23.1.14

Facebook කපුවා ගේ කතාව

 

මම දන්න කියන මගේ යාළු මිත්‍ර හැත්ත වරිගෙ එවුන් කාටත් කලියෙන් ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගත්තේ මම . ඉස්සර ෆේස්බුක් ගැන කොච්චර කීවත් ෆේස්බුක් කියන්නේ මොකක්ද ඒකෙන් වෙන්නේ කරන්නේ මොනවාද කියලා මගේ යාළුවන්ට තේරුම් බේරුම් කරලා දෙන්ඩ මට බැරි වුණා . උන්ට ෆේස්බුක් ගැන උනන්දුවක් තිබුණෙම නෑ . ඒත් අද වෙනකොට තත්වේ බොහොම වෙනස් . ෆේස්බුක් ගැන නොදන්න වැඩිහිටියෙක්වත් අපේ ගම්වල නෑ ..




දවසේ කොයි වරුවක ආවත් සඳරු මල්ලියේ ෆේස්බුක් එකක් හදා දියංකොයි කියලා මා ගාවට එන වැඩිහිටි අයියලා අපේ ගෙදර කොයිවෙලේකත් දකින්ඩ හැකියි .. මමත් ඉතින් නෑ බෑ නොකියා පිං පිණිස එන හෑම එකෙක්ටම ෆේස්බුක් එකවුන්ට් හදා දීලා උන්ටත් විශ්ව ගම්මානෙ වැටෙන් පයින්න කම්බි පොටං පාදලා දුන්නා .ගමේ එවුන් කියන විදිහට ඒ පිනම ඇති මට ඩවුන් යන්ඩ .

ෆේස්බුක් එකවුන්ට් හදාගන්ඩ මා ළඟට එන එවුන්ට තිබුණේ මහා වෙනස් ආසාවන් . ඒ ගැන දිගට ලීවොත් පොතක් පිරෙන්ඩ ලියලා ඒක පබ්ලිස් කරලා සල්ලිත් හොයලා අනෙක් පහුවදා ගමේ එවුන්ගෙන් මැරුංකන්ඩත් හැකියි .

අපේ සමහරුන්ගේ පරමාර්ථය වුණේ ඇඟිලි ගෙවෙනකම් හරි චැට් කරලා නුවර කොළඹ ධනපති පන්තියේ කෙල්ලොත් එක්ක යාලුවෙන්ඩ ,පිටරට සුද්දියන්ව දැපනේ දමාගගෙන විදේශ ගතවෙන්ඩ අදිටන් කරගෙන ෆේස්බුකියට ආපු තවත් පිරිසක් උන්නා .මහා නළු නිලියන්ව ගායකයන්ව තමන්ගේ මිතුරන් කරගෙන ආතල් ගන්ඩ ෆේස්බුක් ආපු කීපදෙනෙකුත් ඔය අතරේ උන්නා . බොරු එකවුන්ට් හදාගෙන ගමේම අනෙක් එවුන්ට ආතල් දෙන්ඩ බලාගෙන ෆේස්බුක් ආපු තවත් සෙට් එකක් ඔය අතරේ උන්නා . කවුරු ආවත් මම මගේ යුතුකම් අකුරටම ඉටු කරලා එන කාටත් බෑ නොකියා ෆේස්බුක් හදලා දුන්නා ..

අපේ ගමට ස්මාර්ට් ෆෝන් රැල්ල එන්න කලින් මට කියලා ෆේස්බුක් එකවුන්ට් හදාගත්තු හෑම එකෙක්ම ඒ එකවුන්ට්වල පාලනේ බාරදුන්නෙත් මටම තමයි .

"සඳරුවා අනේ ෆේස්බුකේ බලහංකෝ මට මැසේජ් එවලාද කියලා .


"යකෝ මම බුදි
!

"හරි බං හනික ගිහින් මැසේජ් ආවද බලලා ඇවිදිං නිදියාපන්කෝ ..


අඩු මිලට ගත හැකි ස්මාර්ට් ෆෝන් ගමට පැමිණීමත් , ගමට එයාටෙල් ත්‍රීජී ලැබීමත් සිද්ධ වුණේ පහුගිය අවුරුද්දේ මැද බාගේදී . ත්‍රීජී කඳුලක්වත් නැතිව වේලි වේලි තිබ්බ කොලනි අංක දාහතට ත්‍රීජී ලැබුණාම ගමේ ගස් ගල් පවා ත්‍රීජී සිග්නල් වැදිලා නැලවුණා . ත්‍රීජී හුළං ගමට හමාගෙන එනවාත් එක්කම අපේ එවුන් ස්මාට් ෆෝන් ත්‍රීජී ඩොංගල් ආදිය ගත්තේ තරඟෙට වගේ . ගමේ පොඩි එවුන් පඳුරක් පඳුරක් ගානේ ඇන්ඩ්‍රොයිඩ් ගැන කතාවෙන්ඩ පටන්ගත්තා . ගමේ එවුන් හරක් බඳින්න ගියත් ෆේස්බුක් ස්ටේටස් දාන්ඩ පටන්ගත්තා ..

කොහොමින් කොහොම හරි අපේ එවුන්ටත් ස්මාට් ෆෝන්, කොම්පියුටර් ලැබුණාම මට තිබුණු කරදර වගකීම් හෙමි හෙමිහිට අඩු වෙලා ගියා .ඒ වගේමයි ගමේ බොහොමයක් එවුන් පරිගණකයක් අරගන්ඩ හෝ ස්මාට් ෆෝන් එකක් මිලදී ගන්ඩ යද්දී මාවත් උන් එක්ක ඒ ගමනට එක්කරගෙන යාම පුරුද්දකට වඩා සම්ප්‍රදායක්ම වුණා . ඉතින් ඔය විදිහට ගමේ තොරතුරු තාක්‍ෂණ පැත්ත දියුණු වුණ මේ මෑත කාලෙදී තමයි මම මේ ලියන්ඩ යන සිද්ධිය සිද්ධ වුණේ

*******

රණමලා අපේ ගෙවල් ළඟ එකෙක් . අපි දෙන්නම එකම ඉස්කෝලේ එකට ඉගෙන ගත්තු එවුන් . ඒ නිසාම දැක්ක තැන කුණු හරුපයක් හරි කියාල එකිනෙකාට සුබපතාගන්ඩ අපි අමතක කෙරුවේ නෑ . ගමේ කාටත් වගේ රණමලාටත් හොඳ හුවාවි ස්මාට් ෆෝන් එකක් තෝරලා දීලා ෆේස්බුක් එකවුන්ට් එකක් හදාල දුන්නේ මම .

රණමලා දවස් කීපයක්ම එකදිගට මගේ ළඟට ෆෝන් පන්ති ආවා . ඊමේල් යවන්ඩ, ෆේස්බුක් යන්ඩ, ෆේස්බුක් එකේ කෙල්ලෝ ඇඩ් කරගන්නඩ, මැසේජ් දාන්ඩ, දුක හිතෙන ස්ටේටස් දාන්ඩ එහෙමත් මම රණමලාට කියලා දුන්නා . ඌ ඉඳ හිට අරගෙන දුන්නු සිගරට් දෙක තුනක් ඇරුණාම මම උගෙන් සතපහකවත් ගාස්තුවක් ගුරු පඬුරු හැටියට අරගත්තේ නම් නෑ .

ෆෝන් එකේ වැඩ හෙමි හෙමින් ඉගෙන ගනිද්දී රණමලා වෙනස් වුණා . ඌ කලියෙන් වගේ අපිත් එක්ක සෙල්ලම් කරන්ඩ මාළු අල්ලන්න යන්න ආවේ නෑ . අඩියක් ගහන්න මලක් ඔතන්න යන්නඩත් ඌට වෙලාවක් නොතිබුණු ගානයි . කුඹුරට වතුර බඳින්න යන්ඩත් බේත් පෝර ගහන්නත් නිච්චි නැති ඒකා කොයි වෙලේත්‍ ෆෝන් එකට එබීගත්ත ගමන්ම හිටියා . ඉඳ හිටලා හරි රණමලා අපිව හොයාගෙන ආවේ ෆෝන් එක චාර්ජ් එකට අමුණාපු වෙලාවට විතරමයි . ඒ ආපු වෙලාවටත් ෆේස්බුක් නිසා අති පණ්ඩිතයෙක් වෙලා උන්නු රණමලා අපිට දුන්නු පඬි ටෝක් වලින් අපිට නිදහසක් තිබුණෙම නෑ . ඇත්තටම ෆේස්බුක් එකේ තිබුණු අති පණ්ඩිත දාර්ශනික ටෝක් කියවලා රණමලා ගන්ඩම දෙයක් නැතිවෙලා වෙලා ඉදිමිලා උන්නා . ඒත් අපිට ගාණක් නෑ රණමලා අපිට අපේ එදා හිටි යාළුවාම තමයි .

දවසක හැන්දෑ වරුවක අපි කවුරුත් කුපාඩි කතාවක් කිය කියා ජයසේන අත්තගේ තේ කඩේ පිටුපස්සේ පැත්ත පෙරළාපු දඹ කොටයක් උඩ වාඩිගෙන ඉන්න අතරේ රණමලා අවුදිං කං පිරෙන තරම් සුබ ආරංචියක් අපිට කීවා . ඒ ආරංචිය තමයි අපේ රණමලා පෙම්වතෙක් වෙලා තියෙන වග ඒකත් නිකම්ම නිකං පෙම්වතෙක් නෙවෙයි අපේ රණමලා ෆේස් බුක් පෙම්වතෙක් වෙලා උන්නා . යාළුවෙකුට කෙල්ලෙක් සෙට් වුණා කියන්නේ ඉතින් අපිට සෙට් වුණා වගේ තමයි . අපිට බොහෝම සන්තෝසයි . අපිත් නිකං උන්නේ නෑ රණමලාගෙන් පාටියක් ඉල්ලවුවා .

"අඩෝ පාටි දියන් රණමල් ! . තොට නැත්තං හෙණ ගහනවා !


"නිකා ඉඳිල්ලා තොපිට පාටි දෙන්ඩ මං ? තොපි මට පාටියක් දීපවු අඩා !


රණමලා කියාපු ඒ කතාවට මට මල පැන්නේ බලාන ඉන්දෙද්දි

"රණා තෝ පාටියක් නොදුන්නොත් මං ෆේස්බුක් ගිහින් තොගේ ඔය කෙල්ලවත් බ්ලොක් කරලා තොගේ ෆෝන් එකත් රූට් කරලා ජේල් බ්‍රේක් කරලා බූට් ලෝඩර් එකත් අන්ලොක් කරනවා දැනගනු !


රණමල් සැලුනා ! ඌ මගේ කතාවට බය වෙලා වෙන්නැති අනෙක් පහුවදාම අපි කාටත් එල කැඩෙන පාටියක් දුන්නා . අපි කවුරුත් පමණ ඉක්මවා හිඟුරානේ රවුන්ඩප් බීලා අපේ මිත්‍ර රණමලාව ඉඹලා ඌට සුබපැතුවා . පාටියේ අන්තිම ටිකේදී පමණට වඩා මත්වෙලා උන්නු රණමලා මාව බදාගෙන ස්තූති කතාව කෙරුවා .

"සඳරුවා . උඹ මට ෆේස්බුක් එකක් හදා දුන්නු නිසා අද මට කෙල්ලෙක් ඉන්නවා තොට පින් සිද්දවේවි බං .


මට රණමල් ගැන බොහෝම සන්තෝසයි වගේම බයයි . ෆේස්බුක් ආදර සම්බන්ධකම් වැඩි හරියක පටන් ගැන්ම මේ වගේ සුන්දරයි හැබැයි අවසානේ අසුන්දරයි නොවැ . ඒත් පාටිය වෙලාවේ ඒ ගැන නොහොබිනා කතා කියලා ආතල් එකේ උන්නු රණමල් සහ අපේ එවුන්ගේ ආතල් කඩන ගුණ මකුවෙක් වෙන්ඩ මට ඔනෑ වුණේ නෑ ඒ නිසයි මං කටක් හොල්ලන්නැතුං පාඩුවේ උන්නේ.

ඉතින් ඔහොම දින සති ගෙවුණා රණමල්ගේ ආදරෙත් මෝරලා වැඩුණා .!

මහ ඇල හරහා දාපු පොඩි පාලම උඩ වාඩි ගෙන කකුල් දෙක පාලමෙන් පහළට දාගෙන දුම් උරන විවේක වෙලාවක . මගේ යාළුවා රණමල් උගේ ෆේස් බුක් පෙම්වතිය ගැන අපිට කතා ගොන්නක්ම ඇද බෑවා . අපිත් බොහොම ආසාවෙන් එවුවා කටින් වගේම ඇස් වලින් අහං උන්නා.

"කෙල්ලගේ නම්මොකක් මචං ?


"මල් කුමාරි බං"

"ඒ ඇත්තට රණා උඹගේ මල් කුමාරි කෙල්ලගේ ගෙවල් කොහේ බං ?


මගේ බුදු ෆිට් එක රිපිටා එහෙම අහනකම්ම අපි කවුරුත් දැනගෙන උන්නේ නෑ රණමල්ගේ කෙල්ල කොයි දීපංකරේක එකියක්ද කියලා ..

"ඒකි පදියතලාවේ බං !


"මල කෙලියයි !


රණමලා දුන්නු උත්තරෙන් එකසිය හැටට කලබල වෙච්චි මම ඊළඟ ප්‍රශ්නේ ඇහැවුවා .

"පදියතලාවේ කොහේ ?


"පදියතලාවේ කොළමන්තලාව කියලා ගමක .


පදියතලාව, කොළමන්තලාව, හෙළකෝමණ, වහව, ලූනුබොක්ක කියන එක ළඟ පිහිටි මේ ගම්මාන හෑම එකකම පුංචි දවස්වල මම ජීවත් වෙලා තියෙනවා . වෙන එකක් තියා මම උපන්නෙත් කොළමන්තලාව කියන ගමට එහා ගම වෙච්ච වහව කියන ගමේ .කාලෙක උඩදී මගේ තාත්තට බාර වෙලා තිබුණු ඒ ග්‍රාමසේවා වසම් කීපයට ආයෙමත් ගිහින් අර පරණ සුවඳ විඳලා එන්ඩ මට දැනුණේ පුදුම ආශාවක් .

"සඳරුවා අපි යමුද ඒ පැත්තේ . ?


දෙයියෝ මගේ හිත කියවන්ඩ රණමලාට වරං දීලා ...! රණමලා මගෙන් අහපු ප්‍රශ්නේ මම උගෙන් අහන්නයි තටමමින් උන්නේ .. එහෙවු මම රණමලාගේ යෝජනාව අහකට විහික් කරාවිද..? කවදාකවත් නෑ ..

"යමු යමු .. හෙට අනිද්දා දිහාටම ගිහින් එමු බං .


සාක්කුවෙන් ෆෝන් එක ඇදලා ගත්තු රණමලා ටිකක් ඈතට පනං වෙලා උගේ කෙල්ලට කෝල් එකක් අරගත්තා . මොහොතකින් ඌ අපි ගාවට ආවේ සාම සාකච්ඡා ගිය තමිල් සෙල්වන් වගේ කට පුරා හිනා වෙවී .

"වැඩේ හරි කෙල්ලට මාර සන්තෝසයි බං ඒකිගේ ගෙදර එවුන් හිටං මං එනවට පට්ට කැමතියි බං . අපි කවද බං යන්නේ..? මොකේ යන්නේ ?


"අපි බයික් වල යමු .


රිපිටා උඩ පැනලා යෝජනාව දානකොට . එතන උන්නු සාගර අයියයි , ජානකයි, පුෂ්පෙයි ඒ යෝජනාව ස්ථීර කරලා සම්මත කරලා ගන්ඩ දෙයක් නැති කරලම දැම්මා . ඉතින් මගේ මග පෙන්වීම යටතේ රණමලා හොයාගත්තු කෙල්ල බලන්න වැවුගම්පත්තුවට කිලෝමීටර් අනූවක් සීයක් විතර දුරින් තිබුණු මගේ උපන් ගමට යන්න අපි කවුරුත් ලක ලැහැත්ති වුණා .

රණමලාගේ අනාගත මනමාලි පොඩ්ඩ බලන්න පදියතලාවේ යන දවසේදී අපිට කරන්න තිබුණේ අපේ බයික් ඇළට දමලා පොඩියක් හෝදා ගන්න එකයි බයික් වල චේන් වලට ඔයිල් ටිකක් දාලා පොඩ්ඩක් ඇජෙස් කරගන්න එකයි, මග වියදමට රුපියල් දෙසීයක් තුන්සීයක් හොයාගඩයි විතරමයි . ගමන යන දවස වෙද්දී අපි නම් එවුවා අකුරටම කරගත්තා .

අපිට අපෙ කියලා ඒ හැටි වැඩ නැති වුණාට රණමලා වෙනුවෙන් කරන්ඩ බාර වෙච්චි වැඩ නම් බරටම සෙට් වෙලා තිබුණා . කෙල්ලව හම්බුවෙන පලවැනිදාම කොහොමැදෑ හිස් අතින් යන්නේ ?.රණමලා මා එක්ක ගිහින් මගේ උපදෙස් යටතේ කෙල්ලට අත් ඔරලෝසුවකුයි කෙල්ලො දාන සෙරෙප්පු දෙකකුයි අරගෙන ලස්සනට පාර්සල් කෙරුවා . සාගර අයියා උගේ වත්තෙන් ආනමාලු කැනක් නිකම් දුන්නා වුණත් ඒක කැනපිටින් කරතියාගෙන බයික් වල යන්ඩ බැරි නිසාම ඇවැරි කපලා කාබයිට් දාලා ඉදෝලා කාඩ්බෝඩ් පෙට්ටියක පැක් කරන්නත් අපිට සිද්ධ වුණා .ඒ මදිවාට දිගාමඩුලු මීකිරි හට්ටි තුනක් එක පිට එක තියලා ගැට ගහලා අරගෙන ගියේ අපේ ගමේ අභිමානය පදියතලාවට පෙන්වන්නත් එක්කයි .ගෙනියන එක බරට බරේම ගෙනියන්ඩ ඔනෑ නිසාම අයිසිං කේක් ගෙඩියකුත් රණමලා අරගත්තා .

රණමලාට දිග කලිසමකුයි අත් දිග කමීසෙකුයි උල් සපද්දෙකකුයි හොයන්ඩ අපි පුදුම දහදුකක් වින්ඳා . ඉණ හීනි හන්දා මගේ බෙල්ට් එක රණමලාගේ ඉනේ දෙපාරකට වඩා ඔතලා බෙල්ට් එකේ එල්ලෙන හරියට සුපර් ග්ලූ බින්දුවක් දමලා බෙල්ට් කොන රණමලාගේ ඉනේම ඇළෙවුවා . අතර මගදී අපට රණමලා ගානේ තේ බොන්න අරන් දෙන වගට ඌව පොරොන්දු කරගෙන. අපේ ගානේ තෙල් ගහගෙන බයික් වල නැගිලා ඉර එළිය යන්තම්වත් වැටිලා නැති හීතල හුළං එන දෙසැම්බර් මාසේ එක ඉරිදා දවසක අපි පදියතලාවේ ගියා .

අපි පදියතලාව තපැල් කන්තෝරුව ගාවින් හැරිලා මගේ උපන් ගම්පළාතට ඇදෙද්දී වෙලාව එකොළහමාරට විතර . බඩ ඉරිඟු කවුපි හේනක් මැද තිබුණු රණමලාගේ කෙල්ලගේ කටුමැටි ගෙදර හොයාගන්න අපිට සෑහෙන අමාරු වුණා .. 

දෙවනි කොටහ මෙතන

ඉතිරි කොටස 2014 / 01 / 24 

 පලි



අහිංසා ශ්‍රීලංකා කියන්නේ අසරණ සතුන් ගේ ජීවිතාරක්ෂාව හිමිකම් රැකදීම සහ සුබසාධක කටයුතු කෙරෙහි ජනතා ආකල්ප පුබුදුවාලීම පිණිස වෙන් වෙච්ච සංවිධානයක් 


https://www.facebook.com/ahinsasrilankapage?ref=ts&fref=ts මේ ලිංක් එක හරහා ගිහින් ඔබටත් පුලුවන් ඒ ගැන විස්තර දැනගන්න .සත්තු මරලා දඩයමේ ගිහින් අනේක පවුකාරකම් කරලා තියෙන මමත් මේ සංවිධානයට බැහැලා වැඩ කරන්නේ කලින් කල වැරදි සේරෝම අතැර දාලයි . ඉතින් ඔබත් හැකි මේ ෆෑන් පේජ් එකට ලයික් එක දාලා අසරන සතුන් වෙනුවෙන් දසමෙක හරි කැපකිරීමක් කරන්ඩ .

36 comments:

චූටි said...

හරිම ගැමි ගතියක් තියනවා මල්ලිගෙ ලිවීමේ ශෛලියේ. පොඩි කාලෙ කියවපු සමහර කතන්දර මතක් වෙනවා මේක බලනකොට.මම හරිම ආසාවෙන් blog කියවන එකක්.

මාතලන් said...

අමු යකෙක් වෙන්න ඇති කෑල්ල.. නැත්නම් එක පයින් කැමති එකක් වෙන්න ඇති.. ඇස් වහක් කට වහක් නැති එකක් වෙන්නත් පුළුවන්..

දැන් එතකොට තෝ ඉබ්බෝ කන එක නැවත්තුවයි...

ඉස්සර උඹලයි පැත්තේ උන් කෝල් ආවම අන්තීමට කියන්නේ.. "එහෙනම් මං බහින්නම්...." කියලලු නේ.. මොකෝ... සිග්නල් නැති නිසා කස්ටිය කෝල් ගන්නේ ගස් වලට නැගලලු නේ..

Anonymous said...

මල්ලි උඹ සත්තු මරන එක නවත්තපු එක ගැනනම් මට ගොඩක් සතුටුයි. උඹ ඒ වගේ පවුකාර මට්ටමකට වැටෙන්න වටින එකෙක් නෙමේ !

Ruwa said...

Supiri.....

අරුණ හෙට්ටිආරච්චි said...

එල එල. ඉක්මනට දාපන් ඉතුරු ටිකත්

Manoj said...

කීවාම විශ්වශ කරහන් ගොයියෝ ඊයේ උඹේ පොස්ට් හුගක් කියෝලා මේ අදත් ආවේ පරණ එකක්වත් බලලා යන්න.උඹ එල කිරි වගේ පොස්ට් එකක් දාලා තියෙනවා එතකොටයි දැක්කේ.මොකෝ බන් සදරුවෝ මේක මේ අපේ බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙලා නැත්තේ.

මාතලන් said...

සඳෝ... මේක බොග රෝල් වල අප්ඩේට් වෙලා නෑ.. පොඩ්ඩක් බලහන්..

Abeetha Edirisinghe said...

ඒ උනාට ඉබ්බෙක් ඌරෙක් කවුරු හරි මැරුවොත් නම් කනවා නේද බන්...

Anonymous said...

පට්ට යකෝ.. ඉතුරු ටික දාපං සුනංගු නොවී!

අනූ said...

කිව්වත් වගේ අප්ඩේට් වෙලානම් නැහැ තමයි සඳරු අයියේ, අම්බෝ.. ගොඩ කාලයක් බලන් හිටියා ඔයාගෙ පෝස්ට් එකක් කියවන්න.
හෙට ඇවිත් ඉතුරු ටිකත් කියවලාම කතාව ගැන අදහස් ප්‍රකාශ කරන්නම්

හිස් අහස said...

බ්ලොග් එකේ අවුලක් වෙලා ඒකයි මම ලියන එවුවා අප්ඩේට් නොවෙන්නේ .. ටිකෙන් ටික ඒක හදාගන්ඩ උත්සාහ කරන්ඩ ඕනේ .. එතකම් මම ලියන එවුවා ගොඩ දෙනෙකුට පෙනෙන එකක් නෑ

Unknown said...

අදත් දෙපාරකට ලියලා තියෙන්නේ.ඉතිරිටික හනික දාපං මලේ

ItalyDilan said...

ඊලග කොටසත් බලමු එහෙනම්,,,මේ උබ මරන්නෙ නෑ විතරයි නේද?

ගයා said...

ඇති යන්තම් බ්ලොගේ මතක් වෙලා තියෙන්නේ....

kevinda said...

Kathawata wada yatin dala tiyala illema godak watinawa.. Godak santhosai saththu maranna,ibbo allana eka nawaththuwata... Jaya wewaa... Api enawa march 10 enawaoya paththe......kevinda

සිතිවිලි නිම්නය said...

අනිත් ටිකත් ඉක්කනට දාන්ඩො :D

රංග said...

"රණා තෝ පාටියක් නොදුන්නොත් මං ෆේස්බුක් ගිහින් තොගේ ඔය කෙල්ලවත් බ්ලොක් කරලා තොගේ ෆෝන් එකත් රූට් කරලා ජේල් බ්‍රේක් කරලා බූට් ලෝඩර් එකත් අන්ලොක් කරනවා දැනගනු !” """.................අඩේ මෙන්න මේක මටත් කරල දියන්කෝ බං මටත් හරි ආසයි ඕක කර ගන්න.......................

සමී said...

හෙට එනවා ඊලඟ එක කියවන්න :)

Anonymous said...

"....ගමේ එවුන් හරක් බඳින්න ගියත් ෆේස්බුක් ස්ටේටස් දාන්ඩ පටන්ගත්තා .. ", සඳරුවො, කතාවෙ යටින් යන උපහාසය නියමයි...

සුදීක said...

ෆේස්බුක් එක ඇත්තටම වසංගතයක් වෙලා දැන්. ඒ නමුත් වැදගත් වැඩකට ඔය පාවිච්චි කරලා තියෙන්නේ. එහෙනම් දෙවෙනි කොටසත් ඉක්මනින් දාපං මලේ.

දේශකයා said...

සදරුවෝ තොගේ ලැයිසම ඔතල මං උඹව යවනවා හදේ.. බලහං කතාව නවත්තුපු කැත..

අර තර්ජනය මාරයි ඈ. ටෙක් ට්‍රේට් එකක්.. මට හිතෙන්නේ පට්ට යකෙක් ගැන තමා මේ කියන්නේ..

Praසන්ன said...

හැක්... නියම ලවක් වගෙයි.

හරක් බඳින්න ගියාමත් ස්ටේටස් දානවනං මලක් ඇදල හඳේ ඉන්න වෙලාවට නියම ඒව වැටෙනව ඇතිනෙ.

මේ පෝස්ට් එක බ්ලොගර් ඩෑෂ් බෝඩ් එකෙත් පෙන්නන්නෙ නෑ. දෙවෙනි එකනං පෙන්නනව. ඒකෙන් තමයි මෙතෙන්ට ආවෙ.

සරත් ලංකාප්‍රිය said...

කතාව කියෙව්වට වඩා සතු‍ටුයි අර අන්තිමට රතුපාටින් තියෙන වාක්‍ය ටික කියවලා !

Anonymous said...

දෙකත් කියෝලම ආවේ,, නියමයි,, අන්තිමට එයා හොද තීරණයක් ගත්තා, ඔයා දිර්ගව ලියලා තියෙන විස්තරේ අපුරුයි

Dude said...

මේක කියෙව්වෙ දෙවෙනි කොටසට ගිහිල්ලා එතනින්. ඒක නිසා රස්තියාදුවක් නෑ.

තරු said...

හෙන ගහපිය තොට මේ වගේ කෑලි කෑලි දානවට, හඉයූඌඌඌ දැන් ඉතින් බලන් හිටහන්කො .
කවදද ඊලඟ මතු සම්බල් එක උඹ දාන්නෙ?

Unknown said...

උඹේ භාෂාවනම් සුපිරි... ජයවේවා !!!

සිරාගෙ කාමරේ said...

අම්මේ...උඹ කාලෙකින් ලියපු පෝස්ටුවක් දැක්කත් ඇති බං....අනෙක් හැම කථාවෙම වගේ මේකෙත් අවසානය චකබ්ලාස් වන බව නම් අක්මාවට දැනෙනවා...

Sula (සුලා) said...

ඒල ඒල ඉඳින්ෙකා් ඉතිරිය කිෙයා්නකන්

මාධව විදුරංග said...

අනෙක් ටිකත් බලලම එන්නං! කතාවක් දාපු එකට නං ගොඩක් ස්තූතියි බං!

Wije said...

Ape nadayak 90 vithara ampare wandanawak enawa ithin apita amparayi deegawapiyayi athara thiyena vishrama saalawak hari pansalak hari hoyala denna puluvanda davalta evith moona hodala kema kaala yannai aye enakota muna hodala toilet gihin yannai..api feb 22 daval evith 23 apahu yanawa..Sandaruge TP number eka denna puluvanda? me gena katha karaganna... nisalsp@gmail.com ekata mail ekak evanna..nethnam -0771480697 txt karanna puluvanda? godak isthuthi
mama mallige hoda rasikayek nama Nisal

Unknown said...

අයියගේ බ්ලොග් කියවපු මටත් මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න හිතුනා. අයියාගේ බ්ලොග් එක කියවද්දි එකේ ඒ සිද්දියේ ජීවත් වෙන්වා වගේ. ඉතින් හිස් අහස වගේ නැතත් මගේ අහිංසක සිතිවිල්ලක පොඩි උත්සහයට උපදෙසක් දෙන්න

Unknown said...

http://ahinsakya.blogspot.com/

Unknown said...

නියම ලිපියක් මචන්.දැන් ලියන්නැත්තෙ මොකද?

networkdisa said...

බ්ලොග් රෝල අප්ඩේට් කරපන් මචෝ නැත්තන් මෙව අපි බලන්න කෝමැයි

Anonymous said...

සදරැ උඹ දැන් ලියන්ෙන් නැ ෙන්ද.කැත වැඩ කරන්න ඵපා බන්.අාෙය ලියපන්.(Raviya)

Post a Comment

තැන්කූ බං