23.6.12

බතලයෙකුගේ කතාවක් 2




අනුන්ගේ කෙටි පණිවිඩ තියා මයිලක් දිහාවත් හොරෙන් බලන එක වැරදියි . ඒත් දැන් රුවන් ගැන මට වගකිමක් තියනවා . සල්ලි සාගරයක් වියදම් කරලා තිලකේ මාමා මේකට උගන්වන්න හදද්දී මූ කෙල්ලෝ පස්සේ ගිහින් ඉගනීම හාල් කරගත්තොත් තිලකෙයා ගේ පපුව පැලෙයි ඒක හන්දම මම උඩින්ම තිබුනු කෙටි පනිවිඩේ අමාරුවෙන් කියවන්න වුණා .

මේ හලෝ අපෙ අයිය දැනගත්තොත් ඔයාගේ කෑලිවත් හොයන්ඩ වෙන්නෑ

උඩම තිබුනු කෙටි පනිවිඩේ කියෙවුවා විතරයි මගෙ බඩ පපුවයි අනික් හැම තැනක්මයි කූල් වෙලා ගියා . මූ මේ කා එක්කද මැසේජ් කරගන්නේ ?. නමක් ගමක් නොතිබ්බ ඒ කෙටි පනිවිඩේ කාගෙද ? හිතේ උපන්න කුතුහලේ නිසාම මම ෆෝන් එකේ sent masg ගොඩට පැන්නා .

අනේ මම ඔයාට කවදාවත් දුකක් දෙන්නේ නෑ.

මම ආයෙත් ඉන්බොක්ස් එකෙට පැන්නා .

ප්ලීස් මට කරදර කරන්ඩෙපා !


ඔය විදියට කෙටි පණිවිඩ එකින් එක කියවාගෙන යන අතරේ මට මේ සිදුවීම ටිකෙන් ටික මීටර් වෙන්න පටන් ගත්තා . රුවන් කෙල්ලෙකුට ට්‍රයි කරන බවත් ඒ කෙල්ල රුවන්ට ඒ තරම් මනාපයක් නැති බවත් මට විජහට තේරුම් ගියා .ඒක මට අයිති නැති දෙයක් ඉතින් මම හිතින් හිනහ වෙන ගමන් ෆෝන් එක සාක්කුවේ දාගත්තා



විනාඩි දහයක් විතර මම වැවු පිටියේ කොනක වාඩිවෙලා ඉන්න ඇති .මම දැක්කා වැවේ පිට වාන පැත්තෙන් රුවන් හෙමිහිට මම ඉන්න දිහාට ඇවිදගෙන එන හැටි. ඌ තිලකේ මාමා ගෙනද්දුන්න එකසයිස් ජම්පරේ ඇඳගෙනයි හිටියේ . ඒ ජම්පරේ තදට මට ඌව දුරට පෙනුණේ සූමෝ කෙළින ජපනෙක් වගේමයි .ඒ අතරෙම උගේ මූණ කලු ගැහිලා තියන හැටි මම දැක්කෙත් ඌ මට කිට්ටු වෙනකොට


දැන්වත් මගෙ ෆෝන් එක දියං සඳරු අයියේ .”
මගෙ අතේ ඇඟිලි අතරේ හිරවෙලා තියන ෆෝන් එක දිහා පෙරේත බැල්මට් එකක් දාන අතරේ රුවන් එහෙම කීවා .

ෆෝන් එක දෙන්නම් ඒත් මට උඹත් එක්ක ටිකක් කතා කරලා ඉන්න ඕනෙ . මෙහෙන් පොඩියකට වාඩි ගනිංකෝ .
මගෙ දිහාවේ බලලා හූල්ලපු රුවන් මගෙන් ෆෝන් එක උදුරගන්න ක්‍රමයක් නැති බව දන්න නිසාම තටු අකුලගත්ත උකුස්සෙක් වගේ මගේ ගාව ඉඳගත්තා . ඒත් මූණ නම් තාමත් තරහෙන් කළු වෙලා . හරියට බුම්මට්ටෙක් වගේ .

කවුද උඹට මේ මැසේජ් එවන කෙල්ල .

උඹ මොකටද මගේ එවුවා බැලුවේ ? ඒ යාළුවෙක් බං .

උඹ නිකං මට තවුව දාන්නෙපා මල්ලි . . ! උඹට කලියෙන් මම ඉපදුණේ . කියාපියකෝ කවුද මේ බඩ්ඩ ?.”

ඔය ධර්මේ මාමගේ දෙවනි දුව

මට මීටර් නෑ කවුද බං ධර්මේ මම නොදන්න ?

එහෙනං උඹ යකඩ බජාර් එකේ පොල් මියා අඳුනනවාද ?

ඕ මේ උගෙ නංඟිද ?

ඔවු අයියේ

පොල් මීයා දැනගත්තොත් උඹ වසලා අහවරයි .


රුවන් ගල් ඉබ්බෙක් වගේ බලාගත් අත බලන් හිටියා කතා කළේ නෑ . මගේ හිතටත් අමුත්තක් දැනී දැන්නෙන්න වුණා . ධර්මේ මාමගේ දෙවනි දුව අමාලි නම් මාර ලස්සන කෙල්ල ඉටි රූපෙට රන් ආලේප කළා වගේ තමයි ඒකිගේ ඇඟපත . ඉගෙන ගන්නත් බොහොම දක්‍ෂ ඒ කෙල්ල මගේ නංඟිගේ හොඳම යාළුවෙක් . මෙච්චර කල් කිසිම කොල්ලෙක් එක්ක හාදකම් පාලා නැති ඒකිට මේ බතලයා මොකට සයිස් කරන්න ගියාද

දැං ඒකි උඹට හා කීවද ?

ඔවු ගිය වංඟියේ අහද්දී හා කීවා . මේ ඕලෙවල් රිසාල්ට් ආවා විතරයි බෑ කියනවා නේ

මට මතකයි එක වංඟියක් ටියුෂන් සර් කෙනෙක් අමාලි කෙල්ලගෙන් යාළු වෙන්න අහලා තිබුණ හැටි එදා ඒකිගේ අයියා වෙච්ච පොල් මීයා ටියුෂන් සර්ට පිටේ පලු නගිනකම් චේන් එකකින් ගැහුවා කියලයි මම අහලා තියෙන්නේ . අණක් ගුණක් නැති එකෙක් වෙච්ච පොල් මීයා යකඩ බජාර් එකේ බර කකුලක්. පළාතෙම චණ්ඩි ඕනෙ එකෙක් යකඩ බජාර් එකට බයයි . කාලෙකට කලිං යකඩ බජාර් එකේ උංගෙන් මට හම්බුවෙච්ච සබ්බුව තවම මතක තියන නිසා මම නම් යකඩ බජාර් එක දිහා ඇහැක්වත් ඇරලා බලන්න කැමති නෑ

ඹ ඕක අතෑරලා දාපං .”
මම එහෙම කියද්දී රුවන් මට කින්ඩි හිනාවක් දැම්මා .

එහෙම අතාරින්න නෙවේ බං මම ඒකිට ලවු කරේ . උඹට කියන්න අමාලිට මම රුපියල් 15000 දුන්නා ගිය අවුරුදු මාසේදී .”
මට නිකං කරකවලා අතෑරියා වගේ දැනුණා. කෙල්ලෙක්ට රුපියල් 15000ක් දෙන්න රුවන්ට බැරි කමක් නැති බව මට හොඳට විශ්වාසයි. හාල් මෝලක හිමි කාරයෙක් වෙච්ච රුවන්ගේ තාත්තා තිලකේ මාම ගොයං කැපෙන කාලෙට හොඳට සල්ලි හම්බු කරනවා .

ඇයි සල්ලි දුන්නේ ? උඹට ඔච්චර සල්ලි කොයින්ද ?

මම අම්මට කීවා මගේ නුවර ඉස්කෝලේ රගර් පිට්ටනියක් හදන්න ළමයින්ගෙන් සල්ලි එකතු කරනවා ඉතින් මමත් ලොකු ගාණක් දුන්නොත් මාවත් රගර් ගහන්න කණ්ඩායමට ගනියි කියලා ඉතින් අම්මා තාත්තට හොරෙන් මට සල්ලි එවුවා .”

ඔය කෙල්ල පස්සේ ගියොත් නම් උඹට රගර් හම්බුවෙයි වගේ .. ! ගොනෝ ඔය ගියපු සල්ලියි කෙල්ලයි අමතක කරලා ඇඟ ටිකක් බස්සගෙන ආයෙ ඉස්කෝලෙ ගිහින් ඌපෙ කරපන් . නැත්තං තොට හොම්බෙන් තමා යන්ඩ වෙන්නේ .. ! හ්ම් හ්ම් නැගිටපන් . නැගිටලා අර තියන බුරුත ගහ ගාවට හයියෙන් ඇවිදගෙන ගිහින් බුරුත ගහේ අත තියලා ආයෙ හයියෙන් ඇවිදන් වරෙන් .”

කථාවෙන් කථාවෙන් වෙන්නේ බිං කළුවර වැටෙන එක විතරයි . ගෙදර යද්දී රුවන්ට දාඩිය පොල්ලක් දාලා නොතිබුණොත් මගෙ ගතමන්ට් එක හම්බවෙන එකක් නෑ කියලා මට බය හිතුණා . ඒකයි මම රුවන්ව වියායමෙට යැවුවේ .

මම දුවලා යන්නම් .

එපා තෝ දුවලා ගියොත් මම පන්නං ඇවිත් කනට ගහනවා තොට ඔය ජම්පරේම රෙවෙන්න .” දුවලා ගියොතින් මූ වැටිලා අතපය කඩා ගනියි කියලා මට බය හිතුණා . අනික එක තැන උන්නු එකෙක් එකපාරම දුවන්නත් හොඳ නෑනේ ඒක නිසා රුවන්ව සැරෙන් ඇවිද්දවන එක හොඳයි කියලා මට හිතුණා .

රුවන් තරමක් වේගෙන් අඩිය තිය තිය වැවු බැම්මෙන් එපිට තිබුණු බුරුත ගහ දිහාවට යද්දී වැවු බැම්ම උඩ සරුංඟල් අරිමින් හිටි පොඩි කොල්ලො සෙට් එක එක හඬින් හූ තියන්න පටන් ගත්තා . වාඩි වෙලා උන්නු තැනින් නැගිටපු මම අඩියට දෙකට වැවු බැම්මට ගොඩ වෙද්දී හූ කියපු ගැන්සියේ එකෙක් දෙන්නෙක් හෙමීට පල්ලම් බැස්සා

කාටද යකෝ හූ කීවේ ?හූ කියපු ගැන්සියෙන් මම එහෙම අහද්දී ඒ ගැන්සියේ උන්නු කටකාර පොඩි කොල්ලෙක් මට පැන්න ගමන් උත්තර දුන්නා .

නෑ නෑ අයියේ ඔයාට නෙවේ .”

හෙනං කාටද ?

තඩියට බං හූ කීවේ

ඇයි ඌ හෙලුවෙන්ද ඉන්නේ ?

නෑ මේ .”

ආයේ එක වතාවක් හරි හූ කියලා තිබුණොත් ..ඇට කඩනවා

නෑ නෑ අපි හූ කියන්නේ නෑ .

පොඩි එවුන් ටික ෂේප් කරගෙන ආයේ මම හැරෙද්දී රුවන් මල්ලි මම මම වාඩි වෙලා උන්නු තැන බිම ඉඳගෙන හති අරිමින් උන්නා . ඌට ඇවිදලා මෙච්චර හති නම් දිවුවොත් නම් මැරෙයි කියලා මට ඒ වෙලාවේ හිතුණා . ඒත් කකා බ්බී එක තැනම ඉඳලා හොර අලියෙක් වෙලා ඉන්න රුවන්ව තව ටිකක් මඩවන්න මට හිතුණා

දැං උඹ එක තැන දුවපං විනාඩි දෙකක් .”

අනේ තව බෑ මට හති . ගෙදර ගිහින් පාඩම් කරන්නත් තියනවා පරක්කුත් වෙලා”

මොකද්ද බං උඹ ගෑනියෙක්ද ? අර කෙල්ල වුණත් උඹට අකමැති වෙන්න ඇත්තේ උඹගේ ඔය තබ්බදෝරු ශරීර කූඩුව හින්දා . දැංවත් මොළේ හදාගන්න එක පොඩ්ඩකට පමා කරලා ඔය ඇඟ බස්සගෙන මනුස්සයෙක් වෙයං. මනුස්ස පරුවතයක් වෙන්නැතුං .” 

මගේ තරවටුව රුවන් සද්ද නැතුව අහගෙන හිටියා . උගේ හිත දන්නවා ඇති මම කියනදේ ඇත්ත බව . මම කතා කරපු විදියෙන් රුවන්ගේ හිත රිදෙන්න ඇති . ඒත් මට තවත් මූව හුරතල් කරන්න හිත දෙන්නේ නෑ.

සඳරු අයියේ මම කම්මැලි නෑ . ඒත් මට අමාලි නැති වුණා නේද කියලා හිතෙනකොට කිසි දෙයක් කරන්න හිත දෙන්නේ නෑ ආයේ නුවර යන්න මට බෑ බං . මම තාත්තට කියලා මෙහේ ඉස්කෝලෙකට යනවා . මම කොහොම හරි අමාලිව ආයේ සෙට් කරගන්නවා .”

උඹ ඕනෙ දෙයක් කරගනිං . ඒත් විනාඩි දෙකක් එක තැන දුවලා ඉවර වෙලා ..

රුවන් නැගිටලා එක තැන දුවන්න පටන්ගත්තා . මමත් ඉඳගෙන උන්නු තැනින් නැගිට්ටේ කකුල් දෙක හිරි වැටෙන්න ගත්තු හන්දයි. රුවන් මොන දේ කළත් ඒවට සම්මාදම් නොවී මගේ වැඩේ කරලා ලැබෙන ගාන සාක්කුවේ දාගෙන පාඩුවේ ඉන්න මම දැනටමත් හිත හදාගෙන ඉවරයි . නැත්තම් ලවු හුටපට වලට උදවු කලා කියලා මටයි අන්තිමේට මේ ගමේ ඉන්න බැරි වෙන්නේ

දැන් ඇති රුවන් අපි ගෙදර යමු .
මදුරු හෝහපුටු රංචු රංචු අපිව වට කරගන්න පටන්ගත්ත නිසා . මම රුවන් එක්ක ගෙදර දිහාවට යන්න හැරුණා . ගොඩ දුරක් යනකම්ම රුවන් කතා කළේ නෑ . මොකක්දෝ මන්දා දුක්බර ඉංග්‍රීසි සින්දුවක් හෙමීට මුමුණන ගමන් ඌ බිම බලාගෙන මගේ පිටිපස්සෙන් ආවා .

සඳරු අයියේ මට අමාලිව දාගන්න උදවු කරපංකෝ .”
අපි ඩිස්පෙන්සරිය පහු කරද්දිම රුවන්ගේ කට ඇරුණා .

මට බෑ රුවන් තරහ වෙන්න එපා . යාළුවන්ගේ ලවු හුටපට වලට මම උදවු පදවු කරන්නේ නෑ කියලා මම හිතාගෙන ඉවරයි මම මැරුවත් මගේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නෑ .
මම තදින්ම එහෙම කියද්දී රුවන්ගේ මූණ දුකින් බර වුණා . ඒත් ඊලඟ මොහොතේ රුවන් කියපු කතාවට මූණ බර වුණේ මගෙයි .

මම උඹට රුපියල් හත්දාහක් දෙන්නම් . උඹ මටයි අමාලිටයි තනියම විනාඩි දහයක් කතාකරන්න වැඩේ සෙට් කරලා දියං .”

රුවන් මගේ දුර්වලම තැන ඉලක්ක කරා . මම සලලි මත්තේ නැහෙන කෙනෙක් නෙවෙයි . ඒ වුණත් පහුගිය දොහේ ඇති වෙච්ච උද්දමනයත් එක්ක අතේ පිච්චියක් නැතිව වත මිලින වෙලා උන්නු මට කුට්ටිය පිටින් ලැබෙන රුපියල් හත්දාහක් කියන්නේ මහ මෙරක් තරම් . ඉතින් රුපියල් හත්දාහක් ඉදිරියේ ප්‍රතිපත්ති කන්නද කියලා මට හිතුණා

රුවන් මම අමාලිව අඳුනන්නේ නෑ නේ. මම ඒකි පන්ති ඇරිලා යන වෙලාවක උඹව ඒකි එන මගට ගිහින් දාන්නම් මට කරන්න පුළුවන් එච්චරයි !”

ඒ විතරක් මදි සඳරු අයියේ . උඹ පොඩ්ඩක් මගේ ළඟින් ගැවසිලා ඉන්නත් ඕනෙ . හදිස්සියේවත් පොල්මීයා ආවොත් . මම දුවන්නයැ”

හ්ම් ..”

ඉඳා සඳරු අයියේ මේක ගනිං එහෙනම් .”

රුවන් උගේ සාක්කුවට අත දාලා පොකැට් එකක් අරං ඒකෙන් ගත්ත මොනර කොළ හතක් මගේ අතේ තිබ්බා .ඒ සල්ලි කොළ දාඩියට පෙඟිලා තෙත් වෙලා තිබුණ නිසා වෙන්නැති මම දාඩිය මහන්සියෙන් හම්බු කරන සල්ලිත් රුවන්ගෙන් ගත්ත සල්ලිත් අතර මට වෙනසක් නොදැනුණේ

***********

එදා සෙනසුරාදා දවසක් සතියේ දවස් හතම වැඩ කරන මට සෙනසුරාදා කියන්නෙත් වැඩ දවසක්. ඒත් රුවන්ගේ ආරක්‍ෂාවට ඌ එක්ක අමාලි නංඟි පන්ති ඇරිලා එන පෙර මගට යන්න ඕනෙ හන්දා එදා මම කලින්ම ගෙදර ආවා . හිත ඇතුළේ මොකද්දෝ මන්දා අමුතු හැඟීමක් හිරවෙලා ඒ හැඟීම නිසා වෙන්නැති මගේ පොකැට් එකේ තියන සල්ලි වළ සතුට මට නොදැනෙන්නේ


මම මූණ කට හෝදගෙන රුවන්ගේ ගෙදර ගාවට යද්දී රුවන් අලුත්ම ඇඳුමක් ඇඳගෙන ඩෙක් සූස් දෙකකින් සැරසිලා අවු කණ්ණාඩියක් ඉනේ එල්ලගෙන හිටියා . මේ දාන ඇඩ් එකේ හැටියට මූට කෙල්ලෙක් කැමති වුනොතින් තමා පුදුමේ කියලා මට හිතුණා


සඳරු අයියේ උඹ දන්නවැයි අමාලි අද ගියපු පන්තිය තියන දිහෑ

අමාලි අද යන්නේ කල්ල වඩන සෑර්ගේ බිස්නස් පන්තියට අපිත් එහාට යමු


රුවනයි මායි පයින්ම කල්ල වඩන සෑර් ගේ බිස්නස් පන්තිය ගාවට කිට්ටු වුණා . මේ වැවුගම්පත්තුවේ කෙල්ලන්ට කොල්ලන්ට ඕලෙවල් ප්‍රතිඵල ආ හැටියෙම වෙන කිසිම සැරේක නොතිබුණ තරම් කොමස් පිස්සුවක් මෙදා වංඟියේ ඉහට ගහලා . ඒක නිසා බයෝ, මැත්ස්, ආට් පන්ති වළට ළමයි යාන්තමට ඉතිරි වෙද්දී කොමස් පන්තිවල ළමයි පිරුණේ ටැක්ටර් වලින් අදින්න තරම් . පළාතේ නමගියපු බිස්නස් ගුරුතුමා තමයි කල්ල වඩන සෑර් . පාං භාගයක් ළූණු ගෙඩියක් එක්ක කාගන්න බැරිව හිටිය මෑන්ස්ට ප්‍රාඩෝ එකක් ගන්න තරම් චෑන්ස් එකක් ඒකෙන් වැදුණු බව නම් නොකියාම බෑ


කල්ල වඩන සෑර්ගේ පන්තියට හැරෙන තැන ලොකු අකුරෙන් “නැට්ට කැපූ සාමාජිකයන්ට පමණයි !!කියලා බෝඩ් එකක් ගහලා තිබුණා . ඒ බෝඩ් එක යට හෙවනේ කෙල්ලො කොල්ලො රංචු පිටින් කිචි බිචි ගාමින් උන්නා .මම ඒ උන්නු ළමයි අතරේ අමාලිව හෙවුවා . අනේ ඒ කෙල්ල අද පන්ති ඇවිදින් නැත්තම් කොයිතරම් හොඳද ? මගේ පපුව ඩිග් ඩිග් ගාලා බොහොම වේගෙන් ගැහෙන්න ගත්තා


සඳරු අයියේ අන්න ඉන්නවා බඩ්ඩ ! අර අතන ආං

ඇඟිල්ල දික්කරන්න එපා හරකෝ ඔළුවෙන් පෙන්නහං
රුවන් මට ඔළුවෙන් පෙන්නපු කෙල්ල ගාව මගේ ඇස් දෙක නතර වුණා . මල් මල් ගවුමක් ඇඳන් ඒ ගවුමට උඩින් කබායකුත් ඇඳන් අමාලි තවත් කෙල්ලෝ දෙන්නෙක් එක්ක කදේ දාගෙන හිටියා .
හ්ම් පල උඹ ගිහින් කතා කරපං මම මෙතන ඉඳන් බලා ඉන්නං .

පොල් මීයා ආවොත් ?

ආවොත් ඒක මං බලාගන්නං උඹ පලයං
රුවන් එහාට මෙහාට පැද්දෙමින් බෝලෙයක් වගේ පෙරළෙමින් අමාලි ළඟට යන හැටි මම ගැහෙන හදින් බලාගෙන හිටියා


............................................................................................................................................


79 comments:

සඳූ said...

මන් පලවෙනියා.!!! :D

ඉතුරු ටිකත් ඉක්මටම දාන්න!

Anonymous said...

Ikmanata eelanga ekath danna..

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

තව ටික දවසයිනේ. හැබැයි කොල්ලො අතපය කඩාගන්න එපා උඹට ලඟදි වැඩ ගොඩක් කරන්න තියනවා. හෙක්.. හෙග්... හෙ////

Isuru Sampath (ඉසුරු) said...

එල මචන්..............
මන් බලාගෙන හිටියේ මේකේ දෙවෙනි කෑල්ල එනකන්........
පොල් මීයගෙන් අම්බානක කන්න වුනු කේස් එකක්වත් තියේද දන්නෑ
නේ ඊලග කොටසේ

ගැමියාගේ පත් ඉරුව said...

මට පේන්නේ සඳරු අයියේ ආයෙමත් සැරයක් බජාර් එකෙන් ඉල්ලගන්න වගෙයි ලෑස්තිය... බැලුවාම ලස්සන කෙල්ලො ඔක්කොම යකඩ බජාර් එකේනේ ඉන්නේ ඒ මදිවට උන්ට අයියලත් ඉන්නවා.... අයියෙක් නැති කෙල්ලෙක් තමා දාගන්නවානම් දාගන්න ඕනේ...

උඩම තියෙන පින්තූරෙ නම් පට්ට ගති ඈ මම හිතුවෙම පෝං එකට දෙන්නා සුමෝ ගහගන්න ඇති කියලා...

ලිවිල්ල මරු ඈ හොඳම තැනින් නවත්තද්දි අයියෝ කියවෙනවා හැබැයි ඉතුරු කොටස් ඉක්මනින් එන නිසා අවුලක් නෑ....

ජය වේවා සඳරු අයියේ... දැන් මේකා කෙට්ටුදැ

ක්සැන්ඩරයා said...

අනේ.. මේ පාරවත් ගුටි නොකා හිටින්. මම හිතුවේ අර අරවින්ද ද මොකාද එකා කරපු වැඩේට පස්සේ උඹ පාඩමක් ඉගෙනගෙන කියලා.

Anonymous said...

Gym ekak nedda machng langapatha? nice story as usual :-)

Anonymous said...

waiting for the rest of the story.....

DDT said...

අයියෝ ... ඉතුරුටික ඉක්මනට දාන්ඩෝ ....

සොඳුරු සඳවතී said...

හාපෝ තවත් බලන් ඉන්න ඕනෙනේ අවසානෙ බලන්න.

මාධව විදුරංග said...

මචං! ඉස්සර වගේ බ්ලොග් බලන්න වෙලාවක් නෑ! කාලෙකින් ආවේ! උඹ ආයෙමත් යකඩ බජාර් එකෙන් කෑවද?? මොකෝ උනේ? සිද්ධිය කියහං! ඔච්චර සල්ලි වලට වහල් වෙන්න එපා යකෝ! තෝව පිස්සෙක් වෙයි කාලෙක!

Praසන්ன said...

සඳරුව ආයෙ යකඩ බජාර් එකෙන් ගේමක් ඉල්ලගෙන වගෙයි.

ඊගාව කොටසත් දාපං මල්ලි.

සුදීක said...

අපිට වෙන්න තියෙන ඇබැද්දිත් සඳරුවාට වෙනවානම් හොඳයි කියල හිතෙන්නේ මෙන්න මේ වෙලාවට. මුදලට ගුටි කෑමත් ඒ හැටි නරක නෑ පුතෝ.

දම්මි said...

ලස්සනට ලියලා තියෙනවා සදරු මල්ලී..කතාවේ ඉතුරු ටික කියවන්න ආසාවෙන් බලා ඉන්නවා....

Anonymous said...

උඹ හෙන චන්ඩියා වෙලා දැන් නේද....!!!!

ලකී සිරි said...

ඉතුරු ටිකත් කියපන්කො....

දුකා said...

මෙදා සැරේ නම් පොල් මීයගෙන් හොඳම එකෙන් කන සීන් එකක්ද කොහේද හික් හික් හික්

Anonymous said...

ane sandaru..aye wathawak mokatada me wage gon wada karanne.e seen eka thilake mamata kiyala keeyak hari ganna thibbane.post eka yahathin liyala thiyena nisa guti nokapu bawa penawa.
eth Aravindage case eka nisa kapu katta amathakada?anagatheme kanapita peraluna kiwa neda?hapoy salli nisa wena dewal

කැප්ටන් ජැක් ස්පරෝ said...

"අමාලි නම් මාර ලස්සන කෙල්ල ඉටි රූපෙට රන් ආලේප කළා වගේ තමයි ඒකිගේ ඇඟපත"

කෙල්ලෝ ගැන නම එලටම විස්තර කරනවා නේ ආ...........

Anonymous said...

බලමු ඊළඟ කොටසත් කියවලම... එන්න එන්න උණුහුම ත්‍රාසය භීතිය කුතුහලය වැඩි වෙනවා..........

උමා said...

හපොයි :( ඒ කියන්නේ මේ පාරත් කන්න වෙයිද..?? එහෙම නොවේවා කියල පඩුරක් වත් ගැටගහලම වැඩේට බහිමු මලයා..!

//නැට්ට කැපූ සාමාජිකයන්ට පමණයි..//මොකක්ද බොලේ ඒ හරුපෙ..??

Anonymous said...

සඳරු, රුවන්ට අමතරව උඹේ දුර්වල තැනින් ප්‍රයෝජන ගන්න තවත් අය ඉන්න බව කමෙන්ට් බැලුවම පේනවා. කරන දෙයක් කල්පනාවෙන්. යමක් කරන්න කලින් දෙසැරයක් හිතපන්.

Sumith Niriella said...

විහිළුවක්ම නෙවෙයි... මේ යන විදියටනම් ඔය වගේ ලපයි සිපයි වැඩ වලිනුත් කීයක්හරි හම්බ කරගන්න වෙනවා. නැත්නම් ජීවත් වෙන්න හම්බ වෙන්නෙ නෑ.

හිතුවක්කාර කෙල්ල said...

හෆ්ෆා.. සඳරු අයියාත් අපිව අවුස්සලා තමයි නතර කරන්නෙ කතාව..

ඊලග කොටස වෙනකම් බලන් ඉන්න එපැයි අවසානෙ බලන්න..

සෙන්නා said...

කල්ල වඩන සෑර් !! මාර නමක්නෙ ඌට බොලාලා දාලා තියෙන්නෙ.. කොල්ලන්ට යන්ඩ එපා කියපන් ඒ පන්තියට..

කතාවනම් මරු කොල්ලෝ.. හරිම ආසාවෙන් කියෙව්වා.. මට ඒත් වෙලාවකදි හිතුනා උඹ මේ නිකන් හිතලා ලියන කතාවක්දෝත් කියලා. ඒත් ඉතින් ඇත්ත කියලා දාලා තියෙන්නෙ.

ඊලඟ එකත් ඉක්මනට දාපන්.

අලි පැටියා said...

පට්ට ලිවිල්ල බං සදරු අයියේ ඉන්න තැනත් අමතක උනා මේක කියවන කොට

Buddhi said...

පරිස්සමින් කරන දෙයක් කරහන්..... නැන්නං පොල් මීයා කෙලවයි උඔලා දෙන්නටම......!!!!!!!

මං මං හිතන්නෙ උඔ මොනා හරි කරලා අරූගේ ඇඟ බැස්සුවනං කෙල්ල කැමති වෙන්ඩ තිබ්බා.

වැසි දැරිය - The Rain Girl said...

සල්ලිවලට නතු වෙලා ඉස්සර හිටිය සදරු අය්යා නැති වෙන එකක් නෑ නේද? ජීවිතේ පවත්වා ගන්න සල්ලි කොයි තරම් වුවමනා වුණත් සල්ලි කියන්නේ ජීවිතේම නෙමෙයි...

අසරණයා said...

මට හොඳටම ෂුවර් කිසි කරදරයක් වෙලා නැහැ කියල.

දිනේෂ් තරංග said...

"... අනේ දෙය්යෝ වඳින්නම් ලබ්බ නම් පොළොවේ ගහන්න එපා කතාව ලිවුවෙ නැති උනත් ... හික් හික් ... මරු කතාව මලේ ... ඉක්මනට ඉතුරු ටික දාපං ... පිස්සුවෙන් වගේ ඉන්නේ මේකේ ඉවරයක් දකිනකං ..."

ඉඳුනිල් said...

ගුටි කන වැඩ කරන්නේ නැතිව හිටපන් බං. මෙලහකටත් යකඩ බජාර් එකෙන් ආයේ කෑවද දන්නේ නැහැ..

Sindu said...

නියමෙට ලියනව මල්ලි. (ඔයාට ප්‍රශංසා කරලම මට දැන් මහසියි අප්පා)

ගිනි කුරුල්ලා said...

මොනා උනත් පොඩි එකා පව් බන්.....

රාජ් said...

මුල් කොටසට වඩා මේක ආසාවෙන් කියෙව්ව.

jhothishalanka said...

බලමු පොල්මීයාගෙන් කට්ටියට හොදට කන්න ලැබේවිද?..

කෝඩුකාරයා said...

හප්පේ.....පොල් මීය එයිද දන්නෙ නෑ නේ,,,,,,,,,,,,,

Charith Samarakoon said...

ඒකි දැකල උඹ ඔකඳ උනේ නැද්ද බං...

සයුරි said...

"කල්ල වඩන"???? මේ ඇත්තම නමද?

වීපොකුරෙ වීයා said...

ඇයි බං උඹට ලැබෙන පඩියට මොකක්ද කරන්නෙ..?? ආයතනයේ පරනම ගුරුවරයා වෙච්චි උඹට...හොඳ පඩියක් නැතෑ.තාම කනපැලෙන්න ගහනවද..?

දිනුක said...

කුතුහලේ ගානට,රසය පදමට.ඉක්මනට ඉතුරු ටික දාපං සඳරුවෝ..........

elephas said...

අෆොයි මේ සැරෙත් යකඩ බජාර් 1කෙන් බඩ කට පුරා කාලා ද කොහෙද? ඔයාට ඔච්චර ම කන්ඩ බොන්ඩ දෙන්නෙ, ශුවර් 1ටම පරණ ණය කාරයො වෙන්ඩ ඇති.

පුබුදු said...

අනේ බං කතාව පොඩ්ඩක් දික් උනාට මොකෝ
කම්මැලි නැතුව සඳුදට දාහන්කෝ, ඉවර උනේ නැතත් කමක් නෑ..

අරුණ හෙට්ටිආරච්චි said...

එල එල ඉතුරු කොටසත් කියෝලම බලමුකෝ මොකක්ද සීන් කෝන් එක කියලා.

MR. KING said...

පට්ට ඈ......
ඒත් පව් ඈ තඩියා...
ඕං අපි බලන් ඉන්නවා 3වෙනි එක එනකං... :) :)

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

Anonymous said...

අමාලි නම් මාර ලස්සන කෙල්ල ඉටි රූපෙට රන් ආලේප කළා වගේ තමයි ඒකිගේ ඇඟපත

උඹත් ඒ කෑල්ලට බැල්මට් එක දාලා වගේ

පැන්ඩා said...

පොල් මීයගෙ උඹ කැවෙ නැතුව ඕනි මගුලක් වේවා...අඩො මායි උඹෙ ඔය මල්ලියි එක සයිස් ඇති.

Dinesh said...

සදරුවා... මලේ උඹ ගුටි නොකා ඕන දෙයක්.. දැන් අන්තිමේ අරූගේ ඇග බස්සන එක පැත්තක දාලා ඌට කෙල්ලවද සෙට් කරන්නේ..

තරියා said...

අඩෙ අප්පා පව් නේ බතල රුවන්...
සැහ්....

Dude said...

සඳරුවත් කතා ෆැක්ටරියක්. එකක් ඉවර වෙනකොට එකක් මොකක් හරි එකකට පැටලෙනවා. මේ අපිවගෙ හතර පෝයට සිල් අරගෙන ඉන්න බැරි ඇයි?
henryblogwalker the Dude

සජීව ධනුද්ධර said...

කල්ල වඩන සෑර්..
නැට්ට කැපූ සාමාජිකයන්ට පමණයි...

මොනවද බං ඒ හරුප?

Hasitha Gunasinghe said...

"“නැට්ට කැපූ සාමාජිකයන්ට පමණයි !!" ???

Nishan de siva said...

අන්තිම කෑල්ලත් කියවලම අදහස කියන්නම්කො..

charitha said...

"කල්ල වඩන" සෑර් අනික් පැත්ත හැරෙව්වාම "*** කඩන" සෑර්. ඒ මොකද බන් එහෙම කියන්නේ?

ඉන්ද්‍රජිත් said...

ඔය යකා යන්නෙ ට්‍රිනිට්යිද ධර්මරාජද කිංස්වූඩ්ද ඇන්තනීස්ද?

සිරාගෙ කාමරේ said...

කල්ල වඩන සෑර් කල්ල වැඩුවෙ කාගෙද ?

Harshana said...

අදත් ඉවර නෑ එහෙනම් ...... ඊලග කොටසත් බලලාම කමෙන්ටුවක් දාමු .....

Beetle said...

උඹලගේ පැත්තේ පොඩිඋන් හෙන හැදිච්ච උන් වගේ... අපේ පැත්තෙ උන් නම් අල්ලන්ඩ බැරි තරම් ඈතට ගිහින් ආයේ සෙට් වෙලා හූ කියනවා :D

Anonymous said...

Ubge kata blanawa kiyanya hariyata "abin" kawa wage.
Jayawewa.
Sajith

dilu (දිලූ*) said...

කතාව ලස්සනයි..ඉතුරු ටික එනකං බලාගෙන ඉන්නව.

dilu (දිලූ*) said...

කතාව ලස්සනයි..ඉතුරු ටික එනකං බලාගෙන ඉන්නව.නැට්ට කැපූ සමාජිකයන්ට පමණයි කියන්නෙ මොකද?

Akash Tharinda said...

මමත් යන්නෙ උබ කියලතියන ස..ර්ගෙ පන්ති තමය් හොදේ...
අපේ වයසෙ එකෙකුට හරියනවනං කොච්චර එකක්ද.වෑඩේ ලීක් කරන්නෙ නෑතුව ඕනෙ දෙයක් හොදේ.....

Anonymous said...

අනිත් එක කියවන්නම වෙනවා.මොනා උනත් පට්ට කතාව.සල්ලි වලට ඔච්චර වහ වැටෙන්න එපා කොල්ලෝ.....

geeth said...

්‍මෙකෙත් අන්තිමට උඔ පොලිස් කූඩුවෙද දන්නෙ නැහැ..

lakmini wedamulla said...

මට නම් දුකයි රුවන් ගැන.. හරි ගියොත් හොදයි ...

චකබ්ලාස් said...

එල කොර..!

Sajith Lab said...

ආයෙත් සදරුවා හොද කෑමකට සෙට් වෙන්න අර අදිනවා වගෙයි පේන්න තියෙන්නේ........!!!
අනිත් කෑල්ලත් දාන්නකෝ එහෙනම්. ජය වේවා

චූටි බටපොලයා said...

අයිය මේක මෙගා සීරීස් එකක් කොරයි වාගෙ..ඉක්මනට දාන්ඩෝ ඉතුරු කෑල්ල ඈ

Prabath said...

පට්ට ස්ටෝරි එක. කතාව ඉවර වෙනකන්න්ම ලියන්න. කොටස් ගාන නම් කීය උනත් කමක් නැ. එල කතා නිසා , මෙගා ටෙලි වගේ එපා වෙන්නේ නැ. එක හුස්මට කියවැතකි, තැන්කු වේවා..

මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ said...

කෑමක් සෙට් වෙලාද මේ පාරත්...?
3න් වෙනි කොටසත් ඉක්මනට දාන්න අයියේ..

ජය වේවා...!

Skystrom said...

ela ela. kathawa diga wunata awulak na wechcha dewala okkoama danna :D

Anonymous said...

කෝ ඊලග කොටස.......????

ක්සැන්ඩරයා said...

@ ඉන්ද්‍රජිත්, නුවර ඊට අමතරව තව ඉස්කෝල තියේ.. :-)

සොමිකොල්ලා said...

සඳරුවෝ.... උඹ ආපහු සැරයක් යකඩ බජාර් ඒකෙන් කන්ඩද හදන්නේ... ඉකමනට දාහන් තුන වෙනි කොටස...

රොබින් said...

යකඩ බජාර් එකට දෙමුද වැඩක් ? එන්නද දුනුටිකයි ඊතල ටිකයි සෙට් එකයි එක්ක ?
ඊගාව කොටස ඉක්මනට දාපිය ..

Anonymous said...

"....... පොරොන්දු වෙන්නම් සඳුදාට දාන කොටසෙන් මේ කතාව අවසන් කරන බවට."

මේ අවුරුද්දේ තව කොච්චර සදුදාවල් තියෙනවද ? එත් බැරි උනොත් ලබන අවුරුද්දේත් සදුදාවල් තියනවනේ !!!

LA

Anonymous said...

හපොයි සඳරුවො...
ආයෙත් කෙළවගන්නද හදන්නෙ? ටිකක් හිතල මතල වැඩ කරනව කීව නේද?

මන් ආසම බ්ලොග් එකක් හිස් අහස. මුලින්ම මේල් එකකින් තමයි කියවන්න ලැබුනෙ. "මුල්ල පටාස් පානය කලෙමි" ලිපිය. හප්පෝ එදානම් උදේ පාන්දර වටේ පිටේ එවුන්ගෙන් බැනුම් ඇහුව මැශින් එක දිහා බලාන කතානොකර හිනාවෙනකොට. එදා ඉඳන් දිගටම හිටිය. හැබැයි හැOගිල. ඔන්න අද තමයි මුල්ම කොමෙන්ට් එක...

සඳරුගෙ ලියවිල්ල ගැන ඉතින් මO කියන්න ඕනෙ නෑනෙ. හැම කොමෙන්ට් එකක් ගානෙම අනෙක් අය කියනවනෙ.

හ්ම්ම්ම්. මොනව උනත් පරෙස්සමෙන් මචො...

Isuru Sampath (ඉසුරු) said...

ඔව් වෙනදා වගේම කතාව නම් මරු..,
යාලුවොන්ට උපකාර කරලම තමා බන් හුගක් අයට ටෙන්ඩර් පාත් වෙන්නේ..
ඒත් කොහොම වෙතත් යාලුවොන්ට උදව් කරන්ඩ ඕනේ..
ඒ වගේම යාලුවොත් දැනගන්ඩ ඕනේ ..,
උදව් ගන්ඩ ෆෙඩාගේ සරීර කූඩුවට ඩැමේජ් නොකෙරෙන වැඩ කරන්න
නෙහ් සදරු...

නැට්ට කපන ගුරා... said...

වැෙඩ් නම් නියමයි සදරැ......කල්ල වඩන සර්ෙග් ළමයි ටික තමා අැවිත් කිව්ෙව් සර්වත් කතාවට අරන් කියලා.....අැත්තටම සදරැ උඹත් නැට්ට කැපූ සාමාජිකෙයක් තමා....පාන් කෑල්ලක් කන්න නැති ව ජීවිෙත් දුක් විදපු උඹල අපි වෙග් උන් තමා ෙම් ෙලා්ෙක දිනන්න ඔ්න .....realy sandaru good luck you done well......පුංචි කාෙල ඉදන්ම මම කිෙයව්වා දකින හැම ෙදයක්කම කිෙයව්වා....ඒත් ෙමෙෙහම මම ගැන ලියපු ඒකක් කිෙයව්ෙව් අද තමා...උඹ ම ෙග් අැස් වලටත් කදුලු ෙගනාවා...

සංකල්ප said...

බලාගෙන ගියහම රුවන් මලයගේ ආදරයට ඉන්න එකම හෙනහුරා තමයි පොල් මීයා !!
ආයේ එහෙම යකඩ බජාර් එකත් එක්ක වලියක් දාගනියි ද මන්දා..

Post a Comment

තැන්කූ බං