30.3.12

කිරි අම්මා ගේ ආදරය සහ ගංජා ගෝනිය



"හෙට දිහාට අපෙ ගෙදර කිරි දානේ. පුතේ උඹ එනව නේ ?

ලොකු අම්මා මගෙන් එහෙම අහද්දී මට දෙන්න තිබුණ එකම උත්තරේ තමා ඔළුව දෙපැත්තට පද්දලා "හා" කියන එක .

උදේ ඉඳන්ම පන්තියේ උගන්වලා නැහිලා නැහිලා. රෑට මුනිං වැටිලා බුදියගන්නං කියලා හිතාගෙන ගෙදරට වදින මම ආයේ උදේට අවදි වෙලා වැඩට යන්නේ හාන්න දක්කාගෙන යන මිවුවෙක් වගේ. එහෙවු එකෙක් වෙච්ච මට රැයක් නිදි මරනවා කියන්නේ පුදුම අමාරු වැඩක් .ඒත් ඉතින් ලොකු අම්මාගේ වචනේ අහක දාලා නෑදෑ කම් නැති කරගන්න මට ඕනෙ නැති නිසාම අකමැත්තෙන් වුණත් උන්දැලෑ දිහා තියන කිරි අම්මා දානෙට මගේ සහයෝගේ උපරිමෙන්ම දෙන්න මමත් හිත හදා ගත්තා .

මරණ ගෙදරකවත්, පිරිත් ගෙදරකවත් රැයක් ගෙවන එක මට අමාරු නෑ . ඒත් කිරි අම්මා දානෙකට සහභාගී වුණා කියන්නේ ඉතින් කොටි වල්ගේ අල්ලගත්තා වගේ තමා . යාළුවෙකුගේ ගෙදරක තියන කිරි අම්මා දානයක් නම් ඉතින් හෙමිහිට මග ඇරලා යන්න තිබුණත් නෑදෑ ගෙදරක තියන ශාන්තිකර්මයක් නිසා මට ඒකට මගේ දායකත්වය උපරිමයෙන්ම දෙන්න සිද්ධ වෙලා.

එදා හවස වැඩ ඇරිලා ආ හැටියෙම තවත් ගමේ එකෙක් අඬගහගෙන මමත් උඩහ ගම පැත්තට පැද්දුවේ මයෙ ලොකු අම්මලාගේ දිහා තිබුණ කිරි අම්මා දානේ වැඩ කටයුතු වලට එක හිතෙන්ම සම්මාදම් වෙන්න කියලා හිතාගෙනයි.

ලොකු අම්මාගේ ලොකු දූට බබෙක් ලැබෙන්න කිට්ටුයි . ඉතින් ඒ උපදින්න ඉන්න පොඩි එකාට කිසීම අතුරු ආන්තරාවක් නොවී පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් යසට උපදින්න හැකි වෙන්න කියලා තමයි මේ කිරි අම්මා දානේ පවත්වන්න කටයුතු කරලා තිබුණේ . ගෙදරක දරුවෙක් උපදින්න ඉන්න කොට කිරි අම්මා දානයක් පවත්වලා බාර හාර වෙන එක ඉස්සර ඉඳන්ම ගොඩක් ගම් වල සිරිතක් .

ලොකු අම්මලාගේ ගෙදර වත්ත පිටිය පොඩ්ඩක් අස්පරස් හෙම කරලා මම නාකියා ගන්ඩ හදද්දී වෙලාව හැන්දෑ ජාමේ පහට විතර ඇති . වැඩි සීනි ප්ලේන්ටියකුත් අතකින් අරගනිපු මම එළියේ අඹ ගහ යට කයිය ගහමින් බාල දුම් වැටි උරන කොල්ලෝ සෙට් එක ගාවට කිට්ටු වුණේ කයියක් දාගෙන කාලේ ගෙවන්නම් කියලා හිතාගෙන . ඒත් මට ඒ බංකුවේ වාඩිගෙන ඉන්න පුළුවන් වුණේ තත්පර තිහක් වගේ සුළු කාලයක් .

"
සඳරූ සඳරු කෝ උඹ ?

ලොකු අම්මා ගිල්ලාමුරේ තියන්න ගත්තා මුලු ගමටම ඇහෙන්න

"
ඇයි ලොක්කම්මේ ? හූ..! මම මේං

මමත් එහෙම කියාපු ගමන් ලොකු අම්මා හනිකට මාව හොයාගෙන දුවගෙන අවා .

"
අනේ සඳරු පුතේ අර කොළ බැඳපු පොල් ගහේ ගෙඩි ටික කඩලා දියංකොයි . තව පොඩ්ඩෙන් ඒ ගැන වගේ වගක් නැති වෙනවා එහෙම වුණා නම් මුලු සේසතම වතුරේ !

"නැන්දා මේ ඩෙනිම පිටින් කොහොම මම ගහේ යන්නේ ? පාල මාමට හරි සුබේ මාමට හරි . . !
 
"අනේ මේ ! තොගෙ ඩෙනිම පිටින් ගහේ යන්ඩ බැරි නං ජංගිය පිටින් හරි කමන්නෑ ඔය ගහේ පොල් ටික කඩලා දියං ! කොළ බැඳපු ගහේ පොල් ටික වෙලාවට කඩා නොගත්තොත් තෙල් හිඳින්නෙයි, කිරි කෑලි හදන්නෙයි තොගෙ ඔළු ගෙඩිය බිඳලද ?

කර කියාගන්ඩ දෙයක් නැතිව අන්ත අසරණ වෙච්චි මමත් තේ පිරිච්චි අසෝක වීදුරුව බංකුවේ පැත්තකින් තියලා කිරි අම්මා දානෙටම කැප කරපු පොල් ගහ ගාවට ගියා . කිරි අම්මා දානයක් දෙන්න සූදානම් වෙද්දී මුලින්ම කරන දේ තමයි පොල් ගහක් වෙන් කරන එක .වෙන් කරගත් ගහ වටේට කොළ බැඳලා ඒ ගහ කලින්ම වෙන් කරලා තියාගැනීමත් දානේ දවස එනතුරු ඒ පොල් ගහෙන් කිසිම කෙනෙක් පොල් නොකැඩීමත් අනිවාර්‍ය කටයුත්තක් . දානේ දවසේදී වෙන් කරපු පොල් ගහෙන් කඩන ගෙඩි වලින් පොල් කිරි අරගෙන කිරි කෑලි හැදීමත් තෙල් හිඳ පහන් දැල්වීමත් සිද්ධ කරනවා . කිරි අම්මා දානෙකට කිරි කෑලි කියන්නේ අනිවාර්‍යයෙන්ම ඕනෙ කරන කැවිල්ලක් .

පොල් ගහ ගාවට කිට්ටු වෙච්චි මම ඔළුව උස්සලා උඩ බලලා අහසට උසට විහිදුණු පොල් ගහේ කරටිය දිහාට ඇහැ යැවුවා .හීනිවට බඩ පපුව හීතල වෙලා යද්දී මම ආයෙත් බිම බලාගත්තා .මීට කාලෙකට උඩදි නම් පොල් ගස් බඩ ගාන එක මට මහ කජ්ජක් නෙවේ .කාලෙකට ඉහතදී නම් මේ ගමේ මට නගින්න බැරි ගහක් කොළක් නෑ . ඕනෙම ගහක මුදුන් දල්ල අතගාල එන්න මට හොඳටම හැකියි . ඒත් දැන් මම ඉස්සර තරම් ක්‍රියාශීලී නෑ . රැකියා විරහිතව ගමේ පඳුරු අස්සෙයි , බෝක්කු උඩයි, බැදි කුට්ටි වලයි කාලෙ ගත කරනකොට ඕනෙම දේකට ඔට්ටු වෙන්න ඇඟ පත හුරු වෙනවා . ඒත් මේ උගන්වන රස්සාවට ගියදා පටන් මම මෝල් ගහට මිසක් වෙන ගහකට කිට්ටු වෙලාම නෑ .

"
මොකද බං මල්ලියේ උඩ බලාගෙන ? පොල් වැටෙයි බං මූණට, උඹ තැරි ගැහෙයි ගහ පල්ලෙ

හිතෙන් ගහේ බාගයක්ම නැගලා උන්නු මම රතු අයියගේ කටහඬ ඇහිලා ආයෙමත් බිමට ඇවිදින් නතර වුණා .

"
නෑ බං අයියේ ලොක්කම්ම කියනවා ගහේ පොල් ටික කඩාදෙන්ඩ කියලා . ඒත් බං මම ඩෙනිම ගහගෙන නේ ඉන්නේ . කොහොම නඟින්නඩද බං ?

මම බලාපොරොත්තු " වුණේ උඹ ඉඳපන් මල්ලියේ කියලා" රතු අයියා දනි පනි ගාලා ගහට ගිහිං පොල් ගෙඩි ටික එක ගැම්මට බිමට අතෑරලා දාවි කියලයි . ඒත් ඌ දීපු කට කැඩිච්චි උත්තරෙන් මගෙ බඩ පපුව ආයෙත් දන්න ගත්තා .

"
මල්ලියා අර වැලේ තියෙන්නේ කොට කලිසමක් නේද ?ඩෙනිම ගලෝලා ඒක ඇඳන් ගහේ නැගහං මගෙ කකුල පෙරළිලා බං නැත්තං මං මෙලහකට ගහේ !” 

ඩෙනිම ගලෝලා කැප්පෙට්ටියා පඳුරක් උඩට දාපු මම රතු අයියා ගෙනද්දීපු කොට කලිසමත් ඇඳගෙන විළුඹ දෙකට වළල්ලකුත් දාගෙන පොල් ගහට වැඳලා හෙම හෙමීට අඩියෙන් අඩිය ඉහළට ගොඩ වුණා . මුල් මීටර කීපය නිකම් හිමේ යනවා වාගේ ලේසි පාසු වුණත් ඉතිරිය ටික ඉහළට යන එක මට සෑහෙන්න අමාරු වුණා . කීප වතාවක් මගේ උරිස් පණ නැතිව යනවා වගේ දැනුනත් මම පුරුස සක්තිය අරගෙන ගහේ ඉහළටම ගොඩ වුණා .

සරුවට වැඩුණු පොල් කරටියේ ඉඳගෙන හොඳ පොල් ගෙඩි පාළොහක් විතර බිමට අතාරින්න මට ගත වුණේ විනාඩි පහක වගේ කාලයක් . අතරින් පතර තිබුණ කලටි පොල් සහ කුරුම්බා අතහැරලා හොඳ පොල් ගෙඩි ටික බිමට දාලා ඉවර වෙලා හෙමිහිට මම ඒ උස පොල් ගහෙන් බැහැගත්තා .

මම පොල් ගහෙන් බිමට බහිනකොටත් දානෙ ගෙදරට ආපු වැඩිහිටි එවුං කීපදෙනෙක් පොල් ගෙඩි ටික එකට එකතු කරලා ලෙලි ගහන්න පටන්ගෙන තිබුණා . ඒක දැකපු මගේ හිතට දැනුණේ කියන්න බැරි තරමේ සතුටක් . මම හිතාන උන්නේ පොල් කඩාපු මටම ඒවා ලෙලි ගහන්නත් වේවි කියලයි .හොඳට හුස්ම අරං මහන්සිය නිවාගත්ත මම පොල්ගහට නගින්න ඇඳගත්තු කොට කලිසං කෑල්ල ගලෝලා දාලා ආයෙමත් මගේ සුන්දර ඩෙනිමට බහින්න හිතාගෙන මම ඩෙනිම වනාපු කැප්පෙට්ටියා පඳුර ගාවට කිට්ටු වුණා .

කැප්පෙට්ටියා පඳුර උඩ තිවුණ ඩෙනිම් කලිසම කිසිම වෙනස් කමක් නොවී මම වනාපු විදිහටම එතන තිබුණා ඒත් ඒ ඩෙනිම් කලිසමේ වම් කකුල දිහාවේ මොකක් නමුත් වෙනස් කමක් දැක්කා . හත්වලාමේ. . ! කවුද එකෙක් මගේ අලුත්ම ඩෙනිමට බුලත් කෙළ පාරක් විදලා !!

නිල්පාටයි සුදු පාටයි මිශ්‍ර වෙලා බෝම ලස්සනට තිබුණු මගේ ඩෙනිම රතු පාට බුලත් කෙළ පාරක් නිසා බතික් වෙලා තිබුණා. හිතට ආපු කන්දක් තරම් කුණුහරුප කටින් එළියට එන එක නවත්තගන්න මම සෑහෙන්න මහන්සි වුණා . ඒ වෙච්ච මහනිසිය මම පොල් ගහට නගින්න ගත්ත මහන්සියටත් වඩා වැඩියි නේද කියලා මට මොහොතකට හිතුණා.

බුලත් කෙළ ඉහිරිනු ඩෙනිම් කලිසමත් අතකින් අරගෙන මම තරහින් පුපුරමින් පොඩ්ඩක් විතර ඉස්සරහට ගියේ කලිසමට කෙළ ගහපු බුලත් හපයා කවුද කියලා හොයාගෙන ඌට අමතක නොවෙන්න පාඩමකුත් උගන්වන්නම් කියලා හිතන ගමන්මයි.

ඒත් අඩි කීපයක් ඉස්සරහට යද්දී දැක්ක දසුනෙන් මම හොලමං වෙලා ගියා. ලොකු අම්මලාගේ ගෙදර පිටිපස්සේ මඩුව ඇතුළේ ඉඳන් බුලත් විට හපන කිරි අම්මලා හත් දෙනෙක්ව මම දැක්කා ඒ අයගෙන් කෙනෙක් මගේ ඩෙනිම් කලිසම බතික් කල විත්තිය මට දැන් හොඳටම විශ්වාසයි.හ්ම් දැන් ඉතින් මොනා කරන්නද ? මේ වයසක උන්දෑලට බනින්නද ? ළිඳ ළගට ගිය මම ලේන්සුව වතුරෙන් තෙමලා බුලත් කෙළ හෝදලා දාන්න පටන්ගත්තා .

මම කලිසම ලාවට හෝදං එනකොට වෙලාව හතට විතර ඇති. යාන්තම් තෙත පිටින් කලිසමත් ඇඳගත්තු මම එළියේ දැල්වෙන ලිප ගාවට කිට්ටු වුණේ ටිකක් විතර රස්නෙ තැනක ඉන්නම් කියලා හිතාගෙනයි . ඒත් සුපුරුදු පරිදිම මට ආයෙත් ලොකු අම්මාගේ අඳෝනාව ඇහුණා

"
සඳරු සඳරු අනේ අතන කිරි කෑලි හැඳිගාන්න එකෙක්වත් නෑ අනේ උඹ මේ හබල අරං ගිහිං අර කිරි කෑලි ටික හැඳිගාපන්.” 

කිරි දානෙක අමාරුම වැඩේ තමයි කිරි කෑලි හැඳිගාන එක . සුදෝ සුදු පාටින් කල්දේරම ගාවට වෙලා මම මහ රෑ වෙනකල්ම කිරි කෑලි හැඳිගෑවා . කෙළින් ඉන්න බැරි තරමට කකුල් දෙක කකියනකම් , නිදිමත බේරෙන ඇස් දෙක පියවෙනකම් මම කිරි කෑලි හැඳිගෑවා . මගේ ශරීරකූඩුව මටම අවනත නොවන තැන මම ගිහින් එළියේ පඳිකිඩ උඩ පැදුරක් එළාගෙන බුදියගත්තා . ලොකු අම්මලාගේ ගේ ඇතුළේ ඉඳන් කිරි අම්මලා පත්තිනි මෑණියන්ට කවි කියමින් අලුත උපදින දරුවට සහ නිවැසියන්ට ආසිරි පතන හඬ මට හීනෙන් වගේ ඇහෙනවා .

හීල් පාන්දර ජාමේ උහුලන්න බැරි හීතලට මට හොඳටෝම නින්ද ගියා
 
මම ආපහු අවදි වෙද්දී වෙලාව උදේ හතට විතර ඇති. එළියේ බැඳලා තිබ්බ ළිපකින් අඟුරු කෑල්ලක් අරං දත මැදගත්තු මම මූණ කට හෝදගෙන එද්දී ලොකු අම්මා තේ හදලා තිබුණා . මමත් ලොකු කිරි කෑල්ලක් කාලා තේ බීවා. මම තේ බොන අතරේ ලොකු අම්මා කලින්දා රෑ ජාමේ තිබිච්චි කිරි දානේ ගැන සිංහාවලෝකනේ පටන්ගත්තා.

"
වැඩේ හොඳට තිබ්බ නේද පුතේ ?

පොල් ගස් බඩ ගෑමෙන් කකියන උරිස් දෙකෙන් නැගෙන වේදනාව යටපත් කරගෙන මම බස්සෙක් වගේ "හ්ම්" ගෑවා

"
ඒක නෙවේ පාන්දර ජාමේ මෙහෙට්ට පොලීසියෙන් ආවානේ"

"
ඒ මොකෝ ?

මමත් කලබලෙන් එහෙම ඇහුවා
/ලි
පහුගිය ටිකේ ඇති වුණ ප්‍රශ්න වගයක් නිසා කතාවක් ලියාගන්න බැරුං මම හූල්ල හූල්ල උන්නේ දැන් ඒ බොහොමයක් ප්‍රශ්න අහවරයි ඉතින් ආයෙත් මම මේ බ්ලොගේට පණ ගහලා ගන්නම්.

82 comments:

නුවන් said...

හපොයි මාත් කාල තියෙනව ඔය කට්ට!කිරිදාන වල කිරි හැඳිගාන 1!
අඩිය අල්ලන්නේ නැතුව හැඳි ගාන්න එපැයි!අත් දෙකට බුදු සරණයි වැඩේ ඉවර වෙනකොට!:)
ගංජා ගෝනියේ කේස් 1 මොකක්ද කියල කල්පනා කොරේ මේ!:-)

දුශ් said...

එල කිරිනෙ.. කාලෙකින් පොස්ට් එකක් දැක්කේ.. අම්මට අද නම් first comment එක මගෙන් වගේ.. තම කතා කියෙව්වේ නෑ ඔං.. කියල එන්නම් මචන්.

සෙන්නා said...

සුපිරියි.. මමත් ඔන්න කාලෙකට පස්සෙ උඹෙ පස්සෙන් පොල් ගහකට නැග්ගා :-)

හැමදාම වගේ ඉතින් ලෙසටම ලියවුනු ලියවිල්ලක්.. උඹේ හැකියාවනම් අපූරුයි මලේ..

Anonymous said...

ඵල සඳරු... මම ඵක

Anonymous said...

monada appa ubata thina prashna??????/he hee,anyway heta aniwa daapan hodeeeeeeee

ඉන්ද්‍රජිත් said...

මරු කතාවක් වගෙ..හෙටත් බලමු..

රාජ් said...

අප්පේ අර තියෙන්නෙ උඹ කියපු ගංජා ටිකද?

මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ said...

අපි බැලුවේ මොකක්ද සදරැට වෙලා තියෙන්නේ කියලා.. මොන ප්‍රශ්නේ ආවත් බ්ලොග් 1ක නමි අමතක කරන්න එපා අයියේ..

දිනේෂ් තරංග said...

"..නියම කතාව සඳරු මලේ...බොලෑ සෙට් එක පැට්ටෙක් උරල මාට්ටු උනාවත්ද පොලෝසියට...බලමු බලමු හෙට මොකද වෙන්නේ කියල...නියමයි සහෝ...බොක්කෙන්ම ලියල තියෙනව හැමදාම වගේ..."

Pisakkaatuwa said...

එල එල, දෙවෙනි කොටස කියවීමට මඟ බලා සිටිනවා. මටත් පොඩිකාලේ පොල්ගස් බඩගෑමට පුළුවන් වුනත් දැන්නම් පොල්ගෙඩියක් ලෙලි ගැසීමටවත් බැරිය.
"ගිල්ලාමුරේ" ඔය තියෙන්නේ තවත් අලුත් වචනයක්.

අහවලා said...

කිරි කෑලි කියල ඔය කියල තියෙන රස කැවිලි වලට අපේ පැත්තෙ කියන්නෙ 'කිරිය' කියල (මං හිතන්නෙ දෙකම එකයි ) ... හරි රස කෑමක් ඒක... :)
මොනව උනත් පුලුවන් තරම් බ්ලොග ලියපන් බං (මං දන්නව ඒක අසාධාරන ඉල්ලීමක් කියල )... සතියකට සැරයක් වත් උඹලගෙ ගමේ කතාවක් කියෙව්වෙ නැත්තන් කිසි ගතියක් නැහැ වගේ... :D

Abeetha Edirisinghe said...

එළකිරි.. මොනාද ඩෝ අපට නොකියන ප්‍රශ්ණ..... හොඳම කතාව බලලම කතාවට කමෙන්ට් එකක් දාන්නම්...

Subha said...

අපේ පලාතේ නම් කිරි අම්මලා එන්නේ පාන්දරට. එහේ කෑම හදන්නත් කලින් ගෙදරට ඇවිදින්නේ.

හිතහොඳ පිස්සා said...

අනික් කොටස දාන්න සඳරු අයියෙ ඒකෙ තමයි වටිනම ටික තියෙන්නෙ මයෙ හිතේ.....

මාතලන් said...

මොනවා කියන්නද...? බලාගේන ගියාම උඹලෑ පැත්තෙත් කතා කොරන්නේ ටිකක් දකුණේ උරුවටනේ...

Praසන්ன said...

තව පොඩ්ඩෙන් ඩෙනිමක් ගහගෙන ගස් නැගීමේ ලෝක වාර්තාව තියන්න සඳරුට පුලුවං වෙන්න තිබ්බ.
දැන් ඉතිං බලමුකො ඊළඟට මොකෑ වෙන්නෙ කියල.

Podi Kumarihami said...

හැමදාම වගේ හොඳ හරියට එනකොට නවත්තලා.
ඔය කිරි කෑලි කියන ඒවා මාර රහයිනේ.

මොනා උනත්, එකපාරම දිව්‍ය ලෝකේ යන වැඩක් කරලා තියෙන්නේ...:D

වර්ණා said...

කිරි කෑලි කියන්නේ කැවිලි වර්ගයක්ද.. අනේ සඳරු අයියා මම දැකලාම නැහැ. කිරි දානයක් දෙනවාවත්, මම කතෝලිකනේ,, අයියෝ :( කිරි කෑලි කන්න ආසාවක් වගේ එනවා :)

හ්ම්ම් ඉතුරු ටිකත් දාන්නකෝ ඉක්මනින්, ඒ ටික කියවලම කතාව ගැන අදහසක් ලියන්නම්.

ප්‍රශ්න ප්‍රශ්න,, ජීවිතේට ප්‍රශ්න කොචහර එනවාද.. සැලෙන්න එපා. :)

අරුන්දතී said...

අපේ පැත්තේ නම් කිරි අම්මා දානෙට කෑමහදන්නේ රෑ.උදේ හතර හමාර පහ වෙනකොට කිරි අම්මලා එනවා.හත වෙනකොට ඔක්කොම අහවරයි...ඊට පස්සෙ දානෙට හදපු කැවිලි ජාති එකක්වත් ගෙදර තියා ගන්ට තහනම්.එකොලහමාරට කලින් අහල පහල හැමෝටම බෙදලා උයපු පිහපු හට්ටි මුට්ටිත් හෝදලා අහවර කරන්ට ඕනෑ.....

වැසි දැරිය - The Rain Girl said...

යන්තං ඇති තමන්ට බ්ලොග් එකක් තියෙන විත්තිය මතක් වෙලා.

Harshana said...

අනිත් කොටස කියවන්නම වෙනවා හොඳම හරිය දැනගන්න ....

සරත් ලංකාප්‍රිය said...

මාතෘකාවේ කතාව එනකල් බලන් ඉන්න උනත් ලියලතියෙන ටික කියවල රස වින්දා. ඉතින් මන් උඹට බනින්නේ නැහැ අදිනවා කියලා.

ලහිරු said...

මම ඒත් බැලුවා අහවල් එකක්ද සඳරුවා බ්ලොගේ පැත්තේ නෑවිදින් කොරන්නේ කියලා. සෑහෙන්න මාන්සි වෙලා තියෙන පාටයි දානෙට, හැබැයි ඔක්කොම දැම්මානම් තමයි මරු!

Sumith Niriella said...

අපේ පැත්තෙනම් කිරිදානෙට සෙට්වෙන හැමෝම වයසක අය නෙවෙයි. අඩුම ගණනෙ හත්දෙනාගෙන් තුන්දෙනෙක්වත් කිරිදෙන අම්මලා වෙන්න ඕන. මේ දවස්වල "කිරිදෙන අම්මලා" කියන්නෙ ඩෙනිම් අඳින ගෑල්ලමයිටනෙ ඉතින් එයාලා දන්න පත්තිනි හෑල්ලක් නැති නිසා වයසක අය එක්කෙනෙක් දෙන්නෙක් සෙට් වෙනවා. ඒ වගේම එයාලා කිරිදානෙ තියෙන ගෙදරට එන්නෙ පාන්දර 4 ට විතර.
කලින් දවසෙ එන්නෙ නෑ.
මෙහේ කිරිකෑලි = කිරියා
"හබල" = පත්ත(මල පැන්නම කියන්නෙ වෙන එකක්)

uwiniran said...

ඉතිරි කොටසත් බලලම මොනවා හරි කොටන්නම්...

මොනවා උනත් මකුළුදැල් කඩපු එක වටිනවා....

Anonymous said...

බුලත් කෙල පාර ගනන් ගන්න එපා මල්ලි... උඹේ කලිසම ගලෝල තියෙද්දිනෙ කෙලපාර වැදුනෙ... මේ ලඟදි මම දැක්ක පත්තරේ , ඔය කොලඹ පැත්තෙ ලොකු නීති මහත්තෙක් සූට් බූට් ඇඳගෙන බුලත් කෙල නාගෙන ඉන්නව...

.........

මල්ලියා.. පුද්ගලිකව සුබ පතන්න බැරිවුනත් අසෙනිය කුසුමෙදි හිස් අහසට ලැබුණ අගය කිරීම ගැන අප්‍රමාණ සංතෝෂයි...!!! අනෙක් අයට නැතත් උඹට උඹේ හැකියාව ගැන හොඳ මිම්මක් ගන්න ඒක පොඩි උදව්වක් වෙයි කියල හිතනව....

පිණිබිඳු... said...

මම හිතුවෙ කවුරු හරි ඩෙනිම හොරකම් කරලා කියලා පොල් ගහෙන් බහිද්දි

පොඩ්ඩා said...

අයියෝ හොදම හරිය කියවන්න කියලා යනකොට ඉවරයි නේ ..!! ඉලග කොටස එනතුරු...!!

ItalyDilan said...

බලමු ඊලග කොටසත් මොකද්ද බන් බ්ලොග අතපසු වෙන්නම උබට තියන පුරශ්නේ

කම්මල said...

පොල්කොළ වලල්ල නැතුවම ගහට නැග්ගද මලේ ..කතාව නම් මල්..

neel said...

සීනි වැඩියෙන් දාලා තේ බිව්වෙ මොකද......(මතු සම්බන්දයි)

Weni said...

පොල් ගහකට නැග්ගා කියන්නෙ ඉතින් මට නම් ලොකු වීර කමක් ! අතු ළඟින් ළඟින් තියෙන ගහකට මිසක් උස ගස් වලට නගින්ඩ මට නම් බෑ..බයයි.. මොකද්ද ෆෝබියා එකක්ලු...

Anonymous said...

athi yantham adawath liyapu eka.
kathawa nam ela.

නජාත් අක්‍රම් said...

හෙට එහෙනම් ඉතුරු ටික බලන්න එන්න ම වෙනවා.. මම කිරි හැඳිගාලා නම් නෑ.. ඒත් ඕන තරම් කිරි කෑලි කාලා නම් තියෙනවා.. ගංජා ගෝනියේ සීන් එක මොකද්ද?

Anonymous said...

සඳරු දැන්නම් උඹේ භාෂාව මරු... පරන දිගාමඩුල්ලේ වචන එහෙං මෙහෙං වැටෙනවා...

saumiya said...

මොකක්ද බන් උඹට ඔයා හැටි තියන ප්‍රශ්න??? කිරි කෑලි හැඳි ගාන එකද?

සොමිකොල්ලා said...

කියනකොටත් කිරි කෑලි කන්ඩ ආස හිතෙනවා...

Observer said...

කිරි කෑලි කියන්නෙ දොදොල් හැඳි ගැන විදියටම හදන, නුමුත් එච්චර කළු පාට වෙන්න කලින් බාන ජාතිය නේද ?

අග කොහොම වුනත්, දැනට වෙලා තියෙන හරියත් මරු :- )

ලොකු පුතා said...

ඉතුරු ටික ඊළඟ මාසෙට එහෙම තියා ගන්නවා එහෙම නෙවෙයි...
අපේ පැත්තෙත් ඔය කෑමට කියන්නේ කිරියා කියලා, මගේ වාසනාවට වගේ තාම එව්වා හැඳි ගාන්නනම් ලැබුනේ නැහැ.
ඕක හෙන කට්ටක් බව කීප දෙනෙක්ම කියල තියෙන නිසා දන්නවා

මටත් ඉස්සර පොල් ගහකට බඩ ගා ගන්න බැරි කමක් නැහැ, ඒත් දැන් ඒ සෙල්ලම් කොහෙද.
පොල් ගහ කපලා බිම වැටිලා තියෙද්දී තමයි ඉතින් නගින්න වෙන්නේ :))

geeth said...

mokatada ban molgahata kitti une? kata hari thadi bawada eken?

sammane labunata matath apramana sathutui..jaya wewa!! ubata...

අග්නි ධාරා... said...

කිරිය කෑල්ලක් මතක්වෙනකොටත් කටට කෙල උණනව......

ඉතරි කොටස ඉක්මණට දාන්න අයියෝ.....

කතන්දර Kathandara said...

බූරු පොලක් තියෙන්න ඇති?

Unknown said...

චික් ඉතුරු ටික දැන ගන්න හෙට වෙනකල් ඉන්න එපෑ.

MR. KING said...

ආසම කෑමක් බොලේ!!!
හදන්න ගිහාම තමා ඇඩෙන්නෙ...

පොඩි මෑන් said...

කිරි හැදිගෑවිල්ලෙ එපාම කරපු කේස් එක තමයි කිරි උතුරනකොට ඇගට ඉහෙන එක.. මගේ පපුවෙ තාම තියෙනව පිච්චිච්ච පාරවල්... :)

Anonymous said...

මොනවදෑ බන් ඔය හැටි පුරස්න.
හොඳයි ආපහු ලියන එක. ජයයි කිව්ව එහෙනම්.
JH

රයිටර් said...

අඩේ සඳරු අයියේ උඹලෑ පැත්තේ කිරි දාන තියන්නේ රාත්‍රී කාලේදීද. ? අපේ පැත්තේ නම් උදේ පාන්දරම. පැත්තෙන් පත්තෙට වෙනස් ඇති.

කිරියා හැඳි ගානවා තරම් අමාරු නෑ ගිලිනකොට. ඒත් ගොඩක් කනකොට ඔක්කාරෙට එනවා. හෙට එහෙනම් ඉතුරු ටිකත් දාමුකෝ ඈ.

හිස් අහස said...

@නුවන් = තෑන්ස්ක් මචං මුලින්ම ආවට කංසා ගෝනියේ සීන් එක බලන්ඩ හෙට වෙනකම් ඉන්ඩ වෙනවා අවුලක් නෑ නේ ?
.............................................................................................................................
@දුශ් = ඔයාගෙන් තමා සෙකන්ඩ් කමෙන්ට් එක
.............................................................................................................................
@Senna = හ්ම් බෝම කාලෙකට පස්සේ . වයස අවු 18 දී තමයි මම මුලින්ම පොල් ගහකට නගින්න හුරු වුණේ ඊට පස්සේ විලුඹේ කරකැඩ එනකම් මම ගස් බඩ ගෑවා දැන් නම් ඒ විලුඹවල් නිකම් ගෑනියෙකුගේ විලුඹ වගේ සිනිදු වෙලා
.............................................................................................................................
@Anonymous = සොරි යාළු ඔයා තුන හිකි හිකි
.............................................................................................................................
@Anonymous = ප්‍රශ්න නැත්තේ කාටද බං ? මටත් ඔය පොඩි එවුවා මෙවුවා එකක් දෙකක් තිබුනා දැන්නම් ඒවා විසඳං ඉන්නේ . හෙට කතාව දෙන්නම් උදෙන්ම
.............................................................................................................................
@ඉන්ද්‍රජිත් = වරෙං මචා හෙට උදෙන්ම
.............................................................................................................................
@රාජ්=නෑ බං ඒ තියෙන්නේ ඒ වගේ ගංජා ටිකක් !
.............................................................................................................................
@Mr.Sithi = මට මාව මතක් උනෙත් මේ ඊයෙ පෙරේදා බං :) දැන්නම් දිගටම ලියනවා මචෝ
.............................................................................................................................
@දිනේෂ් තරංග = එවුවා කියන්නේ නෑ එවුවා දේව රහස් හෙට දිහාට තමා එවුවා එලි කරන්නේ ස්තූතියි ඈ
.............................................................................................................................
@Pisakkaatuwa = මචෝ වයස අවු 18 දී තමයි මම මුලින්ම පොල් ගහකට නගින්න හුරු වුණේ ඊට පස්සේ විලුඹේ කරකැඩ එනකම් මම ගස් බඩ ගෑවා දැන් නම් ඒ විලුඹවල් නිකම් ගෑනියෙකුගේ විලුඹ වගේ සිනිදු වෙලා ඔන්න අපිටත් වෙන දේවල් . ගිල්ලාමුරේ කියන්නේ ගෝරනාඩුවට නෙව
.............................................................................................................................
@අහවලා = අපි නම් එදා ඉඳන්ම කීවේ කිරි කෑලි නැත්තම් පීස් ඔෆ් කුක්කු කියලා පට්ට රහයි බං යහමට කිරි දාන තරමට රහ වැඩියි. ඉස්සරහට කතා පෝලිමක් දෙන්නම්
.............................................................................................................................
@අභීත = උඹට මම වෙලාවක කියන්නම්කෝ බං
.............................................................................................................................
@Subha = අපේ පලාත් වල නම් රාත්‍රියේ ඇවිදිල්ලා කහ එහෙම අඹරනවා පාන්දර ජාමේ තමා එයාලා යාතිකා පටන් ගන්නේ
.............................................................................................................................
@හිතහොඳ පිස්සා = අනික් ටිකේ තමා මලේ කතාව තියෙන්නේ මම හනික ඒක දාන්නම්
.............................................................................................................................
@මාතලන් = ඒකට හේතුව වන්නේ මගේ මව සහ පියා දෙදෙනාම දකුනේ වීමයි . ගමට නොව මට දකුනේ උරුව පිහිටා ඇත. තේරුනයි ?
.............................................................................................................................
@Praසන්ன = අම්මපා ඩෙනිම පිටින් ගහේ ගියා නම් ඒක උඹ බ්ලොග් ලීවා වගේ ලෝකවාර්තාවක් වෙනවා

හිස් අහස said...

@Praveena Palipana= ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ඩඩ්ලිගේ කඩේ මම හිතන්නේ කිරි කෑලි විකුනන්න තියනවා අක්කේ ! ගිහිං ඉල්ලන්න ඕනෙ "ගිවු මී අ පීස් ඔෆ් කුක්කු" කියලා විතරයි
.............................................................................................................................
@වර්ණා= ළමයෝ ඔයාට කියන්ඩ කිරි කෑලි මාර රහයි . මාරම මාරම මාරම රහයි . අවුරුදු උස්සවේට එනවා නම් කියපං මං උඹට කිරි කෑලි පොදියක් ගේන්ඩ .
.............................................................................................................................
@තරු අරුන්දතී= මෙහෙත් ඔය සිස්තම් එකම ඩිංගක් වෙනස් වෙනවා තමා . අපේ පලාත් වල නම් රාත්‍රියේ ඇවිදිල්ලා කහ එහෙම අඹරනවා පාන්දර ජාමේ තමා එයාලා යාතිකා පටන් ගන්නේ
.............................................................................................................................
@වර්ෂා = හරි හරි යාළු ඔන්න දැන් ආයේ දිගටම ලියනවා
.............................................................................................................................
@Harshana = උඹ ඇහුව නම් මම කියනවා නේ අනික
.............................................................................................................................
@සරත් ලංකාප්‍රිය = උඹ දන්නවානේ මම චුයිංගම් වගේ කතාව දිග් කරන්නේ නෑ කියලා මම ඇද්දොත් උපරිම කෑලි තුනයි
.............................................................................................................................
@ලහිරු = ඔක්කෝම එක පාර දැම්මාම උඹලට කියවන්ඩත් අමාරුයි අනික තමා මගේ බ්ලොගේට දරන්නත් අමාරුයි ඒක නිසා පාට්ස් දෙකක් කොලා ඕං .
.............................................................................................................................
@Sumith Niriella = මෙහෙත් ඒම තමා ඒත් කිරි තියන අය අපේ ලොක්කම්මාගේ දානේට ආවේ නෑ ඇයිද මන්දා ?අපේ පලාත් වල නම් රාත්‍රියේ ඇවිදිල්ලා කහ එහෙම අඹරනවා පාන්දර ජාමේ තමා එයාලා යාතිකා පටන් ගන්නේ
.............................................................................................................................
@uwiniran =මම ආපු නැති දින කීපයට මේකේ අස්සේ නංයි පොලොංගුත් උන්නා බං
.............................................................................................................................
@සපතේරු උන්නැහේ = අම්මපා මමත් ඒක දැක්කා . ඒ උත්තමයා කලු කෝට් එක පිටින් කෙල නාලා උන්නා නේද ? අනේ අපොයි මම වාසනාවන්තයි ඒ අතින් බලද්දී. ස්තූතියි අයියා මට සුබ පැතුවාට . උඹ මාව හැමදාමත් දිරිමත් කල හැටි මට අමතක නෑ
.............................................................................................................................
@පිණිබිඳු = එහෙම කලා නම් මම ගහෙන් බහින්නේ නෑ ගහ මත අදිශ්ඨාන පූජාවක් කොරනවා
.............................................................................................................................
@පොඩ්ඩා = ඊලඟ කොටහ හෙට එනවා මචෝ ඉතින් අද කියෙවුවට ස්තූතියි
.............................................................................................................................
@ItalyDilan = අඩේ මම දන්නවා උඹගේ හොරේ !! ආ ආ
.............................................................................................................................
@කම්මල - නෑ බං රෙදි පටි වලින් වලල්ලක් අඹරලයි මම ගහේ නැංඟේ
.............................................................................................................................
@neel = මම පැනි රහට ගොඩක් ප්‍රියයි බං
.............................................................................................................................
@වෙනී = වෙනි අයියා වයස අවු 18 දී තමයි මම මුලින්ම පොල් ගහකට නගින්න හුරු වුණේ ඊට පස්සේ විලුඹේ කරකැට එනකම් මම ගස් බඩ ගෑවා දැන් නම් ඒ විලුඹවල් නිකම් ගෑනියෙකුගේ විලුඹ වගේ සිනිදු වෙලා කාලේ තාලේට මාත් පොස් වෙලා නෙව
.............................................................................................................................
@Anonymous = සොරි වෙන්ඩ ඇනෝ මේ දවස් වල වැඩ කන්දක් තිබ්බා ඒකයි

හිස් අහස said...

@Najath Akram = ගංජා ගෝනියේ සීන් එක බලන්ඩ හෙට දිහාට වෙනතුරු ඉන්ඩ වෙනවා . මචෝ කිරි කෑලි කන තරම් ලේසි නෑ හැඳිගාන එක
.............................................................................................................................
@prasanna86k = කලිනුත් ඔවුවා දැනං උන්නා ඒත් කියන්ඩ ලැජ්ජයි බයියෝ කියලා හිතාවිය කියලා ඒකයි නිකං උන්නේ
.............................................................................................................................
@saumiya = අනේ පල කිරි කෑලි හැඳිගාන එක ප්‍රශ්නයක් නෙවේ බොල මට වෙන ප්‍රශ්නයක්
.............................................................................................................................
@සොමිකොල්ලා = මේ උඹමද බං ? මං ඕං ඒ පැත්තේ ආවා
.............................................................................................................................
@Observer = අන්න හරි එවුවා තමා පට්ට රහයි මාමේ ඒක නෙවේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ඩඩ්ලිගේ කඩේ මම හිතන්නේ කිරි කෑලි විකුනන්න තියනවා ගිහිං ඉල්ලන්න ඕනෙ "ගිවු මී අ පීස් ඔෆ් කුක්කු" කියලා විතරයි
.............................................................................................................................
@ලොකු පුතා= කිරි කෑලි හැඳිගාන එක නිකං ඉමක් නෙපොනෙන සයුරක ඔරුවක් පැද්දා වාගේ බං හබල් ගාන්න ඕනෙ එමට
.............................................................................................................................
@geeth =මචෝ මෝල් ගහ ගාවට දවසක් කිට්ටු වුණා ඒක අතට ගන්ඩ හිතාගෙන මේ අම්මට මොනාද කොටලා දෙන්ඩ . සම්මාන ආතල් එකකුත් තියනවා නේද හිකි හිකි ඉතින් ස්තූතියි බං
.............................................................................................................................
@අග්නි ධාරා = කිරිය කෑලි නෑ අපි දන්නේ යාළු කිරි කෑලි ගැන විතරමයි .. හෙට දෙන්නම් ඉතිරිය
.............................................................................................................................
@කතන්දර = කැට පොලක් නම් තිබ්බා කතන්දර බූරු පොලක් නම් තිබුන්නෑ
.............................................................................................................................
@නිසුපා = ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දී හෙට වෙලා තියේවි
.............................................................................................................................
@අඩවි රජා = හදන්න ගියාම ඉරෙනවා බං කන්න ගියාම ආසාවේ බෑ
.............................................................................................................................
@පොඩි මෑන් = අඩා උඹත් ඒනම් කුක්කු හැඳිගාපු පොඩ්ඩෙක් ආ . තෝ මගේ වයසම නේ මම හිතාන උන්නේ මටත් වඩා බාල ඇති කියලා පහක් දාපිය
.............................................................................................................................
@JH = පොඩි සීන් කෝන් ටිකක් ආවා මචෝ උඹව දැක්ක කල් අකුරු දෙකක් වුණත් උඹගේ නම දැක්කාම හිතට මාර සතුටුයි
.............................................................................................................................
@පැතුම් සිතුම් = මචෝ අපේ පලාත් වල නම් රාත්‍රියේ කිරි අම්මලා ඇවිදිල්ලා කහ එහෙම අඹරනවා පාන්දර ජාමේ තමා එයාලා යාතිකා පටන් ගන්නේ . මට නම් බං ඕනෙ තරමක් කිරි ගිල්ල හැකි

Madri said...

හප්පේ.. දැකපු කල්.. හැමදාම එනකොට අර සාටර් පෙම්වතානේ ඉන්නේ ...
ඇති යන්තම් මතක් උණා..
ඉතුරු ටික බලන්න උදේ පාන්දරම එනෝ හොඳේ..

Observer said...

පොඩි කුමාරිහාමිට නං කි.මී. 1000 යි, මං යනව නං කිරි කෑලි කන්න කි.මී. 5000 ක් යන්න ඕනෙ ඩඩ්ලිගේ කඩේ හොයන්න , ඊට වඩා හොඳා ටින් වල එන පොල්කිරි එකක් ඔබීයි මායි හැඳි ගාගන්නව රතු සීනි ටිකක් දාල :-)
කිතුල් පැණිත් ඕන්නං තියෙනව මෙහෙ.

Dinesh said...

කිරි දානෙක මම ආසම කෑම තමයි කිරි කෑලි.. හම්මේ රහ.. මතක් වෙද්දිත්... හැබැයි සදරුවෝ උඹ කිවුව වගේ ඕක හැදි ගාන එක තමයි පණ යන වැඩේ.. මාත් එක සැරයක් කලානේ..

හිතුවක්කාර කෙල්ල said...

ගහෙන් වැටුණ මිනිහාට ගොනා ඇන්නා වගේනෙ...:D හික්ස්ස්.. පවු හෆ්ෆා සඳරු අයියා.. ඩෙනිම ඔයින් බේරුනා ඇති...

කිරියා කන්න ආසාවක් මටත් ආවා..:D කිරිදානයක් කියන්නෙ සෙල්ලම් නෑනෙ..කොච්ච්රක් වැඩද? මොනා වුනත් හොද පිං කමක් නෙ..

ඊළඟ කොටස එනකම් නොඉවසිල්ලෙන්...

Bindi said...

සඳරුලයි පැත්තේ කිරි දාන දෙන හැටි ගැන දැන ගත්ත . අපි නම් උදේ පාන්දර තමයි කිරි දාන දෙන්නේ . මටත් කිරියා නම් නෙමේ හැබැයි දොදොල් හැඳි ගාන්න අහු වුනා දවසක් . අනේ ඇත්තටම මල්ලිගේ අත්දැකීම් කියවන එක අපිට සතුටක් වුනාට ඒ අත්දැකීම් ලබද්දී කොයිතරම් කටුක වෙන්න ඇත්ද . පොල් ගස් නගින්නයි හැමදේටම අහුවෙලා . පව් අප්පා . කරදර මොනවා වුනත් ඉක්මනින් ඒවා අඩු වෙලා යන්න කියල පතනවා ,වෙනදට වඩා මේක කියවල මට නම් දුකක් ඇති වුනා . ලොකු අම්මටත් වෙන කවුරුවත්ම නැද්ද වදේ ගහකට යවා ගන්න

mekuwi said...

ගොඩ කාලෙකින් මල්ලි, ඉතුරු ටිකත් කියෝලම කතාව ගැන කමෙන්ට් එකක් දාන්නම් ..මන් ඉස්සර කිරිය කන්න හරි ආසඊ, මගේ ආසාව නිසාම අම්ම දවසක් ගෙදර නිකන් පොඩ්ඩක් හැදුව, එත් එක එහෙම නිකන් ගෙදර හදන්න හොඳ නෑලු කිරි දානෙට මිසක.. හැබය් හරියටම එදා රෑම මහන්සි වෙච්ච නිසාද වස් වැදිලා නිසාද දන්නේ නෑ අම්ම හොඳටම ලෙඩ උනා.. ආච්චි නම් බැන්නේ වස් වැදිලා කියල..මොන උනත් ඊට පස්සේ කිරි දානෙකින හම්බුනොත් මිසක වැරදිලාවත් කිරිය නම් මන් ඉල්ලලා නෑ

ශ්‍රී said...

මළ ගෙවල්වල, පිරිත් ගෙවල්වල කෙසේ වෙතත් කිරි දානෙ ගෙදරකට පොලිසියෙන් ආවා කියලා ඇහුවමයි! බලමු මොකද වෙන්නෙ කියල...

සිත්රූ සිහින said...

කිරි හදද්දි හැඳි ගාන තරම රස වැඩිලුනෙ..මාත් ආසම කෑමක්..
සඳරු මගදි කතාව නවත්තපු නිසා දැන් පොලීසියෙන් ආවෙ ඇයිද බලන්න තව කී දවසක් ඉන්න ඕනෙද අපි?

වර්ණා said...

අනේ අවුරුදු උත්සවේට මම එනෝ සඳරු අයියේ.. අනේ එක කිරි කෑල්ලක් හරි ගෙන්ඩෝ හොඳේ. මම කාලම නැහැ :)

සුරා යකා said...

අයෙත් මගේ ගුරා ලියන්න පටන් අරගෙන ..පහුබහින්නේ නැතුව ලියන්න සඳරු ....කිරි දානේ ගෙවල් නම් අරහං මට නම්..කිරියා හැඳි ගාන එක වගේ චාටර් වැඩක් නම් තව නැහැ ..හැබැයි කිරියා නම් මරු කෑමක් .........

දුකා said...

උඹලා කිරි කෑලි කියලා කියන ඒවට අපි කියන්නේ "කිරියා" කියලා . .
මගේ ආසම කෑමක් . . .

මොකද්දෝ වාසනාවකට ඉස්සර අපේ ගමේ කිරි දානයක් තිබ්බොත් මට කිරියා කෑල්ලක් හරි ලැබෙන එකක් තිබ්බා . . .

අපේ ගමේ රෙදි නැද්දා ට අම්මා කියලා ද කොහේද . .

අනේ උන්දෑ එක කෑල්ලක් හරි මට ගෙනත් දෙනවා . . . සුදු මහත්තයා මේවට ආසයිනේ කියලා . . හික්ස් . . .

කටට කෙල ඉනුවා බන් . .

Anonymous said...

ආයෙත් ලියන 1 ට ගොඩාක් ස්තූති සදරු. කිරි කෑලි කියල දෙයක් ගැන ඇහුවමය්. කන්න ආස උනත් හදන්න දන්නා කෙනෙක් නෑනෙ.

sAm (සෑම්) said...

ඉතිරිය ඉක්මනට ඕනේ..

පොලිසිය ආවේ හොරකම් කරපු ඩෙනිමක් හොයන්නද මචං.. ;)

Dude said...

සඳරූ, බාල සිගරට් කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද? එතකොට අසෝක වීදුරුව පොඩ්ඩක් විස්තර කරන්න බලන්න.
henryblogwalker the Dude

ගැමියාගේ පත් ඉරුව said...

කිරියා මතක් වෙනකොට ආසාවේ බෑ අප්පා මගේ ප්‍රියතම කෑමක් කෙල උනන එක අහන්නත් දෙයක්ද.... කිරි දාන වලට ඔව්වා හැඳි ගාන්න තමා කොල්ලොන්ව කතා කරගන්නේ හැබැයි ඇයි කියලා දන්නෑ...

මම නම් ඔහොම තැන් වලට වෙලා ඉන්නේ කොහොම හරි කැවිල්ලක් පන්නන්න බලාගෙන සුවඳ දැනෙනකොට මුළු ඇඟම කිති කැවෙනවා වගේ... දැනුත් එහෙමයි.

හැබැයි සඳරු අයියේ මේ පැත්තේ නම් කිරි අම්මලට භාර වෙලා බබා හම්බුවෙලා අවුරුද්දක්ද කොහේදෝ ගියාට පස්සේ තමා දානේ දෙන්නේ කිරි අම්මලට...

ගැමියාගේ පත් ඉරුව said...

කියන්න අමතක වුනා කතාව ලියලා තියෙනවා සුපිරියට... උපරිමයි උපරිම තැනින් නතර කරපු එක ඊටත් වඩා ගති.ඉතුරු කොටහ හෙට රෑ වෙනකන් කියවන්න බැරිවෙන එකයි දුක

duliponline said...

මගෙ කෙල්ල ලැබෙන්න ඉද්දි මමයි මගෙ හාමිනෙයි පුදුම ට්‍රයි එකක් දුන්න කිරි දානයක් දෙන්න. කුඩම්මල ඉන්න ගෙවල්වල කරන්න පුලුවං දේවල් සීමිතයිනෙ බං, ඒනිසා දරුව ලැබෙනකම්ම ඒක කරගන්න බැරි උනා

ප.ලි.
කිරිය කියන්නෙ මගෙ කැමතිම කෑම ජාතියක්

neel said...

සීනි වැඩි තේ ගුවන් ගතවීම වේගවත් කිරිමටත් පාවිච්චි කොරනවා(ලු)

Beetle said...

කිරි කෑලි හදද්දී ඉල ඇදෙනකල් හැඳි ගාන්න ඕනේ කියලා අදනේ දන්නේ.. මම හිතුවේ කිරි ටොපි වගේ පට් පට් ගාලා බාන්න පුළුවන් කියලා... බලාගෙන යද්දී අපේ ලොකු අම්මා රත්තරං... මට මලාට කතාකරලා නෑ ඔහොම වැඩකට...

සුදු මුවා said...

මේ මගේ පලවෙනි කොමෙන්ටුව හිස් අහසට එක් කරන, සඳරු ගැන අහල තිබුණා (අභීත / කිරි පුතා ඊයේ පෙරේදා දවසක පොස්ට් එකක් දාල තිබුණා ) ඇත්තටම ඔබේ ලිවීමේ හැකියාව විශිෂ්ටයි, කතාව කියවගෙන යද්දී හිතේ මැවෙනවා. සුභ පතනවා!!

Unknown said...

අපේ ගෙදරත් කිරි දානයක් දුන්නා...එලිවෙනකං කිරියා හැඳිගෑවා..ඒ ඉස්සර දැං ඒකටම ඉන්නවා කේටරින් බුවාලා..ඕඩරේ අරගෙන පොල් ගාලා මිරිකලා ,කිරිබත්,කිරියා හදලා ගෙදරටම ඇවිල්ලා වැඩේ කරලා යනවා...

හිස් අහස said...

සප් එකක් දුන්නට කස්ටියටම ස්තුතියි !!

@Dude - බාල සිගරට් කීවේ බං බීඩි තීරෝස් චාමර වගේ රු10 අඩු දුම්වැටි වලට .. අසෝක වීදුරුව තමා මචං ඔයි තේ බොන්න එහෙම අපි නිතර භාවිතා කරන්නේ කොළඹ තේ කඩවලත් ඔවුවා ඇති බොලේ

kasun said...

හම්මේ..යන්තං ආයෙ ලියන්න පටන් අරන් නේහ්..එල එල...!!!!!

namals said...

එල කිරිනෙ.. පොස්ට් එකක් දානකම් බලාන හිටියේ , සුපුරුදු විදිහටම ලෙසටම තියෙනවා ජයවේවා සඳරූ,

networkdisa said...

සදරුවෝ කිරි කැලි වලට අපේ පැත්තෙ කියන්නෙ කිරි පැනි කියල.කියද්දිත් කටට කෙල උනනව බං

Bindi said...

හරිම අවංක අම්මෙක් . සඳරු පොලිසියෙන් ණයක් අරන් තියෙනවද මන්දා . සඳරුටමයි වෙන්නේ . සුබ පැතුවට වැඩියක් නැහැනේ . ඔන්න ආයෙමත් සුබම සුබ පැතුම් . ලේඛන දිවියේ දුර ගමනකට . මතකනේ මැක්සිම් ගෝර්කි , මාර්ටින් වික්‍රමසිංහ දෙන්නම් ජිවන තක්සලාවේ අකුරු කල අය. [ අහපන්කෝ දැන් ඉතින් මේ කවුද කියල ..D ]


@ ඔබනොදුටු ,

ඇයි එච්චරද කිරි අම්මලත් ඒ පැකේජ් එකටම අයිතියි .

විමුක්ති said...

male,bokkenma subapethum...(gd koopavela sinhala enne ne ban)

කිරිපුතා said...

මට නම් කිරි අම්මලා දාන වලදි උදේ පාන්දර නැගිටින්න බැරි එක තමයි අවුල.

මාධව විදුරංග said...

පොල් ගස් නගින්නම ඕනි බං ඒකෙ අමාරුව දැනෙන්න! උඩට ගිහින් බිම බැලුවම බ්රූං ගාලා පොලව කැරකෙනවා වගේ දැනෙන්නෙ! බැස්සම ඇග පුරාම හීරිලා! මොකට කියනවද බං! කිරි දානේ එළට තිබ්බනං එච්චරයි! දෙකත් බලලා එන්නං!

දිනුක said...

මේක විතරක් කිය්වලා කොමෙන්ට් කරන්නැතුව අනිත් එකත් කියවලාම කොමෙන්ට් කොරන්නංකො.

Anonymous said...

ආයෙ ලියන්න පටන් අරන් නේ..එල එල

සංකල්ප said...

ඊළඟ කොටසත් බලමු !!!
ඩෙනිම් ඇඳන් පොල් ගස් බඩගාන එක එපාවෙන වැඩක් !! හරි හමන් විදිහට කකුල තියන්ඩත් බෑ නෙව.

Post a Comment

තැන්කූ බං