බලපන් ගොඩක් උන් හිතන්නේ 1 කමෙන්ට් එක කියලා මම 1 කියන්න ගන්නවා...
ඇත්තටම බන් මටත් බයිකෙ පාරට දාන්නම බෑ කොහෙන් හරි එකෙක් ඉදන් අත දානවා,,කොටින්ම පුස් බයිසිකලේ යද්දිත් දවසක් නැවැත්තුවා,නවත්තලා ලයිට් නෑ කියලා උන් හුලං ඇරියා..
උබටත් පොලිසි අපල වගේ නේ

Anonymous said...

ජයග්රහණයට සුබපැතු໦ !!!

LA

duliponline said...

අම්මපා උඹව වැඩි වැඩියෙං පොලීසියට කුදලගෙන යන්න ලැබෙන්නයි කියල මම පතනව . . . එතකොට අපිට නිතරම මේ වගේ කතා අහන්න ලැබෙනවනෙ

පැට්ටා said...

ඇත්තම කියහං.. අනිත් ගංජා ගෝනි ටීක කෝ?.. :පී

මම උඹට බුකියෙ සුබ පැතුවා නේ..... එහෙනං දැන් ඕන්නෑ.... :ඩී

Buddhi said...

පොලිසියට අහු උනාට සුබ පැතුම්! සොරි සොරි සම්මාන දෙකට....

neel said...

උඩ ෙකාෙමන්ට් 1ක ෙකාටද්දි 1ඉස්සරහට 0 ෙකාටන්න අමතක වුනාෙන්..

(ටිකක් හිනා ෙවන්න .. ඒකට මම දාපු ෙකාෙමන්ටුවම)

//අපේ ඉසව්ව බ්ලොග් එකේ සඳරුට සුභපැතුම් පොස්ට් එකක් දැකලා වැඩි ව්ස්තර හොයන කොට තමයි මේ පොස්ට් එක දැක්කේ.මම මුලින්ම දැකපු සිංහල බ්ලොග් එක තමයි හිස් අහස ඉංග්‍රීසි දැනුමක් නොමැති මට සිංහල බ්ලොග් කියලා දෙයක් ගැන දැන ගත්තාම ලොකු සතුටක් දැනුනා.කියවපු පළමු බ්ලොග් එකෙ තිබුන මටත් පුරුදු ගමේ කම නිසා ඒසතුට තවත් වැඩිවී අන්තිමට මම සිංහල බ්ලොග් වලට අබ්බැහි වුනා. කාලයක් යනකම්ම මම කියෙව්වෙ "හිස් අහස" විතරයි ඒකේ කොමෙන්ට් වලින් තමයි කියවන්න අනෙක් බ්ලොග් තොරා ගත්තේ .ඉතිං මම සිංහල බ්ලොග් වලට ඇබ්බැහි කල සඳරුට ලැබුන සම්මාන මට ලැබුන වගේ සතුටතක් මට දැනුනා.සඳරුට හදවතින්ම මගේ සුභ පැතුම්! (කොමෙන්ට් එක දිගවැඩිද මන්දා)//

ReplyDelete

ගැමියාගේ පත් ඉරුව said...

සඳරු අයියා පව් අප්පා... කරුමෙට හරි අර කිරි අම්මා නොකීවනම් ලාච්චුවේ තමා ඒ වචන සෙට් එක මතක්වෙද්දිත් ඇඟ හිරි වැටෙනවා... හම්මෝ....

රවාගෙන ඉන්න මූණ හින්දා වෙන්නැති ගුටිකන මූණ කියන්නේ ටිකක් හිනාවෙන්න පුරුදු වුනොත් මොකැ...

දේව් ගේ අඩවිය said...

මුලින්ම ආයෙත් සුභ පතනවා මල්ලිට.... ඇත්තටම අර දුකා අයියා කියලා තියන දේ තමයි මටත් හිතුනේ... මල්ලිට මේවා වෙන්නේ අපිට කියවන්නම වෙන්න ඇති... වෙන කෙනෙක්ට මේවා උනත් උබට තරම් ලස්සනට ලියන්න බැ කියලා දන්නවා මම

ජය වේවා.... හැමදේකටම...

කතන්දර Kathandara said...

මෙය සැබෑ කතාවක් යැයි සිතමි.

අපි සුදනෝ ජාති ආලයක් ඉස්සර කරගෙන මිනීමැරුම් ගැණ අමතක කරලා, ඒවා මතක් කරදෙන උන්ටද සාප කරන අපේ රටේ, අයුක්තිය වලක්වන්නට තමන්ගේ පුතාගේ වරද හෙලිකල එවැනි අම්මලා තවමත් ඉන්නවා යැයැ ඇසීමත් සතුටක්.

සදා වාසනාවන්.

පබලු said...

සම්පුර්ණ කතාවම කියෙව්වේ දැන්..පොලිසියෙන් බේරුනාට සන්තෝශයි.. අහවල් පොලිසිය කියලත් පොලිසියක් තියනවයි :පි

ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්ම්.. එක වර සම්මාන දෙකක්.. ජයෙන් ජය මලේ..

Sanjeewa Kanchana Paranahewage said...

සුබපැතුම්!(සම්මාන වලට)

Sumith Niriella said...

මේවා උඹටම විතරක් සිද්ධවෙන දේවල් නම් නෙවෙයි. ඒත සිදුවීම් දිගහැරෙන විදියට එහෙම හිතෙන එක පුදුමෙකුත් නෙවෙයි.

සෙන්නා said...

ඉස්සෙල්ලම ආයෙත් සුබ පතනවා සම්මාන දෙකට.

උඹට පොලෝසියෙන් අපලයි වගේ නේද ? කිරි අම්මගෙ අවංක කම නොවෙන්ඩ උඹ ආයෙමත් බලු කූඩුවෙ නේද ?

ආඩම්බර වෙයන් ඔහොම පෙම්බරියක් ඉන්න එක ගැන.

වෙච්ච අලකලංචියක් කොච්චර රසවත්ව ඉදිරිපත් කලාද උඹ. මාරයි බන්.

ජය !!

Pisakkaatuwa said...

යකෝ මේවා උඹටමනේ වෙන්නේ. දවසක් පොරක් රැ ලයිට් නැතිව බයිකේ යද්දී පොලිසියෙන් ඇල්ලුවාම පොර කිව්වලු පාරේ ලයිට් තියනවනේ කියල. එතකොට මුන් බයිකේ හුලං ඇරලා කිව්වලු, බයිකේ යනකොට හුලං වදිනවනේ දැන් පල කියල. මම කථාවේ කැමතිම කෑල්ල අර බැටන් පොල්ලෙන් වෙඩි තියන්න පුළුවන් කියල උඹ කියන එකට. මැවිලා පේනවා. සඳරුවා කැලේ කඩාගෙන දුවනවා. පොලිස්කාරයෝ ටික බැටන් පොලු කරේ තියන් වෙඩි තියනවා. ඩිෂුම්..ඩිෂුම්...

Unknown said...

සදරුවෝ... මෙි පාර අවුරුද්ද ආරමිභ කරන කොටම උඹට මෙි වගේම කොහේවත් නැති ගිනි ගෙඩියක් පත්තු උනා නේද? මොන දේ උනත් උඹ හිත කලබල කර ගන්න එපා. ගමෙි එවුන් දන්නවා නේ දැන් කවුද හරි.. වැරදි කියලා. කොහොම උනත් එතනා කිරි අමිමා ගැන ආඩමිබරයි මචෝ. තමන්ගේ පුතාව තව ලමයෙක් වෙනුවෙන් පරිත්‍යාග කරපු එකම ඇතියි.

Beetle said...

එතනා අම්මා නම් නියම කිරි අම්මා කෙනෙක්... තමන් වැදූ දරුවට වගේම අනික් හැම දරුවෙක් වෙනුවෙන්ම එක සමානව කිරි එරෙන බව පෙන්නුවා...

මේකෙන් ගන්න හෙන ලොකු පාඩමක් තියෙනවා මචෝ... කිසිම හේතුවක් උඩ කොච්චර සුළුපටු වුනත් නීති කඩන්න හොඳ නෑ... මට මේක කියලා දුන්නේ නීට් එකට වැඩකරන අපේ මහප්පා කෙනෙක්...

දැන් මෙතන හරිනම් වෙන්න ඕනේ උඹ පුටාර් එකක් ඉල්ලගෙන ගෙදර ගිහිල්ලා පර්ස් එක අරන් ඇවිල්ලා හෙල්මට් දෙකක් හොයාගෙන කිරි අම්මලා දෙන්නාව දෙපාරකට පාරට ගිහින් දාන එකයි... තාර දාලවත් නැති ගමේ පාරේ සුටුස් ගාලා ගිහින් එන වැඩේට මෙච්චර දෙයක් කරන එක විහිළුවක් වගේ වෙන්න පුළුවන්... ඒත් ඒ විහිළුවේ රඟේ උඹට ඊට පස්සේ වුණ දේවල් වලින් පැහැදිලි වෙන්න ඇති...

මේ විතරක් නෙවෙයි හරි දිනේට ඉන්ෂුවරන්ස් කරන එක.. වාහනේක නම් ආසන පටි/ බයික් නම් හෙල්මට් දාගෙන යන එක, ගෙදර දොරේ වැඩ වලදි හරි ආයුද පාවිච්චි කරන එක... මේ වගේ හැමදේම කොච්චර සුළුදෙයක් උණත් කම්මැලි නොබලා අඩමානෙට නැතුව හරියට කරන්න ඕනේ කියලා උන්දෑ මට ඉගැන්නුවා...

දැන් මම උඹට ඉගැන්නුවා :)

Bindi said...

හරිම අවංක අම්මෙක් . සඳරු පොලිසියෙන් ණයක් අරන් තියෙනවද මන්දා . සඳරුටමයි වෙන්නේ . සුබ පැතුවට වැඩියක් නැහැනේ . ඔන්න ආයෙමත් සුබම සුබ පැතුම් . ලේඛන දිවියේ දුර ගමනකට . මතකනේ මැක්සිම් ගෝර්කි , මාර්ටින් වික්‍රමසිංහ දෙන්නම් ජිවන තක්සලාවේ අකුරු කල අය. [ අහපන්කෝ දැන් ඉතින් මේ කවුද කියල ..D ]

ඉන්ද්‍රජිත් said...

මාර බෙරිල්ලක්නෙ...

මාතලන් said...

ගමේ තියෙන සුන්දරත්වය වගේම. දුෂ්ඨ අසික්කිත ගති සිරිත් ගැනත් ලිව්වට උඹට පින්. අපිත් ගම් වල මිනිස්සු නිසා ඕවා දන්නවා. ගම කියන තරම් ලස්සන නෑ.

හිස් අහස said...

@අහවලා = තෑන්ස්ක් මචං මුලින්ම ආවටයි සුබ පැතුවටයි . පොලීසියට අහු වුණේ නෑ දෙයියංගේ පිහිටෙන්.
.............................................................................................................................
@පූසා = ඒකනේන්නං ගෝනියවත් තිබ්බා නම් ඒක පලලා බූරු ඇඳකට ගහගන්න තිබ්බා නේද බං ?
.............................................................................................................................
@Sandun= එක වුණාම මොකෝ මචං තුන වුණාම මොකෝ ? ස්තූතියි කොල්ලෝ මාව දිරිමත් කරනවට උඹල කියෝන නිසා නේන්නම් මම මේ ලියන්නේ .
.............................................................................................................................
@Praසන්ன = මම වරදක් නොකල බව දෙයියොන්ට පෙනිලා මාව නොදොස් කලා නෙව අයියන්ඩි
.............................................................................................................................
@ඔබ නොදු‍ටු ලොවක්= අපොයි නෑ අපි බෝම ප්‍රීතියෙන් සාමයෙන් වැජඹෙනවා ! සඳවතියට මේ කමෙන්ට් එක පෙන්නවුවනම් උඩ යාවි ස්තූතියි ඈ
.............................................................................................................................
@Hishan Melanga = මගේ ස්තූතියත් පිළිගන්ඩ මචෝ
.............................................................................................................................
@Sudara Fernando= කතාව නම් ඇත්ත ගමේදිත් මම ගැන කට කතාවක් පතුරුවලා තිබුනේ එක්කෙනෙක් දෙන්නෙක් පමනයි . බ්ලොග් ලෝකේ බොහෝ දෙනෙක් මා එක්ක ඉන්න එක මටම පුදුමයක් . ඉතින් මචෝ අලුත් බ්ලොග් එක පැත්තේ ඔන්න මමත් ගෑටුවා . මචෝ නෑ නෑ ඌ නෙවෙයි මේ කතාව කියලා තියෙන්නේ කාන්තාවක් විසින් ..හිකි හිකි
.............................................................................................................................
@Stewart= ස්තුතියි මිත්‍රයා ! ආයෙත් එන්න
.............................................................................................................................
@චතූ = අඩේ මම බිය උනේමත් නෑ මම පොඩ්ඩක් එඩිතරව කතා කලා හැබැයි . කොහොමින් කොහොම හරි ආයෙත් ට්‍රැක් එකට නම් වැටුනා මොනා කරලා හරි ආයෙ නම් මම මේ බ්ලොග් එක පාලු කරන්නේ නෑ ස්තුතියි
.............................................................................................................................
@geeth= හප්පේ ඒකත් වෙන්න පුලුවන් නේද ? මට ඒක හාං කවිසියකටවත් මීටර් වුණේ නෑ නෙව .
.............................................................................................................................
@Dush=කැබිති ගොල්ලෑවත් අම්පාර වගේම තමයි . පලාත් දෙකම එකම විදිහ වියලි කාලගුනේ වැවු කුඹුරු හරියට නිවුන් දරුවෝ දෙන්නෙක් වගේ
.............................................................................................................................
@මිත්‍යාදෘෂ්ටිකයා= උඹ ඉතින් කමෙන්ට් නොකෙරුවාට උඹයි අයියයි දෙන්නම මගේ බ්ලොග් එක කියෝලා සතුටු වෙන විත්තිය මම දන්නවා මචෝ . ආයේ ඇවිදින් යමු මේ පැත්තේ .
.............................................................................................................................
@වෙද ගෙදර මහ වෙදනා= මිස්ටර් කියන වදන මගේ පපුවට බර වැඩියි වෙද මාමේ ඒත් එහෙවු දෙයක් ලැබෙන්ඩ පින තියනවා නම් මම ඒ පිනට පිටුපාන්නේ නෑ . ස්තුතියි මට කල හැම උදවුවකටම .
.............................................................................................................................
@sajith Bandara= අම්මේ අවුරුද්දකුත් එනවා නේද ? උඹටත් ජයනෙ ජයම වේවා කියලා මමත් සුබ පතන්නම්කෝ ස්තූතියි බං

හිස් අහස said...

@නුවන් = එහෙම අම්මලත් ඉන්නවා කියලා මම එදා දැනගත්තා . හැම පුතෙක්ම තමන්ගේ වගේ කියලා හිතන්න පුලුවන් අය හරි අඩුයි
.............................................................................................................................
@ලහිරු = මම කතා ලියන්නේ උඹලත් දුකක් දෙන්ඩ නෙවේ බොලවු හිනා වෙලා පලයල්ලා .මම නැවැත්තුවේ නැත්තේ ලයිසන් හෙල්මට් නැති නිසා . ඔන්න බලහං වෙන දේවල්
.............................................................................................................................
@හිතුවක්කාරි =ස්තූතියි ඔයාට අවංක කම රත්තරන් කියලා මට නම් එදා තේරුනා අනේ . ටිකක් අපලයි තමා පරිස්සම් වෙන්ඩ ඕනෙ
.............................................................................................................................
@Anonymou= යාළුවා කවුද කියලා නම් මට හිතාගන්ඩ අමාරුයි . අවුලක් නෑ කවුරු වුණත් මගේ බ්ලොග් එක කියවන මට ලෙංගතු එකෙක් නේ .මම ලියන දේවල් ගැන කවදාකවත් මට සෑහීමකට පත් වෙන්ඩ නම් බැරි වුණා . මට හැමදාමත් මම ලියන ඒවා පොඩි එකෙක් ලියූ රචනයක් වගේ තමයි දැනෙන්නේ .ඒත් ඔයාලට ඒවා හොඳ නම් මම තව ලියන්නම් . අත් වල පන තියනකම් .තෑගි නැතත් බ්ලොග් එක කියෝලා කමෙන් එකක් දාල යන්ඩ . ඒ මදෑ මට ස්තූතියි මචෝ
.............................................................................................................................
@අංජන සතරංග= එක වුණාම මොකෝ අන්තිම වුණාම මොකෝ මට හැම කමෙන්ට් එකක්ම වැදගත් නෙව . ස්තුතියි මිත්‍රයා ගංජ නම් ජීවිතේට කටේ තියන්ඩ හිතන්නෙපා .
.............................................................................................................................
@Sajith Lab= කමෙන්ට් මොකටෙයි බං උබලා කියෝලා ගියා කියලා මම හිත හදාගන්නම් මේක කියවන්න කාලයක් දීපු එකම මට වටිනවා නොවැ
.............................................................................................................................
@වර්ෂා= අහේතු කාලේන නංඟියේ
.............................................................................................................................
@Weni= නෑ නෑ වෙනි අයියා උඹ කීවේ මාව ආයේ පොලීසියෙන් කුදලාගෙන යන්ඩ කියලා තමා නෑ කියන්ඩෙපා !! මට තේ අරන් දුන්නට තෑන්ක්ස් මචං
.............................................................................................................................
@චූටි නෝනා = අනේ ඉතින් චූටි නෝනේ උඹලට හිනා ගියා නම් මටත් මාර සතුටුයිනේ . ස්තූතියි ආවට කමෙන්ට් දුන්නට
.............................................................................................................................
@දුකා = උඹලා මොකක් හරි ප්ලෑනක් ගහලා මෙවුවා කරෝනවද මන්දා බං අයියේ මට වෙලාවකට එහෙමත් හිතෙනවා .
.............................................................................................................................
@හිතහොඳ පිස්සා= හොඳ පෝස්ට් ටිකක් දෙන්ඩ උත්සහ කරන්නම් මචෝ . ස්තුතියි හයිය දුන්නට
.............................................................................................................................
@ඊමේල් කවිකාරි =නෑ නෑ ආයේ හටං වලය යන්නේ නෑ කවි කාරී මම මෙදා පාර ඉඳන් සාමෙන් වැඩ
.............................................................................................................................
@දම්මි = ආනේ අලුත් කෙනෙක් වගේ . ? ඉතින් දම්මි සුබ පැතුම රටක් වටිනවා අපිට
.............................................................................................................................
@Anonymous= ඒක නේන්නම් මචං මට ගුටි කන මූනක් තියනවා කියලා පොලීසියේ මාමෙක් නෙව කීවේ බං ඇත්තටම මට තියෙන්නේ පිං පාට මූනක්
.............................................................................................................................
@Dude = මචෝ අද දවසෙම මට වැඩ ඒක නිසා වරින් වර කමෙන්ට් පබ්ලිෂ් කරන්ඩ වෙන්නේ නැති නිසා ඔන්න මම කමෙන්ට් මොඩරේට් ඉවත් කරලා වැඩට ගියා . මම බලද්දී මචෝ උඹගේ කමෙන්ට් එක ස්පෑම් වෙලා තිබ්බේ ඔන්න හැදුවා

හිස් අහස said...

@අභීත = උඹ මොන වගේ මිනිහෙක්ද කියලා මම දන්නවා අයියා . උඹ මම ගැන හොයලා බැලුව එක මට මාරම සතුටක් බං . උඹට මොකෝ බං උනේ ?
.............................................................................................................................
@Praveena Palipana = මොකෝ පොඩ්ඩි නම වෙනස් කරගෙන පහු ගිය ටිකේ මට බ්ලොග් එකක්වත් කියවන්ඩ වුණේ මාර අහම්බෙන් අනේ
.............................................................................................................................
@W.පුබුදු=ඇත්ත තමා හැල හැප්පීම් මැද ගෙවන දිවිය සුන්දරයිලුනේ අලුත් කෙනෙක් ද මේ?
.............................................................................................................................
@ක්සැන්ඩර් = අඩේ උඹත් ඒරොප්පෙද ඉන්නේ ? මම හිතාන උන්නේ මචෝ උඹ ලංකාවේ මම වගේම ඉස්න්ට්ටියුට් එකෙක උගන්නවා කියලයි
.............................................................................................................................
@namals= මගේ හිතට හයිය දුන්නට උඹට මම ස්තූතියි කියන්නම් බං .. ජයෙන් ජයම වේවා !
.............................................................................................................................
@roylyfernando=අඩේ රොයිලි අයියා උඹත් මගේ බ්ලොගේ කියෝනවද බං ? එල එල මාර හැපී ඈ ස්තුතියි මේ පැත්තේ ආවට
.............................................................................................................................
@ItalyDilan= ඔන්න ඉතින් උඹත් මර මරිසි දානවා . මචෝ අද උදේ ඉඳන් මේ බ්ලොගේ කමෙන්ට් මොඩරේට් ඉවත් කොල්ලයි තිබ්බේ . උඹට තේරෙන්න ඇති කමෙන්ට් කරද්දී . පොලීසියෙන් නම් මට මාරක අපල තියනවා බං ඒත් බොහෝ පොලිස් නිලධාරින් මට ආදරෙයි
.............................................................................................................................
@LA = ස්තුතියි මචෝ කවුරු වුණත් ස්තුතියි .
.............................................................................................................................
@ඕනෙයා = නොදකිං බං උඹ ? මාව ආයේ පොලීසි ගෙන්ච්චොත් මම කියනවා උඹ තමා මාව මේ වැඩ වලට පෙලඹෙවුවේ කියලා
.............................................................................................................................
@අවංක පැට්ටා= ඔන්න බලපල්ලා ඉතින් මුං අපේ ගමේ එවුන්ට එහා ! ආයේ මාව මීට් වුණාම සුබ පතහංකෝ
.............................................................................................................................
@බුද්ධි= අනේ අනිච්චං ! උඹත් . තෑන්ක්ස් බුද්ධි අයියා
.............................................................................................................................
@neel = ආයෙත් ස්තුතියි කියන්නම් මචෝ ඒනම් . උඹලා වගේ කියවලා හයිය දීලා යන එය නොවෙන්න අද අපි ලොවෙත් නෑ බං
.............................................................................................................................
@ගැමියාගේ පත් ඉරුව = හිනාවෙන්ඩ ? ආ ඒ ගැන ලීවොත් හොඳයි කතාවක් . ස්තුතියි ගැමියෝ මට ඒ ගැන මතක් කලාට . උඹ නම් නියමයි
.............................................................................................................................
@දේවාගේ අඩවිය = උඹ ඉතින් මට සුබ පැතූ හැටි මට මතකයි බං .උඹලට මම ලියන ඒවා ලස්සන නම් ඉතින් මටත් ඒ සතුටම මදෑ මේක ලියාගෙන යන්ඩ .
.............................................................................................................................
@කතන්දර = මේ කතාව හැබෑ කතාවක් මට වුන සත්‍ය සිද්දියක් නමුත් කතන්දර මම මේක රසවත් කිරීමට අතින් පයින් එහෙම දාපු කෑලි බෑලිත් මේ කතාව අතරින් පතර තියනවා . හයිය දුන්නට ස්තුතියි !! ජයෙන් ජය
.............................................................................................................................
@පබලු=අක්කේ ඇත්ත පොලීසියේ නම කීවොත් හෙම ආයෙ මව දක්කගෙන යාවි කියලයි මම හවල් පොලීසිය කියලා දැම්මේ

හිස් අහස said...

@Sanjeewa Kanchana= ස්තුතියි මචෝ
.............................................................................................................................
@Sumith Niriella= කරදර බාදක මැදින් ගලන ජීවිතේ සුන්දර නිසා මට මොන දේ වුණත් හිතේ කහටක් නෑ මචෝ
.............................................................................................................................
@Senna = මට දෙයක් වුණාම ආයේ ඉතින් ඒක බ්ලොගේ ලියන එක දැන් පුරුද්දක් වෙලා . පෙම්බරී ගැන නම් හෙනට ආඩම්බරයි බං .
.............................................................................................................................
@Pisakkaatuwa= පට්ට කතාව . හැබැයි ඉතින් පොලීසිය වැරදිත් නෑ හෙල්මට් නොදා ලයිසන් නැතිව බයික්වල ගිය මමත් වැරදියි . අර කතාවකුත් තියෙන්නේ මෝල් ගහත් කරුමෙට පත්තු වෙනවා කියලා
.............................................................................................................................
@Nadun Shiwantha= කතාව නම් සහතික ඇත්ත කෝම වෙතත් මේ අවුරුද්ද මට හරිම වාසානාවන්ත වසරක් බව මගේ හිත දන්නවා . එහෙන් මෙහෙන් මට කරදර සිද්ද වුණත් සතුට ගෙන දෙන දේවලුත් සිද්ද වුණා ඕනෙ තරම්
.............................................................................................................................
@Beetle= බීටලයියා ! උඹ හරි මම සියේට සීයක්ම වැරදියි . හෙල්මට් නොදා ලයිසන් නැතිව දෙන්නෙක් යන බයික්කේ තුන් දෙනෙක් අරං ගියාම මම හරි කියලා කාටවත් කියන්න බෑ මාව බේරපු එකට අර වයසක උන්දැට පින් දෙන්න නම් ඕනෙ . උඹ දන්නවා නේ මම උඹගෙන් උපදෙස් පතන බව
.............................................................................................................................
@Bindi = කරදර බාදක පොඩ්ඩක් ආවට මට කවදාකවත් ජීවිතේ එපා වෙන එකක් නම් නෑ මම තව තව පදම් වේවි අක්කේ . ඔයි කීව ලේකකයෝ දෙන්නාගෙම පොත් මම කියෝලා තියනවා අක්කන්ඩි . හික් හික්
.............................................................................................................................
@ඉන්ද්‍රජිත් = ආයෙත් අහලා තව පොඩ්ඩෙන් මම උලු ගයිනවා
.............................................................................................................................
@මාතලන් = ගමේ සුන්දරත්වය මීට වසර 7කට විතර උඩදී නැති වුණා අයියා . ඒත් අර සුන්දර ගමේ චායාව තාමත් යාන්තමට වගේ ඉතිරි වෙලා තියනවා අපි තමයි ඔය සුන්දරත්වය විඳින අවසන් පරපුර වෙන්නේ

Dinesh said...

උඹටනම් පොලීසියෙන් අපලයක් තියෙනවා වගේ සදරුවෝ.. අවුරුද්ද පටන්ගත්තෙත් ඕක අස්සේ රිංගලා නේ.. කෝකටත් පරිස්සමින්.. උඹ වැරදි නොකරන බව අපි දන්නවා.. කොයිමවෙලාවකවත් නීති කඩන්න එපා.. අන්න ඒ වෙලාවට උඹ කිවුවත් වගේ බැටන් පොල්ලත් පත්තු වෙනවා..

කිරි අම්මා තමන්ගේ පුතා උනත් ඌ වැරද්ද කලා කියන්න තරම් නිහතමානී වීම් ඇත්තටම සතුටක්.. පොල් ගස් බඩ ගාන්න උනාට උඹ අකමැත්තෙන් හිටියට ඒ වැඩ වලට හදවතින්ම උදවු කරපු පින තමයි උඹව බේරුවේ..

මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ said...

තමන්ගේ හර්දශාක්ෂිය දන්නවනේ සදරු අයියේ තමන් කරපුදේ.. එක නිසා බය වෙන්න එපා.. ජය ශ්‍රි..!

සුරා යකා said...

අප්පේ ඔයිං ගියා මදැයි .....මොනවා උනත් කේන්දරේ බලව ගත්තොත් හොදයි මයේ හිතේ .....

janakanet said...

"සුභ පැතුම්" සඳරු. සුපිරියට ලියලා තියනවා. එදිනෙදා ජීවිතේ සිදුවෙන දේවල් තව කෙනෙකුට අහන් ඉන්න, කියවන්න ආස හිතෙන විදිහට කියන්න, ලියන්න පුලුවන් කියන්නේ විශේෂ හැකියාවක්.
උඹට ජය.

Harshana said...

ඒත් මම බැලුවා මූ කොහොමද මෙදා පාර පොලිසියට යන්නේ නැතුව බේරුනේ කියල... :P

අසරණයා said...

ටිකක් කේන්දරේ බලාගනින්.මටත් ඒ වගේම අපලයි.එපා වෙන්න තරම් ප්‍රශ්න.

Anonymous said...

අනූනවයෙන්නේ බං බේරිලා තියෙන්නේ...

~ChAnDiKa~ said...

සඳරුවෝ මේන් මගෙනුත් සුභපැතුම් ආ. ජයෙන් ජයම වේවා!!!!!! :)

කිරිපුතා said...

අනේ මන්දා මචෝ, උඹ පුවක් ගහකට නැග්ගත් ඒකෙ දෙබලක්. කොයිකටත් කාට හරි කියලා උඹේ වෙලාව බලවගනිං.

Ru_Sirini said...

තාමත් තමන්ගෙ හෘද සාක්ෂියට ගරු කරන මිනිස්සු ඉන්නවා කියලා හිතුනා කිරි අම්මගෙ කතාව ඇහුවම..

හද පතුලි සුභ පතමි ජයග්‍රහණයට..නුඹට හිමි විය යුතුම දෙයක..

Anonymous said...

සඳරු මල්ලිට කලිනුත් සුභ පැතුවා මන් ....ටිකක් පරක්කු වෙලා...ආයෙත් ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා සම්මානයට හිමිකම් ලැබුවාට .
කතන්දරේ සුපර් !! අවංක වූ අම්මට මල් තිය වඳින්න වටිනවා. සඳරුගේ පෙම්වතීටත් මගේ ප්‍රණාමය !!
ඔය වගේ සිද්ධි අනිත් කාට වුනත් ඔයාට වගේ ලස්සනට ලියන්න බැහැ කියලයි මට හිතෙන්නේ.
මෙච්චර කල් ලියපු කතන්දර එකතු කරලා පොතක් පල කරනවද නැද්ද? මොකද කියන්නේ?
මමත් ගමක ඉපදිලා ගමේම හැදුනු වැඩුණු කෙනෙක් දැන් පිට දේසෙක හිටියට. මව්බිමට ආපු වෙලාවක සඳරු මල්ලිගේ ගම බලන්න එන්න ආසයි.

මල පියලි

Anonymous said...

අපරාදේ ගෝනිය විකුනගත්තනම් කීයක්ද...................

මාධව විදුරංග said...

උඹට ඕවා වෙන්නෙ අපිට කියවන්න දේවල් ඕනි නිසා බං! පට්ට කේස් එක!

සම්මනෙ ගැන කියනවනං මචෝ! මං ෆේස් බුකියෙ දැක්කා! උණුසුම් සුභ පැතුම්! හම්!

Ruka said...

උඹටත් උඹෙ බ්ලොගයටත් රත්නස්ත්‍රයේම පිහිටයි කොලූ.
සැහෙන කාලෙකින් මෙ පැත්තේ ආවේ.

Anonymous said...

ela sandaruwo.........

polwattacom

ලොකු පුතා said...

ලබපු ජය වෙනුවෙන් මගෙනුත් උණුසම් සුබ පැතුම්.....!!
(ජයග්‍රහණය ගැන කෙළින්ම ඇවිත් උඹට සුබ පතන්න බැරි උන බව මතක් උනේ දැන්... )

උඹටත් වෙන වැඩ...
ගමවල් වල එහෙම තමයි බං. පොඩ්ඩ ඇත්නම් කයි කතන්දර හැදෙනවා. ඒත් ඒ සැනින්ම ඒවා නැති වෙලාත් යනවා.
ඒ නිසා එව්වා වැඩිය ගණන් ගන්න දෙයක් නැහැ බං...
දැන් ඔක්කොම හරිනේ.
අර කිව්වත් වගේ පෙම්බරී උඹගේ පැත්තට ඉන්නවනේ, ඒ මදෑ මුළු ලෝකෙම නැති උනත්... :)
හිස් අහසට ජය වේවා....!

elephas said...

අෆ්ෆා අපි එහෙම සම්මාන 2ක් ගැන දන්නෑනේ සහෝදරයා. දැන ගත්ත වෙලාවෙ ඔන්න සුබ ම සුබ පැතුම් කිවුවා.
හැමදාම වගේ කතාව නං මරු.....

Malya said...

සුභ පැතුම් සඳරු..මේ බ්ලොග් එකේ ලිපි ලියවෙන්නේ නැති වුනාම මුළු බ්ලොග් අවකාශයම නැවතිලා වගෙයි.ජය වේවා...

සිත්රූ සිහින said...

පලවෙනි කොටස කියවද්දි මේ තරම් දෙයක් වෙයි කියලනම් හිතුනෙම නැහැ..කොහොම වුනත් ඒ වයසක අම්ම හොඳ අවංක කෙනෙක්..නැත්නම් පිට දරුවෙක් වෙනුවෙන් තමන්ගෙ දරුවා පාවා දේවිද..ඇත්තටම සඳරු ඔයා කියන්න වගේ ඔයාගෙ ගමේ ඉන්නෙ නම් දාහකින් සොයා ගන්න බැරි අහිංසක අවංක මිනිස්සු..

එක පාරක් සුබ පැතුවා සම්මානෙට..ඒත් ඔන්න ආයෙත් සුබම සුබ පැතුම්.. :)

Charaka said...

අර කිව්වත් වගෙ මේ ප්‍රශ්න සඳරුව හොයා ගෙන එනව වගෙ නෙන්නම්.
හෑබෑයි ඉතින් කොහොමින් කොහොමින් හරි ඒ ප්‍රශ්නෙන් නිදහස් වෙච්ච එක ගෑන ස්තුටුයි.
සම්මාන වලටත් සුභ පෑතුම්! ජයෙන් ජය!
අර අහවලා කියල තිබුන වගෙ, ස්ඳරුගෙ ගමේ කතාවක් කියෙව්වෙ නෑත්තන් ගතියක් නෑ වගෙ.

Tanikada said...

සුබ පැතුම්...

පොලිසියන් මාර සපෝර්ට් එකක්නේ ලැබිල තියෙන්නෙ...

// ඇයි මේ තුන්දෙනෙක්? කෝ හෙල්මට්?, කෝ ලයිසන්?, කෝ අයිඩී? වෙන ගංජා ගෝනි ගැන දන්නවද? ඔවු . ! නෑ නෑ ! මේ//

මේවා ඔක්කොම අමතක කරලනේ ....

මින් said...

මචං උඹ ඔයිට වඩා සම්මාන ගන්න ඕනෙ එකෙක්.....
මගේ උණුසුම් සුභපැතුම්.....!

මේ.... ඒක නෙමෙයි..... අර ගංජා ගෝනියෙන් ඉතුරු කරගත්ත ටිකක්වත් නැතුව ඇති නේ......??

සුදීක said...

මමනං හිතන්නේ මෙතන කමෙන්ට් දාපු බොහොමයක් අයට වැරදුනා කියලයි. අර කිරි අම්ම බේර ගත්තේ සඳරු මලයව නෙවෙයි, මුළු පොලිස් දෙපාර්ථමෙන්තුවම. වැරදිලාවත් එගොල්ලන්ට හරි කෙනා අල්ල ගන්න බැරි වෙලා සඳරු මලයා හිරේ ගියානම් අපි තියන විරෝධතා වලටයි ලියන බ්ලොග් ලිපි වලටයි උත්තර දෙන්න ස්කොට්ලන්ඩ් යාඩ් එකෙන් තමයි ගේන්න වෙන්නේ.

සඳරුට මේ සම්මාන ලැබෙන බව මගේ හිත කිව්වේ මේව කියවන්න පටන් ගත්ත මුල් කාලයෙමයි. මගේ බ්ලොග් එකේ මුල්ම සාමජිකයින් කීප දෙනා අතරේ සඳරුත් හිටියා ඒක මට ලොකු හයියක්. මගේ ලිපි වලට කමෙන්ටුත් දැම්මා. එහෙව් එකේ මේ සම්මාන මට ලැබුන වගෙ සතුටක් මට දැනෙන්නේ. ලියන කෙනෙක් විදියට රසය නොමර ලියවන කියන්නෙ පුදුම කාරියක් කියල මට හොඳටම තේරෙනවා.

එක්තරා ගුවන් සමාගමකට සේවකයින් බඳව ගනිද්දී තමන් වඩාත් අපහසුතාවට මුහුණ දුන් අවස්ථාවක් කියන්න කියනවාළු. ඒ කියවද්දි හිනාමුසු මුහුණින් කියන අය තමයි තෝරගෙන තියෙන්නේ. සඳරුගේ කතා කියවන හැම විටකදීම මට මේ කාරණය මතක් වුනත් අද ඒක ලියන්න අවස්ථාවක් කර ගත්ත.

ඉතින් සඳරු මලේ මේ ලැබූ ජයග්‍රහණයට සුබ පතන ගමන්ම මේ සම්මානත් පොලීසියෙන් ලැබූ උපහාසත් එක සමානව ගන්න කියලා ඉල්ලනවා. සම්මාන වලින් උඩඟු නොවන්නත්, පොලිස් ගල් මුල් වලදී මානසිකව ඇද නොවැටෙන්නත් හැකි නම් උඹයි මගෙ පුතා උතුම් කියලා අර රඩ්යාඩ් කිප්ලින්ද, සුනිල් එදිරිසිංහද කියල තියෙනවනේ. එහෙනම් මේ ඔවදන් හිතට අරන් ඉතාමත් රසවත් ලිපි ලියන්න ශක්තිය දහිරිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම්.

ඇවිද්ද පය ......

රයිටර් said...

හින්තෙරුවෙන්ම සඳරු අයියගේ නිර්දෝෂීකම දන්නා හන්දයි, මගට ගෙනත් දාන්න ආව මනුස්සකම හින්දයි මිසි හාමි කිරි අම්මාගේ හිත උණු වෙන්න ඇත්තේ.

මාව බ්ලොග් කාරයෙක් කලේ සඳරු අයියගේ ගමක බයියෙක් දුටු නගරේ සුන්දරත්වය කතාව. ඉතින් මගේ ගුරුවරයා උඹයි සඳරු අයියේ. මම එක හිතින්ම උඹට සුබ පතනවා සඳරු අයියේ.

අරුණ හෙට්ටිආරච්චි said...

සදරුවෝ. පරක්කු වෙලා හරි මමත් ආවා උඹට සුභ පතන්න. ඔය පොලිස් කාරයෝ ගැන නම් මට තියෙන්නේ මහා කලකිරීමක්. ගංජා කන්සා නෙවෙයි ඕන එකක් අරං යන්න පුළුවන් කියක් හරි අත මිට මෙලෙව්ව නම්. 100% නෙවෙයි බහුතරයක්.
අවංකව ඇත්ත කියලා තමන්ගේ පුතාව නීතියට භාර කරපු කිරි අම්මටත් මගේ ප්‍රණාමය. ඇත්තටම මෙහෙම මිනිස්සු අද ඉන්නවද කියලත් හිතුනා....

දිනුක said...

සම්මානෙ ගැන දැනගත්තේ පත්තරේ තිබිලා.මගේ ප්‍රියම්භිකාව තමයි කිව්වෙ ඔන්න සඳරුට හොඳම බ්ලොගට සම්මාන ලැබිලා කියලා.ඇත්තටම සතුටුයි සඳරුවො.මම බ්ලොග පටන්ගත්ත මුලම දවස්වල ප්‍රවීණයෙක් විදිහට ඇවිත් මාව දිරිමත් කළාට(මාව විතරක් නෙමෙයි තව ගොඩක් ආධුනිකයින්ව ) උඹට වෙනම සම්මානයක් දෙන්න ඕනෙ.ජයෙන් ජය.හැබැයි පත්තරේ උඹේ ඔක්කොම විසතර දාලනෙ බොලේ.දැං ඉතිං රෙදි ඇඳගෙන උඹ පාරෙ යන්නෙ කොහොමෙයි??

ශ්‍රී said...

හපොයි හපොයි උඹටත් වෙන වැඩ!
මටත් බැරි උනානේ සුභ පතන්න... ඔන්න එහෙනම් ජය වේවා කිව්වා !!!

චතුරිකා ජයංගනී කස්තුරිඅාරච්චි said...

අනේ මල්ලියෙ උඹ නම් ඉපදිලා තියෙන්නෙ පුදුම නැකතකින්. ඇයි යකෝ නැත්තම් මෙහෙමත් දේවල් වෙනවද මිනිස්සුන්ට?මම මලයට බුකියෙත් සුබ පැතුවා (සම්මාන වලට ).ආයෙත් මම මගේ මුලු හදවතින්ම උඹට සුබ පතනවා. මලයෝ මමත් බ්ලොග් කියවන්න පුරුදු උනේ උඹ නිසා. උඹට පින් ඒකට.... සදා ජය!!!!!

Kalpanee Abeyratne said...

මුලු කතාව ම කියවලා කමෙන්ට් කරන්ඩ හිටියට, වැඩ නිසා බැරි වුණා.. මුලින් ම අයියගේ ජයග්‍රහණයට හදවතින් ම සුබ පතනවා!
ඔය සිදුවීම ඒ හැටි ගනං ගන්ඩ එපා අයියේ.. කොහොමත් ගම්වල දී කටකතා පැතිරෙන්නෙ Rocket යනවා වගේ; අත්දැකීමෙන් කියන්නේ.. එහෙව් එකේ, ඔයින් ගියා මදැයි! අද හිතට දුකක් දැනුණත්, හෙට මතක් කරලා හිනා වෙන්ඩ පුලුවන් දෙයක් විදිහට හිතුවා ම හරි... =)
ඔබේ පෙම්බරියට හද පිරි ප්‍රණාමය!!
සදා ජය!

සරත් ලංකාප්‍රිය said...

මන් හිතන්නේ දෙයියෝ තමයි ඔයවිදිහට අපුරු සිදුවීම් වලට සඳරුවාව තල්ලු කරන්නේ.. එතකොට ඌ ඕක බ්ලොගේ රස කරලා ලියනවා. මේ දවස්වල දෙයියොත් බ්ලොග් කියවන්වාලු..

පරිකල්පන said...

බ්ලොගේ ලියවෙන් නෑ ලියවෙන්නෑ වගේ තිබ්බෙ මොකද කියල බැලුව. කොහොම උනත් වස් දොස් යන්නනං මොනා හරි කරන්න වෙයි වගේ...

...

ජයග්‍රහණයට හදවතින්ම සුභ පතනව. ජය!

D-tec Creations said...

මගෙන් උණුසුම් සුභ පැතුම් සදරු මලේ..

- Dilshan Virajith -

Unknown said...

අනේ මන්දා මලේ ඔයාටත් වෙන වැඩ. කමක් නෑ කොහොම හරි බේරෙන නිසා.ඇත්ත දිනන නිසා හොදයි.

ඔන්න ආයෙත් පාරක් සුභ පැතුම්....

Anonymous said...

වෙනද වගේම අදත් කතාව එලයි.
"ගිල්ලාමුරේ"
එල වචනෙ මචෝ.මම මේවචනෙ ජනප්‍රිය කරන්න ට්ර්යි එකක් දෙන්න ඕනෙ. ඕක දකුනු පලාතෙ අහෙන්නෙ නැති වචනයක්.
උඔ රෝයල් එකේ තිබ්බ තරගෙකින් දිනලා කියලා තියනවා දැකලා මාර ත්‍රිල් එකක් ආවා. ජයෙන් ජය මචෝ.
JH

ටීම් ට්‍රැවලර්ස් said...

ඉස්සෙල්ලාම රෝයල් එකේ කම්පෙටිෂන් එකෙං උඹ දිනපු එක ගැන බික්කෙන්ම සතොසයි. උඹේ ජයග්‍රහනේ මතක් කරලා අද බාගයක් ගහනවා තනියම මම :P

දිගටම ලියහං. උඹට ජය!

හිස් අහස said...

කමෙන්ට් දුන්න සුබ පතවුව හැමෝටම ස්තූතියි ..තව කතාවක් ලියමු හෙට අනිද්දා දිහාට විතර

Evil Assassin = අඩේ මචෝ උඹ දවසින් මයෙ බ්ලොග් එක සේරෝම කියෙවුවා නේ .. එල ඈ

රාජ් said...

බුදු අම්මේ උඹටත් වෙන දේවලග්. මේව්ව උඹටමනේ වෙන්නෙ.

පිස්සා පලාමල්ල said...

කොටස් දෙකම බැලුවෙ දැන් බන්.... ඔක්කොම විසඳුනා නම් එච්චරයි කොල්ලො...

Sudara Fernando said...

700,000+

පිස්සු හැදෙයි බට්ටි මැරෙයි කිව්වලු......
යමු යමු ඔහොම යමු....

ජය වේවා මල්ලියට....

Hashan Kaveesha Thalgasduwa said...

Noolen nede berila thiyenne ayye.Eheth mata thawama therum ganna ba kawruda thama putha pawa dunne kiyala.E misi hami da? Ethana da?

සොඳුරු සඳවතී said...

කොටස් දෙකම කියෙව්වා... ඇති නේද ඔයින් ගියා... ඔන්න ජයග්‍රහණයට උණුසුම් සුභ පැතුම් මගෙනුත්

සිතූ - Sithu - said...

"බැටන් පොල්ලෙන් හරි වෙඩි තියන්න බැරිකමක් නැති නිසා මම දුවන් නැතුං ඉන්න තීරණය කළා"
"බුලත් කෙළ තමුන්ට ගහන්න තමුන් පඩික්කමක්ද ?"
Hehehee..මේක කියවද්දි මට හයියෙන් හිනා ගියා.. :))) lol

මිනිස්සු කියන්නෙ මහ අමුතුම ජාතියක් අයියා.. මටත් ඔය වගේ අත්දැකීමක් තියෙනවා.. ඒත් ඒවා හිත හිතා හිටියොත් අපිමයි පරාද වෙන්නෙ.. ඔව්ව ගණන් ගන්න එපා.. :)

සම්මාන දෙකටම මගෙනුත් උණුසුම් සුබ පැතුම්!!! ඒ දෙකම හිස් අහසට හම්බුනු එක පුදුමයක් නෙවෙයි.. :)

Tharindu said...

මෙන්න මගෙනුත්
මගේ උනුසුම් සුබ පතුම් සදරුවෝ....

මච්න් උබ ඈතටම උබ කන්සා ගෑන ඩනෙ නෑද්ද ??

Charith Samarakoon said...

ගොඩ කාලෙකින් ගොඩවුණේ බං... අප්පට සිරි ජයවේවා... අනේ අදයි දැක්කෙ සම්මානෙ ගැන... සන්තෝසයි... ආයෙ වෙන මොන කතාද හිස් අහස එක...

nadeen said...

ජයවේවා අපෙන් උණුසුම් සුබ පැතුම්!

නජාත් අක්‍රම් said...

මටත් අමතක උනා නේ සුබ පතන්න.. මේ විභාග කෙරුවාවල් අස්සේ ඒකත් අමතක ම වෙලා ගියා.. අපේ සුබ පැතුම් සඳරුවෝ.. තවත් ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්ඩ කියලා ප්‍රර්ථනා කරනවා..

Anonymous said...

ලබන පාරත් ඔය සර්‍මමාන දෙක කාටවත් දෙන්න එපා

shaminda said...

සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා කියන කතාව,උබට ලැබිල තියන සම්මාන වලින් පේනවා මචෝ........හැබෑවටම මේ කතා වල කියන තරම් "අලුකුත්තෙරුවෙක්ද"බන් උබ...............??????????????

shaminda srinath said...

මට මතක නේ මම මේකට එක පාරක කමෙන්ට් කරද කියල......කොහොමහරි නියම කතාවක් සදරුවා,දිගටම ලියපන් මචන්...මතක තියාගනින් "උබ නිසා" තව කව්රු හරි සතුටු වෙනවා කියල මේ බ්ලොග් කියවල....

ජීවිතේ මල් said...

පැතුවා පැතුවා.
ඒත් සඳරුවෝ උඹට තව සිය වතාවක් පැතුවත් පාඩු නැහැ.
කතාවට නම් හීල්ලුනා....
කොහොමින් හරි දැන් සියල්ල නිරාකරනය වෙලා ඇතැයි පතනවා.
ජය!

Darshi said...

hi Sandaru

සංකල්ප said...

ඇති යාන්තන් සඳරු මලයා බේරුං !!!
නැත්නම් කිරි කිරි පාන්දර පොලිසියට යන්ඩ වෙන්නේ !!

අසෙනිය කුසුම සම්මාන හිමි වීම ගැන මගේ සුබ පැතුම් !!!

විකියා said...

පරක්කු විෂ් එකක්...

සුභපැතුම් මලයණ්ඩි....

Anonymous said...

සුබ පැතුම් සහෝ..!!!
දිගටම ලියන්න

Unknown said...

😁😁😁😧😧😧😂😂😂

Unknown said...

😢😢😭

Post a Comment

තැන්කූ බං