10.4.12

වැවුගම් පත්තුවටම දඩයක්කාරි මැණිකා


  මැණිකාව මම මුලින්ම අඳුනගත්තේ දෙයියංගේ ලෙඩ හැදිලා උන්නු මගේ ලොකු මාමට සාත්තු සප්පායම් කරන්න උන්දැලාගේ ගෙදර ගිය සන්දියේදීයි. ඒ අදින් වසරකට පමණ ඉස්සර.

මැණිකාගේ පැල තිබුණේ අම්පාර බුද්ධංගල කැලේ මායිමේ . ඔප්පු තිරප්පු නැති ඒ ඉඩමත් බුද්ධංගල කැලේටම අයිති එකක් බවත් කාලෙකට ඉහතදී බලෙන් අල්ලාගත්ත ඉඩමක් බවත් එක බැල්මකින් කිව හැකි . මැණිකා තමයි ඔය ඉඩමේ හිමි කාරි, බුද්ධංගල කැලේටම දඩයක්කාරි.

තටට තනියම දිවි ගෙවන මැණිකාගේ ජීවනෝපාය වුණේ දඩයමේ යාම. වැවුගම් පත්තුවට දඩයම කියන්නේ අරුමයක් නෙවෙයි . ඒත් ගැහැනියක් දඩයමේ ගියා කියන එක නම් තරමක් අරුමයි .පරණ හැට්ටයක් සහ කකුල් ඉරුණු ඝණකම් දිග කලිසමක් ඇඳන් අච්චු තුවක්කුව කරේ තියාන හැන්දෑජාමෙට බැද්දට පද්දන මැණිකා බැලූ බැල්මට පිරිමියෙක් වගේමයි .

"
මැණිකේ නැන්දේ ඔය දඩයම් කරන එක නීති විරෝධීයි නේ. පොලීසියෙන් ඇල්ලුවොතින් හෙම මොකෝ කරන්නේ ?” 

හැන්දෑ ජාමෙක පදිකිඩ මත්තේ ඉඳන් මීමින්නෙක් මස් කරමින් හිටිය මැණිකා ගෙන් මම එහෙම අහද්දී ඒකි මගේ දිහෑ සැකෙන් බැලුවා

"පොලීසියෙන් ඒන්නේ මහත්තයා කීවොතින් තමා. මේ පළාතේ එකෙක්වත් මං දඩයං කොන්නවා කියාල පොලීසියට කියලා නෑ . අනික ඉතින් මම හැම සතාම මරණවායැ ? කැලේ බුරුතු පිටින් බෝවෙන මීමින්නෙක් මුවෙක් හාවෙක් ගොඩබෝවෙක් මරා ගන්නවා විතරයි .

"මැණිකා" ඒකත් මාරම නමක් . ඔයි නම කීවම හිතේ මැවෙන්නේ ගමක ජීවත් වෙන සුකොමාල ලද බොළඳ ගැමි යුවතියකක් . ඒත් මේ මැණිකා තරමක් වෙනස් .ඒ අවුවට පිච්චුණු මූණ මැණිකා විඳින දුකත්, නැගෙනහිර පළාතේ ගිනියම් අවුවත් ගැන පැහැදිලි විස්තරයක් කරනවා . කරගැට වලින් පිරුණු අත්ලත්, මවිල් පිරුණු දෑතත් ඒකි පිරිමියෙක්දෝ ? කියලා හිතේ සැක සාංකා ඇති කරනවා . ඒත් මැණිකාගේ කටහඬට නම් මිණි ගෙජ්ජි සැලෙන නාදයත් පරාදයි . නිතරම කතා නොකරන නිසා වෙන්නැති අනිත් හැම දේකටම වඩා මැණිකාගේ කටහඬ මේතරම් මිහිරි වුණේ !.

"මහත්තයා මම පොඩි කාලේ අප්පච්චි එක්ක දඩයමේ ගියා . දවසක් තනි අලියා අපේ පස්සේ පැන්නුවා . මම දුවලා ගිහිං ගහකට නැංඟා. අප්පුච්චට නැගගන්න බැරි වුණා . උන්දෑ කපෝතියි!. දවස් තුනක් කැලේ කරක් ගහලා මම පාර හොයාන ගෙදර ආවා. අප්පච්චිගේ තුම්මාසේ දානෙටත් කලියෙන් අම්මංඩි වෙන එකෙක් පැනලා ගියා . මම විතරයි මේ ගෙදර ඉතිරි වුණේ . ගේ මුල්ලේ අප්පුච්චගේ තුවක්කුව තිබුණා පේන මානයේ බැද්ද තිබුණා . ඉතින් මමත් එදා ඉඳන් උන්දෑ ගිය පාරේ යනවා .

ඒ තමයි මැණිකාගේ කතාව !

තුවක්කුවත් උල්පිහියත් මැණිකාගේ ගොරහැඩි දෑතට හොඳට හුරුයි . තුවක්කුවෙන් සත්තු මරන්න බැරි නම් මදු ගහලා, හබකෙ අටෝලා හරි සතෙක් දෙන්නෙක් මරාගෙන ගමට ගේන එක දැන් මැණිකාට හොඳට සුළු දෙයක් . මුල් කාලේ සර්ව සම්පූර්ණ කාන්තාවක් වෙච්ච මැණිකා මේ දඩයම් ජීවිතේ ගත කරන්න ගත්තායින් පස්සේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා . මැණිකාගේ පැලේ පරණ අල්මාරිය උඩ තියන ඒකි කෙල්ල කාලේ ගත්තු පින්තූරයක් තවම ඒ බවට සාක්කි .

දඩයම කාන්තාවකට කොහෙත්ම ඔබින්නේ නෑ . ඒත් හේන් කුඹුරු කොටන්න, ගෙදරක වැඩපළක් කර දීලා කීයක් හරි හොයාගන්න මැණිකා පොඩ්ඩක්වත් කැමති නෑ . සතෙක් එළාගෙන මස් ටික විකුණලා යාන්තම් ජීවිතෙත් හරිගස්සාගන්න මැණිකා වැවුගම් පත්තුවේ අමුතු ගැහැණු අතරේ හරිම වෙනස් චරිතයක්

රැජින පත්තරය ලියාදුන්නු පුංචි කතාවක් ...

සිතුවම- නිරෝෂන් කරුණාතිලක

ප/ලි.. මේ කතාව ඇත්ත !

67 comments:

පූසා said...

මීමින්නන්ගේ මස්! අප්පේ මතක්වෙනකොටත් කටට කෙල මිලිලීටර් 250ක් විතර ආවා :D

Praසන්ன said...

මාර චරිතයක්.

දුකා said...

මේක ඇත්ත කතාවක්ද බන් . . හරිම සජීවී ගතියක් තියෙන්නේ . . .

රැඩිකල් කොල්ලා- said...

ඈ බන් දැන් බ්ලොගේ එපා වෙලාද යලට මහට පෝස්ට් දාන්නෙ.
මැණිකෙව නම් අදහන්න වටිනව. තවත් කැට්වුමන් කෙනෙක්.

අලුත් අවුරුද්ද සුභවේවා!

සිත්රූ සිහින said...

හ්ම්..මැනිකා එහෙම ඉන්න නිසා සත්තුන්ගෙන් විතරක් නෙමෙයි මිනිස්සුන්ගෙනුත් බේරිල ඉන්නව ඇත්තෙ..නැත්නම් කාත් කවුරුත් නැතිව කෙල්ලෙක්ට ජීවත් වෙන්න පුලුවන් කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි..

Harshana said...

ඔය මැණිකා තාම ඉන්නවද වැව්ගම්පත්තුවේ...... ?

Unknown said...

කතාව නමි ලස්සනයි සදරුවෝ... ආයේ ඉතිං එකේ කතා දෙකක් නැහැ. උඹ දැන් රැජිණ පත්තරේට ලියන්න පටන් ගත්තද? එහෙනමි ඉතිං සුභ පැතුමි මචෝ.. ලබන්නාවු මෙි අළුත් අවුරුද්ද සදරුටත්, පවුලේ හැමෝටමත්, හිස් අහස කියවන්න එන අනෙක් සියළුම සහෘදයන්ටත් සුභම සුභ වෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා..!!!

වැසි දැරිය - The Rain Girl said...

බ්ලොග් එකට ආවෙ කොච්චර කාලෙකින්ද..ඒ ඇවිල්ලත් දාල තියෙන පෝස්ට් එකේ කොට.අනේ ඊළග එක නම් ටිකක් දිගට ඕනේ.

නුවන් said...

මීමින්න මස් නම් කාල නැතෝ!:P
මාග්‍රට් තැචර්ල නම් කව්ද?
මැණිකලානේ යකඩ ගෑනු!:)

Pisakkaatuwa said...

කථාව නම් වෙනද වගේම රහයි. දිග මදි එක තමයි අප්සෙට් එක. උඹේ කතා දිග වැඩිවෙන තරමට තමයි මම නම් කැමති. උඹට තිබුනේ මැණිකට වෙච්ච මොකක්හරි විශේෂ සිදුවීමකුත් රස වැහෙන්න විස්තර කරලා ඕකට එකතු කරන්න. එහෙමනම් තවත් රහයි. අනිත් ඒවා වගේම මේකත් අමුතු වෙනස් කතාවක්.

කස්ස said...

පුංචි කතාව.අදත් ඉතින් මණික වගේ ගෑනු ඉන්නවනෙ, හැබැයි අතේ තුවක්කුව නෑ ඒ වුනාට කරන්නෙ දඩයම්..

සොඳුරු සඳවතී said...

හරිම පුදුම චරිතයක්... මම හිතන්නේ ඒ චරිතයේ විදියටම චිත්‍රයත් ඇඳලද කොහෙද ඒකත් බොහොම අපූරුයි.ගොඩබෝවා කියන්නේ මොකාටද ?

රත්ගමයා said...

උඹටත් හම්බෙන්නේ එක එක ජාතියේ මිනිස්සු නේ බොල අයියේ...
රැජින පත්තරේ කාන්තා පත්තරයක් නෙව..දැන් කොල්ලොන්ට රචනා කරන්නෙ නැතෙයි....කෙල්ලොන්ට විත‍රෙයි ලියන්නේ?

Anonymous said...

මැණිකගෙන් මැරිච්ච මුවා ඉල්ලන්නෙ අර හිස් අහස ලියන එකා වෙන්ඩ ඕනෙ. ඌ ඒක ඉල්ලන්න හෙන තෙලක් දෙනවා කියලා තොරණෙ පලවෙනි කො‍ටුවෙන් පේනවා. එල සපත්තුදෙක බන් පලාතම දිස්නෙ දෙනවා. ඔය ඩෙනිම කීයද කියල අහල කියපන්කො. හෙයා ඉස්ටයිල් එකත් නරකම නැහැ. මාර පෙම් පාටයි.
ජයයි කිව්වා මචෝ.
JH

Abeetha Edirisinghe said...

කථාවට කලින් එක දෙයක් කියන්න ඕන සඳරු... නිරෝශන් කරුණාතිල්කගේ චිත්‍රයක් එක්ක හිස් අහස ටැග් එකෙන් පින්තූරයක් එක්ක පෝස්ට් එකක් දැමීම නම් පට්ට...

පෝස්ට් එක උඹ වෙනදා වගේ දිගට ලියලා නැති නිසා උඹේ බ්ලොග් පාඨකයින්ටනම් මේ ආතල් එක මදි වෙයි.. පත්තරේට ලියන ඒවා මේකේ දාන්න එපා මචන්....

ආයෙත් සුඹ්හපැතුම්... මතක තියාගනින්.. ආ මඟ කෙටියි.. යා යුතු මඟ දුරයි....

Weni said...

ගොඩබෝවාට කියන අනිත් නම් මොනාද මල්ලි ? අළුත් වචනයක් මට නම් ඒක..

මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ said...

මටත් හිතුනේ ඇත්ත කථාවක් කියලා.. ඇත්තටම ලස්සනයි..

ජය වේවා..!

සෙන්පති said...

ගොඩබෝවා කියන්නේ මොකාටද?මැනිකා ගැන දුකත් හිතෙනවා.නියම කථාවක්.

හිතහොඳ පිස්සා said...

මං හිතුවෙ මෙහෙම චරිත ලංකාවෙ නෑ කියල...ෆිල්ම් වල නම් ඕන තරම් දැකල තියෙනව...

The තරුවා said...

පට්ට නේ.....

සෙන්නා said...

වැව්ගම් පත්තුවේ "සිකරි".

අකීකරු හිත said...

වෙනදා වගේම අපූරුයි මලේ..ඒත කතාව දිග මදියි වගේනේ...

දම්මි said...

සඳරු මල්ලී පුවත්පත් ලෝකයේත් ජනප්රිය තරුවක් වෙන්න කියලා සුභ පතනවා.....එහෙම වුනත්, බ්ලොග් අවකාශය දමා නොයාවා...මිනිස්සු අමුතු වෙන්නේ එයාලා ලබන අත්දැකීම් එක්ක නේද?

Sajith Lab said...

ගොඩබෝවා කියන්නේ තලගොයාටද?????
මෙයා කැටුවුමන් පාර්ට් 2 වත්ද?
සුභ අළුත් අවුරුද්දක් වේවා සදරු......!!!!

රයිටර් said...

මැණිකා තමයි මැණිකා. මෙහෙම උන්දැලත් ඉන්නවනේ හම්මපා.
මොනවා කරන්නද ඉතින්. උරුම වෙච්ච කරුමේ ගෙවනවා ඇති. මැණිකට නම් එක කරුමයක් කියල හිතෙන්නේ නැතුව ඇති.
ආ.... සඳරු අයියේ. සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා ඔන්න .

Sindu said...

මෙන්න කරලා කම්මැලි වැඩක්!!!! මම නම් කියවයි මේක. මේවා හරියන්නෙ නෑ මල්ලි.

ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව. said...

රැජින???

Sindu said...

ඒ වුණාට ඉතින් කියෙව්වුවා මම. ;-) නොකියවා කොහොමද !!!! (මමත් මේ වගේ කම්මැලි වැඩ 2 , 3ක් කළානෙ)

geeth said...

manika..mara charithayak ne..

paththareta malli liyapu katha 2ma balauwa giya sathi deke...ewath niyamai sadaru malli..

aluth awruddatath suba pathum.....

අසරණයා said...

වෙනදට වැඩ පොස්ට් එක ගොඩාක් පොඩි.ඒත් කතාවේ වෙනද වගේම රසයක් තිබුනා.

සුභ අලුත් අවුරුද්දක් වේවා මචං..

මාතලන් said...

සුභ පැතුම්. ඔහොමම තිර රචනයටත් අත ගහපන්. උඹේ ගමන ක්ලියර්....

Dinesh said...

සදරුවා මොකෝ බං වෙනදා වගේ විස්තර එක්ක ලියලා නැත්තේ??

කොහොම උනත් වෙනදා වගේම උඹේ කතාවල ඉන්න චරිතය අදත් විශේෂයි.. මේ ජීවිතේ ගොඩ ගන්න තවත් එක් ගැහැණියක් නේද කියලා හිතෙනවා..

කතාව නියමයි සදරු.. ජය..

ක්සැන්ඩරයා said...

එහෙමනම් ඉතින් සඳරු මලයා දැන් පත්තරේටත් ලියනවා.

ලහිරු said...

මැණිකා ළඟ තුවක්කුවක් තියෙන්නේ වෙලාවට... පට්ට චරිතයක්!

Anonymous said...

අමුතු ගෑනු උදවිය ගැන ඕනතරම් අහලා තිබුණා. නමුත් මැණිකා වගේ කෙනෙක් ගැන ඇහුවාමයි!

සයුරි said...

සඳරු කොහොමද මැණිකා ගෙ අල්මාරිය උඩ තිබුන පින්තුරේ දැක්කේ :))

හිස් අහස said...

@පූසා = මම හිතං උන්නේ උඹ කැමති මීයොන්ට කියලයි . මීයා මොකද මීමින්නා මොකද නේද
.............................................................................................................................
@Praසන්ன = තව චරිත එමටයි අයියන්ඩි
.............................................................................................................................
@දුකා = ඇත්ත කතාවක් දුකා අයියා වැඩි විස්තර නොකීවේ මේ ගෑනිව පොලීසියෙන් අල්ලං යාවි කියලා බයට
.............................................................................................................................
@රැඩිකල් කොල්ලා= නෑ මචෝ බ්ලොග් එක නම් එපා වෙන්නේ නෑ ආත්මෙට . මේ කතාව කෙටිව ලියන්න මට ලොකු හේතුවක් තිබුනා ඒකයි මම කතාව කෙටිම කෙටි කලේ
.............................................................................................................................
@සිත්රූ සිහින= හැබෑවටම අද කාලේ ඉතින් සතා මොකාද මිනිහා මොකාද කියලා හොයන එක තමා සේරටම හපන් වැඩේ
.............................................................................................................................
@Harshana= උඹ ආපු දවසක මම උඹට පෙන්නන්නම් .(ඕනෙනම් සෙට් කරලත් ..)
.............................................................................................................................
@Nadun Shiwantha = ඔවු අපි දන්න හඳුනන කෙනෙක් මට රැජින පත්තරේට ලියන්න අවස්තාවක් අරන් දුන්නා . ඉතින් මම ඒකට පොඩි කතාවක් ලියනවා මේ ඒකේ පරන

කොටසක්
.............................................................................................................................
@නුවන් = මාග්‍රට් තැචර්ට ඇපත් නෑ මචෝ වැවුගම් පත්තුවේ ප්‍රභල කෙල්ලෝ එක්ක
.............................................................................................................................
@Pisakkaatuwa = කතාව දිග මදි තමා මැනිකාට වෙච්ච තව බෝම වෙනස් සිදුවීම් බර ගානක් තියනවා ඒව ලියන්න ගියත් ඒ ගෑණු මනුස්සයාට නීතියෙන් අවුලක් වේවි කියලා

මම බොහෝ දේවල් අඩු කලා .
.............................................................................................................................
@කස්ස = සහතික ඇත්ත . අපේ බුවාලත් ඉතින් බලාන ඉන්නේ දඩයමක් වෙන්ඩමනේ
.............................................................................................................................
@කාව්‍යා = ගොඩබෝවා කියන්නේ සහෝදරී හෙන ලොකු කුරුළු විශේෂයක් . මමත් උන්ට කියන අනිත් නම දන්නේ නෑ
.............................................................................................................................
@රත්ගමයා = එහෙමමත් නෑ බොසා . කොල්ලොන්ටත් ඉතින් මේක බැලිය හැකියිනේ . උඹත් ඉතින් මට කොහෙන් හරි ඇවිදින් මොත්තේ පාර දාලා දුවනවා නේ
.............................................................................................................................
@JH = අඩේ මම මේ මුවා ඉල්ලනවා නෙවේ . ඇයි නැන්දේ දඩයම් කලේ කියලා අහලා මීමින්නා ගැන අවංකවම දුක වෙනවා . මම කවද්ද බං සපත්තු දැම්මේ මම දාන්නේ

බාටා කෑලි දෙකක් . මම නම් ඉතින් මචං පෙම් වගේම පිං පාට හාදයා
.............................................................................................................................
@අභීත= කතාවක් ලියාකියාගන්ඩ වෙලාවක් පහුගිය ටිකේ තිබුනෙම නෑ දෙයියා . ඒකයි මේක දැම්මේ තව ඉස්සරහට ඉතින් හෙන දිග කතා කීපයක් ලියන්ඩ වැඩේ සැට් කරලයි

තියෙන්නේ . දැන් නිවාඩු කාලෙනේ ඉතින් වැඩ අඩුයි ලීව හැකි ගමකට .

හිස් අහස said...

@Weni = ගොඩබෝවා කියන්නේ බං හෙන ලොකු කුරුල්ලෙක් පියාඹන එකෙක් උස ගස් උඩ වෙලා ඉන්නවා ඌට කියන අනික් නම මම නම් දන්නෙම නෑ
.............................................................................................................................
@Mr.Sithi = මලල සේකර මචෝ මේක ඇත්තම ඇත්ත කතාවක් . සත්තයි
.............................................................................................................................
@සෙන්පති =සෙම්පති සෑර් ගොඩබෝවා කියන්නේ බං හෙන ලොකු කුරුල්ලෙක් පියාඹන එකෙක් උස ගස් උඩ වෙලා ඉන්නවා ඌට කියන අනික් නම මම නම් දන්නෙම නෑ .
.............................................................................................................................
@හිත හොඳ පිස්සා = ෆිල්ම් වල ඉන්න චරිත වලට වඩා මේ චරිත වෙනස් මචෝ මොකද කීවොත් මෙවුංගේ ජීවිත වල හැපී එන්ඩිං නෑ නේ
.............................................................................................................................
@Senna = සිකරි ඒ මොකාද බං ?
.............................................................................................................................
@අකීකරු හිත = එලම කිරි . ඊගාව කතාව දිගම දිගට දෙන්නම්
.............................................................................................................................
@දම්මි = තරුවක් වෙන්ඩ ඕනෙ නෑ බං අක්කේ ඒත් ගතමන්ට් එකක් හොයාගන්ඩ මමත් වෙහෙසෙනවා . ඔයා මේ දකින්නේ ඒකේ ප්‍රතිඵලයක් . නෑ බ්ලොග් එක නම් අතාරින්නේ නෑ
.............................................................................................................................
@Sajith Lab = ගොඩබෝවා ලොකු කුරුල්ලෙකි මම ඌට කියන තවත් නමක් නම් නොදනිමි . ඇත්තටම මේ හන්ටිං වුමන් පාර්ට් 1. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!
.............................................................................................................................
@පැතුම් =ඇත්තටම මැනිකා හිතන්නෙත් මේ හැම දේම උන්දෑ උපතින්ම ගෙනාපු කරුමයක් කියලයි මම උන්දෑ එක්ක කතා කලා දඩයමෙත් ගියා සුබ අලුත් අවුරුද්දක් වේවා මචෝ !!
.............................................................................................................................
@සිඳු = සොරි වෙන්ඩ අක්කන්ඩි .. !! . මම දන්නවා ඔයා මේක කියෙවුවා කියලා
.............................................................................................................................
@ඊ මේල් කවිකාරි = හ්ම් . රැජින පත්තරේ
.............................................................................................................................
@geeth = ස්තූතියි ගීත් . මගේ කතාව බැලුවා නම් ඒක මට සතුටක් . ඉතින් සුබ අලුත් අවුරුද්දක් වේවා !!
.............................................................................................................................
@අසරණයා = ඊගාව දවසේ ඉඳන් කතාව ලොකුවට ලියන්නම් මචෝ උඹටත් සුභ අලුත් අවුරුද්දක්ම වේවා!!
.............................................................................................................................
@මාතලන් = ස්තුතියි මාතලන් . උඹගේ කමෙන්ට් එක හයියක් වුණා මට
.............................................................................................................................
@Dinesh= පත්තරේට ලීව කතාව පොඩ්ඩක් වුණත් මට මේක කෙටියට ලියන්ඩ හේතුවක් තිබ්බා ඒ තමයි මැණිකාව ආරක්‍ෂා කරන්ඩ මට ඕනෙ නිසා .
.............................................................................................................................
@ක්සැන්ඩර් = මේ චූටිවට ලියනවා අයියේ
.............................................................................................................................
@ලහිරු = ඔවු ඒක ලියාපු එක ගැන මම පසුතැවෙනවා
.............................................................................................................................
@විසිතුරු = තව එක චරිතයක් මග එනවා යාළු
.............................................................................................................................
@සයුරි = අම්මට සිරි ඔන්න ඇහුවා ප්‍රශ්නයක් . කෙල්ලේ මම අලි හක්ක කෑල්ලක් ඉල්ලගන්ඩ ඒකිගේ ගෙදර ඇතුලටම ගියා .

චතුවා said...

දඩයමේ ගිහින් තනියම ජීවත් වෙන ගෑණියෙක් ගැන ඇහුවාමයි ඕං මම..!

ලොකු පුතා said...

මැණිකා කියන්නේ හරියට මුවන්පලස්සේ කදිරා වගේ චරිතයක්නේ බං....
සත්තු මරණ එකට දැන්නම් මගේ හිතේ මනාපයක් නැහැ
ඒත් ඉතින් මැණිකා නන්දා එදා වේල හොයා ගන්න කරන රස්සාව ටිකක් නම්බුකාරයි කියල මට හිතෙනවා...
මේ පාර ලංකාවට ආවට පස්සේ උඹව හම්බ වෙන්න එන්න හිතෙනවා බං උඹේ පෝස්ට් කියෙව්වට පස්සේ...
මගෙත් නෑදෑයෝ කීප දෙනෙක් ඉන්නවා ඔය දිහා.... :)

කිරිපුතා said...

මොකද මචෝ කතාව පුංචි. දැන් පෝස්ට් දානවත් අඩුයි නේද. වැඩ වැඩිද?

සුබ අලුත් අවුරුද්දක් වේවා........!

දිනුක said...

මැණිකා තුවක්කුව තියං ඉන්නවා ඇත්තෙ සත්තු මරන්ඩත් වඩා ඔය ගෙට රිංගන වල් සත්තුංගෙං ආරස්සා වෙන්ඩ වෙන්ඩැති.නේද සඳරුවො???

Sumith Niriella said...

මැණිකා...! එක්තරා වීර චරිතයක්...

අභියා කියන්න වගේ පත්තරේට ලියපු එකක් බ්ලොගේට ආවම ලොකු වෙනසකුත් එක්ක පොඩි අවුලක් දැනෙනවා.

සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

සෙන්නා said...

"සිකරි' දන්නැද්ද උඹ ? චිත්‍රකතා පත්තර බලලා නෑ වගේ..

ItalyDilan said...

පත්තරේට ලියපු එකක් හින්දද කොහෙද බ්ලොග් ස්ටයිල් එක නෑ බන්

MUHUDU said...

සඳරු ගේ බ්ලොග් එක නිසා අද සමාජේ මේ දැනුත් ජිවත් වෙනවයි කියල දැනගෙන නොහිටපු චරිත ගොඩක් අඳුන ගත්ත. අපි වටා තියෙන දේවල් ගැන අපි නොදන්න කොච්චර නං දේවල් තියෙනවද?

ඉන්ද්‍රජිත් said...

මාර කතක්නෙ..
සුභ අලුත් අවුරුද්දක් වෙවා..

Raj said...

සිංහල රටේ ඔන්න නොයිඳුල් මිනිස්සු...උඹට සුබ අලුත් අවුරුද්දක්..අප්‍රියෙල් 22 වරෙන්..

Akash Tharinda said...

අඩේ සදරු අය්යෙ උපන් දා ඉදලා අම්පාරෙ හිටපු මම වත් මැනිකෙ නැන්දා ගැන දන්නෙ නැහැනෙ.මේ වගේ වීර චරිත ගැන අහන්න ලැබීමත් අම්පාරෙ අපිට අඩම්බරයක්.මැනිකෙ නැන්දාට,සදරු අය්යාට,හිස් අහසට එන හමෝටම සුබ අලුත් අව්ර්රූද්ද්ක් වේවා!
---------DS කොල්ලෙක්---------------

හිතුවක්කාර කෙල්ල said...

හෆ්ෆා..අද චුට්ටි පෝස්ට් එකක් නෙ දාලා තියෙන්නෙ...:/

මැණිකා හරි පුදුමයිනෙ.. නියම චරිතයක්!!මම ඇහුවනයි ඔහොම... අයියාටත් හම්බෙන්නෙ පුදුම අය..

සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ!!!

දේව් ගේ අඩවිය said...

ඇත්තටම මෙහෙම සිරා චරිත තාමත් ලංකාවේ සමහර පැතිවල ජිවත් වෙනවා... ඒත් ඉතින් ඒ හැම කතාවකටම වඩා මල්ලි ලියන විදිහ තමා හැමදාම වගේ එල...

කොහොම උනත් ඉතින් හැමෝටම මෙහෙම ජිවිත ගොඩාක් ආදර්ශමත්...

පොඩ්ඩා said...

සිරා චරිතයක්...!!!, මොනා උනත් කතාව ටිකක් දිගට තිබ්බා නම් හොදයි කියලා හිතුනා ..!!

ගැමියාගේ පත් ඉරුව said...

ගොඩ බෝවා කියන්නේ කුරුළු ගොයාට නෙමෙයිද සඳරු අයියේ..... මට නම් පට ගාලා මතකෙට ආවේ කුරුළු ගොයාව... ඉස්සර මෙහෙත් මීමින්නෝ හිටියා මේ ළඟ කසිප්පු පෙරපු හැතිකරේ උංව මරං කෑවනේ ඒ කාලේ මම පොඩියි මම ලොකුවට හිටියනම් උන් එකෙක්ටවත් අත තියන්න දෙන්නේ නෑ...

කතාව මේ තරම් කෙටි වුන නිසා නිකං පාළුයි පාළුයි වගේ හෙන තිබහක් තියෙන වෙලාවක වතුර බිංදුවක් බොන්න දුන්න වගේ තිබහ අඩුවෙන්නේ නෑ වැඩිවෙනෝ....

මේ චරිතේ සැබෑ ලෝකවල සිටිය නොහැකියි කියලා හිතෙන වීර චරිතයක්....

සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සඳරු අයියටයි පවුලේ හැමටයි වෙන්ඩ භාරිටයි මේ බ්ලොග් එක කියවන හැම දෙනාටමයි

sAm (සෑම්) said...

මරු මැණිකක් සදරුවෝ..

ජය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක්...

Anonymous said...

අනේ ඉතින් මන් කොච්චර කොමෙන්ට් කරත් සඳරු මලයා ප්‍රති කොමෙන්ට් කරන එකක්යැ..
ඕන්නොහේ නිකන් ඉන්නවා ...

මල් පියලි

නජාත් අක්‍රම් said...

ජීවිතය එක එක්කෙනාට ලබා දෙන්නේ එක එක විදියේ දේවල් නේ. එක තමයි ස්වභාවය.. අපි කමෙන්ට් කලාට සඳරු අපේ පැත්තේ එන්නේ නෑ නේ..

අරුණ හෙට්ටිආරච්චි said...

මේවගේ චරිත නම් ඔය උතුරු නැගෙනහිර පළාත් වල ඇවිදිනකොට හමු වෙලා තියෙනවා. ඒ චරිත වලට පන පිහිටවලා උඹ ලියන විදියට මටත් ආයෙමත් උන්ව මතක වෙනවා. ජය වේවා ..!!!1
උඹටත් උඹේ පවුලේ හැමෝටමත් වෙන්න බාරි ඇතුළු හැමෝටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!!!

Gimhani said...

මට සිරිපාල හා රන්මැණිකා චිත්‍රපටිය මතක් උනා ..
කෙටි උනත් ලස්සන කතාවක්.

සඳරූ ඇතුළු පව්ලේ සැමට සුභ අලුත් අවුරුද්දක් පතනවා !

සරත් ලංකාප්‍රිය said...

සඳරු .. උඹේ කතාවේ පොල්මක් කාර අයිතියද මොකද්ද එක ලියල තියාගනින් කොල්ලෝ.. ඔය කවුරුහරි කතා හොරෙක් ඕක අරන් මාලිනී ආච්චී කෙල්ලට අන්දලා ජැක්සන් සීය කොල්ලට අන්දලා මැණිකා කියල පිචර් එකක් ගහවි..

Anonymous said...

සඳරු ඇතුළු පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !
LA

uwiniran said...

ඔය වගේ චරිත ඉන්නව කියලා හිතෙනකොටත් පුදුමයි නේ..... බං.

Anonymous said...

Lassanai bohoma
thuwakkuwak thiyenawada ammoooo bayahithnawa..!
(sihalen comm. liyana heti gena denaganna vidiyak thiyenwada..aluth nisa ahanne...samawenda ona..

හිස් අහස said...

අන්තිම ඇනෝ http://www.sinhalabloggers.com/type-sinhala ගිහිල්ලා බලන්ඩ සිංහලෙන් ටයිප් කරන හැටි දැන කියාගත්තැකි ..

මල් පියලි = සමාවෙන්ඩ යාළු වැඩ අධික වීම නිසා තමා මට සමහර දෙනාගේ කමෙන්ට් වලට අදහස් දෙන්ඩ අමාරු . ආයෙ නම් හැමෝගෙම කමෙන්ට් වලට පිලිතුරු දෙන්ඩ උත්සහ කරන්නම්

මාධව විදුරංග said...

සිරා ගෑනියක්! ගෞරවයෙන් කියන්නේ!

ජීවිතේ මල් said...

කතාව දිග මදි වගෙ. ඒත් කිව්වත් වගෙ මැනිකට ඉන්න හිටිනන් බැරි උනොත් .. නේද? හෙ හෙ. පෝස්ට් ලිව්ව වගෙ නෙවෙයි නොවැ :)

සංකල්ප said...

යකඩ ගෑනියෙක් !!
තනියම ජීවත් වෙනවා නම් මෙහෙම දේවල් වලට උඅන්ත් හුරු වෙන්ඩ වෙනවා මලේ !!!

Anonymous said...

සත්තු මරණ ගෑනු ඉන්නවද?මට නම් ඒ ගැන හිතාගන්නවත් බෑ

Post a Comment

තැන්කූ බං