21.4.12

ජනාධිපති ලේකම් තුමන් බැහැදැක ගතිමි

   මේ පහුගිය දවසක මටත් අමුතුම චෑන්ස් එකක් වැදුණා . ගෙදෙට්ට වෙලා අට්ටං වෙලා උන්නු මට දැනගන්න ලැබුණු ඒ පයිණ්ඩේ තමයි ජනාධිපති ලේකම් තුමාව බැහැදකින්න අවස්ථාවක් ලැබිලා තියනවා කියන වග . ස්ලම්ඩෝග් මිලියනයර් ෆිල්ම් එකේ පොඩි එකා අමිතාබ් බච්චන් බලන්න නොයිවසිල්ලෙන් උන්නා වාගේ හැඟීමක් මගේ හිතටත් නොදැනුනාය කීවොත් ඒක බොරුවක්

එදා දවසේ මට උගන්වන්න තිබ්බ පරිගණක පන්ති ටික සේරම කලින් අවසන් කරලා දාලා මම කලින් ගෙදර ගියේ ගෙදර අයටත් ගමේ අයටත් මේ ගැන පොඩි විස්තරයක් කියලම ලකුණක් දෙකක් දාගන්නම් කියලා හිතේ යටි අරමුණකුත් ඇතිවයි .

රටේ බැබළෙනනවට වඩා මම ගමේ බැබලෙන්න කැමතියි . ඒත් මෙතුවක් කල් නොවුණෙත් ඒකමයි . බ්ලොග් එක නිසා මා ගැන ගොඩක් හොඳ දේවල් අන්තර් ජාලයේ හිංගල ඒරියා එකේ යන්තම් පැතිරිලා තිබ්බත් ගමේ එවුං නම් මාව හැමදාමත් හැඳින්නුවේ රස්තියාදු ගසන්නෙක් හෙවත් වීදි සංචාරයේ යෙදෙන්නෙක් විදිහටයි . ඉතින් එහෙවු මම රටේ උසස් පුද්ගලයෙක් හමුවට යනවා කියන එක ගමේ එවුං කොහොමට දරාගනීවිද ? . ඒ ගැන හිතට නැගෙද්දී මට නොදැනීම හිනාවක් ගියා

එදා මම ගෙදර යන්න කලින් හන්දියේ තේ කඩේට පොඩ්ඩක් ගොඩ වුණේ තේකෝප්පයක් බොන ගමන් මගේ මේ හමුව ගැන පොඩි පම්පෝරියකුත් ගමේ එවුන්ට ඇද බාන්න ඕනෙයි කියලා හිතේ යටි අරමුණකුත් රඳවාගෙනයි .

අද නම් ගමේ එවුන් දැන ගනීවි මේ සඳරුවා කියන්නේ කවුද කියලා !

මගේ යටි හිත මට චියර් කරන්න ගත්තා . මමත් කඩේ ඇතුළට ආවේ පුදුම ආවේගෙකින්

මගේම වෙලාවටද කොහෙද එදා ඒ පොල් අතු කඩේ ඇතුළේ හත් අට දෙනෙකුගෙන් යුත් සෑහෙන ගමේ උන් පිරිසක් කල් මරමින් හිටියා . මමත් කඩේ ඇතුළට ගිය ගමන්ම වීදුරු සෝකේස් එක ඇරලා රොටියක් අතට ගත්තේ මොනා හරි හපන ගමන් මේ ආරංචිය ගමේ එවුන්ට ඇදලා දැම්මොත් තවත් ටිකක් රහ කරලා ඒක කියන්න හැකි කියලා මට හිතුණ නිසයි

නැන්දේ මම රොටියක් ගත්තා මට තේකකකුත් දාන්ඩකොයි ! සල්ලි ලබන සතියේ දෙන්නම්

ඇයි උඹ මහ ඒජන්තද ණයට ගිලින්න ආවේ ?

කඩේ නැන්දා මුකුත් නොකියා ඉඳිද්දී කොහෙන්ද ආපු ගමේ එකක් මගෙන් හරස් ප්‍රශ්නයක් ඇහුවා

උඹලා වගේ නෙවෙයි මම පඩි ගත්ත දාට ගානට හීන් හිරුවේ ණය බේරනවා

අපොයි ඉතින් අපි නොදන්නවැයි සඳරු මල්ලියේ උඹ ගැන !

උඹලා මම ගැන නොදන්න දේවල් ගොඩක් තියේ බං . ?

මමත් ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් අරගෙන මගේ ගැන ගමේ එවුන්ට පාරම්බාන්න උපරිමේට ට්‍රයි එකක් දුන්නා .

ඔවු වොවු අපිට හොරෙන් උඹ කල මගෝඩි වැඩ තව එමට ඇති !

කෙහෙම් මල් මගෝඩි වැඩක් නෙවෙයි බං මට ඔන්න ලබන සතියේ කොළඹ යන්ඩ වෙලා !

මම පුළුවන් තරම් උජාරුවෙන් කීවා

පුතේ උඹ පෝන් බිල් එක ගෙවන්නේ නැතුං උන්නා නේද ? ඒකට නඩු වැටිලා උඹට අලුත් කඩේ උසාවියට එන්න කියලා ලියුං එවලා ඇති .. මයෙ නඟාගේ ලොකු කොල්ලටත් ඕකමයි වුණේ !

ප්ලේන්ටි බිබී උන්නු ජයතිලක මාමා එහෙම කියද්දී ගමේ එවුන් හීනියට හිනා වෙන්න පටන් ගත්තා .මගෙත් ඉවසීමේ සීමාව පැනගෙන එන්නයි හදන්නේ .. !

නෑ නෑ මට ජනාධිපති ලේකම් තුමාව හම්බෙන්න තියනවා . ! ඒකයි මම කොළඹ යන්නේ

කඩේ හිටපු එවුංගෙන් වැඩි දෙනෙක් හප හපා උන්නු බුලත් හප විහික් කරලා දාලා මහ හඬින් හිනා වෙන්න ගත්තා . සමහරු උණු ප්ලේන්ටි ඇඟේ හලා ගද්දි . තවත් ඒකෙක් දෙනෙක් සැරේට හූවකුත් තිබ්බා .

දැං උඹලා හිතන්නේ මම කියන්නේ බොරු කියලද ?

මම තරහින් එහෙම අහද්දී . කඩේ මාමා ඒකට උත්තර බැන්ඳා !

පුතේ ළඟ ළඟම පෝයත් එන එකේ බොරු කියන්ඩෙපා !

බොරු නෙවේ මාමා මම කීවේ සහතික ඇත්ත මේ මයෙ වැදූ අම්මා පල්ල ! මට ලලිත් වීරතුංඟ මහත්තයා හම්බෙන්ඩ දින දීලා තියේ .

අනේ පල පල සඳරු මෙතන අම්ම අරං බොරුවට දිවුරන්නේ නැතුං ! තොට බොරුවට දිවුරව්වොත් සහ ගහනවා . !

මම මෙතන මැරීගෙන කීවත් එකෙක්වත් මාව විශ්වාස නොකරන විත්තිය මම හොඳට දැනගෙන උන්නා . ඒක නිසා තේ කෝප්පේ ඉවර වෙනවාත් එක්කම මමත් කඩෙන් එළියට බැහැලා යන්ඩ ගියේ ටිකක් කලකිරීමෙන් .

මම ගමේ වපුරපු දේවල් වල අස්වැන්න තමා මට මේ ලැබෙන්නේ. . ! එකෙක්වත් මාව ව්ශ්වාස කරන්නේ නෑ කමක් නෑ උන් සේරොටම පෙනේවි මම කවුද කියලා එහෙනම් . මමත් හිතෙන් හිතමින් ගෙදර දිහාට යන්න ගියා .

එදා රෑ නින්දට යද්දිත් මට හිතුණේ මේ ගැන . ඔය උසස් ඇත්තන්ට නොයෙක් වැඩ වැටෙනවා . මට දීලා තියන චෑන්ස් එක ඒ උදවියට අමතක වේවිද ? සැහ් එහෙම වුනෝතින් මම ගමේ වසලත් හමාරයි . අපරාදේ මම පම්පෝරි ගැහුවේ !

අනේක වාර ගණනක් මට එහෙම හිතෙන්න ඇති

කොහොමින් කොහොම හරි මට නියමිත දිනය උදා වුණා. ගමේ සිට පැය 10ක කෙටි බස් ගමනකින් පස්සේ 19 වැනිදා මට හැකි වුණා . කොළොම්පුරේට සැපත් වෙලා ජනාධිපති ලේකම් තුමාව බැහැදකින්න .ඒ හමුව සංවිධානය කළේ අපි කොයි කවුරුත් දන්න කියන . අපේ චානුක වත්තේගම මහත්තයා . සුපුන් සුධාරක ,සුපුන් බුධාජීව , මාලින්ද ප්‍රසාද්, ඉසුරු සෙනෙවිරත්න , අරුණ චාමින්ද , , ශෙහාන් සන්දේශ් යන අයත් ඇදිවිදින් උන්නා

හමුවේ මූලිකම අරමුණ වුණේ . රටේ තොරතුරු තාක්‍ෂණ භාවිතාව පිළිබඳව අදහස් හුවමාරු කරගැනීම .තරුණ පරපුර, තොරතුරු තාක්ෂණය භාවිතය, තොරතුරු තාක්ෂණය තුළින් විරැකියාවට පිළියම් සෙවීම ඔය වගේ කරුණු කාරණා කීපකුත් මෙතනදී කතා වුණු බවත් කියන්න ඕනෙ .

බුධාජීව පේපෑල් හරහා ලංකාවට මුදල් ගෙන්වා ගැනීමට තියන බාධක ගැන කතා කළා , මාලින්ද ප්‍රසාද් අන්තර්ජාල සම්බන්ධතාවන්හි ඇති වේගය අඩු කම ගැන, අපේ අරුණ චාමින්ද මහත්තයා තොරතුරු තාක්‍ෂණය නිසා එයාලෑ පාසලේ ඇති කරගත් දියුණුව ගැන කතා බහ කළා . මේ වගේ බොහොමයක් වැදගත් දේවල් ඒ හමුවේදී එළියට ඇදුණා.

අපට බඩ පිරෙන්න කන්න බොන්නත් දෙන්නත් එතුමා අමතක කළේ නෑ . හැඳි ගෑරුප්පු වලින් කන්ඩ වේවි කියලා හිතේ බයෙන් වෙවුල වෙවුල ගිය මට යන්තම් සැනසුමක් දැනුණේ . ඇවිදින් හිටි කවුරුත් අතින් කෑම කනවා දැක්කට පස්සෙයි .

වැරදිලාවත් එදා ඒ ආපු උදවිය බටහිර පන්නෙට කෑම කෑවා නම් . . .! 

එහෙම දෙයක් වුණා නම් අම්පාරේ ඉඳන් එන අතරේ හුන්නස්ගිරියේදී කාපු බිත්තර රොටියක අවුලකින් බඩේ අජීරණයක් අල්ලලා කියලා බොරුවක් දාලා නොකා ඉන්නත් ප්ලෑනක් මගේ යටි හිතේ කොනෙක තිබුණා . දෙයියංගෙ පිහිටෙන් ඒ වගේ කරදරයක් නම් මට ඇති වුණේ නෑ

ලලිත් වීරතුංග මහත්තයත් අපිත් එක්ක බෝම සුහඳව කතා බහ කලා .මමත් ඉඳන් මගේ ගමට වෙන්ඩ ඕනෙ දේවල් කීපයක් ගැන ඒ මහත්තැන්ලා එක්ක කතා බහ කළා .ඒ දේවල් කීපය ඉටු කරගන්ඩ පුළුවන් වෙන බවත් මට විශ්වාසයි .

 ඉතින් නැගෙනහිර හිස් අහස යට උපන්න මට බස්නාහිරට ගිහින් මේ වගේ ලොක්ක්කෝ කීප දෙනෙක් හමුවෙන්න ලැබේවි කියලා මම උපන්තේකට හිතුවේ නෑ .

රටේ පළාත් කීපයකම අය එතන උන්නු නිසා ඒ ඒ පළාත් හැම එකක්ම වාගේ නියෝජනය වෙන්න සාකච්ඡාව පවත්වන්න පුළුවන් වුණා කියලා මම හිතනවා . මේ හැම දෙයක්ම සංවිධානය කිරීම සම්බන්ධයෙන් චානුක වත්තේගම මහත්තයාට ස්තූති වන්ත වෙන්න ඕන .

කොහොමින් කොහොම හරි ආයෙත් පැය 10 ගෙවාගෙන මම ගෙදර ආවා . ෆේස් බුක් එකේ තැන තැන තිබුණු මම ජනාධිපති ලේකම් තුමා එක්ක කතා බහ කරන රූපය මට සාක්කියක් විදිහට ඉදිරිපත් කරලා ගමේ එවුන්ගේ හිත් වල අමතක නොවෙන චරිතයක් වෙන්නත් මට අද හැකි වුණා

අනේ පුතේ අපේ ගමටත් මොනා හරි දෙයක් කරමු නේද ?

අද දවස තිස්සෙම මගෙන් ගමේ වැඩිහිටියෝ බොහෝම දෙනෙක් ඔය ඉහත ප්‍රශ්නය ඇහුවා . මම මුකුත් නොකියා මුනිවත රැක්කා . මොකද තවමත් ගමට යමක් කර දෙන්න තරම් මට හයියක් නෑ

මට විශ්වාසයි එකෝමත් දවසකදී මම මේ බ්ලොග් එකේ නිතරම ලියන මගේ ගමට මගේ පළාතට වැඩක් කර දෙන්න මට පුළුවන් වෙයි කියලා .මට කොණ්ඩ කඩල ඇටේක තරම්වත් දෙයක් එපා ! .මගෙ ගමට මගෙ පළාතට යමක් වෙනවා නම් මට ඒක මහ මෙරක් තරම්

124 comments:

kassa said...

හිමීට ඉවසං යමං කොල්ලා ගමන. උඹට වරදින්නෑ.

Unknown said...

නියමයි සදරුවෝ... ඇත්තටම උඹ ගැන ආඩමිබරයි. අද කාලේ සමහර එවුන් මහතැන් මුනගැහෙන්න ගියපු ගමන් කොරන්නේ තමන්ගේ බඩගෝස්තරය ආරක්සා කොරගන්න දහන්ගැට ගහන එකනේ. ඒ අතරේ උඹ ගම ගැන කතා කරන්න ඉදිරිපත්වීමම ඇති. උඹෙි සියළු බලාපොරොත්තු ඉටුවෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා...!!!

ලගදීම ජන්දේ ඉල්ලන්න යනවා කියලා ආරංචියක් ආවා.. ඇත්තද? හික්ස්!!!

Lakal Fernando said...

jaya wewa sandaru ayya

cjgayan said...

උඹ හරි මචන් තමාට පෙර ගම ගැන හිතන එවුන් බොහොම ටිකයි ඉන්නේ.. හැමෝම බලන්නෙ තමාගෙ වාසිය.

budhajeewa said...

මරේ මරු ඈහ්! :)

Ru_Sirini said...

ගොඩක් ආඩම්බරයි සඳරු ඔයා ගැන..
දිගටම ලස්සන පෝස්ටු ලියන්න,ඉන්න ගමට රටට සේවයක් කරන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

ඉන්ද්‍රජිත් said...

උබෙ ගමම ගොඩ දාන්න චාන්ස් ඒකක් ඒයි දවසක..ජය වෙවා!

Praසන්ன said...

සුබ පැතුම් සඳරු මල්ලි. ඔහොම යං.

මූට ලොකු ලොක්කො හම්බඋනාම අපි වගේ සොක්කො අමතක වෙයිද දන්නෑ. :D

Chanaka Aruna Munasinghe said...

ජනාධිපති ලේකම් තුමාගෙ ලේකම් කමක් දෙයිද දන්නෙ නෑ :)

ItalyDilan said...

උබේ ගමන ගැන මට ඇත්තටම සතුටුයි,,මුල් කාලේ ඉදන්ම උබේ බ්ලොග් එක මම කියවපු කෙනෙක් විදිහට උබේ හිමින් ගමන මම දැක්කා,,තවත් ඉදිරියට යන්න මගෙන් උණුසුම් සුභ පැතුම්!!

ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව. said...

ජන්දේත් ඉල්ලන්න යනවා ද?

Buru Babe said...

ගම අපේ ඇස් ඉස්සරහට අරන් එන එක නම් නතර කරන්න එපා සඳරු.
නිතර කොමන්ට් නොකලාට ආශාවෙන් කියවන ගමේ කතා ටික මාත්. සමහර වෙලාවට ප්‍රබන්ධ කතා ලියන්න සඳරුට තියෙන හැකියාව පිලිගත් කතුවරුන්ටවත් නෑ කියලයි මා නම් හිතන්නේ.

සෙන්නා said...

උඹ මේකටත් සුප් කැට එහෙම දැම්මද ? නැත්තම් වෙච්ච සිද්දෙ එහෙම්ම ලියුවද ? ( මම කිව්වෙ මුල ටික )

උඹ කවදා හරි ගමටත් යමක් කරලා රටටත් යමක් කරන බව අපිට විශ්වාසයි.

ඉතින් උඹට ජය !!!!

කිරිපුතා said...

උඹ වගේ කොල්ලො රටටම වාසනාවන්. ජයවේවා මචං........!

පිණිබිඳු... said...

සතුටුයි මල්ලි. හදවතින්ම.

Ishara said...

හරි ඔහොම යං කොල්ලෝ. උඹට වරදින්නෙ නෑ.

අග්නි ධාරා... said...

ඇත්තටම ඔයාවගේ පුතෙක් සහෝදරයෙක් ඉන්න අම්මෙක් නංගියෙක් කොච්චර වාසනාවන්තද......

ලහිරු said...

හැහ්.. හැහ්... පට්ට පට්ට! මරු චෑන්ස් එකක්නේ. මලයා නුවර හරහා ද ගියේ ඒ කියන්නේ. කොහොම උණත් ගමට රටට වැඩක් කරලා දුන්නොත් කොයිතරම් වටිනවද! ඵල!

දූපත් වැසියා said...

//කඩේ හිටපු එවුංගෙන් වැඩි දෙනෙක් හප හපා උන්නු බුලත් හප විහික් කරලා දාලා මහ හඬින් හිනා වෙන්න ගත්තා . //:- කියල තියන විදියට අපිටත් හිනා යනව. අනික් කාරනාව කොට්ටාවේ ඉදනුත් කොලබට යන්න ට්‍රැෆික් තියනකොට පැය 2ක් විතර යනව, ගණන් ගන්ඩ එපා.

ඔය ඔය වැඩ වලින් බ්ලොග් ලියන කස්ටිය හොයාගෙන සුදු වෑන් එන්න පටන් ගන්න එකක් නෑ නේද...

ලකී සිරි said...

සතුටුයි සඳරූ..ඇත්තටම සතුටුයි...

උඹගෙ ලිවිල්ල තමයි ලිවිල්ල...

කතන්දර Kathandara said...

සාදු, සාදු! (යහපතක්ම වේවා!)

කලින් දෙහක මාමා නං කීවේ ගෙදරටම ප්‍රාඩෝ එවයි කියලා නේද?

වර්ණා said...

එල එල සඳරු අයියේ මාර ආඩම්බරයි ඔයා ගැන. මම මේ ෆොටෝ දෙක අපේ අම්මිටත් පෙන්නුවා අපේ අයියා කෙනෙක් කියලා. හරිම ආඩම්බරයි.

Gimhani said...

කවදහරි ඔයාගේ ප්‍රාර්ථනාව ඉටු වෙයි මල්ලී.. ජය වේවා !

රත්ගමයා said...

පට්ටයි ඕයි!!!!!
ජය වේවා!!!!
ස්ලම් ඩෝග් එකේ වගේ කක්කා නාගෙන නෙමේ නෙව ගියේ..

geeth said...

appe 4to inna ujaruwa...

Colombo waladi thawa post 1k liyanta dewal une nadda malayo....

jayen jayama labewa!!

Anonymous said...

ගමට වැඩක් කරන්න අධිෂ්ඨාන කරගත්තු එක වටිනවා. ගම වෙනුවෙන් වැඩක් කරන්න අයිය ට ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...!!!
ජය!
~~~**දඟ මල්ල**~~~

මින් said...

මගේ උණුසුම් සුබපැතුම්..... ඇත්තටම මම කලින්ම ෆොටෝටික නම් චානුකගෙන් දැක්කා.... ඒත් මම බලාගෙන හිටියේ ඒ ගැන ඔයාම කියනකන්..... නියමයි මචං... ඔහොම යං.....

සාතන් said...

මෙච්චර දේකට ගහපු පොටෝවෙත් මේකා රවාගෙනනෙ ඉන්නෙ... ;)

ක්සැන්ඩරයා said...

උඹවනම් මලේ ආදර්ශෙට ගන්න ඕනේ ගොඩක් එව්වෝ. කොහේ කොහොම ගියත් උඹේ තියන ගැමි කම නැතිවෙන්නේ නෑ. ඒක නැති කරගන්නත් එපා.

Beetle said...

උඹේ සද්දේ ගොඩක් උඩටම ඇහුණු එක ගැන සතුටුයි මචං... කාස්ටක අව්වේ අලි එක්ක ඔට්ටු වෙන අහිංසක මිනිස්සුන්ගේ ප්‍රශ්ණ ලෝකෙටම ඇහෙන්න පුලුවන්තරම් හයියෙන් කෑගහලා කියපන්...

උඹේ ලේඛන දිවියේ තීරණාත්මකම පරිච්ඡේදය ඇරඹෙන්න යනවා මම හිතන්නේ...

Sindu said...

මගෙ මල්ලි ගැන සතු‍ටු වෙනවා වගේ මට සතු‍ටුයි මල්ලි ගැන. කස්සා කිවුවා වගේ හිමින් ඉවසිල්ලෙන් යමු මල්ලි. ඔයාට යන්න ලොකු දුරක් තියනවා.

හිතුවක්කාර කෙල්ල said...

මාර ආඩම්බරයි!!! අවංක, හිත හොඳ බොරු මාන්නෙ නැති මිනිස්සුන්ට වරදින්නෙ නෑ..!! අයියාට තවත් ඉස්සරහට ගිහින් රටටම සේවයක් කරන්න ලැබෙන්න කියලා සුභ පතනවා!!

රැඩිකල් කොල්ලා- said...

පුතෝ උඹලා සෙට් එක ගැනනම් හෙනම ආඩම්බරයි.
ජනාධිපති ලේකම් බ්ලොග් කියවනවග අදනෙ බොලේ දන්නෙ.

Buddhi said...

හොඳ වැඩ වලට බාධක අඩුයි! - වැඩේ හරියන්ඩ ඉඩ ඇත!!

Bindi said...

සතුටුයි බොහොම මල්ලි. මේ දේවල් ලැබුනේ තනිකරම ඔයාගේ දක්ෂකමත් නිහතමානිකමත් නිසා .

elephas said...

නියමයිනෙ සඳරු අයියේ.... ඔයා දවසින් දවස ඉස්සරහට යනවා නේද? මගෙන් උණුසුම් සුබ පැතුම්..... ජයෙන් ජය ම වේවා...........

Weni said...

මල්ලිට වරදින්න විදියක් නෑ කොහොමවත්ම...සුබ පතනවා ඔයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙන්නයි කියලා..

හරී - පිණිපළස said...

මල්ලිගෙ ඉදිරි අනාගතයට සුභ පතනවා, තමන්ට කඩල ඇටයක් වත් එපා කියලා ගම හදලා දෙන්න කියලා ඉල්ලන, උඹ වගේ කොල්ලො නැහැ මල්ලී. ආඩම්බරයි

අසරණයා said...

ආඩම්බරයි තමන්ට නැතත් ගමට වැඩක් කරන්න ඕනේ කියල හදවතින්ම හිතන මිනිස්සු ගොඩාක් අඩුයි.

ජයෙන් ජය..

පරිකල්පන said...

/*මගෙ ගමට මගෙ පළාතට යමක් වෙනවා නම් මට ඒක මහ මෙරක් තරම් .*/
ඔය හිතිවිල්ල මසුරං වටිනව සඳරු. ජයෙන් ජයම වේවා කියල ප්‍රාර්ථනා කරනව.

අරුණ චමින්ද said...

මමත් ගොඩක් සතුටුයි දැක ගන්ඩ ලැබුනට. අපි බලාපොරොත්තු තියාගෙන ඉදිරියටම යමු.

හිස් අහස said...

@kassa = උඹ පටන්ගත්ත වැඩේ ගොඩ ගියොතින් නම් මට වරදින්නේ නැති බව මම දන්නවා මචං
.............................................................................................................................
@Nadun Shiwantha = එදා ඉඳන් කාලා බීලා වැටිල උන්නු ගං තුලානට වඩා මට වටින දෙයක් තවත් කොහෙද බං ?
.............................................................................................................................
@Lakal = ස්තුතියි යාළු
.............................................................................................................................
@cjgayan = ගම නගමු මචං ඊට පස්සේ අපි නැගෙමු !
.............................................................................................................................
@budhajeewa = නයිස්ටු මීට් යූ මචං !
.............................................................................................................................
@රූ = පෝස්ටු ලස්සන වෙන්නේ මම දිගටම කලබලයක් නැතුං ලීවොතින් මම ලියන්නේ ඔබ බලන්න ආවොතින් .ස්තූතියි රූ
.............................................................................................................................
@ඉන්ද්‍රජිත් = අනිවා එදාට මම පැන්සන් යනවා
.............................................................................................................................
@Praසන්ன = සොක්කෙක්ට කවදාවත් එහෙම වෙන්නේ නෑ අයියා මොකෝ කීවොත් මම එදා ඉඳන්ම දන්නවා මම මොකාද කියලා මම පීඩිත පන්තියේ සොක්කෙක් මට උදවු කල එවුංව මා ඒක්ක උන්නු එවුන්ව මට මලත් අමතක නෑ .
.............................................................................................................................
@Chanaka Aruna Munasinghe = දැන් මකරා ජනාධිපති වුණා නම් මට ඒක ගන්න තිබ්බා
.............................................................................................................................
@ItalyDilan = මට උඹ මුල් කාලේ ඉඳන් මට දීපු සප් එකත් හොඳට මතකයි . මට මෙලෝ දෙයක් නැතත් ගමට යමක් කරන්න ලැබුනොත් එදාට මලත් සැපයි
.............................................................................................................................
@ඊමේල් කවි කාරි = මම ඉල්ලවුවොත් අපේ අම්මා වත් මට ජන්දේ දෙන එකක් නෑ
.............................................................................................................................
@Il mondo di una povera pazza = ගම තව ටික කාලෙකින් අවුවේ තියාපු අයිස් කැටියක් වාගේ මැකිලා යාවි ඊට පස්සේ මෙතන ඉතිරි වෙන්නේ නගරයක් කමක් නෑ මම දැක්ක ගම තාම මගේ හිත ඇතුලේ තියනවා ඒක කවදාවත් මැකෙන්නේ නෑ . මම ඒ ගැන ලියන්නම්
.............................................................................................................................
@Senna = මේකට නම් කෘතීම රසකාරක කිසිවක් දමා නැත . ෆුල් නැචුරල්
.............................................................................................................................
@කිරිපුතා = විලි ලැජ්ජාවේ බෑ
.............................................................................................................................
@පිණිබිඳු = සතුට සමරන්න ගෙදර හදාපු වයින් එකක්වත් තියේනම්
.............................................................................................................................
@Ishara = ස්තුතියි කොල්ලෝ
.............................................................................................................................
@අග්නි ධාරා = මම මේ කල් පනා කලේ ඒ වගේ දෙන්නෙක් ඉන්න මම කොච්චර ලකීද කියලා
.............................................................................................................................
@ලහිරු =ඔවු ඔවු මම ගියේ නුවර හරහා ඇයි ලහිරු ඔයා ඉන්නේ නුවරද ? දන්නවා නම් දවසක එන්න හැකී මම නුවර කාලා ඉන්නේ
.............................................................................................................................
@දූපත් වැසියා = සුදු වෑන් එන්ඩ මේ ගං තුලානට .? මට ෆුල් ගාඩ් එක ගමෙන් තියනවා

හිස් අහස said...

@ලකී සිරි = උඹලා නිසා තමයි බොලවු මේ බ්ලොග් එක ඇදෙන්නේ . පිං උඹලට
.............................................................................................................................
@කතන්දර = මම හිතන්නේ ඒ ප්‍රාඩෝ එවනවා කීවේ බඩු ගේන්න යන්ඩ නේ මම ඒකට කැමති නෑ මම වත්තේ වවාගෙන කන එකෙක් . ඒක හින්දා මේ පාර මම බස් එකේ ගිහින් ආවා . තෑන්ක්ස් කකා
.............................................................................................................................
@වර්ණා = ස්තුතියි නඟා මාව වැඩිය පෙන්නන්න එපා පොලීසියේ මාමලා එහෙම මාව ටස් ගාලා අඳුන ගන්නවා .. :)
.............................................................................................................................
@Gimhani = අන්න එදාට මම බොනවා අක්කේ වැටෙන්න
.............................................................................................................................
@රත්ගමයා = පික්සුද මගෙ මස්සිනා සඳරු ගූ නාන බුවෙක් නෙවේ . ගූ ගහන බුවෙක් :)
.............................................................................................................................
@geeth = මොකද නැත්තේ ? මම මුලින්ම ලිෆ්ට් එකක ගියා . ඔය වගේ තව වැඩකිඩ සෑහෙන ගානක් වුණා
.............................................................................................................................
@මහී = ස්තූතියි මහී ඔය වචනේ මට රත්තරන්
.............................................................................................................................
@මින් = ස්තූතියි මින් . ඔන්න හිතුන් ඕක මොකට හිතේ තියාන ඉන්නවාද කියලා හීන් හැරේ ලියා දැම්මා
.............................................................................................................................
@සාතන් = ඒ මගේ ෆොටෝ ලුක් එක මචෝ
.............................................................................................................................
@ක්සැන්ඩර් = උනුපුරුකේ මොද්දෙක දාලා කෙලින් කරන්න බැරිවා වගේ මගේ ඔය ගෙඩේ ගතියත් මම මැරෙනකල්ම තියේවි
.............................................................................................................................
@Beetle = උඹ එදා ඉඳන් මට දීපු උපදෙස් මම තවම බලාපොරොත්තු වෙනවා බං කෝ දැන් මට උපදෙන් එන්නේ නෑ උඹගෙන් !
.............................................................................................................................
@සිඳු = ස්තූතියි අක්කේ . මට ඉහලට යන්ඩ ඕනෙ නෑ . මගේ බලාපොරොත්තු සීමිතයි .ඔයාලා මට දෙන ගැම්ම කවදාකවත් අමතක කරන්නේ නම් නෑ මම

හිස් අහස said...

@හිතුවක්කාරි = ස්තුතියි නඟා . බලමු දවසක අපි කියන දේ අහන්නත් කෙනෙක් ඉඳීවි
.............................................................................................................................
@රැඩිකල් කොල්ලා = ඒකනේ කියන්නේ විවේක වෙලාවට එයත් බ්ලොග් එකින් එක බලනවා ඇති
.............................................................................................................................
@බුද්ධි = හරි ගියොතින් මම ගොඩ ගමත් ගොඩ
.............................................................................................................................
@Bindi = මම හිතන්නේ මේ බ්ලොග් එකට ඇවිත් මට හයිය දුන්නු ඔයාලා නිසා කියලා
.............................................................................................................................
@elephas = මේ යන ගමන මගේ ගමට සෙතක් කරගෙන යන්න්ඩයි මට ඕනෙ වෙන මොකුත් මට ඕනෙ නෑ
.............................................................................................................................
@Weni = ස්තූතියි වෙනියා . මම උඹව හම්බෙන්න හිටියේ
.............................................................................................................................
@හරී - පිණිපළස = උපන්න ගමට නොකරන එකා ආයේ කාට කොරන්නද බං මට රස්සාවක් නැතත් මේ ගම තිබ්බොත් කාල ඇඳලා යහතින් උන්න හැකි ඒකයි මට මේ ගම වටින්නේ .
.............................................................................................................................
@අසරණයා = ස්තූතියි මචා . උඹටත් ජයෙන් ජය
.............................................................................................................................
@පරිකල්පන = ස්තුතියි මිත්‍රයා . ඔබටත් ජයම වේවා
.............................................................................................................................
@අරුණ චාමින්ද = අරුණ සර් අඳුන ගන්න ලැබීම මටත් ලොකු සතුටක් . ඒ වගේමයි ඔයා මගේ බ්ලොග් එකේ පාඨකයෙක් බව දැනකගන්න ලැබීම තව සතුටක්

sAm (සෑම්) said...

//“පුතේ උඹ පෝන් බිල් එක ගෙවන්නේ නැතුං උන්නා නේද ? ඒකට නඩු වැටිලා උඹට අලුත් කඩේ උසාවියට එන්න කියලා ලියුං එවලා ඇති .. මයෙ නඟාගේ ලොකු කොල්ලටත් ඕකමයි වුණේ !” //

ඒක මරු කතාව සදරුවෝ...

ග‍මේ එකාලට වැඩිය අපි උබව දන්නවා. අපිට වටිනවා. උබ ගමට වැඩක් කරපු දවසට ගමට තේරෙයි.

ජය !

Chanaka Aruna Munasinghe said...

හී හී, මම කිවුවෙ ජනාධිපතිගෙ ලේකම් කම නෙවෙයි. ජනාධිපති ලේකම්ගෙ ලේකම් කම.

මතකද කලින් පොරොන්දුවක් දුන්නා සඳරුවා ජනාධිපති වුනාම මාව අගමැති කරනවා කියලා

බස්සා said...

ජයවේවා සඳරුට..... දිගු ගමනක් යන්න...!!!!

Dilshan said...

-මාලින්ද ප්‍රසාද් අන්තර්ජාල සම්බන්ධතාවන්හි ඇති වේගය අඩු කම ගැන-
අම්මපා පිං සිද්ද වෙනවා ඔයි ගැන කතා දැම්මට...
උඹ මගේ බ්ලොග් එකේ දාපු කමෙන්ට් එකට බොහොම ස්තූතියි සඳරූ... මගේ බ්ලොග් ජීවිතේ මට ආපු පළවෙනි කමෙන්ට් එක උඹෙන්.... උඹ දන්නෑ මට ආපු සංතෝසේ.... මම උඩ පැන්නා මචං...

මාරයාගේ හෝරාව said...

හික් හික්...:D

දේව් ගේ අඩවිය said...

සුභ පැතුම් මල්ලි... එදා කිවා වගේම අදත් හෙටත් කවදාවත් මල්ලිට වරදින්නේ නැ කියලා මට විශ්වාසයි...

ජය වේවා මල්ලි...

හා පැටික්කි (MS) said...

අන්තිමටම ආවේ. අනික බොහෝ කාලෙකින් ආවේ.
මුලින්ම සම්මානයට සුභ පැතුම්. නොදා හිටියනම් මොනතරම් අපරාදයක්ද.........

දෙවනුව මේ ගමනටත් සුභ පැතුම්. සඳරුට යමක් කරන්න පුලුවන්. ඒක මේ හැමෝම කියලා තියනවා. ගමේ අයගෙත් ආදරේ අරන් ඔය විදියට දිගටම වැඩ කරන්න. හදවතින්ම සුභ පතනවා වගේම ශක්තිය ධෛර්්‍ය ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා අපි.!!!!

ඒක නෙමෙයි මාමණ්ඩිගෙනුත් ලකුණු කොල්ලට ලැබෙන්නැති නෙහ්..... ;)

MR. KING said...

පට්ට චාන්ස් එක නෙහ්?
ජයෙන් ජයම වේවා!!!!!

දිනුක said...

උඹටත් උනේ කොටියගෙ කතාවෙ සීන් එකමයි නේ.කලිං උඹ ඇදබාපු කෙප්ප එක්ක ගමේ උං ඔහොම එකක් විස්සාස කොරයියැ.

අරුණ හෙට්ටිආරච්චි said...

බොක්කෙන්ම උඹට සුභ පතනවා සදරු මල්ලි.

Anonymous said...

එල මචං.... සුභ පැතුම්...!

මහේෂ් said...

මගෙත් සුබ පැතුම් මල්ලී ..

ලොකු පුතා said...

සුබ පැතුම් මචං...
කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා.

උඹ කියල තියෙන විදිහටම මොනම හේතුවක් නිසාවත් ගමනම් අමතක කරන්න එපා මචෝ. එතන තමයි උඹේ මුල...
මුල නැති උනාම ගහකින් වැඩක් නැහැ වගේම, මුල අමතක කලොත් අපිටත් පැවැත්මක් නැති වෙනවා.
ජය වේවා.....!

Dinesh said...

නියමයි මලයා.. උණුසුම් සුභ පැතුම්.. උබේ ඉදිරි ගමනත් එක්ක උඹට ඔය අන්තිමට කියපු දේ සාර්ථක කර ගන්න පුළුවන් මලයා.. එක අපිට විශ්වාසයි..

ආ.. අර හැදි ගෑරුප්පු වලින් කන දේට බය වෙන්න එපා.. තමන්ට කැමතිනම් මේසෙදි අතින් කන්න සම්පූර්ණ නිදහස තියෙනවා.. අනික හැමතිස්සෙම හැදි ගෑරුප්පු වලින් හැප්පෙන සුද්දෝ උනත් මස් කන්නේ අතින්..

Anonymous said...

ෆට්ටයි ෆට්ටයි. කාටද ඉතින් ආඩම්බර අපිටනෙ බන්.
JH

පුංචි said...

සුබ පැතුම් සදරුට ඒ වගෙම ඔයාගේ අවංක චේතනාව ඉෂ්ට වෙන්න කියලා පතනවා.

සුදු මුවා said...

පරක්කු වුනා මේ පැත්තේ එන්න, සඳරුගේ හිතේ තියෙන හොඳ / අහිංසක ප්‍රර්ථනා සියල්ල ඉටුවේවා!!!

දම්මි said...

ඒක තමයි වෙන්න ඕනෑ හොඳම දේ.. අපටත් සතුටුයි මල්ලී

හසී said...

ජය වේවා... සඳරු!!!

Anonymous said...

සඳරුට සුභ පැතුම්..

හැබැයි චානුක කරපු වැඩේ කැතයි... මේකට බ්ලොග් අවකාශේ සුවිශේෂී චරිතයක් වෙච්ච චතුෂ තුෂාර කුමාරවත්(මාරයා) ගෙනියන්න තිබුන..

සිත්රූ සිහින said...

හරිම සතුටුයි සඳරු..සුබ පැතුම්..:))
ඒක නෙමෙයි ලස්සන ෂර්ට් එකක්..ලේකම් තුමා හමුවෙන්න විතරනෙ ගියේ නේද? ;)

තොටියා said...

එල එල... සුභ පැතුම්... තමන්ගෙ ගම් දනව්වට ලොකු සේවයක් කරන්න ලැබේවායි පතමි

කස්ස said...

පට්ට....මගෙන් සුබපැතුම් මචන්

Charaka said...

ඔහොම යන් ඔහොම යන්...
ජය වෙවා!

Anonymous said...

සුබ පැතුම් සඳරු !
LA

Anonymous said...

subapathum...

Anonymous said...

සුබ පැතුම් සදරු! ලියන වචනයක් ගානේ අවංකත්වය පලවන ඔයාගේ ලිපි තුලින් දකින්න ලැබෙන සැබෑ මනුස්සකම ඇසුරට ලැබෙන බලවතුන්ගේ උණුසුමින් විනාස නොවේවායි පතමි!

-අම්බි

iSURU said...

I like your Blog. Well done.

mekuwi said...

ඔයා ආපු ගමන නියමය් මල්ලි ..ඔයාට මුළු හදවතින්ම සුභ පතනවා මේ බ්ලොග් අවකාශේ බැබලෙන්නා වගේම ගමෙඉ රටෙය්ත් බැබලෙන චරිතයක් වෙන්න..

ගිනි කුරුල්ලා said...

බොක්කෙන්ම සතුටුයි සඳරු අයියේ.. බලාපොරොත්තු හැම එකක්ම ඒ විදියටම ඉටුවේවා!!!

ඉඳුනිල් said...

ලලිත් වීරතුංග මහත්තයා කියන්නේ අපේ රටේ ආදර්ශවත්ම රාජ්‍ය නිලධාරියා. බටුවන්ගල සර් ඔතනදී නොකියූ කථාව වගේ තොරතුරු තාක්ෂණ දියුණුවට වල කපන, ලැබෙන සම්පත් අපතේ යවන, තො.තා ආවොත් තමන්ගේ පැවැත්මට කෙළ වෙයි කියලා හිතන නිලධාරීන් ඉන්න රටක ප්‍රධානම රාජ්‍ය නිලධාරියා වෙන ලලිත් මහත්තයා තොරතුරු තාක්ෂනය ගැන හොඳ ප්‍රායෝගික දැනීමක් තිබීම සැබෑ වෙනසකට මොන තරම් වටිනවාද?

මම කාලයක් පොදු දෙයක් වෙනුවෙන් එක යෝජනාවක් අදාළ රාජ්‍ය ආයතන වලට අවුරුදු 4ක් තිස්සේ යොමු කලත් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. ලේකම් තුමාට යොමු කලාට පස්සේ තමයි අදාල ආයතන දැනුවත් කරලා පළමු ප්‍රතිචාරය ලැබුනේ.

සඳරු ඉල්ලුවත් නැතත් ගමට යමක් ලැබෙයි බොහෝ දුරට. හැබැයි උඹ මහවිලච්චියේ වන්නි සර් වගේ ගමට පිහිට වෙන්න ඕනි.ලලිත් මහත්තයා ඉහළිනුත් උදවු අරණ උඹට උදවු කරයි. මොකද කියන්නේ..

මම මුණු පොතේ වෙනම පයින්ඩයක් දාන්නම්.. :)

පබලු said...

සන්තෝසයි සදරුවෝ ..ජයෙන් ජය..

Anonymous said...

ජයවෙවා සදරැ අයියෙ...

kumaraya said...

ෂා ... නියමයි මලේ.....
ඔන මගෙනුත් සුබ පැතුම් ...

වීපොකුරෙ වීයා said...

මතකද.. ලක්බිම පත්තරේ ගිය ලිපිය.., ඒක නිසා ඔබව අදුරගත්ත අපි වගේ අලුතින් බ්ලොග් වලට වහ වැ‍ටුනු ඇයොන්ට මාර සතු‍ටුයි...මලයා..
හැබැයි අර මුලදි ලියපු බ්ලොග් ලියන්න ලැජ්ජ හිතෙයිද...?
ඇයි ..? දැන් සදරුවා තද පොරක්නෙ...
....

චානුක වත්තේගම said...

@mothagamanaya,

ඔබ ඉහත නඟා ඇති චෝදනාවට පිළිතුරු දෙමි. නැතිනම් මා කැටුව නොගියේ නැත්තේ ඇයිදැයි තව බොහෝ දෙනෙකුන් මගෙන් අසන්නට ඉඩ ඇති නිසාය.

1. මෙය බ්ලොගර්ස්ලාගේම හමුවක් නොවේ. අපේ අරමුණු ඊට වෙනස් විය. එනිසා කණ්ඩායම සැදුණේ ඒ අවශ්‍යතාවයට අනුවය. අදාළ පිරිසෙහි තවමත් නිතිපතා බ්ලොග් ලියන්නකුට හිටියේ සඳරු පමණය.

2. මා රැගෙන ගිය කණ්ඩායමේ මහා පොදු සාධකය ඒ සියල්ලන්ටම තොරතුරු තාක්ෂණයේ තාක්ෂණික පැත්ත හා භාවිතය පිළිබඳව හොඳ අවබෝධයක් තිබීමයි.

3. මේ සාකච්ඡාව කිහිප වාරයක් අවලංගු වී, නැවත දින ලැබී අවසාන මොහොත වනතුරු ස්ථිර නොවූ එකක් විය. සාමාන්‍යයෙන් වීරතුංග මහත්තයා දෙන ඇපොයින්ට්මන්ට්ස් අවසාන මොහොතේත් අවලංගු වේ. හරියටම වේදැයි නොදන්නා දෙයක් වෙනුවෙන් අඬබෙර ගසා, ඉල්ලුම්පත් කැඳවා සද්දයක් දැමීමට මට උවමනාවක් නොවීය. එනිසා මා කාලයක් තිස්සේ හොඳින් දන්නා කුඩා කණ්ඩායමක් පමණක් එකතු කර ගතිමි. බුධාජීව හරුණු විට අන් සියළු දෙනාම මම පෞද්ගලිකව දැන සිටි, එකට වැඩ කර තිබුණු අයයි.

නමුත් ඔබ කියන දෙයෙහි යම් ඇත්තක් තිබේ. ඉක්මණ හා අඩු අවධානය නිසා මඟ හරුණු තව කිහිප දෙනකු රැගෙන ගියා නම් යහපත්ය මට සිතෙයි. ප්‍රවීන් ඉන්ද්‍රනාම එවැන්නෙකි. පහන් සරත්චන්ද්‍ර තවකෙකි.

- චානුක වත්තේගම

ගැමියාගේ පත් ඉරුව said...

අඩේ මාරයිනේ සඳරු අයියේ ඉතිං මහින්ද මාමව එහෙම හම්බුනේ නැතෙයි....??? අයියා වගේ කට්ටිය ඉන්න එක ගැන ගොඩක් ආඩම්බරයි තමාට පෙර ගමට කියලා වැඩකරන අය කීයෙන් කී දෙනාද ඉතිං ඉන්නේ... ඔයාගේ අදහස් වලට වරදින එකක් නෑ අනිවාර්යෙන් හරියන්න ඕනේ ඔයාලා වගේ අයට තමා... මගේ සුභ පැතුම් අයියේ තව තවත් ජයග්‍රහණ ලබාගන්න... චානුක වත්තේගම මහතාටත් සෑහෙන්න ස්තූති කරන්න ඕනේ මේක ලංකාවේ කීප දෙනෙක්ට විතරක් වැදගත් වෙන දෙයක් නෙමේනේ....

දැනටමත් සඳරු අයියා ලංකාවෙම දිදුලන චරිතයක්

Charith Samarakoon said...

මේක ගොඩදවසක ඉඳන් කියන්න හිතුව අදයි නියම දවස... උබේ පෝස්ට් එක පුරා ගමට ආදරය අවංකකම එක්ක මහ නෝංජල් ගතියක් තිබ්බ බං... මේ රටේ කොළඹට පැය දහයක් කියල මිනිහෙක්ගෙ වෙනසක් නෑ... මිනිස්සුන්ට හිනාවෙන්න බලන් ඉන්න පිරිසක් ඉන්නව තමා,නමුත් තමන්ගෙ හිතෙන් හීනමානය තියන් ඉඳීම ඒකට උඩගෙඩි දෙනව... කොළඹ උන් බ්ලොග් කියවන්නත් කළින් බ්ලොග් ලියල හිට් වෙච්ච උබ ඔය විදියට හිතන එක දුකක් බං...උඹ වටින මිනිහෙක්,හැම මිනිහෙක්ම වටිනව... ලලිත් වීරතුංගත් උඹ හිතන විදියෙ "බයියෙක්" එහෙනම්... සමාවෙයන් වැරදි දෙයක් කියුවනම්...ඔයිට එහා යන්න සුභපැතුම්...

Charith Samarakoon said...

කළින් එක හරිනෑ වගේ නං අයින් කොරහන්...

boo pale said...

මුල ඉන්දන්ම ඔයගෙ බ්ලොග් කියව්නව මල්ලී...
උබ හරි සුන්දර හිතක් තියන කොල්ලෙක්..

සැමදා ජය

ජිනේ said...

සුබපැතුම් සදරු අයියේ..... මෙච්චර කල් මුල ඉදන් කියෙව්වා. අද තමා කමෙන්ට් කරන්න හම්බුනේ.... ආපු ගමන නියමයි.... දිගටම ඔහොම යමු....

ටීම් ට්‍රැවලර්ස් said...

ඕකනේ කියන්නේ. මම සඳරුවෝ උඹට කීවා කොළඹ ආවොත් කියපං කියලා. උඹ නිකන් මට මැසේජ් එකක් දැම්මා නම් හොඳ ආතල් එකක් දාලා යනවානේ බං. ශික්... කරටි කැඩෙන්න ගහන්න තිබුනා. අපරාදේ.. කමක් නෑ. උඹ ආයේ මේ අහ එනවා නම් මට දන්වලා වරෙං.

ජය ශ්‍රී....

නවෝ.

Anonymous said...

මගේ උණුසුම් සුභපැතුම් සඳරු මලේ. උඹ දවසක උඹටවත් හිතාගන්න බැරි තරම් ලොකු තැනකට යනවා. සමහර විට උඹ පළාත නියෝජනය කරන මැති ඇමති කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා. අපි බලමු අනාගතේ මොකද වෙන්නේ කියල. උඹට උණුසුම් සුභපැතුම්.
polwattacom

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

වෙන කෙනෙකු මේ වගේ ලිපියක් ලිවාම ලියන්න හිතෙන දේවල් උඹට කියන්න හිත දෙන්නේ නෑ ...ගම වෙනුවෙන් උඹේ ශ්‍රේෂ්ට අරමුණු වෙනුවෙන් සුබ පතනවා !

මොතාගමනය - සිරාවටම මාරයාව නම් ගෙනියන්නම වටින චරිතයක් !

චානුක - ඔබතුමාගේ තෝරාගැනීම ප්‍රශ්න කරනවට වඩා මොතා මතුකරන්න හදන්නේ වෙනත් කාරණාවක් මට හිතෙන විදිහට .

Sajith Lab said...

සදරුවෝ මෙන්න උඔට මඩ ගහලෝ.....
හොදවයින් එක්ක අඔරලා දිපන්.
.http://anonymousaya.blogspot.com/2012/04/blog-post.html

Nishi said...

සුභ පෑතුම් සඳරු මලේ........ඔයාගේ ප්‍රාර්තනා ඉශ්ට වෙන්න කියලා පතනවා :D

නිශ් said...

මුලින්ම කියල තියෙන දේ තමා මටත් කියන්න තියෙන්නෙ සඳරුවෝ...

ජය..............................!

Anonymous said...

congratlzs...!!!

Raj said...

උඹ ඔක ලියන්නේ කවද්ද කියල ඇහුවට ..ඔං අදයි කියවන්ඩ ඉස්පාසුවක් ලැබුනේ....උඹට ජය

රාජ් said...

නියමයි සදරුවෝ. උඹේ බලාපොරොත්තු ඉෂ්ට වේවා කියල ප්‍රාර්තනා කරනව.

රන් සමනළියක් said...

සුභ පැතුම් සදරු නෙලුම් පිපෙන්නෙත් මඩේ තමයි .ගමේ උන් ඔයාව ගනන් නොගත්තට රටේ උන් ගනන් ගන්නවනේ..ගමේ මගොඩ් වැඩ නොකලා නම් අද ඔයාට මේ බ්ලොග් එකේ ලියන්න දේවල් නැ..බ්ලොග් එක නොලිවුවා නම් දිගාමඩුල්ලේ සදරු අපි දන්නෙත් නැ....

පොඩ්ඩා said...

සුබ පැතුම් මචෝ...!! එල ආ ..!!

ජීවිතේ said...

ෂා සදරැවා නියම ෙකාල්ෙලක් ෙන්

පන්සල් හංදිය said...

අනේ මල්ලියේ මම අදයි මේ පෝස්ට් එක දැක්කෙ, කොහොම හරි රටට, ගමට වැඩක් කරපං ඔය චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ....

Anonymous said...

සදරු සහ පිරිවර ගැන දමා තීබූ සත පනහේ බ්ලොග් එකට පිළිතුරු ලිපියකි.

තමන් ටිකක් දැනගෙන ගොඩක් දන්නවා සේ සහ ගමේ ඉන්න තමන්ගේ සහෝදර සහෝදරයින්ට ගොඩයායැයි අපහසවනසේ කතාකරන්නා/හැසිරෙන්නා ගැන ඇත්තටම දුකක් සහ කණගාටුවක් උපදිනවා. විදේශිකයින් අපේ අතින් කෑම දකින්නේ අපට හැදි, ගෑරුප්පු සහ චීන්නු සහ ජප්පෝ කන කෝටු දෙකටවඩා අපෙයි අතේ පිරිසිදු බවට වූ විස්වාසයේ සහතිකයක් ලෙසයි. අපේ ගොඩ සුද්දන්න්ට මනාලෙස පිරිසිදු නොවූ හැන්ද සුද්ද කන නිසා පිරිසිදු වෙනවා සේම, අනිත් අයගේ අතින් පිළියෙල කල කෑම හැඳි ගෑරුප්පු පිහි භාවිතයෙන් කන නිසා තමා සමාජ සම්මතයෙන් උසස් කොටසකට අයිති වේයැයි හිනොත්මදයෙන් පෙලෙන බවයි දකින්නට ලැබෙන්නේ. සදරු ගැන ආඩම්බර වෙන අතර නිවසේදී ලැබෙන සෑම අවස්ථාවකදීම සිංහල කම දන්නා දේශපාලකයින් වගේම සමාජයේ උසස්යැයි සම්මත නිහතමානී පුත්ගලයින් අතින්කෑම අගය කරන්නේ අහරේ නියම රසය දැනෙන්නේ අතින් අනා කනවිට බැවිනි. සදරුවන් පුත්ගලයෙකු හිවලෙකු කෑගැසුවාට බයනොවන බව දන්නාමුත් මෙය ලියන්නේ හුදෙක් මනුස්ස වෙසින් ඉන්නා අමනුස්සයින් වෙනුවෙනි. ඔහුගේ එම සටහනත් සදරුට පන්නරයක්ම වේවා!.

-අම්බි

ප.ලි. සදරු, මා තුට්ටු දෙකේ බ්ලොග්ස් කියවන්නෙක් නොවෙමි. එහෙත් ඔබගැන නරකක් ලියවී ඇතැයි පුත්ගලයෙක් අදහස් දක්වා තිබීම නිසා එය කියවීමි. මෙය, එය කියවා මා හැගී හැගීමයි. එයට පිළිතුරක් ලෙස මෙය ඔබට එම බ්ලොග් අඩවියේ දැමීමට මම සම්පුරණ හිමිකම දෙන අතර මෙය මා විසින් එහි නොදමන්නේ මා එම බ්ලොග් ලිපිය පිළිකුල් කරන බැවිනි. කොලබ නෙවේ පිටරටකට ගියත් අතහෝදන් අතින් කන්න ලජ්ජා වෙන්න එපා. ගොඩක් ලොකු ලොක්කෝ ඉන්නවා තරු පහේ තැන්වලට ගියත් සේවකයෙක් ලවා finger bowls ගෙන්වාගෙන අතින් කෑම කන.

Sumith Niriella said...

සුබ පැතුම් සඳරු...ජයම වේවා !

@මගේ හිත
ඔයාගේ ප්‍රවේශය වැරදියි සහෝ...ඔයා කියන ඒ නොන්ජල් කම...බයියා කම තමයි "සඳරු" කියන්නෙ...හිස් අහස සැරසිලා තියෙන අනන්‍යතාවය ඒකයි. යම් විදියකින් ඒ අනන්‍යතාවය අහිමි කළොක් එතන සඳරුත් නෑ. සඳරු නැති හිස් අහසක් අපට මොකටද ?

සොමිකොල්ලා said...

මගේ උණුසුම් සුභපැතුම් සදරුවෝ.... ජය වේවා!!!

Unknown said...

සුභ පැතුම් මල්ලි...තව තවත් ඉදිරියට යාමට ලැබේවා....

නවම් said...

සුභපැතුම් සඳරුවෝ. බොහොම පරක්කුවෙලානෙ මේ පැත්තෙ ආවෙ. උඹට ලොකු ගමනක් යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්නම් මල්ලි.

නුවන් දේශප්‍රිය said...

සුබපැතුම් සඳරූ.
ඒක නෙමේ . ඔය ගියඅයගෙන් සෙහාන් සන්දේශ් ගැන මං දන්නෙ නෑ. එයා බ්ලොග් ලියන කෙනෙක්ද? දන්න කෙනෙක් කියල දෙනවද?

Anonymous said...

උණුසුම් සුබ පැතුම් සඳරු. ඔය අයගේ උදව්වෙන් ගම් පළාතෙ දියුණුවට වටින වැඩ ටිකක් කරන්න ලැබේවා!

මාධව විදුරංග said...

සුභ පැතුම් මචෝ! මං දැක්කා බුකියේ පොටෝස් තියනවා!

Anonymous said...

All the best machng :-)

හිස් අහස said...

@Chanaka Aruna Munasinghe = මමත් මකරට කීව නේද ජනාධිපති වුනොත් මට ජොබක් සැට් කරලා දෙන්ඩ කියලා
.............................................................................................................................
@බස්සා = ස්තුතියි මචං
.............................................................................................................................
@Dilshan = ඕක නම් මොකක්ද මචං . උඹ මට ඊමේල්ලුවක් එවාපංකෝ මම කෝමත් ඔයි පින්තූර වැඩ කිඩ වලට මාර ආසයි . මම කෝමත් උඹගේ බ්ලොග් එක නම් නොවරදවා කියවනවා
.............................................................................................................................
@මාරයාගේ හෝරාව = ජය වේවා !!
.............................................................................................................................
@දේවා ගේ අඩවිය = ස්තුතියි දේවා . උඹ මට එදා ඉඳන්ම සප් එක දුන් එකෙක් බව මට අමතක නෑ
.............................................................................................................................
@හා පැටික්කි = මට ඔයා එදා දුන්න කමෙන්ට් එක අමතක නෑ . මාව දිරිමත් කලාට ඔයාට එදාවගෙම අදටත් ස්තුතියි . මාමගෙන් නම් දැන් ලකුනු ඕනෙ තරම් තියෙන්නේ .
.............................................................................................................................
@අඩවි රජා = උඹටත් ජයම වේවා කීවා
.............................................................................................................................
@දිනුක = කොටියා ආ දාට දුවන්ඩ තමා තියෙන්නේ
.............................................................................................................................
@රෙප් මහත්තයා = තැන්කුයි මචෝ
.............................................................................................................................
@prasanna86k = ස්තුතියි අයියා
.............................................................................................................................
@මහේෂ් නිශාන්ත = ස්තුතියි අයියා
.............................................................................................................................
@ලොකු පුතා = මලත් උන්න දිහයි උන්නු හැටියි මට කවදාකවත් අමතක වෙන්නේ නෑ මචං මාව කෑලි වලට කැපුවත් ඒක වෙනස් නොවී තියේවි . ස්තූතියි ලොක්කා
.............................................................................................................................
@Dinesh = දිනේශ් අයියටත් ස්තූතියි හැඳි ගෑරුප්පුවෙන් කන්න ඉගන ගෙන මට වැඩක් නෑ නේ බං මොකෝ මම ගෙදරදී බත් කන්නත් ඕක ගන්නැයි නේද බං උඹ හරි අයියා .
.............................................................................................................................
@JH = උඹලා වගේ බොක්කවල් ඉන්දෙද්දී මට ආඩම්බර නැද්ද බොල
.............................................................................................................................
@පුංචි කුමාරිහාමි = ස්තුතියි කෙල්ලේ මටත් ඕනෙ පලාතට වැඩක් කරගන්ඩ විතරයි
.............................................................................................................................
@සුදු මුවා = ජය වේවා !!
.............................................................................................................................
@දම්මි = ස්තූතියි දම්මි
.............................................................................................................................
@හසී = උඹ ඉතින් අක්කේ මගෙ බුදු ෆිට් එකනේ
.............................................................................................................................
@mothagamanaya = ඔන්න මචං එයා උත්තර දීලා තියනවා යටින්

හිස් අහස said...

@සිත්රූ සිහින = ඔවු අනේ කමිසෙ ලස්සන නම් ඉතින් පට්ට හැපී
.............................................................................................................................
@තොටියා = ගමේ උන් එගොඩ කරන්න ලැබෙනවා නම් ඒකම මදෑ සතුටින් මැරෙන්න ස්තුතියි බං
.............................................................................................................................
@කස්ස = ස්තුතියි කස්සා 2
.............................................................................................................................
@Charaka = ස්තුතියි මචෝ ජය
.............................................................................................................................
@LA = ස්තූතියි වෙනදා වගේම
.............................................................................................................................
@Anonymous = ස්තුතියි ඇනෝ
.............................................................................................................................
@-අම්බි = ස්තුතියි ඔයාගේ කමෙන්ට් දෙකටම . එක එකා ඉතින් එයාලගෙ ආතල් එක අරගන්නවා ඒක අපිට නවත්තන්න බෑ අම්බි ඉතින් මම උන්ට කොහෙන් හරි හිනා වෙලා මගේ පාඩුවේ ඉන්නවා . මොකෝ මට රිදෙනවයි . හදවතින්ම ස්තූතියි
.............................................................................................................................
@mekuwi = ස්තුතියි යාළු
.............................................................................................................................
@ගිනි කුරුල්ලා = ස්තුතියි බොලේ
.............................................................................................................................
@ඉඳුනිල් = ස්තුතියි මචං මම උඹට පනිවිඩයක් දැම්මා
.............................................................................................................................
@පබලු = ස්තුතියි අක්කේ

@kumaraya = ස්තුතියි කුමාරයෝ
.............................................................................................................................
@වීපොකුර = නෑ මචෝ බ්ලොග් එක අතාරින්නෙ නෑ මම ලේසියෙන් . උඹලා වගේ කියවන්නෝ ඉන්නකම් මම ලියාවි . අපි කවදත් නෝමල් එවුං මචං
.............................................................................................................................
@ගැමියාගේ පත් ඉරුව = ස්තුතියි ගැමියා . ලංකාවෙම දිදුලන්න ඕනෙ නෑ බං මම කෝමත් පාඩුවේ ඉන්න කැමති එකෙක් . උඹට ඉතින් මම ස්තුතියි කියන්නේ නෑ මොකද උඹට මම ඒක කීප වාරයක්ම කියා තියන නිසා .
.............................................................................................................................

හිස් අහස said...

@මගේ හිත = මගේ නෝංජල් කමක් ගැන මම ලියන අකුරු වලින් මනින්න යන්ඩ එපා මචං . උඹ මාව දැක්ක දාක ඒක හිතලා බලලා තීරණය කරපං .උඹ නොදැන උන්නට මේ රටේ කොළඹට යන්න ගතවෙන පැය 10 වෙනසක් තියනවා බං ඔය පැය දහය මිනිහෙක් කොළඹට යන්න ගතවෙන කාලය විතරයි ඒත් ඔය පැය 10 දුර පරතරය නිසා මේ පලාතට ලැබිලා නැති තව ගොඩක් දේවල් තියනවා බං ඔවුවා දැනගන්න නම් උඹත් මේ වගේ පලාතක මාසයක් හිටියම ඇති. අනික තමා මම බ්ලොග් ලීවේ හිට් වෙන්නවත් හිට් ගන්නවත් නෙවෙයි බං . කුණුහරුප ලියලා නැති කිසිම කමෙන්ට් එකක් මම අයින් කරන්නේ නෑ බං උඹ කීවේ උඹගේ හිතේ තිබ්බ දේනේ .
.............................................................................................................................
@boo pale = ස්තූතියි අක්කේ මුල ඉඳන්ම මට දුන්නු සහයෝගෙට ස්තුතියි
.............................................................................................................................
@ජිනේ = කමෙන්ට් මොකටද ජිනේ කියවලා උඹලට සතුටක් දැනුනා නම් මට ඒ ඇති .
.............................................................................................................................
@Evil Assassin = ආයේ ආවොතින් මයෙ පුතා මම අනිවා උඹට කියනවා මේ දවස් වල මට මෙලෝ දෙයක් මතකේ තිබුනේ නෑ . ඒකයි
.............................................................................................................................
@polwattacom = අපොයි මචෝ මම දේසපාලනේ කරන්න නම් අදහසක් නෑ . ඔය නොදන්න ඒවා කරනවාට වඩා නරකද බ්ලොග් එක කුරුටු ගාගෙන උඹලත් එක්ක ෆිට් එකේ මේ පාඩුවේ ඉන්න එක ඈ ස්තූතියි මචෝ
.............................................................................................................................
@බුවාගේ සිතිවිලි = බුවා මම දේසපාලනේ ගැන වැඩිය දැනුමක් තේරුමක් තියන එකෙක් නෙවේ . මට ඕනෙ කරන්නේ මොන ක්‍රමයට හරි මගේ පලාතට ගමට මගෙන් වෙච්ච මගෝඩි කම් වලට දෙන වන්දියක් විදිහට යම් කිසි හොඳක් දෙන්න විතරයි . උඹට ස්තුතියි බං
.............................................................................................................................
@Sajith Lab = මූනට මූන හිටියා නම් ඉතින් දෙන්ඩ බැරියැ බං රෙද්දෙ රෙවෙන්න . අකුරු වලින් ගහ මරාගෙන ගන්න ආතල් මොකට බං ? ඌ උගේ ආතල් එක ගත්තාවේ මම මයෙ පාඩුවේ ඉන්නම් .
.............................................................................................................................
@Nishi = ස්තූතියි යාළු
.............................................................................................................................
@නිශ්= ජයම වේවා නිශ් ඔය කමෙන්ට් එක මට ලොකු හයියක්
.............................................................................................................................
@Anonymous = නම නොදන්නවා වුණාට ස්තුතියි ඔබට
.............................................................................................................................
@Raj = ස්තුතියි ඉංගිරිසි රාජ්

හිස් අහස said...

@රාජ් = රාජ් ලා දෙන්නා කතා වෙලා ආවද බං . ස්තුතියි බං උඹටත් බොක්කෙන්ම
.............................................................................................................................
@රන් සමනළියක් = ස්තූතියි සමනලී අපි ඉතින් මගෝඩි වැඩත් එකක් දෙකක් කලා ඒත් දැන්නම් පාඩුවේ ඉන්නවා
.............................................................................................................................
@පොඩ්ඩා= ජය වේවා පොඩි එකෝ
.............................................................................................................................
@ජීවිතේ = එහෙම කියපු එකම මදෑ
.............................................................................................................................
@පන්සල් හන්දිය =ඕක මොකක්ද අයියා කමෙන්ට් නොකලට මට උඹලව අමතක වෙනවෑ
.............................................................................................................................
@අම්බි = ගනං ගන්න එපා අම්බි ඔය කියන කෙනා එයාගේ ආතල් එක නිවී හැනිල්ලේ ගත්තාවේ . මේ අම්පාරේ ඉන්න මට ඕක යන්තම්වත් දැනෙන්නේ නෑ .
.............................................................................................................................
@Sumith Niriella= ස්තුතියි අයියා . සප් එකටත් සුබ පැතුමටත්
.............................................................................................................................
@සොමිකොල්ලා = ජය වේවා උඹටත්
.............................................................................................................................
@නිසූපා = අසනිප වෙලා උන්නද ? නිසූ
.............................................................................................................................
@නවම් = ස්තුතියි නවම් අයියා
.............................................................................................................................
@නුවන් දේශ්ප්‍රිය = එයා තමා ෆේස් බුක් එක හරහා කුස පබා ෆිල්ම් එකේ ප්‍රචාරන කටයුත්ත කරලා තියෙන්නේ .
.............................................................................................................................
@විසිතුරු =ඒක තමා මචා මගෙත් අදහස
.............................................................................................................................
@මාධව = ස්තුතියි මාධව
.............................................................................................................................
@u4j10 = ස්තුතියි මචෝ

Kasun said...

එළකිරි සඳරුවෝ! කවද හරි ඒ ප්‍රාර්ථනාව ඉෂ්ඨ කරගනින්. අපි සුභ පතනවා.

ලිවිල්ල ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ නේ.

Anonymous said...

සෑර් කිව්වට තරහ ගන්ඩ එපා. මේ ගෙන්දගම් පොලොවේ බජාර් එකේ අපි නොදන්න, නොදැකපු, ජිල්මාට් එකක් තියෙනවනං ඒ බොහොම ටිකයි. සෑර් බලපොරොත්තු ලොකුවට තියාගන්ඩත් එපා. සෑර්ට ජය!

-soosthi

හිස් අහස said...

@Kasun = ස්තුතියි කසුනා ! උඹගේ ලියවිල්ලයි මගේ ලියවිල්ලයි දෙකම එකයි බං

@soosthi =කොටන කුකුලට කොයි කොටුවත් එකයි බොසා. . !

Anonymous said...

අහස හිතන තරර්‍ම හිස් නැ

networkdisa said...

මගෙන් සුබ පැතුම් මචෝ...........

Anonymous said...

ela ah!!!!!!!..... sadaru ayya mata me dawas wala his ahasata enna vidiyak na.oya 'RAJINA' pathareta liyana articles tama kiyawanne.Thank you!!!!!!!!!!

Pinky said...

ඔයාගේ ප්‍රර්ථනා එහෙම්මම ඉටුවෙන්න කියල ප්‍රර්ථනා කරනවා මල්ලි. කමෙන්ට් නොකරට හැමදාමත් වගේ මම ඔයාගේ බ්ලොග් පොස්ට් අසාවෙන් කියනවා...
දියුණුවෙන් දීයුනුවට පත්වෙන්න ලැබෙන්න කියල ගොඩක් ආදරෙන් ප්‍රර්ථනා කරනවා....
ගමට වගේම ඔයාටත්....

මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ said...

අප්‍රේල් පෝස්ටු ටික කියවන්න වේලාවක් හම්බුනේ..

හැමදාම වගේ අයියේ උඹට කියන්න තියෙන්නේ ජය වේවා..! ආයි බොක්කෙන්ම..

මම මම මයි said...

හිස් අහස දැනගත්තා ඉදලාම හැම පොස්ට් එකක්ම ආසාවෙන් කියවනවා
නියමයි සදරු මල්ලි මගේ සුබ පැතුම්

ජීවිතේ මල් said...

සඳරු මල්ලි... ඇත්තෙන්ම පුපුරන්න් තරම් සන්තෝසයි බන්....
බ්ලොග් පිටුවක් හරහා ඔයා ඇත්තෙන්ම දෙයක් කරන හොඳ ශක්තිමත් පුරුකක් වෙනවාමයි මේ රටේ... !
ඒ ගමන පේනවා. ඒ ගමනට ඉත සිතින් සුබ පැතුම් කොල්ලෝ...!

හිස් අහසට පරක්කු වෙලා හරි අපි එනවා. හිස් අහස හැමදාමත් පිරුන තැනක්. ඒ අහස හිස් වෙන්න නම් අරින්න එපා මලේ... !

Gayani Imbulana said...

ජය වේවා අයියේ

සංකල්ප said...

එක එල !!
සුබ පැතුම් සඳරුවො !!!
ගමට ගිහින් ගමේ අයට සේවයක් කරන්ඩ වාසනා මහිමය උදා වෙන්ඩ කියලා පතනවා !!

දුකා said...

පහුගිය ටිකේ නිවාඩු ගිහින් හිටියනේ බන් . . එහේ ඉද්දි කොහේද බ්ලොග් කියවන්න වෙලාවක් . . දැන් තමා හෙමීට එක එක පරන ඒවත් එක්කම කියන්න . . ජය වේවා . .හරිඅම් සතුටුයි උඹ ගැන මලේ . .

Post a Comment

තැන්කූ බං